සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet
In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo
Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)
Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

In this week’s Sunday column in Ravaya newspaper (in Sinhala), I’ve written about polar explorer Sir Robert Swan’s 2041 campaign to preserve the Antarctica as the world’s last great wilderness.

I covered similar ground in an English column on 11 Nov 2012: When Worlds Collide #41: Hands Off Antarctica! Protecting the Last Great Wilderness

Follow-up column on 2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

Robert Swan and his 2041 campaign for Antarctica

අප බොහෝ දෙනෙකුගේ දැක්ම හා ආකල්ප අපේ වටපිටාව මඟින් පෝෂණය වනවා. මානවයින්ගෙන් බහුතරයකට තමන්ගේ ගම, පළාත හෝ වැඩි ම වුව හොත් උපන් රටෙන් ඔබ්බට පුළුල් වූ චින්තනයක් නැහැ. එහි වරදක් නොමැති වුවත් ඉඳහිට හෝ අප ටික දෙනෙකුවත් ග‍්‍රහලෝකයේ මටිටමින් සිතීම අවශ්‍යයි.

පටු මානව බෙදීම්වලින් සීමා නොවූ මෙබඳු ග‍්‍රහලෝකමය දැක්මක් අත්දැකීමක් මනා සේ ලබන දෙපිරිසක් සිටිනවා. එනම් අජටාකාශගාමීන් හා ධ‍්‍රැව ගවේෂකයන්. අපේ ලෝකයේ පුළුල් චිත‍්‍රය ග‍්‍රහණය කර ගන්නා ඔවුන් වැඩි දෙනෙකු ඉන්පසු ලෝක සාමය, න්‍යෂ්ටික අවිහරණය, පරිසර සංරක්ෂණය වැනි උදාර අරමුණු වලට සිය ජීවිතය කැප කරනවා.

මා විවිධ අවස්ථාවල අමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. ධ‍්‍රැව ගවේෂකයකු මා මුල් වරට හමු වුයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහු 56 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් ස්වෝන් (Sir Robert Swan).

ධ‍්‍රැව ගවේෂණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අධික ශීතල, දේශගුණ විසමතා ඇතුළු ආන්තික පාරිසරික තත්ත්වයන් නිසා. උත්තර ධ‍්‍රැවය (ආක්ටික් හිම කඳු) හා දක්ෂිණ ධ‍්‍රැවය පිහිටි ඇන්ටාක්ටිකා අයිස් මහද්වීපය ගවේෂණය කිරීමේ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

මේ වකවානුව තුළ රොබට් ස්වෝන්ගේ පුරෝගාමී වික‍්‍රමය වූයේ කිසිදු යාන්ත‍්‍රික උපකාරයකින් තොරව ධ‍්‍රැව දෙකට ම පා ගමනින් ඇවිද ගෙන යාමයි. 1986 ජනවාරියේ කුඩා කණ්ඩායමක් සමග ඔහු කිලෝමිටර් 1,400ක් ඇන්ටාක්ටිකාව හරහා ගමන් කොට දක්ෂීණ ධ‍්‍රැවයට ළගා වුණා. 1989 මැයි මාසයේ ආක්ටික් අයිස් අතරින් උත්තර ධ‍්‍රැවයටත් පයින් ම ගියා.

Sir Robert Swan, polar explorer
මේ චාරිකාවලින් පසුව ධ‍්‍රැව ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳාකාර තේරුම් ගත් ඔහු පාරිසරික ක‍්‍රියාකාරිකයකු වුණා. දැනට දශක දෙකකට වැඩි කාලයක් ඔහු කරන්නේ ලොව පුරා සංචාරය කරමින් පිවිතුරු බලශක්තිය, දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික තේමා ගැන දේශන කිරීමයි.

ඔහු වඩාත් උනන්දු වන්නේ ඇන්ටාක්ටිකාව පිළිබදවයි. උත්තර ධ‍්‍රැවයට සමීප පෙදෙස්වල එස්කිමෝවරුන් සිටියත් ඇන්ටාක්ටිකාවේ නිත්‍ය මානව ජනාවාස නැහැ. එහි ඇත්තේ විද්‍යා පර්යේෂණාගාර පමණයි. 1957දී ඇරඹුණු මේ පර්යේෂණ කටයුතු දැන් වඩාත් පුළුල වී තිබෙනවා. ඇන්ටාක්ටික් ගිම්හානයේදී විවිධ රටවලින් පැමිණෙන 4,000කට අධික විද්‍යාඥ හා සහායක පිරිසක් සති හෝ මාස කිහිපයක් එහි ගත කරනවා.

ඇන්ටාක්ටිකාව අප සිතනවාට වඩා විශාලයි. බිම් ප‍්‍රමාණයෙන් වර්ග කිමී මිලියන් 14ක්. එනම් ඕස්ටේ‍්‍රලියාව මෙන් දෙගුණයක්! මෙයින් 98% වැසී තිබෙන්නේ කිමී 1.6ක් පමණ ගැඹුරට විහිදෙන අයිස් තට්ටුවකින්. ලෝකයේ මිරිදිය සම්පත්වලින් 70%ක් ම ඇත්තේ මේ අයිස් මහාද්වීපයේයි.

ඇන්ටාක්ටිකාව අසාමාන්‍ය හා විශ්මයජනක තැනක්. එය ලෝකයේ සීතල අධිකතම හා සුළං කුණාටු බහුලතම භූමියයි. එපමණක් නොව වියලි බව අධිකතම ස්ථානයයි. සාමාන්‍යයෙන් අප කාන්තාරයක් දැඩි සේ උණුසුම් යයි සිතනවා. එහෙත් කතරක නිර්වචනය අහසින් ලැබෙන ජල ප‍්‍රමාණය ඉතා අඩු වීමයි. මෙනයින් බලන විට වසරකට මිලි මීටර් 200කට අඩු වර්ෂාපතනයක් හා හිමපතනයක් ලබන ඇන්ටාක්ටිකාව ඇත්තට ම සීතල කාන්තාරයක් (cold desert).

ඇන්ටාක්ටිකාවේ ඓතිහාසිකව ජනාවාස බිහි වූයේ නැහැ. නූතන යුගයේ මුල් වරට මිනිස් ගවේෂකයන් එහි පා තැබුවේ 1895දී. එතැන් පටන් ටිකෙන් ටික මේ මහා අයිස් මහාද්වීපය ගවේෂණයට විවිධ රටවල දේශාටකයන් යොමු වුණා.

ඇන්ටාක්ටිකාවේ මැද පිහිටි දක්ෂිණ ධ‍්‍රැවයට මුලින් ම ළඟා වීමේ බි‍්‍රතාන්‍ය හා නෝර්වීජියානු තරඟයකින් ජය ගත්තේ රෝල්ඞ් අමන්ඞ්සන් (Roald Amundsen) නම් නෝවීජියානු ගවේෂකයා 1912 ජනවාරියේ.

එහෙත් ඇන්ටාක්ටිකාව ඉනික්බ්ති දශක කිහිපයක් අත් හැර දමා තිබුණා. 1957-58 කාලයේ ලෝක භූ භෞතික වර්ෂය නම් ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගිතාවය යටතේ ඇරැඹුණු විද්‍යාත්මක පර්යේෂණාගාර අද වඩාත් පුළුල් මට්ටමින් පවත්වාගෙන යනවා. ඇමෙරිකාව හා යුරෝපීය රටවලට අමතරව ජපානය, ඉන්දියාව වැනි රටවලටත් ඇන්ටාක්ටික් පර්යේෂණාගාර තිබෙනවා.

ඇන්ටාක්ටිකාව අයිති කාට ද? 1959දී රටවල් 12ක් මූලික වී සම්මත කර ගත් ඇන්ටාක්ටික් ගිවිසුම (Antarctic Treaty, www.ats.aq) නම් ජාත්‍යන්තර නීතිය යටතේ එය කිසිදු තනි රටකට අයිති නොවන, ලෝකයටම පොදු බිම් ප‍්‍රදේශයක්. විද්‍යාවට හා සාමයට කැපවුණු මහාද්වීපයක්. ඇමෙරිකාව හා සෝවියට් දේශය නිරත වී සිටි සීතල යුද්ධයේ උච්ච අවධියකදී ඒ දෙරටත් එකඟ වෙමින් ඇන්ටාක්ටික් ගිවිසුම ඇති කර ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික කේෂත‍්‍රයේ සුවිශේෂී සිද්ධියක්. 1962දී බල පැවැත්වීම ඇරඹි මේ ගිවිසුමට අද රටවල් 50ක් අත්සන් තබා සිටිනවා.

ඇන්ටාක්ටිකාවට යන විවිධ රටවල පර්යේෂකයන් සාමූහිකව ගවේෂණවල යෙදෙන්නේ මේ ගිවිසුමේ රාමුව තුළයි. ඒ අනුව ඇන්ටාක්ටිකාව හමුදා කටයුතුවලට යොදා ගැනීම හා ඛනිජ සම්පත් වාණිජ මට්ටමින් උකහා ගැනීම සපුරා තහනම්.

1991දී මේ ගිවිසුමේ පාරිසරික සන්ධානයක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී සම්මත වුණා (Madrid Protocol). ඒ අනුව මුළු ඇන්ටාක්ටිකාව ම පාරිසරික රක්ෂිත කලාපයක්. එහි පර්යේෂණ කිරීමට පවා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා අවශ්‍යයි. එහි සියළු ජීවීන්ට (සතුන් හා පැළෑටි) රැකවරණය සැළසෙනවා.

මේ මැඞ්රිඞ් සන්ධානය වසර 50ක් බල පවත්වනවා. එය නැවත විමර්ශනයට නියමිත 2041දී. අද ලෝකයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිජු බවක් දක්වන ඇතැම් රටවල් සන්ධානය විමර්ශනය කරන විට එහි සැර බාල කොට ඇන්ටාක්ටික් ඛනිජ සම්පත් ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇතැයි රොබට් ස්වෝන් ඇතුළු සමහර පරිසරවේදීන්ට බියක් තිබෙනවා.

මේ නිසා ඇන්ටාක්ටික් පාරිසරික රැකවරණය සදහට ම පවත්වා ගන්නට ඔහු 2041 නම් ස්වේච්ඡ පදනමක් අරඹා තිබෙනවා. ග‍්‍රීන්පීස් වැනි ලෝක පාරිසරික ක‍්‍රියාකාරී සංවිධාන ද කලෙක සිට ඇන්ටාක්ටිකාවේ සාමූහික අයිතිය හා පරිසර සුරැකුම ගැන උද්ඝෝෂණ කළත්, එම තේමාවට කැප වූ සංවිධානය ලෙස 2041 කැපී පෙනෙනවා. www.2041.com

”ඇන්ටාක්ටිකාව අද ලෝකයේ ඉතිරි වී තිබෙන විශාල ප‍්‍රමාණයේ අවසාන ස්වාභාවික ප‍්‍රදේශයයි. එය රැක ගැනීම හා මානව සංහතියට පොදු බිමක් ලෙස පවත්වා ගැනීම අපට තිබෙන අභියෝගයයි,” ස්වෝන් කියනවා.

1985 දෙසැම්බර් – 1986 ජනවාරි මාස වල ස්වෝන් ඇතුළු කණ්ඩායම හිම කතර හරහා දිගු ගමනක යෙදුනේ කිසිදු වාහනයක හෝ සත්වයන්ගේ හො උපකාරයක් නැතිවයි. ටික දිනෙකින් තමන්ගේ ඇස් වලට වර්ණය වෙනස් වූ බවත්, පිටතට නිරාවරණය වූ මුහුණු සම පුපුරා ලේ ගලන්නට වූ බවත් ඔහු කියනවා. 20 වන සියවස මුල දී මේ දුෂ්කර චාරිකාවේ යෙදුණු පුරෝගාමී ධ‍්‍රැව ගවේෂකයන්ට එබන්දක් සිදු වී නැහැ. මේ වෙනසට හේතුව කුමක් ද?

ආපසු මිනිස් වාසයට පැමිණි විගස එයට හේතුව ඔවුන් තේරුම් ගත්තා. එනම් දක්ෂිණ ධ‍්‍රැවයට ඉහල වායුගෝලයේ ඇති වූ ඕසෝන් සිදුරයි. 20 වන සියවසේ දශක ගණනක් පුරා විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීම නිසා ටිකෙන් ටික ක්ෂීන වූ ඕසෝන් වියන හරහා හිරුගේ සිට එන හානිකර පාරජම්බුල කිරණ මිහි මතට වැටීමට පටන් ගත්තා. මේ තත්වය වඩාත් උග‍්‍ර වූයේ දක්ෂිණ ධ‍්‍රැවය ආසන්න ප‍්‍රදේශවලයි.

රොබට් ස්වෝන් ඇතුළු ගවේෂක කණ්ඩායම මේ අළුතින් ක්ෂීන වූ ඕසෝන් වියන හරහා එන හානිකර කිරණ වල බලපෑම සෘජුව අත් වින්දා. ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයා ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර 1985 මුලදී බි‍්‍රතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂක පිරිසක් විසින්.

ඊට තෙවසරකට පසු ස්වෝන් ආක්ටික් හිම කඳු අතරින් උත්තර ධ‍්‍රැවයට පයින් යන විට ඊට වෙනස් ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ උණුසුම උච්ච වන්නේ වසරේ මැද කාලයේ. එවිට යම් තරමකට ආක්ටික් අයිස් වාර්ෂිකව දිය වනවා. (යලිත් සීත සෘතුවට ඒවා තැන්පත් වනවා.) එහෙත් පොතේ හැටියට අයිස් දියවීමට නියමිත ජූනි මාසයට වඩා දෙමසක් පමණ කලින් ආක්ටික් අයිස් දියවන බව ඔහුට පෙනී ගියා. මේ නිසා සැළසුම් කර තිබූ ගමන් මාර්ගය විටින් විට වෙනස් කිරීමට ඔහුගේ කණ්ඩායමට සිදු වුණා.

මේ අත්දැකීම් නිසා අද අප ග‍්‍රහලෝක මට්ටමින් මුහුණ පා සිටින පාරිසරික ප‍්‍රශ්න ගැන හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ඔහු ලබා ගත්තා. එහෙත් ඔහු අන්තවාදී හරිතවේදියකු නොවෙයි.

“අප බිහි වන්නට කලින් අපේ පෘථිවිය වසර බිලියන ගණනක් පැවතුණා. අප වඳ වී ගිය දිනෙකත් මේ ග‍්‍රහලෝකය පවතිනු ඇති. අපට තිබෙන අභියෝගය මිහිතලය මත අපේ වර්ගයාගේ හා අපෙන් අනතුරට පත්ව සිටින අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි,” ඔහු කියනවා.

ස්වෝන් පිවිතුරු බල ශක්තිය ගැන ලොව පුරා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් දේශන හා සංචාර කරනවා. “පරිසරයට සහජයෙන් නැඹුරු වූ ටික දෙනෙකු අතර මෑතක් වන තුරු කෙරුණු සංරක්ෂණ ව්‍යායාමය, අප සමාජ හා ආර්ථික ප‍්‍රධාන ප‍්‍රවාහයේ කොටසක් කළ යුතුයි. තිරසාර සංවර්ධනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නට හැකි වන්නේ හැම දෙනා ම එහි කොටස් කරුවන් වූවොත් පමණයි,” ඔහු කියනවා.

මෙබඳු පුළුල් දැක්මක් වැඩි දෙනෙකුට ලබා දීමේ අරමුණින් 2003 සිට වාර්ෂිකව ඔහු කෙටි කාලයන් සඳහා ඇන්ටාක්ටිකාවට තරුණ පිරිස් හා ව්‍යාපාර කළමණාකරුවන් කැඳවා ගෙන යනවා.

ලොකු කුඩා හැම ව්‍යාපාරිකයා ම එක කෝදුවෙන් මැන සැකයට පාත‍්‍ර කරන, ආර්ථික වර්ධනයට ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ග මුළුමනින් ප‍්‍රතික්ෂේප කරන මනෝ ලෝකයක ජීවත් වන අපේ ඇතැම් හරිතවේදීන්ට මෙබඳු තතු දන්නා, මහ පොළොව හරිහැටි හඳුනන පාරිසරික ක‍්‍රියාකාරිකයන් හොඳ ආදර්ශයක්.

Composite satellite image of Antarctica

Wanted: Young Lankans for Antarctica!

News feature published in Ceylon Today newspaper on 4 Nov 2012:

Wanted: Young Lankans for Antarctica!

By Nalaka Gunawardene

Sir Robert Swan, polar explorer

Environmentally inclined young Lankan men and women have a new opportunity to broaden their horizons: by joining an international youth expedition to the Antarctica!

This open invitation came from the polar explorer, environmental leader and motivational speaker Sir Robert Swan, who is in Sri Lanka on a short visit.

“Going to the Antarctica – the last great wilderness of the world, twice the size of Australia – is a life changing experience. We want more young people to experience it, and be transformed about what is happening to our environment, and what we can do about it,” he told a packed audience at the Galle Face Hotel on Saturday morning.

British born Swan, the first person in history to walk to both the North and South poles, has dedicated his life to the preservation of Antarctica by the promotion of recycling, renewable energy and sustainability to combat the effects of climate change.

His non-profit foundation, 2041 (www.2041.com), operates the world’s first educational base (E-Base) in Antarctica. Since 2008, it serves as a resource for teachers and an inspiration to young people around the world.

Swan introduced Imalka de Silva, said to be the first Lankan woman to visit Antarctica, who was part of an international team of youth who spent two and a half weeks at E-Base in early 2010.

“I want more young people to have that amazing experience, so that they too can champion the local environmental initiatives in a global context,” Imalka said.

She will soon be launching a new project that seeks to link the business community and environment conservation. Already, MAS Holdings (which organized the Robert Swan talk), Coca Cola (which sponsored his visit to Sri Lanka) and Millennium IT are interested in supporting competitively chosen young Lankans to visit the Antarctica, she revealed.

“Our concern for the environment needs to be broadened into a business opportunity, and only then will society change its ways,” she said.

Robert Swan, who has been spending time with selected youth groups working on environmental issues in Sri Lanka, added: “Sri Lanka can show regional leadership in motivating young people to act on environment and sustainability.”

Sir Robert Swan giving a talk in Sri Lanka – image by 2041.com

Surviving Chemicals and Making Sense of Them: Tips for Journalists

Despite the recent International Year of Chemistry (2011), chemicals don’t get good press in Sri Lanka. If at all they make it to the news, or become a current affairs topic, that is usually as a bad story: a chemical spill, water contamination or suspected pesticide residues in our food.

All these happen, and we should be concerned. But chemicals are everywhere in our modern lives — reducing drudgery, protecting us from disease and overall improving the quality of life. It’s all a question of balancing risks with benefits. Also discerning what we really need as opposed to what we want.

Focusing on bad news is the media’s typical approach, and demonising science and technology is common in many sections of our print and broadcast media. Such posturing also fits well into the prevailing narrative of the ‘whole world being out to undermine, destabilise and destroy us’. So chemical industries must be part of that ‘conspiracy’, no?

Many of Lanka’s environmental activists don’t allow facts and analysis to get in the way of a good scare story. Uncritical journalists and their editors often peddle their half-baked arguments and conspiracy theories unsupported by any evidence. Very few scientists speak out for science and reason.

So when the Centre for Environmental Justice (CEJ), a moderate advocacy group, invited me to talk to a group of journalists and broadcasters at a media workshop, I welcomed the opportunity.

I based my talk on five scientists each of who took on once-revered chemicals and formidable industry interests, all in the public interest. By showcasing these champions of public science, I wanted to show that there are honest, diligent scientists who engage in evidence-based advocacy. Not all scientists are part of some global conspiracy to poison us…

The five are those who worked tirelessly and left their mark in their discipline, and in how we look at chemical and environmental management:
Rachel Carson (1907 – 1964)
Alice Hamilton (1869 – 1970)
Sherwood Rowland (1927 – 2012)
Theo Colborn (1927 – )
Anil Agarwal (1947 – 2002)

I ended by urging journalists to look for credible and moderate scientists who are led by evidence, not conjecture or prejudice. Amplifying their voices is something we in the media are well positioned to do, but don’t do nearly enough.

Presentation to Media workshop on scientific reporting on chemical issues, organised by Centre for Environmental Justice in Colombo, 25 September 2012:

සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

This is the text of my (Sinhala language) column in Ravaya newspaper of 23 September 2012. I review two new books, both of much public interest, and written by two senior professionals who have been passionately committed to public safety for decades.

Protect Your Child from Injury (in Sinhala) is written by Dr Wijaya Godakumbura, while Traffic Signs, Road Markings and Traffic Signals is authored by T Perinpanayagam, a retired senior police officer.

T Perinpanayagam (left) and Dr Wijaya Godakumbura: Life-long commitment to safety

මේ සාහිත්‍ය මාසයයි. කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සතියයි. මේ නිසා මෑතදී මට හමුවූ පොත් දෙකක් ගැන අද කථා කරනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අළුත් පොත් සිය ගණනක් එළි දකිනවා. (මගේ 2011 කොලම් අතරින් 44ක් අඩංගු පොතක් ද ඒ අතර වනවා.) අතිශයින් විවිධ වූ රසිකත්වයකට හා පාඨක සමුහයකට දායාද කැරෙන මේ පොත් අතර නිර්මාණාත්මක මෙන්ම දැනුම වඩන පොත් ද තිඛෙනවා. පොතක අගය තීරණය වන්නේ එය පාඨකයන්ට සමීප වන ආකාරයටයි.

ඇතැම් පොත් චින්තන විප්ලවයන් කරන අතරේ තවත් පොත් ඉතා ප්‍රායෝගික ලෙසින් ජීවිතය අර්ථවත්, සාරවත් කර ගන්නට අත්වැලක් සපයනවා. හැම පොතකට ම ජීවිත බේරන්නට බැහැ. එබඳු පොත් ලියැවෙන්නේ ඉඳහිටයි. ගෙවී ගිය සති කිහිපය තුළ දිවි සුරකින දැනුම කැටි කර ගත් හරවත් පොත් දෙකක් එළි දක්වන උත්සවයන් මෙහෙයවීමේ වරම මට ලැබුණා. ඒවා ලියා ඇත්තේ මා අගය කරන, පොදු උන්නතියට කැපවුණු වෘත්තිකයන් දෙදෙනකු විසින්.

එයින් එක ලේඛකයෙක් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ වෛද්‍යවරයෙක් හා නව නිපැයුම්කරුවෙක්. අනෙක් ලේඛකයා සිය කැපවීම නිසා ජනාදරයට පත් වූ හා ජාත්‍යාන්තර පිළිගැනීමක් ලද පොලිස් නිලධාරියෙක්.

Protect Your Child from Injury – Book by Dr Wijaya Godakumbura
සුදීප ආරක‍ෂිත කුප්පි ලාම්පුවේ (www.safebottlelamp.org) නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා ලෙස ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජෝති විජය ගොඩකුඹුර මා මීට පෙර හඳුන්වා දී තිඛෙනවා (2012 ජනවාරි 15 කොලම). වසර 45ක් තිස්සේ මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුම ඛෙදා දෙන ඔහු 1971දී ලියූ “වෛද්‍යවරයෙක් කථා කරයි” නම් කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. දශක හතරකට පසු ඔහු ලියූ දෙවන සිංහල පොත නම් කර ඇත්තේ “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” කියායි.

වාර්ෂිකව ලොව පුරා මිලියන් 5.5ක් (ලක‍ෂ 55 ක්) දෙනා විවිධ අනතුරුවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව 12,000ක් පමණ වනවා. වැඩි වශයෙන් පුවත් වාර්තාකරණයට හසු වන්නේ මෙයින් සියයට 22ක් පමණ වන මාර්ග අනතුරුයි. එයට අමතරව දියේ ගිලීම්, පිලිස්සීම්, වැටීම්, විෂවීම්, මිනිමැරුම්, සියදිවි නසා ගැනීම් හා වෙනත් හදිසි අනතුරු නිසා නිකරුණේ හා අකාලයේ බොහෝ ජීවිත විනාශ වන සැටිත්, ඒ අතරින් ළමා ජීවිතවලට සිදුවන අනතුරු වැඩියෙන් ම ඛේදජනක වන සැටිත් වෛද්‍ය ගොඩකුඹුර සංඛ්‍යා ලේඛන දක්වමින් විස්තර කරනවා.

ළමයින්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඔවුන්ගේ අනතුරු හඳුනා ගැනිමේ හැකියාව අඩු අතර කුතුහලය හා හැම දෙයක් ම ගවේෂණය කිරීමේ ආසාව ඉහළයි. මේ සංයෝගය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බව ඔහු කියනවා.

“ඔවුහු දණ ගෑම, ගස් මතට නැගීම, පටු ස්ථාන අතරින් රිංගා යෑම, ගේට්ටුව මත පැද්දීම, තරප්පු අත්වැල දිගේ පහතට ලිස්සා යාම, දිවීම වැනිදේට ආශා කරති. යමක් අල්ලා ගැනීමේ සහ එය මුඛය තුළට දැමීමේ හැකියාව කුඩා කාලයේදීම වර්ධනය වන හෙයින් වස ශරිරගතවීමේ ප්‍රවණතාවයක් තිබේ. ආවරණයක් නැති ළිඳකට දණ ගා යන බිළිඳා, තම සෙවනැල්ල දැක එය අල්ලන්නට උත්සාහ කරයි. ගිනිදැල් දැකීමෙන් ආශ්වාදයක් ලබන හෙයින් යමක් දැල්වීමට අවස්ථාවක් ලදහොත් ඔවුන් එසේ කිරීමට ඉඩ ඇත.”

මෙකී නොකී විවිධාකාරයේ අනතුරු වීමේ හැකියාව අප හැමගේ ගෙදර, වත්ත පිටියේ, මහමඟ, කඩමණ්ඩිවල හා කාර්යාලවල එමට තිඛෙනවා. ඩෙංගු මදුරු උවදුර ගැන රජයට හා පළාත් පාලන ආයතනවලට දොස් තබන අප, ගෙදරදොරේ වෙනත් දිසි හා අදිසි අනතුරුවලින් අපේ දරුවන් බේරා ගන්නට කළ හැකි සියල්ල කරනවා ද? අනතුරුවලින් ජීවිත හානි සිදුවූ විට අසීමිත ලෙස කඳුළු සළන අපේ ටෙලිවිෂන් නාලිකා, අනතුරු වැළැක්වීමට පුළුල් ලෙස ජාතික සංවාදයක් ඇති කරන්නට සෑහෙන ගුවන් කාලයක් කැප කරනවා ද?

සෑම දිනක ම වළක්වා ගත හැකිව තිබු හදිසි අනතුරක් වළක්වා නොගත් හෙයින් දරුවකු අහිමිවීම නිසා ලෝකයේ පවුල් 2,000ක් අධික මානසික පීඩාවට පත් වන බවත්, දරුවන් පස් වැනි වියට පා තබන විට ඔවුන්ගේ ජීවත්වීමට ඇති විශාලතම බාධකය හදිසි අනතුරු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උපුටා දක්වමින් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අනතුරු දෙආකාරයි. “හිතාමතා ම කෙරෙන” හා “ඉබේ සිදුවන” (නොහොත් හදිසි අනතුරු) වශයෙන්. එහෙත් ගැඹුරට සිතීමේදී කිසිදු අනතුරක් ඉබේ සිදු නොවන බවත්, හදිසි අනතුරු සිදු වනවා නොව “සිදු වන්නට බොහෝ දෙනා ඉඩ හරින” බවත් ඔහු තර්ක කරනවා.

මෙයට ප්‍රධාන හේතු වන්නේ නොදන්නාකම හා නොසැලකිල්ලයි. “මේ බව වටහා ගෙන තමාගේ නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා තමාගේ හෝ වෙනත් අයකුගේ දරුවකුව අනතුරක් වීමට ඉඩ නොතැබීම අප සැමගේ වගකීමයි,” ඔහු අවධාරණය කරනවා.

අනතුරුවලින් සියයට 95ක ම ළමා මරණ සිදු වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළු අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලයි. එමෙන්ම සෑම එක් මරණයකට ම සාපේක‍ෂව දහසක් දෙනා අනතුරුවලට මුහුණ පා දිවි ගලවා ගන්නවා. එහෙත් ඒ ඇතැම් දෙනා සදහට ම දුබලතා, සමේ කැලැල් හෝ මෝළයේ ආබාධ සමඟ ජීවත් වනවා.

ළමයින් අනතුරුවලින් බේරා ගැනීම දෙමවුපියන්ගේ හා සෙසු වැඩිහිටියන්ගේ වගකීමක් වන අතර එයට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක ගැන සමස්ත සමාජයට හා රජයට ද වගකීමක් පැවරෙනවා. උදාහරණ නම් ක්‍රීඩා පිට්ටනි නැතිකමින් මහ පාරේ සෙල්ලම් කරන ළමයින්, මහමාර්ග හා දුම්රිය මාර්ග අයිනේ (මිදුලක් නැතිව) නිවාස පිහිටා තිබීම, තාප්ප රහිත ළිං, වැටක් රහිත තරප්පු පේලි, අඩු මිළැති අනාරක‍ෂිත කුප්පි ලාම්පු භාවිතය.

වෛද්‍ය ගොඩකුඹුර කියන්නේ නැතිබැරිකම ළමා අනතුරුවලට විවිධාකාරයෙන් දායක වන බවයි. උදා: ළමයින් හට සුපරික්‍ෂාව ලබා දීමට අපහසුවීම හා දැනුම, තොරතුරු හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට අවස්ථා හිඟ වීමයි.

අනතුරු වළක්වා ගැනීමේ දශක ගණනක සිය දැනුම හා අත්දැකීම් වෛද්‍ය ගොඩකුඹුර මේ පොතේ සරලවත් තර්කානුකූලවත් කැටි කොට තිබෙනවා. ඔහු එය තුන් ආකාරයකට වර්ග කරනවා. අනතුරක් මුළුමනින් ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය) ද්විතීය ක‍්‍රියා මාර්ගයයි. අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

මේ පොතේ මා දකින සුවිශේෂත්වය නම් අනතුරු වළක්වා ගන්නට, එක් එක් අයට ගත හැකි ලොකු හා කුඩා පියවර නිරවුල්ව ඉදිරිපත් කර තිබීමයි. මෙය දුවන ගමන් කළ මාධ්‍ය වාර්තාවක් නොවෙයි. කලක් තිස්සේ මහත් ඕනෑකමින් හා ක‍්‍රමීය මට්ටමින් අධ්‍යයනය කොට, මනසින් හා හදවතින් කරන විග‍්‍රහයක්.

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්‍ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් කතුවරයා පෙන්වා දෙනවා.

Book on Traffic Signals, Road Signs and Traffic Lights, by T Perinpanayagam
අනතුරුවලින් සංඛ්‍යාත්මකව වැඩි ප‍්‍රතිශතයකට වග කියන මාර්ග අනතුරු ගැන සිය ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් ක‍්‍රියා කරන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටී. පෙරින්පනායගම් මහතාගේ නවතම කෘතිය ”රථවාහන සංඥ, මාර්ග සළකුණු හා ආලෝක සංඥ” නමින් පසුගියදා ප‍්‍රකාශයට පත් වුණා.

වෛද්‍ය ගොඩකුඹුර මෙන් ම පෙරින්පනායගම් මහතා ද දිවි සුරකින්නට සිය දිවිය කැප කළ, තම ක්‍ෂෙත‍්‍රයේ ගැටළු හා අභියෝග මනා සේ අධ්‍යයනය කොට, මහත් ඕනෑකමින් සන්නිවේදනය කරන්නෙක්.

අපේ මහාමාර්ගවල කලක සිට පැවත එන රථවාහන සංඥ හා මාර්ග සළකුණු මෙන් ම අළුත් ඒවා ද දැන් දක්නට ලැබෙනවා. ඒ ගැන අළුතින් රිය පදවන්නට පටන් ගන්නා අයටත් කලක් තිස්සේ රිය පදවන හැමටත් නිරවුල් හා පැහැදිලි දැනුමක් ලබා දීම මේ කතුවරයාගේ අරමුණයි.

නමුත් හුදෙක් රියදුරන්ට පමණක් නොවෙයි. මහමග ඇවිදින, බයිසිකල් හා මෝටර් සයිකල් පදවන සැමටත් අදාළ ප‍්‍රායෝගික දැනුම හා උපදෙස් මෙහි අඩංගුයි. එපමණක් නොවෙයි රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට හා මාර්ග සළකුණු පිහිටුවීම හා නඩත්තු කිරීම කරන පළාත් පාලන ආයතන සහ (මාර්ග අධිකාරිය වැනි) සෙසු රාජ්‍ය ආයතනවලටත් වැදගත් වන සංකල්පමය නිරවුල් බව මේ පොතෙන් සැකෙවින් හා සරලව ලබා දෙනවා.

1957දී උප පොලිස් පරික්‍ෂකයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිසියට බැඳුණු පෙරින්පනායගම් මහතා 1993-1997 කාලය තුළ රථවාහන පරිපාලනය පිළිබඳ මෙරට මුල් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා. රථවාන පොලිස් නිලධාරීන් පළඳින විශේෂිත සුදු ඇඳුම, තොප්පිය හා සුදුපටිය 1987දී ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්.

ආරක්‍ෂිත මහාමාර්ග හා ප‍්‍රවේශම්කාරී මාර්ග භාවිතය ගැන ඔහුගේ උනන්දුව පොඩියක්වත් අඩු වී නැහැ. මාර්ග හා රථවාහන පුහුණු අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියටත්, දෙස් විදෙස් විද්වත් සමිති සමාගම් ගණනාවක ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ඔහු සිය ක්‍ෂෙත‍්‍රයේ සක‍්‍රියව නිරතව සිටිනවා.

2011-2020 කාලය මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එයට දේශීය වශයෙන් අනුබල දෙන්නේ WHO සංවිධානයයි. ශ‍්‍රී ලංකාවේ දිනකට මාර්ග අනතුරු 150ක් සිදු වන අතර එයින් ජීවිත අහිමි වන සංඛ්‍යාව 6 දෙනෙකු පමණ වන බවත්, 1977-2007 දක්වා 30 වසරක කාලය තුළ මාර්ග අනතුරු නිසා ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් මිය ගිය බවත් WHO දේශීය නියෝජිත ආචාර්ය එෆ්. ආර්. මේථා පොතට පණිවුඩයක් ලියමින් කියනවා.

මේ පොත් දෙකේ ම කතුවරුන් අපට මතක් කරන්නේ අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට ඔබ්බෙන් තවත් සමාජ බලපෑම් රැසක් ද ඇතිවන බවයි. දිවි ගලවා ගෙන ආබාධිත වන අය, නැවතත් රැකියාවක් කිරීමේ වරම අහිමි වන අය නිසා ඔවුන්ගේ පවුල්වලට, සමාජයට හා ආර්ථිකයට ඇති වන විපාක එක එල්ලේ ගණන් බැලීම පවා අපහසුයි.

සියළුම අනතුරුවලින් තොරවු රටක් හෝ සමාජයක් හෝ නැහැ. එහෙත් පොදු හා පෞද්ගලික පියවර තුළින්, දැනුවත්වීම හා අවධි වූ සිහියෙන් ක‍්‍රියා කිරීම හරහා අනතුරු අවම කරගත් දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද තිබෙනවා.

වෛද්‍ය ගොඩකුඹුර හා පෙරින්පනායගම් වැනි විද්වතුන්ගේ දැනුමෙන් හා දැක්මෙන් ලක් සමාජය නිසි ඵල නෙළා ගන්නට නම් රාජ්‍ය, විද්වත්, පෞද්ගලික හා ස්වෙච්ඡ සංවිධාන ඒ උතුම් අරමුණු වටා ඒකරාශි විය යුතුයි. ඒ සඳහා ඇස් හා මනස විවර කරවන මේ පොත් දෙක, සෑම ගෙදරක ම තිබිය යුතුයි.

Ozone Friendly Pure Ceylon Tea: The Cup that Cheers now Saves Ozone!

Text of my article that appears in Ceylon Today newspaper, on 20 September 2012

Ozone Friendly Logo adorns Ceylon Tea packaging – photo by Nalaka Gunawardene

On 21 September 2012, the UN Environment Programme (UNEP) will honour Sri Lanka for its long standing commitment to preserving the ozone layer.

At a special ceremony at Jana Kala Kendraya (Folk Art Centre) in Battaramulla, a global plaque is to be presented to the Speaker of Parliament and Minister of Environment by Marco Gonzalez, Executive Secretary of UNEP’s Ozone Secretariat.

This is one of six events worldwide to mark the 25th anniversary of the Montreal Protocol on Substances that Deplete the Ozone Layer — the world’s most widely subscribed international law.

Since it signed and ratified the Montreal Protocol in 1989, Sri Lanka has been active on several fronts to phase out various industrial and agricultural chemicals that damage the ozone layer – a natural occurring atmospheric phenomenon that protects all life from the Sun’s ultraviolet rays.

Among the many accomplishments is introducing the world’s first ozone friendly tea. The May 2011 launch of ‘Ozone Friendly Pure Ceylon Tea’ logo highlighted a remarkable success story of a developing country complying with a global environmental treaty while also enhancing a major export industry.

The logo is already displayed by many Ceylon Tea manufacturers and distributors. It marks another value addition to the island’s best known export product, an industry worth US Dollars 1.5 billion a year.

The logo reminds Ceylon Tea drinkers worldwide that their favourite ‘cuppa’ has been produced without harming the Ozone Layer. That means our tea is growing without any Methyl Bromide on tea plantations. Instead, ozone-friendly substitutes are now used as fumigants to protect tea bushes from pest attacks, particularly the nematodes (roundworms).

The Montreal Protocol requires all Methyl Bromide use to end by 1 January 2015 (except in emergency situations and quarantine purposes). Sri Lanka got there ahead of schedule.

“Sri Lanka is renowned for its creative activities to raise public awareness on ozone layer protection. The Ozone-Friendly Ceylon Tea logo is another significant achievement of Sri Lanka,” says Atul Bagai, Senior Regional Coordinator of UNEP’s OzonAction team based in Bangkok, Thailand.

He sees multiple benefits from this branding exercise: “Considering the worldwide popularity of Ceylon Tea, this initiative will greatly contribute to the global efforts to protect the ozone layer.”

Searching for Substitutes

It took many years and involved collaboration between government agencies, private companies, scientists and the international community.

Producing Ceylon Tea — known for its distinctive and diverse range of flavours — is as much an art as it’s a science. In recent years, Sri Lanka’s tea industry has modernised manufacturing, distribution and marketing. It has also responded to rising consumer expectations and regulatory requirements in export markets.

The Sri Lanka Tea Board believes that ‘Ozone Friendly’ status could give a competitive advantage for Ceylon Tea at a time when ethically and environmentally responsible products are gaining markets around the world.

Methyl Bromide, also known as Bromo-methane, is a colourless, odourless and highly toxic gas at normal temperatures and pressures. It has been widely used in agriculture since the 1930s to fumigate the soil against weeds, harmful insects and worms. It is a versatile pesticide that works against various creatures that attack crops both in the field and at storage.

UNEP says alternatives have been identified for most Methyl Bromide applications. These include using other chemicals, as well as non-chemical measures such as solarisation, exposure to steam or hot water, and crop rotation.

The National Ozone Unit of the Ministry of Environment initiated action to phase out Methyl Bromide in tea plantations over a dozen years ago. The Tea Research Institute (TRI), working with tea plantation companies, found some environmentally friendly alternatives. The Registrar of Pesticides, the state regulator for all agro-chemicals, was also consulted.

In fact, the search for substitutes started in the mid 1990s when the Ministry of Environment alerted the TRI about on-going discussions at Montreal Protocol meetings about controlling Methyl Bromide.

Perceptive officials realised how the highly technical discussions being held in far away places could one day affect how Ceylon Tea was grown and marketed.

Dr Janaka Ratnasiri, then head of the Ministry’s Montreal Protocol Unit, recalls negotiations at Montreal Protocol meetings in the late 1990s. “We had to persuade other countries to get tea included in the list of crops eligible for research funding to eliminate Methyl Bromide. Initially only five other crops – grown mainly in the west – were on that list.”

To make matters more difficult, no other tea-growing country was using this chemical. But his ‘scientific diplomacy’ worked, and Sri Lanka’s case to add tea to the crop list was accepted.

In 1995, the TRI responded with a proposal to research for substitutes. Initial funding support came from the Norwegian aid agency NORAD. The Multilateral Fund of the Montreal Protocol, set up to assist developing countries in protecting ozone, helped continue that research and field testing.

“TRI scientists, led by Ms Sushila Vitarana, worked with meagre sums of money and came out with several recommendations for adoption by the tea plantations,” says Dr Ratnasiri.

Many Hands, One Aim

During the past few years, all Sri Lankan tea plantations – large and small – have gradually introduced substitutes to Methyl Bromide. For example, plantations owned by Sri Lanka’s Dilmah Tea, among the top five global tea brands, have switched to using Basamid-Granular for soil fumigation.

“Although the new methodology is cumbersome, our plantations have adopted it unreservedly in order to reduce the damage to ozone layer,” says Dilhan C Fernando, marketing director of Dilmah Tea.

It was the partnership between policy makers, researchers, tea plantation companies and the development donors that enabled the Sri Lankan tea industry to wean itself from a decades-long dependence on a trusted chemical.

Janaka Gunawardana, Director of the National Ozone Unit with ozone friendly Ceylon Tea
“This is a good example of public-private partnership (PPP),” says Janaka Gunawardana, Director of the National Ozone Unit. “It was with the support from the private sector tea plantation companies that Sri Lanka was able to eliminate Methyl Bromide use. And now, we are using this environmentally responsible conduct to enhance the brand value of Ceylon Tea worldwide.”

“Public-private partnerships are very helpful in implementing international treaties such as the Montreal Protocol,” says Gunawardana. “They can be challenging at times, but we want to build up more collaborations with the private sector.”

The Tea Board aims to have all tea exports displaying the ozone friendly logo by end 2012.

“All tea grown in Sri Lanka is now 100% ozone-friendly. This is a distinction of which no other tea-producing nation can boast,” says the Tea Board website, www.pureceylontea.com.

It adds: “When you reach for a cup of Ceylon Tea, you’re not just refreshing yourself; you’re also helping refresh and renew an environmental resource critically important to all life on Earth.”

Shattered Sky: New film on climate advocacy lessons of ozone protection

A film by Steve Dorst and Dan Evans.

An invisible compound threatens Earth’s life-support systems, with effects so pervasive that scientists sound the alarm, businesses must innovate, politicians are forced to take action—and American leadership is absolutely vital. Climate change? No…the hole in the ozone layer. For the first time in film, Shattered Sky tells the story of how—during geopolitical turmoil, a recession, and two consecutive Republican administrations— America led the world to solve the biggest environmental crisis ever seen. Today, will we dare to do the same on energy and climate?

A film by Steve Dorst and Dan Evans. The story of how America led the world to solve the biggest environmental crisis ever seen. Today, will we dare to do the same on energy and climate?

A new film looks at American leadership during the ozone crisis and compares it to the situation with global warming today. A good interview with the filmmaker.

සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

This week’s Ravaya column (in Sinhala) is about a maverick scientist: Dr Yang Saing Koma. For 15 years, this Cambodian agronomist has driven a grassroots revolution that is changing farming and livelihoods in one of the least developed countries in Asia.

A champion of farmer-led innovation in sustainable agriculture, Koma founded the Cambodian Centre for Study and Development in Agriculture (CEDAC) in 1997. Today, it is the largest agricultural and rural development organisation in Cambodia, supporting 140,000 farmer families in 21 provinces.

He has just been honoured as one of this year’s six recipients of the Ramon Magsaysay Awards — the Asian Nobel Prize. I wrote about him in a recent English column too.

Dr Yang Saing Koma, visionary behind Cambodia’s rice farming revolution – photo courtesy Cornell University SRI website

ලක් ගොවීන් රසායනික පොහොරට දැඩි සේ ඇබ්බැහි වීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එ අතර කෘෂි විද්‍යා ක්‍ෂෙත‍්‍රය ද මනාව දත් පාඨකයකු කීවේ “ශ‍්‍රී ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට මෙබඳු ගෝලීය ප‍්‍රවණතාවලට එරෙහිවීමට අවශ්‍ය වුවත් ලෙහෙසියෙන් කළ නොහැකි බවයි”.

ඕනෑ ම ඇබ්බැහිකමකින් අත්මිදීම අසීරුයි. එහෙත් අපේ රට ඇතැම් දෙනා සිතන තරම් කුඩා හෝ “අසරණ” හෝ නොවන බව මා මීට පෙර මේ කොලමින් සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා. ඕනෑකම හා අධිෂ්ඨානය ඇත්නම් අපේ අයාලේ ගිය කෘෂි ක්‍ෂෙත‍්‍රය නැවතත් යහපත් ප‍්‍රතිපත්ති හා පුරුදුවලට යොමු කර ගත හැකියි.

ගෝලීය පසුබිම තුළ අපේ රටේ “අසරණකම” ගැන අශූභවාදී තර්ක කරන අයට මා ගෙන හැර දක්වන්නේ අපටත් වඩා කුඩා, දුගී බවින් අධික ආසියානු රටවල් යහ අරමුණු සාර්ථක ලෙස ජය ගන්නා හැටියි. රසායනික පොහොර මත අධික ලෙස යැපීමේ හරිත විප්ලව සංකල්පයෙන් මෑතදී ඉවත් වූ කාම්බෝජයේ උදාහරණය මා අද මතු කරන්නට කැමතියි.

1958 සිට පිලිපීනයේ ස්වාධීන පදනමක් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන රේමන් මැග්සායිසායි ත්‍යාගය (Ramon Magsaysay Award) ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වනවා. එය පිරිනමන්නේ සිය රටට, සමාජයට හා ලෝකයට සුවිශේෂී සේවයක් කරන අයටයි.

2012 මැග්සායිසායි ත්‍යාග අගෝස්තු 31 වනදා පිලිපීනයේ මැනිලා අගනුවරදී උත්සවාකාරයෙන් පිරිනමනු ලැබුවා. එහිදී මහජන සේවය සඳහා වන මැග්සායිසායි ත්‍යාගය කාම්බෝජයේ ආචාර්ය යැං සයිංග් කෝමාට (Dr. Yang Saing Koma) හිමි වුණා. සිය රටෙහි ගොවිතැන් කටයුතුවල නිහඬ විප්ලවයක් කරමින් සහල් නිෂ්පාදනය වැඩි කරන අතර ගොවීන්ගේ ජීවන තත්ත්වය හා ආත්ම අභිමානය දියුණු කිරීම ත්‍යාගයේ හේතු පාඨය ලෙස සඳහන් වුණා.

ආසියාවේ වඩාත් දුගී දුප්පත්කම වැඩි රටක් වන කාම්බෝජයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් 930යි. එරට සමස්ත ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 33ක් ලැබෙන්නේ බෝග වගාවෙන් හා සත්ත්ව පාලනයෙන්. එරට මිලියන් 14ක ජනයාගෙන් තුනෙන් දෙකක් ජීවිකාව සපයා ගන්නේ් වී ගොවිතැනින්.

සිය රටේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නම් වී ගොවිතැනින් පටන් ගත යුතු බව ජර්මන් සරසවියකින් ශෂ්‍ය විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා 1995දී සිය රට පැමිණි ආචාර්ය කෝමා මනා සේ වටහා ගත්තා. එහෙත් බටහිරින් උගෙන අපේ වැනි රටවලට ආපසු පැමිණ එ් දැනුම ගෙඩි පිටින් ආරෝපණය කරන උගතුන්වට වඩා කෝමා වෙනස් චරිතයක්.

ඔහුට ක‍්‍රමීය චින්තනයක් තිබෙනවා. ප‍්‍රශ්නවල මුල සොයා ගවේෂණය කිරීමත්, රෝග ලක්‍ෂණවලට මතුපිටින් ප‍්‍රතිකර්ම යොදනවා වෙනුවට රෝග නිධාන සොයා ප‍්‍රතිචාර දැක්වීමත් ඔහුගේ ක‍්‍රමවේදයයි.

ගොවීන්ගේ අවශ්‍යතාවන්ට කේන්ද්‍ර වූ ගොවිතැන් පිළිවෙත් මතු කර ගැනීම මුල පටන් ම කෝමාගේ ප‍්‍රමුඛතාවය වුණා. බොහෝ රටවල් කරන්නේ ජාතික අස්වනු ඉලක්ක සාදා ගෙන, එවා සාක්ෂාත් කරන්නට ගොවීන් ඉත්තන් සේ යොදා ගැනීමයි. එ මහා පරිමාණ ව්‍යාපෘතිවලදී, කෙටි කාලීන අධික අස්වනු ලැබීම සඳහා උවමනාවට වඩා කෘෂි රසායන ද්‍රව්‍ය යොදමින් කඩිනම් අරගලයක් කරනවා. දේශපාලන උද්යෝගපාඨ හා ජාතිකාභිමානී ප‍්‍රකාශ හමාර වූ පසු ණය බරිත වූ ගොවීන් ගැන නිලධාරීන් හෝ දේශපාලකයන් හෝ තකන්නේ නැහැ (අඩු තරමින් ඊළඟ මැතිවරණය එලඹෙන තුරු!)

මේ ක‍්‍රමයට වෙනස් වූ, කළබල නැති, ගොවි හිතකාමී හා පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කරන්නට 1997දී කෝමා ගොවි කටයුතු අධ්‍යයන හා සංවර්ධනයට කැප වූ කාම්බෝජියානු කේන්ද්‍රය (Cambodian Centre for Study and Development in Agriculture, CEDAC) නම් රාජ්‍ය නොවන, ස්වෙච්චා සංවිධානය ඇරඹුවා. වසර 15ක් තුළ CEDAC ගොවි කටයුතු හා ග‍්‍රාම සංවර්ධනය පිළිබඳ කාමිබෝජයේ විශාලතම ජනතා සංවිධානය බවට පත් වී තිබෙනවා. අද ඔවුන් පළාත් 21ක ගොවි පවුල් 140,000ක් සමඟ ගනුදෙනු කරනවා. ගොවි තොරතුරු ජාල හරහා තවත් විශාල ගොවි ජනතාවක දැනුම වැඩි කරනවා.

Dr Yang Saing Koma photo courtesy Friedrich Naumann Foundation Southeast & East Asia

ආචාර්ය කෝමා අප සාමාන්‍යයෙන් සිතින් මවා ගන්නා ආකාරයේ (රැවුල වවා ගත්, උද්‍යොගපාඨ කියමින් මොර දෙන) විප්ලවවාදියකු නොවෙයි. ඔහු සිරුරින් කෙසග, සිහින් හඬින් කථා කරන, ඉතා ආචාරශීලී පුද්ගලයෙක්. එහෙත් මේ කුඩා මිනිසා චින්තන විප්ලවයක් හරහා කාම්බෝජ ගොවිතැන නව මගකට යොමු කර තිබෙනවා. උගත්කමේ මාන්නය පොඩියක්වත් නැති මේ අපුරු විද්‍යාඥයා ගොවීන්, කෘෂි පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් මෙන් ම අදාළ පෞද්ගලික සමාගම් නියෝජිතයින් සමඟත් සාමූහිකව කටයුතු කරමින් පොදු උන්නතියට ක‍්‍රියා කරන අයෙක්.

කෝමා සහ CEDAC ආයතනයේ බලපෑම ඉතා හොඳින් කියා පාන උදාහරණය නම් වී වගාවේ SRI ක‍්‍රමය (System of Rice Intensification) කාම්බෝජයේ ව්‍යාප්ත කිරීමයි. දශකයක් තුළ වී ගොවීන් 100,000කට වැඩි දෙනෙකු SRI ක‍්‍රමයට නම්මවා ගන්නටත්, එ් හරහා එරට වී අස්වැන්න 60%කින් වැඩි කරන අතර රසායනික පොහොර හා දෙමහුම් වී ප‍්‍රභේද භාවිතය බොහෝ සෙයින් අඩු කිරීමටත් හැකි වී තිබෙනවා.

2002දී ටොන් මිලියන 3.82ක් වූ කාම්බෝජ වාර්ෂික වී නිෂ්පාදනය 2010 වන විට ටොන් මිලියන් 7.97 දක්වා ඉහළ ගියා. මේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් SRI ක‍්‍රමය හරහා ලැබුණු බව එරට රජය පිළි ගන්නවා. 2005දී කාම්බෝජය නිල වශයෙන් SRI ක‍්‍රමය එරට වී නිෂ්පාදන ක‍්‍රමෝපායක් බවට පත් කළා.

වී වගාවේ SRI ක‍්‍රමය මුලින් ම අත්හදා බලා හඳුන්වා දුන්නේ අප‍්‍රිකා මහද්වීපයට සමීප මැඩගස්කාරයේයි. 1980 ගණන්වල සුළුවෙන් ඇරඹි මේ ක‍්‍රමය මේ වන විට වී වගා කරන ඝර්ම කලාපයේ බොහෝ රටවල පැතිරී තිබෙනවා. SRI ක‍්‍රමය මෙරටට හඳුන්වා දී ඇතත් එතරම් ප‍්‍රචලිත වී නැහැ.

SRI ක‍්‍රමයේදී උත්සාහ කරන්නේ වඩාත් සකසුරුවම් ලෙසින් වාරි ජලය යොදා ගෙන වී වගා කිරීමට. සාම්ප‍්‍රදායිකව කුඹුරුවලට විශාල ජල ප‍්‍රමාණයක් යොමු කරනවා. 1990 ගණන්වලදී ආචාර්ය රේ විජේවර්ධන වරක් මට කීවේ වී කිලෝ එකක් නිපදවන්නට වාරි ජලය ටොන් 20ක් පමණ යොදන බවයි. මේ ජලයෙන් ඉතා වැඩි ප‍්‍රමාණයක් කරන්නේ වෙල් යායේ වල් පැළෑටි බිහි වීම වැළැක්වීම. වී ශාකය වර්ධනයට එතරම් ජලය කන්දරාවක් උවමනා නැහැ.

වල් පැළෑටි පාලනය සඳහා ජලය වෙනුවට තෙත කොළරොඩු (leaf mulch) යොදන SRI ක‍්‍රමයේදී කුඹුරුවල ජල අවශ්‍යතාවය බාගයකටත් වඩා අඩු කරනවා. ජල හිඟයට නිතර මුහුණ දෙන අද කාලේ මෙය විශාල සහනයක්.

SRI ක‍්‍රමයේ තවත් වෙනසක් නම් ඉතා ලාබාල (දින 10-12) වියේදී ගොයම් පැළ නිශ්චිත දුරකින් කුඹුරේ සිටුවීමයි. එමෙන් ම ගොයම් පැළ අතර (පසට නයිට‍්‍රජන් පොහොර තනා දීමේ ස්වභාවික හැකියාව ඇති) වෙනත් බෝග වවන්නට (inter-cropping) ගොවීන් උනන්දු කරවනවා. මෙබඳු පියවර කිහිපයක් හරහා අඩු ජලයක් හා අඩු රසායනික පොහොර යොදා වුවත් හොඳ අස්වැන්නක් ලද හැකියි.

1999දී SRI ක‍්‍රමය ගැන විදෙස් සඟරාවක ලිපියක් කියවූ ආචාර්ය කෝමා මුලින් එය තමන්ගේ වෙල් යායේ අත්හදා බැලූවා. ”මට උවමනා වුයේ මේ සංකල්ප කාම්බෝජයේ තත්ත්වයන්ට ගැලපෙනවා ද යන්න තහවුරු කර ගන්නයි. එය ප‍්‍රතිථල පෙන්වන විට මා අසල්වැසි ගොවි මහතුන් කැඳවා එය පෙන්නුවා. මුලින් ඔවුන් මේ ක‍්‍රමය විශ්වාස කළේ නැහැ. මා සතු සියළු දැනුම ඔවුන්ට දී මා කිව්වේ එය අත්හදා බලන්න කියායි”.

මෙසේ කුඩා පරිමාන වී ගොවීන් ටික දෙනෙකුගෙන් පටන් ගත් කාම්බෝජයේ SRI ක‍්‍රමය වසර කිහිපයක් තුළ රට පුරා ව්‍යාප්ත වී ගියා. එය ඉබේ සිදු වුයේ නැහැ. කෝමා හා CEDAC ආයතනය ආදර්ශක කෙත් යායන් පවත්වා ගෙන ගියා. රට පුරා සංචාරය කරමින් ගොවීන්ට ශිල්පක‍්‍රම කියා දුන්නා. ගොවි සඟරාවක්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය හරහා අත්දැකීම් බෙදා ගත්තා.

“මා හැම විට ම අපේ ගොවීන්ට කියන්නේ පොතේ උගතුන් වන අප කියන දේ එක විට පිළි ගන්නට එපා. ඔබ ම අත්හදා බලන්න. ඔබේ ගැටළු විසඳමින් වැඩි අස්වනු ලබා දෙන ක‍්‍රමවේදයක් පමණක් දිගට ම භාවිත කරන්න.”

කෝමා, ගොවීන්ගේ සහජ බුද්ධිය හා ප‍්‍රායෝගික දැනුම ඉතා ඉහළින් අගය කරන අසාමාන්‍ය ගණයේ උගතෙක්. “ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ සිටින ඉහළ ම විශේෂඥයන් වන්නේ කුඩා පරිමාණයේ ගොවියන් හා ගෙවිලියන්. විද්‍යාව ෙසෙද්ධාන්තිකව උගත් අප වැනි අය ගොවීන්ගෙන් ගුරුහරුකම් ලද යුතුයි! ඔවුන්ගෙන් උගනිමින්, ඔවුන් සමඟ ගොවිතැනේ ගැටළු විසඳීම කළ යුතුයි!”

කෝමා මෙසේ කියන විට මට සිහි වන්නේ ආචාර්ය රේ විජේවර්ධනගේ එ සමාන ආකල්පයන්. (2011 අගෝස්තු 21 හා 28 කොලම් බලන්න.) මූණ ඉච්ඡවට ගොවි රජා හා ගොවි මහතා ආදී යෙදුම් භාවිතා කළත් අපේ පොතේ උගතුන් හා පර්යේෂකයන් ගොවීන් ගැන දරණ ආකල්ප මා හොඳාකාර දැක තිබෙනවා. ලොව පුරා මේ පොත-කෙත අතර පරතරය තිබෙනවා.

කාම්බෝජයේ කෘෂිවිද්‍යා උපාධිධාරීන් ගොවි බිමට ගෙන ගොස් ඔවුන් සැබැවින් ම ගොවිතැනට යොමු කරන්නට කෝමා උත්සාහ කරනවා. SRI ක‍්‍රමයේ සාර්ථකත්වයෙන් පසු ඔහු තෝරා ගෙන ඇති ඊටත් වඩා භාර දුර අභියෝගය නම් එරට ගතානුගතික සරසවි හා වෘත්තීය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ දැක්ම පුළුල් කිරීමයි.

“මා හැම ගොවියකු ම දකින්නේ මනුෂ්‍යයකු හැටියටයි. ඔවුන්ට උපතින් ලද සහජ බුද්ධියත්, කුසලතාවයත් තිබෙනවා. එයට අමතරව අප බොහෝ දෙනාට නැති ප‍්‍රායෝගික අත්දැකීම් රැසක් තිබෙනවා. අප උත්සාහ කරන්නේ ගොවීන්ට ගෞරවාන්විතව සළකමින් ඔවුන් සමඟ සහයෝගයෙන් ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී හා පරිසර හිතකාමී කරන්නටයි.” ඔහු කියනවා.

පරිසර හිතකාමී ගොවිතැනේදී අළුත් සංකල්ප හා ක‍්‍රමවේදයන් ගොවින් තුළින් ඉස්මතු කිරිමේ අරමුණින් ආසියාව හා අප‍්‍රිකාව පුරා කි‍්‍රයාත්මක වන PROLINNOVA නම් පර්යේෂණ ජාලයකට 2004 සිට CEDAC ආයතනය සම්බන්ධ වී සිටිනවා. මේ ජාලයේ දශකයක ක‍්‍රියාකාරකම් ගැන කෙටි වාර්තා චිත‍්‍රපට මාලාවක් 2010-11දී මා නිෂ්පාදනය කළා. එහි එක් කතාවක් සඳහා අප තෝරා ගත්තේ කාම්බෝජයේ ප‍්‍රති-හරිත විප්ලවයයි.

“ගොවියාට සවන් දෙන්න. ඔහුගේ මතයට ගරු කරන්න. සෙමින් සෙමින් පවත්නා තත්ත්වය වෙනස් කරන්න!” විනාඩි 40ක් පුරා ඔහු පටිගත කළ විඩියෝ සම්මුඛ සාකච්ඡව පුරා නැවත නැවතත් කීවේ මෙයයි. සාකච්ඡවේ ඉංග‍්‍රිසි පිටපත කියවන්න http://tiny.cc/KomaInt

විද්‍යා ගුරුකුලවාදයක් හෝ දේශපාලන මතවාදයක් හෝ කුමන්ත‍්‍රණ මානසිකත්වයක් නැති මේ දාර්ශනික කෘෂි විද්‍යාඥයාට අවශ්‍ය කාම්බෝජයේ ගොවීන්ගේ ජිවන මට්ටම නඟා සිටුවමින් එරට පරිසරය හා සොබා සම්පත් රැක ගැනීමයි. ඔවුන් දෙදෙනා කිසි දිනෙක මුණ නොගැසුනත්, කාම්බෝජයේ රේ විජේවර්ධන හැටියට යං සයින් කෝමා මා දකින්නේ එ නිසයි.

කෙටි වාර්තා චිත‍්‍රපට නරඹන්න: http://tiny.cc/ProFilms

සිවුමංසල කොලූගැටයා #79: ඊයම් දුෂණය ජය ගත් අපට දැන් ඞීසල් සල්ෆර් අභියෝගයක්

In this week’s Ravaya column (in Sinhala), I look back at the scientific, legal and policy struggles in Sri Lanka that finally god rid of lead additives in petrol (gasoline) in 2002. It is a success story in safeguarding public health and combating environmental pollution that holds valuable lessons in a new challenge that confronts us: how to reduce sulphur content in the diesel distributed in Sri Lanka that currently contains one of the highest sulphur levels in Asia. This is now urgent and important with WHO confirming diesel fumes cause lung causer.

Similar ground was covered in my English column on 15 July 2012: When Worlds Collide #24: Kicking Lead in Petrol – Lessons for Cleaning up Dirty Diesel?

The cancer we breathe everyday, courtesy Ceylon Petroleum Corporation, CPC!

අපේ දරුවන් විවිධාකාර අනතුරු හා අතවරවලින් බේරා ගන්නේ කෙසේ ද යන්න බොහෝ දෙමවුපියන්ට අද තිබෙන විශාල ප‍්‍රශ්නයක්. බාහිරින්, ඇතුළතින් — සිතු හා නොසිතු — ප‍්‍රභවයන්ගෙන් මතු වන අනේකවිධ උපද්‍රවවලින් දරුවන් පමණක් නොවෙයි, වැඩිහිටියන්ට පවා බේරී සිටීම ලොකු අභියෝගයක්.

පණ කෙන්ද රැුක ගැනීමේ දෛනික අරගලයේදී බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ ඇසට පෙනෙන හා අනෙකුත් පංචඉන්ද්‍රියන්ට ලෙහෙසියෙන් ගෝචර වන උවදුරු ගැනයි. මාධ්‍යවල පවා අවධානය ඇත්තේ එතැනයි. ඒ අතර අදිසි උවදුරු ද වැඩියෙන් මතු ව එනවා. ඒවායේ දිගු කාලීන අහිතකර විපාක අපට දැනෙන විට ප‍්‍රමාද වැඩියි. වාත දුෂණය වැනි එබදු උවදුරු ගැන මා නිතර කථා කරන්නේ ඒවාට ඇති තරම් ජන අවධානය යොමු නොවන නිසයි.

ඞීසල් දුමාරයේ නියත පිළිකාකාරක හැකියාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO ප‍්‍රකාශ කොට දැන් සති කිහිපයක් ගත වී ඇතත් ඒ ගැන මෙරට එතරම් සංවාදයක් හෝ මහජන කැළඹීමක් හෝ තවමත් ඇති වී නැහැ.

මුළු ආසියාවේ ම වඩාත් ම සල්ෆර් අන්තර්ගතය වැඩි ඞීසල් දිගින් දිගට ම භාවිත කරන හා එම දහන දුමාරයට නිරතුරුව මුහුණ දෙන අප, ඞීසල් දුමාරයේ පිලිකා-කාරක හැකියාව ගැන තැකීමක් නොකරන්නේ ඇයි?

ඞීසල් දුමාරය වඩාත් පිරිසිදු කිරිමේ දැඩි හා හදිසි අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඞීසල් වාහන භාවිතය නතර කළ නොහත් වුවත් වඩාත් පිවිතුරු (එනම් සල්ෆර් අන්තර්ගතය අඩු) ඞීසල් දහනය කිරිම හා එන්ජින් මනාසේ නඩත්තු කිරිම හරහා දහන දුමාරයේ වාරක අවදානම තරමක් අඩු කර ගත හැකියි. ඞීසල් දුමාරය පාලනය කර ගන්නට උත්සාහ කරද්දී මෑත යුගයේ සාර්ථක වූ අරගලයකින් පාඩම් උගත හැකියි.

පෙට‍්‍රල්වලට ඊයම් මිශ‍්‍ර කිරීම ඇරඹුණේ 1920 ගණන්වලදී. අභ්‍යන්තර දහන එන්ජින් තුළ පෙට‍්‍රල් දහනය වන විට එය වඩාත් ප‍්‍රශස්ත කිරීම පිළිගැටුම්කාරකයක් ලෙසින් ඒ සඳහා යොදා ගත්තේ ටෙට‍්‍රා ඊතයිල් ලෙඞ් (Tetraethyl Lead, TEL) නම් සංයෝගයයි.

ඊයම් මුලද්‍රව්‍යයේ විෂවීමේ ඉතිහාසය දැන සිටි වෛද්‍යවරුන් ඒ දිනවල ම මේ ගැන අනතුරු ඇගවූවා. එහෙත් තෙල් සමාගම් හා රථවාහන නිෂ්පාදකයන් එය පිළිගත්තේ නැහැ. ඉතා කුඩා සාන්ද්‍රනයකින් පෙට‍්‍රල්වලට මුසු කරන TEL හරහා විෂවීමට තරම් ඊයම් පිට විය නොහැකි බවට ඔවුන් තර්ක කළා.

පෙට‍්‍රල් දහන දුමාරය හරහා ක්ෂුද්‍ර ඊයම් අංශූ වාතයට පිට වනවා. මේවා ආශ්වාස කිරීමෙන් පෙනහළු හරහා රුධිරයට මිශ‍්‍ර වනවා. දිනපතා මේ ක‍්‍රියාදාමය සිදුවන විට ටිකෙන් ටික රුධිරගත ඊයම් ප‍්‍රමාණය වැඩි වන බවත් එය මිනිස් සිරුරට බරපතල දිගුකාලීන විපාක ඇති කරන බවත් 1950 දශකය වන විට වෛද්‍ය පර්යේෂකයන් සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

විශේෂයෙන් ම දරුවන්ගේ හා ළමයින්ගේ මොළයේ වැඞීම අඩාල කරන්නටත්, ඉගෙනීමට බාධා කරන්නටත්, හැසිරීමේ විසමතා ඇති කරන්නටත් රුධිරගත ඊයම් සමත් වනවා. මේ බව දැන දැනත් පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිමේ සම්ප‍්‍රදාය දිගට ම කරගෙන යන්නට තෙල් සමාගම් උත්සාහ කළා. විෂ රසායන විද්‍යාවේ පුරෝගාමියකු වූ හාවඞ් සරසවියේ මහජන සෞඛ්‍යය පිළිබඳ ප‍්‍රධානී ඇලිස් හැමිල්ටන් වෛද්‍යවරිය ජෙනරල් මෝටර්ස් ප‍්‍රධානියාට වරක් ප‍්‍රසිද්ධියේ චෝදනා කළේ මෙය මහදවාලේ දැනුවත්ව කරන මිනිස් ඝාතන රැල්ලකට සම කළ හැකි බවයි.

දිගු කලක් තිස්සේ වෛද්‍යවරුන්, පර්යේෂකයන් හා පරිසරවේදීන් ප‍්‍රබල සාක්ෂි ඇතිව කළ උද්ඝෝෂනවල ප‍්‍රතිඵලයක් හැටියට 1970 වන විට පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර කළ යුතු යයි ඇමෙරිකානු රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. 1980 වන විට දියුණු ලෝකයේ අන් සියළු රටවල ද පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර වුණා.

එහෙත් දියුණුවන රටවල බෙදා හැරෙන හා දහනය කැරෙන පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරීම තව වසර ගණනාවක් සිදු කෙරුණා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නොව ලෙහෙසියට වාසියට වඩාත් ම ලාබදායක මාර්ගය තෝරා ගැනීමට බටහිර හා අරාබි තෙල් සමාගම්වල තිබු කෑදරකමේ ප‍්‍රතිඵලයයි. තම ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන දියුණුවන රටවල බොහෝ රාජ්‍යයන් දරණ උදාසීන ආකල්පය නිසාත් කලක් තිස්සේ පෙට‍්‍රල් හරහා ඊයම් විෂවීම අපේ රටවල සිදු වුණා.

මෙය පිටුදැකීමේ හා නතර කිරීමේ උත්සාහය මතුව ආයේ පරිසරවේදීන් හා විද්‍යාඥයන් හරහායි. ඊයම් විෂවීමේ දිගුකාලීන ප‍්‍රතිවිපාක කල් තබා දුටු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ආධාර ආයතන ද ඊයම් භාවිතය නතර කිරිමට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය ආධාර ලබා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ භාවිත වූ පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමේ උද්ඝෝෂණය සාර්ථක වන්නට දශකයක කාලයක් ගත වුණා. ආවේගශීලි නොවී, ඉවසීමෙන් හා ක‍්‍රමානුකූලව කටයුතු කිරීම හරහා පාරිසරික හා සෞඛ්‍යමය අතින් වැදගත් කඩඉම් පසු කිරීමට හැකි බවට මෙය හොඳ උදාහරණයක්.

මෙරට වාත දුෂණය ගැන විද්‍යාත්මකව අධ්‍යයනයක් ඇරඹුණේ 1980 දශකය මුලදී. මේ ගැන මුල් ම පුළුල් අධ්‍යයනය 1989-91 කාලයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සිදු කළා. මධ්‍යම පරිසර අධිකාරිය (CEA) 1991-92 කාලයේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කළ තවත් අධ්‍යයනයකින් සොයා ගත්තේ වාහන තදබදය හා වාත දුෂණය අතර සෘජු සබඳතාවයක් ඇති බවයි.

ඒ දක්වා කර්මාන්තශාලා ප‍්‍රධාන කොට දායක වූ මෙරට වාත දුෂණයට වාහන දුමාරය හේතු වන බවට සාක්ෂි මතු වීමේ ආරම්භය එයයි. සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්, කාබන් මොහොන්කසයිඞ්, අර්ධ ලෙස දහනය වු සියුම් අංශු මෙන් ම ඊයම් අංශු ගැන ද අවධානය යොමු වීම ඇරඹුණා.

1992දී කොළඹ පැවති රාජ්‍ය සම්මන්ත‍්‍රණයකදී කොළඹ හා අවට ප‍්‍රදේශ සඳහා Clean Air 2000 නම් වැඩසටහන සම්මත කර ගනු ලැබුවා. වසර 2000 වන විට නාගරික වාත දුෂණය පාලනය කර ගන්නට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය, තාක්ෂණික හා මුල්‍යමය රාමුව මේ හරහා ලැබුණා. මෙයට රාජ්‍ය නිලධාරීන්, සරසවි ඇදුරන්, සෙසු විද්‍යාඥයන්, මෝටර් රථ සමාගම් නියෝජිතයන් හා පරිසරවේදීන් සහභාගි වුණා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම මධ්‍යගත ක‍්‍රියාවක්. එවකට මෙරට ඛනිජතෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය තිබුණේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවයි (CPC). එහි තෙල් පිරිපහදුවේ යම් වෙනස්කම් හරහා ඊයම් විරහිත පෙට‍්‍රල් ලබා ගැනීම කළ හැකි බව විශ්වාස කෙරුණා. එහෙත් සැබවින් ම එය සිදුවීමට වසර ගණනාවක් ගියා. බලපෑම් කරන්නටත්, නීති මාර්ගයට එළමෙන්නටත් සිදු වු සැටි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ සිහිපත් කරනවා.

“පෙට‍්‍රල් දහනයෙන් පිටව එන ඊයම් රුධිරගත වීමෙන් ඇතිවන හානිය ඉතා හොදින් දැන සිටියත්, මෙරට පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීමේ රෙකුලාසි මාලාව නිලධාරි ක්ෂේත‍්‍රය හරහා ගමන් කළේ ඉතා සෙමින්. තෙල් සංස්ථාව දැක්වුයේ උදාසීන ආකල්පයක්. දිගින් දිගට ම බලපෑම් කරන්නට අපට සිදු වුණා,” හේමන්ත කියනවා.

1995දී කැළණිය සරසවියේ රසායන විද්‍යාඥ ආචාර්ය මාලිනී ඇරැව්ගොඩ හා එම්. එස්. පෙරේරා වැදගත් සොයා ගැනීමක් කළා. කොළඹ හා අවට ජනාකීර්ණ මාර්ග නිරතුරුව භාවිත කරන ජන සමුහකයගේ රුධිරගත ඊයම් ප‍්‍රමාණ ඔවුන් මැන බැලූවා. WHO නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා තුන් ගුණයකට වැඩි රුධිරගත ඊයම් මට්ටමක් රථවාහන පොලිස් නිලධාරීන්ගේ ඇති බවත් ත‍්‍රිරෝද රථ රියදුරන් හා පදික වෙළදුන්ගේ ද අධික මට්ටම් ඇති බවත් අනාවරණය වුණා. නාගරික පාසල් සිසුන්ගේ පවා රුධිරගත ඊයම් මට්ටම අධික බව ඔවුන් සොයා ගත්තා.

මේ සොයා ගැනීම් 1995 අග පැවති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරයේ ඉදිරිපත් කළ ඔවුන් ඊළග වසරේ එය පර්යේෂණ නිබන්ධනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. http://tiny.cc/BldPb මේ තොරතුරු ප‍්‍රකට වුවොත් වාහන හැසිරවීමේ රාජකාරියට නිලධාරින් මැලි වේ යැයි කලබල වූ උසස් පොලිස් නිලධාරියෙක් මේ ප‍්‍රතිඵල රහසිගතව තබා ගැනීමේ උත්සහායක් කළ බව ඒ ගැන වාර්තා කළ අපට මතකයි.

මේ අතර කොළඹ සරසවියේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවිද්‍යා මහාචාරිනී මනෝරි සේනානායක තවත් පර්යේෂණයක් කරමින් ප‍්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ බොරැල්ල මහාමාර්ගවල උදේ දවල් ඇවිද යන පාසල් සිසුන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඉතා වැඩි බවයි.

මෙතරම් සාක්ෂි මතුව එද්දීත් තෙල් සංස්ථාව නොයෙක් තාක්ෂණික හේතු දක්වමින් ඊයම් ඉවත් කිරීම තව දුරටත් ප‍්‍රමාද කළා. මේ අකර්මන්‍යතාවය ගැන කම්පාවට පත් පාරිසරික නීතීඥ ලලනාත් ද සිල්වා 1998දී එවකට සිටි පාරිසරික අමාත්‍යවරයා ප‍්‍රධාන වගඋත්තරකරු ලෙස දක්වමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. රටේ භාවිත වන ඛනිජතෙල් ඉන්ධන නිසි ප‍්‍රමිතියකට අනුගත නොකිරීම හා වාහන දහන දුමාරයේ වාත දුෂක පාලනයට නිසි පියවර නොගැනීම හරහා තම ජීවත්වීමේ අයිතිය (Right to Life) තර්ජනයට ලක් වී ඇති බවට ඔහු තර්ක කළා.

මේ ගැන සිහිපත් කරමින් ලලනාත් මෑතදී මට කීවේ “යම් කර්මාන්ත හා ව්‍යාපාරික බලපෑම් නිසා පෙට‍්‍රල්වලින් ඊයම් දුරු කිරීම තෙල් සංස්ථාව දිගට ම කල් දමන බව අපට හොදාකාර පෙනී ගියා. CPC සමග සාකච්ඡ රැසක් අප පැවැත් වූවත් දෙන පොෙරාන්දු ඉටු නොවන බව දුටු විට අවසාන ක‍්‍රියා මාර්ගය ලෙසයි අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ.”

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකරුවන් පස් දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් මේ පෙත්සම මෙරට පාරිසරික නීති ඉතිහාසයේ කඩඉමක්. සීමාසහිත පාරිසරික පදනමේ (EFL) විධායක අධ්‍යක්ෂක ලෙස එවකට ක‍්‍රියා කළ ලලනාත් දෙස් විදෙස් විද්‍යාත්මක සාක්ෂි ගොනු කරමින් දීර්ඝ කරුණු දැක්වීමක් කළා.

මේ පෙත්සම විභාගයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම ඇතුළු වාත දුෂණය අවම කිරීමට තවත් පියවර ගැනීමට ප‍්‍රතිඥා දුන් බවත්, එහෙත් තෙල් සංස්ථාව තමන්ගේ කොටස ඉටු කිරීමට තවත් සිවු වසරකට ආසන්න කාලයත් ගත් බවත් ලලානාත් කියනවා.

අන්තීමේදී මෙරට පෙට‍්‍රල් වලට ඊයම් මිශ‍්‍ර කිරිම නතර කරන නිශ්චිත පියවර ගත්තේ 2002දී නව රජයක් බලයට පත් වීමෙන් පසුවයි. ඕනෑකම ඇත්නම් අමාරු යයි කල් මැරූදේත් ඉක්මණින් කළ හැකියි!

ඊයම් රුධිරගත වී එතරම් කලක් නොපවතින නිසා 2002දී ගත් පියවරේ ප‍්‍රතිඵල වසරක් තුල විද්‍යාත්මකව තහවුරු කරනු ලැබුවා. 2003දී මහාචාර්ය මනෝරි සේනානායක නැවත වරක් බොරැල්ල ප‍්‍රදේශයේ උදේ දවල් ගමන් කරන පාසල් සිසු පිරිසකගේ රුධිරගත ඊයම් මැන බැලූ විට සැළකිය යුතු අඩු මට්ටම් වාර්තා වුණා.

“පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමට (පිරිපහදු මට්ටමින්) කරන ලද ආයෝජනයට වඩා ඉතා විශාල හා වැදගත් ප‍්‍රතිලාභයක් අපේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අතින් අපට ලැබී තිබෙනවා,” යයි 2003දී විද්වත් දේශනයක් පවත්වමින් ඇය කියා සිටියා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිම අද වන විට ලොව පුරා බොහෝ රටවල සිදුකොට අවසන්. මෙය ගෙවී ගිය දශක දෙක තුළ ලෝක මට්ටමින් ලද පාරිසරික ජයග‍්‍රහණ අතලොස්ස අතරින් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හදුන්වනවා.

ඞීසල්වල ඉහළ සල්ෆර් අඩු කර ගැනීමේ උද්ඝෝෂණවලදී මේ සාර්ථක අත්දැකීමෙන් පාඩම් උගත හැකියි. නිශ්චිත මැන බැලීම් හා දත්ත මත පදනම් වූ හරවත් තර්ක ඉදිරිපත් කිරීම හා රාජ්‍ය නිලධාරින් හා ව්‍යාපාරිකයන් සම`ග හැකි තාක් සාකච්ඡා ම`ගින් ප‍්‍රශ්න විස`දා ගැනීමට උත්සාහ කිරිම එයින් දෙකක්. නීතිමය බලපෑම්වලට යොමු විය යුත්තේ අන් මාර්ග හරහා වෙනස්කමක් ලබාගත නොහැකි විටයි. එමෙන් ම පොදු ජනතාව හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම හරහා උද්ඝෝෂණයට අවශ්‍ය පුළුල් සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත්.

22 July 2012: සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර