Prof Anil K Gupta rekindles the innovative spirit of Ray Wijewardene

Prof Anil K Gupta lights oil lamp in front of Ray Wijewardene photo before delivering Inaugural Ray Lecture in Colombo, 13 Dec 2011 - photo by Ruveen Mandawala

Ray Wijewardene was a man well ahead of his time, which might explain why he was not better understood and appreciated. He was also a systemic thinker who went to the root of problems and looked for elegant and efficient ways of solving them. He was not mesmerised by technology alone.”

With these words, an eminent Indian scholar paid tribute to the late Ray Wijewardene (1924 – 2010), whose website I helped design and launch a few weeks ago.

Dr Anil Kumar Gupta, a Professor at the Indian Institute of Management (IIM) in Ahmedabad, India, and Founder of the Honey Bee Network, spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality” at the Institution of Engineers Sri Lanka (IESL) on 13 December 2011.

The IESL auditorium was packed to capacity, with more people standing and spilling over to the corridor. Anil Gupta gave an engaging talk that makes him the subcontinent’s foremost innovation-spotter. With inspiring examples and illustrations, he emphasized that grassroots innovations can provide a new ray of hope — provided we let them grow.

The lecture was organised by IESL and the Ray Wijewardene Charitable Trust (RWCT), set up to promote Ray’s legacy, and committed to nurturing innovation in Sri Lanka.

The Trust made an auspicious start by inviting Anil Gupta to deliver the first lecture in Ray’s memory. Gupta and Wijewardene were kindred spirits who stayed in touch over the years across the Palk Strait.

“It is a privilege for me and the Honey Bee Network to be invited for a lecture in honour of such an illustrious innovator, social change activist and thought leader of our sub-continent, and indeed the entire developing world,” Professor Gupta said when I first reached out to him a few months ago to invite for the lecture.

More coverage of the talk itself will follow, both on this blog and on Ray website.

17 Dec 2011: 3 Idiots and Honey Bee Network launch India’s Grassroots Innovators into New Orbit

The Nation, 18 Dec 2011: Anil Gupta’s Advice: Unleash Sri Lanka’s Grassroots Innovators!

Prof Anil Gupta delivers inaugural Ray Wijewardene memorial lecture in Colombo, 13 Dec 2011 - Photo by Ruveen Mandawala

Anil K Gupta is an unusual professor who walks the talk — and walks through the villages and slums of India in search of innovation. His mission is to ensure that grassroots innovators receive due recognition, respect and reward for their bright ideas. He also seeks to embed an innovative ethic in educational policy and institutions.

He founded the Honey Bee Network in 1986-87 “to promote a fair and responsible knowledge ecosystem”, where innovators can benefit by sharing their ideas. In the 1990s, he set up the Society for Research and Initiatives for Sustainable Technologies and Institutions (SRISTI) and Grassroots Innovation Augmentation Network (GIAN) both of which support the Honey Bee Network to scale up and convert grassroots innovations into viable products.

All three entities are partners of the National Innovation Foundation (NIF India), an autonomous body under the Department of Science and Technology in India. Since 2000, NIF has mobilized more than 160,000 innovations and traditional knowledge practices from all over India, and now holds the largest database of its kind in the world. Professor Gupta is Executive Vice Chair of the NIF, and is also a member of the National Innovation Council of India.

More images at http://www.facebook.com/RayWijewardene

සිවුමංසල කොලූගැටයා #44: HIV ආසාදිතයන් වැළද ගන්නා නේපාලය

In my latest column written for Ravaya newspaper on 11 Dec 2011, I question why people living with HIV in Sri Lanka face such a high level of stigma and discrimination irrespective of their educational level and social class. The perpetrators of such discrimination also come from all strata in society: doctors and healthcare workers are among them. I recall the bitter experience of pediatrician Dr Mrs Kamalika Abeyaratne, the first Lankan to publicly acknowledge her HIV status, who stood up and spoke out for the rights of those living with HIV in Sri Lanka.

I then contrast the Sri Lanka situation with that in Nepal, where the communities have gradually come around to accept those living with HIV. What cultural, social and other factors enabled such a transformation? I draw from a 2002 documentary called Love for a Longer Life, made by Nepali film maker Durba Basnet, which I earlier blogged about.

Lakshmi Lama at her tea shop in Ratomate, central Nepal

පසුගිය සතියේ HIV/AIDS සහ මෙරට මාධ්‍ය වාර්තාකරණය ගැන මගේ විග්‍රහයට එක් ප්‍රතිචාරයක් ලැබුණේ මාධ්‍ය ක‍ෂත්‍රයේ ම දිගු කලක් අත්දැකීම් ඇති, මැදහත් මතධාරියකු සේ මා සළකන කෙනකුගෙන්. ඔහු මගේ විග්‍රහය පිළි ගන්නා අතර බහුතරයක් මාධ්‍යවේදීන් හා කතුවරුන් HIV ආසාදිතයන් ගැන දක්වන ආකල්පය සමස්ත ලක් සමාජයේ ම ආකල්පවල පිළිබිඹුවක් බවට තර්ක කළා. ඔහු කියන්නේ සමාජයේ තිත්ත ඇත්ත, ඇති සැටියෙන් හසු කර ගන්නා මාධ්‍යවලට දොස් තබනවා වෙනුවට එයට අදාල සමාජ තත්ත්වයන් ගැන අවධානය යොමු කළ යුතු බවයි.

බොහෝ විට අපේ මාධ්‍යවලින් පෙන්නුම් කරන්නේ මෙරට පොදු සමාජයේ සිතුම් පැතුම්, භීතිකා හා ආශාවන් බව ඇත්තයි. එහෙත් අන්තවාදී මත දැක්වීමට හා කතුවරුන්ගේ පෞද්ගලික සුචරිතවාදය පොදු මතයක් බවට පත් කිරීමට නම් මා එකග වන්නේ නැහැ.

HIV සමග ජීවත් වන බහුතරයක් ලාංකිකයන් තම සැබෑ තත්ත්වය රහසිගතව පවත්වා ගන්නේ මේ වයිරසය ගැන අපේ සමාජයේ මුල බැස ගෙන ඇති දරුණු අපකීර්තිය නිසායි. සමාජ මට්ටම් හෝ උගත්කම් හෝ අනුව මේ අපකීර්තිය වෙනස් නොවන බව ද පෙනී යනවා.

2011 නොවැම්බර් 13දා රාවය 18 වන පිටුවේ පළ වූ ප්‍රින්සි මංගලිකා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව කියවන්න. HIV සමග ජීවත් වෙමින් එම තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගන්නා ලාංකිකකයන් අතලොස්ස අතරට ප්‍රින්සි ද අයත්. ඇය Positive Women’s Network නම් ස්වෙච්ඡා ආයතනය හරහා HIV සමග ජීවත් වන අයගේ සුබසිද්ධිය තකා වැඩ කරන ක්‍රියාකාරිනියක්.

ඇගේ අනුවේදනීය කථාවේ දරුණුතම පැතිකඩ නම් ඇගේ HIV තත්ත්වය පරීක‍ෂා කළ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ම රහසිගත තොරතුර ඇගේ ගමට කාන්දු වීම හා එයින් පසු හට ගත් අමානුෂික ප්‍රතිචාරයයි. අපරාධකරුවන් ලෙස හංවඩු ගසා කොන් කිරීමට ලක් වන ඇයගේ පවුලට ගේදොර ගම් අතහැර දමා යන්නට සිදු වුණා. ඒ 2001දී. 2005 HIV මාධ්‍ය වැඩමුළුවකදී මා ප්‍රින්සි මුණ ගැසෙන විට ඇය HIV ක්‍රියාකාරිනියක් වී සිටියා. එදා වැඩමුළුව අමතා වෛද්‍ය විශේෂඥයන් හා සන්නිවේදකයන් ද කථා කළත් ඉතා ම සංවේදී හා හෘදයංගම කථාව කළේ ඇයයි.

ප්‍රින්සිගේ කථාවට සමාන්තර අත්දැකීම් ලැබූ HIV ආසාදිතයන් මෙරට සිටිනවා. මෑතදී අසන්නට ලැබුණේ ඩෙංගු රෝගය නිසා රෝහල් ගත කෙරුණු 15 හැවිරිදි දැරියකට රෝහලේදී HIV මිශ්‍ර වූ රුධිරය දීමෙන් ඇය HIV ආසාදිත වූ සැටියි. දැන් ඇයත් සමග පන්තිකාරයේ සිටින්නට අනෙකුත් දැරියන් (හා ඔවුන්ගේ දෙමවුපියන්) අදිමදි කරනවා. පාසල් වෑන් රියක ඇයට යන්නට බැහැ. සාමාන්‍ය ස්පර්ශයෙන් බෝ විය නොහැකි HIV වයිරසයට ලක් සමාජය මෙතරම් බිය ඇයි?

මේ තත්ත්වය දැනුවත්කම හා අධ්‍යාපනික මට්ටම් ඉහළ යාමෙන් පමණක් වෙනස් වන්නේද නැහැ. වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක සේවිකාවන් ඇතැම් දෙනාත් ්‍යෂඪ භීතිකාව කරපින්නා ගත් අයයි.

තමන්ගේ HIV තත්ත්වය විවෘතව හා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ ප්‍රථම ලාංකිකයා වුයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියයි (1934 – 2004). දරුණු රිය අනතුරකට ලක් වීමෙන් තුවාල ලබා ප්‍රතිකාර කිරීමේදි රජයේ ප්‍රධාන රෝහලකදී HIV මිශ්‍ර වූ රුධිරය දීමෙන් ඇය ආසාදිත වුණා. මේ ප්‍රශ්නය ගැන මාධ්‍ය හා ජන සංවිධාන හරහා සංවාදයක් ගොඩ නංවන්නට ඇය මහත් කැපවීමෙන් ක්‍රියා කළා.

2006දී පළ වූ ඇගේ චරිත කතාවේ (A Life in the Round) විස්තර කැරෙන ආකාරයට ඇගේ HIV ආසාදනය ප්‍රකට වු පසු එයට දරුණු ම ප්‍රතිචාරයන් ලැබුණේ වෛද්‍යවරුන්ගෙන්. ඔවුන් බහුතරයක් ඇය හා වෛද්‍යවරයකු වූ ඇගේ සැමියා ඇසුරු කිරීම නවතා දැමූවා. ඇතැම් වෛද්‍යවරු ඇගේ චරිතය ගැන අසත්‍ය හා අභූත චෝදනා එල්ල කළා. වෛද්‍යවරුන් සමහරකගේ ආකල්පය මෙය නම්, සෙසු ජන සමාජය ගැන කවර කථා ද? HIV ආසාදිත අයට වෛද්‍ය උපදෙස් දීමට හා ප්‍රතිකාර කිරීමට දැඩි සේ මැලි වන සෞඛ්‍ය සේවක සේවිකාවන් ගැන විටින් විට වාර්තා වෙනවා.

අපේ රටේ මේ අවාසනාවන්ත තත්ත්වය පවතින අතරේ දකුණු ආසියාවේ අධ්‍යාපන හා සමාජ සංවර්ධන දර්ශකයන් අතින් අපට වඩා බොහෝ සේ පිටුපසින් සිටින නේපාලයේ HIV පිළිබද මහජන ආකල්පය වෙනස් වී තිඛෙනවා. මේ උදාහරණ කිහිපය සළකා බලන්න.

රජීව් කෆ්ලේ (Rajiv Kafle) HIV සමග ජීවත්වන, ඒ ගැන විවෘතව කථා කරන නේපාල තරුණයෙක්. ඔහුට HIV ආසාදනය වුණේ ‘කොලූකමට මත්ද්‍රව්‍ය අත්හදා බලන්නට ගිහින්’ HIV ආසාදිතයකු පාවිච්චි කළ එන්නත් ඉඳිකටුවක් හරහා. ඒ බව දැන ගත් පසු රජීව් කළේ තම HIV තත්ත්වය ප්‍රසිද්ධ කළ මුල් ම නේපාල ජාතිකයා බවට පත් වීමයි. තමන් ඒ තත්ත්වයට පත් කළ නොදැනුවත්කමට එරෙහිව සිය ජීවිතය කැප කිරීමයි. ඔහු පාසල් හා විශ්ව විද්‍යාලවලට ගොස් ඒවායේ බලධාරීන්ගේ ඇරයුමින් HIV/AIDS ගැන දේශන කරනවා. HIV ගැන පොතෙන් උගත් වෛද්‍යවරයකුට වඩා විශ්වාසනීය හා සමීප ලෙසින් ඒ ගැන කථා කරන්නට ඔහුට කුසලතාව තිඛෙනවා. ඛෙහෙවින් ගතානුගතික නේපාල සමාජයේ මෙය ඉදිරි පිම්මක්.

රජීව්ගෙන් පසු තමන්ගේ HIV තත්ත්වය ප්‍රසිද්ධියේ කියා සිටීමට තවත් නේපාල ජාතිකයන් පෙළඹුණා. ඔවුන්ට HIV ආසාදනය සිදු වූ ආකාරය එකිනෙකට වෙනස්, සමහර කාන්තාවන් බලහත්කාරයෙන් ඉන්දියාවට පැහැරගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීම නිසා ආසාදිත වුණා. දෙවසරක් මුම්බායි නගරයේ සිර වී සිටි බූනා ලාමා (Buna Lama) HIV ආසාදිත යයි දැන ගත් විට ඇගේ ලිංගික ජාවාරම්කරුවන් මුදා හරිනු ලැබුවා. දැන් ඇය නේපාලයේ නගර හා ගම්වල සැරිසරමින් කාන්තාවන්ට HIV පිළිබද තතු කියා දෙනවා. එමෙන්ම HIV සමග වසන අයට මානසික සහනය ලබා දෙන ආකාරයත්, සෙසු ප්‍රජාව ඔවුන්ට බද්ධ විය යුතු සැටි ගැනත් උපදෙස් දෙනවා.

HIV/AIDS ගැන මෙසේ විවෘතව කථා කිරීමට හැකි වීම පවා ගතානුගතික නේපාල සමාජයට (සාපේක‍ෂව) අළුත් දෙයක්. අගහිගකම් හා පසුගාමීත්වය ඉස්මතු වූ සමාජයක HIV ගැන චින්තන විප්ලවයක් ඇති වූයේ කෙලෙස ද?

HIV සමග ජීවත්වන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් සමාජයෙන් කොන් කිරීම වෙනුවට ඔවුන්ට ආදරයෙන්, කරුණාවෙන් හා සුහදත්වයෙන් සැළකීමට නේපාලයේ සාමාන්‍ය ජනතාව ටිකෙන් ටික හුරු වී තිඛෙනවා. මෙය ක්‍රම ක්‍රමයෙන් ඇති වූ ආකල්පමය වෙනසක්.

මධ්‍යම නේපාලයේ රතොමාටේ (Ratomate) නම් ගමක් තිඛෙනවා. ගමේ තේ කඩය එහි කේන්ද්‍රස්ථානයක්. තේ කඩ හිමියාත්, ඔහුගේ දියණියත් එහි වැඩ කරනවා. එහෙත් ගමේ වැඩි දෙනකුගේ මනාපය ඇත්තේ ලක්ෂ්මී ලාමා හදන තේ කෝප්පයටයි. ‘අපේ අය කැමති හොදට කහටට තේ බොන්නටයි. තාත්තා හදන තේවලට වඩා මගේ තේ රසවත් බව හැමෝ ම කියනවා’ ලක්ෂ්මී කියන්නේ අහිංසක උද්දාමයකින්.

ලක්ෂ්මී HIV සමග වාසය කරන නේපාල කාන්තාවක්. ඇගේ HIV තත්ත්වය ගමේ අය දන්නවා. එය ඇයට උරුම වුණේ ලාබාල වියේදී බලහත්කාරයෙන් ඇය ඉන්දියාවේ වාණිජ ලිංගික කර්මාන්තයට ගෙන යාම නිසා. වසර තුනකට පසු ඇය ආපසු ආවේ HIV ආසාදිත බව නොදැනයි. අළුත් ජීවිතයක් අරඹන්නට සිතා ගෙන ඇය විවාහ වුණත් සෞඛ්‍ය සේවිකාවක් කළ රුධිර පරීක‍ෂණයකින් ඇගේ HIV තත්ත්වය සොයා ගනු ලැබුවා. ඒ තොරතුර ගමේ පැතිරුණු විට මුලදී ගමේ සැවොම ඇය හා දෙමවුපියන් කොන් කළත්, කල් ගත වන විට මේ ආකල්පය වෙනස් වුණා.

ලක්ෂ්මීට සිය පියාගේ තේ කඩයේ වැඩ කරමින් තමන්ටත් පවුලටත් ප්‍රයෝජනවත් ලෙස කල් ගෙවන්නට හැකි වී ඇත්තේ ප්‍රජාවගේ ආකල්පමය වෙනස නිසායි. ලක්ෂ්මී අතින් හදන තේ කෝප්පය හරහා HIV වයිරසය කිසි ලෙසකින් පැතිරිය නොහැකි බව දැන් ඇගේ ගම් වැසියන් දන්නවා. ඇය මුණ ගැසී කථා බහ කිරීමෙන් හෝ සමාජ සබදතාවලින් හෝ තමන්ට කිසිදු අවදානමක් නැති බව ඔවුන්ට පසක් වී තිඛෙනවා. “ඇයට අවශ්‍ය අපේ ආදරය හා සැළකීමයි. ඒවා ලැබුණොත් තව කලක් ඇයට ජීවත් වන්නට පුළුවන්” අසල්වැසියකු වන කුමාරි ශ්‍රේෂ්තා කියනවා.

මේ නේපාල ජාතිකයන් හමු වන්නේ ජීවමාන චරිත නිරූපණය කැරෙන, ඔවුන්ගේ අවසරය ඇතිව 2002දී නිර්මාණය වූ Love for a Longer Life නම් වාර්තා චිත්‍රපටයකයි. එය අධ්‍යක‍ෂණය කළේ සංවේදීව නේපාල ප්‍රශ්න විග්‍රහ කිරීමේ කුසලතාව ඇති නේපාල ජාතික දුර්බා බස්නෙට් (Dhurba Basnet). ආසියාවේ දියුණුවන රටවල සංවර්ධන අභියෝග හා අර්බුදවලට සිවිල් සමාජය ප්‍රතිචාර දක්වන හැටි නිරූපනය වන Truth Talking නම් වූ වාර්තා චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක්.

මෙබදු ජන ආකල්ප වෙනසක් සිදු වන්නේ කෙසේ ද? එයට උපකාර වන සමාජ සාධක මොනවා ද? දුර්බා වරක් මා සමග කීවේ HIV ආසාදිතයන්ට ගැරහීම නේපාල ජන මාධ්‍ය ද කරමින් සිටි බවයි. සානුකම්පිතව HIV ආසාදිතයන්ගේ අදහස් විමසමින් ඔවුන්ට සවන් දීමට සමාජ විද්‍යාඥයන් හා සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනකු පෙරට විත් තිඛෙනවා. මේ නිසා HIV පිළිබදව වඩාත් විවෘත වූත්, හරවත් වූත් සමාජ සංවාදයක් 1990 දශකය අගදී හා 2000 දශකය මුලදී ඇති වූ බව ඔහු කියනවා. එවකට එරට HIV සමග ජීවත් වන සංඛ්‍යාව 50,000ක් වූ අතර 2008 වන විට එම සංඛ්‍යාව 70,000ක් බව නේපාල රජය අනුමාන කළා.

බහුතර හින්දු භක්තික නේපාල සමාජයේ මෙබදු විපර්යාසයක් හට ගත හැකි නම්, උදේ සවස පිරිත් කියන, මෙත්තා-මුදිතා-කරුණා-උපේක‍ෂා ගැන නිරතුරුව කථා කරන ලංකාවේ HIV චින්තන වෙනසක් කවදා ඇති වෙයි ද?

චිත්‍රපටය නරඹන්න:

සිවුමංසල කොලූගැටයා #43: HIV වයිරසයටත් වඩා දරුණු AIDS හංවඩුව

HIV communication needs media partnership - image courtesy Panos South Asia

On this blog, I have written regularly about challenges in communicating on HIV/AIDS through media and non-media methods. To mark World AIDS Day 2011, and 30 years since the discovery of AIDS, I have devoted this week’s (Sinhala) Sunday column in Ravaya newspaper to the topic of HIV/AIDS coverage in the Lankan mass media. I have drawn heavily from a 1999 handbook on HIV/AIDS communication written by my good friend Dr Vinya Ariyaratne, a specialist in community medicine, but the opinions are all mine.

“ඒඩ්ස් ගොඩට තව 114ක් එකතු වෙලා!”

මේ මෑත දී ඇරැඹුණු ජාතික පුවත්පතක මංගල කලාපයේ මුල් පිටුවේ පුවත් සිරස්තලයක්. ගෙවී මාස කිහිපය තුළ මෙරට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 114ක් බව, ඒ වාර්තාවේ ආරම්භයේදී ම කියනවා. මේ සංඛ්‍යාවෙන් ඔබ්බට යන කිසිදු විග්‍රහයක් එහි තිබුණේ නැහැ. බැලූ බැල්මට පෙනෙන්නේ එය උද්වේගකාරී වාර්තාකරණයට තවත් උදාහරණයක් බවයි. එමෙන්ම ‘ඒඩ්ස් රෝගීන්’ අහසින් කඩා නොවැටෙන බව මේ වාර්තාකරු නොදන්නවා විය යුතුයි.

HIV සමග ජීවත් වන බහුතරයක් අයට AIDS රෝග ලක‍ෂණ පහළ වී නැහැ. HIV ශරීරගත වීමෙන් පසු වසර හෝ දශක ගණනක් ජීවත්වීමේ හැකියාව අද වන විට වෛද්‍ය විද්‍යාත්මකව ලබා ගෙන තිඛෙනවා. එහෙත් ඒ සදහා නිතිපතා Anti Retro Viral (ARV) ඖෂධ ගැනීම අවශ්‍යයි. බොහෝ දියුණු වන රටවල අඩු ආදායම් ලබන HIV ආසාදිතයන්ට මේ ඖෂධ ලබා දෙන්නේ රජයේ වියදමින්.

මේ මූලික දැනුම පවා නොමැතිව, නොඑසේ නම් ඒ ගැන නොතකා, කරන මාධ්‍ය වාර්තාකරණය සිංහල මෙන් ම ඉංග්‍රීසි පුවත්පත්වලත් තවම දැකිය හැකියි. මෙරට සම්මාන දිනු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක ද මෙයට සමාන ආකාරයේ වචන යෙදීමක් හා ජනතාව කලබලයට පත් කළ හැකි වාර්තාකරණයක් මීට සති කිහිපයකට පෙර මා දුටුවා.

HIV/AIDS මුල්වරට මෙරටින් වාර්තා වී වසර 25 කට පසුව පවා මෙබඳු අසංවේදි හා වගකීමෙන් තොර මාධ්‍ය වාර්තාකරණයක් සිදු වනු දැකීම කණගාටුදායකයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන HIV ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හා සංවේදී කිරීමේ වැඩමුළු විශාල සංඛ්‍යාවක් පවත්වා තිඛෙනවා. මේ විෂය ආවරණය කරද්දී මාධ්‍යවේදීන්ට ඇති ගැටළු හා අභියෝග ගැන විවිධ සංවාදවලට මා ද සහභාගි වී තිඛෙනවා. එහෙත් කොයි තරම් මහන්සි වී වෙස් බැන්දත් පෙරහැර යන විට තවමත් පරණ පුරුදු හා අවිචාරශීලි ආකල්ප මතු වන බවක් පෙනෙනවා.

AIDS රෝගය මුලින් ම වාර්තා වී වසර තිහක් ගත වී තිඛෙනවා. අමෙරිකාවේ මුල් වරට මේ රෝග ලක‍ෂණ සහිතව රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේ 1981දී. එයට හේතුව HIV නම් වයිරසය බව සොයා ගත්තේ ඊට දෙවසරකට පසුව. අද HIV/AIDS ලෝක ව්‍යාප්ත වසංගතයක් හා ලෝකයේ ප්‍රධාන පෙළේ සංවර්ධන අභියෝගයක් බවට පත්ව තිඛෙනවා. අළුත් ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2010 අග වන විට HIV ශරීරගත වී ජීවත්වන සංඛ්‍යාව මිලියන් 34ක්. වසරකට අළුතෙන් ආසාදනය වන සංඛ්‍යාව මිලියන් 2.6ක්. HIV ආසාදනය උත්සන්න අවස්ථාවේ AIDS රෝගය ඇති වී මිය යන සංඛ්‍යාව වසරකට මිලියන් 2ට වැඩියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මේ ජාතික ප්‍රශ්නයට වගකීම දරණ ප්‍රධාන ආයතනයයි. ඔවුන්ගේ වෙබ් අඩවිය කියන හැටියට තවමත් ලංකාව සැලකෙන්නේ ්‍යෂඪ ආසාදන සාපේක‍ෂව අඩුවෙන් වාර්තාගත රටක් හැටියටයි. http://www.aidscontrol.gov.lk

ලංකාවේ මුල් ම HIV ආසාදිත පුද්ගලයා වාර්තා වුණේ 1986දී. ඔහු විදේශිකයෙක්. ඊළඟ වසරේ HIV ආසාදිත ලාංකිකයෙකු හමු වුණා. එදා පටන් HIV ආසාදනයට ලක් වූ සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වුවත්, තවමත් නිල වාර්තාවලට අනුව මෙරට HIV ආසාදිත සංඛ්‍යාව 1,429 යි. එමෙන්ම HIV ආසාදනයේ උච්ච අවස්ථාව වන AIDS රෝගයට ළඟා වී මිය ගිය සංඛ්‍යාව 221යි. 2011 සැප්තැම්බර් අග දක්වා මේ වසරේ අළුතෙන් වාර්තා වූ ්‍යෂඪ ආසාදිත සංඛ්‍යාව 114යි.

එසේ වුවත් HIV වයිරසය ශරීරගත වී ඒ බව දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට ජීවත් වන සංඛ්‍යාව 3,000 ඉක්මවන බව රජයේ HIV නිල වෙබ් අඩවිය අනුමාන කරනවා. එසේම HIV ආසාදන වඩාත් ශීඝ්‍ර ලෙස පැතිර යාමට දායක විය හැකි සාධක ගණනාවක් මෙරට තිඛෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මිලියන් එක හමාරක් පමණ ලාංකිකයන් විදේශ රැකියාවල නිරතන සිටින අතර නිරතුරු ආගමනය හා විගමනය කරනවා. යුද්ධයෙන් පසු සංචාරකයන්ගේ පැමිණිමේ සංඛ්‍යාත්මක වර්ධනයක් තිඛෙනවා.

HIV ආසාදිතයන් තම සැබෑ තත්ත‍වය සෞඛ්‍ය සේවාවන්ට පවා හෙළි කිරීමට ඉදිරිපත් නොවන්නේ HIV/AIDS සම්බන්ධයෙන් මෙරට පුළුල් ලෙස පැතිර පවතින අපකීර්තිය (stigma) හා ඒ අයට එරෙහිව මතුව එන විචක‍ෂණය හෙවත් වෙනස්කම් කිරීම (discrimination) බව ඒ පිළිබඳව කලක සිට පර්යේෂණ කරන වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් කියනවා. මෙය ලෝකයේ වෙනත් රටවල ද අඩු වැඩි වශයෙක් දැකිය හැකි අහිතකර ප්‍රවණතාවක්.

HIV & communication book by Dr Vinya Ariyaratne - cover
HIV/AIDS යනු හුදෙක් සෞඛ්‍ය ගැටළුවකට වඩා පුළුල් වූ සමාජ ප්‍රශ්නයක් බවත්, වෛද්‍ය විද්‍යාත්මක හේතුන්ට වඩා සදාචාරාත්මක, නීතිමය හා මානව හිමිකම් පිළිබඳ පැතිකඩයන් ඒ හරහා මතු වන බවත් ‘HIV/AIDS සන්නිවේදන මාර්ගෝපදේශනය’ නමින් 1999දී පොතක් ලියු වෛද්‍ය වින්යා ආරියරත්න පෙන්වා දෙනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය ආරියරත්න මේ පොත් පිංච ලිවීමට නිමිත්ත වූයේත්, HIV පිළිබඳව අපේ ජන සමාජයේ ප්‍රචලිත වූ මිථ්‍යා මත, බොරු භීතිකා හා විසම අදහස් දුරු කිරීම සඳහා නිරවුල් වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය යොදා ගන්නටයි. ඔහු ඒ පොත ලියා දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් එදා සඳහන් කළ අභියෝග තවමත් අප හමුවේ ඇති බවත්, HIV ආසාදන සංඛ්‍යාව මේ කාලය තුල සිව් ගුණයකින් වැඩි වී ඇති බවත් සිහිපත් කිරීම වැදගත්. දෙසැම්බර් 1 වනදාට යෙදෙන ලෝක AIDS දැනුවත් කිරීමේ දිනය මේ ගැන සංවාදයකට නිමිත්තක් සපයනවා.

HIV ආසාදනයට ලක් වු අය නිරෝධායනය (quarantine) කිරීම අවශ්‍ය නැහැ. එයට හේතුව ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ අනාරක‍ෂිත ලිංගික සම්බන්ධතා මගින් හා එන්නත් කරන ඉඳිකටු හරහා වීමයි. ආසාදිත වූවන් හුදකලා කිරීම වෙනුවට අවශ්‍ය වන්නේ ආරක‍ෂිත උපක්‍රම සමග ආසාදිතයන්ට සමාජයේ හැකි තාක් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ සලසාදීමයි. HIV සමග ජීවත් වන කෙනෙකු සමග කථා බහ කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හෝ ඔවුන් අත තැබු යමක් භාවිත කිරීමෙන් වයිරසය පැතිරෙන්නට ඉඩක් නැහැ. මේ බව ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල ලෙස හුවා දැක් වූ අවස්ථාවක් වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය HIV සමග ජීවත්වන අය ප්‍රසිද්ධියේ වැළඳ ගැනීමේ මාධ්‍ය වාර්තාකරණයයි.

HIV සමග ජීවත් වන අයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලූම මූලික අයිතිවාසිකම් මෙන් ම අනෙකුත් නීතිවල රැකවරණය ද හිමි වන බව වෛද්‍ය වින්යා ආරියරත්න අවධාරණය කරනවා. පෞද්ගලිකත්වයට ඇති නිදහස, එහා මෙහා යාමට, විවාහ වීමට හා පවුලක් වීමට, රැකියාවක් කිරීමට, අධ්‍යාපනය ලැබීමට මෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අන් හැම අයට මෙන් ම ඔවුන්ටත් අයිතිවාසිකම් ඇති බව ඔහු කියනවා. ඒ අතරම HIV වයිරසය අන් අයට පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ආරක‍ෂිත පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් HIV ආසාදිතයන්ට තිඛෙනවා. මෙයට ලිංගික චර්යාව මෙන් ම ඉඳිකටු හෝ බ්ලේඩ්තල හවුලේ භාවිතය, ලේ හෝ අනෙක් ශරීර අවයව දන්දීම ආදිය ද ඇතුළත්.

වෛද්‍ය ආරියරත්න තම පොතෙහි අවධාරණය කරන තවත් කරුණක් නම් HIV/AIDS තව දුරටත් ඇතැම් සමාජ කොටස්වලට සීමා වූ ප්‍රශ්නයක් නොවන බවයි. “සියලූ සදාචාරයන්ගෙන් හෙබි සහ සියලූ වෘත්තීන්ගේ නියැළුණු ජනයා HIV ආසාදනයේ අවදානමට ලක්ව ඇත. එය සදාචාරය පදනම් කර ගත් රෝගි තත්ත‍වයක් නොවේ.”

මෙසේ වුවත් ලාංකික සමාජය HIV/AIDS සම්බන්ධයෙන් භීතිය, කලබලය හා හෙළා දැකීම වැනි ප්‍රතිචාර දක්වන්නේ ඇයි? HIV සමග ජීවත්වන අයට එම තත්ත‍වය විවෘතව කියන්නට හැකි සමාජ වාතාවරණයක් තවමත් අපේ රටේ නැත්තේ ඇයි? පළමු HIV ආසාදිතයා හමු වී වසර 25ක් ගත වී තිබියදීත් අප සමාජයක් හැටියට තවමත් මේ සමාජ අර්බුදය ගැන ඉතා ප්‍රථමික හා දරදඩු ආකල්පවල එල්බගෙන සිටින්නේ කුමන හේතු නිසා ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සොයා ගන්නට මට හැකි වුයේ නැහැ. එහෙත් මෙබඳු ප්‍රශ්න විවෘත සංවාදයට පාත්‍ර විය යුතු බව මා විශ්වාස කරනවා. එහිදී ජනමාධ්‍යයන්ට මීට වඩා කාර්යභාරයක් කළ හැකියි.

HIV/AIDs ගැන සන්නිවේදනයේදී මාධ්‍යවේදින්, දේශකයන් හා ගුරුවරුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ගුණාංග හතරක් වෛද්‍ය ආරියරත්න හුවා දක්වනවා. එනම් තොරතුරු නිවැරදි හා අළුත් වීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම, විෂයයට අදාල වීම හා ආවේග මූලිකව සන්නිවේදනය නොකිරීමයි.

HIV ගැන දැනුවත් කිරීමේදී විශාල වැඩ කොටසක් කළ හැකි ජනමාධ්‍යවලින් ඒ ගැන අහිතකර මතිමතාන්තර පැතිරීමට ද ලොකු ඉඩක් ඇති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙනවා. විශේෂයෙන් “AIDS මාරයා” වැනි යෙදුම්, මිනිස් හිස් කබල්, ඇට සැකිලි හා යක‍ෂ රූප භාවිතය තුලින් මේ වයිරසය පිළිබඳ අනවශ්‍ය භීතියක් ජන මනසේ වර්ධනය විය හැකියි. එමෙන්ම සිනමා තරු හෝ ක්‍රීඩකයන් හෝ HIV ආසාදනය වීම පිළිබඳ ඕපාදූප කථා කරනවාට වඩා මේ ආසාදනයෙන් ප්‍රවේශම් වීම පිළිබඳ ප්‍රායෝගික සන්නිවේදනයක යෙදීමේ වැදගත්කම ඔහු අවධාරණය කරනවා.

HIV ආසාදිතයන් කොන් කිරීමට තුඩු දෙන ආකාරයේ විග්‍රහයන් ඉතා අහිතකරයි. අපේ ඇතැම් මාධ්‍යවල තවමත් වැඩි අවධානය යොමු වන්නේ ආසාදිතයකුගේ විවාහක – අවිවාහක බව, ලිංගික චර්යා නැඹුරුව, ඔහු/ඇය කරන රැකියාවේ ස්වභාවය ආදී කරුණුවලටයි. වාර්තාකරණයෙන් ඔබ්බට යන සුචරිතවාදයක් පෙරටු කර ගත් විට HIV පිළිබඳ ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට නොහැකි වනවා.

“ඒඩ්ස් රෝගීන්” මහා පව්කාරයන් බවත්, ඔවුන්ට එළව එළවා පහර දිය යුතු බවත්, ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරමින් ඔවුන් කොන් කළ යුතු බවත් මෙරට එක්තරා ජාතික පුවත්පත් කතුවරයෙකු මීට වසර කිහිපයකට පෙර තම කාර්යය මණ්ඩලයට පැවසු බව වැඩමුළුවකට ආ මාධ්‍යවේදියෙකු වරක් මට හෙළි කළා. HIV ආසාදිතයන් ගැන මෙරට සමාජයේ හැම ස්ථරයක ම පාහේ දැකිය හැකි අධිසුචරිතවාදී හා කුහක ආකල්ප මාධ්‍ය ෙක‍ෂත්‍රයට ද පොදුයි.

එහෙත් තම පෞද්ගලික මතවාද මෙසේ පොදු ආකල්ප බවට පත් කරන්නට ඇතැම් මාධ්‍ය වෙර දැරීම කෙතරම් සාධාරණ ද? HIV වයිරසයේ පැතිරීමට එරෙහි හොඳ ම ආරක‍ෂණය දැනුවත්කම බව පිළිගැනෙන අද කාලයේ එබඳු යහපත් සන්නිවේදනයක් කිරීමේ විශාල හැකියාවක් ඇති මාධ්‍ය ආයතන ඒ වෙනුවට HIV ආසාදිතයක් පිටු දකිමින් නින්දා අපහාස කිරීමට යොමු වීම කෙතරම් ඛේදජනක ද?

HIV ආසාදිතයන් ගැන කථා කරද්දී ඩෙංගු රෝගීන් ගැන කථා කරන සරල ලිහිල් මට්ටමට එහා යන අවබෝධයක් හා සංයමයක් මාධ්‍ය සන්නිවේදකයන් සතු විය යුතුයි. බස හැසිරවීමේදි පවා ඒ ප්‍රවේශම්කාරි බව අවශ්‍යයි. ඕනෑකම ඇත්නම් මෙබඳු වෙනස්කම් කළ හැකි බවට අපේ මාධ්‍යවලින් ම සාක‍ෂි තිඛෙනවා. කලකට පෙර “අංගවිකල” (crippled) යන යෙදුම භාවිත කළත් අද “ආබාධිත” (disabled) යන්න යොදනවා. අඳ, ගොළු, බිහිරි වෙනුවට දෘශ්‍යාබාධිත ආදී වඩාත් සංවේදී වචන භාවිතයට ඇවිත්.

HIV/AIDS ගැන වසර 25ක් ගත වීමෙන් පසු හෝ වඩාත් සංවේදී මානුෂික වචන යෙදුමක් හා වාර්තාකරණයක් හදා ගත හැකි නම් කෙතරම් අපූරු ද?

Sarvodaya Leader A T Ariyaratne at 80: Conscience of a Bruised Nation

Dr A T Ariyaratne (left) in an expressive moment with Nalaka Gunawardene

When Dr A T Ariyaratne, founder and president of the Sarvodaya Shramadana Movement of Sri Lanka, turned 80 years on 5 November 2011, felicitations poured in from all over the world. This spontaneous act was an indication — if any were needed — of how much and how widely he has touched the lives of millions.

Ari is also our elder statesman of inclusive development. For over half a century, he and Sarvodaya have advocated a nuanced approach to overcoming poverty, illiteracy and various social exclusions. Unlike some die-hard activists, Ari doesn’t ask us to denounce materialism or revert to pre-industrial lifestyles. Instead, he seeks a world without extreme poverty or extreme affluence.

Suddenly, his quest for social justice and equality is resonating all over the world. In fact, Ari has been speaking out for the 99 per cent of less privileged people decades before a movement by that name emerged in the West. In a sense, those occupying Wall Street and other centres of affluence are all children of Sarvodaya.

While Ari shares their moral outrage, his own strategy has been quite different. He didn’t occupy physical spaces in his struggle; he went straight to the fount of all injustice – our minds.

* * * * *

Thus opens my personalised tribute, published on Groundviews.org as Ari of Sarvodaya: Conscience of a Bruised Nation.

In this 2,400-word essay, I salute a hero of mine who continues to speak truth to power, and makes a difference to millions of people in his land and elsewhere. For doing this, he has been ridiculed, harassed and vilified by small minds and the state. He continues undaunted, and shows no sign of slowing down after turning 80.

Here’s another excerpt:

In Ari, we find elements of Mahatma Gandhi (non-violent pursuit of the greater good); the Dalai Lama (interpreting Buddhist philosophy for the modern world); Martin Luther King, Jr. (struggling for the rights and dignity of marginalised people); Nelson Mandela (nurturing democracy and healing society); and Jimmy Carter (globalism with a humanitarian agenda).

“Yet Ari is more than the sum of these noble parts; he is his own unique visionary. And an adroit ‘remixer’ who constantly blends the best of East and West. He adapts our civilisational heritage to tackle the Twenty First Century’s anxieties and uncertainties. Thankfully, though, he doesn’t peddle simplistic solutions to today’s complex problems.

I also recall my first encounter with Ari, in early 1991, when a tyrant leader of Sri Lanka had virtually declared ‘war’ on this unarmed, non-violent small man. I have interviewed him several times since then – the most recent was in March 2011, when I accompanied my journalist friend Aditya Batra from India to talk to Ari (photo, below).

Read the full essay on Groundviews.org: Ari of Sarvodaya: Conscience of a Bruised Nation

Read a compact version of the essay on Light Millennium website (New York)

Read a compact version on Down to Earth magazine (New Delhi): Sri Lanka’s Gandhi Turns 80

L to R - Nalaka Gunawardene, Aditya Batra & Dr A T Ariyaratne of Sarvodaya, March 2011

Christina Scott (1961 – 2011): Passionate science journalist, interrupted mid-sentence…

Christina Scott: A funny story always got funnier when she related it...

I was travelling in the Himalayan Republic of Nepal when I heard the sad news: Christina Scott, a pioneering science journalist from South Africa, has just been killed in a road accident. She would have turned 50 on November 20.

As Mike Shanahan, whose tweet broke the sad news of Christina’s hasty departure, wrote: there is one star less in Africa.

Christina’s tragic and abrupt departure elicited an outpouring of grief, memories and tributes from science journalists, scientists and others who knew and admired her. I’m late to join that, I know, but here’s the slightly expanded version of what I just posted on SciDev.Net as a reader comment:

“Short, stroppy reporter with a funny accent. Likes to eat sushi. No head for alcohol and caffeine addiction.” That’s how Canadian-born Christina chose to introduce herself. Everyone has an anecdote about her, reminding us of the colourful and highly talented person she was.

Christina was passionate, articulate and had a clear vision of how science, technology and innovation could make a difference to millions of people in Africa, Asia and Latin America. She made science fun. She was also great fun to work with.

Christina and I didn’t meet that often, separated as we are by time zones and the Indian Ocean. But our few encounters — usually at professional gatherings of science journalists — left a deep impression.

We first met at the Fifth World Conference of Science Journalists in Melbourne in April 2007, where we were both speakers.

She and I were part of a memorable plenary session on ‘Reporting Science in Emerging Economies’ that was put together by SciDev.Net and produced by Julie Clayton. It had science journalists or editors from Brazil, China, India, Sri Lanka and Zambia.

It was Christina who came up with a novel idea to dim the meeting hall lights just as we started. In the semi-darkness, she lit a single cigarette lighter to symbolise how science journalists in the developing world struggled daily with power outages, poor literacy, unsympathetic editors and uncaring governments.

Earlier in that conference, Christina compared some of her professional tribe to extremophile bacteria: hardy enough to survive in very harsh environments. The broad conclusion from our session was that, just as life finds a way against many odds, so does science journalism. In conditions far from ideal, science journalism happens — and even thrives — thanks to the resilience, resourcefulness and commitment of its practitioners.

Christina Scott (left) making a point. Photo courtesy WFSJ

Christina excelled in communicating science through print, web and broadcast media. She switched easily between written and spoken words, and could hold an audience in any medium. Such multimedia journalists are rare.

But she didn’t allow the technology ‘tail’ to wag the journalism ‘dog’. In 2007, she was still wondering if Internet, computes and online communications could make much headway in reaching out a majority of South Africans. It wasn’t a lack of connectivity and computers any longer, but a more basic absence of electricity in many remote areas.

To her, old fashioned radio was still the most cost-effective way to reach more people quickly. That was also her favourite medium, one in which she did some of most memorable coverage.

Christina had a fine sense of theatrical performance to engage a live audience. She knew just how to shook and hook them. She had no time or patience for political correctness or euphemisms; she just spoke truth to power.

I learnt much by being in her audience, or sharing a platform with her. It was exhilarating to see how she engaged audiences full of jaded and sceptical journalists.

Once, during a panel discussing HIV/AIDS, she asked her audience how many were aged over 50 years. A few hands went up. “In South African terms, chances are you’re already dead,” she declared.

She didn’t have comforting words for those below 35 either: “You’re probably infected with HIV, and don’t know it yet — and go around giving it to others!”
That’s how she summed up the stark realities of South Africa, which has one of the highest HIV infection rates in the world. She then personalized, with a wish was that her daughter, then 15, would get through college without contracting HIV.

Christina Scott was a supernova who shone bright and fiery. Her trail would continue to blaze for a long time. But we won’t hear that spirited voice, in that funny accent, always ready to tell an interesting story.

Here are links to some tributes found online:

Christina Scott: Editorial by SciDev.Net editor David Dickson

ResearchResearh.com: Christina Scott, doyenne of African science journalism, dies
by Ehsan Masood

Mail & Guardian: Christina Scott: Farewell to ‘short, stroppy’ giant
by Adele Baleta

Mike Shanahan blog: One less star in Africa tonight

WFSJ Website: Tribute to Christina Scott RIP

Africa STI: Christina Scott, Africa’s Foremost Science Journalist, dies

Facebook Page: Remembering Christina Scott

In Melbourne, April 2007: L to R - To be identified, Christina Scott, Nalaka Gunawardene and T V Padma

සිවුමංසල කොලූගැටයා #37: අලි-මිනිස් සංහිදියාවේ අළුත් පිටුවක්

This is my latest Sinhala column published in Ravaya newspaper on 23 October 2011, which is about human-elephant interactions in Sri Lanka, which has the highest density of Asian elephants in the world. I have covered much of the same ground in English in another recent essay, Chandani: Riding a Jumbo Where No Woman Has Gone Before…


ඔක්තෝබර් මුල සතියේ කොළඹින් ඇරඹුණු, ගාල්ල මහනුවර හා යාපනය නගරවලට ද යන්නට නියමිත යුරෝපීය චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කළ එක් චිත්‍රපටයකට මගේ විශේෂ අවධානය යොමු වුණා. ජර්මන් චිත්‍රපට කණ්ඩායමක් ලංකාවේ රූපගත කොට 2010දී නිර්මාණය කළ එය, Chandani: The Daughter of the Elephant Whisperer නම් වාර්තා චිත්‍රපටයක්. සිංහලෙන් ‘චාන්දනී – ඇත්ගොව්වාගේ දියණිය’ සේ අරුත් දිය හැකියි. අපේ රටේ ඈත අතීතයට දිව යන අලි – මිනිස් සබදතාවන්ගේ අළුත් පැතිකඩක්, කථාවක ස්වරූපයෙන් කියන නිර්මාණයක් හැටියට මේ චිත්‍රපටය මා දකිනවා.

අලි ඇතුන් ගැන චිත්‍රපට නිපදවන්නට සිනමාවේ මෙන් ම ටෙලිවිෂන් කර්මාන්තයේත් බොහෝ දෙනා කැමතියි. ගොඩබිම වෙසෙන විශාල ම ජීවීන් හැටියටත්, සමාජශීලි හා බුද්ධිමත් සත්ත්ව විශේෂයක් හැටියටත්, අලි ඇතුන්ගේ සුවිශේෂ බවක් තිඛෙනවා. බටහිර චිත්‍රපට කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කරන්නේ අප්‍රිකානු අලියාටයි. ආසියානු අලි ඇතුන් ගැන චිත්‍රපට රූපගත කරන්නට වුවත් ඔවුන් තෝරා ගන්නේ ලංකාවට වඩා ඉන්දියාව, තායිලන්තය වැනි රටවල්. මා මීට පෙර වතාවක (2011 මාර්තු 13) පෙන්වා දුන් පරිදි සොබාදහම ගැන චිත්‍රපට නිපදවන විදේශීය කණ්ඩායම් මෙරටට ඇද ගන්නට අප තවමත් එතරම් උත්සාහයක් ගන්නේ නැහැ. ඉදහිට හෝ මෙහි එන විදෙස් චිත්‍රපට නිෂ්පාදකයන්ට හසු කර ගන්නට හැකි විසිතුරු සැබෑ කථා විශාල ප්‍රමාණයක් අප සතුව තිඛෙනවා. චාන්දනී චිත්‍රපටය එයට තවත් උදාහරණයක්.

මේ චිත්‍රපටය වනජීවීන් හෝ පරිසරය හෝ ගැන කථාවක් නොවෙයි. එය අවධානය යොමු කරන්නේ හීලෑ අලි ඇතුන් හා මිනිසුන් අතර සබදතාවයටයි. වාර්තා චිත්‍රපටයකට වඩා නාට්‍යමය හා රියැලිටි ස්වරූපයෙන් නිර්මිත මෙහි මිනිස් ‘චරිත’ තුනක් හමුවනවා.

කථා නායිකාව 16 හැවිරිදි චාන්දනී රේණුකා රත්නායක. ඇය පින්නවෙල අලි අනාථාගාරයේ ප්‍රධාන ඇත්ගොව්වා වන සුමනබණ්ඩාගේ දෙටු දියුණිය. සිට පිය පරම්පරාවේ සාම්ප්‍රදායිකව කර ගෙන ආ අලි ඇතුන් හීලෑ කර රැක බලා ගැනීමේ කාරියට අත තබන්නට ඇයට ලොකු ඕනෑකමක් තිඛෙනවා. පවුලේ පිරිමි දරුවකු නැති පසුබිම තුළ සුමනබණ්ඩා එයට එක`ග වී පරම්පරාගත දැනුම හා ශිල්පක්‍රම ටිකෙන් ටික චාන්දනීට උගන් වනවා. මේ සදහා කණ්ඩුල නම් අලි පැටවකු සොයා ගෙන එන ඔහු කණ්ඩුලගේ වගකීම් සමුදාය ක්‍රම ක්‍රමයෙන් චාන්දනීට පවරනවා.

ලංකාවේ අලි ඇතුන් පිළිබදව 1995දී පොතක් ලියූ ජයන්ත ජයවර්ධන කියන හැටියට අලින් හීලෑ කිරීමේ වසර තුන් දහසකට වඩා පැරණි සම්ප්‍රදායක් අපට තිඛෙනවා. වනගත අලින් අල්ලා, මෙල්ල කොට පුහුණු කළ හැකි වූවත් බල්ලන්, පූසන් වැනි ගෘහස්ත සතුන්ගේ මට්ටමට අලින් හීලෑ නොවන බවත් ඔහු කියනවා.

“ර්‍ගොඩබිම වෙසෙන දැවැන්ත ම සත්ත්වයා වන අලියාට විශාල ශරීර ශක්තියක් තිඛෙන නිසා ඔවුන් හැසිරවීම ප්‍රවේශමෙන්, සීරුවෙන් කළ යුක්තක්. අලි පුහුණුවට ආවේනික වූ වචන දුසිමක් පමණ යොදාගෙන මේ දැවැන්තයන්ට අණ දීමේ කලාවක් අපේ ඇත්ගොව්වන්ට තිඛෙනවා. එහිදී ඇත්ගොව්වා සහ අලියා අතර ඇතිවන සබදතාවය ඉතා වැදගත්.”

එම සම්ප්‍රදාය පිළිබද ඉගි කිහිපයක් අප චාන්දනී චිත්‍රපටයේ දකිනවා. අලි හසුරු වන බස් වහර, අලියාගේ සිරුරේ මර්මස්ථාන හා අලින්ගේ ලෙඩට දුකට ප්‍රතිකාර කිරීමට කැප වූ දේශීය සත්ත්ව වෙදකම් ආදීය එයට ඇතුළත්. අලි පුහුණු කිරීම හා මෙහෙයවීම ක්‍රමවේදයන් ගණනාවක සංකලනයක්. එයට දැනුම, ශික‍ෂණය, කැපවීම යන සියල්ල අවශ්‍යයි. චාන්දනීට මේ අභියෝග ජය ගත හැකිද යන්න පිරිමි ඇත්ගොව්වන්ට මෙන් ම ඇගේ අසල්වාසීන්ට ද ප්‍රශ්නයක්. කථාව දිග හැරෙන්නේ එයට චාන්දනී හා ඇගේ පියා ඉවසිලිවන්තව හා අධිෂ්ඨානයෙන් මුහුණ දෙන ආකාරය ගැනයි.

මෙහි දී චාන්දනීගේ මග පෙන්වීමට වනජීවී ෙක‍ෂත්‍ර නිලධාරියකු වන මොහමඩ් රහීම් ඉදිරිපත් වනවා. මොහොමඩ් සමග උඩවලවේ ජාතික වනෝද්‍යානය හා ඒ අවට ගම්මානවල සංචාරය කරන චාන්දනී, වනගත අලි ඇතුන් මුහුණ දෙන ඉඩකඩ, ආහාර හා ජලය පිළිබද දැවෙන ප්‍රශ්න දැක ගන්නවා.

තදබද වූ මේ දූපතේ, සීමිත බිම් ප්‍රමාණයක් සදහා මිනිසුන් හා අලින් අතර පවතින නිරතුරු අරගලයෙන් වසරක් පාසා අලි 150ක් පමණත්, මිනිසුන් 50 දෙනකු පමණත් මිය යනවා. මේ අලි-මිනිස් ගැටුමට ඓතිහාසික, සාමාජයීය හා ආර්ථීක සාධක ගණනාවක් ඇතත් ඒවා විග්‍රහ කිරීමට මේ චිත්‍රපටය උත්සාහ කරන්නේ නැහැ. එබදු දැඩි අර්බුදයක් පසුබිමේ ඇති බව ප්‍රේක‍ෂකයාට සිහිපත් කළත් එයට සරල පැලැස්තර විසදුම් ඉදිරිපත් කරන්නේත් නැහැ.

මේ චිත්‍රපටයේ මා දකින එක් ගුණයක් නම් මිනිසුන්ට වඩා අලි ඇතුන්ගේ ජීවිත වටිනා බව තර්ක කරන අන්තවාදී පරිසරවේදීන්ට එහි කිසිදු තැනක් නොදීමයි. ඒ වෙනුවට මිනිස් සමාජයට පිවිස යම් තරමකට හීලෑ බවක් ලැබූ අලි ඇතුන් සමග සානුකම්පිකව ගනුදෙනු කරන මානවයන් ද ලක් සමාජයේ සිටින බව මේ චිත්‍රපටය හීන්සීරුවේ ලෝකයට කියනවා. අවිහිංසාවාදය හා සාංස්කෘතික සාරධර්ම ගැන දේශනා කිරීමකින් තොරව එය ප්‍රායෝගිකව මේ දූපතේ සිදු වන හැටි රූපානුසාරයෙන් හා කථානුසාරයෙන් පෙන්වා දෙනවා.

අලින් හා මිනිසුන් අතර මිතුදම වෘතාන්ත චිත්‍රපට ගණනාවක ම තේමාව ලෙස මින් පෙරත් යොදා ගෙන තිඛෙනවා. සිනමාවේ මුල් යුගයේ උදාහරණයක් නම් 1937දී නිර්මාණය වූ Elephant Boy රුඩ්යාඩ් කිප්ලිංගේ ඔදදප්ස කථාව පදනම් කරගෙන තැනූ ඒ චිත්‍රපටයෙන් කියවුණේ කැලයේ අලින් සමග මිතුරු වන දරුවකු ගැනයි. හීලෑ කළ අලි ඇතුන් හා දරුවන් ගැනත් සිනමා සිත්තම් බිහි වී තිඛෙනවා. ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක‍ෂක ෂුන්සාකු කවාකේ 2005දී නිර්මාණය කළ Hoshi ni natta shonen (Shining Boy and Little Randy) චිත්‍රපටයෙන් කියැවුණේ ඇත්ගොව්වකු වීමේ ආශාවෙන් තායිලන්තයට ගිය ජපන් දරුවකුගේ සැබෑ කථාවයි.

බොහෝ විට මෙබදු චිත්‍රපටවල ප්‍රධාන මිනිස් චරිතය වන්නේ පිරිමි ළමයෙක්. චාන්දනී වැනි දැරියක් මෙබදු කාරියකට ඉදිරිපත් වීම සැබෑ ලෝකයේ කොතැනක වූවත් අසාමාන්‍ය වීම මෙයට හේතුව විය හැකියි. ඉතිහාසය පුරා ම පිරිමින් පමණක් සිදු කළ වගකීමක් කාන්තාවකට පැවරීම හරහා සුමනබණ්ඩා සියුම් සමාජ විප්ලවයකටත් දායක වනවා. එහෙත් චාන්දනී චිත්‍රපටයේ අරමුණ එබදු මහා පණිවුඩ සන්නිවේදනය නොවෙයි. එය දැරියක හා අලි පැටවකු අතර ඇතිවන මිතුරුකම වටා ගෙතුණු විසිතුරු කථාන්තරයක්.

ලංකාවේ අලි ඇතුන් කණ්ඩායම් දෙකකට ඛෙදිය හැකියි. වනගත (වල්) අලි හා හීලෑ කළ අලි හැටියට. 2011 අගෝස්තුවේ පැවැත්වූ මුල් ම අලි ඇත් සංගණනයෙන් සොයා ගත්තේ වනගත අලි ඇතුන් 7,339ක් මෙරට සිටින බවයි. (රක‍ෂිත ප්‍රදේශවල හෝ ඒවා ආසන්නයේ 5,879කුත් අනෙකුත් ප්‍රදේශවල තවත් 1,500කුත් වශයෙන්.) ඇතැම් පරිසරවේදීන් මේ සංගණනයේ ක්‍රමවේදය විවේචනය කළා. එහෙත් පරිපූර්ණ දත්තවලට වඩා කුමන හෝ දත්ත සමුදායක් ලබාගැනීම හරහා අලි සංරක‍ෂණයට රුකුලක් ලැඛෙන බව සිතිය හැකියි.

අපේ රටේ හීලෑ අලි ඇතුන් සිය ගණනක් ද සිටිනවා. එමෙන්ම මේ දෙකොටසට අතරමැදි සංක්‍රමනීය තත්ත්වයේ අලි ඇතුන් ද සිටිනවා. ස්වාභාවික පරිසරයේ විවිධ හේතු නිසා මවු සෙනෙහස අහිමි වූ ලාබාල අලි පැටවුන්ට රැකවරණය දෙමින් ඔවුන් ලොකු මහත් කිරීමට පින්නවෙල අලි අනාථාගාරය ඇරඹුවේ 1975දී. මේ වන විට සියයකට ආසන්න අලි ඇතුන් සංඛ්‍යාවක් එහි නේවාසිකව සිටිනවා. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ආකර්ශනයක් බවට පත්ව ඇති මේ අනාථාගාරයේ, පශ= වෛද්‍යවරුන් හා සත්ත්ව විද්‍යාඥයන්ගේ අනුදැනුම ඇතිව අලි ඇතුන් බෝ කිරීමේ වැඩපිළිවෙලක් ද 1982 සිට ක්‍රියාත්මක වනවා. මීට අමතරව උඩවලවේ වනෝද්‍යානයට බද්ධිතව ඇත් අතුරු සෙවන නම් තවත් තැනක් ද පිහිටුවා තිඛෙනවා.

ලංකාවේ වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීමට සාමාන්‍යයෙන් යොද වන තරමේ මුදල් හා තාක‍ෂණික ආයෝජනයක් මේ වාර්තා චිත්‍රපටයට වැය කරන්නට ඇතැයි අනුමාන කළ හැකියි. එහෙත් මේ ආයෝජනයේ උපරිම ඵල නෙළා ගන්නට එහි සංස්කරණය (editing) මීට වඩා කල්පනාකාරී හා නිර්දය ලෙස සිදු කළා නම් හැකි වන බව චිත්‍රපට මාධ්‍යයේ ශිල්පීය ක්‍රම දත් මගේ ඇතැම් මිතුරන්ගේ අදහසයි.

ආසියානු අලි ඇතුන් වනගතව හමුවන රටවල් අතරින් වැඩි ම අලි ඝනත්වය (highest Asian elephant density) ඇත්තේ ලංකාවේයි. මේ දූපතේ බිම් හා සොබා සම්පත්, මිලියන් 20කට වැඩි ජන සංඛ්‍යාවක් හා හත් දහසකට අධික අලි ඇතුන් ගණනක් අතර තුලනය කර ගන්නේ කෙසේද යන්න අප මුහුණ දෙන ප්‍රබල සංරක‍ෂණ අභියෝගයක්. අලි ඇතුන් ගැන කථා කරන විට පරිසරවේදීන් බහුතරයක් ආවේගශීලී වනු දැකිය හැකියි. මෙරට ඉතිරිව ඇති වනාන්තර, තණබිම් හා විල්ලූ ප්‍රදේශවලට ස්වාභාවිකව දරා ගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව කොපමණ ද? ඒ සංඛ්‍යාව ඉක්මවා අලි ගහණයක් ඇති බව විද්‍යාත්මකව සොයා ගතහොත් අතිරික්තය ගැන කුමක් කළ හැකි ද – කළ යුතු ද? වනගත අලින්ට සමාන්තරව හීලෑ අලින් මනා සේ රැක බලා ගැනීම ඔස්සේ අලින් වද වී යාමේ තර්ජනය පාලනය කළ හැකි ද? මේ සියල්ල සංකීර්ණ ප්‍රශ්නයි.

ඒවාට පිළිතුරු සොයන්නට විද්‍යාත්මක ක්‍රමවේදයන් මෙන් ම අපේ සාරධර්ම ද යොදා ගත හැකියි. විසදුම් සොයා යන අතර අලි – මිනිස් සබදතාවයේ පැතිකඩ ගැන නිවැරදි, නිරවුල් සන්නිවේදනයක් දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද කළ යුතුයි. ‘මිනී මරන අලි’ හා ‘අලි මරන මිනිසුන්’ ගැන සරල ත්‍රාසජනක වාර්තාවලින් ඔබ්බට යන තුලනාත්මක කථාබහකට අප යොමු විය යුතුයි. එමෙන් ම අලි – දිවි – වලසුන්ට සීමා නොවූ අතිශයින් විවිධ හා විචිත්‍ර ජීවි විශේෂ රාශියක් මේ දූපතේ අපත් සමග වෙසෙන බවත් අමතක නොකරන්න!

සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

Fasting for a personal or public interest cause is a very old tradition in India. Today, social activists of all colours and hue resort to fasting — but not everyone evokes the same interest and coverage in the media. In a previous column, I looked at how and why the anti-corruption activist Anna Hazare has become the darling of the Indian media. In my latest Ravaya column published on 2 October 2011, I look at two other fasts: one by Swami Nigamananda, who died in June calling for a stop to sand-mining in the Ganges River, and woman activist Irom Sharmila in Manipur who is engaged in the longest fast in the world, 11 years and counting…

Anna Hazare (left) and Irom Sharmila - two very different fasts...

යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ආහාර පාන ගැනීමෙන් වැළකී උපවාස කිරීම ඉන්දියාවේ ඉපැරණි සම්ප්‍රදායක්. මේ ගැන ක්‍රිස්තු පූර්ව 750 දක්වා අතීතයට දිවෙන සදහන් එරට හමුවෙනවා. දින 3ක් නිරාහාරව සිටීමේ හැකියාව නිරෝගී බොහෝ දෙනකුට ඇතත්, ඉන් පසු ටිකෙන් ටික ශරීර ක්‍රියාකාරකම් අඩපණ වන්නට පටන් ගන්නවා. ආහාර නොගත්තත් වතුර පානය කිරීමෙන් තොරව ශරීරයට ජීව ක්‍රියා පවත්වාගන්නට නොහැකියි.

සමාජයීය හෝ දේශපාලනමය හෝ ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කිරීම අදත් ඉන්දියාවේ බහුලව දැකිය හැකියි. එයට වඩාත් ම ප්‍රකට මෑත උදාහරණය නම් දූෂණයට එරෙහි ජන ක්‍රියාකාරික අන්නා හසාරේ 2011 අප්‍රේල් හා අගෝස්තු මාසවල කළ උපවාසයන්.

ඉන්දියාවේ ටෙලිවිෂන් නාලිකා අති බහුතරයක් පෞද්ගලික හිමිකරුවන් විසින් පවත්වා ගෙන යන වාණිජ මට්ටමේ නාලිකායි. ඒ නිසා බලයේ පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමටත්, රාජ්‍ය ප්‍රතිපත්ති විවෘතව සංවාදයට ලක් කරන්නටත් ඉඩ තිඛෙනවා. මේ නාලිකා අතර ප්‍රේක‍ෂකයන් ඇද ගන්නට දැඩි තරගයක් පවතිනවා. හැම නාලිකාවක් ම උත්සාහ කරන්නේ සිද්ධීන් උලූප්පා දක්වමින්, හැම සිදුවීමක් ම ‘Breaking News’ බවට පත් කර ගන්නටයි. එවැන ප්‍රවෘත්ති හැමදාමත් හමු නොවන නිසා ඉ`දහිට මතුව එන හසාරේ වැනි නිර්දේශපාලනීය චරිතයක් වඩා ටෙලිවිෂන් වාර්තාකරුවෝ ඉක්මනින් රොක් වෙනවා. ටික දිනකින් එබදු ජන හිතකාමී චරිත කරන කියන හැම දෙයක් ම පුවත් බවට පත් කර ගන්නවා. මේ තත්ත්වය දිගු කලක් නොපැවතුනත් අද වන විට ඉන්දියාවේ අතිශය තරගකාරී හා බහුවිධ ටෙලිවිෂන්, රේඩියෝ හා වෙබ් අඩවිවලට පුවත් මවන ජනප්‍රියතම ‘පුවත් මාරුතය’ බවට අන්නා හසාරේ පත්ව සිටිනවා.

එහෙත් ඔහුගේ උපවාසයන්ට ලැබුණු ඉමහත් මාධ්‍ය වාර්තාකරණය නොලද පොදු අරගල සදහා සිදු කැරෙන තවත් උපවාසයන් රැසක් ඉන්දියාවේ තිඛෙනවා. උදාහරණ දෙකක් හරහා මේ ගැන කථා කළ හැකියි.

පළමුවන උදාහරණයට අදාල පුද්ගලයා හින්දු පූජකයෙක්. ස්වාමි නිග්මානන්ද (Swami Nigamananda) සිය උපවාසය ඇරඹුවේ 2011 පෙබරවාරි 19 වනදා. එයට නිමිත්ත වූයේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් (Haridwar) නගරය අසලින් ගලා යන ගංගා නදියේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලීම. හිමාලයෙන් ඇරඹී ගලා ගෙන එන ගංගා නදිය ඉන්දු-ගංගා තැන්නට මුල්වරට ප්‍රවේශ වන්නේ හරිද්වාරයේදී. ඒ නිසා එහිදී ග`ගට කරන පාරිසරික හානිය කිලෝමීටර් 2,525ක් දිග නදියේ ගලා යාමට අතිශයින් බලපානවා. හරිද්වාරයේ මෛත්‍රී සදාන් ආශ්‍රමයේ නේවාසික වූ මේ පරිසර හිතකාමී ස්වාමීවරයා සිය සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් මෙන් ම වැලි ගොඩ දැමීමේ නිරත වූවන්ගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැහැ. ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ මාධ්‍යවලින් ද මේ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අප්‍රේල් 30 වනදා ප්‍රාන්ත බලධාරීන් ඔහුව බලහත්කාරයෙන් රෝහල් ගත කළත් එහිදීත් ඔහු කිසිවක් ආහාරයට ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළා. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය වෙනස් වූයේ නැහැ. දින 115ක උපවාසය අවසන් වූයේ ජුනි 14 වනදා ඔහු මිය යාමෙන්.

ඔහුගේ මරණය ඉන්දියානු ටෙලිවිෂන් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් වූවත් එය සුළු වේලාවකට පමණයි. ඒ වන විට ඔවුන් (අන්නා හසාරේට අමතරව) ව්‍යාපාරික මට්ටමින් මහා පරිමාණයෙන් යෝග ව්‍යායාම් පුහුණු කරන බාබා රාම්දේව (Baba Ramdev) නම් තවත් හින්දු ස්වාමිවරයකුගේ උපවාසයකට මුල් තැන දෙමින් සිටියා. දූෂණයට එරෙහිව නැගී සිටින චරිතයක් බවට පත්වීමට බාබා රාම්දේව් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔහුගේ සැබෑ අරමුණු ගැනත් පෙර ක්‍රියාකලාපය ගැනත් මාධ්‍යවලට යම් සැකයක් තිබුණා. ඔහුගේ උපවාසය දින 9කින් නිමා කළ අතර ඉන් පසු ඔහු ගැන මාධ්‍ය වාර්තාකරණය එතරම් උත්සන්න වූයේ නැහැ.

හැම නිර්ව්‍යාජ උපවාසයක් ම පුවත් මාරුතයක් බවට පත් වන්නේත් නැහැ. අන්නා හසාරේ ගැන අධ්‍යයනය කරන මාධ්‍ය පර්යේෂකයන් සොයා යන්නේ වෙනත් සාධාරණ උපවාසයන්ට වඩා හසාරේගේ අරගලයට මෙතරම් මාධ්‍ය අවධානයක් යොමුවන්නේ ඇයි ද යන්නයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් අපි සැප්තැම්බර් 18 වනදා කොලමින් විග්‍රහ කළා. අන්නා හසාරේට සූක‍ෂම ලෙස උපදෙස් දෙන මාධ්‍ය උපදේශකයන් සිටිනවා. ඔවුන් වෙළදපොල මාධ්‍ය සමග හොදහැටි ගනුදෙනු කරන්නට දන්නවා. එහෙත් උතුම් අරමුණක් පමණක් නිමිති කර ගෙන, උපක්‍රමශීලි නොවී උපවාස කරන බොහෝ අයට එබදු මාධ්‍ය හැසිරවිමේ හා මාධ්‍යවලට බද්ධවීමේ හැකියාව නැහැ. බැලු බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනී යතත් සැබෑ තත්ත්වය එයයි.

මේ ගැන හොද උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක හා “ර්‍ද හින්දු” පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතුවරියක වන කල්පනා ශර්මා (Kalpana Sharma) ගෙන හැර දක්වනවා. ඒ තමයි ඉරෝම් ශර්මිලාගේ (Irom Sharmila) දශකයකට වැඩි කලක් පවතින උපවාසය.

ඉරෝම් ශර්මිලා චානුගේ වයස 39 යි. ඇය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන මනිපූරයේ මානව හිමිකම් හා දේශපාලන කි්‍රයාකාරිකයෙක්. එමෙන් ම කිවි`දියක්. මිලියන 2.7 ක ජනගහනයක් සිටින, බුරුම දේශසිමාවේ පිහිටි මනිපුරයේ කලක සිට දේශපාලන නොසන්සුන් බවක් හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් පවතිනවා. ඉන්දීය රජය මේ තත්ත්වය පාලනය කරන්නට හමුදා විශේෂ බලතල නීතියක් (Armed Forces Special Powers Act, 1958) යටතේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යනවා. මධ්‍යම රජය මේ ප්‍රාන්තයේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ කරදරකාරීන් පිරිසකගේ අනවශ්‍ය අරගලයක් හැටියටයි. එහෙත් මනිපූර් වැසියන්ට සිය ප්‍රශ්නවලට සාධාරණ විස`දුම් දිගු කලක් තිස්සේ ලැබී නැතුවා පමණක් නොවෙයි දරද`ඩු පරිපාලයක් යටතේ දිවි ගෙවන්නට සිදුව තිඛෙනවා.

මේ නිසා හමුදාවලට දැඩි බලතල දෙන නීතිය නතර කරන ලෙස ඉල්ලා ඉරෝම් ශර්මිලා උපවාසයක් ඇරඹුවේ 2000 නොවැම්බරයේ. එය ඇරඹී දින කිහිපයකට පසු ‘සිය දිවි නසා ගන්නට තැත් කිරීමේ’ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මනිපුරයේ ප්‍රාන්ත අගනගරය වන ඉම්ෆාල් නුවර මහජන රෝහලේදී ඇයට බලහත්කාරයෙන් ආහාර කවනු ලැබුවා. (හින්දු ස්වාමි කෙනකුට වඩා ග‘හි කාන්තාවකට බලෙන් කෑම දීමට සෞඛ්‍ය සේවකයන් ද පෙරට එනවාෟ) මාස ගණනක් මෙසේ අත් අඩංගුවේ රෝහල්ගතව බලෙන් ආහාරපාන දීමට ලක්වන ඇය ඉන් පසු නිදහස් වෙනවා. එවිගස ම ඇය නැවතත් ප්‍රසිද්ධියේ උපවාස කිරීම අරඹනවා. එවිට දින කිහිපයකින් යළිත් අත් අඩංගුවට පත් වන ඇය රෝහල් ගත කොට බලෙන් කෑම බීම ලබා දීමට ලක් වනවා. මේ සිදුවීම් මාලාව චක්‍රාකාරව වසර 11ක් පුරා නොනැවතී ඉදිරියට යන බවත්, ඒ නිසා මෙය ලෝකයේ වැඩි ම කාලයක් පවතින උපවාසය බවත් කල්පනා ශර්මා කියනවා.

Arundhati Roy: "I'd Rather Not be Anna!"

එහෙත් ඉරෝම් ශර්මිලාගේ අරමුණ ගිනස් වාර්තා පිහිටුවීම නොවෙයි. 2004දී හින්දු මූලධර්මවාදී BJP රජය පරාජය වී කොංග්‍රස් ප්‍රමුඛ සභාග රජයක් ඉන්දියාවේ බලයට පත් වුණා. නව රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. මේ කමිටුව කරුණු ගවේෂණයෙන් පසු නිර්දේශ කළේ මනිපුරයේ ගෙන යන දරදඩු පරිපාලනය ලිහිල් කොට හමුදා බලතල සීමා කළ යුතු බවයි. එහෙත් මේ නිර්දේශයෙන් වසර 6කට පසුත් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා ඉරෝම් ශර්මිලා සිය උපවාසය දිගට ම කරගෙන යනවා.

“මනිපුරයේ ජනතාවත් ඉන්දියානු රටවැසියෝ. එහෙත් සෙසු රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැරෙන මූලික අයිතිවාසිකම් බොහොමයක් මනිපුර ජනතාවට දිගු කලක සිට ලැඛෙන්නේ නැහැ. මේ දැඩි අසාධාරණය ගැන සෙසු ඉන්දියාවේ අපට එතරම් හැගීමක් හෝ අවබෝධයක් හෝ නැතිවීම ඉතා කණගාටුදායකයි” කල්පනා සිය ලිපියේ එසේ කියනවා.

ඉරෝම් ශර්මිලාගේ තිරසාර අධිෂ්ඨාන ශක්තිය ගැන ගෞරව පූර්වකව මාධ්‍යවල කථා කරන තවත් කෙනෙක් සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි (Arundhati Roy). අන්නා හසාරේගේ අරගලය ගැන අරුන්දතී දැඩි විවේචනයක් කරනවා. දූෂණය හා වංචාව පිටු දැකීමට නම් ඉන්දියානු සමාජය පුරා දරුණු ලෙස මුල් බැස තිඛෙන ඇති-නැති පරතරය අඩු කළ යුතු බව ඇය කියනවා. බොහෝ විට දූෂණ හා වංචාවලට මුල් වන්නේ, උල්පන්දම් දෙන්නේ අන්ත දුප්පතුන් නොව අතමිට සරු අය බවත්, ඒ අය සමාජ අසාධාරණකම් දිගට ම පවත්වා ගැනීම හරහා අයථා ප්‍රයෝජන හා වරප්‍රසාද ලබන බවට උදාහරණ සහිතව තර්ක කරනවා.

අරුන්දතී රෝයි ඉන්දියානු රාජ්‍යයේ (state) හෝ බලයේ පවතින රජයේ (government) හිතවතකු නොවෙයි. ඉන්දියානු රාජ්‍යයේ විෂමතා ගැන බරපතල විවේචන ඇය ප්‍රසිද්ධියේ ලියනවා. එබදු දැඩි විවේචකයන්ට ද ඉඩකඩ පැවතීම ඉන්දියාවේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක‍ෂණයක්. චතුර ලෙස කථා කරන්නට හා සූක‍ෂම ලෙස තර්ක කරන්නට හැකි වීම නිසා ඉන්දියානු විද්්‍යුත් මාධ්‍ය ද ඇයට තැනක් හා කාලයක් දෙනවා. මෙවර සිදු වී ඇත්තේ ඉන්දියන් ටෙලිවිෂන් නාලිකා බහුතරයක අළුත් ම වීරයා බවට පත්ව සිටින අන්නා හසාරේගේ ක්‍රමවේදයන් එම නාලිකාවල ම ජනප්‍රිය චරිතයක් හා පුවත් මවන්නියක වන අරුන්දතී රෝයිගේ නිර්දය විවේචනයට හසුවීමයි!

2011 අගෝස්තු 22 දා The Hindu පුවත්පතේ ලිපියක් ලියමින් ඇරුන්දතී රෝයි අනතුරු ඇගවීමක් කළා. අන්නා හසාරේගේ යෝජිත නීති කෙටුම්පත හා නිර්දේශිත සැළසුම් ඉදිරියට ගියොත් ඉන්දියාවේ දුගී දුප්පතුන්ට තවත් නිලධාරීවාදයකට කර ගසන්නට සිදු විය හැකි බවට. සමාජයක ව්‍යුහාත්මක වෙනස්කම් ඇති නොකොට පැලැස්තර විස`දුම් දීම තුළින් දූෂණය පිටු දැකිය නොහැකි බවත්, වැඩියෙන් ම හඩ නගන අරගලකරුවාට පමණක් සවන්දීම සාර්ථක විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් නොවන බවත් ඈ කියනවා.
ර්‍
“අද දූෂණ හා වංචා සිදුවන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ පමණක් නොවෙයි. ව්‍යාපාර ආයතනල රාජ්‍ය නොවන ආයතන මෙන් ම මාධ්‍ය ආයතනවලත් විශාල වශයෙන් දූෂණ සිදුවනවා. ඒ ගැන කිසි අවධානයක් යොමු නොකර රාජ්‍ය ෙක‍ෂත්‍රයේ දූෂණය ගැන පමණක් නීතිරීති තද කිරීම හසාරේ ඇතුළු පිරිසගේ උත්සාහයයි. මෙයින් ඉන්දියානු සමාජයේ දූෂණ පිටු දකින්නට බැහැ.” අරුන්දතී තර්ක කරනවා.

ඉන්දියානු සමාජය හා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රය ගැන නෙත් යොමා සිටින මට පෙනෙන්නේ ආවේගශීලි නොවී ප්‍රතිපත්තිමය හා තාර්කික පදනමකින් ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව අන්නා හසාරේට වඩා අරුන්දතී රෝයිට වැඩි බවයි. මේ දෙදෙනාගේ ම පාරිශ=ද්ධභාවය ගැන කිසිදු විවාදයක් නැහැ. එහෙත් වඩාත් ප්‍රායෝගික විසදුම් සෙවීම කළ හැක්කේ කාට ද යන්න ඉක්මනින් ම තෝරා ගන්නට ඉන්දියානු සමාජයට හා මාධ්‍යවලට සිදු වනවා.

Ray Wijewardene: Saluting a thinker who also tinkered

Working with a Genial Giant: Ray Wijewardene

As a communicator, I look for ways to say more with less. The ‘gold standard’ for brevity was set two centuries ago by the French poet, playwright, novelist and essayist Victor Hugo.

The story goes like this. Victor Hugo was travelling out of town and wanted to know how his latest book was selling. He messaged (telegraphed?) his agent: ?

The agent, not to be outdone, replied: !

Enough said. How I wish I could beat that economy of words…

I have a fondness for both question marks and exclamation marks — I used a good deal of both in my own speaking and writing. I use these as a metaphor in a tribute I just wrote about one of my mentors: Ray Wijewardene.

Ray Wijewardene: An Extraordinary Thinker and Tinkerer has just been published by Groundviews.org. It also appears on the official website about Ray Wijewardene, being formally launched today.

Here are the opening paras of my essay:

“If I had to condense the multi-faceted and fascinating life of Ray Wijewardene, I would reduce it to a whole lot of question marks and exclamation marks. In his 86 years, Ray generated more than his fair share of both.

“He was unpigeonholeable: engineer, farmer, inventor, aviator and sportsman all rolled into one. Whether at work or play, he was an innovative thinker who rose above his culture and training to grasp the bigger picture.”

Full essay: Ray Wijewardene: An Extraordinary Thinker and Tinkerer

The website was built by my team at TVE Asia Pacific (TEVAP) as a public education resource. read TVEAP News story:
TVEAP unveils new website on outstanding Sri Lankan scientist and visionary

Wangari Maathai (1940 – 2011): Tree planter, activist, visionary and mother

Wangari Muta Maathai (1 April 1940 – 25 September 2011)

“We are very fond of blaming the poor for destroying the environment. But often it is the powerful, including governments, that are responsible.”

That was a typical remark by Wangari Muta Maathai, the Kenyan environmental and political activist who has just died.

In the 1970s, Maathai founded the Green Belt Movement, an environmental non-governmental organisation focused on the planting of trees, environmental conservation, and women’s rights.

In 2004, she became the first African woman to receive the Nobel Peace Prize for “her contribution to sustainable development, democracy and peace.”

The Green Belt Movement in a profile about their founder counted the many roles she played: environmentalist; scientist; parliamentarian; founder of the Green Belt Movement; advocate for social justice, human rights, and democracy; elder; and Nobel Peace Laureate.

“”It is the people who must save the environment. It is the people who must make their leaders change. And we cannot be intimidated. So we must stand up for what we believe in,” Wangari Maathai kept saying.

As a tribute, I have assembled a few links to interesting online videos featuring her.

Taking Root, a long format documentary, tells the dramatic story of Wangari Maathai whose simple act of planting trees grew into a nationwide movement to safeguard the environment, protect human rights, and defend democracy—a movement for which this charismatic woman became an iconic inspiration.

TAKING ROOT: The Vision of Wangari Maathai Trailer on PBS YouTube channel:

Wangari Maathai & The Green Belt Movement, short film by StridesinDevelopment:

Riz Khan’s One on One: Wangari Maathai: Part 1
Interview with Al Jazeera English first broadcast on 19 Jan 2008

“I will be a hummingbird” – Wangari Maathai

Two more memorable quotes from her to inspire us all:

“I have always believed that, no matter how dark the cloud, there is always a thin, silver lining, and that is what we must look for.”

“We cannot tire or give up. We owe it to the present and future generations of all species to rise up and walk!”

සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

My weekly column on science, development and media, published in Ravaya newspaper on 28 August 2011 (converted into unicode Sinhala font using UCSC online facility, which has some limitations).

See also last week’s column:
21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

Ray Wijewardene with farmers in the field

ආචාර්ය රේ විෙජ්වර්ධනගේ චින්තනයෙන් හා වසර 86ක ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් රැසක් තිඛෙනවා. එයින් කිහිපයක් ගිය සතියේ සදහන් කළා. අද අපි නැවතත් ඒ ‘සරු කෙතට’ පිවිසෙනවා.

‘කෘෂිකර්මාන්තය’ ලෙසින් ගරු ගාම්භීර විධියට හ`දුන්වන ගොවිතැන් කිරීම ගැන රේ විෙජ්වර්ධනට තිබුණේ සැබෑ උනන්දුවක්. එහෙත් ඔහු ගොවිතැන් කිරීම දැක්කේ විද්‍යාඥයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් දකින කෝනයෙන් නොවෙයි. අනියත කාලගුණ තත්ත්වයන් හමුවේ මහපොළවත් සමග නිරතුරුව ගනුදෙනු කරමින් ආහාර හා වෙනත් බෝග වවන කුඩා පරිමානයේ ගොවීන් ගැන බැතිබර ලෙන්ගතුකමක් ඔහුට තිබුණා. කුඩා ගොවීන්ගේ ප්‍රශ්න හදුනාගන්නට නම් ඔවුන් සමග වෙලට හා හේනට බැසිය යුතු බව ඔහු විශ්වාස කළා.

කෘෂිවිද්‍යා පර්යේෂකයන් අති බහුතරයක් දෙනා එසේ නොකර, පොතෙන් ගොවිතැන් කිරීම නිසා ගොවීන්ට අදාල හෝ ප්‍රයෝජනවත් වන උපදෙස් දීමට ඔවුන් අපොහොසත් වන බව රේ කියා සිටියා. “උපාධිධාරී නෝනාවරුන්ට හා මහත්වරුන්ට මාත් සමග වෙලට බසින්නට මා නිතර ඇරැයුම් කරනවා. එහෙත් අතේ පයේ මඩ තැවරීම ගැන බියෙන් ඔවුන් බොහෝ දෙනෙකු එසේ කරන්නේ නැහැ. මේ අයගේ දැනුම හා ශිල්ප ක්‍රම බොහෝ විට ගොවියාගේ උවමනාකම්වලට බද්ධ නොවෙන්නේ මේ පරතරය හා ආකල්ප නිසායි.”

ඝර්ම කලාපීය (tropical) රටවල ගොවිතැන් කිරීමේදීත්, සමශීතෝෂණ (temperate) රටවල ගොවිතැන් කිරීමේදීත් ප්‍රබල වෙනස්කම් තිඛෙන බව ඔහු කියා සිටියා. ඝර්ම කලාපයේ අපේ වැනි රටවල මුළු වසර පුරා හිරු එළිය ලැඛෙනවා. එහෙත් සමශීතෝෂණ කලාපීය රටවල හිරුඑළිය හරිහැටි ලැඛෙන්නේ ගිම්හානයේ දී පමණයි. මේ නිසා සාපේක‍ෂව ඉක්මනින් හිරු එළිය ආහාර බවට පත් කළ හැකි කෙටි කාලීන බෝග වගාව ඒ රටවලට වඩාත් උචිතයි.

ඇත්තට ම වී ශාකයත් සමශීතෝෂණ දේශගුණය ඇති චීනය වැනි රටවලින් ඇරඹී ඉන්දියාව හරහා අපට ලැබුණු දායාදයක්. එසේ වූව ද කාලයාගේ ඇවෑමෙන් ඝර්ම කලාපීය රටවල ජනයා වී ගොවිතැනට හොදහැටි හුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඓතිහාසිකව අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ආහාරය බත් පමණක් නොව කොස්, දෙල් හා විවිධ අලවර්ග වූ බවත්, ඒ සමහරක් බහුවාර්ෂික බෝග වසර පුරා ම හිරු එළිය උකහාගනිමින් ආහාර නිපදවිය හැකි ඝර්ම කලාපීය දේශගුණයට මනා සේ ගැලපෙන බවත් ඔහු කියා සිටියා.

ඝර්ම කලාපීය ගොවීන්ට තිඛෙන ප්‍රධානතම අභියෝග දෙක නම් පසේ සරු බව රැක ගැනීම සහ ගොවිබිමේ වල් පැළෑටි පාලනය කිරීම. මේ අභියෝග දෙක ගැන දැඩි අවධානය යොමු කරමින් ඔහු වසර ගණනාවක් විවිධ අත්හදා බැලීම් කළා. ඝර්ම කලාපීය වනාන්තරවල මේ සාධක දෙක සොබාදහම ඉතා කාර්යක‍ෂම අයුරින් තුලනය කර ගන්නා සැටි අධ්‍යයනය කළ රේ, වනාන්තර අනුකරණය කිරීම ගොවිබිමට ගැලපෙන සැටි පෙන්වා දුන්නා.

ඝර්ම කලාපීය රටවල කිසිම අවස්ථාවක පසේ (වඩාත් ම සාරවත්) මතු පිට තට්ටුව නිරාවරණය වන්නට ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණයෙන් කියා සිටියා. එසේ වූව හොත් අධික හිරුඑළියෙන් පස දූවිලි බවට පත්විය හැකි අතර, වර්ෂාව නිසා ඉක්මනින් සෝදා පාලූවට ලක්වීමට ද හැකියි. මේ තත්ත්වයන් වළක්වා ගන්නට ගොවිබිම්වල කුඩා පදුරු මෙන් ම තැනින් තැන ලොකු ගස් ද වැවිය යුතුයි. මේ ගස්වලින් ගිලිහී වැටෙන කොළ රොඩු වැස්ම නිසා පස ආරක‍ෂා වනවා. එමෙන් ම වල් පැළෑටි බිහිවීම ද වළක්වනවා.

දේශගුණික හා කාලගුණික සාධක ඛෙහෙවින් වෙනස් වූ සමශීතෝෂණ රටවල ගොවිතැන් කිරීම සදහා මුළු ගොවිබිම් යාය ම එළිපෙහෙළි කරනවා. එය ඔවුන්ට ගැලපෙන නමුත් ඝර්ම කලාපයේ අපට ඉතා අහිතකර බවත්, මේ වෙනස හදුනා නොගෙන ඒ ආකාරයේ විවෘත ගොවි බිම් අපේ රටේ ද ඇති කිරීමෙන් අපේ සරු පස විශාල වශයෙන් සෝදා පාළුවට ලක් වූ බවත් රේ පෙන්වා දුන්නා. සමශීතෝපණ රටවලින් කෘෂිකර්ම පශ්චාත් උපාධි ලබා අපේ ඝර්ම කලාපීය රටේ කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන හා පර්යේෂණ කරන බොහෝ විශේෂඥයන්ට මේ තිත්ත ඇත්ත දිරවා ගන්නට අමාරු වුණා. එයින් නොසැලූණු රේ මේ සංකල්ප ප්‍රායෝගිකව අපේ ගොවීන්ට හ`දුන්වා දෙන්නට වෙහෙස ගත්තා.

1970 දශකයේ වැඩි කාලයක් ඔහු ගත කළේ අපි්‍රකාවේ රටවල කෘෂිකර්ම උපදේශකයකු හැටියටයි. ඒ කාලයේ ලැබූ අත්දැකීම් හා කළ පර්යේෂණ පදනම් කර ගෙන ඔහු බෑවුම් කදුකර ප්‍රදේශවලට වඩාත් උචිත වගා ක්‍රමයක් හැටියට Sloping Agricultural Land Technology (SALT) ලංකාවේ ප්‍රවර්ධනය කළා. SALT 1970 දශකයේ පිලිපීනයෙන් ඇරඹුණු ක්‍රමවේදයක්. ඉතා ම සරලව කිවහොත ඉක්මනින් වැවෙන රනිල ශාක (leguminous plants) සමෝච්ච රේඛා පදනමට බෑවුම්වල වවනවා. වායුගෝලයෙන් නයිට්‍රජන් උකහා ගෙන පසේ ගැටිත‘ බවට පත් කිරීමේ හැකියාව ඇති එම ගස් පේළි අතර වෙනත් බෝග වගා කළ හැකියි.

1980දී යළිත් ලංකාවට ආ රේ, SALT ක්‍රමය අපේ කදුකරයට ගැලපෙන ලෙස සකස් කිරීමට අත්හදා බැලීම් කළා. ඉක්මනින් වැවෙන රනිල ශාක මෙන් ම දිගු කලක් වැවෙන වෙනත් බහුවාර්ෂික ශාක ද කදු බෑවුම්වල සිටුවීමෙන් වගාවට සෙවනක්, කොළරොඩු දායකත්වයක් මෙන්ම පස සෝදා යාමට එරෙහිව ස්වාභාවික බැම්මක් ද ලැඛෙනවා.

රාජ්‍ය කෘෂිකර්ම නිලධාරීවාදය මේ නව අදහස්වලට එතරම් කැමැති නොවූ නිසා ඔහු පෞද්ගලික අංශය සමග ඉදිරියට ගියා. කදුකරයේ ඇතැම් තැන්වල දුම්කොළ වවන කුඩා ගොවීන්ගේ බිම්වල සරු බව රකින්නට SALT ක්‍රමය යොදා ගත්තා. 1989 සිට ඌව පලාතේ දඩයම්පොළ ගම්මානය කේන්ද්‍ර කර ගෙන කළ SALT අත්හදා බැලීම් සාර්ථකවීමත් සමග අවට ප්‍රදේශ රැසක දුම්කොළ ගොවීන් පමණක් නොවෙයි අනෙකුත් එළවළු ගොවීන්ද මේ ක්‍රමවේදයට පෙළඹුණා.

ලංකාවේ SALT ක්‍රමය සදහා ග්ලිරිසීඩියා (Gliricidia sepium) නමින් උද්හිද විද්‍යාත්මකව හදුන්වන ශාකය වඩාත් උචිත බව ඔහුගේ නිගමනය වුණා. මේ ශාකය විවිධ නම් වලින් අපේ රටේ හැදින්වෙනවා: ගිනිසිරියා, වැටහිරියා, වැටමාර, ලදප්පා, නාංචි, සෙවන, මකුලතා හා ඇල්බීසියා වශයෙන්.

SALT යොදා ගෙන දුම්කොළ ගොවීන් සමග කළ පාංශ= සංරක‍ෂණ කටයුතුවලට ඇගැයීමක් හැටියට 1997දී බි්‍රතාන්‍යයේ වර්ල්ඩ් අවෙයාර් සම්මානය World Aware Award පිරිනමනු ලැබුවා. එහෙත් දුම්කොළ කර්මාන්තයට එරෙහි මෙරට ඇතැම් දෙනා මේ උත්සාහය හෙළා දැක්කා. දුම්කොළ සමාගම සමග හවුලේ උඩරට පාංශ= සංරක‍ෂණයට යොමුවීම ගැන අපේ සමහර පරිසරවේදීන් රේ විෙජ්වර්ධනට දැඩි සේ දෝෂාරෝපණය කළා.

ඒ ගැන මා ඔහුගෙන් ඇසූ විට ඔහු කිවේ මෙයයි: “දුම්කොළ නෙළා ගත් පසු නිපදවන භාණ්ඩය ගැන මට උනන්දුවක් නැහැ. මගේ සමස්ත අවධානය යොමු වුණේ කුඩා පරිමානයේ දුම්කොළ ගොවීන් හා ඔවුන්ගේ කදුකර ගොවි බිම් ගැනයි. දුම්කොළ වැවීමෙන් වැඩි ආදායමක් ලැඛෙන නිසා ඔවුන් ඒ බෝගය වවනවා. දුම්කොළ වෙනුවට වෙනත් බෝග වවන්නට මේ ගොවීන්ට අවශ්‍ය අවස්ථාව, තාක‍ෂණය හා වෙළදපොළ සළසා දෙන්න යයි මා අපේ පරිසරවේදීන්ට අභියෝග කරනවා”

ටික කලකට පසු ක`දුකර තේ වතුවලට ද SALT ක්‍රමය හදුන්වා දුන්නා. අද වන විට ලංකාවේ මෙන් ම ඉන්දියාවේ තේ වතුවලත් මේ ක්‍රමය ක්‍රියාත්මක වනවා. ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා හැටියට වසර කිහිපයක් කටයුතු කළ රේ වැඩි අවධානයක් යොමු කළේ උඩරට කදුකර පරිසරයට හානි නොකර අපේ තේ කර්මාන්තයේ ඵලදාව වැඩි කරගන්නා තරසාර ක්‍රම පිළිබදවයි.

“දුම්කොළ හා තේ කර්මාන්තයන් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වන නිසා ඔවුන් හරහා අළුත් අදහස් අත්හදා බලන්නට හා හ`දුන්වා දෙන්නට වඩාත් ලෙහෙසියි” ඔහු පැහැදිලි කළා. එහෙත් එතැනින් පටන් ගත් SALT ක්‍රමවේදය ටිකෙන් ටික කදුකර ප්‍රදේශවල ගොවිතැන් කරන හැම දෙනාට ම ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා.

වල්පැළෑටි පාලනයට වල්නාශක යොදා ගත හැකි වූවත් එවිට විෂ රසායන ගොවිබිමට හා අවට පරිසරයට එකතු වන නිසා එය හිතකර ක්‍රමයක් නොවෙයි. වී ගොවිතැනේදී අපේ ගොවීන් වෙල්යායවල වතුර බදින්නේ වැඩිපුර ම වැඩිපුරම වල් පැළෑටි ගිල්වා මරා දැමීමට බවත්, වී ශාකයේ භෞතික අවශ්‍යතාවයන්ට එතරම් ජල ප්‍රමාණයක් උවමනා නැති බවත් ඔහු තේරුම් ගත්තා. ඔහුගේ ගණනය කිරීමට අනුව වී කිලෝග්‍රෑම් 1ක් නිපදවන්නට ජලය ටොන් 20ක් යෙදවීමේ අනුපාතයක් ලංකාවේ සමහර ප්‍රදේශවල තිඛෙනවා.

ගොවීන්ට නොමිළයේ ලැඛෙන අහස් (වැසි) දිය හෝ වාරි ජලය මේ තරම් අධික ලෙස වී ගොවිතැනට යෙදීම දිගට ම කර ගෙන යා නොහැකි බවට 1990 දශකය මුලදී ඔහු අනතුරු ඇගවූවා. 21 වන සියවසේ මතුවන ජල හිගය ගැන කල් තබා දුටු ඔහු, ජලය මෙතරම් විශාල ප්‍රමාණයක් යොදා නොගෙන එම වී අස්වැන්න ම ලබා ගැනීමේ ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

වී වගාවේ SRI ක්‍රමය පෙන්වා දෙන්නේත් වඩා අඩු ජලයක් භාවිතා කරමින් ගොවිතැන් කළ හැකි බවයි. වෙල් යායට වතුර බ`දිනවා වෙනුවට කොළ රොඩු වැස්මක් ලබා දීමෙන් ඉතා අඩු වියදමකින් හා පරිශ්‍රමයකින් කුඹුරේ වල් පැළ මර්දනය වන බව රේ සොයාගත්තේ SRI ක්‍රමය ප්‍රචලිත වන්නට කලින්.

“ලංකාව සැබැවින් ම වාසනාවන්ත දිවයිනක්. වසර පුරා අපට හිරුඑළිය ලැඛෙනවා. සරු පසක් හා යහපත් දේශගුණයක් තිඛෙනවා. අපට අවශ්‍ය ආහාර බෝග සියල්ලත්, අපේ බලශක්ති අවශ්‍යතාවයෙන් කොටසකුත් අපේ පොළවෙන් ම වවා ගත හැකියි.” මේ රේ විෙජ්වර්ධන නිතර කළ ප්‍රකාශයක්. එය කෙසේ කළ යුතු ද, කළ හැකි ද යන්න ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. දැන් අපට තිඛෙන්නේ රේ සොයා දුන් මාවතෙහි නොබියව හා කඩිනමින් ගමන් කිරීමයි.

රේ විෙජ්වර්ධන අදීන චින්තනය පිළිබ`ද නව වෙබ් අඩවියට පිවිසෙන්න: www.raywijewardene.net