සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

අජිත් තිලකසේන සංස්කරණය කළ ‘හේතුවාදී ලිපි’ පොත නිකුත් වෙයි

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ.  මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී.  එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිත්‍යාවක් බවට පත්වී තිබේ.’’

මේ වටිනා ප‍්‍රකාශය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1968දී.  පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා ‘20 වන සියවසේ බුද්ධිමතාගේ ඇදහීම කුමක් විය යුතුද?’ යන මැයෙන් දේශනයකදී.

ඒ දේශනයේ උධෘත කිහිපයක් අජිත් තිලකසේන ලේඛකයා විසින් සංස්කරණය කරන ලද ‘හේතුවාදී ලිපි’ නම් අළුත් පොතේ අඩංගුයි.  එය සරසවි ප‍්‍රකාශනයක් ලෙස 2014 ජනවාරියේ නිකුත් වුණා.

ලෝකයේ ප‍්‍රකට හා සම්භාවනීය නිදහස් මතධාරින් ගණනාවකගේ සහ මෙරට අදීන චින්තකයන් කිහිප දෙනෙකුගේ විවෘත මත දැක්වීම් පෙළ ගස්වා ඇති මේ පොතේ පිටු 166යි.  ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අනුදැනුම ද ඇතිව මේ පොත සකස් කොට තිබෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට අමතරව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා.

එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පුනරුත්පත්තිය ගැන දලයි ලාමා තුමාගේ අදහස්, ඇදහිලි ගැන මහත්මා ගාන්ධිතුමාගේ විග‍්‍රහයක් මෙන්ම අද්භූත හා ප‍්‍රාතිහාර්ය ලෙස සැළකෙන දේ අරඹයා 1962දී ආචාර්ය කොවූර් නිකුත් කළ ප‍්‍රසිද්ධ අභියෝගය ද සරල හා ලිහිල් සිංහලෙන් මේ පොතෙන් කියවිය හැකියි.

අජිත් තිලකසේනයන්ගේ ඇරයුමෙන් මේ පොතට එක් ලිපියක් මා රචනා කළා. එහි මාතෘකාව ‘මිනිසුන් උමතු කරන මනෝ වයිරසය’. ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් සියළු සංවිධානගත ආගම් ගැන ජීවිත කාලය පුරා කියු හා ලියු අදහස්වල සම්පිණ්ඩනයක් මේ ලිපියේ මා ගොනු කළා.

ක්ලාක්ගේ ජිවිතයේ අවසන් වසර 21 (1987-2008) කාලයේ පර්යේෂණ සහායක ලෙස සමීපව වැඩ කිරීමෙන් මා ලද වටිනා දායාදයක් නම් ආගම් දර්ශන ඇතුළු වෙනත් බොහෝ විෂයයන් හා තේමාවන් ගැන ඔහුගේ නිවහල් අදහස් උකහා ගත හැකි වීමයි.

මේ ලිපිය මා ලිව්වේ ඉංගී‍්‍රසියෙන් ඇති ඔහුගේ ප‍්‍රකාශිත පොත්පත්, මාධ්‍ය සාකච්ඡා හා අප‍්‍රකාශිත දේශන පිටපත් වැනි මූලාශ‍්‍ර රැසක් සීරුවෙන් පරිශීලනය කිරීමෙන් පසුවයි.

ආගම් ගැන විවෘත මත දැක්වීමකදී බොහෝ දැන උගත් අය පවා අනවශ්‍ය තරම් ආවේගශීලි වන නිසා සාවධානව මේ ගැන  ක්ලාක්ගේ අදහස් කැටි කිරීමට මා උත්සාහ කළා.  මගේ පෞද්ගලික අදහස් මෙහි නැහැ.  මා හුදෙක් ඔහුගේ අදහස් සිංහලෙන් බෙදා ගන්නා සන්නිවේදකයා පමණයි.

මගේ ලිපියට අමතරව ක්ලාක්ගේ තවත් බුද්ධිමය දායකත්වයක් මේ පොතේ තිබෙනවා එනම් ‘රාජ්‍ය පාලනය හා ආගම’ ගැන ඔහුගේ අදහස්වල සිංහල අනුවාදයක්. 2007 දෙසැම්බරයේ ඔහුට වයස 90 පිරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ FOCUS විද්‍යා සඟරාව සමග කළ මාධ්‍ය සාකච්ඡාවක උධෘතයක්.  එය ඔහු කළ අවසන් සාකච්ඡාවලින් එකක්.

See also:

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

The ascent or descent of Man?
The ascent or descent of Man?

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

In this week’s Ravaya column, I pay another tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.This explores the time he spent in Sri Lanka in the late 1980s, working as Presidential Science Adviser and Director of the Institute of Fundamental Studies (IFS) in Kandy.

See also my English tribute published in 2009: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Dr Cyril Ponnamperuma at IFS Kandy - Photo by Samanmalee Sugathadasa
Dr Cyril Ponnamperuma at IFS Kandy – Photo by Samanmalee Sugathadasa

‘එයා මොනවද හදල තියෙන්නේ?’

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923 – 1994) ගැන 2013 අගොස්තු 11දා මා ලියූ කොලමට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි.

පොන්නම්පෙරුමයන්ගේ ජෛව රසායනික විද්‍යා පර්යේෂණ ගැන විවාදයක් නැතත්, ඔහු විසිවන සියවසේ මෙරටින් බිහි වූ ශෙෂ්ඨතම විද්‍යාඥයකු යයි මේ ප‍්‍රශ්නය මතු කළ මගේ මිතුරා පිළිගත්තේ නැහැ. ඉංජිනේරුවකු වන ඔහු බොහෝ විට භෞතික ඉදිකිරීම් සළකා බලා එම තක්සේරුවට එළඹුණා විය හැකියි. එකී නිර්ණායකය අනුව බලන විට නම් මේ විද්‍යාඥයා පාලම්, ජලාශ, මහාමාර්ග හෝ වරාය නොතැනූ බව ඇත්තයි.

එහෙත් හැම විද්වතකුගේ ම දායකත්වය එබඳු තනි කෝදුවකින් මනින්නට බැහැ. පොන්නම්පෙරුම මා දකින්නේ විවෘත මනසකින් ලෝකය ගවේෂණය කරන්නට හැකියාවත්, ගැටඵ විසඳන්නට ආත්ම විශ්වාසයත් තිබෙන ගෝල පරපුරක් බිහි කළ නැණ පහනක් හැටියටයි. පර්යේෂණ ලෝකය හා ප‍්‍රතිපත්ති ලෝකය යා කළ මාහැගි පාලමක් ලෙසටයි. මේ කෝණවලින් ඔහුගේ දායකත්වය තව ටිකක් විග‍්‍රහ කරන්නට මා කැමතියි.

පොන්නම්පෙරුම ලොව මුල් පෙළ් දැනුම් ගවේෂකයෙක්, පර්යේෂකයෙක් හා ගුරුවරයෙක් වුණත් ඔහුගේ කුසලතා එයට සීමා වූණේ නැහැ. ඔහු ප‍්‍රතිපත්ති මට්ටමෙන් දේශපාලකයන් සමග විද්වත් ලෙස ගනුදෙනු කරන්නත්, මාධ්‍ය හරහා විද්‍යාත්මක චින්තනය පොදු ජනයාට සමීප කරන්නත් සමතකු වුණා. තනි පුද්ගලයකු තුළ මේ හැකියාවන් සංකලනය වන්නේ කලාතුරකින්.

1984 – 1990 කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමග කටයුතු කළ ඔහු, මූලික අධ්‍යයන ආයතනයේ (IFS) දෙවන අධ්‍යක්‍ෂවරයා ලෙසත් සේවය කළා.

විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වන ලෝකයේ රටවල ආර්ථික හා සමාජ සංවර්ධණ්‍ය නැණවත් සේ යොදා ගැනීම ගැන ඔහුට මුහුකුරා ගිය දැක්මක් තිබුණා. විද්‍යාවේ මූලික පර්යේෂණ (fundamental research) පවා සැබෑ ලොව ප‍්‍රශ්න හා අභියෝග විසදීමට ඉලක්ක කර ගත හැකි බව ඔහු විශ්වාස කළා.

පර්යේෂණ සඳහා මහජන මුදල් වැය කිරීම දියුණු වන රටකට කළ හැකි ප‍්‍රශස්ත ආයෝජනයක් බවත්, නිවැරදි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ, චින්තනයේ නිදහස පර්යේෂකයන්ට ලබා දෙමින් ඔවුන්ට යම් මග පෙන්වීම් කිරීම ඔහුගේ ක‍්‍රමවේදය වුණා. සාම්ප‍්‍රදායික සරසවි විද්‍යා පීඨ හා රාජ්‍ය පර්යේෂණායතනවලින් වෙනස් වූ IFS හරහා මේ සියල්ල කි‍්‍රයාවට නගන්නට ඔහු වෙර දැරුවා.

1981දී ජයවර්ධන රජය IFS පිහිටු වන විට එයට ගුරු කොට ගත් පර්යේෂණායතන දෙකක් තිබුණා. එකක් නම් ඉන්දියාවේ ටාටා මූලික පර්යේෂණායතනයයි. අනෙක ඊශ‍්‍රායලයේ වයිස්මාන් විද්‍යායතනයයි. දැනුමේ නිම් වළලූ පුඵල් කරන්නට කරන විද්‍යා පර්යේෂණවලින් රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාල සංවර්ධන ගැටඵ විසදීමට ද තැත් කිරීම මේ පර්යේෂණායතනවල ප‍්‍රවේශයයි.

IFS මුල් අධ්‍යක්‍ෂවරයා වූයේ තවත් කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහයි. කොළඹ කුඩා කාර්යාලයකට සීමා වුණු IFS මහනුවර හන්තානේ ඉඩකඩ හා පහසුකම් ඇති පර්යේෂණාගාර සංකීර්ණයක් බවට පත් වූයේ පොන්නම්පෙරුම එහි දෙවැනි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ කාලයේයි.

Institute of Fundamental Studies, Kandy, Sri Lanka
Institute of Fundamental Studies, Kandy, Sri Lanka

රට තුළ බුද්ධි ගලනයක් වීම වැළැක්වීමට ඔහු කළේ තෝරා ගත් විද්‍යාඥයන්ට තමන් දැනට සේවය කරන සරසවිවල සිටින අතර ම IFS සමග ද පර්යේෂණ සබඳතා පවත්වා ගැනීමේ නම්‍යශීලී ක‍්‍රමයක් ඇරඹීමයි. නිලධාරිවාදී කාර්යාලීය වේලාවන්ට වඩා ඔහුට වැදගත් වුණේ කැපවීම හා ප‍්‍රතිඵලයි. හොඳ පර්යේෂණ හා බුද්ධි ගවේෂණ කාර්යාල වේලාව තුළ එක් තැනකට කොටු වී කළ නොහැකි බව ඔහු ජාත්‍යන්තර අත්දැකීමෙන් දැන සිටියා.

රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී, ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණවලට තිබෙන අරමුදල් තරගකාරී ලෙසින් හොඳ යෝජනා (proposals) ලියා දිනා ගැනීමේ සම්ප‍්‍රදායට ඔහු  IFS පර්යේෂකයන් යොමු කළා. වැඩ කරන්න  ඕනෑකම හා කැපවීම තිබේ නම් විකල්ප සම්පත් සොයා ගත හැකි බව ඔහු විශ්වාස කළා.

ඔහු කළෙ පොදු අභියෝග ජය ගන්නට සාමූහිකව හා විවිධ කෝණවලින් පර්යේෂණ කරන්නට විවිධ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් දිරිමත් කිරීමයි (multi-disciplinary research).

උදාහරණයකට මෙරට ගොවිතැනේ ප‍්‍රබල සීමාකාරී සාධකයක් වන පොහොර ප‍්‍රශ්නය ගන්න. 1960 ගණන්වල සිට හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂිරසායනික මගින් අස්වනු ඉහළ නැංවූවත් එයින් ගොවියාත්, රටත් වඩාත් විදේශවලට ණයගැති වන සැටි ඔහු දුටුවා.

IFS පර්යේෂකයන්ට ඔහු දුන් ඉලක්කයක් වූයේ මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර මෙරට ම නිපදවා ගන්නා ක‍්‍රම දියුණු කිරීමයි. වාතයෙන් නයිට‍්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්‍ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් සොයා බලනු ලැබුවා.

මෙබඳු ගවේෂණ සඳහා කෘෂි විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පමණක් නොව සමාජ විද්‍යාඥයන් ද හවුල් කර ගැනීම පොන්නම්පෙරුමගේ දර්ශනයේ කොටසක් වුණා. කෙතරම් අනගි විසඳුමක් විද්‍යාඥයන් සොයා ගත්ත ද අවසානයේ එය ගොවීන්ට ප‍්‍රායෝගිකව යොදා ගත හැකි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙරට මැණික් ගැරීම් සාම්ප‍්‍රදායිකව කෙරුණේ රත්නපුරය කේන්‍ද්‍රකොට ගත් සබරගමු පළාතේ හා මධ්‍යම පළාතේ ප‍්‍රදේශවලයි. මැණික් ඉල්ලම් පිහිටීම විද්‍යානුකූලව සිතියම් ගත කිරීමේ උත්සාහයක් හරහා මේ සාම්ප‍්‍රදායික කර්මාන්තයට යම් පදනමක් ලබා දෙන්නට IFS පර්යේෂණයක් උත්සාහ කළා. ඒ අතර මැණික් කැපීමට රොබෝ අතක් නිපද වූ තරුණ ඉංජිනේරුවකුට අවශ්‍ය දිරි ගැන්වීම හා ප‍්‍රතිපාදන ලබා දී එය ලෝක මට්ටමේ නව නිපැයුමක් බවට පත් කරන්නට ද පොන්නම්පෙරුම මූලික වූණා.

මෙබඳු උදාහරණ රාශියක් තිබෙනවා. සමාජ පසුබිම හා වයසින් අඩු බව නොතකා හොඳ අදහස් ඇති  ඕනෑ ම පර්යේෂකයකුට අතහිත දීමට ඔහු සැදී පැහැදී සිටියා.

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt
Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

විද්‍යාව හා කලාව බද්ධ කිරීම හරහා ද දැනුමේ නව මානයන් සොයා යා හැකි බව පොන්නම්පෙරුමගේ අදහස වුණා. මේ නිසා ජෝර්ජ් කීට් වැනි සම්මානනීය කලාකරුවන්, ප‍්‍රවීණ නර්තන ශිල්පීන් IFS වෙත ගෙන්වා ඔවුන් මුණ ගැසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා කළා. ජපන් රජය IFS පර්යේෂණාගාර සංකීර්ණය තනා පරිත්‍යාග කරන විට IFS තුළ ජපන් සෙන් උද්‍යානයක් (Japanese Zen Garden) ද ඉදි කිරීමට ඔහු කි‍්‍රයා කළා.

IFS ආයතනය මහජනයාට විවෘත කරන දින පැවැත්වීමට ද පාසල් සිසුන් ගෙන්වා විද්‍යා පර්යේෂණ ගැන ඔවුන් දැනුවත් කරන වැඩසටහන් කිරීමට ද ඔහුගේ විද්‍යාව ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රයන්තයේ අංගයන් වුණා. රටේ දක්‍ෂම සිසුන් වෘත්තික ක්‍ෂෙත‍්‍ර (වෛද්‍ය, ඉංජිනේරු හා නීති) වලට ඇදී යන පසුබිමක විද්‍යා පර්යේෂණ සඳහා හොඳ මොළ ඇද ගන්නේ කෙසේද යන්න ඔහු නිතර මෙනෙහි කළා.

ධූරානුක‍්‍රමවලට කොටු වී සිටි මෙරට පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්‍ෂ සිසුන්ට පවා සංවාදමය අවකාශය විවර කැරෙන ආකාරයේ කෙටි සම්මන්ත‍්‍රණ (Research colloquium) නිතිපතා පැවැත්වූවා. මේවායේදී මුල් තැන ලැබුණේ විචාරශීලී දැනුම ගවේෂණයට මිස පර්යේෂකයන්ගේ පැටිකිරියට නොවෙයි.

එසේ ම ජෛව විද්‍යා, භෞතික විද්‍යා හා සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් නිතර එකට මුණ ගැසී සාමීචි කරන සංවාදශීලී වාතාවරණයක් ඔහු ඇති කළා. මේවා අද කාලේ සුලබ වූවත් මීට වසර 25කට පෙර මෙරටට අඵත් හා අමුතු අත්දැකීම් වුණා.

එය යම් තරමකට IFS තුළ ස්ථාපිත කළත් විද්‍යා උපදේශක ලෙස මෙරට විද්‍යා අධ්‍යාපනය, පර්යේෂණ පිළිවෙත් හා විද්‍යා පර්යේෂණායතන පරිපාලනය නවීකරණය කරන්නට ඔශු ගත් උත්සාහයන් එතරම් දුර ගියේ නැහැ. එයට හේතුව අඵත් යමක් කරන්නට, හොඳ වැඩක් කරන්නට යන  ඕනෑ ම කෙනෙකුට ලක් සමාජයේ මතු වන ප‍්‍රතිරෝධයයි. පොන්නම්පෙරුම පිටස්තරයකු ලෙස දුටු අපේ සමහර විද්‍යාඥයන් ඔහු යෝජනා කළ හැම දේට ම සංවාදයකින් තොරව විරුද්ධ වුණා.

එහෙත් පොන්නම්පෙරුම විවර කළ නව මගෙහි ගිය එවකට තරුණ වියේ සිටි පර්යේෂකයෝ ගතානුගතිකත්වයෙන් හා වැඩවසම්බවින් මිදී කි‍්‍රයා කරන්නට පටන් ගත්තා.

පොන්නම්පෙරුමගේ ලොකු ම දායකත්වය ලෙස මා දකින්නේ ඔහු මුල් වී තැනූ ආයතන හෝ ඔහු දිරිගැන් වූ පර්යේෂණ නොවෙයි. විවෘත මනසක් ඇති හා අභිමානයෙන් යුතුව ලෝක මට්ටමේ පර්යේෂණ අපේ රට තුළ ම කිරීමට හැකි පර්යේෂක පරපුරක් බිහි කිරීමයි. ඔහුගේ සෙවනේ හැදුණු මහාචාර්ය රොහාන් සමරජීව වැනි විද්වතුන් අද සිය පර්යේෂණායතනය (LIRNEasia) හරහා ඉදිරියට ගෙන යන්නේ ඒ සම්ප‍්‍රදායයි.

තමා ලංකාවේ සිටින  ඕනෑම විටෙක දුරකථනයෙන් ඇමතීමට ඔහු මාධ්‍යවේදීන්ට ඉඩ සළසා තිබුණා. මේ විවෘත බවෙන් වැඩිපුර ප‍්‍රයෝජන ගත්තේ Daily News පත‍්‍රයේ ටී. සබාරත්නම් හා මායි.

පොන්නම්පෙරුම ඉතා නිරහංකාර චරිතයක් බව ටික කලකින් මා තේරුම් ගත්තා. අද මෙන් ජනාධිපති උපදේශකයන් දුසිම් ගණන් නොසිටි එකල ජනාධිපති විද්‍යා උපදේශක යනු ගාම්භීර තනතුරක්. එහෙත් පොන්නම්පෙරුමට කිසි දිනෙක තනතුරේ මාන්නයක් තිබුණේ නැහැ.

ඔහු ගමන් කළෙ සාමාන්‍ය පෙළේ කුඩා ජපන් මෝටර් රථයකයි. කොළඹ සිටින විට IFS අගනුවර කාර්යාලයේ ම කාමරයක නවාතැන් ගත්තා. කොළඹ-නුවර ගමන නිතර කරන නිසා මෙය වඩාත් ඉක්මනින් කළ හැකි ක‍්‍රමයක් තිබේදැයි ඔහු සොයා බැලූවා. රේ විජේවර්ධන විසින් දිය මත ගොඩ බැස්විය හැකි ආකාරයේ කුඩා ගුවන් යානයක් සැළසුම් කොට නිර්මාණය කළේ මේ සඳහායි. කොළඹ බේරේ වැවෙන් පිටත් වී නුවර වැවේ ගොඩ බෑ හැකි ඒ ගුවන් යානය නියමුවකු හා තනි මගියකුට පමණක් යා හැකි කුඩා එකක්. තාක්‍ෂණික අතින් අවශ්‍ය ප‍්‍රමිතීන් සියල්ල එය සපුරා ගත්ත ද යම් හේතුවක් නිසා භාවිතයට ගත නොහැකි වූවා.

පොන්නම්පෙරුමගේ සමහර අදහස් ප‍්‍රායෝගික වූයේ නැහැ. දඹල පර්යේෂණායතනයක් ඇරඹුවත් එය කල් පවත්වා ගන්නට බැරි වුණා. මහනුවර-පේරාදෙණිය ප‍්‍රදේශවල තිබෙන විවිධ විද්‍යාත්මක ආයතන ඒකරාශී කොට ‘විද්‍යා රාජපුර’ ලෙස නම් කිරීමට ඔහු ගෙනා යෝජනාව ද කි‍්‍රයාත්මක කළ නොහැකි වුණා. ඔහුගේ තවත් සමහර දුරදර්ශී සංකල්පයන් කි‍්‍රයාවට නැගුණේ 1990 ඔහු මෙරටින් නික්මී වසර කිහිපයක් ගත වුවාට පසුවයි.

අමෙරිකාවේදී පොන්නම්පෙරුමයන්ගෙන් උගත් හෝ ඔහු ලියූ පර්යේෂණ නිබන්ධවලින් දැනුම සරු කර ගත් පර්යේෂකයන් දහස් ගණනක් ලොව පුරා සිටිනවා. එබඳු අය ජපානය, ඉන්දියාව, ඉතාලිය, කැනඩාව, අමෙරිකාව හා බ‍්‍රසීලය වැනි රටවලදී මට මුණ ගැසී තිබෙනවා. ඒ සමහරකුට පොන්නම්පෙරුමගේ නම හරිහැටි උච්චාරණය කරන්නට අමාරු වුවත් ඔහු ඉතිරි කර ගිය දැනුම් සම්භාරය හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ගැන ඉතා කෘතඥ පූර්වකව කථා කරනවා.

මේ යශෝරාවය භෞතික ඉදිකිරීම්වලට වඩා දහස් වාරයක් වටිනවා. යම් දිනෙක ග‍්‍රහකයක් හෝ ග‍්‍රහලොවක් මත ආවාටයක් පොන්නම්පෙරුම ලෙස නම් කැරෙනු ඇතැයි මා පතනවා. විශ්වයත් අපත් අතර සබඳතා ගවේෂණය කළ අපේ කොල්ලාට ලැබිය හැකි ඉහළ ම ගෞරවය එයයි.

See also:

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

Remembering Dr Cyril Ponnamperuma: Inspirational maverick of Sri Lankan science

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990
Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990

Words that Saved the World

The Sunday Times (Sri Lanka) asked me to list the best book I’ve read in 2013 (and why); and also for the book I’d like to receive as a Christmas present.

I wrote a short piece in response, which is included in their feature titled ‘Leafing through the best picks’ on 22 Dec 2013.

Here’s my essay in full: it wasn’t easy to pick one good title in a year in which I read many enjoyable and mind-stretching books.

Word power amplifies political power...
Word power amplifies political power…

Words that Saved the World

By Nalaka Gunawardene

Although it lasted only a thousand days, John F Kennedy’s presidency was eventful and memorable in many respects. His legacy has inspired an estimated 40,000 books and films. This year, which marked the 50th anniversary of his assassination, I read an exceptional addition to this (still rising) pile.

To Move the World: JFK’s Quest for Peace (Random House, 2013), by Columbia University economist Jeffrey Sachs, revisits the extraordinary days from October 1962 to September 1963. That was JFK’s Annus mirabilis (Year of wonders) when he marshalled the power of oratory and political skills to achieve more peaceful relations with the Soviet Union and a dramatic slowdown in the proliferation of nuclear weapons.

During that year, which started with momentous ‘13 days’ of the Cuban missile crisis, JFK he gave a series of speeches where he argued that peace with the Soviet Union was both possible and highly desirable. One delivered to the American University in Washington DC in June 1963 is generally referred to as his Peace Speech. Sachs shows why it was one of the most important foreign policy speeches of the 20th Century – ultimately more consequential than any other by JFK.

If Winston Churchill “mobilized the English language and sent it into battle” during World War II, Kennedy used his mastery of the same language to talk the US and Soviet Union down from the brink of a planetary nuclear war.

What I’d love to get for Christmas is Madiba A to Z: The Many Faces of Nelson Mandela (Seven Stories Press, 2013) just written by my journalist friend Danny Schechter. We can count on Danny, who has spent 40 years chronicling the story of Mandela and South Africa’s struggle for freedom and equality, to provide plenty of depth, nuance and analysis.

Nalaka Gunawardene is a science writer and blogger.

සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

In this Ravaya column, I look back at Sri Lanka’s support for the anti-Apartheid struggle, extended in various ways — both officially and personally. Three times Prime Minister Mrs Sirimavo Bandaranaike was vocal in international forums, and also wrote personal letters to Nelson Mandela when he was in prison.

At a scholarly level, Lankan-born legal scholar Dr Christopher Weeramantry wrote a book titled ‘Apartheid: The closing phases?’ in 1980 which had far-reaching influence in the prolonged campaign against Apartheid.

Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike
Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike

නෙල්සන් මැන්ඩෙලා සිය දිගු ගමන නිමා කොට නික්ම ගියා. ඔහුගේ පරමාදර්ශී චරිත කථාව හා නොනිමි අරගලය ගැන මේ මාසය පුරා බොහෝ මාධ්‍ය හා සභාවන්හි කථා කැරෙනවා.

අපට කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක් වූ දකුණු අපි‍්‍රකාවේ අඩ සියවසක් පමණ කලක් කි‍්‍රයාත්මක වූ මර්දනකාරී වර්ණභේදවාදය (Apartheid) එකල අපේ අවධානයට ලක් වූයේ ඉඳහිටයි. 1982දී අපේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකු නිල නොවන කි‍්‍රකට් සංචාරයකට එරටට යාම මහත් ආන්දෝලනයක් ඇති කළා.

වර්ණභේදවාදය නිසා කී‍්‍රඩා ලෝකයෙන් කොන් කර සිටි දකුණු අපි‍්‍රකාවේ පාලකයන් මුදල් වීසි කරමින් මෙසේ කී‍්‍රඩා කණ්ඩායම් ගෙන්වා ගැනීම සිදු වුණා. ඒ සංචාරයට සහභාගී වූ සියඵ ලාංකික කී‍්‍රඩකයන්  වසර 25ක කී‍්‍රඩා තහනමකට ලක් වූ බව අප දන්නවා. ඒ හරහා අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇති වූ පසුබෑම විශාලයි. එහෙත් ඒ මොහොතේ ශී‍්‍ර ලංකාව ගත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය ප‍්‍රගතිශීලී ලෝකයේ හා දකුණු අපි‍්‍රකානු විමුක්ති නායකයන්ගේ ප‍්‍රසාදයට හේතු වුණා.

1960 හා 1970 දශකවලදී ශී‍්‍ර ලංකාව ඉඩක් ලද සැම විටෙක ම ජාත්‍යන්තර තලයේදී දකුණු අපි‍්‍රකාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කථා කළා. නොබැදි ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සභාවලදී ශී‍්‍ර ලංකා විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලිව වර්ණභේදවාදයට එරෙහි වුණා. 1977 බලයට පත් රජය ද මේ ස්ථාවරය දිගට ම පවත්වා ගත්තා.

ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය තනතුරට අමතරව විදේශ අමාත්‍ය ධූරය ද හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිල මෙන්ම පෞද්ගලික මට්ටමින් ද අපේ රට ගැන හිතකර ප‍්‍රතිරූපයක් විදෙස් රටවල ඇති කරන්නට සමත් වුණා. සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට ඇය ලියුම් ගණනාවක් යැවූ අතර තමන් එය මහත් සේ අගය කළ බව මැන්ඩෙලා පසු කලෙක ප‍්‍රකාශ කළා.

බණ්ඩාරනායක මැතිනිය හා මැන්ඩෙලා කිසි දිනෙක මුණ ගැසුණේ නැතත් ඇය ගැන ගෞරවාන්විත හැගීමක් මැන්ඩෙලා තුළ තිබුණා. ඒ බව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හමු වූ දෙවතාවක ම මැන්ඩෙලා මහත්  ඕනෑකමින් කියා තිබෙනවා.

රටක යහපත් ප‍්‍රතිරූපය ගොඩ නංවන්නට රාජ්‍ය නායකයන්, තානාපතිවරුන් හා වෙනත් නිලධාරීන් පමණක් නොව එරටින් බිහි වන බුද්ධිමතුන් හා කලාකරුවන් ද දායක වනවා.

වර්ණභේදවාදය එරෙහිව වැදගත් බුද්ධිමය මෙහෙවරක් කළ කීර්තිමත් ලාංකිකයකු නම් ආචාර්ය කි‍්‍රස්ටෝෆර් වීරමන්තී‍්‍රයි. මෙරට ශෙෂ්ඨාධිකරණ විනිසුරුකරුවකු ලෙස කලක් (1967-72) කි‍්‍රයා කොට පසුව  ඕස්ටේ‍්‍රලියාවේ නීති මහාචාර්යවරයකු ලෙස පත්ව ගිය ඔහු ජාත්‍යන්තර නීති හා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ගෞරවනීය චරිතයක්. මානව හිමිකම් සුරැකීමට හා ලෝක නීතියේ ආවරණය පුඵල් කිරිමට ඔහු දශක ගණනක මෙහෙවරක් කොට තිබෙනවා.

ඔහු වර්ණභේදවාදයට එරෙහි අරගලයට සම්බන්ධ වූයේ 1980දී ඒ ගැන පොතක් ලිවීමෙන්.

1970 දශකය මැදදී දකුණු අපි‍්‍රකාවේ ස්ටෙලන්බෝච් සරසවියේ (Stellenbosch University) රෝමන් ලන්දේසි නීතිය ඉගැන්වීමට ආරාධිත මහාචාර්යවරයකු ලෙස ආචාර්ය වීරමන්තී‍්‍රට ඇරැයුමක් ලැබුණා. තනතුරට සරිලන ගෙවීම් හා වරප‍්‍රසාදවලට අමතරව ‘ගරු සුදු ජාතිකයකු’ ලෙස ඔහු සැළකීමට ද සරසවිය ප‍්‍රතිඥා දුන්නා.

වීරමන්තී‍්‍ර මේ ශාස්තී‍්‍රය ඇරැයුම පිළිගත්තේ කොන්දේසි සහිතවයි. එනම් දේශනාගාරවල තමන් උගන්වන කිසිවක් වාරණය කළ නොහැකි බව හා තමා කැමති  ඕනෑ ම තැනකට ගොස් එරට  ඕනෑ ම කෙනකු සමග කථාබහ කිරීමේ අවකාශය තිබිය යුතු බවට. පවතින දැඩි වර්ණභේදවාදී රාමුව තුළ වුව ද සරසවිවලට යම් නම්‍යශීලිතාවක් හා නිදහසක් තිබූ බැවින් සරසවි පාලකයන් මේ කොන්දේසිවලට එකඟ වුණා.

මේ අනුව ඔහු පූර්ණකාලීනව සේවය කළ  ඕස්ටේ‍්‍රලියානු සරසවියෙන් නිවාඩු ලබා දකුණු අපි‍්‍රකාවට ගිය වීරමන්තී‍්‍ර, එහි මාස කිහිපයක් ගත කළා. මානව හිමිකම් නීති ගැන පර්යේෂකයකු ලෙස එම හිමිකම් මුඵමනින් ම පාහේ බහුතර ජනතාවකට අහිමි කළ රටකට ගොස් සැබෑ තත්ත්‍වය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ඒ හරහා ඔහු ලබා ගත්තා.

සමේ වර්ණය මත පදනම් වී සමස්ත ජන සමාජයක් බෙදා වෙන් කොට දැඩි ලෙස ස්ථරීයකරණය කිරීම හරහා පාලනය කරන එරට ගැන පොතපතින් කියවා තිබුණත් එය අත්විදීම තමා තුළ බලවත් කම්පනයක් ඇති කළ බව වීරමන්තී‍්‍ර සිහිපත් කරනවා.

සුදු සුඵතරයකට රටේ හොඳම ප‍්‍රදේශවල පදිංචිවීමට, ඉහළ ම අධ්‍යාපනික හා ව්‍යාපාරික අවස්ථා භුක්ති විදීමට නීතියෙන් ඉඩ සළසා තිබූ අතර සම කඵ හා දුඹුරු බහුතරයට දැඩි සීමා බන්ධනවලට යටත්ව දුක සේ ජීවත් වීමට සිදුව තිබුණා. පොදු ස්ථානවලදී පවා සුදු ජාතිකයන්ට එක් දොරටුවකුත් අන් අයට තවත් දොරටුවකුත් නියම කැරුණා.

‘‘යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය ගැන මා දැන සිටි සියඵ ම මූලධර්මවලට මුඵමනින් එරෙහි වූ ක‍්‍රමයක් එවකට දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වුණා.  ඕනෑ තැනෙකට යාමේ අසාමාන්‍ය නිදහසක් මට තිබූ නිසා මා කඵ ජාතිකයන්ගේ ජනාවාස, පතල් හා ගොවිපළවලට ගියා. එසේම ඉහළ මධ්‍යම පාංතික සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත්  ශෙෂ්ඨාධිකරණය හා අනෙක් නීති ක්‍ෂෙත‍්‍රවල මා සංසරණය වුණා. එක ම රටේ අන්ත දෙකක යථාර්ථය මේ හරහා මා පෞද්ගලිකව අත් දුටුවා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

වර්ණභේදවාදයට විරුද්ධ වූ සුදු ජාතිකයන් ගණනාවක් ද තමා දැන හඳුනා ගත් බවත්, ඔවුන් සමග රටේ නොයෙක් ප‍්‍රදේශවල සංචාරය කළ බවත් ඔහු සිහිපත් කරනවා.

‘‘මා එහි ගත කළ කාලයේ නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී රොබන් දුපතේ දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටියා. එහෙත් ඔහු ඇතුඵ දේශපාලන සිරකරුවන්ගේ නම් එරට සාමාන්‍ය ජනතාව හොදින් දැන සිටියා. ඔවුන් ගැන නිතර ගෞරවයෙන් කථා බහ කැරුණා.’’

මැන්ඩෙලා හමුවීමට වීරමන්තී‍්‍ර ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඒ කාලයේ පවුලේ අයටවත් මැන්ඩෙලා බලන්නට ඉඩක් තිබුණේ නැහැ.

වීරමන්තී‍්‍ර පසුව සිය චරිත කථාවේ ලියූ හැටියට: ‘‘වර්ණභේදවාදී ක‍්‍රමය දැඩි ලෙස ස්ථාපිත වී ඇතැයි මතුපිටින් බැලූ විට පෙනුණත් එයට දිගු කල් පැවතීමට බැරි බව මා තේරුම් ගත්තා. යුක්තිය හා සාධාරණත්වය ගරු කරන කඵ, දුඹුරු හා සුදු සමැති සියඵ දෙනා මේ ක‍්‍රමය පිළිකුල් කළා. එයට එරෙහි ජන විරෝධය කැකෑරෙමින් තිබූ සැටි මා දුටුවා.’’

Apartheid, the closing phases - book cover
Apartheid, the closing phases – book cover

තම ඉගැන්වීම හමාර කොට ආපසු  ඕස්ටේ‍්‍රලියාවට ගිය වීරමන්තී‍්‍ර, තම අත්දැකීම් කැටි කොට වර්ණභෙදවාදය අවසන් කිරීමට කුමක් කළ යුතු ද නමින් පොතක් ලිව්වා. (‘Apartheid: The closing phases?’, 1980). වර්ණභේදවාදය සාධරණීකරණය කරන්නට දකුණු අප‍්‍රිකාවේ සමහර අවස්ථාවාදී උගතුන් මතු කර තිබූ තර්ක සියල්ල නිෂ්ප‍්‍රභ කරමින්, මේ නීතිගත අසාධාරණයේ දැවැන්ත සමාජ, ආර්ථික හා මානුෂික හානි පිටස්තරයකුගේ විග‍්‍රහයක් ලෙස පෙන්වා දුන්නා.

අපි‍්‍රකාවේ ස්වදේශිකයන් ම්ලේච්ඡ පිරිසක් බවත්, ස්වයං පාලනයකට හෝ සම අවස්ථා භුක්ති විදීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් කියමින් වර්ණභේදවාදී පාලකයන් ලෝක ප‍්‍රජාව නොමඟ යවමින් සිටි ඒ වකවානුවේ ස්වාධීන ආසියාතික උගතකු මෙසේ තර්කානුකූලව හා සාවධානව වර්ණභේදවාදය විවේචනය කිරීමේ ලොකු වැදගත්කමක් තිබුණා.

වර්ණභේදවාදය පිටුදැකීමට ප‍්‍රචණ්ඩත්වය වෙනුවට දේශපාලන කි‍්‍රයාදාමයකට යොමු වීමේ වැදගත්කමත්, ඒ සඳහා එරට තුළ හා එරටින් පිටත ගත හැකි නිශ්චිත පියවර 51කුත් වීරමන්තී‍්‍ර සිය පොතෙන් පෙන්වා දුන්නා.

සුදු ජාතික සුඵතර පාලනය ලෝක ප‍්‍රජාවෙන් කොන් කිරීමට ඔහු යෝජනා කළ පියවර අතර විදේශ ආයෝජන නොකර සිටීම, රටට විදේශීය බැංකු ණය දීම ප‍්‍රතික්‍ෂෙප කිරීම, එරටින් ඉදිරිපත් කැරෙන බුද්ධිමය දේපළ සඳහා පේටන්ට් ඉල්ලූම්පත් ප‍්‍රදානය නොකිරීම, හා ජනමතයට ප‍්‍රබලව බලපෑ හැකි කි‍්‍රස්තියානි පල්ලිය මේ සමාජ අරගලයට සෘජුව මැදිහත්වීම ආදිය ද වූවා.

මෙකී නොකී පියවර හරහා පාලකයන්ට බලපෑම් කරන අතර සාධාරණත්වය අගය කරන, නිර්දේශපාලනික සුදු ජාතික දකුණු අපි‍්‍රකානුවන් හැකි තරම් දෙනා උපක‍්‍රමශීලිව හවුල් කරගත යුතු යැයි ද වීරමන්තී‍්‍ර නිර්දේශ කළා.

1990දී නිදහස ලබා පැමිණී මොහොතේ පටන් මැන්ඩෙලා ගෙන ගියේ ද සුදු විරෝධී හෝ අධිරාජ්‍ය විරෝධි අරගලයක් නොවෙයි. සුදු-කඵ-දුඹුරු හැම දෙනාට සම අයිතිවාසිකම් දීමේ සාරධර්මීය ප‍්‍රයන්තයක්.

‘‘කෙතරම් දැඩි ලෙස කොපමණ කලක් කි‍්‍රයාත්මක කළත් අසාධාරණ පාලන ක‍්‍රමයක් සංවිධානාත්මක හා ප‍්‍රතිපත්තිගරුක විරෝධතාවයක් හරහා අවසන් කළ හැකි බව මා පෙන්වා දුන්නා. මගේ පොතේ බුද්ධිමය හා චින්තනමය බලපෑම් බොහෝ දුර විහිදුණු බව එරටින් ලැබුණු ප‍්‍රතිචාරවලින් මට පෙනී ගියා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

පොත ප‍්‍රකාශයට පත් වූ විගස එය දකුණු අපි‍්‍රකාවට ගෙන ඒම හා ළඟ තබා ගැනීම එරට රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් පොතේ මයික්‍රෝෆිල්ම් පිටපතක් පෑනක් තුළ සඟවා ගෙන එරටට හොරෙන් ගෙන යන ලදුව එය යටිබිම්ගත දේශපාලන කි‍්‍රයාකාරිකයන් විසින් රහසේ මුද්‍රණය කර බෙදා හරිනු ලැබුවා.

මේ පොත ලිවීම නිසා වර්ණභේදවාදී පාලකයන්ගේ උදහසට ලක් වූ වීරමන්තී‍්‍රට යළිත් එරටට යා හැකි වූයේ 1994 මැන්ඩෙලා ජනාධිපති වීමෙන් පසුවයි.

1994 එරට බහුතර ඡන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත් වූ පසු වීරමන්තී‍්‍ර තමන් කලකට පෙර ඉගැන් වූ ස්ටෙලන්බෝච් සරසවියට ගියා. ඒ වන විට හේග් නුවර ලෝක අධිකරණයේ  උපසභාපති ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්ව සිටි ඔහු ඒ සරසවියේදී මහ ඉහළින් පිළිගනු ලැබුවා. කලක් තහනම් කරන ලද තමාගේ පොතේ පිටපත් දැන් එහි ආඩම්බරයෙන් ප‍්‍රදර්ශනය කැරෙන බව ඔහු දුටුවා.

images

මැන්ඩෙලා ගැන මෙරට මාධ්‍ය හරහා ගුණකථන හා විග‍්‍රහයන් කළ සමහරුන් ඔහු අධිරාජ්‍ය විරෝධියකු හා සුදු විරෝධියකු ලෙස ලඝු කළත් එය වැරදියි. ඔහු සියඵ අධිපතිවාද විරෝධියෙක්.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය 1948-1990 කාලයේ කි‍්‍රයාත්මක කළේ පිටතින් පැමිණ එරට අල්ලා ගත් පිරිසක් නොවෙයි. පරම්පරා ගණනක් එරට පදිංචිව සිටින, යුරෝපීය සම්භවයක් සහිත අෆි‍්‍රකානර් (Afrikaners) නමින් හඳුන්වන සුඵ ජාතිකයන් පිරිසක්. (මේ අය යම් තරමකට අපේ රටේ බර්ගර් ජාතියන්ට සම කළ හැකියි. අප තව දුරටත් බර්ගර්වරුන්ට යුරෝපීයයන් හෝ අධිරාජ්‍යවාදීන් යයි කියන්නේ නැහැ. ඒ අයත් අපේ ම මිනිස්සු.)

වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1963-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා.

එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා. නඩු තීන්දුව දෙන දවසේ ඔහු අධිකරණයේ චූදිතයකු ලෙස සාවධානව හා අභිමානවත් ලෙසින් කළ කථාව ලෝක ඉතිහාසයේ හොද ම කථා කිහිපය අතරින් එකක් ලෙස සැළකෙනවා.

ඔහු එය අවසන් කළේ මෙසේයි: ‘‘අපි‍්‍රකානුවන් සැමගේ නිදහසේ අරගලය වෙනුවෙන් මා මගේ මුඵ ජීවිතය ම කැප කොට තිබෙනවා. සුදු අධිපතිවාදයට එරෙහිව මෙන් ම කඵ අධිපතිවාදයට එරෙහිවත් මා සටන් වැදුණා. මගේ සිහිනය හා අරමුණ නම් සියඵ දෙනා සම අයිතිවාසිකම් හා සම අවස්ථා භූක්ති විදිමින් සාමකාමීව වෙසෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් බිහි කිරීමයි. මේ පරමාදර්ශය සාක්ෂාත් කර ගන්නා තුරු ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි. එහෙත්  ඕනෑ වුවහොත් ඒ වෙනුවෙන් මිය යන්නට වුවත් මා සූදානම්!’’

Nelson Mandela (1918 - 2013) - Thank you & Goodbye!
Nelson Mandela (1918 – 2013) – Thank you & Goodbye!

සිවුමංසල කොලූගැටයා #147: විස වෙළදාමේ යෙදෙන හරිත මාෆියා ලෝකයට ම තර්ජනයක්

This week’s Ravaya column (in Sinhala) looks at the widespread practice of toxic waste dumping in Italy (and overseas) by mafia groups contracted for the task by polluting industries. In the 1990s, this gave rise to what is now called Ecomafia.

I covered similar ground in this English column on 24 Nov 2013: When Worlds Collide #92: When Mafia Goes ‘Green’, Nobody is Safe!

Thanks to Greenaccord for all the information and some images.

ecomafia

මාෆියා!

මේ වචනය මෑත කාලයේ වඩාත් අපේ රටේ ජනමාධ්‍ය හරහාත්, දේශපාලන ක්‍ෂෙත‍්‍රයේත් භාවිතා වනු දැකිය හැකියි. නීතියට ඉහළින් හා සංවිධානගතව කැරෙන  ඕනෑ ම කි‍්‍රයාවක් හඳුන්වන්නට අප මාෆියා යයි කීවත් එය ඇරැඹුණු ඉතාලියේ ඒ සඳහා නිශ්චිත තේරුමක් තිබෙනවා.

මුල් අරුතින් මාෆියා (mafia) කියන්නේ සංවිධානගතව අපරාධ කි‍්‍රයාවල යෙදෙන, ඒ හරහා යම් භූමි ප‍්‍රදේශයක් පුරා සිය අණසක පතුරුවා ගෙන සිටින කල්ලිවලටයි. ඔවුන් එසේ කරන්නේ රාජ්‍ය නිලධාරීන් හා ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් බිය වැද්දීමෙන්. නැත්නම් ඔවුන්ට තෑගිබෝග හා මුදල් ලබා දී නතු කර ගැනීමෙන්.

මේ සංකල්පීය නිරවුල් බව මා ලැබුවේ නොවැම්බරයේ දින කිහිපයක් ඉතාලියේ දකුණු දිග නේපල්ස් නගරයේ පැවති ජාත්‍යන්තර සමුඵවකට සහභාගි වීමෙන් පසුවයි. Greenaccord නම් ඉතාලියානු විද්‍යාත්මක හා පාරිසරික ආයතනයක් විසින් සංවිධානය කරන ලද මේ සමුඵවේ එක් සැසියක් මුඵමනින් වෙන් වූයේ ඉතාලිය මුහුණ දී සිටින බරපතල හරිත මාෆියාව (ecomafia)ගැන සාකච්ඡා කරන්නයි.

Greenaccord logoමාෆියා සියවස් ගණනක් පුරා ඉතාලියේ යම් ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූවත් හරිත මාෆියා බිහිව ආයේ 1990 දශකයේ පටන්. සාම්ප‍්‍රාදායිකව මත්ද්‍රව්‍ය, හොර සල්ලි හා කප්පම් ගැනීම ආදියේ නිරතව සිටි මාෆියා කල්ලි කෙමෙන් තම ආදායම් මාර්ග පුඵල් කිරීමට අවස්ථා සොයා ගියා. එහිදී ඔවුන් සොයා ගත්තේ පරිසර දුෂණය අවම කිරීම සඳහා අඵතෙන් හඳුන්වා දුන් හෝ වඩාත් දැඩි කළ නීතිරීති නිසා අපද්‍රව්‍ය ඉවතලීම බොහෝ කර්මාන්තවලට ප‍්‍රශ්නයක් වී ඇති බවයි.

කම්හල් දුමාරය පිට කිරීමේදී එය පිරිසිදු කරන විශෙෂිත දුම්බට සවි කිරීමටත්, ඝන හා ද්‍රව අපද්‍රව්‍ය විස ඉවත් කිරීමෙන් පසුව පමණක් මුදා හැරීමටත් සියඵ කර්මාන්තවලට නියම වුණා. මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණයට සැළකිය යුතු අමතර වියදමක් දැරීමට කර්මාන්ත හිමියන්ට සිදු වුණා. බොහෝ හිමියන් එය වැය කළත්, මේ නීතිගරුක පියවර මග හැරීමට හොර පාරක් ඇත්දැයි මුදල් තණ්හාවෙන් පෙඵණු සමහර කර්මාන්තකරුවන් විපරම් කළා.

ඉතාලි මාෆියා කල්ලි හීන්සීරුවේ එබඳු කම්හල් හිමියන්ට කීවේ ‘නිසි ලෙස ඉවතලීමට වැය වන මුදලට වඩා අඩු ගෙවීමක් අපට කරන්න. අප ඔබේ කම්හල් අපද්‍රව්‍ය අතුරුදහන් කරන්නම්!’ කියායි.

කොයිකාටත් හොරෙන් කම්හල් අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් භාර ගත් මාෆියා කල්ලි කළේ ඉතාලියේ ම ජනශුන්‍ය දුර බැහැර ප‍්‍රදේශවලට ගොස් ඒවා ඉවතලීමයි. මේ බොහෝ අපද්‍රව්‍යවල අධික ලෙස විස සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව කම්හල් හිමියන් මෙන් ම මාෆියා කල්ලි ද දැන සිටියා. එහෙත් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැහැ.

එපමණක් නොවෙයි. මාෆියාවට අනුබද්ධිත නීත්‍යානුකූල යම් ව්‍යාපාරවල අමුද්‍රව්‍ය ලෙස ද අධික විස සහිත අපද්‍රව්‍ය යොදා ගත්තා. උදාහරණ නම් මහාමාර්ග තැනීමට හා ගොඩනැගිලි ඉදිකිරීමට. එබඳු තැන්වලදී ඔවුන් රහසිගතව සිමෙන්ති හෝ කොන්කී‍්‍රට් මිශ‍්‍රණවලට විස අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් එකතු කළා. එක් අවස්ථාවකදී ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් තැනීමේදීත් මෙසේ කළ බව පසුව හෙළි වුණා.

Discussing ecomafia in Naples - L to R Dr Antonio Giordano, Franco Roberti, Christiana Ruggeri, Ermete Realacci, Angelo Spinillo & Antonio Pergolizzi
Discussing ecomafia in Naples – L to R Dr Antonio Giordano, Franco Roberti, Christiana Ruggeri, Ermete Realacci, Angelo Spinillo & Antonio Pergolizzi

වසර ගණනක් තිස්සේ මේ සාපරාධී කි‍්‍රයාව කර ගෙන යන්නට හරිත මාෆියාවන්ට හැකි වූයේ පොලීසිය, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුදැනුම හා රැකවරණය යටතේ බව මේ ගැන ගවේෂණාත්මකව අධ්‍යයනය කළ ලෙගාම්බියන්තේ (Legambiente)  නම් ඉතාලි පාරිසරික සංවිධානය කියනවා. 1993දී මේ ප‍්‍රවණතාව මුල් වරට හඳුනා ගෙන ecomafia යන යෙදුම යෝජනා කළේ ඔවුන් විසින්.

එවක් පටන් ඉතාලියේ මාෆියා විරෝධී විශෙෂ පොලිස් හා අධිකරණ කණ්ඩායම් සමග සමීපව කි‍්‍රයාකරමින් හරිත මාෆියාවේ අපරාධ නිරාවරණය කරන්නට ලෙගාම්බියන්තේ කි‍්‍රයා කරනවා.

ලෙගාම්බියන්තේ සංවිධානයේ ඇන්ටෝනියෝ පර්ගොලිසි (Antonio Pergolizzi) කියන හැටියට: ‘‘විස අපද්‍රව්‍ය ඉවතලීමේ අභියෝගයට මුහුණ දී සිටි කර්මාන්තකරුවන් දුටු මාෆියාව එය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කර ගත්තා. නිසි පරිදි විස අපද්‍රව්‍ය ඉවතලීමට යන වියදමෙන් හතරෙන් පංගුවකට පමණ අපද්‍රව්‍ය තොග අතුරුදහන් කරදීමේ කොන්ත‍්‍රාත්තුව මාෆියා භාර ගත්තා.’’

ජනාවාස වලින් දුරස්ථ වූ වන ලැහැබවල, ගංගා ඉවුරුවල හා මහාමාර්ග – ගොඩනැගිලි ඉදි කරන තැන්වල විස අපද්‍රව්‍ය ඉවත දැමීම වසර ගණනක් කර ගෙන ගියා. අත්හැර දැමූ ළිංවල, අවභාවිතයට ගිය ගල්වල හා ගොවිපළවල මෙන්ම ඉඩකඩ තිබූ  ඕනෑ ම තැනක විස අපද්‍රව්‍ය ඉවත දමා පළා යන්නට මාෆියාව කි‍්‍රයා කළා. එයින් පස හා ජලය බරපතල ලෙස දුෂණය වුණා. ඇතැම් අපද්‍රව්‍යවල පිළිකාකාරක රසායන ද්‍රව්‍ය 200කට වඩා තිබූ බව පසුව සොයා ගනු ලැබුවා.

Beware of Ecomafiaවිකිරණශීලී අපද්‍රව්‍ය ශරීරගත වූ විට නම් ඉක්මනින් මිනිසුන් රෝගී වනවා. එහෙත් සුඵ මාත‍්‍රා වලින් ජලයේ හා ආහාරදාමය ඔස්සේ විස අපද්‍රව්‍ය ශරීරගත වූ විට අහිතකර සෞඛ්‍ය විපාක මතුවන්නට දිගු කලක් ගත වනවා.

ඉතාලියේ සමහර නගර හා ගම්මානවල ජනයා අතර අසාමාන්‍ය තරමේ පිළිකා හට ගැනීම වාර්තාවීමත් සමග 1990 දශකය අග න්‍න විට රහස් පරීක්‍ෂකයන් මෙන් ම විද්‍යාඥයන් ද මෙයට හේතු විමර්ශනය කිරීම ඇරැඹුවා.

මිනිස් සිරුර එකවර ආහාරපාන, ජීවන චර්යා හා පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වන නිසා යම් රෝගාබාධයකට හේතු කාරක වන තනි සාධකයක් හරියටම වෙන් කර හඳුනා ගැනීම දුෂ්කරයි. එහෙත් මාෆියාව විස අපද්‍රව්‍ය ඉවත දැමූ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ට පිළිකා ගෙන දීමට වැඩිපුර ම දායක වූයේ ඒවායේ රසායනද්‍රව්‍ය බවට ප‍්‍රමාණවත් සාක්ෂි ඇතැයි වෛද්‍ය පර්යේෂක ඇන්ටෝනියෝ ජියෝඩානෝ (Dr Antonio Giordano) කියනවා.

‘‘මුල් කාලයේ මේ ගැන ඇති තරම් මහජන අවබෝධයක් තිබුණේ නැති නිසා සාමාන්‍ය මිනිසුන් මෙහි බරපතලකම වටහා ගත්තේ නැහැ. එහෙත් පිළිකා ඇති වීම ඉහළ යත්ම එය වෙනස් වුණා. මෙය වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවකයන්ට පමණක් විසදාගත හැකි ප‍්‍රශ්නයක් නොවෙයි. මේ මහා අපරාධයට වගකිව යුතු කම්හල් හිමියන්, මාෆියා සාමාජිකයන් වගේ ම කලක් ඇස් කන් පියා ගෙන සිටි දුෂිත නිලධාරීන්ටත් එරෙහිව දැඩි පියවර ගත යුතුයි!’’

බහුතරයක් දුෂිත හෝ අකාර්යක්ෂම නිලධාරීන් හා දේශපාලකයන් අතර ජනතා සුභසාධනයට කැප වූ අයත් සිටිනවා. කලක් පරිසරවේදියකු ලෙස කි‍්‍රයාකොට පසුව දේශපාලනයට පිවිසි එර්මෙටේ රියලාචි (Ermete Realacci) එවන් අයෙක්. ඔහු දැන් ඉතාලි පාර්ලිමේන්තුවේ පාරිසරික කොමිසමේ සභාපති. කලක පටන් හරිත මාෆියාවට එරෙහිව කි‍්‍රයා කරන්නෙක්.

‘‘මුල් කාලයේ අපේ නීති කි‍්‍රයාත්මක කරන ආයතන මේ ප‍්‍රශ්නයේ බරපතලකම තේරුම් ගත්තේ නැහැ. පොලිස් හා රේගු නිලධාරීන් නිතර අවධානය යොමු කළේ මත්ද්‍රව්‍ය අල්ලන්නයි. පාරිසරික ප‍්‍රශ්න සුදුසු බාලදක්ෂයන්ටයි කියා සමහරුන් විහිඵත් කළා!’’ ඔහු කියනවා.

එහෙත් තවදුරටත් මෙය සුඵ පටු ප‍්‍රශ්නයක් නොවෙයි. 2010 වසරේ පමණක් මාෆියා කල්ලි අඩු තරමින් පාරිසරික අපරාධ 30,000ක් වත් කළ බවට අනුමාන කැරෙනවා. විස අපද්‍රව්‍ය අතුරුදහන් කිරීමට අමතරව නීතියෙන් ආරක්‍ෂා කළ සතුන් අල්ලා විකිණීම, හොර දැව ජාවාරම්, හොර මස්මඩු පවත්වාගෙන යාම මෙන් ම ජල සම්පත් අනිසි ලෙස හැරවීම ආදිය ද ඊට ඇතුළත්.

ලෙගාම්බියන්තේ ගණන් බලා ඇති අන්දමට ඉතාලිය තුළ හොර රහසේ විස අපද්‍රව්‍ය ඉවත් දැමීමේ ‘‘සේවාව’’ සැපයීම හරහා මාෆියා කල්ලි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන් 26ක් පමණ උපයනවා.

මේ දැවැන්ත හරිත මාෆියාවේ ග‍්‍රහණයට පත්වූ නගරාධිපතිවරුන්, පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් රැසක් සිටිනවා. මෙයින් සමහරුන් හඳුනා ගෙන, ඔවුන් තනතුරුවලින් පහකොට නඩු පවරා තිබෙනවා. එහෙත් මාෆියාවට එරෙහිව සටන් කිරීම ඉතා අසීරු කාරියක්. තමන්ට එරෙහි නඩු විභාග කරන විනිසුරුවරයන් ඝාතනයට පවා මාෆියාව පෙළඹෙනවා.

ඉතාලියේ මාෆියා විරෝධි රාජ්‍ය නීති නිලධාරියා (Anti-Mafia Prosecutor) වන ෆ‍්‍රැන්කෝ රොබර්ටි (Franco Roberti) කියන්නේ මෑත වසරවල හරිත අපරාධවලට එරෙහි නීති වඩාත් පුඵල් හා දැඩි කොට ඇති බවයි. එසේම 2006දී පරිසරයට එරෙහි අපරාධ (crimes against the environment)  නම් නව අපරාධ කාණ්ඩයක් එරට අපරාධ නීතියට එකතු කරනු ලැබුවා.

තමාට හමුවූ එක් මාෆියා කල්ලි නායකයකු වරක් කී කථාවක් රොබර්ටි සිහිපත් කරනවා. ‘කොකෙන් වගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවාට වඩා ලාභදායකයි – එමෙන්ම ලෙහෙසියි – විස අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්තු භාර ගන්න එක!’’

රට තුළ මේ අපරාධවලට එරෙහිව නීති කි‍්‍රයාත්මක වීම උත්සන්න වන විට හරිත මාෆියා ව්‍යාපාර සෙසු යුරෝපීය රටවලට, චීනයට සහ අපි‍්‍රකාවේ සමහර රටවලට ව්‍යාප්ත වී ඇතැයි රොබර්ටි කියනවා. මෙසේ ගෝලීයකරණය වූ හරිත අපරාධ මැඩ පැවැත්වීමට ලෝක පොලීසිය (ඉන්ටර්පෝල්) හා රටවල් අතර නිල මට්ටමේ සහයෝගිතාව අත්‍යවශ්‍යයි.

‘තනි රටවල් ලෙස මේ ප‍්‍රශ්නය අපට ජය ගන්නට බැහැ. අද වන විට විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය හා නොනිසි පරිදි ඉවත දැමීම සංවිධානාත්මක දැවැන්ත ජාත්‍යන්තර ජාවාරමක්. එයට එරෙහිවීමට නම් පරිසරවේදීන්, පොලිස් නිලධාරීන් හා රේගු නිලධාරීන් අත්වැල් බැඳ ගත යුතුයි’ රොබර්ටි කියනවා.

Toxic waste barrels

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියන්නේ ගෝලීයකරණය වූ විස අපද්‍රව්‍ය ජාවාරම ලෝකයට ම තර්ජනයක් බවයි. විස පිටරට යවන රටවල මෙන් ම ඒවා ලබා ගෙන ඉවත ලන රටවලත් දුෂිත නිලධාරීන්ගේ උදව්වෙන් මේ අපරාධ කැරෙන බව ඔවුන් කියනවා. ලොව වඩාත් දුෂණ හා වංචා වැඩි රටවල් මේ තර්ජනයට ලක් වීමේ අවදානම ද වැඩියි.

විස අපද්‍රව්‍ය සමහර විට නොයෙක් ලේබල් හා වර්ගකිරීම් යටතේ දියුණු වන රටවලට යවනවා. එබඳු එක් ලේබලයක් නම් ‘වටිනා රසායන ද්‍රව්‍ය උකහා ගැනීමට අමුද්‍රව්‍ය’ ලෙස ඒවා වර්ග කිරීමයි. පළිබොධ නාශක මෙන් බැලූ බැල්මට විස බවක් නොපෙනෙන සමහරක් මේ අපද්‍රව්‍ය අඵ, පස් ආදී ස්වරූපයක් ගන්නවා.

ඉසුරුබර රටවල කර්මාන්තවලින් බැහැර කැරෙන විස අපද්‍රව්‍ය අපි‍්‍රකාවේ හා ආසියාවේ දුගී රටවලට හොර රහසේ යවා ඉවතලීමේ සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධයන් ගැන 1980 දශකයේ මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් විශේෂ අවධානයක් යොමු කළා. එහිදී සිදු වූයේ දුගී රටවල දුෂිත නිලධාරීන් හෝ දේශපාලකයන්ගේ අනුදැනුම ඇතිව, ඔවුන්ට ද හොර ගෙවීම් කරමින් විස අපද්‍රව්‍ය ජනශූන්‍ය ප‍්‍රදේශවල විවෘතව මුදාහැරීමයි (Toxic Waste Dumping).

මේ ගැන 1990 දශකයේ මතුව ආ ජාත්‍යන්තර උද්ඝෝෂණ නිසා දේශසීමා හරහා විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය දැඩි ලෙස සීමා කැරෙන හා නියාමනය කරන බේසල් සම්මුතිය (Basel Convention) නම් ජාත්‍යන්තර නීතිය 1992දී කි‍්‍රයාත්මක කැරුණා. ශී‍්‍ර ලංකාව ද එයට අත්සන් තබා සිටිනවා.

ලෝක රේගු සංවිධානය, ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලීසිය හා Toxic Watch වැනි ජාත්‍යන්තර පාරිසරික සංවිධානවල දැඩි අවධානය මෙයට යොමුවීම නිසා රටකින් රටකට විස අපද්‍රව්‍ය හොරෙන් යැවීම තරමක් දුරට සීමා වී තිබෙනවා. එහෙත් රටක් ඇතුළත සංවිධානාත්මක අපරාධ කල්ලි හා වංචනික කම්හල් හිමියන් එකතු වී දුරබැහැර තැන්වල විස අපද්‍රව්‍ය මුදා හැරීම  ඕනෑම රටක සිදු විය හැකියි.

දියුණු රටවලින් මතුව එන පාරිසරික හා සෞඛ්‍ය තර්ජනයන් ගැන නිතර උද්ඝෝෂණය කරන අපේ හරිතවේදීන්, අපේ ම ව්‍යාපාරිකයන් හා කල්ලි විසින් දේශීය හරිත මාෆියාවක් බිහි කරනු ඇත්දැයි විමසිලිමත් වීම වටිනවා.

යටගිය දවස වෙළදාමේ සේරිවාණිජලා මෙන් ම කච්ඡුපුටලාත් සිටියා වගේ අදත් හොඳ ව්‍යාපාරිකයන් මෙන් ම මුදලට කෑදර වංචනික ව්‍යාපාරිකයන් හැම රටක ම සිටිනවා. අපේ රට තුළ ම දේශීය කාර්මික අපද්‍රව්‍ය හොර රහසේ ඉවත දැමේ දැයි විමසිලිමත් වීම අවශ්‍යයි. එසේ කිරීමට වැඩි අවකාශ ලැබෙන්නේ කඩිනමින් යටිතල පහසුකම් හා ගොඩනැගිලි ඉදි කැරෙන ලංකාව වැනි ස්ථානවලයි!

Image courtesy www.legambiente.it
Image courtesy http://www.legambiente.it

Interview with Edwin Ariyadasa: Grand Old Man of Lankan Journalism

Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview
Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview

Edwin Ariyadasa, who completed 91 years on 3 December 2013, is one of two grand old men of Lankan journalism still practising their craft (the other being D F Kariyakarawana, also 91).

The veteran journalist has been active in his profession for nearly all of Sri Lanka’s post-independence years. During that time, he has played a variety of complementary roles: feature writer, newspaper editor, columnist, radio and TV host, journalist trainer, author and translator among others. He continues to juggle many of these and has no retirement plans.

In October 2012, I filmed a wide ranging interview with Ariyadasa as he was heading to his 90th birthday. Having grown up reading his output in Lankan newspapers in Sinhala and English, and then having collaborated with him in various public media activities for much of my own media career, I was keen to capture his memories and reflections.

It took me over a year to get the long interview edited into three video segments, and also to have it transcribed, but it’s finally done. Groundviews.org has just published it:

Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Nalaka Gunawardene in conversation with Edwin Ariyadasa

As I note in my introduction:

In this interview, the nonagenarian looks back at journalism and broadcasting in Sri Lanka for over half a century. His reminiscences are significant for several reasons. He recalls a time, only a generation ago, when newspapers produced by highly committed editors and journalists commanded readers’ respect as a trusted source of public information and commentary. Having played a central role in pioneering mass media education and television broadcasting in Sri Lanka, he wonders what went wrong along the way to arrive at the banality and superficiality that dominates much of the Lankan media today despite advanced technologies for production and distribution.

In that sense, this is more than mere nostalgia of an individual or the simple bewilderment of an earlier generation. Introspection from a media guru like Ariyadasa can provide the impetus for much-needed reflection for the media industry which often hesitates to turn the spotlight upon itself.

Read full interview: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Interview transcribed by: Keerthika Nadarajah

Video edit by: Amal Samaraweera, TVE Asia Pacific

Photos by: Janaka Sri Jayalath

Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012
Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu
Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

සිවුමංසල කොලූගැටයා #143: නව නිපැයුම්කරුවන්ට එරෙහි සමාජ ප‍්‍රතිරෝධයක් ඇයි?

In this week’s Ravaya column (in Sinhala), I discuss Lankan society’s resistance to innovators and inventors — those who try out new ways of solving problems. Must these attempts always lead to patents and awards? Not necessarily, I argue. The spirit of innovation is far more important than pieces of paper that authenticate them!

I quote Dr Suranga Nanayakkara, of Singapore University of Technology and Design, and Deepal Sooriyaarachchi, Commissioner, Sri Lanka Inventors’ Commission, and draw on my own impressions of having hosted two TV series introducing Lankan innovators and inventors.

Innovation is rare!

නව නිපැයුම් හා නිපැයුම්කරුවන් හඳුන්වා දෙන වැඩසටහනක් කරන පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක නිෂ්පාදකවරයෙක් මෑතදී තමන් මුහුණ දෙන දුෂ්කරතාවයක් ගැන මට කියා සිටියා. එනම් අඵත් දෙයක් කළ හෝ කරන්නට උත්සාහ කරමින් සිටින හෝ පාසල් සිසු නැතිනම් තරුණ වියේ කෙනකු වැඩසටහනෙන් පෙන් වූ විගස ඔහුගේ/ඇයගේ අසල්වාසීන් තමන් අමතා එය විවේචනය කරන බවයි.

‘මේක අපට ලොකු ප‍්‍රශ්නයක් වෙලා. අඵත් දේ කරන අය ගැන කථා කරන්න අපි කැමතියි. ඒත් බොරුකාරයන්ට හා අනුකාරකයන්ට ටෙලිවිෂන් ප‍්‍රචාරය දෙනවා යන චෝදනාව අපට නිතර ලැබෙනවා’ මේ නිෂ්පාදකයා කියනවා.

මෙවන් අවලාදවලින්  බේරෙන්නට මින් පසු නව නිපැයුම් තරගයක සම්මානයක් දිනා ගත් හෝ බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් බලපත‍්‍රයක් ලැබූ හෝ අය පමණක් වැඩසටහනෙන් හඳුන්වා දෙන්නට ඔවුන් තීරණය කරලා.

නව නිපැයුම් ගැන මාධ්‍ය හරහා සන්නිවේදනය කරන විට විචාරශීලි වීම ඉතා හොඳයි. එබඳු ටෙලිවිෂන් වැඩසටහන් මාලා දෙකක් ඉදිරිපත් කොට ඇති මගේ අත්දැකීම වන්නේත් මුඵමනින් ම අභව්‍ය හා අදහා ගත නොහැකි නිපැයුම් ගැන කියා ගෙන මාධ්‍ය හරහා තාවකාලික ප‍්‍රචාරයක් ගන්නට තැත් කරන අය ද ඉඳහිට සිටින බවයි.

ජලයේ මිශ‍්‍ර කළ ශාක නිස්සාරවලින් මෝටර් රථ ධාවනය කරන බවට හා කිසිදු බාහිර බලශක්තියක් නොයොදා දිගින් දිගට කි‍්‍රයා කරන යන්ත‍්‍ර (Perpetual Motion machines) තැනූ බව කියන පුද්ගලයන් මට හමු වී තිබෙනවා. භෞතික විද්‍යාවේ මූලධර්ම උල්ලංඝනය කැරෙන මෙබඳු ‘නිපැයුම්’ සැබෑ නොවන බව නිර්ණය කිරීම ලෙහෙසියි. (එහෙත් අපේ කොල්ලකුගේ හපන්කමක් කියා අනවශ්‍ය ලෙස එබඳු දේට මාධ්‍ය ප‍්‍රචාරය ලබා දෙන මාධ්‍යවේදීන් එමට සිටිනවා!)

ටෙලිවිෂන් ආවරණයට විරෝධය දක්වන අසල්වාසීන් බහුතරයකගේ තර්කය වී ඇත්තේ අදාල පාසල් සිසුන් හෝ තරුණ නිපැයුම්කරුවන්ගේ උත්සාහය ඒ ආකාරයේ ලොව මුල් ම නිපැයුම නොවන බවයි. එනිසා ම එය ‘කොපිකැට් නිර්මාණයක්’ යයි ලේබල් ගසා කොන් කර දමන්නට සමහරුන් තැත් කරනවා.

අඵත් දෙයක් හදන්නට – කරන්නට තැත් කරන විට එය ලෝකෙන් ම ප‍්‍රථම වතාවට විය යුතු යයි කිසිදු නීතියක්, සම්ප‍්‍රදායයක් නැහැ. ගතානුගතික උදාසීනයන් බහුතරයක් අතර ඉඳහිට හෝ යමක් දියුණු කිරීමට සිතන ටික දෙනකු සිටීම ඉතා වැදගත්. රටක්, සමාජයක් දියුණු වන්නේ එබන්දන්ගේ උත්සාහයන් හරහා.

සරල උදාහරණයක් ගනිමු. ගෙදරදොර කරදරකාරී පලිබෝධක මීයන් අල්ලා ගන්නට මී කතුරක් භාවිතය සමහරුන්ගේ සිරිතයි. මීයා හීන්සීරුවේ එන යන සතෙක් නිසා ඇල්ලීම ලෙහෙසි නැහැ. මී කතුර (mousetrap) සඳහා විවිධ සැළසුම් හා ආකෘති වෙළඳපොලේ තිබෙනවා. එහෙත් වඩා හොඳ මී කතුරක් නිපදවීමේ උත්සාහය තවමත් නව නිපැයුම්කරුවන් අතහැර දමා නැහැ.

අමෙරිකාවේ පේටන්ට් කාර්යාලය ඇරඹුණේ 1838දී. එදා මෙදා තුර වසර 175ක කාලය තුළ එරට වැඩිපුර ම පේටන්ට් බලපත‍්‍ර නිකුත් කර ඇත්තේ විවිධාකාරයේ මී කතුරු සඳහායි. එනම් පේටන්ට් 4,400ක් පමණ. නොයෙක් උපක‍්‍රම හරහා මීයන් කොටු කර ගැනීමේ සූක්‍ෂම සැළසුම් මේ අතර තිබෙනවා. ඒ හැම එකක ම යම් සුවිශේෂි බවත් ඇතැයි නිර්ණය කිරීමෙන් පසුවයි පේටන්ට් ලබා දී ඇත්තේ.

මේ තරම් මීකතුරු ගැන උනන්දුවක් ඇති වන්නට ඔබේ රටේ මී උවදුරු තදබල ලෙස තිබෙනවා දැයි අමෙරිකානු මිතුරකුගෙන් මා ඇසුවා. ඔහු කීවේ අන් හැම රටක ම සිටින මට්ටමට මීයන් එරටත් හමු වන නමුත් අඵත් දේ හදන්නට හා අත්හදා බලන්නට ඇති දැඟලිල්ල අතින් නම් අමෙරිකානුවන් ඉදිරියෙන් සිටින බවයි. (එරට වෙළඳපොළට පිවිස ඇත්තේ මී කතුරු සැළසුම් දුසිම් දෙකක් පමණ වූවත් අන් නිපැයුම්කරුවන්ගේ සාර්ථක උත්සාහයන් රාජ්‍ය මට්ටමින් පිළිගැනීමට ලක්ව තිබෙනවා. එහි කිසිදු වරදක් නැහැ.)

ශී‍්‍ර ලංකාවේ නව නිපැයුම්කරුවන්ට සීමාකාරී සාධක ලෙස කි‍්‍රයා කරන සමාජයීය ආකල්ප හා ප‍්‍රතිරෝධයන් ගැන අප මේ කොලමින් විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. චින්තනයේ හා දැක්මේ පටු බව නිසා සමහර නව නිපැයුම්කරුවන් පවා තම කුසලතාවලින් හරි හැටි ප‍්‍රයෝජන නොගන්නා අවස්ථා තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

සම්පත් හා පහසුකම් හිඟ වීමටත් වඩා අපේ නව නිපැයුම් අඩුවීමට ප‍්‍රබලතම හේතුවක් නම් අඵතෙන් යමක් කරන්නට යන  ඕනෑ ම කෙනකුට අපේ ගතානුගතික හා වැඩවසම් සමජයෙන් එල්ල වන අනිසි ප‍්‍රතිරෝධයයි. උඩුගම් බලා පිහිනීමට තරම් වීරිය හා ධෛර්ය ඇත්තේ නව නිපැයුම්කරුවන් අතර ටික දෙනකුට පමණයි.

නව්‍යකරණය (innovation) යනු නව නිපැයුම් නිපදවීමට (invention) වඩා පුඵල් සංකල්පයක්. අඵත් ආකාරයකට සිතා සමාජයේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම නව්‍යකරණයේ මූලික හරයයි. එය ගැජට්වලට සීමා වන්නේ නැහැ. තාක්‍ෂණික නව්‍යකරණය මෙන්ම සමාජයීය නව්‍යකරණය ද (social innovation) ඉතා වැදගත්.

මේ දෙවැනි කාණ්ඩයට හොඳ උදාහරණයක් ලෙස ශී‍්‍ර ලංකා අක්‍ෂිදාන ව්‍යාපාරය දැක්විය හැකියි. ඇස් දන් දීමේ උතුම් සංකල්පය නවීන වෛද්‍ය විද්‍යා තාක්‍ෂණය හා ස්වේච්ඡා ව්‍යාපාරයක් හරහා කි‍්‍රයාත්මක කිරීම හරහා ලෝක පූජිත වූ මානුෂික මෙහෙවරක් කිරීමට ශී‍්‍ර ලංකාවට හැකිව තිබෙනවා.

එහෙත් සමහර සංකල්ප හා යෝජනාවල ප‍්‍රායෝගික බව හා සමාජ-ආර්ථික වටිනාකම තක්සේරු කිරීම ලෙහෙසි නැහැ. මා මීට පෙර පහදා දී ඇති පරිදි අපේ රටේ එබඳු ඇගැයීම් කිරීම මුඵමනින් පොතේ උගතුන්ට භාර කිරීම ද සුදුසු නැහැ. (උගත් අධිපතිවාදය පතුරුවමින් ඔවුන් අන් අය කරන දේ හෙළා දැකීමට හෝ අදහස් කොල්ලකෑමට හෝ හොඳහැටි ඉඩකඩ ඇති බැවින්.)

සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

රෝග වාහකයකු ලෙස මහජන සෞඛ්‍යයට බරපතල තර්ජන එල්ල කරන මදුරුවන් මර්දනය කිරීම උදාහරණයකට ගන්න. රුපවාහිනී නාලිකාවේ ‘මාලිමා’ වැඩසටහන් මාලාව මා ඉදිරිපත් කරන කාලයේ (2012 වසර) ඩෙංගු මර්දනයට උපකාර විය හැකි  ඕනෑ ම නව නිපැයුමක් හෝ සංකල්පයක් සඳහා අප විවෘත ආරාධනයක් කළා.

මදුරු බෝවීම හා පැතිරීම සීමා කළ හැකි විවිධාකාරයේ සරල සැකසුම් හා යෝජනා අපට ලැබුණා. එයින් සමහරක් පාසල් සිසුන්ගේ නිර්මාණ. අසල්වැසි දරුවන් ඩෙංගු රෝගයෙන් මිය යාම නිසා කම්පාවට පත් සමහර පාසල් සිසුන් දැඩි අධිෂ්ඨානයෙන් මදුරු මර්දන ක‍්‍රම සොයා ගිය සැටි අප දුටුවා.

මෙවන් හැම නිපැයුමක් ම පේටන්ට් හෝ සම්මාන මට්ටමට නොයන්නට ඉඩ තිබෙනවා. එහෙත් ඒවායේ සමාජ මෙහෙවර ඉතා ඉහළයි. එබඳු අත්හදා බැලීම් කිරීමට හා ඒවාට මාධ්‍ය හරහා යම් ඇගැයීමක් දීමට විවෘත සමාජයක අවකාශ තිබිය යුතුයි. පේටන්ට් හා සම්මාන වන්දනාව හමුවේ ගැටඵ විසඳන අසම්මත චින්තනය මොටවීමට ඉඩ නොදිය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

Dr Suranga Nanayakkara
Dr Suranga Nanayakkara

දැනට විදේශ රටවල (සිංගප්පුරුව, අමෙරිකාව) පේටන්ට් හතරක් ලබා සිටින, සිංගප්පුරුවේ තාක්‍ෂණය හා නව නිර්මාණ සඳහා ම කැප වු සරසවියේ (Singapore University of Technology and Design, SUTD) සහාය මහාචාර්යවරයකු ද වන ආචාර්ය සුරංග නානායක්කාරගෙන් අපේ මේ පේටන්ට් මානසිකත්වය ගැන මා විමසුවා.

ඔහුගේ පිළිතුර: ‘මා සතු පේටන්ට් වලින් මුදල් ඉපැයීමට හැකි වේ යැයි මා නම් සිතන්නේ නැහැ. මගේ මූලික අරමුණ වුයේ පේටන්ට් කිරීම හරහා මගේ විද්වත් දැනුම ප‍්‍රමිතිගත කිරිම හා බෙදාහදා ගැනීමයි. යම් සංකල්පයක් ගැන පේටන්ට් එකක් නිකුත් කර තිබූ පමණට අන් අය එයට සමාන දේ කිරීම වළකින්නේ ද නැහැ. තනි පේටන්ට් එකක් සතු පුද්ගලයකු එය හරහා සැළකිය යුතු ආදායමක් උපදවා ගන්නේ ඉතා කලාතුරකින්. පේටන්ට් එකක් ළඟ තබා ගෙන කවර හෝ ව්‍යාපාරික සමාගමක් පැමිණ එය මිළදී ගනිතැයි සිත සිතා සිටීම කාලය නාස්තියක් ලෙසයි මා දකින්නේ. ඔබට නව්‍යකරණය හා නව අදහස් හරහා සමාජයට වැඩක් කිරීමට සැබැවින්ම  ඕනෑ නම්, ඒ අදහස් හැකි තාක් පුඵල්ව බෙදා හදා ගත යුතුයි. වෙනත් නව නිපැයුම්කරුවන් හා අනෙකුත් උනන්දුවක් දක්වන අය සමඟ සහයෝගයෙන් කි‍්‍රයා කිරීමෙන් ඒ අදහස් ප‍්‍රායෝගික මට්ටමට ගෙන යා යුතුයි. ගැටඵ විසදීමට දායක විය යුතුයි. එසේ නැතිව පේටන්ට් බදා ගෙන සිහින මවමින් සිටීමෙන් කාටවත් ප‍්‍රයෝජනයක් නැහැ!’’

සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

මේ අතර රජයේ නව නිපැයුම් කොමිසමේ අධිපති (කොමසාරිස්) දීපාල් සූරියාරච්චි කියන්නේ නව නිපැයුම්කරුවන් කලාකරුවන් වැනි සේම සළකා කි‍්‍රයා කිරීමට සමාජයට වගකීමක් ඇති බවයි.

 

Deepal Sooriyaarachchi
Deepal Sooriyaarachchi

වසරකට පෙර මා සමග සම්මුඛ සාකච්ඡාවක් කරමින් දීපාල් කීවේ: ‘‘නව නිපැයුම්කරුවන් සිටින්නේ තමන් ජීවත් වන කාලයට වඩා ඉදිරියෙන්. ඔවුන් විය හැකියාවන් හා කළ හැකියාවන් ගැන නිතර සිතනවා (’possibility thinkers’). මේ දැක්ම හා නැඹුරුව ඇත්තේ සමාජයක ටික දෙනකුට පමණයි. ඔවුන් රැක බලා ගෙන දිරිමත් කිරීමට අවශ්‍ය ඒ නිසායි. ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා තරගවලින් සම්මාන දිනා සිය රට එන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගුවන් තොටුපලේ දී පිළිගන්නා අන්දමට ම නව නිපැයුම් තරග දිනා ආපසු එන නව නිපැයුම්කරුවන්ට ද අප හරසර දැක්විය යුතුයි.’’

මෙවැනි ගරු සැළකිලි රාජ්‍ය ආයතනයකින් ලබා දීම ප‍්‍රශංසනීයයි. එහෙත් එය පමණක් මදි. මෙරට මාධ්‍ය ආයතන හා ජන සමාජය ද අපේ නව නිපැයුම්කරුවන්ගේ අදහස් හා නිර්මාණ තුලනාත්මකව ඇගැයීමට ලක් කළ යුතුයි. අන්ධ ලෙසින් චීයර් කිරීම වෙනුවට විචාරශීලීව දිරිමත් කිරීම අවශ්‍යයි.

මට හැකි හැම අවස්ථාවකම මා කරන්නට තැත් කරන්නේත් එයයි.