
Malala Yousafzai, the Pakistani teenager turned activist, shared this year’s Nobel Peace Prize. She became the second Pakistani national in her country’s 67 year history as an independent state. Her Nobel has revived memories of the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: Dr Abdus Salam (1926 – 1996).
Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.
In this week’s Ravaya column (in Sinhala), I look at this illustrious South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world.
I interviewed Salam twice as a young reporter – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.
2014 සඳහා වන නොබෙල් සාම ත්‍යාගය දකුණු ආසියානු ජාතිකන් දෙදෙනෙකුට සම සේ හිමිව තිබෙනවා. එනම් ළමා වහල් සේවයට එරෙහිව දශක ගණනක් අරගල කරන ඉන්දියානු සමාජ ක‍්‍රියාකාරික කයිලේශ් සථ්‍යාර්ථි හා ළමයින්ට ඉගෙනීමේ අයිතිය උදෙසා ප‍්‍රබල හඬක් නගන පාකිස්ථානු දැරිය වන මලාලා යූසෆ්සායි.
මලාලාගේ සුවිශේෂත්වය වසර 113ක නොබෙල් ත්‍යාග ඉතිහාසයේ ත්‍යාගයක් ලද ලාබාලම පුද්ගලයා වීමයි. 2012 ඔක්තෝබරයේ පාකිස්ථානු තලෙබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලද ඇය, දැරියන්ට හා කාන්තාවන්ට අඩුවෙන් සළකන, ඉගෙනීමට තහංචි පනවන ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේ කථා කිරීම නතර කළේ නැහැ.
ස්ත‍්‍රී – පුරුෂ බව, සමාජ පසුබිම හෝ වෙනත් සාධක මත පදනම් නොවී සියළු දරු දැරියන්ට අධ්‍යාපනයට එක සමාන අයිතියක් ඇතැයි ද එය සාක්‍ෂාත් කර දීමට රජයන් හා ජන සමාජයට ලොකු වගකීමක් පැවරෙතැයි ද ඇය කියනවා.
බි‍්‍රතාන්‍ය ඉන්දියාව දෙකඩ කිරීමෙන් 1947 අගෝස්තුවේ බිහි වූ පාකිස්ථානයේ වසර 67ක ඉතිහාසයේ නොබෙල් ත්‍යාගයක් ලද දෙවැන්නා ඇයයි. එය මුලින්ම ලැබුවේ පාකිස්ථානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැළකෙන ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). ඔහු 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සමලාභියකු වූවා.
මලාලාගේ නොබෙල් ත්‍යාගය නිසා සලාම්ගේ චරිත කථාව ගැනත් යළි ලෝක අවධානය යොමුව තිබෙනවා. අහ්මදි නම් ඉස්ලාමීය නිකායට අයත් වීම නිසා සලාම් සිට උපන් රටේ බොහෝ කොන් කිරීම් හා අවමන්වලට ලක් වුණා. ඔහු නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු පවා ජන්මය පදනම් කර ගත් කැනහිලිකම් නතර වූයේ නැහැ. මැදහත් මතධාරී පාකිස්ථානුවන් මේ ගැන සිහිපත් කරන්නේ මහත් පශ්චත්තාපයෙන්.

අබ්දුස් සලාම් උපන්නේ 1926 ජනවාරි 29දා බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ සහිවාල් දිස්ත‍්‍රික්කයේ සන්තෝක්දාස් ගමේ. ඔහුගේ පියා පන්ජාබ් ප‍්‍රාන්තයේ අධ්‍යාපන නිලධාරියෙක්. ඔහු හැදුණේ වැඩුණේ අගහිඟකම් රැසක් මැද. පාඩම් කළේ ලාම්පු එළියෙන්. පළමු වරට විදුලි එළියක් දුටුවේ වයස 15දී.
ඉගෙනීමට ඉතා දක්‍ෂ වූ සලාම්, තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්වවල පිහිටෙන් ඉහළට උගත්තා. කලා හා විද්‍යා ක්‍ෂෙත‍්‍ර දෙකටම එක සේ ඇලූම් කළ හා දස්කම් තිබූ සලාම් ශිෂ්‍යයා වැඩිදුර ඉගෙනීමට භෞතික විද්‍යාව තෝරා ගත්තා. 1944දී ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවන උපාධිය ලබා ගන්නා විට වයස 18යි.
ඒ කාලයේ බොහෝ දෙමවුපියන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ දරුවන් සිවිල් සේවකයන් වනු දැකීමයි. පියාගේ ඇවිටිලි නිසා සලාම් ඉන්දීය දුම්රිය පරිපාලන සේවයට ඉල්ලූම් කළත් ඔහු තෝරා ගැනුනේ නැහැ. හේතුව ඇස් පෙනීමේ තිබු දුර්වලතා. සලාම් දරුවා කුඩාවියේ පටන් ඇස් කණ්ණාඩි පැළඳ සිටියා.
පන්ජාබ් සරසවියෙන් උසස් උපාධියකට උගන්නට පටන් ගත් සලාම්, 1946දී සමස්ත ඉන්දියාවේම සිසුන් සමග තරග කොට විදේශ ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ සාන්ත ජෝන් කොලීජියට ඇතුළු වුණා.
කේම්බි‍්‍රජ් සරසවියේ ගණිතයට හා භෞතික විද්‍යාවට ලොව පළමු පෙලේ දේශකයන් යටතේ උගත් ඔහු 1951දී සෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් (theoretical physics) ආචාර්ය උපාධියක් ලැබුවා. එවිට වසය 25යි. ඒ වන විටත් විද්‍යාත්මක නිබන්ධන ලිවීම හරහා ලෝකයේ කැපී පෙනෙන තරුණ භෞතික විද්‍යාඥයකු බවට ඔහු ප‍්‍රකට වී සිටියා.
සලාම් කේම්බි‍්‍රජ් හි ගත කළ 1946-1951 පස් වසරක කාලය තුළ මවු රටෙහි ලොකු පෙරළි සිදුවුණා. බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් දේශපාලන නිදහස ලැබූ භාරතය පාකිස්ථානය හා ඉන්දියාව ලෙස රටවල් දෙකක් බවට පත්වුණා. 1951දී සලාම් ආපසු ආවේ පාකිස්ථානයටයි.
කෙටි කලක් ලාහෝරයේ රජයේ කොලිජියක ගණිතය උගැන් වූ ඔහු 1952දී පන්ජාබ් සරසවියේ ගණිත විද්‍යා අංශයේ ප‍්‍රධානියා වුණා. ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා පර්යේෂණායතනයක් එරට පිහිටුවන්නට ඔහුට ඕනෑ වුණත් එයට අවශ්‍ය සම්පත් තිබුණේ නැහැ.
එසේම වැඩි වැඩ කිරීමට නොයන ලෙස සෙසු සරසවි ඇදුරන් ඔහුට නිතර අවවාද කළා. ලෝකයේ විද්‍යා පර්යේෂණ පත‍්‍රිකා හා සඟරා බොහෝමයක් එරටට නොලැබීම නිසා තම විෂය ක්‍ෂෙත‍්‍රයේ ලිංමැඩියකු වීමේ අවදානමක් ද ඇති බව සලාම් තේරුම් ගත්තා.
1953දී අහ්මදියා භක්තිකයන් ඉලක්ක කළ ප‍්‍රචණ්ඩ කෝලාහල ලාහෝරයේ හට ගත්තා. ටික දිනකින් හමුදාව තත්ත්වය සමනය කළත් 200 දෙනකු පමණ මිය ගොස් බරපතල දේපළ හානි ද සිදු වුණා. මේ සිද්ධියෙන් ටික දිනකට පසු සලාම් නැවතත් කේම්බි‍්‍රජ් සරසවියට ගියා. එහි ගණිතවිද්‍යා මහාචාර්ය වුවා.
1957දී ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්ය ධූරයට පත් ඔහු 1959දී රාජකීය සමිතිය නම් ඉතා ඉහළ මට්ටමේ බුද්ධිමතුන්ගේ එකතුවේ අධිසාමාජිකත්වය පත් කරගනු ලැබුවා. එවිට වයස 33යි.

ඇල්බට් අයින්ස්ටයින්ගේ සිට ලොව ප‍්‍රමුඛ භෞතික විද්‍යාඥයන්ට කලෙක සිට ඕනෑ වූයේ භෞතික විද්‍යාවේ මූලික බලයන් සතරම එක් වී එකීකෘත බල ක්‍ෂෙත‍්‍රයක් (Unified Field) බිහි වේද යන්න සොයා බලන්නයි. මෙය ක්වන්ටම්වාදය සම්බන්ධ වන සංකීර්ණ විෂය පරාසයක්.
අයින්ස්ටයින් මිය ගියේ 1955දී. ඔහු නතර කළ තැනින් මේ චින්තන ගවේෂණ ඉදිරියට ගෙන යාමට මුල් වූ භෞතික විද්‍යාඥයන් අතර සලාම් කැපී පෙනුණා. විද්‍යුත්චුම්භක බලය හා දුර්වල බලය (electromagnetic force and weak force) යන දෙක අන්තර්ක‍්‍රියා කිරීම පිළිබඳ පර්යේෂණ කළ ඔහු එය අවබෝධ කර ගැනීමට ආකෘතියක් යෝජනා කළා (Standard Electroweak Theory, or ‘Standard Model’).
1950-60 ගණන්වල මතු කළ මේ සෙද්ධාන්තික අදහස්ල අත්හදා බැලීමේ මට්ටමින් තහවුරු කෙරුණේ 1973දී යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) මගින්.
සලාම්ට සමාන්තරව මේ පර්යේෂණ කළ තවත් භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු සිටියා. එනම් ස්ටීවන් වයින්බර්ග් හා ෂෙල්ඩන් ලී ග්ලැෂෝ (Steven Weinberg, Sheldon Lee Glashow). වෙන වෙනම වැඩ කළත් එකම සොයාගැනීමට ලඟා වූ මේ තිදෙනාට 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සම සේ පිරිනැමුණා.
ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයකු වුව ද සලාම් ජීවිත කාලය පුරාම නිහතමානී වුවා. එසේම තම සංස්කෘතික උරුමය අගය කළා. තම ඉස්ලාමීය දැක්ම හා පන්ජාබීය පසුබිම කිසිදා අමතක කළේ නැහැ.
මේ නිසා 1979 දෙසැම්බර් 10 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී එරට රජුගෙන් නොබෙල් ත්‍යාගය පිළිගන්නට සලාම් පන්ජාබීය ඇඳුම් කට්ටලයකින් සැරසී සාම්ප‍්‍රදායික තලප්පාවක් ද පැළඳ ගියා. එසේම සම්මානලාභී දේශනයේදී උර්දු කාව්‍යයන් හා ශුද්ධ කුරානයේ උධෘතයන් ඇතුළත් කළා.

1954 සිට පාකිස්ථානයෙන් පිටත බොහෝ කල් ගත කළත් ඔහු මවු රට සමග සබඳතා දිගටම පවත්වාගෙන ගියා. 1961 සිට 1974 දක්වා පාකිස්ථානු ජනධිපතිවරයාගේ ප‍්‍රධාන විද්‍යා උපදේශක වූ ඔහු පාකිස්ථානු න්‍යෂ්ටික බලශක්ති කොමිසමේ සාමාජිකයකු ද වූවා. එරට විද්‍යා කොමිසමේ ද සිටියා.
1957දී අභ්‍යවකාශ යුගය ඇරැඹී කෙටි කලෙකින් එම තාක්‍ෂණය දියණුවන රටවලට ප‍්‍රයෝජනවත් වන සැටි දුර දක්නා නුවණින් වටහාගත් ඔහු 1961දී පාකිස්ථානයේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩපිළිවෙලක් ඇරැඹීමට මුල් වුණා. ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ පාකිස්ථානයයි. (2014 අගෝස්තු 10 වනදා කොලම ද බලන්න.)
සලාම්ගේ පාකිස්ථානු විද්‍යා කටයුතු සියල්ල සිවිල් මට්ටමේ පැවතුණත් සමහරුන් කියන්නේ ඔහු එරට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට හමුදාවත් සමග රහසිගතව කටයුතු කළ බවයි. මේ ගැන තොරතුරු තහවුරු කර ගැනීම අපහසුයි.
දේශීය විද්‍යා පර්යේෂණ දියුණු කිරීම පිළිබඳ නිසි දැක්මකින් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළ සලාම්ට පෙරදිග විද්‍යාව හා බටහිර විද්‍යාව යයි කෘති‍්‍රම බෙදීමක් තිබුණේ නැහැ. ඔහු විද්‍යා උපදේශකව සිටි කාලය තුළ දක්‍ෂ තරුණ පාකිස්ථානු විද්‍යාඥයන් 500 දෙනෙකුට වඩා අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉහළම පෙළේ සරසවිවල ආචාර්ය උපාධිය ලබා ගන්නට ශිෂ්‍යත්ව මත යැවූ බව ඔහුගේ සමීප මිතුරකු වූ ඉෂ්ෆාක් අහමඞ් කියනවා.
සලාම් පාකිස්ථානු රජය සමග තිබූ සබඳතා නතර කළේ 1974දී අලි භූතෝ අගමැතිවරයාගේ රජය කාලයේ අහ්මදිවරුන් ඉස්ලාම් භක්තිකයන් නොවේ යයි නව නීතියක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පසුවයි. 1974න් පසු ඔහුගේ පදිංචිය ලන්ඩන් නුවරට මාරු කළා. එහෙත් පාකිස්ථානු සරසවි හා විද්වත් සංගම් සමග ඔහු දිවි ඇති තුරු සබඳතා පවත්වා ගත්තා.
දියුණුවන රටවල දිගටම රැඳී සිටිමින් දුෂ්කරතා මැද පර්යේෂණ කරන විද්‍යාඥයන් ලොව නව දැනුම් සමුදයට වඩා සමීප කරන ක‍්‍රමෝපායක් 1964දී සලාම් ඇරඹුවා. එනම් ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ලෝක කේන්ද්‍රයයි (International Center for Theoretical Physics, ICTP). එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝව හා න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය IAEA සමග එක්ව ඉතාලි රජයේ අනුග‍්‍රහයෙන් ඇරැඹූ මේ කේන්ද්‍රය ඉතාලියේ ටි‍්‍රයෙස්ට් නුවර පිහිටුවනු ලැබුවා.
ICTP යනු උපාධි පිරිනමන සරසවියක් නොවෙයි. එහි ගුරුන් හා සිසුන් යයි බෙදීමක් නැහැ. එහි එන්නේ වසර කිහිපයක් වෘත්තීය අත්දැකීම් ඇති, ශාස්ත‍්‍රගවේෂී විද්‍යාඥයෝ. ලොව විවිධ රටවලින් එන තම ක්‍ෂෙත‍්‍රයේම විද්වතුන් සමගත්, වෙනත් ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් සමගත් දැනුම හුවමාරු කර ගන්නට හා තම විෂයට අදාල අලූත්ම පර්යේෂණ නිබන්ධන කියවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙහි එන විද්‍යාඥයෝ සති කිහිපයක් හෝ උපරිම මාස 3ක් ගත කර ආපසු සිය රට යා යුතුයි.
සලාම්ට නොබෙල් ත්‍යාගයට අමතරව ලොව නන් දෙසින් ගෞරව ආචාර්ය උපාධි, සම්මාන හා ත්‍යාග රැසක් ලැබුණා. ඔහු රටවල සංචාරය කරන විට රාජ්‍ය නායකයකු තරම් ගරු සරු ඇතිව පිළිගනු ලැබුවා. ජිනීවා නුවර මහාමාර්ගයක් ඔහු නමින් නම් කොරුණා. තම රටේ විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාග ලැබීමට ගුරුහරුකම් ලබා දෙන ලෙස කොරියානු රජය ඔහුගෙන් ඉල්ලා සිටියා.
එහෙත් ආගමික අන්තවාදය නිසා පාකිස්ථානයේ ඔහුගේ ආරාධිත දේශනවලට ප‍්‍රචණ්ඩත්වයේ තර්ජන එල්ල වුණා. මේ තර්ජන නිසා ඔහුට ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමට ඇරැයුම් කිරීමට එරට සරසවි බිය වුණා.
We are sorry, Dr Abdus Salam! By Nayyar Afaq, The Express Tribune, Pakistan: 21 November 2013
පාකිස්ථාන සම්භවය ඇති විද්‍යා ප‍්‍රතිපත්ති විශේෂඥයකු වන අතාර් ඔසාමා කියන්නේ අබ්දුස් සලාම් තෙවන ලෝකයේ අයින්ස්ටයින් වූ බවයි. ඔහුට පාකිස්ථානයේ කෙසේ වෙතත් ලොව වෙනත් බොහෝ රටවල නම් නොමද ගෞරවය ලැබී තිබෙනවා.
මෙය විග‍්‍රහ කරන පාකිස්ථානු බුද්ධිමතකු වන අදිල් නජාම් කියන්නේ කෙටි කාලීන පටු දේශපාන වාසි තකා ගෙන අහ්මදිවරුන් හෙළා දැකීමේ අලිභූතෝ රජයෙ ප‍්‍රතිපත්තිය එයට මුල් වූ බවයි. අහමදි විරෝධය කෙතරම් පැතිර ගියාද කිවහොත් පසුව ආ පාලකයන්ට එය නතර කළ නොහැකි වුණා.
1996 නොවැම්බර් 21 දා සලාම් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නුවරදී මිය ගියා. ඔහු ඉල්ලා සිටි පරිදි දේහය පාකිස්ථානයට ගෙන යනු ලදුව පන්ජාබයේ ඔහුගේ දෙමවුපියන් ද මිහිදන් කළ අහ්මදි සුසාන භූමියක තැන්පත් කරනු ලැබුවා.
”මෙහි සැපවෙන්නේ ඉස්ලාම් ලෝකයේම මුල්ම නොබෙල් ත්‍යාගලාභියාය” යන වැකිය ඔහුගේ සොහොන් කොතේ අනුගාමිකයන් විසින් සටහන් කළත් ටික කලකට පසු ඉල්ලාම් යන වචනය කටු ගා දමා තිබෙනවා.
මෑත වසරවල පාකිස්ථානයේ බුද්ධිමතුන් ටික දෙනෙකු ප‍්‍රබල හඬක් මතු කරමින් කියන්නේ කල් ගත වී හෝ අබ්දුස් සලාම්ට උපන් රටේ නිසි ගෞරවය ලබා දිය යුතු බවයි. එහෙත් දේශපාලන කල්ලිවාදයට හා ආගමික අන්තවාදයට හසුව නිතිපතා කැළඹීලි සමග වෙසෙන පාකිස්ථානු ජනතාවට මෙයට විරාමයක් නැති පාටයි.
A letter from Dr Abdus Salam to Malala, Dawn newspaper, Pakistan. 11 Oct 2014
