සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

We might admire – even revere – genius mavericks like Steve Jobs from afar, but few Asians have any idea where mavericks come from, or how best to deal with them. Our conformist and hierarchical societies don’t nurture mavericks. Our cultures tend to suppress odd-balls and iconoclasts. That’s probably why we don’t have enough of our own Steve Jobses.

This is the crux of my argument in my latest Sinhala column published in Ravaya newspaper on 16 Oct 2011. For a longer discussion of the same topic, see my English essay Goodbye, Steve Jobs; Long Live Mavericks!

පසුගිය වසර 35ක කාලය තුළ ඇපල් පරිගණක හා විද්යුත් උපකරණ නූතන තොරතුරු සමාජයේ ප්‍රගමනයේ පෙරගමන්කරුවන් ලෙස ක්‍රියා කළ බව ලෝකය ම පිළිගන්නවා. මේ නව ලොව තනන්නට මහත් සේ දායක වුණු ඇපල් සමාරම්භක ස්ටීවන් පෝල් ජොබ්ස් හෙවත් ස්ටීව් ජොබ්ස් (Steve Jobs) 2011 ඔක්තෝබර් 5 වනදා මිය ගිය විට ලෝකය ම කම්පාවට පත්වුණා. පිලිකාවක් සමග වසර ගණනක් පොර බැදීමෙන් ඔහු අන්තිමට පරාජය වන විට වයස අවුරුදු 56යි.

සරසවි ඉගෙනුම වෙනුවට තමන්ගේ ම නිර්මාණශීලී අදහස් ඔස්සේ දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට ගිය ස්ටීව් ජොබ්ස්, තොරතුරු තාක‍ෂණය, පාරිභෝගික විද්‍යුත් උපකරණ හා ජනප්‍රිය සංස්කෘතිය යන ෙක‍ෂත්‍ර තුනෙහි ම දැවැන්තයකු වූ බව ඔහුගේ ව්‍යාපාරික තර`ගකරුවන් පවා එක හෙළා පිළිගත්තා. අසම්මතය, පරිකල්පනය හා සුන්දරත්වය කැටි කළ ස්ටී්ව් ජොබ්ස් කථාවේ එක් පැතිකඩක් ගැන අපි අද කථා කරමු. එහි යටි අරමුණ අපේ රටවලත් ස්ටීව් ජොබ්ස්ලා බිහි විය හැකිද යන්න විග්‍රහ කිරීමයි.

1997දී ඇපල් සමාගම අපූරු ප්‍රචාරණ ව්‍යාපාරයක් හදුන්වා දුන්නා. තමන් තවත් එක් පරිගණක නිෂ්පාදන සමාගමක් නොවන බව හුවා දැක්වීම ඉලක්ක කර ගත් ඒ දැන්වීම් පෙළේ මුඛ්‍ය තේමාව වූයේ වෙනස් විධියට සිතන්න (Think Different) යන්නයි. එහි වඩාත් ම සිත් ඇද ගන්නා අංගය වූයේ තත්පර 30 හා 60 යන ධාවන කාලයන්ට නිර්මාණය වූ ටෙලිවිෂන් දැන්වීමක්. ඉතිහාසය පුරා විවිධ ෙක‍ෂත්‍රයන්ගේ විපර්යාස ඇති කරන්නට දායක වුණු චරිත 17ක රූප ඉතා ඉක්මනින් තිරයේ දිස් වුණා. තනිකර කළු-සුදු වර්ණයෙන් නිර්මිත එයට මහත්මා ගාන්ධි, ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන් හා අමීලියා ඉයර්හාට් වැනි චරිත මෙන් ම බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්, පබ්ලෝ පිකාසෝ හා මොහමඩ් අලි වැනි විවිධ ෙක‍ෂත්‍රවල දැවැන්තයන් ද ඇතුළත් වුණා. මේ හැම දෙනා ම සම්මතයට එරෙහිව ගිය නිදහස් මතධාරීන් හෙවත් මැව්රික්ස් (mavericks) හැටියට පිළි ගැනෙනවා.

ඒ දැන්වීමේ කථනය සාරාංශයක් ලෙස කිවහොත්: ‍”මෙන්න විකාරකාරයෝ. විප්ලවවාදියෝ. කරදරකාරයෝ. හැම දෙයක් ම වෙනස් විධියට දකින මේ අය පිස්සන් කියා බොහෝ දෙනකු සිතුවා. එහෙත් අප ඔවුන් දකින්නේ මහ මොළකාරයන් හැටියටයි. ඉතිහාසය පුරා ම අපේ ලෝකය වෙනස් කළේ මෙවැනි අසම්මත විකාරකාරයන් තමයි.” ඒ දැන්වීම YouTube හරහා නරඹන්න: http://tiny.cc/ThinkD

ඒ දැන්වීමේ කිසි තැනෙක පරිගණකයක් දිස් වූයේ නැහැ. එහි අරමුණ වූයේ සංකල්පමය වශයෙන් ඇපල් සමාගම අනෙකුත් සියළු පරිගණක හා තොරතුරු තාක‍ෂණ සමාගම්වලට වඩා වෙනස් බව කියා පෑම පමණයි. එය ප්‍රචාරය වීම අරඹන කාලයේ ඇපල් සමාගමට තිබූ වෙළදපොල ඉතා සීමිතයි. එවකට අලෙවියෙන් හා ලාබයෙන් කුඩා වූවත් මේ අසම්මත සමාගම විකාරකාරයන්ගේ මගෙහි යන පෙරළිකාරයෙක් වීමේ පෙරනිමිති පළ කළා.
1997 දී ලෝකයට දුන් ඒ ප්‍රතිඥාව දශකයක් ඇතුළත ඉතා මැනවින් ක්‍රියාවට නැංවීමට ස්ටීව් ජොබ්ස් දිවා රෑ වෙහෙසී වැඩ කළා. iMac පරිගණකය (1998), iPod ජංගම සංගීත/මාධ්‍ය උපකරණය (2001), iTunes නම් වූ සයිබර් අවකාශයේ මහා සල්පිල (2003) iPhone ජංගම දුරකථනය (2007) හා iPad ජංගම ටැබ්ලටය (2010) ඔහු ආ අසම්මත මගෙහි අමතක නොවන පියසටහන්. කලක් සාපේක‍ෂව කුඩා පරිගණක හා විද්්‍යුත් උපකරණ සමාගමක් හැටියට පැවතුණු ඇපල් සමාගම 2010 වන විට Microsoft, IBM ඇතුළු අනෙකුත් සියළු තාක‍ෂණ සමාගම් අභිබවා ගියා.

ජොබ්ස්ගේ තාක‍ෂණ, සැළසුම් (design) හා අලෙවිකරණ කුසලතා ගැන පසුගිය දිනවල බොහෝ සෙයින් කථාබහ කෙරුණා. ඒ තොරතුරු යළිත් කීම මගේ අරමුණ නොවෙයි. නව නිපැයුම් සදහා පේටන්ට් 338ක් ඔහුට තිබුණා. එහෙත් ඔහුට වඩා පේටන්ට් ලබාගත් තව බොහෝ නිර්මාපකයන් සිටිනවා. (උදාහරණ: තෝමස් අල්වා එඩිසන් 1,093යි. පෝලරොයිඩ් කැමරාව තැනූ එඩ්වින් ලෑන්ඩ් 525යි.) කුඩා පරිමාණයේ නව නිපැයුම් විශාල ගණනක් බිහිකරනවා වෙනුවට ජොබ්ස් වැඩි අවධානය යොමු කළේ සමස්ත කර්මාන්තයක් හෝ ෙක‍ෂ්ත්‍රයක් ම විප්ලවයකට ලක් කරන ආකාරයේ වැඩ කරන්නයි. පුද්ගල පරිගණකය, ජංගම සංගීත/මාධ්‍ය උපකරණය, ජංගම දුරකථනය වැනි කිසිවක් මුල්වරට නිපදවූයේ ස්ටීව් ජොබ්ස් නොවේ. එහෙත් ඔහු කළේ පවත්නා තාක‍ෂණය උඩුකුරු වන මට්ටමේ ප්‍රබල දියුණු කිරීම් ඇති කිරීමයි. මේ සුවිශේෂී ගුණය නිසා ඔහු අපේ කාලයේ සිටි දක‍ෂතම තාක‍ෂණික ප්‍රතිනිර්මාපකයා (technology’s great re-inventor) හැටියට ටයිම් සගරාව හදුන්වා දෙනවා. එය ජොබ්ස්ගේ අසම්මත කථාව ගැන කළ හැකි හොද සම්පිණ්ඩනයක්.

බොහෝ නිපැයුම්කරුවන්ගේ කුසලතාවය හා දැක්ම පටු පරාසයකට සීමා වන නමුත් ජොබ්ස් පුළුල් දැක්මකින් යුක්තව ක්‍රමීය වෙනස්කම්වලට (systemic changes) යොමු වූ කෙනෙක්. එබදු වෙනස්කම් සදහා තාක‍ෂණය, සෞන්දර්යාත්මක සැළසුම (aesthetic design) අලෙවිකරණය (marketing) හා හොද සන්නිවේදනය යන සතරවිධ හැකියාවන් ඔහුට නොඅඩුව තිබුණා.

ස්ටීව් ජොබ්ස් තුළ මේ සංකල්ප බිහි වූයේ කෙලෙස ද? අමෙරිකාවේ වඩාත් ලිහිල් සමාජ පසුබිමක් පවතින බටහිර වෙරළේ කැලිෆෝනියාවේ ඉපදි හැදී වැඩීම ද? සහජ හැකියාවන් තියුණු කර ගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඕනෑ ම කෙනකුට හිස එසවීමට ඉඩක් තිඛෙන සමානාත්මක :ැට්කසඒරස්බ- අමෙරිකානු සමාජ ක්‍රමය ද? 1960-70 දශකයන්වල බටහිර රටවල තරුණ තරුණියන් බොහෝ දෙනාට බලපෑමක් ඇති කළ හිපි සංස්කෘතිය ද? (තරුණ වියේ ඉන්දියාවට පැමිණ ආශ්‍රමයන්හි කල් ගත කළ ඔහු පෙරදිග දර්ශනයන් — විශේෂයෙන්ම ටිඛෙට් හා ජපන් සම්ප්‍රදායයන් — ගැන උනන්දු වූවා.) එසේ නැතිනම් මේ සියළු සාධකයන් මිශ්‍ර වීමේ අවසාන ප්‍රතිඵලය ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු දෙන්න අමාරුයි. නිර්මාණශීලිබව (creativity) පැන නගින්නේ මිනිස් මනසේ කොතැනින් ද, එයට රුකුල් දෙන අධ්‍යාපනික, සමාජයීය හා සාංස්කෘතික බලපෑම් මොනවා ද යන්න මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කරනවා. එවන් පර්යේෂකයන්ට ස්ටීව් ජොබ්ස් චරිතය ඉතා ප්‍රයෝජනවත්.

ඔහුගේ අසම්මත ජීවන කථාව ආසියාවේ අපට වැදගත් වන තව හේතුවක් තිඛෙනවා. ජන සමාජයන් සමස්තයක් වශයෙන් ගෙන සසදන විට ගණිතය, ඉංජිනේරු විද්‍යාව හා තාක‍ෂණයට සම්බන්ධ කි්‍රයාවලදී ආසියානුවන් ලෝකයේ වෙනත් බොහෝ ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටිනවා. 1950-2010 කාලය තුළ ලෝකයේ වැඩි ම ආර්ථීක වර්ධන වේගය පවත්වා ගන්නට ආසියානු කලාපයට හැකි වූයේ තාක‍ෂණ ෙක‍ෂත්‍රයන්හි නව නිපැයුම්, ආයෝජන හා හපන්කම් නිසායි. ජපානය, චීනය, කොරියාව හා ඉන්දියාව වැනි රටවල් අද විද්‍යාව හා තාක‍ෂණය අතින් ලෝකයේ පෙරමුණ ගෙන සිටිනවා. පර්යේෂණ නිබන්ධන, පේටන්ට් බලපත්‍ර ආදී නිර්නායක හරහා මේ ප්‍රවණතා මැනිය හැකියි.

එසේ වූවත් තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ආසියානුවන්ගේ හපන්කම් බහුතරයක් සාමූහික ප්‍රයත්නයන්. අද ලොව සංකීර්ණ අවශ්‍යතාවලට නිපැයුම්කරුවන්ට තනිව ම මුහුණදීම අපහසු බව ඇත්ත. එහෙත් ලොව ජය ගත් පාරිභෝගික තාක‍ෂණයන් විශාල සංඛ්‍යාවකට මුල් වූ ජපානයේ Sony කොරියාවේ Samsung වැනි සමාගම් අප හදුනන්නේ වෙළද නාමයෙන් (brands) පමණයි. නිපැයුම්කරුවන්ගේ නමක් අප දන්නේ නැහැ. මේ රටවල සංචාරය කරන විට මට පෙනී ගිය දෙයක් නම් ඒ රටවල සාමාන්‍ය ජනයා පවා සිය නිපැයුම්කරුවන් ගැන දන්නේ ඉතා අඩුවෙන් බවයි. මෙයට හේතුව තොරතුරු ගලනයේ දුර්වලතා ද? නැතිනම් බටහිර රටවල තරම් තනි පුද්ගල මට්ටමේ නව නිපැයුම්කරුවන් ආසියාවේ මතු නොවීම ද?

මෙය මතු පිටින් විග්‍රහ කොට නිගමනවලට එළඹිය හැකි සරල ප්‍රශ්නයක් නොවේ. එහෙත් පෙරදිග අපේ රටවල අසම්මත මගක යන නිදහස් මතධාරීන්ට එරෙහි වන සමාජයීය හා සාංස්කෘතික සාධක තිඛෙන බව පිළි ගත යුතුයි. (මෙහිදී මා කථා කරන්නේ පොදුවේ ආසියානු ජන සමාජයන් ගැනයි.) ආසියාවේ බොහෝ සමාජයන්ගේ දරදඩු සමාජ මට්ටම් හා ධූරානුක්‍රම (hierarchies) තිඛෙනවා. ඒවා වත්කම, උගත්කම ආදී සාධකවලින් තවත් තීව්‍ර වනවා. සමාජ පසුබිමින් එක හා සමාන අය අතර වයස්ගත වූවන්ගේ මතයට වැඩි පිළිගැනීමක් ලැඛෙනවා. ගුරුකුල බිහි වීමේ අන්තරායක් තිඛෙනවා.

මේ සියල්ල නිසා අමුතු විදියට සිතන, සම්මතයට අභියෝග කරන නිදහස් මතධාරීන්ට ආසියානු සමාජවල ඇති අවකාශය ඉතා අඩුයි. හැම කෙනෙකු ම එක හා සමාන රේඛීය ජීවන මගක ගමන් ගත යුතු බවත්, එසේ නොගොස් ‘අයාලේ යන’ අය පිස්සන්, විකාරකාරයන් හෝ සමාජ විරෝධීන් වන බවත් මුල් බැස ගත් මතයක්. මෙබදු වාතාවරණයක අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා. මෙය මගේ මතවාදයක් පමණක් නොවෙයි. ඉතා සරල උදාහරණයක් ගත හොත් උපතින් ම වමත්කරුවන් වන අයට ලාංකික සමාජය දක්වන ප්‍රතිචාරය ගැන මදක් සිතන්න!

මේ ගැන ශාස්ත්‍රීයව ගවේෂණය නොකළත්, අදාල අත්දැකීම් රාශියක් සොයා ගැනීමේ අවස්ථාවක් 2009-10 කාලයේ මට ලැබුණා. සියත TV හරහා නව නිපැයුම්කරුවන් හදුන්වා දෙන සතිපතා වැඩසටහන් මාලාවක් මා ඉදිරිපත් කළා. දෙස් විදෙස් සම්මාන ලද නව නිපැයුම්කරුවන් සැළකිය යුතු සංඛ්‍යාවක් සමග මා සම්මුඛ සාකච්ඡා කළා. එහිදී මා නිතර ඇසූ ප්‍රශ්නයක් වූයේ කුඩා කාලයේ අළුත් දෙයක් කරන්නට ලැබුණු උපකාර, උපදෙස් මෙන් ම බාධක මොනවා ද යන්නයි.

නව නිපැයුම්කරුවන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් හෝ පාසලෙන් ලැබී ඇත්තේ දිරිගැන්වීම් නොවෙයි – උදාසීන හෝ අයහපත් ප්‍රතිචාරයක්. අසම්මත දේ කරන්නට ගොස් විභාග අසමත් වී අනාගතය අදුරු කර නොගන්නා ලෙස ඔවුන්ට අවවාද ලැබී තිඛෙනවා. එදිනෙදා ජීවිකාවක් සදහා ශිල්ප ඉගෙනීමෙන් ඔබ්බට ලෝකය වෙනස් කරන්නට සිතීම නිශ්චල ‘දැගලිල්ලක්’ බව වැඩිහිටියන් ඔවුන්ගේ මුහුණට ම කියා තිඛෙනවා.

නිතිපතා එල්ල වන මේ පීඩනය නොතකා ඒකායන අරමුණින් ‘දඩබ්බර’ විදියට ඉදිරියට යන ටික දෙනකු තමයි අවසානයේ නව නිපැයුම් බිහි කරන්නේ. එය ද එක් රැයකින් කළ හැක්කක් නොවෙයි. එහෙත් නොසැළුණු අය අතර තව කී දෙනෙක් තමන්ගේ සිහින අත්හැර දමන්නට ඇත් ද? › ලංකාවේ නව නිපැයුම්කරුවන් අතර කාන්තා නියෝජනය ඉතා අඩු ඇයි?

අපේ නව නිපැයුම්කරුවන් මුහුණ දෙන ආර්ථීක, තාක‍ෂණික බාධකයන් රැසක් ද තිඛෙනවා. ඒවා දැනටමත් හදුනා ගෙන ඇති අතර ඒ බාධක දුරුකිරීමට යම් පියවර ගන්නා බව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වත්මන් ප්‍රධානියා මෑතදී මට කියා සිටියා. එහෙත් තනි රාජ්‍ය ආයතනයකට හෝ අධ්‍යාපන/පුහුණු ආයතනයකට හෝ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට නොහැකියි. එය සමාජ ප්‍රවාහයන් ගණනාවක අවසන් ප්‍රතිඵලයක්.

බොහෝ ආසියානුවන්ට මෙන්ම ලාංකිකයන්ට ද තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ සහජ හැකියාවක් තිඛෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා. මා එසේ කියන්නේ අසම්මත මගක නිර්මාණශීලීව ගමන් කළ කෙනකු හැටියට මගේ අත්දැකීම් ද පාදක කර ගනිමින්.

Celebrating Steve Jobs, we ask: Where are all the Asian tech mavericks?

Steven Paul Jobs (1955 – 2011): The Crazy One

In my own tribute to Steve Jobs, just published on Groundviews.org, I raise some pertinent questions about nurturing discovery and innovation in Asian societies.

Here’s an excerpt:

We might admire – even revere – mavericks like Steve Jobs from afar, but few Asians have any idea where mavericks come from, or how best to deal with them. Our conformist and hierarchical societies don’t nurture mavericks. Our cultures tend to suppress odd-balls and iconoclasts. That’s probably why we don’t have enough of our own Steve Jobses, Richard Bransons and Anita Roddicks.

Mark Twin said: “The man with a new idea is a crank – until the idea succeeds”. The question is: do we Asians hush down our home-grown cranks even before they have a sporting chance? Are we culturally too biased against individualism that propels useful – and potentially transformative ­ mavericks?

As a ‘maverick spotter’ and cheerleader for all types of innovation, I often worry that we are. I have come across bright young men and women who were ridiculed in the classroom (‘freaks!’) or scorned at home (‘losers!’) for not wanting to be doctors, engineers or lawyers.

This is the central argument in my latest op-ed, a tribute to Steve Jobs and a reflection on individualistic tech innovation in our own Asian societies.

Read full essay on Groundviews.org: Goodbye, Steve Jobs; Long Live Mavericks!

සිවුමංසල කොලූගැටයා #35: දුර දැක්මක් නැති දූපතක දුරදක්නවල ඉරණම

This is the Sinhala text of my weekly column in Ravaya newspaper, issue for 9 Oct 2011. In this, I discuss the plight of two telescopes in Sri Lanka – a private one used by Sir Arthur C Clarke, and another gifted to the government by Japan that is located in the wrong place and grossly underused.

For an English discussion of the same topics, see my article in Groundviews.org published on 4 Oct 2011: A Tale of Three Telescopes and a Blind News Media

Sir Arthur Clarke with his Celestron 14-inch telescope - photo by Rohan de Silva, circa 2001

“ආතර් සී. ක්ලාක් භාවිතා කළ දුරදක්නය රුපියල් දස ලක‍ෂයකට විකුණලා!”

මේ ප්‍රවෘත්තිය සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූයේ ඇතැම් දෙනකුගේ කුතුහලය අවුස්සමින්. ලංකාවේ පදිංචිකරුවකු (පුරවැසියෙකු නොවේ!) හැටියට අඩසියවසක් ගත කළ කීර්තිමත් බ්‍රිතාන්‍ය විද්‍යා ලේඛකයා පරිහරණය කළ දුරදක්නය පුවත්පතක දැන්වීමක් හරහා විකුණා ඇති බවත්, ගැණුම්කරුගේ අනන්‍යතාවය නොදන්නා බවත් එයින් කියැවුණා. එපමණකින් නතර නොවී පුවත් වාර්තාකරු කොළඹ සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න උපුටා දක්වමින් කියා තිබුණේ මේ දුරදක්නය ඇතුළු ආතර් සී. ක්ලාක් පරිහරණය කළ දෑ ‘අනාගත පරපුරට දැක ගැනීමට හැකි ස්ථානයක සංරක‍ෂණය කළ යුතු’ බවයි. මේ සදහා රජයට මැදිහත් විය හැකි ද යන්න පුවතෙන් ප්‍රශ්න කොට තිබුණා.

පැය විසි හතර පුරා ම ප්‍රවෘත්ති වාර්තා කිරීමේ පීඩනයට නතු වූ වාර්තාකරුවන් මෙබදු කථාන්තර ලිවීම අපට තේරුම් ගත හැකියි. අවාසනාවකට සිරස පුවතට හසු වී තිබුණේ කටකථාවලට ඔබ්ඛෙන් වැඩි දුරක් නොගිය, අර්ධ සත්‍ය තොරතුරු ටිකක් හා මත දැක්වීම් පමණයි. මේ ගැන මීට වඩා ගැඹුරින් විග්‍රහ කිරීමට තිබුණු අවස්ථාව ඔවුන් අතින් ගිලිහී ගියා.

ආතර් සී. ක්ලාක්ගේ විද්‍යාත්මක, ලේඛන හා මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණයට කුඩා කාර්යාලයක් ඔහුගේ කොළඹ නිවසේ කොටසක පවත්වා ගෙන ගියා. එහි කාර්ය මණ්ඩලයේ වසර 21ක් තිස්සේ (අර්ධ කාලීනව) මා ද සාමාජිකයකු වුණා. ඔහු 2008 මාර්තුවේ මිය ගිය පසු අන්තිම කැමති පත්‍රයට අනුව ඔහුට හිමිව තිබූ නිශ්චල හා චංචල දේපල අධිකරණ අධීක‍ෂණය යටතේ අදාල පුද්ගලයන්ට හා ඔහුගේ නමින් ලියාපදිංචි කළ භාරයකට පවරනු ලැබුවා. මෙය නීති සහගත ක්‍රියාදාමයක්. ඒ හරහා දුරදක්නය ලද පුද්ගලයාට එය විකිණීමට උවමනා නම් කිසිදු බාධාවක් නැහැ. (ඇත්තට ම සිදුවී ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කළත් එය ගනුදෙනුවක් දක්වා ගමන් නොකිරීමයි.)

මාධ්‍ය පුවතින් දුරදක්නය ගැන කිසිදු විස්තරයක් හෙළි නොවුවත් එය ගැන සියළු තොරතුරු ඉන්ටර්නෙට් තොරතුරු ගවේෂණයකින් සොයා ගත හැකියි. මේ දුරදක්නය මා හොදට දන්නවා. එය අමෙරිකාවේ Celestron සමාගම නිෂ්පාදනය කළ අගල් 14 ක පරාවර්තක (reflector) දුරදක්නයක්. එය වෘත්තීය තාරකා විද්‍යාඥයන්ට නොව ආධුනික තාරකා විද්‍යාවේ නියැලෙන අයට රාත්‍රී අහස නිරික්සීමට යොදාගත හැකි ඉහළ මට්ටමේ උපකරණයක්.

රාත්‍රී අහස නිරීක‍ෂණයට කුඩා කල සිට ම ක්ලාක්ගේ ලොකු උනන්දුවක් තිබුණා. එංගලන්තයේ ගොවිපලක ගත කළ ළමා කාලයේදී ඔහු අඩු වියදමින් තමන්ගේ මුල් දුරදක්නය ගෙදරදී ම හදා ගත්තා. පසු කලෙක වාණිජ මට්ටමින් වෙළදපොලේ ඇති දුරදක්න මිළට ගෙන මේ විනෝදාංශය මහත් ඕනෑකමින් කර ගෙන ගියා. 1956 දී ඔහු ලංකාවේ පදිංචියට ආ විට උතුරු අහස මෙන් ම දකුණු අහසේත් විශාල පරාසයක් විහිදෙන තරු මෙරට සිට නැරඹිය හැකි බව තේරුම් ගත්තා. එයින් ඔහුගේ ආධුනික තාරකා විද්‍යා කටයුතු තවත් උත්සන්න වුණා.
ඒ විනෝදාංශයට යොමු වී සිටි තවත් ලාංකිකයන් හවුල් කරගෙන 1959දී ලංකා තාරකා විද්‍යා සංගමය (Ceylon Astronomical Association) පිහිටුවා ගත් ඔහු වසර කිහිපයක් එහි සභාපතිවරයාද වුණා. මීට පෙර කොලමක මා ස`දහන් කළ පරිදි වෘත්තිමය තාරකා විද්‍යා කටයුතු ස`දහා අවශ්‍ය පහසුකම් මෙරට නැති නිසා අපට ඇත්තේ ආධුනික තාරකා විද්‍යා ක්‍රියාකාරකම් පමණයි. මෙරටින් බිහි වූ සියළු ම වෘත්තිමය තාරකා විද්‍යාඥයන් රැකියාවල නිරතවන්නේ විදේශ රටවලයි. නමුත් සංවිධානගත මට්ටමින් ආධුනික තාරකා විද්‍යා නිරීක‍ෂණ කරන කිහිප දෙනකු මෙරට සිටිනවා.

ක්ලාක් Celestron-14 දුරදක්නය මෙරටට ගෙන ආවේ 1980 දශකය මුලදී. සිය නිවසේ උඩුමහලේ බැල්කනියේ එය තැන්පත් කළ ඔහු විටින් විට රාත්‍රී අහස නිරීක්සීමට එය යොදාගත්තා. ඔහු වඩාත් ම උනන්දු වූයේ චන්ද්‍රයාගේ මතුපිට බලන්නටත්, ග්‍රහලෝක නිරීක‍ෂණයටත්. සෙනසුරුගේ වළලූ හා බ්‍රහස්පතිගේ මතුපිට ලප ආදිය මේ හරහා බලා ගත හැකිවුණා. දශකයක පමණ කාලයක් මෙය මෙරට තිබූ විශාලතම දුරදක්නය වූ නිසා ලංකා තාරකා විද්‍යා සංගමයේ හා තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ නිරීක‍ෂණ සදහාත් ඔහු නොමසුරුව සිය දුරදක්නය භාවිතා කරන්නට ඉඩ දුන්නා. එහෙත් මේ දුරදක්නයෙන් කිසිදු තාරකා විද්‍යා පර්යේෂණයක් කිරීම ඔවුන්ගේ අරමුණ වූයේ නැහැ.

1994දී ජපන් රජය අගල් 18ක (සෙමී 45) GOTO වර්ගයේ පරාවර්තක දුරදක්නයක ලංකාවට පරිත්‍යාග කළා. මේ දක්වා මෙරටට ගෙන ආ විශාලත ම දුරදක්නය වූ එය කොතැනක ස්ථානගත කළ යුතු ද යන්න ඒ දිනවල විවාදයට ලක්වුණා. ප්‍රශස්ත තාරකා නිරීක‍ෂණයට බාධා කරන වීදි ආලෝකය හා නාගරික දුවිල්ලෙන් දුරස්ථ වූ තැනක මෙය පිහිටුවන ලෙස මෙරට වෘත්තිමය හා ආධුනික තාරකා විද්‍යාඥයන් උදක් ම ඉල්ලා සිටියා. ඒ දිනවල මෙරට වාසය කළ සයිමන් ටූලොක් (Simon Tulloch) නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා මෙරට විවිධ ස්ථානවලට ගොස් තාරකා විද්‍යා නිරීක‍ෂණාගාරයකට වඩාත් උචිත ස්ථාන ගැන අධ්‍යයනයක් කළා. ඔහුගේ නිර්දේශය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ කිරිමැටියකන්ද හෝ කරකහතැන්න ප්‍රදේශ සාපේක‍ෂව වඩාත් හොද එමෙන් ම ගමනාගමනයටත් එතරම් අපහසු නොවූ තැන් දෙකක් බවයි. වැඩි විස්තර සදහා බලන්න: http://www.qucam.com/publications/SL.pdf

එහෙත් විද්‍යා හා තාක‍ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ නොතකා මොරටුවේ පිහිටි නව තාක‍ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) එය ස්ථාන ගත කිරීමට තීරණය කළා. (1984 දී ජයවර්ධන රජය විසින් ඇති කළ මේ තාක‍ෂණික ආයතනය කිසිදු ආකාරයකින් කොළඹ පවත්වා ගෙන ගිය ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයට සම්බන්ධ වූයේ නැහැ. මේ වෙනස නොදත් බොහෝ දෙනා එය පටලවා ගන්නවා.) සිය නම යෙදූ රාජ්‍ය ආයතනය වූවත් දුරදක්නයකට නම් එතැන අනුචිත බව ක්ලාක් පවා එහිදී පෙන්නා දුන්නා.

පසුගිය වසර 15 පුරා මොරටුවේ තිඛෙන, මහජන මුදලින් නඩත්තු කරන මේ ජපන් දුරදක්නයෙන් කිසිදු තාරකා විද්‍යා පර්යේෂණයක් සිදු කෙරී ඇතැයි දැන ගන්නට නැහැ. මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම (විශ්‍රාමික) වෘත්තීය තාරකා විද්‍යෘඥයා වන ආචාර්ය කාවන් රත්නතුංග කියන්නේ ජාත්‍යන්තරව පිළි ගත් තාරකා විද්‍යා පර්යේෂණ නිබන්ධන එකක්වත් මේ මොරටු දුරදක්නය යොදා ගෙන ලියැ වී නැති බවයි.

“තාරකා විද්‍යාඥයකු හැටියට මෙබදු දුරදක්නයකින් කළ හැකි වැඩ කොටස මා හොදාකාර දන්නවා. එහෙත් මොරටුවේ ක්ලාක් ආයතනය මේ දුරදක්නය පවත්වා ගෙන යන්නේ දවල් කාලයේ එහි එන පාසල් සිසුන්ට පෙන්වීමටයි. ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික දුරදක්නයටත් වඩා වයසින් අඩු මේ ජපන් දුරදක්නයල ඒ රාජ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය සළකන්නේ හරියට කෞතුක භාණ්ඩයක් වගෙයි!”

විද්‍යාත්මක උපකරණ තනා ඇත්තේ පාවිච්චි කිරීමටයි. පරිගණක, අන්වීක‍ෂ හා දුරදක්න ආදිය වැඩි පරෙස්සමට යයි කියා පසෙක තැබුවොත් එය ලොකු අපරාධයක්. ලංකාවේ ලොකු ම දුරදක්නය භාර ආයතනය හැටියට මොරටුවේ ක්ලාක් ආයතනය දුර දැක්මක් නැතිව කටයුතු කිරීම ඉතා කණගාටුදායකයි.

ප්‍රසිද්ධ පුද්ගලයන් පාවිච්චි කළ භාණ්ඩවලට ඒවායේ වෙළදපොල වටිනාකමට ඉහළ අගයක් ආරෝපණය වන බව අප දන්නවා. ඒ නිර්නායකය හරහා විග්‍රහ කරන විටදීවත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික Celestron-14 දුරදක්නයට වටිනාකමක් ඇත්දැයි මා ආචාර්ය කාවන් රත්නතුංගගෙන් ඇසුවා. ඔහු කියන්නේ ප්‍රසිද්ධත්වයෙන් ලැඛෙන වටිනාකම (celebrity value) හා ඓතිහාසික, කෞතුක වටිනාකම (museum value) යන දෙක එකිනෙකට වෙනස් බවයි. ක්ලාක් විනෝදයට අහස බලන්නට යොදා ගත් දුරදක්නයට, ඔහු සතුව තිබීම නිසා අමතර වටිනාකමක් ලැබුණත් එය ඓතිහාසික වටිනාකමක් නොවෙයි. එසේ ම එය ඔහුගේ වෘත්තියට (ලේඛන කලාවට) ඍජුව යොදා ගත්තක් ද නොවෙයි.

ජන සමාජයට ලොකු දායකත්වයක් දුන් ප්‍රකට පුද්ගලයකුගේ අභාවයෙන් පසු ඔහු හෝ ඇය පරිහරණය කළ දේ කුමන අයුරින් රැකගත යුතු ද යන පොදු ප්‍රශ්නයත් මතු වනවා. වගකීම් සහිතව, දිගු කල් දැකමකින් හා සැළසුමකින් යුක්තව එයට මැදිහත් වන රාජ්‍ය හා ශාස්ත්‍රීය ආයතන පෙර අපර දෙදිග වෙනත් රටවල තිඛෙනවා. එහෙත් පටු ලෙස පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකම නිර්වචනය කැරෙන අපේ රටේ එබන්දකට ඉදහිට හෝ මුල් වන්නේ අදාල පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හා හිතමිතුරන් මිස නිල ආයතන නොවේ. මාටින් වික්‍රමසිංහ භාරය හා (මෑත දී පිහිටවූ) රේ විෙජ්වර්ධන භාරය මෙයට උදාහරණයි.

මගේ මතය නම් ලේඛකයකුට කළ හැකි හො`ද ම උපහාරය ඔහු නිර්මාණය කළ කෘතීන් හැකි තාක් කල් වැඩි ම දෙනකුට කියැවීමේ අවස්ථාව ලබා දීම බවයි. මිය යන්නට දෙවසරකට පමණ පෙර විදෙස් මාධ්‍යවේදියකු ක්ලක්ගෙන් ඇසුවා ඔහු කුමන ආකාරයක ස්මාරකයක් පතනවා ද කියා. ක්ලාක් කිසිදු පැකිලීමකින් තොරව කීවේ “ඕනෑම හො`ද පුස්තකාලයකට ගොස් බලන්න. මගේ ස්මාරකය දැනටමත් එතැන ඇති!” (“Go to any well-stocked library and just look around!”).

මේ වටිනා අදහස ඕනෑ ම ලේඛකයකුට අදාල කරගත හැකියි. ක්ලාක් 90 විය සපුරමින් නිකුත් කළ වීඩියෝ පණිවුඩයේ කීවේ තමන් විද්‍යාව හා ලේඛන කලාව යන ෙක‍ෂත්‍ර දෙකේ ම හපන්කම් කළත් ලේඛකයකු හැටියට ජන මතකයට එක් වන්නට වඩාත් කැමති බවයි. මේ නිසා ඔහු විනෝදයට පරිහරණය කළ දුරදක්නය ගැන ලත වනවා වෙනුවට ඔහු ලියූ 100කට අධික මාහැගි පොත් සමූහයට අවධානය යොමු කරමු. ඒ පොත්වලින් අඩක්වත් තවම සිංහලට හෝ දෙමළට හෝ පෙරැළී නැහැ.

ක්ලාක්ගේ දායාදය රැක ගෙන ප්‍රවර්ධනය කිරීමට ඕනෑ නම් වැඩ පටන් ගත යුතු ඉතා ම හොද තැන එතැනයි!

Steve Jobs, Apple and Big Brother: Remembering a famous TV commercial

Founded in the afterglow of the hippie movement and nurtured in the easy-going ways of the American West Coast, Apple was once anarchic. It was then an underdog taking on the corporate behemoths led by IBM.

That early character was famously captured in the 1984 Superbowl TV commercial for the Apple Macintosh, broadcast on 22 January 1984. Directed by Ridley Scott of Blade Runner and Alien fame, the 60-second commercial depicted a grim futuristic world where total information and mind control prophesied by author George Orwell in his dystopian novel 1984 had become all too real. Big Brother, in this instance, was supposed to be Apple’s rival IBM whose tyranny is shattered by the daring Apple…

The commercial went ahead despite the rest of the Apple Board hating it. The story goes how co-founder Steve Wozniac offered to personally pay for air time if the company won’t pick up the tab. In the end, it was aired and became one of the most memorable TV commercials of all time.

It also came back to haunt Apple and Jobs decades later. Apple has always been fiercely protective of its products in development, but many felt the company over-reacted in April 2010 when the gadget website Gizmodo did a product tear-down of iPhone 4 that had been leaked weeks ahead of official release date. On Apple’s instigation, police seized computers used by the Gizmodo editor concerned: the watchdog group Electronic Frontier Foundation criticized the raid as violating journalist source protection laws.

That week, Satire news host Jon Stewart – himself an Apple fan – asked if Apple had gone too far. On his Daily Show, he said: “Remember back in 1984, you had those awesome ads about overthrowing Big Brother? Look in the mirror, man!…It wasn’t supposed to be this way – Microsoft was supposed to be the evil one! But you guys are busting down doors in Palo Alto”

Invoking the other famous commercial, Stewart added: “You used to be the misfits, the rebels, the troublemakers, the square pegs in the round holes, the ones who were never fond of the rules. Remember?”

Jobs, with his eyes firmly fixed on the future and his place in history already assured, chose not to remember, fondly or otherwise. Jobs disliked nostalgia, and would have shrugged off the torrent of it that followed his departure.

Read the full story behind Apple’s 1984 Super Bowl Ad

Steven Paul Jobs (1955 – 2011): The Crazy One

Apple’s “Think different” commercial, remixed in appreciation of Steve Jobs. From Ken Segall’s Observatory — http://kensegall.com/blog

Releasing it on Gizmodo, he wrote: “I’m sure he would have hated it, but whatever. You’re dead now, Steve, you crazy round peg in the square hole, you handsome bastard, you insufferable and unrepeatable genius you, you awesome man with The Vision. Deal with it, because now the world will suck a bit more without your love for perfection, your hyperbolic obsession with magical devices, your insanely great ideas and booms and one more things.”

And here’s the original Think Different commercial, created for Apple Computers in 1997 by the Los Angeles office of advertising agency TBWA\Chiat\Day:



Read the story of Think Different ad campaign here

සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

Fasting for a personal or public interest cause is a very old tradition in India. Today, social activists of all colours and hue resort to fasting — but not everyone evokes the same interest and coverage in the media. In a previous column, I looked at how and why the anti-corruption activist Anna Hazare has become the darling of the Indian media. In my latest Ravaya column published on 2 October 2011, I look at two other fasts: one by Swami Nigamananda, who died in June calling for a stop to sand-mining in the Ganges River, and woman activist Irom Sharmila in Manipur who is engaged in the longest fast in the world, 11 years and counting…

Anna Hazare (left) and Irom Sharmila - two very different fasts...

යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ආහාර පාන ගැනීමෙන් වැළකී උපවාස කිරීම ඉන්දියාවේ ඉපැරණි සම්ප්‍රදායක්. මේ ගැන ක්‍රිස්තු පූර්ව 750 දක්වා අතීතයට දිවෙන සදහන් එරට හමුවෙනවා. දින 3ක් නිරාහාරව සිටීමේ හැකියාව නිරෝගී බොහෝ දෙනකුට ඇතත්, ඉන් පසු ටිකෙන් ටික ශරීර ක්‍රියාකාරකම් අඩපණ වන්නට පටන් ගන්නවා. ආහාර නොගත්තත් වතුර පානය කිරීමෙන් තොරව ශරීරයට ජීව ක්‍රියා පවත්වාගන්නට නොහැකියි.

සමාජයීය හෝ දේශපාලනමය හෝ ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කිරීම අදත් ඉන්දියාවේ බහුලව දැකිය හැකියි. එයට වඩාත් ම ප්‍රකට මෑත උදාහරණය නම් දූෂණයට එරෙහි ජන ක්‍රියාකාරික අන්නා හසාරේ 2011 අප්‍රේල් හා අගෝස්තු මාසවල කළ උපවාසයන්.

ඉන්දියාවේ ටෙලිවිෂන් නාලිකා අති බහුතරයක් පෞද්ගලික හිමිකරුවන් විසින් පවත්වා ගෙන යන වාණිජ මට්ටමේ නාලිකායි. ඒ නිසා බලයේ පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමටත්, රාජ්‍ය ප්‍රතිපත්ති විවෘතව සංවාදයට ලක් කරන්නටත් ඉඩ තිඛෙනවා. මේ නාලිකා අතර ප්‍රේක‍ෂකයන් ඇද ගන්නට දැඩි තරගයක් පවතිනවා. හැම නාලිකාවක් ම උත්සාහ කරන්නේ සිද්ධීන් උලූප්පා දක්වමින්, හැම සිදුවීමක් ම ‘Breaking News’ බවට පත් කර ගන්නටයි. එවැන ප්‍රවෘත්ති හැමදාමත් හමු නොවන නිසා ඉ`දහිට මතුව එන හසාරේ වැනි නිර්දේශපාලනීය චරිතයක් වඩා ටෙලිවිෂන් වාර්තාකරුවෝ ඉක්මනින් රොක් වෙනවා. ටික දිනකින් එබදු ජන හිතකාමී චරිත කරන කියන හැම දෙයක් ම පුවත් බවට පත් කර ගන්නවා. මේ තත්ත්වය දිගු කලක් නොපැවතුනත් අද වන විට ඉන්දියාවේ අතිශය තරගකාරී හා බහුවිධ ටෙලිවිෂන්, රේඩියෝ හා වෙබ් අඩවිවලට පුවත් මවන ජනප්‍රියතම ‘පුවත් මාරුතය’ බවට අන්නා හසාරේ පත්ව සිටිනවා.

එහෙත් ඔහුගේ උපවාසයන්ට ලැබුණු ඉමහත් මාධ්‍ය වාර්තාකරණය නොලද පොදු අරගල සදහා සිදු කැරෙන තවත් උපවාසයන් රැසක් ඉන්දියාවේ තිඛෙනවා. උදාහරණ දෙකක් හරහා මේ ගැන කථා කළ හැකියි.

පළමුවන උදාහරණයට අදාල පුද්ගලයා හින්දු පූජකයෙක්. ස්වාමි නිග්මානන්ද (Swami Nigamananda) සිය උපවාසය ඇරඹුවේ 2011 පෙබරවාරි 19 වනදා. එයට නිමිත්ත වූයේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් (Haridwar) නගරය අසලින් ගලා යන ගංගා නදියේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලීම. හිමාලයෙන් ඇරඹී ගලා ගෙන එන ගංගා නදිය ඉන්දු-ගංගා තැන්නට මුල්වරට ප්‍රවේශ වන්නේ හරිද්වාරයේදී. ඒ නිසා එහිදී ග`ගට කරන පාරිසරික හානිය කිලෝමීටර් 2,525ක් දිග නදියේ ගලා යාමට අතිශයින් බලපානවා. හරිද්වාරයේ මෛත්‍රී සදාන් ආශ්‍රමයේ නේවාසික වූ මේ පරිසර හිතකාමී ස්වාමීවරයා සිය සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් මෙන් ම වැලි ගොඩ දැමීමේ නිරත වූවන්ගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැහැ. ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ මාධ්‍යවලින් ද මේ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අප්‍රේල් 30 වනදා ප්‍රාන්ත බලධාරීන් ඔහුව බලහත්කාරයෙන් රෝහල් ගත කළත් එහිදීත් ඔහු කිසිවක් ආහාරයට ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළා. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය වෙනස් වූයේ නැහැ. දින 115ක උපවාසය අවසන් වූයේ ජුනි 14 වනදා ඔහු මිය යාමෙන්.

ඔහුගේ මරණය ඉන්දියානු ටෙලිවිෂන් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් වූවත් එය සුළු වේලාවකට පමණයි. ඒ වන විට ඔවුන් (අන්නා හසාරේට අමතරව) ව්‍යාපාරික මට්ටමින් මහා පරිමාණයෙන් යෝග ව්‍යායාම් පුහුණු කරන බාබා රාම්දේව (Baba Ramdev) නම් තවත් හින්දු ස්වාමිවරයකුගේ උපවාසයකට මුල් තැන දෙමින් සිටියා. දූෂණයට එරෙහිව නැගී සිටින චරිතයක් බවට පත්වීමට බාබා රාම්දේව් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔහුගේ සැබෑ අරමුණු ගැනත් පෙර ක්‍රියාකලාපය ගැනත් මාධ්‍යවලට යම් සැකයක් තිබුණා. ඔහුගේ උපවාසය දින 9කින් නිමා කළ අතර ඉන් පසු ඔහු ගැන මාධ්‍ය වාර්තාකරණය එතරම් උත්සන්න වූයේ නැහැ.

හැම නිර්ව්‍යාජ උපවාසයක් ම පුවත් මාරුතයක් බවට පත් වන්නේත් නැහැ. අන්නා හසාරේ ගැන අධ්‍යයනය කරන මාධ්‍ය පර්යේෂකයන් සොයා යන්නේ වෙනත් සාධාරණ උපවාසයන්ට වඩා හසාරේගේ අරගලයට මෙතරම් මාධ්‍ය අවධානයක් යොමුවන්නේ ඇයි ද යන්නයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් අපි සැප්තැම්බර් 18 වනදා කොලමින් විග්‍රහ කළා. අන්නා හසාරේට සූක‍ෂම ලෙස උපදෙස් දෙන මාධ්‍ය උපදේශකයන් සිටිනවා. ඔවුන් වෙළදපොල මාධ්‍ය සමග හොදහැටි ගනුදෙනු කරන්නට දන්නවා. එහෙත් උතුම් අරමුණක් පමණක් නිමිති කර ගෙන, උපක්‍රමශීලි නොවී උපවාස කරන බොහෝ අයට එබදු මාධ්‍ය හැසිරවිමේ හා මාධ්‍යවලට බද්ධවීමේ හැකියාව නැහැ. බැලු බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනී යතත් සැබෑ තත්ත්වය එයයි.

මේ ගැන හොද උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක හා “ර්‍ද හින්දු” පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතුවරියක වන කල්පනා ශර්මා (Kalpana Sharma) ගෙන හැර දක්වනවා. ඒ තමයි ඉරෝම් ශර්මිලාගේ (Irom Sharmila) දශකයකට වැඩි කලක් පවතින උපවාසය.

ඉරෝම් ශර්මිලා චානුගේ වයස 39 යි. ඇය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන මනිපූරයේ මානව හිමිකම් හා දේශපාලන කි්‍රයාකාරිකයෙක්. එමෙන් ම කිවි`දියක්. මිලියන 2.7 ක ජනගහනයක් සිටින, බුරුම දේශසිමාවේ පිහිටි මනිපුරයේ කලක සිට දේශපාලන නොසන්සුන් බවක් හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් පවතිනවා. ඉන්දීය රජය මේ තත්ත්වය පාලනය කරන්නට හමුදා විශේෂ බලතල නීතියක් (Armed Forces Special Powers Act, 1958) යටතේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යනවා. මධ්‍යම රජය මේ ප්‍රාන්තයේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ කරදරකාරීන් පිරිසකගේ අනවශ්‍ය අරගලයක් හැටියටයි. එහෙත් මනිපූර් වැසියන්ට සිය ප්‍රශ්නවලට සාධාරණ විස`දුම් දිගු කලක් තිස්සේ ලැබී නැතුවා පමණක් නොවෙයි දරද`ඩු පරිපාලයක් යටතේ දිවි ගෙවන්නට සිදුව තිඛෙනවා.

මේ නිසා හමුදාවලට දැඩි බලතල දෙන නීතිය නතර කරන ලෙස ඉල්ලා ඉරෝම් ශර්මිලා උපවාසයක් ඇරඹුවේ 2000 නොවැම්බරයේ. එය ඇරඹී දින කිහිපයකට පසු ‘සිය දිවි නසා ගන්නට තැත් කිරීමේ’ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මනිපුරයේ ප්‍රාන්ත අගනගරය වන ඉම්ෆාල් නුවර මහජන රෝහලේදී ඇයට බලහත්කාරයෙන් ආහාර කවනු ලැබුවා. (හින්දු ස්වාමි කෙනකුට වඩා ග‘හි කාන්තාවකට බලෙන් කෑම දීමට සෞඛ්‍ය සේවකයන් ද පෙරට එනවාෟ) මාස ගණනක් මෙසේ අත් අඩංගුවේ රෝහල්ගතව බලෙන් ආහාරපාන දීමට ලක්වන ඇය ඉන් පසු නිදහස් වෙනවා. එවිගස ම ඇය නැවතත් ප්‍රසිද්ධියේ උපවාස කිරීම අරඹනවා. එවිට දින කිහිපයකින් යළිත් අත් අඩංගුවට පත් වන ඇය රෝහල් ගත කොට බලෙන් කෑම බීම ලබා දීමට ලක් වනවා. මේ සිදුවීම් මාලාව චක්‍රාකාරව වසර 11ක් පුරා නොනැවතී ඉදිරියට යන බවත්, ඒ නිසා මෙය ලෝකයේ වැඩි ම කාලයක් පවතින උපවාසය බවත් කල්පනා ශර්මා කියනවා.

Arundhati Roy: "I'd Rather Not be Anna!"

එහෙත් ඉරෝම් ශර්මිලාගේ අරමුණ ගිනස් වාර්තා පිහිටුවීම නොවෙයි. 2004දී හින්දු මූලධර්මවාදී BJP රජය පරාජය වී කොංග්‍රස් ප්‍රමුඛ සභාග රජයක් ඉන්දියාවේ බලයට පත් වුණා. නව රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. මේ කමිටුව කරුණු ගවේෂණයෙන් පසු නිර්දේශ කළේ මනිපුරයේ ගෙන යන දරදඩු පරිපාලනය ලිහිල් කොට හමුදා බලතල සීමා කළ යුතු බවයි. එහෙත් මේ නිර්දේශයෙන් වසර 6කට පසුත් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා ඉරෝම් ශර්මිලා සිය උපවාසය දිගට ම කරගෙන යනවා.

“මනිපුරයේ ජනතාවත් ඉන්දියානු රටවැසියෝ. එහෙත් සෙසු රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැරෙන මූලික අයිතිවාසිකම් බොහොමයක් මනිපුර ජනතාවට දිගු කලක සිට ලැඛෙන්නේ නැහැ. මේ දැඩි අසාධාරණය ගැන සෙසු ඉන්දියාවේ අපට එතරම් හැගීමක් හෝ අවබෝධයක් හෝ නැතිවීම ඉතා කණගාටුදායකයි” කල්පනා සිය ලිපියේ එසේ කියනවා.

ඉරෝම් ශර්මිලාගේ තිරසාර අධිෂ්ඨාන ශක්තිය ගැන ගෞරව පූර්වකව මාධ්‍යවල කථා කරන තවත් කෙනෙක් සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි (Arundhati Roy). අන්නා හසාරේගේ අරගලය ගැන අරුන්දතී දැඩි විවේචනයක් කරනවා. දූෂණය හා වංචාව පිටු දැකීමට නම් ඉන්දියානු සමාජය පුරා දරුණු ලෙස මුල් බැස තිඛෙන ඇති-නැති පරතරය අඩු කළ යුතු බව ඇය කියනවා. බොහෝ විට දූෂණ හා වංචාවලට මුල් වන්නේ, උල්පන්දම් දෙන්නේ අන්ත දුප්පතුන් නොව අතමිට සරු අය බවත්, ඒ අය සමාජ අසාධාරණකම් දිගට ම පවත්වා ගැනීම හරහා අයථා ප්‍රයෝජන හා වරප්‍රසාද ලබන බවට උදාහරණ සහිතව තර්ක කරනවා.

අරුන්දතී රෝයි ඉන්දියානු රාජ්‍යයේ (state) හෝ බලයේ පවතින රජයේ (government) හිතවතකු නොවෙයි. ඉන්දියානු රාජ්‍යයේ විෂමතා ගැන බරපතල විවේචන ඇය ප්‍රසිද්ධියේ ලියනවා. එබදු දැඩි විවේචකයන්ට ද ඉඩකඩ පැවතීම ඉන්දියාවේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක‍ෂණයක්. චතුර ලෙස කථා කරන්නට හා සූක‍ෂම ලෙස තර්ක කරන්නට හැකි වීම නිසා ඉන්දියානු විද්්‍යුත් මාධ්‍ය ද ඇයට තැනක් හා කාලයක් දෙනවා. මෙවර සිදු වී ඇත්තේ ඉන්දියන් ටෙලිවිෂන් නාලිකා බහුතරයක අළුත් ම වීරයා බවට පත්ව සිටින අන්නා හසාරේගේ ක්‍රමවේදයන් එම නාලිකාවල ම ජනප්‍රිය චරිතයක් හා පුවත් මවන්නියක වන අරුන්දතී රෝයිගේ නිර්දය විවේචනයට හසුවීමයි!

2011 අගෝස්තු 22 දා The Hindu පුවත්පතේ ලිපියක් ලියමින් ඇරුන්දතී රෝයි අනතුරු ඇගවීමක් කළා. අන්නා හසාරේගේ යෝජිත නීති කෙටුම්පත හා නිර්දේශිත සැළසුම් ඉදිරියට ගියොත් ඉන්දියාවේ දුගී දුප්පතුන්ට තවත් නිලධාරීවාදයකට කර ගසන්නට සිදු විය හැකි බවට. සමාජයක ව්‍යුහාත්මක වෙනස්කම් ඇති නොකොට පැලැස්තර විස`දුම් දීම තුළින් දූෂණය පිටු දැකිය නොහැකි බවත්, වැඩියෙන් ම හඩ නගන අරගලකරුවාට පමණක් සවන්දීම සාර්ථක විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් නොවන බවත් ඈ කියනවා.
ර්‍
“අද දූෂණ හා වංචා සිදුවන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ පමණක් නොවෙයි. ව්‍යාපාර ආයතනල රාජ්‍ය නොවන ආයතන මෙන් ම මාධ්‍ය ආයතනවලත් විශාල වශයෙන් දූෂණ සිදුවනවා. ඒ ගැන කිසි අවධානයක් යොමු නොකර රාජ්‍ය ෙක‍ෂත්‍රයේ දූෂණය ගැන පමණක් නීතිරීති තද කිරීම හසාරේ ඇතුළු පිරිසගේ උත්සාහයයි. මෙයින් ඉන්දියානු සමාජයේ දූෂණ පිටු දකින්නට බැහැ.” අරුන්දතී තර්ක කරනවා.

ඉන්දියානු සමාජය හා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රය ගැන නෙත් යොමා සිටින මට පෙනෙන්නේ ආවේගශීලි නොවී ප්‍රතිපත්තිමය හා තාර්කික පදනමකින් ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව අන්නා හසාරේට වඩා අරුන්දතී රෝයිට වැඩි බවයි. මේ දෙදෙනාගේ ම පාරිශ=ද්ධභාවය ගැන කිසිදු විවාදයක් නැහැ. එහෙත් වඩාත් ප්‍රායෝගික විසදුම් සෙවීම කළ හැක්කේ කාට ද යන්න ඉක්මනින් ම තෝරා ගන්නට ඉන්දියානු සමාජයට හා මාධ්‍යවලට සිදු වනවා.

Ray Wijewardene website launched: Paying it forward…

We launched the Ray Wijewardene website at the British Council Colombo on September 28 evening to a packed house of friends and well-wishers. My colleague Nadeeja Abeyasekera and I introduced the site – product of months of work. Here are my opening remarks:

Nalaka Gunawardene introduces Ray Wijewardene website at British Council Colombo, 28 Sep 2011 - photo by Dhanushka Fernando

Introduction to the Ray Wijewardene website:
by Nalaka Gunawardene, Director, TVE Asia Pacific

It’s a privilege for me and my colleagues at TVE Asia Pacific to have built the Ray Wijewardene website as an entirely voluntary effort.

This is our DIGITAL TRIBUTE to Ray Wijewardene, an outstanding scientist and thinker, not just of Sri Lanka, but of the entire developing world. On top of that, Ray was also a good friend and supporter of our own development communication work for many years. This is our way of PAYING IT FORWARD!

Looking back, I can say that this website was conceived in a moment of frustration and outrage. Let me explain!

When Ray passed away in August last year, there was very little SPECIFIC information about him anywhere on the World Wide Web. And there were ONLY a couple of good photographs online, which most newspapers and websites used when reporting on his death. They really had no choice!

In the days and weeks that followed, many warm tributes appeared in our newspapers. These shared precious memories and anecdotes about Ray. But I couldn’t help noticing that many lacked specifics, and some even had inaccuracies…probably inadvertent? Some didn’t even spell his name correctly!

We all know how Ray led a very productive and creative life — but it was not easy to find specific and accurate information about his thinking and many accomplishments. The reality these days is that if Google can’t find you, millions will never get to know about you!

I wanted to bridge this info gap as fast as possible!

So when I joined the Ray Wijewardene Charitable Trust as a Trustee, I offered to build a website as our first activity. We had no dedicated funds, but we just went ahead on a VOLUNTARY BASIS — relying on GOODWILL and IN-KIND contributions from many, e.g.
• We pooled information from Ray’s family members and friends;
• We sourced images from family and professional contacts; and
• We asked a few to write about different facets of Ray’s work/play.

This is what we call a NO-BUDGET ACTIVITY! We’ve harnessed the collaborative spirit very common on the Web. And we thank to all who joined this collaborative effort! They’re too many to mention by name – they know who they are…

Part of audience at the launch of Ray Wijewardene website, 28 Sep 2011 - Photo by Ruveen Mandawala

My colleagues at TVE Asia Pacific worked long and hard to weave all this material into the website that we launch today. As with all our products, we aim this at the interested non-specialist. We’ve tried to keep it simple, concise and engaging – we know that web visitors have very short the attention spans!

Let me ask my colleague Nadeeja Abeyasekera, who built this website, to take you on a quick tour…to entice you to browse more at your leisure!

In my view, a website is never really finished…so we will continue to add new content and links to this as and when necessary to keep it current and relevant. We also solicit more information and images from all of you, some of which can be published on this website and the rest can support the research effort for the proposed biography.

Nadeeja Abeyasekera (in yellow) & Nalaka Gunawardene take questions fron the audience

More images at http://www.facebook.com/RayWijewardene

Ray Wijewardene: Saluting a thinker who also tinkered

Working with a Genial Giant: Ray Wijewardene

As a communicator, I look for ways to say more with less. The ‘gold standard’ for brevity was set two centuries ago by the French poet, playwright, novelist and essayist Victor Hugo.

The story goes like this. Victor Hugo was travelling out of town and wanted to know how his latest book was selling. He messaged (telegraphed?) his agent: ?

The agent, not to be outdone, replied: !

Enough said. How I wish I could beat that economy of words…

I have a fondness for both question marks and exclamation marks — I used a good deal of both in my own speaking and writing. I use these as a metaphor in a tribute I just wrote about one of my mentors: Ray Wijewardene.

Ray Wijewardene: An Extraordinary Thinker and Tinkerer has just been published by Groundviews.org. It also appears on the official website about Ray Wijewardene, being formally launched today.

Here are the opening paras of my essay:

“If I had to condense the multi-faceted and fascinating life of Ray Wijewardene, I would reduce it to a whole lot of question marks and exclamation marks. In his 86 years, Ray generated more than his fair share of both.

“He was unpigeonholeable: engineer, farmer, inventor, aviator and sportsman all rolled into one. Whether at work or play, he was an innovative thinker who rose above his culture and training to grasp the bigger picture.”

Full essay: Ray Wijewardene: An Extraordinary Thinker and Tinkerer

The website was built by my team at TVE Asia Pacific (TEVAP) as a public education resource. read TVEAP News story:
TVEAP unveils new website on outstanding Sri Lankan scientist and visionary

Wangari Maathai (1940 – 2011): Tree planter, activist, visionary and mother

Wangari Muta Maathai (1 April 1940 – 25 September 2011)

“We are very fond of blaming the poor for destroying the environment. But often it is the powerful, including governments, that are responsible.”

That was a typical remark by Wangari Muta Maathai, the Kenyan environmental and political activist who has just died.

In the 1970s, Maathai founded the Green Belt Movement, an environmental non-governmental organisation focused on the planting of trees, environmental conservation, and women’s rights.

In 2004, she became the first African woman to receive the Nobel Peace Prize for “her contribution to sustainable development, democracy and peace.”

The Green Belt Movement in a profile about their founder counted the many roles she played: environmentalist; scientist; parliamentarian; founder of the Green Belt Movement; advocate for social justice, human rights, and democracy; elder; and Nobel Peace Laureate.

“”It is the people who must save the environment. It is the people who must make their leaders change. And we cannot be intimidated. So we must stand up for what we believe in,” Wangari Maathai kept saying.

As a tribute, I have assembled a few links to interesting online videos featuring her.

Taking Root, a long format documentary, tells the dramatic story of Wangari Maathai whose simple act of planting trees grew into a nationwide movement to safeguard the environment, protect human rights, and defend democracy—a movement for which this charismatic woman became an iconic inspiration.

TAKING ROOT: The Vision of Wangari Maathai Trailer on PBS YouTube channel:

Wangari Maathai & The Green Belt Movement, short film by StridesinDevelopment:

Riz Khan’s One on One: Wangari Maathai: Part 1
Interview with Al Jazeera English first broadcast on 19 Jan 2008

“I will be a hummingbird” – Wangari Maathai

Two more memorable quotes from her to inspire us all:

“I have always believed that, no matter how dark the cloud, there is always a thin, silver lining, and that is what we must look for.”

“We cannot tire or give up. We owe it to the present and future generations of all species to rise up and walk!”

සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා

This is the Sinhala text of my latest Ravaya column, where this week I am paying tribute to Dr Osmund W Jayaratne (1924-2006), a remarkable physicist, science populariser and public intellectual whom I knew and worked with for many years.

Prof Osmund W Jayaratne - 1985 photo by Sunny Nawagattegama

කලින් කලට අපේ රට දැඩි නියගයන්ට මුහුණ දෙනවා. මීට දශක දෙකකට පමණ පෙර එබදු එක් අවස්ථාවක රටේ විධායක ජනාධිපතිවරයා තායිලන්තයෙන් විද්‍යාඥ පිරිසක් මෙරටට කැදවූවා කෘත්‍රිම වර්ෂාව ඇති කරන්නට. ඔවුන්ගේ උත්සාහය වූයේ ලංකාවේ මධ්‍යම කදුකරයේ ජලධාරක ප්‍රදේශවලට ඉහළින් ඇති වළාකුළුවලට ජලාකර්ශක රසායන ද්‍රව්‍ය (hygroscopic chemicals) ඉසීමෙන් වැසි ඇති කිරීමයි. මේ සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගෙන සැළකිය යුතු වියදමක් දරනු ලැබුවත් එයින් කිසිදු අමතර වර්ෂාවක් ලැබුණේ නැහැ. නවීන විද්‍යාව සොබා දහමට මුක්කු ගසන්නට යාම ගැන රටේ ඇතැම් දෙනා තුළ හාස්‍යයක් නම් ඇති වුණා.

එයින් ටික දිනකට පසු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසි වාරයේ භෞතික විද්‍යා අංශයේ මුඛ්‍ය දේශනය පැවැත් වූයේ එවකට එම විෂය සම්බන්ධයෙන් මෙරට සිටි ප්‍රවීණතම විද්‍යාඥයායි. ‘කෘත්‍රිම වැසි ඇති කිරීම ඇත්තද බොරුද?’ (Rain-making: Fact or Fallacy?) යන තේමාවෙන් දේශනය කළ මේ විද්‍යාඥයා මැදහත්ව හා තර්කානුකූලව පෙන්වා දුන්නේ තායිලන්තයේ සිට පැමිණි පිරිස පිළි ගත් විද්‍යාත්මක පදනමකින් හෝ ක්‍රමවේදයකින් හෝ තොරව ලක් රජය හා අපේ රාජ්‍ය නායකයා නොමග යැවූ ආකාරයයි. ගෝනිවල පුරවා ගත් රසායන ද්‍රව්‍ය හෙලිකොප්ටර් මගින් වළාකුළුවලට ඉසිනු ලැබූවත් ඒවා කිසිදු කාලගුණ බලපෑමක් ඇති නොකර පොළවට පතිත වූ සැටිත්, අපේ රටට වර්ෂාව ලැඛෙන ස්වාභාවික ප්‍රවාහයන් ගැන හරිහැටි අවබෝධයකින් තොරව මේ ව්‍යාපෘතිය සැළසුම් කළ සැටිත් ඔහු පෙන්වා දුන්නා.

එවකට බලගතු ස්ථාවරයක සිටි ජනාධිපතිවරයා ඇතුළු රජය ‘හෑල්ලූ කිරීම’ ගැන ඇතැම් දේශපාලන ගැත්තන් ඔහුට චෝදනා කළත් එතෙක් මුනිවත රැකි අපේ අනෙක් විද්‍යාඥයෝ ඔහුගේ තර්කානුකූල කරුණු දැක්වීම ඉහළින් පිළි ගත්තා. මේ විද්‍යාඥයා මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න.

එදා මෙදා කාලය තුළ විවිධ සංවර්ධන හා ආපදා කළමනාකරණ ව්‍යාපෘති සඳහා විද්‍යාත්මක ක්‍රම හා තාක‍ෂණයන් යොදා ගන්නට හැම රජයක් ම විටින් විට පෙළඹෙනවා. ඒ සමහර අවස්ථාවල අවශ්‍ය විශේෂඥ දැනුම හා අත්දැකීම් ඇති දේශීය විද්වතුන් සිටියදී විවිධ හේතු නිසා විදේශීය විශේෂඥයන් පෙරටු කරගෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. තවත් විටෙක බලයේ සිටින රජයට සමීප වී එයින් ප්‍රතිලාභ ලබන අපේ ම සමහර විද්‍යාඥයන් වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගැන දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ එරෙහිව ප්‍රසිද්ධියේ තර්කයක්වත් මතු කරන්නේ නැහැ.

මහාචාර්ය ඔස්මන්ඩ් වික්‍රම ජයරත්න අප අතරින් වියෝ වී පස් වසරක් ගෙවී යන්නේ 2011 සැප්තැම්බර් මාසයට. මේ රසකාමී, ජනතාවාදී විද්‍යාඥයා පිළිබද මතකයන් රැසක් ඔහු ඇසුරු කළ අප බොහෝ දෙනකුගේ සිත්වල හොදින් සටහන් වී තිඛෙනවා.

ඔස්මන්ඩ් ජයරත්න වෘත්තියෙන් භෞතික විද්‍යාඥයෙක්. 1924 දී කොළඹ උපත ලැබූ ඔහු, රාජකීය විද්‍යාලයෙන් හා කොළඹ සරසවියෙන් ඉගෙනුම ලබා පසුව බ්‍රිතාන්‍යයේ ඉම්පිරීයල් සරසවියෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඔහුගේ පර්යේෂණ ෙක‍ෂත්‍රය වුණේ ඉහළ වායුගෝලයේ ජල වාෂ්ප ඝනීභවනය හා වර්ෂාපතන ක්‍රියාවලියයි.

එහෙත් බහුතරයක් ලාංකිකයන් ඔහු හදුනා ගත්තේ ඔහුගේ වඩාත් පුළුල් සමාජ මෙහෙවර හරහායි. ප්‍රතිපත්ති ගරුක වාමාංශික දේශපලනයේ නිරත වූ ඔහු ලංකා සමසමාජ පක‍ෂයේ සාමාජිකයකු ලෙස ජීවිත කාලයක් ක්‍රියා කළා. 1954-57 කාලයේ කොළඹ නගර සභාවේ සභිකයකු වුණා. 1972-74 වකවානුවේ ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ කොළඹ මණ්ඩපයේ අධිපති (අද කියන හැටියට උපකුලපති) ලෙස සේවය කළා. සිංහලෙන් භෞතික විද්‍යාව උගන්වන්නට කොළඹ හා පේරාදෙනිය සරසවි ඇදුරකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන අතර ප්‍රසිද්ධ දේශන, විද්‍යා ගවේෂණ හා මාධ්‍ය හරහා විද්‍යාව ජනතාව අතරට ගෙන යන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තමන්ගේ විශේෂඥ දැනුම පසුබිම් කරගෙන කාලීන මාතෘකා ගැන ප්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව නොබියව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්. අති බහුතරයක් උගතුන් එක්කෝ නිහඩව පසෙකට වී බලා සිටිනවා. තවත් සමහරුන් පෞද්ගලිකව දැඩි විවේචන කළත් ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. ටික දෙනෙක් වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම හා උගත්කම ඉහළම ඉල්ලූමට අලෙවි කරනවා. එබදු උගතුන් බහුල අපේ සමාජයේ උඩුගංබලා පිහිනූ, කිසි දිනෙක ප්‍රතිපත්ති හෝ දැනුම පාවා නොදුන්, ප්‍රතිරූප තනා ගන්නට විකාර කථා නොකී සැබෑ විද්‍යාඥයකු ලෙස ඔස්මන්ඩ් ජයරත්නටයන්ට අප ප්‍රණාමය පුද කරනවා.

මුල් වරට මා ඔස්මන්ඩ් මුණ ගැසුණේ 1985 අගදී. එවකට මා තවමත් පාසල් සිසුවෙක්. වසර 76කට පසුව නැවත පායන හැලීගේ වල්ගාතරුව ගැන විස්තරාත්මක කවරයේ කථාවක් ලියන්නට ‘කල්පනා’ සගරාව සදහා තොරතුරු රැස් කරන කාලේ මා ඔහු හමුවන්නට ගියා. ඒ වන විට කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඔහු මා ඉතා සුහදව පිළි ගෙන වල්ගාතරු ගැන තාරකා විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක පසුබිම මැනවින් පහදා දුන්නා. ඔහු වල්ගාතරු වෙනුවට භාවිතා කළ සිංහල වචනය වූයේ ‘ධූමකේතු’ යන්නයි.

සම්පූර්ණ ස්වාභාවික සංසිද්ධියක් වන මේ ආකාශ වස්තු රාත්‍රී අහසේ කලින් කලට දිස්වීම නිසා අපේ මහ පොළවේ කිසිදු බලපෑමක් ඇති නොවන බවත්, ඒ ගැන කිසිදු බියක් සැකක් ඇතිකර නොගත යුතු බවත් ඔහු පැහැදිලි කළා. “මේවා සම්පූර්ණයෙන් ම මිත්‍යා මත. මොනවා හරි පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා ගෙන, එහෙම නැතිනම් අහිංසක ජනතාව කලබල කරවන්න හිතාගෙන ඇතැම් උදවිය පතුරු වන කටකථා. ඇයි මතක නැද්ද 1955 සූර්යග්‍රහණය වෙලාවේ අපේ රටේ සිද්ධ වුණු වදකහ සුදිය?”

මේ ආකාරයට නොබියව, තර්කානුකූලව ඕනෑ ම දෙයක් විග්‍රහ කිරීමේ හැකියාව ඔස්මන්ඩ්ට තිබුණා. මේ නිසා තමයි ඔහු ජනප්‍රිය විද්‍යා දේශකයකු හා ගුරුවරයකු වූයේ. නවීන විද්‍යාව ඉක්මවා ගිය දාර්ශනික හා දේශපාලනමය දැක්මක් ඔහු සතු වුණා. ඔහුගේ දර්ශනය නිර්ආගමිකයි. ඔහුගේ දේශපාලනය සමාජවාදීයි. මේ නැඹුරුව සගවා ගන්නට ඔහු කිසි විටෙක උත්සාහ නොකළා වගේ ම තමන්ගේ මතවාදයන්ට වෙනස් මත දරන අය සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව හා සහයෝගයෙන් කටයුතු කිරීමේ මාහැගි චරිත ලක‍ෂණයත් ඔහුට තිබුණා.

මා දෙවැනි වරට ඔස්මන්ඩ් ජයරත්නයන් හමු වූයේ ලංකා තරුණ තාරකාවේදීන්ගේ සංගමය (Young Astronomers’ Association of Sri Lanka) හරහායි. 1985 දී ආධුනික තාරකා විද්‍යාවට ලැදි පාසල් හා සරසවි සිසු සිසුවියන් පිරිසක් එක් වී පිහිටුවා ගත් මේ සංගමයේ මාර්ගෝපදේශකයා වූයේ ඔස්මන්ඩ්. ඇතුල්කෝට්ටේ පැවති අපේ රැස්වීම්වලට ඔහු හැකි සෑම විටක ම සහභාගී වුණා. ඒ වන විට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ ඔහු තම කාලය, දැනුම මේ තරුණ පිරිස වෙනුවෙන් දායක කළේ තනිකර ම ස්වේච්ඡාවෙන්. තාරකා විද්‍යා දැනුම ගවේෂණය හා රාත්‍රී අහස නිරීක‍ෂණය කරන අවස්ථාවල ඔහු අප හා බද්ධ වූයේ සම වයසේ විනෝදකාමියකුගේ විලසින්. උගත්කමෙන් මතුවන උද්ධච්චකම හෝ බොරු මාන්නය හෝ ඔහුට තිබුණේ නැහැ.

සංගමයේ සභාපතිවරයා හැටියට 1986/87 කාලයේ මා මහජන රැස්වීම් කිහිපයක් සංවිධානය කළා. එයින් වඩාත් අවධානය ඇද ගත්තේ අභ්‍යවකාශ යුගයට තිස් වසරක් පිරීම සමරන්නට 1987 ඔක්තෝබරයේ කොළඹ පැවති උත්සවය හා ප්‍රදර්ශනයයි. එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ආචාර්ය ආතර් සී ක්ලාක් කළ කථාව, කිසිදු පිටපතක් හෝ පෙර සූදානමක් නැතිව ඔස්මන්ඩ් එවේලේ ම සිංහලට පරිවර්තනය කළා.

ඉංග්‍රීසි කථා කරන පසුබිමක හැදී වැඩී, මුළු අධ්‍යාපනය ම ඉංග්‍රීසියෙන් ලැබූ ඔස්මන්ඩ් සිංහල උගත්තේ වැඩිහිටියකු ලෙස සමාජවාදී දේශපාලනයට පිවිසියාට පසුවයි. ඒ පසුබිම් කථාව ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ ඔහු විස්තර කරනවා. එහෙත් ඔහුගේ සිංහල කථාවකට සවන් දුන්නා නම් ඒ බව අදහන්නත් අමාරු තරම්. බස හැසිරවීමට අමතරව පියකරු, සිනාමුසු ශරීර ශෛලියක් ඔහුට තිබුණා. ඔස්මන්ඩ් සභාවක් අමතා කථා කරනු මිනිසුන් බලා සිටියේ මහත් ආකර්ෂණයකට ලක් වූ පරිද්දෙන්. ප්‍රේක‍ෂක පිරිසකට මේ තරම් සමීප වන්නට ඔහුට හැකි වූයේ ආචාර්ය ලූඩොවයික් යටතේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ගණනාවක රගපෑමෙන් ලද ආභාෂය නිසා විය යුතුයි.

1987 දී මා වෘත්තිමය මට්ටමෙන් විද්‍යා ලේඛනයට හා පුවත්පත් කලාවට පිවිසි පසු ඔස්මන්ඩ් මගේ හො`ද පාඨකයකු හා තොරතුරු මූලාශ්‍රයක් බවට පත් වුණා. පත්තර හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුණේ නැහැ. විද්‍යාත්මක චින්තනය, හේතුවාදී දර්ශනය හා උසස් අධ්‍යාපනය වැනි පුළුල් විෂය ෙක‍ෂත්‍රයන් සම්බන්ධයෙන් ඔහු මට ගුරුහරුකම් දුන්නේ පත්තරයේ නම හෝ පින්තූරය පළ ගන්නට නොවෙයි. The Island පත්‍රයේ විද්‍යා කතුවරයා ලෙස මා කටයුතු කළ වසර කිහිපය තුළ විටින් විට ඉතා හරවත් ලිපි ලියා දුන්නා.

1990 දී ටික කලකට මාත් ඔහුත් අසල්වාසීන් වුණා. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ කුලී ගෙයක මා පදිංචියට ගිය විට ඔහු වාසය කළේ මීටර් 25ක් තරම් නුදුරින්. මේ නිසා විද්‍යා, දේශපාලන හා මාධ්‍ය ලෝකය ගැන විටින් විට කථා බහ කරන්නට අවස්ථාව උදා වුණා. ඔහුගේ බිරිද ජොයිස් හා ඔහු හමුවන්නට සරසවි ඇදුරන් හා කලාකරුවන් නිතර පැමිණියා. රසවතකු වූ ඔස්මන්ඩ් ඇසුර නිසා මේ ඇතැම් දෙනා හදුනා ගැනීමේ අවස්ථාව මට ලැබුණා.

මේ වකවානුවේ ඔස්මන්ඩ්ගේ ජීවිත කථාව ලිපි පෙළක් සේ කොටස් වශයෙන් පළ කිරීමට ‘දිනපතා දිවයින’ පුවත්පත තීරණය කළා. 1940 ගණන්වලින් ඇරඹුණු ඔස්මන්ඩ්ගේ මහත්මා දේශපාලනය ගැන රසබර යටගියාව මේ හරහා හසු කර ගත්තා. එහෙත් වැඩිකල් යන්නට කලින් කිසිදු හේතුවක් නොදක්වා මේ ලිපි පෙළ නතර කරනු ලැබුවා. ඒ වෙනුවට ඒ දිනවල ජාත්‍යන්තර සම්මානයක් ලද ප්‍රවීන නිලි අනෝජා වීරසිංහගේ ජීවිත කථාව පළ කිරීම ඇරඹුවා. කිසිදා ප්‍රසිද්ධිය හඹා නොගිය තමන්ට දිවයිනෙන් සැළකූ ආකාරය ගැන සංවේදී ඔස්මන්ඩ් තුළ කම්පනයක් ඇති කළා. ‘අනෝජා තරම් මා රූප සොබාවෙන් පිරිපුන් නැති බව ඇත්තයි. ඒත් මගේ කථාව අද තරුණ තරුණියන්ට කියා ගන්නට තිබුණා නම් කොයි තරම් හොඳ ද?’ ඔහු ඒ ගැන මා සමග කීවේ එහෙමයි. (පසු කලෙක විදුසර පුවත්පත ඔහුගේ ජීවන කථාව පළ කළත් දිනපතා පුවත්පතක පුළුල් පාඨක පිරිසකට එය සම කළ හැකි වූවා යයි මා සිතන්නේ නැහැ.)

වැලිකඩවත්තේ නිවසින් හදිසියේ පදිංචිය මාරු කරන්නට ඔස්මන්ඩ්ට සිදු වුණේ පෞද්ගලික ජීවිතයේ ප්‍රබල සිදුවීමක් නිසායි. ඒ ගැන කියන්නට මගේ නිවසට ඔහු පැමිණි අවස්ථාව අපේ අවසාන හමු වීමයි. ඒ වන විටත් ඇසේ සුද ඉවත් කිරීමට කළ ශල්‍යකර්මයක් අනපේක‍ෂිත ලෙස වැරදී යාම නිසා ඔහුගේ ඇස් පෙනීම අඩාල වෙමින් තිබුණා. ඔහු සිය ජීවිතයේ අවසාන වසර කිහිපය ගත කළේ නෙත් අඳ වූවකු ලෙසින්. ඒ වකවානුවේ ඔහු මතකයෙන් කියා, ඔහුගේ බිරිද අත්පිටපත් කළ ජීවිත කථාවේ (Memoirs of Osmund Jayaratne, 2004) ඔහු කියන්නේ සිය නෙත් අඳ වීම ගැන අක‍ෂි වෛද්‍යවරුන්ට දොස් නොකියන බවයි.

ඔහු ඒ මතක පොත හමාර කරන්නේ ජීවිත කාලය පුරා ප්‍රවර්ධනය කළ සමාජවාදී ලෝකයක් 21 වන සියවසේදී ප්‍රමාද වී හෝ බිහි වනු ඇතැයි සුබදායක බලාපොරොත්තුවක් සම`ගයි. මුදල් වෙනුවට මිනිසුන්ගේ හොඳහිත එකතු කළ, නිහතමානීව හා චාම්ව ජීවත් වූ ඔස්මන්ඩ් ගැන දෙනගම සිරිවර්ධන ලියූ චරිතාපදානය ‘පොදුජනතාවගේ විද්‍යාඥයා’ යැයි නම් කිරීම ඉතා උචිතයි.