In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.
I talked about this at at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012. An English article based on my talk appeared in Ceylon Today a few days ago:
Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!
I have just written up similar views (NOT a translation!) for my weekend Sinhala language column in Ravaya broadsheet newspaper:

ආසියා පැසිෆික් කලාපයේ ජාතික විද්‍යා ඇකඩමි එකතුවේ ජාත්‍යාන්තර සමුළුවක් ඔක්තෝබර් 16-19 දිනවල කොළඹදී පැවැත් වුණා. එහි එක් අංගයක් ලෙස විද්‍යා සන්නිවේදන නායකත්වය ගැන එක් දින සැසිවාරයක් සංවිධානය කර තිබූ අතර විවිධ රටවලින් පැමිණි ආරාධිතයන් එය අමතා කථා කළා.
අපේ ජාතික විද්‍යා ඇකඩමියේ ඇරැයුමින් එයට සහභාගි වූ මට පසුව පෙනී ගියේ විද්‍යා සන්නිවේදනය ගැන ශී‍්‍ර ලංකාවෙන් කථා කළ එක ම දේශකයා මා බවයි. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල සත්කාරක රටේ දේශකයන් තෝරා ගන්නේ විවාදයට ලක් නොවන, ජාතිකත්වය මතු කරන ආකාරයේ ප‍්‍රවේශම් සහගත තේමාවක්.
එහෙත් ඇඟ බේරා ගෙන කථා කිරීමේ නිල අවශ්‍යතාවයක් හෝ වෘත්තිමය පුරුද්දක් හෝ මට නැති නිසා මෙරට පැන නැගී ඇති, විද්‍යා සන්නිවේදනයට ද බරපතල අභියෝග එල්ල කරන මාතෘකාවක් ගැන මා විවෘතව අදහස් දැක්වූවා. එනම් රජරටින් මතුව ආ නිදන්ගත වකුගඩු රෝගය හා එයට ලක් සමාජයේත්, මෙරට මාධ්‍යවලත් ප‍්‍රතිචාරයයි. අද මා ගොනු කරන්නේ ඒ වියත් සභාවට මා දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයක්.
2012 සැප්තැම්බර් 2 වනදා කොලමින් (වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව) මා කී පරිදි මෙය මාධ්‍යවලට ප‍්‍රබල මාතෘකාවක් වුවත් ලෙහෙසියෙන් ග‍්‍රහණය කර ගත හැකි දෙයක් නොවෙයි. වකුගඩු රෝගයේ හේතුකාරක විය හැකි සාධක ගණනාවක් ගැන තවමත් නොවිසඳුණු විද්‍යාත්මක වාද විවාද තිබෙනවා. එහෙත් සම්පූර්ණ සත්‍ය අවබෝධයක් මතු වන තුරු පිළියම් යෙදීම ප‍්‍රමාද කරන්නටත් නොහැකියි.
දැනටමත් රෝගාතුර වූ සියළු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සපයන අතර එම රෝගය වාර්තා වන ප‍්‍රදේශවල වෙසෙන සෙසු ජනයාට ප‍්‍රවේශම් විය හැකි ප‍්‍රායෝගික ක‍්‍රම සොයා දීම හා දැනුවත් කිරීම වැදගත්. මෙහිදී පිවිතුරු පානීය ජලය සැපයීමේ වැදගත්කම පිළි ගෙන තිබෙනවා.
වකුගඩු ශරීරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. රුධිරයේ බහිශ‍්‍රාවීය ද්‍රව්‍ය හා වැඩිපුර ජලය පෙරා වෙන් කොට බැහැර කිරීම නියාමනය කරන්නේත්, ඒ හරහා රුධිරයේ හා ශරීරයේ රසායනික සමතුලිතතාව පවත්වා ගන්නේත් වකුගඩු මගින්. එය දිවා රාත‍්‍රී කි‍්‍රයා කරන පෙරහනක් වැනියි.
සමස්ත සමාජය දෙස බැලූ විට ජන මාධ්‍යවල සමාජයීය භූමිකාවත් එයට සමානයි. නිවැරදි තොරතුරුත්, නිරවුල් විග‍්‍රහයනුත් සමාජයට ඉතිරි කරමින් සම්ප‍්‍රපලාපයන්, මුසාවන්, මිථ්‍යාවන් හා අනෙකුත් විකෘති කිරීම් බැහැර කිරීම මාධ්‍යවලින් සමාජය බලාපොරොත්තු වනවා.
රෝගී වූ වකුගඩුවලට ජෛව විද්‍යාත්මක කාර්යය හරිහැටි කරන්නට නොහැකි වනවා සේ ම ‘රෝගී’ වූ ජනමාධ්‍යවලට ද සිය සමාජ මෙහෙවර හරිහැටි කර ගත නොහැකි බව මගේ මතයයි. මෙය මා ඉංග‍්‍රීසියෙන් කීවේ “Mass kidney failure is followed by a mass media failure” කියායි.
මෙසේ කියන්නේ මෙරට සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍ය (පාරිසරික සගරා හෝ විශේෂිත වාර ප‍්‍රකාශන නොවේ) වකුගඩු රෝගය වාර්තා කරන ආකාරය ගැන කලක් තිස්සේ ඕනෑකමින් බලා සිටින, මේ ක්‍ෂේත‍්‍රයේ ම පය ගසා සිටින කෙනෙකු හැටියටයි.
මුද්‍රිත මාධ්‍ය ගත් විට, අන්තර්ගතය මූලිකව කොටස් තුනකට බෙදිය හැකියි. කර්තෘ මණ්ඩල සම්බන්ධයක් නැති, එහෙත් පැවැත්මට අවශ්‍ය වෙළඳ දැන්වීම් එක් කොටසක්. ඉතිරි කියවන අන්තර්ගතය තුළ ද මාණ්ඩලික ලේඛකයන් ලියන දේ මෙන් ම බැහැර සිට ලබා දෙන විද්වත් ලිපි තිබෙනවා. විද්වත් ලිපිවල මත දැක්වීම ඒවා ලියන අයගේයි. මා මෙහිදී අවධානය යොමු කරන්නේ කර්තෘ මාණ්ඩලික ලේඛකයන් අතින් ලියැවෙන මාධ්‍ය අන්තර්ගතය ගැනයි. මාධ්‍ය කලාවේ සාරධර්ම රැකීම වැඩිපුර අපේක්‍ෂා කරන්නේත් මේ සන්නිවේදන තුළයි.
පුවත්පත් කලාවේ මූලික සාරධර්මයක් ලෙස සැළකෙන්නේ සමබරතාවය රැකෙන පරිදි වාර්තාකරණය විය යුතු බවයි. එනම් ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් ගැන වාර්තා හෝ විග‍්‍රහ කරන විට එයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් ලබා දීමයි.
වකුගඩු රෝගය පිළිබඳ වාර්තාකරණයේදී අපේ ඇතැම් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය නාලිකා ක‍්‍රියා කර ඇත්තේ එබඳු පුළුල් විග‍්‍රහයක යෙදෙන අන්දමින් නොවෙයි. සංකීර්ණ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ග‍්‍රාහකයන්ට නොවලහා ඉදිරිපත් කොට අවසාන විනිශ්චය ඔවුන්ට භාර කරනු වෙනුවට තෝරා ගත් තොරතුරු හා මතවාදයන් කිහිපයක් පමණක් ප‍්‍රතිරාවය කරනු දැකිය හැකියි. එයට සමාන්තරව තමන් ප‍්‍රවර්ධනය කරන මතවාදයට වෙනස් වූ මතවලට හා එම මතධාරීන්ට සමච්චල් කිරීමත්, ඇතැම් විට වාග් ප‍්‍රහාර එල්ල කිරීමත් සිදු වනවා.
පරිසර සංරක්‍ෂණය හා මහජන සෞඛ්‍යය වැනි පොදු උන්නතියට සෘජුව අදාල තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන විට මාධ්‍යවේදීන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද?
කලක් තිස්සේ ලොව පුරා මාධ්‍ය සම්ප‍්‍රදායක් වූයේ මාධ්‍යවේදියාගේ පෞද්ගලික මතිමතාන්තර වාර්තාකරණයට මිශ‍්‍ර නොකළ යුතු බවයි. යම් මතවාදයක් හෝ අදහසක් පළ කරන්නට ඕනෑ නම් එය කතුවැකියට හෝ කතුවැකි පිටුවේ මත දැක්වීමට සීමා වුණා. එහෙත් 1970 දශකයේ පටන් සෞඛ්‍යය, පරිසරය හා මානව මානව හිමිකම් ආදී තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍යවේදියා දරණ ස්ථාවරය හා මතය ද යම් තාක් දුරට වාර්තාකරණයේ පිළිබිඹු වීම සාධාරණ යයි ප‍්‍රගතිශීලී මාධ්‍යකරුවන් අතර පිළි ගැනීමක් මතුව ආවා. මෙය ඉංග‍්‍රීසියෙන් advocacy journalism ලෙස හඳුන්වනවා.
නාගරික සිදුවීම් හා පුවත් මවන්නන් කේන්ද්‍ර කොට ගත් අපේ බොහෝ ජනමාධ්‍ය මුල් කාලයේ වකුගඩු රෝගය වාර්තා කලේ ඉඳහිට හා යාන්තමට. එය බොහෝ දෙනෙකුට බලපාන රෝගයක් බව පසක් වූ විට මේ තත්ත්වය වෙනස් වූවත්, තවමත් විවිධ මානයන් විග‍්‍රහ කරමින් සානුකම්පික වූත්, මැදහත් වූත් වාර්තාකරණයක් කරන්නට අපේ බොහෝ මාධ්‍ය සමත් වී නැහැ.
ඒ වෙනුවට වකුගඩු රෝගය සංත‍්‍රාසය දනවන හෙඩිම් සපයන හා හරිත ක‍්‍රියාකාරිකයන් සමහර දෙනෙකුගේ න්‍යාය පත‍්‍රයට අනුගත වන අන්දමේ මාධ්‍ය ”කට ගැස්මක්” බවට පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.
වකුගඩු රෝගය වාර්තාකරණයේදී ඉස්මතුව එන්නේ පොදුවේ අපේ ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ පවතින විසමතා හා දුර්වලතායි. එයින් සමහරක් නම්: ප‍්‍රශ්නයක විවිධ පැතිකඩ විපරම් කරනු වෙනුවට මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පෙර තේරීමක් කළ පැතිකඩ දෙක තුනකට පමණක් අවධානය යොමු කිරීමත අදාල පාර්ශවයන් කිහිපයක් සිටින අවස්ථාවක තෝරා ගත් දෙතුන් දෙනෙකුගේ මත පමණක් දිගට ම විස්තාරණය කිරීමත සහ සංකීර්ණ ප‍්‍රශ්නයක් උවමනාවට වඩා සරලව හා මතුපිටින් පමණක් කඩිමුඩියේ වාර්තා කිරීම හරහා ග‍්‍රාහකයන්ගේ මනස වඩාත් ව්‍යාකූල කිරීම.
එමෙන්ම තහවුරු කරගත් තොරතුරු මත වාර්තාකරණය පදනම් කර ගන්නවා වෙනුවට ඕපාදුප, කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් හා ප‍්‍රහාරාත්මක බස හැසිරවීම ද අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිතර දැකිය හැකියි.
මෙය අදහස් ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහසේ කොටසක් යයි යමකුට කිව හැකියි. තර්කයක් ලෙස එය සත්‍ය වුවත්, ආපදා හා වෙනත් හදිසි අවස්ථාවල විශාල ජන සංඛ්‍යාවක් විපතට හා දුකට පත්ව සිටින විට, එය කි‍්‍රකට් තරඟාවලියක් හෝ මැතිවරණයක් හෝ ගැන වාර්තා කරනවාට වඩා සංයමයකින් හා සංවේදීව කරනු ඇතැයි මාධ්‍ය ග‍්‍රාහකයන් අපේක්ෂා කරනවා.
මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ‍්‍ර ඉතා වටිනවා. බොහෝ දෙනෙකු කලක් තිස්සේ උත්සාහයෙන් ගොඩ නඟා ගත් සබඳතා තිබෙනවා. කඩිමුඩියේ දුරකථනයෙන් පවා තොරතුරක් විමසීමට, අදහසක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. එහෙත් මූලාශ‍්‍ර වන ඇතැම් දෙනාට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර ද තිබෙනවා. මාධ්‍ය හරහා තම මතවාද පතුරුවන්නට ඔවුන් තැත් කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. එහෙත් මූලාශ‍්‍රවලට ඕනෑ ලෙසට අවිචාරවත්ව ක‍්‍රියා නොකිරීමටත්, සමබරතාවය පවත්වා ගැනීමටත් මාධ්‍ය ආයතන ප‍්‍රවේශම් විය යුතුයි.
වකුගඩු රෝගයේ මාධ්‍ය වාර්තාකරණය කලක් තිස්සේ බලා සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයෙකු මට කීවේ මේ ගැන වාර්තාකරණයේදී අපේ බොහෝ මාධ්‍ය තම මූලාශ‍්‍රවලට බෙහෙවින් හෝ මුළුමනින් හෝ නතු වී ඇති බවයි. තර්කානුකූල නොවන, සාක්‍ෂි මත පදනම් නොවූ විග‍්‍රහයන් හා විනිශ්චයන් මහජනතාව අතරට යළි යළිත් ගියේ එනිසායි.
වාර්තාකරණයේ දුර්වලතාවල වගකීම මුළුමනින් මාධ්‍යවලට පැවරීමට ද නොහැකියි. උග‍්‍ර වෙමින් පවතින මේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ඛේදවාචකය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්වත් උපදෙස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය 2009-2011 කාලයේ අපේ විද්‍යාඥ කණ්ඩායම් 10ක් හරහා ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ විමසමින් පර්යේෂණ කළා. එය මේ දක්වා මේ ගැන සිදු කළ වඩාත් ම විස්තරාත්මක අධ්‍යයනයයි. එහි වාර්තාව මේ වසර මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. එය මෙතෙක් (2012 ඔක් 31 දක්වා) ප‍්‍රකාශයට පත් නොකිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ තත්ත්වය ව්‍යාකූලවීමට ඉඩ හැරියා.
මේ අතර WHO අභ්‍යන්තර වාර්තාවකැයි කියන, එහෙත් කිසිදු නිල ලක්ෂණයක් (ලිපි ශීර්ෂයක්, වැඩි විස්තර ලබා ගත හැකි ක‍්‍රමයක්) නොමැති, පිටු 3ක කෙටි ලේඛනයක් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු 2012 අගෝස්තු මස මැදදී මාධ්‍යවලට ලබා දුන්නා. එය WHOහි බව තහවුරු කිරීමක් හෝ විචාරයක් හෝ නොමැතිව ගෙඩි පිටින් ප‍්‍රකාශයට පත් කිරීමට අපේ ඇතැම් මාධ්‍ය පෙළඹුණා.
විද්‍යාත්මක කරුණක් ගැන අපේ මාධ්‍ය මෙතරම් අපරික්ෂාකාරී වන්නේ ඇයි? දේශපාලනික හෝ ක‍්‍රීඩා ආන්දෝලනයක් ගැන තහවුරු නොවූ ලේඛනයක් ලැබුණොත් මෙලෙසින් එය පළ කිරීමට කතුවරුන් සූදානම් ද?
මේ උද්වේගකාරී වාර්තාකරණය ගැන සාධාරණ ප‍්‍රතිතර්ක මතු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් මෙකී මාධ්‍ය විසින් ඉක්මනින් හංවඩු ගසනු ලැබුවේ ”පලිබෝධ නාශක සමාගම්වල මුදල් බලයට නතු වූවන්” හැටියටයි. එයට සාක්ෂි තිබේ ද? නැතිනම් කුමන්ත‍්‍රණවාදී තර්කයක් පමණ ද?
වසර 25ක් පුරා එදත් අදත් මා කියන්නේ පලිබෝධ නාශක, රසායනික පොහොර ඇතුළු සියළු නවීන විද්‍යාත්මක මෙවලම් ප‍්‍රවේශමින් පරිහරණය කළ යුතු බවයි. ඒවාට විරුද්ධවීමේ පූර්ණ අයිතියක් පරිසරවේදීන්ට තිබෙනවා. එහෙත් ඇතැම් පරිසරවේදීන් ප‍්‍රායෝගික විකල්ප යෝජනා නොකර, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා විද්වත් මතයන් විවේචනය කරන විට, එම තර්ක ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මැදහත් විද්වතුන්ගේ මත විමසීමට මාධ්‍යවලට වගකීමක් ද තිබෙනවා.
වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය ගැන සංවාදයේදී අවශ්‍ය තරමට සිදු නොවූයේ ද එයයි. ඒ වෙනුවට ජනතාව බියපත් කරවන, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන හා මැදහත් විද්‍යාඥයන්ට නිරපරාදේ චෝදනා එල්ල කරන වාර්තාකරණයක් අප දකිනවා.
මෙබදු වාර්තාකරණයකින් මානසික කම්පනයට පත් මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා මහාචාර්යවරයෙකු මට කීවේ මෙයයි: “එප්පාවල ඇපටයිට් නිධිය බහු ජාතික සමාගම්වලට දෙන්නට යන විට ප‍්‍රතිපත්තිමය හේතු මත එයට විරුද්ධ වීම නිසා මට මරණ තර්ජන පවා ලැබුණා. එසේ පොදු උන්නතියට ජීවිත කාලයක් ක‍්‍රියා කළ මට, ජනතාවට වස කවන ජාති ද්‍රෝහියකු යයි චෝදනා කරන්නේ ඇයි?”
මේ මහාචාර්යවරයාට දිගට ම අවලාද නගන ජාතික පුවත්පතක්, ඔහු යැවූ පිලිතුර පවා පළ කොට නැහැ. (පිළිතුරු දීමේ අයිතිය සුරැකීමට අපේ බොහෝ මාධ්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දෙනවා.) මේ මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥයන් රැසක් වකුගඩු රෝගයේ හේතුකාරක ගැන විවිධ කල්පිතයන් ගවේෂණය කරමින් සිටිනවා. ඔවුන්ගේ එක ම අරමුණ මෙහි අක්මුල් පාදා ගැනීමයි.
බලන්න: http://tiny.cc/CKDuMed
සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව