සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

The Island)
Doyen of Sri Lankan cartoonists, Wijesoma, saw it all coming (courtesy: The Island)

In this Sinhala language column, published in Ravaya issue of 12 Feb 2012, I look at the state of Television Broadcasting in Sri Lanka. While TV was introduced in urban areas in April 1979, it was on 15 Feb 1982 that countrywide TV broadcasts commenced with national TV channel Rupavahini. A full generation has grown up with TV, but the Lankan TV industry hasn’t yet matured — there is no impartial history, no conservatory for TV programmes, and no proper TV awards festival that covers all 3 languages and various genres of TV. Now that we have 18 terrestrial channels (6 state owned and the rest, privately owned), and many more cable channels, how can we enhance the quality of programming and the industry as a whole? I raise this as someone who has been associated with all the major TV stations in Sri Lanka and has been appearing on TV for 30 years.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය විකාශයන් ඇරඹුවේ 1982 පෙබරවාරි 15 වනදා. ඒ නිසා මේ සතියට මෙරට ජාතික ටෙලිවිෂන් සේවය වන රූපවාහිනියට වසර 30ක් පිරෙනවා.

වසර 30ක් මාධ්‍ය ලෝකයේ සැළකිය යුතු කාලයක් වගේ ම පරම්පරාවක පරතරයක් ද වනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි ටෙලිවිෂන් පරම්පරාව දැන් වැඩිහිටියන් වී ජන සමාජයට පිවිස සිටිනවා. විද්යුත් මාධ්‍යයකට හා සන්නිවේදන තාක්‍ෂණයකට එහා දිවෙන සමාජ ප‍්‍රවාහයක් ලෙස ටෙලිවිෂන් මාධ්‍යය මා දකිනවා. ටෙලිවිෂන් ලක් සමාජයට ඇති කරන බලපෑම ගැන මා විටින් විට කථා කරන්නේ ඒ නිසයි.

ටෙලිවිෂන් ලංකාගමනය හැත්තෑ හතේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවල එක් ප‍්‍රතිඵලයක්. අපේ ටෙලිවිෂන් කර්මාන්තයේ මුල 1979 අපේ‍්‍රල් මාසයේ ඇරඹි ස්වාධීන ටෙලිවිෂන් සේවයයි (ITN). තනිකර පෞද්ගලික අංශයේ උත්සාහයක් ලෙස එළි දුටු එය, සති කිහිපයක් තුළ රජයට පවරා ගනු ලැබුවා. මුල් යුගයේ ITN සංඥා සීමා වූයේ බස්නාහිර පළාතේ නාගරික ප‍්‍රදේශවලට නිසා රටේ බහුතරයක් සිය මුල් ටෙලිවිෂන් අත්දැකීම ලැබුවේ 1982 පෙබරවාරියේ රූපවාහිනිය ඇරඹීමත් සමගයි. එතෙක් කල් චිත‍්‍රපට හා වීඩියෝ පට නැරඹීමට සීමා වී තිබූ අපේ ඇත්තන්ගේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිම්වලලූ පුළුල් වූයේ ටෙලිවිෂන් නිසයි.

1980 දශකය තුළ ටෙලිවිෂන් මාධ්‍යය ඉක්මනින් මෙරට ප‍්‍රචලිත වුණා. පත්තර, සගරා හා රේඩියෝ යන ජනමාධ්‍ය සමග ළමා අවධිය ගත කළ මගේ පරම්පරාවට ටෙලිවිෂන් නැවුම් අත්දැකීමක් වූවා මෙන් ම ලෝකයට අළුත් කවුලූවක් ද විවර කළා.

ටෙලිවිෂන් මාධ්‍යය මගේ ජීවිතයටත් සමීප වී වසර 30ක් පිරෙනවා. වයස 14 දී මුල්වරට ටෙලිවිෂන් විකාශයක් (ITNහි සෙසමි ස්ටී‍්‍රට්) දුටු මා, රූපවාහිනිය අරඹා දින කිහිපයක් තුළ ප‍්‍රචාරය වූ මෙරට මුල් ම ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන වූ Dulux Do You Know තරගයට සහභාගි වූයේ 16 හැවිරිදි පාසල් සිසුවකු ලෙසයි. එදා ඒ තරගය ජය ගැනීමත් සමග පටන් ගත් මගේ ටෙලිවිෂන් හාදකම අද දක්වාත් පවතිනවා. නව නිපැයුම් හා නව දැනුම ගැන මා මේ වසරේ ඉදිරිපත් කරන ‘මාලිමා’ වැඩසටහන පටිගත කරන්නට රූපවාහිනියට යන විට මුල් යුගයේ සිට එහි සේවය කරන ඇතැම් දෙනා තවමත් හමු වනවා.

එදා මෙදා තුර මෙරට ප‍්‍රමුඛ පෙළේ හැම ටෙලිවිෂන් නාලිකාවක් සමග ම මා සම්බන්ධ වී කි‍්‍රයාකර තිබෙනවා. මේ නිසා අපේ ටෙලිවිෂන් කර්මාන්තය, කලාව හා සංස්කෘතිය ගැන මා විග‍්‍රහ කරන්නේ පිටස්තර ආගන්තුකයකු ලෙස නොවෙයි. මේ මාධ්‍යයන් සමග ම හැදුණු වැඩුණු එහි හිතමිතුරකු හැටියටයි.

අද වන විට නොමිලයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි ටෙලිවිෂන් නාලිකා 18ක් පමණත්, කේබල් සේවා (cable TV) හරහා මුදල් ගෙවා ලබා ගන්නා තවත් නාලිකා ගණනාවකුත් මෙරට තිබෙනවා. එහෙත් මේ සංඛ්‍යාත්මක වර්ධනයට සමාන්තරව ගුණාත්මක දියුණුවක් වී නැති බව පිළිගත යුතුයි. අපේ ටෙලිවිෂන් මාධ්‍යය තවමත් කලාවක් හා කර්මාන්තයක් ලෙස හරිහැටි පරිනත වී නැති බවට ක්‍ෂෙත‍්‍රයේ සිටින සමහරුන් තර්ක කරනවා.

මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ටෙලිවිෂන් ආයතන හා නාලිකා මට්ටමට ඉහළින්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරත්වයේ බෙදීම ද ඉක්මවා යමින් පොදුවේ කර්මාන්තයක් හැටියට මේ ක්‍ෂෙත‍්‍රය ගැන විධිමත් ලෙස සිතා කිසිවකු ක‍්‍රියා නොකිරීමයි. මෙය රජයකට තනිව කළ හැකි දෙයක් නොවෙයි. ලොව බොහෝ රටවල එය සිදුව ඇත්තේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රයේ ශිල්පීන්, කළමනාකරුවන් හා හිමිකරුවන්ගේ සාමූහික උත්සාහයෙන්.

• 33 වසරක ටෙලිවිෂන් ඉතිහාසයක් තිබුණත් අපට තවමත් නාලිකා බෙදීම ඉක්මවා යන අපක්‍ෂපාත ටෙලිවිෂන් ඉතිහාසයක් ලේඛනගත වී නැහැ. (ටෙලිවිෂන් මාධ්‍යයේ 25 වසර පිරීම සමරන්නට 2004දී අර්නස්ට් පෝරුතොට පියතුමා සංස්කරණය කළ ග‍්‍රන්ථය ඒ සඳහා ප‍්‍රයෝජනවත් මුල් ප‍්‍රවේශයක්.)

• ටෙලිවිෂන් නාලිකාවල විකාශය වූ විද්යුත් මාධ්‍ය නිර්මාණ ලේඛනාගාර ගත වීමක් අපේ රටේ තවමත් කැරෙන්නේ නැහැ. පුවත්පත් හා සගරා මෙන් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කිරීමක් ද නැහැ. යම් ශිල්පියකු තනි උත්සාහයෙන් තමන්ගේ නිර්මාණ පිටපත් සංරක්‍ෂණය කර නොගතහොත් කලකට පසු ඒවා සොයා ගත නොහැකි වී ජන මතකයෙන් ද ගිලිහී යනවා. (ජාතික සිනමා සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ, ටෙලිවිෂන් වැඩසටහන් රැක ගැනීම ගැන කථා කිරීමේ තේරුමක් ඇත් ද?)

• කාටත් පිළිගත හැකි නිර්නායක මත, පුළුල් වූ පරාසයක ටෙලිවිෂන් නිර්මාණ සඳහා අගැයිමී කැරෙන හරිහමන් සම්මාන උළෙලක් ද තවම බිහි වී නැහැ. සුමති හා රයිගම් ටෙලි සම්මාන උළෙල හොඳ උත්සාහයන් වූවත් භාෂා මාධ්‍ය තුනේ ම ප‍්‍රවෘත්ති, කාලීන වැඩසටහන් හා විනෝදාත්මක වැඩසටහන් ආදී හැම ටෙලිවිෂන් අංගයක් ම ඒ සම්මානවලින් නිසි ලෙස ආවරණය නොවීම අඩුවක්.

කොටින් ම කියනවා නම් ටෙලිවිෂන් කලාව හා කර්මාන්තය යනු හුදෙක් සිංහලෙන් ටෙලි නාට්‍ය හා රියැලිටි වැඩසටහන් නිපදවීම පමණක් නොවෙයි. ටෙලිවිෂන් රසවත් හා ගුණවත් ‘හොද්දක්’ වන්නට එයට නිසි පමණින් එක් විය යුතු තවත් ‘කුළුබඩු’ ගණනාවක් තිබෙනවා. ඒ අංගයන්ගෙන් අපේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රය තවමත් පවතින්නේ ළදරු මට්ටමකයි.

මෙයට හේතුව මුදල් නැති වීමට වඩා දැක්මක් හා පරිකල්පනයක් නොතිබීමයි. ටෙලිවිෂන් කර්මාන්තය පොදුවේ ගත් විට අති විශාල මුදල් ප‍්‍රමාණයක් දැන්වීම් හා අනුග‍්‍රහකයන් වෙතින් එයට ගලා එනවා. එහෙත් මීට පෙරද මා පෙන්වා දී ඇති පරිදී, ටෙලිවිෂන් ගුවන් කාලය පුරවන්නට ඍජුව ම දායක වන ශිල්පීන්ට ගෙවන්නේ හැකියාවට හා ශ‍්‍රමයට සාධාරණ නොවූ ඉතා අඩු ගෙවීමක්.

ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයට හා විකාශයට ඉහළ වියදමක් යන බව ඇත්ත වුණත් ඒ ආයෝජනය නිසි ලෙස බෙදී යන්නේ නැහැ. හොඳ වැඩසටහන් නිපදවන්නට, ශිල්පීන්ට නිසි ලෙස පුහුණුව ලබා දෙන්නට මේ රටේ කිසිදු ටෙලිවිෂන් ආයතනයක් තම ආදායමින් සාධාරණ ප‍්‍රතිශතයක් වෙන් කරන්නේ නැති බව මා දන්නවා. කර්මාන්තය හා කලාව එක තැන පල් වන්නේත්, අනුකාරක හා සංකල්ප සොරකම බහුල වන්නේත් මේ නිසයි.

මෙහිදී මට සිහිපත් වන්නේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකේ ම හපන්කම් කළ, රූපවාහිනියේ මුල් ම නිවේදකයා බවට පත් වූ පාලිත පෙරේරාගේ වටිනා අදහසක්. වැඩසටහන් වඩාත් ජනතාවට සමීප හා ප‍්‍රයෝජනවත් වීමට නම් නිෂ්පාදකයන් අළුත් වූත් විවිධාකාර වූත් වැඩසටහන් ආකෘති බිහි කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ ම වචනවලින් කිවහොත් අපේ විද්යුත් මාධ්‍යවලට අළුත් ‘අච්චු’ අවශ්‍යයි. ටෙලිවිෂන් නාලිකා ගණන වැඩි වුණත් ඒවායේ බොහෝ වැඩසටහන් ඒකාකාරී වීමට හේතුව නැවුම් ආකෘති හෙවත් අළුත් ‘අච්චු’ සොයා ගන්නට නිර්මාණාත්මක අත්හදා බැලීම් සිදු නොවීමයි.

මෙරට හෝ විදෙස් රටක හෝ එක් නාලිකාවක ජනප‍්‍රියත්වයට පත් වූ ආකෘතියක් අමු අමුවේ කොපි කිරීම ලෙහෙසියි. එහිදී නව නිර්මාණයක් කිරීමේ අභියෝගය හා අවදානම මතු වන්නේ නැහැ. ඇතැම් නිෂ්පාදකයන්ට අළුත් දෙයක් කිරීමේ ඕනෑකම තිබුණත් එයට අවකාශය හා පහසුකම් ඔවුන්ගේ නාලිකාවලින් ලැබෙන්නේ ද නැහැ. ආප්ප පුච්චන්නා සේ එක ම මාදිලියේ වැඩසටහන් දිගින් දිගට ම අප දකින්නේ ඒ නිසයි.

මෙරට ටෙලිවිෂනයට වසර 25ක් පිරීම සමරන්නට 2004දී කොළඹ මහවැලි කේන්‍ද්‍රයේ පැවති මහජන රැස්වීමකදී මේ සාධනීය යථාර්ථය මා මතු කළ විට එයට දැඩි විරෝධයක් දැක් වූයේ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්. ‘අත්දැකීම් අඩු’ මා වැන්නන්ට ප‍්‍රශස්ත ටෙලිවිෂන් කලාවක් හා කර්මාන්තයක් ගැන ‘සිහින මැවීම’ ලෙහෙසි වූවත්, ව්‍යාපාරයක් හැටියට ටෙලිවිෂන් විකාශයක් පවත්වා ගෙන යාමේ බැරුම්කම දන්නා ඔහු වැනි අයට මේ ‘අළුත් අච්චු’ ගැන සිතන්නට ඉඩක් නැති බවට ඔහු තර්ක කළා!

ටෙලිවිෂන් ව්‍යාපාරිකයන් සමග මගේ විවාදයක් නැහැ. වාණිජමය, දේශපාලන හා සමාජයීය යථාර්ථයන්ට දිනපතා මුහුණ දෙමින් අපේ රටේ ටෙලිවිෂන් නාලිකාවක් පවත්වාගෙන යාම ලොකු අභියෝගයක්. එහෙත් දිනපතා ගුවන් කාලය පුරවන්නට මොනවා හෝ නිපදවා විකාශය කිරීම නම් තව ටික කලකින් රොබෝවරුන්ටත් කළ හැකි වේවි. (දැනටමත් බොහෝ දුරට ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන FM රේඩියෝ විකාශයන් වෙන රටවල තිබෙනවා.)

හිතන පතන මිනිසුන්ගෙන් ඊට වැඩි දෙයක් ටෙලිවිෂන් කලාවට හා කර්මාන්තයට අප අපේක්‍ෂා කරනවා. එය නොදී හැමදාමත් මේ ගතානුගතික, පරණ පුරුදු ‘අච්චු’ ටිකට ම වැඩසටහන් හදමින් සිටියොත් තව වසර කිහිපයකින් ඉන්ටර්නෙට් හා වෙනත් නව මාධ්‍යයන්වලට ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකයන් සංක‍්‍රමණය වේවි.

අපේ ටෙලිවිෂන් කලාව දියුණු නොවීමට තවත් හේතුවක් ලෙස මා දකින්නේ එයට සම්බන්ධ වූ බොහෝ දෙනාට ඒ මාධ්‍යය ගැන ලොකු කැක්කුමක්, ලෙන්ගතුකමක් නොමැති වීමයි. ටෙලිවිෂන් පටන් ගත් මුල් කාලයේ එයට අවශ්‍ය ශිල්පීන් සොයා ගත්තේ රේඩියෝ මාධ්‍යයෙන්. වෘත්තිය ජීවිතයේ වැඩි කලක් රේඩියෝවත් සමග වැඩ කොට එයට ඇලූම් කළ ඔවුන් බහුතරයකට ටෙලිවිෂන් මාධ්‍යයට හරිහැටි හුරු වන්නට හෝ නව මාධ්‍යයට මානසිකව ‘පෙම් බදින්නට’ නොහැකි වුණා.

ටික දෙනෙක් පමණක් ඒ මාධ්‍යයට නිසි ලෙස හැඩ ගැසුණා. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා පාලිත පෙරේරා එයින් දෙදෙනෙක්. එහෙත් වැඩි දෙනෙක් තැත් කළේ රේඩියෝ වැඩසටහන් ටෙලිවිෂන් ගත කොට පෙන්වීමටයි. මුල් යුගයේ අධ්‍යාපනික වැඩසටහන් සියල්ල ම පාහේ පන්ති කාමරයකට ටෙලිවිෂන් කැමරාවක් එල්ල කිරීමට සීමා වූයේ පරිකල්පනයේ හා දැක්මේ අඩුපාඩු නිසයි.

ITN කෙසේ වෙතත් රූපවාහිනියට නම් තාක්‍ෂණයෙන් හා ශිල්ප ඥානයෙන් විශාල පරිත්‍යාගයක් ජපානයෙන් ලැබුණා. නිසි ලෙස ටෙලිවිෂන් දේශීයකරණය කොට අපේ ම ටෙලිවිෂන් කලාවක් බිහි කරන්නට මේ ජපන් තෑග්ගෙන් අපි උපරිම වාසි නොගත් බවයි මා සිතන්නේ.

සිනමාවේ සිට ටෙලිවිෂන් මාධ්‍යයට සම්බන්ධ වූ ටික දෙනකුත් සිටියා. ඒ අතරින් ටයිටස් තොටවත්ත ටෙලිවිෂන් මාධ්‍යය ‘අපේකරණය’ කළ හැටි මා පසුගිය කොලමකින් විග‍්‍රහ කළා (2011 ඔක් 30). අපේ අවාසනාවට ටයි මාමා වැනි අය ඉතා දුර්ලභයි. ටෙලිවිෂන් මාධ්‍යයේ මුල් දශකය තිස්සේ මෙරට සිනමා ශිල්පීන් වැඩි දෙනා නව මාධ්‍යය දෙස බැලූවේ සැකය මුසු සාවඥ බවකින්.

සිනමාව ‘රිදී තිරය’ වන අතර ටෙලිවිෂනය ‘පුංචි තිරය’ වුණා. මේ දෙක ඍජුව සැසදිය නොහැකි, වෙනස් මාධ්‍ය දෙකක්. සිනමාවේ ශිල්පීන් පසු කලෙක වාණිජමය හේතූන් නිසා ටිකෙන් ටික ටෙලිවිෂන් කර්මාන්තයට සමීප වූවත් ඔවුන් වැඩි දෙනකු ආකල්පමය වශයෙන් ටෙලිවිෂනය තවමත් දකින්නේ චූල මාධ්‍යයක් හැටියටයි. මේ චූල මාධ්‍ය – මහා මාධ්‍ය බෙදීම නිසා සිනමාවෙන් එන අය ටෙලිවිෂනයේ එලිපත්තෙන් ඇතුළට ප‍්‍රවේශ වන්නේ නැහැ. ආවත් හැසිරෙන්නේ ආගන්තුකයන් හැටියට.

‘බඩ වියත සොයා ගන්නට ටෙලිවිෂන් වැඩ කළත් කවදා හරි යළිත් සිනමාවට යාමේ අදහස ඇති බව’ එබදු ඇතැම් ශිල්පීන් කියනවා. එහි වරදක් නැතත් එවැනි අය අතින් මෙරට ටෙලිවිෂන් කලාව හෝ කර්මාන්තය දිගුකාලීනව දියුණු වන්නේ නැහැ.

ටෙලිවිෂන් යනු ලෝකය දකින්නට, දැනුම් සයුරේ සැරිසරන්නට අපට තිබෙන මැජික් පලසක්. මේ මැජික් විභවය ගැන නොදැන අප බොහෝ දෙනා ටෙලිවිෂන් පලස යොදා ගෙන ඇත්තේ දෙපා පිස දමන්නට පමණයි! මේ පලස මත නැගී විශ්වය පුරා ගමන් කරන්නට හැකියි. අපි දැන්වත් ටෙලිවිෂනයේ මැජික් බලයෙන් වැඩ ගනිමු ද?

සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

Nalaka G at a giant digital clock in Tokyo: Wandering everywhere with a sense of wonder...

This is the Sinhala text of my weekly column published in Ravaya newspaper for 5 February 2012. Here, I look back at one year of weekly columns and reflect on some reader feedback and their participation in my efforts to make sense of the world in turmoil that is all around me. I say ‘Thank You’ to the few writer friends and public intellectuals who have advised and guided me. I reaffirm my commitment to keep asking questions, connecting dots and following my own simple language style with none of the intellectual pretensions common in Sinhala newspaper writing.

‘සිවු මංසල කොලූ ගැටයා’කොලම ඇරඹුණේ 2011 පෙබරවාරි මුලදී. දෙවැනි වසරට පිවිසෙන මේ මොහොතේ මඳකට ආපසු හැරී බලන්නට කල්පනා කළා.

අවුරුද්දක් යනු මහ කාලයක් නොවෙයි. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං වැනි ප‍්‍රවීණ ලේඛකයෝ දශක ගණනාවක් නොකඩවා සතිපතා කොලම් ලියමින් සිටිනවා. පුවත්පතක වෙනත් විශේෂාංගවලට වඩා කොලමක් (හෙවත් තීරු ලිපියක්) වෙනස් වන්නේ එම ලේඛකයාගේ දැක්ම හා පෞරුෂත්වය මතු කිරීමට අවකාශ ඇති නිසායි.

කොලමක් ලිවීමේ ආශාව කලක් තිස්සේ මගේ සිතේ තිබුණත් එයට අවස්ථාව ලැබුණේ රාවයෙන් ලැබුණු ඇරැයුමත් සමගයි. 1990 ගණන්වල ජපන් පාරිසරික සගරාවකට මා දෙවසරක් තිස්සේ මාසික කොලමක් ලිව්වා. එහෙත් ඉංග‍්‍රීසියෙන් මා ලියූ කොලම් ඔවුන් ජපන් බසින් පළ කළ නිසා පාඨකයන් සමග ඍජු සබඳතාවක් ගොඩ නගා ගත නොහැකි වුණා.

කොලමකට ලැබිය හැකි හොඳම දිරිගැන්වීම නම් එය නිතිපතා කියවන හා විටින් විට ප‍්‍රතිචාර දක්වන ලෙන්ගතු පාඨක පිරිසක් සිටීමයි. මගේ කොලම කියවන පාඨකයන්ගෙන් ඇතැම් දෙනෙක් මට ඊමේල් මගින් ප‍්‍රතිචාර දක්වනවා. තවත් සමහරුන් විවිධ විද්වත් සභාවල හා සමාජශීලී අවස්ථාවල මුණ ගැසී කථා කරනවා. මේ ප‍්‍රතිචාර මට ඉතා ප‍්‍රයෝජනවත්. එයින් සමහරක් මගේ කොලම් සඳහා නිමිති බවට ද පත් වුණා. එමෙන් ම මා නොදැන සිටි හා නොදුටු පැතිකඩ වෙතට මා යොමු කළා. මේ සියල්ලන්ට ම බොහොම ස්තුතියි!

පොදු උන්නතියට කැප වුණු විද්වතුන් හිඟ වූ අපේ රටේ සිටින එබඳු කිහිප දෙනෙකු මට තොරතුරු, උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ජානක රත්නසිරි, ආචාර්ය තිලක් සියඹලාපිටිය, වෛද්‍ය වින්යා ආරියරත්න, ආචාර්ය කාවන් රත්නතුංග හා මහාචාර්ය කපිල දහනායක ඔවුන් අතර සිටිනවා. නිල තනතුරු දරණ නිසා නමින් උපුටා දැක්විය නොහැකි එහෙත් තොරතුරු ලබා දීමෙන් උපකාර වූ විද්වතුන් ටික දෙනෙකු ද මේ වසර පුරා අනුග‍්‍රහය දැක් වූවා. මෙකී නොකී හැම දෙනාටමත් බොහොම ස්තුතියි.

මගේ භාෂා ශෛලියට ආභාෂය ලැබුවේ මුල් යුගයේ මට මහත් සේ අතහිත දුන් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී හා ගත්කතුවර ගුණදාස ලියනගේ සූරීන්ගෙන්ග ඔහු අනුව යමින් මා උත්සාහ කරන්නේ හැකි තාක් සරලවල නිරවුල්ව හා ඍජුව ලියන්නයිග මගේ බස් වහරේ ව්‍යංගාර්ථ නැහැග ද්විත්ව ඍණ භාවිතයන් (‘නොකියා බැරි’ ආදී) හෝ සංකීර්ණ වචන හරඹයන් හෝ කරන්නට මා දන්නේ නැහැ.

මගේ ප‍්‍රවේශය උද්‍යොගශීලීයිග කුතුහලය මුල් කර ගෙන මා සොයා ගන්නා දේ මා විවෘතව ලියනවා. එහිදී මට හමු වුණු අය, මා අත් විදි දේ මෙන් ම මට කියවන්නට හෝ දකින්නට ලැබුණු රසවත් හා හරබර කරුණු එයට පාදක කර ගන්නවා.

උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියන්නට මා එදත් අදත් කැමතියි. අද නව මාධ්‍ය භාවිතයේ වඩාත් මතු ව එන්නේත් එසේ තමන් කේන්‍ද්‍ර කර ගත් හෘදයංගම සන්නිවේදනයයි. මට හිතෙන දේ හා මා කළ කී දේ ගැන ලියන විට කොහේවත් සිටින ‘ලියුම්කරුවකු’ පිටුපස සැගවීමට ඕනෑ නැහැ.

දශක දෙකකට වැඩි කාලයක් විද්‍යා ලේඛනයේ ආධුනිකත්වයක් මා ගත කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ සෙවනේයිග ඔහු නිතර ප‍්‍රගුණ කළ උපදෙසක් වූයේ ‘We write to express, not to impress’ යන්නයි. ඒ කියන්නෙ අප ලිවිය යුත්තේ අදහස් පළ කිරීමට මිස අපේ පණ්ඩිතකම පෙන්වීමට නොවෙයි. රටට පෙන්වීමට කිසිදු පණ්ඩිතකමක් හෝ පුම්බන්නට ප‍්‍රතිරූපයක් හෝ මට නැහැ. ඒ නිසා සැහැල්ලූවෙන්, උද්‍යොගයෙන් කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නටත්, නිරවුල් හා නිවැරදි තොරතුරු සොයා යන්නටත් මට ඉඩ තිබෙනවා.

පොතෙන් උගත් මගේ ඇතැම් මිතුරන්ගේ එක් ප‍්‍රතිචාරයක් වන්නේ මා ලියන දේ සරල වැඩි බවයි. හැමට තේරෙන මිත‍්‍රශීලී බසකින් ලිවීමෙන් මගේ ‘තත්ත්වය හෑල්ලූ විය හැකි’ බවත්, ඉඳහිට හෝ පණ්ඩිත වචන හා බරපතල සංකල්ප යොදා ගැනීම නුවණට හුරු බවත් එක් අයකු මට අවංකව ම අවවාද කළා.

අපොයි දෙයියනේ!

‘කොලූ ගැටයා’ හරහා මා නිතිපතා සිංහල ලේඛනයට ආපසු ආවේ විසි වසරක ස්වයං පිටුවහල්වීමකින් (self-exile) පසුවයි. ඒ කාලය පුරා මා විද්‍යා සන්නිවේදනයේ යෙදුණේ ඉංග‍්‍රීසි බසින්. අවභාවිතය නිසා මලකඩ බැදුණු මගේ සිංහලය නැවත පණ ගන්වන්නට සමකාලීන හා ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක මිතුරන් කිහිප දෙනකු මහත් සේ උදවු කළා. එස් එම් බන්දුසීලල අසෝක ඩයස් හා චානුක වත්තේගම එදත් අදත් මගේ සුහද විචාරකයෝ. ඔවුන්ගෙන් උපදෙස් ගන්නා අතර මට ආවේණික බස හැසිරවීමක් මා කරනවා.

එහි ඇතැම් තැන් විවාදාත්මකයි. උදාහරණ හැටියට මා සිංහලෙන් යොදන්නේ රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන ඉංග‍්‍රීසි වචනමයි. ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් නොදත් සිංහල පණ්ඩිතයකු අතින් නිම වුණු ‘අන්තර්ජාලය’ වැරදි යෙදුමක්. ඉන්ටර්නෙට් යනු ජාල රැසකින් සමන්විත සුපිරි ජාලයක් මිස ජාල අතර (අන්තර්) අවකාශයක් නොවෙයි!

රේඩියෝ හා ටෙලිවිෂන් වචන මා යොදන්නේ පොදුවේ එකී විද්යුත් මාධ්‍යයන් ගැන කථා කරන විට කිසිදු එක් මාධ්‍ය ආයතනයකට හෝ නාලිකාවකට පක්‍ෂග‍්‍රාහී නොවීමටයි. ‘ගුවන් විදුලිය’ හා ‘රූපවාහිනිය’ යන වචන ටොරින්ටනයේ ලැගුම් ගත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට අදාල වෙළඳනාම (brands) බවට පත් වී තිබෙන බව බොහෝ පාඨකයන්ගේ අවබෝධයයි. ඒ නිසා තව දුරටත් ඒවා එකී විද්යුත් මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර හැදින්වීමට යොදා ගැනීම නොමග යන සුළුයි.

මගේ ඇතැම් කොලම් හරහා යම් පුද්ගලයන්, ආයතන හෝ සංකල්ප හුවා දක්වන බවත්, ඒවා ගැන මා මහත් පැහැදීමෙන් කථා කරන බවත් ඇත්තයි. පිදිය යුත්තාට පිදීමේ වරදක් නැහැ. එහෙත් කිසිවක් හෝ කිසිවකු හෝ ගැන අන්ධ භක්තියක් ද මා තුළ නැහැ. ඇතැම් විටක හාස්‍යය හා උපහාසය කැටි කළත් කිසි විටෙක පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ අපහාස කරන්නට මට ඕනකමක් නැහැ.

එහෙත් මා විටින් විට සියුම්ව එල්ල කරන ටිකිරි ටොකු පාරවල් ඇතැම් අධිපතිවාදීන්ට හා වැඩවසම්වාදී උගතුන්ට රිදවන බව සමහර ප‍්‍රතිචාරවලින් පෙනෙනවාග එවැනි අවස්ථාවල කියන්නට ඇත්තේ: තොප්පිය හරි යනවා නම් ඉතින් දා ගන්න!

‘කොලූ ගැටයා’ අවිහිංසක හා නිර්ව්‍යාජ ලෙස ප‍්‍රශ්න මතු කරන්නට කවදත් කැමතියි. එසේ අසන්නේ ගාම්භීර හෝ සංකීර්ණ බුද්ධිමය සංවාද නොතේරෙන නිසයි. 1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකයන්හි හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට තිබෙන අත්දැකීම්, රුචි අරුචිකම් මගේ මාතෘකාවලට හේතු පාදක වනවා. නව යොවුන් වියේ ටෙලිවිෂන් මුල්වරට දුටු අප, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වල ලංකාගමනය සිදු වන විට වයස විසි ගණන්වලට පිවිස සිටියා.

මේ නිසා අද පවතින තොරතුරු සමාජයට අප සංක‍්‍රමණිකයෝ. ඉංග‍්‍රීසියෙන් Digital Immigrants යැයි කියනවා. ඩිජිටල් අරුතින් ‘රට ගිය ඇත්තන්’ වන මා වැනි අයට ඇත්තේ දෙමුහුන් දැක්මක්. එහෙත් අපේ දරුවන්ට මේවා උපන්දා සිට ම හුරු පුරුදුයි. ඒ නිසා ඔවුන්ට Digital Natives යැයි කිව හැකියි. ඩිජිටල් ආගමනයට පෙර හා පසු ලක් සමාජය පිළිබඳව සංසන්දනාත්මකව දකින අතර, යටගිය දවස ගැන අධිතක්සේරුවක එල්බ නොසිටීමට මා උත්සාහ කරනවා.

ඉඳහිට මට ලැබෙන ප‍්‍රශ්නයක් වන්නේ මගේ මූලික මතවාද රාමුව කුමක්ද යන්නයි. එය මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ජාතිකවාදය, හේතුවාදය හෝ වෙනත් වාදයක් ද? ඇත්තට ම මට ප‍්‍රවර්ධනය කරන්නට මතවාදයක් නැහැ.

මට තනිව පිළිතුරු සොයා ගත නොහැකි තරමේ ප‍්‍රශ්න කන්දරාවක් ඇසීම කවදත් මගේ සිරිතයි. ඒවාට පිළිතුරු සොයා මා පර්යේෂකයන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා අන් අය සමග බොහෝ සේ කථාබහ කරනවා. ඔවුන්ගේ වියත් සභා සහ සමාජ අරගල අවස්ථාවන්ට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වනවා. කිසිදු සමිතියක, සමාගමක, විද්වත් සමූහයක මා නිල සාමාජිකයකු නොවෙයි. ඔවුන් තර්කානුකූලව පොදු උන්නතියට දායක වන විට මා ඔවුන් සමගයි. එහෙත් ඔවුන් සංඛ්‍යා ලේඛන හා විද්‍යාත්මක විශ්ලේෂණ පසෙක තබා ආවේගශීලී වන විට මා අවස්ථානුරූපී ලෙස ඔවුන් විවේචනය කරනවා.

විද්‍යාව, තාක්‍ෂණය හා පරිසර සංරක්‍ෂණ ක්‍ෂෙත‍්‍රවල මගේ සහෘදයන්ට ඇතැම් විට දිරවා ගන්නට බැරි වන්නේත් මේ විචාරශීලී ගුණයයි. ඉංග‍්‍රීසියෙන් මා හදුන්වා ගන්නේ critical cheerleader කියායි. එය ‘විචාරශීලීව දිරි ගන්වන්නකු’ ලෙස සිංහලට පෙරැළිය හැකියි.

මාධ්‍ය හරහා අද අවශ්‍ය තරම් සිදු නොවන්නනේත් මේ ටිකයි. තමන්ගේ ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨයන්, වෘත්තීය දැවැන්තයන් නැතහොත් වෙනත් සමාජ නාමධාරීන් පදනම් සහිතව විවේචනය කළ නොහැකි ඇයි? එසේ නොකරන මාධ්‍ය කලාවක හා වෙළඳ ප‍්‍රචාරණයක ඇති වෙනස කුමක් ද?

සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

A message from your friendly producers…?

Please turn off your brain cells!

Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.

This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.

Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…

Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”

මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.

‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!

කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.

“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.

ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.

මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

Communicating Disasters: ZiF Conference in Bielefeld
How do we cope with a warming planet while living in an increasingly WikiLeakable world? Exactly one year ago, I explored this in my talk given at the University of Colombo during the LEAF Conference.

As I reflected then: “We live in a crisis-ridden world where we have to cope with multiple emergencies unfolding at the same time, impacting us on different fronts. This illustration captures three of them: crisis in biodiversity, man-made climate change, and the new reality of living in a rapidly WikiLeakable world — what I called the Global Glass House.”

I returned to this theme and explored it further this week when giving a keynote address at the Bielefeld University in Germany. I was participating in their international and inter-disciplinary conference on “Dealing with the Disaster of Others”, 26-28 January 2012. The conference was the culmination of a year-long research project on this theme carried out at the University’s Centre for Interdisciplinary Research (ZiF).

I also built on ideas initially discussed in my 2007 book, Communicating Disasters, which was part of the reference material used during th ZiF research project.

Nalaka Gunawardene speaks at ZiF Conference on Communicating Disasters, Bielefeld, Germany: 27 Jan 2012

Here’s the Summary (Abstract) of my talk. PowerPoint slides below.

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

by Nalaka Gunawardene
Science Writer, Blogger & Columnist; Director – TVE Asia Pacific (TVEAP)

Communicating disasters — before, during and after they happen — is fraught with many challenges. The increased volume and flow of information, enabled by the proliferation of information and communication technologies (ICTs), fills some gaps — but not all. Other critical elements such as institution building, training and awareness raising are needed at all levels to create societies that are better informed and prepared.

The news media, driven by their quest for what is new, true and interesting, can be useful allies for disaster managers. But the nexus between these two groups has always been contentious, and the acceleration of the news cycle has made it more so. Having to sustain 24/7 coverage for their fragmented and distracted audiences places enormous pressures on news media to break news first — and reflect later. In this scenario, how can empathetic, ethical and balanced reporting happen?

As disasters increase in frequency and intensity partly due to climate change, mainstream media practitioners across Asia struggle to keep up. Disasters are more drawn out (e.g. Pakistan floods, 2010 & Thailand floods, 2011), geographically scattered (Indian Ocean tsunami, 2004) and economically devastating (Tohoku/Fukushima, 2011) than before. This stretches the capacities and resources of many news organisations. Saturation coverage of unfolding disasters can also cause ‘compassion fatigue’ and apathy in audiences.

In today’s networked society, news media are no longer the sole gatherers or distributors of news. Without the trappings and inertia of the institutionalised media, citizen journalists are quick to adopt ICT tools and platforms. What does this mean for communicating disasters that requires care and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media to better serve the public interest on a warming planet? What value-additions can the mainstream media still offer to the coverage of disasters near and far?

We examine these and other larger questions with reference to recent disasters in Asia.

Here’s the PPT:

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

Assorted charlatans and religious zealots across the island of Sri Lanka must have heaved a collective sigh of relief when they heard that Dharmapala Senaratne was no more. He had made it his business to make life difficult for those preying on the gullible public. Dharmapala was President of the Sri Lanka Rationalist Association (SLRA), a small group of earnestly sceptical enquirers who won’t take anyone’s word about anything. They want to investigate and debate.

The voluntary group was originally set up in 1960 by the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. He found adequate physical or psychological explanations for almost all of them. In that process, he exposed many so-called ‘god men’ and black magicians who thrive on people’s misery and superstitions.

My column (in Sinhala) for Ravaya newspaper on 22 Jan 2012 is an exploration of the many challenges that rationalists and free thinkers face in today’s Sri Lanka. It’s also a critique of our mainstream media, where space/time for open discussion and debate today is LESS than what it was a generation ago — despite the channel explosion and proliferation of print publications.

I have covered the same ground in an English op ed essay published on Groundviews on 13 Jan 2012, titled Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

අපේ සමාජයේ කී දෙනෙකු මේ වටිනා උපදේශය අනුගමනය කරනවා ද? කටකථා හා ප‍්‍රලාපවලට රැවටෙන, අන්ධ විශ්වාසවල එල්බ ගෙන සිටින හා ප‍්‍රතිරූප වන්දනාවේ යෙදෙන අය බහුල වත්මන් ලක් සමාජයේ, විවෘත මනසකින් යුතුව විචාරශීලිව කටයුතු කිරීම අසීරු කාරියක්. නිදහස් මතධාරියා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද තිබෙනවා.

මේ අභියෝග මැද්දෙන් නොසැලී, නොබියව අඩ සියවසකට වැඩි කාලයක් කටයුතු කර ඇති ප‍්‍රතිපත්තිගරුක කණ්ඩායමක් නම් ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයයි. 2005 සිට එහි සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න 2011 දෙසැම්බර් අගදී මිය ගියා. ඔහුගේ වියෝව නිමිත කර ගෙන හේතුවාදීන්ගේ වත්මන් භූමිකාව හා දායකත්වය ගැන අද ටිකක් කථා කරමු.

නිර්දේශපාලනීය, නිර්ආගමික හා වෙනත් කිසිදු ලේබලයකින් තොර වූ හේතුවාදී සංගමය (Sri Lanka Rationalists Association) ආරම්භ කළේ ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) විසින්. හේතුවාදීන් අද දක්වා පවත්වා ගෙන එන්නේ අඩ සියවසකට පෙර කොවූර් දැල් වූ විචාරශීලි ගවේෂණයේ පහන් සිළුවයි. එහෙත් අද පවතින අන්ධකාරයට හා සැඩ සුළංවලට එරෙහිව මේ පහන් සිළුව ප‍්‍රමාණවත් ද?

හේතුවාදීන් යනු ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්‍ෂයන් (facts) හා නිරීක්‍ෂණ (observations) සැලකිල්ලට ගනිමින්, මේ සාධක තර්කානුකූලව ගොනු කරන පිරිසක්. ඔවුන් ඇදහිලි හා විශ්වාස මත එල්බ ගන්නේ නැහැ. හැම දෙයක් ම ප‍්‍රශ්න කරනවා. මේ විචාරශීලි බව වත්මන් සංකීර්ණ සමාජයේ යහතින් ජීවත්වීමට අත්‍යවශ්‍ය කුසලතාවක් (survival skill).

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලබා, කල්කටාවෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු කොවූර් 1950 දශකයේ ශ‍්‍රී ලංකාවට ආවේ විද්‍යා ගුරුවරයෙකු ලෙස. තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස 1959දී විශ‍්‍රාම ලැබූ ඔහු, ස්ථිර පදිංචියට ශ‍්‍රී ලංකාව තෝරා ගත්තා. ඔහු ප‍්‍රකට වූයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු වඩාත් සක‍්‍රිය ලෙස නියැළුණු හේතුවාදී විමර්ශන කටයුතු නිසායි. භූතයන්, හොල්මන්, ආවේශ වීම් ඇතුළු අද්භුත හෝ අසාමාන්‍ය යැයි පිළිගැනෙන සිදුවීම් හා සම්ප‍්‍රදායන් රාශියක් ඔහුගේ විමර්ශනයට ලක් වුණා. තර්කානුකූලව, ගවේෂණාත්මකව විග‍්‍රහ කරන විට මේවා සියල්ල ම පාහේ භෞතික ලෝකයේ විද්‍යාත්මක සංකල්පවලින් හෝ මනෝවිද්‍යාත්මක හේතු මගින් හෝ පහදා දීමට ඔහු සමත් වුණා.

‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්’’ යැයි කොවූර් එදා කී දේ අදටත් හරියට ම ගැලපෙනවා.

කොවූර්ගේ හපන්කම් ගැන අපේ පාඨකයන් බොහෝ දෙනෙකු අසා, කියවා තිබෙනවා. ඒ නිසා එය පුන පුනා කීමට අවශ්‍ය නැහැ. කොවූර් 1978දී මිය යන විට මගේ වයස අවුරුදු 12යි. ඒ නිසා කොවූර් ජීවමානව දැක අසා ගන්නට හෝ මුණගැසෙන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුගේ සමකාලීනයන්ට අනුව කොවූර් කිසි දෙයකින් නොසැළුණු, දැඩි අධිෂ්ඨානයක් හා තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක්. උපන් රටින් තවත් රටකට සංක‍්‍රමණය වී, අළුත් රටේ ජන සමාජයට බද්ධ වී එහි ජන විඥානයට ධනාත්මකව දායකවීම පහසු කාරියක් නොවෙයි.

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සඳහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970 දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ දෙවැනි ගණයේ චරිත අතර පසු කලෙක ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත් තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ මේ 1960-1970 යුගයේයි.

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50 කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා. කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි.

කොවුර්ගේ අභාවයෙන් පසු හේතුවාදී සංගමයට තවත් වසර කිහිපයක් නායකත්වය දුන්නේ නීතිඥයකු හා ඉංග‍්‍රීසි කවියකු ලෙස ප‍්‍රකටව සිටි මර්වින් කාසි චෙට්ටියි. එහෙත් කොවුර්ගේ යුගයේ තිබූ ක‍්‍රියාකාරීත්වය දිගට ම පවත්වා ගැනීම අභියෝගයක් වුණා. වසර ගණනාවක් අකර්මණ්‍යව තිබූ හේතුවාදී සංගමය නැවත ප‍්‍රාණවත් කරනු ලැබුවේ 2005දී. එයට හවුල් වූ ධර්මපාල සේනාරත්න එහි සභාපති හැටියට පත් වී, මිය යන තුරු ම නායකත්වය ලබා දුන්නා.

2005දී හේතුවාදී සංගමය යළි පණ ගන්වන විට ලක් සමාජය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබුණා. සංවෘත ව තිබූ ආර්ථිකය 1977දී විවෘත කිරීමෙන් හා 1979දී ටෙලිවිෂන් හදුන්වා දීමෙන් පසු බිහි වූ පළමුවන පරම්පරාව සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල බලපෑම් කිරීම ඇරැඹි තිබුණා. එමෙන් ම දකුණේ තරුණ අරගල දෙකක් ප‍්‍රචණ්ඩ හිංසනයෙන් හමාර වී, උතුරේ සන්නද්ධ යුද්ධයක් දිගින් දිගට ම දැල්වෙමින් පැවතුණා. ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට බෙදා දශක ගණනක් ගෙන ගිය සීතල යුද්ධය හමාර වුණු ලෝකයක බටහිර සභ්‍යත්වය හා ඉස්ලාම් මූලධර්මවාදය අතර නොනිමෙන ගැටුමක් ඒ වෙනුවට ඉස්මතුව ඇවිත්.

මේ නිසා කොවුර් හා පිරිස 1960-1970 යුගයේ අත් විදි ශ්‍රී ලංකාවට හා ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වූ යථාර්ථයකට ධර්මපාල සේනාරත්නගේ නායකත්වයෙන් යුතු හේතුවාදී සංගමය මුහුණ දුන්නා.

හේතුවාදීන්ගේ සමාජ මෙහෙවර හා නොනිමි අභියෝග ගැන තව බොහෝ දේ කථා කළ හැකියි. මා කොවූර් ඇතුළු පුරෝගාමී හේතුවාදීන් පිරිස දකින්නේ තම කාල වකවානුවේ පැවති සමාජ තත්‍වය හොඳින් ග‍්‍රහණය කර ගෙන තීරණාත්මක සමාජ දායකත්වයක් ලබා දුන් පිරිසක් හැටියටයි. ඔවුන්ගේ මූලධර්ම තවදුරටත් වලංගු නමුත් අද වඩාත් සංකීර්ණ වූත් ඇතැම් සාධකවලින් 1960ට වඩා පසුගාමී වූත් ලක් සමාජයට බලපෑම් කරන්නට නම් හේතුවාදීන් සිය උපක‍්‍රම වෙනස් කළ යුතුයි.

අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවි ද?

ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන අවධානය යොමු වෙයි. ”රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට” චෝදනා එල්ල විය හැකියි. නැතහොත් පුවත්පත් සාකච්ඡවල දී ඔහුට ’ජාතිද්‍රෝහ’, රාජ්‍ය විරෝධි’ ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!

කොවූර් නිතර උපුටා දැක් වූ ප‍්‍රියතම උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

කොවූර් සහ ඔහුගේ හේතුවාදී සහෘදයන්ගේ ක‍්‍රමවේදයත් එයයි.
බහුතර බෞද්ධයන් සිටින මේ රටේ අති බහුතරයක් දෙනා නොකරන්නේත් එයමයි!

සිවුමංසල කොලූගැටයා #49: මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය

In December 2009, I wrote in a blog post: “It’s easy to curse the darkness, and many among us regularly do. Only a few actually try to light even a small candle to fight it. Dr Wijaya Godakumbura of Sri Lanka is one of them – he literally lights lamps, thousands of them, against the darkness of ignorance and poverty.”

“But his lamps are different, and a great deal safer compared to normal lamps and kerosene, which can start fires risking life and property of users. The design is simple yet effective, inspired in part by the Marmite bottle known the world over: it’s small and squat, with two flat sides – equipped with a safe metal screw cap to hold the wick. It’s quite stable and hard to topple.”

I have written this week’s Ravaya Sinhala science column about Dr Godakumbura and his innovative, life-saving bottle lamp. I also feature him in an interview in MALIMA – the new TV series on science, technology and innovation I host from this month on Sri Lanka’s national TV Rupavahini.

The inventive doctor and his life-saving bottle lamp

විසඳන්නට කැප වෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනකුට දිනපතා බලපාන ගැටළු හා ප‍්‍රශ්න කෙතරම් තිබෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනා ද?

පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිබෙන තාක්‍ෂණික, සමාජයීය හා වෙළදපොල අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කර ගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.

ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක් වූ එක් ශ්‍රීලාංකික නව නිපැයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි ‘සුදීප’ ආරක්‍ෂිත කුප්පි ලිම්පුව. එහි නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා.

ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992දී ඇරඹි අද දක්වා කර ගෙන එන ආරක්‍ෂිත කුප්පි ලාම්පු ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩ සටහනෙන් මා ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා.

ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනා ගත හැකි යයි සිතීම වරදක්. වරදේ බරපතලකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්බෙන් පෙරළීමට ඉඩක් තිබෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදී වූවත් ඇතුළේ තිබෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැනින් අවට තිබෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදරදොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.

ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනියන් වඩාත් ම මේ අන්තරායට මුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබදු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැලැල් ඉතිරි වනවා.

සමාජ ආර්ථික සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප‍්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැති වීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්ධි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.

“කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප‍්‍රබල හැ`ගීමක් තිබුණේ නැහැ” වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.

පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විදින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොදින් දන්නවා. පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප‍්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නිමිත්ත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්‍ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇතත් මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.

බොහෝ අනතුරුවලට හේතුව ප‍්‍රමිතයක් තොරව නිපදවා වෙළඳපොලේ තිබෙන අනාරක්‍ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිබෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිළිස්සීමකට ලක් වීමට හැකියි.

Dr Wijaya Godakumbura holding his invention - Photo courtesy Rolex Awards/Tomas Bertelsen

ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අදුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනි ගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්‍ෂිත ලාම්පු සැළසුමක් යෝජනා කරන මෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක් ද කළා. එහෙත් එයට ප‍්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැළසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.

දිගු කලක් සිට අපේ රටේ ප‍්‍රචලිත මාමයිට් බෙදා හරින්නේ එයට ම ආවේනික වූ බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්‍ෂිත වීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප‍්‍රතිඵලය තමයි සුදීප ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි, මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතු පිටවල් දෙකක් තිබෙන නිසා පෙරැළුනත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද කරාමය නිසා ඇතුළත තිබෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්බෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.

පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්‍ෂණික විසදුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හදුන්වා දී ප‍්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා වෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයත් එයයි.

සුදීප ලාම්පුව මහ පරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකග වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හදුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිළකට සුදීප ලාම්පු වෙළඳපොලට ගෙන ආවාග

එය ජනප‍්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡ සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡවෙන් ක‍්‍රියා කරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමග සහයෝගයෙන් ඔහු ක‍්‍රියා කළ හැටි මා දන්නවා.

1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප‍්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළි ගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.

සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය (Rolex Award for Enterprise) පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනමන මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක් වුණා. එම ත්‍යාගයෙන් ලද අමෙරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්‍ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡ සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනිම් රැසක් මේ නිපැයුමට ලැබී තිබෙනවා. BBC, CNN, Reader’s Digest හා Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.

එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පි ලාම්පු ලක්‍ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්‍ෂ 8ක් පමණ බෙදා හැර තිබෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැයි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනෙන්නේ මරු කැඳවිය හැකි අනාරක්‍ෂිත ලාම්පුයි.

මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිළකට විවෘත වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිජමය මට්ටමින් සම්බන්ධීකරණය ස්වේච්ඡ ආයතනයකට දිගට ම කළ නොහැකි වූ නිසා මෑත වසරවල වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිළයේ සුදීප ලාම්පු බෙදා දීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග‍්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප‍්‍රතිපාදනයක් ලැබෙනවා.

මෑතක පටන් සමෘධි ජාලයන් හරහා සුදීප ලාම්පු බෙදා හැරීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ බෙදා දෙන්නට ආරක්‍ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.

වෛද්‍ය ගොඩකුඹුරගේ අනෙක් සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වේච්ඡවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.

දීප ව්‍යාප්තව නමුත් තනි තනිව හට ගන්නා පිළිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක‍්‍රම හා වහා දිය යුතු ප‍්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැනුවත් කළා.

රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත‍්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහඩව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තිකයකුට වෙළඳපොල සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.

“පිලිස්සුම් අනතුරු ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්‍ෂෙත‍්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැබෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැබෙන්නේ නැහැ,” ඔහු කියනවා.

සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කොපමණ ජීවිත ගණනක් බේරා දී ඇත්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම් පිළිබඳ මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප‍්‍රවේශ වී සිටිනවා.

අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් රටේ ප‍්‍රශ්නවලට හැකි පමණින් විසදුම් සොයා යන මෙවන් විද්වතුන්.

බලන්න: http://www.safebottlelamp.org

Malima – New Directions in Innovation: Episode 1 (broadcast: 12 Jan 2012)

What’s new – or just round the corner? Join me on Malima to find out!

Malima is the Sinhala term for a compass. Malima is also the name of a new TV series on science, technology innovation that I am hosting from this month on Rupavahini, Sri Lanka’s national TV channel.

Produced by Suminda Thilakasena, the show premiered on 12 January 2012. It will be broadcast every other Thursday at 17:30 (5.30 pm) Sri Lanka time.

Malima is a half-hour show in magazine style. Each episode will have several short segments:
– compact interviews introducing accomplished Lankan inventors (with patents, awards, etc.)
– profiles of school children and/or youth who have come up with innovative devices or concepts
– interviews with leading scientists and engineers on frontiers of technology
– vignettes on traditional knowledge and Lankan technological heritage
– news from other countries on interesting new innovations or scientific insights

Dr Wijaya Godakumbura being interviewed by Nalaka Gunawardene on Malima

The first episode features:

• An interview with Dr Wijaya Godakumbura, inventor and promoter of the multi award winning Sudeepa safe bottle lamp that saves hundreds of lives

• German aircraft company e-volo has built the world’s first electric multicopter, a new kind of flying machine

• Ancient Lankan technology of extracting medicinal essence from plant products

• Interview with child inventor Sajini Jayanetti, 15, about two of her inventions: Automatic Fixed Amount Liquid Chemical Adder; and a new method to prevent drunken driving

Malima (New Directions in Innovation): Episode 1 from Nalaka Gunawardene on Vimeo.

සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

In this week’s Sunday column for Ravaya newspaper (1 Jan 2012), I summarise key points made by Dr Anil K Gupta, founder of the Honey Bee Network of innovation in India, when he delivered the inaugural Ray Wijewardene Memorial Lecture in Colombo on 13 Dec 2011. The same ground is covered in an article I wrote in The Nation on 18 Dec 2011. All archived on this blog.

Anil K Gupta in Colombo, photo by Anisha Gooneratne

2009 දී නිෂ්පාදිත ‘3 Idiots’ හින්දි චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොවෙයි බොලිවුඩ් චිත්‍රපට රස වි`දින ලොව පුරා සිටින රසිකයන් අතර මහත් සේ ජනප්‍රිය වුණා. රාජ්කුමාර් හිරානි අධ්‍යක‍ෂණය කළ මේ චිත්‍රපටය ඉන්දියාවේ ඉහළ ම ආදායම ලද හින්දි චිත්‍රපටය ලෙස වාර්තාවක් ද පිහිටවූවා.

සාමාන්‍ය වට්ටෝරු ක්‍රමයේ හින්දි චිත්‍රපටයකට වැඩි අරුතක්, ගැඹුරක් හා නැවුම් බවක් ගැබ් වුණු ‘3 Idiots’ චිත්‍රපටයේ අමීර් ඛාන් රඟ පාන රංචෝ (Rancho) චරිතය සුවිශේෂයි. කථාව දිග හැරෙන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක‍ෂණික සරසවියක ඉංජිනේරු උපාධි අපේක‍ෂකයන් තිදෙනකු වටායි. දැඩි තරගකාරී තේරීමකින් අනතුරුව එයට ඇතුළත් වන සිසුන් බහුතරයක් දේශන හා නිර්දේශිත ග්‍රන්ථ, විචාර බුද්ධියකින් තොරව ගෙඩි පිටින් කඩපාඩම් කරනවා. ඒ මතකයන් විභාගවලදී නැවත වමාරනවා.

එහෙත් රංචෝ එයට වෙනස්. ඔහු යන්ත්‍රවලට හා යාන්ත්‍රික හැමදේට සැබැවින් ම ඇළුම් කරනවා. ඔහු හැමදාමත් මුල් තැනට එන්නේ කට පාඩමින් නොව මූලධර්ම හා ප්‍රායෝගික අත්හදා බැලීම් මත පදනම් වූ අවබෝධය හරහායි. ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන හා ඇතැම් විට ඔවුන්ට අභියෝග කරන මේ අමුතු තරුණයා, ගතානුගතික මහාචාර්යවරුන්ට හා සරසවි පාලකයන්ට එතරම් ප්‍රිය වන්නේ නැහැ.

‘3 Idiots’ කථාව දශකයක් පුරා දිවෙනවා. උපාධි ලැබීමෙන් පසු රාජ්‍ය හෝ ව්‍යාපාරික හෝ ෙක‍ෂත්‍රයන්හි උසස් රැකියා හඹා යන අනෙක් සගයන්ට රංචෝ ගැන ආගිය තොරතුරක් සොයා ගන්නට නොහැකි වනවා. වෙනත් සිදුවීම් වැලක් ද අත්දැකීමෙන් පසුව කථාව අවසන් වන්නේ ඔහුගේ සමීපතම සරසවි සගයන් දෙදෙනා රංචෝ යළි සොයා ගැනීමෙන්. ඒ වන විට හිමාලය කදුවැටියේ ලදාක් (Ladakh) ඉන්දියානු ප්‍රාන්තයේ විද්‍යා ගුරුවරයකු හැටියට ඉතා තෘප්තිමත් දිවියක් ගෙවන රංචෝ, නව නිපැයුම් 400කට අධික සංඛ්‍යාවක බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් බලපත්‍රධාරියකු වී සිටිනවා.

‘3 Idiots’ චිත්‍රපටය අසාමාන්‍ය නිර්මාණයක් වීමට හේතුවක් වූයේ නව නිපැයුම්කරුවන් පිළිබඳ සානුකම්පිත බැල්මක් යොමු කිරීමයි. ඉන්දියාවේ මහ නගරවලින් බැහැර ගම්බද ප්‍රදේශවල ප්‍රායෝගික ගැටළු විසදීමට නව නිපැයුම් බිහි කළ තිදෙනකුගේ සැබෑ නිර්මාණ මේ චිත්‍රපටයෙන් හදුන්වා දෙනවා.

• ජංගම රෙදි සෝදන යන්ත්‍රය නිපදවා ඇත්තේ බයිසිකලයක් පාදක කර ගෙනයි. එය තැනින් තැන ගෙන යා හැකියි. පාදිකය හෙවත් පෙඩලය පෑගීමෙන් ජනනය වන ශක්තියෙන් ක්‍රියාත්මක වන එයට රෙදි, සබන් කුඩු හා ජලය ඇතුළත් කර පෙරළීමට භාජනය කරනවා. මේ නිර්මාණය බිහි කළේ කේරලයේ විසි හැවිරිදි තරුණියක වන රෙම්යා ජෝසි. විදුලි බලය නැති ප්‍රදේශවල මෙය ඉතා ප්‍රයෝජනවත් යන්ත්‍රයක්.

• අඩු වියදමින් ගමන් යාමට ඉන්දියාවේ බොහෝ දෙනකු යොදා ගන්නා ස්කූටරයකට, ධාන්‍ය ඇට පිටි බවට පත් කරන කුඩා ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමේ අදහස මුලින් ම ආවේ මහාරාෂ්ට්‍රයේ චිත්‍රශිල්පියකු වන ජැහැන්ගීර් පේන්ටර්ටයි. තම ප්‍රදේශයේ නිතර විදුලිබලය විසන්ධි වීම නිසා අපහසුතාවයට පත් වන තම බිරිඳ ඇඹරුම්හල්වල රස්තියාදුවීම වළක්වන්නට ඔහු මේ ඇටවුම තැනූ බව කියනවා. එය වෙළඳපොළේ ඇති යන්ත්‍ර දෙකක් බද්ධ කිරීමකින් ප්‍රායෝගික ගැටළුවක් නිර්මාණශීලීව විසදීමක්.

• අශ්වයන්ගේ හා බැටළුවන්ගේ ලොම් කැපීම සඳහා සරල යන්ත්‍රයක් නිපදවා ඇත්තේ උත්තර්ප්‍රදේශයේ කරණවෑමියකු වන මොහොමඩ් ඉඩ්රිස්. ඒ සඳහා මිනිස් බලය යොදා ගන්නේ බයිසිකල් ඩයිනමෝවක් හරහායි.

එකිනෙකට වෙනස් වූවත් මේ හැම නිපැයුමකට ම පොදු සාධක තිඛෙනවා. එදිනෙදා ජීවිතයේ ගැටළු විස`දීමට හා වැඩකටයුතු වඩාත් පහසුකර ගැනීමට ඒවා උපකාර වනවා. ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ යොදාගෙන අඩු වියදමින් තනා ගන්නා මේ නිපැයුම් නඩත්තු කිරීම ද ලෙහෙසියි. ඒවා නිපදවා ඇත්තේ විශේෂඥ දැනුම නොලැබූ එහෙත් නිපැයුම් ඥානය සහජයෙන් ම ලද සාමාන්‍ය මිනිසුන් විසින්.

මේ නව නිපැයුම් සමහරක් ලොව හොල්ලන, අළුත් කර්මාන්ත බිහි කළ හැකි ඒවා නොවෙයි. ඒවා කරන්නේ පවතින තාක‍ෂණයක් හෝ යන්ත්‍රයක් හෝ මේ දක්වා නොසිතූ ආකාරයේ භාවිතයකට යොදා ගැනීමයි. එහෙත් ඒ හරහා එකී ගැටළුවට නිතිපතා මුහුණ දෙන ලක‍ෂ සංඛ්‍යාත ගැහැණුන් හා මිනිසුන්ගේ ආයාසය (drudgery) තරමකටවත් අඩු වීමෙන් ඔවුන්ට සෙතක්, විරාමයක් හා පහසුවක් සැළසෙනවා. ඇත්තට ම විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය වන තාක‍ෂණයෙන් අප බලාපොරොත්තු වන එක් ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ ද මෙයයි.

2010 අගෝස්තුවේ අපෙන් වියෝ වුණු ආචාර්ය රේ විෙජ්වර්ධන, සුලබ ගණයේ ඉංජිනේරුවන්ට වඩා බොහෝ සේ වෙනස් විධියට සිතූ හා ප්‍රායෝගික ගැටළු විසඳන්නට තාක‍ෂණය යොදා ගත් නව නැපැයුම්කරුවෙක්. ඔහුගේ නිපැයුම් හුදෙක් පේටන්ට් ලබා ගැනීමට සීමා වුණේ නැහැ. ඔහු උත්සාහ කළේ ගොවියන්ගේ, ගෘහණියන්ගේ, පදිකයන්ගේ හා අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කාර්යයන් වඩාත් පහසුවෙන්, ඉක්මනින් හා ලාබදායකව කිරීමට සරල යන්ත්‍ර හා උපක්‍රම අත්හදා බලන්නටයි. ඔහුගේ ක්‍රියාකලාපය උගත් මාන්නයෙන් පිම්බුණු බහුතරයක් ඉංජිනේරුවන් අතර එතරම් පිළි ගැනීමකට ලක් වුණේ නැහැ.

එහෙත් විදෙස් පර්යේෂකයන් හා ව්‍යාපාරිකයන් අපට වඩා මේ ‘විකාරකාරයා’ අගය කළා. කලක් තිස්සේ රේ විජේවර්ධන අනුගාමිකයකු වූ ඉන්දියානු විද්වතකු ගිය මස කොළඹට ආවේ පළමුවන රේ විජේවර්ධන අනුස්මරණ දේශනය පවත්වන්නට. එය රේ විජේවර්ධන භාරයේ හා ලංකා ඉංජිනේරු ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කෙරුණා.

මේ සඳහා පැමිණි ආචාර්ය අනිල් කුමාර් ගුප්ත (Dr Anil Kumar Gupta) අහමදාබාද් නුවර ඉන්දියානු කළමණාකරණ ආයතනයේ (IIMA) මහාචාර්යවරයෙක්. එහෙත් ඔහු සම්ප්‍රදායික අච්චුවේ පොත් ගුරෙක් නොවෙයි. ගම් හා බිම් මට්ටමේ නවෝත්පාදනයන් (innovations) සොයමින් ඉන්දියාව පුරා සැරිසරන යාත්‍රිකයෙක්. හැම වසරක ම සති තුනක් ඔහු දුර බැහැර ගම්මානවල සංචාරය කරමින් නව අදහස්, සංකල්ප නිපැයුම් හා ගැටළු විස`දීමේ ජන උත්සාහයන් හ`දුනාගන්නට තැත් කරනවා. ඔහුගේ අරමුණ නව නිපැයුම් හා උපක්‍රම බිහි කරන ඉන්දියානුවන්ට ඒ සඳහා නිසි ඇගයීම ලබා දෙන අතර ඔවුන්ගේ බුද්ධිමය හිමිකම රැක ගැනීමට උපකාර වීමයි.

“මහ නගරවලින් ඈත්ව ඉන්දියාවේ ගම් දනවුවල අළුත් විධියට ප්‍රායෝගික ගැටළු විසඳන්නට තැත් කරන මිනිසුන්, ගැහැණුන් හා දරුවන් දහස් ගණනක් සිටිනවා. මේ බොහෝ දෙනකු කැලේ පිපුණු මල් වාගෙයි. ඔවුන්ගේ හපන්කම්වලින් අසල්වාසීන් හා ගම්වාසින් සහනයක් ලැබූවත් අපේ රටේ පවතින විධිමත් අධ්‍යාපන ක්‍රමයෙන්, විද්‍යා පර්යේෂණ ආයතනවලින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තවලින් ඒ අයට මග පෙන්වීමක් හෝ උදව්වක් ලැඛෙන්නේ නැහැ. එයට හේතූව මේ අය සම්මත රටාවන්ට පරිබාහිරවීමයි,” ඔහු පැවසුවා.

පවතින තත්වයන් ගැන සෑහිමකට පත් නොවී එය හැකි අන්දමකින් දියුණු කිරීමේ ලොකු ඕනෑකමක් ඇති මානවයන් හැම සමාජයක ම සිටිනවා. එහෙත් ආසියානු සමාජවල තවමත් බහුලව ඇති දැඩි සමාජ මට්ටම් හා ධූරානුක්‍රම නිසා අසම්මත විදියට හිතන, ක්‍රියාකරන පුද්ගලයන් බොහෝ විට කොන් කැරෙන සැටිල පිස්සන් හැටියට අවමන් ලබන සැටි 2011 ඔක්තෝබර් 16 වනදා කොලමින් අපි විග්‍රහ කළා. මහාචාර්ය ගුප්තගේ ප්‍රයත්නය මේ අහිතකර සමාජ ප්‍රවාහයන්ගෙන් අසම්මතවාදීන් මුදවා ගෙන ඔවුන්ට නිදහසේ සිතන්නට, අත්හදා බලන්නට හා නව අදහස්වලින් අර්ථලාභ ලබන්නට ඉඩකඩ පෑදීමයි.

මේ සඳහා 1986-87 දී ඔහු Honey Bee Network (මී මැසි ජාලය) නම් ස්වාධීන ජනතා ව්‍යාපාරයක් දියත් කළා. එහි අරමුණ භාරතය පුරා විසිර සිටින බිම් මට්ටමේ නව නිපැයම්කරුවන් සම්බන්ධ කිරීමයි. ඒ සාමුහිකත්වය හරහා ඔවුන් බලාත්මක කිරීමයි.

මී මැසි ජාලයේ කටයුතු වඩාත් විධිමත් කරන්නට ඔහු SRISTI හා GIAN නමින් තවත් ආයතන දෙකක් 1990 දශකයේදී පිහිට වූවා. ඒ ආයතන ත්‍රිත්වයේ ම සහභාගීත්වයෙන් 2000 දී ඉන්දියානු රජය ජාතික නවෝත්පාදන පදනම (National Innovation Foundation, http://www.nifindia.org) පිහිටවූවා. මේ ආයතන ව්‍යුහයන් සියල්ලට පොදු සාධකය වන ආචාර්ය ගුප්ත දැඩි සේ අවධාරණය කරන්නේ නිලධාරිවාදය හා උගත්කමේ මාන්නය මතු වන්නට ඉඩ නොදී බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි.

සිය කොළඹ දේශනයේදී ආචාර්ය ගුප්ත, ග්‍රාමීය ඉන්දියානුවන්ගේ නව නිපැයුම් හා අදහස් සඳහා උදාහරණ ගණනාවක් ඡායාරූප හා වීඩියෝ සහිතව ඉදිරිපත් කළා. බයිසිකල් හා අතින් ක්‍රියා කරන වතුර පොම්ප ඉන්දියාව පුරා ම හමුවනවා. එහෙත් ඒවා අසම්මත භාවිතයන්ට යොදා ගන්නට සිතන්නේ ටික දෙනකු පමණයි.

19 වන සියවසේ යුරෝපයේ නිපදවනු ලැබූ බයිසිකලය 21 වන සියවසේ ඉන්දියාවේ බහුවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නා සැටි අපූරුයි. දිය-ගොඩ දෙකේ ම ගමන් කරන බයිසිකලයක් බිහාරයේ මොහමඩ් සයිදුල්ලා නිපදවා තිඛෙනවා. ‘3 Idiots’ හරහා ජනප්‍රිය වූ රෙදි සෝදන යන්ත්‍රය හැරුණු විට බයිසිකල් තාක‍ෂණය යොදා ගෙන එළවළු කපන්නට, වතුර අදින්නට සරල උපකරණ ඉන්දියානුවන් තනා තිඛෙනවා.

“නව අදහස් හා නිපැයුම් කරන බොහෝ දෙනකු කථාවට වඩා වැඩට දක‍ෂ උදවියයි. ඔවුන් නිහඬව යම් දේවල් අත්හදා බලනවා. ඔවුන් බොහෝ විට තමන්ගේ හපන්කම් ගැන හඬ නගා කථා කරන්න කැමති නැහැ. ඔවුන් රැස්වීම් හා උත්සවවලට එන්නේත් කලාතුරකින්. මේ නිසා ගම් දනවු හරහා සැරිසරමින් හපන්කම් ඇති දක‍ෂයන් හ`දුනාගැනීම අවශ්‍ය වනවා!” ආචාර්ය ගුප්ත කියනවා.

හැම නව නිපැයුමක් ම මහා පරිමානයෙන් නිපදවා වෙළඳපොලට ගෙන ඒම අපහසුයි. එමෙන් ම ඇතැම් නිර්මාණ තව දුරටත් තාක‍ෂණය පැත්තෙන් හෝ සැළසුම්කරණය (design) පැත්තෙන් හෝ දියුණු කිරීම අවශ්‍යයි. මේ නිසා නවෝත්පාදනයට සමගාමීව ව්‍යවසාය (enterprise) හා ආයෝජනය (investment) යන සාධක දෙක ද ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. මේ සාධක තුන එක් තැන් වූ විට බිම් මට්ටමේ නව නිපැයුම්කරණය සඳහා උපකාර වන රන් ත්‍රිකෝණයක් බිහිවන බව ඔහුගේ මතයයි (‘golden triangle’ for grassroots creativity).

එහෙත් නව අදහස් ජනනය කරන හැම නිපැයුම්කරුවකුට ම ව්‍යාපාරික ඥානය නැති බවත්, වෙළඳපොලට ඒමට බොහෝ නිපැයුම්කරුවන්ට මගපෙන්වීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. “සමහර නව නිපැයුම්කරුවන්ට තමන්ගේ නිපැයුම් මහා පරිමාණයෙන් නිපදවා, ප්‍රචාරණය කොට අලෙවි කළ හැකියි. එහෙත් ඔවුන් බහුතරයකගේ හැකියාව ඇත්තේ තාක‍ෂණ ගැටළු විසදීමට නිසා අප ඒ සඳහා ඔවුන්ට අවකාශය හා පහසුකම් සළසා දිය යුතුයි.”

එමෙන්ම තම බුද්ධිමය අයිතිය තහවුරු කර ගන්නට බිම් මට්ටමේ නිපැයුම්කරුවන්ට නීතිමය උපදෙස් හා උදවු අවශ්‍යයි. පොදු උන්නතියට කැමති නීතිඥයන්ගේ ස්වේච්ඡා දායකත්වය ඇතිව ඉන්දියාවේ මී මැසි ජාලය නව නිපැයුම් 550කට අධික සංඛ්‍යාවකට සාර්ථකව පේටන්ට් ලබා ගෙන තිඛෙනවා. ‘ඉන්දියාවේ ඇතැම් ප්‍රමුඛ පෙළේ විද්‍යා පර්යේෂණාගාරවලටවත් මෙපමණ පේටන්ට් සංඛ්‍යාවක් ලැබී නැහැ’. ගුප්ත ආඩම්බරයෙන් කියනවා.

ලංකාවේ නව නිපැයුම්කරුවන්ට සිය බුද්ධිමය දේපල රැක ගැනීමේදී නිලධාරිවාදය හා නීති රාමුව සමග ගනුදෙනු කරන්නට සිදු වනවා. ඔවුන්ට ද මෙසේ උපකාරවීමට රේ විජේවර්ධන භාරයට හැකි නම් කෙතරම් හොඳ ද?

නමුත් සරසවි හා රාජ්‍ය පර්යේෂණාගාරවලින් බැහැරව නව නිපැයුම් කරන බිම් මට්ටමේ ලාංකිකයන් සිටිනවා ද? ඔවුන් කවුද?

අනිල් ගුප්ත සිය සභාවේ සිටි 200කට අධික පිරිසට මේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඊළඟට ඔහු කළේ මෙරට පසුගිය වසර කිහිපය තුළ පේටන්ට් මට්ටමට ළඟ වූ නව නිපැයුම් ගණනාවක ලයිස්තුවක් පෙන්වීමයි. ආරක‍ෂිත භූමිතෙල් කුප්පි ලාම්පුව ඒ අතරින් බොහෝ දෙනා දැන සිටි, වෙළඳපොලේ කලක සිට තිඛෙන නිපැයුමක්. එහෙත් ලයිස්තුවේ අනෙක් බොහෝ ලාංකික නිපැයුම් ඒ විද්වත් සභාවේ බහුතරයක් දැන නොසිටි බව පෙනී ගියා. ගුප්තගේ අනුමානය හරි. අපේ නව නිපැයුම්කරුවන් ගැන අපේ ඇගැයීම හා දැනුවත්කම ඉතා සීමිතයි.

“නව අදහස්, උපක්‍රම හා නිපැයුම් අත්හදා බලන ලාංකිකයන් එමට සිටිනවා. ඔවුන් බොහෝ දෙනකු ඉතා නිහඬව තම කාර්යයේ නියැලි අයයි. ඒ අයට මතු වන්නට ඉඩ දෙන්න. සමාජ මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, වයස හෝ ස්ත්‍රී-පුරුෂ භාවය බාධක කර ගන්න එපා! ඔවුන් සොයා ගෙන යන්න. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න. නමුත් ඔවුන්ගේ අසම්මත චින්තනය මොට නොකරන්න!”

නව නිපැයුම්කරුවන් දහස් ගණනක් සොයා ගත් ඉන්දියානු විද්වතාගේ මේ වටිනා ඔවදන් අපේ රටේ උගතුන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් කුමන අයුරකින් පිළිගනී ද?

සිවුමංසල කොලූගැටයා #46: තොරතුරු ගලනයේ වේලි බිදී යයි!

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS), I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of emerging information societies. It was published in One World South Asia on 5 December 2003.

I adapted into Sinhala parts of that interview for my Ravaya Sunday newspaper column last week (18 Dec 2011),making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet.

For this week’s column, appearing in the print edition for 25 Dec 2011, I have adapted more segments of that interview covering topics such as: violence in society and media’s role; educational potential of television; does satellie TV spread cultural imperialism; and how technology – not politicians or generals – now determine the free flow of information across borders. This cartoon, drawn by David Granlund a year ago, aptly captures that last point!

A welcome dam breach, this one! - cartoon by Dave Granlund

See also my essay of 19 Dec 2010: Living in the Global Glass House: An Open Letter to Sir Arthur C Clarke

ප්‍රබලව මතුව එන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා. එහි අරමුණ වූයේ අද තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වූ ක්ලාක් එවකට දැකිය හැකි අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ලෝකය සමග ඛෙදා ගැනීමයි.

පසුගිය සතියේ (2011 දෙසැම්බර් 18) ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා. අද එහි ඉතිරි කොටස.

නාලක: භූස්ථාවර කක්ෂයේ (Geostationary orbit) රදවන ලද පණිවුඩ චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් ඇති කළ හැකි යයි ඔබ මුල් වරට පෙන්වා දී වසර 50ක් ගත වී තිඛෙනවා. මේ අඩ සියවස ගැන ඔබේ අදහස් මොනවා ද?

ක්ලාක්: තාක්ෂණික දියුණුව කෙසේ සිදු වේද යන්නත්, එය කෙතරම් ඉක්මනින් සිදු විය හැකි ද යන්නත් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. 1945දී මා Wireless World සගරාවේ ලිපිය ලියන කාලයේ සිතුවේ පණිවුඩ චන්ද්‍රිකා සැබැවින් නිර්මාණය වී උඩුගුවනට යන්නට අඩු තරමින් වසර 50ක්වත් ගත වනු ඇති කියායි. එමෙන් ම ඒවා මහා පරිමාණයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වේ යයි ද, ඒවා නඩත්තුවට කක්ෂගත වූ කාර්මික පිරිස් සිටිනු ඇතැයි ද මා සිතුවා. එහෙත් (1948 දී නිපද වූ) ට්‍රාන්සිස්ටරය හා 1950 ගණන්වල සිදු වූ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික නිපදවීම් නිසා 1940 ගණන්වල අප දැන සිටි තාක්ෂණ මට්ටමට වඩා ඛෙහෙවින් සංකීර්ණ, සංයුක්ත හා ස්වයංක්‍රීය වූ චන්ද්‍රිකා නිපදවීමට හැකියාව ලැබුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණය ලොකු ඉදිරි පිම්මක් පනින්නට සමත් වුණා. මගේ ලිපිය පළ වී වසර 20ක් ගෙවී ගිය තැන – 1965දී – මුල් ම වාණිජමය පණිවුඩ චන්ද්‍රිකාව (Early Bird) උඩුගුවන් ගත කළා. ට්‍රාන්සිස්ටරය නිපදවූයේ නැතිනම් සමහර විට චන්ද්‍රිකා තාක්ෂණය මෙන් ම අභ්‍යවකාශ තරණයේ සෙසු ජයග්‍රහණත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.

පණිවුඩ චන්ද්‍රිකා අධ්‍යාපනික වශයෙන් වැදගත් ටෙලිවිෂන් වැඩසටහන් විකාශය කිරීමට යොදා ගත යුතු බව ඔබ කලක සිට විශ්වාස කරනවා. අද වන විට ව්‍යාප්තව ඇති චන්ද්‍රිකා ටෙලිවිෂන් සේවාවන් මේ කාර්යය හරි හැටි ඉටු කරනවා ද?

අද ලෝකයේ සිටින ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවන් දෙදෙනකු වන රූපර්ට් මර්ඩොක් සහ (CNN ආරම්භක) ටෙඩ් ටර්නර් සමග චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වන්නට මෑත අවස්ථා දෙකකදී මට හැකි වුණා. එහිදී මා ඔවුන් දෙදෙනාට චන්ද්‍රිකා ටෙලිවිෂන් මාධ්‍යය හොදට හා නරකට යොදා ගැනීම පිළිබ`දව අවවාද කිහිපයක් දුන්නා. මා මුලින් ම සිහිපත් කළේ බ්‍රිතාන්‍යයේ පුවත්පත් හිමිකරුවන් සම්බන්ධයෙන් කලකට ඉහත බ්‍රිතාන්‍ය අගමතිවරයකු කී කථාවක්. ඔහු කීවේ පුවත්පත් හිමිකරුවන් වගකීමකින් තොර වූ බලයක් නතු කර ගෙන එය හසුරුවන බවත් ඉතිහාසය මුළුල්ලේ මෙබඳු තැනක් හිමි කර ගෙන සිටියේ ගණිකාවන් පමණක් බවත් (“The privilege of the harlot throughout the ages: power without responsibility.”)

මෑතක් වන තුරු මුද්‍රිත මාධ්‍යය හිමි කර ගෙන සිටි බලයටත් වඩා විශාල බලයක් අද ටෙලිවිෂන් මාධ්‍යය ලබා ගෙන තිඛෙනවා. මෙසේ මිනිස් සිතුම් පැතුම්, චර්යාවන් හා ජීවන රටාවන් සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් වන ටෙලිවිෂනයට, ඒ හා සමානුපාතික වූ ඉමහත් වගකීමක් ද අනිවාර්යෙන් ම පැවරෙන බව මා මේ දෙපළට කියා සිටියා.

දියුණු වන ලෝකයේ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ තවමත් සැළකිය යුතු ප්‍රමාණයකින් බටහිර වැඩසටහන් දැකිය හැකියි. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

යම් මට්ටමකින් ‘විද්‍යුත් අධිරාජ්‍යවාදයක්’ ලෝකයේ සිදු වන බව අප පිළිගත යුතුයි. පවතින වෙළඳපොළ ආර්ථීක රටාව තුළ මෙය මුළුමනින් නතර කිරීමට හෝ අධික ලෙස පාලනය කිරීම අපහසුයි. අනෙක් අතට මෙබඳු ප්‍රවණතා නිසා සිදු වන්නේ සමාජයේ නිරායාසයෙන් ම සිදු වන්නට නියමිත විපර්යාසයන් වඩාත් ඉක්මනින් සිදු වීමයි.

සුබවාදීව බලන විට තාක්ෂණය හා බද්ධ වූ නව සන්නිවේදන මාධ්‍ය මඟින් අපේ සංස්කෘතික දායාදයන්, උරුමයන් හා සිරිත් විරිත් අනාගත පරම්පරාවලට දැක බලා ගත හැකි පරිදි සංරක්ෂණය කර තැබීමට අවස්ථා ලැඛෙනවා. සමහර විට සැබෑ ලෝකයේ ක්‍රමයෙන් තුරන් වී ගෙන යන ඇතැම් ජන කලා හා සංස්කෘතික අංග අපේ දූ දරුවන්ට දැක බලා ගත හැකි වනු ඇත්තේ ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් හා CD බඳු මාධ්‍ය තුළින් පමණක් විය හැකියි. ඉතිහාසවේ මීට පෙර වකවානුවල පැවැති වටිනා කලා ශිල්ප හෝ සාංස්කෘතික අංග එසේ සුරකින්නට හැකියාවක් තිබුණේ නැහැ.

නිදහසේ තොරතුරු ගලායාම (free flow of information) මින් ඉදිරියට තීරණය කරන්නේ ඉංජිනේරුවන් විසින් මිස දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ විසින් නොවන බව ඔබ කියන්නේ ඇයි?

එළඹෙන දශකය තුළ වඩ වඩාත් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් හා සංචාරකයන් ජංගම දුරකථන ලෝක ව්‍යාප්ත මට්ටමින් භාවිතා කරනු ඇති. එමෙන් ම කටහ`ඩ සන්නිවේදනයට පමණක් සීමා නොවී, ඔවුන්ට හ`ඩ හා රූප දෙක ම සන්නිවේදනය කළ හැකි වනු ඇති. ඒ ස`දහා පහසුවෙන් අතේ ගෙන යා හැකි, ජංගම සන්නිවේදන කට්ටල භාවිතයට එනවා. මේවා පණිවුඩ හුවමාරු කරන්නේ පොළව මත ඇති විදුලි සංදේශ රැහැන් පද්ධති හරහා නොව, පණිවුඩ චන්ද්‍රිකා හරහායි. මෙම කට්ටල වඩාත් ලාබදායී වන විට රට රටවල් අතර සංචාරයේ යෙදෙන හැම දෙනකු ම පාහේ මේවා භාවිතා කරන්නට පටන් ගනීවි. එවිට දේශීය මට්ටමේ දුරකථන හා අනෙකුත් සන්නිවේදන සේවා මත ඔවුන්ට යැපෙන්නට සිදු වන්නේ නැහැ.

මෙහි ප්‍රතිඵලය සිතා බලන්න. තමන්ගේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රජය, හමුදා හෝ අන් පාක්ෂිකයන් විසින් සිදු කරන අපරාධ හෝ සමූල ඝාතන බදු කිසිවක් පිටස්තර ලෝකයෙන් තව දුරටත් වසන් කරන්නට රටකට හැකි වන්නේ නැහැ. මෙබදු නව සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා හො`ද හැටි භාවිතා කරන කැපවීමකින් යුතු මාධ්‍යවේදීන් සිටින විට අකටයුතුකම් කිරීමෙන් වැළකී සිටීමට රාජ්‍ය පාලකයන් හා වෙනත් බල කණ්ඩායම් මත ලොකු බලපෑමක් ඇති කෙරෙනවා.

සමහරුන් අද දවසේ ප්‍රචලිත ප්‍රචණ්ඩත්වය තාක්ෂණයේ අතුරු ඵලයක් යැයි කියනවා. ඔබ මේ තර්කයට එකඟ වනවාද?

ප්‍රචණ්ඩත්වය යනු පරිනාමීය ඉතිහාසය මුළුල්ලේ මානව වර්ගයා සතුව තිබු ලක්ෂණයක්. මේ නිසා එය තාක්ෂණයෙන් ඉස්මතු වූවා යැයි කීම වැරදියි. තාක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කළ හැකි මාර්ග හා අවස්ථා ප්‍රමාණ වැඩි කිරීමයි. තාක්ෂණය මෙසේ අනිසි හා අයහපත් ලෙස යොදා ගැනීම මිනිස් මනසේ වරදින් සිදුවන දෙයක්.

මා විශ්වාස කරන්නේ ඕනෑ ම ශිෂ්ටාචාරයක ඉදිරි ගමනට තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳ ගෙන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවක් සමාන්තරව සිදු විය යුතු බව. එසේ සිදු නොවී, තාක්ෂණය පමණක් කඩිමුඩියේ ඉදිරියට ගිය හොත් වැඩි දුර යන්නට කලින් ස්වයං විනාශයක් සිදු වෙනවා. අපේ වර්ගයා මුහුණ දී තිඛෙන ලොකු ම අන්තරාය මෙයයි.

මා සිතන්නේ අද සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ප්‍රචණ්ඩත්වය සඳහා යම් තාක් දුරට වගකීම ටෙලිවිෂන් මාධ්‍යය භාර ගත යුතු බවයි. (එහෙත් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන එක ම මාර්ගය මෙය නොවෙයි.) සිය ගණන් අහිංසක මිනිසුන්ට, දරුවන්ට මරු කැඳවන, නැතහොත් ඔවුන් සදාකාලිකව ආබාධිත කරවන බෝම්බ, වෙඩි තැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යම් තරමක හෝ දායකත්වයක් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් ලැඛෙනවා. බොහෝ විට චිත්‍රපට හා ටෙලිවිෂන් වෘතාන්ත කථාවල පෙන්නුම් කරන දෙයක් නම් යුක්තිය, සාධාරණත්වය හෝ සත්‍යය සඳහා සටන් කරන අයට ඕනෑ තරම් ප්‍රචණ්ඩ ක්‍රියා කළ හැකි බව. මෙය ළමා හා තරුණ මනසට ව්‍යාකූල හා වැරදි අදහස් ඇතුළු කරන්නට පුළුවන්.

ටෙලිවිෂන් මාධ්‍යයේ නියැලී සිටින සමහරුන් කියන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් වෙතින් එන ඇතැම් චිත්‍රපට තමන්ගේ නිෂ්පාදනවලටත් වඩා පහත මට්ටමක් පවතින බවයි.

මෙය පිළිගත හැකි සංසන්දනයක් නොවෙයි. චිත්‍රපටවල හා ටෙලිවිෂන් වැඩසටහන්වල නිරූපනය වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන තවත් තර්කයක් නම් ඇතැම් මිනිසුන් තුළ සහජයෙන් පැන නඟින ප්‍රචණ්ඩ සිතුවිලි මෙබඳු නිර්මාණ නැරඹීම නිසා අවිහිංසක ලෙස පහ වී යන බවත් (catharsis), ඒ නිසා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩකම් කිරීමට ඔවුන් නොපෙළඹෙන බවත්. මෙය ද පිළිගත හැකි තර්කයක් නොවෙයි. චිත්‍රපට හා ටෙලිවිෂන් ඇත්තට ම මිනිස් චර්යාවන්ට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනවා නම්, කෝටි ගණන් මුදල් වැය කරමින් ටෙලිවිෂන් දැන්වීම් පෙන්වන්නට වෙළඳ ආයතන ක්‍රියා කරයි ද?

ප්‍රතිපත්තියක් හැටි මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. එහෙත් අද දවසේ සමහර ටෙලිවිෂන් නාලිකා විකාශය කරන බාල මට්ටමේ, හරසුන් වැඩසටහන් ගැන සිතන විට යම් තරමක හෝ විනයක්, වගකීමක් මාධ්‍ය තූළින් මතු නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට සිදු වනවා.

Anil Gupta’s Advice: Unleash Sri Lanka’s Grassroots Innovators!

This is the full text of an article I have written in The Nation Sunday newspaper today, 18 Dec 2011, with more images, embedded weblinks and in a better searchable format. It is based on the inaugural Ray Wijewardene Memorial Lecture delivered by Prof Anil K Gupta on 13 Dec 2011 and my conversations with him in Colombo.

Prof Anil Gupta sits in the Colombo study of late Dr Ray Wijewardene - photo by Anisha Gooneratne

What does an inventor look like?

A nerdy kid in glasses and a white coat, tinkering perilously in a lab? Or a tightly-focused technician toiling away in a greasy workshop?

Perhaps. But most innovators are ordinary people moving among us. For the most part, they are unnoticed and unsung as they try to crack problems that have engaged their attention — or frustrated them for too long.

At one level, many of us improvise everyday for personal gain — to save money, lighten our workload or boost yields. Only a few take it to a higher level. They are unhappy with the status quo. They probe how things work and speculate how it can improve. They tackle problems that daunt most.

Spotting them isn’t easy. Such innovators may come from any social, educational or cultural background but they all march to the beat of a different drum. While education and training help, some of the most successful inventors in history were entirely self-taught.

The late Ray Wijewardene was one quintessential ‘tinkerer’ who led a life-long quest to solve practical problems and improve the quality of life – for himself, those around him, and society at large. He left his mark in agriculture, engineering design, renewable energy, transport and aviation. Just as importantly, he nurtured other innovators to go after nagging problems. A firm believer in trial and error, he encouraged constant experimentation.

Ray’s spirit of enquiry and enterprise was rekindled this week when one of the world’s leading innovation-spotters delivered the inaugural Ray Wijewardene Memorial Lecture in Colombo.

Dr Anil Kumar Gupta, a Professor at the Indian Institute of Management (IIM) in Ahmedabad, India, and Founder of the Honey Bee Network, spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality” at the Institution of Engineers on 13 December 2011.

With inspiring examples and illustrations, Gupta emphasized that grassroots innovations can provide a new ray of hope – if we let them grow.

Speaking of his own country’s experience, he said: “Outside of India’s major cities, unsung heroes of the country are solving, or trying to solve, local problems in spite of the structures that have bypassed them so far. Creativity, compassion and collaboration are the key characteristics of these voices from grassroots. Let’s listen to them and resonate with them!”

And it isn’t just an Indian phenomenon. At the outset, Gupta listed a dozen recent innovations made by Lankans. Some, like the safe kerosene bottle lamp, are widely known but most remain obscure. Yet, all have been authenticated, and many granted patents.

Home-grown inventions

Few among the packed Colombo audience of over 200 seemed to recognise these home-grown innovations — just the point the professor was making.

“You get innovators all over Sri Lanka, but most are not known or recognised even in their own communities,” he said.

To make matters more challenging, most innovators tend to be loners: they are day-dreamers who don’t follow the pack.

“They don’t come to meetings or speak up much. We have to reach out to them, make them feel comfortable and valued,” Gupta added.

His suggestion: Sri Lanka should launch a national effort to discover its own innovators — both technological and social. The media can play a big role in spotting and promoting innovators, as can schools, universities and state agencies with relevant mandates.

But Gupta also had a strong word of caution: “Whatever we do, we must never try to convert these precious ‘odd-balls’ into conformists.”

Ray would surely have applauded. He was an accomplished non-conformist, or maverick, who didn’t fit into the stereotyped academic or engineering circles. Now the Ray Wijewardene Charitable Trust (RWCT), set up to promote his legacy, wants to nurture innovation in Sri Lanka.

The Trust made an auspicious start by inviting Anil Gupta to deliver the first lecture in Ray’s memory. Gupta and Wijewardene were kindred spirits who stayed in touch over the years across the Palk Strait.

Gupta himself defies the standard notion of an academic. He is an unusual professor who walks his talk — and walks through the villages and slums of India in search of innovation. His mission for the past two decades has been to ensure that grassroots innovators receive due recognition, respect and reward for their bright ideas. He also seeks to embed an innovative ethic in educational policy and institutions.

He founded the Honey Bee Network in 1986-87 “to promote a fair and responsible knowledge ecosystem”, where innovators can benefit by sharing their ideas. In the 1990s, he set up the Society for Research and Initiatives for Sustainable Technologies and Institutions (SRISTI) and Grassroots Innovation Augmentation Network (GIAN) both of which support the Honey Bee Network to scale up and convert grassroots innovations into viable products.

The man doesn’t sit in his campus; he goes innovator-scouting all over India. “In our walks, we move from village to village spotting grassroots innovations and honouring them. We have come across very simple modifications make life easier for people, and also help save natural resources,” Gupta said.

A simple example: at a rural location, he found someone had fitted six tapes on to the outlet of a single water pump. It allowed that many to draw water at the same time, and also reduced pumped up water going waste.

The bicycle is another invention that has been adapted for multiple purposes across India. Genius improvisers are using it for moving on land (and water), generating electricity, helping with the cooking, and even in washing clothes.

The popular Hindi film 3 Idiots featured a pedal-powered washing machine, which was inspired by the invention of a 20-year-old woman from Kerala, Remya Jose. It has since been showcased on Discovery Channel as part of the ‘Indian Innovators’ series of short films.

Part of audience at Ray Wijewardene Memorial Lecture in Colombo, 13 Dec 2011 - photo by Anisha Gooneratne

Benefit sharing

One defining characteristic of such grassroots innovation is that those tinkering are also immediate benefits of any improvements. As Gupta puts it: “From agricultural innovations to the gas-powered iron or pressure-cooker-driven coffee maker, we find that solutions developed by producers who are also users reflect the concerns of both the production and consumption environments.”

Not all inventions need to be earth-shattering. In fact, many aren’t – and that is perfectly fine, says Gupta.

“Even basic improvements in a water pump, for example, can make life easier for millions of people. When we look for design improvements, we should consider not only the benefits to humans, but even to domesticated animals.”

How can society ensure that grassroots innovators not just receive accolades but also get paid for their creative ideas?

Much of innovation related knowledge is ‘open source’ – meaning it has been developed by a number of people collaboratively and non-secretively. But that doesn’t mean their knowledge rights should be trampled with.

Taking out patents is one way to ensure such rights. The Honey Bee network has successfully obtained over 550 patents for grassroots innovations – more than some well-funded laboratories in India! This was made possible by mobilising pro bono lawyers and other volunteers.

The spirit of volunteerism common in Asian cultures can do much to nurture innovation and safeguard intellectual property rights at the same time, Gupta said.

His hope: “The Ray Wijewardene Trust should be able to find public-spirited lawyers in Sri Lanka to emulate the Indian experience.”

And what about glaring gaps that often exist between inventive minds and the ruthless market?

Don’t try to turn every innovator into businessman, Gupta said. “Most innovators are not good entrepreneurs because they are incorrigible improvisers. In many cases, we try to persuade and counsel innovators to work on their products. There are some who do very well, while others take time.”

Instead of trying to turn every inventor into an entrepreneur, we have to create institutions, schemes and networks that bring these two types together – the one who tinker and those who market.

We have to find ways to link innovation with investment and enterprise. Together, these three elements form what Gupta calls the ‘golden triangle’ for grassroots creativity.

Science writer Nalaka Gunawardene is a trustee of the Ray Wijewardene Charitable Trust, and has been profiling Lankan innovators for 25 years.