Down to Earth magazine wins Greenaccord International Media Award

By Nalaka Gunawardene in Naples, Italy

India’s Down to Earth magazine was presented with the first Greenaccord International Media Award at an international conference held in Naples, Italy, last week.

The award, newly established by the Rome-based non-profit group Greenaccord, recognises outstanding media contributions to covering issues of environment and sustainable development.

Tommaso Sodano, deputy mayor of the City of Naples, presented the award at the conclusion of the 10th Greenaccord International Media Forum held from 6 to 9 November 2013.

Darryl D'Monte (centre) receives Greenaccord International Media Award on behalf of Down to Earth magazine, India - Naples, 9 Nov 2013
Darryl D’Monte (centre) receives Greenaccord International Media Award on behalf of Down to Earth magazine, India – Naples, 9 Nov 2013 – Photo courtesy Greenaccord Press Office

“We asked all our Asian colleagues for nominations for this inaugural award, and many of them recommended Down to Earth magazine that has covered sustainability issues from a developing country perspective for 21 years,” said Alfonso Cauteruccio, President of Greenaccord.

Down to Earth is a fortnightly magazine focusing on issues of science and environment. It is published by the Centre for Science and Environment (CSE), a leading research and advocacy group in India. Founded by leading journalist and activist Anil Agarwal in May 1992, it provides reportage, analysis and commentary on a broad range of issues related to environment and development.

From the beginning, the magazine has challenged its readers to think about sustainable development. It inspires and encourages its readers to become more environment-friendly.

Darryl D’Monte, senior Indian journalist and a former editor of the Times of India, accepted the award on behalf of Down to Earth editors and publishers.

“Anil Agarwal was a trail-blazing journalist who combined knowledge and advocacy. Down to Earth, launched just before the Earth Summit in Rio in mid 1992, reflects that vision,” D’Monte said in his acceptance speech.

D’Monte recalled how Agarwal and CSE played a key role in the early days of global climate negotiations, especially in focusing global attention on per capita emissions of global warming greenhouse gases.

“Climate change is as much politics as it is science, and Anil was well aware of that. He approached all debates well armed with statistics, analysis and a southern perspective, which is also the Down to Earth magazine’s approach to issues,” he added.

Darryl D'Monte talks about Down to Earth magazine at Greenaccord Forum in Naples
Darryl D’Monte talks about Down to Earth magazine at Greenaccord Forum in Naples – Photo courtesy Greenaccord Press Office

Down to Earth presents accessible content intended for interested non-specialists including policy makers. Articles are often investigative, in-depth, all presented in well edited and designed form. In recent years, it has developed an extensive website at www.downtoearth.org.in.

The magazine has been an important vehicle for many CSE campaigns in the public interest, including its exposes on pesticide residues in popular soft drinks and bottled water brands, and agitation for cleaner air in Delhi and other metropolitan areas in India.

CSE’s right to clean air campaign resulted in New Delhi becoming the world’s first city to introduce compressed natural gas (CNG) for all public transport vehicles, D’Monte said.

Greenaccord is a non-profit association, headquartered in Rome, and founded to be of service to the world of information and training that deals with environmental issues. The association is made up of journalists and professionals who volunteer their time to provide training to their colleagues.

Since 2003, Greenaccord organises an annual gathering of journalists and scientists concerned about sustainability – which has become one of the largest such gatherings taking place on a regular basis.

Dr Gamani Corea (1925-2013): Economist who valued the role of science and technology

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

“I have a rather large nose that dominates my photos,” said Gamani Corea as I asked him to pose for a photo in his spacious garden at Horton Place, in the heart of residential Colombo.

“Then how come your nose isn’t as famous as JR’s?” I asked as I snapped a few photos. That reference was to our first Executive President J R Jayewardene, whose prominent nose was the delight of cartoonists for decades.

Economist, diplomat and international civil servant Dr Gamani Corea (1925-2013), one of the most accomplished Sri Lankans of the 20th century, had just given me an interview.

It was sometime in late 1990. Dr Corea was dividing his time between Colombo and Geneva. I was a young science reporter working for Asia Technology magazine published from Hong Kong

A few weeks earlier, I’d suggested to my editors a story about Dr Corea’s proposal to revamp the Colombo Plan — an inter-governmental organisation to strengthen economic and social development of countries in the Asia Pacific region — with a new focus on science and technology.

He didn’t know me before, but turned out to be both approachable and amiable. He matched my eagerness with energetic and optimistic answers. We chatted for the better part of an hour.

Dr. Corea, who served as Secretary-General of UNCTAD from 1974 to 1984, died on 3 November 2013 aged 87. As UNCTAD website noted, he was known for his vision of a rebalanced international economic order that would provide fairer treatment to developing countries.

I wrote up that interview for Asia Technology November 1990 issue. Here’s a scan, illustrated by my photo with his not-so-famous nose:

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න:

Malima TV show on innovation wins Sumathi Tele Award

Sumathi Tele AwardsI’m delighted that Malima TV show on innovation, which I presented on Sri Lanka’s national TV Rupavahini for much of 2012, just won a Sumathi Tele Award — our equivalent of the Emmy Awards.

A Special Jury Award was presented to Malima at the 18th Sumathi Tele Awards festival held in Colombo on 30 October 2013.

The jury commended the studio-based show for both its content and presentation, noting our creative effort to link technology to everyday life in solving problems.

Exact jury citation (in Sinhala) read:

උතුර දකුණ මාරු නොකොට,

බුද්ධියෙන් ප‍්‍රඥාව කරා,

සතුටින් ගුණ නුවනින් යනුව ජීවිතය ගවේෂණය සඳහා

නව දිශානතියකින් කළ ඉදිරිපත් කිරීමක්.

සංකල්‍ය නිර්මාණයේ නිර්මාණශීලීතාව අගය කිරීමක්.

ජාතික රූපවාහිනීය නිෂ්පාදනය කළ,

නාලක ගුණවර්ධන ඉදිරිපත් කළ,

සුමින්ද තිලකසේන අධ්‍යක්‍ෂණය කළ

මාලිමා වැඩසටහනට පිරිනමනු ලබන සම්මානයයි මේ…..

The award was received by the show’s producer Mr Suminda Thilakasena and myself; it was presented by Ms Pavithra Wanniarachchi, Minister of Power & Energy, one of the guests of honour that evening.

Ms Pavithra Wanniarachchi, Minister of Power & Energy, presents Sumathi Tele Award to Suminda Thilakasena (left) and Nalaka Gunawardene on 30 Oct 2013
Ms Pavithra Wanniarachchi, Minister of Power & Energy, presents Sumathi Tele Award to Suminda Thilakasena (left) and Nalaka Gunawardene on 30 Oct 2013

Sumathi Awards have been organised by the privately owned Sumathi Group since 1995. It has established itself as the leading awards festival of the Lankan television industry that started in 1979.

Rupavahini broadcast of the evening (our award is presented around 16th minute):

Full awards list, as published in Lakbima daily newspaper, 1 November 2013:

Full list of award winners at 18th Sumathi Tele Awards, as published in Daily Lakbima, 1 Nov 2013
Full list of award winners at 18th Sumathi Tele Awards, as published in Daily Lakbima, 1 Nov 2013

සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the public health implications of rising levels of pesticide residues in our food. I cite research by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI) on pesticide use habits of upcountry vegetable and potato farmers, which makes alarming reading.

Among other things, researchers found that up to a quarter of surveyed farmers grow some chemicals-free vegetables their own use! So this is not a matter of ignorance, but willful poisoning of the unsuspecting consumer.

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Generic photo courtesy - Rice & Curry Blog
Generic photo courtesy – Rice & Curry Blog

ජාතික විසවීම් වැළැක්වීමේ සතිය ලෙස ඔක්තෝබර් 28 – නොවැම්බර් 3 කාලය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා.

විසවීම් ප‍්‍රධාන වශයෙන් දෙආකාරයි. දැනුවත්ව හා  ඕනෑකමින් (සියදිවි හානි කර ගැනීමේ අරමුණින්) මාරාන්තික විස ශරීරගත කර ගන්නා අය සිටිනවා. එය මානුෂික මෙන් ම සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

දෙවැනි ආකාරය නම් නොදැනුවත්ව හා නිරායාසයෙන් විසවීම් නිසා රෝගී වීම හෝ මිය යාම. මෙහිදී විසවීමේ ප‍්‍රතිඵල ඉක්මනින් මතු විය හැකියි. නැතිනම් සුඵ මට්ටමේ විසවීම් කලක් තිස්සේ ශරීරය තුළ එකතුවීමෙන් කල් යාමේදී නිදන්ගත රෝගාබාධ හටගත හැකියි.

නූතන සමාජයේ විවිධ අවශ්‍යතා හා පහසුකම් සඳහා අප භාවිතා කරන එදිනෙදා රසායන ද්‍රව්‍ය සමහරක් මෙසේ සුඵ පරිමාවෙන් ශරීරගත වීමේ විපාක ගැන දැන් වඩාත් අවධානය යොමු කැරෙනවා. මේවායේ අහිතකර විපාක මතුවන්නට වසර හෝ දශක ගණනක් ගත වන බැවින් එය ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හසු වන්නේ නැහැ.

එමෙන්ම හේතුකාරකය හා ප‍්‍රතිඵලය අතර සෘජු සබඳතාවක් සැම විට තහවුරු කරන්නට ද බැහැ. (මානව දේහය එකවිට බහු විධ බලපෑම්වලට ලක් වන නිසා.) එක් වරම විසවීමක් නොපෙනෙන නිසා හේතු කාරකය සොයා ගැනීම වෛද්‍යවරුන්ට පවා අසීරුයි.

ගොවිතැනේදී රසායනික පොහොර හා පලිබෝධ නාශක අනිසි හා අධික ලෙස භාවිතා කිරීමෙන් ඒවායේ ශෙෂයන් (agrochemical residues) අපේ ආහාර හා බොන ජලයට ද එකතු වන බව දැන් අප දන්නවා. මේ ශෙෂයන් ශරීරගත වීමෙන් එක්වර රෝගීවීමක් නොපෙනුනත් කලක් තිස්සේ පටකවල තැන්පත් වීමෙන් ශරීර පද්ධතිවලට හානි විය හැකියි. ඇතැම් ආකාරයේ පිළිකා ඇති කිරීමට ද මේ ශෙෂයන් දායක විය හැකියි.

ශරීරය තුළ ටිකෙන් ටික රසායනික සංචිත වීම Bio-accumulation ලෙස විද්‍යාත්මකව හඳුන්වනවා. සිංහලෙන් ජෛවීය රාශිභූත වීම යයි කිව හැකියි.

පාරිසරික විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මේ ගැන කලක සිට මහජන අවධානය යොමු කරන්නට උත්සාහ ගත් අයෙක්.

සෞඛ්‍ය බලධාරීන් හා මාධ්‍ය මුල් කාලයේ වැඩි අවධානය යොමු කළේ පළිබොධනාශක අධික ලෙස ශරීරගත වීම (ඕනෑකමින් හෝ නොදැනුවත්කමින්) නිසා රෝගීවීම හා මිය යාම ගැනයි. එහෙත් එයට වැඩි දිගුකාලීන ව්‍යසනයක් මේ සෙමෙන් වස වීම නිසා සිදුවන බව රනිල් කියනවා.

පළිබොධ නාශක ශෙෂයන් අපේ කෑම මේසයට එන ක‍්‍රම ගණනාවක් තිබෙනවා. එයින් එක් ප‍්‍රධාන මාර්ගයක් නම් ආහාර බෝග වැවීමේදී හා ගබඩා කිරීමේදී අනිසි ලෙස රසායනික භාවිතය.

අස්වැන්න රැක ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අධික රසායන භාවිතයකට අපේ බොහෝ ගොවීන් පුරුදුව සිටිනවා. මෙය නොදැනුවත්කමටත් වඩා ඇබ්බැහිකම, අවිචාරශීලී බව හා අන්ධානුකරණය වැනි හේතු නිසා සිදුවන්නක්.

ශ‍්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් පර්යේෂකයන් තිදෙනායි.

මෙරට වෙළඳපොළේ දැනට අලෙවි කැරෙන පලිබෝධනාශක වෙළඳ නාම 462න් 73ක් මේ සමීක්ෂණයට පාත‍්‍ර වූ එළවලූ හා අර්තාපල් ගොවීන් පාවිච්චි කරන බව හෙළි වුණා. මේවා සියල්ල නීත්‍යනුකූලව, රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වා බෙදාහරින විස රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රශ්න මතු වන්නේ පරිහරණයේදීයි.

ඉක්මනින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා පලිබෝධ නාශක නිසි මාත‍්‍රාව ඉක්මවා අධික ලෙස යෙදීම බොහෝ ගොවීන් කරන බව HARTI සමීක්ෂණයෙන් නැවතත් තහවුරු වුණා.

එයින් සොයා ගත් ගොවි චර්යා කිහිපයක් මෙසේයි.

  • ගොවීන්ගෙන් 40%ක් දෙනා පලිබෝධකයන් කිසිවකතුත් පෙනෙන්නට නැතත් පුරුද්දට මෙන් පලිබෝධ නාශක ඉසිනවා.
  • පලිබෝධ නාශක නිර්දේශිත මාත‍්‍රාව හා වාර ගණන නොසෑහෙන බවට බොහෝ ගොවීන් අතර විශ්වාසයක් තිබෙනවා. බහුතරයක් ගොවීන් නිර්දේශිත මාත‍්‍රාව මෙන් එක හමාර ගුණයක් හෝ ඊට වඩා යොදනවා.
  • සමහර ගොවීන් විවිධ පලිබෝධ නාශක එකට මිශ‍්‍ර කොට යොදනවා. ඒ හරහා පලිබෝධයන් ක්ෂණිකව මැරී වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂ කරනවා.
  • ඇතැම් ගොවීන් සිතන්නේ බෝග වර්ධනයට ද පලිබෝධ නාශක උදවු වන බවයි! (ඒ සඳහා වෙනම රසායනික පොහොර ද යොදනු ලැබුවත්.)
  • අස්වැන්න නෙළා ගන්නට දින 10 – 14කට පෙර කිසිදු රසායනිකයක් බෝගයට ඉසීම නොකළ යුතුයි. මෙය ශෙෂ ඉතිරිවීම වළක්වාලීමේ උපක‍්‍රමයක්. එහෙත් උඩරට එළවඵ හා අර්තාපල් ගොවීන්ගෙන් තුනෙන් එකක් ම මේ අවම කාලයට ගරු නොකරන බව පිළිගත්තා.

අපේ සමහරුන් සිතන තරම් නොදැනුවත් හෝ නූගත් ගොවීන් අද කාලේ නැහැ. සමීක්‍ෂණයට ලක්වූ ගොවීන්ගෙන් 75%ක් පළිබෝධ නාශක පරිසරයට හානි කරන බවත්, ගොවීන්ගේ හිතමිතුරු ගැඩිවිලූන් වැනි සතුන් ද මරා දමන බවත් දැන සිටියා.

Poster by Pesticide Action Network - Asia Pacific
Poster by Pesticide Action Network – Asia Pacific

එමෙන්ම ඔවුන් අහිංසකයන් ද නොවෙයි. ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවන බව පිළි ගත්තා. (එසේ විවෘතව පිළිගැනීමට මැළි වූ ගොවීන් ද සිටියා විය හැකියි.)

HARTI සමීක්‍ෂණයේ වඩාත් ම බියජනක සොයා ගැනීම ලෙස මා දකින්නේ මෙයයි. තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන් සඳහා දැන දැන ම වෙළඳපොලට එවන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

මෙය සරසවියක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් කළ සමීක්‍ෂණයක් ද නොවෙයි. රාජ්‍ය පර්යේෂණායතනයක් කළ සමීක්‍ෂණයක්.

මේ තරම් සාහසික කි‍්‍රයා කලාපයකට අපේ සමහර ගොවීන් යොමුව සිටින්නේ ඇයි යන්න පුඵල් ලෙස සංවාදයකට ලක් කළ යුතුයි. “සුඵ පරිමාණ ගොවියා වෙළඳපොළේ සිරකරුවකු වී සිටීම” වැනි සරල තර්කවලින් මේ කුහකත්වය පහදා දිය නොහැකියි.

මේ සමීක්‍ෂණයෙන් ම හෙළි වූයේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් හරහා දැනුම හා උපදෙස් ලබා ගෙන ඇත්තේ ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණක් බවයි. බහුතරයක් එක්කෝ සෙසු ගොවීන්ගෙන් අසා දැන ගන්නවා. නැත්නම් පළිබෝධ නාශක විකිණීමට තිබෙන ළඟ ම ඇති කඬේ මුදලාලිගෙන් සියඵ උපදෙස් ලබා ගන්නවා.

කෘෂි ව්‍යාප්ති නිලධාරීන් වගාබිමට නොපැමිණියත් පළිබෝධ නාශක සමාගම්වල ප‍්‍රවර්ධන නියෝජිතයන් නම් ගොවීන් ළඟට ම පැමිණ ‘‘විසඳුම්’’ නිර්දේශ කරන බව ද හෙළි වුණා. මෙය ද අඵත් හෙළිදරුව්වක් නොවෙයි.

‘ළඟ එන කෘෂි රසායනික සුනාමිය’ තේමාවෙන් 2013 මාර්තු 17දා කොලමෙන් මා ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක් වන මැලේසියානු ජාතික ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) උපුටා දැක්වූවා. “අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි!”

ආචාර්ය හියොං කීවේ: “ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්.”

ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනෙන පළිබෝධ නාශක නියාමනය කැරෙන්නේ 1980 පළිබෝධ නාශක පාලන පනත යටතේයි. ආහාර බෝග වෙළඳපොලට එනවිට ඒවායේ පළිබොධ නාශක ශෙෂයන් ‘නිර්දේශිත මට්ටම්වලට වඩා අඩුවෙන්’ තිබිය යුතු යයි එහි කියනවා. එහෙත් වසර 33ක් ගත වීත් මේ නිර්දේශිත මට්ටම් මොනවාදැයි නිර්ණය කර නැහැ!

පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්‍ෂණය ගැන අපට වඩා තැකීමක් කරන රටවල නම් අවසර දෙන උපරිම ශෙෂ මට්ටම් (Maximum Residue Levels) පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. එය පිළිපදිනවා ද යන්න ගැන විටින්විට අහඹු පරීක්‍ෂා ද කැරෙනවා.

එහෙත් අපේ රටේ තවම මෙබඳු ආරක්‍ෂිත පියවර කිසිවක් හඳුන්වා දී නැතැයි ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IPS) පර්යේෂක රවීන් ඒකනායක 2013 මාර්තුවේ පළ කළ විග‍්‍රහයක පෙන්වා දෙනවා. http://tiny.cc/IPSFS.

මේ පසුබිම තුළ සාහසික ගොවීන්ට දැන දැන ම විස යෙදු එළවඵ අපට දිගට ම සපයන්නට හැකිව තිබෙනවා.

රසායනික පොහොර හා අධික විසැති පළිබෝධ නාශක මත මේ තරම් යැපෙන ගොවිතැන තවමත් මේ රටේ නිල කෘෂි කාර්මික ප‍්‍රතිපත්තියයි. මහජන සභාවලදී දේශපාලකයන් හා නිලධාරීන් කුමක් කීවත් 1960 ගණන්වල සිට හැම රජයක් ම කි‍්‍රයාත්මක කළ “වැඩිපුර දමා – වැඩිපුර උකහා ගැනීමේ” ගොවිකම (high external input agriculture) දැන් ජාතික මට්ටමේ ඇබ්බැහිකමක් වී හමාරයි.

යමකට ඇබ්බැහි වූවන්ට තම කි‍්‍රයාවල වරදක් හෝ දිගුකාලීන විපාක හෝ හරිහැටි තේරෙන්නේ නැහැ. අයාලේ ගිය අපේ ගොවිකම යළිත් හරිමඟට ගත යුත්තේ ගොවීන් අතරමං නොකර, රටේ ආහාර හිඟයක් හෝ අහේනියක් ද ඇති වීමට ඉඩ නොතබායි.

කාබනික ගොවිතැනට තනිකර මෙය කළ හැකි ද යන්න තුලනාත්මකව විවාද කළ යුතුයි. පරිසරවේදීන් හෝ ජාතිකවාදීන් හෝ නිර්දේශ කරන හැම දෙයක් ම ප‍්‍රායෝගික නොවිය හැකියි. එහෙත් ඔවුන්ට ද සවන් දිය යුතුයි.

ගොවිතැන, ගොවිකම හා ගොවියා ගැන අපේ සමාජයේ ගෞරවය මුසු වූ ධනාත්මක හැගීම් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ 12%ක් වුවත් එය තවමත් සැළකිය යුතු ජන සංඛ්‍යාවකට ජීවිකාව සපයනවා. තමන් ගොවිතැනෙහි තව දුරටත් නියැලීමට නොකැමැති නව පරම්පරාවේ අය බොහෝ දෙනා පවා ගොවිකම ගැන රොමැන්ටික් හා අතීතකාමී හැගීම්වලින් යුතුව කථා කරනවා.

මෙයට ඓතිහාසික හේතු ඇතත් ගොවිතැන් ගැන තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමට මේ හැගීම්බර තත්ත්වය බාධාවක්. ජාතියට වස කවන ගොවීන් ඒ තැනට ඇද දැම්මේ කුමන ප‍්‍රවාහයන් ද කියා හඳුනාගෙන ක‍්‍රමීය විසඳුම් සොයා යා යුතුයි.

Long before Malala, there was Meena…

Meena and Mithu

Long before Malala, there was another spirited young girl named Meena.

Like Malala Yousafzai does today, Meena too spoke out for and on behalf of girls — their right to education, good health, nutrition and, most important, to be treated the same way as boys.

Like Malala, young Meena too spoke passionately yet courteously. While Malala challenged the ferocious Taliban, Meena took on the equally formidable adversary named tradition.

Malala and Meena could well have been sisters in arms — except that the latter isn’t quite real. She is a cartoon character imagined and developed by some of South Asia’s most talented animators and development communicators two decades ago.

UNICEF developed the Meena Communication Initiative (MCI) as a mass communication project aimed at changing perceptions and behaviour that hamper the survival, protection and development of girls in South Asia.

Here’s how their website describes Meena:

“Meena is a cartoon character from South Asia. She is a spirited, nine-year-old girl who braves the world – whether in her efforts to go to school or in fighting the stigma surrounding HIV/AIDS in her village.”

UNICEF launched Meena in September 1998 after eight years of extensive research in the region since the initial conceptualization. The name Meena was carefully chosen as it was found to span the different cultures in the region: people in Bangladesh, Bhutan, India, Maldives, Nepal,  Pakistan and Sri Lanka could relate to the name.

meena-1

A cast of carefully researched characters was created for Meena’s family and community. It included Meena’s talkative pet parrot Mithu, brother Raju, mom and dad, grandma and village school teacher.

There was no fundamentalist group threatening Meena’s village. Instead, it was grappling with poverty, ignorance and orthodoxy.

The Meena stories are entertaining and fun, but also reflect the realities of girls’ lives in South Asia. Through story-telling, important social messages are conveyed, such as the value of educating girls, freedom from exploitation and abuse, need for hygiene and proper sanitation, and the right of girls to a proper childhood not marred by under-age marriages.

In total, 13 Meena episodes were produced through a collaboration that involved Ram Mohan Studios of Mumbai and Hanna-Barbera affiliate Fil Cartoons of Manila.

Three examples:

Meena: Will Meena Leave School?

Meena: Count Your Chickens

Meena: Too Young to Marry

Meena is widely recognised and appreciated in most South Asian countries, and is a successful advocacy and teaching tool for girls’ and children’s rights. The Meena figure has achieved remarkable popularity as she tackles the key issues affecting children, and the threats to the rights of millions of girls in South Asia.

See also: September 2007: Shimu: Bangladesh’s real life ‘Meena’ enthralls millions on TV

Images and videos courtesy Unicef

Belling the ‘Policy Cats’: How Can Communication Help? Talk to PEER Science Conference 2013

Nalaka Gunawardene speaks at PEER Science Conference 2013 in Bangkok, 3 Oct 2013
Nalaka Gunawardene speaks at PEER Science Conference 2013 in Bangkok, 3 Oct 2013

How to ‘Bell’ the policy ‘cats’?

This question is often asked by researchers and activists who would like to influence various public policies. Everyone is looking for strategies and engagement methods.

The truth is, there is no one sure-fire way — it’s highly situation specific. Policy makers come in many forms and types, and gaining their attention depends on many variables such as a country’s political system, governance processes, level of bureaucracy and also timing.

Perfecting the finest ‘bells’ and coming across the most amiable and receptive ‘cats’ is an ideal rarely achieved. The rest of the time we have to improvise — and hope for the best.

Good research, credible analysis and their sound communication certainly increase chances of policy engagement and eventual influence.

How Can Communications Help in this process? This was the aspect I explored briefly in a presentation to the PEER Science Participants’ Conference 2013 held in Bangkok, Thailand, from 1 to 4 Oct 2013.

It brought together over 40 principal investigators and other senior researchers from over a dozen Asian countries who are participating in Partnerships for Enhanced Engagement in Research (PEER) Science program. PEER Science is a grant program implemented by the (US) National Academies of Science on behalf of the U.S. Agency for International Development (USAID) and in cooperation with the National Science Foundation (NSF).

I spoke from my professional experience and long involvement in public communication of research, especially through the media. I referred to key conclusions of the International workshop on Improving the impact of development research through better communication and uptake, held in London, UK, in November 2010 where I was a panelist.

I flagged some key findings of a global study by SciDev.Net (where I am an honorary trustee) which looked at the different contextual settings within which policymakers, the private sector, NGOs, media organisations and the research community operate to better understand how to mainstream more science and technology evidence for development and poverty reduction purposes.

I like show and tell. To illustrate many formats and approaches available, I shared some of my work with LIRNEasia and IWMI, two internationally active research organisations for which I have produced several short videos (through TVE Asia Pacific) communicating their research findings and policy recommendations.

PowerPoint (with video links embedded):

සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ ‘භූතයෝ’

In this week’s Ravaya column (in Sinhala), I explore the nexus between public perceptions and public health – a topic I discussed in a recent talk to the College of Community Physicians Sri Lanka held in Colombo on 23 – 24 September 2013.

See also: Taming 21st Century Demons for Universal Health Access in Sri Lanka

Dosthara Wisthara, A Doctor's Memories, by Dr Ariyasena U Gamage
Dosthara Wisthara, A Doctor’s Memories, by Dr Ariyasena U Gamage

විශෙෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ 2002දී ලියා පළ කළ ‘දොස්තර විස්තර’ නම් පොත මා ළඟදී කියෙව්වා. ඒ වන විට විසි පස් වසරක් පමණ වූ වෛද්‍ය ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම් කතන්දර හැටියට රසබරව ලියා තිබෙනවා.

වෙදකමට වගේ ම ලියන්නටත් හපන් වෛද්‍ය ගමගේ, ලෙඩ රෝග ගැන විතරක් නොවෙයි අපේ සමාජයේ බහුලව හමුවන ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් ගැනත් විවෘත මනසකින් යුක්තව කථා කරනවා.

වෛද්‍යවරුන් හැටියට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ශාරීරික සාධක මෙන් ම මානසික සාධක ගැනත් සංවේදී වීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. 1970 දශකය අගදී රජයේ රෝහල්වලට ආ සහ වාට්ටුවලට ඇතුඵ කරනු ලැබූ රෝගීන්ගෙන් සියයට හැට හැත්තෑවකගේ ම අතේ හෝ බෙල්ලේ හෝ ඇප නූල් ගැට ගසා තිබු සැටි ඔහු සිහිපත් කරනවා. ඒවා රෝගියා රෝහලට ගෙන එන්න පෙර කට්ටඩියකු විසින් ගැට ගැසූ පාර-වෛද්‍ය ප‍්‍රතිකර්මයි.

එවකට ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශෙෂඥ වෛද්‍යවරයාට මේ ඇප නූල් රුස්සන්නේ නැතිලූ. ඔහු කියා ඇත්තේ ‘ලෙඩ සුව වෙන්නේ අපි දෙන බෙහෙත් ප‍්‍රතිකාර නිසා. ඒත් ඒකෙ ගෞරවය යන්නේ නූල් බැඳපු කට්ටඩියට!’

එක් දිනක් මේ විශෙෂඥ වෛද්‍යවරයා කතුරක් ගෙන ඔහුගේ වාට්ටුවේ සිටි සියලූ රෝගීන්ගේ බැඳ තිබූ නූල් කපා දැමූ සැටි වෛද්‍ය ගමගේ විස්තර කරනවා. නමුත් ටික කලකට පසුව මේවායේ මනෝවිද්‍යාත්මක වැදගත්කම ගැන ඔහු අවබෝධ කර ගත් සැටි ද කියනවා.

වෛද්‍ය ගමගේ ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. ‘‘ගාලූ රෝහලට රෝගීන් මාරු කර එවන්නේ උඩුගම, ඇල්පිටිය, බද්දේගම, ආරච්චිකන්ද වැනි ග‍්‍රාමීය රෝහල්වලිනි. මෙසේ මාරු කර එවන රෝගීන් බොහොමයකගේ ඇගහි ඇප නූල් ගැට ගසා තිබුණි. ඒවා නිකම් ම නිකම් නූල් කැබලි නොව ඒවා තුළ මිනිසාගේ සිතුම් පැතුම් සහ විශ්වාස රාශියක් කැටි කොට සඟවා ඇති බව තේරුම් ගැනීමට (විශෙෂඥ වෛද්‍යවරයාට) ගත වූයේ සුඵ කාලයකි.’’

සැප්තැම්බර් අග කොළඹදී පැවැති ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛද්‍ය විශෙෂඥයන්ගේ සංගමයේ (College of Community Physicians Sri Lanka) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ කෙටි දේශනයක් කරමින් මා මේ සානුකම්පිත වෛද්‍යවරයාගේ අත්දැකීම කෙටියෙන් උපුටා දැක්වූවා.

Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

මගේ කථාවේ හරය වූයේ යහපත් සෞඛ්‍ය ළගා කර ගැනීම හා පවත්වා ගැනීම තනිකර වෛද්‍ය හා පොෂණ ව්‍යයාමයක් පමණක් නොව ඊට වඩා පුඵල් වූත්, ගැඹූරු වූත් කටයුත්තක් බවයි. මේ නිසා මහජන සෞඛ්‍යය (public health) මනා අයුරින් පවත්වා ගන්නට වෛද්‍ය හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට අමතරව සමාජ විද්‍යා, මානව විද්‍යා වැනි වෙනත් ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥ දැනුම හා දායකත්වය ද අවශ්‍ය වනවා. එහෙත් නිල සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය තුළ මෙබඳු පුඵල් ප‍්‍රවේශයකට ඉඩක් නැහැ. (මානසික සෞඛ්‍යය ගැන පවා අවධානය යොමු කිරීම සිදු කැරෙන්නේ මෑත කාලයේ පටන්.)

මා කීවේ අද ලක් සමාජය පුරා බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් සමහරක් කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ මිනිසුන්ගේ සෞඛ්‍යයට ද බලපාන නිසා මේවා ගැන ඔවුන්ගේ පර්යේෂණාත්මක අවධානය යොමු විය යුතු බවයි.

එහිදී සෞඛ්‍යයට අදාල මිථ්‍යාවන් හා විශ්වාස මූලික කාණ්ඩ තුනකට වර්ග කළ හැකි යයි මා යෝජනා කළා.

පළමු කාණ්ඩය: එය විශ්වාස කිරීම නිසා පුද්ගලයාට හෝ සමාජයට හානියක් සිදු නොවන අහිංසක ආකාරයේ විශ්වාසයන්. වෛද්‍ය ගමගේ ලියා ඇති පරිදි හිතේ සැනසීම ලබා දෙන යම් සරල ශාන්ති කර්ම ආදියේ වරදක් නැහැ. (වෛද්‍ය ප‍්‍රතිකාරවලට නිසි කලට යොමු වීම එමගින් වළක්වන්නේ හෝ ප‍්‍රමාද කරන්නේ නැති නම්.)

දෙවැනි කාණ්ඩය: අදහන්නාට යම් ආර්ථික හෝ වෙනත් අලාබයක් හෝ හානියක් සිදු කළ හැකි වූවත් සෙසු සමාජයට හා රටට අහිතකර බලපෑමක් නොකරන ආකාරයේ විශ්වාස.

තුන්වැනි කාණ්ඩය: අවිචාරශීලීව විශ්වාස කිරීම හරහා පුද්ගලයාට, පවුලට, සමාජයට මෙන් ම පොදුවේ රටටත් අහිතකර ලෙස බලපෑ හැකි ආකාරයේ බරපතල මිථ්‍යාවන්. ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැන සමහර රටවල උගත් නූගත් දෙපිරිස ම දරණ අස්ථාන භීතිය මෙයට හොඳ උදාහරණයක්.  (බලන සැමත කුමන්ත‍්‍රණ පිරි දේශයක් නමින් 2013 පෙබරවාරි 10දා කොලමින් පාකිස්ථානය ගැන මා කළ විග‍්‍රහය ද බලන්න.)

අද කාලේ මේ තුන්වන කාණ්ඩයේ මිථ්‍යාවන්ට පාදක වන්නේ මීට කලකට පෙර ලක් සමාජය බියපත් කළ සාම්ප‍්‍රදායික භූතයන්, අවතාරයන් හා වෙනත් භීතිකාවන් නොවෙයි.

මහසෝනා, රීරියකා, මෝහිනී ආදී සංකල්ප ගැන තවමත් අපේ සමහරුන් තුළ විශ්වාසයක් ඇතත් දැන් නූතන ජන සමාජයට සරිලන පරිද්දෙන් භීතිකා ප‍්‍රභවයන් ද නවීකරණය වී ඇති බවට මා තර්ක කළා. මා එය ඉංගී‍්‍රසියෙන් කීවේ ’21st Century Demons’ නැතහොත් විසි එක් වන සියවසේ නවීන භූතයෝ හැටියටයි.

විශෙෂයෙන් තාක්‍ෂණයන් ගැන සමාජයේ පවතින සැකයන්, අවිනිශ්චිතභාවයන් ආදිය පදනම් කර ගෙන නූතන මිථ්‍යාවන් නිරතුරුව බිහි වී සංසරණය වනවා. සොයා බලා ගෙන ගියාම මේ සමහරකට කිසිදු සාක්‍ෂියක් නැහැ. තවත් ඒවා යම් කරුණු අතිශයෝක්තියට ලක් කිරීමෙන් විකෘත කරනු ලැබූ අවස්ථායි.

සෞඛ්‍යයට යමක් සම්බන්ධ වූ හැටියේ බොහෝ දෙනා කලබල වනවා. අනතුරු, ආබාධ හා උපද්‍රවවලින් බේරී සිටින්නට අප කවුරුත් කැමතියි. එහෙත්  ඕනෑවට වඩා විය හැකි සැම ආපදාවක් ගැනම දිගටම සිතන්නට ගියොත් එයම මානසික රෝග බවට වර්ධනය විය හැකියි.

ප‍්‍රතිශක්තිකරණ එන්නත්, බලශක්තිය, ආහාරපාන හා බෙහෙත් ආදී ජීවිතයේ හැම අවශ්‍යතාවක් සම්පාදනය කර ගැනීමේදී නූතන සමාජයේ කවුරුත් අවදානම ගැන තක්සේරුවක් කරනවා. මුඵමනින් ආරක්‍ෂිත වීමට නම් විෂබීජහරණය කළ සුවිශෙෂී ඇඳුම් කට්ටලයක් හැඳ ගෙන, අධී ආරක්‍ෂිත කාමරයක දිවා ජීවත් වන්නට සිදුවෙයි. එසේ කළත් ආහාරපාන හරහා නොයෙක් බලපෑම් ඇති විය හැකියි. අප කරන්නේ යම් නූතන පහසුකමක් වෙනුවෙන් ගත හැකි සාධාරණ අවදානම කුමක් දැයි නිර්ණය කොට එයට යොමු වීමයි. ගින්දර භාවිතය ඇරැඹූ දා පටන් මානව වර්ගයා මේ කිරා මැන බැලීම කර තිබෙනවා.

මෑත කාලයේ මෙරට සෞඛ්‍ය භීතිකා ගණනාවක් පැන නැගී මාධ්‍ය හරහා ඉක්මනින් පැතිර ගියා. ඒ කිහිපයක් ජංගම දුරකථනවලට සම්බන්ධයි. ජංගම දුරකථන සම්බන්ධතා ලබා දෙන මයික්‍රෝවේව් ක්ෂූද්‍ර තරංග මිනිස් සිරුරට අහිතකර විය හැකි ද යන්න ගැන තවමත් ලොව පුරා පර්යේෂණ කරමින් තිබෙනවා.

එයින් නිශ්චිතවම මොළයට හෝ වෙනත් අවයවයකට හෝ හානියක් වේ යයි සොයා ගෙන නැහැ. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා තවමත් විවෘත මනසකින්, විමසිලිමත්ව සිටිනවා. http://www.who.int/features/qa/30/en/

එහෙත් සමහර සංත‍්‍රාසජනක වෙබ් අඩවි මේ වන විටත් ජංගම දුරකථන හා ඒවායේ සම්පේ‍්‍රෂණයට යොදා ගන්නා කුඵණු ගැන සමාජ භීතියක් පතුරුවා තිබෙනවා. වෙබ් අඩවි අතර විශ්වාසනීය මූලාශ‍්‍ර තෝරා ගන්නට නොදත් සමහරුන් මෙයින් කලබල වනවා.

නොයෙක් ආහාරපානවලට වසවිස එකතු වීම ගැන විටින් විට පැතිර යන භීතිකා ද බොහෝ විට පදනමකින් තොරයි. එහෙත් විද්‍යාත්මක මුහුණුවක් සහිතව සමහර අන්තවාදී පාරිසරික හෝ සෞඛ්‍ය කි‍්‍රයාකාරිකයන් කරන පක්‍ෂග‍්‍රාහී විවේචනවලට අහිංසක ජනයා රැවටෙනවා.

පරිසරවේදීන් බොහෝ දෙනෙකුට ‘දුෂ්ටයන්’ගේ දිග ලැයිස්තුවක් තිබෙනවා. එයින් සමහරක් (උදා: ඇස්බැස්ටෝස්, අධික විෂැති යම් පළිබෝධක නාශක වර්ග) සෞඛ්‍යයට සැබැවින් ම හානිකර බව සනාථ වී ඇතත් ඔවුන් දොස් කියන සමහර සංසිද්ධීන් හා නිපැයුම්වල හිතකර – අහිතකර බව ගැන තවමත් විද්‍යාඥයන් පර්යේෂණ කරමින් සිටිනවා.

එබන්දකට උදාහරණයක් නම් ජාන වෙනස් කිරීම හරහා යම් වැඩිදියුණූ කිරීමට පත්වූ ආහාර බෝග විශෙෂයන්. Genetically modified organisms (GMO)  නමින් හඳුන්වන මෙබඳු ආහාර නිශ්චිතව සෞඛයයට අහිතකර යයි විද්‍යාඥයන් අතර ඒකමතික පිළිගැනීමක් නැහැ. එයට එරෙහි වූවන් එය මහා භයානක දෙයක් බව කීවත් වසර හෝ දශක ගණනක් දැනුවත්ව හා කැමැත්තෙන් ඨඵධ සෝයා බෝංචි, තක්කාලි හා වෙනත් බෝග ආහාරයට ගත් ජනයාට අසාමාන්‍ය රෝගාබාධ වැළදී නැහැ.

විකිරණශීලී, GMO, කෘෂිරසායනික ආදී නූතන විද්‍යාත්මක සංකල්ප හා තාක්‍ෂණයන් ප‍්‍රවේශමින් පරිහරණය කිරීම හරහා මිනිස් ජීවන තත්ත්වය දියුණු කිරීමට යොදා ගත හැකියි. එහෙත් අන්තවාදී පරිසරවේදීන් මේවා ගෙඩි පිටින් ප‍්‍රතික්ෂෙප කොට ඒවාට එරෙහිව අතිශයෝක්ති හා ප‍්‍රලාප සමාජයේ පතුරුවා හරිනවා.

තවත් සමහර අන්තවාදීන් ප‍්‍රතිශක්තිකරණ එන්නත්වලට හා ක්ෂූද්‍ර පෝෂක (යකඩ, අයඞීන්, විටමින් B) ආහාරවලට මුසු කිරීමට විරුද්ධයි. ඒ විරෝධය සාක්‍ෂි මත පදනම් වූවක් නොව බටහිර විරෝධය, ධනවාදී ක‍්‍රමයට විරෝධය හා සියඵ නූතනත්වය සැක කිරීම ආදී මතවාදී (ideological) හේතු නිසා හට ගත්තක්.

මේවා නව සියවසේ නව භීතිකා ගොන්නට අයත්. පරණ භූතයන් වෙනුවට අපේ බොහෝ දෙනා දැන් අදහන්නට පටන් ගෙන ඇත්තේ මෙබඳු නවීන භූත කථායි.

මා නිතර කියන පරිදි කැමති ප‍්‍රලාපයන් ඇදහීමට පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි අන් අයට පතුරුවමින් රාජ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවලට එරෙහි වන ආකාරයේ භීතිකා ඇති කිරීමට අසීමිත නිදහසක් ශිෂ්ට සමාජයක තිබිය නොහැකියි.

සරල උදාහරණයක් මට සිහි වනවා. AIDS කාරක HIV වයිරසය පැතිරීමේ එක් ක‍්‍රමයක් නම් බෙහෙත් හෝ එන්නත් විදීමට යොදා ගන්නා ඉදිකටු හරහායි. මෙය තේරුම් ගත් විගස (1980 දශකය මැද වනවිට) වරක් පමණක් භාවිත කොට ඉවත දමන ඉදිකටු (disposable needles & syringes) යොදා ගැනීම ඇරඹුණා.

බොහෝ දේ ගැන අන්ත අසුබවාදී විග‍්‍රහයන් කරන, දේශීය උරුමය හා පාරම්පරික දැනුම ගැන පෙනී සිටින මෙරට එක් ජන සංවිධානයක් 1990 දශකය අගදී සිය නිල ප‍්‍රකාශනයක තර්ක කළේ මෙසේ ඉදිකටු වරක් භාවිතා කොට ඉවත දැමීම බටහිර ඖෂධ සමාගම් තර කරන තවත් එක් උප්පරවැට්ටියක් බවයි! ඔවුන් යෝජනා කළේ මෙබඳු මූලික මට්ටමේ ප‍්‍රවේශම්කාරී පියවරක් ශී‍්‍ර ලංකාව වැනි දුප්පත් රටකට දරා ගත නොහැකි බවයි

ජන මතය ව්‍යාකූල කරමින්, යහපත් සෞඛ්‍ය සේවා ප‍්‍රතිපත්ති අයථා ලෙස විවේචනය කරමින් කුමන්ත‍්‍රණවාදී කථා පැතිරවීම දැන් පෙරටත් වඩා ප‍්‍රබලව කැරෙන බව පෙනෙනවා. මේ නිසා අපේ සෞඛ්‍ය සේවා පරිපාලකයන්ට, වෛද්‍ය, හෙද හා අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ සැමට විෂබීජ හා රෝගාබාධ සමග පොර බදනවාට අමතරව නවීන මිථ්‍යාවන් හා භීතිකාවන්වලින් ලක් සමාජය ගලවා ගන්නට ද සිදුව තිබෙනවා.

සාම්ප‍්‍රදායිකව ලක් සමාජය බියපත් කළ භූතයන් හා වෙනත් පාරම්පරික භීතිකා ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර් ප‍්‍රමුඛ හේතුවාදීන් විසින් තර්කානුකූල ගවේෂණ හා සාවධාන පහදා දීම හරහා බොහෝ කොට දුරු කරනු ලැබුවා.

එහෙත් ව්‍යාජ විද්‍යාත්මක (pseudo-science) ඇඳුම් ඇඟලා ගෙන අප අතරට එන විසි එක් වන සියවසේ නවීන භූතයෝ (භීතිකා) ඊට වඩා බෙහෙවින් භයානකයි. හානි කරයි.

ඔවුන් පළවා හරින්නට කොවූර්ලා කී දෙනෙකු  ඕනෑ වේවි ද?

සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

This week, my Ravaya Sunday column (in Sinhala) carries the third and concluding part of my long exchange with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. Today, we discuss soil conservation in Sri Lanka’s hill country, restoring shifting (chena) cultivation to its original method, and how small farmers can become more resilient to market forces.

Part 1: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

Part 2: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Image from the cover of Conservation Farming book by Ray Wijewardene
Image from the cover of Conservation Farming book by Ray Wijewardene

අපේ රටේ වන විනාශයට, පස සෝදා පාලූවට හා ඉඩම් මුඩුබිම් බවට පත් වීමට හේන් ගොවිතැන විශාල වශයෙන් වග කිව යුතු යයි සමහර විද්වතුන් අතර මතයක් තිබෙනවා.

වාරි ජලය මත නොයැපී, වැසි දියෙන් හා භූගත ජලයෙන් කෙටි කාලීන බෝග වගා කිරීමෙන් මෙරට ආහාර බෝග ගණනාවක් නිපදවා ගන්නවා. මේ හේන් ගොවිතැනෙහි යෙදෙන්නේ කුඩා පරිමාණයේ ගොවීන් හා ගෙවිලියන්. ඔවුන් බොහෝ දෙනා දුගී බවින් මිරිකුණු, ජීවිකාව සඳහා වෙනත් විකල්ප සොයා ගත නොහැකි වූ අය.

හේන් ගොවීන්ට අවශ්‍ය මග පෙන්වීම දෙනවාට වඩා ඔවුන් හෙළා දැකීම ලෙහෙසියි. එහෙත් ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන සානුකම්පිතව බැලීමට ආචාර්ය රේ විජේවර්ධන (1924-2010) සමත් වුණා.

1995 අගදී ඔහු සමග මා කළ දීර්ඝ සම්මුඛ සාකච්ජාවේදී හේන් ගොවිතැන ගැනත් අපි කථා කළා. එහි සිංහල අනුවාදයේ අවසන් කොටසින් අද එම මාතෘකාවත්, සුඵ ගොවියාට වෙළඳපොල ආර්ථිකය තුළ මතු වන අභියෝග ගැනත් විග‍්‍රහ කරනවා.

නාලක: වනාන්තරවලට සමහර ලක්‍ෂණ ගොවිබිම්වලට හඳුන්වා දෙන කෘෂි වන වගා (agro-forestry) සංකල්ප ඔබ අත්හදා බලා තිබෙනවා. මොකක්ද මේ? එය අපේ ගොවීන්ට අදාල ද?

රේ: එක ම ගොවිබිමෙහි කෙටිකාලීන වගේම දිගුකාලීන බෝග ද එකවර වැවීමේ ක‍්‍රම ගණනාවකට පොදු නමක් තමයි කෘෂි-වන වගාව කියන්නේ. මෙය අපේ ගොවිතැනට අඵත් දෙයක් නොවෙයි. ඝර්ම කලාපීය ගොවියෝ මෙය සියවස් ගණනාවක් කළ දෙයක්. අපේ පාරම්පාරික කුඹුරුවල පවා ලොකු ගස් වැවෙන්නට ඉඩ දුන්නා. ලොකු ගස් සෙවනේ කුඩා පඳුරු ශාක වැවීම හේන්වල නිතරම කරනවා. සමහර වෙලාවට සත්ත්‍ව පාලනයත් ඒ බිමෙහි ම කැරෙනවා.

මෑතක් වන තුරු කෘෂි පර්යේෂකයෝ මෙබඳු සමෝධානිත වගා ක‍්‍රම ගැන අවධානයක් යොමු කළේ නැහැ. වන නිලධාරීන් ඉතා පටු විදියට ඔවුන්ගේ රාජකාරිය විග‍්‍රහ කළේ කිසිදු ගම්වැසියකුට වන බිමකින් කිසිවක් වවා ගන්නට හෝ උකහා ගන්නට හෝ නොදිය යුතුය කියායි! වන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකිනෙකා සමග කථාබහ කළේත් කළාතුරකින්. කෘෂිකර්ම නිලධාරීන් ආහාර වැවීම ගැන පමණක් සිතු අතර වන නිලධාරීන් දැව නිෂ්පාදනය ගැන පමණක් සිතුවා. මේ දෙක හිතකර ලෙස බද්ධ කළ හැකි බව විද්වතුන් හා නිලධාරීන් තේරුම් ගත්තේ මෑතදීයි. 1970-80 දශකවලයි.

වගා බිමක ලොකු ගස් වැවූ විට ඒවායේ මුල් පොළවේ ගැඹුරට විහිද ගොස් යට තිබෙන සාරවත් බව උඩට ඇද ගෙන එනවා. ටික කලකට පසු වියලි කොළ හා අතු රිකිළි ලෙස එය මතු පිටට එකතු වනවා. මේ සරුබව චකී‍්‍රකරණය (recycling of fertility) නිසා පිටතින් පොහොර යෙදීම අවම කොට එම බිමෙහි නොයෙක් බෝග වැවිය හැකියි.

ඔබේ දිගු කල් අධ්‍යයනවලට අනුව ඝර්ම කලාපීය ගොවිතැන්වලදී මතු වන ප‍්‍රධානතම ගැටඵව කුමක්ද?

ලොව පුරා හැම ගොවියා ම මුහුණ දෙන ගැටඵ දෙකක් තිබෙනවා. එනම් පසේ සරුබව සුරැකීම හා වල් පැළෑටි පාලනය.

ශී‍්‍ර ලංකාවේ මධ්‍ය කඳුකරයේ හැම වසරක ම පස සෝදායාම නිසා සැළකිය යුතු බිම් ප‍්‍රදේශයක් මුඩුබිම් බවට පත්වනවා. සොබාවයෙන් ම සෝදාපාඵවට නැඹූරු  වූ බෑවුම් සහිත බිම්වල වැරදි ගොවිතැන් ක‍්‍රම නිසා පස සෝදා යාම උග‍්‍ර වනවා.

මතුපිට සරුසාර පසේ එක් මිලි මීටරයක් සෝදා ගෙන ගිය විට හෙක්ටෙයාරයකට (අක්කර 2.5 කට) සරුපස ටොන් 13ක් ඉවත යනවා. මෙය ලොකු හානියක්. මා දැන ගත් ආකාරයට අපේ කඳුකරයේ සමහර ප‍්‍රදේශවල සාරවත් උඩුපස සෙන්ටිමීටරයකට වඩා වසරකට සෝදා ගෙන යනවා. මේවා දිය පහර හරහා ගොස් රැදී එකතු වීම නිසා වාරිමාර්ග හා ජලාශ පිරී යන්නට හැකියි.

දැනටමත් (1995) මෙසේ රොන්මඩ තැන්පත් වීම (sedimentation) නිසා මහවැලි ජලාශ හා ඇල මාර්ගවලට ද ප‍්‍රශ්න මතු වෙලා. මේ නිසා කඳුකරයේ පස සෝදායාම වැළැක්වීම (අඩු තරමින් අවම කිරීම) බිමේ සරුබව රැක ගන්නට මෙන් ම වාරි කර්මාන්තවලටත් ඉතා වැදගත්.

ඝර්ම කලාපීය රටවල පස කිසි විටෙකත් නිරාවරණය වීමට ඉඩ නොදිය යුතුයි. කුඹුරු යායක් වතුරෙන් වැසී තිබීම කමක් නැහැ. උඩරට බිම් පෙදෙස් තෙත කොළ රොඩු වලින් වැසී තිබීම ද ප‍්‍රවිශම්කාරීයි. එහෙත් නිරාවරණය වූ පසට නම් ඉඩ දෙන්න එපා! අපට ලැබෙන ප‍්‍රබල වැසි සමග එය සෝදා යන්නේ ඉක්මනින්.

කඳුකරයේ මෙන්ම වෙනත් ප‍්‍රදේශවල ද පස සෝදා යාමට සහ මුඩුබිම් බිහි වීමට සමහරුන් දොස් තබන්නේ හේන් ගොවීන්ටයි. නමුත් ඔබ එයට එකග නැහැ. ඔබේ විග‍්‍රහය කුමක් ද?

වැසි දියෙන් ගොවිතැන් (Rain-fed farming) වනාන්තර හා ගොවිබිම් එක් කිරීමේ ලෝකයේ පැරණි ම සම්ප‍්‍රදායයි. ආරම්භයේදී වනයක ගස් ඉතිරිව තිබියදී අතු ඉති පමණක් කපා දමා, බිමට හිරු එළිය වැටෙන්නට ඉඩ සලසා කෙටි කාලීන බෝග වැවීම කළා. මහ වන ගස්වලින් යම් තරමක සෙවන ලබා දීම වගේ ම ඒවායේ මුල් හරහා ගැඹුරු පොළවේ ඇති සාරය මතුපිටට ගෙන ඒම ද සිදු කෙරුණා. කන්න කිහිපයක් මෙසේ වගා කිරීමෙන් පසු එම බිමෙන් ගොවීන් වෙන තැනකට ගියේ එම බිමට පුනර්ජනනය වීමට ඉඩ දෙන්න.

හොඳ හේන් ගොවීන් කිසි දිනෙක මුඵ වනය ම හෙළි කළේ නැහැ. කපා දමනු ලැබූ අතු ඉති පමණක් ඇතැම් විට යාන්තමට ගිනි තැබුවා. එහෙත් කිසි විටෙක මුඵ යායට ගිනි පැතිරෙන්නට ඉඩ දුන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල සාම්ප‍්‍රදායික ගොවීන් ඔය අමන කි‍්‍රයාව කළේ නැහැ. නමුත් පසු කාලීනව ලෝක බැංකව වැනි ආධාර ආයතන මගින් වැරදි උපදෙස් දෙනු ලදුව නිල වශයෙන් මහා පරිමාන වන බිම් ගිනි තබා ගොවිබිම් ඇති කිරීම සමහර රටවල සිදු වුණා.

අන් හැමදෙයක් ම වගේ හේන් ගොවිතැනත් මෑත දශකවලදී ‘පාදඩකරණය’ වී තිබෙනවා. සමශීතොෂණ රටවල ගොවිතැන් කිරීම සඳහා මුළු වගා බිම හෙළි කිරීමේ  (Open Field) සංකල්පය ගෙඩි පිටින් අපේ ඝර්ම කලාපීය රටවලත් අපේ ම අඳබාල ‘විශේෂඥයන්’ විසින් නිර්දේශ කරනු ලැබුවා!

සාම්ප‍්‍රදායිකව හේන් ගොවි බිමක් කන්න කිහිපයකට පසු පුරන්වීමට අත්හැර දැමීම සිදු කෙරුණා. එහෙත් ජනගහන වර්ධනය හා ඉඩම් හිගවීම හමුවේ පුරන් කාලය එන්න එන්න ම කෙටි වූවා. මුලදී වසර 10ක් පමණ විහිදුණු හේන් බිමක පුරන් කාලය දැන් වසර 3ක් හෝ ඊටත් අඩු වී තිබෙනවා.

හරිහමන් පුරන් කාලයකට ඉඩ දෙමින්, මුළු බිමටම ගිනි නොතැබීමට වග බලා ගනිමින් හේන් ගොවිතැන කිරීමේ වරදක් හෝ හානියක් හෝ තිබුණේ නැහැ. අද බොහෝ විට ඇත්තේ නිසි හේන් ගොවිතැන නොවෙයි, හැකි තාක් ඉක්මනින් හැකි තාක් බිමෙන් උකහා ගෙන එය මුඩු වීමට ඉඩ හැරීමේ ගිජු හා අදුරදර්ශී ගොවිකමක්!

සමහරුන් නිර්දේශ කරනවා හේන් ගොවිතැන නීතියෙන් තහනම් කළ යුතුය කියා. ඔවුනට අනුව හේන් ගොවියා දුෂ්ටයෙක්. ඒත් ඔබ එයට එකඟ නැහැ.

මේ පණ්ඩිතයන්ට සැබෑ ලෝකය ගැන නොතේරීම තමයි මෙතැන තිබෙන ලොකුම ප‍්‍රශ්නය. හේන් ගොවිතැන යයි අද අප දකින භූමි පරිභෝජනය ක‍්‍රමය තනිකර නීතිරීති වලින් හෝ දඩුවම් වලින් පාලනය කළ නොහැකියි.

වැසි දියෙන් කරන ගොවිතැන අපේ රටේ සැලකිය යුතු ආහාර බෝග නිෂ්පාදනයක් කරනවා. එමෙන්ම ලක්‍ෂ සංඛ්‍යාවක් අපේ ජනතාවට ජීවිකාවක් සපයනවා. මේ අය බහුතරයක් දෙනා ඉතා දුගී දුප්පත් මිනිසුන් හා ගැහැණුන් මෙම යථාර්ථය පරිසරවේදීන්ට හා අනෙක් විශේෂඥයන්ට නොපෙනෙවා විය යුතුයි.

හේන් ගොවිතැනේ සැබෑ ගති සොබා නොදත් විවේචකයන් එයට දොස් කියතත් අද සැබෑ හේන් ගොවිතැනට යළි යොමු විය හැකි නම් එය වැසි දියෙන් ගොවිතැන් කිරීමේ ප‍්‍රශස්ත හා සියවස් ගණනාවක් අත්දුටු ක‍්‍රමයක්. වාරි ජලය රටේ හැම තැනකට ම සම්පාදනය කිරීම අපහසුයි, වියදම්කාරීයි. මේ නිසා වැසි දියෙන් කාර්යක්‍ෂමව කරන ගොවිතැන් ද අපට අවශ්‍යයි.

මෙය කළ හැක්කේ කෙලෙස ද?

අපේ සංවර්ධන ප‍්‍රතිපත්ති හා කෘෂි ප‍්‍රතිපත්ති තීරණය කරන ඇත්තන්ට ලොකු අභියෝගයක් තිබෙනවා. එනම් තැනින් තැන යන (හේන් යයි තවමත් හඳුන්වන) වැසි දියෙන් කරන ගොවිතැන වඩාත් තිරසාර කිරීම. අමාරු වුවත් එය කිරීම හරහා අපේ රටේ පසේ සරුබව විනාශ වන්නට නොදී, ඉඩම් මුඩු වීමට නොදී රැක ගත හැකි වෙනවා.

මෙය කළ හැකි එක් ක‍්‍රමයක් නම් ඉක්මනින් වැවෙන වාතයේ ඇති නයිට‍්‍රජන් උරා ගෙන එය පසට එකතු කිරීමේ සොබාවික හැකියාව තිබෙන ගස් (Nitrogen-fixing plants), වගා බිම්වල වැවීමයි. එයින් පසේ සරුබව වැඩි කරනවා. බෝග වගාව යනු පසේ සාරය පිටතට යාමයි. එය නැවත පසට එක් කිරීමට එක්කෝ පොහොර දැමිය යුතුයි. නැත්නම් ග්ලිරිසීඩියා, ඉපිල්-ඉපිල් වැනි ගස් වැවීම හරහා සොබාවික පොහොර නිපදවීම කළ යුතුයි.

SALT ක‍්‍රමයේදී අප කරන්නේත් මෙයයි. පස සරුසාර කරනවාට අමතරව පස සෝදා යාම ද එමගින් අවම කරනවා. මෙසේ ආහාර බෝගවලට කිසිදු බාධාවක් නොකර වගා බිම්වල වැවිය හැකි හිතකර ගස් විශේෂ ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මේ දැනුම හා ශිල්පක‍්‍රම අපේ සුළු ගොවින් අතරට ඉක්මනට ගෙන යා යුතුයි.

Ray Wijewardene with farmers in the field – image courtesy Ray Wijewardene website

ඝර්ම කලාපීය රටවල කුඩා පරිමාණයෙන් ගොවිතැන් කරන සුළු ගොවීන් තම රටවල් තුළ හා ලෝක මට්ටමින් කි‍්‍රයාත්මක වන වෙළඳපොළ ප‍්‍රවාහයන්ගේ සිරකරුවන් වී සදහට සිටිය යුතු ද?

නැහැ! මගේ නිරීක්‍ෂණය හා තර්කය නම් සැබෑ වෙළඳපොළ ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක නොවන නිසා ගොවීන්ගේ ඉරණම වඩාත් අසරණ වී ඇති බවයි. දියුණු රටවල මෙන් ම අපේ වැනි රටවලත් රජයන් විසින් ගොවීන්ට විවිධාකාර සහනාධාර දෙනවා. යහපත් අරමුණුවලින් වුවත් මේ සහනාධාර නිසා වෙළඳපොළ විසමතා හට ගන්නවා. අවසානයේදී එයින් ගොවියා හා පාරිභෝගිකයා අතර තිබිය යුතු තුලනය බිඳ වැටෙනවා.

මෙය වඩාත් ප‍්‍රබලව පෙනෙන්නේ ගෝලීය මට්මමේදීයි. දියුණු රටවල් ඩොලර් කෝටි ගණනින් වාර්ෂිකව තම ගොවීන්ට සහනාධාර දෙනවා. (එයට පසුබිම් වන දේශීය මට්ටමේ දේශපාලන හෝ මානුෂික හේතු තිබෙනවා.) නමුත් සැබෑ නිෂ්පාදනය වියදමට වඩා අඩු මිලකට ඔවුන්ගේ නිෂ්පාදන/ඵලදාව ගෝලීය වෙළඳපොළට එනවා. එවිට ඒ හා සමාන සහනාධාර නොලබන අපේ වැනි රටවල ගොවීන් වවන දේට ලෝක වෙළඳපොළේ තරග කළ නොහැකි වනවා.

සහනාධාරවලට අමතරව දියුණු (ඇමරිකාව, රුසියාව, කැනඩාව වැනි) විශාල රටවලට තව වාසියක් තිබෙනවා. ඔවුන්ගේ ගොවිබිම් හා ගොවිපළ විශාලයි. එසේ ම යාන්තී‍්‍රකරණය වැඩියි. ඵලදාව අධික කර ගත් විට එක් කිලෝවක් නිපදවීමේ නිෂ්පාදන මිළ බෙදී යනවා (economies of scale). ඒ පරිමානයට අපේ රටවල කුඩා ගොවීන්ට තරග වදින්නට බැහැ.

මේ වාසි සමග දියුණු රටවල නිපදවා ගෝලීය වෙළෙඳපොළට පිවිසෙන ආහාර හා අනෙකුත් ගොවි නිෂ්පාදන අපේ රටවල වෙළඳපොළටත් එවනවා. විවෘත ආර්ථිකයේ හැටි එහෙමයි. එසේ එන සමහර දේ (උදා. තිරිගු පිටි, කිරිපිටි) ආදිය සමග අපේ දේශීය නිෂ්පාදනවලට මිළ අතින් තරග කළ නොහැකියි.

අපේ දේශීය ගොවිතැනේ නිෂ්පාදන වියදම් නිතිපතා ඉහළ යනවා. එහෙත් එයට සාපේක්‍ෂව වෙළඳපොළ මිළ ඉහළ යන්නේ නැහැ. මේ නිසා ගොවිතැනෙන් ගොවියාට ඉතිරි වන ලාබය ටිකෙන් ටික අඩු වී සමහර අවස්ථාවල නැති වී යනවා. ගොවීන් ණයබරිත වන්නේ එවිටයි. එය ඉතා සුලබයි.

අපේ ගොවීන් හා දේශීය වෙළෙඳපොළ ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

ආසියාවේ වෙනත් දියුණු වන රටවල මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද කුඩා පරිමාන ගොවීන්ගේ ගැටඵ එක සමානයි. ගොවි නිෂ්පාදිතයට හරිහමන් මිළක්, සාධාරණ මිළක් ලබා ගැනීම ඔවුන්ට ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

මගේ විග‍්‍රහය නම් නගරයේ පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා ගමේ ගොවියාට සරිලන මිළක් නොදීම අනුවණ කි‍්‍රයාවක් බවයි. වඩා ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන විට ටිකෙන් ටික ඔවුන්ගේ අතමිට සරු වනවා. ගැමි ආර්ථිකය වඩාත් දියුණු වනවා. එයින් තවත් විපාක හට ගන්නවා. උදාහරණයක් හැටියට ආදායම්/රැකියා අවස්ථා සොයා ගෙන ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම අඩු වනවා. එවිට නගරයේ තදබදය තරමක් දුරට හෝ සමනය වනවා. මෙසේ දිගුකාලීන හා ක‍්‍රමීය මට්ටමේ දැක්මක් අපට නැතිවීම අවාසනාවක්.

Taming 21st Century Demons for Universal Health Access in Sri Lanka

Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

“21st Century Demons & Universal Health Access in Sri Lanka” was the topic of my plenary talk to the annual scientific sessions of the College of Community Physicians Sri Lanka held in Colombo on 23 – 24 September 2013.

Speaking to an audience of medical practitioners, researchers and academics focusing on community medicine, I explored how public perceptions influence private choices and, ultimately, public health trends and progress.

I was part of a plenary session titled ‘Multi-sectoral approaches for universal health access’, co-chaired by the Director General of Health Services (Dr Palitha Maheepala) and WHO Country Representative in Sri Lanka (Dr F R Mehta).

Achieving universal health access and a robust public healthcare system requires not only medical and para-medical systems but also paying attention to sociological, anthropological and psychological aspects of wellness and illness in the Lankan context, I argued.

Nalaka Gunawardene speaking at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaking at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

I have long been interested in the nexus between public perceptions and environmental conservation. The same principles apply in public health: it’s not just facts, figures and technocratic analysis but people’s impressions, apprehensions, suspicions and fears that shape the public mind. These, in turn, influence public policies (which in democracies try to respond to public opinion — for better or worse!).

Investing LKR billions of public funds in the health sector is necessary, but not sufficient. Such public funds are at risk of being undermined if the public mind is occupied by assorted demons old and new. The new demons come dressed in the clothes of pseudo-science!

The media can either amplify ill-founded public perceptions, or help clarify matters. For the latter, medical professionals need to collaborate with sympathetic media editors and practitioners. This is a long-haul task.

I built on ideas initially expressed in:

Ceylon Today, 22 Sep 2013: When Worlds Collide #84: Have Lankans Suspended Disbelief Permanently?

Groundviews.org, 13 Jan 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

PowerPoint:

<div style=”margin-bottom:5px”> <strong> <a href=”https://www.slideshare.net/NalakaG/21st-century-demons-public-health-in-sri-lanka-by-nalaka-gunawardene-24-sep-2013&#8243; title=”21st Century Demons &amp; Public Health in Sri Lanka by Nalaka Gunawardene, 24 sep 2013″ target=”_blank”>21st Century Demons &amp; Public Health in Sri Lanka by Nalaka Gunawardene, 24 sep 2013</a> </strong> from <strong><a href=”http://www.slideshare.net/NalakaG&#8221; target=”_blank”>Nalaka Gunawardene</a></strong> </div>