සිවුමංසල කොලූගැටයා #186: පරපුරකට කියැවීම පුරුදු කළ ලේඛකයා – ඞීමන් ආනන්ද

This week in my Ravaya column (in Sinhala), I pay tribute to Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

Deeman’s books provided light entertainment and were highly popular among a whole generation of young readers, many of who took to reading thanks to these books. Yet the Deeman was ridiculed and demonized by the literary mainstream while many parents, teachers and schools outright ‘banned’ these books. This, in turn, made them even more popular – kids who read these books secretively later ‘graduated’ on to other literary genres.

Besides writing 1,009 is in a quarter century, Deeman Ananda also wrote screenplay for four Sinhala movies, and scripted the second comic book in Sinhala, named Thisa, published in the mid 1960s. Despite all these contributions, he died under-rated and under-appreciated. Yet he remains a well-loved icon on Lankan popular culture – and I salute him as one who went upstream against cultural orthodoxy.

Three Deeman Ananda book covers - from over 1,000 crime thrillers he wrote in Sinhala
Three Deeman Ananda book covers – from over 1,000 crime thrillers he wrote in Sinhala

ඞීමන් ආනන්ද!

මේ නම අද කාලේ තරුණ පාඨකයන්ට එතරම් හුරු නැති වුවත් 1960, 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු අප බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ දිගට හරහට ප‍්‍රබන්ධ කථා ලියූ ලේඛකයකු හැටියට. එහෙත් ඔහු තරම් තහංචි, ගැරහුම් හා කොන් කිරීම්වලට ලක් වූ තවත් සිංහල ලේඛකයකු ද නැති තරම්.

එකල බොහෝ තරුණ තරුණියන් ඔහුගේ මාරක කථා හා ත‍්‍රාසජනක කථා කියවූයේ හීන්සීරුවේ නැත්නම් හොර රහසේ. කිසි විටෙක අසභ්‍ය නොවූවත් වැඩිහිටි සමාජය විසින් ගර්හිත කොට “තහනම්” කර තිබූ මේ පොත්වලින් අපට සරල වින්දනයක් ලැබුණා. මෙරට ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අගයක් ලෙස වසර 25ක් පමණ පැවතියේ ආනන්ද අතින් ලියැවුණු 1000ට අධික පොත් සංඛ්‍යාවක්. එහෙත් ඔහුගේ භූමිකාව තවමත් නිසි ඇගැයීමකට ලක් වී නැහැ.

Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century
Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century

බෝපෙ කනත්තගේ ඞීමන් ආනන්ද උපන්නේ 1933 මාර්තු 30 වනදා මාතර බණ්ඩාරවත්තේදී. වටගෙදර බෞද්ධ මිශ‍්‍ර පාසලෙන් හා ඉන් පසු කොළොන්නාවේ ආනන්ද විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලැබුවා. සිංහල, ඉංග‍්‍රීසි භාෂාවලට අමතරව ඔහු පසු කලෙක ස්වෝත්සාහයෙන් දෙමළ හා හින්දි භාෂා ද ප‍්‍රගුණ කළා.

කුඩා වියේ සිටම ලිවීමට මහත් ඕනෑකමක් දැක්වූ ඔහු සිංහල ජාතිය හා සිළුමිණ පුවත්පත්වලට ලිපි හා කවි රචනා කළා. පසුව රිදීතිරය නමින් සිනමා පුවත්පතකට සම්බන්ධ වී වැඩ කළා.

ඞීමන් ආනන්ද ගැන කරුණු සොයා යන විට මහත් උපකාර වූයේ කලක් ඔහු දැන සිටි මගේ ද ගුරුතුමකු වන විද්‍යා දේශක අසංග අබේසුන්දරයි (මානව විද්‍යා ප‍්‍රකාශනයේ කතුවරයා හා ප‍්‍රකාශකයා).

අබේසුන්දරයන් ඞීමන් ආනන්ද මුල් වරට හමු වූයේ 1978 වසරේ දිනෙකයි. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ උපාධි අපේක්‍ෂකයකු ලෙස ඔහු එවකට මානව බිත්ති පුවත්පතට ලිපියක් ලියන්නට ආනන්ද සොයා ගෙන වැල්ලම්පිටියට ගියා. මේ තරුණයා සමග මහත් උද්‍යොගයෙන් කථා බස් කළ ආනන්ද, කල් පවතින මිතුදමක් ඇති කර ගත්තා.

අබේසුන්දර ලියූ ලිපියට ඔහු දුන් හෙඩිම වූයේ ‘මා අත වරද නැත’ යන්නයි. ලේඛන කලාවට පිවිසි මුල් කාලයේ මහත් වෙර දරා ඞීමන් ආනන්ද ‘අපරාධය හා දඬුවම’ කෘතිය සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. එහි පිටපත රැගෙන ප‍්‍රකාශකයන් ගණනාවක් ළඟට ගියත් නමක් නොතිබුණු මේ නවක ලේඛකයාගේ කෘතිය ඔවුන් භාර ගත්තේ නැහැ. මෙයින් කම්පාවට පත් ආනන්ද එම පිටපතට ගිනි තබා පුළුස්සා දැමුවා.

ඉච්ඡාභංගත්වයෙන් සිටින ඔහුට මරදානේ පංචිකාවත්ත පාරේ තිබූ ලිංගම් පොත්හල හිමි එම්. එස්. ලිංගම් මුදලාලි ඔවදනක් දුන්නා. ‘‘සිගරට්, සුරුට්ටු වගේ (ඉක්මනට) විකිණෙන පොත් ලියන්න!’’

සරල වින්දනය ලබා දෙන අඩු මිළැති පොත් ලිවීම ආනන්ද ඇරඹුවේ ඒ අනුවයි. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක පරිවර්තනය පළ කරවා ගත නොහැකි වුවත් ඔහු ලියූ මාරක කථා පාඨකයන් හමුවට ගෙන යන්නට නම් ප‍්‍රකාශකයන් උද්‍යොගයෙන් ඉදිරිපත් වුණා.

ආනන්ද මුලින්ම ලියූ මාරක කථා පොත ‘ගංතෙර හොල්මන’. පාළු තැනෙක සිට නොකියවන්න යැයි පොතේ දෙවැනි පිටුවේ අවවාදයක් ද මුද්‍රණය කළා. පිටු 112ක මේ සරල නවකථාව ඉක්මනින් පාඨක ජනාදරයට ලක්වුණා.

1960 දශකයෙන් පටන් ගත් මේ ව්‍යායාමය 1970 දශකය පුරාත් 1980 දශකයේ කොටසක් දක්වාත් ඔහු කර ගෙන ගියා. මේ කාලය තුළ ඔහු පොත් දහසකට වඩා ලියා තිබෙනවා. මෙය මෙරට ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ වාර්තාවක්.

මුල් කාලයේ රුපියලට දෙකට පිටපතක් මිළ කෙරුණු මේ පොත්, පොත්හලවලට අමතරව පදික වේදිකාවේ හා පත්තර ලෑලිවල ද අලෙවි වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවකු ලෙස මරදාන දුම්රියපොළ අසලින් මේ පොත් මිළට ගන්නවා අබේසුන්දරට තවමත් මතකයි. වැඩ නිමා වී නිවෙස් බලා යන බොහෝ දෙනා ඒ දිනවල මේ පොත් මිලට ගෙන ගමනේදීම කියැවූ බව ඔහු කියනවා.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’ ඞීමන් ආනන්ද 1978 සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා. ‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

ආනන්ද අනුකාරක කෘති නිර්මාණය කළ බව සැබෑවක්. ඔහු හොලිවුඞ් ත‍්‍රාසජනක චිත‍්‍රපටවල පිටපත් ආභාෂයෙන් දේශීය ඌරුවට මාරක කථා රචනා කළා. බොලිවුඞ් හින්දි චිත‍්‍රපට ඇසුරු කරගෙන පේ‍්‍රම කථා ගණනාවක් ද ලිව්වා. මීට අමතරව බටහිර රටවල ජනප‍්‍රිය සංස්කෘතියේ චරිත වූ ඩ‍්‍රැකියුලා ආදිය දේශීය පාඨකයන්ට හඳුන්වා දුන්නා.

එහෙත් ඔහුගේ කෘතීන් කිහිපයක් හැරෙන්නට අනෙක් බහුතරය පරිවර්තන නොවෙයි. දේශීය චාරිත‍්‍ර, ස්ථාන හා සිදුවීම් හමුවන ප‍්‍රතිනිර්මාණ ලෙස හැඳින්විය හැකියි.

ඔහු රාත‍්‍රීයේ ඉංග‍්‍රීසි චිත‍්‍රපට නරඹා පසු දින ඒ ආශ‍්‍රයෙන් නවකථා ලියූ බවට නැගුණු චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කළා. බටහිර චිත‍්‍රපට ඇසුරෙන් ලියැවුණු නවකථා තිබෙන බවත්, තමන් කථා සාරයන් සඳහා ගුරු කොට ගත්තේ ඒවා බවත් ඔහු කීවා.

Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala
Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala

ඔහු තමාටම ආවේණික චරිත නිර්මාණය කළා. ඔහුගේ රහස් පරික්‍ෂකයා වූයේ ඩිකී වීරකෝන්. ඔහුගේ රහස් ඔත්තු නියෝජිත ජේම්ස් බණ්ඩා බැලූ බැල්මට ජාත්‍යන්තරව ප‍්‍රකට ජේම්ස් බොන්ඞ්ට සමාන වූවත් බණ්ඩා බටහිර (විශේෂයෙන් CIA) සැළසුම්වලට එරෙහිව කි‍්‍රයා කරමින් දේශීයත්වය මතු කරන්නෙක්. වාමාංශික නැඹුරුවක් තිබූ ආනන්ද 1960 දශකයේ ජන මනසේ ප‍්‍රකටව තිබූ CIA කුමන්ත‍්‍රණ තම කථාවලට ඈඳා ගන්නට ඇතැයි අබේසුන්දරයන් කියනවා.

මීට අමතරව ආනන්ද අද්භූත කථා රැසක් ද රචනා කළා. හොල්මන්, අවතාර, භූතයන් වටා ගෙතුණු මේ කථාවලින් සරල වින්දනයක් හා ත‍්‍රාසයක් ලබා දුන්නා මිසක (අද කාලේ ඇතැම් ඉරිදා පුවත්පත් මෙන්) කිසි විටෙක මේ කිසිවක් සත්‍ය යයි ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හෝ ජනතාවට ඒත්තු ගැන්වීමට හෝ ඔහු තැත් කළේ නැහැ.

ත‍්‍රාසජනක කථා පුවත් සොයමින් කොළඹ නගරයේ සැරිසැරූ ඞීමන් ආනන්ද බටහිර හා හින්දි චිත‍්‍රපටවලට අමතරව අලූත්කඬේ උසාවියේ නඩු අසනු බලා සිටීමෙන් ද ප‍්‍රබෝධක ආවේගයන් ලද බව කියැවෙනවා. කොල්වින් ආර් ද සිල්වා, ජී.ජී. පොන්නම්බලම් වැනි දක්‍ෂ අපරාධ නීතීඥයන් සම්බන්ධිත නඩුවලට ඔහු විශේෂ අවධානය යොමු කළා.

රහස්පරීක්‍ෂක කථා සාහිත්‍යයක් සිංහලෙන් නොතිබි යුගයක ඒ අඩුව යම් තරමකට හෝ ආනන්ද අතින් පිරවුණා. රහස්පරීක්‍ෂක කථා විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල සාහිත්‍යාංගයක්. ඉංගී‍්‍රසී, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා හින්දි වැනි භාෂාවල එහි හොඳ සම්ප‍්‍රදායන් තිබෙනවා. මෙරට මුල් යුගයේ ලේඛකයන් වූ පියදාස සිරිසේන හා ඩබ්ලියු. ඒ. සිල්වා වැනි අය ද රහස් පරීක්‍ෂක කථා රචනා කළා.

ඒ අයට සම කළ නොහැකි වුවත් ජනප‍්‍රිය සංස්කෘතියට මේ සංකල්ප රැගෙන ආ ලේඛකයා ආනන්දයි. රහස් පරීක්‍ෂක කථාවලින් ජනමනස දුෂණය කරන බවට සුචරිතවාදීන් දුන් විලාප කිසිවකින් ඔහු සැලූණේ නැහැ. නීති තර්ක, සියුම් ගවේෂණ හා තීක්‍ෂණ බුද්ධිය ආදිය මත පදනම් වූ මේ කථා නිසා පාඨක මනස පුළුල් වන බව ඔහු විශ්වාස කළා.

ආනන්දගේ සරල ත‍්‍රාසජනක නවකථා බොහොමයක එකම බටහිර ශෛලියේ චිත‍්‍රවලින් පිටකවර නිර්මාණය කර තිබුණා. ඒ සියල්ල ඇන්දේ ගම්පහ ‘අබේසිංහ’ නම් ශිල්පියායි. මේ සුසංයෝගය ද පොත්වල ජනප‍්‍රියත්වයට ද දායක වුණා.

ඞීමන් ආනන්ද ශෛලියට සමාන මගක ගිය සමකාලීන ලේඛකයන් කිහිප දෙනකු සිටි බවත් ඒ පොත්පත් කියවමින් හැදුණු අබේසුන්දරට මතකයි. මෙසේ රහස් පරික්‍ෂක හෝ මාරක කථා ලියූ අය අතර වැලිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්‍ද්‍රසේන, චන්‍ද්‍රසේන ද සිල්වා සහ නිමල් සේනානායක යන නම් ඔහු සිහිපත් කරනවා.

‘‘කෙලෙයිමගල් නම් මුද්‍රණාලය සත 75 පොත් ජනප‍්‍රිය කළා. ඉදිරිපස හා පිටුපස කවරවලට වෙනස් ඡුායාරූප යොදා කවර දෙකක් ලෙස සකසා ඔවුන් නිකුත් කළ කුඩා පොත් සාක්කුවේ දමා ගෙන යා හැකි ප‍්‍රමාණයට තිබුණා’’ යයි ඔහු කියනවා.

තමන් ‘මාරක කථා චක‍්‍රවර්ති’ ලෙස මාධ්‍ය මගින් හඳුන්වනවාට ඔහු එතරම් කැමති වී නැහැ. ‘‘ඔය නාමය මම සළකන්නේ සමච්චලයක් කියලා. ඒවා කලාකරුවෝ දෙකේ කොළයට දමන කථා’’ ඔහු වරක් සාකච්ඡුාවකදී පැවසුවා.

එසේම ප‍්‍රබුද්ධ යයි හඳුන්වා ගත් සාහිත්‍යකරුවන් හා විචාරකයක් එල්ල කළ, අපහාස හා කොන් කිරීම් ඔහු තැකුවේ නැහැ. තමා පොත් ලියුවේ විචාරකයන්ට නොව සාමාන්‍ය ජනතාවට බවත්, ජන හද ගැස්මට තමා බෙහෙවින් සමීප වී අහිංසක වින්දනයක් ලබා දුන් බවත්, ආනන්ද විශ්වාස කළා.

ඞීමන් ආනන්දගේ සහ එවැනි වෙනත් ලේඛකයන්ගේ පොත් ගැන දෙමවුපියන්, ගුරුවරුන් හා සම්භාව්‍ය යයි සැළකෙන සාහිත්‍යයට සම්බන්ධ උදවිය බැලූවේ අවඥාවෙන්. බොහෝ පාසල්වල මේ පොත් ගෙන ඒම තහනම් කොට තිබුණා. සිසු සිසුවියන් ඒවා කියවූයේ සඟවා ගෙනයි.

ආනන්දගේ පොත්වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිතර හමු වූ බව ඇත්තයි. එහෙත් ලිංගික වශයෙන් අසභ්‍ය කිසිවක් එහි තිබුණේ නැහැ. බටහිර ත‍්‍රාසජනක චිත‍්‍රපට කථාවල තිබූ කථා සාරය අඩුවක් නැතිව ඔහු පොත්වලට හසු කර ගත්තා.

මේ ගැන අබේසුන්දරගේ විග‍්‍රහය: ‘‘ඞීමන් ආනන්දගේ සරල කෘතීන් තුළින් පොත් කියැවීම ඇරැඹූ අප බොහෝ දෙනා පසුකාලීනව වඩාත්ම ගැඹුරු හා සම්භාව්‍ය පොත් වෙතට යොමු වුණා. ආරම්භයක් ලෙස එය වැදගත්. එසේම රටේ පහළම ජන ස්ථාරයන් තමයි ඔහු ස්පර්ශ කළේ. අද යොවුන් සාහිත්‍යය යම් තාක් දුරට මේ හිදැස පිරැවූවත් ඞීමන් ආනන්ද කෙනකු නොසිටීම අඩුවක්.’’

කොළඹ සරසවියේ සිංහල මහාචාර්ය සරත් විජේසූරිය මට මතක් කළේ කලක් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ ලේඛනවලට ද ‘ජනප‍්‍රිය’ චෝදනාව එල්ලවූ බවයි. පාඨක මනස ඇද බැඳ තබා ගන්නට කථා ලිවීමේ හපනකු වූ සිල්වාගේ කෙටිකථා හා නවකථා ද සමහර විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක් වුණා.

ප‍්‍රකාශක දයාවංශ ජයකොඩිගේ මහතකයේ හැටියට ඞීමන් ආනන්ද පොත් තහනම 1960 දශකයේ ඔහු උගත් කොළඹ ආනන්ද විදුහලේ තදින්ම ක‍්‍රියාත්මක වුණා. එකල එහි ගුරුවරයකු වූ මගේ පියා ද මේ පොත් සිසුන් ළඟ තිබී හසු වී ‘රාජසන්තක’ කළ බව ජයකොඩි කියනවා.

ආනන්ද බෝඩිමේ රස කථා’ නමින් මෑතදී දයාවංශ ජයකොඩි විසින් ප‍්‍රකාශිත ආවර්ජනා පොතෙහි එක් පරිච්ෙඡ්දයක 1960 දශකයේ ආනන්ද විදුහලේ නේවාසිකාගාර සිසුන් උපක‍්‍රමශීලීව ඞීමන් ආනන්ද පොත් කෙසේ කියැවූ සැට පොතේ කතුවරයා දෙව්සිරි පී. හේවාවිදාන විස්තර කරනවා.

‘‘කුඩා ළමුන්ගේ මනස විනාශ කරන ඞීමන් ආනන්දගේ මාරක කථා පොත් තහනම් කළ යුතු යයි හිටපු විදුහල්පති මෙත්තානන්ද මහතාගේ බෞද්ධ බලවේගය ආනන්ද ශාලාවේ පැවති රැස්වීමකදී යෝජනාවක් ද සම්මත කර ගත් පසු මාරක කථා පොත් අලෙවිය තවත් වැඩි විය.’’

Dickie Weerakoon: Another of Deeman Ananda's 1,000+ crime novels in Sinhala
Dickie Weerakoon: Another of Deeman Ananda’s 1,000+ crime novels in Sinhala

වරක් නේවාසිකගාර පාලකයන් සමග හැංගිමුත්තන් කරමින් කියැවූ පොත් එකතුවක් සමග හසු වූ සිසුවකු දඬුවම් ලැබූ සැටි කතුවරයා කියනවා. මේ සිද්ධියෙන් පසු එකී සිසුවා ඞීමන් ආනන්දට ලියුමක් ලියා කීවේ ‘මාරක කථා සාහිත්‍යය ආනන්ද බෝඩිමේ ප‍්‍රචලිත කිරීමට තමා දරනා වටිනා උත්සාහය බෝඩිමේ ගුරුවරුන් විසින් කඩාකප්පල් කළ බවයි’. පොත් නැතිව ළමුන් නොකා නොබී දුකෙන් සිටින බවත් ලියුමේ සඳහන් වුණා.

සතියකට පසු මෙකී සිසුවා නමට තැපෑලෙන් විශාල පාර්සලයක් ලැබුණා. ඞීමන් ආනන්ද තමන් එතෙක් ලියූ පොත් 150ක පිටපතක් බැගින් තෑගි කර එවා තිබුණා.

කෙසේ හෝ පාලකයන් මෙය දැන ගන්නට පෙර පාර්සලයේ අන්තර්ගතය සඟවා ‘යටිබිම්ගත පරිශීලනයට’ යොදා ගත් සැටි කතුවරයා කියනවා.

පොත් දහසකට වඩා ලියූව ද එයින් බොහෝමයක පිටපත් තමා ළඟවත් නොතිබූ බව ඞීමන් ආනන්ද අබේසුන්දරට කියා තිබෙනවා. ‘‘හිතමිතුරන් හා සෙසු පාඨකයන් මගෙන් ඉල්ලූ විට විවිධ අවස්ථාවල මා ඔවුන්ට මගේ කර්තෘ එකතුවෙන් පිටපත් දුන්නා. එයින් බොහෝ දෙනා ඒවා ආපසු ගෙන ආවේ නැහැ.’’

මේ පොත් පළ කළ මුද්‍රණාල ඒවායේ පිටපත් රාජ්‍ය ලේඛනාගාරයට හරි හැටි යැවීමක් ද සිදු කර නැහැ. 2004 සුනාමියේදී ඞීමන් ආනන්ද පොත් එකතු ගණනාවක් විනාශ වූ බව පාඨකයන් ඔහුට ලියා දන්වා තිබෙනවා. මේ නිසා ඞීමන් ආනන්දගේ සම්පූර්ණ පොත් එකතුවක් කොතැනක කා සතුව තිබේදැයි සොයා ගැනීම ප‍්‍රශ්නයක්.

මුල් යුගයේ සිනමා සඟරාවකට සම්බන්ධ වූ ඞීමන් ආනන්ද පසු කලෙක සිංහල සිනමා කර්මාන්තයට ද දායක වුණා. ඒ තිර රචකයෙක් හැටියට. ‘මේ දෑස කුමකටද?’, ‘යළි ඉපිදේ’, ‘සූරයා සූරයාමයි’ හා ‘දාමරිකයෝ’ යන චිත‍්‍රපට ඔහු අතින් රචනා වුණා.

ඞීමන් ආනන්ද චිත‍්‍රකථා ක්‍ෂෙත‍්‍රයටත් දායක වූ බව අප‍්‍රකට කරුණක්. මෙරට එළි දුටු මුල්ම චිත‍්‍රකථා පොත වූයේ සුසිල් පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘රන් දුපත’යි. එයින් පසු දෙවැනි පොත වූයේ ‘තිසා’ නම් චිත‍්‍රකථාවයි. 1960 දශකයේ පළ වූ එහි කථාව ඞීමන් ආනන්දගේ. චිත‍්‍ර දයා කරුණාරත්නගේ. මෙයින් පිටපත් 55,000ක් ඉක්මවා අලෙවි වූ බව ආනන්ද කියා තිබෙනවා.

ඞීමන් ආනන්ද මාරක කථා කියැවීම හරහා සාහිත්‍ය ලෝකයට පිවිස, පසුව එහි ලොකු හපන්කම් කළ සිංහල භාෂා මහාචාර්යවරයකු මේ සතියේ මා සමග කීවේ මෙයයි. ‘බොහෝ රටවල ජනප‍්‍රිය හා සම්භාව්‍ය සාහිත්‍යය සමාන්තරව පවතිනවා. අපේ අවාසනාව නම් ජනප‍්‍රිය සාහිත්‍යයට මෙරට හිස ඔසවන්නට ඉඩක් නොදීම.’

‘තිසා’ චිත‍්‍රකථාව Thisa - second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda
‘තිසා’ චිත‍්‍රකථාව Thisa – second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda

දර්ශන කරුණාතිලක හා “තරු අතරට ගිය දරුවා”

Dharshana Karunathilake with book cover of Tharu Atharata Giya Daruwa he designed
Dharshana Karunathilake with book cover of Tharu Atharata Giya Daruwa he designed

කුසලතාපූර්ණ චිත‍්‍ර ශිල්පි හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක මගේ පාසල් මිත‍්‍රයෙක්. අප මුලින් හමුවූයේ 1978 දී අප දෙදෙනාම කොළඹ ආනන්ද විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුල් වූ විටයි. මගේම පන්තියේ සිටි වැඩි සද්ද බද්ද නැති දර්ශන හිමින් සැරේ ගුරුවරුන්ගේ විකට රූප ඇන්ද බව මට මතකයි. පන්තිවෙලාවේ අනවශ්‍ය වැඩ කිරීමට දොස් කියනවා වෙනුවට ඔහුගේ නිර්මාණ යම් අගැයීමකට ලක් කළ ගුරුවරුන් ද අපට සිටියා.

උපාලි පුවත්පත් සමාගමේ විදුසර කර්තෘ මණ්ඩලයේ කලක් සේවය කළ දර්ශන වඩාත්ම ජන අවධානයට පාත‍්‍ර වූයේ වසර ගණනාවක් ඉරිදා ලක්බිමට ඔහු නිර්මාණය කළ දේශපාලන කාටුන් නිසයි. ඔහුටම ආවේණික පින්සල හැසිරවීමක් හා සියුම් එහෙත් නිර්දය උපහාසාත්මක දැක්මක් දර්ශනට තිබෙනවා.

මගේ පරපුරේ ලොකු හපනකු වන දර්ශන සමග එක්ව පොතක් කිරීමේ ඕනෑකම මට කලක පටන් තිබුණා. එය සැබෑ වූයේ මේ වසරේ මැදදී.

2014 සිංහල අවුරුදු නිවාඩු දිනවල මා ලියූ ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පිළිබඳ පොත ප‍්‍රකාශ කිරීමට සුන්දර නිහතමානි ද මැල් එකඟ වුණා. අප දෙදෙනාම හඳුනන දර්ශනට පොතේ පිටු සැළසුමේ හා නිමාව පවරන ලෙස මා කළ ඉල්ලීමට ද සුන්දර එකඟ වුණා.

“තරු අතරට ගිය දරුවා” නම යෝජනා කළේ අපේ තවත් මිතුරෙක් – ලස්සනට බස හසුරුවන ලේඛක දිලීප අබේසේකර.

2014 ජුනි, ජූලි, අගෝස්තු වකවානුවේ පොතට පින්තූර තෝරා, කාටුන් පහක් ද ඇඳ දුන් දර්ශන එයට අනගි නිමාවක් ලබා දුන්නා. පිටකවරයට ළදරු ක්ලාක්ගේ ඡායාරූපයකට තරු මල් එක් කිරීමේ අදහසත් ඔහුගේ.

ලේඛකයෝ පොත් ලිව්වාට ඒවා පාඨකයන් අතරට ගෙන එන්නට තවත් කිහිප දෙනෙකු සම්මාදම් වනවා. තරු අතරට ගිය දරුවාගේ කථාවට උදව් වුණු දර්ශන, දිලීප හා සුන්දරට මගේ ප‍්‍රණාමය.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයට කඩිමුඩියේ නිකුත් කළ පොතේ එළි දැක්වීමේ උත්සවයක් අපි ඉදිරි සති කිහිපය තුළ පවත්වන්නටත් අදහස් කරනවා.

Nalaka Gunawardene at Colombo International Book Fair 2014 where his book 'Tharu Atharata Giya Daruwa' is on sale - Photo by Dhara Gunawardene
Nalaka Gunawardene at Colombo International Book Fair 2014 where his book ‘Tharu Atharata Giya Daruwa’ is on sale – Photo by Dhara Gunawardene

වෙරළේ හැදුණු දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතින්

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් ‘තරු අතරට ගිය දරුවා’ නම් පොතින්:

Arthur C Clarke (left) and Martin Wickramasinghe
Arthur C Clarke (left) and Martin Wickramasinghe

වෙරළේ හැදුණු දරුවා

ශ‍්‍රී ලංකාවේ දකුණුදිග වෙරළබඩ ගමක් වූ කොග්ගල උපන් මාටින් වික‍්‍රමසිංහ ලේඛකයා කුඩා වියේදී බොහෝ විට තනිවම මුහුදු වෙරළේ කල් ගත කරමින් ජීවීන් හා වෙරළ පරිසරය නිරික්සූ සැටි ලියා තිබෙනවා. ජීව ලෝකය හා පරිනාමය ගැන ඔහුගේ කුතුහලය මතුව ආවේ මේ පරිසරයෙන්.

කොග්ගලින් සැතපුම් දහස් ගණනක් ඈත එංගලන්තයේ වෙරළබඩ ගම්මානයක ඉපදී හැදුණු ආතර් ක්ලාක් ලේඛකයා ද කුඩා වියේ බොහෝ වේලා වෙරළේ ගත කළා. වෙරළ හා සාගරය අතර නිරන්තර ගනුදෙනුව ඔහු විස්මයට පත් කළා.

ගම අසල සමීපතම මුහුද වූයේ බි‍්‍රස්ටල් ඕඩයයි. ලෝකයේ වඩදිය-බාදිය පරතරය ඉතා වැඩි ස්ථානයක් ලෙස බි‍්‍රස්ටල් ඕඩය හැඳින්වෙනවා. මේ අවට වෙරළ ශ‍්‍රී ලංකාවේ තරම් මනරම් නොවුවත් වසරේ උණුසුම් මාසවල අවට ගම් හා නගරවල බොහෝ දෙනකුට විවේකී විනෝදය ලබා දෙන තැනක්.

Bristol channel

මුහුදු වෙරළට යන ක්ලාක් දරුවා පැය ගණන් එහි සෙල්ලම් කරනවා. රළ බිඳෙන සැටි හා වෙරළේ නොයෙකුත් ජීවින් සමීපව නිරික්සනවා. නිරායාසයෙන් ම වාගේ පිහිනීමටත් ඔහු පුරුදු වුණා. සමහර වේලාවට මුහුදු රළ ප‍්‍රචන්ඩ වූ විටත් ඔහු මුහුදේ පිහිනීම කළේ වෙරළබඩ අසල්වැසියන් සංත‍්‍රාසයට පත් කරවමින්. එහෙත් තම ආරක්‍ෂාව ගැන හොඳ තක්සේරුවක් කවදත් ඔහුට තිබුණා.

කුඩා වියේ පටන්ම සාරගරයට ඇලූම් කළ ආතර්, සොබා දහමේ ප‍්‍රවාහයන් සමීපව අධ්‍යයනය කළේ මේ පරිසරයේයි. සාගරය හා අභ්‍යවකාශය අතර සමානකම් ඔහු කල් තබා හඳුනා ගත්තා.

සාගරයෙන් නොදුරු තැනෙක ජීවිතයේ මුල් දශක දෙක ගත කළ ඔහු, ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ පසු දිගටම සිටියේ විනාඩි කිහිපයකින් මුහුද අයිනට යා හැකි තරම් දුරකින්.

කුඩා වියේදී තමන් මහත් සේ ඇලූම් කළ සාගරයට යළිත් සමීප වීමට ලැබීම ශ‍්‍රී ලංකාවේ පදිංචිවීමේ තවත් එක් වාසියක් බව ක්ලාක් ලියා තිබෙනවා.

ශ‍්‍රී ලංකා මුහුදු වෙරළේ හැකි තරම් කල් ගෙවන්නට ඔහු උණවටුන වෙරළ සමීපවත්, හික්කඩුව වෙරළාසන්නවත් කුඩා නිවහන් දෙකක් පවත්වා ගෙන ගියා. මුහුදු වෙරළට වී පොත් කියැවීම මෙන්ම චිත්ත සමාධිය සඳහා මුහුදු රළ බිඳෙන සැටි බලා සිටීම ද ඔහුගේ ප‍්‍රියතම ක‍්‍රියාවක් වුණා.

එක් තැනෙක ක්ලාක් මෙසේ කියනවා: ‘‘මා උපන්නේ වෙරළබඩ ගම්මානයක. බෙහෙවින් වක‍්‍රාකාර වූත් විශාල වූත්, බි‍්‍රස්ටල් ඕඩය අබියස වෙරළෙහි මගේ ළමා කාලය ගෙවී ගියා. එහෙත් වයස 10 පමණ ඉක්ම වූ පසු නිතිපතා මුහුදට ළං වීමේ අවකාශය නැති වී ගියා. ටවුමේ පාසලට, සිවිල් සේවයට, හමුදා සේවයට, සරසවියට හා ඉනික්බිති වෘත්තීය ලේඛන කලාවට මා යොමු වුණා. එවිට මුහුද අසලට යා හැකි වූයේ නිවාඩුවකට පමණයි. මා යළිත් මුහුදේ අසිරිමත් ආකර්ශනයට නතු වූයේ ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණි පසුයි. එහි දකුණු දිග වෙරළ තීරය මගේ උපන් බිමෙහි වෙරළට වඩා දැකුම්කළු හා උණුසුම් වුවත් එය නිතර සිහිපත් කරන්නේ ළමා වියේ මට බෙහෙවින් සමීප වූ වෙරළ හා මුහුදයි.’’

1955-56 වසරවල මාස කිහිපයක් තිස්සේ මෙරට සාගර ගවේෂණය කරමින් ඔහු ලද අත්දැකීම් කැටි කොට ක්ලාක් 1957දී දේශාටන පොතක් ලිව්වා (The Reefs of Tapronane). එය 2012දී මනෝ ප‍්‍රනාන්දු විසින් ‘‘ලක්දිව සාගර පත්ල’’ නමින් සිංහලට පරිවර්තනය කොට තිබෙනවා.

Clarke diving off the coast of Ceylon - Image courtesy Arthur C Clarke Trust
Clarke diving off the coast of Ceylon – Image courtesy Arthur C Clarke Trust

‘‘කිමිදුම්කරුවකු ලෙස මා ලංකා දුපතට මුලින්ම ආකර්ෂණය වූයේ මේ කොරල්පර පිරි සාගරය නිසා. ඒ කොරල්පර විසින් රැක ගනු ලබන දිවයිනේ ඇතුළත සොබා හා සාංස්කෘතික අසිරිය මා හඳුනා ගත්තේ ඉන් පසුවයි.’’

1972දී ලියූ ලිපියක මෙසේ කියනවා: ‘‘ශ‍්‍රී ලංකා දුපතේ වසන වනජීවින් සියවස් ගණනක සිට ලෝකයා දැන සිටියා. එහෙත් දුපත අවට මුහුදේ වනජීවි අසිරිය දැක ගත් පළමුවන පරම්පරාව වන්නේ අපියි. එය ගොඩබිම වනදිවියටත් වඩා විචිත‍්‍රයි. ලක් වෙරළට සමීපව නොයෙක් තැන්හි පිහිටා ඇති කොරල්පර කෙතරම් විසිතුරු ජීවින්ගෙන් පිරී ඇත්දැයි දුටු විට අප විමතියට පත් වුණා.’’

නොයෙක් අවස්ථාවල මෙරට භෞමික හා සාගර අසිරිය ගැන වර්ණනාත්මකව ක්ලාක් ලියූ ලිපි හා නිපද වූ ටෙලිවිෂන් වැඩසටහන් නිසා ශ‍්‍රී ලංකාවට ලොව පුරා අතිවිශාල යහපත් ප‍්‍රචාරයක් නොමිළේ ලැබුණා.

තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්

Arthur C Clarke - Relaxing by the sea in Sri Lanka. Photo by Rohan de Silva, Arthur C Clarke Trust
Arthur C Clarke – Relaxing by the sea in Sri Lanka. Photo by Rohan de Silva, Arthur C Clarke Trust

 

Wanted: Time Bombs of the Mind! My third collection of Ravaya columns

Promo note for my latest Sinhala language book, being released this week at Colombo International Book Fair to be held from 10 – 17 September 2014.

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Award winning science writer Nalaka Gunawardene’s latest Sinhala book, Kaala Bomba One Kara Thibe (‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ = Wanted: Time Bombs of the Mind!), will be released at the Colombo International Book Fair that starts on 10 September 2014.

A Ravaya Publication, the book compiles 44 of his weekly columns named Sivu Mansala Kolu Getaya published in the Ravaya newspaper during 2013-14.

Launched in 2011, the popular column offers musings of a sceptical inquirer who sits at the intersection (or confluence) of science, development, mass media and information society. The University of Sri Jayawardenapura presented Nalaka a Vidyodaya Literary Award for the best newspaper column of 2012.

Written in an easy, conversational Sinhala rich in metaphor and analogy, Nalaka connects the local with global and also bridges sciences and humanities. The new collection touches on pharmaceuticals, organic farming, tobacco control, rationalism, citizen journalism and social media among many other topics.

“Lankan society today suffers from a major deficiency of critical thinking. Blind faith and sycophancy dominate our social, religious, political and cultural spheres. Whether writing on science, development or social issues, Nalaka Gunawardene comes up with refreshing doses of scepticism,” says Gamini Viyangoda, leading Sinhala writer and political commentator.

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist and development communicator.

In his foreword, researcher and university lecturer Dr Udan Fernando says: “At a time when insularity and monoculturalism are being celebrated in Sri Lanka, Nalaka represents the endangered cosmopolitan perspective.”

Nalaka has dedicated this book to two giants of public science in Sri Lanka: late Prof Cyril Ponnamperuma (1923-1994) and late Dr Ray Wijewardene (1924-2010). “They embraced the best of East and West without losing their roots. We urgently need such public intellectuals today,” Nalaka says.

The book includes columns profiling the work of both scientists, including the Sinhala adaptation of a long interview with Dr Wijewardene.

The title is inspired by the words of Swedish economist, Gunnar Myrdal, who once said, “Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

The 300-page book is priced at Rs. 490. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්

Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)
Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් පොතක් මේ මාසයේ නිකුත් වෙයි.

‘තරු අතරට ගිය දරුවා’ නම් මේ පොත ලියා ඇත්තේ ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කළ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධනය.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ ගම්බද ප‍්‍රදේශයක සාමාන්‍ය පවුලක උපන් ක්ලාක් ජීවිතයේ මුල් වසර 20 ගත කළේ ගමේ පාසලේ හා අසල නගරයේ පාසලේ ඉගෙනුම ලබමිනි. සිව්දරු පවුලක වැඩිමහලූ දරුවා වූ ඔහු කුඩා වියේදී පියා මිය ගිය නිසා පවුලේ ගොවිපල පවත්වා ගෙන යන්නට මවට උදවු වීමට ද ඔහුට සිදු විය.

පාසල් වැඩ හා පවුලේ වගකීම්වලට උර දෙන අතරම පොත් කියවීම, විද්‍යාත්මක අත්හදා බැලීම් හා සොබාදහම ගවේෂණයට ද ඔහු කෙසේ හෝ කාලය සොයා ගත් සැටිත්, අධිෂ්ඨානය හා උද්‍යොගය හරහා ජීවිතය ජය ගත් සැටිත් මේ පොතෙන් විස්තර කෙරෙයි.

ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු මෙන්ම ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද නාලක ගුණවර්ධන මේ පොත ලිවීමට පාදක කර ගෙන ඇත.

තම නිර්ප‍්‍රභූ ගැමි සම්භවය පිළිබඳව පසු කලෙක ක්ලාක් අවංකව කළ ආවර්ජනයන් ද සිංහල පාඨකයන් හමුවට එන්නේ මුල් වතාවටය.

ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව වැදගත් පැරණි ඡායාරූප රාශියක් ද ඔවුන්ගේ අවසරයෙන් පොතෙහි අඩංගු කර තිබේ. පිටු 120ක මේ පොතේ පිටු සැළසුම හා නිමාව කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසිනි.

‘ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලූම කළ ආතර් සී. ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි තොරතුරු දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ විශේෂයෙන් අද කාලයේ ළමුන්, දෙමවුපියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි’’ නාලක ගුණවර්ධන කියයි.

සුරත ප‍්‍රකාශනයක් වන ‘‘තරු අතරට ගිය දරුවා’’ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකිය.

See also:

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Arthur C Clarke (1917-2008): "He never grew up, but he never stopped growing"
Arthur C Clarke (1917-2008): “He never grew up, but he never stopped growing”

 

December 2012: My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

සිවුමංසල කොලූගැටයා #182: අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

The Sinhala children’s weekly newspaper Mihira just completed 50 years of publication. The paper, launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964, holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

In this week’s Ravaya column (in Sinhala), I invoke some memories. I wrote an English blogpost along similar lines a few days ago:

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

මීට දෙවසරකට පමණ පෙර ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එඞ්වින් ආරියදාස සූරීන් සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී මා ඔහුගෙන් ඇසුවා මෙරට පත‍්‍ර කලාවේ ස්වර්ණමය අවධිය වූයේ කුමන කාලය ද කියා. ඔහු එක්වරම කීවේ 1960 දශකය බවයි. පත‍්‍ර කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත මට්ටමකට පත් වී සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් ලෙස ඔහු එය විග‍්‍රහ කළා.

Groundviews.org 12 April 2013: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම දශකයේයි. ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා පත්තර ආරම්භ කෙරුණා.

1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු මිහිර පත්තරයයි.

1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ ගිය මාසයේයි. මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල්ම පත්තරයයි. මේ නිසා මට මිහිර ගැන සුමිහිරි මතකයන් තිබෙනවා.

මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.

පින්තූර බලමින් අමාරුවෙන් වචන ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස් කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි.

මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.

අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)

එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

Edwin Ariyadasa
Edwin Ariyadasa

දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන් සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා.

ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.

මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන් 1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත් සංකලනය කරමින්.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)

W R Wijesoma - Image courtesy The Island
W R Wijesoma – Image courtesy The Island

මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය අත්දැකීම් මතයි.

මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්, විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.

පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක් මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.

අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම් දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා කැපවීමක් තිබුණා.

S A Dissanayake
S A Dissanayake

මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.

ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම් හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක් වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.

දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි.

1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා ද මිහිර ඔප කළා. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම් ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.

චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ බකපණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට පිළිතුරු දුන්නා.

මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ ඒකරාශී වීමයි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන් සමත් වුණා.

එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.

කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි. ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින් විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)

මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී වූයේ මේ නිසායි.

මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක් වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම් සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය චිත‍්‍රකථා උන්මාදය.

තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි. ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.

පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.

See also: ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

Mihira 50th anniversary issue - 28 July 2014
Mihira 50th anniversary issue – 28 July 2014

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

Sinhala children’s weekly newspaper Mihira has just completed 50 years of publication. The paper holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

The tabloid was launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964. Its founder editor was veteran journalist Srilal Hikkaduwa Liyanage (who was also founder editor of Tharunee women’s newspaper and Navayugaya informative newspaper from the same publishing house).

I wasn’t even born when Mihira came out. Sometime in 1969, when I was a precocious three-year-old, my father bought me my first copy. I was hooked: for the next dozen years, I eagerly awaited the arrival of each week’s issue on Mondays.

In the early years, Mihira carried a mix of stories, comics, articles and verse. While many were produced by talented writers and artists who understood the child’s mind, some were actually children’s own contributions.

In fact, Mihira is where I first got myself into print. As a school boy of 9 years, I submitted several of my (Sinhala) verses to Mihira (at the suggestion of my Grade 3 class teacher). One of them, on my perception of an animated clock, was printed in one issue of October 1975. I was thrilled to bits – that clipping is somewhere at the bottom of my personal archives…

Funnily enough, thousands of printed pieces later, I still get an enormous kick each time a newspaper publishes my writing.

S A Dissanayake, comics artist
S A Dissanayake, comics artist

To me (and many others of my generation), the most memorable part of Mihira were extraordinary comics written and drawn by S A Dissanayake. He drew a long-running comic (chitra katha) called Onna Babo (‘ඔන්න බබො’), which chronicled the adventures of three intrepid kids (‘බූ – බබා’, ‘තුල්සි’) and involved a wicked witch (බටකොළ ආච්චි), wizards and other characters. For us entertainment starved kids, ඔන්න බබො was Harry Potter of the 1960s and 70s. All these years later, some sub-plots are still clearly etched in my memory…

S A Dissanayake also drew the more comical Yodaya (‘‘යෝධයා’’) about a good-hearted village giant and a learned but wicked man (‘‘යෝධයා සහ පඬිතුමා”), as well as several other popular comics.

When some teachers and parents condemn all comics as polluting children’s minds, I always remind them of the glorious exceptions created by S A Dissanayake. Some feel his stories paved the way for the enormous popularity of TinTin comics and animations in Sri Lanka later on.

I just read that Dissanayake (who was a school teacher by profession) still draws children’s comics for Mihira – a rare feat (world record?) of a comic artist drawing for the same publication for half a century.

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

http://silumina.lk/2014/07/27/_art.asp?fn=av14072712&p=1

බුබම්බා, යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක

http://www.lankadeepa.lk/index.php/articles/104609

From the scrap book of S A Dissanayake, children's comic artist for half a century
From the scrap book of S A Dissanayake, children’s comic artist for half a century

 

සිවුමංසල කොලූගැටයා #178: මානව හිතවාදය උදෙසා ‘ජාතිද්‍රෝහී’ වූ ලේඛිකාව නැඞීන් ගෝඩිමර්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to South African writer and social activist Nadine Gordimer (1923-2014). I focus on how she never hesitated to speak out for justice, fairness and equality even when that elicited ridicule and harassment from her own government that quickly labeled her a ‘traitor’.

I also recall how I once listened to her speak, during the recording of a TV debate in Johannesburg in mid 2002, and how she later marched the streets with activists from all over the world demanding land rights for the poor.

Nadine Gordimer (image courtesy The New Yorker)
Nadine Gordimer (image courtesy The New Yorker)

‘රටක මහා ලේඛකයකු සිටීම හරියට දෙවැනි ආණ්ඩුවක් පවතිනවා වගෙයි. එනිසා බොහෝ පාලකයන් අදීන පෞරුෂයක් ඇති ලේඛකයන්ට කැමති නැහැ. ඔවුන්ට ඕනෑ එහෙයියන් වන ලියන්නොයි’.

මීට අඩසියවසකට පමණ පෙරදී මේ වටිනා වදන් ටික ලියුවේ දැවැන්ත සෝවියට් දේශයේ පාලකයන්ට නතු කර ගත නොහැකි වූ ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින් (Aleksandr Solzhenitsyn, 1918 – 2008).

බලයේ සිටින රජයකට පක්‍ෂව ලිවීම ලෙහෙසියි. එසේ කිරීමෙන් පාලකයන්ගෙන් පුද පඬුරු හා වරප‍්‍රසාද ලබා ගන්නා අවස්ථාවාදී ලේඛකයෝ සෝවියට් දේශයේ මෙන්ම ලොව වෙනත් රටවල එදා මෙන්ම අදත් හමු වනවා.

එහෙත් බලසම්පන්න රජයකට හෝ අසාධාරණ රාජ්‍ය පාලන ක‍්‍රමයකට එරෙහි වීම ලෙහෙසි නැහැ. වරප‍්‍රසාද අහිමිවනවා පමණක් නොව විවිධාකාර හිරිහැර හා අවමන්වලට ලක් වීමට සිදු වනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොලැබෙන අතර පොත් තහනම් කිරිමට ද ලක් වනවා. ආන්තික තත්ත්වයන්හිදී රාජ්‍ය විරෝධී චෝදනා ලැබ සිර දඬුවම් ලබන්නට පවා සිදු වනවා.

ඒකාධිපති පාලනයක් ඇති රටවල රජය විවේචනය කිරීම සූක්‍ෂමව කළ යුතු අනතුරුදායක කාරියක්. දේශපාලන ක‍්‍රියාකාරිකයන් එය විවෘතව එක එල්ලේ කරන අතර දක්‍ෂ ජනතාවාදී ලේඛකයන් එය ප‍්‍රබන්ධ කථා හෝ හාස්‍යරූපී කථා හරහා සියුම්ව කරනවා. නවකථාවක්, කෙටිකථාවක් හෝ නාට්‍ය පිටපතක් හරහා පවතින විසම රාජ්‍ය තන්ත‍්‍රයේ බිහිසුනු බව කැඩපතක් බවට පත් කොට සමාජයේ සංවේදී කොටස්වලට ග‍්‍රහණය වන පරිදි මුදා හරිනවා.

මෙබඳු ලේඛකයන් කවදත් දුර්ලභයි. එවන් අදීන හා නිර්භීත ගණයේ ලේඛිකාවක් වූ දකුණු අප‍්‍රිකානු ජාතික නැඞීන් ගෝඩිමර් 90 හැවිරිදිව ජූලි 13 වනදා මිය ගියා.

මීට හරියටම වසරකට පෙර, 2013 ජූලි 28 වනදා ‘මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ’ නමින් කොලමක් ලියමින් මා ඇය ගැන සඳහන් කළා. මේ සතියේ අයට යළිත් ප‍්‍රණාමය පුද කරන්නේ උපතින් හා සමේ වර්ණයෙන් ලද වරප‍්‍රසාද වෙනුවට ඇය ජීවිත කාලය පුරා මානවහිතවාදය හා සාධාරණත්වය තෝරා ගත් නිසායි.

Nadine-Gordimer-Quotes-3

1923 උපන් නැඞීන් ගෝඩිමර්ට කුඩා වියේ පටන් කෙසඟ සිරුරක් තිබූ නිසා ලෙඩ වේවි යැයි බියෙන් දෙමව්පියන් ඇයව පාසලකට යැවුවේ නැහැ. ඒ වෙනුවට ගෙදර සිට උගන්වනු ලැබුවා. තමන්ගේම කල්පනා ලෝකයට මැදි වී හැදුණු ඇය නව යොවුන් වියේ සිට ප‍්‍රබන්ධ රචනයට පිවිසුණා. ඇගේ කෙටිකථාවක් මුල් වරට සඟරාවක පළ වූයේ 1937දී. එවිට ඇගේ වයස 16යි.

විට්වෝටසන්ඞ් සරසවියට පිවිස වසරක් උගත් ඇය උපාධිය සම්පූර්ණ කළේ නැහැ. එහෙත් සුදු, කළු හා මිශ‍්‍රිත සම්භවයක් ඇති ජාතිකයන්ට වෙනස්ව සළකන සැටි ඒ කාලය තුළ ඇය සමීපව අත්දුටුවා.

1948 සිට පුර්ණ කාලීනව ලේඛනයේ යෙදුණු ඇය මුලින් දකුණු අප‍්‍රිකානු සඟරාවලත්, 1951 පටන් ප‍්‍රකට අමෙරිකානු සඟරාවක් වන නිව් යෝකර් සඟරාවේත් කෙටිකථා පළ කළා. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වූවා.

1949-2012 වකවානුව තුළ ඇය නවකථා 15ක්, නාට්‍ය පිටපතක්, කෙටිකථා සංග‍්‍රහයන් 21ක් හා තවත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා. ඇගේ ලේඛන භාෂාව වූයේ ඉංග‍්‍රීසියයි. ඒ හරහා දකුණු අප‍්‍රිකානු යථාර්ථයේ පැතිකඩ ලොවට කියන්නට ඇය සමත් වුණා.

1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. කළු ජාතික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටීම මහත් රාජ්‍ය ද්‍රෝහී ක‍්‍රියාවක් ලෙස සුදු පාලකයන් හඳුන්වා දුන්නා. එහෙත් දේශපාලකයන්ට හා ඔවුන්ගේ ගැති නිලධාරින්ට මේ ධෛර්්‍යවන්ත ලේඛිකාව පොඩියක්වත් බිය වූයේ නැහැ.

1948 සිට 1993 දක්වා පැවති වර්ණභේදවාදී දරදඬු ප‍්‍රතිපත්ති ප‍්‍රබන්ධාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම නිසා ඇගේ කෘතීන් ගණනාවක් එරට රජයන් විසින් තහනම් කරනු ලැබුවා. එබඳු තහංචි නිසා සැබැවින් සිදු වූයේ පොත් යටිබිම්ගතව සංසරණය වීමයි. ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

Burger's Daugher
Burger’s Daughter

1979දී ඇය ලියා පළ කළ Burger’s Daughter නම් නවකථාවට පාදක වූයේ සමාජ සාධාරණත්වය හා යුක්තිය උදෙසා අරගල කළ දෙමවුපියන් හා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් ජීවිතයි.

දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ කි‍්‍රයාකාරික ලයනල් බර්ගර් නම් මනඃකල්පිත චරිතය හා ඔහුගේ දියණිය රෝසා මෙහි ප‍්‍රධාන චරිතයි. ලයනල්ගේ චරිතයට ඇය ආදර්ශය ලෙස ගත්තේ උපතින් සුදු දකුණු අප‍්‍රිකානුවකු හා වෘත්තියෙන් නීතිඥයකු වූ බ‍්‍රෑම් Bram Fischer (1908 – 1975). 1962දී කුප‍්‍රකට රිවෝනියා මහ නඩුවේදී ANC සාමාජිකයන් (විශේෂයෙන් නෙල්සන් මැන්ඩෙලා) වෙනුවෙන් විත්තියේ නීතිඥයා ලෙස ක‍්‍රියා කළේ ඔහුයි.

රිවෝනියා මහ නඩුවෙන් ටික කලකට පසු කොමියුනිස්ට් ක‍්‍රියාකාරිකයකු යයි චෝදනා ලැබ රජය පෙරළීමට තැත් කළ වරදට ෆිෂර් සිර දඬුවමක් ලැබුවා. සිරගෙදරදී හට ගත් පිළිකාවකින් අසාධ්‍ය වූ ඔහු වසර 9ක සිර දඬුවම් විඳීමෙන් පසු මිය ගියා. වර්ණභේදවාදයට එරෙහිව එරට සුදු ජාතිකයන් අතලොස්සක් ගෙන ගිය සාරධර්මීය විරෝධතාවේ දැවැන්තයකු ලෙස ෆිෂර් සැළකෙනවා.

මේ නවකථාව මුලින් බි‍්‍රතාන්‍යයේ පළ කොට මාසයක් ඇතුළත එය දකුණු අප‍්‍රිකාවේ අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා. එහෙත් එහි පිටපතක් 1964 සිට සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට හොර රහසේ ලැබුණා. එය තමන් ප‍්‍රමෝදයට පත් කළ බව ඔහු පසු කලෙක ඇයට පැවසුවා.

1970 හා 1980 දශකවල ඇය ප‍්‍රකට ලේඛිකාවක් ලෙස පෙර අපර දෙදිග රටවල නිතර සංචාරය කළා. තමන්ගේ කෘතීන් ගැන කථාබහ කැරුණු හැම විටෙකම තම මවු රටේ සිදු වන මහා අසාධාරණකම් ගැන නොබියව විදෙස් සභාවන්ට තතු පැහැදිලි කළා.

ඇගේ ලේඛක ජීවිතය පුරා විවිධ රටවලින් සාහිත්‍ය සම්මාන රැසක් පිරිනැමුණා. 1991 නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබීමත් සමග සාහිත්‍ය ලෝකයේ ඇගේ පිළිගැනීම වඩාත් තහවුරු වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ද ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සගවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය, 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. ජනපි‍්‍රය නොවන එහෙත් දිගුකාලීනව රටට වැඩදායක සමහර ප‍්‍රතිපත්ති හ ඳන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

Nadine Gordimer and Nelson Mandela were close friends
Nadine Gordimer and Nelson Mandela were close friends

වර්ණභේදවාදයට අමතරව ඇය රාජ්‍ය වාරණයට හා රජයන් විසින් තොරතුරු ගලනය සීමා කිරීමට එරෙහිව ද දශක ගණකක් පුරා ප‍්‍රබල හඬක් නැගුවා. වර්ණභේදවාදය පවතින තුරුම තම නවකථා හා කෙටි කථා රේඩියෝ මාධ්‍යයට සකසා ප‍්‍රචාරය කිරීමට රජය යටතේ පැවති දකුණු අප‍්‍රිකානු විද්්‍යුත් මාධ්‍ය සංස්ථාවට (SABC) ඇය අවසර දුන්නේම නැහැ. ජනතාවට බොරු කියන, ඔවුන්ගේ පරම අයිතීන්ට අවමන් කරන රේඩියෝ සේවයක් සමග තමාට කිසි ගනුදෙනුවක් නැතැයි ඇය ප‍්‍රසිද්ධියේ කියා සිටියා.

1990 පෙබරවාරියේ සිරෙන් නිදහස් වූ මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් නුවර පදිංචියට ආ පසු නිතර මුණ ගැසී ගැඹුරු කථා බහේ යෙදෙන සමීප මිතුරන් අතරට නැඞීන් ද එකතු වුණා. දේශපාලනයටත් වඩා තමන් වැඩිපුර කථා කළේ සමාජ ප‍්‍රශ්න හා මනුෂ්‍යත්වය ගැන බව මැන්ඩෙලා මිය ගිය මොහොතේ ඔහු ගැන ලියූ සමරු ලිපියක ඇය හෙළි කළා.

අඩසියවසක වර්ණභේදවාදය අවසන් කොට දකුණු අප‍්‍රිකාවේ සියලූ ජනයාට එක සේ සළකන නව රාජ්‍ය පාලනයකට මහත් සංයමයෙන් හා වීර්යයෙන් ප‍්‍රවේශ වීම සඳහා 1993 නොබෙල් සාම ත්‍යාගය මැන්ඩෙලාට හා එවකට දකුණු අප‍්‍රිකානු ජනාධිපති එෆ්. ඩබ්. ඩික්ලර්ක්ට පිරිනැමුණා. දෙසැම්බර් 10 වනදා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී ත්‍යාගය පිළිගන්නට මැන්ඩෙලා සමග එහි ගිය ඔහුගේ දුත පිරිසේ නැඞීන් ද සිටියා.

බොහෝ ජනතාවාදී ලේඛකයන් ජීවිතයේ යම් අදියරකදී පත් වන ඛේදජනක තත්ත්වයක් තිබෙනවා. එනම් තමන් මතවාදීව සහයෝගය දුන් දේශපාලන තන්ත‍්‍රය බලයට පත් වී ටික කලෙකින් මුල් ප‍්‍රතිපත්ති අමතක කොට අයාලේ යන විට කුමක් කරන්නදැයි නොදැන අතරමං වීමයි.

නැඞීන් මේ ගණයට නොවැටුණේ මතවාදයන්ට නතු නොවී සාධාරණත්වයට මුල් තැන දුන් නිසායි. වර්ණභේදවාදය නිමා වී සර්වජන ඡුන්ද බලය හරහා මුල් වරට දකුණු අප‍්‍රිකානු ජනතාව රජයක් පත් කර ගත්තේ 1994දී. එක් ධූර කාලයක් පමණක් හොබවා 1999දී මැන්ඩෙලා විශ‍්‍රාම ගියත් එදා මෙදා තුර තවමත් දකුණු අප‍්‍රිකාව පාලනය කරන්නේ ANC පක්‍ෂයයි. දුෂණය, වංචාව, කල්ලිවාදය හා වෙනත් අක‍්‍රමිකතා රැසක් ගැන ඔවුන්ට ප‍්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා.

තමා කලක් ANC ක‍්‍රියාකාරිකයකුව අරගල කළත් කිසිදා ANC රාජ්‍ය පාලනයකට සම්බන්ධ නොවූ නැඞීන් දිගටම ස්වාධීනව ලේඛන කලාවේ යෙදුණා. 2012දී ඇය ලියූ අවසන් නවකථාව No Time Like The Present දිග හැරෙන්නේ නිදහස ලැබු (1994ට පසු) දකුණු අප‍්‍රිකාවේයි. ඉන් ඇය සියුම් එහෙත් තීක්‍ෂණ සමාජ විවේචනයක යෙදෙනවා.

‘අපේ අය මොනවා කළත් විවේචනය කරන්නෙ කොහොමද?’ කියා අසමින් මුනිවත රකින අපේ කලාකරුවන්ට ඇය හොඳ ආදර්ශයක්.

සිය ජීවිතයේ අවසාන දශක දෙකෙහි සැළකිය යුතු කාලයක් ඇය කැප කළේ HIV ආසාදිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමට හා ඔවුන්ට සිදු වන අසාධාරණකම් අවම කිරිමටයි.

මැන්ඩෙලාගේ අනුප‍්‍රාප්තික ජනාධිපති එම්බෙකි HIV පිළිබඳ ‘දේශීය දැනුම’ වංචාකාරයන්ට හසු වී එරට සෞඛ්‍ය ප‍්‍රතිපත්ති විකෘති කළ විට එයට එරෙහිව ප‍්‍රබල හඬක් නැගු ස්වාධීන විද්වතුන් අතර ඇය ද සිටියා.

31 July 2011: සිවුමංසල කොලූගැටයා #25: “බටහිර විද්‍යාව”, “සාම්ප්‍රදායික දැනුම” සහ දකුණු අප‍්‍රිකාවේ බිහිසුනු HIV/AIDS මංමුලාව

Nadine-Gordimer-Quotes-rrr2

1999දී ජනාධිපති ධූරයෙන් මැන්ඩෙලා විශ‍්‍රාම ගිය පසු ඔහුට වඩාත් විවේක තිබූ බැවින් පැරණි මිතුරන් සමග සාමීචියට වැඩි ඉඩක් ලැබුණා. ජේ්‍යෂ්ඨ මානව හිමිකම් නීතිඥ ජෝර්ජ් බිසෝස් සමග නැඞීන් ගෝඩිමර් නිතරම පාහේ මැන්ඩෙලාගේ නිවසේ උදේ ආහාරයට මුණගැසීම සිරිතක්ව තිබුණා.

මේ වකවානුවේ මැන්ඩෙලා නම් දේශපාලනඥයා නොව නිර්ව්‍යාජ මිනිසා තමා හරි හැටි දැන හඳුනා ගත් බව ඇය ලියා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ හාස්‍යලෝලි බව හා ලෙන්ගතුකම තරාතිරම නොබලා මුණ ගැසීමට ආ කොයි කාටත් ලැබුණු සැටි ඇය අත්දුටුවා.

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. එම සංවාදය බි‍්‍රතාන්‍යයේ ඊඊක්‍ හා අමෙරිකාවේ ඡුඊී නාලිකා දෙකෙහි සම නිෂ්පාදනයක්.

එයට සහභාගී වූ අනෙක් විද්වත් නියෝජිතයන් අතර ඉන්දියාවේ වන්දනා ශිවා හා සුනීතා නාරායන්, මැලේසියාවේ මාටින් කෝ හා අමෙරිකාවේ ප‍්‍රකට ආර්ථික විශේෂඥ ජේෆ්රී සැක්ස් ද වූවා. මේ ප‍්‍රබල විවාදකරුවන් අතර සිහින් එහෙත් පැහැදිලි කටහඬකින් කථා කළේ නැඞීන් ගෝඩිමර්.

රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නඟන බව ඇය සාවධානව, සියුම් කටහඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

මේ උද්ඝෝෂණවලට පසුබිම වූයේ 2002 අගෝස්තුවේ එනුවර පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ දෙවන ලෝක සමුළුවයි. ලෝකයේ රටවල් එකසිය ගණනකින් ජෝහැන්නස්බර්ග් නුවරට පැමිණි රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තන්ත‍්‍රිකයන් එක් පසෙක නිල සමුළුව පවත්වන අතරේ එයින් ටික දුරක් ගිය තැන ජනතා සමුළුවක් පැවැත්වුණා. නැඞීන් ඇතුළු ප‍්‍රබුද්ධ දකුණු අප‍්‍රිකානුවන් සහභාගී වූයේ මේ දෙවැන්නටයි.

ලොව නන් දෙසින් ආ සමාජ ක‍්‍රියාකාරිකයන් හා ජන සංවිධාන නියෝජිතයන් සමග ඇය වීදි පෙළපාලි ගියේ දුගී ජනතාවට ඉඩම් අයිතිය හා සාධාරණ ජීවිකා අවස්ථා සඳහායි.

2013දී පුවත්පත් සාකච්ඡාවකදී ඇය කීයේ ‘‘වර්ණභේදවාදය තුරන් කරන්නට අප ඉතා වෙහෙස වී අරගල කළා. එහෙත් එයින් පසු බිහි වන සමාජය ගැන අප සිතුවා මදි යැයි දැන් මගේ කල්පනාවයි.’’

සමාජ හා දේශපාලන අරගලවලට මැදි නොවී ෆැන්ටසි ලෝක ගැන ප‍්‍රබන්ධ කරමින් සිටියා නම් හොඳදැයි පත‍්‍ර කලාවේදියා ඇසූ විට ඇගේ උත්තරය: ”අපොයි නැහැ! මේ ජීවිතය ගැන මම ආඩම්බරයි. අපට සමහර තැන්වල වැරදුණා. ඒත් මා කිසි දිනෙක බිය වී හා නිවටව නම් ජීවත් වී නැහැ!”

Nadine-Gordimer-Quotes-4

සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

In this week’s Ravaya column (in Sinhala), I revisit the on-going debate on social media and social accountability, this time from the perspective of freedom of expression.

Unless a user takes consistent precautions, everything published online is ultimately traceable to the point of origin. However, for most practical purposes, options of anonymity and pseudonymity are still available on the web – and widely used by users, for a variety of reasons. Contrary to what some misinformed people say, there is nothing legally or morally wrong with this practice.

Of course, the facilities can be misused, most notably in spreading hate speech and deliberate falsehoods. But this reality, by itself, is not a sufficient argument against online anonymity or pseudonymity. Indeed, as I argue in this column, being able to conceal one’s real identity is a safe way for social activists and public intellectuals to express their views living in countries with repressive regimes and/or intolerant societies.

While I myself have always expressed my views online under my own name — and sometimes received vitriol and threats as a result — I defend the right for anyone to remain anonymous or use pseudonyms.

Social Media: Handle with care and caution!
Social Media: Handle with care and caution!

සමාජ මාධ්‍ය හා පොදුවේ වෙබ්ගත සන්නිවේදනවලට නැගෙන එක් බරපතල චෝදනාවක් නම් නිර්නාමිකව හෝ ආරූඨ නම්වලට මුවා වී හෝ යම් අය ඒ හරහා අසත්‍යයන් පතුරුවන බවත්, අපහාසාත්මක ප‍්‍රචාර කරන බවත්.

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් අනිසි ලෙස යොදා ගත හැකියි. නිර්නාමික කැලෑ පත්තර, තර්ජනාත්මක ලියුම් හා දුරකථන ඇමතුම් ආදිය දශක ගණනක් තිස්සේ සිදු වන දේවල්. විවෘතව හා සංවරව සංවාදයක්ට එළඹීමේ පෞරුෂය නැති සුළුතරයක් මෙබඳු අකටයුතුකම් කළ පමණින් ලිවීමේ කලාව, තැපෑල හෝ දුරකථන සේවා සමස්තයක් ලෙස අපවාදයට ලක් වූයේ නැහැ.

එසේ නම් ටික දෙනෙකු වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා එබඳුම නොමනා හැසිරීමක යෙදෙන විට සමස්ත මාධ්‍යයටම හා වේදිකාවටම දොස් ක’ම තර්කානුකූල හෝ සාධාරණ නැහැ.

මෙතැනදී මතු වන්නේ අළුත් තාක්‍ෂණයක් ගැන නොදන්නාකම නිසා හට ගන්නා සැකය හා භීතියයි. නැතහොත් අළුත් ර්‍ණබිල්ලන්” තනා ගැනීමට අපේ සමාජයට ඇති නොතිත් ආසාව ඉස්මතු වීමයි.

දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව කියන්නේ සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවා ගත් අනන්‍යතා (pseudonymity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවයි. සංජන කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.

නිර්නාමිකව හෝ ආරූඨනාමිකව සන්නිවේදනය කිරීම වරදක් ලෙස පෙනුනත් එහි සමාජයීය වාසි ද තිබෙනවා.

කියන දෙයට වඩා කියන්නා කෙරෙහි අවධානය යොමු කිරීමත්, තර්කයට ප‍්‍රතිතර්ක ඉදිරිපත් කරනු වෙනුවට තර්ජන හෝ මැර ප‍්‍රහාර එල්ල කිරීමත් අද අපේ සමාජයේ සුලබ ප‍්‍රවණතාවක්.

රජය පමණක් නොව අන්තවාදී වෙනත් කණ්ඩායම් ගණනාවක් ද විකල්ප මත ඉවසීමට නොහැකිව හා විවේචන දරා ගත නොහැකිව විරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන අපේ රටේ වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන විට සමහරුන් වෙනත් නමකින් පෙනී සිටීමට සාධාරණ හේතු තිබෙනවා.

මේ පසුබිම තුළ බොහෝ වියතුන් හා වෘත්තිකයන් මුළුමනින් නිහඬ වෙද්දී ටික දෙනෙකු අවදානමට මුහුණ දෙමින් සිය නමින්ම පොදු අවකාශයේ සන්නිවේදනය කරනවා. එසේ කිරීමට නොහැකි එහෙත් පොදු උන්නතිය අරභයා පෙනී සිටීමට රිසි අන් අයට ඇති එක් ප‍්‍රවේශයක් නම් නිර්නාමිකව හෝ ආරූඨනාමිකව බ්ලොග් අඩවියකින්, නැතහොත් සමාජ මාධ්‍ය වේදිකාවකින් කාලීන මත දැක්වීමයි. මෙය ඔවුන්ට ඇති අයිතියක්. මා දන්නා බහුතරයක් එබඳු අය සංවේදීව, සංවරව හා තුලනාත්මකව සන්නිවේදනය කරනවා.

typewriter

විකල්ප මත ඉවසීමේ හා ඒවාට මතවාදීවම පිළිතුරු දීමේ කුසලතාවය නැති බොහෝ පාලකයන් තැත් කරන්නේ විකල්ප මතධාරීන් හොඳින් නැත්නම් නරකින් නිහඬ කිරීමටයි. එහිදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම අවශ්‍ය වනවා. නිර්නාමික වූ විට එය සොයා ගැනීම වඩා අසීරුයි.

1965-1989 කාලය තුළ කොමියුනිස්ට් රුමේනියාවේ ඒකාධිපති පාලකයාව සිටියේ නිකොලොයි චෞචෙස්කු (Nicolae Ceaușescu). නැගෙනහිර යුරෝපීය රාජ්‍ය අතරින් අතිශයින්ම දරුණු හා මර්දනකාරි පිළිවෙත් අනුගමනය කළේ ඔහුගේ පාලනය බව පිළි ගැනෙනවා. වසර 25ක් පමණ සමස්ත රුමේනියාවම ඔහුගේ රහස් පොලිසියේ ඔත්තු බැලීමට හා හිංසනයට නතුව තිබුණා.

මේ මර්දනයේ එක් පැතිකඩක් වූයේ පාලකයා හා ඔහුගේ පවුලේ උදවිය ගැන කිසිදු විවේචනයක්, ප‍්‍රශ්න කිරීමක් කළොත් එය රාජ්‍ය විරෝධී යයි සළකා දැඩි දඬුවම් කිරීමයි. බහුතරයක් අහිංසක ජනයා මේ යකඩ සපත්තුවට පෑගී මිරිකී සිටි අතර නිර්භීත කලාකරුවන් හා උගතුන් අතලොස්සක් යටිබිම්ගත දේශපාලනයක් හරහා විකල්ප අදහස් රහසේ සංසරණය කළා.

එවකට රුමේනියාවේ තුවක්කුවක් හිමි කර ගන්නවාට වඩා යතුරු ලියනයක් ලබා ගැනීම අමාරු වුණා. චෞචෙස්කුගේ එක් අවනීතියක් වූයේ රටේ සියළුම යතුරු ලියන (ටයිප්රයිටර්) ලියාපදිංචි කළ යුතු බවයි. අත්අකුරින් ලියූ ලේඛනවල රචකයා සොයා ගැනීම වඩා පහසු නිසා යතුරු ලියනවලට අවසර දුන්නේ ඉතා සීමිතවයි. අවසරලත් හැම යතුරු ලියනයක්ම පොලිසියට ගෙන ගොස්, එහි අකුරු රටාව ලේඛනගත කරනවා. ඇඟිලි සළකුණු සටහන් කරනවාට සමාන අයුරකින්.

Buring the Typewriter by Carmen Buganකාමන් බියුගන් Carmen Bugan ලේඛිකාව 2011දී ලියූ Burying the Typewriter: Childhood Under the Eye of the Secret Police නම් මතක පොතෙහි රුමේනියාවේ ප‍්‍රාදේශීය විරුද්ධ මතධාරියකු වූ තම පියා රහසිගතව යතුරු ලියනයක් සඟවා ගෙන සිටි අන්දම විස්තර කරනවා.

භාවිත කිරීමෙන් පසු පොළව යට වළලන තරම් ‘භයානක’ මෙවලමක් බවට අහිංසක යතුරු ලියනය පත් වූ සැටි ඇය කියනවා. රටේ ජනතාවගෙන් හැම තිදෙනෙකුගෙන් එක් අයකුම රහස් පොලිසියට තොරතුරු සපයමින් මිතුරන්, අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් වුව ද පාවා දුන් අන්දම කියවන විට මර්දනයේ තරම අපට පෙනී යනවා.

යතුරු ලියනයකට වඩා පරිගණකයක අනන්‍යතාවය තහවුරු කළ හැකි හා අක්මුල් සොයා යා හැකි තාක්‍ෂණික ක‍්‍රම තිබෙනවා. මේ නිසා ඉන්ටර්නෙට් ඇතුළු ඩිජිටල් මාධ්‍යවල නිර්නාමික වීම සාපේක්‍ෂයි.

ලක් සමාජය සමාජ මාධ්‍ය තවමත් හරිහැටි යොදා නොගන්නේ තාක්‍ෂණික සීමාවන්ට වඩා ආකල්පමය සීමාවන් නිසා බව මගේ අදහසයි. අපට ඓතිහාසිකව හා සාංස්කෘතිකව උරුම වී ඇත්තේ වැඩවසම් රටාවේ ජන සන්නිවේදනයක්.

රජු හා යතිවරුන් කේන්‍ද්‍ර කර ගත් මේ සන්නිවේදනයේදී සෙසු ජනයා කළේ වැඳ ගෙන ‘‘එහෙයි ස්වාමීනි’’ කියමින් අසා සිටීම පමණයි. ප‍්‍රභූන්ට හා උගතුන්ට පවා විවෘතව මත දැක්වීමට හා රාජ/යති මතවලට එකඟ නොවීමට ඉඩක් තිබුණේ නැති තරම්.

Carmen Bugan reading the files made about her family's life
Carmen Bugan reading the files made about her family’s life

1931 සර්ව ජන ඡුන්ද බලය හා 1948 දේශපාලන නිදහස ලැබී දශක ගණනක් ගෙවී ඇතත් අප මානසිකව තවමත් ඉන්නේ වැඳ ගෙන කියන දෙයක් අසා සිටීමේ නැඹුරුවකයි.

අඩු වැඩි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ ජනමාධ්‍ය කරන්නේ ද මේ වැඩවසම් සන්නිවේදනයට ලූණු ඇඹුල් ටිකක් දමා, තෙම්පරාදුකර පවත්වා ගෙන යාමයි. විසංවාදයට හා ගවේෂණාත්මක මාධ්‍යකරණයට ඉඩ සීමා වී ඇත්තේ එනිසායි. රජු හා යති මට්ටමට අමතරව මාධ්‍ය දොරටු පාලකයන් (හිමිකරුවන් හා කතුවරුන්) පිරිසක් ද දැන් බිහිව සිටිනවා. මේ හැමගෙන් මතුව එන්නේ අධිපතිවාදයයි.

අධිපතිවාදයක් නැති සමාජ මාධ්‍යවලට මේ අධිපතිවාදීන් හැම දෙනකුම එරෙහි වීම හා චෝදනා නැගීම අපට තේරුම් ගත හැකියි. කණගාටුවට කරුණ නම් පර්යේෂණාත්මකව හා විචාරාශීලීව සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනු ඇතැයි අප අපේක්‍ෂා කරන සරසවි ඇදුරන් හා සෙසු උගතුන් බහුතරයක් ද මේ කුමන්ත‍්‍රණවාදයන් ම ප‍්‍රතිරාවය කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා කැරෙන සන්නිවේදන අතිශයින් විවිධාකාර නිසා ඒවායේ ගති සොබාවන් පොදු ගුණාකාර කිහිපයකට ලඝු කිරිම සුදුසු නැහැ. මානව සමාජයේ මතවාදී, භාෂාමය හා වෙනත් විවිධත්වයන් එහි පිළිබිඹු වනවා.

එහෙත් පොදුවේ ගත් විට සමාජ මාධ්‍යවලට ආවේණික යම් ගතිගුණ ද තිබෙනවා. එකක් නම් සරල හා සැහැල්ලූ ලෙසින් ගැඹුරු කරුණු පවා සංවාදයට ලක්වීම. මවා ගත් බොරු ගාම්භීරකම්වලට උද්දච්චගතිවලට එහි තැනක් නැහැ. එසේම සංශයවාදය, හාස්‍යජනක බව හා කියන්නට ඇතිදේ කෙලින්ම කීම එහි තවත් ගුණයක්.

සමාජයීය, ආර්ථික, දේශපාලනමය හා වෙනත් කාලීන ප‍්‍රශ්න ගැන සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි බසින් මෙන්ම මිශ‍්‍රිත භාෂා හරහා ද සමාජ මාධ්‍ය තුළ කථා කැරෙනවා. මේවා නොදත් හෝ නොදුටුවා සේ සිටින අය කියන්නේ සමාජ මාධ්‍ය ඕපාදුප තෝතැන්නක් කියායි.

සමාජ මාධ්‍ය අඳබාලයන්ගේ සාමීචි කථා ලෙස හෙළා දැකීම ස්වයංමුලාවක්. අද අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල තව දුරටත් ලෙහෙසියෙන් හමු නොවන ආකාරයේ ගවේෂණාත්මක, ස්වාධීන හා අදීන සංවාද සමාජමාධ්‍ය වේදිකා මත නිතර සිදු වනවා.

අපේ අධිපති මාධ්‍ය ව්‍යංගයෙන්, බයෙන් බයෙන් මෙන් කථා කරන ආගම්වාදය, අධික හමුදාකරණය වැනි මාතෘකා ගැන සමාජ මාධ්‍යවල විවෘතව සංවාද ඇති වනවා.

රටේ ආර්ථික වර්ධනය හා අධිවේගී සංවර්ධන ක‍්‍රියාදාමය උදාහරණයකට ගනිමු. ආර්ථික විද්‍යාත්මක දත්ත හා විග‍්‍රහයන් සඳහා මේ රටේ නිල මුලාශ‍්‍ර මහ බැංකුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ඒවායෙන් නිකුත් කැරෙන සමහර දත්ත හා විශ්ලේෂන පිළිබඳ විචාරශීලී ප‍්‍රශ්න කිරීම් මෑතදී මුලින්ම මතුව ආයේ බ්ලොග් ලියන හෝ ට්විටර් හරහා පොදු උන්නතිය ගැන කථා කරන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් වෙතින්. සරසවි ඇදුරන්ට වඩා පෞද්ගලික මට්ටමේ ආර්ථික දත්ත විශ්ලේෂණ සමාගම් අද සමාජ මාධ්‍ය හරහා නිල සංඛ්‍යාලේඛන හා විග‍්‍රහයන් සියුම් ලෙස පරීක්‍ෂාවට ලක් කරනවා.

ට්විටර් හා බ්ලොග් හරහා මා නෙත් යොමා සිටින ලක් විද්වතුන් කිහිප දෙනකු සිටිනවා. ටෙලිකොම් හා තොරතුරු තාක්‍ෂණ විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව (@samarajiva), මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලියු. ඒ. විජේවර්ධන (@waw1949), මොරටුව සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් (@ajith_de_alwis) හා ස්වාධීන හා ආර්ථික විශ්ලේෂක දේශාල් ද මෙල් (@deshald) ඒ අතර වනවා.

මෙරට ආර්ථිකය රජය කියන තරම් වේගයෙන් වර්ධනය වන අතරම ඇති නැති පරතරය ද වඩාත් තීව‍්‍ර වී ඇති බව සංඛ්‍යාත්මක සාක්‍ෂි සහිතව මුලින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය සංවාදවලයි. එසේම ආර්ථික වර්ධන වේගය ගැන රජයේ නිල ප‍්‍රතිශතයන් තතු දත් විද්වතුන් මුලින්ම සැකයට පාත‍්‍ර කළේත් සමාජ මාධ්‍ය හරහායි.

එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයකු 2013 දෙසැම්බර් සංඛ්‍යාලේඛන පිම්බීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කළ පසුවයි.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට එය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය ‘බැලූම්ගලක්’ සේ ප‍්‍රයෝජනවත් විය හැකියි. සමාජයේ අළුතෙන් මතුව එන ප‍්‍රශ්න, රුචි අරුචිකම්, ප‍්‍රවණතා ආදිය කල් තබා දැන හඳුනා ගන්නට සමාජ මාධ්‍ය සංවාදවලට ඇස් කන් යොමා සිටීම වැදගත්.

 

සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).

I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

One of the earliest photos of Manel Tampoe, around age 15
One of the earliest photos of Manel Tampoe, around age 15

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.

පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.

ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

Manel Tampoe as a young teacher, in the 1950s
Manel Tampoe as a young teacher, in the 1950s

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.

අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.

මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.

1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.

එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.

මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.

1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

Mallika Wanigasundara
Mallika Wanigasundara

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.

1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.

කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.

මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’

මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.

රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.

වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992
Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.

ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)

මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.

ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.

මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.

මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)

2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.

මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.

හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.

Manel Tampoe with grand-niece Amaya in Toronto,  circa 2010
Manel Tampoe with grand-niece Amaya in Toronto, circa 2010