සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

I have an interview (in Sinhala) on science communication for their 25th anniversary issue, which can be found here.

I have followed up with an expansion of some of these ideas in my Sunday column in Ravaya newspaper. My theme this week is science journalism (a subset of science communication) — why is it important for modern societies and what challenges are faced by Lankan science journalists.

Vidusara science magazine – 25th anniversary issue cover 7 Nov 2012

විදුසර සතිපතා විද්‍යා පුවත්පතට වසර 25ක් පිරෙන්නේ මේ මාසයේයි. 1987 නොවැම්බර් අරඹන ලද මේ ප‍්‍රකාශනය, පරම්පරාවක පමණ කාලයක් පවත්වා ගෙන ඒම වැදගත් මාධ්‍ය ජයග‍්‍රහණයක්.

විදුසර ඇරඹීමට පිඹුරුපත් සකසන අවස්ථාවේ මා එම ප‍්‍රකාශන සමාගමේ ඉංග‍්‍රීසි පුවත්පතේ විද්‍යා ලේඛකයකු වූ නිසා ඒ ගැන උපදෙස් දෙන විද්වත් කමිටුවකට මා ද සම්බන්ධ කර ගනු ලැබුවා. විදුසර මුල් සතිවලදී එයට මා ලිපි කිහිපයක් ලියුවත් ඉන් පසු මා කිසි ලෙසකින් හෝ එයට සම්බන්ධ වූයේ නැහැ. ඔවුන්ට තෝරා ගත් මාර්ගයේ යන්නට ඉඩ දී මා මට ආවේනික වූ විද්‍යා සන්නිවේදන චාරිකාවක නිරත වූවා.

එහෙත් අවසාන විනිශ්චයේදී විදුසරේත්, මගේත් අරමුණු සමාන්තරයි. එනම්, විද්‍යාව හා තාක්ෂණය පොදු උන්නතියට වඩා හොදින් දායක වීමට අවශ්‍ය සංවාද ඇති කිරීමයි. මේ නිසා විද්‍යා සන්නිවේදනයේ අභියෝග ගැන අද අපි කථා කරමු.

විද්‍යා මාධ්‍යකරණය (Science Journalism) යනු ඊට වඩා පුඑල් වූ විද්‍යා සන්නිවේදන (Science Communication) කි‍්‍රයාදාමයේ එක් කොටසක් පමණයි. විද්‍යා අධ්‍යාපනය, විද්‍යා සමිති සමාගම්, විද්‍යා ප‍්‍රබන්ධකරණය, විද්‍යාවට කැප වූ කෞතුකාගාර, ප‍්‍රදර්ශන හා වෙනත් කි‍්‍රයාකාරකම් රැසක් ද විද්‍යා සන්නිවේදනයට අයිතියි. විද්‍යා මාධ්‍යකරණය මේ අතරින් කැපී පෙනෙන්නේ අද කාලේ මාධ්‍යවලට තොරතුරු සමාජයේ ඇති මුල් තැන නිසායි.

විද්‍යා මාධ්‍යකරණයේ වසර 25ක් පුරා නියැලී සිටින මට, මේ ක්ෂේත‍්‍රය ගැන මගේ ම නිර්වචනයක් හා විග‍්‍රහයක් තිබෙනවා. විද්‍යා මාධ්‍යවේදීන් යනු විද්‍යාව හා තාක්ෂණය ගැන විචාරශීලීව ආවරණය කරන, හරිදේට ආවඩන අතර වැරදි දෙය නොබියව විවේචනය කරන පිරිසක්. වෘත්තීය විද්‍යඥයන්ගේ හොරණෑවක් හෝ ලවුඞ්ස්පීකරයක් ලෙසින් අපගේ සමාජ මෙහෙවර සීමා කර නොගත යුතුයි.

මේ කාර්යය හරිහැටි කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය ගැන පසුබිම් දැනුමක් අවශ්‍ය වූවත් විද්‍යා විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම අතවශ්‍ය නැහැ. ලෝකයේ සම්මානනීය විද්‍යා මාධ්‍යව්දීන් අතර ඉංගී‍්‍රසි සාහිත්‍යය, ගී‍්‍රක හා රෝමන් සභ්‍යත්වය හා ජපන් භාෂාව උගත් අය ද සිටිනවා.

විද්‍යා මාධ්‍යකරණය යනු විද්‍යාව ජනපි‍්‍රය කිරීම ම (Science Popularization) නොවේ. පාසල් හා සරසවි විෂයමාලාවල ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන් කොට උගත්ත ද ජන සමාජයේ අපට විද්‍යාව හා එහි ප‍්‍රායෝගික භාවිතය වන තාක්ෂණය හමු වන්නේ අපේ පැවැත්මට හා දියුණුවට සම්බන්ධ වූ ආකාරයටයි. විද්‍යා මාධ්‍යකරණයේදී අපට තිබෙන වගකීම විෂයානුබද්ධ දැනුම රටට බෙදීම නොව ජීවිතයට අදාල දිවි සුරකින දැනුම තර්කානුකූල ලෙසින් හා තේරෙන බසින් කොයි කාටත් සන්නිවේදනය කිරීමයි. එය සිදු විය යුත්තේ මාධ්‍යකරණයේ මුලික සාරධර්ම සියල්ලට අනුකූලවයි.

ලොව පිළිගත් විද්‍යා මාධ්‍යවේදියෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් ඩික්සන් (David Dickson) කියන්නේ ද විද්‍යා මාධ්‍යකරණය හුදෙක් විද්‍යාත්මක තොරතුරු ප‍්‍රචාරණයට හෝ විද්‍යාව ජනපි‍්‍රය කිරීමට හෝ සීමා නොවන බවයි. මේවා අතුරු ඵලයන් වන නමුත්, විද්‍යා මාධ්‍යකරණය අද වන විට දියුණු සමාජයන්හි ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සම්ප‍්‍රදායක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

David Dickson, photo by UNESCO
කලක් New Scientist සඟරාවේ කතුවරයා හා Nature සහ Science යන පර්යේෂණ සඟරා දෙකෙහි ම ප‍්‍රවෘත්ති කතුවරයා ලෙස සේවය කොට පුඑල් අත්දැකීම් ඇති මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන්, විද්‍යා මාධ්‍යකරණයේ සමාජ හා දේශපාලනික මෙහෙවර ගැන දැඩි අවධානයෙන් සිටින කෙනෙක්.

ඔහුගේ ම වචනවලින්: “පොදු උන්නතිය (public interest) සුරැකීමට සටන් කරන මාධ්‍යවේදියකු යයි කී විට බොහෝ දෙනාගේ සිතට එන්නේ දේශපාලන මාතෘකා ගැන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ගැනයි. මන්ද යත් මාධ්‍ය නිදහසටත් පොදු උන්නතියටත් වැඩිපුර අභියෝග එල්ල වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් නිසා. එහෙත් වඩ වඩාත් විද්‍යාව හා තාක්ෂණය සමාජයේ, ආර්ථිකයේ හා රාජ්‍ය පාලනයේ තීරණවලට සෘජු බලපෑම් කරන අද කාලෙයේ එම සාධක සුඑවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික තේරීම් නවීන සමාජයන්ගේ පෙර ගමනට අත්‍යවශ්‍ය නිසා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා සෙසු සමාජය එම තීරණ, විකල්ප හා ප‍්‍රථිපල ගැන මනා සේ දැනුවත් වීම අතවශ්‍යයි. විද්‍යා මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අන් කවරදාටත් වඩා දැන් සමාජයට ඕනෑ වී තිබෙනවා.”

Science journalism is a key to good governance, SciDev.Net editorial by David Dickson, 13 April 2007.

විද්‍යාව හා තාක්ෂණය මත නවීන ජන සමාජයන් හා ආර්ථිකයන් වඩාත් පදනම් වන තරමට එම විෂයයන් ගැන විචාරශීලීව හා සංශයවාදීව (skeptically) විග‍්‍රහ කිරීමේ හැකියාව ද වඩා වැදගත් වනවා. විද්‍යාත්මක සංකල්පවලට වන්දනාමාන කිරීම නැතහොත් තාක්ෂණයට අනවශ්‍ය ලෙස බිය වීම යන මේ අන්ත දෙකට ම නොගොස් තුලනාත්මකව සිතීමේ හැකියාව අද දවසේ රාජ්‍ය පාලනයේ, ව්‍යාපාර කළමණාකරනයේ, සිවිල් සමාජයෙ හා අන් ක්ෂේත‍්‍රවල නියුතු අයට අවශ්‍ය වනවා. මේ සිතීමේ හැකියාව තීව‍්‍ර කරන්නටත්, වඩාත් නිවැරදි හා තර්කානුකූල තීරණවලට එළඹෙන්නටත් උදවු කරන්නේ විද්‍යා මාධ්‍යවේදයයි.

විදුසර විද්‍යාව හා තාක්ෂණය ගැන වෙන් වූ වාර ප‍්‍රකාශනයක් ලෙස අරඹන අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ එවකට සිටි පරිපාලකයන්ගෙන් මා උදක් ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දිනපතා සහ ඉරිදා පුවත්පත්වලින් මේ විෂයයන් ආවරණය කිරීම කිසිසේත් අඩු නොකරන ලෙසයි. එහිදී මා උපමිතියට ගත්තේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයයි. කී‍්‍රඩා ගැන ගැඹුරින් වාර්තා කරන සඟරා පළ කරන මාධ්‍ය ආයතන පවා සිය දිනපතා පුවත්පත්වල කී‍්‍රඩා වාර්තා නතර කර නැහැ. එබදු ආකල්පයක් විද්‍යාව ගැනත් පැවතිය යුතු කාලයක් අද එළඹී තිබෙනවා.

Isaac Asimov, photo by AP World Wide Photos
මීට වසර 25කට පමණ පෙර අමෙරිකානු විද්‍යා ලේඛක හා විද්‍යා ප‍්‍රබන්ධ කථා රචක අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කළ ප‍්‍රකාශයක් අදටත් අදාලයි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු නවීන සමාජයක ජීවත් වූවත් අප බොහෝ දෙනා තවමත් මේ ක්ෂේත‍්‍රවලට ආගන්තුකයන් බව ඔහු නිරීක්ෂණය කළා. “අප බහුතරයක් දෙනා වෘත්තීය බේස්බෝල් හෝ බාස්කට්බෝල් කී‍්‍රඩකයන් නෙවෙයි. එහෙත් එම කී‍්‍රඩා තරඟයක් නරඹා එහි ගුණාගුණ ගැන දැනුම් තේරුම් ඇතිව සංවාද කළ හැකි මට්ටමට අප ඒ කී‍්‍රඩා ගැන දන්නවා. වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ පිටතින් බලා සිට ඒ ආකාරයෙන් විචාරශීලීව විග‍්‍රහ කිරීමේ හැකියාව අප සැවොම ලබා ගතහොත් කෙතරම් අපූරු ද?” ඔහු ප‍්‍රකාශ කළා.

ආර්ථික අතින් වඩාත් ඉසුරුබර සමාජවල පවා මේ තත්ත්වය තවම උදා වී නැත්නම් දියුණු වන රටවල එබන්දක් පැතීම යථාර්ථවාදී ද? තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන දැලි පිහියක් බඳු මෙවලමක් නිසා අපේ වැනි රටවලට නොපමාව විද්‍යාත්මක සාක්ෂරතාවය (scientific literacy) අවශ්‍ය බව මගේ අදහසයි.

එය රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හා ආර්ථික සංවර්ධනයට සීමා වූවක් නොවෙයි. පුද්ගලයන් හා පවුල් හැටියටත් අප ගන්නා තීරණවලට විද්‍යාත්මක සාක්ෂරතාවය බලපානවා. එය මනා සේ නොතිබීම නිසා පොතේ උගතුන් පවා විවිධ මිථ්‍යාවාදයන් අවිචාරශීලීව අදහන සැටිත්, කූඨ වංචනිකයන්ගෙ උපක‍්‍රමවලට අසුවන සැටිත් අප මීට පෙර කථා කළා. (2012 ජනවාරි 22 හා ජනවාරි 29 කොලම් හරහා හේතුවාදී චින්තනය ගැන කළ විග‍්‍රහයන් කියවන්න.)

ඕනෑ ම වෘත්තීය ක්ෂේත‍්‍රයකට ආවේණික බාධාක තිබෙනවා. ඒවා අභියෝග ලෙස සළකමින්, එම අභියෝග ජය ගනිමින් කි‍්‍රයා කිරීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. විද්‍යා මාධ්‍යකරණයේදී අප නිතර මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා.

විද්‍යා පර්යේෂණ කා සඳහා ද? අපේ රටේ පර්යේෂණ සඳහා වැය කෙරෙන සීමිත මුදල් ප‍්‍රමාණය මුඑමනින් ම වාගේ රාජ්‍ය ප‍්‍රතිපාදනයි. බහුතරයක් රටේ ජනතාවගේ මුදල් හා ඉතිරිය විදේශාධාර ලෙස ලබා ගත් මුදල්. එහෙත් පොදු මුදලින් කෙරෙන පර්යේෂණ ගැන පොදු ජනතාවට වග කියන විද්‍යාඥයන් හැම තැනක ම නැහැ. ඒ වෙනුවට ආයතනික රෙකුලාසි, නිලධාරීවාදය හා වෙනත් හේතු දක්වමින් විද්වත් දැනුම හා විග‍්‍රහයන් සමාජයට ලබා නොදී මඟහරින පර්යේෂණ ආයතන තිබෙනවා.

මේවායින් තොරතුරු උකහා ගැනීම ඉතා අසීරු කාර්යයක්. තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය නීතියෙන් තහවුරු නොවූ අපේ රටේ, සාමාන්‍ය ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට හෝ නිල තොරතුරු හා පර්යේෂණ ප‍්‍රථිඵල දැන ගැනීමට යි. එයට හොඳ ම මෑත උදාහරණය නිදන්ගත වකුගඩු රෝගය ගැන කළ වසර තුනක පර්යේෂණවල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් පුරා හෙළිදරවු නොකර තබා ගැනීම. රහසිගත පර්යේෂණවලින් පොදු උන්නතියක් කෙසේ සළසන්න ද?

පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් කොහි ද? මෙය මා නිතර මතු කරන ප‍්‍රශ්නයක්. නිතර හමු වන දැවැන්ත අභියෝගයක්. මෙරට වෘත්තීය විද්‍යාඥයන් පන් දහසක් පමණ හා ජ්‍යෙෂ්ඨයන් සිය ගණනක් සිටියත් ප‍්‍රතිපත්ති හෝ ජන සමාජයට අදාල විද්‍යාත්මක කරුණක් ගැන ප‍්‍රසිද්ධියේ, සිය නමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

බහුතරයක් දෙනා සිය විශේෂඥ විෂය ගැන පවා මාධ්‍යවලට කථා කිරීමට මැළියි. නැතිනම් බියයි. (බියට සාධාරණ හේතු ද තිබෙනවා.) සමහරුන් පෞද්ගලිකව ප‍්‍රබල අදහස් දැක්වූවත් එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මාධ්‍යකරණයේදී මූලාශ‍්‍ර නමින් හඳුන්වා දෙන තරමට ඒවායේ විශ්වසනීයත්වය වැඩි වනවා. මේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්නට විද්‍යා මාධ්‍යවේදීන්ට දෛනික අරගලයක් කළ යුතුව තිබෙනවා.

මේ අභියෝග ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපය පුරා අඩු වැඩි පමණින් දැකිය හැකියි. විද්‍යාව හා තාක්ෂණ දියුණුවෙන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින ඉන්දියාවේ පවා මේ විසමතා හමුවනවා. එහෙත් අපට වඩා බෙහෙවින් පරිණත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් හා මාධ්‍ය සම්ප‍්‍රදායයන් ඉන්දියාවේ ඇති නිසා එරට විද්‍යා හා තාක්ෂණ මාතෘකා ගැන මාධ්‍ය වාර්තාකරණය වඩා හරවත් හා සමබරයි. මා උත්සාහ කරන්නේ ඉන්දියානු මට්ටමටවත් සමීප වන්නටයි. එයින් ඔබ්බට ජපන් හා බටහිර රටවල විද්‍යා මාධ්‍යකරණ ප‍්‍රමිතීන් ද යම් දිනෙක අප ඉලක්ක කළ යුතුයි.

විදුසර මේ ප‍්‍රමිතිකරණයේ කුමන තැනක සිටී ද යන්න මට ඇගැයීමට නොහැක්කේ දිගු කලක් මා ඒ ප‍්‍රකාශනයේ පාඨකයකු නොවන නිසයි. එහෙත් අවිචාරයේ හා අන්ධ වන්දනාවේ ඇලී ගැලී සිටින ලක් සමාජයේ ඇස් විවර කරන්නට 25 වසරක් තුළ විදුසර යම් පමණකට දායක වූවා යයි කිව හැකියි. ඒ ගැන එයට සම්බන්ධ සියඑ දෙනාට අපේ ප‍්‍රණාමය!

විදුසර තව යා යුතු දුර බොහෝයි. ඒ ගමන දුෂ්කරයි. කාලානුරූපව හැඩ ගැසීමට බැරි හැම ප‍්‍රකාශනයක් ම මාධ්‍ය ඩාවින්වාදයට අනුව වඳ වී යන බවත් විදුසර කතුවරුන් හොඳාකාර දන්නවා විය යුතුයි.

Vidusara at 25: My interview on science communication (in Sinhala)

Vidusara at 25 – web banner from Facebook Group

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

Sustaining any publication for that long is no mean accomplishment, so everyone involved – journalists, editors, publishers – deserve congratulations.

The current editor has done an interview with me for the 25th anniversary issue, which is out today. In it, I discuss the challenges faced by all science communicators, but especially by science journalists working in the developing world. The interview is in Sinhala. Here it is, in pdf, in parts 1 and 2.

විද්‍යා සන්නිවේදනය හරිහැටි සිදු වීමට මාධ්‍යකරුවන් හා විද්වතුන් යන දෙපිරිසේ ම වගකීම් සහිත දායකත්වයක්‌ අවශ්‍යයි!

Science Communication interview with Nalaka Gunawardene – Vidusara, 7 Nov 2012

Science Communication interview with Nalaka Gunawardene Part 2 of 2 – Vidusara, 7 Nov 2012

I had a marginal involvement in Vidusara at its very inception, in late 1987, which was within a few months of my entering journalism. I take no credit for what the publication has accomplished, and am sometimes exasperated when long-standing readers associate me with it. But after clarifying such nuances for years, I now accept the inevitable association!

In May 2011, there was an online discussion about my role in science communication on Groundviews.org which published my video interview with its editor Sanjana Hattotuwa. See: ICTs, science fiction and disasters: A conversation with Nalaka Gunawardene

As reader comments warranted, I responded as follows:

Vidusara 25th anniversary issue – cover 7 Nov 2012
Vidusara was launched in 1988 [correction: it really was in Nov 1987] by Upali Newspapers Limited as an experiment in popular science communication. I was at the time working as a science correspondent for that company’s English daily, The Island, and the managing director asked me to advise and guide the new publication. I welcomed this as I was a bilingual writer (Sinhala and English). However, the founder editor of Vidusara was extremely apprehensive about my association with his project and went out of his way to exclude me. I have never tried to understand or analyse the reasons for this; such insecure and insular mindsets are far too common in Sinhala language journalism, even today.

“All in all, I must have written no more than 10 – 12 Sinhala science articles to Vidusara during its first few months of publication in 1988. When I compare that to the several hundred I’ve published in The Island (1986-1995: none of it available online) and many dozens for other English language media outlets – print, broadcast and online – over the years, my writing in Vidusara represents only a very small proportion of my combined media output. However, I must have done a few things well in those articles for discerning readers to remember and refer to it more than two decade later. I’m naturally pleased with such reader recollections.

“It also reminds me that we who work in the public space don’t get to choose how we are remembered. Our audiences will form their own impressions, and select their own memories.”

සිවුමංසල කොලූගැටයා #90: වකුගඩු රෝගය හරහා මතුවන ‘ජනමාධ්‍ය රෝගය’

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

I talked about this at at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012. An English article based on my talk appeared in Ceylon Today a few days ago:
Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

I have just written up similar views (NOT a translation!) for my weekend Sinhala language column in Ravaya broadsheet newspaper:

CKDu infographic courtesy Center for Public Integrity, USA

ආසියා පැසිෆික් කලාපයේ ජාතික විද්‍යා ඇකඩමි එකතුවේ ජාත්‍යාන්තර සමුළුවක් ඔක්තෝබර් 16-19 දිනවල කොළඹදී පැවැත් වුණා. එහි එක් අංගයක් ලෙස විද්‍යා සන්නිවේදන නායකත්වය ගැන එක් දින සැසිවාරයක් සංවිධානය කර තිබූ අතර විවිධ රටවලින් පැමිණි ආරාධිතයන් එය අමතා කථා කළා.

අපේ ජාතික විද්‍යා ඇකඩමියේ ඇරැයුමින් එයට සහභාගි වූ මට පසුව පෙනී ගියේ විද්‍යා සන්නිවේදනය ගැන ශී‍්‍ර ලංකාවෙන් කථා කළ එක ම දේශකයා මා බවයි. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල සත්කාරක රටේ දේශකයන් තෝරා ගන්නේ විවාදයට ලක් නොවන, ජාතිකත්වය මතු කරන ආකාරයේ ප‍්‍රවේශම් සහගත තේමාවක්.

එහෙත් ඇඟ බේරා ගෙන කථා කිරීමේ නිල අවශ්‍යතාවයක් හෝ වෘත්තිමය පුරුද්දක් හෝ මට නැති නිසා මෙරට පැන නැගී ඇති, විද්‍යා සන්නිවේදනයට ද බරපතල අභියෝග එල්ල කරන මාතෘකාවක් ගැන මා විවෘතව අදහස් දැක්වූවා. එනම් රජරටින් මතුව ආ නිදන්ගත වකුගඩු රෝගය හා එයට ලක් සමාජයේත්, මෙරට මාධ්‍යවලත් ප‍්‍රතිචාරයයි. අද මා ගොනු කරන්නේ ඒ වියත් සභාවට මා දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයක්.

2012 සැප්තැම්බර් 2 වනදා කොලමින් (වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව) මා කී පරිදි මෙය මාධ්‍යවලට ප‍්‍රබල මාතෘකාවක් වුවත් ලෙහෙසියෙන් ග‍්‍රහණය කර ගත හැකි දෙයක් නොවෙයි. වකුගඩු රෝගයේ හේතුකාරක විය හැකි සාධක ගණනාවක් ගැන තවමත් නොවිසඳුණු විද්‍යාත්මක වාද විවාද තිබෙනවා. එහෙත් සම්පූර්ණ සත්‍ය අවබෝධයක් මතු වන තුරු පිළියම් යෙදීම ප‍්‍රමාද කරන්නටත් නොහැකියි.

දැනටමත් රෝගාතුර වූ සියළු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සපයන අතර එම රෝගය වාර්තා වන ප‍්‍රදේශවල වෙසෙන සෙසු ජනයාට ප‍්‍රවේශම් විය හැකි ප‍්‍රායෝගික ක‍්‍රම සොයා දීම හා දැනුවත් කිරීම වැදගත්. මෙහිදී පිවිතුරු පානීය ජලය සැපයීමේ වැදගත්කම පිළි ගෙන තිබෙනවා.

වකුගඩු ශරීරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. රුධිරයේ බහිශ‍්‍රාවීය ද්‍රව්‍ය හා වැඩිපුර ජලය පෙරා වෙන් කොට බැහැර කිරීම නියාමනය කරන්නේත්, ඒ හරහා රුධිරයේ හා ශරීරයේ රසායනික සමතුලිතතාව පවත්වා ගන්නේත් වකුගඩු මගින්. එය දිවා රාත‍්‍රී කි‍්‍රයා කරන පෙරහනක් වැනියි.

සමස්ත සමාජය දෙස බැලූ විට ජන මාධ්‍යවල සමාජයීය භූමිකාවත් එයට සමානයි. නිවැරදි තොරතුරුත්, නිරවුල් විග‍්‍රහයනුත් සමාජයට ඉතිරි කරමින් සම්ප‍්‍රපලාපයන්, මුසාවන්, මිථ්‍යාවන් හා අනෙකුත් විකෘති කිරීම් බැහැර කිරීම මාධ්‍යවලින් සමාජය බලාපොරොත්තු වනවා.

රෝගී වූ වකුගඩුවලට ජෛව විද්‍යාත්මක කාර්යය හරිහැටි කරන්නට නොහැකි වනවා සේ ම ‘රෝගී’ වූ ජනමාධ්‍යවලට ද සිය සමාජ මෙහෙවර හරිහැටි කර ගත නොහැකි බව මගේ මතයයි. මෙය මා ඉංග‍්‍රීසියෙන් කීවේ “Mass kidney failure is followed by a mass media failure” කියායි.

මෙසේ කියන්නේ මෙරට සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍ය (පාරිසරික සගරා හෝ විශේෂිත වාර ප‍්‍රකාශන නොවේ) වකුගඩු රෝගය වාර්තා කරන ආකාරය ගැන කලක් තිස්සේ ඕනෑකමින් බලා සිටින, මේ ක්‍ෂේත‍්‍රයේ ම පය ගසා සිටින කෙනෙකු හැටියටයි.

මුද්‍රිත මාධ්‍ය ගත් විට, අන්තර්ගතය මූලිකව කොටස් තුනකට බෙදිය හැකියි. කර්තෘ මණ්ඩල සම්බන්ධයක් නැති, එහෙත් පැවැත්මට අවශ්‍ය වෙළඳ දැන්වීම් එක් කොටසක්. ඉතිරි කියවන අන්තර්ගතය තුළ ද මාණ්ඩලික ලේඛකයන් ලියන දේ මෙන් ම බැහැර සිට ලබා දෙන විද්වත් ලිපි තිබෙනවා. විද්වත් ලිපිවල මත දැක්වීම ඒවා ලියන අයගේයි. මා මෙහිදී අවධානය යොමු කරන්නේ කර්තෘ මාණ්ඩලික ලේඛකයන් අතින් ලියැවෙන මාධ්‍ය අන්තර්ගතය ගැනයි. මාධ්‍ය කලාවේ සාරධර්ම රැකීම වැඩිපුර අපේක්‍ෂා කරන්නේත් මේ සන්නිවේදන තුළයි.

පුවත්පත් කලාවේ මූලික සාරධර්මයක් ලෙස සැළකෙන්නේ සමබරතාවය රැකෙන පරිදි වාර්තාකරණය විය යුතු බවයි. එනම් ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් ගැන වාර්තා හෝ විග‍්‍රහ කරන විට එයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් ලබා දීමයි.

වකුගඩු රෝගය පිළිබඳ වාර්තාකරණයේදී අපේ ඇතැම් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය නාලිකා ක‍්‍රියා කර ඇත්තේ එබඳු පුළුල් විග‍්‍රහයක යෙදෙන අන්දමින් නොවෙයි. සංකීර්ණ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ග‍්‍රාහකයන්ට නොවලහා ඉදිරිපත් කොට අවසාන විනිශ්චය ඔවුන්ට භාර කරනු වෙනුවට තෝරා ගත් තොරතුරු හා මතවාදයන් කිහිපයක් පමණක් ප‍්‍රතිරාවය කරනු දැකිය හැකියි. එයට සමාන්තරව තමන් ප‍්‍රවර්ධනය කරන මතවාදයට වෙනස් වූ මතවලට හා එම මතධාරීන්ට සමච්චල් කිරීමත්, ඇතැම් විට වාග් ප‍්‍රහාර එල්ල කිරීමත් සිදු වනවා.

පරිසර සංරක්‍ෂණය හා මහජන සෞඛ්‍යය වැනි පොදු උන්නතියට සෘජුව අදාල තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන විට මාධ්‍යවේදීන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද?

කලක් තිස්සේ ලොව පුරා මාධ්‍ය සම්ප‍්‍රදායක් වූයේ මාධ්‍යවේදියාගේ පෞද්ගලික මතිමතාන්තර වාර්තාකරණයට මිශ‍්‍ර නොකළ යුතු බවයි. යම් මතවාදයක් හෝ අදහසක් පළ කරන්නට ඕනෑ නම් එය කතුවැකියට හෝ කතුවැකි පිටුවේ මත දැක්වීමට සීමා වුණා. එහෙත් 1970 දශකයේ පටන් සෞඛ්‍යය, පරිසරය හා මානව මානව හිමිකම් ආදී තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍යවේදියා දරණ ස්ථාවරය හා මතය ද යම් තාක් දුරට වාර්තාකරණයේ පිළිබිඹු වීම සාධාරණ යයි ප‍්‍රගතිශීලී මාධ්‍යකරුවන් අතර පිළි ගැනීමක් මතුව ආවා. මෙය ඉංග‍්‍රීසියෙන් advocacy journalism ලෙස හඳුන්වනවා.

නාගරික සිදුවීම් හා පුවත් මවන්නන් කේන්ද්‍ර කොට ගත් අපේ බොහෝ ජනමාධ්‍ය මුල් කාලයේ වකුගඩු රෝගය වාර්තා කලේ ඉඳහිට හා යාන්තමට. එය බොහෝ දෙනෙකුට බලපාන රෝගයක් බව පසක් වූ විට මේ තත්ත්වය වෙනස් වූවත්, තවමත් විවිධ මානයන් විග‍්‍රහ කරමින් සානුකම්පික වූත්, මැදහත් වූත් වාර්තාකරණයක් කරන්නට අපේ බොහෝ මාධ්‍ය සමත් වී නැහැ.

ඒ වෙනුවට වකුගඩු රෝගය සංත‍්‍රාසය දනවන හෙඩිම් සපයන හා හරිත ක‍්‍රියාකාරිකයන් සමහර දෙනෙකුගේ න්‍යාය පත‍්‍රයට අනුගත වන අන්දමේ මාධ්‍ය ”කට ගැස්මක්” බවට පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.

වකුගඩු රෝගය වාර්තාකරණයේදී ඉස්මතුව එන්නේ පොදුවේ අපේ ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ පවතින විසමතා හා දුර්වලතායි. එයින් සමහරක් නම්: ප‍්‍රශ්නයක විවිධ පැතිකඩ විපරම් කරනු වෙනුවට මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පෙර තේරීමක් කළ පැතිකඩ දෙක තුනකට පමණක් අවධානය යොමු කිරීමත අදාල පාර්ශවයන් කිහිපයක් සිටින අවස්ථාවක තෝරා ගත් දෙතුන් දෙනෙකුගේ මත පමණක් දිගට ම විස්තාරණය කිරීමත සහ සංකීර්ණ ප‍්‍රශ්නයක් උවමනාවට වඩා සරලව හා මතුපිටින් පමණක් කඩිමුඩියේ වාර්තා කිරීම හරහා ග‍්‍රාහකයන්ගේ මනස වඩාත් ව්‍යාකූල කිරීම.

එමෙන්ම තහවුරු කරගත් තොරතුරු මත වාර්තාකරණය පදනම් කර ගන්නවා වෙනුවට ඕපාදුප, කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් හා ප‍්‍රහාරාත්මක බස හැසිරවීම ද අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිතර දැකිය හැකියි.

මෙය අදහස් ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහසේ කොටසක් යයි යමකුට කිව හැකියි. තර්කයක් ලෙස එය සත්‍ය වුවත්, ආපදා හා වෙනත් හදිසි අවස්ථාවල විශාල ජන සංඛ්‍යාවක් විපතට හා දුකට පත්ව සිටින විට, එය කි‍්‍රකට් තරඟාවලියක් හෝ මැතිවරණයක් හෝ ගැන වාර්තා කරනවාට වඩා සංයමයකින් හා සංවේදීව කරනු ඇතැයි මාධ්‍ය ග‍්‍රාහකයන් අපේක්ෂා කරනවා.

මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ‍්‍ර ඉතා වටිනවා. බොහෝ දෙනෙකු කලක් තිස්සේ උත්සාහයෙන් ගොඩ නඟා ගත් සබඳතා තිබෙනවා. කඩිමුඩියේ දුරකථනයෙන් පවා තොරතුරක් විමසීමට, අදහසක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. එහෙත් මූලාශ‍්‍ර වන ඇතැම් දෙනාට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර ද තිබෙනවා. මාධ්‍ය හරහා තම මතවාද පතුරුවන්නට ඔවුන් තැත් කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. එහෙත් මූලාශ‍්‍රවලට ඕනෑ ලෙසට අවිචාරවත්ව ක‍්‍රියා නොකිරීමටත්, සමබරතාවය පවත්වා ගැනීමටත් මාධ්‍ය ආයතන ප‍්‍රවේශම් විය යුතුයි.

වකුගඩු රෝගයේ මාධ්‍ය වාර්තාකරණය කලක් තිස්සේ බලා සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයෙකු මට කීවේ මේ ගැන වාර්තාකරණයේදී අපේ බොහෝ මාධ්‍ය තම මූලාශ‍්‍රවලට බෙහෙවින් හෝ මුළුමනින් හෝ නතු වී ඇති බවයි. තර්කානුකූල නොවන, සාක්‍ෂි මත පදනම් නොවූ විග‍්‍රහයන් හා විනිශ්චයන් මහජනතාව අතරට යළි යළිත් ගියේ එනිසායි.

වාර්තාකරණයේ දුර්වලතාවල වගකීම මුළුමනින් මාධ්‍යවලට පැවරීමට ද නොහැකියි. උග‍්‍ර වෙමින් පවතින මේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ඛේදවාචකය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්වත් උපදෙස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය 2009-2011 කාලයේ අපේ විද්‍යාඥ කණ්ඩායම් 10ක් හරහා ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ විමසමින් පර්යේෂණ කළා. එය මේ දක්වා මේ ගැන සිදු කළ වඩාත් ම විස්තරාත්මක අධ්‍යයනයයි. එහි වාර්තාව මේ වසර මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. එය මෙතෙක් (2012 ඔක් 31 දක්වා) ප‍්‍රකාශයට පත් නොකිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ තත්ත්වය ව්‍යාකූලවීමට ඉඩ හැරියා.

මේ අතර WHO අභ්‍යන්තර වාර්තාවකැයි කියන, එහෙත් කිසිදු නිල ලක්ෂණයක් (ලිපි ශීර්ෂයක්, වැඩි විස්තර ලබා ගත හැකි ක‍්‍රමයක්) නොමැති, පිටු 3ක කෙටි ලේඛනයක් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු 2012 අගෝස්තු මස මැදදී මාධ්‍යවලට ලබා දුන්නා. එය WHOහි බව තහවුරු කිරීමක් හෝ විචාරයක් හෝ නොමැතිව ගෙඩි පිටින් ප‍්‍රකාශයට පත් කිරීමට අපේ ඇතැම් මාධ්‍ය පෙළඹුණා.

විද්‍යාත්මක කරුණක් ගැන අපේ මාධ්‍ය මෙතරම් අපරික්ෂාකාරී වන්නේ ඇයි? දේශපාලනික හෝ ක‍්‍රීඩා ආන්දෝලනයක් ගැන තහවුරු නොවූ ලේඛනයක් ලැබුණොත් මෙලෙසින් එය පළ කිරීමට කතුවරුන් සූදානම් ද?

මේ උද්වේගකාරී වාර්තාකරණය ගැන සාධාරණ ප‍්‍රතිතර්ක මතු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් මෙකී මාධ්‍ය විසින් ඉක්මනින් හංවඩු ගසනු ලැබුවේ ”පලිබෝධ නාශක සමාගම්වල මුදල් බලයට නතු වූවන්” හැටියටයි. එයට සාක්ෂි තිබේ ද? නැතිනම් කුමන්ත‍්‍රණවාදී තර්කයක් පමණ ද?

වසර 25ක් පුරා එදත් අදත් මා කියන්නේ පලිබෝධ නාශක, රසායනික පොහොර ඇතුළු සියළු නවීන විද්‍යාත්මක මෙවලම් ප‍්‍රවේශමින් පරිහරණය කළ යුතු බවයි. ඒවාට විරුද්ධවීමේ පූර්ණ අයිතියක් පරිසරවේදීන්ට තිබෙනවා. එහෙත් ඇතැම් පරිසරවේදීන් ප‍්‍රායෝගික විකල්ප යෝජනා නොකර, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා විද්වත් මතයන් විවේචනය කරන විට, එම තර්ක ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මැදහත් විද්වතුන්ගේ මත විමසීමට මාධ්‍යවලට වගකීමක් ද තිබෙනවා.

වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය ගැන සංවාදයේදී අවශ්‍ය තරමට සිදු නොවූයේ ද එයයි. ඒ වෙනුවට ජනතාව බියපත් කරවන, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන හා මැදහත් විද්‍යාඥයන්ට නිරපරාදේ චෝදනා එල්ල කරන වාර්තාකරණයක් අප දකිනවා.

මෙබදු වාර්තාකරණයකින් මානසික කම්පනයට පත් මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා මහාචාර්යවරයෙකු මට කීවේ මෙයයි: “එප්පාවල ඇපටයිට් නිධිය බහු ජාතික සමාගම්වලට දෙන්නට යන විට ප‍්‍රතිපත්තිමය හේතු මත එයට විරුද්ධ වීම නිසා මට මරණ තර්ජන පවා ලැබුණා. එසේ පොදු උන්නතියට ජීවිත කාලයක් ක‍්‍රියා කළ මට, ජනතාවට වස කවන ජාති ද්‍රෝහියකු යයි චෝදනා කරන්නේ ඇයි?”

මේ මහාචාර්යවරයාට දිගට ම අවලාද නගන ජාතික පුවත්පතක්, ඔහු යැවූ පිලිතුර පවා පළ කොට නැහැ. (පිළිතුරු දීමේ අයිතිය සුරැකීමට අපේ බොහෝ මාධ්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දෙනවා.) මේ මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥයන් රැසක් වකුගඩු රෝගයේ හේතුකාරක ගැන විවිධ කල්පිතයන් ගවේෂණය කරමින් සිටිනවා. ඔවුන්ගේ එක ම අරමුණ මෙහි අක්මුල් පාදා ගැනීමයි.

බලන්න: http://tiny.cc/CKDuMed

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

සිවුමංසල කොලූගැටයා #89: ප‍්‍රවාහන විප්ලවයක් කළ හැකි රළ නොනඟන බෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I profile I S W Karunathilaka, inventor of a waveless boat design that saves fuel and protects river banks. He just won the inaugural Ray Award for nurturing innovation excellence in Sri Lanka.

When I first met Karunathilaka three years ago, when he was experimenting with a model that measured 40 inches by 12 inches (101.6 cm x 30.5 cm). I interviewed him on Siyatha TV, showcasing his work in progress and discussing its future potential. He has come a long way since.

English post (NOT a translation): Waveless, Eco-friendly Boat wins the ‘Ray Award’ 2012

I S W Karunathilaka, winner of the ‘Ray Award’ 2012. Photo by Mevan Peiris/Snap Photography

දැනටමත් රාජ්‍ය පිළි ගැනීමක් ලද ශී‍්‍ර ලාංකික නව නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොලට ගෙන යාමට උදවු වන රේ විජේවර්ධන සම්මානය පළමුවරට ඔක්තෝබර් 17 වනදා පිරිනැමුණා.

ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් පසුගිය වසර ගණනාවක් තිස්සේ යම් නිර්නායකයන්ට අනුකූලව නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන ලබා දෙනවා. එසේ සම්මාන ලැබූ ඕනෑ ම නව නිපැයුම්කරුවකුට මෙම ත්‍යාගයට ඉල්ලූම් කළ හැකිව තිබුණා. ලැබුණු ඉල්ලූම්පත් 56 අතුරින් විද්වත් මඩුල්ලක් තෝරාගත් නව නිපැයුම්කරුවන් 6 දෙනෙකුගේ කෙටි ලැයිස්තුවක් සැප්තැම්බර් අගදී ප‍්‍රකාශයට පත් කළා.

මේ හය දෙනාගෙන් රේ සම්මානය දිනා ගත්තේ හොරණ දේවමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඉන්ද්‍ර ශ‍්‍රී වෛද්‍යරත්න (I S W) කරුණාතිලක. ඔහුගේ නව නිපැයුම වන්නේ ජලයේ ගමන් කරන විට රළ තරංග බිහි නොකරන, පරිසර හිතකාමී බෝට්ටු සැළසුමක්.

සම්මාන ප‍්‍රදානයට මුල් වූයේ රේ විජේවර්ධන භාරය හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. මූල්‍ය අනුග‍්‍රහය දුන් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් දක්වා මුදලින් උපකාර කරන අතර තාක්ෂණික උපදෙස් මොරටුව සරසවියෙන් ලැබෙනු ඇති. ත්‍යාගය හරහා සිය නව නිපැයුම වෙළඳ පොලට ගෙන යාම කරුණාතිලකගේ ඊළඟ අභියෝගයයි.

ගණකාධිකාරීවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලැබුවත්, ඔහුගේ අරමුණ වූයේ අළුත් යමක් අරඹා ඒ හරහා ව්‍යවසායකයකු වීමටයි. එහිදී පවුලේ උරුමයක් යළි පාදා ගන්නට ඔහු උත්සාහ කළා.

1915 සිට 1940 දක්වා කාලයේ ඔහුගේ සීයා කළු ගෙඟ් මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කළ බෝට්ටු සේවාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මේ ඔස්සේ යමින් එබන්දක් නැවත කළ හැකි දැයි ඔහු සොයා බැලූවා. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ පාරිසරික නීති යටතේ මෙරට අභ්‍යන්තර ගංගා, ඇල දොලවල මෝටර් බෝට්ටු පැදවීම තහනම් කොට ඇති බවයි.

එයට හේතු තිබෙනවා. මෝටර් බෝට්ටු වේගවත්ව ගමන් කරන විට ඒවා දෙපස මෙන් ම පිටුපසින් ද ජල තරංග නැතහොත් රළ බිහි වනවා. මේ රළ විහිදී ගොස් ඉවුරුවල වැදීමෙන් ටිකෙන් ටික ඉවුරු ඛාදනයට ලක් වෙනවා.

මීට අමතරව බෝට්ටු ධාවනය ජලජ ජීවින්ටත් අහිතකරයි. නීති විරෝධී හෝ පාරිසරික අගතිගාමී කර්මාන්තයක නියැලීමට කරුණාතිලක කැමති වූයේ නැහැ. එහෙත් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවාහන විකල්පයක් ලෙස බෝට්ටු යොදා ගැනීමේ විභවය ඔහු දැන සිටියා. ඉවුරු ඛාදනය නොකරන, පරිසර හිතකාමී බෝට්ටුවක් තැනීම ගැන ඔහු අත්හදා බැලීම් කළා.

නව නිපැයුම්කරුවන් සැමවිට වෙහෙසෙන්නේ අසම්මත චින්තනය හරහා ගැටළු විසඳීමට. බෝට්ටුවක් ජලයේ ගමන් කරන විට එමගින් ජල තරංග හා රළ ඇති වන්නට එහි හැඩය හා වේගය යන සාධක දෙක ම බලපානවා. බොහෝ බෝට්ටුවල හැඩය ඉංගී‍්‍රසි V අකුරට යම් තරමකට සමානයි. එනම් පතුලට යන විට නැම්මක් සමග එය සිහින් වනවා.

මෙය සැම විට ම එසේ විය යුතු ද? කරුණාතිලක වෙනස් හැඩතල සහිත බෝට්ටුවල ආකෘති තනමින් කුඩා ජල තටාකවල කලක් තිස්සේ රළ බිහි වීම නිරීක්ෂණය කළා. අන්තිමේදී ඔහු සොයා ගත්තේ රළ බිහි වීම අවම කල බෝට්ටු සැලසුමක්.

එයට අනුව බෝට්ටුවේ බඳ (hull) දෙකක් තිබෙනවා. පිටත බඳ සෘජුකෝණාශ‍්‍රයක් වැනියි. ඇතුළත බඳ ඇතුළට වක‍්‍ර වූ නැම්මක් සහිතයි. මේ බඳ දෙක අතර යම් ඉඩක් තිබෙනවා. මේ ඉඩට ජලය ඇතුළු විය හැකියි. බෝට්ටුවේ ගමන් කිරීම නිසා ස්වාභාවිකව හට ගන්නා තරංග මෙකී බඳ දෙක අතර ඉඩෙහි බිදී යනවා. එහෙත් බෝට්ටුවෙන් පිටතට විහිදෙන රළ තරංග බිහි වන්නේ නැහැ. මෙහි සුවිශේෂී වෙනස එයයි.

Prototype of waveless eco-boat designed by I S W Karunatilake
මේ සැළැස්මේ තව නව්‍යකරණයන් තිබෙනවා. අවර පෙත්ත (propeller) සවි කර ඇත්තේ බෝට්ටුවේ කෙළවරක නොව එහි මැදයි. මේ නිසාත් රළ බිහි වීම අඩු වනවා. බහුලව බෝට්ටු තැනීමට යොදා ගන්නා ෆයිබර් ග්ලාස් වෙනුවට මේ බෝට්ටුව තනා ඇත්තේ ඇලූමිනියම් හා වානේ වලින්. (මළ බැඳීම වළක්වන්නට ඇනෝඩික ආරක්ෂණයක් යොදා තිබෙනවා.) ෆයිබර් ග්ලාස් මෙන් නොව මේ ලෝහමය ද්‍රව්‍ය යම් දිනයක ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි බව ඔහු කියනවා.

බෝට්ටුව ගමන් කරන විට රළ තරංග බිහි නොවනවා කියන්නේ ශක්තිය අපතේ නොයන බවයි. මේ නිසා වෙනත් බෝට්ටුවට වඩා මෙය ඉන්ධන භාවිතයෙන් ද කාර්යක්ෂම හා අරපිරිමැසුම්දායකයි. බෝට්ටුවේ බඳේ හැකි සෑම තැනක ම දේප පුරවා තිබෙන නිසා මෙය අනතුරකදී දියේ ගිලීමට ඇති ඉඩ ඉතා අඩු බව ද කරුණාතිලක කියනවා.

මා මුල් වරට කරුණාතිලක හමු වූයේ 2009 අවසාන කාර්තුවේ. සියත TV නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ වැඩසටහනකට මා ඔහු සමඟ සාකච්ඡාවක් කළා. ඒ වන විට ඔහු සිටියේ අඟල් 40 x අඟල් 12 ප‍්‍රමාණයේ බෝට්ටු ආකෘතියක් සමඟ අත්හදා බැලීම් කරමින්.

ගෙවී ගිය තෙවසර තුල ඔහු බොහෝ ඉදිරියට ඇවිත්. ජල මාර්ගවල දුවන ප‍්‍රාග්දර්ශයක් (prototype) 2011 අවසානයේ සිට ඔහු අත්හදා බලනවා. එහි මඟීන් 50 දෙනකු හෝ කිලෝ ග‍්‍රෑම් 4,000ක් දක්වා භාණ්ඩ ගෙන යා හැකියි.

ප‍්‍රාග්දර්ශ බෝට්ටුවට පැයට කිලෝමීටර් 8ක වේගයෙන් ගමන් කළ හැකියි. මීට වඩා බෙහෙවින් කුඩා, මගීන් 6 දෙනෙකු ගෙන යා හැකි, පැයට කිමී 100 දක්වා වේගයෙන් යා හැකි පරිසර හිතකාමී බෝට්ටුවක් ද ඔහු දැන් සැළසුම් කර තිබෙනවා. එය විශාල බෝට්ටුවේ සියළු ම ගුණාංග ඇති එහෙත් වේගය වැඩි යාත‍්‍රාවක්.

තම බෝට්ටු සියල්ලේ පැද්දීමේ සංවේදනය (Rolling Effect) නැති කොට තිබෙන බවත්, එයට ගොඩ වූ පසු කෙනෙකුට දිය මත සිටින බවට ඇඟට නොදැනෙන තරම් ස්ථාවර බවත් කරුණාතිලක කියනවා.

මෙතැනට එන්නට බොහෝ කැපවීම් කළ බව ඔහු කියනවා. තිදරු පියකු වන ඔහු ගණකාධිකාරී වෘත්තිය නවතා දමා පූර්ණ කාලීනව මෙබඳු යාන්ත‍්‍රික නිමැවුම් කටයුතුවල නිරතව සිටිනවා. මෝටර් රථවාහන අමතර කොටස් හා ලී බෝට්ටු තැනීම ද ඔහු ජීවිකාවක් ලෙස කරනවා. එහෙත් රළ නොනඟන පාරිසරික හිතැති බෝට්ටුව ඔහුගේ ප‍්‍රියතම ව්‍යාපෘතියයි. එය තව දුරටත් දියුණු කළ හැකි ක‍්‍රම ගැන ඔහු දැන් අධ්‍යනය කරනවා.

වෙනත් සාධකවලින් පරිසර හිතකාමී වුවත් මේ බෝට්ටුව ධාවනය වන්නේ ඛනිජතෙල් දහනය කරන එන්ජිමකින්. ඒ වෙනුවට ජෛවීය ද්‍රව්‍ය දහනය කොට බලය ලබා ගන්නා ගැසිෆයර් (gasifier) එකක් බෝට්ටුවේ සවි කළ හැකි ද යන්න ඔහු දැන් සොයා බලනවා. ජෛව ඉන්ධන දහනයෙන් බලශක්ති ජනනය ගැන මෙරට පුරෝගාමියෙකු වූ රේ විජේවර්ධනගේ චින්තනය එදත් අදත් තමන් ප‍්‍රබෝධමත් කළ බව කරුණාතිලක කියනවා.

වෙනත් බෝට්ටු මෙන් ඉවුරු ඛාදනය නොකරන නිසා සැළසුම් මට්ටමේදී ම කරුණාතිලකගේ බෝට්ටුවට අභ්‍යන්තර ජල මාර්ගවල ධාවනයට අවසරය ලැබී තිබෙනවා.

The RAY Award Logo
“නව නිපැයුමක් කඩදාසියකට පමණක් සීමා වනවා නම් එය බිහි කිරීමේ එතරම් තේරුමක් නැහැ. නිපැයුමක් වාණිජ මට්ටමින් ජන සමාජයට හා වෙළඳපොළට යා යුතුයි. එසේ වෙළඳපොල ජයගත් ප‍්‍රායෝගික නව නිපැයුම් කරුවන් ටික දෙනා අතර රේ විජේවර්ධන සිටිනවා. මගේ ඉලක්කය මේ බෝට්ටුව සාර්ථක ව්‍යාපාරයක් මට්ටමට ගෙන යාමටයි,” ඔහු කියනවා.

සංචාරක කර්මාන්තයටත්, එදිනෙදා මගී ප‍්‍රවාහනයටත් මේ බෝට්ටු යොදා ගත හැකියි. මීට අමතරව ජල ගැලීම් ආපදා සිදු වන අවස්ථාවල ඉතා සීරුවෙන් ගමන් කරමින් විපතට පත් වූවන් බේරා ගන්නට ද මේ බෝට්ටුව යොදා ගත හැකි බව නිපැයුම්කරුවා පෙන්වා දෙනවා.

මෙරට බිම් ප‍්‍රමාණයෙන් සියයට 10කට වැඩි ප‍්‍රමාණයක් වසා පැතිරුණු ගංගා, ඇල දොල, වැව් හා ජලාශ රාශියක් තිබෙනවා. එහෙත් ජල මාර්ග හරහා බඩු හා මඟී ප‍්‍රවාහනයට දක්වා ඇත්තේ ඉතා අඩු සැළකිල්ලක්. විනෝද ගමන්වලට පමණක් නොව නිතිපතා ප‍්‍රවාහනයට ද ජල මාර්ග යොදා ගත හැකියි.

මෙය තේරුම් ගත් ඕලන්ද ජාතිකයෝ බටහිර වෙරළට සමාන්තරව හලාවත සිට කළුතර දක්වා තීරයේ ඇල මාර්ග ගණනාවක් තැනුවා. මේ ඇල මාර්ග ගමනාගමනයට යොදා ගැනීම කලකට ඉහත සිදු වුවත් අද එය අතපසු වී තිබෙනවා.

මාර්ග තදබදයට ලාබදායක විකල්පයක් ලෙස සමහර ප‍්‍රදේශවල අභ්‍යන්තර ජල මාර්ග යොදා ගත හැකි බව අධ්‍යයන හරහා තහවුරු වී තිබෙනවා. හැබැයි මගී ප‍්‍රවාහනය විධිමත් ලෙස ජල මාර්ග හරහා කිරීමට පරිසර හිතකාමී හා ඉන්ධන පිරිමසින බෝට්ටු පමණක් සෑහෙන්නේ නැහැ. ඒ සඳහා නිසි ලෙස නඩත්තු කැරෙන ඇල මාර්ග, බෝට්ටුවලට පිවිසීමට ජෙටි හා ජීවිතාරක්ෂක උපක‍්‍රම ද අවශ්‍යයි.

Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

Ceylon Today newspaper has just published my article titled: Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

It is adapted from a paper I presented last week at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012.

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

As health officials and policy makers struggle with the prolonged humanitarian crisis, partisan media coverage has added to public confusion, suspicion and fear. As a science writer and journalist, I have watched this with growing concern.

This is a critique of the Lankan media sector to which I have belonged, in one way or another, for a quarter century. I hope this will inspire some much-needed self-reflection among our media, which I feel over overstepped the boundaries of advocacy journalism in this issue. As I suggest, a return to first principles can help…

Full article below. Constructive engagement is welcomed.

Mass Kidney Failure & Mass Media Failure – Nalaka Gunawardene – Ceylon Today 25 Oct 2012

Mass Kidney Failure and Mass Media Failure in Sri Lanka

The kidneys are vital organs in our body that help keep the blood clean and chemically balanced through filtering. Healthy kidneys separate waste and excess water.

Similarly, a healthy and vibrant media helps separate fact from fiction, and provides clarity and context vital for an open, pluralistic society to function.

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I see as a mass media failure to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become mere amplifiers of extreme activist positions.

As health officials and policy makers struggle with the prolonged humanitarian crisis, partisan media coverage has added to public confusion, suspicion and fear. As a science writer and journalist, I have watched this with growing concern.

I just gave a talk on this to the Science Communication Leadership Workshop which was part of the First General Assembly of Association of Academies and Societies of Sciences in Asia (AASSA) held in Colombo, Sri Lanka, on 17 October 2012.

Here is my presentation:

See also my recent writing on this topic:

Sunday column 19 Aug 2012: Science and Politics of Kidney Disease in Sri Lanka

Sunday column 26 Aug 2012: Watch out! Everybody Lives Downstream…

සිවුමංසල කොලූගැටයා #87: පියාපත් සොයා ගිය රයිට් සොහොයුරන්ගේ දිරිය කථාව

Continuing my discussion on inventions and innovation, in this week’s Ravaya column (in Sinhala, published 14 Oct 2012), I recount the story of the Wright brothers as indefatigable innovators.

Several others had designed heavier-than-air machines during the 19th Century, but none had been as practical as the Wright Brothers. While other experimenters put more emphasis on developing powerful engines, the Wright Brothers focused on developing a reliable method of pilot control.
As cycle repairers, they believed – correctly – that an unstable vehicle like a flying machine could be controlled and balanced with enough practice. They tinkered endlessly with models and prototypes, and also used a small, home-built wind tunnel to collect more accurate data and insights. Such experimentation made their design more efficient and navigable. The rest is history…

Wilbur (left) and Orville Wright – photo from Wikipedia

මෙරටින් බිහි වූ කීර්තිමත් නව නිපැයුම්කරු ආචාර්ය රේ විජේවර්ධන සිහි වීමට ඔහුගේ නමින් නම් කළ රේ ත්‍යාගය (The Ray Award) මුල් වරට 2012 ඔක්තෝබර් 17 වනදා කොළඹදී ප‍්‍රදානය කැරෙනවා. දැනටමත් නව නිපැයුමක් සඳහා ජනාධිපති සම්මානය ලැබු ලාංකික නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොළට ගෙන යාමට උදවු කිරීම මේ ත්‍යාගයේ අරමුණයි. බොහෝ නව අදහස්, සංකල්ප නිපැයුම් අන්තිමේදී හිර වන්නේත් එතැනයි.

රේ විජේවර්ධනගේ ප‍්‍රියතම නිපැයුම්කරුවන් වූයේ මුල් ම සාර්ථක ගුවන් යානය නිපදවූ රයිට් සොහොයුරන්. ඔවුන් දෙදෙනාගේ දිරිය කථාව ඉතා සමීපව අධ්‍යයනය කළ රේ නිතර කීවේ සියවසකට පසුව වුව ද ලොව හැම තැන සිටින, ඕනෑ ම තාක්‍ෂණයකට සම්බන්ධ නව නිපැයුම්කරුවන්ට මේ දෙපලගෙන් බොහෝ පාඩම් උගත හැකි බවයි.

විල්බර් හා ඕවිල් රයිට් අමෙරිකානු මැද පාංතික පවුලක උපන්නේ 19 වන සියවසේ මැද. විල්බර් 1867දී හා ඕවිල් 1871දී. ඔවුන්ගේ පියා බිෂෝප්වරයකු වූ නිසා කලින් කලට පදිංචිය මාරු කරන්නට සිදු වුණා. කුඩා කාලයේ දරුවන්ට සොබාවික පරිසරය මෙන් ම යාන්ත‍්‍රික දේවල් ගැනත් ඕනෑ තරම් ගවේෂණය කිරීමට දිරි දුන්නේ ඔවුන්ගේ මවයි. ගෙදර ඕනෑ ම බඩුවක් ගලවා ඒවා වැඩ කරන හැටි සොයා බලන්නටත්, දියුණු කිරීම් යෝජනා කරන්නටත් ඇය දරුවන් උනන්දු කළා.

රයිට් සොහොයුරන් තරුණ වියේදී මුලින් පිවිසුණේ පුවත්පත් කර්මාන්තයට. ඔහායෝ ප‍්‍රාන්තයේ ඬේටන් නුවර මුද්‍රණාලයක් මිළට ගෙන එය හරහා ප‍්‍රාදේශීය පත්තරයක් පළකිරිම ඇරඹුවා. කර්තෘ මන්ඩල මෙන්ම ව්‍යාපාරික අංශය ගැනත් පුළුල් දැක්මක් ඔවුන්ට තිබුණත් ඒ වකවානුවේ පැවති සීමිත වෙළඳපොල හා තාක්‍ෂණය නිසා ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ. මේ නිසා පත්තර කර්මාන්තය නවතා දමා ඔවුන් බයිසිකල් වැඩපොළක් ඇරඹුවා.

බයිසිකලය යුරෝපයේ නිපදවා හඳුන්වා දෙනු ලැබුවේ 1817දී. එය 1890 වන විට අමෙරිකාවේ වඩා ජනාදරයට පත් නිපැයුමක් බවට පත් වුණා. මෝටර් රථ තවමත් පුළුල් භාවිතයට පැමිණ නොතිබුණ ඒ කාලයේ බයිසිකලයක් හිමි කර ගැනීම ලොකු ඉදිරි පිම්මක් ලෙස සැළකුණා. 1892දී රයිට් සොහොයුරෝ බයිසිකල් කුලියට දීම, අළුත්වැඩියාව හා වැඩි දියුණු කිරීම ඇරඹුවා. එය ටික කලකින් ඉතා සාර්ථක ව්‍යාපාරයක් වුණා.

බයිසිකලය කියන්නේ සාමුහික නිපැයුමක්. එය සියවස් ගණනක් තිස්සේ දුසිම් ගණනක් නිපැයුම්කරුවන් අතින් වැඩි දියුණු වී තිබෙනවා. එය අද දක්වා ම සිදුවන ක‍්‍රියාදාමයක්. රයිට් සොහොයුරෝ විවේක ඇති හැම විට ම උත්සාහ කළේ ආයාසය අඩු, ආරක්‍ෂාව වැඩි ආකාරයට බයිසිකලය දියුණු කරන්න. මේ ගැන ඔවුන් දෙදෙනා දිගින් දිගට අත්හදා බැලීම් කළා. ඔවුන්ගේ කිසි වැඩක් සිද්ධාන්තයට සීමා වූයේ නැහැ.

1890 දශකය අමෙරිකාවේත්, යුරෝපයේත් තාක්‍ෂණික හා කාර්මික නවෝදයක් මතුව ආ කාලයක්. එක් පසෙකින් මෝටර්රථය වැඩි දියුණු කරන්නටත්. තවත් පසෙකින් ගුවනින් පියාසර කළ හැකි යානයක් තනනන්නටත් නව නිපැයුම්කරුවන් රැසක් යොමුව සිටියා.

ගුවනින් යාමේ උත්සාහයන් අතර පෙරමුණේ සිටි ඔටෝ ලිලියන්තාල් (Otto Lilienthal) ග්ලයිඩරයක් කඩා වැටී මිය යාමේ පුවත ඔවුන් දැන ගත්තේ 1896 මැදදී. පක්‍ෂීන්ගේ පියාපත් කෘත‍්‍රිම ලෙස තනා ඔවුන්ගේ පියාසර කිරීම අනුකරණය කරන්නට ලිලියන්තාල් වසර ගණනක් අත්හදා බැලීම් කළා. ඔහු හා අනෙක් සමකාලීනයන්ගේ වැඩ ගැන පත්තර වාර්තා හා වෙනත් තොරතුරු රැස් කර ගත් රයිට් සොහොයුරෝ ඒ අයට හරි ගිය හා වැරදුණු තැන් ගැන දීර්ඝ වශයෙන් වාද විවාද කළා.

එරට අගනුවර වොෂිංටනයේ ස්මිත්සෝනියන් (Smithsonian) විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ ප‍්‍රකට විද්‍යාඥයකු වූ සැමුවල් ලැංග්ලි (Samuel Langley) වාෂ්ප බලයෙන් ක‍්‍රියා කරන, මිනිසුන් රහිත ගුවන් යානයක් නිපදවන්නට දැඩි උත්සහයක යෙදී සිටියා. ඔහුගේ උගත් බව හා සමාජ තරාතිරම නිසා මේ අත්හදා බැලීම්වලට මාධ්‍යවල ලොකු ප‍්‍රසිද්ධියක් ද ලැබුණා. එහෙත් ඔහුගේ එක ම යානයක් හෝ සාර්ථක ලෙස පියාසර කළේ නැහැ.

1896 වන විට නාමධාරී අමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ සයිමන් නිව්කෝම්බ් ද (Simon Newcomb) තර්කානුකූලව හා ගනිතානුකූලව “ඔප්පු කර” පෙන් වූයේ වාතයේ බරට වඩා වැඩි කිසිවක් ගුවන්ගත කිරීමට නොහැකි බවයි! ඔහු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් කීවේ ගුවන් යානයක් නිපදවීම කිසිදා සාර්ථක නොවන බවයි!

ඉතින් මේ පඬිවරුන් හා දැනමුත්තන් බැරි යයි සහතික කළ දෙයක් උත්සාහ කරන්නට කුඩා නගරයක බයිසිකල් කාර්මිකයන් දෙදෙනෙකු පෙළඹුණේ ඇයි? එයට එක එල්ලේ පිළිතුරක් නැහැ. කුඩා කළ සිට හැම දෙයක් ම ප‍්‍රායෝගිකව කර බැලීමේ චරිත ලක්‍ෂණයත්, නොපසුබස්නා ධෛර්ත්, අසීමිත කුතුහලයත් නිසා රයිට් සොහොයුරෝ නිහඬව, තමන්ගේ පාඩුවේ පියාඹන යානයක් තැනීමේ පෞද්ගලික අත්හදා බැලීම් කරගෙන ගියා. ඒ ගැන දැන සිටියේ පවුලේ උදවියත්, වැඩපොළේ සේවකයනුත් පමණයි.

ඒ දක්වා ගුවන් යානා සැලසුම් කළ වෙනත් කිසිවකුට නොතිබූ දැනුමක් හා අත්දැකීම් සමුදායක් රයිට් සොහොයුරන්ට තිබුණා. එනම් බයිසිකල් සමබරව තබා ගැනීම (බැලන්ස් කිරීම) ගැන පුළුල් අවබෝධයයි. පොළොවෙන් ඉහළට එසවෙන ඕනෑ ම යානයක් සමබරව තබා ගැනීමේ වැදගත්කම ඔවුන් ඉතා හොඳින් දැන සිටියා.

ගුවන් ගත වන යානයක ක‍්‍රියාකාරිත්වයට තීරණාත්මකව බලපාන සාධක හතරක් ඔවුන් හඳුනා ගත්තා. ඒවා නම් එහි බර, එසවීම (lift), බාධාව (drag) හා තෙරපුම (thrust). පක්‍ෂීන් පියාසර කිරිමේදී ඔවුන් සහජයෙන් ලද හැකියාවත්, සොබාදහමින් ලැබුණු පියාපත් සැළසුමත් සංකලනය වී ක‍්‍රියා කරන සැටි මාස ගණනක් තිස්සේ ඉතා සමීපව ඔවුන් අධ්‍යයනය කළා. ඊට පසු එය අනුකරණය කරමින් විවිධ ග්ලයිඩර නිර්මාණය කළා.

මේ ග්ලයිඩර් පියාසර කරන්නට විවෘත අවකාශයන්, හොඳට සුළං හමන හා කඩා වැටුණොත් හානිය අවම වන මුහුදු වැල්ල හා නොගැඹුරු මුහුද අවට තැනක් අවශ්‍ය වුණා. උද්‍යොගය කෙතරම් තිබුණත් ආරක්‍ෂාව ගැන ඔවුන් කවදත් සැලකිලිමත් වුණා. එරට කාලගුණ සේවයෙන් ඔවුන් විමසීම් කළා එබඳු තැන් පිළිබඳව. ඒ අනුව වඩා හොඳ තැනක් ලෙස උතුරු කැරලයිනාවේ කිටි හෝක් (Kitty Hawk) නම් වෙරළා ප‍්‍රදේශය තෝරා ගෙන තාවකාලිකව එහි පදිංචියට ගියා.

මේ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් සපයා ගත්තේ තමන්ගේ ම කුඩා ව්‍යාපාරයෙන්. මදි පාඩුවට පියාගෙන් ණයක් ඉල්ලා ගත්තා. වෙනත් කිසිදු අනුග‍්‍රාහකයකු සොයා ගියේ නැහැ. අනුග‍්‍රාහකයන් සම්බන්ධ කරගත් විට මානසික පීඩනය හා බැඳීම් වැඩි වන නිසා.

1900දී උතුරු කැරලයිනාවට පැමිණි මේ දෙන්නා වසර තුනක් තමන්ගේ අත්හදා බැලීම් කළා. හෑම පසුබෑමක් ම දැඩි ලෙස ස්වයං විවේචනය කරමින් සංකල්පමය හා ප‍්‍රායෝගික ඉදිරි ගමනක යෙදුණා.

පියාසර යානයට අවශ්‍ය බලය ලබා ගන්නට සැහැල්ලූ එන්ජිමක් තනා ගැනීමේ අභියෝගයට රයිට් සොහොයුරන් මුහුණ දුන්නා. මෝටර් තාක්‍ෂණය ප‍්‍රාථමික මට්ටමක පැවති ඒ කාලයේ එය ලෙහෙසි වුයේ නැහැ. ඔවුන්ගේ “ලොකු බාස්” චාලි ටේලර්ගේ උදව්වෙන් අවශ්‍ය විදියේ කුඩා එන්ජිමක් තනා ගත්තා.

1903 මැද වන විට එන්ජිම ද සවිකළ පියාසර යානයක සැබෑ ප‍්‍රමාණයේ ආකෘතියක් නිර්මාණය කළ ඔවුන් එයට බුද්ධිමය හිමිකම පතා පේටන්ට් ඉල්ලූම්පතක් අදාල රාජ්‍ය ආයතනයට යොමු කළා. එහෙත් ඒ වන විට ගුවන් යානා සැලසුම් ගැන කෙළවරක් නැති ඉල්ලූම්පත් ලැබෙමින් තිබු නිසා අමෙරිකානු පේටන්ට් කාර්යාලය එය නැවත හරහා එව්වේ “මේක හදන්න බැරි යන්ත‍්‍රයක්” කියමින්. එහෙත් රයිට් සොහොයුරෝ එයින් අධෛර්්‍යය වුණේ නැහැ.

ඔවුන්ට ගුරුහරුකම් දෙන්නට උගතුන් සිටියේ ද නැහැ. එය ඔවුන්ට ආශිර්වාදයක් හා වාසියක් වුණා. වැඩක් කරන අතරේ මාධ්‍ය හා මහජන අවධානය යොමු වීම අහිතකර බව ඔවුන් විශ්වාසය කළා.

එහෙත් ඔවුන්ගේ ප‍්‍රබල ම තරඟකරුවා වූ සැමුවෙල් ලැංග්ලි තමන්ගේ උගත්කම හා සිවිල් බලය යොදා ගෙන අගනුවර ජාතික මාධ්‍යවලින් සෑම අත්හදා බැලීමක් ම වාර්තා කිරීමට කටයුතු කළා. එහෙත් පිට පිට කඩා වැටෙන මේ උත්සාහයන් නිසා ලැංලිගේ විකාර (Langley’s Folly) නමින් මාධ්‍යවලින් ඔහුට විකට නමක් ද පටබඳිනු ලැබුවා!

මිනිස් වාසය අඩු, පහසුකම් සීමිත දුර බැහැර තැනකට වී රයිට් සොොහයුරන් කළ දුෂ්කර කාර්යයේ සාර්ථක ප‍්‍රතිඵල ලැබුණේ 1903 අගදි. 1903 දෙසැම්බර් 17 පැහැබර උදාසන ලෝක ඉතිහාසයේ මුල් ම සාර්ථක ගුවන් ගමන කරන්නට ඔවුන්ට හැකි වුණා. තනි මිනිසකුට දිගා වී හැසිරවීමට හැකි ලෙසින් තනා තිබු “The Flyer” මේ මුල් ම ගුවන් යානයෙන් ඓතිහාසික මංගල චාරිකාව ගියේ ඕවිල් මල්ලි. ඒ අසිරිමත් අවස්ථාව දැක ගත්තේ විල්බර් අයියාත්, අවට තිබූ ජිවිතාරක්‍ෂක මුරපොළක සේවක පිරිසක් පමණයි.

මුල් ම ගුවන්ගමන ඉතා කෙටි එකක්. යානය වේගවත්ව වැල්ලේ දිව ගොස් ගුවන්ගතව සිටියේ තත්පර 12යි. ඒ කාලය තුළ අඩි 120ක් (මීටර් 36.5ක්) දුර ගමන් කළා. යාන්ත‍්‍රික ගුවන් යානයක් එන්ජින් බලයෙන් සාර්ථකව ගුවන්ගත වූ මුල් ම අවස්ථාව එයයි.

First successful flight by Wright brothers on 17 Dec 1903

නිරීක්‍ෂකයන් කිහිප දෙනා අතර සිටි ජෝන් ඩැනියල්ස් නම් පුද්ගලයා එවකට තිබු වරකට තනි සෝයාරුවක් ගත හැකි කැමරාවකින් මේ ඓතිහාසික අවස්ථාව ජායාරූප ගත කළා. එබන්දක වැදගත්කම රයිට් සොහොයුරෝ දැන සිටියා. එදින ම දහවල් වන විට තවත් කිහිප වතාවක් සාර්ථක කෙටි ගුවන් ගමන්වල යෙදුණු ඔවුන් තමන්ගේ නිර්මාණයේ ක‍්‍රියාකාරිත්වය මනා සේ තහවුරු කළා.

ඉතින් ඊට පස්සේ?

ඉනික්බිති සිදුවීම් ද නව නිපැයුම්කරුවන් මුහුණ දෙන සමාජ අභියෝග සංකේතවත් කරනවා. එදින ම සවස රයිට් සොහොයුරෝ තමන්ගේ වික‍්‍රමය ගැන කියා සිය පියාට ටෙලිග‍්‍රෑම් එකක් යැව්වා. මේ ආරංචිය නගරයේ පුවත්පතට රයිට් පවුල ලබා දුන්නත් කතුවරුන් එය එතරම් විශ්වාසය නොකළ බව පෙනුණා.

රට පිළි ගත් මහා උගතුන්ටත් බැරි වූ දෙයක් අපේ විංකල් කොලූවන්ට ඇත්තට ම කළ හැකි ද යන විමතිය ඔවුන්ට මතු වන්නට ඇති. ඔවුන් ප‍්‍රවෘත්තිය පළ කළේ ප‍්‍රමුඛතාවයක් නොදී කුඩාවටයි!

ඉදිරි සති කිහිපය තුළ වැඩි ජන පිරිසක් අබියස නැවත නැවතත් තම ගුවන් යානය පියාසර කළ පෙන් වූවත් මෙබන්දක් ඇත්තට ම සිදු වන බව එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ විද්වතුන් හා මාධ්‍ය පිළි ගන්නට ටික කලක් ගත වුණා. අමෙරිකානු පේටන්ට් කාර්යාලය කෙතරම් නිර්දය ලෙස නිලධාරිවාදය මතු කළා ද යත් රයිට් සොහොයුරන්ගේ සාර්ථක සැලසුම දිගින් දිගට ම නොතකා හැරියා. අමෙරිකානු පේටන්ට් එකක් ලැබුණේ 1906 මැයි මාසයේයි.

මුල් ම සාර්ථක ගුවන් ගමනින් පසු තම නව නිපැයුම රටට හා ලෝකයට ඒත්තු ගැන්වීමේ අභියෝගය රයිට් සොහොයුරෝ හොඳින් ජය ගත්තා. ඕවිල් අමෙරිකාවේ රැඳී සිටිමින් නිපැයුම් ප‍්‍රවර්ධනය කරද්දී විල්බර් යුරෝපයේ සංචාරය කරමින් විද්‍යාත්මක හා ව්‍යාපාරික සබඳතා සවිමත් කළා. ගුවන් යානය නිපදවීමට දැඩි ලෙස උත්සාහ කළ යුරෝපීය නිපැයුම්කරුවන් කිහිප දෙනෙකු පසුව රයිට් සොහොයුරන් සමඟ සුහදව හා සහයෝගයෙන් කටයුතු කළා.

මාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම ද ඔවුන්ට අභියෝගයක් වුණා. යුරෝපයේ පුවත්පත් ඔවුන් ගැන ඉහළින් වර්ණනා කරද්දීත් සිය රටේ සමහර පුවත්පත් ඔවුන්ගේ හපන්කම් හෑල්ලූ කිරීම ගැන ඔවුන්ට යම් කම්පාවක් හට ගන්නට ඇති. එහෙත් තහවුරු කළ තම නිපැයුම ගැන විවෘතව කථා කරන්නට ඔවුන් සැම විට සූදානමින් සිටි අතර අසාධාරණ හෝ ද්වේෂ සහගත මාධ්‍ය විවේචන නොතකා හැරියා.

පොදුවේ ගත් විට රයිට් සොහොයුරන්ගේ ජීවිත කථාවෙන් අපේ නව නිපැයුම්කරුවන්ට බොහෝ දේ උගත හැකියි. එක ලොකු පාඩමක් නම් නව නිර්මාණයක් තහවුරු කිරීමෙන් තමන්ගේ ගමන නතර නොවන බවයි.

Malima Episode #13: Have a good night – and a cool glass of water!

Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation. This episode was produced and first broadcast by Sri Lanka’s Rupavahini TV channel on 27 September 2012.

Malima: Episode 13 (first broadcast 27 Sep 2012) from Nalaka Gunawardene on Vimeo.

Produced by Suminda Thilakasena and hosted by science writer Nalaka Gunawardene, this episode features the following items:

• An interview with inventor Nalaka Chandrawansa, who has developed an energy-efficient fan that can be fitted under a mosquito net. It consumes less than 20W to operate, compared with table fans (average 45W) and ceiling fans (average 70W), accumulating power savings. And because the compact fan provides a more targeted stream of air that cools the sleeper on the bed, it also does not stir dust elsewhere in the room that sometimes causes health problems. This innovation has been grated a Sri Lanka Patent, certified by Sri Lanka Sustainable Energy Authority and won a President’s Award in 2010. It is manufactured and marketed by the inventor himself. Details at: http://www.freshnight.net

• Introducing Sri Lanka’s indigenous technology: kedella karuwa, a simple tool for sweeping outdoors, which might have inspired the rake.

• A Japanese company has recently introduced the innovative ‘Grappa’ foldable shopping bag — which also doubles as a safety helmet in the case of a disaster. It is made of mesh fabric sides, much like a standard reusable shopping bag, but the bottom consists of hard plastic and expanded polystyrene (EPS), which is often found in safety helmets to absorb impact. More about this at: http://www.springwise.com/health_wellbeing/japanese-eco-friendly-shopping-bag-doubles-safety-helmet/

• An interview with schoolboy inventor Therusha Chethana Fernando, a student of De Mazenod College, Kandana, Sri Lanka. He has developed a portable water cooler that can chill water to 5 degrees C below outside temperature without using refrigeration technology or electricity. Instead, the simple device uses a permeable clay container and a battery-powered small fan. With 3 litres of water filled, the entire unit weighs 4 kg, easy enough to carry around.

සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

In this week’s Ravaya column (in Sinhala), published in issue for 7 Oct 2012, I share my impressions of Sahasak Nimawum, the first national inventors exhibition of Sri Lanka held on Sep 30, Oct 1 and 2 in Colombo.

Organised by Sri Lanka Inventors Commission, it brought together over 900 innovations – including some 400 by school children from around the island.

I spent many hours at the exhibition, talking to dozens of exhibitors and taking hundreds of photos. Clearly, I can only share a few overall impressions in a column like this. I’ll be using the other info in my future writing aimed at critically cheerleading innovation in Sri Lanka.

Sahasak Nimawum 2012 entrance – photo Janaka Sri Jayalath

සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයේ තෙදින ම මා හැකි තරම් කල් එහි ගත කරමින් 900කට අධික ප‍්‍රදර්ශන කුටිවලින් බහුතරයක් නැරඹුවා. හැකි හැම විටෙක ම නව නිපැයුම්කරුවන් සමඟ ඔවුන්ගේ නිර්මාණ ගැන කථා බහ කළා. මේ තොරතුරු ගවේෂණය නව නිපැයුම් ගැන මා කරන මාධ්‍ය කටයුතුවලට ප‍්‍රයෝජනවත් වන අතරේ එය මගේ දැක්ම පුළුල් කිරිමටත් දායක වුණා.

නව නිපැයුම් තේමාව යටතේ පමණක් ජාතික මට්ටමින් මෙබඳු ප‍්‍රදර්ශනයක් පැවැත්වු ප‍්‍රථම වතාව මෙයයි. මෙරට නව නිපැයුම් එක් තැන් කැරෙන විවිධාකාරයේ ප‍්‍රදර්ශන පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) තම වාර්ෂික සැසිවාරයට අනුබද්ධිතව ඔක්තෝබරයේ පවත්වන Techno ප‍්‍රදර්ශනයේ විශේෂ අංගයක් වන්නේ නව නිපැයුම්කරුවන්ගේ තරඟයයි. ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS), ඇතැම් සරසවි හා ප‍්‍රධාන පෙළේ පාසල් ද නව නිපැයුම් තරඟ හා ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. මේ සියල්ල ප‍්‍රශංසනීයයි.

එහෙත් රාජ්‍ය ආයතනයකට ඇති පුළුල් කැඳවීමේ හැකියාව (convening power) ඔවුන්ට නැහැ. සහසක් නිමැවුම් සඳහා දීපව්‍යාප්ත නියෝජනයක් ලබා ගන්නට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එම හැකියාව දක්‍ෂ ලෙස භාවිත කළා. තොරතුරු ඒකරාශි කිරීමේ හා බෙදා හැරීමේ යම් අඩුපාඩු තිබුණත් ප‍්‍රථම උත්සාහයක් හැටියට සහසක් නිමැවුම් පිළිබඳව අපේ ප‍්‍රණාමය කොමිසමේ සමස්ත කාර්ය මණ්ඩලයට ම හිමි වියු යුතුයි.

සහසක් නිමැවුම් අත්විඳි මගේ නිරීක්‍ෂණ කිහිපයක් තිබෙනවා. ප‍්‍රදර්ශනයේ මා සිත්ගත් නව නිපැයුම් ගැන වෙන වෙන ම විස්තර කරනු වෙනුවට මෙබඳු කොලමකින් කළ හැක්කේ ප‍්‍රවණතා ගැන සටහනක් කිරිමයි.

ප‍්‍රදර්ශනය ජාතික වශයෙන් වැදගත් කෙෂත‍්‍ර 7කට තේමා වශයෙන් ගොනු කර තිබුණා. එනම් ආබාධිත පුද්ගලයන් වඩාත් ස්වාධීන කිරීම, ආහාර පාන, පරිසර සංරක්‍ෂණය, බලශක්ති විසඳුම්, පොදුජන ආරක්‍ෂාව, අධ්‍යාපනික උපකාරක, හා පිටරටින් ගෙන්වන දේට නිසි ආදේශක. නිල මට්ටමින් මෙසේ වර්ග කළත් බොහෝ නව නිපැයුම්කරුවන් කරන්නේ තමන් අවට පරිසරයේ හා ජන සමජයේ ප‍්‍රශ්න විසඳන්නට තැත් කිරීමයි.

දිගු කලක් ලක් සමාජයේ නිසි අවධානයට ලක් නොවූ ආබාධිත පුද්ගලයන්ගේ සුවිශේෂී අවශ්‍යතා ගැන නව නිපැයුම්කරුවන් දැන් වැඩියෙන් ප‍්‍රතිචාර දක්වනවා. වැඩි දියුණු කළ කිහිලිකරු, අතක ඇඟිලි අහිමි අයට දෘඩ ග‍්‍රහනය (grip) ලබා දෙන උපාංග, කෘත‍්‍රිම අත් හා පාද ආදීය දේශිය අමුද්‍රව්‍ය යොදා නිපදවීමේ උත්සාහයන් කිහිපයක් තිබුණා. වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා අනෙක් විද්වතුන් බහුතරයක් ආබාධ ඇති අයගේ අවශ්‍යතා දිගින් දිගට නොතකා හරින රටක නව නිපැයුම්කරුවන් ඒවාට විසඳුම් සොයා යාම අගය කළ යුතුයි.

මා දුටු බොහෝ නව නිපැයුම් විප්ලවකාරී නොවූවත් පුද්ගල හෝ නිවෙස් මට්ටමින් එදිනෙදා දිවියේ ආයාසය අඩු කොට ආරක්‍ෂාව ද වැඩි කළ හැකි ආකාරයේ දියුණු කිරිම්. බිම් මට්ටමේ නවෝත්වාදනය ගැන ලොව ප‍්‍රමුඛ පෙළේ විශේෂඥයකු වන ඉන්දියානු ආචාර්ය අනිල් කේ. ගුප්ත පුන පුනා කියන්නේත් අපේ වැනි රටවලට වැඩිපුර ම අවශ්‍ය මේ ආකාරයේ නිපැයුම් බවයි.

Jaffna school girls presenting one of their inventions – Photo by Janaka Sri Jayalath

ගෘහනියන්ට, ගොවීන්ට, කම්කරුවන්ට හා අනෙක් වැඩ කරන ජනතාවට සුළු මට්ටමින් හෝ සහනයක් හා වියදම් ඉතිරි කිරීමක් ගෙන දිය හැකි, නොවිසඳුණු අභියෝග ගැන 2012 ජනවාරි 8 කොලමින් මා විග‍්‍රහ කළා. මේ අභියෝග සමහරකට අපේ පාසල් දරුවන් හා වැඩිහිටි නිපැයුම්කරුවන් දැන් ප‍්‍රතිචාර දක්වනවා. පේටන්ට් මට්ටමට යා හැකි වූවත් – නොවූවත්, පොදු උන්නතිය සළකා බලා මේවා හැකි තාක් ප‍්‍රවර්ධනය කළ යුතුයි.

බුද්ධිමය හිමිකම් රැක ගැනීම හැම නිපැයුම්කරුවකුගේ ම අයිතියක් හා වගකීමක්. එහෙත් අප ගිය සතියේ කථා කළ පරිදි මෙරට ඇතැම් නිපැයුම්කරුවන් පේටන්ට් හඹා යාම උන්මාදයක් කර ගෙන තිබෙනවා. පේටන්ට් එකතු කිරිමෙන් ඔබ්බට නොයන නිපැයුම්කරුවන්ගේ ඔවුන්ට හෝ සමාජයට හෝ එතරම් ප‍්‍රයෝජනයක් නැහැ.

අපේ වැනි රටක වසරකට පේටන්ට් නිකුත් කැරෙන සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු නමුත් එ්වා වෙළඳපොළට හෝ සමාජයට ගෙන ඒම ගැන මීට වඩා උනන්දුවක් ද තිබිය යුතුයි. එමෙන්ම මාධ්‍ය හරහා සහ මහජන ප‍්‍රදර්ශන ඔස්සේ සිය නව අදහස් රටට ඉදිරිපත් කිරීමටත්, ඒ ගැන විචාරයන්ට නිසි ප‍්‍රතිචාර දීමටත් හැකි පෞරුෂය අපේ නිපැයුම්කරුවන් තුළ ඇති කළ යුතුයි.

ප‍්‍රදර්ශනයේ සිය නිර්මාණ පෙන් වූ 400ක් පමණ පාසල් දරුවන් අතර උතුරු නැගෙනහිර පළාත්වලින් ආ දරුවන් රැසක් ද සිටියා. යුද්ධය පැවති කාලයේ ඉතා දුෂ්කර දිවි ගෙවූ ඔවුන් හැම සම්පතක් ම සකසුරුවම් ලෙසින් ප‍්‍රයෝජනයට ගන්නට පෙළැඹුණු බව අනුමාන කළ හැකියි.

එකල විදුලි බලය නොමැතිව, බැටරි අලෙවිය ද තහනම් වූ නිසා බයිසිකල් ඩයිනමෝ හරහා රේඩියෝ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළ බව මා අසා තිබුණා. බලශක්තිය, ආහාර කල් තබා ගැනීම, කුඩා කර්මාන්ත ආදී ක්‍ෂෙත‍්‍ර රැුසකට උපකාර වන නව අදහස් ත‍්‍රිකුණාමලය, මන්නාරම, යාපනය හා මඩකලපුව දිස්ත‍්‍රිකක්වලින් ආ පාසල් සිසුන් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ඉංග‍්‍රීසි බස හැසිරවීමත්, පෞරුෂයත් ඇතැම් දකුණේ පාසල් දරුවන්ට වඩා ඉහළයි. මේ නිර්මාණශීලිත්වය නිසි මඟට යොමු කිරීම අප කාගේත් වගකීමක්.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශන කුටි සිය ගණනක් අතර සැරිසරු මට විවිවධාකාරයේ චරිත මුණ ගැසුණා. ඉතා වැඩි දෙනෙකු මගේ සුහද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ උද්‍යොගයෙන්. එහෙත් පාසල් සිසුන් ගණනාවකගේ නව නිමැවුම් එක් රුස් කළ එක් තැනෙකදී පමණක් ඒ විවෘත බව තිබුණේ නැහැ. මාධ්‍ය භාවිතය සඳහා ජායාරූප ගැනීම පවා ඔවුන් ප‍්‍රතික්‍ෂෙ කළා. එහි සිටි පාසල් දරුවන් කීවේ තමන්ගේ අදහස් “කොල්ලකෑම වළක්වන්නට” එසේ පියවර ගන්නා බවයි.

බුද්ධිමය හිමිකම් ගැන දැනුවත්වීම ඉතා හොඳයි. ඒත් මහජන ප‍්‍රදර්ශනයකට පැමිණ තොරතුරු බෙදා නොගෙන බදා ගෙන සිටීමේ තර්කානුකූල බවක් නැති බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. මෙය කොළඹ ආනන්ද විද්‍යාලයේ නිල ස්ථාවරය ද යන්න විමසන්නට ගුරුවරයකු හෝ වැඩිහිටියකු ඒ මොහොතේ එහි සිටියේ නැහැ.

අදහස් “කොල්ලකන්නට” එන්නේ කවුදැයි මා ඇසු විට එයට පිළිතුරු දීමට මේ දරුවන්ට හැකි නොවුවත්, ව්‍යාපාරිකයන්ගෙන් හා විදේශිකයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බව එක් අයෙක් යාන්තමට සඳහන් කළා.

ලක් සමාජයේ මෙබඳු “බිල්ලන්” ගැන පුළුල්ව පැතිර ඇති භීතිකාව දැන් කුඩා දරුවන්ටත් වැළදී තිබෙන බව පෙනෙනවා. එහෙත් බොහෝ දෙනෙකු නොදකින අදිසි උවදුරු ගැන ඉඟියක් ද ප‍්‍රදර්ශන කුටි සමහරෙක දී මට අසන්නට ලැබුණා.

පොතෙන් ඉහළට ඉගෙන සමාජ සම්මතයේ උගතුන් යයි කියන පිරිසක් සිටිනවා. බොහෝ නව නිපැයුම් බිහි වන්නේ ඒ උගතුන් හා වෘත්තීය පර්යේෂකයන් අතින් නොව සැබෑ ලෝකයේ ජීවන අරගලයේ යෙදෙන ගැහැණුන් හා මිනිසුන් අතින්.

මෙරට නව නිපැයුම්කරුවන් බහුතරයක් විද්‍යා උපාධිධාරීන් නොවෙයි. ඇතැම් දෙනා තාක්‍ෂණවේදීන් (technicians) හා කාර්මිකයන් (mechanics). තවත් සමහරුන්ගේ ජීවිකාව සම්පුර්ණයෙන් වෙනස් දෙයක්. මේ අය මතු කරන නව අදහස්, ප‍්‍රායෝගික නිපැයුම් දක්වා ගෙන යන්නට යම් විද්වත් දැනුමක් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. එහිදී මුල් සංකල්පයේ බුද්ධිමය හිමිකම් සුරැකෙන පරිදි ඒ මග පෙන්වීම ලැබිය යුතුයි. එහෙත් බොහෝ විට මෙරට සිදු වන්නේ පොතේ උගතුන්ගේ අධිපතිවාදයට නිපැයුම්කරුවන් නතු වී අසරණවීමයි!

සැබෑ අදහස් කොල්ලකෑම කලක් තිස්සේ සිදුවන්නේ අපේ සමහර සරසවි හා පර්යේෂණායතන තුළයි. (මේ ගැන සාක්ෂි මා ළඟ තිබෙනවා.) පොතෙන් උගත් අපේ උදවිය නව නිපැයුම්කරුවන් ගැන දක්වන අධිමාන ආකල්පය වෙනස් වන තුරු මේ දෙපිරිස අතර සාධාරණාත්මක (equitable) සහයෝගයක් ඇති වන්නේ නැහැ.

“ඔය මජං බාස් උන්නැහේලා සහ කම්මල්කාරයෝත් එක්ක අපි වගේ අයට පුළුවන් ද එකට වැඩ කරන්න?” ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රයේ ආචාර්ය උපාධි ලද මගේ මිතුරෙක් වරක් අවඥවෙන් කීවා. “මහන්සි වෙලා ඉගෙන ගත්තෙ නැත්නම් අපිත් එ් අය වගේ තමයි!”

ආචාර්ය අනිල් ගුප්ත වැනි පුළුල් දැක්මක් ඇති විද්වතුන් නැති අපේ රටේ මෙවැනි අධිපතිවාදීන් තමන්ට රිසි සේ නව නිපැයුම්කරුවන් සියුම් ලෙස ගසා කනවා. මේ ගැන හඬක් නැගීමට පවා නොහැකි තරමට අපේ නිපැයුම්කරුවන් අසරණයි. පේටන්ට් ඉල්ලූම්පත් ඇගැයීමට, සම්මාන විනිශ්චය කිරීමට රාජ්‍ය ආයතන හැම විට ම යොදා ගන්නේ පොතේ උගතුන්. මේ නිසා අධිපතිවාදය තවත් තහවුරු වනවා.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශනයේ තම නිපැයුම් පෙන් වූ සම්මානලාභී නිපැයුම්කරුවන් සමහරකුටත් මෙබඳු උගතුන්ගෙන් අයුතු යෝජනා ලැබී තිබෙනවා. “ඔබේ නිපැයුම ගැන ආචාර්ය උපාධියක් කරන්නට මගේ ශිෂ්‍යයකුට ඉඩ දෙන්න” යයි එක් උගතකු කියනවා. එබඳු බොහෝ අවස්ථාවල දැඩි උත්සහයෙන් නව අදහස් ගෙන ආ නිපැයුම්කරුවා පත් වන්නේ “පර්යේෂණ සහකාරක” මට්ටමට.

මේ අධිපතිවාදය ගැන විවෘතව සිය නමින් මාධ්‍ය හරහා කථා කරන්නට කිසිදු නිපැයුම්කරුවකු ඉදිරිපත් නොවන්නේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල වීමේ බියෙන්. ඇත්තට ම දරුවන් බිය විය යුත්තේ මේ උගත් මහත්-හොරුන් කරන බුද්ධිමය කොල්ලයන් ගැනයි.

වාර්ෂිකව ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයක් පවත්වන්නට කොමසාරිස් දීපාල් සුරියආරච්චිට ලොකු ඕනෑකමක් තිබෙනවා. ඉදිරි වසරවලට යෝජනාවක්: තමන්ගේ නිපැයුම් පෙන්වන හා අන් අයගේ නිපැයුම් බලන අතරේ නව නිපැයුම්කරුවන්ට නිරවුල් නීතිමය හා තාක්‍ෂණික මග පෙන්වීම ලබා දෙන සාකච්ඡ පැවැත්විය හැකි නම් අගෙයි.

අපේ ටෙලිවිෂන් නාලිකාවලින් මීට වඩා මෙබඳු ධනාත්මක තොරතුරු ආවරණය වීම ද අවශ්‍යයි. ඉඳහිට සම්මානයක් දිනු නිපැයුම්කරුවකු හුවා දැක්වීම පමණක් මදි. නවෝත්පාදනය වටා බැඳුණු ආර්ථික හා සමාජයීය සාධක ගැන දිගින් දිගට අප සමාජයේත්, මාධ්‍ය හරහාත් සංවාදයක් ගොඩ නැගිය යුතුයි.

තමන්ගේ නව අදහස් හා නිපැයුම්වල අභිමානය පවත්වා ගන්නා අතර සැබෑ හෝ මවා ගත් කොල්ලකෑම්වලට නිසි ආරක්‍ෂිත උපක‍්‍රම ගන්නට නිපැයුම්කරුවන් සවිමත් කළ යුතුයි. බදා ගන්නවා වෙනුවට බෙදා ගැනීම වටිනා බව ඔවුන්ට අප තර්කානුකූලව පහදා දීම අවශ්‍යයි.

Photos: ජනක ශ‍්‍රී ජයලත්

Asurumuni Didula Loliya, a student of Matugama St Mary’s College, shows his mobile colour light – Photo by Janaka Sri Jayalath

Surviving Chemicals and Making Sense of Them: Tips for Journalists

Despite the recent International Year of Chemistry (2011), chemicals don’t get good press in Sri Lanka. If at all they make it to the news, or become a current affairs topic, that is usually as a bad story: a chemical spill, water contamination or suspected pesticide residues in our food.

All these happen, and we should be concerned. But chemicals are everywhere in our modern lives — reducing drudgery, protecting us from disease and overall improving the quality of life. It’s all a question of balancing risks with benefits. Also discerning what we really need as opposed to what we want.

Focusing on bad news is the media’s typical approach, and demonising science and technology is common in many sections of our print and broadcast media. Such posturing also fits well into the prevailing narrative of the ‘whole world being out to undermine, destabilise and destroy us’. So chemical industries must be part of that ‘conspiracy’, no?

Many of Lanka’s environmental activists don’t allow facts and analysis to get in the way of a good scare story. Uncritical journalists and their editors often peddle their half-baked arguments and conspiracy theories unsupported by any evidence. Very few scientists speak out for science and reason.

So when the Centre for Environmental Justice (CEJ), a moderate advocacy group, invited me to talk to a group of journalists and broadcasters at a media workshop, I welcomed the opportunity.

I based my talk on five scientists each of who took on once-revered chemicals and formidable industry interests, all in the public interest. By showcasing these champions of public science, I wanted to show that there are honest, diligent scientists who engage in evidence-based advocacy. Not all scientists are part of some global conspiracy to poison us…

The five are those who worked tirelessly and left their mark in their discipline, and in how we look at chemical and environmental management:
Rachel Carson (1907 – 1964)
Alice Hamilton (1869 – 1970)
Sherwood Rowland (1927 – 2012)
Theo Colborn (1927 – )
Anil Agarwal (1947 – 2002)

I ended by urging journalists to look for credible and moderate scientists who are led by evidence, not conjecture or prejudice. Amplifying their voices is something we in the media are well positioned to do, but don’t do nearly enough.

Presentation to Media workshop on scientific reporting on chemical issues, organised by Centre for Environmental Justice in Colombo, 25 September 2012: