Long before Malala, there was Meena…

Meena and Mithu

Long before Malala, there was another spirited young girl named Meena.

Like Malala Yousafzai does today, Meena too spoke out for and on behalf of girls — their right to education, good health, nutrition and, most important, to be treated the same way as boys.

Like Malala, young Meena too spoke passionately yet courteously. While Malala challenged the ferocious Taliban, Meena took on the equally formidable adversary named tradition.

Malala and Meena could well have been sisters in arms — except that the latter isn’t quite real. She is a cartoon character imagined and developed by some of South Asia’s most talented animators and development communicators two decades ago.

UNICEF developed the Meena Communication Initiative (MCI) as a mass communication project aimed at changing perceptions and behaviour that hamper the survival, protection and development of girls in South Asia.

Here’s how their website describes Meena:

“Meena is a cartoon character from South Asia. She is a spirited, nine-year-old girl who braves the world – whether in her efforts to go to school or in fighting the stigma surrounding HIV/AIDS in her village.”

UNICEF launched Meena in September 1998 after eight years of extensive research in the region since the initial conceptualization. The name Meena was carefully chosen as it was found to span the different cultures in the region: people in Bangladesh, Bhutan, India, Maldives, Nepal,  Pakistan and Sri Lanka could relate to the name.

meena-1

A cast of carefully researched characters was created for Meena’s family and community. It included Meena’s talkative pet parrot Mithu, brother Raju, mom and dad, grandma and village school teacher.

There was no fundamentalist group threatening Meena’s village. Instead, it was grappling with poverty, ignorance and orthodoxy.

The Meena stories are entertaining and fun, but also reflect the realities of girls’ lives in South Asia. Through story-telling, important social messages are conveyed, such as the value of educating girls, freedom from exploitation and abuse, need for hygiene and proper sanitation, and the right of girls to a proper childhood not marred by under-age marriages.

In total, 13 Meena episodes were produced through a collaboration that involved Ram Mohan Studios of Mumbai and Hanna-Barbera affiliate Fil Cartoons of Manila.

Three examples:

Meena: Will Meena Leave School?

Meena: Count Your Chickens

Meena: Too Young to Marry

Meena is widely recognised and appreciated in most South Asian countries, and is a successful advocacy and teaching tool for girls’ and children’s rights. The Meena figure has achieved remarkable popularity as she tackles the key issues affecting children, and the threats to the rights of millions of girls in South Asia.

See also: September 2007: Shimu: Bangladesh’s real life ‘Meena’ enthralls millions on TV

Images and videos courtesy Unicef

සිවුමංසල කොලූගැටයා #138: මීළඟ කාර්මික විප්ලවය ති‍්‍රමාන මුද්‍රණයද?

My latest Ravaya column (in Sinhala) is about the promise and challenges of 3D printing technology.

Sri Lanka took many years to come to terms with colour copiers and printers in 2D. For a while, they were not even allowed. This time around, regulating 3D printing will be harder — and there won’t be as much time to endlessly ponder what to do.

Mexit 3d printer
Mexit 3d printer

ෆොටෝකොපි හෙවත් ජායාපිටපත් යන්ත‍්‍ර පුඵල් ලෙස භාවිතයට ආවේ 1970-80 කාලයේදී. ඊට පෙර යම් ලේඛනයක පිටපත් හදා ගැනීමට යම් පරිශ‍්‍රමයක් දැරිය යුතු වුණා. රෝනියෝ යන්ත‍්‍ර හරහා පිටපත් කිරීම පෙර තිබූ තාක්‍ෂණයයි. ජායාපිටපත් යන්ත‍්‍ර සුලභ අද කාලේ එහි අගනා බව හා එයින් ලැබෙන සේවයේ අගය ගැන අප එතරම් සිතන්නේ නැහැ.

ජායාපිටපත් යන්ත‍්‍ර කරන්නේ එයට ඇතුඵ කරන ලේඛනයේ ද්විමාන (2D) පිටපත් එකක් හෝ ගණනාවක් හිස් කඩදාසි මතට ඉක්මනින් ලබා දීමයි. මෙහි ඊළඟ පියවර වන්නේ ති‍්‍රමාන (3D) වස්තුවක් පිටපත් කිරීම බව කලෙක සිට විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෝ පරිකල්පනය කළා.

භෞතික විද්‍යාවේ මූලධර්මවලට අනුව හිස් අවකාශයෙන් පදාර්ථ (වස්තූන්) ඉබේ මවන්නට බැහැ. (හාස්කම් යයි කියමින් එසේ කරන වගට පුරසාරම් දොඩන්නෝ කරන්නේ සියුම් ඉන්ද්‍රජාලීය රැවටීමක්.) නමුත් යම් අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ වස්තුන් බිහි කළ හැකියි. ප්ලාස්ටික්, ෆයිබර්ග්ලාස් ආදියෙන් නිර්මිත භාජන හා වස්තුන් තැනෙන්නේ එලෙසයි.

මෑතක් වනතුරු මෙසේ ති‍්‍රමාන/ඝන වස්තුන්ගේ පිටපත් තැනීම සංකීර්ණ කාර්මික කි‍්‍රයාදාමයක් හරහා කළ යුතු වුණා. එහෙත් දැන් ලොව පුරා ඉක්මනින් ප‍්‍රචලිත හා ජනපි‍්‍රය වෙමින් පවතින නව තාක්‍ෂණයකට අනුව එය ගෙදරදී හෝ කාර්යාලයේදී හෝ කර ගත හැකි වී තිබෙනවා. මේ තාක්‍ෂණයට කියන්නේ ති‍්‍රමාන මුද්‍රණය හෙවත් 3D Printing කියායි. මෙය ලෝකය උඩුකුරු කළ හැකි ආකාරයේ තාක්‍ෂණයක්.  http://en.wikipedia.org/wiki/3D_printing

සරලව කිව හොත් ති‍්‍රමාන මුද්‍රණය යනු අණුක මට්ටමින් ඉතා සියුම් ලෙසින් යමක් යාන්ති‍්‍රකව පිටපත් කිරීමයි. මෙහිදී මුල් වස්තුවේ අණුක ස්වභාවය විස්තරාත්මකව යන්ත‍්‍රයට කැවිය යුතුයි. ඉන් පසු යම් දැඩි ප්ලාස්ටික් වර්ග අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ටිකෙන් ටික යන්ත‍්‍රයේ රොබෝ අත් මගින් පිටපතක් නිර්මාණය කරනවා. මුල් වස්තුවේ සංකීර්ණත්වය අනුව එයට ගත වන කාලය පැය කිහිපයක් හෝ දින දෙක තුනක් විය හැකියි.

ති‍්‍රමාන මුද්‍රණයට බහුලව යොදා ගන්නේ ABS නම් ප්ලාස්ටික් වර්ගයයි. එහෙත් ඉරිගුවලින් තනා ගත් ජෛව ප්ලාස්ටික් වර්ගයක් වන PLA හෝ ටයිටේනියම් වැනි ලෝහ ද මෙයට යොදා ගත හැකියි.

ති‍්‍රමාන මුද්‍රණය දියුණු රටවල දැන් පාරිභෝගික හා කාර්යාල මට්ටමට ළගා වෙලා. මා මුල් වරට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක වන අයුරු සමීපව දුටුවේ මීට මාස කිහිපයකට පෙර සිංගප්පූරුවෙදී. එහි තාක්‍ෂණික සරසවියක උගන්වන හා පර්යේෂණ කරන ආචාර්ය සුරංග නානායක්කාර තම විද්‍යාගාරයේ එම යන්ත‍්‍රයක් කි‍්‍රයා කරවා පෙන්වූවා. එරට විද්‍යා උපාධි අපේක්‍ෂක සිසුන්ට තාක්‍ෂණික අධ්‍යාපනයේ විවිධ ආකෘතීන් තනා ගන්නට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගන්නවා.

Everyday objects made from 3D printing
Everyday objects made from 3D printing

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර තවමත් මිළ අධිකයි. සාමාන්‍ය මට්ටමේ යන්ත‍්‍රයක් අමෙරිකානු ඩොලර් 2,000ක් (රුපියල් 260,000 පමණ) වනවා. එහෙත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන් මේවායේ ද මිළ අඩු වෙමින් හැකියාවන් වැඩි වේ යයි අනුමාන කළ හැකියි.

මේ යන්ත‍්‍ර සමඟ සමාන්තරව වෙළඳපොල ඉල්ලූුමක් මතුව ඇත්තේ විවිධාකාරයේ වස්තු හා උපකරණවල අණුක මට්ටමේ සුක්‍ෂම සැළසුම්වලටයි.

මහා පරිමාණ කර්මාන්තශාලා හරහා වෙළඳපොලට භාණ්ඩ නිපදවීමේ ආකෘතිය (mass production) විසිවන සියවස පුරා ම පාහේ පැවතුණා. ජපානය, චීනය වැනි රටවල් ඉක්මනින් දියුණු වූයේ එම ක‍්‍රමවේදය හරහායි. මෙහි මූලාරම්භකයෙක් හා පුරෝගාමියකු වූයේ අමෙරිකානු මෝටර්රථ නිෂ්පාදක හෙන්රි ෆෝඞ්. 1900 සියවස මුල දශකවලදී කාර්යක්‍ෂම ලෙසින් මෝටර්රථ මහා පරිමානයට නිපදවීම හරහා වඩා අඩු මිළකට වාහන මැද පාංතිකයන්ට ලබා දීමේ කාර්මික පෙරළිය ඇරඹුණේ ඔහුගෙන්.

එහෙත් 21 වන සියවසේදී එක ම අච්චුවේ භාණ්ඩ මිළට ගන්නවාට වඩා යම් තරමින් සුවිශෙෂි වූ භාණ්ඩවලට පාරිභෝගික නැඹුරුව වැඩි වෙමින් තිබෙනවා. වෙන කාටවත් නැති විදියේ භාණ්ඩයකට අමතර මිළක් ගෙවන්න අද සමහර පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් නැඹුරු වනවා. මෙය ජංගම දුරකථනවල සිට ඇඳුම් මෝසතර, ස්වර්ණාභරණ හා නොයෙකුත් එදිනෙදා උපකරණවලටත් අදාලයි.

මෙසේ කුඩා සංඛ්‍යාවක් සුවිශෙෂී ව නිපදවීමට ති‍්‍රමාන මුද්‍රණය කදිමට ගැලපෙන තාක්‍ෂණයක්. එහිදී බිහි වන්නේ වරකට එකක් බැගින් නිසා. මෙයට ඉංගී‍්‍රසියෙන් Mass customisation යයි කියනවා. එහිදී මහා කර්මාන්තශාලා වෙනුවට කුඩා සමාගම්වලට නව්‍යකරණය හරහා යම් භාණ්ඩයකින් ඒකක සුඵ ගණනක් නිපදවා එකක් වැඩි මිළකට බැගින් අලෙවි කළ හැකියි.

මේ ක‍්‍රමයේ තවත් සුවිශෙෂි බවක් නම් අමුද්‍රව්‍ය අරපිරිමැස්මයි. අතින් කළත්, යාන්ති‍්‍රකව කළත් මේ වන තුරු බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කළේ අමුද්‍රව්‍ය කුට්ටියකින් අරඹා එය කපා කොටා අවශ්‍ය හැඩතලයට හා ප‍්‍රමාණයට සකස් කිරීම මගින්.

වටිනා දැව ලී කොටයක් උදාහරණයට ගන්න. එයින් ලී බඩුවක් හෝ කැටයමක් හෝ තනා ගන්නට වඩු උපකරණ යොදා ගනිමින් ටිකෙන් ටික කැපීමක් කරනවා. එහිදී ලී කුඩු හා වෙනත් අපතේ යාම් වළක්වන්නට බැහැ.

නමුත් ති‍්‍රමාන මුද්‍රණයේදී වස්තුවක් බිහි වන්නේ අණුක තීරයෙන් තීරය බැගින්. ඒ නිසා  ඕනෑ හැඩයකට ඉතා සූක්‍ෂමව එළඹිය හැකි අතර අමතර/වැඩිපුර දෙයක් කපා ඔපමට්ටම් කිරීමක් අවශ්‍ය නැහැ.

සිංගප්පුරු සරසවි සිසුන් තමන්ගේ අධ්‍යාපනික ව්‍යාපෘති හා කි‍්‍රයාකාරකම් සඳහා විවිධ මෙවලම් නිපදවා ගන්නා සේ ම ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගම් ද දැන් ටිකෙන් ටික ති‍්‍රමාන මුද්‍රණය තම නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නවා.

ඉතා සුක්‍ෂම හා ඉහළ ප‍්‍රමිතියක් අවශ්‍ය ගුවන්යානා උපාංග ආදියට පවා දැන් මේ තාක්‍ෂණය යොදා ගැනීම බෝයිං වැනි ප‍්‍රමුඛ ගුවන්යානා නිෂ්පාදන සමාගම් අරඹා තිබෙනවා.

මේ අතර අමෙරිකානු අස්ථි ශෛල්‍ය වෛද්‍යවරයකු 3D තාක්‍ෂණය යොදා ගෙන කෘති‍්‍රම අත් හා පාදවලට වඩාත් තාත්ත්‍වික ආකාරයේ පිටවැස්මක් නිපදවීමට පටන් අරන්.

අමෙරිකාවේ කෝනෙල් සරසවියේ පර්යේෂක පිරිසක් සූපවේදීන් සමග එක්ව  3D තාක්‍ෂණය ගැන පර්යේෂණ කරන්නේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ අඵත් සූප රසයන් හා නිර්මාණ බිහි කරන්න. කෑමට ගත හැකි ජීව ද්‍රව්‍යවලින් 3D මුද්‍රිත ආහාර සෞඛ්‍ය ආරක්‍ෂිත දැයි සොයා බැලෙනවා.

මේ පර්යේෂණවල එක් දිශාවක අරමුණක් නම් මුඵමනින්ම පැළෑටි අමුද්‍රව්‍ය යොදාගෙන, කිසිදු සත්ත්‍ව ඝාතනකින් තොරව මාංශ ආහාර හැකිතාක් තාත්ත්‍වික ලෙස 3D මුද්‍රණය කිරීමයි. මාංශ ආහාර පමණක් නොව සත්ත්‍ව සම් වෙනුවට  මුද්‍රිත සම් පවා නිපදවා ගැනීමට දැන් අත්හදා බැලීම් කැරෙනවා.

මේ පාරිභෝගික භාවිතයන්ට වඩා තීරණාත්මක විය හැක්කේ අවයව බද්ධය සඳහා 3D මුද්‍රණයෙන් කෘති‍්‍රම අවයව නිපදවා ගැනීමයි. ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය අවශ්‍යතා සඳහා ඇති තරම් මානව පටක හා අවයව සොයා ගත නොහැකියි. (ඒවා දන් දීමට ඉදිරිපත් වන සංඛ්‍යාව සීමිත නිසා.) දැනටමත් කුඩා පරිමානයෙන් සියුම් රුධිර නාලිකා බිහි කරන්නට 3D මුද්‍රණය යොදා ගෙන පර්යේෂණ කරනවා. 2015 වන විට මෙය වඩාත් සංකීර්ණ අවයව දක්වාත් ව්‍යාප්ත විය හැකියි.

3D-printed gun's first test in Austin, Texas (USA) in early 2013 - captured by BBC
3D-printed gun’s first test in Austin, Texas (USA) in early 2013 – captured by BBC

ඕනෑ ම නව තාක්‍ෂණයක අනපේක්‍ෂිත භාවිතයන් ද මතු වනවා. අහිතකර භාවිතයන් ගැන විමසිලිමත් වන අය පෙන්වා දෙන්නේ 3D මුද්‍රණය හරහා ගිනි අවි පවා නිපදවා ගත හැකි වන බවයි. එයට අවශ්‍ය වන්නේ පිස්තෝලයක නැතහොත් තුවක්කුවක අණුක මට්ටමේ සූක්‍ෂම සැළැස්ම පමණයි.

විවෘත වෙළඳපොලේ බලයලත් වෙළඳුන් හරහා ගිනිඅවි වෙළදාම වඩාත් තදින් නියාමනය කරන්නට අමෙරිකාව තැත් කරමින් සිටින මෙබඳු අවධියක, මේ තාක්‍ෂණය එම වෑයම ව්‍යර්ථ කළ හැකියි.

ගිනිඅවි නියාමනය පුද්ගල නිදහසට රජය විසින් බාධා කිරීමක් යයි විශ්වාස කරන අන්තවාදී කණ්ඩායම් එරට සිටිනවා. ඔවුන්ගෙන් සමහරුන් දැන් හදන්නේ ගිනි අවිවල අණුක සැළසුම් වෙබ් අඩවි හරහා කොයිකාටත් ලබා ගත හැකි පරිදි නොමිළයේ බෙදා හරින්නට. එය ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකට ඇතුල් කොට, අමුද්‍රව්‍ය ද යෙදීමෙන් පැය හෝ දින ගණනාවකට පසු ගිනි අවියක් ගෙදරදී ම නිපදවා ගත හැකි වේවි. (එහෙත් එබඳු ගිනි අවියකට වුවත් සාමාන්‍ය භාවිතයේ පවතින වෙඩි උණ්ඩ හෙවත් මූනිස්සම් අවශ්‍යයි. ඒවා තනන්නට 3D මුද්‍රණයට තවම නොහැකියි.)

එපමණක් නොවෙයි, එසේ මුද්‍රණය කර ගත් ගිනි අවියක් යම් අපරාධයක් සඳහා භාවිත කළ පසු නැවතත් උණු කොට එය තැනූ දැඩි ප්ලාස්ටික් කුට්ටියක් බවට පත් කළොත්, ගිනි අවිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වනවා!

මෙබඳු අහිතකර භාවිතයන් වළක්වා ගන්නේ හෝ අවම කර ගන්නේ හෝ කෙසේ ද? මෙය නුදුරු අනාගතයේ සමාජයට නව අභියෝගයක් වනු ඇති. (පරිගණක ද්විමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගෙන සමහරුන් හොර මුදල් නෝට්ටු මුද්‍රණය කරන බව ප‍්‍රකට කරුණක්. එසේ වුවත් එම යන්ත‍්‍ර යහපත් භාවිතයන් සඳහා යොදා ගැනීම බොහෝ රටවල තහනමකින් තොරව කැරෙනවා!

නව නිපැයුම්කරුවන්ට 3D මුද්‍රණ තාක්‍ෂණය ආශිර්වාදයක් මෙන් ම තර්ජනයක් ද විය හැකියි. ඔවුන් දැනට මුහුණ දෙන ප‍්‍රායෝගික ගැටඵවක් නම් තමන්ට අවශ්‍ය උපාංග හරිහැටි හදා ගැනීමයි. ප‍්‍රාග්දර්ශ (prototype) තැනීමේදී ති‍්‍රමාන මුද්‍රණය ඔවුන්ට උපකාර විය හැකියි. එහෙත් අන් අය නව නිපැයුමක් කොපි කිරීමට ද ති‍්‍රමාන යන්ත‍්‍ර ම යොදා ගත හැකියි. මෙබඳු පරස්පරතාවයන් ගැන කල් තබා දැනුවත් වී සුදානම් වීම ප‍්‍රයෝජනවත්.

ති‍්‍රමාන මුද්‍රණ විප්ලවයේ උච්චම අවස්ථාව නම් තම උපාංග තමා විසින් ම නිපදවා ගැනීම හරහා තමන්ගේ පිටපත් හදා ගැනීමේ හැකියාව (self-replicating) ඇති ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් තැනීම. RepRap Project නමින් හඳුන්වන මේ පර්යේෂණාත්මක උත්සාහය ඇරැුඹුණේ 2005දී බි‍්‍රතාන්‍යයේ බාත් සරසවියේ. සංකල්පමය වශයෙන් මෙය හරියට තමන්ගේ ‘දරුවන්’ බිහි කළ හැකි යන්ත‍්‍රයක් වගෙයි. සුක්‍ෂම පරිපථ පද්ධති මට්ටමෙන් තමන්ගේ ම උපාංග පිටපත් කළ හැකි 3D මුද්‍රණ යන්ත‍්‍ර සාර්ථකව අත්හදා බලා හමාරයි. http://reprap.org/wiki/RepRap

මෙයට සම්බන්ධව සිටින ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසට  ඕනෑ ති‍්‍රමාන මුද්‍රණ තාක්‍ෂණය වඩාත් ලාබදායක හා ප‍්‍රචලිත කිරීමට. බුද්ධිමය දේපළ පේටන්ට් බලපත‍්‍ර හරහා ලාබ ලබන පිරිසක් අතට මේ තාක්‍ෂණය කොටුවීමට කලින් එය ලොවට මුදා හැරීම ඔවුන්ගේ අරමුණයි.

ති‍්‍රමාන මුද්‍රණයේ දිගු අනාගතය ගැන දැන් ම අනාවැකි කිව නොහැකියි. මේ නව තාක්‍ෂණ විප්ලවයේ දිගු කාලීන බලපැම් සියල්ල හඳුනාගෙන නැහැ. මේ හරහා මතුවන නව ආර්ථික, සමාජයීය හා නීතිමය අභියෝගවලට ළඟදී හැම රටකට ම සූදානම් වන්නට සිදු වේවි.

මෙය ඊළඟ කාර්මික විප්ලවය වන බව ඇතැම් අනාගතවේදීන්ගේ මතයයි. මෙය තව දුරටත් මැජික් නොවන බවත්, දැනටමත් මේ යන්ත‍්‍රවල මිළ ටිකෙන් ටික පහළ බසිමින් තිබෙන බවත් සිහි තබා ගැනීම වැදගත්.

Belling the ‘Policy Cats’: How Can Communication Help? Talk to PEER Science Conference 2013

Nalaka Gunawardene speaks at PEER Science Conference 2013 in Bangkok, 3 Oct 2013
Nalaka Gunawardene speaks at PEER Science Conference 2013 in Bangkok, 3 Oct 2013

How to ‘Bell’ the policy ‘cats’?

This question is often asked by researchers and activists who would like to influence various public policies. Everyone is looking for strategies and engagement methods.

The truth is, there is no one sure-fire way — it’s highly situation specific. Policy makers come in many forms and types, and gaining their attention depends on many variables such as a country’s political system, governance processes, level of bureaucracy and also timing.

Perfecting the finest ‘bells’ and coming across the most amiable and receptive ‘cats’ is an ideal rarely achieved. The rest of the time we have to improvise — and hope for the best.

Good research, credible analysis and their sound communication certainly increase chances of policy engagement and eventual influence.

How Can Communications Help in this process? This was the aspect I explored briefly in a presentation to the PEER Science Participants’ Conference 2013 held in Bangkok, Thailand, from 1 to 4 Oct 2013.

It brought together over 40 principal investigators and other senior researchers from over a dozen Asian countries who are participating in Partnerships for Enhanced Engagement in Research (PEER) Science program. PEER Science is a grant program implemented by the (US) National Academies of Science on behalf of the U.S. Agency for International Development (USAID) and in cooperation with the National Science Foundation (NSF).

I spoke from my professional experience and long involvement in public communication of research, especially through the media. I referred to key conclusions of the International workshop on Improving the impact of development research through better communication and uptake, held in London, UK, in November 2010 where I was a panelist.

I flagged some key findings of a global study by SciDev.Net (where I am an honorary trustee) which looked at the different contextual settings within which policymakers, the private sector, NGOs, media organisations and the research community operate to better understand how to mainstream more science and technology evidence for development and poverty reduction purposes.

I like show and tell. To illustrate many formats and approaches available, I shared some of my work with LIRNEasia and IWMI, two internationally active research organisations for which I have produced several short videos (through TVE Asia Pacific) communicating their research findings and policy recommendations.

PowerPoint (with video links embedded):

සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

This week, my Ravaya Sunday column (in Sinhala) carries the third and concluding part of my long exchange with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. Today, we discuss soil conservation in Sri Lanka’s hill country, restoring shifting (chena) cultivation to its original method, and how small farmers can become more resilient to market forces.

Part 1: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

Part 2: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Image from the cover of Conservation Farming book by Ray Wijewardene
Image from the cover of Conservation Farming book by Ray Wijewardene

අපේ රටේ වන විනාශයට, පස සෝදා පාලූවට හා ඉඩම් මුඩුබිම් බවට පත් වීමට හේන් ගොවිතැන විශාල වශයෙන් වග කිව යුතු යයි සමහර විද්වතුන් අතර මතයක් තිබෙනවා.

වාරි ජලය මත නොයැපී, වැසි දියෙන් හා භූගත ජලයෙන් කෙටි කාලීන බෝග වගා කිරීමෙන් මෙරට ආහාර බෝග ගණනාවක් නිපදවා ගන්නවා. මේ හේන් ගොවිතැනෙහි යෙදෙන්නේ කුඩා පරිමාණයේ ගොවීන් හා ගෙවිලියන්. ඔවුන් බොහෝ දෙනා දුගී බවින් මිරිකුණු, ජීවිකාව සඳහා වෙනත් විකල්ප සොයා ගත නොහැකි වූ අය.

හේන් ගොවීන්ට අවශ්‍ය මග පෙන්වීම දෙනවාට වඩා ඔවුන් හෙළා දැකීම ලෙහෙසියි. එහෙත් ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන සානුකම්පිතව බැලීමට ආචාර්ය රේ විජේවර්ධන (1924-2010) සමත් වුණා.

1995 අගදී ඔහු සමග මා කළ දීර්ඝ සම්මුඛ සාකච්ජාවේදී හේන් ගොවිතැන ගැනත් අපි කථා කළා. එහි සිංහල අනුවාදයේ අවසන් කොටසින් අද එම මාතෘකාවත්, සුඵ ගොවියාට වෙළඳපොල ආර්ථිකය තුළ මතු වන අභියෝග ගැනත් විග‍්‍රහ කරනවා.

නාලක: වනාන්තරවලට සමහර ලක්‍ෂණ ගොවිබිම්වලට හඳුන්වා දෙන කෘෂි වන වගා (agro-forestry) සංකල්ප ඔබ අත්හදා බලා තිබෙනවා. මොකක්ද මේ? එය අපේ ගොවීන්ට අදාල ද?

රේ: එක ම ගොවිබිමෙහි කෙටිකාලීන වගේම දිගුකාලීන බෝග ද එකවර වැවීමේ ක‍්‍රම ගණනාවකට පොදු නමක් තමයි කෘෂි-වන වගාව කියන්නේ. මෙය අපේ ගොවිතැනට අඵත් දෙයක් නොවෙයි. ඝර්ම කලාපීය ගොවියෝ මෙය සියවස් ගණනාවක් කළ දෙයක්. අපේ පාරම්පාරික කුඹුරුවල පවා ලොකු ගස් වැවෙන්නට ඉඩ දුන්නා. ලොකු ගස් සෙවනේ කුඩා පඳුරු ශාක වැවීම හේන්වල නිතරම කරනවා. සමහර වෙලාවට සත්ත්‍ව පාලනයත් ඒ බිමෙහි ම කැරෙනවා.

මෑතක් වන තුරු කෘෂි පර්යේෂකයෝ මෙබඳු සමෝධානිත වගා ක‍්‍රම ගැන අවධානයක් යොමු කළේ නැහැ. වන නිලධාරීන් ඉතා පටු විදියට ඔවුන්ගේ රාජකාරිය විග‍්‍රහ කළේ කිසිදු ගම්වැසියකුට වන බිමකින් කිසිවක් වවා ගන්නට හෝ උකහා ගන්නට හෝ නොදිය යුතුය කියායි! වන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකිනෙකා සමග කථාබහ කළේත් කළාතුරකින්. කෘෂිකර්ම නිලධාරීන් ආහාර වැවීම ගැන පමණක් සිතු අතර වන නිලධාරීන් දැව නිෂ්පාදනය ගැන පමණක් සිතුවා. මේ දෙක හිතකර ලෙස බද්ධ කළ හැකි බව විද්වතුන් හා නිලධාරීන් තේරුම් ගත්තේ මෑතදීයි. 1970-80 දශකවලයි.

වගා බිමක ලොකු ගස් වැවූ විට ඒවායේ මුල් පොළවේ ගැඹුරට විහිද ගොස් යට තිබෙන සාරවත් බව උඩට ඇද ගෙන එනවා. ටික කලකට පසු වියලි කොළ හා අතු රිකිළි ලෙස එය මතු පිටට එකතු වනවා. මේ සරුබව චකී‍්‍රකරණය (recycling of fertility) නිසා පිටතින් පොහොර යෙදීම අවම කොට එම බිමෙහි නොයෙක් බෝග වැවිය හැකියි.

ඔබේ දිගු කල් අධ්‍යයනවලට අනුව ඝර්ම කලාපීය ගොවිතැන්වලදී මතු වන ප‍්‍රධානතම ගැටඵව කුමක්ද?

ලොව පුරා හැම ගොවියා ම මුහුණ දෙන ගැටඵ දෙකක් තිබෙනවා. එනම් පසේ සරුබව සුරැකීම හා වල් පැළෑටි පාලනය.

ශී‍්‍ර ලංකාවේ මධ්‍ය කඳුකරයේ හැම වසරක ම පස සෝදායාම නිසා සැළකිය යුතු බිම් ප‍්‍රදේශයක් මුඩුබිම් බවට පත්වනවා. සොබාවයෙන් ම සෝදාපාඵවට නැඹූරු  වූ බෑවුම් සහිත බිම්වල වැරදි ගොවිතැන් ක‍්‍රම නිසා පස සෝදා යාම උග‍්‍ර වනවා.

මතුපිට සරුසාර පසේ එක් මිලි මීටරයක් සෝදා ගෙන ගිය විට හෙක්ටෙයාරයකට (අක්කර 2.5 කට) සරුපස ටොන් 13ක් ඉවත යනවා. මෙය ලොකු හානියක්. මා දැන ගත් ආකාරයට අපේ කඳුකරයේ සමහර ප‍්‍රදේශවල සාරවත් උඩුපස සෙන්ටිමීටරයකට වඩා වසරකට සෝදා ගෙන යනවා. මේවා දිය පහර හරහා ගොස් රැදී එකතු වීම නිසා වාරිමාර්ග හා ජලාශ පිරී යන්නට හැකියි.

දැනටමත් (1995) මෙසේ රොන්මඩ තැන්පත් වීම (sedimentation) නිසා මහවැලි ජලාශ හා ඇල මාර්ගවලට ද ප‍්‍රශ්න මතු වෙලා. මේ නිසා කඳුකරයේ පස සෝදායාම වැළැක්වීම (අඩු තරමින් අවම කිරීම) බිමේ සරුබව රැක ගන්නට මෙන් ම වාරි කර්මාන්තවලටත් ඉතා වැදගත්.

ඝර්ම කලාපීය රටවල පස කිසි විටෙකත් නිරාවරණය වීමට ඉඩ නොදිය යුතුයි. කුඹුරු යායක් වතුරෙන් වැසී තිබීම කමක් නැහැ. උඩරට බිම් පෙදෙස් තෙත කොළ රොඩු වලින් වැසී තිබීම ද ප‍්‍රවිශම්කාරීයි. එහෙත් නිරාවරණය වූ පසට නම් ඉඩ දෙන්න එපා! අපට ලැබෙන ප‍්‍රබල වැසි සමග එය සෝදා යන්නේ ඉක්මනින්.

කඳුකරයේ මෙන්ම වෙනත් ප‍්‍රදේශවල ද පස සෝදා යාමට සහ මුඩුබිම් බිහි වීමට සමහරුන් දොස් තබන්නේ හේන් ගොවීන්ටයි. නමුත් ඔබ එයට එකග නැහැ. ඔබේ විග‍්‍රහය කුමක් ද?

වැසි දියෙන් ගොවිතැන් (Rain-fed farming) වනාන්තර හා ගොවිබිම් එක් කිරීමේ ලෝකයේ පැරණි ම සම්ප‍්‍රදායයි. ආරම්භයේදී වනයක ගස් ඉතිරිව තිබියදී අතු ඉති පමණක් කපා දමා, බිමට හිරු එළිය වැටෙන්නට ඉඩ සලසා කෙටි කාලීන බෝග වැවීම කළා. මහ වන ගස්වලින් යම් තරමක සෙවන ලබා දීම වගේ ම ඒවායේ මුල් හරහා ගැඹුරු පොළවේ ඇති සාරය මතුපිටට ගෙන ඒම ද සිදු කෙරුණා. කන්න කිහිපයක් මෙසේ වගා කිරීමෙන් පසු එම බිමෙන් ගොවීන් වෙන තැනකට ගියේ එම බිමට පුනර්ජනනය වීමට ඉඩ දෙන්න.

හොඳ හේන් ගොවීන් කිසි දිනෙක මුඵ වනය ම හෙළි කළේ නැහැ. කපා දමනු ලැබූ අතු ඉති පමණක් ඇතැම් විට යාන්තමට ගිනි තැබුවා. එහෙත් කිසි විටෙක මුඵ යායට ගිනි පැතිරෙන්නට ඉඩ දුන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල සාම්ප‍්‍රදායික ගොවීන් ඔය අමන කි‍්‍රයාව කළේ නැහැ. නමුත් පසු කාලීනව ලෝක බැංකව වැනි ආධාර ආයතන මගින් වැරදි උපදෙස් දෙනු ලදුව නිල වශයෙන් මහා පරිමාන වන බිම් ගිනි තබා ගොවිබිම් ඇති කිරීම සමහර රටවල සිදු වුණා.

අන් හැමදෙයක් ම වගේ හේන් ගොවිතැනත් මෑත දශකවලදී ‘පාදඩකරණය’ වී තිබෙනවා. සමශීතොෂණ රටවල ගොවිතැන් කිරීම සඳහා මුළු වගා බිම හෙළි කිරීමේ  (Open Field) සංකල්පය ගෙඩි පිටින් අපේ ඝර්ම කලාපීය රටවලත් අපේ ම අඳබාල ‘විශේෂඥයන්’ විසින් නිර්දේශ කරනු ලැබුවා!

සාම්ප‍්‍රදායිකව හේන් ගොවි බිමක් කන්න කිහිපයකට පසු පුරන්වීමට අත්හැර දැමීම සිදු කෙරුණා. එහෙත් ජනගහන වර්ධනය හා ඉඩම් හිගවීම හමුවේ පුරන් කාලය එන්න එන්න ම කෙටි වූවා. මුලදී වසර 10ක් පමණ විහිදුණු හේන් බිමක පුරන් කාලය දැන් වසර 3ක් හෝ ඊටත් අඩු වී තිබෙනවා.

හරිහමන් පුරන් කාලයකට ඉඩ දෙමින්, මුළු බිමටම ගිනි නොතැබීමට වග බලා ගනිමින් හේන් ගොවිතැන කිරීමේ වරදක් හෝ හානියක් හෝ තිබුණේ නැහැ. අද බොහෝ විට ඇත්තේ නිසි හේන් ගොවිතැන නොවෙයි, හැකි තාක් ඉක්මනින් හැකි තාක් බිමෙන් උකහා ගෙන එය මුඩු වීමට ඉඩ හැරීමේ ගිජු හා අදුරදර්ශී ගොවිකමක්!

සමහරුන් නිර්දේශ කරනවා හේන් ගොවිතැන නීතියෙන් තහනම් කළ යුතුය කියා. ඔවුනට අනුව හේන් ගොවියා දුෂ්ටයෙක්. ඒත් ඔබ එයට එකඟ නැහැ.

මේ පණ්ඩිතයන්ට සැබෑ ලෝකය ගැන නොතේරීම තමයි මෙතැන තිබෙන ලොකුම ප‍්‍රශ්නය. හේන් ගොවිතැන යයි අද අප දකින භූමි පරිභෝජනය ක‍්‍රමය තනිකර නීතිරීති වලින් හෝ දඩුවම් වලින් පාලනය කළ නොහැකියි.

වැසි දියෙන් කරන ගොවිතැන අපේ රටේ සැලකිය යුතු ආහාර බෝග නිෂ්පාදනයක් කරනවා. එමෙන්ම ලක්‍ෂ සංඛ්‍යාවක් අපේ ජනතාවට ජීවිකාවක් සපයනවා. මේ අය බහුතරයක් දෙනා ඉතා දුගී දුප්පත් මිනිසුන් හා ගැහැණුන් මෙම යථාර්ථය පරිසරවේදීන්ට හා අනෙක් විශේෂඥයන්ට නොපෙනෙවා විය යුතුයි.

හේන් ගොවිතැනේ සැබෑ ගති සොබා නොදත් විවේචකයන් එයට දොස් කියතත් අද සැබෑ හේන් ගොවිතැනට යළි යොමු විය හැකි නම් එය වැසි දියෙන් ගොවිතැන් කිරීමේ ප‍්‍රශස්ත හා සියවස් ගණනාවක් අත්දුටු ක‍්‍රමයක්. වාරි ජලය රටේ හැම තැනකට ම සම්පාදනය කිරීම අපහසුයි, වියදම්කාරීයි. මේ නිසා වැසි දියෙන් කාර්යක්‍ෂමව කරන ගොවිතැන් ද අපට අවශ්‍යයි.

මෙය කළ හැක්කේ කෙලෙස ද?

අපේ සංවර්ධන ප‍්‍රතිපත්ති හා කෘෂි ප‍්‍රතිපත්ති තීරණය කරන ඇත්තන්ට ලොකු අභියෝගයක් තිබෙනවා. එනම් තැනින් තැන යන (හේන් යයි තවමත් හඳුන්වන) වැසි දියෙන් කරන ගොවිතැන වඩාත් තිරසාර කිරීම. අමාරු වුවත් එය කිරීම හරහා අපේ රටේ පසේ සරුබව විනාශ වන්නට නොදී, ඉඩම් මුඩු වීමට නොදී රැක ගත හැකි වෙනවා.

මෙය කළ හැකි එක් ක‍්‍රමයක් නම් ඉක්මනින් වැවෙන වාතයේ ඇති නයිට‍්‍රජන් උරා ගෙන එය පසට එකතු කිරීමේ සොබාවික හැකියාව තිබෙන ගස් (Nitrogen-fixing plants), වගා බිම්වල වැවීමයි. එයින් පසේ සරුබව වැඩි කරනවා. බෝග වගාව යනු පසේ සාරය පිටතට යාමයි. එය නැවත පසට එක් කිරීමට එක්කෝ පොහොර දැමිය යුතුයි. නැත්නම් ග්ලිරිසීඩියා, ඉපිල්-ඉපිල් වැනි ගස් වැවීම හරහා සොබාවික පොහොර නිපදවීම කළ යුතුයි.

SALT ක‍්‍රමයේදී අප කරන්නේත් මෙයයි. පස සරුසාර කරනවාට අමතරව පස සෝදා යාම ද එමගින් අවම කරනවා. මෙසේ ආහාර බෝගවලට කිසිදු බාධාවක් නොකර වගා බිම්වල වැවිය හැකි හිතකර ගස් විශේෂ ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මේ දැනුම හා ශිල්පක‍්‍රම අපේ සුළු ගොවින් අතරට ඉක්මනට ගෙන යා යුතුයි.

Ray Wijewardene with farmers in the field – image courtesy Ray Wijewardene website

ඝර්ම කලාපීය රටවල කුඩා පරිමාණයෙන් ගොවිතැන් කරන සුළු ගොවීන් තම රටවල් තුළ හා ලෝක මට්ටමින් කි‍්‍රයාත්මක වන වෙළඳපොළ ප‍්‍රවාහයන්ගේ සිරකරුවන් වී සදහට සිටිය යුතු ද?

නැහැ! මගේ නිරීක්‍ෂණය හා තර්කය නම් සැබෑ වෙළඳපොළ ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක නොවන නිසා ගොවීන්ගේ ඉරණම වඩාත් අසරණ වී ඇති බවයි. දියුණු රටවල මෙන් ම අපේ වැනි රටවලත් රජයන් විසින් ගොවීන්ට විවිධාකාර සහනාධාර දෙනවා. යහපත් අරමුණුවලින් වුවත් මේ සහනාධාර නිසා වෙළඳපොළ විසමතා හට ගන්නවා. අවසානයේදී එයින් ගොවියා හා පාරිභෝගිකයා අතර තිබිය යුතු තුලනය බිඳ වැටෙනවා.

මෙය වඩාත් ප‍්‍රබලව පෙනෙන්නේ ගෝලීය මට්මමේදීයි. දියුණු රටවල් ඩොලර් කෝටි ගණනින් වාර්ෂිකව තම ගොවීන්ට සහනාධාර දෙනවා. (එයට පසුබිම් වන දේශීය මට්ටමේ දේශපාලන හෝ මානුෂික හේතු තිබෙනවා.) නමුත් සැබෑ නිෂ්පාදනය වියදමට වඩා අඩු මිලකට ඔවුන්ගේ නිෂ්පාදන/ඵලදාව ගෝලීය වෙළඳපොළට එනවා. එවිට ඒ හා සමාන සහනාධාර නොලබන අපේ වැනි රටවල ගොවීන් වවන දේට ලෝක වෙළඳපොළේ තරග කළ නොහැකි වනවා.

සහනාධාරවලට අමතරව දියුණු (ඇමරිකාව, රුසියාව, කැනඩාව වැනි) විශාල රටවලට තව වාසියක් තිබෙනවා. ඔවුන්ගේ ගොවිබිම් හා ගොවිපළ විශාලයි. එසේ ම යාන්තී‍්‍රකරණය වැඩියි. ඵලදාව අධික කර ගත් විට එක් කිලෝවක් නිපදවීමේ නිෂ්පාදන මිළ බෙදී යනවා (economies of scale). ඒ පරිමානයට අපේ රටවල කුඩා ගොවීන්ට තරග වදින්නට බැහැ.

මේ වාසි සමග දියුණු රටවල නිපදවා ගෝලීය වෙළෙඳපොළට පිවිසෙන ආහාර හා අනෙකුත් ගොවි නිෂ්පාදන අපේ රටවල වෙළඳපොළටත් එවනවා. විවෘත ආර්ථිකයේ හැටි එහෙමයි. එසේ එන සමහර දේ (උදා. තිරිගු පිටි, කිරිපිටි) ආදිය සමග අපේ දේශීය නිෂ්පාදනවලට මිළ අතින් තරග කළ නොහැකියි.

අපේ දේශීය ගොවිතැනේ නිෂ්පාදන වියදම් නිතිපතා ඉහළ යනවා. එහෙත් එයට සාපේක්‍ෂව වෙළඳපොළ මිළ ඉහළ යන්නේ නැහැ. මේ නිසා ගොවිතැනෙන් ගොවියාට ඉතිරි වන ලාබය ටිකෙන් ටික අඩු වී සමහර අවස්ථාවල නැති වී යනවා. ගොවීන් ණයබරිත වන්නේ එවිටයි. එය ඉතා සුලබයි.

අපේ ගොවීන් හා දේශීය වෙළෙඳපොළ ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

ආසියාවේ වෙනත් දියුණු වන රටවල මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද කුඩා පරිමාන ගොවීන්ගේ ගැටඵ එක සමානයි. ගොවි නිෂ්පාදිතයට හරිහමන් මිළක්, සාධාරණ මිළක් ලබා ගැනීම ඔවුන්ට ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

මගේ විග‍්‍රහය නම් නගරයේ පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා ගමේ ගොවියාට සරිලන මිළක් නොදීම අනුවණ කි‍්‍රයාවක් බවයි. වඩා ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන විට ටිකෙන් ටික ඔවුන්ගේ අතමිට සරු වනවා. ගැමි ආර්ථිකය වඩාත් දියුණු වනවා. එයින් තවත් විපාක හට ගන්නවා. උදාහරණයක් හැටියට ආදායම්/රැකියා අවස්ථා සොයා ගෙන ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම අඩු වනවා. එවිට නගරයේ තදබදය තරමක් දුරට හෝ සමනය වනවා. මෙසේ දිගුකාලීන හා ක‍්‍රමීය මට්ටමේ දැක්මක් අපට නැතිවීම අවාසනාවක්.

සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

This week, my Ravaya Sunday column (in Sinhala) carries the second part of my long exchange with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics.

Part 1: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Ray Wijewardene, photo courtesy his official website
Ray Wijewardene, photo courtesy his official website

අපේ රටේ සමහරුන්ට  ඕනෑ ම විවාදයකදී හෝ කටයුත්තකදී දොස් පැවරීම සඳහා ‘දුෂ්ටයකු’ උවමනායි. සංකීර්ණ අද සමාජයේ සුදු හා කඵ ලෙසින් හැම දෙයක් ම බෙදා වෙන් කළ නොහැකි වුවත් හැම තැනම කුමන්ත‍්‍රණයක් හා ‘බිල්ලෙක්’ දැකීම මෙබඳු ඇත්තන්ගේ මානසිකත්වයයි. තර්කානුකූලව හා නිරීක්‍ෂණ මත පදනම් වී කි‍්‍රයා කරනු වෙනුවට ආවේගශීලි වීම අපේ පරිසරවේදීන් බහුතරයකට තිබෙන ව්‍යාධියක්.

වරක් ඔවුන් සමහරෙක් රේ විජේවර්ධන නම් අදීන චින්තකයාට ප‍්‍රසිද්ධියේ ‘හූ’ කියා අවමන් කරන්නට තැත් කළා. එය 1992දී පමණ සිදු වූ බව මගේ මතකයයි. කොළඹ BMICHහි පැවති ජාතික පාරිසරික ප‍්‍රදර්ශනයකදී. එය සංවිධානය කළ පරිසර අමාත්‍යාංශය මෙරට පස සුරැකීමට SALT වගා ක‍්‍රමය හඳුන්වා දීම නිමිති කර ගෙන රේ විජේවර්ධනට යම් පිළිගැනීමක් ලබා දුන්නා. එය පිරිනැමූ අවස්ථාවේ තමයි අපේ අන්ත හරිතවේදියෝ එයට විරෝධය දැක් වූයේ.

ඔවුන්ට ලොකු ප‍්‍රශ්නයක් වුණේ රේ දුම්කොළ සමාගම සමග එක් වී SALT ක‍්‍රමය දුම්කොළ ගොවීන්ට හඳුන්වා දීමයි. තමන්ට හූ කියු පිරිසට සිනාමුසුව ආචාර කළ රේ, මුවින් නොබැන යන්න ගියා. එහෙත් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ.

1995 අගදී මා ඔහු සමග කළ දීර්ඝ සාකච්ජාවේදී මේ ගැනත් විමසුවා. අපේ සංවාදයේ දෙවන කොටසෙන් එයත්, රසායනික පොහොර හා වෙනත් කෘෂිරසායනික ගොවිතැනේදී යොදා ගැනීම හා ‘ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ’ ගැනත් කථාබහ කරනවා.

නාලක: ඇතැම් පරිසරවේදීන් මෙන් ඔබත් ගොවිබිමට බාහිරින් රසායනික එකතු කිරීමට මුඵමනින් විරුද්ධ ද?

රේ: මගේ එබඳු මූලධර්මවාදී විරෝධයක් නැහැ! අවශ්‍ය විටෙක අවශ්‍ය පමණට යම් රසායනික පොහොර හා වෙනත් ගොවි උපකාරක ද්‍රව්‍ය භාවිතයේ වරදක් මා දකින්නේ නැහැ. ඉතා වැදගත් කරුණ නම් පසේ සාරය පවත්වා ගැනීමයි.

අප දිගුකාලීනව සිතිය යුතුයි. ශී‍්‍ර ලංකාවේ වටිනා ම සොබා සම්පතක් නම් පසේ සරුබවයි (soil fertility). මෙරට වවා, අස්වනු නෙළා පිටරට යවන බෝග ගැන සිතන්න. (ආහාර බෝග පමණක් නොව වැවිලි බෝග ද එයට ඇතුළත්.) එම අස්වනු හරහා අපේ පොළවේ සරුබව රටින් පිට යනවා. මෙසේ අහිමිවන සරුබව යළිත් අපේ පසට ලබා දිය යුතුයි. නැතිනම් ලක් පොළොව කලකදී මුඩු, නිසරු බිමක් වනවා.

ඉන්දියාවේ මෙන් අපට අවශ්‍ය රසායනික පොහොර රට තුළ ම නිපදවා ගන්නට ඇති තරම් සොබාවික පොහොර නිධි සොයා ගෙන නැහැ. මේ මදිපාඩුව පිරිමසා ගන්නට අපට යම් තරමක රසායනික පොහොර පිටරටින් ගෙනෙන්නට සිදු වනවා.

මා කවදත් අවධාරණය කළේ එසේ ගෙනෙන පොහොර ඉතා සකසුරුවම් ලෙසින්, පසේ සාරය පවත්වා ගන්නා සොබාවික ක‍්‍රම සමග සංයෝජනය කළ යුතු බවයි. කොළ පොහොර, ගොම පොහොර, ගැඩිවිලූන්ගෙන් වැඩ කරවා ගැනීම ආදී සාම්ප‍්‍රදායික කි‍්‍රයා ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

ගොවිතැන නවීකරණය කරමින්, එයට කෘෂිකර්මයයයි ලොකු නමක් ද දෙන අපේ විශෙෂඥයෝ මෙබඳු සරල සොබාවික කි‍්‍රයා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ නේද?

අවාසනාවකට අපේ සරසවි හා අනෙකුත් පර්යේෂණායතන ගොවිතැනේදී සොබාදහමින් වැඩ කරවා ගැනීම ගැන උනන්දු වන්නේ නැහැ. දශක ගණනක් පුරා අපේ ගොවි (කෘෂි) ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ මේ පණ්ඩිතයෝ. රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ප‍්‍රවර්ධනය කරන්න නම් බහුජාතික විදේශීය සමාගම් සිටිනවා. එහෙත් ගොම පොහොර ප‍්‍රවර්ධනය කරන්නේ කවුද? අහිංසක ගැඩිවිලූන්ගේ ගුණ ගයන්නේ කවුද?

ඝර්ම කලාපීය ආසියාවේ ගොවිතැන් කරන අපට ගැඩිවිලූන් හා ගොම ඉතා වැදගත් සම්පත්. ඉන්දියානුවන් මේ බව තේරුම් අරන්. ඒත් අපේ විශෙෂඥ මහත්වරු හා නෝනාවරු එහි වටිනාකමක් දකින්නේ නැහැ. අපේ කෘෂි විශෙෂඥයන් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලබන තාක් කල් ඔවුන් පුහුණු කැරෙන්නේ ඒ රටවල පවතින තත්ත්වයන්ට ගොවිතැන් කිරීමට මිස අපේ අවශ්‍යතා හඳුනාගෙන ප‍්‍රශස්ත ලෙස මෙරට ගොවිතැන දියුණු කරන්නට නොවෙයි.

මෙය බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්වත් ද?

නැහැ! සමසීතෝෂ්ණ රටවල පවත්නා දේශගුණික හා පාංශු තත්ත්වයන් වෙනස්. බටහිර ගොවිබිම් වගා කරන්නේ ඒ තත්ත්වයන්ට ගැලපෙන්නයි. එය ඔවුන්ගේ අවශ්‍යතාවය හා අභිමතය. ඒවා උගන්නා අපේ ඇත්තෝ තම රටවලට සුදුසු හා ගැලපෙන ලෙස එම දැනුම අදාල කර ගත යුතුයි. එසේ නොවීම තමා ලොකු ම අභාග්‍යය.

එසේ නොවී අන්ධානුකරණය කැරෙන තාක් කල් ගොම පොහොරට, ගැඩිවිලූන්ට අපේ ගොවිතැනේ හොඳ භූමිකාවක් රඟපාන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඳහිට විවෘත මනසක් ඇති බටහිර විද්වතෙක් පැමිණ අපේ සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම ගැන පැහැදී ඒවායේ ගුණ ගයන විට තමයි අපේ විශේෂඥයන්ටත් ඒවා පෙනී යන්නේ!

SALT ක‍්‍රමය ශී‍්‍ර ලංකාවේ භාවිතා කළ මුල් ම පිරිස වූයේ කඳුකර පළාත්වල දුම්කොළ වවන ගොවීන්. දුම්කොළ සමාගම හා ගොවීන් සමග වැඩ කිරීම ගැන අපේ සමහර පරිසරවේදීන් ඔබව දැඩි සේ විවේචනය කළා. ඔබේ ප‍්‍රතිචාරය?

මා දුම්බීම ගැන නොවෙයි එතැනදී අවධානය යොමු කළේ, දුම්කොළ වගා කරන සුඵ ගොවීන් ගැන. ඒ අයත් අපේ මිනිස්සු! ඒ අයත් ගොවීන්. දුම්කොළ වගාව යනු නීත්‍යානුකූල බෝගයක් වැවීමක්. මට  ඕනෑ වූයේ දුම්කොළ වවන සුඵ ගොවීන්ගේ ජීවන මට්ටම නගා සිටු වන අතර කඳුකරයේ පස සෝදාපාලූව ද අඩු කරන්න. දුම්කොළ වවන්නේ ඇයි? ගොවීන්ට එයට හොඳ මිළක් ලැබෙන නිසා. එයට සමාන මිළක් හා ගොවි උපදෙස් ලැබෙනවා නම් එම බෝගය වෙනුවට වෙනත් බෝග වවන්නට ගොවීන් යොමු වේවි. මෙයයි වෙළඳපොළ සමාජයේ යථාර්ථය.

මෙරට දුම්කොළ සමාගම හා ගොවීන් සමග පමණක් නොවෙයි, තේ වැවිලි සමාගම් සමගත් මා වසර ගණනාවක සිට සමීපව වැඩ කරනවා. SALT වගා ක‍්‍රමය අපේ කඳුකරයේ හඳුන්වා දෙන්න.

දුම්කොළ මෙන් ම තේ වගාව නිසාත් කඳුකරයේ මහා පරිමානයේ පස සෝදායාමක් සිදු වූ බව මා දැන සිටියා. මෙයට හේතුව බෝගයක් වගා කරන්නට පෙර එම බිමෙහි සියඵම ගස්, වැල්, පඳුරු ඉවත් කළ යුතුය යන වැරදි විශ්වාසය. සමසීතෝෂ්ණ රටවලට ගැලපෙන මේ ප‍්‍රවේශය අපේ වැනි ඝර්ම කලාපීය රටවලට ගෙඩි පිටින් ආදේශ කිරීමේ බරපතල විපාක අප දුටුවා. කල්ගත වී හෝ මේ වරදින් කඳුකර බෝග වගාව මුදවා ගන්නයි මට  ඕනෑ වුණේ.

එබඳු වගාවන්ට හැකි තාක් කාබනික (ජෛවීය) ද්‍රව්‍ය එකතු කිරීම හරහා පස සෝදා පාඵව අවම වන අතර සාරවත් බව ද වැඩි වනවා.  SALT ක‍්‍රමය මේ වාසි ගෙන දෙනවා. එය ප‍්‍රවර්ධයේදී එයට විවෘත  ඕනෑ ම කෙනකු සමග වැඩ කිරීමට මා සූදානම්. තේ හා දුම්කොළ සමාගම් සමග මා වැඩ කරන්නේ ඔවුන්ට හොඳ කෘෂි ව්‍යාප්ති සේවා තිබෙන නිසා ගොවීන්ට පණිවුඩය ගෙන යාම පහසු නිසයි.

අඵත් තොරතුරු හා ක‍්‍රමවේද හඳුන්වාදීම ඔවුන්ගෙ කළමණාකරුවන් මෙන් ම අන් කාර්ය මණ්ඩලය SALT ක‍්‍රමයේ වටිනාකම ඉක්මනින් හඳුනා ගත්තා. දඩයම්පොළ ආදර්ශ SALT වගාවෙන් ඇරැඹී එය ක‍්‍රමයෙන් කඳුකරයේ අන් ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත කොට තිබෙනවා. පරිසරවේදීන්ට මා කියන්නේ ඒ ප‍්‍රදේශවලට ගොස් එහි ගුණාගුණ දැක බලා ගන්න කියායි!

වාණිජ මට්ටමින් වඩාත් සංවිධානගත වූ බෝග වගාවේදී මෙන් ම තමන්ගේ යැපීම සහා සුඵ පරිමාණයෙන් ධාන්‍ය හා එළවඵ වවන හේන් ගොවීන්ටත් SALT යොදා ගත හැකි ද?

වැසි දියෙන් ගොවිතැන් කරන, විවිධාකාරයෙන් බෝග වවන සුඵ ගොවීන් දැන් ටිකෙන් ටික SALT ක‍්‍රමයට උනන්දු වනු පෙනෙනවා. මෙය හිතකර ප‍්‍රවණතාවක්. බෑවුම් බිමක වූවත්, පැතලි බිමක වුවත් ගොවිතැන් කරන විට පසේ සරුබව රැක ගන්නට උදවු වන සංකල්පයක් නම් කිසි විටෙක පස නිරාවරණය වන්නට නොදීම. අපේ වැනි දැඩි වැසි වැටෙන රටවල පස නිරාවරණය වුණොත් ඉක්මනින් මතුපිට සාරවත් තුනී තට්ටුව සෝදා ගෙන යනවා.

ආසියාවේ හා අපි‍්‍රකාවේ දියුණු වන රටවල් රැසක දැන් SALT ක‍්‍රමය පිළිගෙන භාවිත කරනවා. එහෙත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තවමත් මෙහි අගයක් පෙනෙන්නේ නැහැ. මේ තරම් ප‍්‍රායෝගික අත්දැකීම් පිලිපීනය, ඉන්දියාව, නයිජීරියාව වැනි රටවලින් මා ලබා තිබියදීත් අපේ සමහර කෘෂි පණ්ඩිතයෝ තවමත් SALT ගැන වැඩිපුර අධ්‍යයනය කළ යුතු යයි කියනවා!

SALT ක‍්‍රමයේ වාසි මේ අයටත් තේරෙනවා. එහෙත් පවතින ක‍්‍රමයෙන් පොඩියක්වත් පිට පනින්නට ඔවුන්ට ලොකු චකිතයක්, නොකැමැත්තක් තිබෙනවා. මේ රටේ කෘෂි ප‍්‍රතිපත්ති හදන හා කි‍්‍රයාත්මක කරන විශෙෂඥයන් හා බලධාරීන් තවමත් සිටින්නේ සමශීතෝෂ්ණ රටවලට ගැලපෙන එහෙත් අපට නොගැලපෙන විවෘත වගාබිම් (open field) සංකල්පයේ එල්බ ගෙනයි. විදේශ අධ්‍යාපනය හරහා මේ අයගේ විචාරශීලි චින්තනය තීව‍්‍ර වනවා වෙනුවට මොට වී තිබෙනවා!

Ray Wijewardene talking about agricultural machinery to staff at a farm in Anuradhapura district, Sri Lanka.
Ray Wijewardene talking about agricultural machinery to staff at a farm in Anuradhapura district, Sri Lanka.

මේ අසා සිටින මට සිතෙන්නේ අපේ රටේ තිරසාර ගොවිතැන දියුණු කිරීමට තිබෙන ලොකු ම බාධකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බවයි. ඔබ එකඟ වනවා ද?

මේ දක්වා (1995 වනතුරු) මගේ නිරීක්ෂණයත් එයයි! යල්පැන ගිය බටහිර ආකෘතීන් මේ තීරකයෝ කරපින්නා ගෙන සිටිනවා. ඔවුන් උගත් බටහිර රටවලත් දැන් මේ මතවාදයන් ප‍්‍රශ්න කොට ඉවත දමන්නට පටන් අරන්.

අනෙක් ලොකු හිදැස (gap) තමයි ගොවිතැන් ගැන පර්යේෂණ කරන කිසිවකු එය කෙලින් ම ගොවීන් වෙත ගෙන යාමට මැදිහත් නොවීම. එය කෘෂි ව්‍යාප්ති නිලධාරීන්ට පවරනවා. මේ නිසා ගොවීන් සමග නිතිපතා සෘජු සන්නිවේදනයක් කෘෂි පර්යේෂකයන්ට ලැබෙන්නේ නැහැ. ප‍්‍රායෝගිකව ගොවිබිමේ මතුවන ගැටඵ හා අභියෝග ගැන, සුඵ පරිමාණ ගොවීන් හා ගෙවිලියන් තරම් හොදින් කිසිදු පර්යේෂකයකු හෝ නිලධාරියෙකු හෝ දන්නේ නැහැ. එහෙත් ඔවුන් ඇති තරම් ගොවීන්ට සවන් දෙන්නේ නැහැ. ගොවීන්ට උපදෙස් දෙනවා පමණයි!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිගු කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සාමීචියේදී වරක් මට මෙසේ කීවා. ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර 50ක් තිස්සේ කළ කී දේ සියල්ල අසාර්ථකයි. ඒ නිසා තමයි අපේ සුඵ ගොවීන්ගෙන් සියයට 90ක් තවමත් දුගී දුප්පත් බවින් මිරිකී සමෘද්ධි සහනාධාර ලබන්නේ!’

තිත්ත ඇත්ත මෙයයි! එය නිලධාරීන් ප‍්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ.

කෙටිකාලීන බෝගවලට වඩා ඔබ නිර්දේශ කරන්නේ අපේ රටේ වඩාත් බහුවාර්ෂික, බහු ප‍්‍රයෝජන ඇති ගස් වැවිය යුතු බවයි. මේ ඇයි?

ඝර්ම කලාපීය රටවල දේශගුණික තත්ත්‍වයන් වඩා හිතකර වන්නේ මාස දෙක තුනකින් අස්වනු නිපදවන කෙටි කාලීන බෝගවලට වඩා වසර ගණනක් තිස්සේ වැවෙන, බොහෝ වතාවක් ඵල දරණ ගස්වලටයි. අපට බැලූ බැල්මට නොතේරුණත්, හිරු එළිය අපේ ගොවිතැන්වලදී සීමාකාරී සාධකයක්: ඝර්ම කලාපයේ අපට දිනකට පැය 11-12ක් පමණ හිරු එළිය ලැබෙනවා. නමුත් වළාකුල් නිසා වසරේ දින රැසක අපේ හිරු එළිය සීමා වනවා. ඉක්මනින් වැඞී, ඵල දැරිය යුතු කෙටිකාලීන වී ආදී බෝගවලට මෙය ප‍්‍රශස්ත තත්ත්‍වයක් නොවෙයි. නමුත් වසර පුරා හිරු එළිය උකහා ගනිමින් වැඩිය හැකි ගස්වලට එය කමක් නැහැ.

අපේ රටේ හිරු එළිය පතනය වීම, තිබෙන පස්වල ස්වභාවය හා වර්ෂාපතන රටා ආදිය සළකා බලන විට අපට වඩාත් ම ගැලපෙන්නේ බහුවාර්ෂික ගස්වලින් ආහාර නිපදවා ගැනීමයි. මෙය සමශීතෝෂ්ණ රටවල හරියට කරන්නට බැරි ඔවුන්ට සීත කාලයට බොහෝ අඩුවෙන් හිරුඑළිය ලැබෙන නිසා.

ඓතිහාසිකව ඝර්ම කලාපීය රටවල ආහාරය වැඩිපුර සපයා ගනු ලැබුවේ ගස්වලින් නෙළා ගන්නා ගඩාගෙඩිවලින්. පුරාවිද්‍යා සාක්‍ෂි වලින් අපට පෙනී යනවා අපේ පැරැන්නෝ ගස් ආහාර බෝග බහුලව ආහාරයට ගත් වග. දෙවන ලෝක යුද්ධ කාලේ පිටරටින් සහල් ගෙන ඒම නතර වූ විටත් අපි කොස්, දෙල්, පොල්, විවිධ අල වර්ග ආදිය යහමින් ආහාරයට ගත්තා. මේවා අපේ ගොවිතැනට වඩා උචිත වනවා පමණක් නොවෙයි සහල්වලට වඩා පෝෂණය අතිනුත් ගුණදායකයි!

අප අද ශී‍්‍ර ලංකාවේ වැඩිපුර කරන ගොවිතැන් මේ රටට උචිත ද යන්න සිතා බැලිය යුතුයි. අප දැන් වඩ වඩාත් කෙටිකාලීන බෝග වවනවා. ඒවායේ කඩිනම් ප‍්‍රභාසංශ්ලේෂණය (හිරු එළියෙන් ඵලදාව නිපදවීම) සිදු වන්නට හිරු එළිය මදි නිසා හැකි තරම් රසායනික පොහොර යොදනවා.

වී යනු සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටක (චීනයේ) උපත ලබා පරිනාමය වී පසු කලෙක මෙරටට පැමිණි විදේශික ශාකයක්! අප වී වවන්නේත් ඉතා අධික ජල ප‍්‍රමාණයක් යොදා ගෙන, අරපරෙස්සමෙන් තොරවයි.

ඉතිරි කොටස ඉදිරි කොලමකින් බලාපොරොත්තු වන්න.

රටේ මෙපමණ දැවෙන ප‍්‍රශ්න තිබියදී මා මේ පැරණි කථාබහක් යළි මතු කරන්නේ ඇයි දැයි පාඨකයන් දෙතුන් දෙනෙක් මගෙන් විමසුවා. මේ ආගිය කථා නොවෙයි. අපට වැරදුනු තැනන් ගැන අපේ රටේ විසූ ඉතා සූක්‍ෂම මොළයක් විසින් කරන ලද ක‍්‍රමීය මට්ටමේ විග‍්‍රහයන්. මෙවන් නිරවුල් අවබෝධයක් නැති නිසා අප සමාජයක් ලෙස රැය වැටුණු වලේ මහා දවාලෙත් යළි යළිත් වැටීම වළක්වා ගැනීම මගේ අරමුණයි.

සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

In this week’s Ravaya column (in Sinhala), I have adapted a long exchange I did in 1995 with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. The rest of this exchange will appear in future columns.

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Two of my earlier columns have explored related aspects of Ray Wijewardene’s vision on farming, landcare and conservation:

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Ray Wijewardene
Ray Wijewardene

අදීන විද්‍යාඥයකු, චින්තකයකු හා නව නිපැයුම්කරුවකු වූ ආචාර්ය රේ විජේවර්ධන මිය ගොස් තෙවසරක් පිරෙන්නේ මේ සතියේයි.

86 වසරක ජීවිත කාලය තුළ ඔහු අඵත් දේ රැසක් කළා. ගොවිතැන, බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්‍ෂණය යන ක්‍ෂෙත‍්‍ර හතරේ නිරවුල් හා නිවහල් දැක්මක් මත පදනම් වූ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග හා විසඳුම් රාශියක් ඔහු යෝජනා කළා.

බටහිර සම්ප‍්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්‍ෂණ පුහුණුවක් ලද ඔහු, පසු කලෙක පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප‍්‍රගුණ කළා. එහෙත් ඇතැම් අන්තවාදීන් මෙන් එක් දැනුම් සම්ප‍්‍රදායක එල්බ ගෙන අනෙක් සියළු දැනුම් සම්ප‍්‍රදායන් හෙළා දැකීම කළේ නැහැ. ඒ වෙනුවට පෙර-අපර දෙදිග යා කරමින්, හැම තැනින් ම හරවත් හා ප‍්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් ඔහු අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප‍්‍රතිචාර දැක්විය හැකි ක‍්‍රමෝපායයන් සොයා ගියා.

අටුව කඩා පුටුව හදන ආකාරයේ කෙටි කාලීන සංවර්ධනය හඹා යාමේදී මතු වන බරපතල විසමතා කල් තබා දුටු ඔහු කළ අනතුරු ඇඟවීම් තවමත් අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් හරිහැටි ග‍්‍රහණය කර ගෙන නැහැ.

1995දී ඉන්දියාවේ Down To Earth සඟරාව වෙනුවෙන් රේ සමග මා දීර්ඝ මාධ්‍ය සාකච්ජාවක් කළා. වී ගොවිතැන, හේන් ගොවිතැන, හරිත විප්ලවය හා එහි අහිතකර ප‍්‍රතිඵල, බලශක්ති අර්බුදයට පිළියම් ආදී තේමා රැසක් ගැන අප කථා කළා. එය එදා මෙදා තුර මා කළ මාධ්‍ය සාකච්ජා සිය ගණනක් අතර මතකයේ සදා රැඳුන සංවාදයක්. වසර 18කට පසුව එය සිංහල අනුවාදයක් ලෙස බෙදා ගන්නට මා කල්පනා කළා.

නාලක: ඔබ හරිත විප්ලවයේ පෙර ගමන්කරුවකු හා ආවඩන්නකු වූවත් පසු කලෙක ඒ සියල්ල ප‍්‍රශ්න කළා. ඇයි?

රේ: හරිත විප්ලවය ඇරැඹුණේ ආහාර අහේනියක් ඇතිවීම වළක්වන යහපත් අරමුණින් වුවත් එහි මූලික ප‍්‍රවේශයන්ගේ ප‍්‍රබල දෝෂ තිබුණා. මේ නිසා සුඵ ගොවියාගේ පැත්තෙනුත්, සොබාදහමේ පැත්තෙනුත් අප දැඩි පසුබෑමකට ලක් වුණා.

කල් ගත වී හෝ මේ වැරදි හරි ගස්වා ගත යුතු බවට අද විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර පිළිගැනීමක් මතුව තිබෙනවා. මෙය මුලින් ම වටහා ගත්තේ ගොවීන්. දැන් විද්වත් මහත්තුරුන්ටත් එය තේරුම් ගිහින්! අද අවශ්‍ය වන්නේ බිම් ප‍්‍රමාණයකින් අප උපදවා ගන්නා ආහාර හෝ අනෙකුත් බෝග හෝ ප‍්‍රමාණය ප‍්‍රශස්ත කර ගැනීම (optimize) මිස හැකි තාක් උපරිම කර ගැනීම (maximize) නොවෙයි.

සමහරුන් තවමත් තර්ක කරනවා ජන සංඛ්‍යාව වැඩි වන වේගයට සමානුපාතිකව හැකි තාක් අස්වනු වැඩි නොකළොත් සාගින්න බරපතල ප‍්‍රශ්නයක් විය හැකිය කියා. ඔබ එකඟ වෙනවා ද?

මෙතැන ප‍්‍රශ්නය හුදෙක් අස්වනු වැඩි කර ගැනීම නොවෙයි. සුඵ ගොවියා ගොවිතැනෙන් ලබන ලාබය වැඩි කර දීමයි. ගොවියාගේ සමාජ හා ආර්ථික තත්ත්‍වය නගා සිටු වන්නේ නැතිව කෙතරම් විද්‍යාත්මක විසඳුම් කි‍්‍රයාත්මක කළත් වැඩක් නැහැ.

තිරසාර බව (sustainability) කියන්නේ අපේ රටේ ගොවිතැනට අඵත් සංකල්පයක් නොවෙයි. අපේ සාම්ප‍්‍රදායික ගොවීන් එය මනාව දැන සිටියා සහ හරිහැටි ප‍්‍රගුණ කළා. මුල් යුගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද එම පාරේ ම යන ලකුණු තිබුණා. උදාහාරණයක් හැටියට 1936දී නිකුත් කළ හරිත පොහොර (Green Manuring) නම් නිල ප‍්‍රකාශනයක තිරසාර ලෙස මහ පොළවෙන් ඵලදාව ලබන සැටි විස්තර කර තිබෙනවා.

අවාසනාවකට 1960 – 1970 කාලයේ හරිත විප්ලවය නිසා අපේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය හා දෙපාර්තමේන්තුව සිහි විකල් වී අයාලේ ගියා! මංමුලා වුණා! එසේ නොවූවා නම් අද අප මුහුණ දී සිටින අර්බුදයට මැදි වන්නේ නැහැ. දැන් සිදුව ඇත්තේ බාහිරින් වඩ වඩාත් කෘති‍්‍රම එකතු කිරීම් වගා බිම්වලට දමමින් කෙසේ හෝ ඵලදාව නැත්නම් අස්වනු පවත්වා ගැනීම. මෙය දරා ගත නොහැකි මට්ටමකට පත් වෙලා…

 ‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974
‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974

1955 ඔබ නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය (LandMaster) ප‍්‍රවර්ධනය කරමින් ඔබ ගොවිතැන යාන්තී‍්‍රකරණය කරන්නට තැත් කළා. නමුත් පසුව ඒ සියල්ල ලොකු වැරදීමක් බව කියා සිටියා. ඒ ඇයි?

 ඇත්ත. හරිත විප්ලවය මුලදී මාත් එය විශ්වාස කළා. මාත් අයාලේ ගියා! එසේ වූයේ මූලික මට්ටමේ ප‍්‍රශ්නයක් මතු නොකිරීම නිසායි. ට‍්‍රැක්ටරය කළේ ගොවිතැන යාන්තී‍්‍රකරණය කිරීම ද, නැත්නම් මී හරකා යාන්තී‍්‍රකරණය කිරීම ද?

අපට හැකි වූයේ යාන්තමට මී හරකාට යාන්ති‍්‍රකරණ ආදේශකයක් දීමට පමණයි. එයත් එතරම් ප‍්‍රශස්ත විසඳුමක් නොවෙයි. මීහරකාට මෙන් පරපුරක් බෝ කිරීමේ හැකියාව ට‍්‍රැක්ටරයට නැහැ! නැතහොත් කිරි නිපදවන්නට හෝ ගොම හරහා ගොවිබිම පොහොර කරන්නටත් බැහැ. මේ නිසා ලොකු කුඩා හැම ට‍්‍රැක්ටරයක් ම අපේ රටේ ගොවිතැනට හඳුන්වා දීම හොඳ අරමුණින් වුවත් අප සිදු කළ ලොකු වරදක්.

පසු කලෙක බොහෝ අධ්‍යයන හා අත්හදාබැලීම්වලින් අනතුරුව මා තේරුම් ගත් මූලික සත්‍යය මෙයයි. ගොවිබිමක පස පෙරැළීම බොහෝ කොට ම කරන්නේ වල් පැළෑටි පාලනය කිරීමටයි. එනම් අපට අවශ්‍ය බෝගය හැර අනෙකුත් පැළෑටි එම පොළොවෙහි එම කාලයෙහි මතු වනු වැළැක්වීමටයි. මා ගණන් බැලූ විදියට අපේ රටේ (ගොඩ හා මඩ) ගොවිතැන්වලදී කරන පරිශ‍්‍රමය හා වියදමෙන් 40-60%ක් පමණ වැය වන්නේ මෙසේ පස පෙරැළීම හරහා වල් පැළෑටි පාලනයට.

නමුත් පස පෙරැළීමේ අහිතකර විපාක තිබෙනවා. ලිහිල් වූ පස ලෙහෙසියෙන් සෝදා පාඵවට ලක් විය හැකියි. මේ නිසා පස පෙරැළීමට ලක් කළ වගා බිම්වල පසේ සාරවත් බව අහිමිවීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඝර්ම කලාපීය අපේ රටවල ගොවිතැනේ අතිශය තීරණාත්මක සාධකයක් නම් පසේ සරුබවයි (soil fertility). එය රැක ගැනීම ඉතා වැදගත්.

පස පෙරළන්නේ නැතිව වල් පැළෑටි පාලනය කරන ක‍්‍රම තිබෙනවා ද?

ප‍්‍රධාන විකල්ප දෙකක් තිබෙනවා. එකක් වල්නාශක රසායනික භාවිතය. එය වියදම් සහගත මෙන් ම පරිසරයට අහිතකර කි‍්‍රයාවක්. දෙවැන්න නම් ගොවිබිමේ ජල පාලනය හරහා වල් පැළෑටි මර්දනය. මෙය අප සිතනවාට වඩා පුඵල් ලෙස අපේ ගොවිතැනේ සිදු කෙරෙනවා.

අපේ වාරි ජලයෙන් තුනෙන් දෙකක් ම යොදා ගන්නේ කුඹූරුවල වල් පාලනය සඳහායි.  මා ගණන් බලා ඇති අන්දමට අද (1995) ශී‍්‍ර ලංකාවේ වී ගොවිතැනේදී සහල් කිලෝ එකක් නිපදවා ගන්නට ජලය ටොන් 20ක් පමණ වැය කරනවා. වී පැළෑටියට එහි භෞතික වර්ධන අවශ්‍යතා සඳහා මෙතරම් ජල කන්දරාවක්  ඕනෑ නැහැ. ජලය බහුතරය යොදා ගන්නේ වල් ඉස්මතුවීමට නොදී ගිල්ලා මරා දැමීමටයි!

වාරි ජලය ගොවීන්ට නොමිළයේ ලැබුණත් එය සම්පාදනයට රජයට වියදමක් යනවා. ඒ වියදම වී ගොවිතැනේ අනෙකුත් වියදම්වලට එකතු කළ විට සහල් විකුණා නැවත ලබා ගත නොහැකි තරම් නිෂ්පාදන වියදමක් මෙරට වී වගාවේදි සිදු වනවා.

මේ විකල්ප දෙක හැර වෙනත් ක‍්‍රම තිබෙනවා ද?

කල් යාමේදී මා තේරුම් ගත්තා වල් නාශක රසායනික හෝ වාරි ජලය හෝ යොදා නොගෙන වෙනත් ක‍්‍රමයකින් වල් පැළෑටි පාලනය කිරීමේ චින්තන විප්ලවයක් අවශ්‍ය බව. එය තිරසාර වන්නට නම් බාහිරින් යොදන දේ අවම විය යුතුයි. එමෙන් ම වියදම අඩු හා සරල විය යුතුයි.

ආසියාවේ හා අපි‍්‍රකාවේ ඝර්ම කලාපීය රටවල ගොවීන් සමග වැඩ කරද්දී මා වසර ගණනක් මේ අභියෝගයේ විවිධ පැතිකඩ සමීපව අධ්‍යයනය කළා. පොතෙන් නොවෙයි, වගා බිමෙන්! ලොකු වටයක් ගියාට පසු මා වටහා ගත්තේ අපට අවශ්‍ය විසඳුම ඝර්ම කලාපීය ස්වාභාවික වනාන්තර තුළ කාලාන්තරයක් තිස්සේ ඉබේ ම කි‍්‍රයාත්මක වෙමින් ඇති බවයි!

වල් පැළෑටි පාලනය  ඕනෑ වන්නේ බෝග වවන ගොවීන්ට. එය සොබාවික වනාන්තරයකට අදාල වන්නේ කොහොම ද?

මිනිස් බලපෑමකට ලක් නොවී නිදහසේ වැවුණු ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරයකට පිවසී සමීපව නිරික්සන විට අපට පෙනී යනවා වනාන්තරවල බිම් මට්ටමේ එතරම් කුඩා පැළෑටි වර්ධනයක් නැහැ. හේතුව ලොකු ගස්වලින් වැටෙන වියළි කොළ දිරාපත් වෙමින් බිම් මට්ටම වසා ගැනීමයි.

වනාන්තරයේ සාරවත් බව (fertility) චකී‍්‍රකරණය කැරෙනවා. ලොකු ගස්වල ගැඹූරට විහිදෙන මුල් මගින් යට තිබෙන පසෙහි සාරය උකහා ගෙන ශාක පත‍්‍ර හා ගෙඩි බවට පත් කරනවා. කලකට පසු මේ ශාක කොටස් (හා අවසානයේ මුඵ ගස ම) වියලී මතු පිටට වැටෙනවා. ඒවා ටිකෙන් ටික දිරාපත් වූ විට සාරය නැවතත් පසට එකතු වනවා. මේ කොළ රොඩු එක් වීම නිසා අනවශ්‍ය (වල්) පැළෑටි බිහිවීම ද ඉබේ පාලනය වනවා.

මා වටහා ගත්තා ගොවිතැන් කිරීමේ ලොකු ම අභියෝග දෙක නම් පසේ සාරය පවත්වා ගැනීම හා වල් මර්දනය බව. කුමන බෝගය වගා කළත් මේ තමයි ලොකු ම සීමාකාරී සාධක දෙක. ඝර්ම කලාපීය වනාන්තරවල සොබාදහම මේ සාධක දෙක අපුරුවට කළමණාකරණය කරනවා. එහිදී වැදගත්ම පුරුක වන්නේ ගස්. යම් බිමක් ඵලදායී වනවාද මුඩුබිමක් වනවාද යන්න තීරණය වන්නේ ගස්වල පිහිටීම මගින්.

වගාබිමේදී අපට මේ වනාන්තර කරන දේ අනුකරණය කළ හැකිදැයි මා සොයා බැලූවා. එය සාර්ථකව කරන ක‍්‍රමයක් මට පිලිපීනයේදී හමු වුණා. එයට කියන්නේ බෑවුම් වගාබිම් තාක්‍ෂණය (Sloping Agricultural Land Technology හෙවත් SALT) කියායි. කෙටිකාලීන බෝග කඳුකර බිම්වල වැවීමේදී පස රැක ගනිමින් බැහැරින් කෘෂිරසායනික එකතු කිරීම හැකි තාක් අඩු කරන්නට SALT ක‍්‍රමය මහෝපකාරී වනවා.

SALT සඳහා බහුවාර්ෂික ගස් (perennial trees) වගා බිමක සිටු වනවා. කෙටි කාලීන බෝග වවන විටත් (කුඹූරුවල පවා) ලොකු ගස් තැනින් තැන වැටෙන්නට ඉඩ දීම අපේ පැරණි ගොවිතැනේ සිරිතක් වුණා. මේ ගස්වලින් වියලී බිමට වැටෙන කොළ රොඩු මගින් පසේ තෙතමනය පවත්වා ගනිමින් එහි සරුබව ද වැඩි කරනවා.

SALT system diagram
SALT system diagram

 

SALT ක‍්‍රමය බෑවුම්වල ගොවිතැනට පමණ ද?

බෑවුම්වලට වඩා සුදුසුයි. මන්ද සමෝච්ච රේඛා මට්ටමට මෙබඳු ගස් පේළි හැටියට වවමින් වැටි බිහිකිරීම වඩාත් ලෙහෙසි නිසා. 1970 දශකයේ අප ආසියාවේ හා අපි‍්‍රකාවේ රටවල මේ ක‍්‍රමවේදය අත්හදා බලමින් දියුණු කළා. අද එය ඝර්ම කලාපය පුරා පිළිගත් සංරක්‍ෂණාත්මක ගොවිතැන් ක‍්‍රමයක්.

SALT ක‍්‍රමය ගොවීන් පිළිගන්නේ කෙලෙස ද?

ගොවීන්ට වාසි රැසක් තිබෙනවා. රසායනික පොහොර හා වල්නාශක වැනි වියදම් සහගත බාහිර එකතු කිරීම් තව දුරටත් අවශ්‍ය නැහැ. එසේ ම පස සෝදායාම වැළකෙනවා. කඳු බෑවුම්වල වගා කිරීමේදී බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ඒවා මුලින් එළිපෙහෙළි කොට බෝග පමණක් සිටුවන්න. මෙය හරි අනුවණකාරී වැඩක්. එයින් සොබාවික සෙවන හා පසේ සොබාවික රැකවරණය අහිමි වී, පස අව්වට වැස්සට නිරාවරණය වනවා.

වායුගෝලයෙන් නයිට‍්‍රජන් සොබාවිකව උකහා ගෙන මුල් හරහා එය පසට මිශ‍්‍ර කිරීමේ හැකියාව ඇති ගස් හෝ පඳුරු හෝ SALT ක‍්‍රමයේදී අප වගාබිමක පේළි හැටියට වවනවා. එමගින් පසට එකතු කරන කොළ රොඩු එතැන ම දිරාපත් වන්නට ඉඩ හරිනවා. ඉවත් කිරීමක් නැහැ. ඇත්තට ම අපි සොබාදහමේ කි‍්‍රයාවලීන්ගෙන් ගොවිතැනට සේවා ලබා ගන්නවා. එතකොට පිටතින් පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය එකතු කිරීමේ අවශ්‍යතාවය අවම කර ගන්නට හැකියි.

මුල් සාකච්ජාව කියවීමට පිවිසෙන්න: http://tiny.cc/RayBye

රේ විජේවර්ධන චින්තනය පිළිබඳ වෙබ් අඩවිය: www.raywijewardene.net

Remembering Ray Wijewardene: Sri Lanka’s Renaissance Man

Ray Wijewardene
Ray Wijewardene

Ray Wijewardene (1924 – 2010) was an accomplished engineer, aviator, inventor, Olympian athlete and a public intellectual of the highest calibre.  Although educated at Cambridge and further trained at Harvard, he preferred to introduce himself as a farmer and mechanic ‘who got his hands dirty’. His third death anniversary falls on 18 August 2013.

It was among his flying machines that I first met Ray in late 1986 at the Ratmalana Airport, just south of Colombo. One Sunday morning, he took time off to talk to a group of us high school leavers participating in a Science for Youth programme. It exposed us to various (then) modern technologies. Much of that ‘new knowledge’ has long become obsolete; but the inspiration propelled many of us to pursue careers in science.

That inspiration stemmed mostly from the shy and unorthodox Ray Wijewardene. Although he was then in his early 60s, he had the sense of wonder of a 10-year-old. He gave us practical demonstrations about problem solving and innovation in three areas close to his heart: energy, agriculture and transport.

At the time, he was looking for ways to improve the ordinary bicycle, so that riders could go faster with less effort. He also talked about buffaloes, earthworms and growing our food and energy to become truly ‘non-dependent’ on costly imports.

It was his flying machines that fascinated us the most. As a pilot, Ray was licensed to fly all three kinds of flying machines: fixed-wing aircraft, helicopters and autogyros. But this pilot was flying not only factory-fitted, mass-manufactured units: he built and flew his own ultra-light aircraft and helicopters.

I first interviewed Ray for the media in 1988, and over the years did many more — including an indepth Q&A for India’s Down to Earth magazine. The last time we talked, on the record, was when Ray took part in a TV talk show that I hosted in 2008. I have written elsewhere on these encounters and our various collaborations.

I have just unearthed, from the depths of my own archives, an interview I arranged in early 1990 between Ray and science writer Peter Gwynne, who at the time was editor of Asia Technology magazine published from HongKong. I was their Sri Lanka correspondent.

Peter, who held a BA and MA in metallurgy from Oxford and had been a science writer with various publications (including Newsweek) before moving to HongKong, was on a short visit to Colombo. So I took him to meet one of my most colourful and outspoken scientific friends — Ray. Beyond the predictable Oxbridge banter, they talked about many things. I was just a fascinated fly on the wall…

Based on that encounter, Peter wrote a perceptive profile of Ray — and called him Sri Lanka’s Renaissance Man. An apt title, indeed, given that Ray was talented in many pursuits including music and painting, and had a refined sense of aesthetics, probably the basis of his design sense. (It took me 21 years to come up with anything comparable: when creating the Ray Wijewardene website in 2011, I called him ‘A Man for All Elements’).

Here’s the full profile from Asia Technology, April 1990:

Ray Wijewardene profiled in Asia Technology, April 1990
Ray Wijewardene profiled in Asia Technology, April 1990

PS: Asia Technology was a bold venture that didn’t last too long (even though it was part of the Dow Jones Company). The full colour, glossy publication was an early chronicler of Asia’s rise in science and technology, but was ahead of its time. It blazed like a supernova for a year and half, and then folded.

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

An introduction (in Sinhala) to Sir Arthur C Clarke’s half century of association with Sri Lanka, written by Nalaka Gunawardene. This is a chapter in the book ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ (Mind Journeys with Arthur C Clarke), published in 2012.

See also: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

චන්ද්‍රිකා තාක්ෂණය ලොවට කියාදුන් තැපැල් කන්තෝරු පවුලේ දරුවා

sir-arthur-clarke-with-sigiriya-in-background-photo-by-rohan-de-silva.jpg

රීමත් ආතර් සී. ක්ලාක් ගැන රී ලංකාවේ බොහෝ දෙනකු තුළ ගෞරවාන්විත හැඟිමක් ඇතත්, ඔහු ගැන නිවැරදි තොරතුරු හා නිරවුල් අවබෝධයක් බොහෝ දෙනකුට නැත. විද්වතුන් හා මාධ්යවේදීන් අතින් ඔහු ගැන වැරදි තොරතුරු නිතර රතිරාවය වෙයි.

මේ අතරින් ඉතා දැඩි ලෙස රචලිත වූ රබන්ධය නම් ඔහු රී ලාංකික පුරවැසියකු වීය යන්නයි. ඇත්ත තත්ත්වය නම් ආතර් චාල්ස් ක්ලාක් උපන්නේත්, මිය ගියේත් බිරතාන් ජාතිකයකු හැටියට බව . සිය උපන් රට ගැන තිබු ඇල්ම හා අභිමානය අඩු නොකර ඔහු, පසු කලෙක රී ලංකාවට ඉත සිතින් ඇලූම් කළේය. එහෙත් ඔහු කිසි දිනෙක රී ලාංකික පුරවැසිකම පැතුවේත් නැත. මෙරට කිසිදු රජයක් ඔහුට එය පිරිනැමුවේත් නැත. (එමෙන්ම සම්මාන පුරවැසි කියා දෙයක් නීතිමය වශයෙන් නැති නිසා එබන්දක් දීම හෝ ලැබීම ගැන කථාවේ කිසිම පදනමක් නැත.)

මේ පුරවැසි/සම්මාන පුරවැසි කථාව කෙතරම් පැතිර ගොස් ඇත්දැයි කිවහොත් එය එසේ නොවී යයි කරුණු හොඳහැටි පහදා දුන් පසුවත් සමහර මාධ් දැන දැන වරද යළිත් වමාරති.

මා රීමත් ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ සේවය කළ කාලයේ මාධ්යවේදීන්ට, ශිෂ්යයන්ට හා අන් අයට නොමිලේ බෙදා දෙන තොරතුරු කට්ටලයේ ක්ලාක් හා රී ලංකාව ගැන තොරතුරු සටහනක් තිබුණි. මේ එහි සිංහල අනුවාදයයි.

 නාලක ගුණවර්ධන

1917දී බි‍්‍රතාන්‍යයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ මයින්හෙඞ් ගම්මානයේ උපන් ආතර් චාල්ස් ක්ලාක්, මූලික හා ද්වීතියික අධ්‍යාපනය ටෝන්ටන්හි හුයිෂ් ග‍්‍රැමර් ස්කූල් නම් පාසලෙන් ලබා, පසුව ලන්ඩනයේ කිංස් කොලෙඡ් සරසවියෙන් ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ පළමුපෙළ උපාධියක් ලබා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය රජයේ ගණකාධිකාරී දෙපාර්තමේන්තුවෙන්, ඉන් පසු රාජකීය ගුවන් හමුදාවේත් (1939 – 1946) සේවය කළ ඔහු 1950 සිට පුර්ණ කාලීන වෘත්තිය ලේඛකයකු හා දේශකයකු හැටියට ක‍්‍රියා කළේ ය.

ඔහුට ශ‍්‍රී ලංකාව ගැන මුල් ම නෙතඟ බැල්ම ලැබුණේ අහම්බෙන් මෙනි. කිමිදීම හා සාගර ගවේෂණය ගැන ක්ලාක් තුළ තිබු ඉමහත් උනන්දුව නිසා 1950 දශකයේ ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මහ බාධක පරයට යන අතරවාරයේ ඔහු රැගත් “හිමාලයා” නෞකාව 1954 දෙසැම්බර් මාසයේ දින බාගයකට කොළඹ වරායට සේන්දු විය.

පසුව 1955 මාස කිහිපයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය, නොගැඹුරු සාගරය හා රට තුළ විවිධ ස්ථාන ගවේෂණය කළ ක්ලාක්, මේ ඝර්ම කලාපීය දුපතට මහත් සේ ඇලූම් කරන්නට පටන් ගත්තේ ය. 1956දී ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරයේ පදිංචි වීමට තීරණය කළ ඔහු, හෙක්ටර් එකනායක නම් ලාංකික කිමිදුම්කරුවාත් සමඟ එක්ව “අන්ඩවෝටර් සෆාරීස්” (Underwater Safaris) නම් කිමිදුම් සමාගම ඇරඹී ය. මෙරට වෘත්තීය කිමිදුම් කටයුතුවලත්, කිමිදුම්කරුවන් පුහුණු කිරීමේත්, සාගර ආශ‍්‍රිත සංචාරක කර්මාන්තයේත් පුරෝගාමී මෙහෙවරක් එ හරහා ඉටු කළේ ය.

සමස්ත ඉන්දියානු සාගරයේ ම මුල් වතාවට දිය යට රූප ගත කරන ලද දර්ශන රැගත් Beneath the Seas of Ceylon නම් වාර්තා චිත‍්‍රපටය 1958දී නිර්මාණය කරනු ලැබුවේ ක්ලාක් සහ ඔහුගේ කිමිදුම් සගයන් වූ බි‍්‍රතාන්‍ය ජාතික මයික් විල්සන් හා ලාංකික රොඞ්නි ජොන්ක්ලස් විසිනි.

ශ‍්‍රී ලංකාවේ වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල වෘතාන්ත චිත‍්‍රපටය වූ   “රන් මුතු දුව” (1962) සඳහා ආයෝජකයා වූයේත් ආතර් සි. ක්ලාක් ය. දිය යට ජවනිකා රැගත් මුල් ම සිංහල චිත‍්‍රපටය ද වූ එය මයික් විල්සන් විසින් රූපගත කොට, අධ්‍යක්‍ෂණය කරන ලද්දකි. එහි නිෂ්පාදකයා වූයේ ශේෂා පලිහක්කාර ය.

1956 සිට 2008 දක්වා වසර 50කට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි ආතර් සී. ක්ලාක්ට 1975දී ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දුන් නව ආගමන ප‍්‍රතිපත්තියක් යටතේ “පදිංචි ආගන්තුකයා” (Resident Guest) යන තත්ත්‍වය හිමි විය. මෙය රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වන විදේශිකයන් සඳහා ක‍්‍රියාත්මක වන දිරි ගැන්වීමේ ක‍්‍රමයකි. එහෙත් ඔහු කිසි දිනෙක ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලූම් කළේ හෝ ලැබුවේ හෝ නැත. ඔහු දිවි ඇති තුරු ම බි‍්‍රතාන්‍ය ජාතිකයකු විය.

Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo - circa 1980
Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo – circa 1980

ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවකු ලෙස මෙරට අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, පරිසර සංරක්‍ෂණ හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්ට ආතර් සී. ක්ලාක් බුද්ධිමය දායකත්වය හා ඇතැම් විට මුල්‍යමය අනුග‍්‍රහය ද ලබා දුන්නේ ය. එයින් සැළකිය යුතු සේවාවන් කිහිපයක් මෙසේ ය:

  • 1979 සිට 2002 දක්වා වසර 23ක් පුරා මොරටුව සරසවියේ කුලපති (Chancellor) තනතුර අඛණ්ඩව හෙබ වීය. ජනාධිපතිරුන් සිවු දෙනෙකු විසින් යළි යළිත් ඔහු මේ තනතුරට පත් කරන ලදී.
  • 1959දී ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association) පිහිටුවා එහි ආරම්භක සභාපති ලෙස මෙරට ආධුනික තාරකා විද්‍යා කටයුතු දිරිමත් කරන්නට සහය දුන්නේ ය.
  • 1966දී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇරඹෙන්නටත් පෙර පටන් මෙරට සංචාරක ආකර්ෂණයක් ගැන විදෙස් මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් ඔහු, පසුව සංචාරක මණ්ඩලයට හා සංචාරක සමාගම්වලට බොහෝ උපදෙස් හා යෝජනා නොමිලයේ ලබා දුන්නේ ය.
  • ශ‍්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවේදන ප‍්‍රතිපත්ති හා සැළසුම සඳහා හැකි සෑම විට ම තාක්‍ෂණික උපදෙස් දුන් ක්ලාක්, 1979-1982 කාලයේ මෙරටට ටෙලිවිෂන් මාධ්‍යය හඳුන්වා දීමට නොනිල මට්ටමින් දායක විය.
  • 1984දී මෙරටට නව තාක්ෂණයන් හඳුන්වාදීමට රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කරන විට එයට ඔහුගේ නම දීමට ජේ. ආර්. ජයවර්ධන රජය කළ යෝජනාවට ආතර් සී. ක්ලාක් එකඟ විය. ක්ලාක් මධ්‍යස්ථානයේ අනුග‍්‍රාහකයා (Patron) ලෙස කලක් ගරු තනතුර ද හෙබ වීය. එහෙත් මේ රාජ්‍ය ආයතනයේ පරිපාලනය හෝ පර්යේෂණ කටයුතු කිසිවකට ඔහුගේ සම්බන්ධයක් නොතිබුණි.

ටෙලිවිෂන් මාධ්‍යය හරහා ශ‍්‍රී ලංකාවට ලොව පුරා සුභවාදී ප‍්‍රතිරූපයක් බිහි කිරීමට ආතර් සී. ක්ලාක් දශක ගණනාවක් ස්වෙච්ජාවෙන් කටයුතු කළ බව හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වරක් ඉතා කෘතඥපූර්වකව පැවසීය. ඔහු ක්ලාක් හැඳින්වූයේ  “One man cheering squad for Sri Lanka” හැටියට ය.

භෞතික හා පාරභෞතික අබිරහස් පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කළ ලෝක ව්‍යාප්ත ටෙලිවිෂන් වැඩසටහන් පෙළක් 1980-1994 වකවානුව තුළ ආතර් සී. ක්ලාක් ඉදිරිපත් කළේ ය. බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් නිෂ්පාදිත මේ වැඩසටහන් සියල්ලේ ආරම්භය හා අවසානය ක්ලාක් රූපගත කළේ ශ‍්‍රී ලංකාවේ පියකරු ස්වභාවික ස්ථාන හා සාංස්කෘතික උරුමයන් පසුබිමේ තබා ගෙන ය. Arthur C. Clarke’s Mysterious World (1980), Arthur C. Clarke’s World of strange Powers (1985) yd Arthur C. Clarke’s Mysterious Universe (1994) යන මේ වැඩසටහන් මාලා  වසර ගණනාවක් පුරා Discovery ඇතුළු තවත් බොහෝ විදේශ ටෙලිවිෂන් සේවා හරහා විකාශය විය. මේ නිසා ඉතා වටිනා සංචාරක ප‍්‍රවර්ධනයක් නොමිලයේ ම ශ‍්‍රී ලංකාවට ලැබුණි.

sir-arthur-clarke-at-swami-rock-trincomalee-sri-lanka-by-rohan-de-silva.jpg

ශී‍්‍ර ලංකාවේ වෙරළ සංරක්‍ෂණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ක්ලාක්, හිරිගල්පර (කොරල්) කැඞීමට එරෙහිව පවත්නා නීති හරියාකාර ක‍්‍රියාත්මක කිරීමට මාධ්‍ය හරහා ප‍්‍රබල හඬක් නංවමින් වෙරළ සංරක්‍ෂණ නිලධාරීන්ට හා පර්යේෂකයන්ට නන් අයුරින් උපකාර කළේය.

1979 දී හික්කඩුව සාගර අභයභූමිය ප‍්‍රකාශයට පත් කෙරුණේ කලක් තිස්සේ ඔහු ගෙන ගිය දැනුවත්කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසට ය. ශ‍්‍රී ලංකාව අවට මුහුදේ ජීවත් වන තල්මසුන් හා ඩොල්ෆින් සතුන් රැක ගැනීමේ වැදගත්කම මුලින් ම පෙන්වා දුන්නේත් ඔහු ය.

2004 දෙසැම්බර්යේ සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ ක්ලාක්, ශ‍්‍රී ලංකාවට ආධාර කරන ලෙස ලෝකයට ආයාචනය කළේ ය. එමෙන්ම යළි වෙරළබඩ ප‍්‍රදේශ පිළිසකර කරන විට සුනාමියේ “මතක හිටින පරිසර පාඩම්” සිහි තබා ගන්නට යැයි ඔහු රජයෙන් හා ලක් ජනතාවගෙන් මහත්  ඕනෑකමින් ඉල්ලා සිටියේ ය.

මෙකී නොකී විවිධාකාරයෙන් ශ‍්‍රී ලංකාවට ලබා දුන් විද්වත් දායකත්වයට ශ‍්‍රී ලංකා රජය විසින් අවස්ථා තුනකදී ක්ලාක්ට සම්මාන පිරිනමන ලදී.

ශ‍්‍රි ලංකාවේ පදිංචිකරුවකු ලෙසත්, පොදු උන්නතිය කැප වු බුද්ධිමතකු ලෙසත් ආතර් සී. ක්ලාක් විවිධ අවස්ථාවල මෙරට විද්‍යා, කලා, අධ්‍යාපනික හා මානුෂික ක‍්‍රියාකාරකම් සඳහා අතහිත දුන්නේ කිසිදු ප‍්‍රසිද්ධියක් නොමැතිවයි. ශ‍්‍රී ලංකා සත්ත්‍ව සුබසාධන සංගමයේ හා දෙපා අප‍්‍රාණික වූ රෝගීන් (paraplegic) පුනරුත්ථාපනය සඳහා වූ සංගමයේ අනුශාසක ලෙසත්, තවත් විවිධ  සද්කාර්යයන් සඳහා නිහඬ ආධාරකරුවකු ලෙසත් ඔහු ක‍්‍රියා කළේ ය. සර්වෝදය ශ‍්‍රමදාන සංගමයත්, අක්‍ෂිදාන සංගමයත් ඔහුගේ ප‍්‍රශංසාවට ලක් වූ ස්වෙච්ජා ආයතන දෙකකි. ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අරමුණු සමඟ එකඟ වු ක්ලාක්, හැකි සෑම විට ම හේතුවාදී තර්කානුකූල විමර්ශනය දිරිමත් කළේ ය.

පසු එකතු කිරීම:

2007 දෙසැම්බරයේ ආතර් සී. ක්ලාක්ගේ 90 වන උපන් දිනය ලක් රජය විසින් උත්සවාකාරයෙන් සමරනු ලැබී ය. 2008 මාර්තු 19 වනදා ඔහු මිය ගිය පසු ඔහුගේ උපදෙස් පරිදි සම්පුර්ණයෙන් ම නිර්ආගමික හා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොර චාම් අවමගුලක් පවත්වන ලදී. ඔහු ඉල්ලා සිටි පරිදි ඔහු රැක බලා ගත් එකනායක පවුලට වෙන් වූ කොළඹ කනත්ත සුසාන භූමි කොටසේ 2008 මාර්තු 22දා ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබී ය. එදින ශ‍්‍රී ලංකාවේ සියළු ම ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා සිය විකාශයන් විනාඩි 3කට නිහඬ කරමින් මේ සන්නිවේදකයාට ඔවුන්ගේ ගෞරවය පළ කළෝ ය.

See also one-hour Sinhala documentary on Arthur C Clarke, presented by Nalaka Gunawardene: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005

සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

Another World Environment Day will be observed on June 5. We can expect Lankan environmentalists to raise their shrill, giving us more rhetoric than substance.

I have always stayed clear of such impulsive green extremism, instead advocating a more measured approach to balancing modern lifestyles with their ecological impacts. In this week’s Ravaya column (in Sinhala), I debunk a widely peddled green myth that suggests ‘Mother’ Earth will look after us if only we take better care of her.

Well, our home planet doesn’t care one way or the other. People can lull ourselves into whatever illusion of their choice, but Earth is indifferent. Coming to terms with this can help our greens to reach some maturity they badly need.

See also these previous explorations of the same theme:

11 June 2012: Eco Myths Can’t Save the Planet. Wake Up and Smell the Foul Air!

8 July 2011: සිවුමංසල කොලූගැටයා #21: ප‍්‍රතිනිර්මාණය වූ සියැටල් නායක කථාව/මිථ්‍යාව

Mother Earth? Not really. Just our home planet
Mother Earth? Not really. Just our home planet
ජුනි 5 වනදා ලෝක පරිසර දිනය.

‘අප පරිසරය රැක ගත්තොත් පරිසරය අපව රැක ගනීවි’ යන්න පරිසරවේදීන් බහුතරයක් මෙන් ම ගුරුවරුන් හා මාධ්‍යවේදීන් ද නිතර කරන ප‍්‍රකාශයක්.

පරිසරය හා සොබා සම්පත් රැක ගත යුතු බව ඇත්තයි. එහි විවාදයක් නැහැ. එහෙත් එය හරියාකාරව කරන්නට නම් විචාර බුද්ධියෙන් එම කාර්යයට ප‍්‍රවේශ විය යුතුයි. අන්ධ භක්තිය, භීතිය හෝ වෙනත් ආවේගයක් මත පදනම් වී පරිසරය රැක ගන්නට නොහැකියි.

පරිසර සංරක්ෂණ පණිවුඩය පොදු ජන සමාජයට ගෙන යා හැකි ක‍්‍රමෝපයන් කිහිපයක් තිබෙනවා. විද්‍යානුකූලව කරුණු විග‍්‍රහ කරමින්, පරිසරයේ තුලනය පවත්වා ගන්නට මිනිස් අප කළ යුතු දෑ පෙන්වා දීම එකක්. සොබා දහමේ අසිරිය, සුන්දරත්වය හා මානව සංස්කෘතියට එයින් ලැබෙන අසීමිත බලපෑම ගැන අවධාරණය කරමින් කලාත්මක හා සෞන්දර්යාත්මක දැනුවත් කිරීම තවත් එකක්. මේ දෙක ම කලක සිට සාර්ථක ලෙස සිදු කැරෙනවා.

එහෙත් මෑතක පටන් අපේ සමහර පරිසර සන්නිවේදකයන් පරිසරවේදය සාමයික දර්ශනයක් හෙවත් ආගමික විශ්වාසයක මට්ටමට ඔසවා තබන්නට තැත් කරනු පෙනෙනවා. පරිසරයට වින කිරීම ඉමහත් පාපකාරී ක‍්‍රියාවක් බවත්, එසේ කිරීමේ බරපතල විපාක විඳින්නට සිදු වන බවත් ඔවුන් කියන්නේ හරියට ප‍්‍රධාන පෙළේ ආගම්වල පූජකවරුන් සාමාන්‍ය ජනයා පව්වලට බිය කරන්නට කරන ප‍්‍රකාශවලට සමාන ආකාරයෙන්.

මේ අවස්ථා දෙකෙහි ම යොදා ගන්නේ බුද්ධිගෝචර නොවන, ආවේගයට බර වූ තර්කයන්. අප යහපත් දිවි පෙවතක් ගත කළ යුත්තේ පවට බිය වීම හෝ මතු භවයක අහිතකර විපාක ගැන භීතියෙන් නොවෙයි. හරි දේ කවදත් කොතැනත් හරි නිසා.

එසේ ම අප පරිසරයට අනවශ්‍ය පීඩා නොකර සොබා සම්පත් හා බලශක්තිය අරපිරිමැස්සෙන් පාවිච්චි කළ යුත්තේ සොබා දහමට ඇති අනියත බියකින් නොව එය අපට කළ හැකි හා අප කළ යුතු වඩාත් ම නිවැරදි ක‍්‍රියාව නිසා යි.

අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික ක‍්‍රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගතහොත් එය අපව රැක ගනීවි යන්න විද්‍යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

ග‍්‍රහලෝක මට්ටමින් පෘථිවිය දෙස බලන සමහර පරිසරවේදීන් තැත් කරන්නේ එයට ජීවමාන ස්වරූපයක් හා ප‍්‍රතිරූපයක් ලබා දෙන්නටයි. මිහිතල මාතාව, මිහි මෑණියෝ හෝ මහී කාන්තාව ආදි විවිධ යෙදුම් ඔවුන් භාවිත කරනවා.

James Lovelock
James Lovelock
බි‍්‍රතාන්‍යයේ ලොව පිළිගත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන ජේම්ස් ලව්ලොක් (James Lovelock) 1970 ගණන්වල මතයක් ඉදිරිපත් කළේ පෘථිවියේ ජීවී සහ අජීවී සියල්ල ම ඒකාබද්ධ වී සංකීර්ණ තනි පද්ධතියක් ලෙස කි‍්‍රයා කරන බවත්, එය ග‍්‍රහලෝක මට්ටමේ ජීවයකට සම කළ හැකි බවත්. ඔහු එයට ගයීයා (Gaia) යන නම දුන්නා. ගී‍්‍රක මිථ්‍යාවාදයේ මිහිතල දෙවඟනට දී තිබු නම එයයි.

මේ ගයීයා කල්පිතය පරිසරවේදීන් අතර ඉක්මනින් ජනපි‍්‍රය වුණා. අජීවී භූ විද්‍යාත්මක පද්ධතීන් හා ජීවී ලෝකය ඉතා සමීපව අන්තර් කි‍්‍රයා කරන බව සැබෑවක්. එසේ ම වසර මිලියන් ගණනක් තිස්සේ ජිවීන්ගේ ස්වාභාවික කි‍්‍රයා නිසා ග‍්‍රහලෝකයක ස්වරූපය කෙමෙන් වෙනස් වන බවත් විද්‍යාඥයන් දැන් පිළි ගන්නවා.

එහෙත් ගයීයා කල්පිතය ගැන විද්‍යාඥයන් අතර එකඟත්වයක් නැහැ. රිචඞ් ඩෝකින්ස් (Richard Dawkins) වැනි ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ජීව හා පරිනාම විද්‍යාඥයන් එය එක හෙළා බැහැර කරන්නේ තර්කානුකූල වනවා වෙනුවට ගුප්ත සංකල්පයක් එමගින් ඉස්මතු කරන බව කියමින්.

මිහිතලයේ සියඵ රහස් විද්‍යාව විසින් තවමත් හෙළි කරගෙන නැහැ. එහෙත් ග‍්‍රහලෝකයේ කි‍්‍රයාකාරිත්වය ගැන හොඳ අවබෝධයක් මේ වන විට භූ විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් හා වායුගෝලය පිළිබඳ විද්‍යාඥයන් ලබා ගෙන තිබෙනවා. මිහිතලයේ පද්ධතිවලට දරා ගත හැකි පරාසයන් ගැන තක්සේරුවක් ද දැන් විද්‍යාව සතුයි. මේ පදනම මත සිටගෙන පාරිසරික සංරක්‍ෂණයට යොමු වීම ආවේගශීලි ගුප්තවාදයකට වඩා බුද්ධිගෝචරයි.

මා දේශනවලදී නිතර සිහිපත් කරන කරුණක් නම් අප ජීවත් වන්නේ ඉතා සකි‍්‍රය ග‍්‍රහලෝකයක් මත බවයි. පෘථිවිය අභ්‍යන්තරයේ නොනිමෙන භූවිද්‍යාත්මක බලවේග දිවා රැයේ කි‍්‍රයාත්මක වනවා. භූමිකම්පා, ගිනිකඳු හා ඇතැම් විට සුනාමි ලෙස ආපදා ඇති කරන්නේ මේ ස්වාභාවික ප‍්‍රවාහයන්.

අපේ වායුගෝලයත් ඉතා සකි‍්‍රයයි. පැයෙන් පැයට වෙනස් වන කාලගුණයක් ඇත්තේ ඒ නිසායි. සාගරය හා ගොඩබිම අතර ගනුදෙනුව නිසාත් කාලගුණය වෙනස් වනවා. නියමිත කලට සිදු වන කාලගුණික කි‍්‍රයා (උදා: මෝසම් වර්ෂා) මෙන්ම අනපේක්‍ෂිතව ඇති වන හදිසි කාලගුණ තත්ත්වයන් ද තිබෙනවා. (උදා: කුණාටු, සුළිසුළං).

අගහරු ග‍්‍රහලෝකය බොහෝ සෙයින් පෘථිවියට සම කළ හැකි වූවත් එය තව දුරටත් සකි‍්‍රය ලෝකයක් නොවේ. අතීතයේ සකි‍්‍රයව තිබෙන්නට ඇතැයි අනුමාන කැරෙනවා. අකි‍්‍රය අගහරු මත අප දන්නා තරමට ජීවයක් ද නැහැ.

ජීවයෙන් පිරි මිහිතලයේ සකි‍්‍රය බව නිසා එම ජීවීන්ට විටින් විට හානි ද ඇති වනවා. එය සොබා දහමේ න්‍යායක්. මානවයන් මිහි පිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් මේ භූ විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක කි‍්‍රයාදාමයන් සිදු වුණා. (දේශගුණ විපර්යාස ඉක්මන් කිරීමට නම් මානව කි‍්‍රයාකාරකම් සෘජුව බලපා තිබෙනවා. එහෙත් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු ආදියට මානව බලපෑමක් සොයා ගෙන නැහැ.)

අප කෙතරම් හොඳින් මිහිතලයට සැළකුවත් මේ ප‍්‍රචණ්ඩ ආපදා තව දුරටත් සිදු වනවා. මේ භෞතික යථාර්ථය මූලධර්මවාදී පරිසරවේදීන්ට අමිහිරි විය හැකියි. එහෙත් ඇත්තයි.

‘මිථ්‍යාවෙන් පරිසරය රැකිය නොහැකියි’ යන තේමාවෙන් 2012 වසර මැදදී ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ සංවාදශීලි දේශනයක් මා පැවැත් වූවා. එහිදී හරිත වර්ණ සුරංගනා කථා, හරිත වර්ණ අද්භුත කථා හා හරිත මාරක කථා ආදි අද දවසේ සිවිල් සමාජයේ හා මාධ්‍ය හරහා සංසරණය වන ජනප‍්‍රිය හරිතවාදයන් කිහිපයක් මා විචාරයට ලක් කළා.

එම දේශනයේ ප‍්‍රවේශයක් ලෙස මා කියා සිටියේ පෘථිවි ග‍්‍රහලෝකයට මිහිතල මෑණියෝ, මහී කාන්තාව, දියදම් දිනිතිය ආදී ගෞරවනීය නාම පාවිච්චි කළත්, මිහිතල අම්මණ්ඩි කීවත් මේ සොබාවික සිදුවීම්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ගුප්ත වාදයක් හා පාරිසරික ඇදහිල්ලක් හරහා පරිසරය රැක ගන්නට බැහැ. එසේ කරන්නට තැත් කරන විට ”මිහිතල මෑණියෝ” අපට එවන භූමිකම්පා, සුනාමි හා අනෙකුත් ව්‍යසන පහදා දෙන්නේ කෙසේ ද?

අද අපට අවශ්‍ය පසුගාමී හා ගුප්ත හරිතවාදයක් නොවෙයි. ප‍්‍රායෝගික වූත්, ප‍්‍රබුද්ධවූත්, විචාරශීලී වූත් පරිසර චින්තනයක්. එය සංවාදයට විවෘත විය යුතුයි.

Earth in danger? Or just humanity endangering itself?
Earth in danger? Or just humanity endangering itself?
පරිසරය රැක ගැනීම ආත්මාර්ථකාමී දෙයක් යයි මා තර්ක කරනවා. මගේ පාරිසරික ප‍්‍රමුඛතා ගොන්නේ අතිශයෝක්තියෙන් වර්ණනා කැරෙන හරිත තේමා නැහැ. හැම ගසක්, සතකු හා හැම සොබාවික පරිසරයක් ම පිවිතුරු ලෙසින් අත නොතබා රැක ගත යුතු යයි හරිත මූලධර්මවාදී ස්ථාවරයක මා රැඳෙන්නේ ද නැහැ.

පාරිසරික හානිය හා දුෂණය කෙටි කාලීනව හා දිගු කාලීනව අපේ සෞඛ්‍යයට කරන හානිකර බලපෑම් මා වඩාත් අවධානය යොමු කරන පැතිකඩයි. මේ නිසා යහතින් දිවි ගෙවන්නට නම් අපේ පරිසරය යම් දරා ගත හැකි පරාසයන් තුළ පවත්වා ගත යුතුයි.

මිහිතලය නම් ග‍්‍රහලෝකයට හා එහි සෙසු ජීවී-අජීවී සමස්තයට මානවයන් අවශ්‍ය නැහැ. අප ඇතත් නැතත් මේ ග‍්‍රහලෝකය පවතිනවා. එහෙත් අපේ වර්ගයාගේ පැවැත්මට හා සුරැකීමට ග‍්‍රහලෝකයේ ස්වාභාවික කි‍්‍රයාදාමයන් ප‍්‍රශස්ත පරාසයන් තුළ දිගට ම සිදුවීම අත්‍යවශ්‍යයි. නැතිනම් මානවයන්ගේ අනාගතය අසුබයි. අවිනිශ්චිතයි. පරිසරය ගැන අප ආත්මාර්කාමී විය යුත්තේ එනිසායි.

ශී‍්‍ර ලංකාවේ මුල් බැස ගෙන ඇති බහුල පාරිසරික මිථ්‍යාවන් විටින් විට විග‍්‍රහ කරන්නට මා බලාපොරොත්තු වනවා. ඔබේ ප‍්‍රියතම පරිසර මිථ්‍යාව කුමක් ද? ලියා එවන්න!

මිහිතල අම්මණ්ඩිට සුබ පරිසර දිනයක්!

Clarence Dass wins World TV Award – and his audience – at Asia Media Summit 2013

L to R - Moneeza Hashmi (Jury chair), Clarence Dass, Young-Woo Park (Regional Director, UNEP), Yang Binyuan (AIBD Director)
L to R – Moneeza Hashmi (Jury chair), Clarence Dass, Young-Woo Park (Regional Director, UNEP), Yang Binyuan (AIBD Director)

Fijian filmmaker and broadcaster Clarence Dass is a star at Asia Media Summit 2013 in Manado, Indonesia, this week.

First, he won the coveted World TV Award in the Science and Environment category, for his futuristic, dramatized film titled “A Day at the Beach” made for and broadcast by Fiji Broadcasting Corporation (FBC) TV.

That earned him US$ 5,000 prize money, a trophy and a certificate – as well as an all expenses paid trip to Manado, where he just collected them in front of 350 broadcast managers and professionals from across Asia Pacific.

To top it up, he then spoke passionately and articulately during a session on taking action for sustainable development: how can media help?

While TV productions are all team work, public speaking is a solo art. Coming last of five panelists and youngest among them, Clarence made the most perceptive and practical remarks of all.

I maybe a bit biased, because he is an alumnus of a regional training workshop on ozone and media issues that I helped conduct in February in Kuala Lumpur. At the end of that workshop, we asked all participants to go home and make short films to enter for this year’s World TV Award.

Clarence would have done well in any case. Now in his early 30s, he has been active in Fiji media since 2001, having started in newspapers as a music journalist, before moving onto radio presenting/producing and then TV production.

He is very digitally savvy, but as his panel remarks showed, also people savvy.

“Today, we have to produce media on-the-go for people who are constantly on the go,” he said. “We have to find ways to bring sustainable development elements into this.”

In “A Day at the Beach”, Clarence imagines a futuristic, climate ravaged Fiji and the Pacific in 2063. A young girl asks: did it have to be this way? Wasn’t there something earlier generations could do?

A bit evocative of The Age of Stupid movie (2009), which I had mentioned during our training. But it’s a universal theme.

Clarence offered some advice from his station’s experience. Key among them is to mix information with entertainment, so as to attract and sustain audiences who are constantly distracted these days.

“As Fiji’s national broadcaster, we provide info-tainment and edu-tainment programmes all the time,” he said.

Clarence Dass speaks on sustainable development how can media help at Asia Media Summit 29 May 2013
Clarence Dass speaks on sustainable development how can media help at Asia Media Summit 29 May 2013

Other nuggets of wisdom from the amiable Pacific islander:

* Always ask for whom we are creating content. Knowing and profiling our audience is essential.

* We must make our content engaging. We need to find the right level so our programming appeals to both between laymen and experts.

* Beware of using too many effects and gimmicks, which can dilute the message. How much creativity is too much? Every producer has to ask that question.

* Small scale broadcasters in developing countries have to make content interesting on very limited budgets. Funding is a huge issue. But if managed properly, limited funds can still be made to go a long way.

A Day at the Beach Trailer