Anthropocene film opens Rio+20 Summit, reminds who’s culpable…

A scene from The Anthropocene film

In March, I wrote about the high impactful short film called Welcome to the Anthropocene that launched the Planet Under Pressure conference, London 26-29 March 2012.

It is a three-minute blast through the last few centuries of Earth’s history, starting in 1750 and finishing at the Rio+20 Summit. It graphically depicts how one species has transformed Earth and shows why many scientists now say we have entered a new geological epoch, the Anthropocene.

Produced by the International Geosphere-Biosphere Programme (IGBP) and partners, it opened the United Nations Rio+20 summit today in Rio de Janeiro.

Welcome to the Anthropocene from WelcomeAnthropocene on Vimeo.

This information is found in a media notice released by IGBP today:

The data visualization, which is already an online viral hit with over 700,000 views, demonstrates that while we have had a dramatic impact on Earth for many thousands of years, it has only been since the 1950s we have grown into a colossal global force.

“The Anthropocene changes our relationship with the planet. We have a new responsibility and we need to determine how to meet that responsibility,” says co-director of the film, Owen Gaffney, director of communications at the International Geosphere-Biosphere Programme (IGBP), based in Stockholm.

“The Rio+20 summit is the largest UN event ever held and the first major international gathering on global sustainability since the concept of the Anthropocene was first popularised,” added Mr Gaffney.

The film opens at the beginning of the Industrial Revolution. As the camera swoops over Earth, viewers watch the planetary impact of humanity: cities, roads, railways, pipelines, cables and shipping lanes until finally the world’s planes spin a fine web around the planet. The film is produced as part of the world’s first educational portal on the Anthropocene.

The film was co-directed by Canadian data visualization expert and anthropologist Felix Pharand-Deschenes from the education organization GLOBAIA.

Pharand-Deschenes said: “Data visualization is a powerful tool to help us view the world and our place in it and to help foster the global awareness needed to support global sustainability and governance. Science can make use of these tools to help bring research to more people.”

The film was commissioned for a major international science conference, Planet Under Pressure, held in March 2012. The conference was designed to provide scientific leadership in support of the Rio+20 summit.

Conference co-chair Dr Mark Stafford Smith from CSIRO in Australia, said: “The film picks up the main theme of the Planet Under Pressure conference: the risks we face are global, urgent and interconnected. Our search for solutions must take this into account.”

The film was produced by the International Geosphere-Biosphere Programme and Globaia. It is part of the website, Anthropocene.info which is co-sponsored by IGBP; Globaia, CSIRO, Stockholm Resilience Centre, Stockholm Environment Institute, International Human Dimensions Programme.

සිවුමංසල කොලූගැටයා #71: රියෝ සමුළුව – තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?

This week’s Ravaya column (in Sinhala) is a preview of a key challenge being taken up at the UN Conference on Sustainable Development being held in Rio de Janeiro, Brazil, this month. I raise the question: how can Sri Lanka transform its economy into a green economy in pursuit of sustainable development?

I explored similar ground in my English column on 10 June 2012: When Worlds Collide #19: How Green is the Lankan Economy?

Rio+20 UN Conference Logo

පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත් විද්වතුන් එක් රැස් කරන සාකච්ඡ, වැඩමුළු, සම්මන්ත‍්‍රණ රාශියක් ද මේ දිනවල එම නගරයේ සංවිධානය කැරෙනවා.

1955 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය මට්ටමින් සාමාජිකත්වය දරණ (සහ ඒ සඳහා වාර්ෂිකව සාමාජික ගාස්තුවක් මහජන මුදලින් ගෙවන) ලක් රජය ද මේ සමුළුවට රාජ්‍ය මට්ටමින් සහභාගි වනවා.

මෙය හුදෙක් හරිත ප‍්‍රශ්න පිළිබඳ පාරිසරික සමුළුවක් නොවෙයි. ලෝකයේ දුගී දුප්පත්කම, සමාජ අසමානතා හා විසමතා දුරු කිරීමට ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍ය බවත්, එම සංවර්ධනය තිරසාර කරගැනීමට ක‍්‍රමවේදයන් සකසා ගත යුතු බවත් රියෝ සමුළුවේදී එයට සහභාගි වන රටවල් ප‍්‍රතිපත්ති මට්ටමින් පිළි ගන්නවා.

ලක් රජයේ ඇතැම් කොටස්කරුවන් නොදන්නාකමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක්කත්, මේ සමුළුවේ වැදගත්කම අවබෝධ කරගත් මෙරට පරිසර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ ඒ සඳහා නිල සුදානමක් සිදු කළා. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 193න් එකක් හැටියට රියෝ සමුළුවේදී ශ‍්‍රී ලංකාව ද තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය මට්ටමේ ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම කැටි කැරෙන වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර ගන්නා ලක් රජය, අනාගත මානව සුබසිද්ධිය ගැන ලෝක මට්ටමින් කථාබහ කරන මේ සමුළුවේදී වඩාත් සුබවාදී ලෙසින් සහභාගි වීම අගය කළ යුතුයි.

රියෝ සමුළුවේ එක් ප‍්‍රධාන තේමාවක් වන්නේ වර්තමාන ආර්ථික රටාව වඩාත් පරිසරයට හා මානවයන්ට හිතකර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන්නයි. මෙයට Green Economy හෙවත් හරිත ආර්ථිකය යයි කීව ද මෙහිදී ‘හරිත’ යන්න විග‍්‍රහ කැරෙන්නේ වඩාත් පුළුල් අරුතින්. අපේ ඇතැම් හරිතවේදීන් බහුලව යොදා ගන්නා ගස්කොළ, වනසතුන් හා සොබාදහම යන පටු අරුතින් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) හරිත ආර්ථිකය විග‍්‍රහ කරන්නේ “මානව උන්නතිය හා සමාජ සාධාරණත්වය ප‍්‍රවර්ධනය කරන අතර ම පාරිසරික අවදානම් අඩු කරමින් සොබා සම්පත් නැණවත්ව පරිහරණය කරන අන්දමේ ආර්ථික ක‍්‍රමයක්” හැටියටයි.

එබදු ආර්ථිකයක මූලික ගුණාංග හා අරමුණ තුනක් හදුනාගෙන තිබෙනවාථ

• පාෂාණිභූත ඉන්ධන (පෙට‍්‍රල්, ගල් අගුරු හා ගෑස්) වඩාත් අඩුවෙන් දහනය කරමින්, මිහිතලය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඞ් අඩුවෙන් පිට කරන ආර්ථිකයක්.

• සොබා සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරන, නාස්තිය අවම කළ, වඩාත් කාර්යක්ෂම ආර්ථිකයක්.

• සංවර්ධනයේ ප‍්‍රතිලාභ දුප්පත් හා පොහොසත් හැම අතර සාධාරණව බෙදා ගන්නා ආර්ථිකයක්.

මෙයින් තෙවැනි අරමුණ ඉටු කර ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. සියවස් ගණනාවක් තිස්සේ යුතෝපියානු (Utopian) ඉලක්කයක් ලෙස සැළකුණු මේ සමානාත්මතාවය, ධනවාදය තුළන් හෝ සමාජවාදය තුළින් හෝ ළගා කර ගන්නට නොහැකිව තිබෙනවා. මේ සදාතනික පැතුමට හරිත ආර්ථිකයෙන්වත් නව ජවයක් ලැබෙයි ද? එය කියන්නට බැහැ. එයට මුල් වන්නේ දේශපාලනික හා සමාජයීය සාධක නිසා.

ඉහත පළමු හා දෙවැනි අරමුණු සඳහා නම් විද්‍යාව හා තාක්ෂණය නැණවත්ව හා ක‍්‍රමවත්ව යොදා ගත හැකියි. එහෙත් හරිත ආර්ථිකයක් වසරකින් හෝ දශකයකින් එකවර පැන නැෙඟන්නේ නැහැ. එය සෙමෙන් හා ක‍්‍රමයෙන් ගොඩ නැඟිය යුතු ක‍්‍රමීය වෙනසක්. සොබාදහම රැක ගැනීමට පමණක් ලඝු කළොත් එය සිදු වන්නේත් නැහැ. හරිත ආර්ථිකයකට යොමු වීම හරහා රටක, ප‍්‍රජාවක මෙන් ම පවුලක ආර්ථිකයකටත් ලාබදායී හා ප‍්‍රයෝජනවත් විය යුතුයි.

විශේෂයෙන් බලශක්ති සම්බන්ධයෙන් හරිත ආර්ථිකයකට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇතැයි UNEP කියනවා.මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ඉහළ යන තෙල් මිළයි. ඛනිජ තෙල් වඩාත් පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතර පුනර්ජනනීය ඉන්ධන ප‍්‍රභවයන් (Renewable energy sources) වෙත යොමු වීමේ හදිසි අවශ්‍යතාවය අද ලෝකයට ම තේරුම් ගොස් තිබෙනවා.

සූර්ය, සුළං හා ජෛව ඉන්ධන බලශක්තිය වඩාත් කාර්යක්ෂමව ජනනය කොට, ගබඩා කොට, ප‍්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණයන් දියුණු කරන්නට ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, බ‍්‍රසීලය වැනි රටවල් අද විශාල ලෙස පර්යේෂණ කරනවා. මුදල් ආයෝජනය කරනවා.

එහෙත් හරිත ආර්ථිකයක් බිහිවීමට නවීන තාක්ෂණයන් හා ක‍්‍රමවේදයන් පමණක් සෑහෙන්නේ නැහැ. එයට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් හා සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයේ ම කැපවීම අවශ්‍යයි. මෙරට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනය කරන පෞද්ගලික සමාගම් මෙන් ම ස්වෙච්ඡ ආයතනවලටත් කලක් තිස්සේ තිබෙන ගැටළුවක් නම් එබදු පැහැදිලි හා හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් නොතිබීමයි.

මේ තත්ත්වය කෙමෙන් හොඳ අතට හැරෙන බව ද කිව යුතුයි. විදුලි හා බලශක්ති අමාත්‍යාංශය පුනර්ජනනීය බලශක්තිය නිපදවන තනි පුද්ගලයන්ගෙන් හා සමාගම්වලින් අතිරික්ත විදුලිය ලබා ගැනීමට කැමති වීම එක් මෑත හොඳ ප‍්‍රවණතාවක්. Net Metering ලෙස හැදින්වෙන මෙය ජාතික විදුලිබල ජනන ජාලය මත දැනට ඇති පීඩනය යම් තරමකට හෝ සැහැල්ලූ කිරීමට උදවු වනු ඇති.

Ernst “Fritz” Schumacher

තිරසාර සංවර්ධන ගැනත්, අළුත් ආර්ථික ක‍්‍රමයක දැඩි අවශ්‍යතාවය ගැනත් මීට වසර 40කට පෙර පෙන්වා දුන් ජර්මානු-බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර්ගේ (Ernst Schumacher) ජන්ම ශත සංවත්සරය සමරන්නට මාර්තුවේ කොළඹදී වැඩමුළුවක් පැවැත් වුණා. අසීමිත ලෙස ආර්ථික වර්ධනය පසුපස හඹා යාම සොබා සම්පත්වලට හා මානව සමාජයට දිගු කාලීනව දරා ගත නොහැකි බව කල් තබා වටහා ගෙන ලෝකයට අනතුරු ඇගවූ අසාමාන්‍ය ගණයේ විද්වතකු හැටියට ෂූමාකර් පිළි ගැනෙනවා.

එහෙත් “පුංචි නම් ලස්සනයි” (Small is Beautiful) නමින් 1973දී ඔහුගේ වඩාත් ම ප‍්‍රකට කෘතිය ලියූ වකවානුවේ එබදු සංකල්ප මතු කරන්නන් දෙස බොහෝ දෙනා බැලූවේ සැකයෙන් හා අවඥාවෙන්. මානව චින්තනය වෙනස් කරන්නට අසම්මත ලෙස සිතු හා අදහස් පළ කළ බොහෝ දෙනා මෙන් ෂූමාකර් ද තමන් ජීවත් වූ යුගයට වඩා ඉදිරියෙන් සිටි බව කොළඹ වැඩමුළුවේ කථිකයන් කියා සිටියා.

එහිදී කථා කළ බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂක හා බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක අසෝක අබේගුණවර්ධන කීවේ මෙරට බලශක්ති ජනනයට සිදු කැරෙන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය ටිකෙන් ටික සීමා කිරීමේ උවමනාව හදුනාගෙන ඇති බවත්, ඒ සඳහා 2020න් පසුව ක‍්‍රමානුකූලව යොමු වනු ඇති බවත්. එහෙත් මේ ඉලක්කය වෙත ළගා වීමට හරස්වන තාක්ෂණික හා ආර්ථික බාධක ඉවත් කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළා. (මේ බාධක මොනවාදැයි ඔහු විස්තර කළේ නැහැ.)

තිරසාර සංවර්ධනයට මෙරට තිබෙන ලොකු ම බාධකයක් ලෙස හදුනාගෙන ඇත්තේ රජයේ විවිධ ආයතන අතර සම්බන්ධිකරණයක් නැති විමයි. මේ සම්බන්ධිකරණය ඇති කිරීමට තිරසාර සංවර්ධනය සඳහා ජාතික කවුන්සිලයක් (National Council for Sustainable Development) 2008දී පිහිටුවනු ලැබුවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එහි ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ අමාත්‍යාංශ 22ක් නියෝජනය වනවා. රජයේ පාරිසරික ප‍්‍රතිපත්ති හා හරිත ලංකා පාරිසරික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට සහය වීම මේ කවුන්සිලයේ වගකීමයි.

හරිත ලංකා වැඩසටහන යටතේ පුළුල් ඉලක්ක 10ක් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. සැමට පිවිතුරු වාතය ලබා දීම, වගකීමක් සහිත ඉඩම් පරිහරණය, නාගරික ප‍්‍රදේශවල පාරිසරික තත්ත්ව පාලනය, කාර්මික ක‍්‍ර‍්‍රියාවලින් ඇති වන පාරිසරික බලපෑම් කළමණාකරණය, දේශගුණ විපර්යාසවලට මුහුණදීම ආදිය ඒ අතර තිබෙනවා.

නම සඳහන් නොකිරිමේ එකගත්වය මත පරිසර අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු කීවේ මේ උතුම් අරමුණු සදඟා රජයේ සෙසු අමාත්‍යාංශ හා ආයතන ඒකරාශි කොට සම්බන්ධිකරණය කිරිම ඉතා අපහසු වී ඇති බවයි. ඉඩම්, ජලය, කෘෂිකර්මාන්තය, බලශක්ති ජනනය, කර්මාන්ත, ප‍්‍රවාහනය ආදී ප‍්‍රධාන ප‍්‍රවාහයේ ක‍්‍රියාකාරකම් සියල්ල සිදු වන්නේ පරිසර අමාත්‍යාංශයෙන් පරිබාහිරවයි.

මේ යථාර්ථය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කරන්නට නම් සොබා සම්පත් කළමණාකරණය කරන හෝ පාරිසරික බලපෑම් ඇතිකරන හෝ දැවැන්තයන්ගේ දායකත්වය අත්‍යවශයි. එය හුදෙක් පරිසර දිනයකට, මිහිතල දිනයකට හෝ හරිත ලියවිල්ලකට සීමා නොවිය යුතුයි.

මෑත උදාහරණයක් ගනිමු. හරිත ලංකා වැඩසටහනේ එක් ඉලක්කයක් නම් 2016 වන විට මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණයෙන් 10%ක් ජෛව ඉන්ධනවලින් (biofuel) නිපදවා ගැනීමයි. (පෙට‍්‍රල් වාහනවල එන්ජින් වෙනස්කමක් නොකොට, එන්ජින්වලට හානියක් ද නොවී 10-15%ක් ඊතයිල් මද්‍යසාරය මිශ‍්‍ර කළ හැකියි. වාහනවල ඛනිජ තෙල් බිල අඩු කර ගන්නට ඒවාට මධ්‍යසාර මිශ‍්‍ර කිරිම විද්‍යාත්මකව අත්දුටු ක‍්‍රමයක්.)

එහෙත් මෑතදී මාධ්‍ය වාර්තා කලේ මෙරට අතිරික්ත බඩඉරිගු ටොන් 10,000ක් කැනඩාවට හා තායිවානයට විකිණූ බවයි. එය අපේ කෘෂිකර්මයේ හා ජාත්‍යන්තර වෙළදාමේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වා තිබුණා. බඩඉරිගු ටොන් 10,000 අලෙවියෙන් මෙරට කොපමණ විදේශ විනිමයක් ලැබෙනවා දැයි ප‍්‍රකාශිත නැතත්, මේ අතිරික්තය ජෛව ඉන්ධන නිපදවීමට යොදා ගත්තා නම් කොපමණක් වටිනා ඛනිජතෙල් සඳහා ආදේශ කළ හැකිව තිබුණා ද?

බඩඉරිගු පැසවීමෙන් ජෛව ඉන්ධන මද්‍යසාර නිපදවා ගත හැකියි. රියෝ සමුළුවට බ‍්‍රසීලයට යන අපේ නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට එරට ජෛව ඉන්ධන අත්දැකීම දැක බලා ගත හැකි නම් අගෙයි. බහුලව වවන උක් යොදා ගෙන ජෛව ඉන්ධන නිපදවා ඛනිජතෙල්වලට මිශ‍්‍ර කිරීම බ‍්‍රසීලය ඇරඹුවේ 1976දී. අද දියුණු වන රටවල් අතර ජෛව ඉන්ධන බහුලව ම භාවිතා කරන රටත්, ඒ සදහා හොදම තාක්ෂණික හැකියාව ඇති රටත් බ‍්‍රසීලයයි.

තිරසාර සංවර්ධනය කරා යන ගමන පරිසර අමාත්‍යාංශයට පමණක් තනිව යා හැකි හුදකලා චාරිකාවක් නොවෙයි. පරිසර අමාත්‍යාංශයට හැක්කේ ඒ සඳහා ගමන් මග හෙළි පෙහෙළි කොට, පෙර ගමන්කරුවන් වීම හා මාර්ගෝපදේශනයයි. අන්තිමේදී එය පාළු මාවතක් බවට පත් නොකර තිරසාර අනාගතයකට දිවෙන සක‍්‍රිය මාර්ගයක් කිරීමේ වගකීම රාජ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන් ම පෞද්ගලික හා විද්වත් ක්ෂේත‍්‍රවල ආයතන හා තීරක හැම දෙනාට පැවරෙනවා.

අභියෝගයේ බැරුම්කම හරිහැටි හදුනා ගෙන, මනා පෙළගැස්මකින් තිරසාර ගමන ගයොත් රියෝ සමුළුවෙන් ඔබ්බට ශ‍්‍රීලංකාවට බොහෝ දුර යා හැකියි. එහෙත් හිස් වදන් හා ප‍්‍රකාශවලට සීමා වී එක තැන පල් වුණොත්, සමුළුවෙන් සමුළුවට ගොස් එක ම තනුව වාදනය කරන පිරිසක් බවට පත්වීමේ අවදානම ද තිබෙනවා.

දැන ගියොත් රියෝ. නොදැන ගියොත් අනාථයි!

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

This is the Sinhala text of my Ravaya newspaper column published on 11 March 2012. Today I write about How Sri Lanka Missed the Moon. I wrote an English article in July 2009 covering the same ground, but this is NOT a translation. I don’t do translations.

‘විශ්වයේ අන්තිම සිංහල වචනය’ මැයෙන් මා පසුගිය සතියේ ලියූ කොලමට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා. අමෙරිකානු වොයෙජර් අභ්‍යවකාශ යානා ලෝකයේ භාෂා 55කින් විශ්වයට යැවෙන කෙටි පණිවුඩ ඇතුළත් රන් ආලේපිත තඹ තැටියක් රැගෙන උඩුගුවන්ගත කොට වසර 35ක් ගත වී තිබෙනවා. පිටසක්වල ජීවීන්ට යොමු කෙරුණු ඒ සන්නිවේදනයේ සිංහලෙන් ‘ආයුබෝවන්’ කීමට අහම්බෙන් තෝරා ගත් ලාංකිකයා ගැන ඇතැම් අයට ප‍්‍රශ්න මතු වී තිබෙනවා.

සිංහල කථා කරන සැම වෙනුවෙන් විශ්වය ඇමතීමේ වරප‍්‍රසාදය ලැබුණේ කාටද – ඒ තීරණය නිල නොවන මට්ටමින් අමෙරිකානු සරසවියක් ගත්තේ කෙලෙසද – එය අමෙරිකානු අධිපතිවාදයේ ම තවත් උදාහරණයක් ද – ආදී වශයෙන් ඇතැම් පාඨකයන් මා සමග තර්ක කළා.

නාසා (NASA) මූලාශ‍්‍රවලින් තොරතුරු උකහාගෙන වාර්තා කිරීම හැරෙන්නට ඒ ගැන විනිශ්චයක් දීමට මා උත්සාහ කළේ නැහැ. නමුත් එයට අට වසරකට පෙර සඳ තරණය සම්බන්ධයෙන් නිල වශයෙන් ම ලංකා නියෝජනයක් ලබා ගන්නට අමෙරිකානු රජය ගත් උත්සාහයක් ගැන තවත් කථාවක් අද මගේ තේමාවයි.

අවධාරණය කළ යුතු එක් කරුණක් නම් නාසා යනු ලෝක අභ්‍යවකාශ එජන්සියක් නොව අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරිය බවයි. අමෙරිකානු ජනයාගේ බදු මුදලින් පවත්වා ගෙන යන ඒ රාජ්‍ය ආයතනය වග කියන්නේ එරට රජයට හා ජනතාවටයි. හැකි අවස්ථාවල මානව වර්ගයා ම උදෙසා අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල යෙදීමට උත්සාහ කළත් එසේ කිරීමට නාසා ආයතනයට නීතිමය බැදීමක් නැහැ. නමුත් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන අනෙකුත් රටවල් (රුසියාව, ජපානය, යුරෝපා රටවල්, ඉන්දියාව හා චීනය) සමග නාසා සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

1969 ජුලි 20 වනදා ඇපලෝ 11 යානයෙන් ගිය අමෙරිකානු අජටාකාශගාමීන් (නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඔල්ඞ්රින්) මුල් වරට සද මතු පිට පා තැබූ ඓතිහාසික අවස්ථාවේ එය අමෙරිකාවේ පමණක් නොව මුළු මානව වර්ගයාගේ ම ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමට නාසා ආයතනය කටයුතු කළා. ඒ දෙදෙනා සඳ මතුපිට තැන්පත් කළ ඵලකයේ (ඉංග‍්‍රීසියෙන්) මෙසේ සඳහන් වුණා. “1969 ජුලි මාසයේ පෘථිවියේ සිට පැමිණි මානවයෝ මුල් වරට සඳට පා තැබුවෝය. මුළු මිනිස් සංහතියට සාමය පතා ගෙන මෙහි ආවෙමු.” එහි අත්සන් හතරක් තිබුණා: ඇපලෝ 11 අජටාකාශගාමීන් තිදෙනා සහ එවකට අමෙරිකානු ජනාධිපති රිචඞ් නික්සන්ගේ.

මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලද මේ ඵලකයට අමතරව ඇපලෝ 11 ගොඩ බැසි හඳ නිසල මුහුදේ තැන්පත් කළ තවත් සිහිවටනයක් තිබුණා. එය අමෙරිකානු සත 50ක කාසියක් (අපේ සත 50 ට සමාන) තරම් වූ සිලිකන් තැටියක්. එහි ඉතා කුඩා ප‍්‍රමාණයට (miniaturized) සටහන් කර තිබුණේ මේ මුල් ම සඳ ගමනට ලෝකයේ එවකට සිටි නායකයන් 73 දෙනකුගෙන් ලද සුභාශිංසන පණිවුඩයි.

මිනිසුන් සඳ ට යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමේ දැවැන්ත ඇපලෝ වැඩපිළිවෙල 1961 සිට ක‍්‍රියාත්මක වූවා. රුසියාව (එවකට සෝවියට් දේශය) සමග මහා අභ්‍යවකාශ තරගයක නියැලී සිටි අමෙරිකාව ඒ සඳහා ඉතිහාසයේ විශාලතම තාක්‍ෂණික ප‍්‍රයත්නය හා මුදල් ආයෝජනය කළා. එහි මල්ඵල ගැන්වෙන 1969 ජුලි මාසයට සති කිහිපයකට පෙර එවකට නාසා අධිපති වූ තොමස් පෙන්ට ලෝක නායකයන්ගේ පණිවුඩ ලබා ගැනීමේ අදහසක් ආවා.

එරට විදේශ අමාත්‍යාංශය වන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය එයට ලැබුණේ 1969 ජුනි මුලදී. ඇපලෝ 11 උඩුගුවන්ගත වීම නියමිතව තිබුණේ ජුලි 16දා. මේ නිසා සති කිහිපයක් තුළ හැකි තාක් රටවලින් පණිවුඩ ලබා ගන්නට නාසා ආයතනයත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවත් උත්සුක වුණා.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලද රටවල් 127ක් තිබුණා (දැන් 193යි). ඒ අතරින් වොෂිංටන් නුවර තානාපති කාර්යාල තිබූ රටවල් 116කට මේ ආරාධනය යොමු වුණා. අද මෙන් ෆැක්ස්, ඊමේල් හෝ වෙනත් දියුණු සන්නිවේදන ක‍්‍රම නොතිබූ ඒ කාලයේ ටෙලෙක්ස් හා ටෙලිෆෝන් මගින් සිදු කළ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට යම් කාලයක් ගත වුණා. අන්තිමේදී රටවල් 72ක නායකයන්ගෙන් සුභ පැතුම් ලැබී ඒවා ඇපලෝ 11 සිලිකන් තැටියේ අන්තර්ගත කළා. අමෙරිකානු ජනාධිපතිගේ පණිවුඩයත් සමග මුළු සංඛ්‍යාව 73ක් වුණා.

තාක්‍ෂණය අද තරම් දියුණු නොවූ 1960 දශකයේ මෙබදු තැටියක් නිර්මාණය කිරීම ද අභියෝගයක් වුණා. ඒ සඳහා නාසා ආයතනයේ ඇනවුම පරිදි නව තාක්‍ෂණ ක‍්‍රමයක් අමෙරිකාවේ ස්ප‍්‍රාග් ඉලෙක්ටි‍්‍රක් සමාගම (Sprague Electric Company) නිපද වූවා. මෙයට සිලිකන් තෝරා ගත්තේ හඳ මතු පිට අධික උණුසුමට ඔරොත්තු දීම පිණිසයි. හැම රාජ්‍ය නායක ලිපියක් ම 200 වාරයක් කුඩා කොට ඒ තැටියට සුරක්‍ෂිතව ආලේප කළා. පරිගණකවල භාවිතා වන ක්ෂුද්‍ර පරිපථ (integrated circuits) මුද්‍රණය කිරීමේදී මේ තාක්‍ෂණය තවමත් යොදා ගන්නවා.

මේ ප‍්‍රයත්නයට අදාල සියළු ලිපි ගනුදෙනු හා ලියවිලි වොෂිංටනයේ කොංග‍්‍රස් පුස්තකාලයේ ලේඛනාගාරගතව තිබෙනවා. ඒවා පරිශීලනය කිරීමෙන් මේ සිලිකන් තැටියේ කථාව ගැන වෛද්‍ය ටහීර් රහ්මන් (Dr Tahir Rahman) නම් අභ්‍යවකාශ ඉතිහාසවේදියා 2007දී පොතක් ලියා පළ කළා.

1969 ජුනි-ජුලි කාලයේ ලෝක නායකයන් 73 දෙනකු කඩිමුඩියේ ලියූ පණිවුඩ හරහා ඒ වකවානුවේ පැවති චකිතයන් හා බලාපොරොත්තු ගැන දළ හැගීමක් ලැබෙන බව වෛද්‍ය රහ්මාන් කියනවා. මේ ගැන නාසා ආයතනයේ නිල ප‍්‍රවෘත්ති නිවේදනය බලන්න (සියළු රාජ්‍ය නායක පණිවුඩවල ඉංග‍්‍රීසි පරිවර්තන මෙහි තිබෙනවා) http://tiny.cc/MoonPR

සමහර නායකයන් ටයිප් කරන ලද ලියුම් එවන විට ඇතැම් දෙනකු තම අත්අකුරින් ම ලියා එව්වේ මේ ඓතිහාසික අවස්ථාවේ වැදගත්කම හොඳ හැටි තේරුම් ගත් නිසායි. (තවමත් සිහසුන දරණ) තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදෙජ් රජතුමා මේ ප‍්‍රයත්නය ගැන මුලින් වැඩි විස්තර ඉල්ලා සිටියා. එය ලැබුණු පසු අන්තිම මොහොතේ ඔහු පණිවුඩයක් දුන්නා. එදා පණිවුඩ දායක කළ රාජ්‍ය නායකයන් 73 දෙනාගෙන් තවමත් තනතුරේ සිටින්නේ තායිලන්තයේ රජතුමාත්, එංගලන්තයේ දෙවන එලිසබෙත් රැුජිනත් පමණයි.

එවකට ලෝකයේ පැවති සීතල යුද්ධයේදී සෝවියට් පිලේ සිටි රටවල් (ඇරැයුම් ලැබුණත්) මේ තැටියට පණිවුඩ දීමෙන් වැළකුණා. (රුමේනියාවේ නායක නිකලායි චෞචෙස්කු පමණක් තනි වැකියක පණිවුඩයක් එවා තිබුණා.) ආසියාවේ රටවල් රැසක් උද්‍යොගිමත් පණිවුඩ ලබා දුන්නා. ඒ අතර ජපානය, කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා මාලදිවයින ද වූවා.

නමුත් මේ ඓතිහාසික අවස්ථාවේ නිල වශයෙන් එයට සහභාගි වීමට ලැබුණු ආරාධනය ශ්‍රී ලංකාව පිළිගත්තේ නැහැ! එවකට බලයේ සිටි ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජය කාරුණිකව මේ ඇරයුම ප‍්‍රතික්ෂේප කළා!

ඇපලෝ 11 උඩුගුවන්ගත කිරීමට පෙර දිනයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නාසා ප‍්‍රධානියාට ලියූ ලිපියේ හරය මෙයයි: පෙන් මහත්මයාණෙනි, (1969) ජුනි 23 දා ඔබ එවූ ලිපිය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයක් ද සඳ මතු පිට තැන්පත් කිරීම සඳහා නාසා ආයතනයෙන් ඉල්ලා සිටීම ගැන ස්තුතිවන්ත වන අතර, මේ අවස්ථාවේ එබදු පණිවුඩයක් නිකුත් නොකිරීමට ලක් රජය තීරණය කර ඇති බව දැනුම් දෙමු.”

එයට අත්සන් කර ඇත්තේ එවකට වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ ඒ. ටී. ජයකොඩි නම් විදේශ සේවා නිලධාරියායි. ඔහු එසේ ලියුවේ කොළඹින් ලද උපදෙස් මත බව පැහැදිලියි. එහෙත් මේ ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි කීම අපහසුයි.

දශක හතරකට පසු අපට කළ හැක්කේ ඒ ගැන අනුමාන කිරීම පමණයි. 2009 දී මේ ගැන ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියන විට සිලිකන් තැටියේ කථාව ගවේෂණය කළ වෛද්‍ය රහ්මාන් සමග මා ඊමේල් සන්නිවේදනය කළා. ඔහු කීවේ අදාල සියළු ලිපි ගනුදෙනු පිරික්සීමෙන් පසුව වූවත් ලංකාව මේ අවස්ථාව මග හැරියේ ඇයිද යන්නට කිසිදු ඉගියක් ඔහුට සොයා ගත නොහැකි බවයි.

ඇපලෝ සඳ ගමන් ගැන අමෙරිකානු ටෙලිවිෂන් සජීව විකාශයන්ට කථනයෙන් සහභාගී වූ ආතර් සී ක්ලාක්ට වෛද්‍ය රහ්මාන් සිය පොතේ පිටපතක් එවා තිබුණා. ක්ලාක් මිය යන්නට වසරකට පමණ පෙර මා ඔහුගෙන් ද මේ ගැන විමසුවා. තමන් ඩඩලි සේනානායක අගමැතිවරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දැන හදුනාගෙන සිටියත් මේ තීරණය ගැන කිසිවක් නොදත් බව ඔහු කීවා. ”සමහර වෙලාවට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් රටවල් ක‍්‍රියාකරන ආකාරය තර්කානුකූල නැහැ.” ඔහු ප‍්‍රකාශ කළා.

ඇපලෝ 11 සඳ ගමනට වසර 40 ක් පිරුණු 2009 ජුලි මාසයේ Groundviews.org වෙබ් අඩවියේ මේ ගැන මා ලියූ ලිපිය පළ වුණේ ”ලංකාවට හඳ අහිමි වූ සැටි” නම් හෙඩිම සමගයි. එයට පාඨක ප‍්‍රතිචාර රැසක් ලැබුණත් එකී තීරණයට පසුබිම් වූ හේතු සාධක මොනවාදැයි හෙළිදරව් වූයේ නැහැ. ඒ වෙනුවට මාතෘකාවට ඍජුව අදාල නොවන කාරණා ඇතැම් පාඨකයන් මතු කර තිබුණේ අපේ ඇත්තන්ගේ පටු මානසිකත්වය ලොවට ම පෙන්වා දෙමින්.

දිවයිනේ දැවෙන ප‍්‍රශ්න රැුසක් විසදීමේ අභියෝගයට මුහුණ දී සිටි ඩඞ්ලි රජයට හඳ මතුපිට තැන්පත් කැරෙන සිලිකන් තැටියක් ගැන සිතීමට ඉස්පාසුවක් නොතිබුණා විය හැකි යයි ඇතැම් පාඨකයෝ අනුමාන කළා. සෙනසුරාදා-ඉරිදා සති අන්තය වෙනුවට පෝය හා පෙරපෝය සති අන්තය බවට පත් කළ ඩඞ්ලි රජය, එවකට බෞද්ධ බලපෑම්වලට බොහෝ සේ නතුව සිටි නිසාත් සඳ ශුද්ධ වස්තුවක් ලෙස සළකා සඳ ගමන් ගැන විමතියෙන් හෝ සැකයෙන් හෝ පසු වන්නට ඇතිදැයි තවත් අය විමසුවා.

සඳ ගමන එවකට පැවති සීතල යුද්ධයේ එක් පෙරමුණක් වූ නිසා නොබැදි පිළිවෙතට අනුව යමින් අමෙරිකානු පිළට පක්‍ෂග‍්‍රාහී වීම නොමනා යයි එවකට විදේශ කටයුතු උපදේශකයන් සිතන්නට ඇත් ද? මේ තවත් තර්කයක්. (එහෙත් නොබැදි ජාතීන්ගේ පුරෝගාමියෙකු වූ යුගොස්ලාවියාවේ ජෝසිප් බ්‍රෝස් ටිටෝ ජනාධිපතිවරයාත් මේ තැටියට පණිවුඩයක් ලබා දුන්නා.)

අමෙරිකානුවන් සඳ තරණය කොට එය තවත් අමෙරිකානු ජනපදයක් කිරීමේ උත්සාහයක යෙදී සිටි නිසා ලක් රජය එයට සහභාගි නොවූවා යයි කියන උදවිය නොදන්නා සත්‍යයක් තිබෙනවා. තනි රටක් පෘථිවියෙන් බැහැර කිසිදු අභ්‍යවකාශ වස්තුවක් අයිති කර ගැනීම වළක්වන පිටසක්වල ගිවිසුම (Outer space Treaty) 1967 දී ජාත්‍යන්තර නීතියක් ලෙස ලෝකය පිළි ගත්තා. අද වන විට අභ්‍යවකාශ තරණයේ නියැලෙන සියළු රටවල් එයට බැදී සිටිනවා.

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ උගත්, බටහිර ලිබරල් ආකල්ප දැරූ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා අමෙරිකානු විරෝධියකු වූවා යයි සිතීම අපහසුයි. ඔහුගෙ රජය දේශපාලන වශයෙන් දක්‍ෂිනාංශික යැයි අපට සැළකිය හැකියි. සඳ තැටියට එක් නොවීමට ඊට වඩා තර්කානුකූල හේතුවක් ඔහුගේ රජයට තිබෙන්නට ඇති. එය කුමක් ද? මෙය කියවන පාඨකයකුවත් එයට ඉගියක් ලබා දෙයි ද?

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකුට අවමන් කරනවා යයි මගේ ඉංග‍්‍රීසි ලිපියට ප‍්‍රතිචාර දැක් වූ එක් (නිර්නාමික) පාඨකයෙක් මගේ බ්ලොග් අඩවිය හරහා මට චෝදනා කළා. හඳට පණිවුඩ නොයැවුවාට ඩඞ්ලිගේ දේශපාලන ප‍්‍රතිරූපයේ අඩුවක් සිදු වී නැහැ. එහෙත් නිල වශයෙන් අභ්‍යවකාශ කටයුත්තකදී ලක් රජය සම්බන්ධ කර ගන්නට 1969දී ගත් උත්සාහය ව්‍යර්ථ වූ නිසා 1977දී වොයෙජර් යානාවල තැන්පත් කැරුණු හඩ තැටියට නිල නොවන මට්ටමින් විද්වත් දායකත්වයක් ලබා ගැනීම ගැන නාසා ආයතනයට දොස් තැබිය හැකි ද?

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.

සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

This is the Sinhala text of my weekly column in Ravaya newspaper of 20 Nov 2011. This week, I continue our discussion on Internet freedom: what can – and must – be regulated online, and how regulation is fundamentally different from control and censorship. I insist that conceptual clarity is as important as technical understanding of how the Internet works.

Similar grounds was covered in two blog posts:
April 2007: Press Freedom in the Digital Age – Seeing beyond our noses and tummies
May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

The web is (largely) free for now...but for how long? Assorted babus are out to cage it!

දස වසරක් කියන්නේ මානව ඉතිහාසයට කෙටි කාල පරාසයක්. එහෙත් මානවයකුගේ ජීවිතයේ සැළකිය යුතු කාල වකවානුවක්. නව සන්නිවේදන තාක‍ෂණයන් පැත්තෙන් බැලූවොත් දිගු කාලයක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ එක් වසරක් තුළ සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක තරම් පරිනාමයක් සිදු වනවා. මේ පරිනාමීය සීඝ්‍රතාව හා එයින් මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට ඇති වන බලපෑම් ගැන අවධියෙන් සිටීම වැදගත්.

දස වසකට පෙරල 2001 ලෝක මාධ්‍ය නිදහස් සමරු දිනය (මැයි 3) සමරන්නට කර්තෘ මණ්ඩල සංසදය හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ගණනාවක් එක්ව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ රැස්වීමේ කථීකයකු ලෙස මටත් ඇරැයුම් කළා. සංවිධායකයන් මගෙන් ඉල්ලා සිටියේ නව සන්නිවේදන තාක‍ෂණයන් මාධ්‍ය නිදහසට දායක වන සැටි ගැන කථා කරන්නයි.

එවකට ජංගම දුරකථන භාවිතය ඇරඹී වසර 12ක් හා වාණිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් ලංකාවට හදුන්වා දී වසර 6ක් ගත වී තිබුණා. නමුත් ජංගම දුරකථනවල වටිනාකම හදුනා ගත්ත ද මාධ්‍ය ආයතන ඉන්ටර්නෙට් ගැන හරිහැටි අවබෝධයක් ලබා තිබුණේ නැහැ. ගෝලීය ප්‍රවණතා හා ආසියා කලාපීය අත්දැකීම් හුවා දක්වමින් මා තර්ක කළේ එළඹෙන වසරවල මාධ්‍ය නිදහසට හා තොරතුරු ගලනයට විප්ලවීය දායකත්වයක් ඉන්ටර්නෙට් හරහා ලැඛෙන බවයි. ඉන්ටර්නෙට් ප්‍රගමනය මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වන අතර එයින් නව අභියෝග ද මතු කරන සැටි මා පෙන්වා දුන්නා.

මගේ කරුණු දැක්වීම මෙරට මාධ්‍යවේදීන්ට අදාල නොවන ‘බටහිර’ සංකල්පයක් බවට ප්‍රබල තර්කයක් සභාවෙන් මතුව ආවා. මාධ්‍යවේදීන් හා කතුවරුන් බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් පුන පුනා කියා සිටියේ රජය හා මාධ්‍ය හිමිකරුවන්ගෙන් විවිධාකාර හිරිහැර විදින අපේ මාධ්‍යවේදීන්ට ‘ඔය ඉන්ටර්නෙට් විලාසිතාවලට කාලයක් නැති’ බවයි. එක් පසෙකින් මරණීය තර්ජනවලට මුහුණ දෙමින්, තවත් පසෙකින් අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ වැඩ කරමින් සිටින බහුතරයක් මාධ්‍යවේදීන්ට ඉන්ටර්නෙට් ගැන කථා කිරීම ම ඔවුන්ට අවමන් කිරීමක් බවට එක් තරුණ මාධ්‍ය සගයෙක් කියා සිටියා!

ඔවුන්ගේ සංදේහවාදය (scepticism) අගය කරමින් මා ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස සදහා අරගල කරද්දී අද ගැන පමණක් නොව හෙට ගැන ද අවධානය යොමු කරන ලෙසයි. ඉන්ටර්නෙට් පෙරටු කරගත් නව සන්නිවේදන තාක‍ෂණයන්ගේ සිඝ්‍ර ව්‍යාප්තිය සමග සාම්ප්‍රදායිකව තොරතුරු ගලනය පාලනය කරන්නට රාජ්‍යයන්, සමාගම් හා වෙනත් බලාධිකාරයන් යොදා ගත් උපක්‍රම තව දුරටත් සාර්ථක නොවනු ඇතැයි මා අනාවැකි පළ කළා. එහෙත් ඒ තොරතුරු ප්‍රවාහය උත්සන්න වීමත් සමග තොරතුරු ජනනය හා ගලනය කරවන මාධ්‍යවේදීන් හා අනෙකුත් විද්වතුන්ට අළුත් වගකීම් සමුදායක් බිහි වන බවත්, තොරතුරු ප්‍රවාහයට වේලි බැදීමේ නව උපක්‍රම බලාධිකාරීන් සොයා ගනු ඇති බවත් මා තව දුරටත් කියා සිටියා.

එදා ආවේගශීලීව මා සමග තර්ක කළ තරුණ මාධ්‍යවේදීන් වසර පහක් යන්නට පෙර තමන්ගේ ම ප්‍රවෘත්ති හෝ මතවාදී වෙබ් අඩවි ඇරඹීම දෙස මා බලා සිටියේ උපේක‍ෂා සහගතවයි. එමෙන් ම දස වසක ඇවෑමෙන් ඉන්ටර්නෙට්, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මා එදා කී ලෙසින් ම සංවාදයක් ඇති වී තිඛෙන ආකාරය මා දකින්නේ ද මහත් ඕනෑකමින්.

සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් 1990 සිට මෙරට ක්‍රියාත්මක වූවත් වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වුණා.

මේ වන විට මෙරට ජනගහනයෙන් අඩු තරමින් සියයට 10ක් (ලක‍ෂ 20 ක් දෙනා) නිතිපතා ඉන්ටර්නෙට් පරිශීලනය කරනවා. (ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මීට අඩුයි. ඇතැම් දෙනා හවුලේ භාවිත කරන ගිණුම් රැසක් තිඛෙනවා.) සෘජුව භාවිත කරන ජන සංඛ්‍යාවට අමතරව එම මාධ්‍යයේ බලපෑම වක්‍රව ලබන තවත් ජන පිරිසක් ද සිටිනවා.

අද වන විට ඉතා විශාල තොරතුරු සමුදායක් නිතිපතා ඉන්ටර්නෙට් හරහා හුවමාරු වනවා. එය විවිධ මට්ටම්වල සිදු වනවා. පුද්ගලයන් හෝ ආයතන අතර පෞද්ගලිකව සිදුවන හුවමාරු තිඛෙනවා. (email, Skype, Facebook කථා බහ ආදිය). මේවා සෙසු අයට විවෘත නැහැ. ඇතැම් වෙබ් අඩවි ද මුරපදයක් (password) යොදා අවසර ගෙන ඇතුල් විය යුතු ආකාරයේ ඒවායි. සමහර මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයිතියි.

එසේ නොමැතිව ඕනෑ ම කෙනෙකුට නොමිළයේ පිවිසීමට හැකි වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. ඒවා තුළ ප්‍රවෘත්ති, මතවාද, ඡායාරූප, කාටුන් රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික හා වෙනත් විශේෂිත අන්තර්ගතයන් තිඛෙනවා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි, මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන්නට තැත් කරන වෙබ් අඩවි මෙන්ම අසභ්‍ය පින්තූර හා විඩියෝ ඇතුළත් අඩවි ද තිඛෙනවා.

බලා ගෙන ගියා ම මුද්‍රිත මාධ්‍යයේත් අඩු වැඩි පමණට මේ විවිධත්වය හමු වනවා. එහෙත් එක් ප්‍රධාන වෙනසක් වන්නේ මුද්‍රිත මාධ්‍ය සංසරණයට තැපෑල හෝ පත්තර ලෑලි හෝ පොත් සාප්පු හෝ අවශ්‍ය වූවත් ඉන්ටර්නෙට් හරහා මේ අන්තර්ගතයන් පරිශීලනයට අවශ්‍ය වන්නේ පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් හා ඉන්ටර්නෙට් පහසුකම පමණයි. එ නිසා නිවසේ, කාර්යාලයේ මෙන් ම මහමගදී වූවත් එයට බද්ධ විය හැකියි.

අතට හසු නොවන, මනසට පවා නුහුරු මේ අළුත් ‘සෙල්ලම’ ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමගයි. අළුත් දෙයකට හුරු වන්නට කල් ගත වීම ස්වාභාවික වූවත්, දිගින් දිගට ම නව මාධ්‍යයක් දෙස වපර ඇසින් බැලීම හොද ද?

වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයට හා කාලීන සිදුවීම් විග්‍රහයන්ට යොමු වීමයි. මේ ප්‍රවණතාව රජයට පමණක් නොව සාම්ප්‍රදායික ජන මාධ්‍යවලටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙනවා.

ලොව පුරා ම ඉන්ටර්නෙට් හරහා පමණක් ප්‍රවෘත්ති ඛෙදා හරින හා අදහස් ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවි ගණන වැඩි වෙමින් තිඛෙනවා. මේවා ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත්වල වෙබ් අඩවිවලට වඩා ආකෘතියෙන් හා ස්වභාවයෙන් වෙනස්. යම් තරමකට මේවා සම කළ හැක්කේ පැය 24 පුරා ම පුවත් ආවරණයේ යෙදෙන, චන්ද්‍රිකා හරහා විකාශය කැරෙන ටෙලිවිෂන් නාලිකාවලටයි (උදා. CNN). දේශ සීමා හා රාජ්‍ය නීතිරීතිවලට නතු නොවී වාර්තාකරණයේ යෙදීමේ හැකියාව මේ දෙවර්ගයට ම තිඛෙනවා. අසාධාරණ මාධ්‍ය මර්දනය හෝ නිල පුවත් පාලනයක් හෝ පවතින රටවල (උදා. බුරුමය) සැබෑ තොරතුරු එරට වැසියන් දැන ගන්නෙත්, පිටස්තර ලෝකයට යන්නේත් මෙබදු සේවා හරහායි.

ඉන්ටර්නෙට් යනු මුළුමනින් පාලනය (control) කළ හැකි මාධ්‍යයක් නොවේ. අපේ රට තුළ වෙබ් අඩවි තහනම් කිරීම ගැන විටින් විට සංවාදයන් මතු වනවා. වෙබ් අඩවියක් තහනම් කිරීම යනුවෙන් මෙරට අදහස් වන්නේ රට තුළ ඉන්ටර්නෙට් සබදතා හරහා යම් වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම (blocking) පමණයි. ඒ වෙබ් අඩවි සෙසු ලෝකයට ම බලා ගත හැකියි. එසේම චරදංහ නම් වට රවුම් තාක‍ෂණික ක්‍රමයක් හරහා අවහිර කළ වෙබ් අඩවි මෙරට සිට බලා ගන්නටත් හැකියි. මෙරට හිතුමතයට, හිතෙන වෙලාවට වෙබ් අඩවි අවහිර කරන්නට බලධාරීන් කි්‍රයා කළත් පරිනත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල එසේ කළ හැක්කේ අධිකරණ නියෝග මත පමණයි. එහිදී නිශ්චිත අපහාසයක් හෝ අගතියක් හෝ සිදු වන බවට අධිකරණයට ඒත්තු ගිය යුතුයි.

පුවත් වාර්තාකරණයේ යෙදෙන ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල හිමිකරුවන් හා සංස්කාරකයන් සොයා ගත නොහැකි යයි කීම මුළුමනින් ම සත්‍ය නැහැ. ඉන්ටර්නෙට් අක්මුල් ආපසු සොයා ගෙන යා හැකි තාක‍ෂණයක්. අවශ්‍ය තාක‍ෂණික දැනුම, ශිල්ප ඥානය හා අධිකරණ නියෝගයක් තිබේ නම් අනන්‍යතාවය හෙළි නොකර ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවියක පසුබිම අනාවරණය කර ගත හැකියි. එහෙත් එය ලෙහෙසි නැහැ. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවි යොදා ගන්නා වෙබ් ඉඩකඩ (servers) ඇත්තේ බටහිර රටවල හෝ සිංගප්පූරුව වැනි ස්ථානවලයි. (මෙයට වෙළදපොල හේතු තිඛෙනවා)

ලංකාවේ ඉන්ටර්නෙට් ආගමනය වූ දා පටන් ඒ ගැන අධ්‍යයනය කරන මා මිත්‍ර චානුක වත්තේගම කියන්නේ රුසියාව වැනි රටවල් එබදු සහයෝගය නොදෙන නිසා එබදු රටක වෙබ් අඩවියක් මුල්ගත (host) කළොත් එහි හිමිකරුවන් හදුනාගැනීම දුෂ්කර වන බවයි.

චානුක අවධාරණය කරන පරිදි, මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, සගරා) හා විද්යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) සම්බන්ධයෙන් අදාල භෞතික තත්ත්වයන් හා නියාමන/පාලන හැකියාවන් ඉන්ටර්නෙට් මාධ්‍යයට ඍජුව අදාල නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එය මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන් භෞතික ලෝකයේ සංසරනය වන මාධ්‍යයක් නොවෙයිග පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් මානසිකත්වයේ හැදී වැඩුණු අප බොහෝ දෙනකුට ඉන්ටර්නෙට් සංකල්පමය අභියෝගයක් එල්ල කරනවා.

ඉන්ටර්නෙට් මුල පටන් ම සැළසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරියකට (රාජ්‍ය, හමුදා හෝ සමාගම්) නතු කර ගෙන පාලනය කළ නොහැකි ලෙසටයි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක‍ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් අමෙරිකානු රජයට වුවත් ඉන්ටර්නෙට් හසුරුවන්නට බැහැ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රාජ්‍ය තාන්ති්‍රක රහස් හෙළදරවු වීම නතර කරන්නට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබුණත් එයට තාක‍ෂණික හැකියාවක් තිබුණේ නැහැ. තනි රජයකට නොව ලෝකයේ රාජ්‍යන්ගේ සාමුහිකය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පාලනය පිළිබද අවසන් බලතල නැහැ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික, අනාරක‍ෂිත හා අන්තරාදායක පරිසරයක් යන්න නොවෙයි. ඉන්ටර්නෙට් හරහා ඩිජිටල් (අංකිත) ස්වරූපයෙන් තොරතුරු ගලා යාමට ලොව පුරා ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාත්මක ප්‍රමිතීන් හා එකගතාවයන් තිඛෙනවා. ඒවා ස්වයං නියාමනය කැරෙන ක්‍රමවේදයන් ද පසුගිය වසර 25 තුළ බිහි වී තිඛෙනවා.

සරල උදාහරණයකට රාවය වෙබ් අඩවියේ www.ravaya.lk ලිපිනය බලන්න. මේ ලිපිනය (URL) රාවය වෙඩ් අඩවියට සුවිශේෂීයි. එය ලබාගෙන ඇත්තේ .lk මගින් අවසන් වන සියළු වෙබ් ලිපිනයන් අනුමත කිරීමේ බලය ලත් LK Domain Name Registry (www.nic.lk) නම් ආයතනයෙන්. එය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වෙතත් එහි බල මූලය වන්නේ ICANN (www.icann.org) නමැති ලෝකයේ ම වෙබ් නාමකරණය නියාමනය කරන සංවිධානයයි. ඔබ .lk නොකැමති නම් .com හා .org වැනි ලිපිනයන් භාවිත කළ හැකියි. ඒවා නිකුත් කිරීමේ වරම ඇති සමාගම් විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එහෙත් ඒ සියල්ල අන්තිමේදී සම්බන්ධ වන පොදු ICANN ප්‍රමිති හා රීති මාලාවක් තිඛෙනවා. මේ රාමුවට පිටින් යන හිතුවක්කාර කිසිවකුට ඉන්ටර්නෙට් හරහා තොරතුරු දෙන්න හෝ ලබන්න හෝ නොහැකියි. නමුත් මේ නියාමනය සිදු වන්නේ ඉන්ටර්නෙට් යටිතල පහසුකම්වලට (internet infrastructure) අදාල ව මිස ඒ හරහා ගලා යන තොරතුරු සම්බන්ධයෙන් නොවෙයි.

අප කැමති වූවත් නැතත් නව සන්නිවේදන තාක‍ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වනවා. ඒවා අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකක් තිඛෙනවා. එකක් නම් ‘ඕවා අපට එපා’ කියමින් අපේ රටට එම තාක‍ෂණය/මාධ්‍යය පිවිසීම නතර කිරීමයි. (1968දී ජර්මනියෙන් ත්‍යාග කරන්නට ගිය ටෙලිවිෂන් විකාශ පහසුකම් එවකට පැවති රජය ප්‍රතික්ශෙප කළේ ඇතැම් පණ්ඩිතයන්ගේ අවවාද නිසයි.) දෙවැනි විකල්පය නම් අවධි වූ සිහියෙන් යුතුවල නිසි නියාමනයක් (regulation) සහිතව නව සන්නිවේදන තාක‍ෂණයන් මෙරට ස්ථාපිත වන්නට ඉඩ දීමයි.

ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර, ලෝකයත් සමග ගනුදෙනු කරන තත්ත්වයකට යන්නට නම් දෙවැනි විකල්පය තෝරා ගත යුතුයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වනවා. එය හරි හැටි තෝරා බේරා නොගැනීම නිසයි අද දක්වා ම ඉන්ටර්නෙට් ගැන මේ තරම් බයක් සැකක් පවතින්නේ.

Cooling without warming: Cool Biz for a safer future?

Image courtesy - Paradise Island Resort, Maldives
Paradise, The Maldives. 10 May 2011

I’m sitting in Paradise – and freezing. This isn’t quite what I imagined it to be.

Well, actually I’m attending a serious inter-governmental meeting being held at the Paradise Island Resort and Spa in the Maldives.

The setting is exotic enough – I’m near some of the finest beaches and bluest seas in the world. It’s a cloudy day outside, with tropical sunshine interrupted by occasional showers. We’re just a few hundred kilometres north of the Equator.

But it’s whole different world inside the meeting room. We have no windows and are visually cut off from the scenery. And the air conditioning is too strong. Even the 50 or so people inside the room don’t emit enough body heat to counter the chill spilling out from the ceiling.

Paradise (resort) isn’t alone. Across tropical Asia, our public offices, hotels and shopping malls just love to freeze us out.

This habit has a particular irony at this meeting. Convened by the UN Environment Programme (UNEP), it’s discussing how to stay cool without killing the planet.

To be precise, how air conditioning and refrigeration industries can continue their business – and keep cooling people and goods – without damaging the ozone layer or warming the planet.

It’s the semi-annual meeting of government officials from across Asia who help implement the Montreal Protocol to control and phase out several dozen industrial chemicals that damage the ozone layer in the upper atmosphere.

A nitpicker in Paradise? Photo by Darryl D'Monte

Adopted in 1987 and now ratified by 196 countries, it is the world’s most successful environmental treaty. It has reversed a catastrophic loss of ozone high up in the Earth’s atmosphere, and prevented tens of thousands of cases of skin cancer and cataract.

A landmark was reached at the end of 2009, when it succeeded in totally phasing out the production and use of chlorofluorocarbons (CFCs) — chemicals that had helped the cooling industries for decades. Now, a bigger challenge remains: removing two other widely used gases known as HCFCs and HFCs.

Both were originally promoted as substitutes for CFCs in the early days of the Protocol. HCFCs are less ozone-damaging than CFCs, while HFCs are fully ozone-safe. However, both have a high global warming potential — up to 1,700 times that of Carbon dioxide — and therefore contribute to climate change.

It was only a few years ago that scientists and officials realized that there was little point in fixing one atmospheric problem if it aggravated another. So in 2007, the Montreal Protocol countries agreed to address the climate impacts of their work.

The Montreal Protocol now encourages the countries to promote the selection of alternatives to HCFCs that minimize environmental impacts, in particular impacts on climate change.

The air conditioning and refrigeration industries are being encouraged to switch from HCFC to substitutes ahead of the global phase-out deadline of 2030. Alternatives — including natural refrigerants such as ammonia, carbon dioxide, hydrocarbons — are entering the market for many applications.

Parallel to this, consumers are being encouraged to opt for newer appliances that are both ozone-safe and climate friendly.

It takes time and effort for this message to spread and take hold. Many users — especially in the developing countries — only consider the purchase price of appliances and not necessarily the long-term energy savings or planetary benefits.

Events like the first Asian Ozone2Climate Roadshow, held in the Maldivian capital Malé from 8 to 12 May 2011, are pushing for this clarity and awareness. It’s still an uphill task: too many people have to be won over on too many appliances using a wide range of chemicals and processes.

And sitting here at my freezing corner of Paradise, I feel we should add another message: conserving energy includes a more rational and sensible use of air conditioning.

Perhaps we should promote and adopt the Japanese practice of Cool Biz.

Introduced by the Japanese Ministry of Environment in the summer of 2005, the idea behind Cool Biz was simple: ensure the thermostat in all air conditioners stayed fixed at 28 degrees Centigrade.

CoolBiz Logo
That’s not exactly a very cool temperature (and certainly no freezing), but not unbearable either.

The Cool Biz dress code advised office workers to starch collars “so they stand up and to wear trousers made from materials that breathe and absorb moisture”. They were encouraged to wear short-sleeved shirts without jackets or ties.

A Cool Koizumi: Leading from the front...
Then Prime Minister Junichiro Koizumi himself set the tone, wearing informal attire. But then, he was already known for his unorthodox style.

Clothes designers and retailers chipped in, with clothes offering greater comfort at higher temperatures.

Cool Biz changed the Japanese work environment – and fast. I remember walking into a meeting at a government office in Tokyo a few weeks after the idea had been introduced, and finding I was the most formally dressed.

The Japanese like to count things. When the first season of Cool Biz ended, they calculated the countrywide campaign to have saved at least 460,000 tons of Carbon dioxide emissions (by avoided electricity use). That’s about the same emissions from a million Japanese households for a month.

The following year, an even more aggressive Cool Biz campaign helped save an estimated 1.14 million tons of Carbon dioxide – or two and half times more than in the first year.

The idea also traveled beyond Japan. In 2006, the South Korean Ministry of Environment and the British Trade Union Congress both endorsed the idea.

This summer, the seventh since Cool Biz started, there is an added reason for the Japanese to conserve energy. As the Asahi Shimbun reported on 28 April 2011: “In what has been dubbed the ‘power-conserving biz’ campaign, many companies plan to conserve energy during the peak summer period in light of expected power shortages caused by the crisis at the Fukushima No. 1 nuclear power plant.”

Meanwhile, the rest of us freeze-happy tropical Asians can evolve our own Cool Biz practices – we don’t need to wait for governments and industry to launch organized campaigns.

For a start, we – as consumers or patrons – can urge those who maintain public-access buildings to observe voluntary upper limits of cooling. Sensitive thermostats can automatically adjust air conditioner operations when temperatures rise above a pre-determined comfortable level.

It all depends on how many of us pause to think. Of course, we can also continue business as usual – and freeze ourselves today for a warmer tomorrow.

The sun sets in Paradise too - photo by Nalaka Gunawardene

Wiz Quiz 8: Holding half the sky, but waiting for full equality

There is a well known Chinese proverb, which was supposedly favoured by Mao Zedong, saying “Women hold up half the sky.” Despite this, women have had to fight for their rightful place society for much of history — and the struggle for gender equality continues in the 21st Century.

International Women’s Day (IWD), which falls on March 8, symbolizes this long-running quest. This year marks the centenary of the worldwide observance that started in Europe.

Wiz Quiz this week, coinciding with IWD, starts off with a few questions on women’s rights and gender equality, and then roams the knowledge universe exploring other topical matters.

But not before we talk about the Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAW), adopted by the United Nations General Assembly some years ago, and UN Women , the newest UN agency established on in July 2010 ‘to lead, support and coordinate the work on gender equality and the empowerment of women at global, regional and country levels’.

Read the full text of Wiz Quiz 8: Half the Sky…

This video is on the YouTube channel of FeelGood, a student-led movement in the US to end world hunger.

Television tops as Lankan public’s source of information on current affairs

Television leads in Asia, including Sri Lanka
Today, 21 November, is World Television Day. The United Nations declared this in 1996 recognising “the increasing impact television has on decision-making by alerting world attention to conflicts and threats to peace and security and its potential role in sharpening the focus on other major issues, including economic and social issues”.

A new survey that I was closely associated with has just confirmed that broadcast television is the most dominant and most trusted source of information on news and current affairs by Lankans of all walks of life.

The mass media are the major source of public information on current news and affairs for Lankans living in cities, towns and villages – and broadcast television leads among the different types of media, according to the survey on public perceptions on climate change in Sri Lanka 2010.

Broadcast television is the single most popular source, cited by the highest number of respondents (94%). It is followed by radio (74%), and newspapers and magazines (taken together, 70%). There was no significant urban/rural difference in these preferences.

By mid 2010, Sri Lanka had 19 terrestrial channels broadcasting free-to-air transmissions in English, Sinhala or Tamil languages. Meanwhile, close to 50 radio channels – mostly on the FM band – crowd the airwaves.

The next most widely cited information source was friends, neighbours and colleagues. But interestingly, while 52% of all respondents listed this category, only very few (2%) acknowledged it as a credible source. In contrast, the credibility factor was higher for TV (88%), radio (42%) and print media (33%).

Educational institutions (schools, universities and training centres) were assigned a very low rank as a source (7%) and even lower status as a credible source (3%).

Although only 9% of the respondents cited the Internet as a regular source of information for themselves, its perception as a credible source was considerably high (51%). This makes the Internet the second most trusted source for the sample, behind only TV.

The exact survey question that elicited these answers was: “What are your main sources of information for current affairs/events?”

Read more about the survey findings on TVE Asia Pacific website

FIFA World Cup 2010: Media Conquering Planet Football!

Most Earthlings have just spent a month on this!

“If you’re an alien planning to invade the Earth, choose July 11. Chances are that our planet will offer little or no resistance.

“Today, most members of the Earth’s dominant species – the nearly 7 billion humans – will be preoccupied with 22 able-bodied men chasing a little hollow sphere. It’s only a game, really, but what a game: the whole world holds its breath as the ‘titans of kick’ clash in the FIFA World Cup Final.

“Played across 10 venues in South Africa, this was much more than a sporting tournament. It’s the ultimate celebration of the world’s most popular sport, held once every four years. More popular than the Olympics, it demonstrates the sheer power of sports and media to bring together – momentarily, at least – the usually fragmented and squabbling humanity.”

This is the opening of my latest op ed essay, which appears in several print and online outlets this weekend. It’s timed for the finals of the FIFA World Cup 2010 – the most widely followed sporting event in the world, which will be played in Soccer City, Johannesburg, South Africa today, 11 July 2010. The Netherlands will meet Spain in this culmination of international football that has been distracting a good part of humanity for a month.

This sporting event is tipped to be the most-watched television event in history. Hundreds of broadcasters are transmitting the World Cup to a cumulative TV audience that FIFA estimates to reach more than 26 billion people. Some TV channels offer high definition (HD) or 3-D quality images to enhance the mass viewing experience.

The essay was written a few days ago, after the FIFA World Cup 2010 had reached the semi-finals stage. To be honest, I’m not an ardent football fan. But as an observer of popular culture, I’ve gladly allowed myself to be caught up in the current football frenzy. I just love to watch people who watch the game…

It’s a light piece written to suit the current global mood, but I acknowledge that the World Cup is really more than just a ball game. The basic thrust of my essay is to comment on the powerful mix of fooball and live coverage: “For the past month, the winning formula for unifying the Global Family seemed to be: international football + live broadcasts + live coverage via the web and mobile phones.”

The Times of India, 11 July 2010: Planet Football: Sports unites a fragmented humanity

The Sunday Times, Sri Lanka, 11 July 2010: Conquering Planet Football

Groundviews.org: Beam Me Up to Planet Football

United Colours of Football, courtesy FIFA
The essay builds on themes that I’ve already explored on this blog – for example, how President Nelson Mandela used the 1995 World Cup Rugby championship to unite his racially divided nation, as told in the movie Invictus.

I also touch on FIFA being a wielder of formidable soft power in the world today, arguably more influential than the United Nations.

Here’s my parting thought, on which I invite reader comment: “On second thoughts, those invading aliens don’t need to worry too much about the Earth’s political leaders or their armies. Without firing a single shot, the globalised media have quietly taken over our Global Village — and now it’s too late to resist! We can argue on its merits and demerits, but the facts are indisputable.”

FIFA: Empire of Football or a global super-soft power?

The Empire of kicking around

If one acronym has dominated the world’s media and public minds in the past month, it must be FIFA.

It stands for the International Federation of Association Football, and is derived from the original French name, Fédération Internationale de Football Association. It’s the global governing body of association football, founded in 1904 and with its headquarters in Zürich, Switzerland.

FIFA is responsible for the organisation and governance of football’s major international tournaments — most notably the FIFA World Cup, held once every four years since 1930. The current World Cup, being held in South Africa from 11 June to 11 July 2010, is the 19th edition. The next will be hosted by Brazil in 2014.

As a global body with substantial financial resources, FIFA has had its own share of controversies and been criticised for its lack of transparency and internal democracy. It’s true that FIFA controls the media rights to key international games with an iron fist (which inspired the above cartoon). They are not alone: the International Olympic Committee (IOC) has its own detractors and allegations on similar considerations.

Who's got the soft power?
But there is little argument on how far and wide the influence of these global sports bodies extend. In an op ed essay being published this weekend, I contend: “FIFA, with its 208 member associations, is probably more influential — and certainly better known — than the United Nations, with its 192 member states. The difference is in media outreach. It signifies the rise of soft power in our always-connected information society.”

Indeed, the UN itself is well aware of this. In one of the most memorable op ed essays he’s written, the former UN Secretary General Kofi Annan acknowledged in 2006 (during the previous FIFA World Cup): “The World Cup makes us at the UN green with envy. As the pinnacle of the only truly global game, played in every country by every race and religion, it is one of the few phenomena as universal as the UN. But there are better reasons for our envy.”

He continued: “This is an event in which everybody knows where their team stands, and what it did to get there. They know who scored and how and in what minute of the game; they know who saved the penalty. I wish we had more of that sort of competition in the family of nations. Countries vying for the best standing in the table of respect for human rights, and trying to outdo one another in child survival rates or enrolment in secondary education. States parading their performance for all the world to see. Governments being held accountable.”

Of course, FIFA’s domination over the global public mind will wane after the FIFA World Cup 2010 ends. But how many other global bodies can claim to hold billions of people so engaged for a month? And in this era of 24/7 information society, that’s formidable soft power indeed.

What can we call the wielder of such soft power? How about Super-soft-power?

And can this kind of power also intoxicate and even corrupt its wielders? We’ve seen how power manipulations work in other centres of soft power, such as Hollywood and Bollywood. The challenge for FIFA — and all others who are connected to it through the love of football and/or media’s outreach — is to watch out that this concentration of soft power doesn’t corrupt.

The very same media that helps FIFA attain the status of a soft-super-power needs to keep an eye on how this power is being used. Perhaps that’s the ultimate game in the media-saturated 21st Century: Emperors of Eyeballs vs. Titans of Kick.

Remember, you read it here first.