Malima – New Directions in Innovation: Episode 1 (broadcast: 12 Jan 2012)

What’s new – or just round the corner? Join me on Malima to find out!

Malima is the Sinhala term for a compass. Malima is also the name of a new TV series on science, technology innovation that I am hosting from this month on Rupavahini, Sri Lanka’s national TV channel.

Produced by Suminda Thilakasena, the show premiered on 12 January 2012. It will be broadcast every other Thursday at 17:30 (5.30 pm) Sri Lanka time.

Malima is a half-hour show in magazine style. Each episode will have several short segments:
– compact interviews introducing accomplished Lankan inventors (with patents, awards, etc.)
– profiles of school children and/or youth who have come up with innovative devices or concepts
– interviews with leading scientists and engineers on frontiers of technology
– vignettes on traditional knowledge and Lankan technological heritage
– news from other countries on interesting new innovations or scientific insights

Dr Wijaya Godakumbura being interviewed by Nalaka Gunawardene on Malima

The first episode features:

• An interview with Dr Wijaya Godakumbura, inventor and promoter of the multi award winning Sudeepa safe bottle lamp that saves hundreds of lives

• German aircraft company e-volo has built the world’s first electric multicopter, a new kind of flying machine

• Ancient Lankan technology of extracting medicinal essence from plant products

• Interview with child inventor Sajini Jayanetti, 15, about two of her inventions: Automatic Fixed Amount Liquid Chemical Adder; and a new method to prevent drunken driving

Malima (New Directions in Innovation): Episode 1 from Nalaka Gunawardene on Vimeo.

සිවුමංසල කොලූගැටයා #46: තොරතුරු ගලනයේ වේලි බිදී යයි!

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS), I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of emerging information societies. It was published in One World South Asia on 5 December 2003.

I adapted into Sinhala parts of that interview for my Ravaya Sunday newspaper column last week (18 Dec 2011),making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet.

For this week’s column, appearing in the print edition for 25 Dec 2011, I have adapted more segments of that interview covering topics such as: violence in society and media’s role; educational potential of television; does satellie TV spread cultural imperialism; and how technology – not politicians or generals – now determine the free flow of information across borders. This cartoon, drawn by David Granlund a year ago, aptly captures that last point!

A welcome dam breach, this one! - cartoon by Dave Granlund

See also my essay of 19 Dec 2010: Living in the Global Glass House: An Open Letter to Sir Arthur C Clarke

ප්‍රබලව මතුව එන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා. එහි අරමුණ වූයේ අද තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වූ ක්ලාක් එවකට දැකිය හැකි අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ලෝකය සමග ඛෙදා ගැනීමයි.

පසුගිය සතියේ (2011 දෙසැම්බර් 18) ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා. අද එහි ඉතිරි කොටස.

නාලක: භූස්ථාවර කක්ෂයේ (Geostationary orbit) රදවන ලද පණිවුඩ චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් ඇති කළ හැකි යයි ඔබ මුල් වරට පෙන්වා දී වසර 50ක් ගත වී තිඛෙනවා. මේ අඩ සියවස ගැන ඔබේ අදහස් මොනවා ද?

ක්ලාක්: තාක්ෂණික දියුණුව කෙසේ සිදු වේද යන්නත්, එය කෙතරම් ඉක්මනින් සිදු විය හැකි ද යන්නත් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. 1945දී මා Wireless World සගරාවේ ලිපිය ලියන කාලයේ සිතුවේ පණිවුඩ චන්ද්‍රිකා සැබැවින් නිර්මාණය වී උඩුගුවනට යන්නට අඩු තරමින් වසර 50ක්වත් ගත වනු ඇති කියායි. එමෙන් ම ඒවා මහා පරිමාණයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වේ යයි ද, ඒවා නඩත්තුවට කක්ෂගත වූ කාර්මික පිරිස් සිටිනු ඇතැයි ද මා සිතුවා. එහෙත් (1948 දී නිපද වූ) ට්‍රාන්සිස්ටරය හා 1950 ගණන්වල සිදු වූ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික නිපදවීම් නිසා 1940 ගණන්වල අප දැන සිටි තාක්ෂණ මට්ටමට වඩා ඛෙහෙවින් සංකීර්ණ, සංයුක්ත හා ස්වයංක්‍රීය වූ චන්ද්‍රිකා නිපදවීමට හැකියාව ලැබුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණය ලොකු ඉදිරි පිම්මක් පනින්නට සමත් වුණා. මගේ ලිපිය පළ වී වසර 20ක් ගෙවී ගිය තැන – 1965දී – මුල් ම වාණිජමය පණිවුඩ චන්ද්‍රිකාව (Early Bird) උඩුගුවන් ගත කළා. ට්‍රාන්සිස්ටරය නිපදවූයේ නැතිනම් සමහර විට චන්ද්‍රිකා තාක්ෂණය මෙන් ම අභ්‍යවකාශ තරණයේ සෙසු ජයග්‍රහණත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.

පණිවුඩ චන්ද්‍රිකා අධ්‍යාපනික වශයෙන් වැදගත් ටෙලිවිෂන් වැඩසටහන් විකාශය කිරීමට යොදා ගත යුතු බව ඔබ කලක සිට විශ්වාස කරනවා. අද වන විට ව්‍යාප්තව ඇති චන්ද්‍රිකා ටෙලිවිෂන් සේවාවන් මේ කාර්යය හරි හැටි ඉටු කරනවා ද?

අද ලෝකයේ සිටින ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවන් දෙදෙනකු වන රූපර්ට් මර්ඩොක් සහ (CNN ආරම්භක) ටෙඩ් ටර්නර් සමග චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වන්නට මෑත අවස්ථා දෙකකදී මට හැකි වුණා. එහිදී මා ඔවුන් දෙදෙනාට චන්ද්‍රිකා ටෙලිවිෂන් මාධ්‍යය හොදට හා නරකට යොදා ගැනීම පිළිබ`දව අවවාද කිහිපයක් දුන්නා. මා මුලින් ම සිහිපත් කළේ බ්‍රිතාන්‍යයේ පුවත්පත් හිමිකරුවන් සම්බන්ධයෙන් කලකට ඉහත බ්‍රිතාන්‍ය අගමතිවරයකු කී කථාවක්. ඔහු කීවේ පුවත්පත් හිමිකරුවන් වගකීමකින් තොර වූ බලයක් නතු කර ගෙන එය හසුරුවන බවත් ඉතිහාසය මුළුල්ලේ මෙබඳු තැනක් හිමි කර ගෙන සිටියේ ගණිකාවන් පමණක් බවත් (“The privilege of the harlot throughout the ages: power without responsibility.”)

මෑතක් වන තුරු මුද්‍රිත මාධ්‍යය හිමි කර ගෙන සිටි බලයටත් වඩා විශාල බලයක් අද ටෙලිවිෂන් මාධ්‍යය ලබා ගෙන තිඛෙනවා. මෙසේ මිනිස් සිතුම් පැතුම්, චර්යාවන් හා ජීවන රටාවන් සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් වන ටෙලිවිෂනයට, ඒ හා සමානුපාතික වූ ඉමහත් වගකීමක් ද අනිවාර්යෙන් ම පැවරෙන බව මා මේ දෙපළට කියා සිටියා.

දියුණු වන ලෝකයේ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ තවමත් සැළකිය යුතු ප්‍රමාණයකින් බටහිර වැඩසටහන් දැකිය හැකියි. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

යම් මට්ටමකින් ‘විද්‍යුත් අධිරාජ්‍යවාදයක්’ ලෝකයේ සිදු වන බව අප පිළිගත යුතුයි. පවතින වෙළඳපොළ ආර්ථීක රටාව තුළ මෙය මුළුමනින් නතර කිරීමට හෝ අධික ලෙස පාලනය කිරීම අපහසුයි. අනෙක් අතට මෙබඳු ප්‍රවණතා නිසා සිදු වන්නේ සමාජයේ නිරායාසයෙන් ම සිදු වන්නට නියමිත විපර්යාසයන් වඩාත් ඉක්මනින් සිදු වීමයි.

සුබවාදීව බලන විට තාක්ෂණය හා බද්ධ වූ නව සන්නිවේදන මාධ්‍ය මඟින් අපේ සංස්කෘතික දායාදයන්, උරුමයන් හා සිරිත් විරිත් අනාගත පරම්පරාවලට දැක බලා ගත හැකි පරිදි සංරක්ෂණය කර තැබීමට අවස්ථා ලැඛෙනවා. සමහර විට සැබෑ ලෝකයේ ක්‍රමයෙන් තුරන් වී ගෙන යන ඇතැම් ජන කලා හා සංස්කෘතික අංග අපේ දූ දරුවන්ට දැක බලා ගත හැකි වනු ඇත්තේ ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් හා CD බඳු මාධ්‍ය තුළින් පමණක් විය හැකියි. ඉතිහාසවේ මීට පෙර වකවානුවල පැවැති වටිනා කලා ශිල්ප හෝ සාංස්කෘතික අංග එසේ සුරකින්නට හැකියාවක් තිබුණේ නැහැ.

නිදහසේ තොරතුරු ගලායාම (free flow of information) මින් ඉදිරියට තීරණය කරන්නේ ඉංජිනේරුවන් විසින් මිස දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ විසින් නොවන බව ඔබ කියන්නේ ඇයි?

එළඹෙන දශකය තුළ වඩ වඩාත් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් හා සංචාරකයන් ජංගම දුරකථන ලෝක ව්‍යාප්ත මට්ටමින් භාවිතා කරනු ඇති. එමෙන් ම කටහ`ඩ සන්නිවේදනයට පමණක් සීමා නොවී, ඔවුන්ට හ`ඩ හා රූප දෙක ම සන්නිවේදනය කළ හැකි වනු ඇති. ඒ ස`දහා පහසුවෙන් අතේ ගෙන යා හැකි, ජංගම සන්නිවේදන කට්ටල භාවිතයට එනවා. මේවා පණිවුඩ හුවමාරු කරන්නේ පොළව මත ඇති විදුලි සංදේශ රැහැන් පද්ධති හරහා නොව, පණිවුඩ චන්ද්‍රිකා හරහායි. මෙම කට්ටල වඩාත් ලාබදායී වන විට රට රටවල් අතර සංචාරයේ යෙදෙන හැම දෙනකු ම පාහේ මේවා භාවිතා කරන්නට පටන් ගනීවි. එවිට දේශීය මට්ටමේ දුරකථන හා අනෙකුත් සන්නිවේදන සේවා මත ඔවුන්ට යැපෙන්නට සිදු වන්නේ නැහැ.

මෙහි ප්‍රතිඵලය සිතා බලන්න. තමන්ගේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රජය, හමුදා හෝ අන් පාක්ෂිකයන් විසින් සිදු කරන අපරාධ හෝ සමූල ඝාතන බදු කිසිවක් පිටස්තර ලෝකයෙන් තව දුරටත් වසන් කරන්නට රටකට හැකි වන්නේ නැහැ. මෙබදු නව සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා හො`ද හැටි භාවිතා කරන කැපවීමකින් යුතු මාධ්‍යවේදීන් සිටින විට අකටයුතුකම් කිරීමෙන් වැළකී සිටීමට රාජ්‍ය පාලකයන් හා වෙනත් බල කණ්ඩායම් මත ලොකු බලපෑමක් ඇති කෙරෙනවා.

සමහරුන් අද දවසේ ප්‍රචලිත ප්‍රචණ්ඩත්වය තාක්ෂණයේ අතුරු ඵලයක් යැයි කියනවා. ඔබ මේ තර්කයට එකඟ වනවාද?

ප්‍රචණ්ඩත්වය යනු පරිනාමීය ඉතිහාසය මුළුල්ලේ මානව වර්ගයා සතුව තිබු ලක්ෂණයක්. මේ නිසා එය තාක්ෂණයෙන් ඉස්මතු වූවා යැයි කීම වැරදියි. තාක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කළ හැකි මාර්ග හා අවස්ථා ප්‍රමාණ වැඩි කිරීමයි. තාක්ෂණය මෙසේ අනිසි හා අයහපත් ලෙස යොදා ගැනීම මිනිස් මනසේ වරදින් සිදුවන දෙයක්.

මා විශ්වාස කරන්නේ ඕනෑ ම ශිෂ්ටාචාරයක ඉදිරි ගමනට තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳ ගෙන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවක් සමාන්තරව සිදු විය යුතු බව. එසේ සිදු නොවී, තාක්ෂණය පමණක් කඩිමුඩියේ ඉදිරියට ගිය හොත් වැඩි දුර යන්නට කලින් ස්වයං විනාශයක් සිදු වෙනවා. අපේ වර්ගයා මුහුණ දී තිඛෙන ලොකු ම අන්තරාය මෙයයි.

මා සිතන්නේ අද සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ප්‍රචණ්ඩත්වය සඳහා යම් තාක් දුරට වගකීම ටෙලිවිෂන් මාධ්‍යය භාර ගත යුතු බවයි. (එහෙත් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන එක ම මාර්ගය මෙය නොවෙයි.) සිය ගණන් අහිංසක මිනිසුන්ට, දරුවන්ට මරු කැඳවන, නැතහොත් ඔවුන් සදාකාලිකව ආබාධිත කරවන බෝම්බ, වෙඩි තැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යම් තරමක හෝ දායකත්වයක් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් ලැඛෙනවා. බොහෝ විට චිත්‍රපට හා ටෙලිවිෂන් වෘතාන්ත කථාවල පෙන්නුම් කරන දෙයක් නම් යුක්තිය, සාධාරණත්වය හෝ සත්‍යය සඳහා සටන් කරන අයට ඕනෑ තරම් ප්‍රචණ්ඩ ක්‍රියා කළ හැකි බව. මෙය ළමා හා තරුණ මනසට ව්‍යාකූල හා වැරදි අදහස් ඇතුළු කරන්නට පුළුවන්.

ටෙලිවිෂන් මාධ්‍යයේ නියැලී සිටින සමහරුන් කියන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් වෙතින් එන ඇතැම් චිත්‍රපට තමන්ගේ නිෂ්පාදනවලටත් වඩා පහත මට්ටමක් පවතින බවයි.

මෙය පිළිගත හැකි සංසන්දනයක් නොවෙයි. චිත්‍රපටවල හා ටෙලිවිෂන් වැඩසටහන්වල නිරූපනය වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන තවත් තර්කයක් නම් ඇතැම් මිනිසුන් තුළ සහජයෙන් පැන නඟින ප්‍රචණ්ඩ සිතුවිලි මෙබඳු නිර්මාණ නැරඹීම නිසා අවිහිංසක ලෙස පහ වී යන බවත් (catharsis), ඒ නිසා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩකම් කිරීමට ඔවුන් නොපෙළඹෙන බවත්. මෙය ද පිළිගත හැකි තර්කයක් නොවෙයි. චිත්‍රපට හා ටෙලිවිෂන් ඇත්තට ම මිනිස් චර්යාවන්ට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනවා නම්, කෝටි ගණන් මුදල් වැය කරමින් ටෙලිවිෂන් දැන්වීම් පෙන්වන්නට වෙළඳ ආයතන ක්‍රියා කරයි ද?

ප්‍රතිපත්තියක් හැටි මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. එහෙත් අද දවසේ සමහර ටෙලිවිෂන් නාලිකා විකාශය කරන බාල මට්ටමේ, හරසුන් වැඩසටහන් ගැන සිතන විට යම් තරමක හෝ විනයක්, වගකීමක් මාධ්‍ය තූළින් මතු නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට සිදු වනවා.

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.

සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

This is the Sinhala text of my weekly column in Ravaya newspaper of 20 Nov 2011. This week, I continue our discussion on Internet freedom: what can – and must – be regulated online, and how regulation is fundamentally different from control and censorship. I insist that conceptual clarity is as important as technical understanding of how the Internet works.

Similar grounds was covered in two blog posts:
April 2007: Press Freedom in the Digital Age – Seeing beyond our noses and tummies
May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

The web is (largely) free for now...but for how long? Assorted babus are out to cage it!

දස වසරක් කියන්නේ මානව ඉතිහාසයට කෙටි කාල පරාසයක්. එහෙත් මානවයකුගේ ජීවිතයේ සැළකිය යුතු කාල වකවානුවක්. නව සන්නිවේදන තාක‍ෂණයන් පැත්තෙන් බැලූවොත් දිගු කාලයක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ එක් වසරක් තුළ සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක තරම් පරිනාමයක් සිදු වනවා. මේ පරිනාමීය සීඝ්‍රතාව හා එයින් මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට ඇති වන බලපෑම් ගැන අවධියෙන් සිටීම වැදගත්.

දස වසකට පෙරල 2001 ලෝක මාධ්‍ය නිදහස් සමරු දිනය (මැයි 3) සමරන්නට කර්තෘ මණ්ඩල සංසදය හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ගණනාවක් එක්ව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ රැස්වීමේ කථීකයකු ලෙස මටත් ඇරැයුම් කළා. සංවිධායකයන් මගෙන් ඉල්ලා සිටියේ නව සන්නිවේදන තාක‍ෂණයන් මාධ්‍ය නිදහසට දායක වන සැටි ගැන කථා කරන්නයි.

එවකට ජංගම දුරකථන භාවිතය ඇරඹී වසර 12ක් හා වාණිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් ලංකාවට හදුන්වා දී වසර 6ක් ගත වී තිබුණා. නමුත් ජංගම දුරකථනවල වටිනාකම හදුනා ගත්ත ද මාධ්‍ය ආයතන ඉන්ටර්නෙට් ගැන හරිහැටි අවබෝධයක් ලබා තිබුණේ නැහැ. ගෝලීය ප්‍රවණතා හා ආසියා කලාපීය අත්දැකීම් හුවා දක්වමින් මා තර්ක කළේ එළඹෙන වසරවල මාධ්‍ය නිදහසට හා තොරතුරු ගලනයට විප්ලවීය දායකත්වයක් ඉන්ටර්නෙට් හරහා ලැඛෙන බවයි. ඉන්ටර්නෙට් ප්‍රගමනය මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වන අතර එයින් නව අභියෝග ද මතු කරන සැටි මා පෙන්වා දුන්නා.

මගේ කරුණු දැක්වීම මෙරට මාධ්‍යවේදීන්ට අදාල නොවන ‘බටහිර’ සංකල්පයක් බවට ප්‍රබල තර්කයක් සභාවෙන් මතුව ආවා. මාධ්‍යවේදීන් හා කතුවරුන් බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් පුන පුනා කියා සිටියේ රජය හා මාධ්‍ය හිමිකරුවන්ගෙන් විවිධාකාර හිරිහැර විදින අපේ මාධ්‍යවේදීන්ට ‘ඔය ඉන්ටර්නෙට් විලාසිතාවලට කාලයක් නැති’ බවයි. එක් පසෙකින් මරණීය තර්ජනවලට මුහුණ දෙමින්, තවත් පසෙකින් අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ වැඩ කරමින් සිටින බහුතරයක් මාධ්‍යවේදීන්ට ඉන්ටර්නෙට් ගැන කථා කිරීම ම ඔවුන්ට අවමන් කිරීමක් බවට එක් තරුණ මාධ්‍ය සගයෙක් කියා සිටියා!

ඔවුන්ගේ සංදේහවාදය (scepticism) අගය කරමින් මා ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස සදහා අරගල කරද්දී අද ගැන පමණක් නොව හෙට ගැන ද අවධානය යොමු කරන ලෙසයි. ඉන්ටර්නෙට් පෙරටු කරගත් නව සන්නිවේදන තාක‍ෂණයන්ගේ සිඝ්‍ර ව්‍යාප්තිය සමග සාම්ප්‍රදායිකව තොරතුරු ගලනය පාලනය කරන්නට රාජ්‍යයන්, සමාගම් හා වෙනත් බලාධිකාරයන් යොදා ගත් උපක්‍රම තව දුරටත් සාර්ථක නොවනු ඇතැයි මා අනාවැකි පළ කළා. එහෙත් ඒ තොරතුරු ප්‍රවාහය උත්සන්න වීමත් සමග තොරතුරු ජනනය හා ගලනය කරවන මාධ්‍යවේදීන් හා අනෙකුත් විද්වතුන්ට අළුත් වගකීම් සමුදායක් බිහි වන බවත්, තොරතුරු ප්‍රවාහයට වේලි බැදීමේ නව උපක්‍රම බලාධිකාරීන් සොයා ගනු ඇති බවත් මා තව දුරටත් කියා සිටියා.

එදා ආවේගශීලීව මා සමග තර්ක කළ තරුණ මාධ්‍යවේදීන් වසර පහක් යන්නට පෙර තමන්ගේ ම ප්‍රවෘත්ති හෝ මතවාදී වෙබ් අඩවි ඇරඹීම දෙස මා බලා සිටියේ උපේක‍ෂා සහගතවයි. එමෙන් ම දස වසක ඇවෑමෙන් ඉන්ටර්නෙට්, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මා එදා කී ලෙසින් ම සංවාදයක් ඇති වී තිඛෙන ආකාරය මා දකින්නේ ද මහත් ඕනෑකමින්.

සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් 1990 සිට මෙරට ක්‍රියාත්මක වූවත් වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වුණා.

මේ වන විට මෙරට ජනගහනයෙන් අඩු තරමින් සියයට 10ක් (ලක‍ෂ 20 ක් දෙනා) නිතිපතා ඉන්ටර්නෙට් පරිශීලනය කරනවා. (ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මීට අඩුයි. ඇතැම් දෙනා හවුලේ භාවිත කරන ගිණුම් රැසක් තිඛෙනවා.) සෘජුව භාවිත කරන ජන සංඛ්‍යාවට අමතරව එම මාධ්‍යයේ බලපෑම වක්‍රව ලබන තවත් ජන පිරිසක් ද සිටිනවා.

අද වන විට ඉතා විශාල තොරතුරු සමුදායක් නිතිපතා ඉන්ටර්නෙට් හරහා හුවමාරු වනවා. එය විවිධ මට්ටම්වල සිදු වනවා. පුද්ගලයන් හෝ ආයතන අතර පෞද්ගලිකව සිදුවන හුවමාරු තිඛෙනවා. (email, Skype, Facebook කථා බහ ආදිය). මේවා සෙසු අයට විවෘත නැහැ. ඇතැම් වෙබ් අඩවි ද මුරපදයක් (password) යොදා අවසර ගෙන ඇතුල් විය යුතු ආකාරයේ ඒවායි. සමහර මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයිතියි.

එසේ නොමැතිව ඕනෑ ම කෙනෙකුට නොමිළයේ පිවිසීමට හැකි වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. ඒවා තුළ ප්‍රවෘත්ති, මතවාද, ඡායාරූප, කාටුන් රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික හා වෙනත් විශේෂිත අන්තර්ගතයන් තිඛෙනවා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි, මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන්නට තැත් කරන වෙබ් අඩවි මෙන්ම අසභ්‍ය පින්තූර හා විඩියෝ ඇතුළත් අඩවි ද තිඛෙනවා.

බලා ගෙන ගියා ම මුද්‍රිත මාධ්‍යයේත් අඩු වැඩි පමණට මේ විවිධත්වය හමු වනවා. එහෙත් එක් ප්‍රධාන වෙනසක් වන්නේ මුද්‍රිත මාධ්‍ය සංසරණයට තැපෑල හෝ පත්තර ලෑලි හෝ පොත් සාප්පු හෝ අවශ්‍ය වූවත් ඉන්ටර්නෙට් හරහා මේ අන්තර්ගතයන් පරිශීලනයට අවශ්‍ය වන්නේ පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් හා ඉන්ටර්නෙට් පහසුකම පමණයි. එ නිසා නිවසේ, කාර්යාලයේ මෙන් ම මහමගදී වූවත් එයට බද්ධ විය හැකියි.

අතට හසු නොවන, මනසට පවා නුහුරු මේ අළුත් ‘සෙල්ලම’ ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමගයි. අළුත් දෙයකට හුරු වන්නට කල් ගත වීම ස්වාභාවික වූවත්, දිගින් දිගට ම නව මාධ්‍යයක් දෙස වපර ඇසින් බැලීම හොද ද?

වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයට හා කාලීන සිදුවීම් විග්‍රහයන්ට යොමු වීමයි. මේ ප්‍රවණතාව රජයට පමණක් නොව සාම්ප්‍රදායික ජන මාධ්‍යවලටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙනවා.

ලොව පුරා ම ඉන්ටර්නෙට් හරහා පමණක් ප්‍රවෘත්ති ඛෙදා හරින හා අදහස් ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවි ගණන වැඩි වෙමින් තිඛෙනවා. මේවා ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත්වල වෙබ් අඩවිවලට වඩා ආකෘතියෙන් හා ස්වභාවයෙන් වෙනස්. යම් තරමකට මේවා සම කළ හැක්කේ පැය 24 පුරා ම පුවත් ආවරණයේ යෙදෙන, චන්ද්‍රිකා හරහා විකාශය කැරෙන ටෙලිවිෂන් නාලිකාවලටයි (උදා. CNN). දේශ සීමා හා රාජ්‍ය නීතිරීතිවලට නතු නොවී වාර්තාකරණයේ යෙදීමේ හැකියාව මේ දෙවර්ගයට ම තිඛෙනවා. අසාධාරණ මාධ්‍ය මර්දනය හෝ නිල පුවත් පාලනයක් හෝ පවතින රටවල (උදා. බුරුමය) සැබෑ තොරතුරු එරට වැසියන් දැන ගන්නෙත්, පිටස්තර ලෝකයට යන්නේත් මෙබදු සේවා හරහායි.

ඉන්ටර්නෙට් යනු මුළුමනින් පාලනය (control) කළ හැකි මාධ්‍යයක් නොවේ. අපේ රට තුළ වෙබ් අඩවි තහනම් කිරීම ගැන විටින් විට සංවාදයන් මතු වනවා. වෙබ් අඩවියක් තහනම් කිරීම යනුවෙන් මෙරට අදහස් වන්නේ රට තුළ ඉන්ටර්නෙට් සබදතා හරහා යම් වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම (blocking) පමණයි. ඒ වෙබ් අඩවි සෙසු ලෝකයට ම බලා ගත හැකියි. එසේම චරදංහ නම් වට රවුම් තාක‍ෂණික ක්‍රමයක් හරහා අවහිර කළ වෙබ් අඩවි මෙරට සිට බලා ගන්නටත් හැකියි. මෙරට හිතුමතයට, හිතෙන වෙලාවට වෙබ් අඩවි අවහිර කරන්නට බලධාරීන් කි්‍රයා කළත් පරිනත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල එසේ කළ හැක්කේ අධිකරණ නියෝග මත පමණයි. එහිදී නිශ්චිත අපහාසයක් හෝ අගතියක් හෝ සිදු වන බවට අධිකරණයට ඒත්තු ගිය යුතුයි.

පුවත් වාර්තාකරණයේ යෙදෙන ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල හිමිකරුවන් හා සංස්කාරකයන් සොයා ගත නොහැකි යයි කීම මුළුමනින් ම සත්‍ය නැහැ. ඉන්ටර්නෙට් අක්මුල් ආපසු සොයා ගෙන යා හැකි තාක‍ෂණයක්. අවශ්‍ය තාක‍ෂණික දැනුම, ශිල්ප ඥානය හා අධිකරණ නියෝගයක් තිබේ නම් අනන්‍යතාවය හෙළි නොකර ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවියක පසුබිම අනාවරණය කර ගත හැකියි. එහෙත් එය ලෙහෙසි නැහැ. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවි යොදා ගන්නා වෙබ් ඉඩකඩ (servers) ඇත්තේ බටහිර රටවල හෝ සිංගප්පූරුව වැනි ස්ථානවලයි. (මෙයට වෙළදපොල හේතු තිඛෙනවා)

ලංකාවේ ඉන්ටර්නෙට් ආගමනය වූ දා පටන් ඒ ගැන අධ්‍යයනය කරන මා මිත්‍ර චානුක වත්තේගම කියන්නේ රුසියාව වැනි රටවල් එබදු සහයෝගය නොදෙන නිසා එබදු රටක වෙබ් අඩවියක් මුල්ගත (host) කළොත් එහි හිමිකරුවන් හදුනාගැනීම දුෂ්කර වන බවයි.

චානුක අවධාරණය කරන පරිදි, මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, සගරා) හා විද්යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) සම්බන්ධයෙන් අදාල භෞතික තත්ත්වයන් හා නියාමන/පාලන හැකියාවන් ඉන්ටර්නෙට් මාධ්‍යයට ඍජුව අදාල නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එය මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන් භෞතික ලෝකයේ සංසරනය වන මාධ්‍යයක් නොවෙයිග පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් මානසිකත්වයේ හැදී වැඩුණු අප බොහෝ දෙනකුට ඉන්ටර්නෙට් සංකල්පමය අභියෝගයක් එල්ල කරනවා.

ඉන්ටර්නෙට් මුල පටන් ම සැළසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරියකට (රාජ්‍ය, හමුදා හෝ සමාගම්) නතු කර ගෙන පාලනය කළ නොහැකි ලෙසටයි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක‍ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් අමෙරිකානු රජයට වුවත් ඉන්ටර්නෙට් හසුරුවන්නට බැහැ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රාජ්‍ය තාන්ති්‍රක රහස් හෙළදරවු වීම නතර කරන්නට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබුණත් එයට තාක‍ෂණික හැකියාවක් තිබුණේ නැහැ. තනි රජයකට නොව ලෝකයේ රාජ්‍යන්ගේ සාමුහිකය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පාලනය පිළිබද අවසන් බලතල නැහැ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික, අනාරක‍ෂිත හා අන්තරාදායක පරිසරයක් යන්න නොවෙයි. ඉන්ටර්නෙට් හරහා ඩිජිටල් (අංකිත) ස්වරූපයෙන් තොරතුරු ගලා යාමට ලොව පුරා ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාත්මක ප්‍රමිතීන් හා එකගතාවයන් තිඛෙනවා. ඒවා ස්වයං නියාමනය කැරෙන ක්‍රමවේදයන් ද පසුගිය වසර 25 තුළ බිහි වී තිඛෙනවා.

සරල උදාහරණයකට රාවය වෙබ් අඩවියේ www.ravaya.lk ලිපිනය බලන්න. මේ ලිපිනය (URL) රාවය වෙඩ් අඩවියට සුවිශේෂීයි. එය ලබාගෙන ඇත්තේ .lk මගින් අවසන් වන සියළු වෙබ් ලිපිනයන් අනුමත කිරීමේ බලය ලත් LK Domain Name Registry (www.nic.lk) නම් ආයතනයෙන්. එය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වෙතත් එහි බල මූලය වන්නේ ICANN (www.icann.org) නමැති ලෝකයේ ම වෙබ් නාමකරණය නියාමනය කරන සංවිධානයයි. ඔබ .lk නොකැමති නම් .com හා .org වැනි ලිපිනයන් භාවිත කළ හැකියි. ඒවා නිකුත් කිරීමේ වරම ඇති සමාගම් විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එහෙත් ඒ සියල්ල අන්තිමේදී සම්බන්ධ වන පොදු ICANN ප්‍රමිති හා රීති මාලාවක් තිඛෙනවා. මේ රාමුවට පිටින් යන හිතුවක්කාර කිසිවකුට ඉන්ටර්නෙට් හරහා තොරතුරු දෙන්න හෝ ලබන්න හෝ නොහැකියි. නමුත් මේ නියාමනය සිදු වන්නේ ඉන්ටර්නෙට් යටිතල පහසුකම්වලට (internet infrastructure) අදාල ව මිස ඒ හරහා ගලා යන තොරතුරු සම්බන්ධයෙන් නොවෙයි.

අප කැමති වූවත් නැතත් නව සන්නිවේදන තාක‍ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වනවා. ඒවා අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකක් තිඛෙනවා. එකක් නම් ‘ඕවා අපට එපා’ කියමින් අපේ රටට එම තාක‍ෂණය/මාධ්‍යය පිවිසීම නතර කිරීමයි. (1968දී ජර්මනියෙන් ත්‍යාග කරන්නට ගිය ටෙලිවිෂන් විකාශ පහසුකම් එවකට පැවති රජය ප්‍රතික්ශෙප කළේ ඇතැම් පණ්ඩිතයන්ගේ අවවාද නිසයි.) දෙවැනි විකල්පය නම් අවධි වූ සිහියෙන් යුතුවල නිසි නියාමනයක් (regulation) සහිතව නව සන්නිවේදන තාක‍ෂණයන් මෙරට ස්ථාපිත වන්නට ඉඩ දීමයි.

ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර, ලෝකයත් සමග ගනුදෙනු කරන තත්ත්වයකට යන්නට නම් දෙවැනි විකල්පය තෝරා ගත යුතුයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වනවා. එය හරි හැටි තෝරා බේරා නොගැනීම නිසයි අද දක්වා ම ඉන්ටර්නෙට් ගැන මේ තරම් බයක් සැකක් පවතින්නේ.

සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය

This is the Sinhala text of my Ravaya column published on 13 Nov 2011, where I continue my discussion on the future of newspapers. I look at the last newspaper boom currently on in Asia, and caution that good times won’t last for long: take advantage of it to prepare for the coming (and assured) turbulence in the mainstream media!

J Seward Johnson's statue of Newspaper Reader - at Princeton University garden

අප දන්නා විදියේ පුවත්පත්වලට වසර 400කට වැඩි ඉතිහාසයක් තිඛෙනවා. ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයත් වසර 180ක් පමණ පැරණියි. තවමත් නිතිපතා ජනතාව අතරට යන පැරණිතම ජනමාධ්‍ය වන පුවත්පත්, 21 වන සියවසේ තාක‍ෂණික හා ආර්ථීක අභියෝග ජය ගනියි ද? අප විවිධ පැතිකඩවලින් විග්‍රහ කරන ප්‍රශ්නය මෙයයි.

පුවත්පත් කර්මාන්තය සසල කරමින් ලොව බොහෝ රටවල මේ දිනවල පැතිර යන මාරුතය ගැන අප ගිය සතියේ කථා කළා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. එයට වෙනස් ප්‍රවණතාවක් ආසියාවේ දක්නට ඇති බවත් සදහන් කළා. කුමක් ද මේ වෙනස?

2000 දශකය අවසන් වන විට ආසියාවේ පුවත්පත් සදහා වෙළදපොල ඉල්ලූම වැඩිවෙමින් තිබුණා. ලෝක පුවත්පත් සංගමය (World Association of Newspapers, WAN) එකතු කළ දත්තවලට අනුව, ලොව වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 10න් 9ක් ම ඇත්තේ ආසියාවේ – එනම් ජපානයේ හා චීනයේ. පත්තර ලෑලි හරහා හෝ දායකත්වය හරහා හෝ විකිණෙන පුවත්පත්වල (නොමිළයේ දෙන පුවත්පත් නොවෙයි) සමස්ත අලෙවිය සළකන විට අද ලෝකයේ විශාලතම පුවත්පත් වෙළදපොලවල් ඇත්තේ චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් තුනේයි. සිවු වැනි තැනට එන්නේ අමෙරිකාවයි. (බලන්න: http://tiny.cc/Circ)

ලෝකයේ වෙනත් කලාපවල පාඨකයන් පුවත්පත් මිළදී ගැනීම අඩු කරන අතර ආසියාවේ එය වැඩි වෙමින් පවතින බව WAN සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා. උදාහරණයකට 2008 වසරේ ඉන්දියානුවන් මිලියන 11.5ක් දෙනා ප්‍රථම වතාවට පුවත්පත් කියවන්නට පටන් ගත්තා. මේ ඇයි?

ආසියාවේ ආර්ථීක වර්ධනයත් සමග මධ්‍යම ජාතිකයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉහළ යන ආදායම් මට්ටම් හා සාක‍ෂරතා/අධ්‍යාපනික මට්ටම් සමග පුවත්පත් සදහා ඉල්ලූම වැඩි වනවා. එමෙන්ම පත්තරයක් දිනපතා මිළට ගැනීම යම් අන්දමකින් සමාජ තත්ත්වයක් පෙන්නුම් කරන බවට පිළිගැනීමක් ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල තිඛෙනවා.

ජනගහනයට සාපේක‍ෂව වැඩිපුර ම පුවත්පත් මිළදී ගන්නා රට ජපානයයි. ලෝකයේ සියළුම රටවල සියළුම භාෂාවලින් පළ කැරෙන පුවත්පත් අතර වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 5 හමුවන්නේ ජපානයේ. පත්තර කියවීම ජපන් ජාතිකයන් අතර ඉතා හොදින් මුල් බැස ගත් පුරුද්දක්. ලංකාවේ පුවත්පත් අලෙවිය පිළිබද නිවැරදි හා පැහැදිලි තොරතුරු සොයා ගැනීම අසීරුයි. කිසිදු පුවත්පත් සමාගමක් තම අලෙවි සංඛ්‍යා හෙළි කරන්නේ නැහැ. ඇතැම් රටවල මෙන් අපක‍ෂපාතව මුද්‍රිත මාධ්‍ය ෙක‍ෂත්‍රයේ දත්ත විග්‍රහ කරන පර්යේෂණායතන ඇත්තේ ද නැහැ.%

අප ආසියාවේ දැන් අත් විදින්නේ පුවත්පත් ප්‍රකාශන ලෝකයේ දැකිය හැකි වන අවසාන සරු කාලය (world’s last newspaper boom) බව ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. පුවත්පත් පමණක් නොව ජන මාධ්‍ය හැමෙකක් ම පාහේ වැඩිපුරම පරිශීලනය වන්නේ ප්‍රචලිත වී ඇත්තේ ආසියාවේයි. එයට හේතුව (නොබෝදා බිලියන් 7 ඉක්මවා ගිය) ලෝක ජනගහනයෙන් සියයට 60ක් වෙසෙන්නේ ආසියාවේ වීමයි. තවත් හේතුවක් නම් පසුගිය දශක දෙක තුළ එතෙක් සංවෘතව තිබූ මාධ්‍ය වෙළදපොලවල් විවෘත වීම නිසා දෙස් විදෙස් ආයෝජන මාධ්‍ය ෙක‍ෂත්‍රයට වැඩියෙන් ගලා ඒමයි.

මේ වත්මන් ප්‍රවණතා දෙස බලන විට අප නිගමනය කළ යුත්තේ සෙසු ලෝකයේ දැනට සිදුවන මාධ්‍ය වෙළදපොල ගරාවැටීම ආසියාවට නොඑන බව ද? වෙළදපොල පරිනාමීය ප්‍රවාහයන්ට ඔරොත්තු දිය හැකි තරම් ආසියානු මාධ්‍ය ආයතන ශක්තිමත් බව ද?

ගෝලීයකරණය වූ තොරතුරු සමාජය තුළ ලෝක ව්‍යාප්තව පැතිර යන සැඩ සුළංවලින් ආසියාවේ අපට මුළුමනින් ම ආරක‍ෂා වී සිටිය හැකි යයි සිතීම ස්වයං මුලාවක්. 2009 අගදී මෙරට පුවත්පත් හිමිකරුවන්, කතුවරුන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිටි සභාවක් අමතමින් මා කියා සිටියේ ලෝක මට්ටමින් සිදු වන සන්නිවේදන ප්‍රවණතා මෙරටට පැමිණෙන්නට යම් තරමක ප්‍රමාදයක් ඇති බවයි.

උදහරණයකට ලෝකයේ ටෙලිවිෂන් විකාශයන් 1929දී (අමෙරිකාවේ) ඇරඹුණත් එය ලංකාවේ පටන් ගත්තේ 1979දී – එනම් වසර 50කට පසුව. එහෙත් වාණිජ මට්ටමේ ජංගම දුරකථන සේවා මුල්වරට (ජපානයේ) 1979දී ඇරැඹි දස වසක ඇවෑමෙන් 1989දී මෙරට මුල් ම ජංගම දුරකථන ජාලය ක්‍රියාත්මක වුණා. වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා 1980 දශකය අගදී ලොව දියුණු රටවල ඇරැඹුණු අතර 1995දී ලංකාවත් සයිබර් අවකාශයට සම්බන්ධ වුණා.

මේ කාලාන්තරය එන්න එන්න ම කෙටි වීම අද තොරතුරුක සමාජයේ ගති සොබාවයි. එය ප්‍රවණතාවක් හැටියට ගතහොත් හොදට හෝ නරකට හෝ මාධ්‍ය හා තොරතුරු තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ලොව ඇති වන නව රැලි නොබෝ දිනකින් ම අපේ දූපතටත් ළගා වනවා.

ලොව පුරා හමා යන මාධ්‍ය වෙළදපොල සැඩ සුළංවලින් අපව සුරැකෙන්නේ නැහැ. එයට තව වසර කිහිපයක් තුළ අපට ද මුහුණ දෙන්න සිදු වනවා. එහෙත් අපට උපක්‍රමශීලීව මේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගත හැකියි. වෙනත් දියුණු හා දියුණු වන රටවල මාධ්‍ය ආයතන මේ අභියෝගයට මුහුණ දෙන සැටි හා හැඩ ගැසෙන සැටි අප හොදින් අධ්‍යයනය කළ යුතුයි. ළග එන මාරුතයට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසීම අවශ්‍යයි.

පුවත්පත් යනු කර්මාන්තයක් වුවත් එය අනෙකුත් වාණිජමය ව්‍යාපාරවලට වඩා සංකල්පමය හා ප්‍රායෝගික අතින් වෙනස්. පුවත්පතක අන්තර්ගතය නිර්මාණය වන්නේ පූර්ණකාලීන හා නිදහස් මාධ්‍යවේදීන් ගණනාවකගේ දායකත්වයෙන්. ප්‍රවෘත්ති, විචිත්‍රාංග, ඡායාරූප හා විද්වත් ලිපි ආදිය පුවත්පත් කාර්යාලයක් ඇතුළතින් මෙන් ම පිටතින් ද ජනනය වනවා. මේ සියල්ල සමානුපාතික කොට, නිසි පිටු සැළසුමක් සහිතව කලට වේලාවට මුද්‍රණය කරන්නටත්, එම පිටපත් රට පුරා කාර්යක‍ෂමව ඛෙදා හරින්නටත් මනා සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. එමෙන්ම පුවත්පත් ආදායමට සම්මාදම් වන වෙළද දැන්වීම්කරුවන් සමග නිති සබදතා පවත්වා ගත යුතුයි.

වෙනත් භාණ්ඩ මෙන් නිපදවා ගබඩා කර ගැනීමේ හැකියාවක් පුවත්පත්වලට නැහැ. වඩාත්ම අළුත් පුවත් හා විග්‍රහයන් හැකි ඉක්මනින් පාඨකයන් අතට පත් කිරීමේ අභියෝගයට ලොව පුරා පුවත්පත් කාර්්‍යාලවල කර්තෘ මණ්ඩල මෙන්ම මුද්‍රණ හා ඛෙදා හැරීමේ සේවකයන්ද දිවා රෑ මුහුණ දෙනවා. කාලය සමග කරන මේ තරග දීවීමට සමාන්තරව ඔවුන් තමන්ගේ තාරගකාරී පුවත්පත් ගැන අවධානය යොමු කළ යුතුයි.

රටේ බල පවත්නා නීති, සදාචාරමය රීතිවලට ගරු කරමින් ඒ සම්මත රාමුව තුළ නැවුම් වූත්, සිත් ඇද ගන්නා වූත් පුවත්පතක් දිනපතා හෝ සතිපතා නිකුත් කළ යුතුයි. ඔබ මේ කියවන පත්තර පිටපත ඔබ අතට එන්නට බොහෝ දෙනකු නන් අයුරින් දායක වී තිඛෙනවා. බලා ගෙන ගියා ම පත්තරයක් කියන්නේ සුළුපටු ප්‍රයත්නයක් නොවෙයි!

එමෙන්ම පුවත්පත් යනු හුදෙක් මුද්‍රිත කොළ කෑලි සමූහයක් නොවෙයි. ප්‍රකාශන ඉතිහාසය මුළුල්ලේ දියුණු වී ආ සම්ප්‍රදායයන් හා ආචාරධර්ම රැසක් නූතන පුවත්පත් කලාවට තිඛෙනවා. ලෝකයේ හැම පුවත්පතක් ම එක හා සමාන අයුරින් මේවාට අනුගත වන්නේ නැහැ. එහෙත් පුළුල්ව පිළි ගැනෙන ‘පොදු සාධකයක්’ නම් පුවත්පත් නියෝජනය කරන්නේ හිමිකරුවන් හා දැන්වීම්කරුවන්ට වඩා පාඨකයන් ඇතුළු ජන සමාජය බවයි. මේ පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටීම නිසා මාධ්‍ය ආයතනවලට හා ඒවාට අනුයුක්ත මාධ්‍යවේදීන්ට සමාජයේ සුවිශේෂ තැනක් ලැඛෙනවා.

මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නියෝජනය කරන පුවත්පත් රැක ගැනීමට සිවිල් සමාජයේ නැඹුරුවක් තිඛෙනවා. සාමාන්‍ය මුද්‍රණාලයකට තබා පොත් මුද්‍රණය කරන ප්‍රකාශන සමාගමකටවත් නැති තරමේ ගෞරවයක් පුවත්පත් ආයතනවලට තවමත් ලැඛෙනවා. නමුත් මේ ඓතිහාසික සබැදියාව පලූදු වන ආකාරයේ බාල අන්තර්ගතයන් ඛෙදන්නට පටන් ගත් විට පාඨකයන් එබදු පුවත්පත් මිළට ගන්නට (හෝ නිකම් දුන්නත් කියවන්නට) කැමැති වන්නේ නැහැ.

අමෙරිකානු මාධ්‍ය ආයතනවල අනාගතය ගැන 1993දී ප්‍රකට ලේඛකයකු කළ අනාවැකියක් ගැන අප ගිය සතියේ සදහන් කළා. පාඨක විශ්වාසය ගරා වැටෙන බව දැන ගත් ඇතැම් මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රකාශන කියවීමට විවිධාකාර ත්‍යාග පවා දීමට පටන්ගෙන තිඛෙනවා. මේ ආකාරයේ ‘අල්ලස්’ හා ‘සීනිබෝල’වලින් බහුතර පාඨකයන් රවටන්නට අමාරුයි. මොන උපක්‍රම යොදා ගත්තත් පාඨකයන්ගේ විශ්වාසය නොමැතිව වැඩි කල් පවතින්නට කිසිදු පුවත්පතකට බැහැ.

පත්තරයක් කියන්නේ මහජන මනාපය දිනපතා ම හෝ සති අගදී හෝ නිරතුරුව පතන හා ලබන ප්‍රකාශනයක්. මේ මනාපය දිගින් දිගට පවත්වා ගැනීමේ අභියෝගයක් තිඛෙනවා. එය තරගකාරී වෙනත් පුවත්පත් සමග පමණක් ඇති තරග දිවීමක් නොවෙයි. පත්තරවලට වඩා ඉක්මනින් ප්‍රවෘත්ති රටට දීමේ හැකියාව රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යයන්ට තිඛෙනවා. ඒ විද්යුත් මාධ්‍යවල ව්‍යප්තියත් සමග තමන්ගේ අන්තර්තය හා මුහුණුවර වෙනස් කරන්නට බොහෝ පුවත්පත්වලට පසුගිය දශක දෙක තුළ සිදුවුණා.

විද්යුත් මාධ්‍ය ඉක්මන් වූවත් යමක් ගැඹුරින් විග්‍රහ කිරීමේ ඉඩකඩ සීමිතයි. මේ නිසා ලොව පුරා පුවත්පත් තනිකර ප්‍රවෘත්ති ආවරණයට වඩා අද උත්සාහ කරන්නේ ප්‍රවෘත්ති විග්‍රහ කිරීමටයි. ප්‍රවෘත්ති බවට පත් වන සිදුවීම් සමාජයේ විවිධාකාර ප්‍රවාහයන්ගෙන් මතු වන නිසා පිටුපසින් ඇති සාධක හා ප්‍රවණතා මනා සේ හදුනාගැනීම සංකීර්ණ සමාජයක වෙසෙන අප කාටත් වැදගත්. මේ ප්‍රවාහයන් ගැන පර්යේෂකයන්, සමාජ සේවකයන් හා විද්වතුන් කරන විග්‍රහවලට දැන් පුවත්පත් හා පුවත් සඟරාවල වැඩි තැනක් ලැඛෙනවා. අද බටහිර ඇතැම් පුවත්පත් Newspaper යන නමට සමාන්තරව Viewspaper යන නම ද තමන් හැදින්වීමට යොදා ගන්නවා.

මෙකී නොකී සියල්ල මා දකින්නේ පරිනාමීය හැඩ ගැසීම් හැටියටයි. වඩාත් සවිමත් උචිත වූ ජීවීන් ඉතිරි කරමින් දුර්වලයන් වඳ කර දමන ජෛවීය පරිනාමය මෙන් ම තොරතුරු සමාජයේ ද පරිනාමීය බලවේග ක්‍රියාත්මක වනවා. එහෙත් ජෛව පරිනාමයට වඩා එය සියුම් හා බුද්ධිගෝචරයි. මාධ්‍ය ග්‍රාහකයන්ට හරවත්, ප්‍රයෝජනවත් දෙයක් සිත් කාවදින අයුරින් ඉදිරිපත් කරන පුවත්පතකට අද මහා තොරතුරු ප්‍රවාහයේ නොගිලී පවතින්නට ඉඩක් ඇතැයි මා විශ්වාස කරනවා.

බලන්න: http://tiny.cc/DigImi

සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?

This is the Sinhala text of my weekend column in Ravaya, published on 6 Nov 2011. To mark the newspapers’s 25th anniversary that falls this month, I begin some reflections on the future of newspapers. In this first piece, I discuss how science fiction and thriller writer Michael Crichton (1942-2008) once foresaw the fate of what he called ‘Mediasaurus’.

Who succeeds mediasaurus?
Who succeeds mediasaurus?

රාවයට වසර 25ක් සපිරෙන්නේ 2011 නොවැම්බර් මාසයේ. මගේ මාධ්‍ය හා සන්නිවේදන ජීවිතයට වසර 25ක් පිරුණේ 2011 සැප්තැම්බරයේ. මේ පිය සටහන් දෙක නිමිති කර ගෙන එක්කෝ මට යටගිය දවස් ගැන ආවර්ණය කළ හැකියි. නොඑසේ නම් මේ සංධිස්ථානයේ කෙටි විරාමයක් ගනිමින් ගනිමින් ඉදිරිය ගැන මෙනෙහි කළ හැකියි. මා කවදත් අනාගතය දෙස එබී බලන්නට කැමැති නිසා පුවත්පත් කලාවේ හා මාධ්‍ය කර්මාන්තයේ හෙට දවස ගැන කථා කරමු.

අද ලොව බහුවිධ ජනමාධ්‍ය අතරින් සංවිධානාත්මකව පවතින පැරණිතම ජන මාධ්‍යය පුවත්පත හෙවත් මුද්‍රිත මාධ්‍යයයි. මුද්‍රණ යන්ත්‍ර මගින් පිටපත් මුද්‍රණය කොට අලෙවි කළ, කාලීන තොරතුරු රැගත් වාරික ප්‍රකාශනයක් ලෙස දැනට හදුනාගෙන ඇති පැරණිතම පුවත්පත මුල් වරට එළි දැක්කේ 1605දී ජර්මනියේ. මේ අනුව වසර 400කට වැඩි ඉතිහාසයක් පුවත්පත්වලට තිඛෙනවා. මේ සියවස් හතරක කාලය තුළ සිනමාව, රේඩියෝව, ටෙලිවිෂනය හා ඉන්ටර්නෙට් මාධ්‍යවල බිහි වීමත් සමග නව අභියෝගවලට මුහුණ දෙමින් පරිනාමය වී ආ පුවත්පතේ ඉතිහාසය විචිත්‍රයි.

21 වන සියවසේ නූතන තොරතුරු සමාජයේ ප්‍රවණතා හා ග්‍රාහක බලාපොරොත්තුවලට ප්‍රතිචාර දක්වමින් හැඩ ගැසෙන්නට පුවත්පත් කලාවට හා කර්මාන්තයට හැකි ද? නැත්නම් ඉදිරි වසර හෝ දශක කිහිපය තුළ පුවත්පත් වද වී යාමේ තර්ජනයක් ඇත් ද?

මුද්‍රිත මාධ්‍යයේ අනාගතය ගැන සුභවාදීව මෙන්ම අසුභවාදීව කැරෙන විග්‍රහයන් තිඛෙනවා. පත්තර කියවමින් හැදී වැඩී, පත්තරවලට දැඩි ඇල්මකින් යුතුව මාධ්‍ය ලෝකයට පිවිසී, කලක් පත්තරවල වැඩ කළ මට මේ ෙක‍ෂත්‍රය ගැන ලෙන්ගතුකමක් හා බැදීමක් තිඛෙනවා. එහෙත් ඒ බැදීම්වලින් මදකට දුරස් වී තුලනාත්මකව හා යථාර්ථවාදීව පුවත්පතේ අනාගතේ දෙස බැලීමට මා උත්සාහ කරනවා.

සොබා දහමේ නොනවතින පරිනාමීය කි්‍රයාදාමයක් පවතින බව (evolutionary process) අප දන්නවා. ඒ පරිනාමයේදී වඩාත් සවිමත්, උපක්‍රමශීලී හා ආක්‍රමණශීලී ජීවීන් ඉතිරි වන අතර අනෙක් ජීවීන් මුළු ගැන්වී, ව`ද වී යනවා. මෙයට සමාන ප්‍රවාහයන් මානව සමාජය හා වෙළ`දපොල ආර්ථීකය තුළත් ක්‍රියාත්මක වනවා. කාලානුරූපව හැඩ ගැසෙන්නට නොහැකි හෝ නොකැමැති හෝ කර්මාන්ත, ආයතන හා සම්ප්‍රදායයන් කල් පවතින්නේ නැහැ. ජනමාධ්‍ය ෙක‍ෂත්‍රයටත් මෙය අදාලයි.

මේ බව ප්‍රබලව අපට කියා දුන් එක් අයකු වූයේ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසජනක කථා රචක මයිකල් ක්‍රයිටන් (Michael Crichton). වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔහු ජුරාසික් පාක් (Jurassic Park) පොත් පෙළ ලිවීම නිසා ලෝප්‍රකට වුණා. ජෛවීය ඉතිහාසයේ වසර මිලියන් 165ක පමණ කාලයක් තිස්සේ මහ පොළවේ ප්‍රබලතම සත්ත්ව කොට්ඨාශය වූ ඩයිනසෝරයන් (dinosaurs) නැවත බිහි කිරීමේ භයානක විද්‍යාත්මක අත්හදා බැලීමක් පාදක කර ගත් ඒ කථා, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් බවටත් පත් කළා.

ඩයිනෝසරයන් වද වී යාමට හේතු ගැන විද්‍යාඥයන් තවමත් තර්ක විතර්ක කරනවා. ඩයනසෝරයන් පමණක් නොවෙයි වෙනත් සත්ත්ව කොට්ඨාශයනුත් කලින් කලට වද වී යාම ජෛව පරිනාමයේ හොදින් දන්නා, පාෂාණභූත සාක‍ෂීන්ගෙන් ද ඔප්පු වන සත්‍යයක්.

1993 සැප්තැම්බර් මාසයේ Wired ගරාවේ කලාපයට මයිකල් ක්‍රයිටන් ‘Mediasaurus’ නමින් අනාගතවේදී ලිපියක් ලිව්වා. එහි මුඛ්‍ය අදහස වුණේ එදා ඩයිනසෝරයන් මෙන් ම ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ද පරිනාමීයව හැඩ ගැසීමට නොහැකි වීම නිසා නුදුරු අනාගතයේදී වද වී යනු ඇති බවයි.

එහි එක් තැනෙක ඔහු මෙසේ කීවා: “මෑත සමීක‍ෂණ කිහිපයකින් හෙළි වූ පරිදි අමෙරිකානු මාධ්‍ය බහුතරයක් මහජනයාට සැබැවින් ම අදාල හා වැදගත් කරුණු ගැන වාර්තා කිරීම හා ගවේෂණය වෙනුවට වල්පල් හා ඕපාදූපවලට වැඩි අවධානයක් යොමු කරනවා. රටේ ප්‍රශ්න ගැන විග්‍රහ කරනවා වෙනුවට අපේ මාධ්‍ය කරන්නේ ඒ දැවෙන ප්‍රශ්නවලට තව ටිකක් ඉන්ධන එකතු කිරීමයි. තමන්ගේ ලොකුකම ගැන අධිතක්සේරුවක් හා ස්වයංරාගයක් ((Narcissistic) ඇති මාධ්‍යවේදීන් හා දේශපාලකයන් දෙපසකට වී කරන ක්‍රීඩා තරගයක් බදු මේ විකාරය දෙස මාධ්‍ය ග්‍රාහකයන් බලා සිටින්නේ පිළිකුලෙන් හා කලකිරීමෙන් යුතුවයි. මේ තත්වය දිගට ම පවතින්නට බැහැ!”

ක්‍රයිටන් සැබෑ ලෝකයෙන් දුරස්ථ වූ දවල් හීන බලන්නකු නොවෙයි. වෙළදපොල ආර්ථීකය තුළ තමන්ගේ පැවැත්ම සදහා මාධ්‍ය ආයතන තරගකාරීව නිරන්තර අරගලයක යෙදෙන බව ඔහු පිළි ගත්තා. (මාධ්‍යවල සමාජ වගකීම ගැන සරසවි දේශනාගාර හා විසිත්ත කාමරවල සිට බණ කියන පර්යේෂකයන්ට හසු නොවන යථාර්ථයත් එයයි.)

ඔහු තව දුරටත් මෙසේ තර්ක කළා: “වර්තමානයේ මාධ්‍ය යනු කර්මාන්තයක්. ඒ කර්මාන්තය සමාජයට සපයන නිෂ්පාදනය නම් තොරතුරුයි (information). බාල බඩු නිපදවන හා අලෙවි කරන සමාගම් පාරිභෝගිකයන් විසින් ප්‍රතිෙක‍ෂප කරනවා. අපේ මාධ්‍ය කර්මාන්තය මෑතක පටන් නොවැදගත්, වැරදි සහගත, විකෘති වූ හා වෙනත් අන්දමින් බාල මට්ටමේ තොරතුරු අපට අලෙවි කරනවා. සරුව පිත්තල දවටනවල අසුරා තිබුණත් බය නැතිව පාවිච්චි කළ නොහැකි තරමට අපේ මාධ්‍ය අපට දෙන තොරතුරුවල ප්‍රමිතියක් නැහැ. මේ නිසා ටිකෙන් ටික පාරිභෝගිකයන් මේ ‘බාල බඩු’ මිළට ගැනීම අඩු කරනවා. නොබෝ කලෙකින් අමෙරිකානු මාධ්‍ය කර්මාන්තයට ඇති තරම් පාරිභෝගිකයන් සොයා ගන්නට බැරි වේවි. එවිට ඒ මාධ්‍ය, වෙළදපොල ප්‍රවාහයන් විසින් ගසා ගෙන ගොස් අතුරුදහන් වෙනු ඇති.”

ඔහු කීවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රය වැනි මුද්‍රිත ලෝකයේ මහා බලකණු මෙන් ම ABC, NBC සහ CBS වැනි අමෙරිකානු ටෙලිවිෂන් නාලිකා ද දශකයක් ඇතුළත වෙළ`දපොලෙන් ඉවතට විසි වීල වද වී යනු ඇති බවයි.

මේ අතර සියළු මාධ්‍යයන් යටිකුරු කරන නව තාක‍ෂණයක් ද මතුව ඇති බව ක්‍රයිටන් සිය ලිපියේ සදහන් කළා. ඒ තමා ඉන්ටර්නෙට්. 1993දී ඉන්ටර්නෙට් මාධ්‍යය දියුණු රටවල පවා එතරම් ප්‍රචලිත වී තිබුණේ නැහැ. එහෙත් තොරතුරු ගලනයට එයින් ඇති කළ හැකි ප්‍රබල බලපෑම ක්‍රයිටන් කල් තබා දුටුවා.

ක්‍රයිටන්ගේ විද්‍යාත්මක චින්තනය හා පරිකල්පන ශක්තිය ගැන ලොකු පිළිගැනීමක් පැවති නිසා ඔහුගේ ලිපිය මාධ්‍ය ආයතන හා පර්යේෂකයන් අතර වාද විවාද ඇති කළා. එතැන් පටන් ගෙවී ගිය දශකය (1993-2003) කාලයේ ඉන්ටර්නෙට් මාධ්‍යයේ සීඝ්‍ර ප්‍රගමනයක් සිදු වුණා. 1995දී ලොව පුරා ඉන්ටර්නෙට් පරිහරණය කළේ මිලියන 16යි. එය 2003 අගදී මිලියන් 719 දක්වා ඉහළ ගියා. (2011 මැද වන විට මේ සංඛ්‍යාව මිලියන් 2ල110 යි) ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සම කළ හැක්කේ 1447 දී යොහාන් ගුටන්බර්ග් විසින් මුද්‍රණ ශිල්පයේ වර්තමාන තාක‍ෂණ සම්ප්‍රදාය ඇරඹීමටයි. ඒ දක්වා ඉතා සීමිතව කෙරුණු තොරතුරු හුවමාරුවට හා දැනුම ඛෙදා හැරීමට විශාල ඉදිරි පිම්මක් පනින්නට මුද්‍රණ ශිල්පය ඉඩ සැළැස්වූවා. (ඒ දක්වා සිදු වූයේ පොත් හා වෙනත් ලේඛනවල පිටපත් තනි තනිව අතින් පිටපත් කිරීමයි.)

Mediasaurus - courtesy Slate
Mediasaurus - courtesy Slate
ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සමග ඒ නව මාධ්‍යයට බද්ධවීමේ ක්‍රම සොයන්නට පුවත්පත්, සගරා, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනවලට සිදු වුණා. 2003 වන විට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තමන්ගේ වෙබ් අඩවි අරඹා සයිබර් අවකාශයේ තම ලකුණ යම් තරමකට සටහන් කර තිබුණා. ක්‍රයිටන්ගේ අනාවැකියට දශකයක් පිරෙන්නට ආසන්න වන විට අමෙරිකාවේ Slate නම් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙක් ඒ ගැන ඔහුගෙන් විමසුවා. ඒ වන විටත් මාධ්‍ය ආයතන බරපතල ගරා වැටීමකට ලක් වී තිබුණේ නැහැ. ඔහුගේ උත්තරය: “අනාගතය පිළිබදව ඉලක්කගතව අනාවැකි කියන්නට කාටවත් බැහැ. මා අනතුරු ඇග වූ මාධ්‍ය ගරා වැටීම සිදු විය හැකි බව මා තවමත් විශ්වාස කරනවා. එහෙත් එයට දශකයකට වැඩි කාලයක් ගත වන හැඩයි!”

2000 දශකය තුළ අමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ රටවල් ගණනාවක මුද්‍රිත මාධ්‍යය විශාල වෙළදපොල අර්බුදයකට ලක් වුණා. 2008 නොවැම්බර් 4 වනදා ක්‍රයිටන් මිය යන විට ඔහු අනතුරු ඇග වූ තත්ත්වය සැබෑවට ම ඉස්මතු වෙමින් තිබුණා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. අලෙවි වන පිටපත් ගණන අඩු වූ විට දැන්වීම් ලැබීම ද පහත වැටෙනවා. පත්තර හා ස`ගරා කර්මාන්තය පදනම් වී ඇත්තේ දැන්වීම් ආදායමින් තම නිෂ්පාදන වියදමෙන් වැඩි කොටසක් පියවා ගන්නා අතර ඉතිරි ආදායම පිටපත් අලෙවියෙන් ලබා ගැනීමේ ආකෘතිය තුළයි. (දැන්වීම්වලට අප පෞද්ගලිකව කැමති වූවත් නැතත් මාධ්‍ය කර්මාන්තයට ඒවා නැතුව ම බැහැ. සරල උදාහරණයක් ගත්තොත් රු. 50කට විකිණෙන පත්තර පිටපතක නිෂ්පාදන වියදම එමෙන් දෙතුන් ගුණයක් වෙනවා. මේ වෙනස පියවා ගන්නේ දැන්වීම්වලින් ලැඛෙන ආදායමින්.)

බටහිර රටවල පත්තර සගරා පමණක් නොවෙයි. ප්‍රධාන පෙළේ ටෙලිවිෂන් හා රේඩියෝ සමාගම් ද අද වන විට දැඩි ආර්ථීක කුණාටුවකට හසු වී සිටිනවා. එයට හේතු වූ සාධක ගැන පොදු එකගතාවයක් නැහැ. ඇතැම් විචාරකයන් කියන්නේ ලොව පුරා 2008 සිට පැතිර ගිය ආර්ථීක අවපාතය එයට දායක වූ බවයි.
එහෙත් තවත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වාණිජමය මාධ්‍ය ෙක‍ෂත්‍රයේ – විශේෂයෙන්ම පත්තර හා සගරාවල – පිරිහීම 2008 පෙර පටන් ම ඇරඹී තිබුණු බවත්, එයට එම ෙක‍ෂත්‍රය තුළින් ම මතු වූ සාධක වැඩියෙන් හේතු වූ බවත්. මයිකල් ක්‍රයිටන්ගේ 1993 විග්‍රහය සිහිපත් කරමින් ඔවුන් කියන්නේ පාරිභෝගික සමාජය විසින් මාධ්‍ය ප්‍රතිෙක‍ෂප කිරීමට වගකිව යුත්තේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ම බවයි.

මීට අමතරව ඉන්ටර්නෙට් මාධ්‍යයේ ව්‍යාප්ත වීම නිසා තනිකර ම ඉන්ටර්නෙට් හරහා එසැනින් ප්‍රවෘත්ති ඛෙදාහරින නව මාධ්‍ය සේවා බිහි වුණා. ඒවාත් සමග තරග කිරීම සාම්ප්‍රදායික පුවත්පත්වලට හෝ එම පුවත්පත්වල වෙබ් අඩවිවලට ලෙහෙසි වූයේ නැහැ. පත්තර කර්මාන්තයේ පසුබෑමට මේ සාධක සියල්ල අඩු වැඩි පමණින් දායක වී තිඛෙනවා. නමුත් මේ ගෝලීය ප්‍රවණතාවයට වෙනස් තත්ත්වයක් ආසියාවේ රටවල දක්නට තිඛෙනවා.

පාඨක විශ්වාසය රැක ගනිමින්, නව තාක‍ෂණයන්ගේ අභියෝගවලට මුහුණ දෙමින් වාණිජමය වශයෙන් සාර්ථක පුවත්පත් හා සගරා පවත්වා ගත හැකි ද? එසේ නැතිනම් සහනාධාර ලබන හෝ විකල්ප ආදායම් මත යැපෙන ආර්ථීක මොඩලයකට මාරු වීමට ලොව පුරා පුවත්පත්වලට ළගදී ම සිදු වෙයි ද? පුරවැසි මාධ්‍යවේදීන් හා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතර පරතරය අඩු වී යන විට මාධ්‍ය ලෝකයේ කුමන විපර්යාස සිදු වේද? මේ ප්‍රශ්නවලට අපි එළඹෙන සතිවල පිළිතුරු සොයා යමු!

සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

In this column, which appears in Ravaya newspaper on 30 October 2011, I pay tribute to the late film and TV professional Titus Thotawatte. I recall how he founded and headed the effort to ‘localise’ foreign-produced programmes during the formative years of Sri Lanka’s national TV, Rupavahini, launched in 1982. In particular, I describe how Titus resisted attempts by intellectuals and civil servants to turn the new medium into a dull and dreary lecture room, and insisted on retaining quality entertainment as national TV’s core value.

See also my English tribute Titus Thotawatte (1929 – 2011): The Final Cut. However, this is a different take; I NEVER translate even my own writing.

Bugs Bunny, Dr Dolittle and Top Cat. - all localised by Titus T

ටයිටස් තොටවත්ත සූරීන් අඩ සියවසක් පුරා රූප, නාද හා වචනවලින් හපන්කම් රැසක් කළා. සිංහල සිනමාවේ තාක‍ෂණික වශයෙන් අති දක‍ෂ සංස්කාරකයකු හා චිත්‍රපට අධ්‍යක‍ෂවරයකු හැටියට ඔහු කළ නිර්මාණ වඩාත් මතක ඇත්තේ අපේ දෙමවුපියන්ගේ පරම්පරාවට. ලංකාවේ පළමුවන ටෙලිවිෂන් පරම්පරාවට අයිති මා වැනි අයට තොටවත්තයන් සමීප වූයේ ටෙලිවිෂන් මාධ්‍යයෙන් නව මං සොයා යාම නිසයි. මේ නිසා ඇතැම් දෙනකුට ටයි මහත්තයා වූ ඔහු, මගේ පරපුරේ අයට ‘ටයි මාමා’. ටෙලිවිෂන් තිරය මතුපිට මෙන් ම එය පිටුපසත් මෙතරම් විවිධ දස්කම් පෙන්වූවන් අපේ ටෙලිවිෂන් ඉතිහාසයේ දුර්ලභයි. ටයි මාමාගේ ටෙලිවිෂන් දායාදය ගැන ටිකක් කථා කරන්නේ ඒ නිසයි.

ලෝකයේ ඕනෑ ම සංස්කෘතියක ඇති හොඳ දෙයක් සොයා ගෙන එය අපට දිරවා ගත හැකි, අපට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට දේශීයකරණය කියා කියනවා. මා වඩා කැමති යෙදුම ‘අපේකරණයයි’. අපේ ටයි මාමා අපේකරණයට ගජ හපනෙක්!

1982 වසරේ රූපවාහිනී සංස්ථාව අරඹා මාස කිහිපයක් ඇතුළත එයට එක් වූ ටයි මාමා, ලංකාවට නැවුම් හා ආගන්තුක වූ මේ නව මාධ්‍යය අපේකරණයට විවිධ අත්හදා බැලීම් කළා. පුරෝගාමී ටෙලි නාට්‍ය කිහිපයක් මෙන් ම වාර්තා වැඩසටහන් ගණනාවක් ද ඒ අතර තිබුණත් අපට වඩාත් ම සිහිපත් වන්නේ ඔහු කළ හඩ කැවීම් හා උපශීර්ෂ යෙදීම් ගැනයි.

රූපවාහිනී සංස්ථාවේ හඩ කැවීම් හා උපශීර්ෂ සේවාව ඇරඹුවේ 1984දී. එයට දිගු කල් දැක්මක් හා තාක‍ෂණික අඩිතාලමක් ලබා දුන්නේ ටයි මාමායි. අළුත ඇරැඹුණු නව මාධ්‍යයෙන් විකාශය කරන්නට අවශ්‍ය තරම් දේශීය වැඩසටහන් නොතිබුණු, එමෙන්ම දේශීය නිර්මාණ එක්වර විශාල පරිමානයෙන් කරන්නට නොහැකි වුණු පසුබිමක් තුළ තෝරා ගත් විදෙස් වැඩසටහන් මෙරට භාෂාවලට පෙරළා ගැනීම ටෙලිවිෂන් මුල් දශකයේ එක් උපක්‍රමයක් වුණා.

මේ අනුව සම්භාව්‍ය මට්ටමේ විදෙස් වාර්තා චිත්‍රපට, නාට්‍ය හා කාටුන් කථා සිංහලයට හඩ කැවීම හෝ උපශීර්ෂ යෙදීම ටයි මාමාගේ නායකත්වයෙන් ඇරඹුණා. මුල් කාලයේ තාක‍ෂණික පහසුකම් සීමිත වුණත් නිර්මාණශීලීව ඒ අඩුපාඩුකම් මකා ගෙන ඔවුන් ඉතා වෙහෙස මහන්සිව වැඩ කළා. විදෙස් කෘතීන්ගේ කථා රසය නොනසා, අපේ බස ද නොමරා හොඳ හඩ කැවීම් හා උපශීර්ෂ යෙදීම් කරන සැටි පෙන්වා දුන්නා. මේ ගැන මනා විස්තරයක් නුවන් නයනජිත් කුමාර 2009 දී ලියූ ‘සොඳුරු අදියුරු සකසුවාණෝ’ නමැති තොටවත්ත අපදානයේ හතරවැනි පරිච්ඡේදයේ හමු වනවා.

එහි එක් තැනෙක ටයි මාමා ආවර්ජනය කළ පරිදි: “හැම ප්‍රේක‍ෂකයකු විසින් ම රස විඳිය යුතු ඉතා උසස් ගණයේ ඉංග්‍රීසි වැඩසටහන් බොහොමයක් තිඛෙන වග වැටහුණේ රූපවාහිනියට බැඳුණාට පසුවයි. ඒත් අපේ රටේ කීයෙන් කී දෙනාට ද ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්නට පුළුවන්. උපසිරැසි යොදා හෝ හකවා හෝ එම චිත්‍රපට වැඩසටහන් විකාශය කිරීමට මා උනන්දු වුණේ ඒ නිසා…ඒවාහි අපට ඉගෙන ගත හැකි ආදර්ශවත් දෑ කොතෙකුත් තිඛෙනවා. කාටුන් වැඩසටහන්වලට පුංචි එවුන් පමණක් නොවෙයි, වැඩිහිටි අපිත් කැමැතියි. මා උත්සාහ කරන්නේ ඒ හඩ කැවීම් වුණත් අපේ දේශීයත්වයට හා රුචිකත්වයට අනුකූලව සකස් කරන්නයි. එහිදී මා යොදා ගන්නා දෙබස් හා උපසිරස්තල අපේ සංස්කෘතියට සමීප ව්‍යවහාරයේ පවතින දේයි.”

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කථා ඇසුරෙන් නිර්මිත ඉංග්‍රීසි වැඩසටහනක් ‘අහල පහල’ හා ‘ලොකු බාස් – පොඩි බාස්’ නමින් සිංහලට හ~ කවා මුල් වරට විකාශය කළේ 1985 පෙබරවාරි 15 වනදා. එතැනින් පටන් ගත් විදෙස් වැඩසටහන් අපේකරණය විවිධාකාර වූත් විචිත්‍ර වූත් මුල් කෘතීන් රාශියක් මෙරට ටෙලිවිෂන් ප්‍රේක‍ෂයන්ට දායාද කළා. මේ අතරින් ඉතා ජනාදරයට පත් වූයේ ලෝක ප්‍රකට කාටුන් වැඩසටහන්. (ටයි මාමාගේ යෙදුම වූයේ ‘ඇසිදිසි සැකිලි රූ’.)

Titus Thotawatte saved young Rupavahini from over-zealous intellectuals

උදාහරණයකට ‘දොස්තර හොඳ හිත’ කථා මාලාව ගනිමු. එහි මුල් කෘතිය Dr Dolittle නම් ලෝක ප්‍රකට ළමා කථාවයි. හියු ලොෆ්ටිං (Hugh Lofting) නම් බ්‍රිතාන්‍ය ලේඛකයා 1920 සිට 1952 කාලය තුළ දොස්තර ජෝන් ඩූලිට්ල් චරිතය වටා ගෙතුණු කථා පොත් 12ක් ලියා පළ කළා. සතුන්ට කථා කළ හැකි, කරුණාවන්ත හා උපක්‍රමශීලි වෛද්‍යවරයකු වන ඔහු මිනිසුන් හා සතුන්ගෙන් සැදුම් ලත් මිතුරු පිරිසක් සමඟ නැවකින් ගමන් කරනවා. ඔහුට එදිරිවන මුහුදු කොල්ලකරුවන් පිරිසක් — ‘දිය රකුස්’ සහ ඔහුගේ සගයෝ — සිටිනවා. මේ පොත් පාදක කර ගෙන වෘතාන්ත චිත්‍රපට ගණනාවක්, වේදිකා නාට්‍ය හා රේඩියෝ වැඩසටහන් නිපදවී තිඛෙනවා. 1970-71 කාලයේ අමෙරිකාවේ NBC ටෙලිවිෂන් නාලිකාව විකාශය කළ Doctor Dolittle නම් කාටුන් කථා මාලාව තමයි ටයි මාමා ඇතුළු පිරිස දොස්තර හොඳ හිත නමින් සිංහලට හඩ කැවූයේ.

බ්‍රිතාන්‍ය ලේඛකයකුගේ කථා, අමෙරිකානු ශිල්පීන් අතින් ඇසිදිසි කථා බවට පත්ව මෙහි ආ විට එය අපේ කථාවක් කිරීමේ අභියෝගයට ටයි මාමා සාර්ථකව මුහුණ දුන්නා. එහිදී ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ රසවත් හා හරවත් ගීත අපේකරණය වඩාත් ඔප් නැංවුවා. කථා රසය රැක ගන්නා අතර ම සිංහලට ආවේනික වචන, යෙදුම්, ප්‍රස්තාපිරුළු හා ආප්තෝපදේශවලින් දෙබස් උද්දීපනය කළා.

මෙය ලෙහෙසි කාරියක් නොවෙයි. විදෙස් කාටූනයක් හඩ කවද්දී එහි පින්තූරවල වෙනසක් කරන්නේ නැහැ. මුල් කෘතියේ ධාවන වේගය හා සමස්ත ධාවන කාලය එලෙස ම පවත්වා ගත යුතුයි. එහිදි ඉංග්‍රීසි දෙබස්වලට ආදේශ කරන සිංහල දෙබස් එම තත්පර ගණන තුළ ම කියැවී හමාර විය යුතුයි. මේ තුලනය පවත්වා ගන්නට බස හොඳින් හැසිර වීම මෙන් ම විනෝදාස්වාදය නොනැසෙන ලෙස අපේකරණය කිරීමත් අත්‍යවශ්‍යයි.

ටයි මාමා සාර්ථක ලෙස අපේකරණය කළ කාටුන් කථා මාලා රැසක් තිඛෙනවා. 1944දී වෝනර් බ්‍රදර්ස් සමාගම නිපදවීම පටන් ගත්, දශක ගණනක් තිස්සේ ලෝ පුරා ප්‍රේක‍ෂකයන් කුල්මත් කළ Bugs Bunny කාටුන් චරිතයට ඔහු ‘හා හා හරි හාවා’ නම දුන්නා. එයට ආභාෂය ලැබුවේ කුමාරතුංග මුනිදාස සූරීන්ගේ ‘හාවාගේ වග’ ළමා කවි පෙළින්. 1961-62 කාලයේ මුල් වරට අමෙරිකාවේ විකාශය වූ, හැනා-බාබරා කාටුන් සමාගමේ නිර්මාණයක් වූ Top Cat කථා මාලාව, ටයි මාමා සහ පිරිස ‘පිස්සු පූසා’ බවට පත් කළා. මෙබඳු කථාවල අපේකරණය කෙතරම් සූක‍ෂම ලෙස සිදු වූවා ද කිවහොත් ඒවා විදෙස් කෘතීන්ගේ හ~ කැවීම් බව බොහෝ ප්‍රේක‍ෂයන්ට දැනුනේත් නැති තරම්.

ටයි මාමා අපේකරණය කළේ බටහිර රටවල නිෂ්පාදිත කාටූන් පමණක් නොවෙයි. ලෝකයේ විවිධ රටවලින් ලැබුණු උසස් ටෙලිවිෂන් නිර්මාණ සිංහල ප්‍රේක‍ෂකයන්ට ප්‍රතිනිර්මාණය කළා. මේ තොරතුරු නුවන් නයනජිත් කුමාරගේ පොතෙහි අග ලැයිස්තුගත කර තිඛෙනවා. රොබින් හුඩ් හා ටාසන් වැනි ත්‍රාසජනක කථා, මනුතාපය හා සිටුවර මොන්ත ක්‍රිස්තෝ වැනි විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කථා, මල්ගුඩි දවසැ, ඔෂින් වැනි පෙරදිග කථා ආදිය එයට ඇතුළත්.

මෙසේ අපේකරණයට පත් කළ විදෙස් නිර්මාණවලට අමතරව ස්වතන්ත්‍ර ටෙලි නිර්මාණ රැසකට ද ටයි මාමා මුල් වූ බව සඳහන් කළ යුතුයි. එමෙන්ම ටෙලිවිෂන් සාමූහික ක්‍රියාදාමයක් නිසා ටයි මාමා නඩේ ගුරා ලෙස හපන්කම් කළේ දැඩි කැපවීමක් තිබූ, කුසලතාපූර්ණ ගෝල පිරිසක් සමඟ බවත් සිහිපත් කරන්න ඕනෑ. ප්‍රධාන ගෝලයා වූ අතුල රන්සිරිලාල් අදටත් ඒ මෙඟහි යනවා.

ටයි මාමාගේ සිනමා හා ටෙලිවිෂන් හපන්කම් ගැන ඇගැයීම් පසුගිය දින කිහිපය පුරා අපට අසන්නට ලැබුණා. මා ඔහු දකින්නේ අඩ සියවසක් පුරා පාලම් සමූහයක් තැනූ දැවැන්තයකු හැටියටයි. පාලමක් කරන්නේ වෙන් වූ දෙපසක් යා කිරීමයි. ටයි මාමා කිසි දිනෙක දූපත් මානසිකත්වයකට කොටු වුනේ නැහැ. ඔහු පෙරදිග හා අපරදිග හැම තැනින්ම හොඳ දේ සොයා ගෙන, ඒ නිර්මාණ අපේ ප්‍රේක‍ෂකයන්ට ග්‍රහණය කළ හැකි ලෙස අපේකරණය කළා. එමෙන්ම සිනමාව හා ටෙලිවිෂන් මාධ්‍යය අතර හැම රටක ම පාහේ මතුවන තරගකාරී ආතතිය වෙනුවට මාධ්‍ය දෙකට එකිනෙකින් පෝෂණය විය හැකි අන්දමේ සබඳතාවන් ඇති කළා. වැඩිහිටියන් හා ළමයින් වශයෙන් ප්‍රේක‍ෂකයන් ඛෙදා වෙන් කිරීමේ පටු මානසිකත්වය වෙනුවට අප කාටත් එක සේ රසවිඳිය හැකි ඇසිදිසි නිර්මාණ කළ හැකි බව අපේකරණය කළ වැඩසටහන් මෙන් ම ස්වතන්ත්‍ර වැඩසටහන් හරහා ද ඔප්පු කළා. ඔහුගේ පරම්පරාව හා මගේ පරම්පරාව අතර පරතරය පියවන්නත් ටයි මාමා දායක වුණා.

ටයි මාමා පාදා දුන් මෙඟහි ඉදිරියට ගිය දක‍ෂයකු වූ පාලිත ලක‍ෂ්මන් ද සිල්වා ගැන කථා කරමින් (2011 ජූනි 26 වනදා) මා කීවේ ටෙලිවිෂන් මාධ්‍යයේ අධ්‍යාපනික විභවය මුල් යුගයේ මෙරට ඒ මාධ්‍යය හැසිර වූ අය ඉතා පටු ලෙසින් විග්‍රහ කළ බවයි. ඒ අයගේ තර්කය වුණේ හරවත් දේ රසවත්ව කීමට බැරි බවයි. ඔවුන්ගේ පණ්ඩිතකම වෙනුවට ටයි මාමා අපට ලබා දුන්නේ හාස්‍යය, උපහාසය, රසාස්වාදය මනා සේ මුසු කළ එහෙත් හරවත් ටෙලිවිෂන් නිර්මාණයි. උවමනාවට වඩා ශාස්ත්‍රීය, ගාම්භීර හා ‘ප්‍රබුද්ධ’ විදියට නව මාධ්‍යය ගාල් කරන්නට උත්සාහ කළ සරසවි ඇදුරන්ට හා සිවිල් සේවකයන්ට ටයි මාමාගෙන් වැදුණේ අතුල් පහරක්.

උදාහරණයකට සිංහල ජනවහරේ හමු වන ‘උඹ’ හා ‘මූ’ වැනි වචන ළමා ළපටින් නරඹන ටෙලිවිෂන් කථාවලට උචිතදැයි සමහර සංස්කෘතික බහිරවයන් ටයි මාමා සමඟ තර්ක කර තිඛෙනවා. ටෙලිවිෂන් එකෙන් එබඳු වචන ඇසුවත් නැතත් සැබෑ ලෝකයේ එබඳු යෙදුම් එමට භාවිත වන බව ටයි මාමාගේ මතය වුණා. මෙසේ දැඩි ස්ථාවරයෙන් සිටීමට ඔහුට හැකි වුණේ ඇසිදිසි මාධ්‍ය ගැන මෙන්ම සිංහල බස ගැනත් බොහෝ සේ ඇසූ පිරූ කෙනකු නිසායි.

ඔහු කළ ලොකු ම සංස්කෘතික විප්ලවය නම් ළදරු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පෙළගැස්ම අනවශ්‍ය ලෙසින් ‘පණ්ඩිත’ වන්නට ඉඩ නොදී, එයට සැහැල්ලූ, සිනහබර ශෛලියක් එකතු කිරීමයි. කට වහර හා ජන විඥානය මුල් කර ගත් ටයි මාමාගේ කතන්දර කීමේ කලාව නිසා රූපවාහිනිය යන්තම් බේරුණා. එසේ නැත්නම් සැළලිහිනියා පැස්බරකු වීමේ සැබෑ අවදානමක් පැවතුණා.

ලොව හැම තැනෙක ම බහුතරයක් දෙනා ටෙලිවිෂන් බලන්නේ රටේ ලෝකයේ අළුත් තොරතුරු (ප්‍රවෘත්ති) දැන ගන්නට හා සරල වින්දනයක් ලබන්නට. ටෙලිවිෂනය හරහා අධ්‍යාපනික හා සාංස්කෘතික වශයෙන් හරවත් දේ කළ හැකි වුවත් එය හීන් සීරුවේ කළ යුතු වැඩක්. හරියට ඛෙහෙත් පෙතිවලට පිටතින් සීනි ආලේප ගල්වනවා වගෙයි. එසේ නැතිව තිත්ත ඛෙහෙත් අමු අමුවේ දෙන්නට ගියොත් වැඩි දෙනෙකු කරන්නේ චැනලය මාරු කිරීමයි.

ටෙලිවිෂන් මාධ්‍යයේ නියම ‘ලොක්කා’ දුරස්ථ පාලකය අතැZති ප්‍රේක‍ෂකයා මිස නාලිකා ප්‍රධානීන්, වැඩසටහන් පාලකයන් හෝ නිෂ්පාදකයන් නොවෙයි. නාලිකා දෙකක් පමණක් පැවති 1980 දශකයේ දී වුවත් මේ සත්‍යය හොඳාකාර වටහා ගත් ටයි මාමා, අප හිනස්සන අතරේ අපට නොදැනී ම හොඳ දේ ඛෙදන ක්‍රමවේදයක් ප්‍රගුණ කළා. ටයි පාරේ ගියොත් ටෙලිවිෂන් කලාවට වරදින්නට බැහැ!

විශේෂ ස්තුතිය: නුවන් නයනජිත් කුමාර

Titus Thotawatte (1929 – 2011): The Final Cut

Also published on Groundviews.org on 20 Oct 2011

Titus Thotawatte: The Magician

Emmanuel Titus de Silva, who was better known as Titus Thotawatte, was the finest editor in the six decades of the Lankan cinema. He was also a great assimilator and remixer – a ‘builder of bridges’ across cultures, media genres and generations.
Titus straddled the distinctive spheres of cinema and television with a technical dexterity and creativity rarely seen in either one. Both spheres involve playing with sound and pictures, but at different levels of scale, texture and ambition. Having excelled in the craft of making movies in the 1960s and 1970s, Titus successfully switched to television in the 1980s and 1990s. There, he again blaze his own innovative trail in Sri Lanka’s nascent television industry. As a result, my generation remembers him for his television legacy whereas my patents’ generation recall more of his cinematic accomplishments.

Titus left an indelible mark in the history of moving images. The unifying thread that continued from 16mm and 35mm formats in the cine world to U-matic and Betacam of the TV world was his formidable genius for story telling.

Titus de Silva, as he was then known, was a member of the ‘three musketeers’ who left the Government Film Unit (GFU) in the mid 1950s to take their chances in making their own films. The other two were director Lester James Peries and cinematographer Willie Blake. Lester recalls Titus as “an extraordinarily talented but refreshingly undisciplined character” who had been shunned from department to department at GFU “as he was by nature a somewhat disruptive force”!

The trio would go on to make Rekava (Line of Destiny, 1956) – and make history. In his biography by A J Gunawardana, Lester recalls how they were full of self-confidence, “cocky as hell” and determined to overcome the artificiality of studio sets. “We were revolutionaries, shooting our enemies with the camera, and set on changing the course of Sinhala film. In our ignorance, we were blissfully unaware of the hazards ahead – seemingly insurmountable problems we had to face, problems that no book on film-making can ever tell you about!”

In the star-obsessed world of cinema, the technical craftsmen who do the real magic behind the cameras rarely get the credit or recognition they deserve. Editors, in particular, must perform a very difficult balancing task – between the director, with his own vision of how a story should be told, and the audience that fully expects to be lulled into suspending their disbelief. Good editors distinguish themselves as much for what they include (and how) as for what they leave on the ‘cutting room floor’.

The tango between Lester and Titus worked well, both in the documentaries they made while at GFU, and the two feature films they did afterward: Rekava was followed by Sandeshaya (The Message, 1960).

They also became close friends. At his own expense, Titus also accompanied Lester to London where they re-edited and sub-titled Rekava (into French) for screening at the Cannes festival of 1957. As Lester recalls, “Titus was a great source of moral and technical strength to me; his presence was invaluable during sub-titling of the film”.

Titus Thotawatte - photo courtesy biography by Nuwan Nayanajith Kumara

In all, Titus edited a total of 25 Lankan feature films, nine of which he also directed. The cinematic trail that started with Rekava in 1956 continued till Handaya in 1979. While most were in black and white, typical of the era, Titus also edited the first full length colour feature film made in Sri Lanka: Ran Muthu Duwa (1962).

His dexterity and versatility in editing and making films were such that his creations are incomparable among themselves. In the popular consciousness, perhaps, Titus will be remembered the most for his last feature film Handaya – which he both directed and edited. Ostensibly labelled as a children’s film, it reached out and touched the child in all of us (from 8 to 80, as the film’s promotional line said). It was an upbeat story of a group of children and a pony – powerful visual metaphors for the human spirit triumphing in a harsh urban reality that has been exacerbated in the three decades since the film’s creation.

Handaya swept the local film awards at the Saravaviya, OCIC and Presidential film awards for 1979/1980. It also won the Grand Prix at the International Children and Youth Film Festival in Giffoni, Italy, in 1980. That a black and white, low-budget film outcompeted colour films from around the world was impressive enough, but the festival jury watched the film without any English subtitles was testimony to Titus’s ability to create cine-magic that transcended language.

Despite the accolades from near and far, a sequel to Handaya was scripted but never made: the award-winning director just couldn’t raise the money! This and other might-have-beens are revealed in the insightful Thotawatte biography written by journalist Nuwan Nayanajith Kumara. Had he been born in a country with a more advanced film industry with greater access to capital, the biographer speculates, Titus could have been another Steven Spielberg or Walt Disney.

Titus Thotawatte was indeed the closest we had to a Disney. As the pioneer in language versioning at Rupavahini from its early days in 1982, he not only voice dubbed some of the world’s most popular cartoons and classical dramas, but localised them so cleverly that some stories felt better than the originals! Working long hours with basic facilities but abundant talent, Titus once again sprinkled his ‘pixie dust’ in the formative years of national television.

In May 2002, when veteran broadcaster (and good friend) H M Gunasekera passed away, I called him the personification of the famous cartoon character Tintin. I never associated Titus personally, but having grown up in the indigenised cartoon universe that he created on our television, I feel as if I have known him for long. Therefore, Therefore, I hope Titus won’t mind my looking for a cartoon analogy for himself.

I don’t have to look very far. According to his loyal colleagues (and his biographer), Titus was a good-hearted and jovial man with a quick temper and scathing vocabulary. It wasn’t easy working with him. That sounds a bit like the inimitable Captain Haddock, the retired merchant sailor who was Tintin’s most dependable human companion. Haddock had a unique collection of expletives and insults, providing some counterbalance to the exceedingly polite Tintin. Yet beneath the veneer of gruffness, Haddock was a kind and generous man. It was their complementarity that livened up the globally popular stories, now a Hollywood movie by Steven Spielberg awaiting December release.

Perhaps that’s too simplistic an analogy for Titus. From all accounts, he was a brilliantly creative and multi-layered personality who embodied parts of Dr Dolittle (Dosthara Honda Hitha), Top Cat (Pissu Poosa), Bugs Bunny (Haa Haa Hari Haawa) and a myriad other characters that he rendered so well into Sinhala that some of my peers in Sri Lanka’s first television generation had no idea of their ‘foreign’ origins…

Titus was also a true ‘Gulliver’ whose restlessly imaginative mind traversed space and time — even after he was confined to one place during the last dozen years of his life.

A pity he spent too much time in Lilliput…

9/11 plus 10: Recalling a news tremour through (archived) live TV news and front pages

Breaking News indeed!

I can remember exactly where I was and what I was doing when the news of 9/11 attacks on the World Trade Centre Twin Towers in New York reached me.

It was around 1.15 pm in the UK, a bright sunny afternoon. I was just entering London’s Kings Cross Station to buy tickets. My colleague Marietta, walking with me, received a call to her mobile phone giving the breaking news that somebody had just flown a plane into WTC.

Another clumsy pilot, I thought — recalling how a B-25 Mitchell bomber aeroplane had once accidentally crashed into the Empire State Building, back in 1945. But as we soon found out, this was no accident: it was a dastardly terrorist attack by suicidal fanatics who somehow penetrated the already high aviation security arrangements.

Life in London continued normally, but we were all completely distracted. I had work to do in an office, but can’t remember any of us actually focusing on our chores. Instead, we just watched the live TV coverage of unfolding events across the Atlantic with mounting horror. So did over a billion other people around the world.

It was a world changing event about which much has been written and said. More reflective and less impulsive commentary on this 10th anniversary puts events and their aftermath in better perspective. Of course, we now have the benefit of hindsight.

Journalism is the first rough draft of history. The reporters on duty that day were challenged to cover a breaking news event whose magnitude and historical context would become clearer only as the hours and days passed. CNN was the first to break the news live on the air, followed by the rest of the news pack. On the whole, journalists in all media rose to the enormous challenges of covering a scary, bewildering and earth-shattering story.

CNN Breaks the Big News at 8.49 am Eastern Standard Time on 9/11:

If anyone thought (like I did, for a few minutes) that it was a terrible accident, all doubts were removed when the second plane hit. By this time, all cameras were focused on the already burning first tower.

News networks cover the second plane crashing into the second tower LIVE on air at 9.03 am EST

And now, a decade later, media professionals and researchers are looking back at their own impressionistic, on-the-run coverage. Among the many attempts at retrospection, I’ve found two particularly interesting:

Understanding 9/11: A Television News Archive.
This collection contains television news programs recorded live from around September 11, 2001 by the non-profit Television Archive to help patrons research this important part of United States history. These materials were originally available on the televisionarchive.org site from October 2001 through 2003.


9/11 Gallery at Newseum in Washington DC: Chronicling an Attack on America

This gallery explores the horrendous events of Sept. 11, 2001, and the extraordinary challenges that faced the journalists trying to report the news to a shaken nation and world. The gallery includes a tribute to photojournalist William Biggart — a journalist who died covering the attacks — and some of the final photographs he took. Also featured are front pages from around the globe about the attacks and first-person accounts from reporters and photographers who covered the story.

9-11 Frontpages at Newseum, photo by Nalaka Gunawardene
Visitors to 9/11 Frontpages exhibit at Newseum in Washington DC, photo by Nalaka Gunawardene
Front pages of fear, fury and more...

‘Cheque-book development’: BBC World News editorial air time being sold to development agencies?

The BBC Trust – an independent body which safeguards the values of the publicly funded British Broadcasting Corporation – recently faulted the BBC Panorama series for faking child labour footage in India, apologised to the corporate house falsely implicated, and returned a prestigious TV award won by the 2008 programme concerned.

This was certainly a welcome move. But there is much more that the guardian of BBC values can and should investigate, among them the conduct of the BBC’s global TV broadcasting arm currently branded as BBC World News (earlier called BBC World TV). In this context, I want to draw attention to an op-ed essay I wrote in August 2007 that flagged an on-going practice where publicity-hungry development agencies were paying intermediaries who are apparently selling editorial coverage on BBC World. This is unethical and possibly illegal. I called it ‘Cheque-book development’.

The essay originally appeared in MediaChannel.org, an outspoken media-watch website produced from New York by the highly respected ‘News Dissector’ and media activist Danny Schechter. MediaChannel.org has since experienced funding difficulties and their online archive is currently not accessible. My op-ed also appeared, in full, at Asia Media Forum where it is still available.

Excerpts of the essay were featured in my blog post of 15 August 2007: ‘Cheque-book Development’: Paying public media to deliver development agency logos

I am reproducing the full text of my op-ed essay without any changes so it is more widely available. Despite expressions of dismay from fellow media watchers, there was no reaction of any kind from the BBC at the time. Let us hope the BBC Trust will now consider it worth looking into.

‘Cheque-book development’ corrupting the media?

By Nalaka Gunawardene (August 2007)

BLURB: In their ceaseless efforts to keep their organisations in the media spotlight, spin doctors of development agencies are distorting news values and corrupting the media, turning issue-based communication products into ‘logo delivery mechanisms’.

There is a new kind of ‘tout’ accosting development and humanitarian agency officials at international meetings.

These smart and well-heeled persons are not looking for a supply contract. In the age of spin, they are offering agencies ‘product placement’ – in the globalised news media.

“I can get your agency on BBC World,” is a common claim. In some quarters now, Al Jazeera International (AJI) is also being mentioned.

This is not an over-enthusiastic journalist looking for a scoop. These intermediaries are peddling the jealously-guarded access to highly visible news and current affairs TV channels.

Some are freelancers or stringers, while others are film production company executives. Their media access is hard earned: they all have track records of producing TV news features or documentaries to international broadcast standards.

There is only one problem: they are not supposed to sell this media access to the highest bidder.

But it happens more frequently than we suspect.

I have personally witnessed this kind of offer being made. Worryingly, the development community does not find anything ethically or morally wrong with this practice.

One possible reason: the competition among development and humanitarian organisations for public recognition has intensified in the past decade. Their communication officers are under tremendous pressure to raise the profile of their organisations -– and in some cases, of egotistic bosses.

So when a cash-for-media coverage opportunity comes along, it is too good to be missed.

The obvious question is hardly raised: how come access to a trusted news outlet is being marketed? Instead, many development professionals simply ask: how much?

The answer depends on how many precious seconds of air time, on which broadcast outlet and for what kind of story. But we are not talking about small change: some of these deals involve fifty or hundred thousand US dollars.

And those funds are drawn from the already tight communication budgets of development and humanitarian agencies.

At Asia Media Summit 2006 in Kuala Lumpur, the regional communication chief of a leading UN agency told me how she’d worked with such an ‘access peddler’ to get a post-tsunami story on BBC World TV. The few minutes of coverage almost drained her budget – but the agency management was highly pleased with their ‘few minutes of fame’.

I found that it was not a BBC staffer but a freelancer who was involved. Money had exchanged hands, though I didn’t find out how much, or on what kind of contractual arrangement it was done.

This is not an isolated incident. As development organisations compete more intensely for external funding, they are increasingly adopting desperate strategies to gain higher media visibility for their names, logos and bosses.

Communication officers in some leading development and humanitarian organisations have been reduced to publicists. When certain UN agency chiefs tour disaster or conflict zones, their spin doctors precede or follow them. Some top honchos now travel with their own ’embedded journalists’ – all at agency expense.

In this publicity frenzy, these agencies’ communication products are less and less on the issues they stand for or reforms they passionately advocate. Instead, the printed material, online offerings and video films have become ‘logo delivery mechanisms’.

The access peddlers know this weakness very well, and have turned it into a veritable cottage industry.

It’s not just the development sector’s vanity that fuels this process. Many 24/7 news channels are struggling to fill their hours inexpensively. Some turn a blind eye to ethical sourcing as long as they can have a steady supply of subsidised content.

Some media outlets are harder to penetrate than others. CNN International regulations prevent access peddling by its staff or intermediaries. The Public Broadcasting System (PBS) in the United States does not allow interviews with representatives of any entity sponsoring the production or broadcast of a programme.

Sadly, not every broadcaster is as careful.

This practice is wrong on two counts. One, allowing intermediaries to sell access to the airwaves is a form of corruption. Two, every time this happens, it siphons off tax-payer supported development funds intended for combating poverty and suffering in the majority world.

It is the reverse of cheque-book journalism, where some media organisations pay celebrity or other sources for exclusive access to their stories. When development agencies are paying sections of the media to get promotional or favourable stories aired, we must call it ‘cheque-book development’.

Some practitioners might argue that the end justifies the means. But beyond narcissism, the development benefit of logo-delivery media coverage is highly debatable.

Journalistic stories, whether on development, humanitarian or any other topic, must earn their place in the media on their intrinsic value. Despite greater corporatisation of the media, a good story can still stand up on its own.

Attaching cash to a development story seriously distorts those news values, making it harder for other development players to get rightful media coverage for their stories.

The origins of this unhealthy trend dates back to at least the 1970s, when the World Bank and some UN agencies started buying air time on public television networks to broadcast promotional films. Throwing money was a lot easier than working with producers to generate sustained coverage on issues of public interest. This spoilt the chances for others who were not willing or able to buy airtime but had public interest content to offer.

Paradoxically, the same development agencies take to the moral high ground on transparency and corruption in the global south. But as they broker more cash-for-media coverage deals behind the scenes, we are left gasping at the hypocrisy of it all.

Nalaka Gunawardene writes on media, development and society. The views in this essay are entirely his own. He can be reached on and he blogs at https://movingimages.wordpress.com