In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS), I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of emerging information societies. It was published in One World South Asia on 5 December 2003.
I adapted into Sinhala parts of that interview for my Ravaya Sunday newspaper column last week (18 Dec 2011),making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet.
For this week’s column, appearing in the print edition for 25 Dec 2011, I have adapted more segments of that interview covering topics such as: violence in society and media’s role; educational potential of television; does satellie TV spread cultural imperialism; and how technology – not politicians or generals – now determine the free flow of information across borders. This cartoon, drawn by David Granlund a year ago, aptly captures that last point!

ප්‍රබලව මතුව එන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා. එහි අරමුණ වූයේ අද තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වූ ක්ලාක් එවකට දැකිය හැකි අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ලෝකය සමග ඛෙදා ගැනීමයි.
පසුගිය සතියේ (2011 දෙසැම්බර් 18) ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා. අද එහි ඉතිරි කොටස.
නාලක: භූස්ථාවර කක්ෂයේ (Geostationary orbit) රදවන ලද පණිවුඩ චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් ඇති කළ හැකි යයි ඔබ මුල් වරට පෙන්වා දී වසර 50ක් ගත වී තිඛෙනවා. මේ අඩ සියවස ගැන ඔබේ අදහස් මොනවා ද?
ක්ලාක්: තාක්ෂණික දියුණුව කෙසේ සිදු වේද යන්නත්, එය කෙතරම් ඉක්මනින් සිදු විය හැකි ද යන්නත් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. 1945දී මා Wireless World සගරාවේ ලිපිය ලියන කාලයේ සිතුවේ පණිවුඩ චන්ද්‍රිකා සැබැවින් නිර්මාණය වී උඩුගුවනට යන්නට අඩු තරමින් වසර 50ක්වත් ගත වනු ඇති කියායි. එමෙන් ම ඒවා මහා පරිමාණයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වේ යයි ද, ඒවා නඩත්තුවට කක්ෂගත වූ කාර්මික පිරිස් සිටිනු ඇතැයි ද මා සිතුවා. එහෙත් (1948 දී නිපද වූ) ට්‍රාන්සිස්ටරය හා 1950 ගණන්වල සිදු වූ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික නිපදවීම් නිසා 1940 ගණන්වල අප දැන සිටි තාක්ෂණ මට්ටමට වඩා ඛෙහෙවින් සංකීර්ණ, සංයුක්ත හා ස්වයංක්‍රීය වූ චන්ද්‍රිකා නිපදවීමට හැකියාව ලැබුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණය ලොකු ඉදිරි පිම්මක් පනින්නට සමත් වුණා. මගේ ලිපිය පළ වී වසර 20ක් ගෙවී ගිය තැන – 1965දී – මුල් ම වාණිජමය පණිවුඩ චන්ද්‍රිකාව (Early Bird) උඩුගුවන් ගත කළා. ට්‍රාන්සිස්ටරය නිපදවූයේ නැතිනම් සමහර විට චන්ද්‍රිකා තාක්ෂණය මෙන් ම අභ්‍යවකාශ තරණයේ සෙසු ජයග්‍රහණත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.
පණිවුඩ චන්ද්‍රිකා අධ්‍යාපනික වශයෙන් වැදගත් ටෙලිවිෂන් වැඩසටහන් විකාශය කිරීමට යොදා ගත යුතු බව ඔබ කලක සිට විශ්වාස කරනවා. අද වන විට ව්‍යාප්තව ඇති චන්ද්‍රිකා ටෙලිවිෂන් සේවාවන් මේ කාර්යය හරි හැටි ඉටු කරනවා ද?
අද ලෝකයේ සිටින ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවන් දෙදෙනකු වන රූපර්ට් මර්ඩොක් සහ (CNN ආරම්භක) ටෙඩ් ටර්නර් සමග චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වන්නට මෑත අවස්ථා දෙකකදී මට හැකි වුණා. එහිදී මා ඔවුන් දෙදෙනාට චන්ද්‍රිකා ටෙලිවිෂන් මාධ්‍යය හොදට හා නරකට යොදා ගැනීම පිළිබ`දව අවවාද කිහිපයක් දුන්නා. මා මුලින් ම සිහිපත් කළේ බ්‍රිතාන්‍යයේ පුවත්පත් හිමිකරුවන් සම්බන්ධයෙන් කලකට ඉහත බ්‍රිතාන්‍ය අගමතිවරයකු කී කථාවක්. ඔහු කීවේ පුවත්පත් හිමිකරුවන් වගකීමකින් තොර වූ බලයක් නතු කර ගෙන එය හසුරුවන බවත් ඉතිහාසය මුළුල්ලේ මෙබඳු තැනක් හිමි කර ගෙන සිටියේ ගණිකාවන් පමණක් බවත් (“The privilege of the harlot throughout the ages: power without responsibility.”)
මෑතක් වන තුරු මුද්‍රිත මාධ්‍යය හිමි කර ගෙන සිටි බලයටත් වඩා විශාල බලයක් අද ටෙලිවිෂන් මාධ්‍යය ලබා ගෙන තිඛෙනවා. මෙසේ මිනිස් සිතුම් පැතුම්, චර්යාවන් හා ජීවන රටාවන් සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් වන ටෙලිවිෂනයට, ඒ හා සමානුපාතික වූ ඉමහත් වගකීමක් ද අනිවාර්යෙන් ම පැවරෙන බව මා මේ දෙපළට කියා සිටියා.
දියුණු වන ලෝකයේ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ තවමත් සැළකිය යුතු ප්‍රමාණයකින් බටහිර වැඩසටහන් දැකිය හැකියි. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?
යම් මට්ටමකින් ‘විද්‍යුත් අධිරාජ්‍යවාදයක්’ ලෝකයේ සිදු වන බව අප පිළිගත යුතුයි. පවතින වෙළඳපොළ ආර්ථීක රටාව තුළ මෙය මුළුමනින් නතර කිරීමට හෝ අධික ලෙස පාලනය කිරීම අපහසුයි. අනෙක් අතට මෙබඳු ප්‍රවණතා නිසා සිදු වන්නේ සමාජයේ නිරායාසයෙන් ම සිදු වන්නට නියමිත විපර්යාසයන් වඩාත් ඉක්මනින් සිදු වීමයි.
සුබවාදීව බලන විට තාක්ෂණය හා බද්ධ වූ නව සන්නිවේදන මාධ්‍ය මඟින් අපේ සංස්කෘතික දායාදයන්, උරුමයන් හා සිරිත් විරිත් අනාගත පරම්පරාවලට දැක බලා ගත හැකි පරිදි සංරක්ෂණය කර තැබීමට අවස්ථා ලැඛෙනවා. සමහර විට සැබෑ ලෝකයේ ක්‍රමයෙන් තුරන් වී ගෙන යන ඇතැම් ජන කලා හා සංස්කෘතික අංග අපේ දූ දරුවන්ට දැක බලා ගත හැකි වනු ඇත්තේ ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් හා CD බඳු මාධ්‍ය තුළින් පමණක් විය හැකියි. ඉතිහාසවේ මීට පෙර වකවානුවල පැවැති වටිනා කලා ශිල්ප හෝ සාංස්කෘතික අංග එසේ සුරකින්නට හැකියාවක් තිබුණේ නැහැ.
නිදහසේ තොරතුරු ගලායාම (free flow of information) මින් ඉදිරියට තීරණය කරන්නේ ඉංජිනේරුවන් විසින් මිස දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ විසින් නොවන බව ඔබ කියන්නේ ඇයි?
එළඹෙන දශකය තුළ වඩ වඩාත් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් හා සංචාරකයන් ජංගම දුරකථන ලෝක ව්‍යාප්ත මට්ටමින් භාවිතා කරනු ඇති. එමෙන් ම කටහ`ඩ සන්නිවේදනයට පමණක් සීමා නොවී, ඔවුන්ට හ`ඩ හා රූප දෙක ම සන්නිවේදනය කළ හැකි වනු ඇති. ඒ ස`දහා පහසුවෙන් අතේ ගෙන යා හැකි, ජංගම සන්නිවේදන කට්ටල භාවිතයට එනවා. මේවා පණිවුඩ හුවමාරු කරන්නේ පොළව මත ඇති විදුලි සංදේශ රැහැන් පද්ධති හරහා නොව, පණිවුඩ චන්ද්‍රිකා හරහායි. මෙම කට්ටල වඩාත් ලාබදායී වන විට රට රටවල් අතර සංචාරයේ යෙදෙන හැම දෙනකු ම පාහේ මේවා භාවිතා කරන්නට පටන් ගනීවි. එවිට දේශීය මට්ටමේ දුරකථන හා අනෙකුත් සන්නිවේදන සේවා මත ඔවුන්ට යැපෙන්නට සිදු වන්නේ නැහැ.
මෙහි ප්‍රතිඵලය සිතා බලන්න. තමන්ගේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රජය, හමුදා හෝ අන් පාක්ෂිකයන් විසින් සිදු කරන අපරාධ හෝ සමූල ඝාතන බදු කිසිවක් පිටස්තර ලෝකයෙන් තව දුරටත් වසන් කරන්නට රටකට හැකි වන්නේ නැහැ. මෙබදු නව සන්නිවේදන තාකෂණයන් හා ඒවා හො`ද හැටි භාවිතා කරන කැපවීමකින් යුතු මාධ්‍යවේදීන් සිටින විට අකටයුතුකම් කිරීමෙන් වැළකී සිටීමට රාජ්‍ය පාලකයන් හා වෙනත් බල කණ්ඩායම් මත ලොකු බලපෑමක් ඇති කෙරෙනවා.
සමහරුන් අද දවසේ ප්‍රචලිත ප්‍රචණ්ඩත්වය තාක්ෂණයේ අතුරු ඵලයක් යැයි කියනවා. ඔබ මේ තර්කයට එකඟ වනවාද?
ප්‍රචණ්ඩත්වය යනු පරිනාමීය ඉතිහාසය මුළුල්ලේ මානව වර්ගයා සතුව තිබු ලක්ෂණයක්. මේ නිසා එය තාක්ෂණයෙන් ඉස්මතු වූවා යැයි කීම වැරදියි. තාක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කළ හැකි මාර්ග හා අවස්ථා ප්‍රමාණ වැඩි කිරීමයි. තාක්ෂණය මෙසේ අනිසි හා අයහපත් ලෙස යොදා ගැනීම මිනිස් මනසේ වරදින් සිදුවන දෙයක්.
මා විශ්වාස කරන්නේ ඕනෑ ම ශිෂ්ටාචාරයක ඉදිරි ගමනට තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳ ගෙන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවක් සමාන්තරව සිදු විය යුතු බව. එසේ සිදු නොවී, තාක්ෂණය පමණක් කඩිමුඩියේ ඉදිරියට ගිය හොත් වැඩි දුර යන්නට කලින් ස්වයං විනාශයක් සිදු වෙනවා. අපේ වර්ගයා මුහුණ දී තිඛෙන ලොකු ම අන්තරාය මෙයයි.
මා සිතන්නේ අද සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ප්‍රචණ්ඩත්වය සඳහා යම් තාක් දුරට වගකීම ටෙලිවිෂන් මාධ්‍යය භාර ගත යුතු බවයි. (එහෙත් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන එක ම මාර්ගය මෙය නොවෙයි.) සිය ගණන් අහිංසක මිනිසුන්ට, දරුවන්ට මරු කැඳවන, නැතහොත් ඔවුන් සදාකාලිකව ආබාධිත කරවන බෝම්බ, වෙඩි තැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යම් තරමක හෝ දායකත්වයක් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් ලැඛෙනවා. බොහෝ විට චිත්‍රපට හා ටෙලිවිෂන් වෘතාන්ත කථාවල පෙන්නුම් කරන දෙයක් නම් යුක්තිය, සාධාරණත්වය හෝ සත්‍යය සඳහා සටන් කරන අයට ඕනෑ තරම් ප්‍රචණ්ඩ ක්‍රියා කළ හැකි බව. මෙය ළමා හා තරුණ මනසට ව්‍යාකූල හා වැරදි අදහස් ඇතුළු කරන්නට පුළුවන්.
ටෙලිවිෂන් මාධ්‍යයේ නියැලී සිටින සමහරුන් කියන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් වෙතින් එන ඇතැම් චිත්‍රපට තමන්ගේ නිෂ්පාදනවලටත් වඩා පහත මට්ටමක් පවතින බවයි.
මෙය පිළිගත හැකි සංසන්දනයක් නොවෙයි. චිත්‍රපටවල හා ටෙලිවිෂන් වැඩසටහන්වල නිරූපනය වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන තවත් තර්කයක් නම් ඇතැම් මිනිසුන් තුළ සහජයෙන් පැන නඟින ප්‍රචණ්ඩ සිතුවිලි මෙබඳු නිර්මාණ නැරඹීම නිසා අවිහිංසක ලෙස පහ වී යන බවත් (catharsis), ඒ නිසා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩකම් කිරීමට ඔවුන් නොපෙළඹෙන බවත්. මෙය ද පිළිගත හැකි තර්කයක් නොවෙයි. චිත්‍රපට හා ටෙලිවිෂන් ඇත්තට ම මිනිස් චර්යාවන්ට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනවා නම්, කෝටි ගණන් මුදල් වැය කරමින් ටෙලිවිෂන් දැන්වීම් පෙන්වන්නට වෙළඳ ආයතන ක්‍රියා කරයි ද?
ප්‍රතිපත්තියක් හැටි මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. එහෙත් අද දවසේ සමහර ටෙලිවිෂන් නාලිකා විකාශය කරන බාල මට්ටමේ, හරසුන් වැඩසටහන් ගැන සිතන විට යම් තරමක හෝ විනයක්, වගකීමක් මාධ්‍ය තූළින් මතු නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට සිදු වනවා.