How can scientists use web videos to communicate climate science?

Let’s face it: not every scientist is a potential David Attenborough, David Suzuki or Carl Sagan. Such supernovae are rare in any field.

But in this digital age, most scientists can use online platforms and simple digital tools to communicate directly with the public and/or policy makers. At least some scientists try to tap this potential — and we are grateful.

The World Resources Institute (WRI), a respected non-profit research and advocacy group, is currently trying to understand “how recent climate science discoveries can best be communicated via video”.

With support from Google, and with the help of three climate scientists, WRI has recently produced 3 different video types in order to test which works best. They are currently on display on their website, with a request for readers to vote and comment:

1. “A webcam talk” uses a self-recorded video of the scientist discussing his findings

2. “A conversation” uses a slideshow with a voiceover of the scientist discussing his findings

3. “A whiteboard talk” is a professionally shot video of the scientist in front of whiteboard discussing his findings

Here is the comment I submitted: the challenges WRI face are common and widely shared. And I do have some experience covering climate and other complex science and environmental stories across Asia for the visual and print media.

First, thanks for asking — and for exploring best public engagement method, which most technical experts and their organisations don’t bother to do.

Second, Andy Dessler comes across as an eager expert — not all scientists are! Some are visibly condescending and disdainful in doing ‘public’ talks that they immediately put off non-technical audiences.

Third, the options you’ve presented above are NOT mutually exclusive. For best results, you can mix them.

Webcam method is helpful, but people don’t want to see any talking head for more than a few seconds at a time. They want to see WHO is talking, and also WHAT is being talked about. The images in Conversation method come in here.

I realise webcams are usually set up inside buildings, but visually speaking the more interesting backdrops are in the open. In this case, if Andy Dessler were to record his remarks outdoors, on a clear and sunny day with some clouds in the far background sky, that would have been great!

I’m personally less convinced about Whiteboard Talk: many in your audience probably don’t want to be lectured to, or be reminded of college days. I would avoid that.

More about my work at http://www.tveap.org/

සිවුමංසල කොලූගැටයා #64: අවුරුදු සුනාමිය 2: ඉතිං ඊට පස්සෙ?

In this week’s Ravaya Sunday column (in Sinhala) appearing on 29 April 2012, I reflect on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, I raise some basic concerns that go beyond the individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

I ask: Was the tsunami warning and coastal evacuation on April 11 justified in Sri Lanka? I argue that this needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.

I have covered similar ground in an English op ed essay just published on Groundviews.org: Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

Map showing epicentre of undersea quake in Indian Ocean on 11 April 2012 - courtesy Pacific Tsunami Warning Centre & US Geological Survey

“පිටසක්වලින් ආ අවුරුදු සුනාමිය” මැයෙන් කොලමක් මා ලිව්වේ හරියට ම වසරකට පෙර, 2011 අපේ‍්‍රල් 24දා. ඒ 2011 අපේ‍්‍රල් 15 වනදා මෙරට ටෙලිවිෂන් නාලිකාවක් වගකීම් විරහිතව කළ සජීව විකාශයක් නිසා හට ගත් මහජන භීතිය හා එයට පසුබිම් වූ කරුණු විග‍්‍රහ කරමින්.

2012 අපේ‍්‍රල් 11 වනදාත් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ බොහොමයක සුනාමි අනතුරක සේයාව මතු වීම නිසා කලබල තත්ත්වයක් හටගත්තා. මෙය ආවේ පිටසක්වලින් නෙවෙයි. ඉන්දියානු සාගරයේ පතුලෙන්. හරියටම කිවහොත් ඉන්දුනීසියාවේ බන්ඩා අචි නගරයට කිමි 440ක් නිරිතදිගින් සාගරයේ කිමි 33ක් යටින්. එදින ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.08ට භූකම්පන මානයේ 8.6ක් සටහන් කළ ප‍්‍රබල භූමිකම්පාවක් හට ගත්තා.

එය සැර බාල වූ භූචලනයක් ලෙස අපේ රටේද විවිධ තැන්වලට දැනුනා. එයින් විනාඩි 6ක් ගත වූ පසු අමෙරිකාවේ හවායි දුපත්වල පිහිටි, අමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන පැසිෆික් සුනාමි අනතුරු ඇගවිමේ කේන්ද්‍රය (PTWC) විසින් ඒ ගැන මුල් ම විද්‍යාත්මක තොරතුරු සන්නිවේදන සිය වෙබ් අඩවිය හරහා නිකුත් කළා. එයින් කියැවුණේ ඉන්දියානු සාගර සුනාමියක් හට ගැනිමේ යම් අවදානමක් ඇති බවත්, මේ කලාපයේ වෙරළබඩ රටවල් තව දුරටත් ආරක්ෂාකාරි පියවර ගැනිම සදහා සුදානමින් හා සීරුවෙන් සිටිය යුතු බවත්. මේ සීරුවෙන් සිටීම විද්‍යාඥයන් Tsunami Watch ලෙස ලෙස නම් කරනවා.

මුහුදු පතුලේ ප‍්‍රබල භූචලනයක් සිදු වූ මොහොතේ පටන් PTWC විද්‍යාඥයන් ඉතා කඩිසර ලෙසින් මුහුදු රළ ක‍්‍රියාකාරිත්වය හා සාගර තරංග ගැන දුර සිට මැනීම කරනවා. මේ සදහා ස්වයංක‍්‍රීය ලෙස තොරතුරු සැපයීමේ හැකියාව ඇති සංවේදී උපකරණ ඉන්දියානු සාගරයේ බොහෝ ස්ථානවල පිහිටුවා තිබෙනවා. සමහරක් සාගරයේ පාවෙමින් චන්ද්‍රිකා හරහා තොරතුරු එවේලේ ම විකාශය කරන අතර තවත් ඒවා වෙරළබඩ යම් ස්ථානවල සවි කර තිබෙනවා.

මේවායින් එසැනින් ලැබෙන අළුත් ම විද්‍යාත්මක දත්තල එම සාගර ප‍්‍රදේශයේ ඓතිහාසික සුනාමි ඇති වීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගෙන සුනාමියක් හට ගැනීමේ හැකියාව ගැන PTWC විද්‍යාඥයින් ඉක්මන් තක්සේරුවක් කරනවා.

අපේ‍්‍රල් 11 වනදා ඉන්දියානු සාගරයේ මුල් භූචලනයෙන් හා ඉනික්බිති හටගත් පසු කම්පන (aftershocks) නිසා සුළු මට්ටමේ සාගර තරංග බලපෑමක් හට ගත්තත් එය සුනාමියක් බවට පත් වූයේ නැහැ. මේ නිසා ශ‍්‍රි ලංකා වේලාවෙන් පස්වරු 2.15ට හදුන්වා දෙනු ලැබූ සුනාමි සීරුවෙන් සිටීම සවස 6.06ට PTWC විසින් නතර කරනු ලැබුවා.

මේ පැය හතරකට ආසන්න කාලය තුළ ඔවුන් විද්‍යාත්මක නිවේදන (Indian Ocean Tsunami Watch Bulletins) හයක් නිකුත් කළා. එම විග‍්‍රහයන් සැළකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම එක් එක් රටවලට භාර වගකීමක්. අපේ‍්‍රල් 11 වනදා එය අදාළ රටවල විවිධ ආකාරයෙන් සිදු වුණා. මුල් භූ චලනයෙන් විනාඩි 6ක් ඇතුළත එයට සමීපතම රටවන ඉන්දුනීසියාව අනතුරු ඇගවීමක් නිකුත් කළ අතර, ඉන්දියාව විනාඩි 8කින් සිය නැගෙනහිර වෙරළට එබදු අනතුරු ඇගවීමක් නිකුත් කළා.

ශ‍්‍රි ලංකාවේ ජාතික මට්ටමේ නිල අනතුරු ඇගවීම නිකුත් කරනු ලැබුවේ එදින පස්වරු 3.30ට පමණයි. ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප‍්‍රදේශවල ජිවත් වන ජනතාව හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස අවවාද කරනු ලැබේ, එයින් කියැවුණා.

සුනාමි අනතුරු ඇගවීමක් දේශීය වශයෙන් නිකුත් කිරිම ඉතා වගකිම් සහගත තීරණයක්. එහිදී විද්‍යාත්මක සාධක මත පදනම් වී, මහජන ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන හැකි තාක් ඉක්මනින් ක‍්‍රියා කළ යුතු වනවා. එහෙත් හැමදෙයක් ම මුළුමනින් තහවුරු කර ගන්නා තුරු බලා සිටිය හොත් කඩිනමින් පැමිණෙන සුනාමි වැනි ආපදාවකදී අනතුරු ඇගවීම ප‍්‍රමාද වැඩි විය හැකියි.

අවම වශයෙන් වෙරළ ප‍්‍රදේශවලින් රට තුළට යාමට පැය බාගයකට කාලයක් තිබිය යුතුයි. මේ නිසා තමන්ට තිබෙන අළුත් ම එහෙත් අසම්පුර්ණ විද්‍යාත්මක තොරතුරු මත, රට ලෝකය ගැන තමන් සතු පුළුල් අවබෝධය ද යොදා ගනිමින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරනවා ද නැද්ද යන තීරණය ගන්නට අදාළ නිලධාරින්ට සිදු වනවා.

මාධ්‍ය, සිවිල්, සංවිධාන හා ආරක්ෂක හමුදාවලට කළ හැක්කේ එසේ නිල වශයෙන් ගන්නා තීරණයක් පතුරුවා හැරිම පමණයි. අනතුරු ඇගවීමක් නිකුත් කිරිමේ බලය තනිකර ම රටක මධ්‍යම රජයට පමණක් සීමා විය යුතුයි.

2004දී අපට තිබුනු ලොකු ම අඩුපාඩුව වූයේ ජාත්‍යන්තරව ලැබෙන සුනාමි අනතුරු ඇගවීමක් ගැන දේශීය වශයෙන් තීරණයක් ගැනීමට හා ඒ තීරණය හැකි ඉක්මණින් අදාළ ප‍්‍රදේශවල මහජනතාවට දැනුම් දීමට නොහැකි වීමයි. 2004 සුනාමියෙන් පසුව මේ මුලික අඩුපාඩු මග හරවා ගෙන ඇතත්, සුනාමි අනතුරක සේයාව මතු වූ විටෙක ආරක්ෂිත පියවර මනා සේ සම්බන්ධිකරණය වීම ගැන තවමත් විසදා නොගත් ගැටළු තිබෙන බව අපේ‍්‍රල් 11දා අත්දැකීමෙන් පෙනී ගියා.

සුනාමි අනතුරු ඇගවීමකදී හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ වෙරළබඩ ප‍්‍රදේශවල ජනතාව මේ වන විට දැනුවත් කර තිබෙනවා. මෙයට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය (DMC) මෙන් ම සර්වෝදය හා රතු කුරුස සංගමය වැනි ස්වේච්චා ආයතන ද මුල් වුණා. එහෙත් සුනාමි අනතුරු ඇගවීමෙන් පසු බටහිර, දකුණු හා නැගෙනහිර වෙරළ ප‍්‍රදේශවල ඇති වුණු විකෂිප්ත තත්ත්වය හා සංත‍්‍රාසය (panic) ගැන පසු විපරමක් කළ යුතුයි.

2004 – 2011 කාලය තුළ සන්නිවේදන තාක්ෂණය බොහෝ සේ දියුණු වී තිබෙනවා. 2004දී මිලියන් 2ක් පමණ වූ මෙරට ජංගම දුරකථන සංඛ්‍යාව 2011 අග වන විට මිලියන් 18 ඉක්මවා ගියා. මෙරට ජනගහනයෙන් සියයට 15 – 20ක් දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරනවා. මේ නිසා සම්ප‍්‍රදායික රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවලට අමතරව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් හරහා ද හදිසි අවස්ථාවල තොරතුරු ගලා යනවා.

හදිසි අවස්ථාවක ජංගම දුරකථන ජාල ධාරිතාව ඉක්මවා ගොස් තදබදයක් හට ගැනීම සුලබයි. ඉන්ටර්නෙට් සේවා අඩාල නොවී ක‍්‍රියාත්මක වූ නිසා Facebook හා Twitter වැනි වෙබ් මාධ්‍යවල සැලකිය යුතු තොරතුරු හුවාමරුවක් සිදු වුණා. ඒ අතර ඇතැම් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවල නිවේදකයන් ආවේගශීලිව ජනතාව බියපත් කිරිමට හා කලබල වැඩි කිරිමට දායක වූ බවත් කිව යුතුයි.

මේ ගැන විග‍්‍රහයක් කරමින් මෙරට හිටපු විදුලි සංදේශ නියාමකවරයකු හා සන්නිවේදන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව කීවේ: “හදිසි අවස්ථාවක තොරතුරු හුවමාරු වීමේදි නිල මුලාශ‍්‍රවලට හෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ (විද්‍යුත්) මාධ්‍යවලට සීමා වූ යුගය හමාරයි. ඉන්ටර්නෙට් ප‍්‍රචලිත වීම හා ජනප‍්‍රියවිමත් සමග ලෝකයේ නොයෙක් තැන්වලින් මතු වන අළුත් ම තොරතුරු හා විග‍්‍රහයන් එසැනින්ම ලබා ගැනිමේ හැකියාව අපේ සමාජයේ දැන් විවෘත වී තිබෙනවා. මේ නව සන්නිවේදන යථාර්ථය ආපදා අනතුරු ඇගවීම් නිකුත් කිරිමේ වගකීම හා නිල බලය ඇති රාජ්‍ය ආයතන හා නිලධාරින් සැලකිල්ලට ගත යුතුයි.”

නිල රාජ්‍ය මුලාශ‍්‍ර මුලික අනතුරු ඇගවීමෙන් පසු දිගින් දිගට අළුත් තොරතුරු සැපයීමට පෙරට ආවේ නැහැ. මෙබදු අවස්ථාවක රාජ්‍ය නිලධාරින් තනි නාලිකාවකට දෙකකට සම්බන්ධ වීම සෑහෙන්නේ නැහැ. එමෙන්ම ජේ්‍යෂ්ඨ නිලධාරින් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම ඉතා වැදගත්. ජන මනස කැළඹි ඇති විට යම් තරමකට හෝ ඔවුන්ට අස්වැසිල්ලක් ලැබෙන්නේ එවිටයි.

භූ චලනයෙන් කෙටි වේලාවක් ඇතුළත දෙස් විදෙස් ජනමාධ්‍ය සියල්ලට ම විවෘත වෙමින් බහුවිධ මාධ්‍ය හරහා මිලියන් 235කට අධික සිය රටවැසියන්ට සම්බන්ධ වූ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ යොදියෝනෝ ඒ කාර්යය ඉතා දක්ෂ ලෙස ඉටු කළ බව ටයිම් සගරාවේ ශ‍්‍රී ලංකා වාර්තාකරු අමන්ත පෙරේරා පෙන්වා දෙනවා.

“තනතුරෙන් උසස් රාජ්‍ය නිලධාරියකු හෝ නායකයකු එදින අපේ රටේ දේශීය සන්නිවේදනයට මැදිහත් නොවීම කණගාටුවට කරුණක්. සජීව විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයේදී හදිසි අවස්ථාව පහව යන තුරු දිගින් දිගට ම ජනමාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම හා සන්සුන් කිරිම අත්‍යවශ්‍යයි. මේ සදහා ඇති තරම් ලක් රජයෙන් නිල ප‍්‍රකාශකයන් සොයා ගන්නට මාධ්‍යවලට නොහැකි වුණා,” අමන්ත කියනවා.

අපේ‍්‍රල් 11දා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරිම හා එයින් පසු සිදු වූ සමස්ත ක‍්‍රියාදාමය ගැන මැදහත් විමර්ශනයක් කළ යුතුයි. එදා බලය ලත් නිලධාරින් ක‍්‍රියා කරන්නට ඇත්තේ පරිස්සම හා ආරක්ෂාව පැත්තට වැඩි බරක් තබමින් විය යුතුයි. එය එදින තත්ත්වය බේරා ගන්නට උදවු වුණත්, මෙබදු අනතුරු ඇගවීම් විටින් විට නිකුත් කර සුනාමි නොඑන විට අනතුරු ඇගවීම් පිළිබද මහජන විශ්වාසය ටිකෙන් ටික අඩු වීමේ අවදානමක් තිබෙනවා. False Alarms නමින් හැදින්වෙන මේ තත්ත්වය දිගු කාලීනව ආපදා කළමණාකරනයට අහිතකරයි.

“කොටියා ආවා” යයි නිතර නිතර කෑගසමින් විහිලූ කරන්නට පුරුදුව සිටි තරුණයාගේ කථාව අප දන්නවා. ඇත්තට ම කොටියකු ආ විට ඔහුගේ අනතුරු ඇගවීම කිසිවකු විශ්වාස කළේ නැහැ!

බංගලාදේශය, පිලිපීනය, තායිලන්තය වැනි අපේ කලාපයේ රටවල මෑත වසරවල අත්දැකීම්වලින් පෙනී යන්නේ අනවශ්‍ය ලෙස කලබල වී අනතුරු ඇගවීමක් නිකුත් කොටල එනවා යැයි කී සුනාමි නොපැමිණි විට අදාල නිල ආයතන ගැන ජන මනසේ ඇති විශ්වාසය පළුදු වන බවයි. මේ නිසා අපේ‍්‍රල් 11 වනදා ප‍්‍රවේශම්කාරිවීම ගැන උදම් අනන අතරේ මේ දිගු කාලීන විපාකය ගැන සීරුවෙන් සිතා කටයුතු කළ යුතු බව මහාචාර්ය සමරජීව අවධාරණය කරනවා.

එසේ ම සුනාමි සන්නිවේදනයේදී වචන හරඹයේ සිදුවන ව්‍යාකුලතා වළක්වා ගැනිමට සරල වර්ණ සංකේත ක‍්‍රමයක් යොදා ගත හැකියි. එහිදී සුනාමි නොමැති තත්ත්වය කොළ පාටිනුත්, සුනාමියක් සිදුවීමේ සේයාව හෝ අවදානම (Watch) තැඹිලි පාටිනුත්, නියත වශයෙන්ම සුනාමියක් මහ එන බව දත් විට (Warning) රතු පාටිනුත් නියෝජනය කළ හැකියි. මෙය රථවාහන සංඥා ක‍්‍රමයට සමාන නිසා මාධ්‍යවේදීන් හෝ පොදු මහජනතාව හෝ වරදවා වටහා ගන්නට ඉඩක් නැහැ.

Public Trust in Times of Crisis: Reflections on April 11 Indian Ocean Tsunami Warning

Entrance to Pacific Tsunami Museum in Hilo, Hawaii, photo by Nalaka Gunawardene, Jan 2007

Five years ago, on a visit to the Pacific Tsunami Museum in Hilo, Hawaii, I played an interesting simulation game: setting off an undersea earthquake and deciding whether or not to issue a tsunami warning to the many countries in and around the Pacific.

The volunteer-run museum, based in ‘the tsunami capital of the world’, engages visitors on the science, history and sociology of tsunamis. The exhibits are mostly mechanical or use basic electronic displays, but the messages are carefully thought out.

The game allowed me to imagine being Director of the Pacific Tsunami Warning Centre (PTWC), a US government scientific facility in Ewa Beach, Hawaii, where geophysicists monitor seismic activity round the clock. When the magnitude exceeds 7.5, its epicentre is located and a tsunami watch is set up. Then, combining the seismic, sea level and historical data, PTWC decides if it should be upped to a warning.

Tsunami simulation game - low tech, high lesson
The museum game allows players to choose one of three locations where an earthquake happens — Alaska, Chile or Japan — and also decide on its magnitude from 6.0 to 8.5 on the Richter Scale.

This is an instance where scientists must quickly process large volumes of information and add their own judgement to the mix. With rapid onset hazards like tsunamis, every second counts. Delays or inaction can be costly — but false alarms don’t come cheap either.

I played the game thrice, and erring on the side of caution, issued a local (Hawaiian) evacuation every time. If it were for real, that would have caused chaos and cost the islanders a lot of money.

In fact, those who make decisions on tsunami alerts or warnings have to take many factors into account – including safety, economic impact and even political fall-out.

After playing the simulation game, I can better appreciate the predicament government officials who shoulder this responsibility. They walk a tight rope, balancing short-term public safety and long term public trust in the entire early warning system.

This is how I open a new op ed essay that reflects on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, but sometimes referring to how other Indian Ocean rim countries reacted to the same situation, I raise some basic concerns that go beyond this individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

Another except:
“So was the tsunami warning and coastal evacuation on April 11 justified? This needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.”

In particular, I focus on nurturing public trust — which I call the ‘lubricant’ that can help move the wheels of law and order, as well as public safety, in the right direction.

Read full essay on Groundviews.org:
Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

සිවුමංසල කොලූගැටයා #62: හුස්ම ගන්නට ආසයි – බයයි!

On 20 April 2012, we marked seven years since Saneeya Hussain left us. Journalist and activist Saneeya suffered a needless and tragic death at when she ran out of fresh air in South Asia and was caught up in the urban traffic congestion of Sao Paulo.

In this week’s Ravaya Sunday column, I remember Saneeya’s legacy and plight and discuss the latest dimensions of outdoor air pollution in Sri Lanka that threatens fellow asthma sufferers like myself. The same information is covered in English at: Gasping for Fresh Air, Seeking More Liveable Cities in South Asia

Saneeya Hussain & Nalaka Gunawardene: Singapore, Nov 2002

පාරිසරික ප‍්‍රශ්න විද්‍යාත්මක තොරතුරු මත පදනම් වී, තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීම අවශ්‍යයි. එහෙත් බොහෝ දෙනා දත්ත හා සංඛ්‍යා ලේඛනවලින් පමණක් සෑහීමකට පත් වන්නේ නැහැ. සන්නිවේදකයන් හොදින් අත්දුටු සත්‍යයක් නම් ඕනෑ ම තර්කානුකූල විග‍්‍රහයකට මානුෂික මානයක් ද (human interest) තිබිය යුතු බවයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිට වන දුමාරයෙන් ඇති වන වාත දුෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. මෙරට වාතදුෂණයේ අමිහිරි පැත්ත ගැන විද්‍යාත්මකව කළ කථාව එතැන් සිට ඉදිරියට ගෙන යන්නට මගේ මිතුරියකගේ සැබෑ කථාවක් අද යොදා ගන්නවා.

ඇගේ නම සනියා හුසේන් (Saneeya Hussain). ඇය උපන්නේ 1954දී පාකිස්ථානයේ ලාහෝර් නුවර. ඉසුරුබර පවුලක උපන්නත්, ලැබිය හැකි ඉහළ ම පාසල් හා සරසවි උගෙනුමක් ලැබුවත් ඇයට ඕනෑ වුණේ සමාජ සාධාරණත්වය හා පොදු උන්නතිය (public interest) සදහා ක‍්‍රියා කරන්නයි. මේ නිසා ඇය වෘත්තියෙන් පුවත්පත් කලාවේදීනියක් වුණා.

පාකිස්ථානයේ ඉංග‍්‍රීසි පුවත්පත් හා සගරාවල ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් හැටියට වසර ගණනාවක් සනියා කටයුතු කළා. විශේෂයෙන් ම 1980 දශකයේ පාරිසරික ප‍්‍රශ්න ගැන හරිත කෝණයට සීමා නොවී (වනාන්තර හා වනජීවීන්ට පමණක් කොටු නොවී) මානව සමාජයට ම බලපාන සම්පත් පරිභෝජනය, ආපදා හා තිරසාර සංවර්ධනය ගැන ඈ පුරෝගාමී සන්නිවේදනයක යෙදුණා. පසුව ලෝක සංරක්‍ෂණ සංගමයේ (IUCN) පාකිස්ථානු කාර්යාලයේ සන්නිවේදන ප‍්‍රධානියා හැටියටත් කටයුතු කළා.

2002දී සනියා පැනෝස් දකුණු ආසියා (Panos South Asia) ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හැටියට පත් වුණා. එය දකුණු ආසියාතිකයන් විසින් ම පාලනය කරන, දකුණු ආසියාව සඳහා ම කැප වූ ආයතනයක්. සාක් කලාපයේ රටවල සංවර්ධනය පිළිබඳව හරවත් සංවාද හා විවේචනයන් කිරීමට මේ කලාපයේ මාධ්‍යවේදීන්, ජන සංවිධාන ක‍්‍රියාකාරිකයන් හා පර්යේෂකයන්ට අනුග‍්‍රහය දීම මේ ආයතනයේ අරමුණයි.

Saneeya Hussain 1954 – 2005

එහි මූලස්ථානය ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි. නව තනතුර භාර ගෙන ඉතා උද්‍යොගයෙන් සනියා කත්මණ්ඩු නුවරට පදිංචියට ගියත් ඇයට එහි වාසය කිරීම ලෙහෙසි වුණේ නැහැ. එයට හේතුව ඇය ළමා වියේ සිට ම ඇදුම රෝගියකු වීම.
කත්මණ්ඩු නුවර කදුවලින් වට වූ නිම්නයක්. හරියට අපේ මහනුවර වගෙයි (නමුත් මුහුදු මට්ටමින් ඊට වඩා පිහිටීම උසයි (මීටර 1,350; අඩි 4,430) නිම්නයේ වාතය එක් රැස් වුණත් පිට වන්නට කපොල්ලක් නැහැ. මේ නිසා දුෂණය වූ වාතය කත්මණ්ඩු නිම්නයේ ම රැඳෙමින් එහි වැසියන්ට පීඩා කරනවා.

කත්මණ්ඩු වාත දුෂණයට ප‍්‍රධාන හේතුව වාහනවලින් පිට වන දුමාරය. විශේෂයෙන් ම ද්විත්ව පහර (two stroke) එන්ජින් තිබෙන මෝටර් සයිකල හා ත‍්‍රීරෝද රථවල දුමාරය තුළ හරිහැටි නොදැවී පිටවෙන සියුම් අංශු (particulate matter) රැසක් තිබෙනවා. හුස්ම ගන්නා විට ශරීරගත වී වැඩි ම හානියක් කරන්නේ මේවායි.

වසර දෙකකට වැඩි කාලයක් කත්මණ්ඩු වාතය සමග සනියා පොර බැදුවා. ඒ කාලය තුළ ඇය පැනෝස් හරහා විශාල වැඩ කොටසක් කළා. එහෙත් ඇදුම රෝගය එන්න එන්න ම උත්සන්න වෙද්දී ඇයට පරාජය පිළි ගන්නට සිදු වුණා. (ඇය තරම් දරුණු ඇදුම රෝගියකු නොවූවත් මටත් කත්මණ්ඩු හා නවදිල්ලිය බදු නගර ගැන පෙනහල්ලෙන් අත්දුටු මතකයන් තිබෙනවා.)

අන්තිමේදී 2004දී ඇය පැනෝස් රැකියාවෙන් අස් වී, ඇගේ බ‍්‍රසීල ජාතික සැමියා සමග ඔහුගේ රටේ සාඕ පෝලෝ (Sao Paulo) නුවරට ගියා. එය දකුණු ඇමෙරිකාවේ තිබෙන විශාලතම හා අතිශය ජනාකීර්ණ නගරයයි. මිලියන 21ක ජනගහනයක් වාසය කරනවා. ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ජන සංඛ්‍යාවයි.

ඇගේ ඇදුම රෝගය ඇයත් සමග සාඕ පොලෝ නගරයටත් ආවා. බෙහෙත් මගින් එය පාලනය කර ගන්නට ඇය උත්සාහ කලා. 2005 අපේ‍්‍රල් 7දා ඇයට ප‍්‍රබල ඇදුම තත්ත්වයක් හට ගත්තා. සැමියා ලූයිස් ඇය වාහනයේ දමා ගෙන ආසන්න ම රෝහලට ගියා. අවාසනාවට එසේ ගියේ නගරයේ සවස තදබදය තිබෙන විටයි. ආපදා එළි පත්තු කර ගෙනල හදිසියක් බව අගවමින් ලූයිස් හැකි තරම් ඉක්මනට රෝහලට යන්නට මහත් උත්සාහයක් ගත්තා.

ඒත් කිලෝමීටර් 2ක් යන්නට ඔහුට විනාඩි 20ක් ගත වුණා. රෝහලට ළගාවන විට සනියාට සිහිය තිබුණේ නැහැ. එහි ගිය විගස හදිසි ප‍්‍රතිකාර ලැබුණත් ඒ වන විට ඇගේ මොළයට ඔක්සිජන් නොලැබී විනාඩි 15ක් ගත වී තිබුණා. මේ නිසා වෙන කිසිදු ශාරීරික හානියක් නොමැති වූවත් ඇය කෝමාවකට පත් වුණා. ඒ කෝමාවෙන් ඇය යළිත් ප‍්‍රකෘති තත්ත්වයට ආවේ නැහැ.

මහාද්වීප හතරක විහිදුණු මිතුරු මිතුරියන් කම්පාවට පත් කරවමින් සනියා හුසේන් 2005 අපේ‍්‍රල් 20 වනදා මිය ගියා. එවිට ඇගේ වයස 51යි. ඇගේ වියෝවෙන් පසු ලොව වටා මිතුරන්ට ඊමේල් පණිවුඩයක් යවමින් ලූවිස් ඇසුවේ: “සනියා මැරුණේ ඇදුම නිසා ද? වාහන තදබදය නිසා ද?”

මේ ප‍්‍රශ්නයට උත්තරය කුමක් වූවත්, ශ්වසන රෝගාබාධ නිසා මෙන්ම නාගරික වාහන තදබදය නිසාත් අකාලයේ මිය යන මිනිසුන් සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යන බව සංඛ්‍යා ලේඛනවලින් ඔප්පු වනවා.

සනියා හුසේන්ගේ අවාසනාවන්ත ඉරණම අද හෝ හෙට දිනෙක අප බොහෝ දෙනකුටත් අත් විය හැකියි. ඇදුම රෝගයෙන් විටින් විට පීඩා විදින්නකු ලෙස මේ ප‍්‍රශ්නයට මා පෞද්ගලිකව ම මුහුණ දෙනවා.

ඇදුම උත්සන්න වීමට කාලගුණික හා වෙනත් භෞතික සාධක ද යම් තරමකට හේතු වූවත් එයට බලපාන ප‍්‍රධාන සාධකය වාත දුෂණයයි. වාත දුෂණයට අති විශාල දායකත්වයක් සපයන්නේ වාහනවලින් පිටවන දුමාරය මිස (අපේ ඇතැම් පරිසරවේදීන් පැරණි දත්ත මත පදනම් වී කියන හැටියට) කර්මාන්ත ශාලා නොවෙයි.

මීට වසර 15කට හෝ දශකයකට හෝ පෙර නවදිල්ලිය, කත්මණ්ඩු වැනි දකුණු ආසියාතික අගනගර මහත් සේ වාත දුෂණයට ලක් වී තිබුණා. කැළඹුණු මහජනයාගේ බලපෑම් නිසා වාත දුෂණය අඩු කිරීමේ දිගු කාලීන ප‍්‍රතිපත්ති හා පියවර හදුන්වා දීමට ඒ නගරවල හා රටවල බලධාරීන් පෙළඹුණා.

දකුණු ආසියාවේ නාගරික වාත දුෂණයට එරෙහිව තීරණාත්මක පියවර ගැනීම අතින් පෙරමුණ ගත්තේ නවදිල්ලි නාගරික ප‍්‍රදේශයයි. මිලියන් 14කට වැඩි ජනතාවක් වාසය කරනල ලෝකයේ මහා නගර (mega cities) අතර වඩාත් සීඝ‍්‍රයෙන් විශාල වන නගරයක් ලෙස සැළකෙන දිල්ලියේ වාත දුෂණය බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් වූයේ 1990 දශකයේදී.

එයට හේතු සාධක අධ්‍යයනය කළ පරිසරය හා විද්‍යාව සඳහා වන කේන්‍ද්‍රය (Centre for Science and Environment, CSE) නම් පර්යේෂණායතනය කියා සිටියේ නගරයේ වාහන සංඛ්‍යාව බලහත්කාරයෙන් අඩු කරනවා වෙනුවට වාහනවල දහනය වන ඉන්ධන වඩා ප‍්‍රශස්ත කිරීමෙන් වාත දුෂණය පටන් ගන්නා තැනදී ම සීමා කර ගත හැකි බවයි. මේ අනුව සම්පිණ්ඩිත ස්වාභාවික වායුව (Compressed Natural Gas හෙවත් CNG) නම් ඉන්ධනයෙන් දිල්ලියේ බස් රථ හා ත‍්‍රීරෝද රථ ධාවනය කිරීම ඇරඹුණා. මෙය 1990 දශකය පුරා විද්වතුන්, පාරිසරික ක‍්‍රියාකාරිකයන්, රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රේෂ්ඨාධිකරණය සාමූහිකව ගත් උත්සාහයක ප‍්‍රතිඵලයයි.

ඊට අමතරව පොදු ප‍්‍රවාහන සේවා දියුණු කිරීමට විධිමත් පියවර හා ආයෝජන සිදු කෙරුණා. දිල්ලි නගරයේ උමං දුම්රිය සේවයක් හදුන්වා දීම හරහා වාහන තදබදය අඩු වීමට පටන් ගෙන තිබෙනවා. දිගු කාලීන දැක්මක්, ප‍්‍රතිපත්තිමය කැප වීමක් හා නිසි ආයෝජන තුළින් වාහන තදබදය මෙන් ම වාත දුෂණය ද පාලනය කර ගත හැකි බවට දිල්ලිය කදිම උදාහරණයක්.

වගකීමකින් යුතුව දත්ත රැස් කොට සාක්‍ෂි මත උද්ඝෝෂණ කිරීම හරහා දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ද පොදු උන්නතියට ඒකරාශී කර ගත හැකි බව ඉන්දියානු අත්දැකීම්වලින් මනාව පැහැදිලි වනවා.

ඉන්දියාවේ වාහන තදබදය, වාත දුෂණය හා අවිධිමත් නාගරික සංවර්ධනය අඩු කර ගැනීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට අදාල කර ගන්නේ කෙසේද යන්න ගැන CSE ආයතනයේ මූලිකත්වයෙන් ජාතික මට්ටමේ වැඩමුළුවක් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සැසිවාරයක් 2011 අපේ‍්‍රල් මාසයේ කොළඹදී පවත් වනු ලැබුවා.

එහිදී ඉන්දියානු පාරිසරික පර්යේෂකයන් පෙන්වා දුන් වැදගත් කරුණක් වූයේ මෙරට පොදු ප‍්‍රවාහන සේවාවලින් 90%ක් හා සමස්ත වාහන සංඛ්‍යාවෙන් 45%ක් ඉන්ධන ලෙස ඞීසල් යොදා ගන්නා බවයි. මෙරට භාවිතයට ගැනෙන සල්ෆර් (ගෙන්දගම්) ප‍්‍රමාණය අධික වූ ඞීසල් දහනයේ බරපතල සෞඛ්‍ය විපාක ලොව පුරා හදුනා ගෙන තිබෙනවා.

Diesel fumes are now increasingly seen as carcinogenic

ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ඞීසල් දහන දුමාරය පිලිකාකාරයක් ලෙස සළකන බවත්, ඞීසල් නිසා ඇති වන වාත දුෂණය, පෙට‍්‍රල් වාහනවලට වඩා බෙහෙවින් වැඩි බවත් CSE ආයතන දත්ත සහිතව පෙන්වා දුන්නා. මෙරට වාත දුෂකයන් වන සල්ෆර් ඩයොක්සයිඞ් හා pm10 අංශුවලින් 96%ක් ම පිට වන්නේ ඞීසල් වාහනවලන්. මේ නිසා ඞීසල් ඉන්ධන පවිත‍්‍ර කර ගැනිම හා ඞීසල් වාහන එන්ජින් නඩත්තුව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බව දැන් පිළි ගැනෙනවා. වැඩි විස්තර සඳහා බලන්න http://tiny.cc/Gasp සහ http://tiny.cc/Gasp2

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වාහන තදබදය හා වාත දුෂණය ගැන නිතර කථබහ කෙරුණත් ඒ ගැන දිගුකාලින විසදුම් සෙවීමට අපේ සාමූහික උත්සාහයන් සාර්ථක වී නහැ. වාහන පිටරටින් ගෙන්වීම ඉහළ ගොස් අපේ මාර්ග පද්ධතිය දැඩි ලෙස තදබදයට ලක් වීමෙන් පසු විසදුම් සෙවීමට දැන් අපට සිදු වී තිබෙනවා!

අපේ රටේ මහාමාර්ගවල වාහන ධාවන වේගයේ ජාතික සාමාන්‍යය පැයට කිමි 26ක් බවත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ එය පැයට කිමි 22ක් බවත් මොරටුව සරසවියේ ප‍්‍රවාහනය පිළිබඳ මහාචාර්ය අමල් කුමාරගේ කියනවා. එළඹෙන වසරවලදී මෙය පැයට කිමි 19 දක්වා අඩු විය හැකි බවත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ පැයට කිමි 15 විය හැකි බවත් ඔහු ප‍්‍රකේෂපනය කරනවා.

රටක වාහන තදබදය අඩුකිරිමට මහාමාර්ග පළල් කිරිම හෝ අළුතෙන් පාරවල් තැනීම සෑහෙන්නේ නැහැ. එයින් ලැබෙන සහනය තාවකාලිකයි. ඊට වඩා ක‍්‍රමානුකූලවත්, දිගුකාලීනවත් වාහන තදබදයට හා වාත දුෂණයට පිළියම් සොයා සාමූහිකව යොමු වීමේ බලවත් අවශ්‍යතාවය අද මතු වී තිබෙනවා.

සනියා හුසේන් වාර්තා චිත‍්‍රපටය නරඹන්න http://tiny.cc/SanFilm

Arthur C Clarke and Rubik’s Cube 2.0 – are we there yet?


Science fiction writer and futurist Sir Arthur C Clarke knew how closed economies and restrictive cultures stifled innovation. He once said the only memorable invention to emerge from Soviet-dominated Eastern Europe was the Rubik’s Cube!

Rubik’s Cube is a 3D mechanical puzzle invented in 1974 by Hungarian sculptor and professor of architecture, Ernő Rubik. Since then, its huge worldwide success has led to several variations.

I just came across an interesting suggestion for an enhanced Rubik’s Cube, by Arthur Clarke himself, while re-reading his 1990 novel The Ghost from the Grand Banks.

It was an ocean-based thriller set in the (then) near future. It revolved around British-American and Japanese teams competing to raise the Titanic‘s wreck in time for the centenary in April 2012.

In the novel, Sir Arthur talks about the Rubik’s Cube making a comeback 30 years after its first appearance — and in a far more deadly mutation.

As he describes: “Because it was a purely mechanical device, the original Cube had one weakness, for which its addicts were sincerely thankful. Unlike all their neighbours, the six centre squares on each face was fixed. The other forty-eight squares could orbit around them, to create a possible 43,252,003,274,489,856,000 distinct patterns.

“The Mark II had no such limitations; all the fifty-four squares were capable of movement, so there were no fixed centres to give reference to its maddened manipulators. Only the development of microchips and liquid crystal displays had made such a prodigy possible; nothing really moved, but the multicoloured squares could be dragged around the face of the Cube merely by touching them with a fingertip”.

A quick check on the official Rubik website, and a Google search, shows no such device being on the market.

Do you know if anyone has attempted this?

සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය

This is the Sinhala text of my Sunday column in Ravaya newspaper, 1 April 2012.

Facing an electricity generation crisis, Sri Lanka has embarked on a countrywide energy conservation drive — urging everyone to switch off all non-essential lights, and reduce other forms of power consumption.

The island nation will also join Earth Hour on the evening of today, 31 March 2012. The Ministry of Power and Energy has also launched a campaign called ‘Save Today for Tomorrow’.

Beyond these important yet token gestures, are there smart options that can save significant quantities of electricity, 85% of which is now generated in Sri Lanka using imported, costly fossil fuels?

Yes, there is one: advance the clock by half an hour. Faced with power crises in the past, governments did this in the 1990s — and with tangible results. This is evidence based policy and action. But a vocal minority in Lanka resented this progressive move all along, and in April 2006, they successfully lobbied the (current) government to revert Sri Lanka’s standard time to GMT+5:30 from GMT+6 which had been used since 1996.

I wrote about Sri Lanka giving up on Daylight Saving time in April 2006 in this SciDev.Net opinion essay: Science loses in Sri Lanka’s debate on standard time. As I noted: “In doing so, the government completely ignored expert views of scientists and intellectuals. It listened instead to a vocal minority of nationalists, astrologers and Buddhist monks who had lobbied the newly elected president to ‘restore the clock to original Sri Lankan time’.”

Earth Hour 2012 on 31 March 2012

මිහිතලය සඳහා පැයක් (Earth Hour) යන තේමාවෙන් 2012 මාර්තු 31 වන සෙනසුරාදා ලෝක ව්‍යාප්ත පාරිසරික එකමුතුවීමක් සිදු වනවා. එය පුද්ගල මට්ටමින් ක‍්‍රියාත්මක වුවත් ශ‍්‍රි ලංකාව මෙවර නිල (රාජ්‍ය) මට්ටමින් ද එයට සම්බන්ධ වනවා. එහි මුඛ්‍ය අරමුණ එදින සවස 8.30 සිට 9.30 දක්වා පැයක කාලය තුළ අත්‍යවශ්‍ය නොවන විදුලි බුබුළු නිවා දමා හැකි තාක් විදුලිබලය ඉතිරි කිරිමයි.

මෙය සංකේතාත්මක පියවරක්. ඉතා විශාල සංඛ්‍යාවක් ස්වෙච්ඡවෙන් මේ උත්සාහයට දායක වුවත් තනි පැයක් ඇතුළත ඉතිරි කළ හැකි විදුලය ප‍්‍රමාණය සීමිතයි. එහෙත් ඒ හරහා අපට දිනපතා විදුලිය පිරිමැසිමට ඇති හැකියාව ගැන දැනුවත් විමක් සිදු වනවා. 2007 සිට සෑම වසරක ම මාර්තුවේ අවසන් සෙනසුරාදා සවස පවත්වන මේ මිහිතල පැයට ගිය වසරේ රටවල් 135ක බිලියන් 1.8ක් පමණ දෙනා හවුල් වුනා.

අළුත් ම විදුලිබල ජනන තොරතුරුවලට අනුව දැනට මෙරට විදුලිබල අවශ්‍යතාවයයෙන් 85%ක් ම ජනනය කරන්නේ තාප බලාගාරවලින්. එනම් පෙට්‍රෝලියම් හෝ ගල් අගුරු ඉන්ධන ලෙස ගනිමින්. අපේ රටේ හමු නොවන මේ ඉන්ධන පිටරටින් මිළට ගැනිමට අතිවිශාල වියදමක් දරනවා. මේ ඉන්ධන දහනයේදී නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායුව මිහිතලය උණුසුම් කිරිමට දායක වනවා.

විදුලිබල අමාත්‍යවරයා ජනමාධ්‍යවලට මෑතදි පවසා ඇති අන්දමට අපේ රටේ ජනනය කරන විදුලිබලයෙන් හතරෙන් පංගුවක් ම අකාර්යකෂම භාවිතය නිසා අපතේ යනවා. මෙරට සමස්ත ජාතික ආදායමින් 12%ක් විදුලිබල ජනනය සඳහා ගල් අගුරු හා ඛනිජතෙල් පිටරටින් ගෙවිමට වැය කරන්නට සිදුව ඇති මේ අවස්ථාවේ මේ නාස්තිය අතිමහත් බව ඔහු අවධාරණය කරනවා (ද සන්ඬේ ටයිම්ස්, 2012 මාර්තු 18).

බලශක්ති අමාත්‍යාංශය දියත් කර තිබෙන හෙට වෙනුවෙන් අද නම් වූ බලශක්ති සුරැකීමේ ජාතික සත්කාරයෙන් හැම දිනෙක ම සවස 6.30 හා 9.30 අතර විදුලි බුබුලක් නිවා දමා විදුලිය ඉතිරි කරන්න යයි අමාත්‍යාංශය අප සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට විදුලිබල පාරිභෝගිකයන් මිලියන 5න් මිලියන 4.6ක් ම ගෘහස්ත මට්ටමේ බවත්, සවස් කාලයේ වොට් 60ක විදුලි බුබුලක් පැය 3ක් නිවා තැබීම හරහා රටක් වශයෙන් සමස්තයක් ලෙස (cumulatively) සැළකිය යුතු විදුලිබල ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවත් අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා.

මිහිතලයේ පැය සංකේතාත්මක වශයෙනුත්, “හෙට වෙනුවෙන් අද” ප‍්‍රයත්නය ඊට වඩා ප‍්‍රායෝගික හා දිගුකාලීන ලෙසටත් විදුලිබල සංරක්ෂණයට කරන දායකත්වය ප‍්‍රශංසනීයයි.

එහෙත් විදුලිබල කප්පාදුවකින් තොරව දිගට ම සැපයුම ලබා දීමටත්, ඒ සඳහා යන අධික ජනන වියදම පිරිමසා ගැනීමටත් මීට අමතරව ගත හැකි තවත් වඩා සාර්ථක උපාය මාර්ගයක් (smart option) තිබේ ද?

මැදහත් විද්වතුන් වසර ගණනක සිට පෙන්වා දෙන එබදු උපාය මාර්ගයක් තිබෙනවා. එනම් අපේ රටේ සම්මත වේලාව ඔරලෝසුවේ පැය බාගයක් ඉදිරියට ගැනීමයි.

මෙයින් විදුලිබලය ඉතිරිකර ගැනිමේ හැකියාව තේරුම් ගන්නට නම් මුලින් ම අපේ විදුලිබල පරිභෝජනයේ දෛනික රටාව ගැන අවබෝධයක් ලද යුතුයි.

Sri Lanka Electricity Demand Load Curve

ශ‍්‍රී ලංකාවේ විදුලිබල පරිභෝජනය දවසේ පැය 24 පුරා එක ලෙස සිදු වන්නේ නැහැ. එහි වෙනස් වන දෛනික රටාවක් පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ සමස්ත විදුලබල පරිභෝජනය සැලකිය යුතු ලෙසින් ඉහළ යන (peak) කාල පරාසයන් දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න දළ වශයෙන් උදේ 5.30 සිට 6.30 දක්වා කාලයේ.

වැඩිපුර ම ආලෝකය සඳහා කැරෙන මේ විදුලි භාවිතය උදාසන හිරු එළිය වැටිම සමග අඩු වනවා. දවසේ ඊළග උච්චවීම ඇරඹෙන්නේ හිරු බැස යාමත් සමග දළ වශයෙන් සවස 6.30ට පමණ. විදුලි ආලෝකය මෙන් ම ටෙලිවිෂන් නැරඹිම සඳහාත් විදුලිය භාව්තා කෙරෙන මේ උච්චවීම, රාත‍්‍රි 10.30 පමණ දක්වා පවතිනවා. ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිපුර ම සිදුවන්නේ මේ පැය හතර ඇතුළතයි.

ශ‍්‍රි ලංකාවේ සම්මත වේලාව දැන් පවතින වේලාවට වඩා පැය බාගයක් (විනාඩි 30ක්) ඉදිරියට ගත හොත් විදුලිබල පරිභෝජනය අඩු කර ගත හැක්කේ කෙසේ ද? මේ ගැන දැනට රටේ සිටින ප‍්‍රවීණතම විදුලි ඉංජිනේරුවකු හා බලශක්ති සැලසුම්කරුවෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් මා විමසුවා. මේ ඔහු දුන් සරල විග‍්‍රහයයි.

සම්මත වේලාව ඉදිරියට ගැනිමෙන් විදුලිබල පරිභෝජනය අඩු කර ගැනිමට නම් සියළු දෛනික කාර්යයන් (පාසල් හා කාර්යාල අරඹන හා හමාර කරන වේලාවන් ආදිය) සිදු කරන වේලාවන්හි කිසිදු වෙනසක් නොකළ යුතුයි. එවා එසේ ම පවත්වා ගනිමින් සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත විට හිරු උදාව (ආසන්න වශයෙන්) පැය බාගයක් ප‍්‍රමාද වී සිදු වනවා. එවිට උදයේ අපට ටිකක් වැඩි කලූවර කාලයක් අත් විදින්නටත්, ඒ සඳහා යම් තරමකට අමතර විදුලි එළියක් යොදා ගන්නටත් සිදු වනවා.

එහෙත් අපේ සමස්ථ විදුලි පරිභෝජනයේ උච්චවීම උදයේ දී අඩුයි; සවසට වැඩියි. සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත් විට හිරු බැසීම ද පැය බාගයකින් ප‍්‍රමාද වී සිදුවනවා. එනම් අප වැඩ හමාර වී ගෙදර ආ පසු හිරු එළිය පවතින කාලය වැඩියි. එවිට අප විදුලි ආලෝක දල්වන්නේ වඩාත් ප‍්‍රමාද වී නිසා සවස් කාලයේ පරිභෝජන උච්චවීම තරමක් අඩු වනවා.

විදුලිබල ජනන සැළසුම්කරුවන් පරිගණක ආකෘති යොදා ගෙන සුක්‍ෂම ලෙස ගණන් බලා ඇති ආකාරයට සම්මත වෙලාව පැය බාගයක් ඉදිරියට ගෙන අන් සියලූ කටයුතු සුපුරුදු පරිදි කළහොත් සවස් කාලයේ ඉතිරි කර ගත හැකි විදුලිය ප‍්‍රමාණය උදේ කාලයේ අමතරව වැය වන විදුලිය මෙන් පස් (5) ගුණයක්. මෙය තනි ගෘහයකට මෙන් ම සමස්ත විදුලි ජනන පද්ධතියටත් වාසිදායක බව ආචාර්ය සියඹලාපිටිය පෙන්වා දෙනවා.

“විදුලි පරිභෝගිකයන් හැටියට විදුලි බිලේ යම් අඩුවක් ලද හැකියි. විදුලිය සපයන්නා හැටියට විදුලිබල මණ්ඩලයට තාප බලශක්ති ජනනයට වැය වන අතිමහත් වියදම යම් තරමකට අඩු කර ගත හැකියි. සමස්ත පද්ධතිය මත දිනපතා සන්ධ්‍යා කාලයට ඇති වන දැඩි ඉල්ලූම හා බැදුණු සම්පේ‍්‍රෂණ අපතේයාම් හා කාන්දුවීම් ද අඩු වන අතර (තාප බලාගාර ක‍්‍රියාකාරිත්වය තරමක් අඩු වන විට) එය පරිසරයට ද හිතකරයි,” ආචාර්ය සියඹලාපිටිය කියනවා.

ඔහු 2006දී අවසන් වරට ගණන් බැලූ අවස්ථාවේ සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනිම හරහා මෙරට විදුලිජනන පද්ධතියට ලබා ගත හැකි ඉතිරිය (අරපිරිමැස්ම) සමස්ත විදුලි ජනනයෙන් සියයට බාගයක් (0.5%) වුනා. දැනට (2012) විදුලිජනන සංඛ්‍යා ලේඛණ අනුව බලන විට මෙයින් වසරකට ගිගාවොට් පැය 60ක් ඉතිරි කර ගැනිමේ විභවය තිබෙනවා. පවතින විදුලි ජනන වියදම්වලට ආදේශ කළ විට මේ ඉතිරිය රුපියල් මිලියන 900ක් පමණ වනවා.

මෙසේ විදුලිය ඉතිරි කර ගැනිමේ විභවය හරිහැටි තේරුම් ගන්නට මෙරට විදුලි පරිභෝජනයේ දෛනික රටාව පෙන්වන මේ ප‍්‍රස්තාරය ඉතා වැදගත්. මේ පරිභෝජන රටාව වසරේ බොහෝ දිනවලට අදාළ වන අතර, ඉඳහිට එය වෙනස් වන්නේ උත්සව සමයට හා ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි ටෙලිවිෂනයෙන් විකාශය කරන දිනවල පමණයි.

දැනට දිවයිනේ සම්මත වේලාව ලෝක සම්මත (ග‍්‍රිනිච්) වේලාවෙන් පැය පහ හමාරක් (5.30) ඉදිරියෙන් පවතිනවා. 1996 දැඩි විදුලිබල අර්බුදය මතු වූ අවස්ථාවේ එවක රජය සම්මත වේලාව පැයකින් ඉදිරියට ගත්තා (එනම් ගි‍්‍රනිච් වේලාව + 6.30). ඉන් මාස කිහිපයකට පසු එය යළිත් පැය බාගයක් පස්සට ගැනිමෙන් ග‍්‍රිනිච් වේලාවට පැය 6ක් ඉදිරියෙන් වසර ගණනක් පවත්වා ගෙන ගියා (1997-2006 කාලය).

එහෙත් දශක ගණනක් මෙරට පැවති, අපේ ඇත්තන් පුරුදු වී සිටි වේලාව නැවතත් ප‍්‍රතිස්ථානය කළ යුතු යයි ජ්‍යොතිෂවේදීන් ඇතුළු සුළුතරයක් දිගින් දිගට එල්ල කළ බලපෑම් හමුවේ, රජය 2006 අපේ‍්‍රල් මාසයේ මෙරට සම්මත වේලාව නැවතත් ග‍්‍රීනිච් +5.30 බවට වෙනස් කළා.

1996ට පෙර පැවතුණේ ද එකී සම්මත වේලාවයි. නමුත් මෙය ඓතිහාසිකව පැවත ආ සම්මතයක් නොවෙයි. මුළු ලෝකයේ ම අද භාවිත කරන සම්මත වේලාව පිළිබඳව එකගත්වයට එළඹුණේ 1884දී ලන්ඩනයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනයකදීයි. ඊට පෙර ලෝකයේ විවිධ රටවල් තමන්ට රිසි හා ආවේනික පරිදි වේලාවන් පවත්වා ගෙන ගියා. එහෙත් රටවල් අතර වෙළදාම, සංචරනය හා සන්නිවේදනය වැඩි වන විට වේලාව පිළිබඳ ලෝක සම්මුතියක් අත්‍යවශ්‍ය වුණා.

විදුලිබලය අරපිරිමැස්ම සඳහා සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනීම මුල් වරට රජයට යෝජනා වූයේ 1983දී. එවකට සිටි ජනාධිපතිවරයා විද්වතුන්ගේ නිර්දේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් කැබිනට් එකගතාවක් නොවූ නිසා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විදුලිබලය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ඉතිරි කර ගන්නා අතර ම කාබන් ඩයොක්සයිඞ් මුදා හැරිම අඩු කර ගන්නටත් අපේ විදුලිබල අමාත්‍යාංශය දක්වන උනන්දුව මීටත් වඩා තීව‍්‍ර කර ගන්නට සම්මත වේලාවේ වෙනස දායක වනු ඇති.

එළඹෙන ඉන්ධන අර්බුදය හමුවේ අපේ දිනචර්යාවේ සුළු වෙනසක් කිරිම මගින් රටේ මෙන් ම ගෙදර ආර්ථිකයටත් වාසියක් ඉතිරියක් ළගා කර ගන්නට ඔබ කැමති ද?

එබදු දුරදර්ශී පියවරක් හරහා වසරකට රුපියල් බිලියනයකට ආසන්න ගණනක් ඉතිරි කර ගැනීමට රජය යොමු වුව හොත්, ඒ ගැන ලක් ජනතාවගේ ප‍්‍රතිචාරය කෙබදු වේවි ද?

එහෙත් ජ්‍යෙතිෂවේදීන්ගේ ග‍්‍රහණයට හසු වූ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණික වශයෙන් ප‍්‍රශස්ත වන මේ ඉදිරි පියවර තැබිමට එඩිතර වෙයි ද?

Malima: Episode #6: Inventions to keep elephants at bay and to feed your fish…

Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation, broadcast on Sri Lanka’s Rupavahini TV channel.

Produced by Suminda Thilakasena and hosted by science writer Nalaka Gunawardene, this episode was first broadcast on 22 March 2012. It features three stories:

• An interview with Dr Sarath Wimalasuriya, who has invented a low-cost, portable device that provided electrical pulse to a fence protecting crops from elephants. Called Shock Defender, this 5kg unit can support a fence 1.8km long, typically 50 acres (20.2 hectares). When fully charged, it can work for 48 hrs on battery. The medical doctor turned electronic inventor sells the device at one sixth the price of comparable imported ones.

• South Korean scientists say they have developed flexible memory technology that could support bendable computer platforms for e-books and cell phones.

• An interview with child inventor K K Irushika Teran Suriyakumara, student of St Benedict’s College, Colombo, who has come up with a simple automated device to remotely feed fish in a household fish tank. He has cleverly combined discarded material and a basic mobile phone. Find out how!

Malima: Episode 6 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

Welcome to the Anthropocene: How the Earth Lit Up

Some geologists now believe that human activity has so irrevocably altered our planet that we have entered a new geological age.

A decade ago the Nobel Laureate Dutch chemist, Paul J Crutzen, coined a new term for it: the Anthropocene.

The proposed new epoch was discussed at a major conference held at the Geological Society in London in the summer of 2011.

A new short video explaining it in simple terms was released this week in connection with the Planet Under Pressure conference, London 26-29 March 2012.

Welcome to the Anthropocene from WelcomeAnthropocene on Vimeo.

As they say, it offers a “3-minute journey through the last 250 years of our history, from the start of the Industrial Revolution to the Rio+20 Summit”.

The film charts the growth of humanity into a global force on an equivalent scale to major geological processes.

The film is part of the world’s first educational webportal on the Anthropocene, commissioned by the Planet Under Pressure conference, and developed and sponsored by anthropocene.info

I’m not at the conference, but following it on SciDev.Net’s blog.

Welcome to the Anthropocene, by Mićo Tatalović, Deputy news editor, SciDev.Net

සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.

Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.

This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.

I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.

‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.

අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.

කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom

ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.

ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.

ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.

විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.

අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.

දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.

ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.

මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?

දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.

අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.

Jana Thakshana Puwath 2008 Vol 2 No 3 - p13
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:

“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”

මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)

ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?

අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?

මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.

එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.

අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ

සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?

1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best – but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.