[Op-ed] RTI in Sri Lanka: It took 22 years, and journey continues

My op-ed essay on Right to Information (RTI) in Sri Lanka, published in the International Federation of Journalists (IFJ) South Asia blogsite (SAMSN Digital Hub) on 14 July 2016:

RTI in Sri Lanka - Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016
RTI in Sri Lanka – Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016

RTI in Sri Lanka:

It took 22 years, and journey continues

 By Nalaka Gunawardene

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

If that sounds like an easy passage, it was preceded by over two decades of advocacy with various false starts and setbacks. A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy. The journey deserves greater documentation and analysis, but here I want to look at the key strategies, promoters and enablers.

The story began with the change of government in Parliamentary elections of August 1994. The newly elected People’s Alliance (PA) government formulated a media policy that included a commitment to people’s right to know.

But the first clear articulation of RTI came in May 1996, from an expert committee appointed by the media minister to advise on reforming laws affecting media freedom and freedom of expression. The committee, headed by eminent lawyer R K W Goonesekere (and thus known as the Goonesekere Committee) recommended many reforms – including a constitutional guarantee of RTI.

Sadly, that government soon lost its zeal for reforms, but some ideas in that report caught on. Chief among them was RTI, which soon attracted the advocacy of some journalists, academics and lawyers. And even a few progressive politicians.

Different players approached the RTI advocacy challenge in their own ways — there was no single campaign or coordinated action. Some spread the idea through media and civil society networks, inspiring the ‘demand side’ of RTI. Others lobbied legislators and helped draft laws — hoping to trigger the ‘supply side’. A few public intellectuals helpfully cheered from the sidelines.

Typical policy development in Sri Lanka is neither consultative nor transparent. In such a setting, all that RTI promoters could do was to keep raising it at every available opportunity, so it slowly gathered momentum.

For example, the Colombo Declaration on Media Freedom and Social Responsibility – issued by the country’s leading media organisations in 1998 – made a clear and strong case for RTI. It said, “The Official Secrets Act which defines official secrets vaguely and broadly should be repealed and a Freedom of Information Act be enacted where disclosure of information will be the norm and secrecy the exception.”

That almost happened in 2002-3, when a collaboratively drafted RTI law received Cabinet approval. But an expedient President dissolved Parliament prematurely, and the pro-RTI government did not win the ensuing election.

RTI had no chance whatsoever during the authoritarian rule of Mahinda Rajapaksa from 2005 to 2014. Separate attempts to introduce RTI laws by a Minister of Justice and an opposition Parliamentarian (now Speaker of Parliament) were shot down. If anyone wanted information, the former President once told newspaper editors, they could just ask him…

His unexpected election defeat in January 2015 finally paved the way for RTI, which was an election pledge of the common opposition. Four months later, the new government added RTI to the Constitution’s fundamental rights. The new RTI Act now creates a mechanism for citizens to exercise that right.

Meanwhile, there is a convergence of related ideas like open government (Sri Lanka became first South Asian country to join Open Government Partnership in 2015) and open data – the proactive disclosure of public data in digital formats.

These new advocacy fronts can learn from how a few dozen public spirited individuals kept the RTI flames alive, sometimes through bleak periods. Some pioneers did not live to see their aspiration become reality.

Our RTI challenges are far from over. We now face the daunting task of implementing the new law. RTI calls for a complete reorientation of government. Proper implementation requires political will, administrative support and sufficient funds. We also need vigilance by civil society and the media to guard against the whole process becoming mired in too much red tape.

RTI is a continuing journey. We have just passed a key milestone.

Science writer and columnist Nalaka Gunawardene has long chronicled Sri Lanka’s information society and media development issues. He tweets at @NalakaG.

 

සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය

In this week’s Ravaya column (appearing in the print issue of 10 July 2016), I explore the role played by newspapers in the UK’s referendum on continuing membership in the European Union, held on 23 June 2016.

This column is based on first hand impressions – I spent 10 days in the UK just prior to the referendum, commonly known as the Brexit Vote, meeting journalists, academics and activists.

As the New York Times said in an op-ed article on 20 June 2016, “For decades, British newspapers have offered their readers an endless stream of biased, misleading and downright fallacious stories about Brussels.”

Written by Martin Fletcher, a former foreign and associate editor of The Times of London, the articke added: “British newspapers’ portrayal of the European Union in the lead-up to the referendum on June 23 has likewise been negative. The Financial Times and The Guardian have backed the Remain campaign, but they have relatively small circulations and preach largely to the converted. The Times has been evenhanded, though it finally declared on June 18 that it favored staying in the European Union. But the biggest broadsheet (The Telegraph), the biggest midmarket paper (The Daily Mail) and the biggest tabloid (The Sun) have thrown themselves shamelessly behind Brexit.

“They have peddled the myths that Britain pays 350 million pounds a week (about $500 million) to the European Union; that millions of Turks will invade Britain because Turkey is about to be offered European Union membership; that immigrants are destroying our social services; and that post-Brexit, Britain will enjoy continued access to Europe’s single market without automatically allowing in European Union workers.”

As Fletcher concluded: “It is often said that newspapers no longer matter. But they do matter when the contest is so close and shoppers see headlines like “BeLeave in Britain” emblazoned across the front pages of tabloids whenever they visit their supermarket. They matter if they have collectively and individually misled their readers for decades.”

British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)
British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)

බහුතරයක් ඡන්දදායකයන්ගේ තේරීමට හිස නැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් වෙත යොමු වන පාලක පක්ෂයක් එහි තීරණය පිළිගැනීමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටිනවා.

2016 ජුනි 23 වනදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණය ලෝක අවධානයට යොමු වුණා. එරට යුරෝපා සංගමයේ (European Union, EU) සාමාජිකත්වයේ තව දුරටත් රැඳී සිටිය යුතුද නැත්නම් ඉවත්විය යුතුද යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබුවා.

ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 72.21%ක් ඡන්දය ප්‍රකාශ කළ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 51.89%ක් ඉවත්වීමට කැමැත්ත පළ කිරීමෙන්. රැඳී සිටීමට පක්ෂව ලැබුණේ ඡන්ද 48.11%යි. සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 33,551,993ක් වූවා.

මේ ප්‍රතිඵලය එරට රජය, විපක්ෂය හා සමස්ත පාලන තන්ත්‍රයම දේශපාලන අර්බුදයකට පත් කොට තිබෙනවා.

පාලක කොන්සර්වෙටිව් පක්ෂය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයත් මේ ප්‍රශ්නය හමුවේ දෙකට බෙදුණා. දෙපක්ෂයේම ප්‍රබලයන් පිරිසක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම උදෙසා ප්‍රබලව කැම්පේන් කළා.

කැම්පේන් විවාදයන් අතිශයින් උණුසුම් හා ආවේගශීලී වූයේ ‘පිටස්තරයින්’ බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට, පදිංචියට හා සෞඛ්‍ය සේවා නොමිලයේ ලැබීමට දහස් ගණනින් පැමිණීම සම්බන්ධයෙන්.

මේ පිටස්තරයන් අතර මැද පෙරදිගින් එන සිරියානුවන් ප්‍රමුඛ සරණාගතයන් සිටියද වැඩිපුරම අවධානය යොමු වූයේ බහුතරයක් වූ සෙසු යුරෝපීයයන්ගේ පැමිණීම ගැනයි.

රාජ්‍යයන් 28ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමයට සාපේක්ෂව මෑතදී බැඳුණු, ඉසුරුමත් බවින් අඩු (රුමේනියාව, බල්ගේරියාව, ස්ලොවාකියාව, ක්‍රොයේෂියාව, පෝලන්තය වැනි) නැගෙනහිර යුරෝපීය රටවල ජනයාට වීසාවලින් තොරව බ්‍රිතාන්‍යයට පැමිණීමට හා එරට පහසුකම් ලැබීමට හැකියි. රැකියා කිරීමටද හැකියි. (මේ හා සමාන වරප්‍රසාද එම රටවලට යන බ්‍රිතාන්‍ය ජාතිකයකුටද ලැබෙන නමුත් එබඳු රටවලට යන්නට කිසිවකුත් කැමති නැහැ.)

තමන්ගේ රැකියා අවස්ථා රෝහල් හා පාසල් පහසුකම් මේ විජාතිකයන් මහා පරිමාණයෙන් අත්පත් කර ගැනීම ගැන වැඩ කරන පන්තියේ බ්‍රිතාන්‍ය ජනයා අතර කලෙක සිට දැඩි අප්‍රසාදයක් පැවතුණා. මෙය පිටස්තර විරෝධී ආවේගයක් බවට කැම්පේන් කාලය තුළ මතුව ආවා.

මීට අමතරව යුරෝපා සංගමයේ අධික නිලධාරිවාදය ගැන ඔවුන් බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය අනිසි බලපෑම් කරනවාද යන්න ගැන මේ ජනමත විචාරණ කාලයේ බහුලව විවාද කරනු ලැබුවා.

Cartoon by Patrick Chappatte, International New York Times
Cartoon by Patrick Chappatte, International New York Times

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍යය බැඳුණේ 1973දි. එවකට යුරෝපීය ආර්ථීක හවුල (European Economic Community, EEC) ලෙස හැඳින්වුණු එහි සාමාජිකත්වයේ දිගටම සිටිය යුතුද යන්න ගැන 1975දි එරට ජනමත විචාරණයක් පැවැත්වුණා.

එවර ඡන්දදායකයන්ගෙන් 67%ක් රැඳී සිටීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. වසර 41කට පසු ජනමතය සැලකිය යුතු අන්දමින් වෙනස්ව තිබෙනවා.

මෙයට සමාජ-ආර්ථීක හා දේශපාලන සාධක රැසක් බලපෑවා. එසේම එරට මාධ්‍ය මගින් ජනමතය හැසිරවීමට මෙවර ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට තීරණාත්මකව බලපාන ලද බව මාධ්‍ය විචාරකයන්ගේ මතයයි.

මෙවර ජනමත විචාරණයට දින දහයකට පෙර බ්‍රිතාන්‍යයට ගිය මා එම මැතිවරණ ක්‍රියාදාමය හමාර වන තුරුම එහි ගත කරමින් මාධ්‍යවල භූමිකාව සමීපව නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට පර්යේෂකයන්ට කතා කළා. අද බෙදා ගන්නේ එයින් ලැබූ අදහස් හා විග්‍රහයන්ගේ සම්පිණ්ඩනයක්.

ලන්ඩනයේ ෆ්ලීට් වීදිය (Fleet Street) ඓතිහාසිකව මුද්‍රණ කර්මාන්තයට හා පුවත්පත් ප්‍රකාශනයට ප්‍රකටයි. 1702දි එරට මුල්ම දිනපතා පත්‍රය පටන් ගත්තේද එහි පිහිටි කාර්යාලයකින්. තව දුරටත් බ්‍රිතාන්‍ය පුවත්පත් එහි සංකේන්ද්‍රණය වී නැතත්, බ්‍රිතාන්‍ය පත්‍ර කර්මාන්තයට පොදු යෙදුමක් ලෙස ෆ්ලීට් වීදිය යන්න යෙදෙනවා.

සියවස් ගණනක් පැවැති ෆ්ලීට් වීදියේ බලපෑම් කිරීමේ හැකියාව ගෙවී ගිය වසර 25 තුළ සෑහෙන තරමට අඩු වෙලා. දැවැන්තයන්ව සිටි සමහර පුවත්පත් වැසී ගිහින්. පොදුවේ පුවත්පත් අලෙවිය අඩු වීම වාර්ෂිකව දිගින් දිගටම සිදු වනවා. අලුත් පරම්පරාව ඩිජිටල්/වෙබ් මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ලබා ගැනීමත්, බහුතරයක් බ්‍රිතාන්‍යයන් (තුනෙන් දෙකක්ම) ටෙලිවිෂන් තමන්ගේ ප්‍රමුඛ පුවත් මූලාශ්‍රය ලෙස සැලකීමත් මේ පසුබෑමට හේතුවී තිබෙනවා.

The Sun and Daily Mail were both strongly for Leaving the EU
The Sun and Daily Mail were both strongly for Leaving the EU

එසේ තිබියදීත් මෙවර ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි ඡන්දදායකයන්ට දැඩි බලපෑම් කිරීමට සමහර පුවත්පත් සමත් වුණා.

ඕස්ටේලියාවේ ඉපිද දැන් ඇමරිකානු පුරවැසි බව දරන මාධ්‍ය ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ (Rupert Murdoch) හිමිකාරීත්වයෙන් යුතු පුවත්පත් මේ අතර කැපී පෙනුණා.

දැන් 85 හැවිරිදි මර්ඩොක් බ්‍රිතාන්‍ය පුවත්පත් කර්මාන්තයට පිවිසුනේ 1969දී. මුලින් ජනප්‍රිය රැල්ලේ ටැබ්ලොයිඩ් පත්‍ර (News of the World, The Sun) පටන් ගත් ඔහු ඓතිහාසිකව බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පත්‍රය වූ The Times 1981දී මිලට ගත්තා.

මර්ඩොක්ගේ පත්තර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තර්ක කිරීමට පටන් ගත්තේ 1990දි. ඒ කාලයේ The Sun පත්තරය දිනකට පිටපත් මිලියන 3.6ක් අලෙවි වුණා. දැන් අලෙවිය එයින් බාගයකටත් වඩා අඩුයි.

මර්ඩොක්ගේ මේ යුරෝපා විරෝධයට හේතුවක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් දකින්නේ යුරෝපා දේශපාලකයන් අල්ලේ නැටවීමට ඔහුට නොහැකි වීමයි. (පත්තරවලට අමතරව ටෙලිවිෂන් නාලිකාද හිමි මර්ඩොක්ට බ්‍රිතානයේ හැම පක්ෂයකම දේශපාලකයෝ බියයි.)

මෙවර ජනමත විචාරණයේදී මර්ඩොක්ගේ The Sun පත්‍රය ප්‍රබල ලෙසම ඉවත්වීම වෙනුවෙන් කැම්පේන් කළා. ඡන්දදායකයන් බහුතරයක් අයත් වැඩ කරන පන්තියේ පාඨකයන් අතර මේ පත්‍රය තාමත් ජනප්‍රියයි.

The Sun front page, 23 June 2016
The Sun front page, 23 June 2016

ජූනි 23දා The Sun පත්‍රයේ මුල්පිටුව මුළුමනින් පෙන්වූයේ (අලුතින් ආ හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රචාරක රූප තරමක් වෙනස් කරමින්) එදින බ්‍රිතාන්‍යයේ නිදහස් දිනය විය යුතු බවයි!

ඒ අතර මර්ඩොක්ගේම The Times පත්‍රය ඊට වඩා මැදහත් ලෙස දෙපාර්ශ්වයටම යම් ආවරණයක් ලබා දුන්නා. මෙය මර්ඩොක්ගේ සටකපට බව තහවුරු කරන බව සමහරුන් කියනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි විවෘතවම කැම්පේන් කළ තවත් ප්‍රකට පත්තරයක් වූයේ ඩේලි මේල් Daily Mail. මර්ඩොක් ප්‍රකාශන මෙන්ම මෙයද අන්ත දක්ෂිණාංශික දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ ගැන විග්‍රහයක් කළ ගාඩියන් (The Guardian) පත්‍රයේ සහාය කතුවර මාටින් කෙට්ල් කීවේ තම දේශපාලනික අරමුණු වෙනුවෙන් ඕනෑම දුරක් යාමට ඩේලි මේල් නොපැකිලෙන බවයි.

1924 ඔක්තෝබර් මහමැතිවරණයට දින හතරකට පෙර මුළුමනින්ම ගොතන ලද, අසත්‍ය ලියුමක් මේ පත්‍රය පළ කළ බව ඔහු සිහිපත් කළා. එවකට බලයේ සිටි වාමාංශික ලේබර් පක්ෂයේ අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් වෙත යොමු කෙරුණු ලෙසින් ප්‍රබන්ධිත මේ ලියුමෙන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියකු ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය කම්කරුවන් බොල්ෂෙවික්කරණයට උදව් වන ලෙසයි.

1924 මැතිවරණයෙන් ලේබර් පරාජය වීමට මේ මාධ්‍ය ප්‍රෝඩාව ප්‍රබල හේතුවක් වූවා.

එදා මෙදාතුර වාමාංශික මෙන්ම සමහර දක්ෂිණාංශික (කොන්සර්වෙටිව්) රජයන්ද පෙරළා දැමීමට සූක්ෂ්ම අන්දමින් ඩේලි මේල් ක්‍රියා කොට ඇති සැටි ලේඛනගතයි.

මේවා රහස් නොවේ. එසේම තම දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය කලාවේ ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය කළ එකම පත්‍රයද ඔවුන් පමණක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයට වැළඳි බරපතළ ව්‍යාධියක් බව මාටින් කෙට්ල් කියනවා.

මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන, බහුවිධ මතයන්ට ඉඩ සළසන ගාඩියන් හා ඔබ්සර්වර් (The Observer) පත්‍ර වෙනදා මෙන්ම මෙවරද වඩා තුලනාත්මක පුවත් ආවරණයකට හා කර්තෘ මණ්ඩල අදහස් දැක්වීමක නිරත වූවා. යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය දිගටම රැඳී සිටිමින් වඩාත් හිතකර කොන්දේසි සාකච්ඡා මගින් ලබාගත යුතු බව මේ පත්‍රවල මතය වූවා.

The Times on 23 Jun2 2016
The Times on 23 June 2016

එහෙත් මේ පත්‍ර දෙකට විශාල අලෙවියක් නැහැ. ඔවුන්ගේ ප්‍රමිතිගත හා සම්භාවනීය මාධ්‍යකරණය සමාජයේ ගෞරවයට පාත්‍ර වුවත් එම මාධ්‍ය සමාගම් පාඩු ලබමින් අමාරුවෙන් පවත්වා ගෙන යනවා. (හොඳ මාධ්‍යවලට වෙළඳපොළ ඉල්ලුම අඩු වීම ලොව බොහෝ රටවල දැකිය හැකියි.)

තවත් සම්භාව්‍ය, මැදහත් පුවත්පතක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) – පත්‍රයේ විග්‍රහයක් ලියූ මාණ්ඩලික ලේඛක ජෝන් ගැපර් මෙසේ කියා සිටියා. ‘දේශපාලනයට ප්‍රබල බලපෑම් කිරීමට බ්‍රිතාන්‍ය පුවත්පත් හිමියන් බොහෝ දෙනකුට වුවමනායි. එහෙත් පත්තර බහුතරයක අලෙවිය ක්ෂීණ වීම නිසා එම බලපෑම් කිරීමේ හැකියාව අඩුව ඇති බව ද ඔවුන් දන්නවා. මීට වසර 25කට පෙර බ්‍රිතාන්‍ය සමාජය සොලවන්න හා ආණ්ඩු පෙරළන්න සමහර පත්තරවලට බලයක් තිබුණා. දැන් ඒ පත්තර නංවන්නේ ඔවුන්ගේ අවසාන ගෙරවුම් නාදය විය හැකියි. තව වසර 25කින් ෆ්ලීට් වීදියේ බලපුළුවන්කාරයන් එක් අයකුවත් ඉතිරි වේදැයි සැක සහිතයි!’

ආවේගශීලී වාර්තාකරණයේ හා සීමාන්තික දේශපාලන මතවාද ප්‍රවර්ධනයේ යෙදුණු පත්‍රවල කතුවරුන් එය සාධාරණීකරණය කිරීමටද තැත් කළා.

Mail Online වෙබ් අඩවි ප්‍රකාශක මාටින් ක්ලාක් කීවේ ‘අපි ජනතාවගේ සිත් තුළ බිය සැක අළුතින් බිහි කරන්නේ නැහැ. අපි කරන්නේ පවතින එම ආවේගයන් පිළිබිඹු කරනවා පමණයි. ඇත්තටම යුරෝපා සංගමය ගැන අපේ සාමාන්‍ය ජනයාට ලොකු ගැටලු තිබෙනවා. දේශපාලන තන්ත්‍රය මේ ජන හඬට සංවේදී විය යුතුයි.’

මේ ජන ආවේගයන් උසි ගැන්වීමේ ආන්තික හා ඛේදජනක ප්‍රතිඵලයක් වූයේ විපක්ෂ ලේබර් පාක්ෂික තරුණ මන්ත්‍රීවරියක් වූ ජෝ කොක්ස් (Jo Cox) 2016 ජූනි 16දා මහ දවාලේ සාහසිකයකු විසින් ඝාතනය කිරීමයි.

2015දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රගතිශීලී හා ජනප්‍රිය මන්ත්‍රීවරියක් වූ ඇය සිරියානු සරණාගතයන් හා වෙනත් ගෝලීය මෙන්ම දේශය සමාජ සාධාරණත්වයන් සඳහා දිගටම පෙනී සිටි, කතා කළ කෙනෙක්.

ඇගේ ඝාතකයා ඇගේ ඡන්ද කොට්ඨාශයේම විසූ, මේ පරමාදර්ශී ප්‍රතිපත්ති බ්‍රිතාන්‍ය ස්වාධීනත්වය කෙළසනවා යයි විශ්වාස කළ අයෙක්. ඔහු මේ මානසිකත්වයට පත් කළේ අන්තවාදී දේශපාලකයෝද. නැත්නම් ජන ආවේග අවුස්සා අමු ගෝත්‍රිකත්වය මතු කළ ජනමාධ්‍යයද? මෙය ඉදිරි අධිකරණ ක්‍රියාදාමයේදී විමර්ශනයට ලක් වේවි.

ජෝ කොක්ස්ගේ ඝාතනය සමස්ත බ්‍රිතාන්‍යය දැඩි කම්පනයට ලක් කළා. ජනමත විචාරණ කැම්පේන් සියල්ල දින තුනකට නතර කරනු ලැබුවා. එහෙත් අවසානයේදී ජනමතය හැරුණේ ඇය පෙනී සිටි පැත්තට නොවෙයි. ආවේගශීලී පාර්ශවයන් පෙනී සිටි යුරෝපා සංගමය හැර යාමටයි.

මාධ්‍ය සදාචාරය ගැන විමර්ශනය කරන්නට 2011 ජූලි මාසයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලෙවිසන් (Lord Leveson) නම් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ ස්වරූපයේ විමර්ශනයක් ආරම්භ කළා. එය මාස ගණනක අදහස් විමසීම්වලින් හා විභාග කිරීම්වලින් පසු නිර්දේශ කළේ ස්වාධීන, අලුත් මාධ්‍ය පැමිණිලි කොමිසමක් අවශ්‍ය බවයි.

පුවත්පත් ප්‍රකාශකයන් හා කතුවරුන් පවත්වා ගෙන යන ස්වේච්ඡා පුවත්පත් පැමිණිලි කොමිසම නොසෑහෙන බවත්, එය අකාර්යක්ෂම බවත් පෙන්වා දෙනු ලැබුවා. එහෙත් අගමැති කැමරන් නව නීතියක් හරහා මාධ්‍ය පැමිණිලි කොමිසමක් පිහිටුවීමට මේ දක්වා ක්‍රියා කොට නැහැ. දැන් ජනමත විචාරණයෙන් පසු ඔහු තනතුර අත්හැර යාමට තීරණට කොට තිබෙනවා.

Financial Times (FT) cover - 25 - 26 June 2016
Financial Times (FT) cover – 25 – 26 June 2016

බ්‍රිතාන්‍ය සමාජය මාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා. මාධ්‍යවලින් නිර්දය ලෙස විවේචනය කරනු ලබන දේශපාලකයන් පවා මාධ්‍ය නිදහස සීමා කිරීමට විරුද්ධයි.

 එහෙත් මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ජනයා නොමඟ යැවීමට, ප්‍රචණ්ඩකාරී ආවේගයන් උසි ගැන්වීමට හා අන්තවාදී දේශපාලන මතවාද ප්‍රවර්ධනයට සමහරක් බ්‍රිතාන්‍ය මාධ්‍ය යොමු වීම කලක සිට පෙනෙන ප්‍රවණතාවක්. මෙවර ජනමත විචාරණයේ එය පැහැදිලිව තහවුරු වුණා.

වැරදි තොරතුරු හා පක්ෂග්‍රාහී විග්‍රහයන් හරහා ජනමතය අයාලේ ගෙන යාමට මාධ්‍යවලට අසීමිත නිදහසක් තිබිය යුතුද? ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියකු වන ජනමාධ්‍ය, දේවාලයේ තක්කඩි කපුරාල බවට පත්වීම වළක්වා ගත හැකිද?

මහජන ඡන්දයෙන් පත්වන දේශපාලන නායකයන් ධුර කාලයට පෙර පැරදවීමට කිසිදු පත්‍ර හිමියකුට හෝ කතුවරයකුට හෝ ඉඩ තිබිය යුතුද? ව්‍යාපාරික හා දේශපාලන අරමුණු උදෙසා මාධ්‍ය වගකීම් හා ආචාර ධර්ම මඟහැර යාමට මාධ්‍යවලට දැනට තිබෙන නිදහස සාධාරණ ලෙස සීමාවකට නතු කළ හැකිද?

මේ ප්‍රශ්න වඩාත් උනන්දුවෙන් බ්‍රිතාන්‍ය සමාජය විවාද කරන්නට පටන් අරන්. මේ සංවාද ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට හා ලක් සමාජයටත් ඍජුවම අදාළයි.

See also:

The Guardian, 24 June 2016: Did the Mail and Sun help swing the UK towards Brexit?

[Op-ed] Major Reforms Needed to Rebuild Public Trust in Sri Lanka’s Media

Text of an op-ed essay published in the Sunday Observer on 10 July 2016:

Major Reforms Needed to Rebuild Public Trust

in Sri Lanka’s Media

 By Nalaka Gunawardene

Sri Lanka’s government and its media industry need to embark on wide-ranging media sector reforms, says a major new study released recently.

Such reforms are needed at different levels – in government policies, laws and regulations, as well as within the media industry and profession. Media educators and trainers also have a key role to play in raising professional standards in our media, the study says.

Recent political changes have opened a window of opportunity which needs to be seized urgently by everyone who desires a better media in Sri Lanka, urges the study report, titled Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka.

Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)
Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)

The report was released on World Press Freedom Day (May 3) at a Colombo meeting attended by the Prime Minister, Leader of the Opposition and Minister of Mass Media.

The report is the outcome of a 14-month-long research and consultative process. Facilitated by the Secretariat for Media Reforms, it engaged over 500 media professionals, owners, managers, academics, relevant government officials and members of various media associations and trade unions. It offers a timely analysis, accompanied by policy directions and practical recommendations. I served as is overall editor.

“The country stands at a crossroads where political change has paved the way for strengthening safeguards for freedom of expression (FOE) and media freedom while enhancing the media’s own professionalism and accountability,” the report notes.

Politicians present at the launch could only agree.

“The government is willing to do its part for media freedom and media reforms. But are you going to do yours?” he asked the dozens of editors, journalists and media managers present. There were no immediate answers.

Prime Minister Ranil Wickremesinghe speaks at the launch of 'Rebuilding Public Trust' report in Colombo, 3 May 2016 (Photo courtesy SLPI)
Prime Minister Ranil Wickremesinghe speaks at the launch of ‘Rebuilding Public Trust’ report in Colombo, 3 May 2016 (Photo courtesy SLPI)

Whither Media Professionalism?

The report acknowledges how, since January 2015, the new government has taken several positive steps. These include: reopening investigations into some past attacks on journalists; ending the arbitrary and illegal blocking of political websites done by the previous regime; and recognising access to information as a fundamental right in the 19th Amendment to the Constitution (after the report was released, the Right to Information Act has been passed by Parliament, which enables citizens to exercise this right).

These and other measures have helped improve Sri Lanka’s global ranking by 24 points in the World Press Freedom Index (https://rsf.org/en/ranking). It went up from a dismal 165 in 2015 index (which reflected conditions that prevailed in 2014) to a slightly better 141 in the latest index.

Compiled annually by Reporters Without Borders (RSF), a global media rights advocacy group, the Index reflects the degree of freedom that journalists, news organisations and netizens (citizens using the web) enjoy in a country, and the efforts made by its government to respect and nurture this freedom.

Sri Lanka, with a score of 44.96, has now become 141st out of 180 countries assessed. While we have moved a bit further away from the bottom, we are still in the company of Burma (143), Bangladesh (144) and South Sudan (140) – not exactly models of media freedom.

Clearly, much more needs be done to improve FOE and media freedom in Sri Lanka – and not just by the government. Media owners and managers also bear a major responsibility to create better working conditions for journalists and other media workers. For example, by paying better wages to journalists, and allowing trade union rights (currently denied in many private media groups, though enjoyed in all state media institutions).

Rebuilding Public Trust acknowledges these complexities and nuances: freedom from state interference is necessary, but not sufficient, for a better and pluralistic media.

It also points out that gradual improvement in media freedom must now to be matched by an overall upping of media’s standards and ethical conduct.

By saying so, the report turns the spotlight on the media itself — an uncommon practice in our media. It says that only a concerted effort by the entire media industry and all its personnel can raise professional standards and ethical conduct of Sri Lanka’s media.

A similar sentiment is expressed by Dr Ranga Kalansooriya, an experienced journalist turned media trainer who was part of the report’s editorial team (and has since become the Director General of the Department of Information). “Sri Lanka’s media freedom has gone up since January 2015, but can we honestly say there has been much (or any) improvement in our media’s level of professionalism?” he asks.

Media in Crisis

Tackling the dismally low professionalism on a priority basis is decisive for the survival of our media which points fingers at all other sections of society but rarely engages in self reflection.

Rebuilding Public Trust comes out at a time when Sri Lanka’s media industry and profession face many crises stemming from an overbearing state, unpredictable market forces and rapid technological advancements. Balancing the public interest and commercial viability is one of the media sector’s biggest challenges today.

The report says: “As the existing business models no longer generate sufficient income, some media have turned to peddling gossip and excessive sensationalism in the place of quality journalism. At another level, most journalists and other media workers are paid low wages which leaves them open to coercion and manipulation by persons of authority or power with an interest in swaying media coverage.”

Notwithstanding these negative trends, the report notes that there still are editors and journalists who produce professional content in the public interest while also abiding by media ethics.

Unfortunately, their good work is eclipsed by media content that is politically partisan and/or ethnically divisive.

For example, much of what passes for political commentary in national newspapers is nothing more than gossip. Indeed, some newspapers now openly brand content as such!

Similarly, research for this study found how most Sinhala and Tamil language newspapers cater to the nationalism of their respective readerships instead of promoting national integrity.

Such drum beating and peddling of cheap thrills might temporarily boost market share, but these practices ultimately erode public trust in the media as a whole. Surveys show fewer media consumers actually believing that they read, hear or watch.

One result: younger Lankans are increasingly turning to entirely web-based media products and social media platforms for obtaining their information as well as for speaking their minds. Newspaper circulations are known to be in decline, even though there are no independently audited figures.

If the mainstream media is to reverse these trends and salvage itself, a major overhaul of media’s professional standards and ethics is needed, and fast. Newspaper, radio and TV companies also need clarity and a sense of purpose on how to integrate digital platforms into their operations (and not as mere add-ons).

L to R - Lars Bestle of IMS, R Sampanthan, Ranil Wickremesinghe, Karu Paranawithana, Gayantha Karunathilake with copies of new study report on media reforms - Photo by Nalaka Gunawardene
L to R – Lars Bestle of IMS, R Sampanthan, Ranil Wickremesinghe, Karu Paranawithana, Gayantha Karunathilake with copies of new study report on media reforms – Photo by Nalaka Gunawardene

Recommendations for Reforms

The report offers a total of 101 specific recommendations, which are sorted under five categories. While many are meant for the government, a number of important recommendations are directed at media companies, journalists’ and publishers’ associations, universities, media training institutions, and development funding agencies.

“We need the full engagement of all stakeholders in building a truly free, independent and public interest minded pluralistic media system as a guarantor of a vibrant democracy in Sri Lanka,” says Wijayananda Jayaweera, a former director of UNESCO’s Communication Development Division, who served as overall advisor for our research and editorial process.

In fact, this assessment has used an internationally accepted framework developed by UNESCO, the United Nations Educational, Scientific and Cultural Organisation. Known as the Media Development Indicators (MDIs), this helps identify strengths and weaknesses, and propose evidence-based recommendations on how to enhance media freedom and media pluralism in a country. Already, two dozen countries have used this methodology.

The Sri Lanka study was coordinated by the Secretariat for Media Reforms, a multistakeholder alliance comprising the Ministry of Parliamentary Reforms and Mass Media; Department of Mass Media at University of Colombo; Sri Lanka Press Institute (SLPI); Strategic Alliance for Research and Development (SARD); and International Media Support (IMS) of Denmark.

We carried out a consultative process that began in March 2015. Activities included a rapid assessment discussed at the National Summit for Media Reforms in May 2015 (attended by over 200), interviews with over 40 key media stakeholders, a large sample survey, brainstorming sessions, and a peer review process that involved over 250 national stakeholders and several international experts.

Nalaka Gunawardene, Editor of Rebuilding Public Trust in Media Report, presents key findings at launch event in Colombo, 3 May 2016 - (Photo courtesy SLPI)
Nalaka Gunawardene, Editor of Rebuilding Public Trust in Media Report, presents key findings at launch event in Colombo, 3 May 2016 – (Photo courtesy SLPI)

Here is the summary of key recommendations:

  • Law review and revision: The government should review all existing laws which impose restrictions on freedom of expression with a view to amending them as necessary to ensure that they are fully consistent with international human rights laws and norms.
  • Right to Information (RTI): The RTI law should be implemented effectively, leading to greater transparency and openness in the public sector and reorienting how government works.
  • Media ownership: Adopt new regulations making it mandatory for media ownership details to be open, transparent and regularly disclosed to the public.
  • Media regulation: Repeal the Press Council Act 5 of 1973, and abolish the state’s Press Council. Instead, effective self-regulatory arrangements should be made ideally by the industry and covering both print and broadcast media.
  • Broadcast regulation: New laws are needed to ensure transparent broadcast licensing; more rational allocation of frequencies; a three-tier system of public, commercial and community broadcasters; and obligations on all broadcasters to be balanced and impartial in covering politics and elections. An independent Broadcasting Authority should be set up.
  • Digital broadcasting: The government should develop a clear plan and timeline for transitioning from analogue to digital broadcasting in television as soon as possible.
  • Restructuring state media: The three state broadcasters should be transformed into independent public service broadcasters with guaranteed editorial independence. State-owned Associated Newspapers of Ceylon Limited (Lake House) should be operated independently with editorial freedom.
  • Censorship: No prior censorship should be imposed on any media. Where necessary, courts may review media content for legality after publication. Laws and regulations that permit censorship should be reviewed and amended.
  • Blocking of websites: The state should not limit online content or social media activities in ways that contravene freedoms guaranteed by the Constitution and international conventions.
  • Privacy and surveillance: Privacy of all citizens and others should be respected by the state and the media. There should be strict limits to the state surveillance of private individuals and entities’ phone and other electronic communications.
  • Media education and literacy: Journalism and mass media education courses at tertiary level should be reviewed and updated to meet current industry needs and consumption patterns. A national policy is needed for improving media literacy and cyber literacy.

Full report in English is available at: https://goo.gl/5DYm9i

Sinhala and Tamil versions are under preparation and will be released shortly.

Science writer and media researcher Nalaka Gunawardene served as overall editor of the new study, and also headed one of the four working groups that guided the process. He tweets as: @NalakaG

සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

BBC Sinhala interview on RTI: තොරතුරු දැන ගැනීමේ සංකල්පය ‘අශෝක අධිරාජයාගෙන්’

I was interviewed by BBC Sinhala in London on 21 June 2016, on the eve of Sri Lanka’s Parliament passing the long-waited Right to Information law. In this interview with BBC’s Saroj Pathirana, I look at the journey so far (it took over 2o years to get this law adopted) and challenges than remain.

Chief among the challenges from now on: reorienting all state structures to be open and info-sharing rather than closed and secretive (default mode until now); raising public awareness on the provisions and benefits of RTI law (including debunking of myths and misconceptions); and learning to be a more information-literate society as a whole.

BBC Sinhala home page on 27 June 2016, featuring Nalaka Gunawardene interview on Right to Information in Sri Lanka
BBC Sinhala home page on 27 June 2016, featuring Nalaka Gunawardene interview on Right to Information in Sri Lanka

Here is the full story. You can also read it on BBC online at: http://www.bbc.com/sinhala/sri-lanka-36634031

තොරතුරු දැන ගැනීමේ සංකල්පය ‘අශෝක අධිරාජයාගෙන්

2016 ජුනි 26: තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් එය ජනගත කරන්නේ කෙසේදැයි යන අභියෝගය රට හමුවේ පවතින බව ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද තොරතුරු දැන ගැනීමේ පනත සහ එහි වැදගත්කම පිළිබඳ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය දැනුවත් දැයි බීබීසී සංදේශය කළ විමසීමකදී.

”ඇත්තටම එහෙම දැනුවත් භාවයක් නැහැ. අපි එය පිළිගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගත යුතුව තිබෙනවා.”

අදාළ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬ නැගුවේ මධ්‍යම පාන්තික සමාජ සහ දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ පැවතුනේ එයට වඩා වෙනස් තත්වයක් බව විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

Nalaka Gunawardene (left) with BBC journalist Saroj Pathirana at BBC Broadcasting House in London on 21 June 2016
Nalaka Gunawardene (left) with BBC journalist Saroj Pathirana at BBC Broadcasting House in London on 21 June 2016

ඇයි අපට වැදගත්?

”අනූව දශකයේ, ඉන්දියාව තුළ මේ තොරතුරු දැන ගැනීමේ පනත අවශ්‍යයි කියන ඉල්ලීම ආවේ බිම් මට්ටමින්. ප්‍රාන්ත මට්ටමින් නීති ගත වී 2005 වසරේ ඉන්දියාව ජාතික මට්ටමින් තොරතුරු නීතිය සම්මත කර ගත්තා. මේක ඇයි අපට වැදගත්? මොනවද මෙයින් ගත හැකි ප්‍රයෝජන කියන කාරණා, නීතිය සම්මත වෙන කොටත් මිනිස්සු දැන සිටියා”

තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ජන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ක්‍රියාධරයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවයි තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

”මේක වෙනත් නීති වගේ නොවෙයි.මෙය ජනතාව වෙනුවෙන් සම්මත වූ නීතියක්. සාමාන්‍යයෙන් පනවන ලද නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව. නමුත් තොරතුරු නීතිය භාවිත කරන්න ඕනි පුරවැසියෝ.”

තොරතුරු පනත හරහා පුරවැසියන්ට රාජ්‍ය ආයතන, පොදු අධිකාරියක තොරතුරු ඉල්ලා සිටීමට සහ ලබා ගැනීමට නෛතික අයිතියක් හිමි වේ.

”නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය

අශෝක කුලුණු

ඇතැම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අදාළ පනතේ දක්වා ඇති ව්‍යතිරේක හැරුණු කොට අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිය හිමි වන බවයි ඔහු පවසන්නේ.

ව්‍යතිරේකවලින් බැහැර වන තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන කොමිසමට පැමිණිලි කළ හැකි බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේය.

සංකල්පයක් වශයෙන් තොරතුරු දැන ගැනීමේ නීතිය දකුණු ආසියාවට අලුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙන්නේ අශෝක අධිරාජයා සමයේ ස්ථාපනය කරන ලද අශෝක කුලුණු උදාහරණයට ගනිමිනි.

”මේ කුලුණුවල, රජතුමා කරන්නේ කුමක්ද? රාජ්‍ය පාලකයාගේ ප්‍රතිපත්ති මොනාද? ස්ථාපිත කොට තිබුණා. එක් එක් ස්ථම්භය පිහිටුවන ස්ථානයේ එම ප්‍රදේශයේ භාෂාවෙන් පුවරුවල සටහන් යෙදුවා. සියලු දෙනාටම සාක්ෂරතාවය නැති නිසා විටින් විට පුවරුවල ඇති සටහන් හඬ නගා කියවන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළා.”

තොරතුරු දැන ගැනීමේ වැදගත්කම හඳුනා ගනිමින් එවැනි පනතක් මුලින්ම නීති ගත කරන ලද්දේ ස්වීඩනය බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

”බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරතුරු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය, මහජනතාව වෙත තොරතුරු සරල බසින් ලබා දෙන බවට”

[Op-ed] Sri Lanka’s Right to Information: A New Journey Begins Now!

Text of an op-ed essay I wrote within hours of Sri Lanka’s Parliament passing the Right to Information (RTI) law. It has been published in The Sunday Observer today, 26 June 2016.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

Right to Information: A New Journey Begins Now!

 By Nalaka Gunawardene

On 24 June 2016, Sri Lanka’s Parliament unanimously adopted the Right to Information (RTI) law.

This marks the culmination of over two decades of advocacy by civil society groups and journalists. It also fulfills a key promise of the yahapalana government.

Passing the law has been no easy task, as it went through a year of drafting, judicial review by Supreme Court, and considerable political scrutiny. The government and other political parties in Parliament – who rarely agree on anything – came together to pass the law without a vote.

However, our challenges are far from over. Now begins the daunting task of implementing the new law. RTI calls for a complete reorientation of government in how it handles information and promotes openness. This is unfamiliar ground.

As one skeptical citizen, Harindra Dassanayake (@HarindraBD) said on Twitter within hours of the law passing: “Lanka as many good laws, with hopeless or zero impact. Hope RTI [would] be different. It’s time to act and not celebrate.”

Indeed, there is much to do. The law’s adoption is only a fresh start. Proper implementation requires political will, administrative support and sufficient public funds.

We would also need on-going monitoring by civil society groups and the media to guard against the whole process becoming mired in too much red tape.

Late comers, quick learners?

With the new law, Sri Lanka becomes the 108th country in the world to have introduced RTI laws, also known as freedom of information laws.

That leaves only Bhutan in South Asia without a national RTI law, according to Venkatesh Nayak, Programme Coordinator with the Commonwealth Human Rights Initiative (CHRI) in New Delhi.

Nayak, a noted RTI expert and activist, says that countries without RTI laws are becoming a smaller and smaller minority on the planet.

He adds: “But for the long drawn ethnic conflict, Sri Lanka would have been the second country in South Asia to enact a national RTI law if efforts made in 2003-4 had reached fruition.”

In the event, Sri Lanka took the belated first step in April 2015, when the 19th Amendment to the Constitution made the right to information a fundamental right. The RTI Act puts in place the administrative arrangement to enable citizens can exercise that right.

Sri Lanka is certainly a late comer to the global RTI community, but we can exploit this to our advantage. Our neighbours and others countries have so much experience in this respect that can help us in implementation.

For example, RTI has emerged such a powerful tool in the hands of Indian citizens since the national law came into effect in 2005. So much so that it is now become a verb (as in “We will RTI this information” when confronted with a problem).

Across India, young schoolchildren and grandmothers with no formal education are using RTI requests to solve local level problems – from overdue scholarship payments to restoring suspended rural bus services.

Meanwhile in Bangladesh, which adopted its RTI law in 2009, citizens and NGOs are creatively using public information to combat poverty and counter corruption.

RTI has transformed Indian society within a decade
RTI has transformed Indian society within a decade

RTI needs imagination

What transformative impacts can the RTI law have on Lankan society, politics and governance? The answer is in everybody’s hands.

Unlike most other laws, RTI is one for citizens to seize and use. That, in turn, requires a commitment to the public interest, plus plenty of imagination and tenacity.

When the new Act comes into effect six months from now, any citizen of any age should be able to seek and receive information held with a public authority at central, provincial or local levels.

The law covers all organs of the State – Parliament, Executive (President and Cabinet) and the Judiciary. This includes the police and public sector corporations, local government bodies, as well as private entities carrying out public functions or providing public services under contract or license from local authorities (to the extent such work is concerned).

To be sure, the law has some exemptions when the right of access to information may be denied on legitimate grounds such as protecting the privacy of individuals, safeguarding national security and preventing the premature release of vital economic data (e.g. exchange rates, regulation of banking and taxation). These are common to RTI laws the world over.

Some are not happy with the extent of exemptions. But in my view, we should focus on so much information that now becomes our right to ask for — and receive within 21 days or less.

On the part of public authorities, they will no longer be allowed to release information as and when they wish. RTI law defines how it must be done and failure to do so has consequences for public officials.

Citizens, on their part, must find sufficient purpose and focus in information they can demand and receive. RTI is not a mere political slogan, but a practical tool for solving problems.

Problem solving

For example, how does our local body spend our tax money? On what basis are Samurdhi beneficiaries selected? Or how are government jobs given to some and not others?

RTI will prise open the hitherto closely guarded ‘reservoirs’ of information.

A five member RTI Commission appointed by the President — on the recommendations of the Constitutional Council — will monitor and process and investigate citizen complaints and appeals. The Commission’s decisions can also be challenged before the Court of Appeal.

All this concerns the ‘supply side’ of public information, which is surely going to be enhanced.  But what about the demand side? Are we ready for active citizenship armed with more information?

To draw an analogy from water management, opening sluice gates of a water reservoir can benefit only if the downstream systems are in place and the users are ready. With both water and information, recipients need to know how to make the best use of what comes through.

In the coming weeks and months, much needs to be done to ensure RTI readiness among public officials, and RTI awareness among the public.

Finally, citizens can look back at govt...do we know how?
Finally, citizens can look back at govt…do we know how?

Bigger Picture

As we get busy with the nitty-gritty operational details, let us not lose sight of the bigger picture. RTI signifies unleashing a new potential, and a major change in the status quo.

First, we must shake off a historical legacy of governments not being open or accountable to citizens. For over 2,000 years of monarchy, over 400 years of colonial rule and 67 years of self-rule since independence, all our governments have restricted public information – even mundane ones unrelated to any security or sensitive issues.

The ‘default setting’ in most government agencies is to deny and restrict information. To change this, both public servants and citizens will need a paradigm shift in their minds.

As long-standing champions of RTI, Lankan media and civil society must now switch roles. While benefiting from RTI themselves, they can nurture the newly promised openness in every sphere of public life. They can show, inspire and equip other citizens how best to make use of it.

However, RTI is not just a piece of law or changing how governments share public information. At its most basic, RTI is a collective state of mind. With its adoption, our society can start moving along a more open, informed and inquisitive pathway.

Science writer and columnist Nalaka Gunawardene has long chronicled the rise of Sri Lanka’s information society. He tweets at @NalakaG

RTI Sri Lanka: තොරතුරු නීතිය සම්මත වීමත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසයේ කඩඉමක් පසු කරයි

[Main points I made in a TV news interview with national broadcaster Rupavahini on 25 June 2016, within 24 hours of Sri Lanka’s Parliament passing the Right to Information law.]

Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka's new Right to Information RTI Law, 25 June 2016
Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka’s new Right to Information RTI Law, 25 June 2016

2016 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී පැය 24ක් යන්නට පෙර ඒ ගැන කෙටි සාකච්ඡාවක් රූපවහිනියට මා ලබා දුන්නා.

නීතිවේදියෙක් නොවන මා මේ නව නීතියේ සමාජයීය වැදගත්කම අවධාරණය කළා. මෙන්න මා කී ප්‍රධාන අදහස්:

රාජ්‍ය පාලනය ගැන තොරතුරු ඉල්ලා ලැබීමේ අයිතිය පුරවැසි අපට මේ ලැබෙන්නේ දිගු ඉතිහාසයේ පළමුවැනි වතාවටයි.

සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත්වැසියන් මිස කිසි දිනෙක නිවහල් අභිමානවත් පුරවැසියන් වූයේ ද නැහැ.

අධිපතිවාදය, වැඩවසම් මානසිකත්වය, ගතානුගතිකත්වය යන සියල්ල අපට ඓතිහාසිකව උරුම වී තිබෙනවා. සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වග කියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.

ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය ස්වීඩනයේ සම්මත වූයේ 1766දී. එයින් වසර 250ක් සපිරෙන 2016දී ශී‍්‍ර ලංකාවේ තොරතුරු නීතිය සම්මත වීම පමා වී හෝ අප ද ශිෂ්ට ලෝක සමාජයට එක් කරනවා.

මේ වැඩවසම් ඉතිහාසයේ අවස්ථිතියෙන් (inertia of feudal history) කෙමෙන් අත් මිදී සමානාත්මතාවය මත පදනම් වූ නූතන සමාජයක් වෙත යන ගමන ඉතා දුෂ්කරයි. අන්ධකාරයේ දිගු කලක් සිටි සමහරුන්ට දැන් එම තත්ත්වයෙහි දොසක් නොපෙනෙනවා ඇති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රතිරෝධය මැද, ප‍්‍රමාද වී හෝ ලක් සමාජය 21 වන සියවසට රැගෙන එන්නට ප‍්‍රගතිශීලී හා පරමාදර්ශී ටික දෙනකුට හැකි වීම කෙතරම් අපූරු ද?

නමුත් මා කලෙක සිට කියන පරිදි තොරතුරු නීතියක් සම්මත කර ගැනීම යහපාලනයේ එක් මූලික කඩඉමක් පමණයි.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා…

Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka's Right to Information RTI Law, 25 June 2016
Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka’s Right to Information RTI Law, 25 June 2016

 

සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

An Ashoka Pillar
An Ashoka Pillar

Sri Lanka’s Parliament is debating the Right to Information (RTI) Bill on June 23 – 24.

Over 15 years in the making, the RTI law represents a potential transformation across the whole government by opening up hitherto closed public information (with certain clearly specified exceptions related to national security, trade secrets, privacy and intellectual property, etc.).

While the media benefits from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). RTI changes the default mode of government from being classified to open.

In this week’s Ravaya column (appearing in the print issue of 26 June 2016), I point out that although the modern-day concept of Right to Information (also known as Freedom of Information) arose in Europe in the 18th century, there are comparable precedents in the East that date back to over two millennia.

Indian Emperor Ashoka (who reigned from c. 268 to 232 Before Christ) was the first to grant his subjects the Right to Information (RTI), according to Indian RTI activist Venkatesh Nayak, Coordinator, Commonwealth Human Rights Initiative (CHRI).

Speaking at a seminar on RTI in Colombo last month, Nayak said that Ashoka had inscribed on rocks all over the Indian subcontinent his government’s policies, development programmes and his ideas on various social, economic and political issues — including how religious co-existence.

“He insisted that the inscriptions should be in the local language and not in a courtly language like Sanskrit. And considering the fact that few of his subjects were literate, he enjoined officials to read out the edits to people at public gatherings,” Nayak added.

Therefore, adopting an RTI law signifies upholding a great Ashokan tradition in Sri Lanka. And implementing it would be a huge challenge – reorienting the entire public sector to change its mindset and practices to promote a culture of information sharing and transparent government.

See also: 1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

The Hindustan Times image - by Jayanto
The Hindustan Times image – by Jayanto

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත ජුනි 23-24 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

2016 මාර්තු 24 වනදා සභාගත කරන ලද කෙටුම්පත, ඉනික්බිති ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක් වී උපවගන්ති පහක යම් සංශෝධන කරනු ලැබුවා.

මේ කෙටුම්පත ලෝකගේ හත් වන හොඳම තොරතුරු නීතිය බවට කැනඩාවේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කේන්ද්‍රය (Centre for Law and Democracy) නම් විද්වත් ආයතනය සංසන්දනාත්මකව ඇගැයීමට ලක් කොට තිබෙනවා. එය ලොකු සංශෝධනවලින් තොරව සම්මත වනු ඇතැයි අපේ පැතුමයි.

මේ පනත් කෙටුම්පත අංග සම්පූර්ණ හෝ පරමාදර්ශී එකක් නොවූවද බොහෝ දුරට ප්‍රගතිශීලී යයි සැලකිය හැකියි. එය 1994න් ඇරඹි ප්‍රයත්නයක් මල්ඵල ගැන්වීමක්. මේ පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වීම ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි සැමගේම යුතුකමක් හා වගකීමක් වනවා.

තොරතුරු අයිතිය (Right to Information/Freedom of Information) පිළිබඳ සංකල්පය නූතන යුගයේ මතුව ආයේ යුරෝපයේ 18-19 වන සියවස්වල සිදු වූ දේශපාලනික හා දාර්ශනික පිබිදීම නිසායි. පොදු අවකාශය (Public Space) හා පොදු ජනයාට රාජ්‍ය පාලනය ගැන විමර්ශනයට අයිතිය (Public access and scrutiny) යන සංකල්ප අපට උරුම වූයේ යුරෝපීය චින්තකයන්ගෙන්.

එසේම නවීන ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය සම්මත කර ගත්තේ එවකට ස්වීඩනයේ පාලනය යටතේ පැවති ෆින්ලන්තයේ. ඒ 1766දී. එනම් හරියටම වසර 250කට පෙර.

එහෙත් ජනසම්මතවාදී පාලකයන් සිය පාලනය ගැන ජනතාවට තොරතුරු හෙළි කිරීමේ ඉතිහාසය මීට වඩා පැරණියි. සැබැවින්ම එය පෙරදිග සම්ප්‍රදායක් බව මෑතදී මා හමු වූ ඉන්දියානු විද්වතෙක් පෙන්වා දුන්නා.

නවදිල්ලියේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් කේන්ද්‍රයේ සම්බන්ධීකාරක වෙන්කටේෂ් නායක් (Venkatesh Nayak) තොරතුරු අයිතිය පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ක්‍රියාකාරිකයෙක්. ඔහු කියන්නේ තොරතුරු අයිතියේ පුරෝගාමියකු ලෙස ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයා හඳුනාගත හැකි බවයි.

Right to Information - Venkatesh Nayak quote
Right to Information – Venkatesh Nayak quote

අශෝක අධිරාජයාගේ රාජ්‍ය පාලනයේ එක් පිළිවෙතක් වූයේ රටේ ප්‍රතිපත්ති හා නීතිරීති පොදු ජනතාවට ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ ස්ථානවල සෙල්ලිපි රැගත් (අශෝක ස්ථම්භ නමින් ප්‍රකට) කුලුනු ඉදිකිරීමයි. සියවස් විසිතුනකට පසුවත් මේ ස්ථම්භ රැසක් තවම ඉතිරිව තිබෙනවා.

මේවා අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් සොයා ගත්තේ ඒවායේ භාෂාව පළාතෙන් පළාතට වෙනස්වන බවයි.

‘අධිරාජයාගේ රාජ සභාවේ භාවිත වුණේ සම්භාව්‍ය සංස්කෘත භාෂාවයි. එහෙත් රටවැසියන්ට තොරතුරු දෙන විට එයට සීමා නොවී, එක් එක් පළාතෙහි වැඩිපුරම භාවිත වන ප්‍රාදේශීය භාෂාවලින් එය ප්‍රකාශ කරන්නට තරම් අශෝක අධිරාජයා සැලකිලිමත් වී තිබෙනවා. එදිනෙදා පරිපාලනමය තොරතුරුවලට අමතරව ආගම් අතර සහජීවනය ආදී කරුණු ද මේ සෙල්ලිපිවල හමු වනවා’ යයි නායක් කියනවා.

එසේම අකුරු කියවීමේ හැකියාව එතරම් ප්‍රචලිත නොවූ එකල එම තොරතුරු හඬ නඟා රටවැසියන්ට කියැවීමටද අධිරාජයා විධිවිධාන යොදා තිබුණා. මෙයින්ද පෙනෙන්නේ සිය වැසියන් සමග ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට අශෝක අධිරාජයාට තිබූ සැබෑ වුවමනාවයි.

අශෝක අධිරාජයා මෙරටට බුදුදහම දායාද කිරීම මූලික නිමිත්ත කර ගත් පොසොන් පොහොය සමරනු ලැබුවේ ඉතා මෑතදී. මහජනයාට රාජ්‍ය තොරතුරු ලබාදීමේ උතුම් අශෝක සම්ප්‍රදායට අනුගතවීමට තොරතුරු නීතිය හරහා අපට අවස්ථාව උදා වනවා.

Ancient Right to Information: Ashoka Pillars
Ancient Right to Information: Ashoka Pillars

තොරතුරු අයිතිය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තොරතුරු නීතිය හරහා එය ප්‍රායෝගිකව තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ඉදිරි පියවරක්.

එහෙත් එය විවෘත ආණ්ඩුකරණයට යොමු වන ප්‍රගතිශීලී මෙඟහි එක් කඩඉමක් පමණයි.

තොරතුරු පනත තොරතුරු අර්ථ දක්වන්නේ පුළුල් ලෙසින්. පනතේ 43 වන වගන්තියට අනුව, මේ සියල්ල එයට හසු වනවාථ සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් සටහන්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූප සටහන්, සේයාපට, ක්ෂුද්‍ර සේයා පට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි, පරිගණක වාර්තා හා ඒවායේ පිටපත්.

ඒ අනුව මේ සියලු මූලාශ්‍ර නිසි ලෙස සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම අදාළ සියලු පොදු ආයතනවල වගකීමක් බවට පත්වනවා. පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ පවතින තොරතුරු මූලාශ්‍ර වසර 10ක් යන තුරුත්, ඉනික්බිති බිහි කැරෙන තොරතුරු මූලාශ්‍ර වසර 12ක් යන තුරුත් සංරක්ෂණය කළ යුතු වනවා.

ඇතැම් පොදු ආයතනවල මනා සේ වාර්තා තබා ගැනීම සිදු නොවන බව අප දන්නවා. තොරතුරු නීතියත් සමග ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. තොරතුරු රැක ගන්නවා මෙන්ම ලෙහෙසියෙන් සොයා ගත හැකි ලෙසට ගබඩා වීමත් වැදගත්. මෙය මහජනයාට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද තමන්ගේ වැඩකටයුතුවලට මහෝපකාරී වනු ඇති.

තොරතුරු පනත යටතේ මේ රටේ ඕනෑම බාල-මහලු පුරවැසියකුට පොදු ආයතනයක ඇති තොරතුරක් ඉල්ලා සිටිය හැකියි. එම තොරතුරු, පනතේ 5 වන වගන්තියේ සඳහන් ව්‍යතිරේඛවලට (එනම් තොරතුරු දිය නොහැකි සාධකවලට) අදාළ නොවේ නම් එය නිශ්චිත කාල සීමාවක් තුළ ලබාදීමට පොදු ආයතන බැඳී සිටිනවා. මෙහිදී තමන්ට ඒ තොරතුරු අවශ්‍ය ඇයිද යන්න ඉල්ලුම්කාර පුරවැසියා කීමට අවශ්‍ය නැහැ.

ව්‍යතිරේඛ වන්නේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය වන අවස්ථා, රාජ්‍ය ආරක්ෂාවට බරපතළ ලෙස හානිදායක වන අවස්ථා, ආර්ථීක වශයෙන් සංවේදී තොරතුරු, බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂිත වාණිජ රහස්, විභාග රහස්, අපරාධ විමර්ශනයට අදාළ තොරතුරු ආදියයි. මෙබදු ව්‍යතිරේඛ ලොව සැම තොරතුරු නීතියකම හමුවනවා.

Jagath Liyana Arachchi
Jagath Liyana Arachchi

මේ ගැන විමර්ශනයක යෙදුණු නීතිඥ ජගත් ලියනආරච්චි මෙසේ කියනවා: “පනත තුල පවතින ප‍්‍රතිපාදන ප‍්‍රවේශමෙන් පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි වන එක්තරා කරුණක් වන්නේ පනත ගෙන එන්නේ තොරතුරු ලබා දීමට බවයි. තොරතුරු ලබා දීමට ව්‍යතිරේඛ ලබා දී තිබෙන්නේ යම් යම් කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අගතිදායක අවස්ථාවන් හිදී පමණි. කෙසේ නමුත් පනත් කෙටුම්පතේ දක්වා තිබෙන්නේ ‘මහජන බැඳියාවන්හි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප නොකළ යුතු’ බවයි. ඒ අනුව තොරතුරු ලබා දීම හා ලබා නොදීම සම්බන්ධ පැහැදිලි ප‍්‍රතිපත්තියක් පවතී.”

තොරතුරු නීතිය සම්මත වී මාස 6ක කාලයක් තුළ එය ක්‍රියාත්මක කිරීමේ සූදානම සියලුම අදාළ පොදු ආයතන ලබා ගත යුතුයි. මේ සඳහා සෑම ආයතනයක්ම තොරතුරු නිලධාරියකු අනුයුක්ත කළ යුතුයි. මෙය රාජ්‍ය සේවකයන්ට අලුත් අත්දැකීමක්. ඒ සඳහා යම් පුහුණුවක්ද අවශ්‍ය වනවා.

සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයට මේ සූදානම ලබාදීම හා පනත ක්‍රියාත්මක කිරීමේ වගකීමට මුල් වීම පැවරෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශයටයි. (තොරතුරු නීතිය හුදෙක් මාධ්‍යවලට සීමා නොවන, සමස්ත පුරවැසියන්ටම එක හා සමානව ප්‍රයෝජනවත් නීතියක් වුවත්.)

රාජ්‍ය තන්ත්‍රය සූදානම් වන අතරේ, තොරතුරු අයිතිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට පුරවැසියන්ටද යම් පෙළගැස්මක් අවශ්‍ය වනවා. තොරතුරු නීතිය යටතේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැක්කේ කෙසේද යන්න ගැන සමස්ත ලක් සමාජයම දැනුවත් විය යුතුයි.

තොරතුරු අයිතිය ගැන ජනමත සමීක්ෂණයක් 2014 සැප්තැම්බරයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරනු ලැබුවා. මේ අයිතිය ගැන මහජන දැනුවත්බව, ආකල්ප හා අපේක්ෂා ගැන 450ක මහජන නියැදියක් හරහාත්, අමතරව 85ක රාජ්‍ය සේවකයන් සමග සාකච්ඡා හරහාත් විමර්ශනය කළා.

දිවයින පුරාම මහජනයාගෙන් 90%කටත් වඩා තොරතුරු අයිතිය පැවතිය යුතු බව  කියා සිටියා. එය නීතියෙන් තහවුරු කළ යුතු බවත්, අති බහුතරයක පිළිගැනීම වුණා. එයට හේතුව ලෙස දක්වන ලද සාධක නම්ථ වංචා හා දූෂණ අඩු කිරීමත මහජනයාට ඇතිවන පහසුවත කොයි කාටත් එක ලෙස තොරතුරු දත හැකිවීමත නීතිවිරෝධී ක්‍රියා අඩු කිරීම හා වඩාත් ප්‍රශස්ත තීරණ ගත හැකි වීමයි.

මහජන මුදලින් නඩත්තු කරන ආයතනවලින් මේ වන තුරු තොරතුරු ලබා ගන්නට ගත් උත්සාහයන් ගැන විමසන ලදුව 32%ක් ලබා ගත නොහැකි වූ බවත්, තවත් 30.8%ක් මහත් දුෂ්කරතාවෙන් තොරතුරු ලබා ගත් බවත් කියා සිටියා. ලෙහෙසියෙන් තොරතුරු ලබා ගෙන ඇත්තේ 34.3%ක් පමණයි. මෙය කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නොවෙයි.

සමීක්ෂණයට පාත්‍ර වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව කුඩා නිසා පුළුල් නිගමනවලට ඒම අපහසුයි. තොරතුරු අයිතිය ගැන පූර්ව දැනුමක් තිබුණේ ඔවුන්ගේ 47%කට පමණයි. එනම් බහුතරයක් (53%) එබන්දක් අසාවත් තිබුණේ නැහැ. එසේම 40%කට ටිකක් වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය නිලධාරීන් විශ්වාස කළේ මහජනයාට තොරතුරු දීම හරහා විවිධ ව්‍යාකූලතා මතුවිය හැකි බවයි.

‘මෙවන් ඍණ ආකල්ප හඳුනාගෙන ඒවාට ක්‍රමානුකූලව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්. තොරතුරු අයිතිය නීතිගත කිරීම ප්‍රායෝගිකව සාර්ථක වනුයේ එය පිළි ගන්නා, එයට කැප වූ රාජ්‍ය සේවයක් බිහි කිරීම හරහායි.’ මේ සමීක්ෂණ ප්‍රතිඵල විග්‍රහ කරමින් ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියනවා.

මිලියන 1.5ක් පමණ ලාංකිකයන් අයත් රාජ්‍ය සේවය යනු විවිධ තනතුරු, වෘත්තිකයන් හා මට්ටම්වලින් සැදුම්ලත් එකක්. ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමින් ගත් විට විවිධාකාරයේ මහජන ආයතන 4,800කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා.

තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ සියල්ලේ නව පෙළගැස්මක් අවශ්‍යයි. තොරතුරු නිසි ලෙස ලේඛනගත කිරීම, ගබඩා කිරීම, කළමනාකරණය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මහජන ආයතනවල වඩාත් කාර්යක්ෂම ක්‍රමෝපායන් හඳුන්වා දීමට සිදුවනවා. මේ හරහා රාජ්‍ය සේවකයන්ට මෙන්ම මහජනයාටත් වාසි සැලසෙනවා.

තොරතුරු නීතිය ගැන බිය විය යුත්තේ අකාර්යක්ෂම හෝ දූෂිත නිලධාරීන් පමණයි. තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන අවංක නිලධාරීන්ට එයින් කිසිදු ප්‍රශ්නයක් නැහැ. එසේම ඇතැම් රාජ්‍ය ආයතන මේ නීතිය එන්නටත් පෙර පටන්ම තමන්ගේ සියලු තොරතුරු ස්වකැමැත්තෙන්ම මහජන පරිශීලනයට මුදා හැර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මීට හොඳ උදාහරණයක්.

එසේම තොරතුරු නීතිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේද නැහැ. රහසිගත ආරක්ෂක තොරතුරු පනතේ ව්‍යාතිරේඛ මගින් ආවරණය කැරෙන නිසා.

2005 සිට ජාතික මට්ටමින් තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන ඉන්දියාවේ අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් වෙන්කටේෂ් නායක් කියන්නේ මෙයයි. ඉන්දියාවේ තොරතුරු නීතිය නිසා ජාතික ආරක්ෂාවට හෝ විදේශ ප්‍රතිපත්තිවලට කිසිදු හානියක් සිදු වී නැහැ. එසේම පාර්ලිමේන්තුවේ ගරුත්වයට කැළලක් වී නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වී නැහැ. වෙළඳ රහස් හෙළිදරව් කර නැහැ. පුරවැසියන්ගේ පුද්ගලිකත්වයට අනවසර පිවිසීම් සිදු වීද නැහැ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තොරතුරු නීතිය කිසිදු බලපෑමක් කර නැති නම් අප එබන්දක් ගැන බියවීම හේතු සහගත නැහැ.

තොරතුරු නීතිය සම්මත වූ පමණින්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථීක ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. තොරතුරු අයිතිය නිර්මාණශීලීව හා අධිෂ්ඨාන පූර්වකව භාවිත කිරීම හරහායි වඩාත් වගවීම සහිත ආණ්ඩුකරණයක් හා වඩාත් විවෘත සමාජයක් බිහි වන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා.

See also:

7 March 2015: Echelon March 2015 column: Beyond RTI – Towards Open Government

සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information
RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016
Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016

In this week’s Ravaya column (appearing in the print issue of 3 April 2016), I probe why the blogosphere and other social media platforms are vital for public discourse in the Lankan context.

Sri Lanka’s mainstream media does not serve as an adequate platform for wide-ranging public discussion and debate. Besides being divided along ethnic and political lines, the media is also burdened by self-imposed restrictions where most don’t critique certain social institutions. Among the top-ranked ‘sacred cows’ are the armed forces and clergy (especially Buddhist clergy).

No such “no-go areas” for bloggers, tweeps and Facebookers. New media platforms have provided a space where irreverence can thrive: a healthy democracy badly needs such expression. I base this column partly on my remarks at the second Nelum Yaya Blog Awards ceremony held on 26 March 2016.

I also refer to a landmark ruling in March 2015, where the Supreme Court of India struck down a “draconian” law that allowed police to arrest people for comments on social media networks and other websites.

India’s apex court ruled that Section 66A of the Information Technology Act was unconstitutional in its entirety, and the definition of offences under the provision was “open-ended and undefined”.

The provision carried a punishment of up to three years in jail. Since its adoption in 2008, several people have been arrested for their comments on Facebook or Twitter. The law was challenged in a public interest litigation case by a law student after two young women were arrested in November 2012 in Mumbai for comments on Facebook following the death of a politician.

Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 - Photo by Pasan B Weerasinghe
Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 – Photo by Pasan B Weerasinghe

මගේ මාධ්‍ය ගුරුවරයා වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් නිතර දුන් ඔවදනක් වූයේ  ඕනෑම කාලීන ප‍්‍රශ්නයක හෝ සංවාදයක සමීප දසුන මෙන්ම දුර රූපය හෙවත් සුවිසල් චිත‍්‍රය (Bigger Picture) ද විමසා බලන්න කියායි.

බොහෝ එදිනෙදා අරගල හා මත ගැටුම්වලට පසුබිම් වන ඓතිහාසික සාධක හා දිගුකාලීන ප‍්‍රවාහයන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීම හරහා වත්මන් සිදුවීම් වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

අපේ සමාජයේ ගතාතනුගතිකත්වය හා නූතනත්වය අතරත්, වැඩවසම් අධිපතිවාදය හා සමානාත්මතාව අතරත් නොනවතින අරගලයක් පවතිනවා.

මෙය හුදෙක් දේශපාලනමය හෝ පන්ති අතර ගැටුමක් පමණක් නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමය, වෘත්තීන් මෙන්ම ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය ආදී බොහෝ තැන්හිදී එය විවිධාකාරයෙන් අපට හමු වනවා.

ඓතිහාසිකව වරප‍්‍රසාද භුක්ති විඳින සමාජ පිරිස් සෙසු අය නැගී එනවාට කැමති නැහැ. උදාහරණයකට 1931දී බි‍්‍රතාන්‍ය පාලකයන් අපට සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කිරීමට සැරසෙන විට අපේ සමහර ප‍්‍රභූන් හා උගතුන් එයට එරෙහි වුණා. තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට නොතේරෙන අයට එම බලය දීම අවදානම් සහගත බවට තර්ක කෙරුණා.

එහි යටි අරුත වූයේ ලක් ඉතිහාසයේ කිසිම දිනෙක සාමාන්‍ය ජනයාට කිසිදු අයිතියක් හෝ වරප‍්‍රසාදයක් හෝ නොතිබීමයි.

නූගතුන්ට හා දුප්පතුන්ට ආණ්ඩු තේරීමේ බලයක් නොදිය යුතුය යන්න එදා යටත් විජිත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වත්මන් තායිලන්තයේ ද ප‍්‍රභූන් තවමත් මතු කරන තර්කයක්. (සරසවි අධ්‍යාපනයක් නොලද හෝ ආදායම් බදු ගෙවීමට තරම් නොඋපයන අයගේ ඡන්ද බලය අහිමි කළ යුතු යයි තායි ප්‍රභූ පිරිසක් යෝජනා කොට තිබෙනවා.)

එහෙත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංකල්පීය ලෙස කැප වී සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අපේ ප‍්‍රභූ විරෝධතා මැද සර්වජන ඡන්ද බලය අපට දායාද කළා. යම් අඩුපාඩු සහිතව වුවත් වසර 85ක් තිස්සේ මැතිවරණ දුසිම් ගණනකදී අපේ ජනයා මේ බලය භාවිත කර තිබෙනවාග

මව්පියන්ගෙන් පාසල් ගාස්තු අය නොකර, මහජනයාගෙන් එකතු වන බදු මුදල් යොදවා අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඩත්තු කිරීමේ සංකල්පය 1940 දශකයේ යෝජනා වූ විට ද සමහර ප‍්‍රභූන්ගේ ප‍්‍රතිරෝධයක් මතුව ආවා. (නිදහස් අධ්‍යාපනය ලෙස වැරදියට හඳුන් වන්නේ මේ ක‍්‍රමයයි.)

එහිදී ද යටි අරුත වුයේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටි සංඛ්‍යාත්මක සුළුතරය, අධ්‍යාපනය හරහා සාමාන්‍ය ජනයාගේ දු දරුවන් සමාජයේ උසස් යයි පිළිගත් වෘත්තීන්ට හා තනතුරුවලට පිවිසීම දැකීමට නොකැමැති වීමයි.

පසුගිය සියවසේ මේ තීරණාත්මක අවස්ථා දෙකෙහිදීම මෙරට සමහර පුවත්පත් (එවකට තිබූ ප‍්‍රබලම මාධ්‍යය) පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටියා. සර්වජන ඡන්දයේත්, මුදල් අය නොකරන අධ්‍යාපනයේත් දිගු කාලීන සමාජ වටිනාකම තර්කානුකූලව පෙන්වා දීමට ප‍්‍රගතිශීලී පුවත්පත් කතුවරුන් පෙරට ආවා. (ඒ අතර ප‍්‍රතිගාමී බලවේග වෙනුවෙන් පෙනී සිටි පුවත්පත්ද තිබුණා.)

කන්නන්ගරයන්ගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී ආ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිචාර දැක්වීමට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීවනපලාන තිදෙනා ආරක්ෂක වළල්ලක් මෙන් ක‍්‍රියා කළ සැටි ලේඛනගතව තිබෙනවා. පොදු උන්නතිය සඳහා වැදගත් තීරණ හා පියවර වෙනුවෙන් ජනමතය ගොඩ නැංවීමට මාධ්‍ය සමහරකගේ සහයෝගය ඔවුන් ලබා ගත්තා.

එදාට වඩා මාධ්‍ය ආයතන බහුල වී ඇති, තාක්ෂණය ඉදිරියට ගොස් තිබෙන අද තත්ත්වය කුමක්ද? ඇන්ටනාවකින් නොමිලයේ හසු කර ගත හැකි ටෙලිවිෂන් සේවාවන් 20කට වැඩි ගණනක්, FM නාලිකා 50ක් පමණ හා භාෂා තුනෙන්ම විවිධාකාරයේ පුවත්පත් දුසිම් ගණනක් අද මෙරට තිබෙනවා.

එහෙත් පොදු උන්නතියට ඍජුවම අදාළ වන අවස්ථා හා සංවාදවලදී මේ මාධ්‍ය බහුතරයක් සිටින්නේ කොතැනක ද යන්න සීරුවෙන් විමසා බැලිය යුතුයි.

මගේ දිගු කාලීන නිරීක්ෂණය නම් වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදී වුවමනාකම්/මතවාදයන් සඳහා අපේ මාධ්‍ය එළිපිටම පෙනී සිටීම ප‍්‍රබල වී ඇති බවයි.

මෙයට හේතුව මාධ්‍ය ක්ෂේත‍්‍රය අධික ලෙස දේශපාලනකරණය ලක් වීම යයි යමෙකුට තර්ක කළ හැකියි. ඔව්, එයත් එක් හේතුවක්. එහෙත් මීට පරම්පරාවකට හෝ දෙකකට හෝ පෙර තිබූ මාධ්‍ය වෘත්තීය බව හා සමාජ කැප වීම ටිකෙන් ටික හීන වී යාමට මාධ්‍ය කර්මාන්තය තුළ අභ්‍යන්තර පිරිහීම ද දායක වී තිබෙනවා. මේ තත්ත්වය රාජ්‍ය මෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයෙන් යුතු මාධ්‍යවල දැකිය හැකියි.

වසර ගණනක් පුරා පැවති මාධ්‍ය මර්දනය හමුවේ සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍ය තීරකයන් (කතුවරුන්, කළමනාකරුවන්) හීලෑ වී ඇති බවක් පෙනෙනවා.

එසේම බහුතරයක් මාධ්‍ය අනවශ්‍ය පුජනීයත්වයකින් සලකන, එනිසාම හේතු සහගත විවේචනයකට හෝ බියවන ප්‍රසිද්ධ චරිත හා පොදු ආයතන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා.

මේ බොල් පිළිම වන්දනාවේ යන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාමාන්‍ය ජනයා වෙනුවෙන් හෝ පොදු උන්නතිය සඳහා හෝ පෙනී සිටීම කාලයක්, අවශ්‍යතාවක් නැහැ. මෙය ඛේදජනක යථාර්ථයක්.

කුලියාපිටියේ පාසල් දරුවා HIV ආසාදිත යැයි කියා කොන් කරනු ලැබූ විට අපේ බොහෝ බහුතරයක් මාධ්‍ය කළේ එය තලූ මරමින් වාර්තා කිරීම පමණයි. අඩු තරමින් ඒ දරුවාගේ හා මවගේ පෞද්ගලිකත්වයටවත් ගරු කෙරුණේ නැහැ. දරුවාට දුරින් පිහිටි විකල්ප පාසලක් සොයා දීමේ යෝජනාව මතු වී ඉදිරියට ගියේ ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහායි.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසර ගණනාවක් පුරා වාහන ධාවනයට ඉඩ නොදී වසා තිබීම නිසා ඇති වන අධික වාත දුෂණය හා අති මහත් ජනතා අපහසුතාව ගැන බොහෝ ප‍්‍රධාන ධාරාවේ (සිංහල) මාධ්‍ය ඇති තරම් කතා නොකළේ ඇයි? අස්ගිරි විහාරය එය යළිත් විවෘත කිරීමට අහේතුකව විරුද්ධ වීම නිසාද?

නාමධාරී ටික දෙනෙකුගේ අත්තනෝමතික විරෝධය නිසා මේ ගැන විග‍්‍රහ කැරෙන විද්‍යාත්මක ලිපි පවා පළ කිරීමට සමහර පුවත්පත් පැකිලෙනවා. එම පසුබිම තුළ විවෘත සංවාද වෙබ්ගත වී තිබෙනවා. නැතිනම් සාපේක්ෂව වැඩි පරාසයක මත ගැටුමට ඉඩ දෙන ඉංග‍්‍රීසි පුවත්පත්වලට සීමා වී තිබෙනවා.

අපේ ඉංග‍්‍රීසි පුවත්පත් වුවද සමහර මාතෘකා ගැන විවෘත මත දැක්වීමට බියයි. මාධ්‍ය වාරණයක් හෝ මාධ්‍යවලට මැර බලය පෑමක් නැති අද දවසේත් සමහර කතුවරුන් මහ දවල් බියට පත් වන, අහම්බෙන්වත් විවේචනය නොකරන සමාජ ආයතන තිබෙනවා. හමුදාව හා සංඝ සමාජය ඒ අතර ප‍්‍රධානයි. විශ්වවිද්‍යාල ගැනත් බොහෝ මාධ්‍ය තුළ ඇත්තේ බය පක්ෂපාතීකම පෙරදැරි කර ගත් ආකල්පයක්.

මේ හැම ආයතනයකම හොඳ මෙන්ම නරකද සාක්ෂි සහිතව දැකීම හා මැදහත්ව විග‍්‍රහ කිරීම අපට මාධ්‍යවලින් බලාපොරොත්තු වන්නට බැහැ. තමන්ගේ සරසවි ඇදුරන් මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස පිම්බීම මාධ්‍යකරුවන් අතර බහුල පුරුද්දක්.

වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. මෙය සමාජයීය හිදැසකට හෙවත් රික්තයකට මතුව ආ සාමූහික ප‍්‍රතිචාරයක් ලෙසද දැකිය හැකියි.

මාර්තු 26 වනදා දෙවන වරටත් පවත්වන ලද නෙළුම් යාය සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී මේ ගැන මා අදහස් දැක්වීමක් කළා. එහිදී මා කීවේ බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) දිගටම පවත්වා ගත යුතු බවයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි.

ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටන කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්.

මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

අපටත් වඩා ගතානුගතික වූ ඉන්දියානු සමාජය පුරවැසි අයිතීන් වෙනුවෙන් නව තාක්ෂණය හා නූතනත්වය යොදා ගන්නා සැටි අධ්‍යයනය කිරීම වැදගත්.

Image courtesy The Hindustan Times
Image courtesy The Hindustan Times

2015 මාර්තුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. එනම් 2008දී පනවන ලද එරට තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය ව්‍යවස්ථා විරෝධී බවයි. එම වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍යවල විකල්ප මත පළ කළ ඉන්දියානුවන් කිහිප දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ ගැන කම්පාවට පත් නීති ශිෂ්‍යාවක් මෙයට එරෙහිව එරට ඉහළම උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා.

BBC Online: 24 March 2016

Section 66A: India court strikes down ‘Facebook’ arrest law

‘ඕනෑම සමාජයක භාෂණ නිදහස පැවතිය යුතු අතර එයට කරන සීමා කිරීම් අතිශයින් යුක්ති සහගත විය යුතුයි. තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය මේ සීමා ඉක්මවා ගිය, පුරවැසි ප‍්‍රකාශන අයිතිය අනිසි ලෙස කොටු කරන්නක්’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූවා.

තව දුරටත් තීන්දුව මෙසේද කීවා. ‘ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නත් (discussion), යම් ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් එයට පක්ෂව මත පළ කරන්නත් (advocacy) පුරවැසියන්ට නිදහස තිබෙනවා. එම මත දැක්වීම් කෙතරම් ජනප‍්‍රිය ද නැද්ද යන්න එහිදී අදාළ නැහැ. මත දැක්වීම ඉක්මවා යම් සමාජ විරෝධී උසිගැන්වීමක්  (incitement) සිදු වේ නම් පමණක් නීතිය හා සාමයට තර්ජනයක් කියා එය පාලනය කළ හැකියි. වෙබ් හරහා පළ කරන අදහස් සමහරුන්ට දිරවා ගත නොහැකි වූ පමණටවත්, අතිශයින් ආන්දෝලනාත්මක වූ පමණටවත් එයට මැදිහත් වීමට පොලිසියට හෝ රජයට හෝ ඉඩක් නොතිබිය යුතුයි.

The Hindu, 26 March 2016: The judgment that silenced Section 66A

Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html
Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html

මේ ඉතා වැදගත් තීන්දුව ගැන අදහස් දැක්වූ ප‍්‍රකට ඉන්දියානු නීති ක‍්‍රියාකාරකයකු වන ලෝරන්ස් ලියැං (Lawrence Liang) කිවේ මෙයයි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක විවේචනය කිරීමට හා විසමුම්තියට  ඕනෑම අයකුට නිදහස තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් පිළිගෙන තියෙනවා. යම් මත දැක්වීමක් නිසා සමහරුන්ගේ මාන්නයට හෝ අධිපතිවාදයට පහර වැදුණු පමණට එය කිසිසේත්ම නීති විරෝධී වන්නේ නැහැ!’

Free speech Ver.2.0, by Lawrence Liang. The Hindu. 25 March 2015

21 වන සියවසේ ප‍්‍රකාශන නිදහස ගැන විමර්ශනය කරන විට සාමාන්‍ය ජනයා ඉන්ටර්නෙට් හරහා කරන තොරතුරු හුවමාරුවට හා මත දැක්වීම්වලට අනිවාර්යයෙන්ම ඉඩ සහතික කළ යුතු බව ඔහු කියනවා. ප‍්‍රකාශන නිදහස ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් සුවිශේෂී වන අයිතියක් නොවෙයි.

‘භාෂණ හා ප‍්‍රකාශන නිදහස ගැන ඉන්දියාවේ අලූත් ආකාරයේ සංවාදයන් බිහි වන සැටි මා දකිනවා. 66A වගන්තිය ඉවත් කිරීමට පෙළ ගැසුණේ නීතිඥයන්, බ්ලොග් රචකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන් හා සමාජ මාධ්‍ය භාවිත කරන්නන්. සන්නිවේදනය නම් වූ පරිසර පද්ධතිය තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව දැන් වෙබ්ගත සන්නිවේදකයන් ද හරි හරියට සක‍්‍රීයව සිටිනවා. මේ නිසා රජයන්ට හා අධිපතිවාදීන්ට හිතුමතයට ක‍්‍රියා කළ නොහැකියි.’ ලියැං තවදුරටත් කියනවා.

ළිංමැඬියාවෙන් පෙළෙන අපේ සමාජයට කවදා හෝ ළිඳෙන් ගොඩ යන්නට අත්වැලක් සපයන්නේ අධිපතිවාදය හෙළා දකින නූතනත්වය පමණයි!

Image courtesy www.livemint.com
Image courtesy http://www.livemint.com