Rolex Awards 2012: Social and technological entrepreneurs shaping a new world

News feature published in Ceylon Today newspaper, 28 November 2012

L to R - Margaret Lowman, Rodrigo Jordan, Adrienne Corboud Fumagalli & moderator R Sukumar
L to R – Margaret Lowman, Rodrigo Jordan, Adrienne Corboud Fumagalli & moderator R Sukumar

Social and technological entrepreneurs shaping a new world
By Nalaka Gunawardene in New Delhi

A new wave of social and technological entrepreneurs is reshaping our world, blending the best of enterprise, innovation and compassion.

The old divides of for-profit and non-profit are fast blurring in this brave new world where emerging economies of Asia are taking the lead, a global gathering of change-makers heard this week.

The Rolex Leadership Forum, held at the New Delhi Municipal Council Convention Centre, was convened by the Rolex Awards for Enterprise. It heard from inspirational innovators, scientists and adventurers – all of who shared their personal journeys and passions as they discussed their views on leadership and enterprise.

The core values identifies by these remarkable individuals as guiding and sustaining themselves were passion, integrity, resilience and a sense of humour.

“Follow your passion, think outside the box and seek solutions,” was how Margaret Lowman, pioneering US canopy ecologist summed it up. “Early on, I realized that you expend the same amount of energy to complain as to exclaim. I’ve chosen to do the latter, making things better as I go along!”

She emphasised that solving problems is far more important than simply gathering and analysing data or publishing technical papers. As head of North Carolina’s new Nature Research Centre, she is heavily involved in taking children and youth back to nature, and in public engagement of science.

“I would recommend that we try not to blend in, but stand up and stand out,” said Adrienne Corboud Fumagalli, Swiss economist, media and technology transfer specialist.

Rodrigo Jordan, Chilean social entrepreneur, educationist and mountaineer, who in 1992 led the first Latin American expedition to Mount Everest, has been applying team building skills to business, education and social development. His recipe for successful teams: right proportions of passion, expertise, a sense of purpose and generosity among team members.

“It is imperative for good teams to have members with a good match of technical and personal skills,” he said. “I climb peaks not with climbers but with human beings.”

Nandan Nilekani speaks at Rolex Leadership Forum 2012
Nandan Nilekani speaks at Rolex Leadership Forum 2012

“Giving people a purpose larger than themselves usually leads to extraordinary results,” said Nandan Nilekani, the Indian techno-preneur best known for co-founding and building the IT giant Infosys Technologies.

He described challenges involved in his current public sector assignment as chairman of the Unique Identification Authority of India (UIDAI) – which is building the world’ s largest digital identification system that is web-based. When completed, it will store information on all 1.2 billion Indian residents.

Young change-makers

The forum also heard from three outstanding young Indians who have pursued their own passion for excellence, innovation and service.

Piyush Tewari, who was a Rolex Young Laureate in 2010, has left a lucrative corporate job to devote all his time to SaveLIFE Foundation that trains police officers and volunteers in roadside trauma care. His group responds to the highest road accident fatality rate in the world – an average of 15 deaths every hour. Yet, 80 per cent of victims don’t receive any emergency medical help within the first vital hour after injury.

Deepak Ravindran founded and heads Innoz, a tech company that runs SMSGYAN which serves 120 million users to access several Internet functions from simple mobile phones through text messages. By making every mobile phone smart, he aims to bring Internet within reach of more people in a country where Internet use is currently around 10 per cent.

Ishita Khanna is a social entrepreneur who runs EcoSphere that promotes community participation to achieve sustainable development in remote Himalayan communities through eco-tourism, renewable energies and indigenous wild produce.

These three mid-career professionals epitomise the new generation of Indians who are combining modern management methods and technologies with age old values of caring, sharing and taking on responsibility.

As Rebecca Irvin, director of Philanthropy at Rolex, asked: “The choice for today’s young people is: do you just want to do well in your lives, or do you also want to do good while pursuing your passions?”

The Rolex Leadership Forum 2012 in New Delhi was attended by over 300 people who came from all parts of the world and all walks of life. The distinguished gathering included past winners (laureates) of the prestigious award and its past judges along with journalists, activists and researchers.

Dr Wijaya Godakumbura, inventor of the safe bottle lamp and a Rolex Laureate (1998), was among the invitees.

Rolex Leadership Forum in Delhi, Ceylon Today 28 Nov 2012
Rolex Leadership Forum in Delhi, Ceylon Today 28 Nov 2012

සිවුමංසල කොලූගැටයා #93: අධ්‍යාපන ක‍්‍රමයෙන් විකෘති වන අපේ දරුවෝ

In this week’s Ravaya column (in Sinhala), I discuss the brutal, almost inhuman pressures the formal education system — schools, teachers and most parents — exert on our children.

I explored similar ground in an English essay written 10 years ago, titled Let’s Restore the Joy of Learning!

My daughter was six at the time, and I was hoping she would be spared the worst of the Lankan educational system as she grew up. Alas, things have only become worse in that decade. I’ve tried to buffer her from the worst excesses: while she does not have parental pressure to ‘get ahead at any cost’, she is being driven by her school to ‘perform’ so as to ‘maintain the school’s glory’!

See also my June 2010 blog post: Why isn’t school very cool? Have we asked our kids yet?

A hapless school kid being primed for the Great Rat Race - cartoon by W R Wijesoma, 1994

කලක් මගේ සහෘදයකු වූ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් කාලීන දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා ගැන විනිවිද දකින සියුම් දැක්මක් තිබූ කෙනෙක්. ඔහු සිය කාටූන් හරහා විටින් විට මතු කළ තේමාවක් වූයේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක‍්‍රියා නිසා පීඩාවට පත් වන අපේ දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරූපනය කළේ සිරුරේ ප‍්‍රමාණයටත් වඩා විශාල වූ පොත් කර ගසා ගෙන ආයාසයෙන් ගමන් කරන පාසල් දරුවකුගේ රූපයකින්.

සැබෑ ජීවිතය විප‍්‍රරූපණය කිරීමට (caricaturise) කාටූන් ශිල්පීන්ට නිර්මාණාත්මක නිදහසක් තිබෙනවා. එහෙත් මීට වසර 15කට 20කට පෙර විජේසෝමයන් කී දේ ඇත්තට ම සිදු වනවා. මහ පොත් ගොන්නක් ගෙන යාම නිසා ශාරීරික ආබාධවලට පත් දරුවන් ගැන වෛද්‍යවරුන් වාර්තා කරන්නේ වසර ගණනාවක සිට. මේ නිසා වඩාත් ශ‍්‍රමක්ෂතා විද්‍යානුකූලව (ergonomically) සැකසූ බෑගයක් දරුවන්ට දීමේ උත්සාහයක් තිබෙනවා. එය හොඳ ප‍්‍රතිචාරයක් වුවත් ප‍්‍රශ්නයේ මුල එතැන නොවෙයි.

මෙතරම් පෙළ පොත් කන්දරාවක ඇති දැනුම් සම්භාරයක් නිසි සේ උකහා ගන්නට අපේ දරුවන්ට ස්වාභාවික හා සාධාරණ ධාරිතාවක් තිබේ ද? නැත්නම් නිල අධ්‍යාපන තන්ත‍්‍රයත්, දෙමවුපියනුත්, ජන සමාජයත් නිර්දය ලෙසින් මේ බර දරුවන්ගේ සිරුරට හා මනසට පටවන්නේ ඇයි?

විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ හොඳ මෙන් ම නරක ද තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවංකව උද්ඝෝෂණය කරන අය පවා ක‍්‍රමීය මට්ටමින් පාසල් හා සරසවි ක‍්‍රමයේ දුර්වලතා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

මා මේ දැවැන්ත සමාජ ප‍්‍රශ්නය ගැන කථා කරන්නේ සෙද්ධාන්තිකව නොවෙයි. නුදුරු දිනයක තරගකාරී ප‍්‍රසිද්ධ විභාගයකට පෙනී සිටින දියණියක් මටත් සිටිනවා. උවමනාවට වඩා අතිශයින් පුම්බන ලද විෂයය මාලාවන් ගණනාවක බර කර ගසා ගෙන දැනුම් කන්දක් නගින්නට ඇය හා ඇගේ මිතුරියන් ගන්නා මහත් වූ ආයාසය මා බලා සිටින්නේ කම්පාවෙන් හා වේදනාවෙන්.

ගෙවී යන සෑම සතියක ම මට සිහි වන්නේ මා පාසල් යන කාලයේ නැරඹූ සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ නාට්‍යයයි. පාසලත්, ටියුෂන් පන්තියත් යන දෙකෙන් එහාට හරිහැටි නිදා ගන්නවත්, හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැති, අතිශය පීඩාකාරී තත්ත්වයක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන් කල් ගත කරනවා. දැන් දැන් මේ තත්වය පහේ ශිෂ්‍යත්වයටත් අදාල වන බව වාර්තා වනවා.

දශක කිහිපයක් තිස්සේ අප බොහෝ දෙනෙකු (කැමති වුවත් නැති වුවත්) යෙදී සිටින්නේ මහා ලාංකික මූසික තරගය (Great Lankan Rat Race) නම් නොනවතින තරග දිවීමකයි. එයට කුඩා කල සිට ම දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් විසින් දරුවන් සූදානම් කරන්නේ මහත් ඕනෑකමින්.

අවසාන විනිශ්චයේදී හොදින් උගෙන, විභාග ඉහළින් සමත්වී රටට ලෝකයට වැඩ දායක කෙනෙකු වීම උතුම් අරමුණක්. එහෙත් බෙහෙවින් පටු හා ඒකාකාරී ලෙසින් සකස් වූ අධ්‍යාපන ක‍්‍රමයක සීමිත අවස්ථා සඳහා අතිශය තරගකාරීව එකිනෙකා සමග කුලල් කා ගන්නට දරුවන්ට සිදුව තිබෙනවා. මෙබඳු නිර්දය පොර බැදීමකදී වඩාත් සංවේදී, ස්වාභාවයෙන් ආක‍්‍රමණශීලී හෝ තරගකාරී නොවන, තමන්ගේ ම පරිකල්පන ලෝකයට නිමග්න වූ දරුවන් මුළු ගැන්වෙනවා.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලූපුල් පෙරේරා මේ පිළිබඳව විවෘතව අදහස් දක්වන විද්වතෙක්. කය, මනස හා පෞරුෂත්වය යන සියල්ල වර්ධනය කරන සමබර ඉගැනුමක් වෙනුවට ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් ආයාසයෙන් ස්මරණය කිරීමට ළමයින්ට බල කරන අපේ අධ්‍යාපන ක‍්‍රමය ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි අහිතකර බලපෑම් කරන බව ඔහු නිතර පෙන්වා දෙනවා.

ඔහුගේ ම වචන වලින් මෙය කෙටියෙන් කියන්නේ ‘පොත නැමැති උගුලේ පැටලිලා – පීඩනයට පත් වෙලා’ යනුවෙන්.

සමාජයට හා රටට අවශ්‍ය වන්නේත්, අධ්‍යාපනයේ අවසන් අරමුණ වන්නේත් ඇවිදින දැනුම් කෝෂ්ඨාගාර බිහි කරන්නට නොව, දැනුම, බුද්ධිය හා සමාජයීය කුසලතා යන සියල්ල මනාව තුලනය කරගත් පුද්ගලයන් බවට පාසල් දරුවන් පත් කරන්නටයි. එහෙත් වත්මන් ක‍්‍රමයේ යාන්ත‍්‍රික ලෙස කරුණු උගැනීමටත්, අතිශය තරගකාරී විභාගවලදී එය වැමෑරීමටත් දෙන විශාල ප‍්‍රමුඛතාවය නිසා පූර්ණ පෞරුෂයක් දියුණු කිරීමට තිබෙන අවස්ථා මග හැරී යන බව ඔහු කියනවා.

මෙබඳු තොරතුරු සමුදායක් මතක තබා ගැනීමට තැත් කිරීම අද වැනි තොරතුරු සමාජය ඉදිරියට ගිය කාලයක තව දුරටත් අවශ්‍ය හෝ ප‍්‍රයෝජනවත් හෝ වේද?

තොරතුරු මහ ගොඩක් ධාරණය කරගත් පමණට එය දැනුම බවට පත් වන්නේ නැහැ. දැනුම යනු අවබෝධය හා අදාලත්වය අනුව මනස තුළ සකසා ගත් තොරතුරුයි.

අපේ මොළය තොරතුරු දැනුම ලෙස ගබඩා කර ගන්නා ක‍්‍රම දෙකක් ඇති බව වෛද්‍ය පෙරේරා කියනවා. එකක් කෙටි කාලීන මතකයයි. අනෙක දිගු කාලීන මතකයයි. අප දිනපතා ලබන බොහෝ අත්දැකීම් හා අපට හමුවන තොරතුරු කෙටි කාලීන මතකයේ තාවකාලිකව රැඳුනත් දිගු කාලීන මතකයට ඒවා බහුතරයක් කිඳා බසින්නේ නැහැ.

තොරතුරක් එසේ කිඳා බසින්නට නම් අප යමක් විමර්ෂණය කොට, මනසින් කිරා මැන බලා ඕනෑකමින් ග‍්‍රහණය කළ යුතුයි. එය කාලය හා ශ‍්‍රමය වැය වන, සෙමෙන් හා ඉවසීමෙන් කළ යුතු ක‍්‍රියාවක්. දුවන ගමන් කළ හැකි දෙයක් නොවේ.

කලා, විද්‍යා, වාණිජ කෙෂ්ත‍්‍රවල ඕනෑ ම විෂයයක් උගැනීමේදී එය ක‍්‍රමානුකූලව, ආසාවෙන් කිරීම වඩාත් ප‍්‍රතිඵලදායක ක‍්‍රමයයි. එහෙත් අති විශාල ලෙස පුළුල් කරන ලද විෂයමාලාවන් සීමිත පාසල් කාලයක් තුළ උගැනීමේ අභියෝගයට මුහුණ දෙන විට මේ ප‍්‍රශස්ත ක‍්‍රමවේදයන්ට ඉඩක් ඉතිරි වන්නේ නැහැ.

සරල උපමාවකින් මොළය කළයකටත්, දැනුම ජලයටත් සමාන කරමින් වෛද්‍ය පෙරේරා කියන්නේ කළයකට ජලය පිරවිය යුතු රටාවක් හා සංයමයක් ඇති බවයි. අධිවේගීව කළයක් පුරවන්නට තැත් කළොත් එහි ස්වාභාවික ධාරිතාව දක්වා හෝ හරිහැටි පිරෙන්නේ නැහැ. ඊටත් කලින් පිටාර ගලන්නට පටන් ගන්නවා.

මිනිස් මොළය මීට වඩා අතිශයින් සංකීර්ණ වුවත් මේ උපමාව ක‍්‍රියාවලිය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත්. අද අධ්‍යාපන ක‍්‍රමය අධිවේගීව යන ගමනෙන් දරුවන්ටත්, රටටත් ප‍්‍රශස්ත ප‍්‍රතිඵල ලබා ගන්නට නොහැකි වී තිබෙනවා. හෙමින් හෙමින් සීමිත පරාසයක් වුව හොදින් ප‍්‍රගුණ කිරීම මීට වඩා ප‍්‍රයෝජනවත්.

දැනුම ඉතා ඉක්මනින් පුළුල් වන අද කාලයේ අපේ දරුවන්ට ඒ නව ලොවත් සමග පෙරට යන්නට නම් මෙකී අධිවේගී ධාවනය අත්‍යවශ්‍ය බවට සමහරුන් තර්ක කරනවා. විෂයය මාලාවන් සංශෝධනය වන හැම විටෙක ම ඒවා තව තවත් විශාල කිරීමට හේතුව ලෙස දක්වන්නේ මෙයයි.

එහෙත් මෙය තව දුරටත් පිළිගත හැකි තර්කයක් නොවේ. අද අපට අවශ්‍යව ඇත්තේ ඇවිදින දත්ත ගබඩා බිහි කිරීම නොව තොරතුරු සාගරයේ නිසි ලෙස සැරිසරමින් යාමේ කුසලතාවයත්, සොයා ගත් තොරතුරු දැනුම ලෙස අදාල කර ගෙන ගැටළු විසදීමේ හැකියාවත් ඇති පුද්ගලයන් බිහි කිරීමයි.

ලේඛකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයෙකු හා 18 වන සියවසේ ප‍්‍රාඥයකු ලෙස පිළි ගැනෙන ඉංග‍්‍රීසි ජාතික සැමුවෙල් ජොන්සන් (1709 – 1784) ඉංග‍්‍රීසි භාෂාවේ මුල් ම ශබ්දකෝෂය සම්පාදනය කළා. ඔහුගේ කාලයේ ලොව පැවති දැනුම් ප‍්‍රමාණය අදට වඩා බෙහෙවින් සීමිත වුවත් එවකට පවා හැම තොරතුරක් ම යාන්ති‍්‍රක ලෙස ධාරණය කිරීමේ තේරුමක් නැති බව ඔහු දැන සිටියා.

දැනුම පිළිබඳව හොඳ ම උපදේශයක් ඔහු දී තිබෙනවා: ”දැනුම (knowledge) දෙයාකාරයි. එක්කෝ යම් විෂයයක් ගැන අප හොඳින් දන්නවා. නැතිනම් ඒ ගැන තොරතුරු සොයා ගත හැකි ක‍්‍රමවේදයන් හා මූලාශ‍්‍රයන් අප දන්නවා. පුස්තකාලයකට පිවිසෙන අප මුලින් කළ යුත්තේ එහි සූචිය පරිශීලනය කරන සැටි දැන සිටීමයි.”

ලේඛකයකු වීම ගර්වයක් හැටියට සැළකූ මගේ පාසල් මිතුරකු සිටියා. ලේඛන කලාවට ලැදියාවක් තිබූ අප ඒ සඳහා නිර්මාණශීලී අත්හදා බැලීම් කරමින් ශිල්පීය ක‍්‍රම ප‍්‍රගුණ කර ගන්නා අතර ඔහු කළේ ශබ්දකෝෂ කටපාඩම් කිරීම පමණයි. පසු කලෙක ඔහු බර වචන දහස් ගණනක් දත්, එහෙත් හරිහැටි එක් රසවත් වැකියක් හෝ ඡ්දයක් හෝ ලියා ගන්නට නොහැකි අවසනාවන්ත තත්ත්වයට පත් වුණා.

තොරතුරු ගබඩා කිරීමේ පටු අරමුණින් කරන උගැනීමේ අවසන් ප‍්‍රතිඵලයත් මීට සමාන්තරයි. (ලේඛකයකු ලෙස මා යොදා ගත්තේ එදිනෙදා වචන සීමිත සංඛ්‍යාවක්. සංකීර්ණ සංකල්ප පවා සරල එදිනෙදා බසින් ප‍්‍රකාශ කිරීම තමයි සන්නිවේදනයේ අභියෝගය!)

දැනුම් කන්ද තරණය කිරීමේ දුෂ්කර කි‍්‍රයාවේ කිසිදු දොසක් නොදකින බොහෝ දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් ප‍්‍රධානීන් සිටිනවා. ඔවුන් ඇතැම් දෙනාගේ මතය නම් අද කාලයේ ළමුන් සහජයෙන් “අලස” බවත්, මෙබඳු දරදඩු විනයකට යටත් නොකළොත් ඔවුන් කිසි දිනෙක සිය උත්සාහයෙන් විෂයයන් උගෙන විභාග සමත් නොවනු ඇති බවත්. ඉඳහිට ඇතැම් දරුවන් ගැන මෙය අදාල විය හැකි වුවත්, මානසික හිංසනයක් පොදුවේ සාධරණීකරණය කරන්නට මෙය තර්කයක් ලෙස යොදා ගැනීම බිහිසුණුයි.

තරග විභාග ආසන්න වන විට ඇතැම් දරුවන් මානසික රෝගවලට ගොදුරු වන්නේත්, ආන්තික අවස්ථාවල සිය දිවි නසා ගන්නේත් මේ දැඩි පීඩනය දරා ගත නොහැකි වූ විටයි. කලකට ඉහත ඉඳහිට වාර්තා වූ මෙබඳු අවාසනාවන්ත සිදුවීම් දැන් හැම තරග විභාගයක් ගැන ම වාර්ෂිකව අසන්නට ලැබෙනවා.

2002දී ඉංග‍්‍රීසි ලිපියක් ලියමින් මා තර්ක කළේ මේ කුරිරු අධ්‍යාපන ක‍්‍රමය අපේ රටේ ඉතා පුළුල්ව හා ආයතනගතව සිදු වන ළමා අපයෝජනයක් බවයි. දශකයක් ගත වීමෙන් පසු ඒ තත්ත්වය උග‍්‍ර වී ඇතත් විසඳුමක් පෙනෙන්නට නැහැ.

විජේසෝමගේ කාටූන් හා සෝමලතා සුබසිංහගේ නාට්‍ය හරහා කලක් තිස්සේ ලක් සමාජයට කියන දෙය තව දුරටත් නොසළකා සිටීමට බැරි මට්ටමට ප‍්‍රශ්නය උඩු දුවා ඇති බව පෙනෙනවා. කුහකකම්, පටු මානසිකත්වයන් හා බොරු මානයන් පසෙක දමා අපේ දරුවන් බිහිසුණු අධ්‍යාපන ක‍්‍රමයෙන් බේරා ගත යුතුව තිබෙනවා.

උගත්කම ඉහළින් අගය කරන සමාජයක් මේ ආකාරයට දැනුම හඹා යන්නට හා එය ඊළඟ පරපුරට කාවද්දන්නට තැත් කිරීම තේරුම් ගත හැකියි. එහෙත් අප කරන දෙයින් හොඳට වඩා නරකක් සිදු වේ නම් ඒ ගැන යළිත් සිතා බැලිය යුතුයි නේද?

සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

In this week’s Sunday column in Ravaya newspaper (in Sinhala), I’ve written about polar explorer Sir Robert Swan’s 2041 campaign to preserve the Antarctica as the world’s last great wilderness.

I covered similar ground in an English column on 11 Nov 2012: When Worlds Collide #41: Hands Off Antarctica! Protecting the Last Great Wilderness

Follow-up column on 2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

Robert Swan and his 2041 campaign for Antarctica

අප බොහෝ දෙනෙකුගේ දැක්ම හා ආකල්ප අපේ වටපිටාව මඟින් පෝෂණය වනවා. මානවයින්ගෙන් බහුතරයකට තමන්ගේ ගම, පළාත හෝ වැඩි ම වුව හොත් උපන් රටෙන් ඔබ්බට පුළුල් වූ චින්තනයක් නැහැ. එහි වරදක් නොමැති වුවත් ඉඳහිට හෝ අප ටික දෙනෙකුවත් ග‍්‍රහලෝකයේ මටිටමින් සිතීම අවශ්‍යයි.

පටු මානව බෙදීම්වලින් සීමා නොවූ මෙබඳු ග‍්‍රහලෝකමය දැක්මක් අත්දැකීමක් මනා සේ ලබන දෙපිරිසක් සිටිනවා. එනම් අජටාකාශගාමීන් හා ධ‍්‍රැව ගවේෂකයන්. අපේ ලෝකයේ පුළුල් චිත‍්‍රය ග‍්‍රහණය කර ගන්නා ඔවුන් වැඩි දෙනෙකු ඉන්පසු ලෝක සාමය, න්‍යෂ්ටික අවිහරණය, පරිසර සංරක්ෂණය වැනි උදාර අරමුණු වලට සිය ජීවිතය කැප කරනවා.

මා විවිධ අවස්ථාවල අමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. ධ‍්‍රැව ගවේෂකයකු මා මුල් වරට හමු වුයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහු 56 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් ස්වෝන් (Sir Robert Swan).

ධ‍්‍රැව ගවේෂණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අධික ශීතල, දේශගුණ විසමතා ඇතුළු ආන්තික පාරිසරික තත්ත්වයන් නිසා. උත්තර ධ‍්‍රැවය (ආක්ටික් හිම කඳු) හා දක්ෂිණ ධ‍්‍රැවය පිහිටි ඇන්ටාක්ටිකා අයිස් මහද්වීපය ගවේෂණය කිරීමේ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

මේ වකවානුව තුළ රොබට් ස්වෝන්ගේ පුරෝගාමී වික‍්‍රමය වූයේ කිසිදු යාන්ත‍්‍රික උපකාරයකින් තොරව ධ‍්‍රැව දෙකට ම පා ගමනින් ඇවිද ගෙන යාමයි. 1986 ජනවාරියේ කුඩා කණ්ඩායමක් සමග ඔහු කිලෝමිටර් 1,400ක් ඇන්ටාක්ටිකාව හරහා ගමන් කොට දක්ෂීණ ධ‍්‍රැවයට ළගා වුණා. 1989 මැයි මාසයේ ආක්ටික් අයිස් අතරින් උත්තර ධ‍්‍රැවයටත් පයින් ම ගියා.

Sir Robert Swan, polar explorer
මේ චාරිකාවලින් පසුව ධ‍්‍රැව ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳාකාර තේරුම් ගත් ඔහු පාරිසරික ක‍්‍රියාකාරිකයකු වුණා. දැනට දශක දෙකකට වැඩි කාලයක් ඔහු කරන්නේ ලොව පුරා සංචාරය කරමින් පිවිතුරු බලශක්තිය, දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික තේමා ගැන දේශන කිරීමයි.

ඔහු වඩාත් උනන්දු වන්නේ ඇන්ටාක්ටිකාව පිළිබදවයි. උත්තර ධ‍්‍රැවයට සමීප පෙදෙස්වල එස්කිමෝවරුන් සිටියත් ඇන්ටාක්ටිකාවේ නිත්‍ය මානව ජනාවාස නැහැ. එහි ඇත්තේ විද්‍යා පර්යේෂණාගාර පමණයි. 1957දී ඇරඹුණු මේ පර්යේෂණ කටයුතු දැන් වඩාත් පුළුල වී තිබෙනවා. ඇන්ටාක්ටික් ගිම්හානයේදී විවිධ රටවලින් පැමිණෙන 4,000කට අධික විද්‍යාඥ හා සහායක පිරිසක් සති හෝ මාස කිහිපයක් එහි ගත කරනවා.

ඇන්ටාක්ටිකාව අප සිතනවාට වඩා විශාලයි. බිම් ප‍්‍රමාණයෙන් වර්ග කිමී මිලියන් 14ක්. එනම් ඕස්ටේ‍්‍රලියාව මෙන් දෙගුණයක්! මෙයින් 98% වැසී තිබෙන්නේ කිමී 1.6ක් පමණ ගැඹුරට විහිදෙන අයිස් තට්ටුවකින්. ලෝකයේ මිරිදිය සම්පත්වලින් 70%ක් ම ඇත්තේ මේ අයිස් මහාද්වීපයේයි.

ඇන්ටාක්ටිකාව අසාමාන්‍ය හා විශ්මයජනක තැනක්. එය ලෝකයේ සීතල අධිකතම හා සුළං කුණාටු බහුලතම භූමියයි. එපමණක් නොව වියලි බව අධිකතම ස්ථානයයි. සාමාන්‍යයෙන් අප කාන්තාරයක් දැඩි සේ උණුසුම් යයි සිතනවා. එහෙත් කතරක නිර්වචනය අහසින් ලැබෙන ජල ප‍්‍රමාණය ඉතා අඩු වීමයි. මෙනයින් බලන විට වසරකට මිලි මීටර් 200කට අඩු වර්ෂාපතනයක් හා හිමපතනයක් ලබන ඇන්ටාක්ටිකාව ඇත්තට ම සීතල කාන්තාරයක් (cold desert).

ඇන්ටාක්ටිකාවේ ඓතිහාසිකව ජනාවාස බිහි වූයේ නැහැ. නූතන යුගයේ මුල් වරට මිනිස් ගවේෂකයන් එහි පා තැබුවේ 1895දී. එතැන් පටන් ටිකෙන් ටික මේ මහා අයිස් මහාද්වීපය ගවේෂණයට විවිධ රටවල දේශාටකයන් යොමු වුණා.

ඇන්ටාක්ටිකාවේ මැද පිහිටි දක්ෂිණ ධ‍්‍රැවයට මුලින් ම ළඟා වීමේ බි‍්‍රතාන්‍ය හා නෝර්වීජියානු තරඟයකින් ජය ගත්තේ රෝල්ඞ් අමන්ඞ්සන් (Roald Amundsen) නම් නෝවීජියානු ගවේෂකයා 1912 ජනවාරියේ.

එහෙත් ඇන්ටාක්ටිකාව ඉනික්බ්ති දශක කිහිපයක් අත් හැර දමා තිබුණා. 1957-58 කාලයේ ලෝක භූ භෞතික වර්ෂය නම් ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගිතාවය යටතේ ඇරැඹුණු විද්‍යාත්මක පර්යේෂණාගාර අද වඩාත් පුළුල් මට්ටමින් පවත්වාගෙන යනවා. ඇමෙරිකාව හා යුරෝපීය රටවලට අමතරව ජපානය, ඉන්දියාව වැනි රටවලටත් ඇන්ටාක්ටික් පර්යේෂණාගාර තිබෙනවා.

ඇන්ටාක්ටිකාව අයිති කාට ද? 1959දී රටවල් 12ක් මූලික වී සම්මත කර ගත් ඇන්ටාක්ටික් ගිවිසුම (Antarctic Treaty, www.ats.aq) නම් ජාත්‍යන්තර නීතිය යටතේ එය කිසිදු තනි රටකට අයිති නොවන, ලෝකයටම පොදු බිම් ප‍්‍රදේශයක්. විද්‍යාවට හා සාමයට කැපවුණු මහාද්වීපයක්. ඇමෙරිකාව හා සෝවියට් දේශය නිරත වී සිටි සීතල යුද්ධයේ උච්ච අවධියකදී ඒ දෙරටත් එකඟ වෙමින් ඇන්ටාක්ටික් ගිවිසුම ඇති කර ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික කේෂත‍්‍රයේ සුවිශේෂී සිද්ධියක්. 1962දී බල පැවැත්වීම ඇරඹි මේ ගිවිසුමට අද රටවල් 50ක් අත්සන් තබා සිටිනවා.

ඇන්ටාක්ටිකාවට යන විවිධ රටවල පර්යේෂකයන් සාමූහිකව ගවේෂණවල යෙදෙන්නේ මේ ගිවිසුමේ රාමුව තුළයි. ඒ අනුව ඇන්ටාක්ටිකාව හමුදා කටයුතුවලට යොදා ගැනීම හා ඛනිජ සම්පත් වාණිජ මට්ටමින් උකහා ගැනීම සපුරා තහනම්.

1991දී මේ ගිවිසුමේ පාරිසරික සන්ධානයක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී සම්මත වුණා (Madrid Protocol). ඒ අනුව මුළු ඇන්ටාක්ටිකාව ම පාරිසරික රක්ෂිත කලාපයක්. එහි පර්යේෂණ කිරීමට පවා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා අවශ්‍යයි. එහි සියළු ජීවීන්ට (සතුන් හා පැළෑටි) රැකවරණය සැළසෙනවා.

මේ මැඞ්රිඞ් සන්ධානය වසර 50ක් බල පවත්වනවා. එය නැවත විමර්ශනයට නියමිත 2041දී. අද ලෝකයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිජු බවක් දක්වන ඇතැම් රටවල් සන්ධානය විමර්ශනය කරන විට එහි සැර බාල කොට ඇන්ටාක්ටික් ඛනිජ සම්පත් ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇතැයි රොබට් ස්වෝන් ඇතුළු සමහර පරිසරවේදීන්ට බියක් තිබෙනවා.

මේ නිසා ඇන්ටාක්ටික් පාරිසරික රැකවරණය සදහට ම පවත්වා ගන්නට ඔහු 2041 නම් ස්වේච්ඡ පදනමක් අරඹා තිබෙනවා. ග‍්‍රීන්පීස් වැනි ලෝක පාරිසරික ක‍්‍රියාකාරී සංවිධාන ද කලෙක සිට ඇන්ටාක්ටිකාවේ සාමූහික අයිතිය හා පරිසර සුරැකුම ගැන උද්ඝෝෂණ කළත්, එම තේමාවට කැප වූ සංවිධානය ලෙස 2041 කැපී පෙනෙනවා. www.2041.com

”ඇන්ටාක්ටිකාව අද ලෝකයේ ඉතිරි වී තිබෙන විශාල ප‍්‍රමාණයේ අවසාන ස්වාභාවික ප‍්‍රදේශයයි. එය රැක ගැනීම හා මානව සංහතියට පොදු බිමක් ලෙස පවත්වා ගැනීම අපට තිබෙන අභියෝගයයි,” ස්වෝන් කියනවා.

1985 දෙසැම්බර් – 1986 ජනවාරි මාස වල ස්වෝන් ඇතුළු කණ්ඩායම හිම කතර හරහා දිගු ගමනක යෙදුනේ කිසිදු වාහනයක හෝ සත්වයන්ගේ හො උපකාරයක් නැතිවයි. ටික දිනෙකින් තමන්ගේ ඇස් වලට වර්ණය වෙනස් වූ බවත්, පිටතට නිරාවරණය වූ මුහුණු සම පුපුරා ලේ ගලන්නට වූ බවත් ඔහු කියනවා. 20 වන සියවස මුල දී මේ දුෂ්කර චාරිකාවේ යෙදුණු පුරෝගාමී ධ‍්‍රැව ගවේෂකයන්ට එබන්දක් සිදු වී නැහැ. මේ වෙනසට හේතුව කුමක් ද?

ආපසු මිනිස් වාසයට පැමිණි විගස එයට හේතුව ඔවුන් තේරුම් ගත්තා. එනම් දක්ෂිණ ධ‍්‍රැවයට ඉහල වායුගෝලයේ ඇති වූ ඕසෝන් සිදුරයි. 20 වන සියවසේ දශක ගණනක් පුරා විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීම නිසා ටිකෙන් ටික ක්ෂීන වූ ඕසෝන් වියන හරහා හිරුගේ සිට එන හානිකර පාරජම්බුල කිරණ මිහි මතට වැටීමට පටන් ගත්තා. මේ තත්වය වඩාත් උග‍්‍ර වූයේ දක්ෂිණ ධ‍්‍රැවය ආසන්න ප‍්‍රදේශවලයි.

රොබට් ස්වෝන් ඇතුළු ගවේෂක කණ්ඩායම මේ අළුතින් ක්ෂීන වූ ඕසෝන් වියන හරහා එන හානිකර කිරණ වල බලපෑම සෘජුව අත් වින්දා. ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයා ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර 1985 මුලදී බි‍්‍රතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂක පිරිසක් විසින්.

ඊට තෙවසරකට පසු ස්වෝන් ආක්ටික් හිම කඳු අතරින් උත්තර ධ‍්‍රැවයට පයින් යන විට ඊට වෙනස් ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ උණුසුම උච්ච වන්නේ වසරේ මැද කාලයේ. එවිට යම් තරමකට ආක්ටික් අයිස් වාර්ෂිකව දිය වනවා. (යලිත් සීත සෘතුවට ඒවා තැන්පත් වනවා.) එහෙත් පොතේ හැටියට අයිස් දියවීමට නියමිත ජූනි මාසයට වඩා දෙමසක් පමණ කලින් ආක්ටික් අයිස් දියවන බව ඔහුට පෙනී ගියා. මේ නිසා සැළසුම් කර තිබූ ගමන් මාර්ගය විටින් විට වෙනස් කිරීමට ඔහුගේ කණ්ඩායමට සිදු වුණා.

මේ අත්දැකීම් නිසා අද අප ග‍්‍රහලෝක මට්ටමින් මුහුණ පා සිටින පාරිසරික ප‍්‍රශ්න ගැන හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ඔහු ලබා ගත්තා. එහෙත් ඔහු අන්තවාදී හරිතවේදියකු නොවෙයි.

“අප බිහි වන්නට කලින් අපේ පෘථිවිය වසර බිලියන ගණනක් පැවතුණා. අප වඳ වී ගිය දිනෙකත් මේ ග‍්‍රහලෝකය පවතිනු ඇති. අපට තිබෙන අභියෝගය මිහිතලය මත අපේ වර්ගයාගේ හා අපෙන් අනතුරට පත්ව සිටින අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි,” ඔහු කියනවා.

ස්වෝන් පිවිතුරු බල ශක්තිය ගැන ලොව පුරා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් දේශන හා සංචාර කරනවා. “පරිසරයට සහජයෙන් නැඹුරු වූ ටික දෙනෙකු අතර මෑතක් වන තුරු කෙරුණු සංරක්ෂණ ව්‍යායාමය, අප සමාජ හා ආර්ථික ප‍්‍රධාන ප‍්‍රවාහයේ කොටසක් කළ යුතුයි. තිරසාර සංවර්ධනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නට හැකි වන්නේ හැම දෙනා ම එහි කොටස් කරුවන් වූවොත් පමණයි,” ඔහු කියනවා.

මෙබඳු පුළුල් දැක්මක් වැඩි දෙනෙකුට ලබා දීමේ අරමුණින් 2003 සිට වාර්ෂිකව ඔහු කෙටි කාලයන් සඳහා ඇන්ටාක්ටිකාවට තරුණ පිරිස් හා ව්‍යාපාර කළමණාකරුවන් කැඳවා ගෙන යනවා.

ලොකු කුඩා හැම ව්‍යාපාරිකයා ම එක කෝදුවෙන් මැන සැකයට පාත‍්‍ර කරන, ආර්ථික වර්ධනයට ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ග මුළුමනින් ප‍්‍රතික්ෂේප කරන මනෝ ලෝකයක ජීවත් වන අපේ ඇතැම් හරිතවේදීන්ට මෙබඳු තතු දන්නා, මහ පොළොව හරිහැටි හඳුනන පාරිසරික ක‍්‍රියාකාරිකයන් හොඳ ආදර්ශයක්.

Composite satellite image of Antarctica

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

I have an interview (in Sinhala) on science communication for their 25th anniversary issue, which can be found here.

I have followed up with an expansion of some of these ideas in my Sunday column in Ravaya newspaper. My theme this week is science journalism (a subset of science communication) — why is it important for modern societies and what challenges are faced by Lankan science journalists.

Vidusara science magazine – 25th anniversary issue cover 7 Nov 2012

විදුසර සතිපතා විද්‍යා පුවත්පතට වසර 25ක් පිරෙන්නේ මේ මාසයේයි. 1987 නොවැම්බර් අරඹන ලද මේ ප‍්‍රකාශනය, පරම්පරාවක පමණ කාලයක් පවත්වා ගෙන ඒම වැදගත් මාධ්‍ය ජයග‍්‍රහණයක්.

විදුසර ඇරඹීමට පිඹුරුපත් සකසන අවස්ථාවේ මා එම ප‍්‍රකාශන සමාගමේ ඉංග‍්‍රීසි පුවත්පතේ විද්‍යා ලේඛකයකු වූ නිසා ඒ ගැන උපදෙස් දෙන විද්වත් කමිටුවකට මා ද සම්බන්ධ කර ගනු ලැබුවා. විදුසර මුල් සතිවලදී එයට මා ලිපි කිහිපයක් ලියුවත් ඉන් පසු මා කිසි ලෙසකින් හෝ එයට සම්බන්ධ වූයේ නැහැ. ඔවුන්ට තෝරා ගත් මාර්ගයේ යන්නට ඉඩ දී මා මට ආවේනික වූ විද්‍යා සන්නිවේදන චාරිකාවක නිරත වූවා.

එහෙත් අවසාන විනිශ්චයේදී විදුසරේත්, මගේත් අරමුණු සමාන්තරයි. එනම්, විද්‍යාව හා තාක්ෂණය පොදු උන්නතියට වඩා හොදින් දායක වීමට අවශ්‍ය සංවාද ඇති කිරීමයි. මේ නිසා විද්‍යා සන්නිවේදනයේ අභියෝග ගැන අද අපි කථා කරමු.

විද්‍යා මාධ්‍යකරණය (Science Journalism) යනු ඊට වඩා පුඑල් වූ විද්‍යා සන්නිවේදන (Science Communication) කි‍්‍රයාදාමයේ එක් කොටසක් පමණයි. විද්‍යා අධ්‍යාපනය, විද්‍යා සමිති සමාගම්, විද්‍යා ප‍්‍රබන්ධකරණය, විද්‍යාවට කැප වූ කෞතුකාගාර, ප‍්‍රදර්ශන හා වෙනත් කි‍්‍රයාකාරකම් රැසක් ද විද්‍යා සන්නිවේදනයට අයිතියි. විද්‍යා මාධ්‍යකරණය මේ අතරින් කැපී පෙනෙන්නේ අද කාලේ මාධ්‍යවලට තොරතුරු සමාජයේ ඇති මුල් තැන නිසායි.

විද්‍යා මාධ්‍යකරණයේ වසර 25ක් පුරා නියැලී සිටින මට, මේ ක්ෂේත‍්‍රය ගැන මගේ ම නිර්වචනයක් හා විග‍්‍රහයක් තිබෙනවා. විද්‍යා මාධ්‍යවේදීන් යනු විද්‍යාව හා තාක්ෂණය ගැන විචාරශීලීව ආවරණය කරන, හරිදේට ආවඩන අතර වැරදි දෙය නොබියව විවේචනය කරන පිරිසක්. වෘත්තීය විද්‍යඥයන්ගේ හොරණෑවක් හෝ ලවුඞ්ස්පීකරයක් ලෙසින් අපගේ සමාජ මෙහෙවර සීමා කර නොගත යුතුයි.

මේ කාර්යය හරිහැටි කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය ගැන පසුබිම් දැනුමක් අවශ්‍ය වූවත් විද්‍යා විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම අතවශ්‍ය නැහැ. ලෝකයේ සම්මානනීය විද්‍යා මාධ්‍යව්දීන් අතර ඉංගී‍්‍රසි සාහිත්‍යය, ගී‍්‍රක හා රෝමන් සභ්‍යත්වය හා ජපන් භාෂාව උගත් අය ද සිටිනවා.

විද්‍යා මාධ්‍යකරණය යනු විද්‍යාව ජනපි‍්‍රය කිරීම ම (Science Popularization) නොවේ. පාසල් හා සරසවි විෂයමාලාවල ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන් කොට උගත්ත ද ජන සමාජයේ අපට විද්‍යාව හා එහි ප‍්‍රායෝගික භාවිතය වන තාක්ෂණය හමු වන්නේ අපේ පැවැත්මට හා දියුණුවට සම්බන්ධ වූ ආකාරයටයි. විද්‍යා මාධ්‍යකරණයේදී අපට තිබෙන වගකීම විෂයානුබද්ධ දැනුම රටට බෙදීම නොව ජීවිතයට අදාල දිවි සුරකින දැනුම තර්කානුකූල ලෙසින් හා තේරෙන බසින් කොයි කාටත් සන්නිවේදනය කිරීමයි. එය සිදු විය යුත්තේ මාධ්‍යකරණයේ මුලික සාරධර්ම සියල්ලට අනුකූලවයි.

ලොව පිළිගත් විද්‍යා මාධ්‍යවේදියෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් ඩික්සන් (David Dickson) කියන්නේ ද විද්‍යා මාධ්‍යකරණය හුදෙක් විද්‍යාත්මක තොරතුරු ප‍්‍රචාරණයට හෝ විද්‍යාව ජනපි‍්‍රය කිරීමට හෝ සීමා නොවන බවයි. මේවා අතුරු ඵලයන් වන නමුත්, විද්‍යා මාධ්‍යකරණය අද වන විට දියුණු සමාජයන්හි ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සම්ප‍්‍රදායක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

David Dickson, photo by UNESCO
කලක් New Scientist සඟරාවේ කතුවරයා හා Nature සහ Science යන පර්යේෂණ සඟරා දෙකෙහි ම ප‍්‍රවෘත්ති කතුවරයා ලෙස සේවය කොට පුඑල් අත්දැකීම් ඇති මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන්, විද්‍යා මාධ්‍යකරණයේ සමාජ හා දේශපාලනික මෙහෙවර ගැන දැඩි අවධානයෙන් සිටින කෙනෙක්.

ඔහුගේ ම වචනවලින්: “පොදු උන්නතිය (public interest) සුරැකීමට සටන් කරන මාධ්‍යවේදියකු යයි කී විට බොහෝ දෙනාගේ සිතට එන්නේ දේශපාලන මාතෘකා ගැන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ගැනයි. මන්ද යත් මාධ්‍ය නිදහසටත් පොදු උන්නතියටත් වැඩිපුර අභියෝග එල්ල වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් නිසා. එහෙත් වඩ වඩාත් විද්‍යාව හා තාක්ෂණය සමාජයේ, ආර්ථිකයේ හා රාජ්‍ය පාලනයේ තීරණවලට සෘජු බලපෑම් කරන අද කාලෙයේ එම සාධක සුඑවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික තේරීම් නවීන සමාජයන්ගේ පෙර ගමනට අත්‍යවශ්‍ය නිසා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා සෙසු සමාජය එම තීරණ, විකල්ප හා ප‍්‍රථිපල ගැන මනා සේ දැනුවත් වීම අතවශ්‍යයි. විද්‍යා මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අන් කවරදාටත් වඩා දැන් සමාජයට ඕනෑ වී තිබෙනවා.”

Science journalism is a key to good governance, SciDev.Net editorial by David Dickson, 13 April 2007.

විද්‍යාව හා තාක්ෂණය මත නවීන ජන සමාජයන් හා ආර්ථිකයන් වඩාත් පදනම් වන තරමට එම විෂයයන් ගැන විචාරශීලීව හා සංශයවාදීව (skeptically) විග‍්‍රහ කිරීමේ හැකියාව ද වඩා වැදගත් වනවා. විද්‍යාත්මක සංකල්පවලට වන්දනාමාන කිරීම නැතහොත් තාක්ෂණයට අනවශ්‍ය ලෙස බිය වීම යන මේ අන්ත දෙකට ම නොගොස් තුලනාත්මකව සිතීමේ හැකියාව අද දවසේ රාජ්‍ය පාලනයේ, ව්‍යාපාර කළමණාකරනයේ, සිවිල් සමාජයෙ හා අන් ක්ෂේත‍්‍රවල නියුතු අයට අවශ්‍ය වනවා. මේ සිතීමේ හැකියාව තීව‍්‍ර කරන්නටත්, වඩාත් නිවැරදි හා තර්කානුකූල තීරණවලට එළඹෙන්නටත් උදවු කරන්නේ විද්‍යා මාධ්‍යවේදයයි.

විදුසර විද්‍යාව හා තාක්ෂණය ගැන වෙන් වූ වාර ප‍්‍රකාශනයක් ලෙස අරඹන අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ එවකට සිටි පරිපාලකයන්ගෙන් මා උදක් ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දිනපතා සහ ඉරිදා පුවත්පත්වලින් මේ විෂයයන් ආවරණය කිරීම කිසිසේත් අඩු නොකරන ලෙසයි. එහිදී මා උපමිතියට ගත්තේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයයි. කී‍්‍රඩා ගැන ගැඹුරින් වාර්තා කරන සඟරා පළ කරන මාධ්‍ය ආයතන පවා සිය දිනපතා පුවත්පත්වල කී‍්‍රඩා වාර්තා නතර කර නැහැ. එබදු ආකල්පයක් විද්‍යාව ගැනත් පැවතිය යුතු කාලයක් අද එළඹී තිබෙනවා.

Isaac Asimov, photo by AP World Wide Photos
මීට වසර 25කට පමණ පෙර අමෙරිකානු විද්‍යා ලේඛක හා විද්‍යා ප‍්‍රබන්ධ කථා රචක අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කළ ප‍්‍රකාශයක් අදටත් අදාලයි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු නවීන සමාජයක ජීවත් වූවත් අප බොහෝ දෙනා තවමත් මේ ක්ෂේත‍්‍රවලට ආගන්තුකයන් බව ඔහු නිරීක්ෂණය කළා. “අප බහුතරයක් දෙනා වෘත්තීය බේස්බෝල් හෝ බාස්කට්බෝල් කී‍්‍රඩකයන් නෙවෙයි. එහෙත් එම කී‍්‍රඩා තරඟයක් නරඹා එහි ගුණාගුණ ගැන දැනුම් තේරුම් ඇතිව සංවාද කළ හැකි මට්ටමට අප ඒ කී‍්‍රඩා ගැන දන්නවා. වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ පිටතින් බලා සිට ඒ ආකාරයෙන් විචාරශීලීව විග‍්‍රහ කිරීමේ හැකියාව අප සැවොම ලබා ගතහොත් කෙතරම් අපූරු ද?” ඔහු ප‍්‍රකාශ කළා.

ආර්ථික අතින් වඩාත් ඉසුරුබර සමාජවල පවා මේ තත්ත්වය තවම උදා වී නැත්නම් දියුණු වන රටවල එබන්දක් පැතීම යථාර්ථවාදී ද? තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන දැලි පිහියක් බඳු මෙවලමක් නිසා අපේ වැනි රටවලට නොපමාව විද්‍යාත්මක සාක්ෂරතාවය (scientific literacy) අවශ්‍ය බව මගේ අදහසයි.

එය රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හා ආර්ථික සංවර්ධනයට සීමා වූවක් නොවෙයි. පුද්ගලයන් හා පවුල් හැටියටත් අප ගන්නා තීරණවලට විද්‍යාත්මක සාක්ෂරතාවය බලපානවා. එය මනා සේ නොතිබීම නිසා පොතේ උගතුන් පවා විවිධ මිථ්‍යාවාදයන් අවිචාරශීලීව අදහන සැටිත්, කූඨ වංචනිකයන්ගෙ උපක‍්‍රමවලට අසුවන සැටිත් අප මීට පෙර කථා කළා. (2012 ජනවාරි 22 හා ජනවාරි 29 කොලම් හරහා හේතුවාදී චින්තනය ගැන කළ විග‍්‍රහයන් කියවන්න.)

ඕනෑ ම වෘත්තීය ක්ෂේත‍්‍රයකට ආවේණික බාධාක තිබෙනවා. ඒවා අභියෝග ලෙස සළකමින්, එම අභියෝග ජය ගනිමින් කි‍්‍රයා කිරීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. විද්‍යා මාධ්‍යකරණයේදී අප නිතර මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා.

විද්‍යා පර්යේෂණ කා සඳහා ද? අපේ රටේ පර්යේෂණ සඳහා වැය කෙරෙන සීමිත මුදල් ප‍්‍රමාණය මුඑමනින් ම වාගේ රාජ්‍ය ප‍්‍රතිපාදනයි. බහුතරයක් රටේ ජනතාවගේ මුදල් හා ඉතිරිය විදේශාධාර ලෙස ලබා ගත් මුදල්. එහෙත් පොදු මුදලින් කෙරෙන පර්යේෂණ ගැන පොදු ජනතාවට වග කියන විද්‍යාඥයන් හැම තැනක ම නැහැ. ඒ වෙනුවට ආයතනික රෙකුලාසි, නිලධාරීවාදය හා වෙනත් හේතු දක්වමින් විද්වත් දැනුම හා විග‍්‍රහයන් සමාජයට ලබා නොදී මඟහරින පර්යේෂණ ආයතන තිබෙනවා.

මේවායින් තොරතුරු උකහා ගැනීම ඉතා අසීරු කාර්යයක්. තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය නීතියෙන් තහවුරු නොවූ අපේ රටේ, සාමාන්‍ය ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට හෝ නිල තොරතුරු හා පර්යේෂණ ප‍්‍රථිඵල දැන ගැනීමට යි. එයට හොඳ ම මෑත උදාහරණය නිදන්ගත වකුගඩු රෝගය ගැන කළ වසර තුනක පර්යේෂණවල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් පුරා හෙළිදරවු නොකර තබා ගැනීම. රහසිගත පර්යේෂණවලින් පොදු උන්නතියක් කෙසේ සළසන්න ද?

පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් කොහි ද? මෙය මා නිතර මතු කරන ප‍්‍රශ්නයක්. නිතර හමු වන දැවැන්ත අභියෝගයක්. මෙරට වෘත්තීය විද්‍යාඥයන් පන් දහසක් පමණ හා ජ්‍යෙෂ්ඨයන් සිය ගණනක් සිටියත් ප‍්‍රතිපත්ති හෝ ජන සමාජයට අදාල විද්‍යාත්මක කරුණක් ගැන ප‍්‍රසිද්ධියේ, සිය නමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

බහුතරයක් දෙනා සිය විශේෂඥ විෂය ගැන පවා මාධ්‍යවලට කථා කිරීමට මැළියි. නැතිනම් බියයි. (බියට සාධාරණ හේතු ද තිබෙනවා.) සමහරුන් පෞද්ගලිකව ප‍්‍රබල අදහස් දැක්වූවත් එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මාධ්‍යකරණයේදී මූලාශ‍්‍ර නමින් හඳුන්වා දෙන තරමට ඒවායේ විශ්වසනීයත්වය වැඩි වනවා. මේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්නට විද්‍යා මාධ්‍යවේදීන්ට දෛනික අරගලයක් කළ යුතුව තිබෙනවා.

මේ අභියෝග ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපය පුරා අඩු වැඩි පමණින් දැකිය හැකියි. විද්‍යාව හා තාක්ෂණ දියුණුවෙන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින ඉන්දියාවේ පවා මේ විසමතා හමුවනවා. එහෙත් අපට වඩා බෙහෙවින් පරිණත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් හා මාධ්‍ය සම්ප‍්‍රදායයන් ඉන්දියාවේ ඇති නිසා එරට විද්‍යා හා තාක්ෂණ මාතෘකා ගැන මාධ්‍ය වාර්තාකරණය වඩා හරවත් හා සමබරයි. මා උත්සාහ කරන්නේ ඉන්දියානු මට්ටමටවත් සමීප වන්නටයි. එයින් ඔබ්බට ජපන් හා බටහිර රටවල විද්‍යා මාධ්‍යකරණ ප‍්‍රමිතීන් ද යම් දිනෙක අප ඉලක්ක කළ යුතුයි.

විදුසර මේ ප‍්‍රමිතිකරණයේ කුමන තැනක සිටී ද යන්න මට ඇගැයීමට නොහැක්කේ දිගු කලක් මා ඒ ප‍්‍රකාශනයේ පාඨකයකු නොවන නිසයි. එහෙත් අවිචාරයේ හා අන්ධ වන්දනාවේ ඇලී ගැලී සිටින ලක් සමාජයේ ඇස් විවර කරන්නට 25 වසරක් තුළ විදුසර යම් පමණකට දායක වූවා යයි කිව හැකියි. ඒ ගැන එයට සම්බන්ධ සියඑ දෙනාට අපේ ප‍්‍රණාමය!

විදුසර තව යා යුතු දුර බොහෝයි. ඒ ගමන දුෂ්කරයි. කාලානුරූපව හැඩ ගැසීමට බැරි හැම ප‍්‍රකාශනයක් ම මාධ්‍ය ඩාවින්වාදයට අනුව වඳ වී යන බවත් විදුසර කතුවරුන් හොඳාකාර දන්නවා විය යුතුයි.

Vidusara at 25: My interview on science communication (in Sinhala)

Vidusara at 25 – web banner from Facebook Group

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

Sustaining any publication for that long is no mean accomplishment, so everyone involved – journalists, editors, publishers – deserve congratulations.

The current editor has done an interview with me for the 25th anniversary issue, which is out today. In it, I discuss the challenges faced by all science communicators, but especially by science journalists working in the developing world. The interview is in Sinhala. Here it is, in pdf, in parts 1 and 2.

විද්‍යා සන්නිවේදනය හරිහැටි සිදු වීමට මාධ්‍යකරුවන් හා විද්වතුන් යන දෙපිරිසේ ම වගකීම් සහිත දායකත්වයක්‌ අවශ්‍යයි!

Science Communication interview with Nalaka Gunawardene – Vidusara, 7 Nov 2012

Science Communication interview with Nalaka Gunawardene Part 2 of 2 – Vidusara, 7 Nov 2012

I had a marginal involvement in Vidusara at its very inception, in late 1987, which was within a few months of my entering journalism. I take no credit for what the publication has accomplished, and am sometimes exasperated when long-standing readers associate me with it. But after clarifying such nuances for years, I now accept the inevitable association!

In May 2011, there was an online discussion about my role in science communication on Groundviews.org which published my video interview with its editor Sanjana Hattotuwa. See: ICTs, science fiction and disasters: A conversation with Nalaka Gunawardene

As reader comments warranted, I responded as follows:

Vidusara 25th anniversary issue – cover 7 Nov 2012
Vidusara was launched in 1988 [correction: it really was in Nov 1987] by Upali Newspapers Limited as an experiment in popular science communication. I was at the time working as a science correspondent for that company’s English daily, The Island, and the managing director asked me to advise and guide the new publication. I welcomed this as I was a bilingual writer (Sinhala and English). However, the founder editor of Vidusara was extremely apprehensive about my association with his project and went out of his way to exclude me. I have never tried to understand or analyse the reasons for this; such insecure and insular mindsets are far too common in Sinhala language journalism, even today.

“All in all, I must have written no more than 10 – 12 Sinhala science articles to Vidusara during its first few months of publication in 1988. When I compare that to the several hundred I’ve published in The Island (1986-1995: none of it available online) and many dozens for other English language media outlets – print, broadcast and online – over the years, my writing in Vidusara represents only a very small proportion of my combined media output. However, I must have done a few things well in those articles for discerning readers to remember and refer to it more than two decade later. I’m naturally pleased with such reader recollections.

“It also reminds me that we who work in the public space don’t get to choose how we are remembered. Our audiences will form their own impressions, and select their own memories.”

Wanted: Young Lankans for Antarctica!

News feature published in Ceylon Today newspaper on 4 Nov 2012:

Wanted: Young Lankans for Antarctica!

By Nalaka Gunawardene

Sir Robert Swan, polar explorer

Environmentally inclined young Lankan men and women have a new opportunity to broaden their horizons: by joining an international youth expedition to the Antarctica!

This open invitation came from the polar explorer, environmental leader and motivational speaker Sir Robert Swan, who is in Sri Lanka on a short visit.

“Going to the Antarctica – the last great wilderness of the world, twice the size of Australia – is a life changing experience. We want more young people to experience it, and be transformed about what is happening to our environment, and what we can do about it,” he told a packed audience at the Galle Face Hotel on Saturday morning.

British born Swan, the first person in history to walk to both the North and South poles, has dedicated his life to the preservation of Antarctica by the promotion of recycling, renewable energy and sustainability to combat the effects of climate change.

His non-profit foundation, 2041 (www.2041.com), operates the world’s first educational base (E-Base) in Antarctica. Since 2008, it serves as a resource for teachers and an inspiration to young people around the world.

Swan introduced Imalka de Silva, said to be the first Lankan woman to visit Antarctica, who was part of an international team of youth who spent two and a half weeks at E-Base in early 2010.

“I want more young people to have that amazing experience, so that they too can champion the local environmental initiatives in a global context,” Imalka said.

She will soon be launching a new project that seeks to link the business community and environment conservation. Already, MAS Holdings (which organized the Robert Swan talk), Coca Cola (which sponsored his visit to Sri Lanka) and Millennium IT are interested in supporting competitively chosen young Lankans to visit the Antarctica, she revealed.

“Our concern for the environment needs to be broadened into a business opportunity, and only then will society change its ways,” she said.

Robert Swan, who has been spending time with selected youth groups working on environmental issues in Sri Lanka, added: “Sri Lanka can show regional leadership in motivating young people to act on environment and sustainability.”

Sir Robert Swan giving a talk in Sri Lanka – image by 2041.com

සිවුමංසල කොලූගැටයා #90: වකුගඩු රෝගය හරහා මතුවන ‘ජනමාධ්‍ය රෝගය’

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

I talked about this at at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012. An English article based on my talk appeared in Ceylon Today a few days ago:
Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

I have just written up similar views (NOT a translation!) for my weekend Sinhala language column in Ravaya broadsheet newspaper:

CKDu infographic courtesy Center for Public Integrity, USA

ආසියා පැසිෆික් කලාපයේ ජාතික විද්‍යා ඇකඩමි එකතුවේ ජාත්‍යාන්තර සමුළුවක් ඔක්තෝබර් 16-19 දිනවල කොළඹදී පැවැත් වුණා. එහි එක් අංගයක් ලෙස විද්‍යා සන්නිවේදන නායකත්වය ගැන එක් දින සැසිවාරයක් සංවිධානය කර තිබූ අතර විවිධ රටවලින් පැමිණි ආරාධිතයන් එය අමතා කථා කළා.

අපේ ජාතික විද්‍යා ඇකඩමියේ ඇරැයුමින් එයට සහභාගි වූ මට පසුව පෙනී ගියේ විද්‍යා සන්නිවේදනය ගැන ශී‍්‍ර ලංකාවෙන් කථා කළ එක ම දේශකයා මා බවයි. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල සත්කාරක රටේ දේශකයන් තෝරා ගන්නේ විවාදයට ලක් නොවන, ජාතිකත්වය මතු කරන ආකාරයේ ප‍්‍රවේශම් සහගත තේමාවක්.

එහෙත් ඇඟ බේරා ගෙන කථා කිරීමේ නිල අවශ්‍යතාවයක් හෝ වෘත්තිමය පුරුද්දක් හෝ මට නැති නිසා මෙරට පැන නැගී ඇති, විද්‍යා සන්නිවේදනයට ද බරපතල අභියෝග එල්ල කරන මාතෘකාවක් ගැන මා විවෘතව අදහස් දැක්වූවා. එනම් රජරටින් මතුව ආ නිදන්ගත වකුගඩු රෝගය හා එයට ලක් සමාජයේත්, මෙරට මාධ්‍යවලත් ප‍්‍රතිචාරයයි. අද මා ගොනු කරන්නේ ඒ වියත් සභාවට මා දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයක්.

2012 සැප්තැම්බර් 2 වනදා කොලමින් (වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව) මා කී පරිදි මෙය මාධ්‍යවලට ප‍්‍රබල මාතෘකාවක් වුවත් ලෙහෙසියෙන් ග‍්‍රහණය කර ගත හැකි දෙයක් නොවෙයි. වකුගඩු රෝගයේ හේතුකාරක විය හැකි සාධක ගණනාවක් ගැන තවමත් නොවිසඳුණු විද්‍යාත්මක වාද විවාද තිබෙනවා. එහෙත් සම්පූර්ණ සත්‍ය අවබෝධයක් මතු වන තුරු පිළියම් යෙදීම ප‍්‍රමාද කරන්නටත් නොහැකියි.

දැනටමත් රෝගාතුර වූ සියළු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සපයන අතර එම රෝගය වාර්තා වන ප‍්‍රදේශවල වෙසෙන සෙසු ජනයාට ප‍්‍රවේශම් විය හැකි ප‍්‍රායෝගික ක‍්‍රම සොයා දීම හා දැනුවත් කිරීම වැදගත්. මෙහිදී පිවිතුරු පානීය ජලය සැපයීමේ වැදගත්කම පිළි ගෙන තිබෙනවා.

වකුගඩු ශරීරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. රුධිරයේ බහිශ‍්‍රාවීය ද්‍රව්‍ය හා වැඩිපුර ජලය පෙරා වෙන් කොට බැහැර කිරීම නියාමනය කරන්නේත්, ඒ හරහා රුධිරයේ හා ශරීරයේ රසායනික සමතුලිතතාව පවත්වා ගන්නේත් වකුගඩු මගින්. එය දිවා රාත‍්‍රී කි‍්‍රයා කරන පෙරහනක් වැනියි.

සමස්ත සමාජය දෙස බැලූ විට ජන මාධ්‍යවල සමාජයීය භූමිකාවත් එයට සමානයි. නිවැරදි තොරතුරුත්, නිරවුල් විග‍්‍රහයනුත් සමාජයට ඉතිරි කරමින් සම්ප‍්‍රපලාපයන්, මුසාවන්, මිථ්‍යාවන් හා අනෙකුත් විකෘති කිරීම් බැහැර කිරීම මාධ්‍යවලින් සමාජය බලාපොරොත්තු වනවා.

රෝගී වූ වකුගඩුවලට ජෛව විද්‍යාත්මක කාර්යය හරිහැටි කරන්නට නොහැකි වනවා සේ ම ‘රෝගී’ වූ ජනමාධ්‍යවලට ද සිය සමාජ මෙහෙවර හරිහැටි කර ගත නොහැකි බව මගේ මතයයි. මෙය මා ඉංග‍්‍රීසියෙන් කීවේ “Mass kidney failure is followed by a mass media failure” කියායි.

මෙසේ කියන්නේ මෙරට සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍ය (පාරිසරික සගරා හෝ විශේෂිත වාර ප‍්‍රකාශන නොවේ) වකුගඩු රෝගය වාර්තා කරන ආකාරය ගැන කලක් තිස්සේ ඕනෑකමින් බලා සිටින, මේ ක්‍ෂේත‍්‍රයේ ම පය ගසා සිටින කෙනෙකු හැටියටයි.

මුද්‍රිත මාධ්‍ය ගත් විට, අන්තර්ගතය මූලිකව කොටස් තුනකට බෙදිය හැකියි. කර්තෘ මණ්ඩල සම්බන්ධයක් නැති, එහෙත් පැවැත්මට අවශ්‍ය වෙළඳ දැන්වීම් එක් කොටසක්. ඉතිරි කියවන අන්තර්ගතය තුළ ද මාණ්ඩලික ලේඛකයන් ලියන දේ මෙන් ම බැහැර සිට ලබා දෙන විද්වත් ලිපි තිබෙනවා. විද්වත් ලිපිවල මත දැක්වීම ඒවා ලියන අයගේයි. මා මෙහිදී අවධානය යොමු කරන්නේ කර්තෘ මාණ්ඩලික ලේඛකයන් අතින් ලියැවෙන මාධ්‍ය අන්තර්ගතය ගැනයි. මාධ්‍ය කලාවේ සාරධර්ම රැකීම වැඩිපුර අපේක්‍ෂා කරන්නේත් මේ සන්නිවේදන තුළයි.

පුවත්පත් කලාවේ මූලික සාරධර්මයක් ලෙස සැළකෙන්නේ සමබරතාවය රැකෙන පරිදි වාර්තාකරණය විය යුතු බවයි. එනම් ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් ගැන වාර්තා හෝ විග‍්‍රහ කරන විට එයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් ලබා දීමයි.

වකුගඩු රෝගය පිළිබඳ වාර්තාකරණයේදී අපේ ඇතැම් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය නාලිකා ක‍්‍රියා කර ඇත්තේ එබඳු පුළුල් විග‍්‍රහයක යෙදෙන අන්දමින් නොවෙයි. සංකීර්ණ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ග‍්‍රාහකයන්ට නොවලහා ඉදිරිපත් කොට අවසාන විනිශ්චය ඔවුන්ට භාර කරනු වෙනුවට තෝරා ගත් තොරතුරු හා මතවාදයන් කිහිපයක් පමණක් ප‍්‍රතිරාවය කරනු දැකිය හැකියි. එයට සමාන්තරව තමන් ප‍්‍රවර්ධනය කරන මතවාදයට වෙනස් වූ මතවලට හා එම මතධාරීන්ට සමච්චල් කිරීමත්, ඇතැම් විට වාග් ප‍්‍රහාර එල්ල කිරීමත් සිදු වනවා.

පරිසර සංරක්‍ෂණය හා මහජන සෞඛ්‍යය වැනි පොදු උන්නතියට සෘජුව අදාල තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන විට මාධ්‍යවේදීන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද?

කලක් තිස්සේ ලොව පුරා මාධ්‍ය සම්ප‍්‍රදායක් වූයේ මාධ්‍යවේදියාගේ පෞද්ගලික මතිමතාන්තර වාර්තාකරණයට මිශ‍්‍ර නොකළ යුතු බවයි. යම් මතවාදයක් හෝ අදහසක් පළ කරන්නට ඕනෑ නම් එය කතුවැකියට හෝ කතුවැකි පිටුවේ මත දැක්වීමට සීමා වුණා. එහෙත් 1970 දශකයේ පටන් සෞඛ්‍යය, පරිසරය හා මානව මානව හිමිකම් ආදී තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍යවේදියා දරණ ස්ථාවරය හා මතය ද යම් තාක් දුරට වාර්තාකරණයේ පිළිබිඹු වීම සාධාරණ යයි ප‍්‍රගතිශීලී මාධ්‍යකරුවන් අතර පිළි ගැනීමක් මතුව ආවා. මෙය ඉංග‍්‍රීසියෙන් advocacy journalism ලෙස හඳුන්වනවා.

නාගරික සිදුවීම් හා පුවත් මවන්නන් කේන්ද්‍ර කොට ගත් අපේ බොහෝ ජනමාධ්‍ය මුල් කාලයේ වකුගඩු රෝගය වාර්තා කලේ ඉඳහිට හා යාන්තමට. එය බොහෝ දෙනෙකුට බලපාන රෝගයක් බව පසක් වූ විට මේ තත්ත්වය වෙනස් වූවත්, තවමත් විවිධ මානයන් විග‍්‍රහ කරමින් සානුකම්පික වූත්, මැදහත් වූත් වාර්තාකරණයක් කරන්නට අපේ බොහෝ මාධ්‍ය සමත් වී නැහැ.

ඒ වෙනුවට වකුගඩු රෝගය සංත‍්‍රාසය දනවන හෙඩිම් සපයන හා හරිත ක‍්‍රියාකාරිකයන් සමහර දෙනෙකුගේ න්‍යාය පත‍්‍රයට අනුගත වන අන්දමේ මාධ්‍ය ”කට ගැස්මක්” බවට පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.

වකුගඩු රෝගය වාර්තාකරණයේදී ඉස්මතුව එන්නේ පොදුවේ අපේ ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ පවතින විසමතා හා දුර්වලතායි. එයින් සමහරක් නම්: ප‍්‍රශ්නයක විවිධ පැතිකඩ විපරම් කරනු වෙනුවට මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පෙර තේරීමක් කළ පැතිකඩ දෙක තුනකට පමණක් අවධානය යොමු කිරීමත අදාල පාර්ශවයන් කිහිපයක් සිටින අවස්ථාවක තෝරා ගත් දෙතුන් දෙනෙකුගේ මත පමණක් දිගට ම විස්තාරණය කිරීමත සහ සංකීර්ණ ප‍්‍රශ්නයක් උවමනාවට වඩා සරලව හා මතුපිටින් පමණක් කඩිමුඩියේ වාර්තා කිරීම හරහා ග‍්‍රාහකයන්ගේ මනස වඩාත් ව්‍යාකූල කිරීම.

එමෙන්ම තහවුරු කරගත් තොරතුරු මත වාර්තාකරණය පදනම් කර ගන්නවා වෙනුවට ඕපාදුප, කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් හා ප‍්‍රහාරාත්මක බස හැසිරවීම ද අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිතර දැකිය හැකියි.

මෙය අදහස් ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහසේ කොටසක් යයි යමකුට කිව හැකියි. තර්කයක් ලෙස එය සත්‍ය වුවත්, ආපදා හා වෙනත් හදිසි අවස්ථාවල විශාල ජන සංඛ්‍යාවක් විපතට හා දුකට පත්ව සිටින විට, එය කි‍්‍රකට් තරඟාවලියක් හෝ මැතිවරණයක් හෝ ගැන වාර්තා කරනවාට වඩා සංයමයකින් හා සංවේදීව කරනු ඇතැයි මාධ්‍ය ග‍්‍රාහකයන් අපේක්ෂා කරනවා.

මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ‍්‍ර ඉතා වටිනවා. බොහෝ දෙනෙකු කලක් තිස්සේ උත්සාහයෙන් ගොඩ නඟා ගත් සබඳතා තිබෙනවා. කඩිමුඩියේ දුරකථනයෙන් පවා තොරතුරක් විමසීමට, අදහසක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. එහෙත් මූලාශ‍්‍ර වන ඇතැම් දෙනාට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර ද තිබෙනවා. මාධ්‍ය හරහා තම මතවාද පතුරුවන්නට ඔවුන් තැත් කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. එහෙත් මූලාශ‍්‍රවලට ඕනෑ ලෙසට අවිචාරවත්ව ක‍්‍රියා නොකිරීමටත්, සමබරතාවය පවත්වා ගැනීමටත් මාධ්‍ය ආයතන ප‍්‍රවේශම් විය යුතුයි.

වකුගඩු රෝගයේ මාධ්‍ය වාර්තාකරණය කලක් තිස්සේ බලා සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයෙකු මට කීවේ මේ ගැන වාර්තාකරණයේදී අපේ බොහෝ මාධ්‍ය තම මූලාශ‍්‍රවලට බෙහෙවින් හෝ මුළුමනින් හෝ නතු වී ඇති බවයි. තර්කානුකූල නොවන, සාක්‍ෂි මත පදනම් නොවූ විග‍්‍රහයන් හා විනිශ්චයන් මහජනතාව අතරට යළි යළිත් ගියේ එනිසායි.

වාර්තාකරණයේ දුර්වලතාවල වගකීම මුළුමනින් මාධ්‍යවලට පැවරීමට ද නොහැකියි. උග‍්‍ර වෙමින් පවතින මේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ඛේදවාචකය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්වත් උපදෙස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය 2009-2011 කාලයේ අපේ විද්‍යාඥ කණ්ඩායම් 10ක් හරහා ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ විමසමින් පර්යේෂණ කළා. එය මේ දක්වා මේ ගැන සිදු කළ වඩාත් ම විස්තරාත්මක අධ්‍යයනයයි. එහි වාර්තාව මේ වසර මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. එය මෙතෙක් (2012 ඔක් 31 දක්වා) ප‍්‍රකාශයට පත් නොකිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ තත්ත්වය ව්‍යාකූලවීමට ඉඩ හැරියා.

මේ අතර WHO අභ්‍යන්තර වාර්තාවකැයි කියන, එහෙත් කිසිදු නිල ලක්ෂණයක් (ලිපි ශීර්ෂයක්, වැඩි විස්තර ලබා ගත හැකි ක‍්‍රමයක්) නොමැති, පිටු 3ක කෙටි ලේඛනයක් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු 2012 අගෝස්තු මස මැදදී මාධ්‍යවලට ලබා දුන්නා. එය WHOහි බව තහවුරු කිරීමක් හෝ විචාරයක් හෝ නොමැතිව ගෙඩි පිටින් ප‍්‍රකාශයට පත් කිරීමට අපේ ඇතැම් මාධ්‍ය පෙළඹුණා.

විද්‍යාත්මක කරුණක් ගැන අපේ මාධ්‍ය මෙතරම් අපරික්ෂාකාරී වන්නේ ඇයි? දේශපාලනික හෝ ක‍්‍රීඩා ආන්දෝලනයක් ගැන තහවුරු නොවූ ලේඛනයක් ලැබුණොත් මෙලෙසින් එය පළ කිරීමට කතුවරුන් සූදානම් ද?

මේ උද්වේගකාරී වාර්තාකරණය ගැන සාධාරණ ප‍්‍රතිතර්ක මතු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් මෙකී මාධ්‍ය විසින් ඉක්මනින් හංවඩු ගසනු ලැබුවේ ”පලිබෝධ නාශක සමාගම්වල මුදල් බලයට නතු වූවන්” හැටියටයි. එයට සාක්ෂි තිබේ ද? නැතිනම් කුමන්ත‍්‍රණවාදී තර්කයක් පමණ ද?

වසර 25ක් පුරා එදත් අදත් මා කියන්නේ පලිබෝධ නාශක, රසායනික පොහොර ඇතුළු සියළු නවීන විද්‍යාත්මක මෙවලම් ප‍්‍රවේශමින් පරිහරණය කළ යුතු බවයි. ඒවාට විරුද්ධවීමේ පූර්ණ අයිතියක් පරිසරවේදීන්ට තිබෙනවා. එහෙත් ඇතැම් පරිසරවේදීන් ප‍්‍රායෝගික විකල්ප යෝජනා නොකර, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා විද්වත් මතයන් විවේචනය කරන විට, එම තර්ක ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මැදහත් විද්වතුන්ගේ මත විමසීමට මාධ්‍යවලට වගකීමක් ද තිබෙනවා.

වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය ගැන සංවාදයේදී අවශ්‍ය තරමට සිදු නොවූයේ ද එයයි. ඒ වෙනුවට ජනතාව බියපත් කරවන, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන හා මැදහත් විද්‍යාඥයන්ට නිරපරාදේ චෝදනා එල්ල කරන වාර්තාකරණයක් අප දකිනවා.

මෙබදු වාර්තාකරණයකින් මානසික කම්පනයට පත් මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා මහාචාර්යවරයෙකු මට කීවේ මෙයයි: “එප්පාවල ඇපටයිට් නිධිය බහු ජාතික සමාගම්වලට දෙන්නට යන විට ප‍්‍රතිපත්තිමය හේතු මත එයට විරුද්ධ වීම නිසා මට මරණ තර්ජන පවා ලැබුණා. එසේ පොදු උන්නතියට ජීවිත කාලයක් ක‍්‍රියා කළ මට, ජනතාවට වස කවන ජාති ද්‍රෝහියකු යයි චෝදනා කරන්නේ ඇයි?”

මේ මහාචාර්යවරයාට දිගට ම අවලාද නගන ජාතික පුවත්පතක්, ඔහු යැවූ පිලිතුර පවා පළ කොට නැහැ. (පිළිතුරු දීමේ අයිතිය සුරැකීමට අපේ බොහෝ මාධ්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දෙනවා.) මේ මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥයන් රැසක් වකුගඩු රෝගයේ හේතුකාරක ගැන විවිධ කල්පිතයන් ගවේෂණය කරමින් සිටිනවා. ඔවුන්ගේ එක ම අරමුණ මෙහි අක්මුල් පාදා ගැනීමයි.

බලන්න: http://tiny.cc/CKDuMed

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

Your Disaster is Not My Disaster: Ceylon Today op-ed essay

Meteosat 7 weather satellite image of the Indian Ocean – 30 Oct 2012 at 6 UTC


As Hurricane Sandy hammered the US East Coast earlier this week, we had our own meteorological worries. A tropical cyclone — belatedly named Neelam — swept past parts of Sri Lanka’s North and East. It then headed to southern India.

The two atmospheric turbulences were not comparable. Sandy was far more ferocious. But Neelam caused enough disruption as well — it wasn’t just a passing gust of wind.

As I followed the two disasters through print, TV and web media reporting, I wondered: how come we had more about Sandy in our own media than on Neelam?

Is it because, as some argue, the global media were so preoccupied with Sandy, and provided saturation coverage? Or are our own media outlets unable, or unwilling, to cover a local weather anomaly with depth and clarity?

This is the opening of my latest op-ed essay, Your Disaster is Not My Disaster, published in Ceylon Today newspaper, 1 Nov 2012.

Another excerpt:

“In today’s networked society, commercially operating news media are no longer the sole gatherers or distributors of news. Some members of their (formerly passive) audience are now mini news operations on their own.

“What does this mean for communicating in disaster situations that requires understanding and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media, so together they can better serve the public interest? What value-additions can the mainstream media still bring to the coverage of disasters? And what to do about ‘Chicken Little’ reporters who try to link everything to a looming climate catastrophe? I don’t have all the answers, but keep asking these necessary questions.”

Here’s the full text, saved from the e-paper:

Your Disaster is not My Disaster – by Nalaka Gunawardene, Ceylon Today 1 Nov 2012

See also my March 2011 blogpost: Drowning in Media Indifference: Who cares for the backwoods?

සිවුමංසල කොලූගැටයා #89: ප‍්‍රවාහන විප්ලවයක් කළ හැකි රළ නොනඟන බෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I profile I S W Karunathilaka, inventor of a waveless boat design that saves fuel and protects river banks. He just won the inaugural Ray Award for nurturing innovation excellence in Sri Lanka.

When I first met Karunathilaka three years ago, when he was experimenting with a model that measured 40 inches by 12 inches (101.6 cm x 30.5 cm). I interviewed him on Siyatha TV, showcasing his work in progress and discussing its future potential. He has come a long way since.

English post (NOT a translation): Waveless, Eco-friendly Boat wins the ‘Ray Award’ 2012

I S W Karunathilaka, winner of the ‘Ray Award’ 2012. Photo by Mevan Peiris/Snap Photography

දැනටමත් රාජ්‍ය පිළි ගැනීමක් ලද ශී‍්‍ර ලාංකික නව නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොලට ගෙන යාමට උදවු වන රේ විජේවර්ධන සම්මානය පළමුවරට ඔක්තෝබර් 17 වනදා පිරිනැමුණා.

ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් පසුගිය වසර ගණනාවක් තිස්සේ යම් නිර්නායකයන්ට අනුකූලව නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන ලබා දෙනවා. එසේ සම්මාන ලැබූ ඕනෑ ම නව නිපැයුම්කරුවකුට මෙම ත්‍යාගයට ඉල්ලූම් කළ හැකිව තිබුණා. ලැබුණු ඉල්ලූම්පත් 56 අතුරින් විද්වත් මඩුල්ලක් තෝරාගත් නව නිපැයුම්කරුවන් 6 දෙනෙකුගේ කෙටි ලැයිස්තුවක් සැප්තැම්බර් අගදී ප‍්‍රකාශයට පත් කළා.

මේ හය දෙනාගෙන් රේ සම්මානය දිනා ගත්තේ හොරණ දේවමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඉන්ද්‍ර ශ‍්‍රී වෛද්‍යරත්න (I S W) කරුණාතිලක. ඔහුගේ නව නිපැයුම වන්නේ ජලයේ ගමන් කරන විට රළ තරංග බිහි නොකරන, පරිසර හිතකාමී බෝට්ටු සැළසුමක්.

සම්මාන ප‍්‍රදානයට මුල් වූයේ රේ විජේවර්ධන භාරය හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. මූල්‍ය අනුග‍්‍රහය දුන් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් දක්වා මුදලින් උපකාර කරන අතර තාක්ෂණික උපදෙස් මොරටුව සරසවියෙන් ලැබෙනු ඇති. ත්‍යාගය හරහා සිය නව නිපැයුම වෙළඳ පොලට ගෙන යාම කරුණාතිලකගේ ඊළඟ අභියෝගයයි.

ගණකාධිකාරීවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලැබුවත්, ඔහුගේ අරමුණ වූයේ අළුත් යමක් අරඹා ඒ හරහා ව්‍යවසායකයකු වීමටයි. එහිදී පවුලේ උරුමයක් යළි පාදා ගන්නට ඔහු උත්සාහ කළා.

1915 සිට 1940 දක්වා කාලයේ ඔහුගේ සීයා කළු ගෙඟ් මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කළ බෝට්ටු සේවාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මේ ඔස්සේ යමින් එබන්දක් නැවත කළ හැකි දැයි ඔහු සොයා බැලූවා. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ පාරිසරික නීති යටතේ මෙරට අභ්‍යන්තර ගංගා, ඇල දොලවල මෝටර් බෝට්ටු පැදවීම තහනම් කොට ඇති බවයි.

එයට හේතු තිබෙනවා. මෝටර් බෝට්ටු වේගවත්ව ගමන් කරන විට ඒවා දෙපස මෙන් ම පිටුපසින් ද ජල තරංග නැතහොත් රළ බිහි වනවා. මේ රළ විහිදී ගොස් ඉවුරුවල වැදීමෙන් ටිකෙන් ටික ඉවුරු ඛාදනයට ලක් වෙනවා.

මීට අමතරව බෝට්ටු ධාවනය ජලජ ජීවින්ටත් අහිතකරයි. නීති විරෝධී හෝ පාරිසරික අගතිගාමී කර්මාන්තයක නියැලීමට කරුණාතිලක කැමති වූයේ නැහැ. එහෙත් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවාහන විකල්පයක් ලෙස බෝට්ටු යොදා ගැනීමේ විභවය ඔහු දැන සිටියා. ඉවුරු ඛාදනය නොකරන, පරිසර හිතකාමී බෝට්ටුවක් තැනීම ගැන ඔහු අත්හදා බැලීම් කළා.

නව නිපැයුම්කරුවන් සැමවිට වෙහෙසෙන්නේ අසම්මත චින්තනය හරහා ගැටළු විසඳීමට. බෝට්ටුවක් ජලයේ ගමන් කරන විට එමගින් ජල තරංග හා රළ ඇති වන්නට එහි හැඩය හා වේගය යන සාධක දෙක ම බලපානවා. බොහෝ බෝට්ටුවල හැඩය ඉංගී‍්‍රසි V අකුරට යම් තරමකට සමානයි. එනම් පතුලට යන විට නැම්මක් සමග එය සිහින් වනවා.

මෙය සැම විට ම එසේ විය යුතු ද? කරුණාතිලක වෙනස් හැඩතල සහිත බෝට්ටුවල ආකෘති තනමින් කුඩා ජල තටාකවල කලක් තිස්සේ රළ බිහි වීම නිරීක්ෂණය කළා. අන්තිමේදී ඔහු සොයා ගත්තේ රළ බිහි වීම අවම කල බෝට්ටු සැලසුමක්.

එයට අනුව බෝට්ටුවේ බඳ (hull) දෙකක් තිබෙනවා. පිටත බඳ සෘජුකෝණාශ‍්‍රයක් වැනියි. ඇතුළත බඳ ඇතුළට වක‍්‍ර වූ නැම්මක් සහිතයි. මේ බඳ දෙක අතර යම් ඉඩක් තිබෙනවා. මේ ඉඩට ජලය ඇතුළු විය හැකියි. බෝට්ටුවේ ගමන් කිරීම නිසා ස්වාභාවිකව හට ගන්නා තරංග මෙකී බඳ දෙක අතර ඉඩෙහි බිදී යනවා. එහෙත් බෝට්ටුවෙන් පිටතට විහිදෙන රළ තරංග බිහි වන්නේ නැහැ. මෙහි සුවිශේෂී වෙනස එයයි.

Prototype of waveless eco-boat designed by I S W Karunatilake
මේ සැළැස්මේ තව නව්‍යකරණයන් තිබෙනවා. අවර පෙත්ත (propeller) සවි කර ඇත්තේ බෝට්ටුවේ කෙළවරක නොව එහි මැදයි. මේ නිසාත් රළ බිහි වීම අඩු වනවා. බහුලව බෝට්ටු තැනීමට යොදා ගන්නා ෆයිබර් ග්ලාස් වෙනුවට මේ බෝට්ටුව තනා ඇත්තේ ඇලූමිනියම් හා වානේ වලින්. (මළ බැඳීම වළක්වන්නට ඇනෝඩික ආරක්ෂණයක් යොදා තිබෙනවා.) ෆයිබර් ග්ලාස් මෙන් නොව මේ ලෝහමය ද්‍රව්‍ය යම් දිනයක ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි බව ඔහු කියනවා.

බෝට්ටුව ගමන් කරන විට රළ තරංග බිහි නොවනවා කියන්නේ ශක්තිය අපතේ නොයන බවයි. මේ නිසා වෙනත් බෝට්ටුවට වඩා මෙය ඉන්ධන භාවිතයෙන් ද කාර්යක්ෂම හා අරපිරිමැසුම්දායකයි. බෝට්ටුවේ බඳේ හැකි සෑම තැනක ම දේප පුරවා තිබෙන නිසා මෙය අනතුරකදී දියේ ගිලීමට ඇති ඉඩ ඉතා අඩු බව ද කරුණාතිලක කියනවා.

මා මුල් වරට කරුණාතිලක හමු වූයේ 2009 අවසාන කාර්තුවේ. සියත TV නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ වැඩසටහනකට මා ඔහු සමඟ සාකච්ඡාවක් කළා. ඒ වන විට ඔහු සිටියේ අඟල් 40 x අඟල් 12 ප‍්‍රමාණයේ බෝට්ටු ආකෘතියක් සමඟ අත්හදා බැලීම් කරමින්.

ගෙවී ගිය තෙවසර තුල ඔහු බොහෝ ඉදිරියට ඇවිත්. ජල මාර්ගවල දුවන ප‍්‍රාග්දර්ශයක් (prototype) 2011 අවසානයේ සිට ඔහු අත්හදා බලනවා. එහි මඟීන් 50 දෙනකු හෝ කිලෝ ග‍්‍රෑම් 4,000ක් දක්වා භාණ්ඩ ගෙන යා හැකියි.

ප‍්‍රාග්දර්ශ බෝට්ටුවට පැයට කිලෝමීටර් 8ක වේගයෙන් ගමන් කළ හැකියි. මීට වඩා බෙහෙවින් කුඩා, මගීන් 6 දෙනෙකු ගෙන යා හැකි, පැයට කිමී 100 දක්වා වේගයෙන් යා හැකි පරිසර හිතකාමී බෝට්ටුවක් ද ඔහු දැන් සැළසුම් කර තිබෙනවා. එය විශාල බෝට්ටුවේ සියළු ම ගුණාංග ඇති එහෙත් වේගය වැඩි යාත‍්‍රාවක්.

තම බෝට්ටු සියල්ලේ පැද්දීමේ සංවේදනය (Rolling Effect) නැති කොට තිබෙන බවත්, එයට ගොඩ වූ පසු කෙනෙකුට දිය මත සිටින බවට ඇඟට නොදැනෙන තරම් ස්ථාවර බවත් කරුණාතිලක කියනවා.

මෙතැනට එන්නට බොහෝ කැපවීම් කළ බව ඔහු කියනවා. තිදරු පියකු වන ඔහු ගණකාධිකාරී වෘත්තිය නවතා දමා පූර්ණ කාලීනව මෙබඳු යාන්ත‍්‍රික නිමැවුම් කටයුතුවල නිරතව සිටිනවා. මෝටර් රථවාහන අමතර කොටස් හා ලී බෝට්ටු තැනීම ද ඔහු ජීවිකාවක් ලෙස කරනවා. එහෙත් රළ නොනඟන පාරිසරික හිතැති බෝට්ටුව ඔහුගේ ප‍්‍රියතම ව්‍යාපෘතියයි. එය තව දුරටත් දියුණු කළ හැකි ක‍්‍රම ගැන ඔහු දැන් අධ්‍යනය කරනවා.

වෙනත් සාධකවලින් පරිසර හිතකාමී වුවත් මේ බෝට්ටුව ධාවනය වන්නේ ඛනිජතෙල් දහනය කරන එන්ජිමකින්. ඒ වෙනුවට ජෛවීය ද්‍රව්‍ය දහනය කොට බලය ලබා ගන්නා ගැසිෆයර් (gasifier) එකක් බෝට්ටුවේ සවි කළ හැකි ද යන්න ඔහු දැන් සොයා බලනවා. ජෛව ඉන්ධන දහනයෙන් බලශක්ති ජනනය ගැන මෙරට පුරෝගාමියෙකු වූ රේ විජේවර්ධනගේ චින්තනය එදත් අදත් තමන් ප‍්‍රබෝධමත් කළ බව කරුණාතිලක කියනවා.

වෙනත් බෝට්ටු මෙන් ඉවුරු ඛාදනය නොකරන නිසා සැළසුම් මට්ටමේදී ම කරුණාතිලකගේ බෝට්ටුවට අභ්‍යන්තර ජල මාර්ගවල ධාවනයට අවසරය ලැබී තිබෙනවා.

The RAY Award Logo
“නව නිපැයුමක් කඩදාසියකට පමණක් සීමා වනවා නම් එය බිහි කිරීමේ එතරම් තේරුමක් නැහැ. නිපැයුමක් වාණිජ මට්ටමින් ජන සමාජයට හා වෙළඳපොළට යා යුතුයි. එසේ වෙළඳපොල ජයගත් ප‍්‍රායෝගික නව නිපැයුම් කරුවන් ටික දෙනා අතර රේ විජේවර්ධන සිටිනවා. මගේ ඉලක්කය මේ බෝට්ටුව සාර්ථක ව්‍යාපාරයක් මට්ටමට ගෙන යාමටයි,” ඔහු කියනවා.

සංචාරක කර්මාන්තයටත්, එදිනෙදා මගී ප‍්‍රවාහනයටත් මේ බෝට්ටු යොදා ගත හැකියි. මීට අමතරව ජල ගැලීම් ආපදා සිදු වන අවස්ථාවල ඉතා සීරුවෙන් ගමන් කරමින් විපතට පත් වූවන් බේරා ගන්නට ද මේ බෝට්ටුව යොදා ගත හැකි බව නිපැයුම්කරුවා පෙන්වා දෙනවා.

මෙරට බිම් ප‍්‍රමාණයෙන් සියයට 10කට වැඩි ප‍්‍රමාණයක් වසා පැතිරුණු ගංගා, ඇල දොල, වැව් හා ජලාශ රාශියක් තිබෙනවා. එහෙත් ජල මාර්ග හරහා බඩු හා මඟී ප‍්‍රවාහනයට දක්වා ඇත්තේ ඉතා අඩු සැළකිල්ලක්. විනෝද ගමන්වලට පමණක් නොව නිතිපතා ප‍්‍රවාහනයට ද ජල මාර්ග යොදා ගත හැකියි.

මෙය තේරුම් ගත් ඕලන්ද ජාතිකයෝ බටහිර වෙරළට සමාන්තරව හලාවත සිට කළුතර දක්වා තීරයේ ඇල මාර්ග ගණනාවක් තැනුවා. මේ ඇල මාර්ග ගමනාගමනයට යොදා ගැනීම කලකට ඉහත සිදු වුවත් අද එය අතපසු වී තිබෙනවා.

මාර්ග තදබදයට ලාබදායක විකල්පයක් ලෙස සමහර ප‍්‍රදේශවල අභ්‍යන්තර ජල මාර්ග යොදා ගත හැකි බව අධ්‍යයන හරහා තහවුරු වී තිබෙනවා. හැබැයි මගී ප‍්‍රවාහනය විධිමත් ලෙස ජල මාර්ග හරහා කිරීමට පරිසර හිතකාමී හා ඉන්ධන පිරිමසින බෝට්ටු පමණක් සෑහෙන්නේ නැහැ. ඒ සඳහා නිසි ලෙස නඩත්තු කැරෙන ඇල මාර්ග, බෝට්ටුවලට පිවිසීමට ජෙටි හා ජීවිතාරක්ෂක උපක‍්‍රම ද අවශ්‍යයි.

Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

Ceylon Today newspaper has just published my article titled: Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

It is adapted from a paper I presented last week at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012.

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

As health officials and policy makers struggle with the prolonged humanitarian crisis, partisan media coverage has added to public confusion, suspicion and fear. As a science writer and journalist, I have watched this with growing concern.

This is a critique of the Lankan media sector to which I have belonged, in one way or another, for a quarter century. I hope this will inspire some much-needed self-reflection among our media, which I feel over overstepped the boundaries of advocacy journalism in this issue. As I suggest, a return to first principles can help…

Full article below. Constructive engagement is welcomed.

Mass Kidney Failure & Mass Media Failure – Nalaka Gunawardene – Ceylon Today 25 Oct 2012