සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

This is the Sinhala text of my weekly column in Ravaya newspaper of 20 Nov 2011. This week, I continue our discussion on Internet freedom: what can – and must – be regulated online, and how regulation is fundamentally different from control and censorship. I insist that conceptual clarity is as important as technical understanding of how the Internet works.

Similar grounds was covered in two blog posts:
April 2007: Press Freedom in the Digital Age – Seeing beyond our noses and tummies
May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

The web is (largely) free for now...but for how long? Assorted babus are out to cage it!

දස වසරක් කියන්නේ මානව ඉතිහාසයට කෙටි කාල පරාසයක්. එහෙත් මානවයකුගේ ජීවිතයේ සැළකිය යුතු කාල වකවානුවක්. නව සන්නිවේදන තාක‍ෂණයන් පැත්තෙන් බැලූවොත් දිගු කාලයක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ එක් වසරක් තුළ සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක තරම් පරිනාමයක් සිදු වනවා. මේ පරිනාමීය සීඝ්‍රතාව හා එයින් මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට ඇති වන බලපෑම් ගැන අවධියෙන් සිටීම වැදගත්.

දස වසකට පෙරල 2001 ලෝක මාධ්‍ය නිදහස් සමරු දිනය (මැයි 3) සමරන්නට කර්තෘ මණ්ඩල සංසදය හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ගණනාවක් එක්ව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ රැස්වීමේ කථීකයකු ලෙස මටත් ඇරැයුම් කළා. සංවිධායකයන් මගෙන් ඉල්ලා සිටියේ නව සන්නිවේදන තාක‍ෂණයන් මාධ්‍ය නිදහසට දායක වන සැටි ගැන කථා කරන්නයි.

එවකට ජංගම දුරකථන භාවිතය ඇරඹී වසර 12ක් හා වාණිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් ලංකාවට හදුන්වා දී වසර 6ක් ගත වී තිබුණා. නමුත් ජංගම දුරකථනවල වටිනාකම හදුනා ගත්ත ද මාධ්‍ය ආයතන ඉන්ටර්නෙට් ගැන හරිහැටි අවබෝධයක් ලබා තිබුණේ නැහැ. ගෝලීය ප්‍රවණතා හා ආසියා කලාපීය අත්දැකීම් හුවා දක්වමින් මා තර්ක කළේ එළඹෙන වසරවල මාධ්‍ය නිදහසට හා තොරතුරු ගලනයට විප්ලවීය දායකත්වයක් ඉන්ටර්නෙට් හරහා ලැඛෙන බවයි. ඉන්ටර්නෙට් ප්‍රගමනය මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වන අතර එයින් නව අභියෝග ද මතු කරන සැටි මා පෙන්වා දුන්නා.

මගේ කරුණු දැක්වීම මෙරට මාධ්‍යවේදීන්ට අදාල නොවන ‘බටහිර’ සංකල්පයක් බවට ප්‍රබල තර්කයක් සභාවෙන් මතුව ආවා. මාධ්‍යවේදීන් හා කතුවරුන් බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් පුන පුනා කියා සිටියේ රජය හා මාධ්‍ය හිමිකරුවන්ගෙන් විවිධාකාර හිරිහැර විදින අපේ මාධ්‍යවේදීන්ට ‘ඔය ඉන්ටර්නෙට් විලාසිතාවලට කාලයක් නැති’ බවයි. එක් පසෙකින් මරණීය තර්ජනවලට මුහුණ දෙමින්, තවත් පසෙකින් අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ වැඩ කරමින් සිටින බහුතරයක් මාධ්‍යවේදීන්ට ඉන්ටර්නෙට් ගැන කථා කිරීම ම ඔවුන්ට අවමන් කිරීමක් බවට එක් තරුණ මාධ්‍ය සගයෙක් කියා සිටියා!

ඔවුන්ගේ සංදේහවාදය (scepticism) අගය කරමින් මා ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස සදහා අරගල කරද්දී අද ගැන පමණක් නොව හෙට ගැන ද අවධානය යොමු කරන ලෙසයි. ඉන්ටර්නෙට් පෙරටු කරගත් නව සන්නිවේදන තාක‍ෂණයන්ගේ සිඝ්‍ර ව්‍යාප්තිය සමග සාම්ප්‍රදායිකව තොරතුරු ගලනය පාලනය කරන්නට රාජ්‍යයන්, සමාගම් හා වෙනත් බලාධිකාරයන් යොදා ගත් උපක්‍රම තව දුරටත් සාර්ථක නොවනු ඇතැයි මා අනාවැකි පළ කළා. එහෙත් ඒ තොරතුරු ප්‍රවාහය උත්සන්න වීමත් සමග තොරතුරු ජනනය හා ගලනය කරවන මාධ්‍යවේදීන් හා අනෙකුත් විද්වතුන්ට අළුත් වගකීම් සමුදායක් බිහි වන බවත්, තොරතුරු ප්‍රවාහයට වේලි බැදීමේ නව උපක්‍රම බලාධිකාරීන් සොයා ගනු ඇති බවත් මා තව දුරටත් කියා සිටියා.

එදා ආවේගශීලීව මා සමග තර්ක කළ තරුණ මාධ්‍යවේදීන් වසර පහක් යන්නට පෙර තමන්ගේ ම ප්‍රවෘත්ති හෝ මතවාදී වෙබ් අඩවි ඇරඹීම දෙස මා බලා සිටියේ උපේක‍ෂා සහගතවයි. එමෙන් ම දස වසක ඇවෑමෙන් ඉන්ටර්නෙට්, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මා එදා කී ලෙසින් ම සංවාදයක් ඇති වී තිඛෙන ආකාරය මා දකින්නේ ද මහත් ඕනෑකමින්.

සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් 1990 සිට මෙරට ක්‍රියාත්මක වූවත් වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වුණා.

මේ වන විට මෙරට ජනගහනයෙන් අඩු තරමින් සියයට 10ක් (ලක‍ෂ 20 ක් දෙනා) නිතිපතා ඉන්ටර්නෙට් පරිශීලනය කරනවා. (ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මීට අඩුයි. ඇතැම් දෙනා හවුලේ භාවිත කරන ගිණුම් රැසක් තිඛෙනවා.) සෘජුව භාවිත කරන ජන සංඛ්‍යාවට අමතරව එම මාධ්‍යයේ බලපෑම වක්‍රව ලබන තවත් ජන පිරිසක් ද සිටිනවා.

අද වන විට ඉතා විශාල තොරතුරු සමුදායක් නිතිපතා ඉන්ටර්නෙට් හරහා හුවමාරු වනවා. එය විවිධ මට්ටම්වල සිදු වනවා. පුද්ගලයන් හෝ ආයතන අතර පෞද්ගලිකව සිදුවන හුවමාරු තිඛෙනවා. (email, Skype, Facebook කථා බහ ආදිය). මේවා සෙසු අයට විවෘත නැහැ. ඇතැම් වෙබ් අඩවි ද මුරපදයක් (password) යොදා අවසර ගෙන ඇතුල් විය යුතු ආකාරයේ ඒවායි. සමහර මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයිතියි.

එසේ නොමැතිව ඕනෑ ම කෙනෙකුට නොමිළයේ පිවිසීමට හැකි වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. ඒවා තුළ ප්‍රවෘත්ති, මතවාද, ඡායාරූප, කාටුන් රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික හා වෙනත් විශේෂිත අන්තර්ගතයන් තිඛෙනවා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි, මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන්නට තැත් කරන වෙබ් අඩවි මෙන්ම අසභ්‍ය පින්තූර හා විඩියෝ ඇතුළත් අඩවි ද තිඛෙනවා.

බලා ගෙන ගියා ම මුද්‍රිත මාධ්‍යයේත් අඩු වැඩි පමණට මේ විවිධත්වය හමු වනවා. එහෙත් එක් ප්‍රධාන වෙනසක් වන්නේ මුද්‍රිත මාධ්‍ය සංසරණයට තැපෑල හෝ පත්තර ලෑලි හෝ පොත් සාප්පු හෝ අවශ්‍ය වූවත් ඉන්ටර්නෙට් හරහා මේ අන්තර්ගතයන් පරිශීලනයට අවශ්‍ය වන්නේ පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් හා ඉන්ටර්නෙට් පහසුකම පමණයි. එ නිසා නිවසේ, කාර්යාලයේ මෙන් ම මහමගදී වූවත් එයට බද්ධ විය හැකියි.

අතට හසු නොවන, මනසට පවා නුහුරු මේ අළුත් ‘සෙල්ලම’ ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමගයි. අළුත් දෙයකට හුරු වන්නට කල් ගත වීම ස්වාභාවික වූවත්, දිගින් දිගට ම නව මාධ්‍යයක් දෙස වපර ඇසින් බැලීම හොද ද?

වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයට හා කාලීන සිදුවීම් විග්‍රහයන්ට යොමු වීමයි. මේ ප්‍රවණතාව රජයට පමණක් නොව සාම්ප්‍රදායික ජන මාධ්‍යවලටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙනවා.

ලොව පුරා ම ඉන්ටර්නෙට් හරහා පමණක් ප්‍රවෘත්ති ඛෙදා හරින හා අදහස් ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවි ගණන වැඩි වෙමින් තිඛෙනවා. මේවා ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත්වල වෙබ් අඩවිවලට වඩා ආකෘතියෙන් හා ස්වභාවයෙන් වෙනස්. යම් තරමකට මේවා සම කළ හැක්කේ පැය 24 පුරා ම පුවත් ආවරණයේ යෙදෙන, චන්ද්‍රිකා හරහා විකාශය කැරෙන ටෙලිවිෂන් නාලිකාවලටයි (උදා. CNN). දේශ සීමා හා රාජ්‍ය නීතිරීතිවලට නතු නොවී වාර්තාකරණයේ යෙදීමේ හැකියාව මේ දෙවර්ගයට ම තිඛෙනවා. අසාධාරණ මාධ්‍ය මර්දනය හෝ නිල පුවත් පාලනයක් හෝ පවතින රටවල (උදා. බුරුමය) සැබෑ තොරතුරු එරට වැසියන් දැන ගන්නෙත්, පිටස්තර ලෝකයට යන්නේත් මෙබදු සේවා හරහායි.

ඉන්ටර්නෙට් යනු මුළුමනින් පාලනය (control) කළ හැකි මාධ්‍යයක් නොවේ. අපේ රට තුළ වෙබ් අඩවි තහනම් කිරීම ගැන විටින් විට සංවාදයන් මතු වනවා. වෙබ් අඩවියක් තහනම් කිරීම යනුවෙන් මෙරට අදහස් වන්නේ රට තුළ ඉන්ටර්නෙට් සබදතා හරහා යම් වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම (blocking) පමණයි. ඒ වෙබ් අඩවි සෙසු ලෝකයට ම බලා ගත හැකියි. එසේම චරදංහ නම් වට රවුම් තාක‍ෂණික ක්‍රමයක් හරහා අවහිර කළ වෙබ් අඩවි මෙරට සිට බලා ගන්නටත් හැකියි. මෙරට හිතුමතයට, හිතෙන වෙලාවට වෙබ් අඩවි අවහිර කරන්නට බලධාරීන් කි්‍රයා කළත් පරිනත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල එසේ කළ හැක්කේ අධිකරණ නියෝග මත පමණයි. එහිදී නිශ්චිත අපහාසයක් හෝ අගතියක් හෝ සිදු වන බවට අධිකරණයට ඒත්තු ගිය යුතුයි.

පුවත් වාර්තාකරණයේ යෙදෙන ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල හිමිකරුවන් හා සංස්කාරකයන් සොයා ගත නොහැකි යයි කීම මුළුමනින් ම සත්‍ය නැහැ. ඉන්ටර්නෙට් අක්මුල් ආපසු සොයා ගෙන යා හැකි තාක‍ෂණයක්. අවශ්‍ය තාක‍ෂණික දැනුම, ශිල්ප ඥානය හා අධිකරණ නියෝගයක් තිබේ නම් අනන්‍යතාවය හෙළි නොකර ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවියක පසුබිම අනාවරණය කර ගත හැකියි. එහෙත් එය ලෙහෙසි නැහැ. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවි යොදා ගන්නා වෙබ් ඉඩකඩ (servers) ඇත්තේ බටහිර රටවල හෝ සිංගප්පූරුව වැනි ස්ථානවලයි. (මෙයට වෙළදපොල හේතු තිඛෙනවා)

ලංකාවේ ඉන්ටර්නෙට් ආගමනය වූ දා පටන් ඒ ගැන අධ්‍යයනය කරන මා මිත්‍ර චානුක වත්තේගම කියන්නේ රුසියාව වැනි රටවල් එබදු සහයෝගය නොදෙන නිසා එබදු රටක වෙබ් අඩවියක් මුල්ගත (host) කළොත් එහි හිමිකරුවන් හදුනාගැනීම දුෂ්කර වන බවයි.

චානුක අවධාරණය කරන පරිදි, මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, සගරා) හා විද්යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) සම්බන්ධයෙන් අදාල භෞතික තත්ත්වයන් හා නියාමන/පාලන හැකියාවන් ඉන්ටර්නෙට් මාධ්‍යයට ඍජුව අදාල නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එය මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන් භෞතික ලෝකයේ සංසරනය වන මාධ්‍යයක් නොවෙයිග පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් මානසිකත්වයේ හැදී වැඩුණු අප බොහෝ දෙනකුට ඉන්ටර්නෙට් සංකල්පමය අභියෝගයක් එල්ල කරනවා.

ඉන්ටර්නෙට් මුල පටන් ම සැළසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරියකට (රාජ්‍ය, හමුදා හෝ සමාගම්) නතු කර ගෙන පාලනය කළ නොහැකි ලෙසටයි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක‍ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් අමෙරිකානු රජයට වුවත් ඉන්ටර්නෙට් හසුරුවන්නට බැහැ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රාජ්‍ය තාන්ති්‍රක රහස් හෙළදරවු වීම නතර කරන්නට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබුණත් එයට තාක‍ෂණික හැකියාවක් තිබුණේ නැහැ. තනි රජයකට නොව ලෝකයේ රාජ්‍යන්ගේ සාමුහිකය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පාලනය පිළිබද අවසන් බලතල නැහැ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික, අනාරක‍ෂිත හා අන්තරාදායක පරිසරයක් යන්න නොවෙයි. ඉන්ටර්නෙට් හරහා ඩිජිටල් (අංකිත) ස්වරූපයෙන් තොරතුරු ගලා යාමට ලොව පුරා ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාත්මක ප්‍රමිතීන් හා එකගතාවයන් තිඛෙනවා. ඒවා ස්වයං නියාමනය කැරෙන ක්‍රමවේදයන් ද පසුගිය වසර 25 තුළ බිහි වී තිඛෙනවා.

සරල උදාහරණයකට රාවය වෙබ් අඩවියේ www.ravaya.lk ලිපිනය බලන්න. මේ ලිපිනය (URL) රාවය වෙඩ් අඩවියට සුවිශේෂීයි. එය ලබාගෙන ඇත්තේ .lk මගින් අවසන් වන සියළු වෙබ් ලිපිනයන් අනුමත කිරීමේ බලය ලත් LK Domain Name Registry (www.nic.lk) නම් ආයතනයෙන්. එය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වෙතත් එහි බල මූලය වන්නේ ICANN (www.icann.org) නමැති ලෝකයේ ම වෙබ් නාමකරණය නියාමනය කරන සංවිධානයයි. ඔබ .lk නොකැමති නම් .com හා .org වැනි ලිපිනයන් භාවිත කළ හැකියි. ඒවා නිකුත් කිරීමේ වරම ඇති සමාගම් විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එහෙත් ඒ සියල්ල අන්තිමේදී සම්බන්ධ වන පොදු ICANN ප්‍රමිති හා රීති මාලාවක් තිඛෙනවා. මේ රාමුවට පිටින් යන හිතුවක්කාර කිසිවකුට ඉන්ටර්නෙට් හරහා තොරතුරු දෙන්න හෝ ලබන්න හෝ නොහැකියි. නමුත් මේ නියාමනය සිදු වන්නේ ඉන්ටර්නෙට් යටිතල පහසුකම්වලට (internet infrastructure) අදාල ව මිස ඒ හරහා ගලා යන තොරතුරු සම්බන්ධයෙන් නොවෙයි.

අප කැමති වූවත් නැතත් නව සන්නිවේදන තාක‍ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වනවා. ඒවා අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකක් තිඛෙනවා. එකක් නම් ‘ඕවා අපට එපා’ කියමින් අපේ රටට එම තාක‍ෂණය/මාධ්‍යය පිවිසීම නතර කිරීමයි. (1968දී ජර්මනියෙන් ත්‍යාග කරන්නට ගිය ටෙලිවිෂන් විකාශ පහසුකම් එවකට පැවති රජය ප්‍රතික්ශෙප කළේ ඇතැම් පණ්ඩිතයන්ගේ අවවාද නිසයි.) දෙවැනි විකල්පය නම් අවධි වූ සිහියෙන් යුතුවල නිසි නියාමනයක් (regulation) සහිතව නව සන්නිවේදන තාක‍ෂණයන් මෙරට ස්ථාපිත වන්නට ඉඩ දීමයි.

ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර, ලෝකයත් සමග ගනුදෙනු කරන තත්ත්වයකට යන්නට නම් දෙවැනි විකල්පය තෝරා ගත යුතුයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වනවා. එය හරි හැටි තෝරා බේරා නොගැනීම නිසයි අද දක්වා ම ඉන්ටර්නෙට් ගැන මේ තරම් බයක් සැකක් පවතින්නේ.

සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය

This is the Sinhala text of my Ravaya column published on 13 Nov 2011, where I continue my discussion on the future of newspapers. I look at the last newspaper boom currently on in Asia, and caution that good times won’t last for long: take advantage of it to prepare for the coming (and assured) turbulence in the mainstream media!

J Seward Johnson's statue of Newspaper Reader - at Princeton University garden

අප දන්නා විදියේ පුවත්පත්වලට වසර 400කට වැඩි ඉතිහාසයක් තිඛෙනවා. ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයත් වසර 180ක් පමණ පැරණියි. තවමත් නිතිපතා ජනතාව අතරට යන පැරණිතම ජනමාධ්‍ය වන පුවත්පත්, 21 වන සියවසේ තාක‍ෂණික හා ආර්ථීක අභියෝග ජය ගනියි ද? අප විවිධ පැතිකඩවලින් විග්‍රහ කරන ප්‍රශ්නය මෙයයි.

පුවත්පත් කර්මාන්තය සසල කරමින් ලොව බොහෝ රටවල මේ දිනවල පැතිර යන මාරුතය ගැන අප ගිය සතියේ කථා කළා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. එයට වෙනස් ප්‍රවණතාවක් ආසියාවේ දක්නට ඇති බවත් සදහන් කළා. කුමක් ද මේ වෙනස?

2000 දශකය අවසන් වන විට ආසියාවේ පුවත්පත් සදහා වෙළදපොල ඉල්ලූම වැඩිවෙමින් තිබුණා. ලෝක පුවත්පත් සංගමය (World Association of Newspapers, WAN) එකතු කළ දත්තවලට අනුව, ලොව වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 10න් 9ක් ම ඇත්තේ ආසියාවේ – එනම් ජපානයේ හා චීනයේ. පත්තර ලෑලි හරහා හෝ දායකත්වය හරහා හෝ විකිණෙන පුවත්පත්වල (නොමිළයේ දෙන පුවත්පත් නොවෙයි) සමස්ත අලෙවිය සළකන විට අද ලෝකයේ විශාලතම පුවත්පත් වෙළදපොලවල් ඇත්තේ චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් තුනේයි. සිවු වැනි තැනට එන්නේ අමෙරිකාවයි. (බලන්න: http://tiny.cc/Circ)

ලෝකයේ වෙනත් කලාපවල පාඨකයන් පුවත්පත් මිළදී ගැනීම අඩු කරන අතර ආසියාවේ එය වැඩි වෙමින් පවතින බව WAN සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා. උදාහරණයකට 2008 වසරේ ඉන්දියානුවන් මිලියන 11.5ක් දෙනා ප්‍රථම වතාවට පුවත්පත් කියවන්නට පටන් ගත්තා. මේ ඇයි?

ආසියාවේ ආර්ථීක වර්ධනයත් සමග මධ්‍යම ජාතිකයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉහළ යන ආදායම් මට්ටම් හා සාක‍ෂරතා/අධ්‍යාපනික මට්ටම් සමග පුවත්පත් සදහා ඉල්ලූම වැඩි වනවා. එමෙන්ම පත්තරයක් දිනපතා මිළට ගැනීම යම් අන්දමකින් සමාජ තත්ත්වයක් පෙන්නුම් කරන බවට පිළිගැනීමක් ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල තිඛෙනවා.

ජනගහනයට සාපේක‍ෂව වැඩිපුර ම පුවත්පත් මිළදී ගන්නා රට ජපානයයි. ලෝකයේ සියළුම රටවල සියළුම භාෂාවලින් පළ කැරෙන පුවත්පත් අතර වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 5 හමුවන්නේ ජපානයේ. පත්තර කියවීම ජපන් ජාතිකයන් අතර ඉතා හොදින් මුල් බැස ගත් පුරුද්දක්. ලංකාවේ පුවත්පත් අලෙවිය පිළිබද නිවැරදි හා පැහැදිලි තොරතුරු සොයා ගැනීම අසීරුයි. කිසිදු පුවත්පත් සමාගමක් තම අලෙවි සංඛ්‍යා හෙළි කරන්නේ නැහැ. ඇතැම් රටවල මෙන් අපක‍ෂපාතව මුද්‍රිත මාධ්‍ය ෙක‍ෂත්‍රයේ දත්ත විග්‍රහ කරන පර්යේෂණායතන ඇත්තේ ද නැහැ.%

අප ආසියාවේ දැන් අත් විදින්නේ පුවත්පත් ප්‍රකාශන ලෝකයේ දැකිය හැකි වන අවසාන සරු කාලය (world’s last newspaper boom) බව ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. පුවත්පත් පමණක් නොව ජන මාධ්‍ය හැමෙකක් ම පාහේ වැඩිපුරම පරිශීලනය වන්නේ ප්‍රචලිත වී ඇත්තේ ආසියාවේයි. එයට හේතුව (නොබෝදා බිලියන් 7 ඉක්මවා ගිය) ලෝක ජනගහනයෙන් සියයට 60ක් වෙසෙන්නේ ආසියාවේ වීමයි. තවත් හේතුවක් නම් පසුගිය දශක දෙක තුළ එතෙක් සංවෘතව තිබූ මාධ්‍ය වෙළදපොලවල් විවෘත වීම නිසා දෙස් විදෙස් ආයෝජන මාධ්‍ය ෙක‍ෂත්‍රයට වැඩියෙන් ගලා ඒමයි.

මේ වත්මන් ප්‍රවණතා දෙස බලන විට අප නිගමනය කළ යුත්තේ සෙසු ලෝකයේ දැනට සිදුවන මාධ්‍ය වෙළදපොල ගරාවැටීම ආසියාවට නොඑන බව ද? වෙළදපොල පරිනාමීය ප්‍රවාහයන්ට ඔරොත්තු දිය හැකි තරම් ආසියානු මාධ්‍ය ආයතන ශක්තිමත් බව ද?

ගෝලීයකරණය වූ තොරතුරු සමාජය තුළ ලෝක ව්‍යාප්තව පැතිර යන සැඩ සුළංවලින් ආසියාවේ අපට මුළුමනින් ම ආරක‍ෂා වී සිටිය හැකි යයි සිතීම ස්වයං මුලාවක්. 2009 අගදී මෙරට පුවත්පත් හිමිකරුවන්, කතුවරුන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිටි සභාවක් අමතමින් මා කියා සිටියේ ලෝක මට්ටමින් සිදු වන සන්නිවේදන ප්‍රවණතා මෙරටට පැමිණෙන්නට යම් තරමක ප්‍රමාදයක් ඇති බවයි.

උදහරණයකට ලෝකයේ ටෙලිවිෂන් විකාශයන් 1929දී (අමෙරිකාවේ) ඇරඹුණත් එය ලංකාවේ පටන් ගත්තේ 1979දී – එනම් වසර 50කට පසුව. එහෙත් වාණිජ මට්ටමේ ජංගම දුරකථන සේවා මුල්වරට (ජපානයේ) 1979දී ඇරැඹි දස වසක ඇවෑමෙන් 1989දී මෙරට මුල් ම ජංගම දුරකථන ජාලය ක්‍රියාත්මක වුණා. වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා 1980 දශකය අගදී ලොව දියුණු රටවල ඇරැඹුණු අතර 1995දී ලංකාවත් සයිබර් අවකාශයට සම්බන්ධ වුණා.

මේ කාලාන්තරය එන්න එන්න ම කෙටි වීම අද තොරතුරුක සමාජයේ ගති සොබාවයි. එය ප්‍රවණතාවක් හැටියට ගතහොත් හොදට හෝ නරකට හෝ මාධ්‍ය හා තොරතුරු තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ලොව ඇති වන නව රැලි නොබෝ දිනකින් ම අපේ දූපතටත් ළගා වනවා.

ලොව පුරා හමා යන මාධ්‍ය වෙළදපොල සැඩ සුළංවලින් අපව සුරැකෙන්නේ නැහැ. එයට තව වසර කිහිපයක් තුළ අපට ද මුහුණ දෙන්න සිදු වනවා. එහෙත් අපට උපක්‍රමශීලීව මේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගත හැකියි. වෙනත් දියුණු හා දියුණු වන රටවල මාධ්‍ය ආයතන මේ අභියෝගයට මුහුණ දෙන සැටි හා හැඩ ගැසෙන සැටි අප හොදින් අධ්‍යයනය කළ යුතුයි. ළග එන මාරුතයට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසීම අවශ්‍යයි.

පුවත්පත් යනු කර්මාන්තයක් වුවත් එය අනෙකුත් වාණිජමය ව්‍යාපාරවලට වඩා සංකල්පමය හා ප්‍රායෝගික අතින් වෙනස්. පුවත්පතක අන්තර්ගතය නිර්මාණය වන්නේ පූර්ණකාලීන හා නිදහස් මාධ්‍යවේදීන් ගණනාවකගේ දායකත්වයෙන්. ප්‍රවෘත්ති, විචිත්‍රාංග, ඡායාරූප හා විද්වත් ලිපි ආදිය පුවත්පත් කාර්යාලයක් ඇතුළතින් මෙන් ම පිටතින් ද ජනනය වනවා. මේ සියල්ල සමානුපාතික කොට, නිසි පිටු සැළසුමක් සහිතව කලට වේලාවට මුද්‍රණය කරන්නටත්, එම පිටපත් රට පුරා කාර්යක‍ෂමව ඛෙදා හරින්නටත් මනා සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. එමෙන්ම පුවත්පත් ආදායමට සම්මාදම් වන වෙළද දැන්වීම්කරුවන් සමග නිති සබදතා පවත්වා ගත යුතුයි.

වෙනත් භාණ්ඩ මෙන් නිපදවා ගබඩා කර ගැනීමේ හැකියාවක් පුවත්පත්වලට නැහැ. වඩාත්ම අළුත් පුවත් හා විග්‍රහයන් හැකි ඉක්මනින් පාඨකයන් අතට පත් කිරීමේ අභියෝගයට ලොව පුරා පුවත්පත් කාර්්‍යාලවල කර්තෘ මණ්ඩල මෙන්ම මුද්‍රණ හා ඛෙදා හැරීමේ සේවකයන්ද දිවා රෑ මුහුණ දෙනවා. කාලය සමග කරන මේ තරග දීවීමට සමාන්තරව ඔවුන් තමන්ගේ තාරගකාරී පුවත්පත් ගැන අවධානය යොමු කළ යුතුයි.

රටේ බල පවත්නා නීති, සදාචාරමය රීතිවලට ගරු කරමින් ඒ සම්මත රාමුව තුළ නැවුම් වූත්, සිත් ඇද ගන්නා වූත් පුවත්පතක් දිනපතා හෝ සතිපතා නිකුත් කළ යුතුයි. ඔබ මේ කියවන පත්තර පිටපත ඔබ අතට එන්නට බොහෝ දෙනකු නන් අයුරින් දායක වී තිඛෙනවා. බලා ගෙන ගියා ම පත්තරයක් කියන්නේ සුළුපටු ප්‍රයත්නයක් නොවෙයි!

එමෙන්ම පුවත්පත් යනු හුදෙක් මුද්‍රිත කොළ කෑලි සමූහයක් නොවෙයි. ප්‍රකාශන ඉතිහාසය මුළුල්ලේ දියුණු වී ආ සම්ප්‍රදායයන් හා ආචාරධර්ම රැසක් නූතන පුවත්පත් කලාවට තිඛෙනවා. ලෝකයේ හැම පුවත්පතක් ම එක හා සමාන අයුරින් මේවාට අනුගත වන්නේ නැහැ. එහෙත් පුළුල්ව පිළි ගැනෙන ‘පොදු සාධකයක්’ නම් පුවත්පත් නියෝජනය කරන්නේ හිමිකරුවන් හා දැන්වීම්කරුවන්ට වඩා පාඨකයන් ඇතුළු ජන සමාජය බවයි. මේ පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටීම නිසා මාධ්‍ය ආයතනවලට හා ඒවාට අනුයුක්ත මාධ්‍යවේදීන්ට සමාජයේ සුවිශේෂ තැනක් ලැඛෙනවා.

මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නියෝජනය කරන පුවත්පත් රැක ගැනීමට සිවිල් සමාජයේ නැඹුරුවක් තිඛෙනවා. සාමාන්‍ය මුද්‍රණාලයකට තබා පොත් මුද්‍රණය කරන ප්‍රකාශන සමාගමකටවත් නැති තරමේ ගෞරවයක් පුවත්පත් ආයතනවලට තවමත් ලැඛෙනවා. නමුත් මේ ඓතිහාසික සබැදියාව පලූදු වන ආකාරයේ බාල අන්තර්ගතයන් ඛෙදන්නට පටන් ගත් විට පාඨකයන් එබදු පුවත්පත් මිළට ගන්නට (හෝ නිකම් දුන්නත් කියවන්නට) කැමැති වන්නේ නැහැ.

අමෙරිකානු මාධ්‍ය ආයතනවල අනාගතය ගැන 1993දී ප්‍රකට ලේඛකයකු කළ අනාවැකියක් ගැන අප ගිය සතියේ සදහන් කළා. පාඨක විශ්වාසය ගරා වැටෙන බව දැන ගත් ඇතැම් මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රකාශන කියවීමට විවිධාකාර ත්‍යාග පවා දීමට පටන්ගෙන තිඛෙනවා. මේ ආකාරයේ ‘අල්ලස්’ හා ‘සීනිබෝල’වලින් බහුතර පාඨකයන් රවටන්නට අමාරුයි. මොන උපක්‍රම යොදා ගත්තත් පාඨකයන්ගේ විශ්වාසය නොමැතිව වැඩි කල් පවතින්නට කිසිදු පුවත්පතකට බැහැ.

පත්තරයක් කියන්නේ මහජන මනාපය දිනපතා ම හෝ සති අගදී හෝ නිරතුරුව පතන හා ලබන ප්‍රකාශනයක්. මේ මනාපය දිගින් දිගට පවත්වා ගැනීමේ අභියෝගයක් තිඛෙනවා. එය තරගකාරී වෙනත් පුවත්පත් සමග පමණක් ඇති තරග දිවීමක් නොවෙයි. පත්තරවලට වඩා ඉක්මනින් ප්‍රවෘත්ති රටට දීමේ හැකියාව රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යයන්ට තිඛෙනවා. ඒ විද්යුත් මාධ්‍යවල ව්‍යප්තියත් සමග තමන්ගේ අන්තර්තය හා මුහුණුවර වෙනස් කරන්නට බොහෝ පුවත්පත්වලට පසුගිය දශක දෙක තුළ සිදුවුණා.

විද්යුත් මාධ්‍ය ඉක්මන් වූවත් යමක් ගැඹුරින් විග්‍රහ කිරීමේ ඉඩකඩ සීමිතයි. මේ නිසා ලොව පුරා පුවත්පත් තනිකර ප්‍රවෘත්ති ආවරණයට වඩා අද උත්සාහ කරන්නේ ප්‍රවෘත්ති විග්‍රහ කිරීමටයි. ප්‍රවෘත්ති බවට පත් වන සිදුවීම් සමාජයේ විවිධාකාර ප්‍රවාහයන්ගෙන් මතු වන නිසා පිටුපසින් ඇති සාධක හා ප්‍රවණතා මනා සේ හදුනාගැනීම සංකීර්ණ සමාජයක වෙසෙන අප කාටත් වැදගත්. මේ ප්‍රවාහයන් ගැන පර්යේෂකයන්, සමාජ සේවකයන් හා විද්වතුන් කරන විග්‍රහවලට දැන් පුවත්පත් හා පුවත් සඟරාවල වැඩි තැනක් ලැඛෙනවා. අද බටහිර ඇතැම් පුවත්පත් Newspaper යන නමට සමාන්තරව Viewspaper යන නම ද තමන් හැදින්වීමට යොදා ගන්නවා.

මෙකී නොකී සියල්ල මා දකින්නේ පරිනාමීය හැඩ ගැසීම් හැටියටයි. වඩාත් සවිමත් උචිත වූ ජීවීන් ඉතිරි කරමින් දුර්වලයන් වඳ කර දමන ජෛවීය පරිනාමය මෙන් ම තොරතුරු සමාජයේ ද පරිනාමීය බලවේග ක්‍රියාත්මක වනවා. එහෙත් ජෛව පරිනාමයට වඩා එය සියුම් හා බුද්ධිගෝචරයි. මාධ්‍ය ග්‍රාහකයන්ට හරවත්, ප්‍රයෝජනවත් දෙයක් සිත් කාවදින අයුරින් ඉදිරිපත් කරන පුවත්පතකට අද මහා තොරතුරු ප්‍රවාහයේ නොගිලී පවතින්නට ඉඩක් ඇතැයි මා විශ්වාස කරනවා.

බලන්න: http://tiny.cc/DigImi

සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?

This is the Sinhala text of my weekend column in Ravaya, published on 6 Nov 2011. To mark the newspapers’s 25th anniversary that falls this month, I begin some reflections on the future of newspapers. In this first piece, I discuss how science fiction and thriller writer Michael Crichton (1942-2008) once foresaw the fate of what he called ‘Mediasaurus’.

Who succeeds mediasaurus?
Who succeeds mediasaurus?

රාවයට වසර 25ක් සපිරෙන්නේ 2011 නොවැම්බර් මාසයේ. මගේ මාධ්‍ය හා සන්නිවේදන ජීවිතයට වසර 25ක් පිරුණේ 2011 සැප්තැම්බරයේ. මේ පිය සටහන් දෙක නිමිති කර ගෙන එක්කෝ මට යටගිය දවස් ගැන ආවර්ණය කළ හැකියි. නොඑසේ නම් මේ සංධිස්ථානයේ කෙටි විරාමයක් ගනිමින් ගනිමින් ඉදිරිය ගැන මෙනෙහි කළ හැකියි. මා කවදත් අනාගතය දෙස එබී බලන්නට කැමැති නිසා පුවත්පත් කලාවේ හා මාධ්‍ය කර්මාන්තයේ හෙට දවස ගැන කථා කරමු.

අද ලොව බහුවිධ ජනමාධ්‍ය අතරින් සංවිධානාත්මකව පවතින පැරණිතම ජන මාධ්‍යය පුවත්පත හෙවත් මුද්‍රිත මාධ්‍යයයි. මුද්‍රණ යන්ත්‍ර මගින් පිටපත් මුද්‍රණය කොට අලෙවි කළ, කාලීන තොරතුරු රැගත් වාරික ප්‍රකාශනයක් ලෙස දැනට හදුනාගෙන ඇති පැරණිතම පුවත්පත මුල් වරට එළි දැක්කේ 1605දී ජර්මනියේ. මේ අනුව වසර 400කට වැඩි ඉතිහාසයක් පුවත්පත්වලට තිඛෙනවා. මේ සියවස් හතරක කාලය තුළ සිනමාව, රේඩියෝව, ටෙලිවිෂනය හා ඉන්ටර්නෙට් මාධ්‍යවල බිහි වීමත් සමග නව අභියෝගවලට මුහුණ දෙමින් පරිනාමය වී ආ පුවත්පතේ ඉතිහාසය විචිත්‍රයි.

21 වන සියවසේ නූතන තොරතුරු සමාජයේ ප්‍රවණතා හා ග්‍රාහක බලාපොරොත්තුවලට ප්‍රතිචාර දක්වමින් හැඩ ගැසෙන්නට පුවත්පත් කලාවට හා කර්මාන්තයට හැකි ද? නැත්නම් ඉදිරි වසර හෝ දශක කිහිපය තුළ පුවත්පත් වද වී යාමේ තර්ජනයක් ඇත් ද?

මුද්‍රිත මාධ්‍යයේ අනාගතය ගැන සුභවාදීව මෙන්ම අසුභවාදීව කැරෙන විග්‍රහයන් තිඛෙනවා. පත්තර කියවමින් හැදී වැඩී, පත්තරවලට දැඩි ඇල්මකින් යුතුව මාධ්‍ය ලෝකයට පිවිසී, කලක් පත්තරවල වැඩ කළ මට මේ ෙක‍ෂත්‍රය ගැන ලෙන්ගතුකමක් හා බැදීමක් තිඛෙනවා. එහෙත් ඒ බැදීම්වලින් මදකට දුරස් වී තුලනාත්මකව හා යථාර්ථවාදීව පුවත්පතේ අනාගතේ දෙස බැලීමට මා උත්සාහ කරනවා.

සොබා දහමේ නොනවතින පරිනාමීය කි්‍රයාදාමයක් පවතින බව (evolutionary process) අප දන්නවා. ඒ පරිනාමයේදී වඩාත් සවිමත්, උපක්‍රමශීලී හා ආක්‍රමණශීලී ජීවීන් ඉතිරි වන අතර අනෙක් ජීවීන් මුළු ගැන්වී, ව`ද වී යනවා. මෙයට සමාන ප්‍රවාහයන් මානව සමාජය හා වෙළ`දපොල ආර්ථීකය තුළත් ක්‍රියාත්මක වනවා. කාලානුරූපව හැඩ ගැසෙන්නට නොහැකි හෝ නොකැමැති හෝ කර්මාන්ත, ආයතන හා සම්ප්‍රදායයන් කල් පවතින්නේ නැහැ. ජනමාධ්‍ය ෙක‍ෂත්‍රයටත් මෙය අදාලයි.

මේ බව ප්‍රබලව අපට කියා දුන් එක් අයකු වූයේ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසජනක කථා රචක මයිකල් ක්‍රයිටන් (Michael Crichton). වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔහු ජුරාසික් පාක් (Jurassic Park) පොත් පෙළ ලිවීම නිසා ලෝප්‍රකට වුණා. ජෛවීය ඉතිහාසයේ වසර මිලියන් 165ක පමණ කාලයක් තිස්සේ මහ පොළවේ ප්‍රබලතම සත්ත්ව කොට්ඨාශය වූ ඩයිනසෝරයන් (dinosaurs) නැවත බිහි කිරීමේ භයානක විද්‍යාත්මක අත්හදා බැලීමක් පාදක කර ගත් ඒ කථා, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් බවටත් පත් කළා.

ඩයිනෝසරයන් වද වී යාමට හේතු ගැන විද්‍යාඥයන් තවමත් තර්ක විතර්ක කරනවා. ඩයනසෝරයන් පමණක් නොවෙයි වෙනත් සත්ත්ව කොට්ඨාශයනුත් කලින් කලට වද වී යාම ජෛව පරිනාමයේ හොදින් දන්නා, පාෂාණභූත සාක‍ෂීන්ගෙන් ද ඔප්පු වන සත්‍යයක්.

1993 සැප්තැම්බර් මාසයේ Wired ගරාවේ කලාපයට මයිකල් ක්‍රයිටන් ‘Mediasaurus’ නමින් අනාගතවේදී ලිපියක් ලිව්වා. එහි මුඛ්‍ය අදහස වුණේ එදා ඩයිනසෝරයන් මෙන් ම ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ද පරිනාමීයව හැඩ ගැසීමට නොහැකි වීම නිසා නුදුරු අනාගතයේදී වද වී යනු ඇති බවයි.

එහි එක් තැනෙක ඔහු මෙසේ කීවා: “මෑත සමීක‍ෂණ කිහිපයකින් හෙළි වූ පරිදි අමෙරිකානු මාධ්‍ය බහුතරයක් මහජනයාට සැබැවින් ම අදාල හා වැදගත් කරුණු ගැන වාර්තා කිරීම හා ගවේෂණය වෙනුවට වල්පල් හා ඕපාදූපවලට වැඩි අවධානයක් යොමු කරනවා. රටේ ප්‍රශ්න ගැන විග්‍රහ කරනවා වෙනුවට අපේ මාධ්‍ය කරන්නේ ඒ දැවෙන ප්‍රශ්නවලට තව ටිකක් ඉන්ධන එකතු කිරීමයි. තමන්ගේ ලොකුකම ගැන අධිතක්සේරුවක් හා ස්වයංරාගයක් ((Narcissistic) ඇති මාධ්‍යවේදීන් හා දේශපාලකයන් දෙපසකට වී කරන ක්‍රීඩා තරගයක් බදු මේ විකාරය දෙස මාධ්‍ය ග්‍රාහකයන් බලා සිටින්නේ පිළිකුලෙන් හා කලකිරීමෙන් යුතුවයි. මේ තත්වය දිගට ම පවතින්නට බැහැ!”

ක්‍රයිටන් සැබෑ ලෝකයෙන් දුරස්ථ වූ දවල් හීන බලන්නකු නොවෙයි. වෙළදපොල ආර්ථීකය තුළ තමන්ගේ පැවැත්ම සදහා මාධ්‍ය ආයතන තරගකාරීව නිරන්තර අරගලයක යෙදෙන බව ඔහු පිළි ගත්තා. (මාධ්‍යවල සමාජ වගකීම ගැන සරසවි දේශනාගාර හා විසිත්ත කාමරවල සිට බණ කියන පර්යේෂකයන්ට හසු නොවන යථාර්ථයත් එයයි.)

ඔහු තව දුරටත් මෙසේ තර්ක කළා: “වර්තමානයේ මාධ්‍ය යනු කර්මාන්තයක්. ඒ කර්මාන්තය සමාජයට සපයන නිෂ්පාදනය නම් තොරතුරුයි (information). බාල බඩු නිපදවන හා අලෙවි කරන සමාගම් පාරිභෝගිකයන් විසින් ප්‍රතිෙක‍ෂප කරනවා. අපේ මාධ්‍ය කර්මාන්තය මෑතක පටන් නොවැදගත්, වැරදි සහගත, විකෘති වූ හා වෙනත් අන්දමින් බාල මට්ටමේ තොරතුරු අපට අලෙවි කරනවා. සරුව පිත්තල දවටනවල අසුරා තිබුණත් බය නැතිව පාවිච්චි කළ නොහැකි තරමට අපේ මාධ්‍ය අපට දෙන තොරතුරුවල ප්‍රමිතියක් නැහැ. මේ නිසා ටිකෙන් ටික පාරිභෝගිකයන් මේ ‘බාල බඩු’ මිළට ගැනීම අඩු කරනවා. නොබෝ කලෙකින් අමෙරිකානු මාධ්‍ය කර්මාන්තයට ඇති තරම් පාරිභෝගිකයන් සොයා ගන්නට බැරි වේවි. එවිට ඒ මාධ්‍ය, වෙළදපොල ප්‍රවාහයන් විසින් ගසා ගෙන ගොස් අතුරුදහන් වෙනු ඇති.”

ඔහු කීවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රය වැනි මුද්‍රිත ලෝකයේ මහා බලකණු මෙන් ම ABC, NBC සහ CBS වැනි අමෙරිකානු ටෙලිවිෂන් නාලිකා ද දශකයක් ඇතුළත වෙළ`දපොලෙන් ඉවතට විසි වීල වද වී යනු ඇති බවයි.

මේ අතර සියළු මාධ්‍යයන් යටිකුරු කරන නව තාක‍ෂණයක් ද මතුව ඇති බව ක්‍රයිටන් සිය ලිපියේ සදහන් කළා. ඒ තමා ඉන්ටර්නෙට්. 1993දී ඉන්ටර්නෙට් මාධ්‍යය දියුණු රටවල පවා එතරම් ප්‍රචලිත වී තිබුණේ නැහැ. එහෙත් තොරතුරු ගලනයට එයින් ඇති කළ හැකි ප්‍රබල බලපෑම ක්‍රයිටන් කල් තබා දුටුවා.

ක්‍රයිටන්ගේ විද්‍යාත්මක චින්තනය හා පරිකල්පන ශක්තිය ගැන ලොකු පිළිගැනීමක් පැවති නිසා ඔහුගේ ලිපිය මාධ්‍ය ආයතන හා පර්යේෂකයන් අතර වාද විවාද ඇති කළා. එතැන් පටන් ගෙවී ගිය දශකය (1993-2003) කාලයේ ඉන්ටර්නෙට් මාධ්‍යයේ සීඝ්‍ර ප්‍රගමනයක් සිදු වුණා. 1995දී ලොව පුරා ඉන්ටර්නෙට් පරිහරණය කළේ මිලියන 16යි. එය 2003 අගදී මිලියන් 719 දක්වා ඉහළ ගියා. (2011 මැද වන විට මේ සංඛ්‍යාව මිලියන් 2ල110 යි) ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සම කළ හැක්කේ 1447 දී යොහාන් ගුටන්බර්ග් විසින් මුද්‍රණ ශිල්පයේ වර්තමාන තාක‍ෂණ සම්ප්‍රදාය ඇරඹීමටයි. ඒ දක්වා ඉතා සීමිතව කෙරුණු තොරතුරු හුවමාරුවට හා දැනුම ඛෙදා හැරීමට විශාල ඉදිරි පිම්මක් පනින්නට මුද්‍රණ ශිල්පය ඉඩ සැළැස්වූවා. (ඒ දක්වා සිදු වූයේ පොත් හා වෙනත් ලේඛනවල පිටපත් තනි තනිව අතින් පිටපත් කිරීමයි.)

Mediasaurus - courtesy Slate
Mediasaurus - courtesy Slate
ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සමග ඒ නව මාධ්‍යයට බද්ධවීමේ ක්‍රම සොයන්නට පුවත්පත්, සගරා, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනවලට සිදු වුණා. 2003 වන විට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තමන්ගේ වෙබ් අඩවි අරඹා සයිබර් අවකාශයේ තම ලකුණ යම් තරමකට සටහන් කර තිබුණා. ක්‍රයිටන්ගේ අනාවැකියට දශකයක් පිරෙන්නට ආසන්න වන විට අමෙරිකාවේ Slate නම් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙක් ඒ ගැන ඔහුගෙන් විමසුවා. ඒ වන විටත් මාධ්‍ය ආයතන බරපතල ගරා වැටීමකට ලක් වී තිබුණේ නැහැ. ඔහුගේ උත්තරය: “අනාගතය පිළිබදව ඉලක්කගතව අනාවැකි කියන්නට කාටවත් බැහැ. මා අනතුරු ඇග වූ මාධ්‍ය ගරා වැටීම සිදු විය හැකි බව මා තවමත් විශ්වාස කරනවා. එහෙත් එයට දශකයකට වැඩි කාලයක් ගත වන හැඩයි!”

2000 දශකය තුළ අමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ රටවල් ගණනාවක මුද්‍රිත මාධ්‍යය විශාල වෙළදපොල අර්බුදයකට ලක් වුණා. 2008 නොවැම්බර් 4 වනදා ක්‍රයිටන් මිය යන විට ඔහු අනතුරු ඇග වූ තත්ත්වය සැබෑවට ම ඉස්මතු වෙමින් තිබුණා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. අලෙවි වන පිටපත් ගණන අඩු වූ විට දැන්වීම් ලැබීම ද පහත වැටෙනවා. පත්තර හා ස`ගරා කර්මාන්තය පදනම් වී ඇත්තේ දැන්වීම් ආදායමින් තම නිෂ්පාදන වියදමෙන් වැඩි කොටසක් පියවා ගන්නා අතර ඉතිරි ආදායම පිටපත් අලෙවියෙන් ලබා ගැනීමේ ආකෘතිය තුළයි. (දැන්වීම්වලට අප පෞද්ගලිකව කැමති වූවත් නැතත් මාධ්‍ය කර්මාන්තයට ඒවා නැතුව ම බැහැ. සරල උදාහරණයක් ගත්තොත් රු. 50කට විකිණෙන පත්තර පිටපතක නිෂ්පාදන වියදම එමෙන් දෙතුන් ගුණයක් වෙනවා. මේ වෙනස පියවා ගන්නේ දැන්වීම්වලින් ලැඛෙන ආදායමින්.)

බටහිර රටවල පත්තර සගරා පමණක් නොවෙයි. ප්‍රධාන පෙළේ ටෙලිවිෂන් හා රේඩියෝ සමාගම් ද අද වන විට දැඩි ආර්ථීක කුණාටුවකට හසු වී සිටිනවා. එයට හේතු වූ සාධක ගැන පොදු එකගතාවයක් නැහැ. ඇතැම් විචාරකයන් කියන්නේ ලොව පුරා 2008 සිට පැතිර ගිය ආර්ථීක අවපාතය එයට දායක වූ බවයි.
එහෙත් තවත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වාණිජමය මාධ්‍ය ෙක‍ෂත්‍රයේ – විශේෂයෙන්ම පත්තර හා සගරාවල – පිරිහීම 2008 පෙර පටන් ම ඇරඹී තිබුණු බවත්, එයට එම ෙක‍ෂත්‍රය තුළින් ම මතු වූ සාධක වැඩියෙන් හේතු වූ බවත්. මයිකල් ක්‍රයිටන්ගේ 1993 විග්‍රහය සිහිපත් කරමින් ඔවුන් කියන්නේ පාරිභෝගික සමාජය විසින් මාධ්‍ය ප්‍රතිෙක‍ෂප කිරීමට වගකිව යුත්තේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ම බවයි.

මීට අමතරව ඉන්ටර්නෙට් මාධ්‍යයේ ව්‍යාප්ත වීම නිසා තනිකර ම ඉන්ටර්නෙට් හරහා එසැනින් ප්‍රවෘත්ති ඛෙදාහරින නව මාධ්‍ය සේවා බිහි වුණා. ඒවාත් සමග තරග කිරීම සාම්ප්‍රදායික පුවත්පත්වලට හෝ එම පුවත්පත්වල වෙබ් අඩවිවලට ලෙහෙසි වූයේ නැහැ. පත්තර කර්මාන්තයේ පසුබෑමට මේ සාධක සියල්ල අඩු වැඩි පමණින් දායක වී තිඛෙනවා. නමුත් මේ ගෝලීය ප්‍රවණතාවයට වෙනස් තත්ත්වයක් ආසියාවේ රටවල දක්නට තිඛෙනවා.

පාඨක විශ්වාසය රැක ගනිමින්, නව තාක‍ෂණයන්ගේ අභියෝගවලට මුහුණ දෙමින් වාණිජමය වශයෙන් සාර්ථක පුවත්පත් හා සගරා පවත්වා ගත හැකි ද? එසේ නැතිනම් සහනාධාර ලබන හෝ විකල්ප ආදායම් මත යැපෙන ආර්ථීක මොඩලයකට මාරු වීමට ලොව පුරා පුවත්පත්වලට ළගදී ම සිදු වෙයි ද? පුරවැසි මාධ්‍යවේදීන් හා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතර පරතරය අඩු වී යන විට මාධ්‍ය ලෝකයේ කුමන විපර්යාස සිදු වේද? මේ ප්‍රශ්නවලට අපි එළඹෙන සතිවල පිළිතුරු සොයා යමු!

Just how many Internet users in Sri Lanka? Depends on whom you ask…

Have smartphone, will travel...
Just how many Internet users are there in Sri Lanka?

Looks like a simple question, but there’s no simple answer. Trust me, I’ve been looking.

Oh sure, it’s not possible to calculate such numbers precisely because there always are more users than are subscribers. But official and industry sources usually have a good idea. In Sri Lanka’s case, their figures vary considerably.

The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) is the official data collector. It used to publish a quarterly compendium of telecom industry related statistics.
The last such report, for December 2010, cites these cumulative figures for the whole of Sri Lanka by end 2010:
• Mobile phone subscribers: 17,359,312
• Fixed phone subscribers: 3,578,463
• Internet & Email Subscribers – fixed: : 280,000 (provisional figure)
• Mobile Broadband Subscribers: 294,000 (provisional figure)

The 2010 Annual Report of Central Bank of Sri Lanka, which provides an official state of the whole economy, draws on these statistics. However, in Chapter 3, on p59, it lists “Internet and e-mail” as 430,000, attributing it to TRCSL.

Although for the same point in time (Dec 2010), it doesn’t tally. TRCSL’s own data, when we add up fixed and mobile subscribers of Internet, comes to 574,000.

Both these state entities seem to be hooked on “email users” — a throw-back to the early dial-up days when some subscribers simply signed up for email facility and didn’t want web browsing as the latter was more costly. As far as I know, that demarcation disappeared years ago. But I may be wrong.

Even if we take the highest case scenario, of a total 574,000 Internet subscribers (fixed and mobile), it still comes to less than 3 per cent of Sri Lanka’s total population of 20 million (exactly how many people live on the island will be known after the latest census is taken in December 2011).

That’s the number of subscribers. The number of users is usually higher. Assuming an average 3 users per subscription, we can imagine around 1.72 million (approx 8 per cent of population) getting online. This calculation brings us closer to the number given for Sri Lanka in the Internet World Stats website. It lists for Sri Lanka: “1,776,200 Internet users as of Jun/10, 8.3% penetration, per ITU.”

As far as I know, the International Telecommunications Union (ITU) collects national statistics from its member governments and collates them to discern regional and global trends. ITU’s free country data compilation on Internet users says Sri Lanka had 12.00 Internet users per 100 population in 2010.

The ITU focal point in Sri Lanka is the TRCSL, whose own published data is mentioned above. What am I missing here?

A researcher friend who had access to Wireless Intelligence, a subscription only service containing well over 5 million individual data points on 940 operators (across 2,200 networks) and 55 groups in 225 countries, found yet another statistic.

According to WI, Sri Lanka by end 2010 had:
• 1,971,018 mobile broadband subscribers
• 213,000 fixed broadband subscribers

This produced a total of 2,184,018 — which takes the percentage of population to almost 11%. And if we apply the same average number of 3 users, it could give us 30% of population accessing and using the Internet. But is that assumption of 3 users per subscription equally applicable to mobile devices? I’m not sure. I’ll wait for industry experts to clarify.

In fact, neither industry sources and researchers have a reliable figure of how many smartphones are in use in Sri Lanka. Because a significant number comes in through private channels (via returning travellers or Lankan expatriates), the looking simply at the import figures could be misleading. A conservative estimate is that at least one million smartphones with Internet access capability are in use. The number keeps growing.

Exactly how many such smartphone users go online on a regular basis? What kind of info do they look up? How long on average do they stay online per session?

If you know the answers, or have reflected on these, please share.

Let’s hope more reliable data would emerge from the 2011 countrywide census of population. An early report (July 2010) said: “Information will also be collected for the first time on people’s communication methods.”

4 April 2011: Fraudband or Broadband? Find out for yourself! New film tells how…

28 March 2011: What’s the universal icon for the Internet? Is there one?

සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

Text of my weekly column, printed in Ravaya newspaper on 4 September 2011. This week I take off from the role of social media in fuelling, as well as countering the recent London riots – and discuss how governments, telecom operators and law enforcement authorities should respond to the always on, pervasive connectivity now enabled by mobile phones and other devices.

Tweeting while London burns?

2011 අගෝස්තු 6 සිට 11 වනදා අතර කාලයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඇතුළු නගර ගණනාවක වීදි කලහ කිරීම්, පොදු හා පෞද්ගලික දේපල ගිනි තැබීම් හා කොල්ලකෑම් සිදුවුණා. සාමාන්‍යයෙන් සාමකාමී රටක් ලෙස ප්‍රකට බ්‍රිතාන්‍යයේ මේ සිදුවීම් නිසා එරට පමණක් නොවෙයි මුළු ලෝකය ම කැළඹීමට පත් වුණා. මේ ගැන ප්‍රවෘත්ති වාර්තාකරණය දුර සිට බලා සිටි මගේ වැඩි අවධානය යොමු වුණේ ජංගම දුරකථන සේවා හා ඉන්ටර්නෙට් මාධ්‍යයන් මේ කලහයන්ට බද්ධ වූ ආකාරය ගැනයි.

ඇතැම් කලහකරුවන් තම ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධීකරණයට මේ සන්නිවේදන තාක‍ෂණයන් යොදා ගත් බව සනාථ වී තිඛෙනවා. එහෙත් ඊට වඩා අති විශාල සංඛ්‍යාවක් සාමකාමී ජනයා නීතිය හා සාමය රැකීමටත්, ප්‍රහාරයන්ට ගොදුරු වූ පොදු හා පෞද්ගලික ස්ථාන පිලිසකර කිරීමටත් එම සන්නිවේදන තාක‍ෂණයන් ම යොදා ගත් සැටි ද වාර්තාගතයි. හොදට නරකට දෙකට ම දායක විය හැකි තොරතුරු තාක‍ෂණයන් හා සන්නිවේදන සේවා ගැන අපේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක් ද? ඒවායේ නියාමනය කෙසේ විය යුතු ද?

නීතිය හා සාමය කඩ වූ අවස්ථා වල දැඩි ස්ථාවරයක සිටීමට ඕනෑ ම රටක රජයට සමාජයීය බලපෑම් එල්ල වනවා. ඇති වූ කලහකාරී තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගෝස්තු 11 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. කලහකරුවන්ට එරෙහිව රටේ පවත්නා නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමින් ඔහු කියා සිටියේ මේ ගිනි තැබීම්, කොල්ලකෑම්වලට තුඩු දුන් සමාජ හා ආර්ථීක සාධක ගැනත් ගැඹුරින් අධ්‍යයනයකට යොමු වන බවයි.

එම ප්‍රකාශයේදී මේ කලහකරුවන් සන්නිවේදන තාක‍ෂණ හා Facebook, Twitter වැනි වෙබ් මාධ්‍ය (social media) යොදා ගත් ආකාරය ගැනත් ඔහු සදහන් කළා. “කලහකරුවන් වෙබ් මාධ්‍ය භාවිතය හරහා කාර්යක‍ෂම ලෙසින් සංවිධානය වූ බවක් අපට පෙනී ගියා. නිදහසේ තොරතුරු ගලා යාම සමාජයට හිතකර බව ඇත්තයි. එහෙත් එම නිදහස ම සමාජයට එරෙහිවත් යොදා ගත හැකියි. සමාජ විරෝධී පුද්ගලයන් නීති විරෝධී ක්‍රියා සදහා වෙබ් මාධ්‍ය යොදා ගන්නා විට අප එය නතර කළ යුතුයි. ඒ නිසා පොලීසිය, බුද්ධි සේවා ගැන සන්නිවේදන සමාගම් සමග අප කථා කරනවා. ඉදිරියේදී මෙබදු අවස්ථාවල නීතිවිරෝධී ප්‍රචන්ඩ ක්‍රියා ස`දහා වෙබ් අඩවි, දුරකථන සේවා හෝ වෙනත් වෙබ් මාධ්‍ය තාක‍ෂණයන් යොදාගන්නා බව පෙනී ගිය හොත් එයට ඇති ඉඩකඩ නැති කළ හැකිද නැති කළ යුතු ද කියා.”

බ්‍රිතාන්‍යයේ මේ සිදුවීම් වන අතරේ ඊට කිලෝමීටර් දහස් ගණනක් දුර අමෙරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ නගරයේ තවත් සිදුවීමක් වාර්තා වුණා. BART නමින් හදුන්වන එනුවර දුම්රිය සේවය අගෝස්තු 12 වනදා පැය තුනක් පුරා ජංගම දුරකථන සේවාවල සංඥා දුම්රිය තුළ ඛෙදාහැරීම නතර කළා. ඊට දින කිහිපයකට පෙර පොලීසිය විසින් දුම්රියක් මතට නැගි පුද්ගලයකුට වෙඩි තබා මරා දැමීමට එරෙහිව දුම්රිය මගීන් සාමකාමී විරෝධතාවයක් සැළසුම් කර තිබුණා. BART සේවයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට මහ පිරිසක් එකවර රැස් වුවහොත් සේවා අඩාල විය හැකි බවත්, නීතිය හා සාමය කඩවිය හැකි බවත් කියමින් දුම්රිය බලධාරීන් දුරකථන සංඥා මෙසේ ක්‍රියා විරහිත කළා. මෙයින් කුපිත වූ ඇතැම් මගීන් දිගින් දිගට දුම්රිය සේවයට එරෙහිව විරෝධතා දක්වන්නට පටන් ගත්තා. ඒ අතර නිර්නාමික (Anonymous) නමින් හදුන්වන පරිගණක කි්‍රයාකාරීන් පිරිසක් BART සේවයේ පරිගණකවලට අනවසරයෙන් පිවිසී (hack කොට) බලපෑම් කළා.

A call to arms? Or to heal?
මේ සිදුවීම් වලට ආසන්න ම හේතූන් කුමක් වූවත් මෙබදු අවස්ථාවල (උසාවි නියෝගයකින් තොරව) දුරකථන හෝ ඉන්ටර්නෙට් සේවා තාවකාලිකව නතර කිරීමේ අයිතිය පොලීසියට හෝ දුම්රිය පාලකයන්ට හෝ නැති බවට අමෙරිකාවේ ප්‍රකාශන අයිතිය පිළිබ`ද ක්‍රියාකාරිකයන් දැඩි ලෙස තර්ක කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා උද්ඝෝෂණය කරමින් 2011 ජනවාරියේ ඊජිප්තු රටවැසියන් පෙළගැසෙන විට හිටපු ඒකාධිපති පාලක හොස්නි මුබාරක් එරට ඉන්ටර්නෙට්, දුරකථන හා මාධ්‍ය සේවා ක්‍රියා විරහිත කළා. එසේ කළේ සන්නිවේදන ජාලයන් හරහා ක්‍රියාකාරිකයන් මනා සේ සම්බන්ධීකරණය වීම වළක්වන්නටයි. එහෙත් එය අන්තිමේදී මුබාරක්ගේ වසර 30 ක පාලනයේ බිද වැටීම වඩාත් ඉක්මන් කළා. අමෙරිකාවේ එක් නගරයක සිදු වු ප්‍රවාහන සිදුවීම සමස්ත ඊජිප්තු රාජ්‍ය පෙරළිය සමග සැසදිය නොහැකි වුනත්, අවස්ථා දෙකේ ම මූලධර්මය එකයි.

නීතිය හා සාමය හෝ ජාතික ආරක‍ෂාව හෝ රැකීමට යයි කියමින් මහජන සන්නිවේදන සේවා අඩපණ කිරීමට නැතිනම් නතර කිරීමට බලධාරීන්ට නීතිමය හා සදාචාරාමය අයිතියක් ඇත් ද? ඒ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී පාලකයන් කුමන තුලනයන්ට හා අධීක‍ෂණයන්ට නතු විය යුතු ද? තොරතුරු සමාජයේ සීඝ්‍ර ප්‍රගමනය සමග මේ ප්‍රශ්න වඩාත් ප්‍රබල ලෙසින් මතුව එනවා. ලෝකයේ කිසිම රටක් මේ අභියෝගයන්ට මුහුණදීමේ සම්පූර්ණ ක්‍රමවේදයක් තවම සකසා ගෙන නැහැ. අද අවශ්‍ය වන්නේ ආවේගශීලී නොවී, අදාල සියළු පාර්ශවයන් මේ ගැන හොදින් වාද විවාද කිරීමයි. පරිනත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල හා ශිෂ්ට සමාජවල ස්වභාවය එයයි. එහිදී රාජ්‍යයේ හෝ බලයේ සිටින රජයේ හෝ මතය පමණක් ක්‍රියාත්මක කිරීම සෑහෙන්නේ නැහැ.

බ්‍රිතාන්‍යයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා කතුවරයකු වන ඩේවිඩ් ඩික්සන් (David Dickson) මේ ගැන ඉතා මැදහත් විග්‍රහයක් කරනවා. සන්නිවේදන තාක‍ෂණයේ බල මහිමය හා පොදු සමාජ යහපත තුලනය කර ගැනීමේ අභියෝගයට දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද එක සේ මුහුණ දෙන බව SciDev.Net වෙබ් අඩිවියේ අගෝස්තු 19 වනදා කතුවැකිය ලියමින් ඔහු පෙන්වා දෙනවා.

ඔහු කියන හැටියට:”ඉදහිට ඇතැම් දෙනකු සන්නිවේදන තාක‍ෂණයන් නීති විරෝධී වැඩකට යොදා ගත් පමණින් මුළු තාක‍ෂණයක් ම දෝෂාරෝපණයට ලක් කිරීම හෝ ඒවා සීමා කිරීමට උත්සාහ කිරීම හො`ද නැහැ. තොරතුරු ගලනයේ හා අදහස් ප්‍රකාශනයේ සීමා ඇති කිරීමට එබදු සිද්ධීන් යොදා ගැනීම පරිනත සමාජයකට ගැලපෙන ප්‍රතිචාරයක් නොවෙයි. නවීන සන්නිවේදන තාක‍ෂණයන්ගේ ඉමහත් බලය හ`දුනාගෙන, ඒවා වඩාත් වගකීම් සහිතව යොදා ගන්නේ කෙසේ ද යන්න තීරණය කළ යුතුයි.”

ඩේවිඩ්ගේ කතුවැකිය කියවන විට මට සිහිපත් වූයේ කලකට පෙර රාජ්‍යයට එරෙහිව අරගල කළ මෙරට උදවිය තැපැල් සේවය හා පුවත්පත්වල ලූහු`ඩු දැන්වීම් නිර්මාණශීලි ලෙස තමන්ගේ සන්නිවේදන ස`දහා යොදා ගත් ආකාරයයි.

අයහපත් පුවතක් රැගෙන එන පණිවුඩකරුට පහර දෙන්නට එපා (Don’t shoot the messenger!) යයි ප්‍රකට කියමනක් තිඛෙනවා. සමාජයේ විෂමතා හා අකටයුතුකම් ගැන මාධ්‍ය වාර්තා කරන විට එයින් අපහසුතාවයට පත් වන ඇතැම් අය මාධ්‍යවලට පහරදීම වැරදි ප්‍රතිචාරයක්. සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා භාවිතා කරන අයගේ කි්‍රයා කලාපය යනු එකක් නොව දෙකක් බවටත්, සංඛ්‍යාත්මකව සුළුතරයක් අතින් සිදුවන තාක‍ෂණික නොපනත්කම් නිසා තොරතුරු සමාජයේ ඉදිරිගමනට වැටකඩුළු බාධක පැනවිය යුතු නැති බවටත් ඩේවිඩ් ඩික්සන් තර්ක කරනවා.

ඩේවිඩ් තවදුරටත් කියන හැටියට: “ලෝකයේ ඕනෑම තැනකට ක්ෂණිකව බද්ධවීමේ හැකියාව ලබා දෙන නූතන සන්නිවේදන තාක‍ෂණයන් අපට ලැබී ඇති දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි. සමාජ යහපතට පමණක් ඒවායේ හැකියාව යොදා ගන්නට අවශ්‍ය නීතිමය, සදාචාරමය හා අධ්‍යාපනික පසුබිම සකස් කිරීම අප කාගේත් ලොකු වගකීමක් වෙනවා. එහිදී ඉතා දැඩි (draconian) නීතිරීතිවලට වඩා අපට අවශ්‍ය වන්නේ නම්‍යශීලී, ප්‍රජාතන්ත්‍රවාදී හා සුමට ප්‍රතිචාරයක්. එමෙන් ම බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නව සන්නිවේදන තාක‍ෂණයන් නියාමනය කරන්නේ කෙසේ ද යන්න ලෝකයේ සෙසු රටවල් ඉතා විමසිල්ලෙන් බලා සිටින බව ද අමතක නොකරන්න.”

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා තම තානාපති නිලධාරීන්ගේ රහස් වාර්තා හෙළිදරවු වන්නට ගත් විට ඇමෙරිකානු රජය මුහුණ දුන් අපහසුතාවයට සමාන තත්ත්වයකට ලන්ඩන් කලහයන්ගේ පසු බි්‍රතාන්‍ය රජය ද පත්ව සිටිනවා. අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු ගලනයේ මානව අයිතීන්ට දශක ගණනක් තිස්සේ සැබැවින් ම කැපවුණු එම රටවල වෙබ් මාධ්‍ය මතු කරන නව අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ගැන ලොකු විවාදයක් සිදු වනවා.

පරිනත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බි්‍රතාන්‍ය වැනි රටවල හොඳ ලක්ෂණයක් නම් ඕනෑ ම නව ප්‍රතිපත්තියක් හෝ නීතියක් හෝ පුළුල් වශයෙන් ප්‍රසිද්ධ වාද විවාදයට ලක් වීම. අත්තනෝමතිකව කි්‍රයා කරන්නට බලයේ සිටින රජයට හෝ ආරක‍ෂක අංශවලට හැකියාවක් නැහැ. අගෝස්තු 24 වැනිදා ලන්ඩනයේ නගරාධිපති, පාලක කොන්සර්වේටිව් පාක‍ෂික බොරිස් ජොන්සන් වැදගත් ප්‍රකාශයක් කළා. අර්බුදකාරී අවස්ථාවල නව මාධ්‍යවල කි්‍රයාකාරීත්වය පාලනය කිරීමට හෝ තාවකාලිකව නතර කිරීමට හෝ වඩා සූක‍ෂම (smart) ප්‍රතිචාරය වන්නේ ඒවා හරහා සන්නිවේදනය වන තොරතුරු හා මතිමතාන්තර බුද්ධිසේවා මගින් අධ්‍යයනය කිරීම බව ඔහු කියනවා.

ඔහු තම ස්ථාවරය පැහැදිළි කළා: “ලන්ඩනයේ කළහකාරී කි්‍රයාවලට හේතු වූ බහුවිධ සාධක තිඛෙනවා. එමෙන්ම එයට සම්බන්ධ වූ අය විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කළා. ලන්ඩන් පොලිස් අධිකාරීන් සමග මේ ගැන කථා කළ පසු මගේ අවබෝධය නම් අර්බුදකාරී අවස්ථාවක වෙබ් මාධ්‍ය හරහා හුවමාරු වන පණිවුඩ නීරීක‍ෂණය හා විශ්ලේෂණය වඩාත් ප්‍රයෝජනවත් බවයි. ඒ මාධ්‍ය තාවකාලිකව වසා දැමුවහොත් ඒවාට වඩා රහසිගත සන්නිවේදන ක්‍රමවලට කලහකරුවන් යොමු වන්නටත් හැකියි.”

අගෝස්තුවේ ප්‍රචණ්ඩ කි්‍රයා සිදුවන විට ම කලහකරුවන් හඳුනා ගැනීම සඳහා වෙබ් මාධ්‍ය යොදා ගන්නට ලන්ඩන් පොලීසිය උත්සුක වුණා. උදාහරණයක් හැටියට ප්‍රහාරයට ලක් වූ කඩ සාප්පු හා කාර්යාලවල සවිකර තිබූ ආවෘත පරිපථ වීඩියෝ කැමරා (CCTV) වලට හසු වූ ප්‍රහාරකයන්ගේ රූපරාමු පොලීසිය විසින් ත‍කසජනරගජදප නමැති ඡායාරූප හුවමාරු කර ගන්නා ජනපි්‍රය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබුවා. ප්‍රහාරකයන් හඳුනා ගන්නට මහජන උපකාර ඉල්ලා සිටියා.

නමුත් CCTV රූපරාමුවල හසු වී ඇති හැම කෙනකුගේ ම රූප කලහකරුවන්ගේ බව සැක හැර දැන ගන්නේ කෙසේ ද? ඒ මොහොතේ එතැන සිටි වික‍ෂිප්ත වූවත් ද රූපවලට හසු විය හැකියි නේද?

මෙබදු ප්‍රශ්නවලට තවමත් හරිහැටි පිළිතුරු නැහැ. නමුත් තොරතුරු සමාජයේ ප්‍රගමනයත් සමග අර්බුද අවස්ථාවල රජයන්, ආරක‍ෂක සේවාවන් හා තාක‍ෂණවේදීන් ක්‍රියා කරන ආකාරය ගැන තුලනාත්මකව හා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතු බව හා විවාද කළ යුතු බව නම් ඉතා පැහැදිලියි.

Was There Life Before Google (BG)? Sure, but try finding it!

Like many things, is Google a mixed blessing?

I now divide my life into two distinctive eras: Before Google (BG) and After Google (AG). The monumental ‘dividing event’ occurred somewhere in 1999 <em>Anno Domini (AD), when the now ubiquitous online phenomenon entered my life.

It was a good friend, photojournalist and new media activist Shahidul Alam, who first told me about this new kind of search engine with a funny-sounding name. Google. At that time, it was just a noun.

I was already weary of the simple, simplistic and yellow-page like listings offered by Yahoo, and welcomed this refreshing change. I immediately switched — and haven’t looked at another search engine in the past dozen years. And I also liked its cheerful, multi-coloured logo.

Things weren’t so slick or quick at the beginning, and even Google was learning by doing. We were still in the dial-up era, when 56 kbps Internet access speeds were still mostly an aspiration. Besides, there was far less content online, and far fewer ways to access and process it.

Where Google stood apart, from every other service, was in its better targeted search results. The research of any given quest was still in our hands, but narrowing down was helpful.

We’ve come a long way, and eons in Internet terms, since those early and murky days. With my always on, reasonably fast broadband connection, I now Google effortlessly many times day and night: I know I’m leaving a steady datastream of everything I look for, and that it can be traced, analysed and interpreted by anyone who can force Google to part with this back-end data (usually governments). But that’s the price I pay for Google’s versatile services.

I touched on this when I talked about ’21st Century Media: New Frontiers, New Barriers’ last month at Sri Lanka Press Institute on World Press Freedom Day, 3 May 2011. Here’s my PowerPoint:

A few weeks ago I tweeted “Was there life before Google?” My own tongue-in-cheek answer was: Sure, but I can’t easily locate anything from that period!

Not everyone appreciates Tweeted humour. I received a range of replies online and offline, mostly negative. Some cyber-skeptics faulted me for ‘deifying an American corporation like Google that is out take over the world’ (they haven’t heard the news!).

Others, school teachers and librarians among them, told me that Google has plenty to answer for. They lamented that many people have now forgotten the art and science of looking for a specific piece of information and imagery using well-organised information sources that combine physical and computer-based services. Professional information managers view Google as a superficial, hit-or-miss, much diluted version of their noble craft. Cyber take-away to be consumed on the run, as opposed to a gourmet meal to be partaken and enjoyed at leisure.

Sounds familiar?
I’m old enough to have used libraries diligently and regularly for several years of my working life. I still do, when I can’t easily locate something online — especially historical content that remains under-represented or non-existent on the web. For me, it’s not a question of either/or.

In fact, my frustration is that enough content from the pre-Internet period (much of history) is not yet available online in properly searchable ways. That includes my own personal archive. I’ve been producing journalistic output in the media for 25 years in print, radio and television outlets. The electronic media output is completely lost, and practically everything I wrote before 2000 AD (or Year 1 of my personal AG) is also not online. And my output in Sinhala, including my current Sunday column in the Ravaya newspaper, is not available online.

No, I don’t idolise Google as a global deity. But I thank Google a few times every day. Increasingly often, that includes times when I want to locate a specific reference to something I myself have written and published. This is what happens after writing several thousand pieces on a wide range of subjects and topics.

I envy those who can still recall precise details of their own vast bibliographies. As for me, I routinely turn to my usually reliable and well-informed friend Google. She rarely lets me down.

PS: One facility I stubbornly refuse to use is GMail. Google’s idea of a web-based email service never appealed to me, a Digital Immigrant who is not fully convinced about storing all my correspondence ‘in the cloud’. What really puts me off is how fleeting, erratic and often utterly incomprehensible GMail users are in their replies. There are a few honourable exceptions, but most GMailers I know are a confused and confusing bunch. I love you, Google, but when it comes to email, thanks but I’ll continue to operate my own accounts, branded on my own domain name.

A ‘Greek’ among Geeks and Greens…

Asking questions. Connecting the dots. Explaining matters.

These actions sum up what I have been doing in the spheres of communication and development for over 20 years. They form the cornerstone in my attempts to make sense of our globalised world and heady times.

As a journalist, I was trained to look for what’s New, True and Interesting (‘NTI Test’). Early on, I went beyond just reporting events, and probed the underlying causes and processes. With experience, I can now offer my audiences something more: perspective and seasoned opinion.

I look back (slightly) and look around (a lot) in a half-hour, in-depth TV interview with media researcher/activist and fellow citizen journalist Sanjana Hattotuwa. This was part of The Interview (third series) produced by Young Asia Television, and broadcast on two Sri Lankan TV channels, TNL and ETv on May 8 (with repeats).

Watch the full interview online: Sanjana Hattotuwa talks to Nalaka Gunawardene

Nalaka Gunawardene from Young Asia Television on Vimeo.

I have always worn multiple ‘hats’, and dabbled in multiple pursuits rather than follow narrow paths of enquiry. I see myself continuing to oscillate between the ‘geeks’ and greens, and where possible, bridging their worlds.

I sometimes feel a strange kinship with the ancient Greeks, who first asked some fundamental questions about the universe. They didn’t always get the answers right, and neither do I.

But it’s very important that we question and critique progress – I do so with an open mind, enthusiasm and optimism.

Note: I was also a guest in the first series of this show, in February 2009, which led to this blogpost.

Fraudband or Broadband? Find out for yourself! New film tells how…

The user is willing, but the network is not...?

I once saw a sports car on the narrow streets of Malé, capital of the Maldives (total population 350,000). Nothing unusual about it — except that the whole of Malé is about two square km: we can WALK the length and breadth of the crowded capital in 10 or 15 minutes. The other 1,200 islands that make up the Indian Ocean archipelago are even smaller.

That reality didn’t stop an optimistic Maldivian from investing in a fast vehicle – after all, a car (especially a sports model) is more just a means of transport.

Something akin to this plays out in the virtual world everyday in many parts of developing Asia. Many Internet users have state of the art access devices — ranging from the latest laptops and high-speed desk tops to ipads and internet-enabled mobile phones. But most of the time the users and devices are held up by poor quality internet connections. I mean patchy, uneven, really S-L-O-W ones.

So part of the time — how often and how long depends on where you are, and who your internet service provider or ISP is — we are all like that Maldivian sports car owner. Dressed up and rearing to go, but not really going very far. Because our network is overloaded.

What can you do when your broadband internet connectivity slows down, making some web applications tedious or impossible? How can you measure and compare the quality of broadband service within the same telecom network or across different service providers?

As consumers, we have limited options. We can grin and bear, and be grateful that we are among the 2 billion (and counting) human beings who regularly access the Internet. We can grumble and rant, and even complain to our ISP. But chances are that they’ll plead it was a system fluke, an exception to the norm.

Now there’s another option. The Ashoka-Tissa method, a simple and free software developed by LIRNEasia and IIT Madras, enables just that: with it, you can gather evidence before taking it up with telecom operators.

Rohan Samarajiva: Fraudband-buster?
At TVE Asia Pacific , we have just produced a short video in which LIRNEasia — a regional ICT policy and regulation think tank active across the Asia Pacific — sums up their experience in developing a user-friendly method to measure broadband quality of service experience. It also shows how they engaged telecom operators and regulators in South and Southeast Asia from 2007 t0 2010.

“256 kbps up and down is the minimum definition (of broadband),” says Dr Rohan Samarajiva, LIRNEasia’s Chair and CEO. “There are various people debating about it: whether it should be 2Mbps and so on, but I will give an acceptable minimum definition…Our research shows that, in fact, many broadband products that say they are giving 2Mbps don’t even meet this minimum rate.”

The former Sri Lankan telecom regulator adds: “Then of course there is this whole story of companies promising all kinds of things. 2Mbps up, 2Mbps down and various other things being promised and giving not even 256kbps. So there is almost like a dishonesty factor here. As one of my friends says, this is not broadband; this is fraudband!”

Watch Fraudband or Broadband?

More information at: BroadbandAsia.info

PS: While writing this blog post, I was frustrated by the poor quality of my own supposedly high-speed broadband connection, provided by Sri Lanka’s oldest telecom operator.

What’s the universal icon for the Internet? Is there one?

Would 2 billion recognise this?
What’s the first image that comes to your mind when you hear the word ‘Internet’?

If you’re a techie or geek, you’ll probably come up with a detailed answer that is technically accurate or precise. But most of the 2 billion plus people who use the Internet worldwide are not techies. They don’t know – or care – about the back-end technicalities.

A good icon is simple, language-neutral, and can be understood across different cultures and by people with very different educational backgrounds. For example, telephones – both fixed and mobile – have established symbols or icons. Sure, the devices have evolved beyond the well known imagery, but everybody recognises these.

So what’s the equivalent for the Internet, never mind its multitudinous applications and delivery methods?

We’re currently editing a short video on LIRNEasia’s broadband quality of service experience (QoSE) in emerging Asian economies. We play with images to tell complex stories in non-technical terms. We wanted to use an icon for the Internet (broadband or otherwise) — and couldn’t immediately think of one visual that everybody knows and recognises unambiguously as representing the global Internet.

So we searched. Our usually reliable friend Google wasn’t of much help. Google image search for ‘internet icon’ brought up hundreds of results — but none that is a universally accepted or recognised. But the search itself was interesting and revealing.

Some images, like Microsoft’s Internet Explorer browser’s famous ‘e’, are well known but are branded to one product and company.

Others, like the ethernet cable’s plug pin, are widely used — but how many non-techies will recognise it? Besides, when broadband access is increasingly going wireless, do the cables matter as much as they used to?

The same goes for those colourful images of fibre optic cables — dazzling points of light, but how many Digital Immigrants (or even Digital Natives) will know what they are?

At least wireless Internet seems to have settled its iconography — or has it? The little antenna transmitting omni-directionally seems to pop up everywhere these days, at least where such coverage is available. But there too, we have more than one icon — even if their main visual symbols are similar.

Then there’s the ubiquitous @ sign — originally introduced for, and still an integral part of, email addresses. But hey, Internet is a lot more than emails!

Are we settled on this?
We asked around IT industry friends and IT-watchers, but none could give us a definitive answer. The most that they could agree on was that the 3-letter formulation www (signifying the World Wide Web) comes close to a universally recognised sign for the Internet.

Hmm, that’s far from being a visually elegant design. And it’s decidedly biased to the roman alphabet too (ok, that’s the language of science).

But is there a better icon for the whole Internet, irrespective of delivery method and language-neutral? If not, isn’t it about time we agreed on one?

Designers, geeks and others with spare creative capacity, please take this up.

Saluting Journalism’s First Decade of I-Me-Mine!

My DIY as POY: Famous at last?
“All I can hear I me mine, I me mine, I me mine.
Even those tears I me mine, I me mine, I me mine.
No-one’s frightened of playing it
Ev’ryone’s saying it,
Flowing more freely than wine,
All thru’ your life I me mine…”

When George Harrison sang those words in the 1970 Beatles song ‘I-Me-Mine’, he was in two minds about expressing in the first person (or ego). He wasn’t alone: mainstream journalism has long had reservations about where ‘I’ fit in journalistic narratives.

“Never bring yourself into what you write,” we were told in journalism school 20 years ago. Journalists, as observers and chroniclers of events, write the first drafts of history – and without the luxury of time or perspective that historians and biographers take for granted. We often have to package information and provide analysis on the run. Bringing ourselves into that process would surely distort messages and confuse many, it was argued. We had to keep our feelings out of our reportage lest it affects our ‘objectivity’.

In other words, we were simply mirrors reflecting (and recording) the events happening around us. Mirrors can’t – and shouldn’t — emit light of their own.

Occasionally, if we felt the urge to express how we personally felt about such trends and events, we were allowed the luxury of an op-ed or commentary piece. Of course, as long as we ensured that it was a measured and guarded expression. And if we really wanted to bring ourselves into the narrative, we could use the archaic phrase ‘this writer…’ to refer to ourselves.

But never use I-Me-Mine! That would surely sour, taint and even contaminate good journalism – right?

Well, it used to be the ‘norm’ for decades — but mercifully, not any longer. Thanks largely to the new media revolution triggered by the Internet, writing in the I-Me-Mine mode is no longer frowned upon as egotistic or narcissistic. It sometimes is one or both these, but hey, that’s part of cultural diversity that our information society has belatedly learnt to live with…

We journalists are late arrivals to this domain. The first person narrative was always valued in other areas of creative arts such as literary fiction, poetry and the cinema. In such endeavours, their creators are encouraged to tell the world exactly how they feel and what they think.

Of course, some writers ignored orthodoxy and wrote in the first person all along. One example I know personally is the acclaimed writer of science fiction and science fact, Sir Arthur C Clarke. Shortly after I’d started working with him in 1987, Sir Arthur encouraged me to fearlessly use the first person narrative even in technical and business writing. A lot of writing ended up being too dull and dreary, he said, because their writers were afraid of speaking their minds.

Yet we had to wait for the first decade of the Twenty First Century to see I-Me-Mine being widely accepted in the world of journalism. Did the old guard finally cave in, or (as sounds more likely) did Generation Me just redefine the rules of the game?

Whatever it is, I-Me-Mine is now very much in vogue. And not a moment too soon!

Joel Stein (Photo-illustration by John Ueland for TIME)
As Time columnist Joel Stein, who often writes with his tongue firmly in his cheek, noted in a recent column: “All bloggers write in first person, spending hours each day chronicling their anger at their kids for taking away their free time. Every Facebook update and tweet is sophomoric, solipsistic, snarky and other words I’ve learned by Googling myself.”

And look at what Time just tempted me to do: put myself on their cover, as the Person of the Year (POY), no less. While designating Facebook’s founder Mark Zuckerberg as its POY 2010, Time teamed up with the social media network to introduce a new application that allows anyone to become POY with just a few key strokes. Provided you have a Facebook account, of course.

Joel Stein quotes Jean M Twenge, professor of psychology at San Diego State University, as saying that we are living in the Age of Individualism, a radical philosophical shift that began with Sigmund Freud. It has exploded during the past decade with reality television, Facebook and blogging. “You’re supposed to craft your own image and have a personal brand. That was unheard of 10 years ago,” Twenge says.

What a difference a decade can make. Although trained in the pre-me era, I was never convinced as to why I had to keep myself out of what I write. However, my use of I-Me-Mine was done sparingly in the late 1980s (when I started my media work) and during the 1990s. It was only in the 2000s that I finally found both the freedom to speak my mind – and the ideal platforms for doing so: blogging and tweeting.

As my regular readers know, I blog about my family, friends, pet, travels, writing and conference speaking. I liberally sprinkle photographs of myself doing various things. I tell you more than you really want to know about my life. Ah yes, I’m self-referential too.

And not just on this blog. I’ve also been writing op ed essays for various mainstream media outlets for much of the past decade, and have never hesitated in expressing what I think, feel and even dream about. (Isn’t that what opinion pieces are meant to be?)

But the Digital Immigrant that I am, all my writing is shaped by my pre-Internet training. Even for a blog post or tweet, I still gather information, marshal my thoughts and agonise over every word, sentence and paragraph.

As my own editor and publisher on the blog, I don’t have gatekeepers who insist on any of this. My readers haven’t complained either. Yet I write the way I do for a simple reason. I may indulge in a lot of I-Me-Mine, but I don’t write just for myself. You, gentle reader, are the main reason why I strive for coherence and relevance.

(OK, if you really must know, it also ensures a joyful read when I occasionally go back and read my own writing…)