In this week’s Ravaya column (in Sinhala), I look back at the world’s first President of the Television Age – John F Kennedy. How did he ride the airwaves to the hearts and minds of American voters? What combination of wits, looks and charisma made him an ideal icon for the Television Age in its Golden Age? And what lessons JFK holds for all image-conscious politicians who want to appear on television?

අමෙරිකාවේ 35 වන ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි (John F Kennedy) ඝාතනයට ලක් වීමේ 50 වන සංවත්සරය නොවැම්බර් 22දාට යෙදී තිබුණා. එරට වසර 237ක ඉතිහාසයේ ජනාධිපතිවරුන් 44 දෙනෙකු සිටියත්, ඔවුන් අතරින් සිවු දෙනෙකු ඝාතනයට ලක් වූවත්, කෙනඩි තරම් ජන අවධානයට හා කුතුහලයට ලක් වූ ජන නායකයකු නැති තරම්.
කෙනඩි සාහසිකයකුගේ වෙඩි පහරට ලක් වූයේ 1963 නොවැම්බර් 22දා. ටෙක්සස් ප‍්‍රාන්තයේ ඩලස් නුවර මහජන ප‍්‍රදර්ශනයකට සහභාගි වීමට එදින ඔහු බිරිඳ ජැකලයින් (ජැකී) සමග එහි පැමිණියා. මධ්‍යහනය පසු වී ටික වේලාවකින් රථ පෙරහරකින් ඔහු නගර මධ්‍යය බලා ගමන් කරමින් සිටියේ වහලය විවෘත කළ මෝටර් රථයක. මග දෙපස පෙළ ගැසුණු ජනයා පී‍්‍රතිඝොෂා කරමින් සිටින විට හදිසියේ දුර සිට ස්නයිපර් (කුරුමානම්) තුවක්කුකරුවකු තැබූ වෙඩි පහර වැදී කෙනඩි රථය තුළ ඇද වැටුණා.
එසැනින් කි‍්‍රයාත්මක වූ ඔහුගේ ආරක්‍ෂකයන් ළඟ තිබූ රෝහලකට ඔහු රැගෙන ගියා. මේ සමග රැස්ව සිටි ජනයා භීතියටත්, සංත‍්‍රාසයටත් පත් වුණා. ජනාධිපති සමග ගමන් කරමින් සිටි මාධ්‍ය පිරිසේ වාර්තාකාරියක් ජනාධිපතිට වෙඩි වැදීම ගැන ප‍්‍රවෘත්තිය රටට දුන්නේ විනාඩි කිහිපයක් ඇතුළත.
Reuters: How the JFK assassination transformed media coverage
එතැන් පටන් ඒ මුඵ රටමත්, ලෝකයත් සලිත වී මහත් ඕනෑකමින් පුවත් මාධ්‍යවලට සවන් දුන්නා. අද මෙන් සන්නිවේදන තාක්‍ෂණය දියුණු නොවූ එවකට පැවති පහසුකම් හරහා නිවැරදි හා අඵත් ම තොරතුරු දෙන්නට අමෙරිකානු රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය ඉතා වෙහෙස වී කි‍්‍රයා කළා.
ජනාධිපති කෙනඩි වෙඩි පහරින් මිය ගිය බව මුලින් රේඩියෝ නාලිකා මගිනුත්, ඉනික්බිති ටෙලිවිෂන් හරහාත් නිවේදනය වුණා. ඒ සමග මේ ජනපි‍්‍රය නායකයාගේ වියෝව ගැන මහත් සේ කම්පාවටත්, සංවේගයටත් පත් වූ අමෙරිකානු ජනයා ඊළඟ දින කිහිපය ගත කළේ ටෙලිවිෂන් යන්ත‍්‍ර අබියසයි.
Footage of the incident captured by Abraham Zapruder, with home-movie camera
මාධ්‍ය ඉතිහාසය අධ්‍යයනය කරන පර්යේෂකයන් කියන්නේ ටෙලිවිෂන් මාධ්‍යය අමෙරිකානු සමාජයේ ප‍්‍රධානතම කාලීන තොරතුරු මූලාශ‍්‍රය බවට පත් වීමට තීරණාත්මක ලෙස බලපෑවේ කෙනඩි ඝාතනය හා ඉනික්බිති එළැඹි දින කිහිපය බවයි.
ඒ දක්වා එසැනින් පුවත් ගෙන ඒමේ රේඩියෝවට තිබූ හැකියාව හීන නොවූවත් මෙබඳු අවස්ථාවක රූප-ශබ්ද දෙකේ සංකලනයේ වැදගත්කම නිසා වැඩි දෙනෙකු (එවකට තිබූ කඵ-සුදු යන්ත‍්‍ර හරහා) ටෙලිවිෂන් මාධ්‍යයට යොමු වූවා යයි සිතිය හැකියි. එවකට පැය විසිහතරේ ටෙලිවිෂන් නාලිකා ලොව කොතැනකවත් තිබුණේ නැහැ. (ඒ අන්දමේ මුල් ම නාලිකාව වූ CNN ඇරැඹුණේ 1980දී.) එවකට බොහෝ ටෙලිවිෂන් නාලිකා සවසට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයකුත්, දින පුරා කෙටි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයකුත් සිදු කළා.
එහෙත් 1963 නොවැම්බර් 22, 23, 24 හා 25 දිනවල මේ සම්ප‍්‍රදාය බිදිමින් තොරතුරු මතුව එන හැම විටෙක ම එය තහවුරු කර ගත් වහා ප‍්‍රචාරය කිරීමේ සජීව, එසැනින් පුවත් ආවරණයේ සම්ප‍්‍රදාය බිහි වුණා. මේ නිසාත් කෙනඩි ඝාතනය ටෙලිවිෂන් ඉතිහාසයේ සංධිස්ථානයක්.
ඒ වන විට අමෙරිකාවේ ජාතික මට්ටමේ ටෙලිවිෂන් ජාල 3ක් තිබුණා (ABC, CBS හා NBC). මේ තුන ම තමන්ගේ එදිනෙදා වැඩසටහන් වහා නතර කරමින් හදිසි තත්ත්වය වාර්තා කිරීමට පටන් ගත්තා. ඔවුන් එසේ කළේ දැඩි සංයමයක් හා වෘත්තීය බවක් පෙන්නුම් කරමින්. පේ‍්‍රක්‍ෂකයන් කලබල හෝ කුපිත නොවන අයුරින්, ලැබෙන තොරතුරු හැකි තාක් ඉක්මනින් හා නිරවුල්ව ප‍්‍රචාරය කරන්නට ඔවුන් උත්සාහ ගත්තා.

අඩසියවසකට පෙර සිදු වූ මේ විකාශයන් දැන් ඉන්ටනෙට් හරහා YouTube වීඩියෝ ලෙස අපට නැරඹිය හැකියි. එසේම එම සුවිශේෂි ප‍්‍රවෘත්තිය ආවරණයට සහභාගී වූ තවමත් ජීවතුන් අතර සිටින මාධ්‍යවේදීන්ගේ ආවර්ජනා ද අපට මේ ගෙවී ගිය සතිවල වාර්තා චිත‍්‍රපට ලෙස දැක ගත හැකි වූවා. http://edition.cnn.com/SPECIALS/us/jfk-assassination-anniversary
මේ අතරින් වඩාත් කැපී පෙනුණු හා අමතක නොවන කාර්යයක් ඉටු කළේ CBS නාලිකාවේ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා පුවත් කියවන්නා වූ වෝල්ටර් ක්‍රොන්කයිට් (Walter Cronkite). අමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පස්වරු 2.38ට සජීව ලෙසින් පෙනී සිටිමින් ඔහු ගැඹුරු එහෙත් ඉතා සන්සුන් විලාසයෙන් ජනාධිපතිවරයාගේ අභාවය වාර්තා කළා. (ඒ වන විටත් තහවුරු නොවූ වාර්තා වෙනත් මාධ්‍ය හරහා පිට වී තිබුණත් නිල වශයෙන් එය තහවුරු කරමින් රටට හා ලොවට ප‍්‍රවෘත්තිය දුන්නේ ක්‍රොන්කයිට්.)
එදා ඔහු පැය ගණනක් තිස්සේ සජීව වාර්තාකරණයේ යෙදෙමින් CBS මැදිරියේ සිට කළ මාධ්‍ය මෙහෙවර අමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ උච්චස්ථානයක් සනිටුහන් කළා. ආවේගශීලී නොවී, කුමන්ත‍්‍රණවාදී මතවාද කිසිවක් පතුරුවන්නේ නැතිව, තොරතුරු පමණක් සැකෙවින් හා නිරවුල්ව ඉදිරිපත් කිරීමට ඔහුට මනා කුසලතාවක් තිබුණා.
මේ මොහොත සිහිපත් කරන එවකට දරුවකු හැටියට එය නැරැුඹූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් කියන්නේ: ‘‘ජාතිය ම ශෝකබරිත වූ ඒ දිනයේ මුඵ ඇමෙරිකාවට ම පියකු වුණේ වෝල්ටර් ක්‍රොන්කයිට්.’’ (අන්කල් වෝල්ටර් යන සුරතල් නමින් පරම්පරා දෙකක අමෙරිකානුවන් අතර ජනාදරයට පත් මේ මාධ්‍ය දැවැන්තයා ගැන වෙන ම කථා කළ යුතුයි. ඔහු කලක් අමෙරිකාවේ වැඩිපුර ම ජන විශ්වාසය දිනා ගත් මිනිසා – most trusted man in America – වශයෙන් සැළකුණේ හේතු සහගතවයි.)
ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් නොතිබි ඒ යුගයේ එසැනින් තොරතුරු ලබා ගන්නට තිබුණේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය පමණයි. වෙඩි තැබීම සිදු වූ තැන, තුවාල ලැබූවන් ගෙන ගිය පාක්ලන්ඞ් රෝහල ආදී තැන්වල සිට ඇසින් දුටුවන් සමග ක්ෂණික සම්මුඛ සාකච්ඡා කරමින් සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගන්නට වාර්තාකරුවන් උත්සාහ ගත්තා.
The Assassination of President Kennedy CNN… by VidsnMore
The Assassination of President Kennedy CNN… by VidsnMore
වසර 50ක් ගත වීත් තමන් එම පුවත මුලින් ම ඇසූ මොහොතේ සිටියේ කොතැන ද කරමින් සිටියේ කුමක්ද යන්න හැම අමෙරිකානුවකුට ම වගේ තවමත් මතකයි. ඔවුන්ගේ මතකය තීව‍්‍ර කළේ ටෙලිවිෂන් පුවත් වාර්තාකරණයයි.
මේ සිදුවීම් මාලාව වඩාත් ත‍්‍රාසජනක වූයේ වෙඩි තැබීම කළ ලී හාවි ඔස්වල්ඞ් (Lee Harvey Oswald) නම් හිටපු සොල්දාදුවා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම හා දින දෙකක් ඇතුළත (අධිකරණයට ගෙන යන අතර) ඔහු වෙඩි තබා ඝාතනය කිරිම නිසායි. මේ ඝාතනය කරනු ලැබුවේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය හෙළිදරව් වීම වළක්වන්නට බවත් බොහෝ දෙනා විශ්වාස කළා.
කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණවාදී තර්ක විතර්ක අද දක්වාත් එරට මහත් ඕනෑකමින් සංසරණය වනවා. ජෝන් කෙනඩි චරිතය හා කෙනඩි පවුල ගැන පොත්පත්, වීඩියෝ හා වෙනත් මාධ්‍ය ප‍්‍රකාශන 40,000ක් පමණ ගෙවී ගිය අඩ සියවස තුළ පළ වී තිබෙනවා. කෙනඩි උන්මාදය තවමත් පහව ගොසින් නැහැ.
JFK යන මුලකුරු තුනෙන් හැදින්වෙන මේ දේශපාලකයා හා ජන නායකයාට ජනපි‍්‍රය සංස්කාතියේ ඇත්තේ අද්වීතීය ස්ථානයක්. මෙයට හේතුව කුමක්ද?
කෙනඩිට ජනාධිපති තනතුරේ සිටිය හැකි වූයේ දින දහසක් වැනි කෙටි කාලයක් පමණයි. (1961 ජනවාරි 20 – 1963 නොවැ 22). ඊට පෙර ඔහු මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් සභිකයකු ලෙස වසර 6ක් හා සෙනෙට් සභිකයකු ලෙස වසර 7ක් කටයුතු කළා. ඩිමොක‍්‍රැටික් පක්ෂ අපේක්‍ෂකයා ලෙස තරග වැදී 1960 නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා විට වයස 43යි. එදා මෙදා තුර අමෙරිකානු ජනාධිපති වූ ලාබාල ම පුද්ගලයා ඔහුයි. එසේ ම එම තනතුරට පත් වූවන් අතරින් නිර්මාණශීලී හා පත‍්‍රකලා හපන්කම්වලට පුලිට්සර් ත්‍යාගයක් (Pulitzer Prize) ලැබූ එක ම තැනැත්තායි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව කෙමෙන් මතුව ආ මාධ්‍ය කේන්‍ද්‍ර කරගත් තොරතුරු සමාජය ගැන කල් තබා වටහා ගත් කෙනඩි, මාධ්‍ය හරහා තමන්ගේ ප‍්‍රතිරූපය සියුම් ලෙස ගොඩ නැගීමටත්, එමගින් ජනමතය හැසිරවීමටත් සමත් වුණා. මේ හැකියාව ප‍්‍රගුණ කළ මුල් ම ජන නායකයා ලෙස ඔහු හැදින්විය හැකියි.
1930 ගණන්වල යන්තමින් ඇරැඹි ටෙලිවිෂන් විකාශයන් හරිහැටි බටහිර සමාජයන්හි ස්ථාපිත වූයේ 1950 දශකයේදී. මෙය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී කෙතරම් තීරණාත්මක ද යන්න බොහෝ ජ්‍යෙෂ්ඨ හා වයෝවෘද්ධ දේශපාලකයන් තේරුම් ගත්තේ නැහැ. කඩවසම් පෙනුමක්, ජනකාන්ත (charismatic) පෞරුෂයක් හා මුඛරි නොවූ හරබර කතිකත්වයක් තිබූ කෙනඩි, ටෙලිවිෂන් හරහා තමන්ගේ 1960 මැතිවරණ ව්‍යාපාරය අති සාර්ථක ලෙස මෙහෙය වූවා.
ඔහුගේ ප‍්‍රතිමල්ලවයා වූයේ 1953 – 1960 කාලය තුළ එරට උපජනාධිපති වූ, කෘතහස්ත හා බුද්ධිමත් දේශපාලක රිචඞ් නික්සන්. ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් වරට ප‍්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා අතර ටෙලිවිෂන් විවාදයක් පවත්වනු ලැබුවේ එම මැතිවරණයට පෙරාතුවයි. 1960 සැප්තැම්බර් – ඔක්තෝම්බර් කාලයේ මේ දෙදෙනා විවාද හතරකට සහභාගී වුණා. කරුණු හා තර්ක අතින් දෙදෙනා කරට කර සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට අවශ්‍ය පරිදි හැඩ ගැසෙන්නට නික්සන්ට බැරි වුණා.
විවාදය මුඵල්ලේ ම කෙනඩි සැහැල්ලූවෙන්, සිනාබරිතව සිටි අතර වඩා අත්දැකීම් බහුල නික්සන් දහඩිය පිසදමමින්, නොසන්සුන් හා නොරිස්සුම් ආකාරයට සිටිනු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන් දුටුවා. මේ ශරීර ගති ලක්‍ෂණ (body language) ටෙලිවිෂන් මාධ්‍යයට ඉතා වැදගත්.
විවාද අවසන් වූ පසු මාධ්‍ය මගින් ජනමත සමීක්ෂන කරනු ලැබුවා. විවාදය ටෙලිවිෂන් හරහා නැරඹූ බහුතරයකගේ මතය වූයේ කෙනඩි එයින් ජය ගත් බවයි. එහෙත් එය ම රේඩියෝ හරහා සවන්දුන් (දෙදෙනාගේ ශරීර ගති සොබා නොදුටු) අය බහුතරයක් සිතුවේ නික්සන් වඩාත් දක්‍ෂ ලෙස විවාද කළ බවයි.
අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ප‍්‍රබල ලෙස ඇවිලෙමින් තිබූ ඒ යුගයේ රටේ ඉරණම හා සුභසිද්ධිය භාර ගන්නට වඩාත් සුදුස්සා තමා බව ටෙලිවිෂන් මාධ්‍යයේ පිහිටෙන් කෙනඩි අමෙරිකානු ඡුන්දදායකයන්ට ඒත්තු ගැන්වූවා. 1960 නොවැ 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් නික්සන් පරදවා ඔහු ජය ගත්තේ සුඵ ඡුන්ද පරතරයකින් (කෙනඩි ඡුන්ද 49.7%, නික්සන් 49.5%)
Kennedy vs. Nixon – 1st 1960 Debate
කෙනඩි කෙතරම් දක්‍ෂ හෝ ශේරෂ්ඨ රාජ්‍ය නායකයකු වූවා ද යන්න අද දක්වා එරටත්, ලෝකයේ අන් තැන්වලත් විවාදයට ලක් වනවා. ඒ ගැන ඒකමතිකත්වයක් නැහැ. එහෙත් ජනපි‍්‍රය සංස්කෘතියේ හා මාධ්‍ය ලෝකයේ නම් ඔහුට අසමසම තැනක් හිමි වී හමාරයි.
දින දහසක ධුර කාලය තුළ ඔහු දිගු කාලීනව එරටට හා ලෝකයට බලපෑම් ඇති කළ තීරණ රැසක් ගත්තා. (උදා: හඳට මිනිසුන් ගොඩ බැස් වූ ඇපලෝ වැඩපිළිවෙල දියත් කිරීම, බර්ලින් තාප්පයට ප‍්‍රතිචාර දැක්වීම, කඵ අමෙරිකානුවන්ට සම තැන් දීමට එකඟ වීම.)
Joseph S Nye looks at the real John F Kennedy
ඔහුගේ විදේශ ප‍්‍රතිපත්ති හා දේශිය ප‍්‍රතිපත්ති විවේචනය කරන අය පවා අවිවාදයෙන් පිළිගන්නා එක් කරුණක් තිබෙනවා. එනම් ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා කෙනඩි බවයි. ටෙලිවිෂන් හරහා හැම ගෙදරක ම විසිත්ත කාරමයට පිවිසී ජනයා අමතා ඔවුන්ට සමීපවීමේ හෘදයාංගම කලාව දේශපාලන ලෝකයට හඳුන්වා දුන්නේ කෙනඩියි.
එසේ ම සිය ධූර කාලය තුළ ඔහු රාජ්‍ය නායකයා ලෙස මාධ්‍යවලට නිතර සම්මුඛ සාකච්ඡා ලබා දුන්නා. සංකීර්ණ ප‍්‍රශ්න ගැන කෙටියෙන්, ව්‍යක්තව හා විශ්වසනීය ලෙස කථා කිරීමේ සහජ හැකියාවක් ඔහුට තිබුණා. දේශපාලනික වශයෙන් ප‍්‍රතිපක්‍ෂයට සහාය දෙන ජනයා පවා තමා කියන දෙයට නම්මවා ගැනීමේ අසාමාන්‍ය චිත්තාකර්ෂණීය ගුණයක් ද තිබුණා. පසු කලෙක රොනල්ඞ් රේගන්, බිල් ක්ලින්ටන් මෙන් ම බරක් ඔබාමා වැනි (ධූර කාල දෙකකට පත් වූ) ජනාධිපතිවරුන් එරට ජනයාට සමීප වූයේ කෙනඩි හෙළිපෙහෙළි කර දුන් ටෙලිවිෂන් මාවතේ ඉදිරියට ගමන් කරමින්.
1960න් පටන් ගත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වීම දැන් එරට දේශපාලන හා මැතිවරණ සම්ප‍්‍රදායයේ අත්‍යවශ්‍ය අංගයක්. ටෙලිවිෂන් හරහා විශ්වසනීය ලෙසින් ජන සමාජයට සමීප විය නොහැකි නම් කෙතරම් උගත්, බුද්ධිමත්, වංශවත් හා අත්දැකීම් බහුල දේශපාලකයකුට වුවත් එරට ඉහළ ම තනතුරට පත්වීමට නොහැකියි. (මෙය හුදෙක් තරුණ අපේක්‍ෂකයන්ට වාසි සළසනවා යයි සිතීම වැරදියි. රොනල්ඞ් රේගන් මුලින් එම තනතුරට පත් වන විට වයස 69යි.)
අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා ගිය වසරේ විමසුවා. ඔහු කීවේ එබඳු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි.
මෙබඳු ස්වාධීනත්වයක් ළඟදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි. මාත් එයට එකඟයි.
