සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek

First issue of Newsweek

නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi

Tarzie Vittachi

නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history

Mind Journeys with Arthur C Clarke: New Sinhala book offers glimpses of a visionary

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012). Cover photos by Shahidul Alam, Drik

In a literary career spanning over six decades, Sir Arthur C Clarke (1917 – 2008) wrote 100 books and more than 1,000 short stories and essays. He was the first to propose geostationary communications satellites, and inspired the World Wide Web.

To mark his 95th birth anniversary which falls this month, science writer Nalaka Gunawardene is releasing a new Sinhala book offering a quick tour of Clarke’s imagination, analyses and extrapolations on the world’s current challenges and our choice of futures.

Titled ‘Arthur C Clarke Chintana Charika’ (Mind Journeys with Arthur C Clarke), the book is a collection of Nalaka’s articles, media columns and interviews based on the late author and visionary’s formidable intellectual output. Some have appeared in Lankan newspapers or magazines during the past 25 years, while others are coming out in print for the first time.

“These are not translations, and most are not even adaptations. Instead, I have distilled Sir Arthur’s ideas and imagination and presented them in simple Sinhala,” says Nalaka, who worked with Clarke for 21 years as research associate at his personal office in Colombo.

Indicative of Clarke’s diverse career and interests, the book is divided into five sections: highlights of his illustrious life; astronomy and space travel; information and communications technology; futuristic visions; and his long association with Sri Lanka.

“Sir Arthur cheered and promoted Sri Lanka for half a century – in both good times and bad. The section on Sri Lanka captures his visions and hopes for his adopted homeland: on how we may overcome the burdens of evolution and history to create a truly peaceful and prosperous island for all,” says Nalaka.

The book contains Clarke’s advice on rebuilding Sri Lanka after the 2004 tsunami, the story of the first Sinhala feature film in colour (Ran Muthu Duwa, 1962) that Clarke financed, and the text of his 90th birthday video, which eventually became his public farewell.

Other essays focus on Clarke’s cautious optimism for information society and the future of artificial intelligence, his hopes of developing clean energy sources to end humanity’s addiction to fossil fuels, and his advocacy of a world free of nuclear weapons.

Nalaka reiterates that the best way to celebrate the legacy of Arthur C Clarke is to adapt his ideas for a better world based on knowledge, ethics, compassion and imagination.

The 280-page book, published by Wijesooriya Grantha Kendraya (Wijesooriya Book Centre), will be launched at 3 pm on Tuesday, 18 December 2012 at the National Library Services and Documentation Board, 14, Independence Avenue, Colombo 7. The main speaker will be Prof Rohan Samarajiva, Chair and CEO of LIRNEasia. Copies will be sold on discount at the launch.

My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසින් රචිත නවතම ග‍්‍රන්ථය 2012 දෙසැම්බර් 18 වනදා එළි දකියි.

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ නව අදහස්, දිගු කාලීන දැක්ම හා පරිකල්පනය කැටි කර ගනිමින් ලියන ලද ලිපි 18ක් ද සම්මුඛ සාකච්ඡා තුනක් ද එහි ඇතුළත් ය. මෙයින් ඇතැම් ඒවා ගෙවී ගිය වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා සඟරාවල පළ වූ අතර, ඉතිරිය මුද්‍රණයෙන් එළි දකින්නේ පළමු වතාවට ය.

අභ්‍යවකාශ තරණය, තාරකා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාගර ගවේෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ මානව සංහතියේ අනාගතය ගැන ද විසි වන සියවසේ විසූ ප‍්‍රමුඛ පෙළේ චින්තකයකු වූ ක්ලාක්ගේ හරබර සංකල්පනා මේ පොත ලිහිල් සිංහලෙන් ඉදිරිපත් කරයි.

මේ ග‍්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය 2012 දෙසැම්බර් 18 වනදා පස්වරු 3ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආතර් සී. ක්ලාක්ගේ 95වන ජන්ම සංවත්සරය ද සැමරෙන එදින ප‍්‍රධාන දේශනය පවත්වන්නේ සන්නිවේදන විශේෂඥ හා ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. ආතර් සී. ක්ලාක් ගැන හා ශ‍්‍රී ලංකාව ගැන මෑතදී නිපදවුණු සිංහල වැඩ සටහනක් ද එදින තිර ගත කිරීමට නියමිත ය.

නව දැනුම හා තාක්ෂණයන් සදාතනික මානව ගුණයන් සමඟ මනා සේ මුසු කරමින්, අඟහිඟකම් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ කෙසේ ද යන්නට අනාගතවේදී ක්ලාක්ගේ උපදෙස් රැසක් මේ පොතේ සැකෙවින් අඩංගු ය. සුනාමියෙන් විපතට පත් වෙරළබඩ ප‍්‍රදේශ යළි ගොඩ නැංවීම ගැනත්, කොළඹ නාගරික සංවර්ධනය ගැනත් මෑත වසරවල දී ක්ලාක් දැක් වූ අදහස් ඒ අතර වෙයි.

සන්නිවේදන තාක්ෂණයන් නිසි ලෙස හැසිරවීම, බලශක්ති අර්බුදය ජය ගැනීම, සාගර සම්පත් නැණවත් ලෙස පරිහරණය හා මානවයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සමනය කර ගැනීම වැනි අතිශයින් වැදගත් මාතෘකා රැසක් ගැන ඔහුගේ ලිපි ලේඛන හා දේශනවලින් තෝරා ගත් අදහස් නාලකගේ ලිපිවලට පාදක වී තිබේ.

‘‘ආතර් සී. ක්ලාක් සැමරීමට හොඳ ම ක‍්‍රමය ඔහු නමින් පාරවල් හෝ ගොඩනැගිලි නම් කිරීම නොව ඔහු ඉතිරි කර ගිය පුළුල් වූත්, ගැඹුරු වූත් අදහස් සමුදාය අදට ගැලපෙන ලෙස අදාළ කර ගැනීමයි,’’ නාලක ගුණවර්ධන කියයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ උපන් ආතර් සී. ක්ලාක් 1956 සිට සිය පදිංචිය සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පුරවැසියකු හා ශ‍්‍රී ලංකා පදිංචිකරුවකු ලෙස අඩ සියවසකට වැඩි කලක් මෙරට අධ්‍යාපනික, විද්‍යාත්මක, සාංස්කෘතික හා පාරිසරික ක්ෂෙත‍්‍රවලට විද්වත් දායකත්වය ලබා දුන්නේ ය.

නාලක ගුණවර්ධන 1987 සිට 2008 දක්වා වසර 21ක් පුරා ආතර් සී. ක්ලාක් සමඟ ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ සේවය කළේ ය. මේ කාලය තුළ ලෝ ප‍්‍රකට ලේඛකයාට පර්යේෂණ, ලේඛන හා මාධ්‍ය සම්බන්ධීකරණ සහාය දුන් නාලක, අවසාන දශකයේ දී ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේ ය.

විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශිත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ ග‍්‍රන්ථයේ මිල රු. 450කි. එදින සහන මිලකට පිටපත් අලෙවි කැරනු ඇත.

සිවුමංසල කොලූගැටයා #95: ඩිජිටල් තාක්ෂණයෙන් ජන උරුමය රකින මෝජි රීබා

In this week’s Ravaya column (in Sinhala), I write about an Indian friend of mine: Moji Riba, filmmaker and cultural anthropologist, who lives and works in India’s north-eastern Arunachal Pradesh.

It’s an isolated remote and sparsely populated part of the country that is home to 26 major tribal communities,. Each one has its own distinctive dialect, lifestyle, faith, traditional practices and social mores. They live side by side with about 30 smaller communities.

A combination of economic development, improved communications, the exodus of the young and the gradual renunciation of animist beliefs for mainstream religions threatens Arunachal’s colourful traditions. “It is not my place to denounce this change or to counter it,” says Moji. “But, as the older generation holds the last link to the storehouse of indigenous knowledge systems, we are at risk of losing out on an entire value system, and very soon.”

For the past 15 years, he has been documenting it on video and photos. Read my English blogposts about him in Nov 2008 and Jan 2009.

I caught up with him in Delhi last week, which inspired this column.

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

ගෝලීයකරණය නැතහොත් Globalization ගැන අපේ ඇතැම් දෙනකු කථා කරන්නේ සැකයෙන් හා බියෙන්. එසේ කලබල වන අය මේ සංසිද්ධිය හරිහැටි තේරුම් ගෙන නැහැ.

ගෝලීයකරණය යනු හැම සමාජයක් හා ආර්ථිකයක් ම එක අච්චුවේ පිටපත් බවට පත් කිරීම නොවෙයි. වෙළඳ සබඳතා, දේශ සංචාරයන්, කලාපීය සහයෝගිතාව හා තොරතුරු තාක්ෂණය ආදී ක්ෂෙත‍්‍රවලදී ස්වාධීන රටවල් තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් යම් මට්ටමකින් ඒකාබද්ධ වීමයි.

ගෝලීයකරණයේ අංගයන් යොදා ගෙන අපේ සාංස්කෘතික උරුමයන් හා දායාදයන් රැක ගත හැකියි. අද මා කථා කරන්නේ එබඳු ප‍්‍රයත්නයක යෙදී සිටින ඉන්දියානු මිතුරකු ගැන.

ඔහුගේ නම මෝජි රීබා (Moji Riba). වයස 40යි. ඔහු උපන්නේ හා හැදුනේ වැඩුනේ ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ. එය මහා නගරයක් හෝ ප‍්‍රකට ප‍්‍රාන්තයක් නොවෙයි. තිබෙන්නේ ඉන්දියාවේ ඊසානදිග කෙළවරේ. චීනය, බුරුමය හා භූතානය සමඟ දේශසීමා තිබෙන මේ ප‍්‍රාන්තය භූමියෙන් ශ‍්‍රී ලංකාවටත් වඩා විශාලයි (වර්ග කිලෝ මීටර් 83,743). එහෙත් 2011දී ජනගහණය මිලියන් 1.4යි. ජන ඝනත්වය ඉතා අඩු, කඳුකර ප‍්‍රදේශවලින් බොහෝ විට සැදුණු අරුණාචල් ප‍්‍රාන්තයේ වැඩි කොටසක් හිමාල කඳුවැටියෙන් වැසී තිබෙනවා.

ජන සංඛ්‍යාව සාපේක්ෂව අඩු වූවත් ජන විවිධත්වය අතින් අරුණාචල් ප‍්‍රාන්තය ඉන්දියාවේ පමණක් නොව මුළු ආසියාවේ ම ඉහළින් සිටිනවා. එකිනෙකට වෙනස් භාෂා 30ක් හා උප භාෂා (dialects) දුසිම් ගණනක් එහි තිබෙනවා. මෙයට හේතුව තමන්ට ම ආවේණික සංස්කෘතීන් ඇති සුළු ජන කොටස් රැුසක් මේ ප‍්‍රදේශයේ සහස‍්‍ර ගණනක් තිස්සේ ජීවත් වීමයි.

අරුණාචල් ප‍්‍රාන්තයේ හමු වන්නේ ඉන්දියාවේ මහා හින්දු සංස්කෘතික ප‍්‍රවාහයට බෙහෙවින් වෙනස් වූ, වඩාත් බුරුම හා ටිබෙට් ආභාෂය ලද සංස්කෘතීන් ගොන්නක්. මේ සෑම එකකට ම ආවේණික ජන කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි හා ගති පැවතුම් තිබෙනවා. ඒකීය ඉන්දියානු ජනරජය තුළ මෙබඳු සංස්කෘතීන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එරට ව්‍යවස්ථාවෙන් ම ඉඩ සලසා තිබෙනවා.

එසේ වූවත් නවීකරණය සමඟ මේ සමහර ජන කොටස්වල අළුත් පරම්පරා සාම්ප‍්‍රදායික උරුමයන් දිගට ම පවත්වා ගන්නට එතරම් උනන්දු නැහැ. මෙය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා දැකිය හැකි ප‍්‍රවණතාවක්. පුද්ගල මට්ටමෙන් විග‍්‍රහ කරන විට පරම්පරා උරුමයන් ඉදිරියට ගෙන යාමට කිසිවකුට බල කළ නොහැකියි. එහෙත් අරුණාචල් ප‍්‍රාන්තයේ අතිශය විචිත‍්‍ර වූත්, ලොව කිසිදු තැනෙක හමු නොවන්නා වූත් ජන උරුමයන් රැක ගැනීමේ අවශ්‍යතාව මානව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.

ජන සංස්කෘතියක් යනු සජීව හා ගතික දෙයක්. කෞතුකාගාර ගත කරන්නට බැහැ. එය යම් තරමකින්වත් හසු කර ගත හැක්කේ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය හරහායි. මේ බව මනාව තේරුම් ගත් මෝජි, 1997දී සිය ප‍්‍රාන්තයේ ජන කලා, සිරිත් විරිත්, නැටුම් හා අනෙකුත් පැතිකඩ නවීන ඩිජිටල් ඡයාරූප හා වීඩියෝ හරහා වාර්තා කිරීමේ පෞද්ගලික මට්ටමේ ව්‍යාපෘතියක් ඇරඹුවා.

‘‘නවීකරණයත් සමඟ ආ ප‍්‍රවාහයන් නිසා මගේ පරම්පරාවේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික උරුමයෙන් පිටතට පා වී යන හැටි මා දකිනවා. ඒ අය ගැන විනිශ්චයක් දීමට මට ඕනෑ නැහැ. නමුත් අපේ වැඩිහිටියන්ගේ පරම්පරාවේ හමු වන ස්පර්ශ කළ නොහැකි උරුමය (intangible heritage) අප ඩිජිටල් ක‍්‍රම මඟින්වත් ලේඛනගත නොකළොත් ඒවා සදහට නැසී යාමේ අවදානමක් තිබෙනවා’’ ඔහු කියනවා.

කලබලකාරී නවීකරණය වෙනුවට වඩාත් සියම් හා සුපරීක්ෂාකාරී ලෙසින් නවීන ලෝකයේ තමන්ට ගැලපෙන දේ පමණක් ළං කර ගැනීමට සංවේදී බව හා විචක්ෂණ ගුණය මෝජිට තිබෙනවා. ඔහු ඉන්දියාවේ අංක එකේ මාධ්‍ය සරසවිය ලෙස සැලකෙන නවදිල්ලියේ ජමීලා මිලියා ඉස්ලාමියා සරසවියෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලැබූ අයෙක්. මේ තරම් උගත්කමක් හා පුහුණුවක් ලබන බොහෝ ඉන්දියානුවන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ආයතනවල රැකියා ලබා ගෙන මහ නගරවල පදිංචි වනවා. එහෙත් මෝජි නගරයෙන් නවීන සන්නිවේදන තාක්ෂණය දැනුම හා කුසලතා ගෙන තම ගම් පළාතට ගියා.

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha's birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha’s birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

සංස්කෘතික පර්යේෂණ හා ලේඛනගත කිරීමේ කේන්ද්‍රය (Centre for Cultural Research and Documentation, CCRD) අරඹමින් තවත් ඔහු වැනි ම කිහිප දෙනෙකු සමඟ ප‍්‍රාන්තයේ ජන සංස්කෘතිය ගැන වීඩියෝ වාර්තා චිත‍්‍රපට නිපදවීම ඇරඹුවා.

‘‘මගේ ප‍්‍රාන්තයේ සංස්කෘතික උරුමය මා දකින්නේ ඉලාස්ටික් පටියක් හැටියටයි. අපට යම් සීමා තුළ මේ පටිය විස්තාරණය කළ හැකියි. කාලයේ හා නවීකරණයේ ප‍්‍රවාහයන් නිසා අතීතයේ සිට පැවත ආ උරුමයන් ඒ අයුරින් ඉදිරියට ගෙන යාමට අමාරුයි. එහෙත් අඩු තරමින් ඒ ගැන විස්තරාත්මක ලේඛනගත කිරීමක් අප කරනවා’’ යැයි ඔහු කියනවා.

මෝජි මට මුලින් හමු වූයේ 2003දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී. මා සංවිධානය කළ දකුණු ආසියාතික ටෙලිවිෂන් හා වීඩියෝ පුහුණු වැඩමුළුවකට ආ මේ නිහඬ තරුණයා හැම දෙනාගේ ප‍්‍රසාදය හා ගෞරවය දිනා ගත්තා. ඔහු නිපද වූ වාර්තා චිත‍්‍රපට කිහිපයක් මා දැක තිබෙනවා.

මේවා දුවන ගමන් කළ ටෙලිවිෂන් වාර්තා නොවෙයි. සති හෝ මාස ගණන් මහත් ඉවසීමෙන් හා කැපවීමෙන් කේෂත‍්‍රයේ රූපගත කොට සියුම් ලෙසත්, සෞන්දර්යාත්මක ලෙසත් සංස්කරණය කළ ඩිජිටල් කලා කෘති හැටියට මා දකිනවා. 1997-2008 කාලය තුළ එබඳු වාර්තා චිත‍්‍රපට 35ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළා.

ඒවායින් සමහරක් මානව විද්‍යා හා සංස්කෘතික උරුමය ගැන තේමාගත වූ චිත‍්‍රපට උළෙලවලත්, ඉන්දියාවේ දුර්දර්ශන් ජාතික ටෙලිවිෂන් නාලිකාවේත් තිරගත වී තිබෙනවා. විශාල පේ‍්‍රක්ෂක සමූහයකට ඉලක්ක කරනවා වෙනුවට මේ නිර්මාණ වඩාත් ගැලපෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් දේශනාගාර, විද්වත් රැස්වීම් ආදියේ පෙන්වන්නටයි.

‘‘අප මේ චිත‍්‍රපට හරහා උත්සාහ කරන්නේ සංක‍්‍රාන්ති කාලයක සිටින අපේ ප‍්‍රාන්තයේ විවිධ ජන කොටස් තමන්ගේ සංස්කෘතික උරුමය, ස්වභාවික පරිසරය හා සමාජ-ආර්ථික සංවර්ධනය යන සාධක තුන තුලනය කර ගන්නා හැටි වාර්තාගත කරන්නයි. එහිදී අපේ මතවාදයන් ඒ වාර්තාකරණයට අප එකතු කරන්නේ නැහැ,’’ මෝජි කියනවා.

වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමට පැය ගණනක් පටිගත කළ රූප රාමුවලින් අවශ්‍ය කොටස උකහා ගත් පසු ඉතිරිය බොහෝ විට සංරක්ෂණය වන්නේ නැහැ. එහෙත් මෝජි වසර 15ක් පුරා පටිගත කළ හැම පටයක් ම ප‍්‍රවේශමින් සංරක්ෂණය කරනවා.

මේ ගැන වඩාත් ගැඹුරින් පර්යේෂණ කරන්නට 2004දී අරුණාචල් ප‍්‍රාන්ත අගනගරය වන ඉතානගර්හි රාජීව් ගාන්ධි සරසවියේ ජන සන්නිවේදන අංශයත් සමඟ එක් වී ඩිප්ලෝමා පාඨාමාලාවක් ද ඔහු ආරම්භ කළා. ඔහුගේ කාලය ඉගැන්වීමට, පර්යේෂණවලට හා කේෂත‍්‍ර මට්ටමේ රූපගත කිරීම්වලට බෙදී යනවා.

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

මෑතක් වන තුරු අරුණාචල් ප‍්‍රාන්තය විදේශික සංචාරකයන්ට අවසර නැතිව ඇතුළු විය නොහැකි, සීමා වූ ප‍්‍රදේශයක් ලෙස පැවතියා. එහෙත් දැන් චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ජංගම දුරකථන සේවාවන් හා ගමනාගමන පහසුකම් ආදිය පුළුල් වීමත් සමඟ සමාජ නවීකරණය වේගවත් වෙලා.

මේ නිසා ජන කලා හා සංස්කෘතික ලේඛනගත කිරීමේ අමුතු ආකාරයේ ව්‍යාපෘතියක් මෝජි 2009දී යෝජනා කළා. තෝරා ගත් ගම්මාන 15ක දක්ෂ ගැමි තරුණ තරුණියන් 15 දෙනකුට ඩිජිටල් වීඩියෝ තාක්ෂණය භාවිතය පුහුණු කරනවා. (අද කාලේ මේවා මැජික් නොවේ. ලෙහෙසියෙන් උගත හැකියි).

ඉන්පසුව ඔවුන්ට ඩිජිටල් වීඩියෝ කැමරා දී වසරක් පුරා තම ගම්මානයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, උත්සව, වැඩිහිටියන්ගේ මතකයන් හා ආවේණික දෑ පටිගත කරන්නට සලස්වනවා. හැම ගමකින් දළ වශයෙන් වීඩියෝ පැය 300ක් පමණ එකතු වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අවසානයේ මේ සියල්ල ප‍්‍රාන්ත කෞතුකාගාරයේ හා සරසවියේ ද අනුදැනුම ඇතිව පොදු තැනෙක සංරක්ෂණය කොට පර්යේෂකයන්ට අධ්‍යයනය කරන්නට ලබා දෙනවා.

එකිනෙකට වෙනස් භාෂා කථා කරනා ජන කොටස් සැමගේ විශ්වාසය දිනා ගෙන ඔවුන්ගේ සහයෝගයෙන් කරන මේ ව්‍යාපෘතියෙන් වසර කිහිපයක ඇවෑමෙන් වීඩියෝ පැය 4,000ක් පමණ එකතු වීමට නියමිතයි. මෙය කාල කැප්සියුලයක් (time capsule) ලෙස මෝජි හඳුන්වනවා. ජන සංස්කෘතිය නිතිපතා පරිණාමය වන නිසා අපට කළ හැක්කේ අද දවසේ එහි ගති සොබා හසු කර ගැනීම පමණක් බව ඔහු දන්නවා.

ජීවිතයේ උපතේ සිට මරණය දක්වා හැම අවස්ථාවකට ම ආවේණික සිරිත් විරිත් ඔවුන්ට තිබෙනවා. දරුවකුගේ උපත, අස්වනු නෙළීම, විවාහ මංගල්‍යයන්, මළවුන් සිහි කිරීම ආදිය ඒ අතර සුවිශේෂයි. මේ සිද්ධීන් හැම ජන කොටසකට ම පොදු වූවත් ඔවුන් ඒවා සමරන ආකාරය එකිනෙකට වෙනස්. එක් මහ ජාතියක් සංඛ්‍යාත්මකව හමු නොවන අරුණාචල් ප‍්‍රාන්තයේ හැම දෙනා ම සුළු ජාතියක්.

මේ අසාමාන්‍ය සංස්කෘතික ව්‍යායාමය ඔහු නම් කරන්නේ කඳුකරයේ ඇස (Mountain Eye) ව්‍යාපෘතිය ලෙසයි. ශාස්ත‍්‍රීය වටිනාකමක් ඇති මෙබඳු කටයුතුවලට බොලිවුඞ් ආකර්ෂණය හෝ වෙළඳපොළ විභවයක් නැති නිසා අවශ්‍ය වියදම ඉන්දියාව තුළින් සොයා ගැනීම ලොකු අභියෝගයක්.

ස්විට්සර්ලන්තයේ රෝලෙක්ස් ඔරලෝසු සමාගම සුවිශේෂි පර්යේෂණ හා ගවේෂණවලට අනුග‍්‍රහය දක්වන්නට තරගකාරී මට්ටමින් තෝරා ගන්නා රෝලෙක්ස් ත්‍යාගයක් (Rolex Award for Enterprise) 2008දී මෝජි රීබාට ප‍්‍රදානය කළා. එයින් ලැබුණු ත්‍යාග මුදලත්, ලෝක මට්ටමේ ප‍්‍රසිද්ධියක් යොදා ගෙන සුපුරුදු නිහඬ රටාවට මෝජි තමන්ගේ ව්‍යාපෘතිය පෙරට ගෙන යනවා.

ජන සංස්කෘතිය කෞතුකාගාර හෝ සරසවිවලට කොටු වන්නට ඉඩ නොතබා ඔහු එය තරුණයින් වඩාත් ගැවසෙන කැෆේ, සිනමා ශාලා හා සාප්පු සංකීර්ණවලට චිත‍්‍රපට ගෙන යනවා. පාසල් දර්ශන සංවිධානය කරනවා. අරුණාචල් භාෂා 9කින් ගැයෙන් ගීත ඇතුළත් CD තැටියක් නිපදවා බෙදා හරිනවා.

අරුණාචල් ප‍්‍රාන්තයේ ආවේණික ජන සංස්කෘතිය අද මුහුණ පා සිටින්නේ හුදෙක් ඉන්දියාවට පිටතින් සිට ගලා එන ප‍්‍රවාහයන්ට පමණක් නොවෙයි. රට තුළම සංඛ්‍යාත්මකව බහුතරයක් වූ හින්දි බස කථා කරන මහා සංස්කෘතියේ ප‍්‍රබල බලපෑමත්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා එන වෙළඳ පොළ හා ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑමත් ඔවුන්ට ඍජුව ම එල්ල වී තිබෙනවා.

මෙවැනි ප‍්‍රවාහයන් හමුවේ ඇතැම් දෙනා හූල්ලමින් හා දෙස් තබමින් කල් ගත කළත් මෝජිගේ ප‍්‍රතිචාරය බෙහෙවින් වෙනස්. ළිඳට වැටුණු මිනිසකු ළිං කටින් ම ගොඩ ආ යුතු සේ ඔහු කරන්නේ නව සන්නිවේදන තාක්ෂණයන් යොදා ගෙන තම ජනයාගේ උරුමය රැක ගන්නට තැත් කිරීමයි. ඔහු මෙය පෞද්ගලික ජීවිතයේදීත් ක‍්‍රියාත්මක කරනවා. හින්දි හා ඉංග‍්‍රීසි භාෂා ව්‍යක්ත ලෙස හසුරුවන්නට උගත් ඔහු වයස විසි ගණන්වල සිය මවුබස වන ගැලෝ භාෂාව (Galo) උගත්තා. දැන් ඔහු එය සිය ලාබාල පුතුන් දෙදෙනාට කුඩා වයසේ සිට උගන් වනවා.

‘‘අපේ දරුවන්ට ගීයක් ගයන්න කී විට ඔවුන් ගයන්නේ හින්දි නැතහොත් ඉංග‍්‍රීසි ගීත. අප දැන් තැත් කරන්නේ තමන්ගේ ම බසින් සින්දු කීමේ අමතර හැකියාව අළුත් පරම්පරාවේ හැමට ලබා දෙන්නයි,’’ මෝජි කියනවා.

‘‘විසි එක් වන සියවසේ සුළු ජන කොටස්, ගෝත‍්‍රික හා ආදිවාසී පිරිස් පසුගාමීව හෝ මුළුගැන් වී සිටිය යුතු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ප‍්‍රධාන ප‍්‍රවාහයට නතු නොවී අපේ සුවිශේෂි අනන්‍යතාව රැක ගනිමින් නවීකරණය වන්නට හැකියි,’’ මෝජී රීබාගේ දර්ශනය එයයි.
http://tiny.cc/MojiR1

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)

Rolex Awards 2012: Social and technological entrepreneurs shaping a new world

News feature published in Ceylon Today newspaper, 28 November 2012

L to R - Margaret Lowman, Rodrigo Jordan, Adrienne Corboud Fumagalli & moderator R Sukumar

L to R – Margaret Lowman, Rodrigo Jordan, Adrienne Corboud Fumagalli & moderator R Sukumar

Social and technological entrepreneurs shaping a new world
By Nalaka Gunawardene in New Delhi

A new wave of social and technological entrepreneurs is reshaping our world, blending the best of enterprise, innovation and compassion.

The old divides of for-profit and non-profit are fast blurring in this brave new world where emerging economies of Asia are taking the lead, a global gathering of change-makers heard this week.

The Rolex Leadership Forum, held at the New Delhi Municipal Council Convention Centre, was convened by the Rolex Awards for Enterprise. It heard from inspirational innovators, scientists and adventurers – all of who shared their personal journeys and passions as they discussed their views on leadership and enterprise.

The core values identifies by these remarkable individuals as guiding and sustaining themselves were passion, integrity, resilience and a sense of humour.

“Follow your passion, think outside the box and seek solutions,” was how Margaret Lowman, pioneering US canopy ecologist summed it up. “Early on, I realized that you expend the same amount of energy to complain as to exclaim. I’ve chosen to do the latter, making things better as I go along!”

She emphasised that solving problems is far more important than simply gathering and analysing data or publishing technical papers. As head of North Carolina’s new Nature Research Centre, she is heavily involved in taking children and youth back to nature, and in public engagement of science.

“I would recommend that we try not to blend in, but stand up and stand out,” said Adrienne Corboud Fumagalli, Swiss economist, media and technology transfer specialist.

Rodrigo Jordan, Chilean social entrepreneur, educationist and mountaineer, who in 1992 led the first Latin American expedition to Mount Everest, has been applying team building skills to business, education and social development. His recipe for successful teams: right proportions of passion, expertise, a sense of purpose and generosity among team members.

“It is imperative for good teams to have members with a good match of technical and personal skills,” he said. “I climb peaks not with climbers but with human beings.”

Nandan Nilekani speaks at Rolex Leadership Forum 2012

Nandan Nilekani speaks at Rolex Leadership Forum 2012

“Giving people a purpose larger than themselves usually leads to extraordinary results,” said Nandan Nilekani, the Indian techno-preneur best known for co-founding and building the IT giant Infosys Technologies.

He described challenges involved in his current public sector assignment as chairman of the Unique Identification Authority of India (UIDAI) – which is building the world’ s largest digital identification system that is web-based. When completed, it will store information on all 1.2 billion Indian residents.

Young change-makers

The forum also heard from three outstanding young Indians who have pursued their own passion for excellence, innovation and service.

Piyush Tewari, who was a Rolex Young Laureate in 2010, has left a lucrative corporate job to devote all his time to SaveLIFE Foundation that trains police officers and volunteers in roadside trauma care. His group responds to the highest road accident fatality rate in the world – an average of 15 deaths every hour. Yet, 80 per cent of victims don’t receive any emergency medical help within the first vital hour after injury.

Deepak Ravindran founded and heads Innoz, a tech company that runs SMSGYAN which serves 120 million users to access several Internet functions from simple mobile phones through text messages. By making every mobile phone smart, he aims to bring Internet within reach of more people in a country where Internet use is currently around 10 per cent.

Ishita Khanna is a social entrepreneur who runs EcoSphere that promotes community participation to achieve sustainable development in remote Himalayan communities through eco-tourism, renewable energies and indigenous wild produce.

These three mid-career professionals epitomise the new generation of Indians who are combining modern management methods and technologies with age old values of caring, sharing and taking on responsibility.

As Rebecca Irvin, director of Philanthropy at Rolex, asked: “The choice for today’s young people is: do you just want to do well in your lives, or do you also want to do good while pursuing your passions?”

The Rolex Leadership Forum 2012 in New Delhi was attended by over 300 people who came from all parts of the world and all walks of life. The distinguished gathering included past winners (laureates) of the prestigious award and its past judges along with journalists, activists and researchers.

Dr Wijaya Godakumbura, inventor of the safe bottle lamp and a Rolex Laureate (1998), was among the invitees.

Rolex Leadership Forum in Delhi, Ceylon Today 28 Nov 2012

Rolex Leadership Forum in Delhi, Ceylon Today 28 Nov 2012

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today

Newsstand Sri Lanka – image courtesy WSJ.com

“Sri Lanka’s newspaper history dates back to Colombo Journal (1832) which apparently had a short but feisty life before it invoked the ire of the British Raj. Nearly two centuries and hundreds of titles later, the long march of printer’s ink — laced with courage and passion – continues.

“How long can this last?

Print journalism’s business models are crumbling in many parts of the world, with decades old publications closing down or going entirely online. This trend is less pronounced in Asia, which industry analysts say is enjoying history’s last newspaper boom. Yet, as I speculated three years ago when talking to a group of press barons, we’ll be lucky to have a decade to prepare for the inevitable…”

These are excerpts from a short essay I originally wrote last week to mark the first anniversary of Ceylon Today newspaper, where I’m a Sunday columnist. It was printed in their first anniversary supplement on 18 Nov 2012.

Groundviews.org has just republished it today, making it easily available to a much wider audience. Read full essay:

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today, by Nalaka Gunawardene

Another excerpt: “In the coming years, waves of technology, demographics and economics can sweep away some venerable old media along with much of the deadwood that deserves extinction. The adaptive and nimble players who win audience trust will be the ones left to write tomorrow’s first drafts of history.”

Image courtesy Reuters

Your Disaster is Not My Disaster: Ceylon Today op-ed essay

Meteosat 7 weather satellite image of the Indian Ocean – 30 Oct 2012 at 6 UTC



As Hurricane Sandy hammered the US East Coast earlier this week, we had our own meteorological worries. A tropical cyclone — belatedly named Neelam — swept past parts of Sri Lanka’s North and East. It then headed to southern India.

The two atmospheric turbulences were not comparable. Sandy was far more ferocious. But Neelam caused enough disruption as well — it wasn’t just a passing gust of wind.

As I followed the two disasters through print, TV and web media reporting, I wondered: how come we had more about Sandy in our own media than on Neelam?

Is it because, as some argue, the global media were so preoccupied with Sandy, and provided saturation coverage? Or are our own media outlets unable, or unwilling, to cover a local weather anomaly with depth and clarity?

This is the opening of my latest op-ed essay, Your Disaster is Not My Disaster, published in Ceylon Today newspaper, 1 Nov 2012.

Another excerpt:

“In today’s networked society, commercially operating news media are no longer the sole gatherers or distributors of news. Some members of their (formerly passive) audience are now mini news operations on their own.

“What does this mean for communicating in disaster situations that requires understanding and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media, so together they can better serve the public interest? What value-additions can the mainstream media still bring to the coverage of disasters? And what to do about ‘Chicken Little’ reporters who try to link everything to a looming climate catastrophe? I don’t have all the answers, but keep asking these necessary questions.”

Here’s the full text, saved from the e-paper:

Your Disaster is not My Disaster – by Nalaka Gunawardene, Ceylon Today 1 Nov 2012

See also my March 2011 blogpost: Drowning in Media Indifference: Who cares for the backwoods?

සිවුමංසල කොලූ ගැටයා පොතක් ලෙස එළි දකියි

Sivu Mansala Kolu Getaya book cover: A Ravaya Publication

විද්‍යාව, තාක්‍ෂණය, සංවර්ධනය හා තොරතුරු සමාජය ගැන සරල හා සංසන්දනාත්මක විග‍්‍රහයන් රැසක් අඩංගු “සිවුමංසල කොලූ ගැටයා” ග‍්‍රන්ථය මෙවර කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී එළි දකියි.

විද්‍යා ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස වසර 25ක දෙස් විදෙස් අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන විසින් “රාවය” පුවත්පතට ලියන ලද තීරු ලිපි 44ක් මේ පොතේ අඩංගු ය. එහි පෙරවදන ලියා ඇත්තේ මාධ්‍යවේදී අසෝක ඩයස් විසිනි.

ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන, සිරිල් පොන්නම්පෙරුම හා ඔස්මන්ඞ් ජයරත්න වැනි විද්වතුන් සමඟ සමීපව කටයුතු කළ නාලක, එ අත්දැකීම් කාලානුරූපව හා සරල බස් වහරකින් ඉදිරිපත් කරයි.

ශ‍්‍රී ලාංකික ජන සමාජයේ “හැත්තෑ හතේ දරුවන්” ගැන විශේෂ අවධානයක් යොමු කරන ලේඛකයා, ඔවුන් මෙරට පළමුවන “ටෙලිවිෂන් පරම්පරාව” හා මුල් ම “ඉන්ටර්නෙට් පරම්පරාව” බවට පත් වන සැටි ගැන කලෙක සිට අදහස් පළ කරන්නෙකි.

පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියළු මාධ්‍ය හරහා ද්විභාෂිකව සන්නිවේදනය කොට ඇති ඔහු, ගෝලීය තොරතුරු සමාජයේ ලාංකික ලකුණ කෙසේ ස්ථාපිත කළ යුතු දැයි මේ කෘතියේ ලිපි හරහා සාකච්ඡා කරයි.

රාවය ප‍්‍රකාශනයක් වන “සිවුමසල කොලූගැටයා” මිළ රු. 450කි. එය විශේෂ වට්ටමකට පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out

සිවුමංසල කොලූගැටයා #77: විශ්ව ගම්මානය එක්තැන් කරන ඔලිම්පික් ටෙලිවිෂන්

This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 5 August 2012. This week, I trace the moving images coverage of the Olympics, from the early days of cinema to the modern instantaneous live coverage that makes the whole world watch the Games as they unfold.

I covered similar ground in my English column on 29 July 2012: When Worlds Collide #26: Olympics on TV – How the World is One! (But no, I don’t translate – even my own writing.)

2012 ලන්ඩන් ඔලින්පික් උළෙල, 116 වසරක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මාධ්‍ය මගින් වැඩියෙන් ම ආවරණය කැරෙන හා වඩාත් ම ඩිජිටල් ඔලිම්පික් උළෙල බවට පත්ව තිබෙනවා.

ලන්ඩන් ඔලිම්පික් සංවිධායකයන් වෙතින් නිල මාධ්‍ය ආවරණ පහසුකම (media accreditation) ඉල්ලූම් කළ ලෝක ව්‍යාප්ත මාධ්‍යවේදී සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබෙනවා. එතරම් සංඛ්‍යාවක් නිල නොවන අයුරින් ද විවිධාකාර ඩිජිටල් මාධ්‍ය හරහා තමන් රිසි තරග ඉසව් හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගැන වාර්තාකරණයක යෙදෙනු ඇතැයි සංවිධායකයන් අනුමාන කරනවා.

ලන්ඩන් නුවර මෙවර පැවැත් වෙන්නේ ඔලිම්පික් තරඟ මාලාවේ 30 වැන්නයි. 1896දී ග‍්‍රීසියේ ඇතන්ස් නුවර මුල් ම නූතන ඔලිම්පික් උළෙල පවත්වන විට තිබුණේ මුද්‍රිත හා ඡායාරූප මාධ්‍යයන් පමණයි. එහෙත් එතැන් පටන් කෙටි කලක් ඇතුළත සිනමාව (1900), රේඩියෝ මාධ්‍යය (1910) හා ටෙලිවිෂනය (1927) බිහි වී කෙමෙන් ප‍්‍රචලිත වූවා. අළුතෙන් බිහි වූ හැම මාධ්‍යයක් ම ටික කලෙකින් ඔලිම්පික් ආවරණයට යොදා ගනු ලැබූ පරිදි ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන ද අද එම මාධ්‍ය මිශ‍්‍රණයට එක් ව තිබෙනවා.

ඔලිම්පික් තරගාවලි හැකි තාක් සජීව, විස්තරාත්මක හා විචිත‍්‍ර ලෙසින් ලොව පුරා සැමට වාර්තා කිරීමේ අභියෝගය එදා මෙන් ම අදත් පවතිනවා. එයට යොදා ගන්නා මෙවලම් හා තාක්ෂණයන් වෙනස් වූවත් එහි මුඛ්‍ය අරමුණ නම් මුළු ලොවට පොදු මහා ක‍්‍රීඩා උත්සවය කොයි කාගේත් ග‍්‍රහණයට හසු කර දීමයි.

ඔලිම්පික් තරග ඉසව් මෙන්ම ආරම්භක හා අවසන් කිරීමේ සංදර්ශනාත්මක උත්සවයන් සජීව ලෙසින් ටෙලිවිෂන් මාධ්‍යයෙන් විකාශය කිරීම ලොව බොහෝ ටෙලිවිෂන් ආයතනවල අවශ්‍යතාවයයි.

ඔලිම්පික් ව්‍යාපාරයේ පාලක මණ්ඩලය ලෙස ක‍්‍රියාකරන, ආණ්ඩුවලින් පරිබාහිර සංවිධානය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවයි (International Olympic Committee, IOC). එය ජාතික ඔලිම්පික් කමිටුවල නියෝජනය ලබන ලෝක මට්ටමේ සම්මේලනයක්. එහි සාමාජිකත්වය දරණ ජාතික ඔලිම්පික් කමිටු 205ක් තිබෙනවා. (ආණ්ඩුවලට පමණක් සාමාජිකත්වය හිමි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193යි.)

සමස්ත ඔලිම්පික් ව්‍යාපාරය එහි ආරම්භක උතුම් අරමුණු හා සාරධර්මවලට අනුකූල වන පරිදි පවත්වා ගෙන යන ෂධක්‍ සංවිධානය, ඔලිම්පික් තරගාවලි ටෙලිවිෂන් හරහා ආවරණය කිරීමත් නියාමනය කරනවා. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ හැකි තාක් ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන්ට ඔලිම්පික් විකාශ නැරඹීමට අවස්ථාව උදාකර දීමයි. මේ නිසා නිදහසේ ගුවනට සංඥා විසුරුවා හරින, ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි (free-to-air, terrestrial) ආකාරයේ ටෙලිවිෂන් නාලිකාවලට ඔලිම්පික් විකාශ වරම දීමට ෂධක්‍ කැමතියි. එමෙන් ම රටක හැකි තාක් ජන සංඛ්‍යාවට නැරඹිය හැකි පරිදි ඇතැම් විට නාලිකා කිහිපයකට එම විකාශ වරම ලබා දෙනවා.

මේ සාරධර්මය උරගා බැලෙන සිදුවීමක් මෙරට සිදු වුණා. ලන්ඩන් ඔලිම්පික් මෙරට විකාශය කිරීමේ වරම ආසියා පැසිෆික් විද්යුත් මාධ්‍ය සංගමය (ABU) හරහා නිල වශයෙන් මෙරට රූපවාහිනී සංස්ථාවට මෙන් ම සිරස/ඵඔඪ මාධ්‍ය ජාලයට ද ලැබී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඔලිම්පික් විකාශ වරම තනිකර ම තමන්ට ලැබිය යුතු බව කියමින් රූපවාහිනී සංස්ථාව අධිකරණයට ගියා. කොළඹ වාණිජ මහාධිකරණය වෙතින් තහනම් නියෝගයක් ද ලබා ගත්තා.

එයට එරෙහිව අභියාචනා කරමින් සිරස/MTV මාධ්‍ය ජාලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප‍්‍රබල තර්කයක් වූයේ මෙවර ලන්ඩන් ඔලිම්පික් තරග ඉසව් විශාල සංඛ්‍යාවක් එක්වර පැවැත්වෙන බවත්, දින 16ක් පුරා පැය 3,000කට වැඩි ටෙලිවිෂන් වාර්තාකරණයක් සජීව ලෙසින් සිදු වන බවත්. මෙය කිසිදු තනි නාලිකාවකට විකාශය කිරීමට නොහැකි තරම් විශාල ගුවන් කාලයක් නිසා එක ම රටක බහු විධ නාලිකාවලට ඔලිම්පික් විකාශයන් කිරීමට ඉඩ ලැබීම ඔස්සේ පේ‍්‍රක්ෂකයන්ට වැඩි පරාසයක ඔලිම්පික් තරග ඉසව් බලන්නට ඉඩ ලැබෙන බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඔලිම්පික් තරගාවලි රූපගත කිරීම ඇරඹුණේ 1908 දී ලන්ඩන් උළෙලින්. එවකට නිහඬව පැවති සිනමාවේ සීමිත තාක්ෂණික පහසුකම් යොදා ගෙන එහි උත්සව හා තරග ඉසවූ චිත‍්‍රපට ගත කළා.

මුල පටන් ම සිනමාකරුවන් අවධානය යොමු කළේ හුදෙක් ඔලිම්පික් උළෙලේ උත්සව අසිරිය, තරග ජයග‍්‍රහණය හා පදක්කම් බෙදා දීම ගැන පමණක් නොවෙයි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානුෂික හැඟීම්, තරඟකාරීත්වය ඔස්සේ මතු ව එන දේශානුරාගය හා ධීරභාවය (human spirit) හා පරාජිතයන්ගේ හැඟීම් ආදිය ගැනත් සමීප දසුන් හරහා හසු කර ගන්නට ඔවුන් උත්සාහ කළා.

මේ සඳහා සැබෑ ලෝකයේ, තිර නාටක නැතිව දිග ශැරෙන සංත‍්‍රාසමය හා හැඟීම් බරිත අවස්ථා රැුසක් හැම ඔලිම්පික් උළෙලක ම තිබෙනවා. සංවේදී ඡුායාරූප හා චිත‍්‍රපටකරුවන්ට මානුෂික කතාන්දර ආකරයක් ලෙස ඔලිම්පික් තරගාවලී දැකිය හැකියි. අද දවසේ රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන් ගණයට වැටෙන සිදුවීම් එවායේ එමට තිබෙනවා.

London 2012 Opening Ceremony: Tinsel Town goes to Olympia

1908න් පසුව පැවැත් වූ සියළු ඔලිම්පික් තරගාවලි චිත‍්‍රපට කැමරා හෝ ටෙලිවිෂන් කැමරා හෝ මගින් රූපගත කරනු ලැබුවා. තරගාවලියේ උච්ච අවස්ථා කැටි කොට ගත් වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමේ සම්ප‍්‍රදාය ඇරඹුණේ 1924 පැරිසියේ පැවති ඔලිම්පික් උළෙලත් සමගයි. 1920 දශකයේ නිපදවනු ලැබූ ටෙලිවිෂන් තාක්ෂණය යොදා ගෙන 1930 මැද වන විට රූප විකාශය කිරීම ඇරඹුණු විට ඔලිම්පික් වාර්තාකරණයට ඉක්මනින් එය සම්බන්ධ වුණා.

ඔලිම්පික් තරගාවලියක් එය පැවැත්වෙන ක‍්‍රීඩාංගනයකින් බාහිර තැනෙක සිට එවේලේ ම නැරඹීමේ (සජීව) හැකියාව මුල් වරට ලැබුණේ 1936දී ජර්මනිය බර්ලින්හි පැවැත්වූ උළෙලේදී. බර්ලින් හා පොස්ඩාම් දෙනුවර එ සඳහා විශේෂයෙන් සැකසූ මහජන පේ‍්‍රක්ෂකාගාරවල සිට ඔලිම්පික් ඉසවු නැරඹීමේ සීමිත පහසුකම ජර්මන් තාක්ෂණවේදීන් ලබා දුන්නා.

එහෙත් බර්ලින් ඔලිම්පික් උළෙල ගැන වඩාත්ම වැදගත් හා කල් පවත්නා චලන චිත‍්‍ර මතකය නම් ජර්මන් සිනමාවේදිනී ලෙනි රයිෆෙන්ස්ටාල් (Leni Riefestahl) අධ්‍යක්ෂණය කළ Olympia නම් වූ නිල වාර්තා චිත‍්‍රපටයයි.

ඇය හිට්ලර්ගේ නාසිවාදයේ ප‍්‍රචාරණ කටයුතුවලට පක්ෂග‍්‍රාහී ව කටයුතු කළා යයි චෝදනාවක් හා ආන්දෝලනයක් ඇතත්, ඇගේ සිනමාවේ නිර්මාණශීලී බව හා නව්‍යකරණය ගැන විවාදයක් නැහැ. අද ක‍්‍රීඩා තරග ඉසව් රූපගත කොට සංස්කරණය කිරීමේදී යොදා ගන්නා බොහෝ ශිල්ප ක‍්‍රමවල පෙරගමන්කරුවා ඇයයි. මන්ද චලනය (slow-motion), අසාමාන්‍ය රූ රාමු සඳහා කැමරාකරුවන් තරග ධාවන පථ තුළට කිඳා බැස්වීම, පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර සඳහා කැමරාවක් නරඹන්නන් අතරට ඇවිද ගෙන යාම, ජල ක‍්‍රීඩාවලදී පිහිනුම් තටාකයට ඉහළින්, බිම් මට්ටමින් මෙන්ම දිය යටින් ද රූපගත කිරීම් ආදිය හරහා ඔලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගති සොබා, ආවේග හා ප‍්‍රතිචාර ඔවුන්ටත් නොදැනීම පාහේ හසුකර ගෙන හෘදයාංගම කථාන්තර බවට එක් තැන් කිරීමේ රූප කථා සම්ප‍්‍රදායට ඇගෙන් ලැබුණ ආභාෂය ඉමහත්.

දෙවන ලෝක යුද්ධය නිසා වසර 12ක විරාමයකින් පසු ඔලිම්පික් තරගාවලියක් යළිත් 1948දී ලන්ඩන් නුවර පැවැති අවස්ථාවේ ලන්ඩනයේ සිට සැතපුම් 50ක අරයක දුරින් පිහිටි නිවාසවලට ලක්ෂ 5ක් ජනයාට නිවසේ සිට තරග නැරඹීමට හැකි මට්ටමට ටෙලිවිෂන් තාක්ෂණය දියුණු වී තිබුණා.

එහෙත් රටකින් රටකට ටෙලිවිෂන් සංඥා එසැනින් යැවීමේ හැකියාව පැවතුණේ නැහැ. 1952 හෙල්සින්කි ඔලිම්පික් ටෙලිවිෂන් හරහා විකාශය නොවූ අතර 1956 මෙල්බර්න් ඔලිම්පික් විකාශය ඔස්ටේ‍්‍රලියාවට පමණක් සීමා වුණා. එම තරගාවලියේ සංවිධායකයන් ටෙලිවිෂන් වාර්තාකරණයට අවශ්‍ය තාක්ෂණය සම්පාදනය කර තිබුණත් වෙනත් රටවලින් ආ ටෙලිවිෂන් ආයතන එ සඳහා සංවිධායකයන් ඉල්ලා සිටි සුළු ගාස්තුව ගෙවීම ප‍්‍රතික්ෂේප කළා. ඔලිම්පික් වැනි මහජන ක‍්‍රීඩා උත්සවයක් රූපගත කිරීමට මුදල් ගෙවිය යුතු නැතැයි ඔවුන් තර්ක කළා.

එහෙත් මේ තර්කය වෙනස් කොට මුල්වරට ඔලිම්පික් තරගාවලියක් ආවරණය සඳහා ටෙලිවිෂන් ආයතන ගාස්තුවක් ගෙවූයේ 1960 රෝමයේ පැවති උළෙල සඳහායි. සමස්ත ගාස්තුව එවකට ඇමෙරිකන් ඩොලර් මිලියන් 1.2 යි. අද ඩොලර් බිලියන ගණනින් අලෙවි වන ටෙලිවිෂන් විකාශ වරම් ගාස්තු සමග සසඳන විට මෙය සුළු මුදලක්.

ලෝකයට ම එකවර ඔලිම්පික් උළෙලක් සජීව ලෙසින් ටෙලිවිෂන් හරහා දැක බලා ගැනීමේ හැකියාව ලැබුණේ 1964 තෝකියෝ තරගාවලියේ සිටයි. 1945දී බි‍්‍රතාන්‍ය විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මුල්වරට යෝජනා කළ පණිවුඩ චන්ද්‍රිකා සංකල්පය, අමෙරිකානු සමාගම් විසින් සැබෑවක් බවට පත් කළේ 1960 දශකය මුලදී. මුල්ම පණිවුඩ චන්ද්‍රිකාවක් වූ සින්කොම් 3 (Syncom 3) යොදා ගෙන තෝකියෝවේ ඔලිම්පික් දර්ශන යුරෝපයට හා අමෙරිකාවට සජීව ලෙසින් විකාශය කරනු ලැබුවා.

1964න් පසු අඩ සියවසකට ආසන්න කාලයක් තුළ පවත්වන 12 වන ඔලිම්පික් තරගාවලිය මේ දිනවල අප ටෙලිවිෂන් හරහා නරඹනවා. මේ හැම උළෙලක් ම සජීව ලෙසින් ලොව පුරා විකාශය කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ මුල්වරට එය සිදුවූයේ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලත් සමගයි.

වේලා කලාපයන් (time zones) අනුව අපේ දිවා කාලයේ හෝ රාත‍්‍රී කාලයේ සිදු වන ඔලිම්පික් ඉසව් එසැනින් නැරඹිම හරහා අප ලෝක ව්‍යාප්ත තොරතුරු සමාජයේ කොටස්කරුවන් මෙන් ම මාෂල් මැක්ලූහන් හා ආතර් සී. ක්ලාක් වැනි සන්නිවේදන විශාරදයන් කල් තබා දුටු විශ්ව ගම්මානයේ පදිංචිකරුවන් ද වනවා.

මෙය හැම කෙනකු ම එක සේ ආවඩන සංසිද්ධියක් ද නොවෙයි. ටෙලිවිෂන් විකාශ වරම් හරහා ලැබෙන අති විශාල මුදල් ප‍්‍රමාණයත්, නිල අනුග‍්‍රාහක වරම ලබන සමාගම් එ සඳහා ගෙවන ගාස්තුවක් නිසා ඔලිම්පික් ව්‍යාපාරය වාණිජකරණය වී ඇතැයි සමහරුන් චෝදනා කරනවා.

අන් හැම දෙයක්ම මිළ මුදලට විකිණෙන වත්මන් පාරිභෝගික සමාජයේ ඔලිම්පික් පමණක් ස්වේච්ඡාවෙන්, නොමිලේ හෝ ලාබෙට කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් නැති බව අප පිළිගත යුතුයි. එමෙන්ම මේ වන විට ඔලිම්පික් තරගාවලි පත්ව තිබෙන දැවැන්ත පරිමානයට අනුව සුවිසල් ආයෝජන නොමැතිව උළෙලක් පැවැත්වීම සිතන්නටවත් බැරි දෙයක්. (ලන්ඩන් උළෙලට රටවල් 205කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10,500 ක් පමණ ක‍්‍රීඩා 26ක ඉසව් 300කට වැඩි ගණනක තරක කරනවා.)

ඔලිම්පික් තරග ඉසව් එසැනින් ලෝකයේ ඕනෑ ම තැනෙක සිට ග‍්‍රහණය කිරීමේ හැකියාව අද වන විට ටෙලිවිෂන් මාධ්‍යයට අමතරව ඉන්ටර්නෙට් සබඳතා ඇති පරිගණක මෙන්ම ජංගම දුරකථන හරහා ද ලැබෙනවා.

මේ ප‍්‍රවණාතාව වඩාත් ප‍්‍රබල වන විට ටෙලිවිෂන් ඔලිම්පික් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවේදැයි සැකයක් තිබෙනවා. IOC මෙන් ම ඔලිම්පික් සංවිධානය කිරීමේ වරම ලබා ගන්නා සත්කාරක නගර ද සිය වියදමින් විශාල කොටසක් පියවා ගන්නේ ටෙලිවිෂන් විකාශ අයිතිය අලෙවියෙන්. එසේ ලබා ගන්නා විකාශ අතරතුර වෙළඳ දැන්වීම් පෙන්වීම හරහා ටෙලිවිෂන් ආයතන ආදායම් උපයා ගැනීම වෙළඳපොල ආකෘතියයි.

වෙළඳ දැන්වීම් රහිත වෙබ් මාධ්‍ය හරහා (උදා: YouTube) ඔලිම්පික් සජීව ලෙසින් නරඹන්නට හැකි නම් පේ‍්‍රක්ෂකයන් සමහරෙක් සජීව ටෙලිවිෂන් වෙතින් ඉවත් වෙයිද? 2008 බේජිං ඔලිම්පික් උළෙල නැරඹූ ලෝක ව්‍යාප්ත සමස්ත ටෙලිවිෂන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව බිලියන් 4.3ක් (කෝටි 430) වුණා. මෙවර ලන්ඩන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව එය අභිබවා යයි ද? නැතිනම් එයට අඩු වෙයි ද?

මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු ළඟදී ම දැනගත හැකියි. එහෙත් වෙබ් මාධ්‍ය ප‍්‍රගමනය හමුවේ සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් මාධ්‍යවලට මෙන් ම ඔලිම්පික් සංවිධායකයන්ට ද අළුත් විදියට සිතන්නට අභියෝග මතු වී තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

In this Sunday (15 July 2012) Ravaya column (in Sinhala), I briefly trace the history of comics in Sri Lanka in the Sinhala language and ask: what lessons can we derive from that experience on integrating a new media type or form to Lankan society?

Comics in Lankan newspapers started 60 years ago in October 1951 — and a vocal minority of cynics and puritans resisted it from the beginning. I argue that this misplaced resistance prevented Lankan media houses and society at large from harnessing this versatile medium for greater good – in both entertainment and educational terms.

I first presented these ideas in my talk at National Media Summit 2012, held at University of Kelaniya, Sri Lanka, in late May 2012.

Comics in Sri Lanka – a montage courtesy http://www.wimalonline.com/srilankancomics

“වඩා බියකරු ඩෙංගු මාරයා ද – ඉන්ටර්නෙට් මාරයා ද?”

පාසල් යන වයසේ දරුවන් සිටින නාගරික මැද පාංතික මවක් ලගදී මගෙන් මේ ප‍්‍රශ්නය විමසුවා. පරිගණකයක් සිය නිවසේ ඇතත්, ඉන්ටර්නෙට් සබඳතාවක් ගැනීමට වත්කම තිබුණත් තම දරුවන් ලොකු මහත් වන තුරු ඉන්ටර්නෙට් තහනම් බව ඇය කියා සිටියා.

මා ඇය සමග තර්ක නොකළත්, ඇගේ ස්ථාවරය මට සිහිපත් කළේ මීට දශක තුනකට පෙර අපේ බොහෝ දෙමවුපියන් හා ගුරුවරුන් චිත‍්‍රකථා පත්තර තහනම් කළ සැටියි. වගකීමකින් යුතු පුවත්පත් ආයතන පළ කළ චිත‍්‍රකථා පත්තර පවා ඒ ගෙදරදොර තහනමට ලක් වුණා. එහෙත් තහනම් පත්තර කෙසේ හො සොයා ගෙන කියැවූ දරුවන් එමට සිටි බවත්, ඒවා නිසා ඔවුන් අයාලේ නොගිය බවත් මා දන්නවා.

අළුතෙන් සමාජයට පිවිසි දේ ගැන සැකයෙන් හා බියෙන් පසු වීම අපේ ඇතැම් දෙනාගේ පුරුද්දක්. සමාජයේ සෙසු අයගේ ජනමතයට බලපෑම් කළ හැකි පොතේ උගතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ආදීන් අතරත් මේ ආකල්පය සුලබයි. යමක් අළුත් වූ පමණට ම ඒ ගැන නිසි විමර්ශනයක් නොකොට එයට එරෙහි වීම යුක්ති සහගත ද? යම් තාක්ෂණයක්, ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් හෝ නව සමාජ රැුල්ලක් පැතිර යන විට තමන් එයට ආගන්තුක වූ නිසා ම එය නිර්දය ලෙස හෙළා දැකීම සාධාරණ ද? මෙරට චිත‍්‍රකථා ඉතිහාසයෙන් වත්මන් නව මාධ්‍ය සංවාදයට යම් ආදර්ශයන් ගත හැකි ද?

2007දී ප‍්‍රකාශිත “චිත‍්‍රකථාවේ වංශකථාව” නම් කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න සුරීන් පෙන්වා දෙන පරිදි කතන්දර කීම සඳහා චිත‍්‍ර උපයෝගි කර ගැනීමේ දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. එසේ වුවත් අද අප හදුනන චිත‍්‍රකථා කලාව අපට ලැබුණේ බටහිර ආභාෂයෙන්. 19වන සියවසේ බිහි වූ බටහිර චිත‍්‍රකථාවල පිටපත් 20වන සියවස වනවිට ක‍්‍රමයෙන් මෙරටට පැමිණියා. ටාසන් කථා, ගොපලූ (කව්බෝයි) කථා හා අභ්‍යවකාශය ගැන කථා ඒ අතර තිබුණෘ. මුල් යුගයේ සිංහල චිත‍්‍රකථාවලට ආදර්ශය කර ගත්තේ මේවායි.

First Sinhala chitra katha, Neela, later published as a book

මෙරට ජාතික පුවත්පතක චිත‍්‍රකථාවක් මුල් වරට පළ වූයේ 1951 ඔක්තෝබර් 28දා “ඉරිදා ලංකාදීප” පත‍්‍රයේ. ප‍්‍රධාන කතුවරයා වු ඞී බී ධනපාලගේ අදහසකට අනුව ලංකාදීප මාණ්ඩලික ලේඛක ධර්මසිරි ජයකොඩි ලියු “නීලා” නම් කථාව චිත‍්‍රයට නැගුවේ චිත‍්‍රශිල්පි හා කාටුන් ශිල්පි ජී එස් ප‍්‍රනාන්දුයි. නීලා නම් වැද්දකුගේ චරිතය වටා ගෙතුණු මේ සරල කථාවට ටාසන් කථාවල ආභාෂය පැහැදිලි බව ආරියරත්නයන් කියනවා.

සති 52ක් පුරා කොටස් වශයෙන් පළ වූ “නීලා” පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය වූ අතර එය අවසන් වන්නටත් පෙර සුසිල් පේ‍්‍රමරත්න ශිල්පියාගේ නිර්මාණයක් දෙවන චිත‍්‍රකථාව ලෙස හදුන්වා දෙනු ලැබුවා. පේ‍්‍රමරත්න පසු කලෙක නිර්මාණය කළ “බිලි පූජාව”, “ලන්දේසි හටන” හා “රන් දුපත” වැනි චිත‍්‍රකථා හරහා චිත‍්‍රකථා කලාව ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස ඉක්මණින් ම මෙරට සමාජයේ ස්ථාපිත වුණා.

ටයිම්ස් පුවත්පත් සමාගමේ මේ අත්හදා බැලීම අනුකරණය කරමින් ටික කලක් ඇතුළත ලේක්හවුස් ආයතනයත් සිය ජාතික පුවත්පත්වල චිත‍්‍රකථා පළ කිරිම ඇරඹුවා. 1960 දශකයේ චිත‍්‍රකථා “අපේකරණය” කිරිමට චිත‍්‍රශිල්පීන්, රචකයන් හා පුවත්පත් කතුවරුන් සමත් වුණා. ජාතක කථා, බෞද්ධ හා ක‍්‍රිස්තියානි සාහිත්‍යය හා ලංකා ඉතිහාසය පාදක කර ගනිමින් හොඳ චිත‍්‍රකථා රැසක් බිහි වුණා.

මෙරට චිත‍්‍රකථා චිත‍්‍රකථා පමණක් අඩංගු මුල් ම පත‍්‍රය 1972 අගෝස්තු 29දා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ “සතුට”යි. 1975දී මල්ටිපැක්ස් ආයතනය “සිත්තර” ආරම්භ කළා. වසර 5ක් ඇතුළත සතිපතා අලෙවිය පිටපත් 225,000 දක්වා වැඩි වූ සිත්තර සාර්ථකත්වය දුටු ව්‍යාපාරිකයන් දිගට හරහට අනුකාරක චිත‍්‍රකථා පත්තර ඇරඹුවත්, 1980 දශකයේ වෙළඳපොල ජය ගන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ.

මෙරට චිත‍්‍රකථා ව්‍යාපාරය හා කලාව බිඳ වැටීමට විවිධ හේතු ඉදිරිපත් කැරෙනවා. චිත‍්‍රකථා නිර්මාණ ශිල්පීන් කාලීනව අනුගත නොවීම, ප‍්‍රකාශකයන්ගේ මුදල් කෑදරකම, 1979දී ටෙලිවිෂන් ආගමනය, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ලේඛකයන් හා චිත‍්‍රශිල්පීන් දිගින් දිගට ම චිත‍්‍රකථා හෙළා දැකීම ආදිය මේ අතර තිබෙනවා. එය වෙන ම සංවාදයකට සුදුසු මාතෘකාවක්.

Covers of first editions: Sathuta (top) & Siththara (bottom) - first and second all-comic Sinhala newspapersසිය ග‍්‍රන්ථයේ පෙරවදනේ මහාචාර්ය ආරියරත්න මෙසේ කියනවා: “චිත‍්‍ර කථාවෙන් ප‍්‍රවෘත්ති පත‍්‍රවලට ලැබුණේ වාණිජමය පෝෂණයකි. ඇතැම් චිත‍්‍රකථා නිසා පත‍්‍රවල අලෙවිය සීඝ‍්‍ර ලෙස වර්ධනය විය. පත‍්‍රවලින් චිත‍්‍රකථාවට පෙරළා ලැබුණේ ප‍්‍රමිති සහතිකයයි. ඒ මෙසේය. පත‍්‍ර කර්තෘවරු ද විශේෂාංග කර්තෘවරු ද කර්තෘ මණ්ඩලිකයෝ ද දැන උගත් මහත්වරු වුහ. පත‍්‍රවලට චිත‍්‍රකතා ගලා ආයේ ඔවුන්ගේ අධික්ෂණය යටතේය. එහෙයින් ඉතා බාල මට්ටමේ චිත‍්‍ර කතාවලට ජාතික පුවත්පත්වලට දොරගුළු විවර වුයේ නැත.”

“චිත‍්‍රකතාවේ ප‍්‍රමිතිය දෙදරන්ට පටන් ගත්තේ එය ජාතික පුවත්පත්වලින් ඔබ්බට ගමන් කිරිමත් සමගය. වෙළඳ ව්‍යාපාරිකයෝ චිත‍්‍රකතා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළහ. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත‍්‍රකතා පත‍්‍ර ද චිත‍්‍ර කතා පොත් ද පළවිය. එයින් බහුතරයක අඩංගු වුයේ බාල බොළඳ කතාන්තර හා ආධුනික මට්ටමේ චිත‍්‍ර ය. වෙළඳ තරගය ජයග‍්‍රහණය කිරීම පිණිස ඔවුහු චිත‍්‍රකතාව තුළට ලිංගිකත්වය පවා ගෙන ආහ. රූපවාහිනියේ ආගමනය ද චිත‍්‍රකතාවෙහි ඉල්ලූම අඩු කරන්නට විය.”

මෙරට චිත‍්‍රකථා ඉතිහාසය (1950 – 1980 දශක) දෙස පොදුවේ බලන විට නව මාධ්‍යක් මෙරටට පිවිසීමේදී අත්දකින අවධි තුනක් මා හදුනා ගන්නවා. මැයි මස කැළණිය සරසවියේ පැවති ජාතික මාධ්‍ය සමුළුවේ මා කළ කථාවේදී මෙය ඉදිරිපත් කළා.

පළමුවන අවධිය: පිටත ලෝකයෙන් පැමිණෙන නව අදහසක් හෝ සම්ප‍්‍රදායක් විවෘත මනසකින් යුතු ටික දෙනෙකු දේශීයව අත්හදා බලනවා. එයට ඉක්මන් ප‍්‍රතිරෝධයක් මතු වන්නේ සමහර ප‍්‍රවීණයන් හා සුචරිතවාදීන්ගෙන්. අළුත් මාධ්‍යය වෙළඳපොළ ජය ගන්නා ආකෘති හරිහැටි පැහැදිලි නැතත්, එඩිතර ව්‍යාපාරිකයන් ටික දෙනෙකු එයට ආයෝජන කරනවා. ඒ අතර රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කුමක් සිදු වේදැයි හරිහැටි නොදැන තුෂ්නිම්භූත වනවා.

දෙවන අවධිය: නව මාධ්‍ය හෝ මාධ්‍ය අංගය වඩාත් මෙරට ප‍්‍රචලිත වන විට එයට වැඩි දේශීය ස්වරූපයක් ලැබෙන (අපේකරණය) නිර්මාණාත්මක අත්හදා බැලීම් කැරෙනවා. මුලින් මතු වූ දැඩි ප‍්‍රතිරෝධය තරමකට සැර බාල වුවත් සර්වදෝෂදර්ශීන් (cynics) බලා සිටින්නේ නව මාධ්‍යයේ කුඩා අඩුපාඩුවක් වුවද විශාල කොට පෙන්වා ආන්දෝලන කිරීමටයි. නව මාධ්‍යය නියාමනය කළ යුතු ද එසේ නම් කෙසේ ද යන්න ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් නිරවුල් ස්ථාවරයකට කල් ගත වී හෝ එළැඹෙනවා. ඒ අතර වඩා සාර්ථක වෙළඳපොළ ආකෘතින් මතු වනවා.

තෙවන අවධිය: තව දුරටත් නැවුම් බවක් සමාජයට නොදැනෙන මේ මාධ්‍යය සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තමන්ට හිමි තැනක ස්ථාපිත වනවා. වෙළඳපොල ප‍්‍රවාහයන් නිසා මුදලට කෑදර ආයෝජකයන් ද ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. මුල් යුගයේ මාධ්‍යය දැඩි සේ විවේචනය කළ උදවියත් හින්සැරේ තම න්‍යායාත්මක අරමුණු ප‍්‍රචාරණයට එම මාධ්‍යයට ම පිවිසෙනවා. මතවාදයන් හා පුද්ගලවාදයන් නිසා ඇතැම් විට අන්තවාදී ප‍්‍රකාශන බිහි වී අධිකරණය දක්වා යන ගැටුම් ද හට ගන්නවා. ඒ අතර පුරෝගාමින් සමහරෙක් වෙළඳපොළ තරගය නිසා ඉවතට විසි වෙනවා.

නව මාධ්‍යයක ආගමනය හමුවේ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බහුවිධ බලපෑම්වලට පාත‍්‍ර වනවා. එක් පසෙකින් ඔවුන් නව මාධ්‍යයේ තාක්ෂණික, වෙළඳපොල හා සමාජයිය සීමාවන් තේරුම් ගත යුතුයි. එයට ඉස්පාසුවක් ලැබෙන්නට පෙර හැම දේට ම එරෙහි වන ගතානුගතික පිරිසගේ උද්ඝෝෂණවලට මුහුණදීමට සිදු වනවා. තහනම් කරන්න, දැඩි නීතිරිති දමා පාලනය කරන්න ආදි බලපෑම් කරන බොහෝ දෙනා තමන් එරෙහි වන්නේ කුමකට ද කියාවත් හරිහැටි නොදත් පිරිසක්. (1960 හා 1970 දශකයේ මෙරටට ටෙලිවිෂන් හදුන්වා දීමට එරෙහි වු ටික දෙනා කවදාවත් ටෙලිවිෂන් නොදුටු අයයි!)

නව මාධ්‍යයකින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සෝදාපාලූ වන බවත්, එය ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් කියමින් සර්වදෝෂදර්ශින් නගන තර්කවලට යම් ආකාරයකින් ප‍්‍රතිචාර දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වනවා. එබදු අවස්ථාවල ඔවුන් කලබල වී නොනිසි ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙනවා.

සන්සුන්ව කරුණු එක් රැස් කොට, මැදහත්ව ඒවා විග‍්‍රහ කොට තුලනාත්මකව ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම රටේ සරසවි ඇදුරන් හා අනෙකුත් බුද්ධිමතුන්ගේ වගකීමක්. එහෙත් වැල යන අතට මැස්ස ගසන, කෙටිකාලීන උපදේශක තනතුරු හා නිලතල පතන උගතුන්ගෙන් මේ පෙරගමන්කරුවන් වීමේ වගකීම කිසිසේත් ඉටු වන්නේ නැහැ.

මෙරට ජනමාධ්‍ය පර්යේෂණ කරන, සරසවි මට්ටමින් එය උගන්වන ඇදුරන් රැසක් හමුවේ මා ඇසුවේ මේ ජාතික හා සමාජයීය වගකීම ඔවුන් අතින් ඉටුවනවා ද කියායි. (එයට හරිහැටි පිළිතුරක් නොලැබුණත් ඔවුන්ගේ නිහැඬියාව ම යථාර්ථය ගැන හොඳ ඉඟියක් සපයනවා! http://tiny.cc/NMOM බලන්න.

ජනප‍්‍රිය සංස්කෘතිය හා නව මාධ්‍ය ප‍්‍රවණතා දෙස අපේ බොහෝ උගතුන් බලන්නේ සාවඥ හෝ නොරිස්සුම් ආකල්පයකින්. (සුනිල් ආරියරත්නයන් වැනි උගතුන් මෙරට ඉතා දුර්ලභයි.) නොදන්නා දේ ගැන නොවිමසා එරෙහි වන මෙබදු උගතුන්, අළුත් හැමදේට ම සහජයෙන් විරෝධය දක්වන සුචරිතවාදීන්ට උඩගෙඩි සපයනවා. බහුතර උගතුන්ගේ නිහැඬියාව මැද, මොර දෙන සුචරිතවාදීන්ගේ හඩ පමණක් රැව් දෙන පසුබිමක ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද තමන්ට ඇසෙන සැකය, භීතිය හා කුමන්ත‍්‍රණවාදී තර්කවලට අනුගතවීම පුදුමයක් නොවේ.

මතුව එන හැම දෙයක් ම බදා ගත යුතු යයි මා කියන්නේ නැහැ. එහෙත් අළුත් දෙයක් අළුත් වූ පමණට, නුහුරු වූ පලියට ම ප‍්‍රතික්ෂේප නොකර එය විචාරශීලීව හා විවෘත මනසකින් විග‍්‍රහ කළ යුතු බවත්, අළුත් ප‍්‍රවණතා අපට ගැලපෙන පරිදි හැඩගස්වා ගෙන “අපේකරණය” කළ හැකි බවත් මගේ අදහසයි.

චිත‍්‍රකථා මෙරට සමාජ උන්නතිය හා ජන වින්දනය සඳහා නිසි ලෙස යොදා ගන්නට ලක් සමාජය අසමත් වුණා. චිත‍්‍රකථා කලාවේ ස්වර්ණමය යුගය 1960 හා 1970 දශකයන්. ඒ වකවානුවේ පැවති සමාජ සාධක හා පසුබිම දැන් මුළුමනින් වෙනස් වී තිබෙනවා. චිත‍්‍රකථා පදනම වැනි සංවිධාන මේ මාධ්‍යය නැවත පණ ගැන්වීමට අවංකව වෙර දැරුවත් ඒ ස්වර්ණමය යුගයට යළි පිවිසීම අපහසුයි.

චිත‍්‍රකථාවලට එරෙහි වූ සුචරිතවාදී අතලොස්ස ඊට කලකට පසු මෙරටට ටෙලිවිෂන් හදුන්වා දෙන විට එයට ද දැඩි විරෝධය දැක් වූවා. 1990 දශකයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා විදේශ ටෙලිවිෂන් විකාශයන් එවේලේ ම මෙරට ග‍්‍රහණය කර ගත හැකි වූ විට අපේ සභ්‍යත්වය මුළුමනින් විනාශ වී යනු ඇතැයි අනතුරු ඇඟවීම් කළා.

හැම අළුත් දෙයට ම එරෙහි වන සුළුතරය දෙස උපෙක්ෂා සහගතව බලා සිටින මට පෙනී යන්නේ මේ අයට කන්නට උවමනා වූ විට කබරගොයාත් තලගොයා වන බවයි. ටෙලිවිෂන් අති භයානක බටහිර ආක‍්‍රමණයක් යයි මොර ගෑ උදවිය ම අද විවිධ ටෙලිවිෂන් නාලිකාවල දේශපාලන හා කාලීන සංවාදවල ප‍්‍රබල චරිත රග පානවා!

මේ ඇත්තන්ගේ අළුත් ම ඉලක්කය ඉන්ටර්නෙට් මාධ්‍යයයි. එදා මෙදා තුර සුචරිතවාදී චරිත වෙනස් වී ඇතත් ඔවුන්ගේ තර්කවල වෙනසක් නැහැ. ඉන්ටර්නෙට් මාධ්‍යයට බිය නොවී එය අපේකරණය කර ගන්නට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත් සුළුතරයක් පුවත් වෙබ් අඩවිවල ක‍්‍රියා කලාපය දෙස බලා අතිශය සංකිර්ණ වූත්, විවිධාකාරවූත් ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන උවමනාවට වඩා සරල හා දැඩි ප‍්‍රතිචාරයක් දැක්වීම හරහා අනාගත තොරතුරු සමාජය මොට වීමේ අවදානම ද තිබෙනවා.

අත්ත බිෙඳයි – පය බුරුලෙන්…..

http://www.wimalonline.com/srilankancomics/index.html ද බලන්න

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers