සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.

This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.

I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.

I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum
Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.

උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.

ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?

මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.

සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.

එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.

විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’

රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

Nalaka Gunawardene speaking at public forum on 9 June 2015
Nalaka Gunawardene speaking at public forum on 9 June 2015

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)

සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.

සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.

එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.

අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.

සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.

සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

Dr Harini Amarasuriya speaks at public forum
Dr Harini Amarasuriya speaks at public forum

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’

මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.

මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.

මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.

ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.

අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)

Bx44chNCUAACzb-

මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.

මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

Chandana Sirimalwatte speaks at the Forum
Chandana Sirimalwatte speaks at the Forum

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.

විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’

මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.

HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.

HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.

HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

Part of audience at Public Forum on June 9
Part of audience at Public Forum on June 9

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.

හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.

ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.

කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.

එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.

මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

Public Forum on June 9 - part of audience
Public Forum on June 9 – part of audience

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

 

සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article
Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa
The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902
Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha
Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi
Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine
Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines
This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947
Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/

 

Echelon June 2015 column: Sri Lanka – Unclear on Nuclear

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, June 2015 issue

Sri Lanka: Unclear on Nuclear

 By Nalaka Gunawardene

Sri Lanka's President Maithripala Sirisena meets Indian Prime Minister Narendra Modi in New Delhi, 16 Feb 2015
Sri Lanka’s President Maithripala Sirisena meets Indian Prime Minister Narendra Modi in New Delhi, 16 Feb 2015

Should Sri Lanka consider nuclear energy for its medium to meet its long term electricity generation needs?

This has been debated for years in scientific and policy circles. It has come into sharp focus again after Sri Lanka signed a bilateral agreement with India “to cooperate in peaceful uses of nuclear energy”.

Under the agreement, signed in New Delhi on 16 February 2015 during President Maithripala Sirisena’s first overseas visit, India will help Sri Lanka build its nuclear energy infrastructure, upgrade existing nuclear technologies and train specialised staff. The two countries will also collaborate in producing and using radioactive isotopes.

On the same day, a story filed from the Indian capital by the Reuters news agency said, “India could also sell light small-scale nuclear reactors to Sri Lanka which wants to establish 600 megawatts of nuclear capacity by 2030”.

This was neither confirmed nor denied by officials. The full text has not been made public, but a summary appeared on the website of Sri Lanka’s Atomic Energy Board. In it, AEB reassured the public that the deal does not allow India to “unload any radioactive wastes” in Sri Lanka, and that all joint activities will comply with standards and guidelines set by the International Atomic Energy Agency (IAEA), a UN body in which both governments are members.

According to AEB, Sri Lanka has also signed a memorandum of understanding on nuclear cooperation with Russia, while another is being worked out with Pakistan.

Beyond such generalities, no specific plans have been disclosed. We need more clarity, transparency and adequate public debate on such a vital issue with many economic, health and environmental implications. Yaha-paalanaya (good governance) demands nothing less.

Radiation_sign_cropped

 South Asia’s nuclear plans

The South Asian precedent is not encouraging. Our neighbouring countries with more advanced in nuclear programmes have long practised a high level of opacity and secrecy.

Two countries — India and Pakistan – already have functional nuclear power plants, which generate around 4% of electricity in each country. Both have ambitious expansion plans involving global leaders in the field like China, France, Russia and the United States. Bangladesh will soon join the nuclear club: it is building two Russian-supplied nuclear power reactors, the first of which will be operational by 2020.

India and Pakistan also possess home-built nuclear weapons, and have refused to sign the Treaty on the Non-Proliferation of Nuclear Weapons (NPT). Specifics of their arsenals remain unknown.

Both countries have historically treated their civilian and military nuclear establishments as ‘sacred cows’ beyond any public scrutiny. India’s Official Secrets Act of 1923 covers its nuclear energy programme which cannot be questioned by the public or media. Even senior Parliamentarians complain about the lack of specific information.

It is the same, if not worse, in Pakistan. Pakistani nuclear physicist Dr Pervez Hoodbhoy, an analyst on science and security, finds this unacceptable. “Our nuclear power programme is opaque since it was earlier connected to the weapons programme. Under secrecy, citizens have much essential information hidden from them both in terms of safety and costs.”

Safety of nuclear energy dominates the agenda more than four years after Japan’s Fukushima nuclear accident of March 2011. The memories of Chernobyl (April 1986) still linger. These concerns were flagged in a recent online debate on South Asia’s critical nuclear issues that I moderated for SciDev.Net. With five panellists drawn from across the opinion spectrum, the debate highlighted just how polarised positions are when it comes to anything nuclear in our part of the world.

Nuclear debate promo
Nuclear debate promo

Bottomline

The bottomline: all South Asian countries need more electricity as their economies grow. Evidence suggests that increasing electricity consumption per capita enhance socio-economic development.

The World Bank says South Asia has around 500 million people living without electricity (most of them in India). Many who are connected to national grids have partial and uneven supply due to frequent power outages or scheduled power cuts.

The challenge is how to generate sufficient electricity, and fast enough, without high costs or high risks? What is the optimum mix of options: should nuclear be considered alongside hydro, thermal, solar and other sources?

In 2013, Sri Lanka’s total installed electricity generation capacity in the grid was 3,290 MegaWatts (MW). The system generated a total electricity volume of 12,019.6 GigWatt-hours (GWh) that year. The relative proportions contributed by hydro, thermal and new renewable energies (wind, solar and biomass) vary from year to year. (Details at: http://www.info.energy.gov.lk/)

In a year of good rainfall, (such as 2013), half of the electricity can still come from hydro – the cheapest kind to generate. But rainfall is unpredictable, and in any case, our hydro potential is almost fully tapped. For some years now, it is imported oil and coal that account for a lion’s share of our electricity. Their costs depend on international market prices and the USD/LKR exchange rate.

Image courtesy Ministry of Power and Energy, Sri Lanka, website
Image courtesy Ministry of Power and Energy, Sri Lanka, website

Should Sri Lanka phase in nuclear power at some point in the next two decades to meet demand that keeps rising with lifestyles and aspirations? Much more debate is needed before such a decision.

Nuclear isn’t a panacea. In 2003, a study by the Massachusetts Institute of Technology (MIT) on the future of nuclear power traced the “limited prospects for nuclear power” to four unresolved problems, i.e. costs, safety, waste and proliferation (http://web.mit.edu/nuclearpower/).

A dozen years on, the nuclear industry is in slow decline in most parts of the world says Dr M V Ramana, a physicist with the Program on Science and Global Security at Woodrow Wilson School of Public and International Affairs at Princeton University. “In 1996, nuclear power contributed about 17.6% to the world’s electricity. By 2013, it was been reduced to a little over 10%. A large factor in this decline has been the fact that it was unable to compete economically with other sources of power generation.”

Safety issues

Beyond capital and recurrent cost considerations, issues of public safety and operator liability dominate the nuclear debate.

Take, for example, Pakistan’s recent decision to install two Chinese-supplied 1,100 MW reactors near Karachi, a megacity that packs almost Sri Lanka’s population. When concerned citizens challenged this in court, the government pleaded “national security was at stake” and so the public could not be involved in the process.

Dr Hoodbhoy is unconvinced, and cautions that his country is treading on very dangerous ground. He worries about what can go wrong – including reactor design problems, terrorist attacks, and the poor safety culture in South Asia that can lead to operator error.

He says: “The reactors to be built in Karachi are a Chinese design that has not yet been built or tested anywhere, not even in China. They are to be sited in a city of 20 million which is also the world’s fastest growing and most chaotic megalopolis. Evacuating Karachi in the event of a Fukushima or Chernobyl-like disaster is inconceivable!”

Princeton’s Dr Ramana, who has researched about opacity of India’s nuclear programmes, found similar aloofness. “The claim about national security is a way to close off democratic debate rather than a serious expression of some concern. It should be the responsibility of authorities to explain exactly in what way national security is affected.”

See also: India’s Nuclear Enclave and Practice of Secrecy. By M V Ramana. Chapter in ‘South Asian Cultures of the Bomb’ (Itty Abraham, ed., Indiana University Press, 2009)

Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu
Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu

 Nuclear Dilemmas

Putting the nuclear ‘genie’ back in the bottle may not be realistic. The World Nuclear Association, an industry network, says there were 435 commercial nuclear power reactors operating in 31 countries by end 2014. Another 70 are under construction.

Following Fukushima, public apprehensions on the safety of nuclear power plants have been heightened. Governments – at least in democracies – need to be sensitive to public protests while seeking to ensure long term energy security.

By end 2014, India had 21 nuclear reactors in operation in 7 nuclear power plants, with a total installed capacity of 5,780 MW. Plans to build more have elicited sustained protests from local residents in proposed sites, as well as from national level advocacy groups.

For example, the Kudankulam Nuclear Power Plant in Tamil Nadu, southern India — which started supplying to the national power grid in mid 2013 — has drawn protests for several years. Local people are worried about radiation safety in the event of an accident – a concern shared by Sri Lanka, which at its closest (Kalpitiya) is only 225 km away.

India’s Nuclear Liability Law of 2010 covers both domestic and trans-boundary concerns. But the anti-nuclear groups are sceptical. Praful Bidwai, one of India’s leading anti-nuclear activists, says the protests have tested his country’s democracy. He has been vocal about the violent police response to protestors.

Nuclear Power Plants in India - official map 2014
Nuclear Power Plants in India – official map 2014

Meanwhile, advocates of a non-nuclear future for the region say future energy needs can be met by advances in solar and wind technologies as well as improved storage systems (batteries). India is active on this front as well: it wants to develop a solar capacity of 100,000 MW by 2022.

India’s thrust in renewables does not affect its nuclear plans. However, even pro-nuclear experts recognise the need for better governance. Dr R Rajaraman, an emeritus professor of physics at Jawaharlal Nehru University in New Delhi, wants India to retain the nuclear option — but with more transparency and accountability.

He said during our online debate: “We do need energy in India from every possible source. Nuclear energy, from all that I know, is one good source. Safety considerations are vital — but not enough to throw the baby out with the bathwater.”

Rajaraman argued that nuclear energy’s dangers need to be compared with the hazards faced by those without electricity – a development dilemma. He also urged for debate between those who promote and oppose nuclear energy, which is currently lacking.

Any discussion on nuclear energy is bound to generate more heat than light. Yet openness and evidence based discussion are essential for South Asian countries to decide whether and how nuclear power should figure in their energy mix.

In this, Sri Lanka must do better than its neighbours.

Full online debate archived at: http://www.scidev.net/south-asia/nuclear/multimedia/live-debate-unclear-on-nuclear.html

Science writer Nalaka Gunawardene is on Twitter @NalakaG and blogs at http://nalakagunawardene.com.

සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

Gandhi quote on the press

“Journalism to be useful and serviceable to the country will take its definite place only when it becomes unselfish and when it devotes its best for the service of the country, and whatever happens to the editors or to the journal itself, editors would express the views of the country irrespective of consequences…”

Mahatma Gandhi said these words on 22 March 1925, when unveiling the portrait of S. Kasthuriranga Iyengar, the late Editor of The Hindu, at the newspaper’s Chennai office. These words summed up the basic tenets of true journalism that Gandhi believed in – and practised.

Besides being a political leader and social reformer, Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

Indian Opinion was bi-lingual (English and Gujarati). For some time it had also Hindi and Tamil sections. Young India had a Gujarati edition – Navajivan. Harijan was printed in several Indian language editions. These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists learn from Gandhi as a mass communicator and journalist/editor? I explore this in this week’s Ravaya column (published on 14 June 2015).

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Younger and mature Mahatma Gandhi
Younger and mature Mahatma Gandhi

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රතිසංවිධානය හා ප‍්‍රතිව්‍යුහකරණය ගැන සංවාද කැරෙන මේ දිනවල මාධ්‍ය බහුතරයක් ආචාර ධර්මීය නොවන ලෙසින් ක‍්‍රියා කිරීම ගැන කුමක් කළ හැකි ද යන්නත් සාකඡ්චා කැරෙනවා.

මාධ්‍ය ආචාර ධර්ම (media ethics) බටහිර රටවලින් අපේ වැනි රටවලට ආරෝපණය කරන තවත් බලපෑමක්ද? මේ ප‍්‍රශ්නය පසුගිය දිනෙක මගේ මාධ්‍යවේදී සිසුවකු අහිංසක ලෙසින් මතු කළා.

පුවත්පත් සඳහා ආචාර ධර්ම පද්ධතියක් මුල් වරට 1922දී ලේඛන ගත කළේ අමෙරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය (American Society of News Editors, ASNE) බව ඓතිහාසික සත්‍යයක්. http://goo.gl/X6sS8o

පසු කලෙක එය ලොව පුරා රටවල් තමන්ට ගැලපෙන පරිදි අදාළ කර ගත්තා. හොඳ දෙයක් කොතැනින් මතු වුවත් එය අගය කළ යුතුයි. මේ ඔස්සේ තව දුරටත් කල්පනා කරන විට මට සිහි වූයේ 20 වන සියවසේ මෙන්ම මිනිස් ඉතිහාසයේම මහා පුරුෂයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ පුවත්පත් ලේඛක හා කතුවර භූමිකාවයි.

20 වන සියවස මුලදී තරුණ ගාන්ධි තමන්ටම ආවේණික වූ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම රාමුවක් අනුගමනය කරමින් මාධ්‍ය හරහා සන්නිවේදනය කළා. ගාන්ධිගේ ජන සන්නිවේදන ශිල්ප ක‍්‍රම හා ආචාර ධර්ම විමසා බැලීමෙන් සියවසකට පසු අපට තවමත් ආදර්ශ ගත හැකියි.

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948) අප හඳුනන්නේ අවිහිංසාවාදීව ඉතිහාසයේ විශාල වෙනසක් කළ අයකු ලෙසින්. ශ්‍රේෂ්ඨ ආත්මය යන අරුත ඇති ‘මහත්මා’ නම් ගරු නාමය ඔහුට ලැබුණේ ජීවිතයේ මැදි වියේදී.

බි‍්‍රතාන්‍යයන් පාලනය කරන ඉන්දියාවේ ඉපදී අධිරාජ්‍ය පාලකයන්ගේ ඉංග‍්‍රීසි බස මනාව උගෙන, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව අධිෂ්ඨානශීලීව හා නිරායුධව අභියෝග කළ මේ පුංචි මිනිසා ඉතිහාසයේ අතිශය කලාතුරකින් හමු වන ආකාරයේ අසාමාන්‍ය චරිතයක්.

ගාන්ධිගේ ජීවිත කතාව අධ්‍යයනය කළ බොහෝ දෙනකු ඔහුගේ අවංක බව, ප‍්‍රතිපත්ති ගරුක බව හා භේද නොතකා සියලූ දෙනාට එක දේ සැලකීමේ ගුණය අගය කරනවා.

ඔහු මිලියන සිය ගණනක සාමාන්‍ය ඉන්දියානු ජනයා නිදහස උදෙසා සාමකාමී ලෙසින් කුළු ගැන්වූයේ හා දශක ගණනක අරගලය පුරාම සංවරව පවත්වා ගත්තේ කෙසේද?

එයට ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම උසස් සන්නිවේදන කුසලතාත් උපකාරී වූවා. ගාන්ධි නම් වූ විශිෂ්ඨ ජන සන්නිවේදකයා ගැන ඉන්දියාවේත්, ඉන් පිටතත් සන්නිවේදන පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරන්නේ මේ නිසා. ඔහුගේ මාධ්‍ය කලාවේ පැතිකඩ කිහිපයක් විමසා බලමු.

Gandhi mobilised millions, but was never a great orator
Gandhi mobilised millions, but was never a great orator

19 හැවිරිදි තරුණයකු ලෙස 1888දී ගාන්ධි එංගලන්තයට ගියේ නීතිය උගෙන නීතීඥයකු වීමටයි. මධ්‍යම පාන්තික වෙළද පවුල් පසුබිමකින් ආ ඔහුට ඉංග‍්‍රීසි බස ආගන්තුක නොවූවත් එංගලන්තයේ වෙනස් සමාජ පසුබිමට හුරු වන්නට ටික කලක් ගත වුණා. නීති දේශනවලට යොමුවන්නටත් පෙර පටන් ඔහු එරට පුවත්පත් නිතිපතා කියැවීමට පටන් ගත්තා.

ඉන්දියාවේ සිටියදී පුවත්පත් නොකියවූ තරුණ ගාන්ධි බි‍්‍රතාන්‍ය පුවත්පත් අගය කළා. රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ගැන අවබෝධයක් ලබන්නට පුරවැසියන්ට උදව් වන්නේ උසස් ගණයේ පුවත්පත් හා සඟරා පැවතීම බවත් නූතන සමාජයේ ජන මතය හසුරුවන්නට මේවාට ලොකු බලයක් ඇති බවත් ඔහු වටහා ගත්තා.

මුද්‍රිත ජන මාධ්‍ය ගැන ඔහු මෙසේ තරුණ වියේදී ඇතිකරගත් පැහැදීම හා විශ්වාසය ජීවිත කාලය පුරාම පැවතියා.

ගාන්ධිගේ සන්නිවේදන භූමිකාව අධ්‍යයනය කළ අහමදබාද්හි ගුජරාට් විද්‍යාපීඨ උපකුලපති සුදර්ශන් අයෙන්ගර් (Dr Sudarshan Iyengar) කියන්නේ මෙයයි. ‘‘ගාන්ධි ලිඛිත මාධ්‍යයට වඩා ළැදි වීමට තවත් හේතුවක් නම් ප‍්‍රසිද්ධ සභා අමතා කතා කිරීමට සහජයෙන් ඔහු තුළ තිබූ සබකෝලයයි. පරිණත වියේදී පවා ඔහු දක්ෂ කථිකයකු වූයේ නැහැ. කට වචනයෙන් සන්නිවේදනයට තමාගේ සීමා හඳුනා ගත් ඔහු ලිඛිත සන්නිවේදනයට හැකි තරම් කාලය හා ශ‍්‍රමය යෙදවූවා. සභා ඇමතීම බොහෝ විට කථිකත්වයෙන් තමාට වඩා දක්ෂයන්ට භාර කළා.’’

තම සබකෝලය ගැන ගාන්ධි සිය ආත්ම චරිතාපදානයේ (The Story of My Experiments with Truth, 1927) විවෘතව සාකච්ඡා කරනවා. පසු කලෙක වෘත්තීය නීතිඥයකු ලෙස උසාවි ඇමතීමට පෞරුෂය ගොඩ නගා ගත්තද ඔහු කිසි දිනෙක (නෙල්සන් මැන්ඩෙලා මෙන්) ජනකාන්ත වේදිකා කථිකයකු වූයේ නැහැ.

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there
Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

‘‘මේ සබකෝලය හඳුනා ගත් මා එය කෙමෙන් සවියක් බවට පත් කර ගත්තා. හරි තැනට ඔබින විදිහට හිටිවනම කතා කිරීමට නොහැකි වීම ගැන මුල් යුගයේ මා පසුතැවිලි වූවත්, පසුව මා තේරුම් ගත්තේ එය වාසියක් ද වන බවයි. මගේ සිතිවිලි දැඩි සංයමයෙන් හසුරුවා ගන්නටත්, කියන්නට ඇති දේ හැකි තාක් කෙටියෙන් කියන්නටත් මා පුහුණු වුණා. මේ නිසා මගේ මුවින් වල්පල්, අතිශයෝක්ති, හරසුන් කිසිවක් පිට වන්නේ නැහැ. යමක් කතා කරන විට මෙන්ම ලියන විටත් හැකි තාක් සංක්ෂිප්තව, සරලව හා ඍජුව වචන ගලපන්නට මා සැම විටම තැත් කරනවා. එසේම නිහඬ විය යුතු තැන්හිදී නිහඬවීමට ද මා දන්නවා.’’

අයෙන්ගර්ගේ අදහසට අනුව ගාන්ධිගේ පුවත්පත් කලාව ඉහත කී ආචාර ධර්මීය හා විනයානුකූල රාමුව තුළම සිදු වුණා. ගාන්ධි ලොව තිබූ විශාලතම අධිරාජ්යයට එරෙහිව රතිපත්තිමය අරගලයක් ගෙන ගියේ දැඩි පීඩන හා හිරිහැර මැදයි. එහෙත් කෙතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ආවේගශීලී නොවන්නටත්, සීරුවෙන් හා ආචාරශීලීව භාෂිත හා ලිඛිත රකාශ හසුරු වන්නටත් ඔහු රවේශම් වුණා. ඔහු දූරදර්ශී ජන නායකයකු වීමට මේ සන්නිවේදන ගුණාංග දායක වූවා.

ගාන්ධිගේ චරිත කතාව මෙසේ කැටි කළ හැක්කක් නොවෙයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔහුගේ ජන සන්නිවේදන ක‍්‍රියා ගැන පමණයි.

තරුණ වියේදී ගාන්ධි ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස හසුරු වන්නටත් ඉංග‍්‍රීසියෙන් ටයිප් කරන්නටත් උගත්තා. මේ හැකියාවන් සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ජීවිත කාලය පුරාම ප‍්‍රයෝජනවත් වුණා. සුද්දා සමග ගැටෙන්නට ඔහුගේ බස ඔහුටත් වඩා හොඳින් ප‍්‍රගුණ කිරීමේ අගය ගාන්ධි දැන සිටියා.

1891දී නීතිඥයකු ලෙස බි‍්‍රතාන්‍යයේ දිවුරුම් දුන් ගාන්ධි, සිය රට බලා ගියා. එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා.

1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා. වසරක කොන්ත‍්‍රාත්තුවක් මත ගියත් අන්තිමේදී ගාන්ධි වසර 21ක් (1893 – 1914) එරට ගත කළා. ඔහුගේ දේශපාලන හා සන්නිවේදන කුසලතාවන් වඩාත් ඔප් නැංවී ආයේ මේ අත්දැකීම් හරහායි.

ගාන්ධිගේ මේ ජීවන වකවානුව දෙරටේම දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. දශක ගණනකට පසු ඉන්දියාවේ සංචාරය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේ: ‘‘භාරතය අප වෙත මොහන්දාස් ගාන්ධි දායාද කළා. අප ඔහුව ආපසු මවු රටට එව්වේ මහත්මා ගාන්ධි ලෙසින්!’’ (“You gave us Mohandas; we returned him to you as Mahatma Gandhi.”)

දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානු සම්භවය ඇති මිනිසුන්ගේ මානව අයිතීන් උදෙසා පෙනී සිටීමටත්, එවකට එරට පාලනය තළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත් ගාන්ධි සිය විවේක කාලය කැප කළා.

එවකට එරට පැවති දේශපාලන හා සමාජ තන්ත‍්‍රයේ විසමතා හා අසාධාරණකම්වලට එරෙහිව නිරායුධ වුත්, ප‍්‍රතිපත්තිමය වුත් අරගලයක් ඔහු දියත් කළාග ජනයා දැනුවත් කිරීම හරහා ඔවුන් බලාත්මක කිරීමේ ප‍්‍රධාන ක‍්‍රමෝපායක් ලෙස ඔහු Indian Opinion නම් සඟරාවක් 1904දී ඇරැඹුවා.

Indian Opinion in 1913
Indian Opinion in 1913

Indian Opinion සඟරා කතුවරයා මන්සුක්ලාල් නසාර් නමැත්තකු වුවත් එහි කර්තෘ මණ්ඩල වගකීම් වැඩි ප‍්‍රමාණයක් ඉසිලූවේ ගාන්ධියි. එවකට දකුණු අපි‍්‍රකානු දේශපාලන යථාර්ථය ගැන ඒ වන විට ලබා ගෙන තිබූ අවබෝධයත්, කලක් බි‍්‍රතාන්‍ය පුවත්පත් කියැවීමෙන් ලත් ආභාෂයත් ඔහුට උපකාර වුණා.

අමාරුවෙන් පවත්වාගෙන ගිය මේ සඟරාවට කර්තෘමය දායකත්වයට අමතරව ගාන්ධි නීතීඥයකු ලෙස ඉපැයූ ආදායමින් කොටසක් ද යෙදවූවා. එක් අවස්ථාවක ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල සඟරාවේ නඩත්තුවට යොමු කළ බවත්, ඒ ගැන කණගාටුවක් නැති බවත් ආත්ම චරිතාපදානයේ කියනවා.

‘‘Indian Opinion සඟරාවට මා මුළු විවේකයම හා නිර්මාණශීලීත්වයම කැප කළා. එම වකවානුවේ මගේ ජීවිතය හා සිතුම් පැතුම් පිළිබඳ හොඳ කැඩපතක් බවට එය පත්වුණා. 1904-14 කාලයේ ඉඳහිට මා සිරගත වූ විට හැරෙන්නට හැම කලාපයකම අඩු තරමින් මගේ එක් ලිපියක් හෝ අඩංගු වුණා. සංකීර්ණ වූ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් පිළිබඳව හරබරව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමේ අසීරු කලාව මා ප‍්‍රගුණ කළේ මේ සඟරාවට ලිපි ලියූ හා අනෙක් ලිපි සංස්කරණය කළ කාලයේයි. එසේම පාඨකයන් හා කතුවරයා අතර මනා සබඳතාවක් ගොඩනංවා ගෙන පවත්වා ගන්නේ කෙසේද යන්නට මා හොඳ අත්දැකීම් ලැබුවා.’’

Gandhi's English hand writing, 1927
Gandhi’s English hand writing, 1927

මේ වකවානුව ගැන ආවර්ජනය කරමින් ගන්ධි මෙසේ ද ලියා තිබෙනවා. ‘‘Indian Opinion කර්තෘමය වගකීම් දැරූ මුල් මාසයේදීම මා හොඳ හැටි තේරුම් ගත්තේ පත‍්‍ර කලාවේ එකම අරමුණ විය යුත්තේ මහජන සේවය බවයි. පුවත්පතකට අති විශාල බලයක් තිබෙනවා. එය හොඳට මෙන්ම නරකටද යෙදවිය හැකියි. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතක් වුවද නිසි ලෙස පාලනය නොවූ ජල කඳක් නිසා ගම්බිම් හා කෙත්වතු වනසන ගංවතුරක් ඇති විය හැකියි. එසේම අසංවර වූ පෑනෙන් මහත් විනාශයක් කළ හැකියි. එනිසාවට එය සංවර කිරීමේ බලය පිටස්තර අධිකාරියකට භාර කළොත් (ප‍්‍රකාශන නිදහස නැති වී යන නිසා) එහි අහිතකර විපාක වැඩියි. අප කළ යුත්තේ පුවත්පත් කලාවේ ඉමහත් බලය අප විසින්ම සංවරයෙන් හා වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.’’

‘‘මේ අවශ්‍යතාව සපුරා ගන්නා පුවත්පත් හා සඟරා කීයක් ලොව තිබේද? ලොව හොඳ-නරක දෙකම හමු වනවා සේ පුවත්පත් කලාවේ ද හොඳ ප‍්‍රකාශන මෙන්ම නරක ප‍්‍රකාශන ද තිබෙනවා. මේ අතරින් හොඳ ප‍්‍රකාශන තෝරාබේරා ගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරයි.’’

මාධ්‍ය වගකීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සාක්ෂරතාව ගැන කොතරම් වැදගත් විග‍්‍රහයක්ද?ගාන්ධි ආත්ම චරිතාපදානයේ සිවු වන කොටසේ 13 වන පර්ච්ෙඡ්දයේ මෙය හමු වනවා.

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Also read:

Journalist Gandhi: Selected Magazine Writings of Mahatma Gandhi

Gandhi as Journalist

Gandhi the Editor, By B. R. Nanda, Chairman, National Gandhi Museum

Mahatma Gandhi And Mass Media, by Prof V S Gupta

 

 

 

සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

The National Summit for Media Reform in Sri Lanka was organised by the Ministry of Mass Media and Information, University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS) and held on 13 – 14 May 2015 at the Sri Lanka Foundation Institute, Colombo 7.

Its aim was “to maximise the contribution of all stakeholders in initiating and sustaining the process facilitating media structural reforms that will foster democracy, good governance and sustainable development in Sri Lanka”. It brought together high level reps from government, media industry, academia and civil society groups concerned with the state of our media.

Ahead of this, I was commissioned by the organisers to carry out a rapid assessment of the state of media in Sri Lanka using UNESCO’s Media Development Indicator framework – a globally used methodology adopted by the inter-governmental body in 2009. At the Summit opening plenary, I presented highlights of this study which was based on literature review and interviews.

To capture the diversity and disparities in the media sector,I used a well-loved Russian children’s story that was known in Sinhala translation as නොගැලපෙන රෝද — the story of one vehicle with different sized wheels, and how animal friends tried to make it move and when it proved impossible, how they put each wheel to a unique use…

This week’s Ravaya column (published on 17 May 2015) captures some of these highlights. I plan to write another one, with specific focus on the broadcast sector, in the coming weeks.

නොගැලපෙන රෝද කතාව
නොගැලපෙන රෝද කතාව

ශ‍්‍රී ලංකාවේ නූතන ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සියවස් දෙකක පමණ කාලයක් පුරා අනුක‍්‍රමයෙන් හා අවිධිමත්ව පරිනාමය වූවක්. එහි අඩුපාඩු හා දුර්වලතා රැසක් ඇති බව ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනකු පිළිගන්නවා.

දේශපාලන ප‍්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සංශෝධන ඉදිරියට ගෙන යන අතර හා අධිකරණ ස්වාධීනත්වය තහවුරු කරන අතර අපේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද ප‍්‍රතිසංවිධාන කළ යුතුව තිබෙනවා. එහෙත් එය පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින රජයේ විධායකයට හෝ පමණක් කිරීමට ඉඩ දීම ප‍්‍රකාශන නිදහසට හා මාධ්‍ය නිදහසට හානිකර විය හැකියි. එනිසා එය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් කළ යුතුයි.

මාධ්‍ය ප‍්‍රතිසංවිධානයේ ප‍්‍රමුඛතා හඳුනා ගන්නටත්, ගත යුතු පියවර ගැන යම් මූලික එකඟත්වයකට එන්නටත් ජාතික මාධ්‍ය සමුළුවක් (National Summit on Media Reforms) මැයි 13-14 දෙදින තුළ කොළඹ දී පැවැත්වුණා. එය සංවිධානය කළේ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), කොළඹ සරසවියේ මාධ්‍ය අධ්‍යයන අංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍ය හිමිකරුවන්, වෘත්තිකයන්, පර්යේෂකයන් හා ග‍්‍රාහකයන් මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ ක‍්‍රියාකාරිකයන් ද මේ සමුළුවට සහභාගී වුණා.

Karunaratne Paranavithana, Secretary to the Media Ministry of Sri Lanka, speaks during opening of National Media Summit in Colombo, 13 May 2015
Karunaratne Paranavithana, Secretary to the Media Ministry of Sri Lanka, speaks during opening of National Media Summit in Colombo, 13 May 2015

මාධ්‍ය සමුළුවට විද්වත් දායකත්වයක් ලෙසින් මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ කඩිනම් ඇගැයීමක් සති 6ක කාලයක් තුළ කිරීමට මට ඇරැයුම් කර තිබුණා. එයට රාමුව ලෙස තෝරා ගැනුනේ 2009දී අන්තර්-රාජ්‍ය මට්ටමින් ලෝක ප‍්‍රජාව පිළි ගත් යුනෙස්කෝවේ මාධ්‍ය උන්නති දර්ශක ක‍්‍රමවේදයයි (UNESCO’s Media Development Indicator framework).

රටක මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වත්මන් තත්ත්වය ගැන නෛතික, ප‍්‍රතිපත්තිමය, වෘත්තිමය, ආර්ථික හා අධ්‍යාපනික කෝණයන්ගෙන් විග‍්‍රහ කිරීමට එය උදවු වනවා. එසේම ආවේගීලී නොවී හා මතවාදයන්ට සීමා නොවෙමින් සාක්ෂි මත පදනම්ව ක්ෂේත‍්‍රය ගැන විග‍්‍රහ කරන්නට හැකියාව ලැබෙනවා.

මැයි 13 වනදා සමුළුවට මා ඉදිරිපත් කළේ එවන් ඇගැයීමකින් මතු වූ ප‍්‍රධාන නිරීක්ෂණයි. එය කෙටුම්පත් වාර්තාවක් ලෙස එදින සහභාගීවූවන්ට බෙදා දෙනු ලැබුවා. සංවාදයට හා වැඩි දියුණු කිරීමට තවමත් විවෘත මේ විග‍්‍රහයේ සම්පිණ්ඩනයක් එතැන නොසිටි අයගේ අවධානය සඳහා මා අද ඉදිරිපත් කරනවා.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන සරල උපමිතියක් (analogy) මට තිබෙනවා. අප කුඩා කාලයේ ආසාවෙන් කියැවූ රුසියානු ළමා කතාවක් වූයේ නොගැලපෙන රෝද කතාවයි. එකිනෙකට බෙහෙවින් වෙනස් ප‍්‍රමාණයෙන් යුතු රෝද හතරක් සහිත කරත්තයක් කැලේ සතුන් පිරිසකට හමු වනවා. ඔවුන් කෙතරම් තැත් කළත් මේ කරත්තය ඉදිරියට යන්නේ නැහැ.

අන්තිමේදී රෝද හතර ගලවා ගන්නා සතුන් එක් එක් රෝදවලින් වෙනත් ප‍්‍රයෝජන සඳහා ඒවා යොදා ගන්නවා. හැබැයි වාහනය මුලුමනින් කොට උඩ!

Stakeholders for media sector reforms in Sri Lanka...
Stakeholders for media sector reforms in Sri Lanka…

අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය ඒ කරත්තයට මොහොතකට සම කළොත්, එහි ලොකුම “රෝදය” වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්. පත්තර, රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් මාධ්‍ය හිමි ලක් රජයත් මෙරට ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවෙක්.

මීට සමාන්තරව පත්තර, ටෙලිවිෂන් හෝ රේඩියෝ ව්‍යාපාර ලෙස පවත්වා ගෙන යන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ හරහා රටේ ජනමතයට හා දේශපාලනයට අඩුවැඩි වශයෙන් බලපෑම් කරන්නට හිමිකරුවන්ට හැකියි. දිනපතා අප මාධ්‍ය හරහා ඔවුන් නොදුටුවත්, හිමිකරුවන්ගේ සෙවනැල්ල ප‍්‍රබලව මුළු ක්ෂේත‍්‍රය පුරා වැටී තිබෙනවා.

සමහර හිමිකරුවන් සියුම්වත් තවත් අය එළිපිටත් කරන දේශපාලන හා වාණිජමය උපක්‍රම සමනය කිරීමට නියාමනයක් තිබිය යුතුයි. ප්‍රකාශන නිදහස සීමා නොකර මෙය කිරීම ලොකු අභියෝගයක්.

මාධ්‍ය කර්මාන්තය රටේ පවතින නීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයක්. අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා ඔවුන් සම්බන්ධ කර ගත යුතුමයි. (මාධ්‍ය ජනසතු කිරීම වැනි ගෙවී ගිය දශකවල කළ දේශපාලන මෝඩකම්වල විපාක තවමත් අප අත්විඳින නිසා එබන්දක් කිසිසේත් නැවත සලකා බැලිය යුතු නම් නැහැ.)

මාධ්‍ය ‘කරත්තයේ’ දෙවැනි ලොකු “රෝදය” නම් දැන්වීම්කරුවන්, අනුග‍්‍රාහකයන් හා දැන්වීම් ඒජන්සියි. අද වෙළඳපොළ යථාර්ථය වන්නේ මාධ්‍ය නිෂ්පාදන වියදම බොහෝ දුරට පියවා ගන්නේ දැන්වීම් ආදායමින් වීමයි. මේ හරහා දැන්වීම්කරුවන්ට ලොකු බලපෑමක් මාධ්‍යවලට එල්ල කළ හැකියි. දැන්වීම් නැතිව බැරි වුවත් දැන්වීම් නමැති “වල්ගය” විසින් මාධ්‍ය නම් “සුනඛයා” වැනීමේ අහිතකර ප‍්‍රවණතාව සමනය කර ගත යුතුව තිබෙනවා.

Sri Lanka’s total advertising spend on the media was estimated at approximately LKR 77 billion in 2014 (=USD 587.23 million at Dec 2014 exchange rate)
Sri Lanka’s total advertising spend on the media was estimated at approximately LKR 77 billion in 2014 (=USD 587.23 million at Dec 2014 exchange rate)

මාධ්‍ය වෙළඳපොළ අධ්‍යයනය කරන නීල්සන් සමාගම සම්පාදිත දත්තවලට අනුව මෙරට සමස්ත මාධ්‍යවලට 2014දී ලැබුණු දැන්වීම්වල වටිනාකම රුපියල් බිලියන 77ක් වුණා. (ටෙලිවිෂන් සඳහා බිලියන 55යි, රේඩියෝවලට බිලියන 16, මුද්‍රිත මාධ්‍යවලට බිලියන 6යි). දැන්වීම් ලබා දෙන සමාගම් සමහරක් තමන්ට අහිතකර ප‍්‍රවෘත්ති වළක්වන්නටත්, හිතකර ප‍්‍රවෘත්ති වඩා පුළුල්ව ප‍්‍රචාරණය කරන්නටත් තැත් කරන බවට උදාහරණ එමට තිබෙනවා.

අපේ රටේ සමස්ත දැන්වීම් කලාව සඳහා නීතිමය නියාමනයක් හෝ ආචාර ධර්ම පද්ධතියක් හෝ නැති නිසා මෙබඳු විසමතා හා අකටයුතුකම් පාලනය කිරීමට ක‍්‍රමයක් නැහැ. (දුම්කොළ, මත්පැන්, සමහර ආහාරපාන හා බෙහෙත් ප්‍රචාරණයට නම් නීතිමය සීමා තිබෙනවා.)

එසේම බිලියන 71ක් වටිනා ටෙලිවිෂන් හා රේඩියෝ දැන්වීම් බෙදී යාමට පදනම ලෙස දැන්වීම් ඒජන්සි භාවිතා කරන ජනප‍්‍රියතාව මැනීමේ ක‍්‍රමවේදය (television & radio ratings) ගැන විද්‍යුත් මාධ්‍ය කර්මාන්තය තුළම බරපතල ප‍්‍රශ්න මතු වී තිබෙනවා. (එය ගැන වෙනම කතා කළ යුතුයි.)

තුන්වන “රෝදය” ලෙස මා දකින්නේ මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන පත‍්‍ර කලාවේදීන්, විද්‍යුත් මාධ්‍ය නිෂ්පාදකයන් හා ඔවුන්ගේ කතුවරුන්.

අභ්‍යන්තරයෙන් හා බාහිරින් එල්ල වන විවිධ බලපෑම් මැද අපේ රටේ මාධ්‍යවේදීන්ට කටයුතු කිරීමට සිදුව තිබෙනවා. මාධ්‍යවේදියා සමාජයේ ප‍්‍රතිරූපධාරී කෙනකු වුවත් ඔහු/ඇය බොහෝ විට වැඩ කරන පරිසරය හිතකර එකක් නොවෙයි. අඩු වැටුප්, සීමිත පහසුකම්, අධික වැඩ ප‍්‍රමාණයක් සමග පොර බදන අතර දේශපාලනික, වාණිජමය හා වෙනත් සමාජයීය ප‍්‍රවාහයන්ට නතු නොවී සිටීමට ලොකු වෙහෙසක් දැරිය යුතු වනවා.

හෘද සාක්ෂියට එකඟව, වෘත්තියේ ගරුත්වය රැක ගෙන ක‍්‍රියාකිරීමට මඟ පෙන්වන මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. (www.pccsl.lk/content/editors-code). කර්තෘ මණ්ඩල සංසදය කෙටුම්පත් කළ මෙය අවසන් වරට 2014දී සංශෝධනය කෙරුණා. එයට අනුව කරුණු මත පදනම් වී, ගවේෂණාත්මකව, පක්ෂග‍්‍රාහී හෝ අගතිගාමී නොවී මාධ්‍යකරණයේ නියැලිය යුතු බව කියැවෙනවා.

Full text: www.pccsl.lk/content/editors-code
Full text: http://www.pccsl.lk/content/editors-code

එහෙත් අධික තරගකාරීත්වය හා අනිසි ලෙස දේශපාලනීකරණය යන සාධක නිසා මාධ්‍යවල වෘත්තීය මට්ටම හා විශ්වසනීයත්වය (credibility and professionalism) මෑත කාලයේ බෙහෙවින් පලූදු වී තිබෙනවා. දේශපාලකයන්ට බය නැති, හිමිකරුවන්ගේ පදයට නැටීමට සූදානම් නොවූ, තම සගයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඞී. බී. ධනපාල, ගුණදාස ලියනගේ, මර්වින් ද සිල්වා වැනි පෞරුෂයකින් හෙබි කතුවරුන් අද කාලයේ දුර්ලභයි.

මාධ්‍ය අන්තර්ගතය පිරිහීමට තුඩු දෙන හේතු සමීපව හඳුනා ගත යුතුයි. අද අපේ මාධ්‍යකරුවන් සන්නිවේදනය කරන්නේ පොදු උන්නතිය හා සමාජ වගකීම් ඉටු කරන්නට නොව පටු අරමුණු ප‍්‍රවර්ධනයට බව පෙනෙනවා. යුද්ධය පැවති කාලයේත්, ඉනික්බිතිවත් අපේ රටේ සිංහල හා දෙමළ පුවත්පත් බහුතරයක් වාර්තාකරණය හා විශ්ලේෂණය කරන්නේ ජාතිවාදී හෝ ජාතිකවාදී කෝණයකින්.

මෙය වැරදි බව දැන දැනත් සමහර කතුවරුන් උවමනාවෙන්ම එසේ කරන්නේ සමාජයේ තමන්ගේ ප‍්‍රතිරූපය ඒ හරහා තර කර ගැනීමට උවමනා නිසයි. (‘සංහිඳියාව ගැන ලියලා මම අපේ ගමේ යන්නේ කොහොමද’ යයි මෙරට එක් ප‍්‍රධාන පෙළේ සිංහල පුවත්පත් කතුවරයෙක් විවෘතව අසනවා.)

දේශපාලනය පසෙක තැබුවත්, වෙළඳපොළ ජයගැනීමට ඕනෑම බහුබූතයක්, ප‍්‍රලාපයක් හෝ අසැබි දේ පවා පොල්ගෙඩි අකුරින් යුත් හෙඩිම් සහිතව පළ කිරීම සමහර පත්තරවල සිරිතක් වී තිබෙනවා. හොල්මන්, භූත, අවතාර හා අනෙකුත් අසභ්‍ය කතා සත්‍ය වාර්තා මෙන් එක් පසෙකිනුත්, බොහෝ දුරට අතිශයෝක්ති හා ප‍්‍රබන්ධ මත පදනම් වූ ඉතිහාස වාර්තා තව පසෙකිනුත් මාධ්‍යවල නිතර පළ වනවා. ප්‍රමිතියක් හෝ චාරයක් නැහැ.

විද්‍යුත් මාධ්‍යවල ඔවුන්ට ආවේණික දුර්වලතා රැසක් පවතිනවා. අන් කවරදාටත් වඩා අද මාධ්‍ය අංග (චැනල්) සංඛ්‍යාව වැඩිවී ඇතත් ගුණාත්මක බැවින් නම් දශක ගණනක් අපේ මාධ්‍ය කලාව ආපස්සට ගොස් ඇති බව මගේ වැටහීමයි.

Media freedom under threat in Sri Lanka
Media freedom under threat in Sri Lanka

මාධ්යවේදීන්ට සිය වෘත්තිය නිදහසේ, බාධා හා පීඩාවලින් තොරව කිරීමට හිතකර වාතාවරණයක් තිබිය යුතු බවට විවාදයක් නැහැ. මෑත කාලයේ රාජ් නිල වාරණයක් නොතිබුණත් පුළුල් ලෙසින් ස්වයංවාරණයට රබල හේතු තිබුණා. මාධ්යවේදීන්ට හා මාධ් ආයතනවලට රචණ්ඩ රහාර මෙන්ම වාණිජ බලපෑම් රැසක් එල්ල වුණා.

සාපරාධී රියා විභාග කොට රහාරකයන්ට දඬුවම් කිරීම රජයේ වගකීමක්. එය මාධ් නිදහසට අවශ් සාධකයක්. එහෙත් එය රමාණවත් නැහැ (necessary, but not sufficient)

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට ශිෂ්ඨ සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

වෘත්තීය බවින් උසස් මාධ්‍යකරණයක් බිහි කර ගැනීම අද ප‍්‍රමුඛතාවක්. අර්ධ වැඩවසම්, ගතානුගතික ආකල්ප අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන තුළ මුල් බැසගෙන තිබෙනවා. ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සමහරුන් ඊළඟ පරපුරක් බිහි කරන්නේ නැහැ. මතු වන්නට ඉඩ දෙන්නේත් නැහැ.

හිමිකරුවන්ටත් වඩා මාධ් අන්තර්ගතය සීමා කරන්නේ මේ වෘත්තිය තුළම සිටින දොරටුපාලකයන් (media gatekeepers). හණමිටි අදහස් කරපින්නා ගත්, එහෙත් සූක්ෂ්ම ලෙස ඒවා දේශීයත්වයනම් කඩතුරාවෙන් වසා ගත් මේ උදවිය මාධ් රතිසංස්කරණ මාවතේ හමු වන මහා බාධක පර්වත වගෙයි.

හිමිකරුවන්ට, දේශපාලකයන්ට හා දැන්වීම්කරුවන්ට මෙන්ම මෙකී ජ්යෙෂ්ඨයන්ටද මාධ් ක්ෂේතරයේ අර්බුදය ගැන වගකීමේ ලොකු කොටසක් හිමි වනවා.

බහුවාර්ගික, බහු ආගමික හා බහු දේශපාලනික සමාජයක බහුවිධ මත ඉවසීම හා ඒවාට ඉඩදීම මාධ්‍යවලින් අප බලාපොරොත්තු වනවා. කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා.

එහෙත් රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් නැහැ. එය හදිසි අවශ්‍යතාවක්. එසේම 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council). බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. නව රජය එහි අලූත් පාලක මණ්ඩලයක් පත් කොට නැහැ. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මාධ්‍ය කර්මාන්තයේ හා කලාවේ ගුණාත්මක බව නැංවීමට මෙරට සරසවි හා මාධ්‍ය පුහුණු කිරීමේ ආයතනවලට ද ලොකු වගකීමක් තිබෙනවා. මාධ්‍ය කලාව මුළුමනින් පුහුණු කළ නොහැකි වූවත් මූලික ශිල්පීය ක‍්‍රම මෙන්ම ආචාරධර්ම ද සියලූ වෘත්තිකයන්ගේ මූලික සුදුසුකමක් විය යුතුයි.

මාධ්‍ය කරත්තයේ පුංචිම “රෝදය” හා බොහෝ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සංවාද අමතක කරන පාර්ශ්වය නම් මාධ්‍ය ග‍්‍රාහකයායි (පාඨකයා, ශ‍්‍රාවකයා, පේ‍්‍රක්ෂකයා). මාධ්‍යවලින් දෙන ඕනෑම දෙයක් මහජනයා ඔහේ බාර ගන්නා යුගය අවසන් කළ යුතුයි.

මාධ්‍ය කියන කරන දේ විචාරශීලීව ග‍්‍රහණය කළ හැකි වීමට නම් අපේ මාධ්‍ය සාක්ෂරතාව (media literacy) දියුණු කිරීම අවශ්‍යයි. අකුරු සාක්ෂරතාව හා අධ්‍යාපනික මට්ටම් උසස් අපේ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව ප‍්‍රමාණවත් නැහැ. මේ නිසා මාධ්‍ය හරහා ජන මනස හැසිරවීමට හා නොමඟ යැවීමට නොයෙක් පිරිස්වලට හැකිව තිබෙනවා. වෙන කවරදාවත් නොවූ තරමට මිථ්‍යා, අවිද්‍යාත්මක මතවාද අපේ සමාජයේ ප‍්‍රචලිත කිරීමට හැකිව තිබෙන්නේ මේ නිසයි.

මාධ් රාහකයන්ට ගරු කරන, ඔවුන්ගේ අයිතීන් පිළි ගන්නා මාධ්යකරණයක් අපට අවශ්යයි. මෙනයින් බලන විට මාධ් රතිසංස්කරණ යනු විවිධ මට්ටම්වල වෙනස්කම් හරහා සිදු කළ යුතු රියාදාමයක්.

මගේ උපමිතියට අනුව මාධ්‍ය වාහනයේ රෝද හතරම එක ප‍්‍රමාණයට පත් කළ නොහැකි වූවත් පවතින විසමතා හා අසමතුලිතතා අඩු කිරීම හරහා දැනට ‘කොට උඩ’ තිබෙන වාහනය ටිකෙන් ටික හෝ හරි ඉදිරි දිශාවට ගමන් කිරීම ඇරඹිය හැකියි!

මාධ්‍ය ප‍්‍රතිසංවිධානයට ජාතික මාධ්‍ය සමුළුව (National Summit on Media Reforms) - 13 & 14 May 2015, Colombo, Sri Lanka
මාධ්‍ය ප‍්‍රතිසංවිධානයට ජාතික මාධ්‍ය සමුළුව (National Summit on Media Reforms) – 13 & 14 May 2015, Colombo, Sri Lanka

 

සිවුමංසල කොලූගැටයා #218: භූමිකම්පා, අනුකම්පා සහ මෝඩකම්පා

_82566881_nepal_earthquake_624

In this week’s Ravaya column (in Sinhala, published in issue of 10 May 2015), I explore the aftermath of the major earthquake that hit Nepal on 25 April 2015, causing widespread damage. I quote Nepali experts and activists on how the lack of preparedness aggravated impact, and the challenge of recovery that now faces Nepali society.

I quote my journalist and activist friend Kanak Mani Dixit, who wrote on May 1: “There’s nothing to do but to try to convert the Great Nepal Earthquake of 2015 into an opportunity to transform the conduct of politics and in the process lift up Nepal at least from the status of a ‘least developed nation’ to that of a ‘developing nation’. For a beginning to be made in that direction, the polity must be jolted out of its stu­por. Only then can the advantages Nepal has—of nature, history and demography—be fully realised.”

I also comment on outrageous claim by some religious nuts who make a bizarre claim that Nepal’s earthquake was “karmic justice” for the sacrifice of some 5,000 buffaloes for a religious festival held last year. I paraphrase in Sinhala these words by young Lankan blogger Yudhanjaya Wijeratne.

After the Nepal Earthquake on 25 April 2015
After the Nepal Earthquake on 25 April 2015

2015 අපේ‍්‍රල් 25 වැනිදා මධ්‍යහනයේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවකින් නේපාලයේ බරපතල ආපදාවක් සිදු කළා. කම්පන මාපකයේ 7.8ක් ලෙස ගණනය කළ භූමිකම්පාවේ කේන්ද්‍රය වූයේ නේපාල අගනුවර කත්මණ්ඩු සිට කි.මී. 80ක් පමණ ඊසාන දිගින්.

එම භූමිකම්පාවෙන් හා ඉනික්බිති හට ගත් පසුකම්පා (aftershocks) රැසක් නිසා නේපාලය පුරා බෙහෙවින් ජීවිත හානි හා දේපළ හානි සිදු වූවා. එතරම්ම දරුණු නොවූවත් අසල්වැසි උතුරු ඉන්දියාවේ, බංග්ලාදේශයේ, භූතානයේ හා චීනයේ ටිබෙට් ප‍්‍රාන්තයේ ද මේ කම්පා බලපෑම තිබුණා.

භූමිකම්පා යනු මුළුමනින් ස්වාභාවික සිදුවීමක්. භූමිකම්පා හට ගැනීමට හේතුව පෘථිවි අභ්‍යන්තරයේ නිරන්තරයෙන් සිදු වන විපර්යාස බව විද්‍යාඥයන් කියනවාග භූවිද්‍යාත්මක තැටිවල (tectonic plate) මායිමේ භූ චලන ඇති වන බවත් දන්නා කරුණක්.

භූ විද්‍යාත්මකව සලකන විට හිමාලය කඳුවැටිය ලෝකයේ වයසින් අඩුම කඳුවැටියක්. එය බිහි වූයේ මීට අවුරුදු මිලියන 50කට පමණ පෙර ඉන්දියාව හා ලංකා දුපත රැගත් ඉන්දු භූ විද්‍යා තැටිය (Indian tectonic plate) උතුරු දෙසට ටිකෙන් ටික ඇදී ගොස් සෙසු ආසියාව හා යුරෝපය පවතින යුරේසියානු භූ තැටිය (Eurasian Plate) සමග ගැටීම නිසයි.

මේ මහා භූ තැටි දෙක එකිනෙක තෙරපීම නිසා කාලයාගේ ඇවෑමෙන් හිමාල කඳුවැටිය ඉහළට මතුවී ආවා. එය දැන් තරමක් සන්සුන්ව ඇතත් පොළොව යටින් තවමත් මේ තැටි දෙකේ නොනිමෙන ගැටීමක් පවතිනවා. වසරකට මිලීමීටර් 67ක් පමණ ඉන්දියානු තැටිය තවත් ටිබෙට් සානුව තුළට කිඳා බසිනවා. මෙය ඉතා කෙටි දුරක් වුවත් දැවැන්ත භූමි සමුදායක් මෙසේ තෙරපෙන විට අධික පීඩනයක් හට ගන්නවා. වසරක් පාසා ගොඩ නැගෙන මේ පීඩනය දශක කිහිපයකට වරක් එක්වරම නිදහස් වනවා. උතුරු ඉන්දියාවේ භූමිකම්පා සිදු වන්නේ එවිටයි.

භූමිකම්පා කවදා කොතැනක් කේන්ද්‍ර කර ගෙන සිදුවේදැ’යි කිසිදු භූ විද්‍යාඥයකුට හෝ වෙනත් කිසිදු පිළිගත් ශාස්ත‍්‍රයකට කල් තබා කියන්නට බැහැ.

අපේ‍්‍රල් 25 භූමිකම්පාව නොසිතූ මොහොතක සිදු වුවත් එය අපේක්ෂිත වූවක්. ගෙවී ගිය වසර 100 තුළ නේපාලයේ ප‍්‍රබල භූමිකම්පා 4ක් සිදුව තිබෙනවා. 1934 ජනවාරි 15 වැනිදා මෙයටත් වඩා ප‍්‍රබල (කම්පන මානයේ 8.0ක් සටහන් කළ) භූමිකම්පාවක් සිදු වුණා. උතුරු ඉන්දියාවටද සැරෙන් දැනුණු එයින් ජනයා 16,000ක් පමණ මිය ගොස් බරපතළ දේපළ හානි කළා.

ප‍්‍රබල භූමිකම්පාවක් සිදුවීමට නියමිත බව නම් නේපාල වැසියෝ වසර ගණනාවක සිට දැන සිටියා. ආසන්න වශයෙන් වසර 50-60කට වරක් මේ ප‍්‍රදේශවල ප‍්‍රබල භූමිකම්පාවක් සිදු වන බවට ඓතිහාසික වාර්තා අනුව අනුමාන කළ හැකි වුණා. එයට මුහුණදීමේ සූදානමක් වසර 20ක පමණ පෙර පටන් නේපාල විද්‍යාඥයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ඇරඹුවා.

ඒ අනුව අලූතෙන් ඉදි කරන ගොඩනැගිලිවල සැකිල්ල යම් පමණක භූචලනයන්ට ඔරොත්තු දිය හැකි අන්දමේ අමතර සවියක් හා උපක‍්‍රම යෙදීම ප‍්‍රවර්ධනය කළා. (ජපානය වැනි භූමිකම්පා නිතර සිදුවන රටවල සියලූ ගොඩනැගිලි තනන්නේ මෙලෙසයි.) දැනට පවතින ගොඩනැගිලි යම් පිරිද්දීම් හා උපක‍්‍රම මගින් සවිමත් කරනු ලැබුවා (retro-fitting). විශේෂයෙන් ජනයා එක් රැස්වන පාසල්, රෝහල් හා කාර්යාල වැනි ස්ථාන.

මීට අමතරව භූමිකම්පාවක් හට ගන්නා මොහොතේදී එසැණින් ගතයුතු පියවර මොනවාදැ’යි එරට වැසියන් හැකිතාක් දැනුවත් කෙරුණා.

මේ සියල්ල කළේ රාජ්‍ය නොවන සංවිධාන හා විද්වතුන්. දේශපාලන කඹ ඇදීම්වල වසර ගණනක් ඇලී ගැලී සිටින එරට දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් මේ තරම් මහජන ආරක්ෂාවට වැදගත් කරුණක් ගැන ඇති තරම් අවධානය යොමු කළේ නැහැ. කොටින්ම කිවහොත් වසර 5කට පෙර කෙටුම්පත් කරන ලද ආපදා කළමනාකරණ පනත තවම සම්මත කරන්නවත් එරට පාර්ලිමේන්තුව උනන්දු වී නැහැ.

SciDev.Net 26 April 2015: Nepal caught unprepared for disasters

Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal's capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)
Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal’s capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)

දියුණු රටක් වන ජපානයේ කලක සිට අනුගමනය කරන සමහර ආරක්ෂණ පියවර, ආසියාවේ ඉතා දුප්පත් රටක් වන නේපාලයට ගැළපෙන පරිදි හැඩගසා ගන්නටද සමාජ ක‍්‍රියාකාරිකයෝ පියවර ගත්තා. උදාහරණයකට ගෙල වටා මාලයක් මෙන් නිරතුරුව විසල් එකක් පැළඳීම. (විසල් එක පැළඳ සිටියහොත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තමා කොටු වූ විට බේරා ගන්නට එන අයට යම් ඉඟියක් දිය හැකියි.) නේපාල භූමිකම්පා තාක්ෂණ සංගමය (Nepal Society for Earthquake Technology) නම් රාජ්‍ය නොවන සංවිධානය 1990 ගණන්වල සිට මෙබඳු උපදෙස් එරට ජනයාට දෙනවා.

නේපාල වැසියන්ට සිදු වුණේ තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නට සිදු වීමයි. එහෙත් අකාර්යක්ෂම, නිසි සම්බන්ධීකරණයකින් තොර වූ එරට රාජ්‍ය අංශයට මේ මහා ආපදාවට හරිහැටි ප‍්‍රතිචාර දැක්විය නොහැකි වුණා.

දේශපාලකයන් තුෂ්නිම්භූත වී ගිය බවත්, නිලධාරීන් කරකියා ගන්නට කිසිවක් නැතිව අසරණ වූ බවත් මගේ නේපාල මිතුරන් සමාජ මාධ්‍යවල වාර්තා කළා. මේ ජාතික හිදැස පිරවීමට ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් පෙරට ආවේ එරට වෘත්තිකයන් (විශේෂයෙන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන්) හා ප‍්‍රබල ලෙස පවතින රාජ්‍ය නොවන සංවිධානයි.

දේශපාලන අස්ථාවර බව නිසා නේපාලයේ පළාත් පාලන ආයතන සඳහා වසර 12කට වැඩි කලක් මැතිවරණ පවත්වා නැහැ. මේ නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක විය හැකිව තිබූ යාන්ත‍්‍රණයද අකර්මණ්‍ය වෙලා.

නේපාලයේ යහපාලනය හා ජනතා පෙළගැස්ම ගැන සක‍්‍රියව මැදිහත් වී සිටින මා මිත‍්‍ර පත‍්‍ර කතුවර කනක් මානි ඩික්සිත් මේ තත්ත්වය මෙසේ විග‍්‍රහ කරනවා.

‘‘විටින් විට හට ගන්නා සොබාවික ආපදාවලට අමතරව නේපාලයට සදාකාලිකව උරුම වී තිබෙන මිනිසා අතින් බිහි වූ ආපදාවක් තිබෙනවා. ඒ තමයි අපේ ආත්මාර්ථකාමී හා අදක්ෂ දේශපාලකයෝ. භූමිකම්පා උවදුර ගැන විද්වතුන් හා සිවිල් සංවිධාන කෙතරම් කීවත් එය නොතකා ඔවුන්ගේම දුෂණ, වංචා හා අඩදබර කරමින් සිටි දේශපාලකයන් පාලක පක්ෂ විපක්ෂ දෙකේම බහුතරයයි. රටම අසරණ වූ මේ අවස්ථවේවත් දේශපාලකයන් නායකත්වය දෙන්නට පෙරට එන්නේ නැහැ.

‘‘ජනතාවට දැන් මේ රොත්තම එපා වෙලා. විදෙස් රටවල ද උදව් ඇතිව හැකි පමණින් අපටම තමයි මේ ආපදාවෙන් පසු යළි හිස ඔසවන්නට සිදුව ඇත්තේ. දේශපාලකයන්ට හා නිලධාරීන්ට අප කියන්නේ මෙයයි; අඩුතරමින් අප අපටම සහන සලසා ගන්නා විට එයට බාධා නොකර පසෙකට වී සිටින්න. හැකි නම් පමණක් නිසි නායකත්වය පමා වී හෝ ලබා දෙන්න!’’

Outlook magazine, 1 May 2015: Alarms For The Sirsastas: It will be good if Nepal’s lazy, grasping politicians wake up by Kanak Mani Dixit

Earthquakes don't kill; poorly constructed buildings do
Earthquakes don’t kill; poorly constructed buildings do

නේපාලය මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් කනක් පෙන්වා දෙනවා. එනම් රටේ ජනගහනයෙන් 10%කටත් වැඩි පිරිසක් (මිලියන් 2.2ක් පමණ) මැදපෙරදිග, ඉන්දියාවේ හෝ මැලේසියාවේ ශ‍්‍රමිකයන් ලෙස සේවය කිරීමයි. එරටින් පිටරට යන බහුතරය පිරිමි නිසා බොහෝ ප‍්‍රදේශවල තරුණ වියේ පිරිමින් ඉතා අඩුයි. සුන්බුන් ඉවත් කිරීම වැනි දෙයට අසල්වැසි රටවලින් පැමිණි හමුදා හා අනෙක් ස්වේච්ඡුා සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ උදව් ඕනෑ වී තිබෙනවා.

බොහෝ දුක් කරදර මැද එදිනෙදා ජීවිතය ගෙවන සාමාන්‍ය නේපාල වැසියන් මේ ආපදාව නිසා වඩාත් පීඩිතව සිටියත්, ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. මේ නිසා (දින කිහිපයක් ශෝක වීමෙන් පසු) යළි ඉදි කිරීම හා ජීවනෝපායන් යළි ගොඩනගා ගැනීම ගැන දැන් ඔවුන් ක‍්‍රියාත්මක වනවා. විදේශවලින් උදව්වට ආ අය මේ ප‍්‍රත්‍යස්ථතාව (resilience) ගැන මවිත වෙනවා.

නේපාලයේ මේ දිරිය මිනිසුන් හා ගැහැනුන් ඛේදවාචකයකින් පසු යළි නැගී සිටීමට වෙර දරන විට අපේ රටේ සමහරුන් කරන්නේ කුමක්ද? මේ අහිංසකයන්ගේ විපත ගැන අනුකම්පා වනු හෝ හැකි පමණින් උපකාර කරනු වෙනුවට අවිද්යාත්මක තර්ක මතු කරමින් කාලකණ්ණි වින්දනයක් ලැබීමයි.

ඇතැම් දෙනා මේ විපතින් තම පටු තර්ක සනාථ කරන්නට තැත් කරනු අප පසුගිය දිනවල දුටුවා. හින්දු ආගමික සම්ප්‍රදායකට සතුන් රැසක් බිලි දුන් පූජා කළ නිසා මහා භූමිකම්පාව කර්ම විපාකයක්ලු! මේ තර්කය මොහොතකට පිලිගතහොත්, අපේ ජනයා 40,000ක් පැය කිහිපයක් තුළ මරණයට පත් කළ 2004 සුනාමිය කිනම් මහා “පාපයක” විපාකයද?

සමහර පරිසරවේදීන් කියන්නේ මිහිතලය නේපාලයට දඩුවම් කළාලු. මෙහි සම්පූර්ණ අවිද්‍යාත්මක තර්කය එක සැනන් බැහැර කළ හැකියි.

පෘථිවිය සක‍්‍රිය ග‍්‍රහලෝකයක් ලෙස එහි අභ්‍යන්තරයේ භූවිද්‍යාත්මක ක‍්‍රියාදාමයන් නිරතුරුව සිදු වනවා. මානවයන් මිහිපිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් භූමිකම්පා සිදු වුණා. අනාගතයේ යම් දිනෙක මානවයන් මිහිපිටින් තුරන් වී ගිය පසුද මේ සක‍්‍රියත්වය පවතිනු ඇති. ඒ නිසා මේ ආකාරයේ ආපදා කිසිසේත්ම මානව ක‍්‍රියාදාමය සමග පටලවා නොගත යුතුයි. භූමිකම්පා හා ගිනි කඳු විදාරණය යනු මිහිතලය අපට දඬුවම්දීමක් නොවෙයි.

2013 ජූනි 2දා මා ලියූ පරිදි: “අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගත හොත් එය අපව රැක ගනීවි යන්න විද්යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

2 June 2013: සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

මේ සියල්ල පසෙක තබමුග අසල් වැසියකුට දුකක් කරදරයක් වූ විටෙක එය තම පිලේ ර්‍ණවැඩි උතුම් බව” පෙන්වන තර්කයක් බවට පෙරළා ගැනීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මේ ගැන හොඳ විචාරයක් බ්ලොග් ලේඛක යුධන්ජය විජේරත්න ඉංග‍්‍රීසියෙන් ලියා තිබෙනවා. ඔහුගේ පණිවුඩය සැකෙවින් මෙයයි:

‘‘නේපාලයේ මිය ගිය දහස් ගණනක් ජනයා ගැන අනුකම්පා උපදවා ගන්නට බැරි නම් නිහඬව සිටින්න. මහා ඛේදවාචකයක් වැරදි ලෙස විග‍්‍රහ කොට එය කර්ම විපාකයක්යැ’යි උද්දාමයට පත් නොවන්න. භූමිකම්පා ඇති වන්නේ කර්ම විපාකයට නොව භූ විද්‍යාත්මක තැටිවල චලනයෙන්. මීහරකුන්ගේ මරණයන් හා මේ ස්වාභාවික ප‍්‍රවාහයන් අතර හේතු-ඵල සම්බන්ධයක් ඔබ යන්තමින් හෝ පිළිගන්නවා නම් අපෙ විද්‍යා අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව පැහැදිලියි.’’

See: Nepal’s Earthquake: Nature, not Karma

Illustration by Outlook magazine India
Illustration by Outlook magazine India

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

In this week’s Ravaya column (in Sinhala, published in issue of 3 May 2015), I talk about the Magna Carta, one of the most famous documents in the world. This years marks the 800th anniversary of its adoption in medieval England in 1215.

It was the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This laid the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

The Magna Carta established the principle that the people of England, at this stage represented by the Barons, could limit the power of a King, if he was doing things that were not good for the country. It had far-reaching influence on both sides of the Atlantic over the centuries.

However, the Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know — or overlook — just how feudal, unrestrained and unaccountable the monarchy was.

King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History
King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History

මෙබඳු තත්ත්වයක් මොහොතකට පරිකල්පනය කරන්න.

යම් රටක සර්වබල සම්පන්න රජෙක් සිටිනවා. රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය ගැන වග කියනවාට අමතරව ඔහු රටේ සියලූ භූමියේ තනි හිමිකරුවායි. රටේ භාණ්ඩාගාරය ඔහුගේ පෞද්ගලික ධන සම්පත ලෙස සිත් සේ වියදම් කරනවා.

ඔහුට, රජ පවුලට හා ඔහුගේ සමීපතයන්ට රටේ අන් අයට බලපාන නීතිරීති අදාළ වන්නේ නැහැ. ඉහළට එන සියලූ නඩු අසන්නේත්, තීන්දු දෙන්නේත් රජු විසින්. එපමණක් නොවෙයි. රටේ ඕනෑම පුරවැසියකුගෙන් වේතනයක් නොගෙවා බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට රජ වාසලට හැකියි. එයට රාජකාරිය යයි කියනවා. රජුට හා ඔහුගේ පුත‍්‍රයන්ට රටේ ඕනෑම කාන්තාවක් හිතුමතයට අන්තඃපුරයට ගෙන යා හැකියි. එම කතුන් පුරවැසියකුගේ දියණියන් හෝ බිරිඳන් වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවෙයි.

කොටින්ම කිවහොත් රටේ වැසියන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. මේ කිසිවක් ගැන ප‍්‍රශ්න කළොත් හෝ විවේචනය කළොත් හිරබත් කන්නට හෝ හිස ගසා දැමීමට ලක් වනවා. රජු යම් තරමකට හෝ සවන් දෙන්නේ ආගමික පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගන්නවා.

සියලූ සැප සම්පත් හා බලතල ඇතත් රජු නිතරම සිටින්නේ කුමන්ත‍්‍රණ හා පරලොව ගැන බියෙන්…

ඉතිහාසයේ වැඩි කලක් තිස්සේ බොහෝ පාලකයන්ට සීමාරහිත බලතල හිමිව තිබුණා. මේ නිසා බලකාමයෙන් මත් වූ ඇතැම් පාලකයො අත්තනෝමතික හා අන්තවාදී ලෙස ක‍්‍රියා කළා. ඔවුන් නීතියට, සදාචාරයට ඉහළින් යන විට සමනය කර ගන්නට ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ.

පාරම්පරිකව හෝ කුමන්ත‍්‍රණයකින් හෝ යටත් කර ගැනීමකින් හෝ රටක බලයට පත් වන පාලකයා හිතුමතේ ක‍්‍රියා කිරීම ඉතිහාසයේ බොහෝ කලක් පැවතුණු සම්ප‍්‍රදායක්. (ශී‍්‍ර ලංකාවේ 1815න් අවසන් වූ රාජ වංශයටත් එය අදාළයි.)

අද රාජාණ්ඩු ලෝකයේ ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් වුවත් අසීමිත බලය අතට ගත් ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හෝ හමුදා පාලකයන් ගැන අපට විටින් විට අසන්නට ලැබෙනවා.

එහෙත් මෙය ශිෂ්ට සමාජවලට කිසිසේත් නොගැලපෙන බවත්, පාලකයා රටේ නීතියට යටත් විය යුතු බවත් අද ලෝක සම්මත පිළිගැනීමයි. දේශපාලන චින්තනය මෙතැනට ගෙන ඒමට තීරණාත්මකව වූ වැදගත් ලියවිල්ලකට 2015දී වසර 800ක් සපිරෙනවා.

එය මැග්නා කාටා (Magna Carta) හෙවත් මහා ප‍්‍රඥප්තිය නමින් 1215දී මධ්‍යකාලීන එංගලන්තයේ සම්මත කරනු ලැබූවක්. පසු කලෙක එය ලෝකයටම බලපෑමක් කළා. මැග්නා කාටාව මානව ඉතිහාසයේ යුක්තිය, සාධාරණත්වය හා මූලික අයිතිවාසිකම් නිරවුල්ව පැහැදිලි කළ හා ප‍්‍රබලව ලේඛනගත කළ මුල්ම ලියවිල්ලයි.

The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)
The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)

පාර්ච්මන්ට් කඩදාසියේ මුළුමනින්ම ලතින් බසින් ලියැවුණු එය වචන 3,550ක් දිගයි. (එකල ගරු ගාම්භීර භාෂාව වූයේ ලතින්.) කෙටි පරිච්ෙඡ්ද 63කට එය බෙදා තිබෙනවා.

http://www.bl.uk/magna-carta

එංගලන්තයේ එවකට සිටි ජෝන් රජු 1215 ජූනි 15 වනදා තම රාජකීය මුද්‍රාව තබා එය නිල ලියවිල්ලක් බවට පත් කළා. එයට පසුබිම වූයේ ඔහුට එරෙහිව රටේ ප‍්‍රභූන් හා මහජනතාවගෙන් මතු වී ආ ප‍්‍රබල විරෝධයයි.

ප්‍රංශයේ නෝමැන්ඩියේදී ලද හමුදාමය පරාජයත්, රජු විසින් රට වැසියන්ට නිර්දය ලෙස සැලකීමත් නිසා දැඩි කලකිරීමට පත් බොහෝ දෙනා ඔහුට එරෙහිව කැරලි ගසන්නට ආසන්න වෙමින් තිබුණා. කිරුල හා පණ බේරා ගැනීම සඳහා යහපාලන ප‍්‍රතිඥා ගණනාවක් දීමට රජුට සිදු වුණා.

ජෝන් රජුගේ මේ පියවරෙන් වුවද ඔහුට රජකම රැක ගත හැකි වූයේ ටික කාලයකට පමණයි. 1216 ඔක්තෝබරයේ ඔහු මිය ගියා. ඔහුගේ අනුප‍්‍රාප්තික ලාබාල තුන්වන හෙන්රි රජු වඩාත් ප‍්‍රගතිශීලි මැග්නා කාටා සංශෝධනයක් සම්මත කළා. 1225දී යළිත් සංශෝධනය කරනු ලැබූ ලියවිල්ල තමයි දැන් ඓතිහාසිකව පිළි ගැනෙන්නේ.

මධ්‍ය කාලීන එංගලන්තයට වැදගත් වූ බොහෝ දේ එහි ඇතුළත් වුවද සදාතනික වටිනාකමක් ඇති ප‍්‍රධානතම සංකල්පය ලෙස එයින් මතු වූයේ නීතියේ ආධිපත්‍යයයි (Rule of Law). එනම් රජුට හිතුමතයට නීති හෝ බදු පැනවීමට නොහැකි බව හා අන් සෑම දෙනා මෙන්ම රජු හා ඔහුගේ පවුල, ඇමතීන් හා ප‍්‍රභූන් ද එක සේ රටේ නීතියට යටත් වන බව පැහැදිලිව පිළිගැනීමයි.

What is the Rule of Law? Simplified explanation

මෙය අද කාලේ ලෝක සම්මත ශිෂ්ට සම්ප‍්‍රදායක් ලෙස අප දැන සිටියත්, ඒ වන තුරු එය සිදු වූයේ නැහැ. රාජ්‍යය යනු තමාය (“I am the State!”) යන අතිශය උද්ධච්ච උපකල්පනය මත පිහිටා තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට රජුට බලය තිබුණා.

ඕනෑම කෙනකු අත්අඩංගුවට ගන්නට, දඬුවම් කරන්නට, මරා දමන්නට, අත්අඩංගුවට ගන්නට, දේපල සින්න කර ගැනීමට හා වෙනත් බලහත්කාරකම් කිරීමට කිසිදු නීතිමය සීමාවක් තිබුණේ නැහැ. කිසිදු හේතුවක් හෝ පදනමක් උවමනා වූයේත් නැහැග

මැග්නා කාටා ප‍්‍රඥප්තියේ 12 හා 14 වන පරිච්ෙඡ්ද මගින් රජුට රිසි පරිදි රටවැසියන්ගෙන් බදු අය කිරීම සීමාවන්ට යටත් කළා. එය යුක්ති යුක්ත විය යුතු බවත්, ජන සම්මත විය යුතු බවත් කියැවුණා.

ඊටත් වඩා වැදගත් වූයේ 39 වන පරිච්ෙඡ්දයයි. ‘රටේ සම්මත නීතියට හා එම නීති මත පදනම් වී කරන නඩු විභාගයකින් මිස වෙනත් කිසිම අයුරකින් මිනිසකු අත්අඩංගුවට ගැනීම, සිරිගත කිරීම, දේපල පවරා ගැනීම, පිටුවහල් කිරීම හෝ කිසි අයුරකින් විනාශ කිරීම නොකළ යුත්තේය.’ යැයි එහි කියැවුණා.

ඊළඟ 40 වන පරිච්ෙඡ්දයේ මෙසේ ප‍්‍රතිඥා දෙනු ලැබුවා. ‘‘මානව අයිතිවාසිකම් හා යුක්තිය කිසිවකුට පමා කිරීම, නොදී සිටීම හෝ මිලකට විකිණීම නොකළ යුත්තේය.’’

අද ලෝකයේ නීතියේ ආධිපත්යය හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම බවට පත්ව ඇති මේ රතිඥා මීට වසර 800කට පෙර පැවති වැඩවසම් යථාර්තයට සාපේක්ෂව බෙහෙවින් රගතිශීලි වූවා.

එසේම මේ හරහා එංගලන්තයේ (පසු කලෙක සමස්ත බි‍්‍රතාන්‍යයේම) රජුගේ බලතල පැහැදිලිව නීතිවලට යටත් කරනු ලැබුවා. රජු නීතියට ඉහළින් හෝ බාහිරින් හෝ සිටීමට ඇති ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය එංගලන්තයට හා බි‍්‍රතාන්‍යයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වැදගත් යහපාලන මූලධර්මයක් හඳුන්වා දුන්නා.

What is Magna Carta? Short animation by the British Library

පාලකයා රටේ නීතියට අනුකූල විය යුතු බව ඊටත් සියවස් ගණනකට පෙර පටන් යුරෝපයේ කෙමෙන් මතුව ආ සංකල්පයක්. පුරාණ රෝමයේත්, ඉන් පසුව ස්පාඤ්ඤය, හංගරිය හා ප‍්‍රංශයේත් විද්වතුන් මේ ස්ථාවරය ප‍්‍රවර්ධනය කළා.

එහෙත් බුද්ධිමය තර්කයක් වශයෙන් පමණක් පැවති එය නීති පොතකට නිල වශයෙන් එක් වූයේ මැග්නා කාර්ටාවේ. එය එතැන් පටන් වඩාත් ශිෂ්ට දේශපාලන හා නීති සම්ප‍්‍රදායක අඩිතාලම බවට පත් වුණා.

ඉනික්බිති එලැඹි සියවස්වල ඇතැම් රජවරුන් නීතියේ නොතකා ක්‍රියා කරන්න තැත් කළ විට ප්‍රභූන් හා විද්වතුන් උද්ඝෝෂන කළා. 17 සියවසේ පටන් බි‍්‍රතාන්‍යය යටත් කර ගත් රටවලට ද නීතියේ ආධිපත්‍යය හඳුන්වා දෙනු ලැබුවා. ආණ්ඩුකාරයාට අසීමිත බලතල තිබුනේ නැහැ. නීතියට යටත්ව හා අධිකරණ ක්‍රමයකට යටත්ව ඔහු යටත් විජිත පාලනය කළා.

1776දී අමෙරිකානු යටත් විජිත නිදහස ප්‍රකාශ කොට අමෙරිකන් එක්සත් ජනපදය පිහිටු වන විට එයට මුල් වූ ප්‍රාරම්භකයෝ නීතියේ ආධිපත්‍යයට සුවිශේෂ තැනක් දුන්නා. පාලකයන්ට වඩා නීතිය ඉහලින් තිබීම එරට මූලිකයි. වැරදි වැඩ කළ ජනාධිපති නික්සන්ට ඉල්ලා අස් වන්නට පවා සිදු වුණා.

1800 ගණන්වල පුවත්පත් නිදහස වෙනුවෙන් අරගල කරන බි‍්‍රතාන්‍ය කතුවරු හා ප්‍රකාශකයෝ මැග්නා කාටාව පදනම් කර ගනිමින් රජු හා රජ පවුල විවේචනය කිරීමේ අයිතිය තමන්ට ඇතැයි තර්ක කළා. සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේ දශක ගණනක ජන අරගලයේදීත් බොහෝ ක්‍රියාකාරිකයෝ මේ ලියවිල්ලේ බුද්ධිමය ආභාෂය ලබා ගත්තා.

"It is a struggle for the right to live" - Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial
“It is a struggle for the right to live” – Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව අරගල කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුලු පිරිස තම රටටත් මැග්නා කාටාවේ ලෙසින් නීතිය කාටත් එක සමානව අදාල වන අනාගතයක් ගැන සිහින දුටුවා. රජයට එරෙහිව කැරලි ගසා බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වූ මැන්ඩෙලා එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් තර්ක කරන්නට මැග්නා කාටාව ගෙන හැර දැක්වූවා.

මෙසේ සියවස් අටක් ලොව විවිධ රටවල මානව අයිතීන් හා සාධාරණය උදෙසා මැග්නා කාටාව ප්‍රබෝධක ආවේගය ලබා දී තිබෙනවා.

අවාසනාවකට මෙවැනි බලය සීමා කිරීමක් අපේ රටේ රාජ ඉතිහාසයේ සිදු වුණේ නැහැ. රාජ පාලනය යටතේ අතිශයින් වැඩවසම් රමයක අන්ත අසරණ යටත් වැසියන් ලෙස ඉතිහාසයේ වැඩි කාලයක් අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණා.

මෙරට රාජාවලිය හා ඉතිහාසය දෙස බලන විට දසරාජ ධර්මයෙන්, දැහැමින් සෙමෙන් රජකම් කළ රජුන් සිටියේ කිහිප දෙනකු පමණයි. බහුතරයක් ඉවක් බවක් නොමැතිව බලකාමයෙන් රාජ පාලනය කළ අයයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. එසේම ඡන්දදායකයන් මුසපත් කිරීමේ හොඳ උපකරමයක් ලෙස තමන් කිරුළු නොපැළ රජකුලෙස පෙනී සිටීමට අපේ ඇතැම් දේශපාලකයන් දක්ෂයි

ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා. 1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් කීවේ මෙයයි:
‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

Dr Nirmal Ranjith Dewasiri
Dr Nirmal Ranjith Dewasiri

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයි. ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව මෑතදී ඔහුගේ ෆේස්බුක් එකේ මෙසේ කියා තිබුණා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේග කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කරගෙන ඇත. අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”

සියවස් අටකට පෙර මැග්නා කාටාවෙන් පටන් ගත් පුරවැසි පරමාධිපත්‍යයේ දිගු ගමන තවම හමාර නැහැ!

 

A & K Lit Fest Session on Blogging in Sri Lanka – A New Platform for Creativity?

Accessible, affordable and enjoyable: nothing official or snooty about it!
Accessible, affordable and enjoyable: nothing official or snooty about it!

The Annasi & Kadalagotu Literary Festival (‘A&K Lit Fest’), held on 25 April 2015, brought together literary enthusiasts from across the country. It was a collaborative platform where those who share a passion for literature can come together, explore the way we write, the way we read and learn about the ways of Sri Lanka and its people – their expressions, cultures and perspectives.

I moderated a Session on “Blogging in Sri Lanka: A New Platform for Creativity?” which featured three leading bloggers in Sri Lanka.

A&K Lit Fest - Blogging panel promo

Here are my Opening Remarks, where I tried to place blogging in the current cultural, political and societal context of Sri Lanka.

 Session: Blogging in Sri Lanka: A New Platform for Creativity?

Opening Remarks by Nalaka Gunawardene, Moderator

Because we are discussing blogs at a lit fest, we will look explore Lankan blogging and blogospheres from a more creative and literary perspective – and not from any technical or technological angle.

Our session has been tagged with a subtitle “Technological Literature?”, which I consider to be a misnomer. Blogs are self-expressions that just happen to be made on the web, but they are not necessarily techie or geeky.

Not any more than, say, convention book writers have much or anything to do with printing and paper production!

The cyberspace is just the medium and the ecosystem in which blogs are written, shared, commented upon and – sometimes – being argued over.

This part of the web is called ‘blogosphere’ – and where Sri Lanka is concerned there are three overlapping such blogosphere in Sinhala, Tamil and English languages.

The web is increasingly attracting more writers, journalists and other creative people because:

  • It is cheaper and faster to publish online than in book format;
  • It is often easier than getting published in newspapers or magazines; and
  • The medium is far more interactive, so creators can get direct audience feedback.
Panel on Blogging in Sri Lanka - L to R - Ajith Perakum Jayasinghe, Yashodha Premaratne, Abdul Halik Azeez and Nalaka Gunawardene
Panel on Blogging in Sri Lanka – L to R – Ajith Perakum Jayasinghe, Yashodha Premaratne, Abdul Halik Azeez and Nalaka Gunawardene – Photo by Malaka Rodrigo

By coincidence, this weekend also marks the 20th anniversary of the advent of full Internet services in Sri Lanka. As my friend Chanuka Wattegama and I have written in short history of the subject:

“Internet access on a commercial basis became available in Sri Lanka on 26 April 1995, when Lanka Internet Services Limited (LISL) started operating a local Internet server (‘Sri Lanka Web Server’) through a local gateway. Their server was connected to a host in the US through a 64kbps dedicated transmission line leased from SLT. This gave Sri Lankan Internet users the opportunity of accessing the Internet simply by dialling a local phone number. Sri Lanka was thus the first country in South Asia to have unrestricted and commercial Internet access facilities…”

We have come a long way since those early days of dial-up, narrowband access. Not everyone is online yet, of course, but we have around 22 to 25% of our 21 million people regularly using the web now for a variety of purposes.

Blogging is one such purpose. At its most basic, blogging entails using web-based, free spaces to write and self-publish words, images, videos or multimedia content.

Bloggers have been active in Sri Lanka for at least a dozen years, if not a bit longer. We don’t know exactly who the first Lankan blogger was (that’s a research project for you!), but some pioneering work was done by English language bloggers like Indi Samarajiva. There are others.

Blogging became more popular after around 2003/4. This was the time broadband Internet started rolling out, giving us faster speeds and always-on facility (on a fixed monthly cost, without having to count the minutes we stay online).

Blogging in Sri Lanka picked up when more and more computer users realized that they didn’t need to have any programming or coding skills to do web pages. The early web was limited to webmasters wielding HTML and other specialized software skills. But the advent of Blogger (1999) and WordPress (2003) free platforms meant that guys like myself – not knowing a single line of coding – could put together my own content on the web.

As broadband services spread, and as local language font issues were finally resolved, more people started blogging in Sinhala and Tamil too. The Lankan blogosphere is diverse and vibrant today.

Blogging is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art.

The formats and topics are only limited by our own imagination and dedication. The latter is important, as blogging is unpaid work that can take up a good deal of time (especially if you become a widely read and commended upon).

Bloggers fit into a much larger new media ‘ecosystem’ called citizen journalism, which is also constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

Before I introduce the panel, let me pose and answer four questions.

Blogging Panel engages in showing and telling about Lankan blogs
Blogging Panel engages in showing and telling about Lankan blogs – Photo by Malaka Rodrigo

 

Who is a typical blogger in Sri Lanka?

There is no such profile. Besides having basic computer skill and Internet connectivity, there is little in common among our bloggers – among whom are students, teachers, professionals, retirees, housewives, househusbands and many others. Anyone with Internet access and some spare time can, in theory, become a blogger. And if not inclined to write, anyone can still become a reader and/or commentator of others’ blogs.

What do Lankan bloggers publish about?

Again, the interests and topics of blogs are as diverse as our people! There is every type of content generated by bloggers and their readers (sometimes comments are more interesting than the original post that provoked them). Bloggers variously address social, cultural, political, commercial and personal issues and topics.

If you’re new to this space, the best point to start exploring would be to look at blog aggregators that automatically list new blogposts being published by bloggers who have registered with them (for free). There are several aggregators to choose from, but none that is comprehensive:

What quality and creativity are found in Lankan blogs?

Again, this is like asking what quality and creativity can be found in all the books, newspapers and magazines published in our land. It all depends on where you look!

There is everything in our blogs, from the mundane and unremarkable (including angry rants) to very perceptive and even occasionally profound expressions. And much in between…

We find some news reporting, much commentary/opinion, some analysis and investigation, as well as short stories, poems, satire, cartoons and videos on blogs. The genres are now nearly as diverse as in the printed word, even though public awareness of this diversity is still lacking.

Finally, why have me moderate this panel, and why these panelists?

I have been a long-time observer and chronicler of the Internet in Sri Lanka from the very beginning, often partnering with my friend Chanuka Wattegama. I wish more of our social scientists and media researchers would take a closer look at what is going on in cyberspace and help us understand just how that is impacting our society, culture and politics.

Sigiriya Graffiti image courtesy - Kassapa's Homage to Beauty by Siri Gunasinghe
Sigiriya Graffiti image courtesy – Kassapa’s Homage to Beauty by Siri Gunasinghe

A couple of years ago, I argued that some of the world’s earliest documented citizen journalists were in Sri Lanka: those who wrote Sigiriya graffiti beginning in the 7th Century and going up to around 13th Century. (See: 4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය)

Those unknown ancestors met the basic criteria:

  • They wrote in a public space (mirror wall at Sigiriya)
  • They wrote without anyone’s permission (extremely rare in ancient Lanka)
  • They shared personal impressions and aspirations.

So today’s Lankan bloggers are heirs to a long and proud tradition!

BUT – don’t even think of writing anything on the Sigiriya mirror wall today. It is now a UNESCO World Heritage site, and protected under the Antiquities Ordinance. A young woman who wrote her lover’s name there was arrested and jailed recently for two years!

Blogging in Sri Lanka - panel at A&K Lit Fest, Colombo, 25 April 2015
Blogging in Sri Lanka – panel at A&K Lit Fest, Colombo, 25 April 2015

Blogging in cyberspace itself is sometimes frowned upon by those who don’t know — or have only a fleeting awareness of  — what blogs really are. Some confuse blogs with political  or gossip websites.

Sadly, many in our mainstream media are either ignorant or dismissive of  blogs (and some editors shamelessly reproduce them without acknowledgement!). The Secretary to the Media Ministry – himself an occasional blogger — told a blogging award ceremony last month that he has met chief editors of Lankan newspapers who had no clue what blogs were!

12 April 2015: සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

During the past decade when freedom of expression and media freedom in Sri Lanka were seriously undermined, bloggers and citizen journalists partially filled the void created by mainstream media stepping up self-censorship. Indeed, I argue that some of our leading bloggers offer more refreshing and authentic analysis of current social and political issues than do many newspapers!

In their own ways, our three panelists have distinguished themselves in the Lankan blogospheres. We want to find out what motivates and inspires them, and what kind of dialogue they have with their readers.

Abdul Halik Azeez is a strategy consultant, independent researcher and citizen journalist. He blogged for some years at https://abdulhalik.wordpress.com. His recent interest in journalistic and conceptual photography has garnered a large following on Instagram where he is known as Colombedouin. http://instagram.com/colombedouin

Ajith Perakum Jayasinghe (Blog: http://www.w3lanka.com) is a teacher by profession who is immensely engaged in writing, translating and blogging. He likes to identify himself as a political activist who is committed to change the order so as the life is better for the humans and nature.

Yashodha Sammani Premaratne who is known by her pen name “bassi” is a blogger as well as a microblogger. Her blog, “Bassige nawathana” (http://bassigenawathana.blogspot.co.uk) started in August, 2013 attracted the readers immediately due to her lucid style of writing. Her range of blog posts is highly diverse from simple humour to Politics, Science, Poetry and Fiction. ‘Bassige Nawathana’ has already won two awards for its creativity.

We also ask panelists to address larger questions such as:

  • How vibrant and diverse is blogging in Sri Lanka?
  • Is there a dedicated and growing audience for blogs?
  • Do bloggers influence public opinion, and how?
  • Is blogging in decline with the rise of micro-blogging (Twitter) and Facebook?
Audience engages with the blogging panel at A&K Lit Fest  in Colombo, 25 April 2015 - Photo by Malaka Rodrigo
Audience engages with the blogging panel at A&K Lit Fest in Colombo, 25 April 2015 – Photo by Malaka Rodrigo
Photo by Dhara Gunawardene
Photo by Dhara Gunawardene

1531871_10152757743417217_7487420442686407330_n

 

 

සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

In this week’s Ravaya column (in Sinhala, published in issue of 26 April 2015), I question the wisdom of a new project by the Lankan government’s Information and Communication Technology Agency (ICTA) on “ICT for Citizen’s Journalism”.

ICTA’s CEO was recently quoted in the media as saying: “For this programme, what we are planning to show people is that every person can become a journalist and contribute towards media organisations. First, taking photographs and videos and sending it to a reporter which will enable him/her to have more information in order to analyse an incident further and report on it…”

If he has been quoted correction (no denial so far), the apex ICT institution of the Lankan government shows a shocking ignorance in its limited understanding of citizen journalism: must they be limited to gatherers of raw material for mainstream media? What about bearing witness, self-publication and countervailing functions of citizen media?

In today’s column, I call it particularly shocking as ICTA now comes under the purview of Ministry of Foreign Affairs — whose deputy minister, Ajith P Perera, was an active blogger for some years and became the first blogger to be elected to Lankan Parliament in 2010. If only this technical agency were to ask its own minister for some clarity before formulating such misguided national programmes…

I place ICTA’s imminent blunder in the wider context of other governmental agencies making a mockery of ICTs and public communication – for example, the state broadcaster SLBC running so-called community radio.

Yaha-paalanaya (good governance) is not just ensuring a clean and efficient government but also having clarity of purpose and making well reasoned and evidence based interventions to societal needs. ICTA fails once again on this count.

ICTA - ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය
ICTA – ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය

1990 දශකය මුලදී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූම් කම්හල් 200 ව්‍යාපෘතිය යටතේ කම්හලක් පිහිට වූ හැම තැනෙකම ආසන්න මංසන්ධියක අදාල සමාගමේ වියදමින් ඔරලෝසු කණුවක් ඉදි කිරීමට නියෝග කළා. 20 වන සියවස මුලදී අත් ඔරලෝසු හෝ (වේලාව බලා ගත හැකි) ජංගම දුරකථන නොතිබි නිසා මහජනයාට එබඳු පහසුකමක් ප‍්‍රයෝජනවත් වූවත් 20 වන සියවස අවසන් දශකය එළඹෙන විට මේ යථාර්ථය මුළුමනින්ම වෙනස් වී තිබුණා.

එහෙත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට තිබූ දැඩි බිය නිසාදෝ ඔරලෝසු කණු පිහිටුවීම යල් පැන ගිය බොරු වැඩක් බව කියන්නට නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පැකිලෙන්නට ඇති. ටික දිනෙකින්ම අකර්මන්‍ය වූ ඔරලෝසු කණු ජනතාව අතර උපහාසයට ලක් වූවා.

රජයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ඒජන්සියක් දැක්මකින් තොරව සංදර්ශනාත්මක වැඩකට අත තබන්නට යන විට එය කල් තබා විවේචනය කර ඇස් ඇරවා ගැනීමට පුරවැසියන් ලෙස අප තැත් කළ යුතුයි.

යහපාලනය යනු හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ජනතාවට වග කියමින්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රාජ්‍ය පාලනය කිරීම පමණක් නොවෙයි. නිසි දැක්මක්, අවබෝධයක් හා කාර්යක්ෂමතාවකින් යුතුව ‘ස්මාට්’ ලෙස රාජ්‍ය තන්ත‍්‍රය කර ගෙන යාමත් යහපාලනයෙ තවත් මූලික අංගයක්.

අපේ රටේ ඕනෑ දෙයටත් හැම තැනෙකම හැම කාරියකටම රාජ්‍ය තන්ත‍්‍රය මැදිහත් වීම කලක් තිස්සේ පැවතෙන ජාතික ඇබ්බැහියක්. රාජ්‍ය-කේන්ද්‍රීය (state-centred) මානසිකත්වයක් දශක ගණනක් තිස්සේ ස්ථාපිත වීම නිසා උගතුන් ද ඇතුලූ අපේ බොහෝ දෙනකු මෙහි වරදක් දකින්නේ නැහැ.

හැම දෙයක්ම රජය විසින් සම්පාදනය කර දෙන තුරු බලා සිටින අපේ ඇත්තන්ම අනෙක් පසෙකට හැරී ජන ජීවිතයේ හැම පැතිකඩක්ම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වීම ගැන මැසිවිලි ද නගනවා!

විවෘත වෙළඳපොළ හා ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර දෙකේම මේ විසමතාව තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ව්‍යවසායකයන් ද දිරි ගන්වමින් වෙළඳපොළ නිසි නියාමනය කිරීම රජයක මූලික හා ප්‍රධානතම වගකීමයි. එසේම ප‍්‍රතිපත්ති හා රෙගුලාසි මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් කරමින් ඵලදායීව හා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කිරීම ද අප රජයෙන් බලාපොරොත්තු වනවා.

රජයන්ට පමණක් කළ හැකි මේ වගකීම් හරිහැටි ඉටු කරනවා වෙනුවට හැම වැඩේම බදා ගෙන කිරීමට යාම අපේ රටේ ආණ්ඩුවල කලක සිට ඇති දුසිරිතක්. උදාහරණ ලෙස ගොවිතැන් කරන්නට, වෙළදාම් කරන්නට, මාධ් රකාශනයේ යෙදෙන්නට රී ලංකාවේ රජයන් හැම එකක්ම පාහේ කලක සිටම බොහෝ සෙයින් නැඹුරු වී සිටිනවා.

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රය ගනිමු. සමාජවාදී යයි කියූ සංවෘත ආර්ථිකය 1977දී විවෘත කොට වසර 38ක් ගත වීත්, රාජ්‍ය ඒකාධිකාරත්වය තිබූ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය 1992දී විවෘත කොට වසර 23ක් ගත වීත් අපේ ආණ්ඩු තවමත් පත්තර සමාගමක් (ලේක්හවුස්) පාඩු පිට පවත්වා ගෙන යනවා. රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන ද මහජන මුදලින් විශාල වියදම් දරා නඩත්තු කරනවා. ඒ මදිවාට රජය බහුතර හිමිකාරීත්වය (51%) දරණ ටෙලිකොම් සමාගමක් ද තිබෙනවා.

මේ අස්සේ ලොවම හිනස්සන ප්‍රෝඩාකාරී විහිළු ද කරනවා. 100%ක් රජයට අයත්, රාජ්‍ය නිලධාරීන් මුළුමනින් පාලනය කරන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 1980 පටන් ප‍්‍රජා රේඩියෝ (community radio) යයි කියා ගන්නා ග‍්‍රාමීය විකාශයන් පවත්වා ගෙන යනවා.

ප‍්‍රජා රේඩියෝවට ලොව පිළිගත් නිර්වචනයට අනුව එය ප‍්‍රජාවට අයිති වූ, ප‍්‍රජාව නඩත්තු කරන හා ප‍්‍රජාවම අන්තර්ගතය තීරණය කරන ජනතා මාධ්‍යයක්. මේ ගුණාංග කිසිත් නැති කොත්මලේ හා ඌව වැනි “ප්‍රජා” යයි කියා ගන්නා රේඩියෝ මෙරට තිබෙනවා. සැබෑ තත්ත්වය නොදත් හෝ නිරවුල් අවබෝධයක් නැති හෝ මාධ්‍ය ශිෂ්‍යයන් මෙන්ම සමහර විදේශිකයන් ද මේ රැවටීමට ලක් වනවා.

7 June 2007: Lions and community radio: part of Sri Lanka’s mythical lore

22 Oct 2003: Radio suffers as Colombo bosses call the shots. By Nalaka Gunawardene. Panos Features, London.

fullමුළුමනින්ම වාණිජ අරමුණු ඇති වෙළඳ සමගම්වලට FM රේඩියෝ විකාශනයන් අරඹන්නට බලපත‍්‍ර රැසක් නිකුත් කර ඇතත් එදා මෙදා තුර කිසිදු සිවිල් සමාජ සංවිධානයකට, පර්යේෂණායතනයකට හෝ පුරවැසියන් පිරිසකට සැබෑ ප්‍රජා රේඩියෝ අරඹන්නට එබඳු බලපත‍්‍රයක් ලබා දී නැහැ. මේ ඇයි?

මේ ගැන මීට වසර ගණනාවකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියාතික මාධ්‍ය වැඩමුළුවකදී එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාර් අබේසිංහගෙන් විමසනු ලැබුවා. එවිට ඔහු කීවේ සැබෑ ප‍්‍රජා රේඩියෝ සඳහා මෙරට අවසර දීමට තරම් (එවකට රජයට) සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් ගැන විශ්වාසයක් නොතිබූ බවයි.

මෙයට අභියෝග කෙරුණු විට ඔහු උදාහරණයකට ගත්තේ දැන් සියවසක් පැරණි සමූපකාර ව්‍යාපාරයයි. උතුම් අරමුණු පෙරදැරි කර ගත් සමූපකාර සංකල්පය අයාලේ ගොස් විනාශ වූයේ දේශපාලනය එයට පිවිසීම නිසා බවත්, ප‍්‍රජා සංවිධානවලට රේඩියෝ බලපත් දුන් විට දේශපාලන පක්ෂ එය ප‍්‍රචාරණ මෙවලමක් බවට පත් කර ගැනීමේ අවදානමක් ඇති බවත් ඔහු තර්ක කළා.

විද්‍යුත් මාධ්‍ය දේශපාලනීකරණය වී ඇති බව ඇත්තයි. රාජ්‍ය මාධ්‍ය පවතින රජයට අසීමිත ලෙස ප‍්‍රචාරක හොරණෑ බවට පත් වන අතර පෞද්ගලික මාධ්‍ය ද ඒවායේ හිමිකරුවන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්ට විවෘතවම පෙනී සිටිනවා. මෙය මෑත වසරවල ඉතා හොඳින් අප අත්දුටු යථාර්ථයක්.

කුමාර් අබේසිංහ රජා සංවිධාන විද්යුත් මාධ් ක්ෂේතරයට පිවිසීම වැළැක්වීම යුක්ති යුක්ත කිරීමට මතු කළ අවදානම පෞද්ගලික රේඩියෝ නාලිකා හරහා දැනටමත් හොඳටම සිදු වී තිබෙනවා.

මෙනයින් බලන කොට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රවල නිසි දැක්මක් හා නිශ්චිත ප‍්‍රතිපත්ති නැති කමින් අපේ රට දශක ගණනක් තිස්සේ වැරදි මාර්ගවල යනවා. රෑ වැටුණු වළේ දවාලෙත් යළි යළිත් වැටෙනවා. එසේ වූවාට පසුතැවීමක් හෝ වැරදි හදා ගැනීමක් ද එතරම් පෙනෙන්නට නැහැ.

ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?
ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඒජන්සිය හෙවත් ICTA නම් රජයේ ආයතනය ගැන මීට පෙර 2015 මාර්තු 15දා කොලමින් ද අපි කතා කළා. 2003 පටන් මහජන මුදලින් හා විදේශාධාරවලින් නඩත්තු කරන මේ ආයතනයේ ඵලදායීතාව ගැන බරපතල ප‍්‍රශ්න තිබෙනවා.

15 March 2015: සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

2015 අපේ‍්‍රල් 12 වනදා සන්ඬේ ටයිම්ස් පුවත්පත ICTAහි අලූත් ප‍්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේ සමග සාකච්ඡාවකින් ලියූ වාර්තාවක් පළ කළා. එහි වැඩි කොටසක් වෙන්කර තිබුණේ මෑතදී ඇරැඹූ, ප‍්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රැහැන් රහිත ඉන්ටර්නෙට් සේවා (free public WiFi) ලබා දීම ගැන කතා කරන්නයි.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිවරණ ප‍්‍රකාශනයෙහි මෙසේ නොමිලයේ WiFi ලබා දීමට පැහැදිලිව ප‍්‍රතිඥා දී තිබුණා. ටෙලිකොම් සමාගම් හරහා මේ පොරොන්දුව ඉටු කිරීම ICTA ආයතනය මගින් සම්බන්ධීකරණය කිරීමේ කිසිදු වරදක් නැහැ.

එහෙත් මෙබඳු සන්දර්ශනාත්මක මට්ටමේ වැඩවලින් ඔබ්බට දිවෙන රතිපත්තිමය හා දිගුකාලීන පියවර ගැනීමට ICTA රමුඛත්වය දිය යුතුයි. ගෙවී ගිය දශකයේ ICTA නොකළේ එයයි.

The Sunday Times, 12 April 2015: ICTA steps into its next project, ‘ICT for Citizen Journalism’

Muhunthan Canagey - image courtesy ReadMe.lk
Muhunthan Canagey – image courtesy ReadMe.lk

සන්ඬේ ටයිම්ස් වාර්තාවේ අවසානයේ කනගේ කියන්නේ ICTA ආයතනයේ ඊළඟ ව්‍යාපෘතිය ‘තොරතුරු තාක්ෂණය හරහා පුරවැසි මාධ්‍යවේදය’ බවයි. මෑතකදී එයට පාලක මණ්ඩල අනුමැතිය ලද බවත් ඔහු කියනවා.

සන්ඬේ ටයිම්ස් වාර්තාකරු නිවැරදිව ඔහුට උපුටා දක්වා ඇතැයි උපකල්පනය කරමු. එවිට මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ නව සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා පුරවැසියන් හසු කර ගන්නා ඡායාරූප හෝ වීඩියෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට යැවීම ගැන ජනතාව දැනුවත් කොට එයට අවශ්‍ය හැකියාව ලබා දීමලු. මේ හරහා පුරවැසියන් 100,000ක් සම්බන්ධ කර ගන්නට ICTA අදහස් කරනවාලූ.

පුරවැසි මාධ්‍යකරණය ගැන අප මේ කොලමින් විස්තරාත්මකව විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. ඒ සැම විටම අප අවධාරණය කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් නිසා අද ඕනැම කෙනකුට තමාගේම තොරතුරු, රූප, වීඩියෝ හා අදහස් එසැනින් සමාජමාධ්‍යගත කළ හැකි බවයි.

බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් නිතිපතා කරන්නේ මෙයයි. මෙය අලූත් දෙයක් නොවෙයි. සමාජ මාධ්‍ය හා බ්ලොග් භාවිතයේ දශකයකට වැඩි අත්දැකීම් මෙරට දැන් තිබෙනවා.

පුරවැසි මාධ්‍යවලට වඩා බෙහෙවින් ගතානුගතික, පසුගාමී හා වැඩවසම් මානසිකත්වයකින් යුතු මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද මෑතක පටන් තමන්ගේ පුවත් සම්පාදනයට පුරවැසි දායකත්වය ලබා ගන්නට තැත් කරනවා. News 1st කරන U-Report (http://ureport.lk/) උදාහරණයක්. මේ ස්වේච්ඡා පුරවැසි මාධ්‍ය ජාලයට දැන් 18,000කට වැඩි සංඛ්‍යාවක් බැඳී සිටිනවා.

එහෙත් පුරවැසි මාධ්‍යකරණය (citizen journalism) යනු ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට (සලකා බලා කැමති පරිදි භාවිතයට) බිම් මට්ටමෙන් අමුද්‍රව්‍ය සැපයීම නොව එම අධිපති මාධ්‍යවලට සමාන්තරව තමන්ගේම විකල්ප මාධ්‍ය පවත්වා ගැනීමයි. අධිපති මාධ්‍යවල දොරටු පාලකයා හරහා යන්නට සිදු වූ විට ස්වයං ප‍්‍රකාශක අයිතිය පුරවැසියන්ට අහිමිවනවා පමණක් නෙවෙයි. එම ආයතනවල රුචි අරුචිකම්වලට අනුගත වීමට ද සිදු වනවා.

හැම පුරවැසියකුටම තමන් කැමති අධිපති මාධ් ජාලයකට තොරතුරු හා රූප සැපයීමට අයිතියක් තිබෙනවා. එහෙත් රජයේ ආයතන තොරතුරු සමාජයේ ඉදිරි ගමන රවර්ධනය කළ යුත්තේ ස්වයං රකාශනය හා විකල්ප මාධ් බිහි වීමට අනුබල දීම හරහායි. එසේ නැතිව අධිපති මාධ්යවලට මුක්කු ගැසීමෙන් නොවෙයි.

මේ තරම් මූලික මට්ටමේ නිරවුල් බවක් හා දැක්මක්වත් ICTA ප‍්‍රධානීන්ට නැති හැඩයි.

Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament
Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament

මෙහි තවත් ඛේදජනක පැතිකඩක් තිබෙනවා. නව රජය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමත්, ICTA ආයතනයත් අනුයුක්ත කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙරට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මුල්ම බ්ලොග් ලේඛකයායි.

2010 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් කලූතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු බවට පත් වන තුරු ඔහු වසර කිහිපයක් ‘බණ්ඩාරගම’  නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගියා. එය ඉනික්බිති නතර වූවත් දැනටත් ඔහුට ක්ෂුද්‍ර බ්ලොග් වේදිකාවක් වන ට්විටර්හි ගිණුමක් තිබෙනවා. @ajithpperera_p

ICTA ආයතනය අයාලේ යන්නේ පුරවැසි මාධ්‍යකරණ අත්දැකීම් සතු මෙබඳු දේශපාලනඥයකුගේ අධීක්ෂණය යටතේයි!

ICTA වසර 12ක පමණ කාලයක් රජයන් කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක වුවත් තොරතුරු සමාජය ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය හා දිගු කාලීන වශයෙන් ගත හැකි පියවර ගැන නිසි දැක්මක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මුල පටන් එහි ක‍්‍රියාකාරීත්වය ගැන විචාරශීලීව බලා සිටින මට එය සාක්ෂි සහිතව කිව හැකියි.

Chanuka Wattegama
Chanuka Wattegama

2003-4 වකවානුවේ ඊ-ජර්නලිස්ට්ලා යයි පිරිසක් බිහි කරන්නට මෙම ආයතනය තැත් කළ සැටි මට මතකයි. ඒ ගැන විජය පරිගණක සඟරාවේ 2004 ජනවාරි කලාපයේ කතුවැකියක් ලියමින් එහි ආරම්භක සංස්කාරක මා මිත‍්‍ර චානුක වත්තේගම කීවේ මෙයයි.

‘‘අනෙක් අතට ICTA ඒජන්සියට ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප‍්‍රචලිත කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් එයට මාධ්‍ය සම්මානදීම හෝ ඊ-ජර්නලිස්ට්ලා යයි කියමින් රජයේ මාධ්‍ය ආයතනවල තාක්ෂණ නිලධරයන් පිරිසකට පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි සෝබන වැඩ කරනවාට අමතරව තමන් කළ යුතු කාර්යයන් රාශියක් තිබේ. එහෙත් මේ කිසිදු කටයුත්තකට වඩා ඉක්මනින් කළ යුතු එකක් ලෙස ඒජන්සියේ අවධානය යොමු වී ඇත්තේ විශාල ප‍්‍රචාරයක් සේම තමනට හිතවත් මාධ්‍යවේදීන් ද උපයා ගත හැකි මාධ්‍ය සම්මාන වැඩපිළිවෙළ දෙසටවත්ද?’’

යහපාලන රජය යටතේ ICTA පාලක මණ්ඩලයට මෑතදී පත්ව සිටින චානුක වත්තේගම මැදිහත් වී හෝ ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන මේ රජයේ ආයතනය බේරා ගනු ඇතැයි අපි උදක්ම පතමු.

 

සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

Nelum Yaya bloggers award ceremony 2014
Nelum Yaya bloggers award ceremony 2014

April 2015 marks 20 years of commercial Internet connectivity in Sri Lanka. Nearly a quarter of our 21 million population is estimated to get online, most of them using mobile devices.

Blogging — as an activity of self-expression using the web – is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art. Bloggers fit into a larger new media ‘ecosystem’ called citizen journalism, which is constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 12 April 2015), I report on the winners and speeches of the recently held Nelum Yaya blog awards ceremony that recognized outstanding Sinhala language bloggers of 2014.

See also:

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards
Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත් වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.

මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003). වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදු HTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහර විට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළ වනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමු වනවා.

Ajith Dharmakeerthi, Editor of Nelum Yaya - - Photo by Randika Ahangama
Ajith Dharmakeerthi, Editor of Nelum Yaya – – Photo by Randika Ahangama

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.

ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

Kottu.org Screenshot taken on 7 April 2015 - courtesy http://readme.lk/
Kottu.org Screenshot taken on 7 April 2015 – courtesy http://readme.lk/

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (http://www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රීයව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස http://blogs.sathutu.com, ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk, ටොප් සිංහල බ්ලොග් http://topsinhalablog.com, අඹ ගහ යට http://ambagaha.blogspot.com වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් www.boondi.lk, කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් www.vikalpa.org කැපී පෙනෙන උදාහරණයි.

Ajith Perakum Jayasinghe - Photo by Randika Ahangama
Ajith Perakum Jayasinghe – Photo by Randika Ahangama

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka www.w3lanka.com නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.

ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණ කාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරි වන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් Arianna Huffington නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

Karunaratne Paranavithana
Karunaratne Paranavithana

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි!

‘සතර දිගන්තය’ http://satharadiganthaya.blogspot.com නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවී ගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිරකිරීම් මින් මතු සිදු වන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

 

Blogger of the Year 2014 Priyantha Hewage gets his Award - Photo by Randika Ahangama
Blogger of the Year 2014 Priyantha Hewage gets his Award – Photo by Randika Ahangama

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් http://maathalan.blogspot.com.

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතල සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්. http://iamdasaya.blogspot.com

බ්ලොග්වල හමු වන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.

Yashodha Sammani Premaratne (Bassi) - second best verse in blog award
Yashodha Sammani Premaratne (Bassi) – second best verse in blog award

නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයාංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. http://bassigenawathana.blogspot.com

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

More winners at Nelum Yaya bloggers award ceremony 2014
More winners at Nelum Yaya bloggers award ceremony 2014