Words that Saved the World

The Sunday Times (Sri Lanka) asked me to list the best book I’ve read in 2013 (and why); and also for the book I’d like to receive as a Christmas present.

I wrote a short piece in response, which is included in their feature titled ‘Leafing through the best picks’ on 22 Dec 2013.

Here’s my essay in full: it wasn’t easy to pick one good title in a year in which I read many enjoyable and mind-stretching books.

Word power amplifies political power...
Word power amplifies political power…

Words that Saved the World

By Nalaka Gunawardene

Although it lasted only a thousand days, John F Kennedy’s presidency was eventful and memorable in many respects. His legacy has inspired an estimated 40,000 books and films. This year, which marked the 50th anniversary of his assassination, I read an exceptional addition to this (still rising) pile.

To Move the World: JFK’s Quest for Peace (Random House, 2013), by Columbia University economist Jeffrey Sachs, revisits the extraordinary days from October 1962 to September 1963. That was JFK’s Annus mirabilis (Year of wonders) when he marshalled the power of oratory and political skills to achieve more peaceful relations with the Soviet Union and a dramatic slowdown in the proliferation of nuclear weapons.

During that year, which started with momentous ‘13 days’ of the Cuban missile crisis, JFK he gave a series of speeches where he argued that peace with the Soviet Union was both possible and highly desirable. One delivered to the American University in Washington DC in June 1963 is generally referred to as his Peace Speech. Sachs shows why it was one of the most important foreign policy speeches of the 20th Century – ultimately more consequential than any other by JFK.

If Winston Churchill “mobilized the English language and sent it into battle” during World War II, Kennedy used his mastery of the same language to talk the US and Soviet Union down from the brink of a planetary nuclear war.

What I’d love to get for Christmas is Madiba A to Z: The Many Faces of Nelson Mandela (Seven Stories Press, 2013) just written by my journalist friend Danny Schechter. We can count on Danny, who has spent 40 years chronicling the story of Mandela and South Africa’s struggle for freedom and equality, to provide plenty of depth, nuance and analysis.

Nalaka Gunawardene is a science writer and blogger.

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator.

Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

Those segments are not repeated here. Lakbima has also carried my questions related to Clarke’s views on traditional knowledge, and on religion. Banduseela answers them in his capacity as a leading rationalist and free thinker in Sri Lanka.

Note: Sir Arthur Clarke (1917-2008) was a life-long non-believer: he was against all forms of organised religion (no exceptions!), and considered religions to be the worst form of ‘mind virus‘.

As he often said: “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn’t require religion at all. It’s this: “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.” It seems to me that that’s all there is to it.”

See also: Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

The ascent or descent of Man?
The ascent or descent of Man? Cartoon courtesy Daily Mirror, Sri Lanka

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි  වූයේ  ඒ ඒ පරිසරවල තිබු  අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු  එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන්  ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව  නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට  තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති  සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

secularඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි.  වත්මන් සමාජයේ  මතයක් තියෙනවා  ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ  අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට  බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව  එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින්  අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින්  තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව  ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත්  සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත්  යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා  කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

See also: God, Science, and Delusion: A Chat With Arthur C. Clarke
by Matt Cherry in Free Inquiry magazine, Volume 19, Number 2 (1999)

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

S M Banduseela interview with Nalaka Gunawardene - Daily Lakbima - 17 Dec 2013
S M Banduseela interview with Nalaka Gunawardene – Daily Lakbima – 17 Dec 2013

සිවුමංසල කොලූගැටයා #146: ජාතිවාදියා මානසික රෝගියෙක්දැයි ඇසූ ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම්

In this week’s Ravaya column (in Sinhala), I explore another facet of the scholar and free thinker Dr E W Adikaram (1905-1985). On 10 Nov 2013, I discussed his contributions as a pioneer in public communication of science in Sinhala. Today, I discuss his uncompromising stand on non-violence (ahimsa) and his debunking of racial segregation of humanity for which there is no biological basis.

I covered this topic in English on 16 Oct 2013: Dr E W Adikaram: Debunking the Delusion of Nationalism

Dr E W Adikaram
Dr E W Adikaram

ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම් සූරීන් විද්‍යා සන්නිවේදනයට කළ පුරෝගාමී දායකත්වය ගැන අප පසුගිය කොලමකින් (2013 නොවැම්බර් 10) කෙටි විග‍්‍රහයක් කළා. නව විද්‍යා දැනුම සරලව හා විචිත‍්‍රව සිංහල පාඨකයන්ට හා ශ‍්‍රාවකයන්ට ගෙන ඒමට ඔහු දශක ගණනක් ගෙන ගිය ඒකපුද්ගල ප‍්‍රයත්නයන් ප‍්‍රශංසනීයයි.

සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

ඒ බොහොමයක් ඔහු කළේ ප‍්‍රකාශන සමාගම් හා වාණිජමය පදනමකින් තොරව මහජන සේවයක් ලෙසින්. එහෙත් ඊටත් වඩා තීරණාත්මක සමාජයීය මෙහෙවරක් ඔහු ඉටු කළ බව මගේ අදහසයි. එනම් අන්ධ විශ්වාස හා ඇදහිලිවල ගැලී සිටින ලක් සමාජය, මෝහයේ නිද්‍රාවෙන් අවදි කරන්නට ඔහු ගත් උත්සාහයයි.

ජාතිවාදය හා ජාතිකත්වය වැනි සංකල්ප ද ඔහු ප‍්‍රබලව විවේචනය කළා. සිංහල බෞද්ධ සමාජයේ ජනප‍්‍රිය වීම වෙනුවට දිගු කාලීනව ලක් මනස අවධි කිරීමේ අරමුණ උදෙසා ඔහු අභීතව හා අදීනව ක‍්‍රියා කළා.

ආචාර්ය අදිකාරම් කරුණු විමසා බලා, තුලනාත්මකව විග‍්‍රහ කොට අදහස් දක්වන්නට සමතෙක්. තර්ක කිරීමටත් හපන්. තමන්ගේ මතය නොබියව ප‍්‍රකාශ කිරීමට කිසි විටෙක පසුබට වූයේ නැහැ. සමහර වෙලාවට සම්මත සමාජ දැක්මට වෙනස් වූ හෝ ප‍්‍රතිවිරුද්ධ වූ හෝ ස්ථාවරයන්ට එළඹුණා. අන් අයගේ විකල්ප අදහස්වලට ගරු කරන අතර ම තනි ගසක් තනි කරලක් මෙන් තමන්ගේ මතය ඉදිරිපත් කළා.

මෙය වඩාත් කැපී පෙනුණු අවස්ථා දෙකක් මට සිහි වෙනවා. එකක් නම් අවිහිංසාව පිළිබඳ ඔහු ගත් තිරසාර ස්ථාවරය. ලොකු කුඩා කිසිදු සත්වයකුට දැනුවත්ව හිංසාවක් නොකිරීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහුට තිබුණා. ඒ සඳහා ඔහු ප‍්‍රායෝගිකත්වයෙන් ඔබ්බට පවා ගිය අවස්ථා ගැන අදිකාරම් චරිතාපදානයේ සත්‍ය සිදුවීම් හමු වනවා.

මසට සතුන් ඇති කිරීම හා මාංශ භක්ෂණයට එරෙහිව ඔහු ජීවිත කාලය පුරා ම කථා කළා. ශ‍්‍රී ලංකා නිර්මාංශ සංගමය (Sri Lanka Vegetarian Society) හරහා මේ සංකල්පය සමාජයේ ප‍්‍රචලිත කරන්නට බොහෝ සේ කැප වී ක‍්‍රියා කළා. එදිනෙදා කථාබහේ දී පවා ඒ ගැන කෙටියෙන් හෝ සඳහනක් කළා.

මා ඔහු හමු වූ මුල් අවස්ථාවේ අපේ කථාබහට මේ මාතෘකාව ද එක් වුණා. ‘සතුන්ගේ මළකුණු කෑම පිඟානට ළං කර ගන්නට ඔබට පිළිකුල් නැද්ද?’ ඒ ඔහු නිතර ඇසූ ප‍්‍රශ්නයක්.

පරිනාමයේ මුල් කාලයේ මාංශ භක්ෂණයට අපේ වර්ගයා තුළ ඇති වූ නැඹුරුව ටිකෙන් ටික දුරු කළ යුතු බවත්, මානව ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ හොඳම දිගු කාලීන උපක‍්‍රමය එය බවත් ඔහු අවංකව විශ්වාස කළා.

ඔහුගෙ විග‍්‍රහය: ‘තමන්ගේ ආහාරය සඳහා හෝ වෙනත් අවශ්‍යතා සඳහා හෝ මිනිසුන් සතුන් මරන්නේ එම සත්වයන් කෙරේ, ආදරයත්, දායවත් නැතිකම නිසා. මේ සත්ව ඝාතන මුල් කර ගෙන මිනිසාගේ හිත ගොරෝසු වෙනවා ආදරය, දයාව, කරුණාව තුරන් වෙලා, කෲරකම වර්ධනය වෙනවා. මිනිසාගේ පැවැත්මට ගස් කොළන් අවශ්‍ය වන නිසාත්, මිනිසා පාථිවියේ පහළ වූයේ අනෙක් සතුන්ට වඩා පසු කාලයකදී නිසාත් මිනිසාට පෘථිවියේ තනි අයිතියක් හෝ විශෙෂ අයිතියක් ගැන කථා කරන්නට බැහැ. ’

Dr  E W Adikaram

අදිකාරම් සූරීන් මිය යන්නට තෙවසරකට පමණ පෙර පුවත්පත් ලිපියක් ලිවීමට ඔහු හමු වන්නට ගිය සැටි විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීලයන් සිහිපත් කරනවා. එතැනදීත් මේ මාතෘකාව මතු වෙලා.

‘ලංකාවෙ සිටින ලොකු ම ත‍්‍රස්තවාදියා කවුදැයි ඔබ දන්නවා ද?’ ආචාර්ය අදිකාරම් අසනවා.

1983 වන විට උතුරේ යුද්ධය ඇරැඹී තිබුණු හෙයින් බන්දුසීලයන් ප‍්‍රභාකරන්ගේ නම සඳහන් කරනවා. එතකොට ආචාර්ය අදිකාරම්ගේ උත්තරය වූයේ ප‍්‍රභාකරන්ටත් වඩා අතිවිශාල ජීවිත හානියකට දිනපතා නායකත්වය දෙන කෙනකු රටේ සිටින බවයි. එවකට ධීවර ඇමතිවරයාගේ නම කියමින් මේ ‘මහා පරිමාණ සත්ව ඝාතනයට’ එරෙහිව ඔහු කථා කරනවා.

ආචාර්ය අදිකාරම්ගේ හැටි එහෙමයි. තැනේ හැටියට සැර බාල කිරීමක් හෝ ඇඟ බේරා ගෙන කථා කිරීමක් ඔහුට තිබුනේ නැහැ!

අදිකාරම් සූරීන් ඊටත් වඩා ප‍්‍රබල ලෙස විවේචනය කළ සමාජ සංකල්පයක් වූයේ ජාති, කුල, ගෝත‍්‍ර වශයෙන් මානව පවුල කොටස් කිරීමයි. මේ ගෝත‍්‍රවාදයට කිසිදු ජෛව විද්‍යාත්මක පදනමක් නැති බවත්, එය හිතෙන් මවා ගත් හා සංස්කෘතියෙන් වඩාත් තියුණු කළ බෙදීම් සමුදායක් බවත් ඔහු සාධක හා තර්ක සහිතව පෙන්වා දුන්නා.

ආචාර්ය අදිකාරම් තව දුරටත් මෙසේ අසනවා: ‘‘කුරුල්ලෝ ජාති වශයෙන් එකිනෙකට වෙනස් වෙති. උකුස්සා හා පරෙවියා අතරත්, වටුවා හා මොනරා අතරත් ස්වාභාවික වෙනසක් තිබේ. සිංහලයා හා දෙමළා අතරත්, ඉංගී‍්‍රසිකාරයා හා ජර්මන්කාරයා අතරත් එවැනි වෙනසක් තිබේ ද?’’

සැබැවින් නොපවතින ‘ලේබල්’ අලවා ගෙන ඒ අනුව පිල් බෙදී කුලල් කා ගැනීම උන්මාදයක් හෙවත් මානසික රෝගයක් බවත් ඔහු ප‍්‍රසිද්ධියේ කියා සිටියා. 1958 මැදදී ‘සිළුමිණ’ පුවත්පතට ඔහු ලියූ ලිපියක හෙඩිම වූයේ ‘ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේ ද?’ යන්නයි. මේ තර්කානුකූල විවේචනය එතැන් සිට විවිධ අවස්ථාවල පත‍්‍රිකාවක් හා දේශනයක් හැටියට යළි යළිත් ඔහු ප‍්‍රතිරාවය කළා.

‘‘දියසේන නොවන තැනැත්තා දියසේන යයි සිතා ගෙන දියසේන වශයෙන් හැසිරෙන විට ඔහු මානසික රෝගියකු වෙයි නම්, ඇත්ත වශයෙන් ම නැති සිංහල ජාතියක්, නැති දෙමළ ජාතියක්, නැති ඉංගී‍්‍රසි ජාතියක් ඇතැයි සිතා ගෙන මම සිංහලයෙක්මි, මම දෙමළෙක්මි, මම ඉංගී‍්‍රසිකාරයෙක්මි යයි හැසිරෙන තැනැත්තා මානසික රෝගියකු නොවන්නේ කෙසේ ද?’’

එයට එකඟ වූ පිරිස් මෙන් ම ඒ නිසා කැළඹීමට පත් වූ අය ද බොහෝ සිටි බව ඔහු ලියා තිබෙනවා. 1983 ජාතිවාදි කළු ජූලි කලහයෙන් පසු එම ලිපිය ඉංග‍්‍රීසියට පෙරලා වඩාත් පුළුල් පාඨක පිරිසක් අතර බෙදා හරිනු ලැබුවා. එහි අන්තර්ගතය හා තර්ක එදාටත් වඩා අදට අදාළයි.

Isn’t the Nationalist a Mental Patient? http://tiny.cc/EWA

1984 වසරේ ‘මානව’ විද්‍යා ප‍්‍රකාශනයේ 3 වන කලාපයට ආචාර්ය අදිකාරම් සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියක් හරහා ද මේ අදහස් නව පාඨක පිරිසකට හඳුන්වා දෙනු ලැබුවා. එවකට වෛද්‍ය ශිෂ්‍ය (දැන් වෛද්‍ය විශේෂඥ) අරුණ දෙවන්මිනි රබෙල් ලියූ එහි මාතෘකාව ‘ඔබයි, ජාතියයි, ජාතිවාදයයි’.

ජාතිවාදයේ සුලමුල ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ගේ විග‍්‍රහයට ලක් වූයේ මේ අයුරින්: ‘‘ජාතිවාදය හෝ වෙනත් මොන යම් ආකාරයක බෙදීමක් හෝ ඇති වෙලා තිබෙන්නේ මිනිසා තුල පවතින ආත්මාර්ථකාමී භාවය නිසා. මේ හේතුවෙන් අනෙකා පරයා නැගිටින්නට යාමේදී මිනිසා තුල කෲරකමක් ඇති වෙනවා. මේ කෲරකම හා ආත්මාර්ථකාමීකම නිසා ම තමයි අද මිනිසා ජාති, කුල, රටවල් ආදි වශයෙන් වර්ගවලට බෙදිලා කටයුතු කරන්නේ.’’

‘‘ලොකු රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්ෂ ගණනක් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු කි‍්‍රයාවල යෙදෙනවා. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනි මැරීම, කැති පොලූවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවල තාර ගෑම ආදී කුඩා උමතු කි‍්‍රයාවල යෙදෙනවා.’’

මානව නියෝජිතයා හැටියට ගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ ජාතිය ගැන සමීපව ප‍්‍රශ්න කරන අදිකාරම් සූරීන් එය හුදු සිතින් මවා ගත් මනෝරූපයක් පමණක් බව කෙටි වේලාවකින් පෙන්වා දෙනවා. මේ ප‍්‍රශ්න හමුවේ නිරුත්තර වූයේ මානව නියෝජිතයා පමණක් නොවේ යයි ආචාර්ය අදිකාරම් සිනාසෙමින් පවසනවා.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maawana Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

ආගමික වතාවත් හා පුද පූජා ගැන කිසිදු විශ්වාසයක් නොතැබූ ඔහු සැබෑ බෞද්ධයන්ට එය චින්තනයෙන් හා චර්යාවෙන් කි‍්‍රයාත්මක කරන සැටි පෙන්වා දුන්නා. පෙනුමට හා අන්ධානුකරණයට ආගම් ඇදහීම ඔහු කිසි විටෙක පිළිගත්තේ නැහැ. ‘ජීවිතයට එක් වතාවක් පන්සිල් ගත්තාම හොඳට ම ඇති’ යැයි ඔහු කළ විග‍්‍රහය සමහර බෞද්ධයන්ට ඇල්ලූවේ නැහැ.

එසේ ම යමක් පැරණි හා දේශීය වූ පමණට ම එය අවිචාරවත්ව හා මුඵමනින් පිළිගත යුතු නැතැයි ආචාර්ය අදිකාරම් ප‍්‍රසිද්ධියේ කියා සිටි දෙයක්. ආකාශ වස්තූන් විසින් අපේ ඉරණම තීරණය කරනවා යයි කියන ජ්‍යෙතිෂයත්, හස්තරේඛා කියැවීමෙන් කෙනකුගේ ගති සොබා සහ අනාගතය දැකිය හැකි යයි කියන ගුප්ත ශාස්ත‍්‍රයත් ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළා.

හස්තරේඛා කියැවීම වරක් ඔහු උපහාසයට ලක් කළේ මෙසේයි. ‘‘ඉඳහිට කෙනකුගේ රැකියාව හෝ කර්මාන්තය කුමක්දැයි අත් පිරික්සීමෙන් හොඳට අනුමාන කළ හැකියි. උදාහරණ හැටියට පොල් කැඞීමට ගස් නගින කෙනකුගේ දෑතේ කරගැටවලින්!’’

අපේ ඉතිහාසය, බුදුදහම හා සංස්කෘතිය ගැන පර්යේෂණාත්මක දැනුමක් හා පෙරදිග උරුමයන් පිළිබඳ ලොකු අවබෝධයක් තිබූ මේ වියතා මෙසේ විවෘත මනසකින් ප‍්‍රශ්න විග‍්‍රහ කිරීම විශේෂ වැදගත්කමක් ගන්නවා. ඔහුට බටහිරට ගැති වූ මානසිකත්වයක් තිබුණා යයි කිසිවකුටත් කිව නොහැකියි. අපේ උරුමයන් අතරින් වර්තමානයට අදාල දේ උකහා ගෙන ඉතිරිය ප‍්‍රවේශමින් පසෙක තැබිය යුතු බවට අදිකාරම් සූරීන්ගේ ලිපි ලේඛන අතර උපදෙස් හා විග‍්‍රහයන් හමු වනවා.

ආචාර්ය අදිකාරම්ගේ ඇතැම් දැඩි ස්ථාවරයන් ප‍්‍රායෝගික නොවූ බව මගේ අදහසයි. මුඵමනින් ම නිර්මාංශ ආහාරයට යොමු වීම පුද්ගල මට්ටමෙන් ගත යුතු තීරණයක් මිස රාජ්‍ය හෝ සාමයික හෝ මට්ටමෙන් පුරවැසියන් මත බලෙන් පැටවිය යුත්තක් නොවෙයි. එසේ ම සත්ත්ව පාලනය හා ධීවර කර්මාන්තය අද වන විට සැළකිය යුතු පිරිසකට ජීවිකාව හා ආදායම් මාර්ග සපයනවා. (1990 දශකය මුලදී බෞද්ධ භික්ෂූන් පිරිසකගේ බල කිරීම පිට අභ්‍යන්තර ධීවර කර්මාන්තයට රාජ්‍ය අනුබලය නතර කිරීම නිසා එම ක්‍ෂෙත‍්‍රයත්, ප්‍රෝටීන් ආහාර ප‍්‍රභවයකුත් කලකට අඩාල වූ සැටි අපට මතකයි.)

එහෙත් අදිකාරම් දුම්පානයට හා මත්පැනට එරෙහිව ගත් සාරධර්මීය ස්ථාවරය නම් ඊට වඩා වැඩි ජන පිරිසක් අතරට සමීප වූවා යයි කිව හැකියි.

අදිකාරම් චරිතාපදානයක් පළ වී ඇත්දැයි පාඨකයන් කිහිප දෙනකු මගෙන් විමසුවා. ජයන්ත විජේවික‍්‍රම නම් මහතකු ඔහු ගැන ලියූ පොතක් මා කියවා තිබෙනවා. දෙනගම සිරිවර්ධන මාධ්‍යවේදියා වසර කිහිපයකට පෙර අදිකාරම් කථාව කොටස් වශයෙන් විදුසරට රචනා කළා. එයට අමතරව එතුමන්ගේ සිතිවිලි පති‍්‍රකා කාණ්ඩ කිහිපයක් ලෙස පොත් හැටියට මුද්‍රණය කොට අලෙවි කැරෙනු මෙවර කොළඹ පොත් ප‍්‍රදර්ශනයේදි මා දුටුවා.

www.facebook.com/E.W.Adikaram

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

S M Banduseela is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. Beginning in 1970, when he translated into Sinhala language The Naked Ape by zoologist and ethologist Desmond Morris, Banduseela has introduced Sinhala readers to over two dozen world acclaimed titles.

He is best known as Arthur C Clarke’s Lankan translator. In the mid 1970s, he translated Clarke’s landmark 1962 volume Profiles of the Future, which was well received. Encouraged, Banduseela took to translating Clarke’s key science fiction novels beginning with 2001: A Space Odyssey. Over the years, he rendered into Sinhala all four Odyssey novels, as well as other works like The Fountains of Paradise, Rendezvous with Rama and The Hammer of God.

In this wide ranging interview, published in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013), I discuss with Banduseela various aspects of science fiction in the Lankan context: the niche readership for this literary genre; its enduring appeal among Sinhala readers; and prospects of original science fiction in Sinhala. He also recalls the challenges he faced translating Clarke’s technically complex and philosophically perceptive novels. I ask him why Sinhala readers have yet to discover the rich worlds of science fiction written in countries like Russia, Japan, China and India.

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!”

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

S M Banduseela, author
S M Banduseela, author

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප‍්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කළ සංවාදයකි මේ:

ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?

විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස  මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු උනා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට  යොමු වූයේ  විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය  නිසා  ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.

සිංහල පාඨකයින් ඔබ වැඩිපුර හඳුනන්නේ ආතර් සී ක්ලාක්ගේ කෘති ගණනාවක පරිවර්තකයා ලෙසයි.  ක්ලාක් ඉංග්‍රිසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා  සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ඔව්. එතුමාගේ ඉංග්‍රිසි මෙන් ම  අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභි යෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ  ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම  සිංහලට ගෙන ඒමට මට  හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. නමුත් හැකි තාක් දුරට  එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.

ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ?

2001 A Space Odyssey - Sinhala translation cover
2001: A Space Odyssey – Sinhala translation cover

ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ  විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා ම හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා  එම කථා මාලාවේ  අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා.  මේ සියල්ල ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය උනා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ?

මා දැනට  පරිවර්තනය කර ඇති පොත් අතරින්  වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ “Rendezvous with Rama” නම් ග්‍රන්ථයයි.  මම එය “රාමා හමුව” නමින්  පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන  යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා  ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසයි.

ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ?

ඒක ඉතා ම දුෂ්කර කාර්යයක් උනා. සමහර තැන් වලදී නම්  ගැලපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුනා.

ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම  ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ? එයට හේතු දැක්විය හැකි ?

මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව  වන්නේ “Songs of Distant Earth” නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින්  පරිවර්තනය කළා.  ක්ලාක්ගේ බොහෝ  විද්‍යා ප්‍රබන්ධවල අපට හමු වන්නේ සුපිරි තාක්ෂණයක් හා  ඒවායේ ඇලී ගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. නමුත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම් බර  කථාවක්.  මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩබසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන  ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ  විද්‍යා ප්‍රබන්ධ අතර  මෙය සුවිශේෂයි.

එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති “Into the Comet” නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය  සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

ක්ලාක්ගේ ප්‍රබන්ධ ගැන සමහර විචාරකයන් කියන්නේ ඔහු චරිත ගොඩ නැංවීමේදී එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද ?

මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි.  විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සම්ප්‍රදායික චරිත නොවේ. උදාහරණයක් හැටියට  කථා නායකයා පරිගණකයක් වන ප්‍රබන්ධයක සම්ප්‍රදායික චරිත නිරූපණයක්  බලාපොරොත්තු විය හැකි ද?

ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා  මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ?

ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදූණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික්  යොදා ගැනීමේ සිට  විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන  මිනිස් අනාගතය ඉතා ම සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (braincap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහිවෙන බවට දැන් සාක්ෂි තියෙනවා.

ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා  යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හී රැඳි සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ?

ඔව්. එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව  කථා කළා.  ඔහුගේ ප්‍රබන්ධවල  ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය  හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව  සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කථා ගණනාවක් හැරුණු කොට ඔහුගේ ප්‍රකට විද්‍යා ග්‍රන්ථයක් වන  “Profiles of the Futureනම් කෘතිය ද ඔබ සිංහලට පරිවර්තනය කළා. එයට  පාඨක ප්‍රතිචාර කෙසේ වීද?

මම මුලින්ම පරිවර්තනය කළ ක්ලාක් මහතාගේ  කෘතිය එයයි.  ඇත්තෙන්ම මා එය පළ කලේ “අනාගතයේ පැතිකඩක්” හා “අනාගතයේ ආශ්චර්යයන්”  යනුවෙන් පොත් දෙකක් හැටියටයි.  අනාගත තාක්ෂණයේ විවිධ අංශ පිලිබඳ  අනාවැකි පළ කළ  මේ ග්‍රන්ථය  ඉතා ජනප්‍රිය උනා.  එහි මුද්‍රණ ගණනාවක් ම නිකුත් කිරීමට හැකි වුනා.

Profiles of the Future” පොතේ අන්තර්ගතය ගැන, එය පළවී අඩ සියවසකට පසු ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු පනහකට පමණ පෙර අනාගත තාක්ෂණය ගැන ක්ලාක් ලියු  බොහෝ දේ අද සත්‍යයන්  බවට පත්වී තිබෙනවා. එසේ නැත්නම්  නුදුරු අනාගතයේ එසේ වන බවට සාක්ෂි තිබෙනවා. මේ ග්‍රන්ථයේ  එතුමා ප්‍රවාහන ක්‍රමවල වර්ධනය, ගුරුත්වය ජය ගැනීම, වේගයේ වැඩිවීම, ක්ෂණික ප්‍රවාහනය, අභ්‍යවකාශය ජය ගැනීම, කාලය ජය ගැනීම, අදෘශ්‍යමානවීම, සියල්ල නිවසේ ම නිපදවා ගැනීම, අසීමිත තොරතුරු ප්‍රවාහය,  මොළය ඉලෙක්ට්‍රොනික පද්ධති හා සම්බන්ධ කිරීම, ඉලෙක්ට්‍රොනික බුද්ධියේ වර්ධනය  ආදී විවිධ කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නොවෙයි, අනාවැකිත් පළ කර තියෙනවා.

මින් අවුරුදු පනහකට පෙර ලියන ලද මේ පොතේ සඳහන් වෙනවා තැනින් තැන ගෙන යා හැකි, පොළොව මතුපිට සිටින ඕනෑ ම කෙනෙකු සමග ක්ෂණයකින් සම්බන්ධ විය හැකි උපකරණයක් ගැන. මෙය අද කා අතත් ඇති ජංගම දුරකථනය නිවැරදිව පුරෝකථනය කිරීමක්. ඕනෑ ම දෙයක් නිපදවිය හැකි ප්‍රතිඋත්පාදකයක් (Replicator) ගැනත් මේ පොතේ අනාවැකියක් තියෙනවා. අද දියුණු වේගන යන  ත්‍රිමාන මුද්‍රණය (3D Printing) මෙයට සමාන උපකරණයක්.

The Fountains of Paradise  - Sinhala translation cover
The Fountains of Paradise – Sinhala translation cover

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සළකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?

ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට  පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පරාදිසයේ උල්පත්‘ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා  සීගිරිය, ශ්‍රීපාදය  හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය  සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය ඉතාම  සුවිශේෂි කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අවිහිංසාව වැනි අදහස්  එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.

ක්ලාක් හැරුණු කොට ශ්‍රී ලංකාව පාදක කොට විද්‍යා ප්‍රබන්ධ ලියූ වෙනත් විදේශිය ලේඛකයන් සිටී ද?

මා දන්නා තරමින් නම් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ  යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා.  මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ?

ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල  (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ  දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ  වුවත් යමක් එබු පමණින්  සියලු දොරවල් වැසී යන  උමං ගැන සඳහන් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා  (science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ?

විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි  සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපි කථාවකට  එවැනි පදනමක් නැහැ.  නමුත් එක් යුගයකදී  මායාරූපී කථාවක් ලෙස  පෙනෙන දෙයක්  තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.

උදාහරණයක් හැටියට  ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට  1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර  ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන්  යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය  මායාරූපී කථාවක්  වෙනවා.නමුත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.

විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ.  එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ?

මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම  ලියවුණේ  අනාගතය හා අභ්‍යවකාශ ගමන්  වටායි.  නමුත් මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන්  පරිණත වන විට  විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා.  අද විකල්ප ඉතිහාසය, කාලතරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.

නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්ය භාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ  එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද?  මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදී වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා  ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන  මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.

ක්ලාක් ඇතුළු ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාගතවේදයක් හෝ අනාවැකි කීමක් ලෙස ? නැත්නම් වෙනත් විදියකට ?

මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා  අනාගතය දැකීමක්  ලෙස සැලකිය හැකියි. නමුත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ.  ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්ය භාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදු වන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරු පුරුදු කිරීමයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ අහිතකර අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?

එය සත්‍යයක්. විද්‍යා ප්‍රබන්ධ අනාගතය පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට  සහාය වනවා පමණක් නොව අනාගත  තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප  හඳුන්වා දෙනවා.

විද්‍යා ප්‍රබන්ධවල සාහිත්‍යමය අගය ගැන එකඟත්වයක් නැහැ.  සමහරුන් එය සාහිත්‍යාංගයක් ලෙස පිළි ගන්නේත් නැහැ.  ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කලාව – ලිවීම, පරිවර්තනය හා කියවීම – ගැන ඔබේ තක්සේරුව කුමක් ?

Songs of Distant Earth - Sinhala translation cover
Songs of Distant Earth – Sinhala translation cover

මම හිතන්නේ මෙය ක්‍රමයෙන් වෙනස්වී ගෙන යනවා. අඩු ම වශයෙන් බටහිර ලෝකයේ එය නූතන සාහිත්‍යාංගයක් ලෙස සැලකිල්ලට බඳුන් වෙනවා. බටහිර විශ්ව විද්‍යාල ගණනාවක දැන් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ පාඨමාලා හැදෑරිය හැකිවීම එයට ලැබී ඇති තැන පිළිබඳ හොඳ දර්ශකයක්.

ශ්‍රී ලංකාවේ නම් තවම විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රය නම් එතරම් දියුණුවක් පෙන්වන්නේ නැහැ. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ කෘති සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉතා ම ස්වල්පයක් පමණයි. නමුත් අද සිංහලෙන් ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ අතරින්  සුළු ප්‍රමාණයක්වත් උසස් තත්වයක තිබීම නම් සතුටට කරුණක්.

මෙරට විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ට  තවමත් ක්ලාක්ගේ  කෘතීන් පරිවර්තනය වී ලැබී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මෙසේ  සීමා වීමට හේතුව වෙළඳ පොළ විභවයක් නැතිකම ?

නැහැ. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධවල සිංහල පරිවර්තනවලට සැලකිය යුතු වෙළඳපොළක් තියෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ  පරිවර්තකයන්ගේ හිඟයයි. සිංහල පාඨකයන් අතර මෙම සාහිත්‍යාංගය ජනප්‍රිය කිරීමට නම්  ලොව පුරා දක්නට ඇති විද්‍යා ප්‍රබන්ධයේ  නව ප්‍රවණතාවන්ට ඔවුන්  නිරාවරණය කළ යුතුයි. නිර්මාණශීලී හැකියාවන් ඇති තරුණ ලේඛකයන්ටත් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට එය විශාල පිටුවහලක්  වේවි.

ඉංග්‍රීසියෙන් පළ  වු බටහිර පන්නයේ විද්‍යා ප්‍රබන්ධ සීමිතව  සිංහල පාඨකයාට ලැබී ඇතත් ජපන්, රුසියානු, චීන හා ඉන්දියානු වැනි සම්ප්‍රදායන්ගේ විද්‍යා ප්‍රබන්ධ ගැන සුළු හෝ අවධානයක් නැති තරම්. මෙයට කුමක් කළ හැකි ?

අද ලෝකයේ විවිධ භාෂාවලින් විද්‍යා ප්‍රබන්ධ ලියවුනත් අපට සිංහලෙන්  කියවීමට ලැබී ඇත්තේ අතළොස්සක් වූ ඉංග්‍රීසි හා රුසියානු ප්‍රබන්ධ පමණයි. විවිධ රටවල ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ සිංහලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පරිවර්තකයන්ගේ හිඟයයි.

අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විවිධ භාෂාවලින්  දැන් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා පමණක් නොවෙයි ඒවා ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කෙරෙනවා. අඩු ම වශයෙන් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අපේ පාඨකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම ඉක්මන් අවධානය යොමු විය යුතු කරුණක්.

ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන්නට කැමති නිර්මාණශීලි ලේඛකයන්ට ඔබේ උපදෙස් මොනවාද?

හැකි තරම් කියවන්න.  විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව නවීන විද්‍යාත්මක අදහස් හා සංකල්ප අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.  විද්‍යා ප්‍රබන්ධයේ පදනම වන්නේ  විද්‍යාව හා තාක්ෂණය නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණයේදී ඉතා වැදගත් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ මෙරට පුවත්පත් හා සඟරාවල පළවන බොහෝ ස්වතන්ත්‍ර ප්‍රබන්ධ ඇත්තට ම විද්‍යා විරෝධී ප්‍රබන්ධ (anti-science fiction) බවට මා තර්ක කරනවා. විද්‍යාවේ සෘණ පැත්ත හා අහිතකර විපාක ගැන පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වන, ඉතා දියාරු කථා රසයෙන් යුත්  මේ කථා ගැන ඔබ සිතන්නේ කුමක් ?

ඒක ඇත්තක්. මෙයට හේතුව වී ඇත්තේ  විද්‍යාත්මක සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වීමයි. විද්‍යා ප්‍රබන්ධ ලෙස අද පළවන සමහර කථා හුදු මනඃකල්පිතයන් පමණයි. නිර්මාණශීලි හැකියාවක් ඇති ඕනෑ ම කෙනෙකුට  සාමාන්‍ය නවකථාවක් හෝ කෙටි කථාවක් රචනා කළ හැකි නමුත්  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ දැනුමක් ද අවශ්‍ය වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ චිත්‍රකථා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෝකයේ ඉතා ජනප්‍රියයි.  එබඳු උපසංස්කෘතියක් මෙරට බිහි කරන්නට කුමක් කළ හැකි ?

ඔව්. අපේ රටේ එවැනි ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ම නැති තරම්. සුළු උත්සාහයන්  ගෙන තිබුණත් ඒවා එතරම් සාර්ථක නිර්මාණයන් වූයේ  නැහැ. සමහරවිට මෙයට හේතුව එවැනි චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික ප්‍රයෝග ලබා ගැනීමේ  දුෂ්කරතාව වීමට පුළුවන්.

කෙසේ වෙතත් අනාගතය රැඳී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මතයි. අපේ නිර්මාණකරුවන් සුපුරුදු රාමුවෙන් පිටතට ඇවිත්  විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුව නිසා ඇති වන ප්‍රශ්න හා ගැටලු ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවේ සමහර මුල් පෙළේ විද්‍යාඥයෝ (උදා. තාරකා විද්‍යාඥ ජයන්ත් නාලිකාර්) විද්‍යා ප්‍රබන්ධ ලියනවා. ඔබ දන්නා තරමට  විද්‍යා ප්‍රබන්ධ අළුතෙන් ලිවීමේ නියැලි ලාංකික විද්‍යාඥයින් සිටිනවා ? ඔවුන් ඒ ගැන සිතිය යුතු ?

නැහැ. මා දන්නා තරමින් නම් ලංකාවේ විද්‍යාඥයින් කිසිවෙක් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම මම හිතනවා විද්‍යාව ගැන හොඳ අවබෝධයක් ඇති අය වශයෙන් ඔවුන් ඒ ගැන සිත යොමු කළ යුතුයි.

ආතර් ක්ලාක් ගේ කියමනක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. එය ඇත්තේ අනාගතයේ පැතිකඩක් නම් ග්‍රන්ථයේ. “දෙවෙනි පෙළේ විද්‍යාඥයින් විද්‍යා ප්‍රබන්ධ විහිළුවට ලක් කරන නමුත් පළමු පෙළේ විද්‍යාඥයින් එසේ කරනු මා කිසිදාක දැක නැතිවා පමණක් නොව  විද්‍යා ප්‍රබන්ධකරණයේ නියැලෙන  කීප දෙනෙක් ම මම දනිමි.”

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

Royal Encounter: Charming Prince Charles at endearing British Council Colombo

Prince Charles talks with Dr Ajith C S Perera, activist for mobility access, at the opening of British Council new building in Colombo, 16 Nov 2013 - Photo courtesy British Council Sri Lanka
Prince Charles talks with Dr Ajith C S Perera, activist for mobility access, at the opening of British Council new building in Colombo, 16 Nov 2013 – Photo courtesy British Council Sri Lanka

Charlie is a charmer: he can be engaging, a good listener and smiles a lot.

At least these are my impressions of having watched Prince Charles at close range at a reception hosted by the Colombo British Council this evening – coupled with the opening of their new building.

The future king was ushered in without much fanfare (even his security was light touch and courteous). He spent around 40 minutes talking his way through the crowded room.

He chatted with many of the 250 or so guests — friends and partners of the British Council. It included a number of students and youth activists, as well as teachers, writers and scholars.

The Prince listened to short speeches by the British Council Sri Lanka Director and their global CEO. He then made the shortest speech of the evening: less than a minute, in which he made us laugh.

He basically thanked everyone, and expressed relief that the building he’d inaugurated on his last visit (1998) hadn’t been demolished.

Shortly afterwards, he left as quietly as he arrived. The party continued.

It was a brief encounter, but devoid of hype and pomposity that have characterised the Commonwealth Heads of Government Meeting (CHOGM) taking place in Colombo this week — the main reason why Prince Charles was in town.

I was quite tempted to take a quick photo with my mobile phone (cameras were not allowed). But our hosts had earnestly requested that we don’t take any photos. For once, I played by the rules.

In a more officious setting, I would quite likely have defied the restriction (after all, no one was watching our good conduct, as usually happens at Lanka government functions these days).

Yet the British Council has a special place in our hearts and minds. It’s a friendly oasis for artistes, learners, performers and activists. While they pursue their mission of promoting British cultural interests abroad, British Councils truly engage the community. Violating their request for taking a murky crowd photo would have been too unkind…

Part of that brand loyalty for British Council is explained in this short essay by Eranda Ginige of British Council Sri Lanka. In it, he reflects on their library in Colombo, which remains a community hub even as most readers trade paperbacks for portable devices.

Charlie produced unexpected gains, too. When I finally reached home, I had a rousing welcome from the two adorable females – a teenager and Labrador – who raise me:

සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to scholar and free thinker Dr E W Adikaram (1905-1985), a Lankan pioneer in public communication of science in Sinhala.

I also recall with gratitude how, a few months before his death at age 80, he advised and guided me through a challenging science writing assignment on the history and science of comets.

Dr E W Adikaram (1905-1985)
Dr E W Adikaram (1905-1985)

2013 සැප්තැම්බර් 15දා කොලමින් මානව විද්‍යා සඟරාවේ පුරෝගාමී මෙහෙවර ගැන අපි කථා කළා. එයට ප‍්‍රතිචාර දැක් වූ සමහර පාඨකයන් ඉල්ලා සිටියේ විද්‍යා සන්නිවේදනයේ තවත් පුරෝගාමීන් හා පෙරගමන්කරුවන් ගැනත් විටින් විට සිහිපත් කරන ලෙසයි.

ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම් සූරීන් (1905 – 1985) අප බොහෝ දෙනෙකු වඩා හොඳින් හඳුනන්නේ දාර්ශනිකයකු, ප‍්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකු හා බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ ශාස්ත‍්‍රවේදියකු හැටියටයි. ඔහු සිංහලෙන් විද්‍යාව ප‍්‍රචලිත කිරීමට දශක ගණනාවක් පුරා තනි පුද්ගලයෙකුගේ මට්ටමින් කළ දායකත්වය ඔහුගේ අනෙකුත් වැදගත් සමාජ මෙහෙවරට සාපේක්ෂව මෙරට අඩු ඇගයීමකට ලක් වූවා යැයි කිව හැකියි.

1933දී ඔහු ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය සඳහා ලියූ මුල් යුගයේ ලාංකික බුදුසමයේ ඉතිහාසය පිළිබඳ නිබන්ධනය, අද දක්වාත් එම ක්ෂේත‍්‍රයේ අගනා පර්යේෂණ කෘතියක් ලෙස සැලකෙනවා. 1933 – 1945 කාලයේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම යටතේ පාලනය වූ පාසල් කිහිපයක විදුහල්පති මෙන් ම ආරම්භකයා ලෙසත් ක‍්‍රියා කළ ඔහු, මෙරට අධ්‍යයන ක්ෂෙත‍්‍රයේ ද නොමැකෙන නමක් සනිටුහන් කළා.

ඉන්දියානු දාර්ශනික ජේ. ක‍්‍රිෂ්ණමූර්තිගේ චින්තනය කියවා පැහැදුණු අදිකාරම් වයස 40දී සිය ජීවිතයේ ගමන් මග වෙනස් කළා. ඒ දක්වා දැරු තනතුරු සියල්ලෙන් ඉවත් වූ ඔහු දිගු කලකට ආධ්‍යාත්මික චාරිකාවක් සඳහා ඉන්දියාවට ගියා.

1947දී ක‍්‍රිෂ්ණමූර්ති මුල්වරට හමු වූ තැන් පටන් ඔහු සමඟ සමීප මිතුදමක් ගොඩ නඟා ගත්තා. ආමිස පූජා පෙරටු කර ගත් සංවිධානාත්මක ආගම් හා වතාවත් සියල්ල ප‍්‍රතික්ෂේප කොට ආධ්‍යාත්මික ගුණ වගාවට මුළු අවධානය ම යොමු කිරීමේ ක‍්‍රිෂ්ණමූර්ති චින්තනය පිළි ගත් ආචාර්ය අදිකාරම්, එය මෙරට ප‍්‍රචලික කිරීමට ජීවිතයේ ඉතිරි කාලය කැප කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රය, තරුණ සිතිවිලි සමාජය හා ලංකා නිර්මාංශ සංගමය හරහා ඔහු උදක් ම උත්හාස කළේ වඩාත් අවිහිංසාවාදී වූත්, විචාරශීලි වූත් ලක් සමාජයක් බිහි කිරීමටයි. විද්‍යාව, කලාව හා දර්ශනවාදය යන තුනෙහි සංකලනයක් හරහා නූතනත්වය හා සාරධර්ම මනාව තුලනය කර ගත් සමාජයක් බිහි කළ හැකි යයි ඔහු විශ්වාස කළා. විද්‍යා සන්නිවේදනයේ ඔහු නිරත වූයේ මෙකී පුළුල් දාෂ්ටිමය රාමුව තුළ පිහිටා ගෙනයි.

ජ්‍යෙෂ්ඨ පාසල්වල විද්‍යාව විෂයය සිංහලෙන් ඉගැන්වීම ඇරැඹුණේ 1957දී. එයට සමාන්තරව (විෂය මාලාවට ඍජුව අදාළ) පෙළපොත් මෙන් ම අතිරේක විද්‍යා කියැවීම් පොත් ගණනාවක් ද එළි දුටුවා. ඉංග‍්‍රීසියෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු විද්වතුන් කිහිප දෙනෙකු පුරෝගාමී ලෙස සිංහලෙන් විද්‍යා පොතපත ලිවීමට පටන් ගත්තා. මේ අය අතර අදිකාරම් සූරීන් කැපී පෙනුණු බව සිංහල විද්‍යා සාහිත්‍යයේ ඉතිහාසය ගැන ගවේෂණාත්මකව ලියූ ලිපියක විද්‍යා ලේඛක අසෝක ඩයස් සඳහන් කරනවා. (විදුසර, 1990 නොවැම්බර් 5).

ආචාර්ය අදිකාරම්ගේ ‘විද්‍යා කථා’ නම් ප‍්‍රකට විද්‍යා සාහිත්‍ය කෘතිය මුල් වරට පළ වූයේ 1952දී. එක් එක් පන්ති සඳහා ‘සාමාන්‍ය විද්‍යාව’ නම් පොත් පෙළක් ද ඔහු රචනා කළා.

සරල සිංහලෙන් කරුණු පැහැදිලි කිරීමට අමතරව ජායාරූප යොදා ගැනීම ද ඔහු කළ බව අසෝක කියනවා. උදාහරණයකට 1954දී පළ වූ 8 වැනි පන්තියට සාමාන්‍ය විද්‍යාව පොතේ රෝගකාරක විෂබීජයක් 10,000 වාරයක් විශාල කොට පෙන්වන රූපයක් අඩංගු වුණා.

1950 දශකයේදී ආචාර්ය අදිකාරම් තවත් පුරෝගාමී ප‍්‍රකාශන කටයුත්තකට යොමු වුණා. එනම් විද්‍යා දැනුම හා තොරතුරු සඳහාම වෙන් වූ වාරික ප‍්‍රකාශනයක් මුල්වරට සිංහලෙන් පළ කිරීමයි. ඔහුගේ සංස්කාරක්තවයෙන් බිහි වූ ‘නවීන විද්‍යා’ සඟරාව එම්. ඞී. ගුණසේන සමාගම මගින් පළ කිරීම ඇරැඹුණේ 1950 ජූලි මාසයේදී.

1950-55 වකවානුවේ නිතිපතා පළ වූ මේ සඟරාව විටින් විට නතර වෙමින්, යළිත් නව පණ ලබමින් 1970 ගණන් දක්වාම පවත්වා ගෙන යනු ලැබුවා. රීඩර්ස් ඩයරස්ට් සඟරා ප‍්‍රමාණයේ හුරුබුහුටි හැඩයෙන් යුත් මේ සඟරා පිටපත් පාසල් පුස්තකාලයේ දී මා කියැවුයේ 1973-4දී පමණ. නමුත් සිංහල විද්‍යා සඟරාවල ඉතිහාසය ගැන 1990දී විදුසරට ලිපියක් ලියූ ප‍්‍රභාත් වීරරත්න කියන්නේ සොයා ගත හැකි වූ ආකාරයට අවසන් ‘නවීන විද්‍යා’ කලාපය පළවී ඇත්තේ 1972දී බවයි.

Dr E W Adikaram Stamp issued in 1988
Dr E W Adikaram Stamp issued in 1988

විද්‍යාත්මක සංකල්ප සරලව පහදා දෙන අතරම විදු ලොව අළුත් පුවත් ද ගෙන ඒමට ‘නවීන විද්‍යා’ කතුවරයා ක‍්‍රියා කළා. බොහෝ ලිපි ලියනු ලැබුවේ ද ඔහු විසින්මයි. විශේෂයෙන් තාරකා විද්‍යාව හා ජීව විද්‍යා මාතෘකාවලට ඔහු වැඩි අවධානයක් යොමු කළා.

මීට අමතරව 1959 පටන් ‘විද්‍යා’ නමැති තවත් සඟරාවක් ද ආචාර්ය අදිකාරම් පටන්ගත් බව වාර්තාගතයි. එය කොපමණ කලක් පැවතියා දැයි පැහැදිලි නැහැ. නමුත් 1966 ජූනි මාසයේ වෛද්‍ය බුද්ධදාස බෝධිනායකගේ සංස්කාරකත්වයෙන් ඇරැඹි ‘විද්‍යා’ සඟරාව ඊට වෙනස්.

ආචාර්ය අදිකාරම් මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම රේඩියෝ මාධ්‍යය හා සජීව දේශන හරහා ද විද්‍යාත්මක දැනුම හා චින්තනය ප‍්‍රවර්ධනය කළා. 1955 ජූනි 20 වනදා ශ‍්‍රී ලංකාවට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ රේඩියෝ විස්තර කථනයට සහභාගි වූ ඔහු, සාකච්ඡා වැඩසටහන් හරහා කාලීන මාතෘකා සංවාදයට ලක් කළා.

අභ්‍යවකාශ තරණය, සාගර ගවේෂණය, න්‍යෂ්ටික තාක්ෂණය, පරිගණක විද්‍යාව ආදි ක්ෂේත‍්‍ර ඉක්මනින් හා ප‍්‍රබලව මතු වෙමින් තිබු 1960 හා 1970 දශකයන්හිදී ඔහු මේ නව දැනුම විචාරශීලිව ග‍්‍රහණය කර ගන්නට ලක් සමාජයට මාහැඟි අත්වැලක් සැපයුවා.

ආචාර්ය අදිකාරම් මට මුණගැසුණේ දෙවතාවයි. ඒ ඔහුගේ ජීවිතයේ අන්තිම මාස කිහිපයේදී. වසර 76කට පසු නැවතත් 1986දී දිස්වීමට නියමිත වූ සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව ගැන ඓතිහාසික, විද්‍යාත්මක හා වෙනත් තොරතුරු මෙන් ම මතකයන් ද රැස් කරමින් ‘කල්පනා’ සඟරාවට විස්තරාත්මක කවරයේ කථාවක් (විශෙෂාංග ලිපි එකතුවක්) මා සම්පාදනය කරමින් සිටියා.

එවකට මා උසස් පෙළ විද්‍යා සිසුවකු හැටියට අත ගැසුවේ ලෙහෙසි කාරියකට නොවෙයි. එහෙත් ඒ උත්සාහයේදී මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, එඞ්වින් ආරියදාස වැනි වියතුන්ගෙන් මෙන්ම ආචාර්ය අදිකාරම්ගෙන් ද නොමඳ සහයක් ලැබුණා.

1985-86ට පෙර හැලීගේ වල්ගාතරුව දිස්වූයේ 1910දී. එය කුඩා දරුවන් ලෙස දුටු හා තවමත් මතකයන් තිබූ වැඩිහිටියන් සොයා ගෙන යද්දී ඒ ගැන ඉතා පැහැදිලි ආවර්ජනා ලබා දුන්නේ ආචාර්ය අදිකාරම්. 1905දී උපන් ඔහු හැලීගේ වල්ගාතරුව දැක්කේ ලාබාල වියේදී වුවත් මනා බුද්ධියක් හා සියුම් නිරීක්‍ෂණ ශක්තියක් තිබූ නිසා එය හොඳ හැටි ධාරණය කළා.

ඔහු කී හැටියට: ‘‘1910යේ හැලීගේ වල්ගා තරුව පායපු හැටි මට හොඳට මතකයි. ඒ වන විට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. මෙහෙම වල්ගාතරුවක් එනවාය කියන රාවය හොදින් පැතිරී ගිහින් තිබුණා. දවසක් පාන්දර ම මගේ මිත්තණිය මාව නින්දෙන් අවදි කළා වල්ගාතරුව පෙන්වන්න. ඈ මා කැඳවාගෙන ගියේ අපේ ගෙදර අසල තිබූ කුඩා කඳුවැටියට. උදෑසන 4ට – 5ට විතර අහසේ වල්ගාතරුව දිස් වූ බව මට මතකයි. මුල් දවස්වල කුඩාවට තිබුණු වල්ගාතරුව දිනෙන් දින ම විශාල වෙමින් දීප්තියෙන් වැඩි වුණා. පහුවෙන කොට එය ඉර බැස ගිය පසු සැන්දෑ අහසේත් දිස් වෙන්න පටන් ගත්තා. අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදෙන්නාක් මෙන් වූ හැලීගේ වල්ගාතරුව චමත්කාර ජනක දර්ශනයක් වුණා.

‘‘හැබැයි අපේ වැඩිහිටියෝ, ළමා අපට වැඩිවෙලා වල්ගාතරුව බලන්නට ඉඩ දුන්නේ නැහැ. එයින් යම් හානියක් වේය කියා වෙන්ට ඇති. ඒත් කුඩා අපි හැකි සෑම විට ම කළේ එළිමහනට ගිහින් වල්ගාතරුව බැලීමයි….’’

An image of Halley's Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory
An image of Halley’s Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory

1985 නොවැම්බරය වන විට ආචාර්ය අදිකාරම් 80 හැවිරිදිව සිටියත් තවමත් තීක්‍ෂණ බුද්ධියකින් හා සංවේදී මනසකින් යුතු බව ඔහු හා කථාබහ කරන විට හොදාකාර පෙනී ගියා. අතීතාවර්ජනය සටහන් කරගෙන, ඔහුට වැඩිපුර කරදර නොකර මා පිටත්ව යන්නට හදන විට මේ විෂය ගැන මෙතෙක් මා රැස් කරගත් තොරතුරු ගැන ඔහු සුහදව ප‍්‍රශ්න කළා.

ඉතිහාසය, බුදුදහම, පාලි හා සංස්කෘත යන විෂය ක්‍ෂෙත‍්‍රවලට අමතරව ඔහු සිය ලන්ඩන් බී. එ්. උපාධියට ගණිතය හා තාරකා විද්‍යාව හදාරා තිබූ හා සිංහලෙන් තාරකා විද්‍යාව ගැන මුල් යුගයේ ලියූ කෙනකු හැටියට ඔහුගේ උපදෙස් කැමැත්තෙන් ම ලැබෙන විට මා එය මහත්  ඕනෑකමින් භාර ගත්තා.

1950දී තමා ලියා පළ කළ ‘අහස’ නම් පොත් පිංචක වල්ගාතරු ගැන කොටස මට පෙන් වූ ඔහු, ලිපිය ලියා ගෙන යළිත් තමා වෙත ගෙන ආවොත් යම් වරදක් තිබුණොත් පෙන්වා දිය හැකි බවත් කීවා.

Kalpana magazine cover - Feb 1986
Kalpana magazine cover – Feb 1986

මූලාශ‍්‍ර දුසිම් ගණනක තිබූ තොරතුරු සරලව හා තර්කානුකූලව ගොනු කරමින් ‘වල්ගාතරු – එදා, අද සහ හෙට’ මැයෙන් ප‍්‍රධාන ලිපිය කෙටුම්පත් කළ මම දින හතරකට පසුව නැවතත් ආචාර්ය අදිකාරම් හමු වීමට ගියා. ඔහු සාවධානව අසා සිටියදී මා එය හඩ නගා කියෙව්වා. විටින් විට වචනයක්, කරුණක් ගැන ඔහු ප‍්‍රශ්න කළා.

පැය තුනක් තිස්සේ ආචාර්ය අදිකාරම් සමග ප‍්‍රධාන ලිපිය වඩාත් හරවත් හා ඔපවත් කළ පසු මා සදාකල් සිහි රැදන පාඩමක් උගත්තා. විද්‍යා ලිපියක් වුවත්, මොන ලිපියක් වුවත් ලියන විට ලොකු ලොක පණ්ඩිත (පාරිභාෂික) වචන වෙනුවට හැකි තරම් එදිනෙදා වහරේ හමු වන වචන යොදා ගැනීම වඩාත් වැඩදායක බවයි. එදා සිට අද දක්වාත් මා කරන්නේ එයයි.

‘‘ඔය වල්ගාතරු කියන සිංහල වචනයත් වැරදියි,’’ ඔහු අන්තිමේදී පෙන්වා දුන්නා. ‘‘ ඕකෙ තේරුමක් නැහැ. මේ ආකාශ වස්තුවට අප දන්නා ආකාරයේ වල්ගයක් නැහැ. එය කිසිසේත්ම තරුවකුත් නොවෙයි’’

‘‘එතකොට ධූමකේතුව කියන වචනය?’’ මා ප‍්‍රශ්න කළා. ඔහුගේ උත්තරය: ‘‘ඒකත් එහෙමයි. එහි දුමක් ඇත්තේත් නැහැ. ඒක කේතුවක් (කොඩියකුත්) නොවෙයි.’’

මම: ‘‘ඉතින් ඔය වචන දෙක ම දොස් සහිත නම් වඩා සුදුසු වචනයක් යෝජනා කළ හැකි ද?’’

ආචාර්ය අදිකාරම්: ‘‘ ඕනෑ නැහැ. දැන් පෙරේරා කියන පුද්ගලයාට සිල්වා කිව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැනෙ. ඔය වචන දෙක ම භාවිතා කළාට කමක් නැහැ. නමුත් ඒවා යෙදෙන අවස්ථාවල ඒ ගැන නිවැරදි අවබෝධය දීමයි වඩා වැදගත්.’’

ආචාර්ය අදිකාරම්ගේ හැටි එහෙමයි! ඔහු තර්ක කිරීමේ ගජ සමතෙක්. එහෙත් හැම වාද විවාදයකදී ම ඉතා සන්සුන්ව හා ආචාරශීලීව අදහස් දැක්වීමත්, අන් හැමගේ අදහස්වලට ගරු කිරීමත් ඔහු ජීවිත කාලය පුරා ම කළා.

අපේ ඒ දෙවන හමු වීමෙන් මාසයක් ගත වන්නට පෙර 1985 දෙසැම්බර් 28 වනදා ආචාර්ය අදිකාරම් මිය ගියා. කල්පනා කර්තෘ ගුණදාස ලියනගේ සූරීන් පසුව තහවුරු කර ගත් අන්දමට එතුමන් අභාවප‍්‍රාප්ත වන්නට පෙර අවසන් වරට කථා කළ මාධ්‍ය නියෝජිතයා වූයේ මායි.

See also: E W Adikaram Facebook Page

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

My latest book is dedicated to Asanga Abeysundara who was my zoology teacher 30 years ago, as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, evolved into a printed magazine in 1984  with a small circulation and loyal readership.

Maanawa Sinhala science magazine first print issue, Aug 1984
Maanawa Sinhala science magazine first print issue, Aug 1984

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

I have written this week’s Ravaya column (in Sinhala) about Maanawa.

2012-13 වකවානුවේ රාවයේ පළ වූ සිවුමංසල කොලූගැටයා කොලම් 54ක් එක් තැන් කරන දෙවැනි ග‍්‍රන්ථය මේ සතියේ එළි දකිනවා. මා එය පිළිගන්වා ඇත්තේ මගේ විද්‍යා ගුරුවරයකු හා හිටපු කර්තෘවරයකුට.

“විද්‍යාත්මක චින්තනය හා විචාරශීලී දැනුම මෙරට ප‍්‍රචලිත කරන්නට මුද්‍රිත හා වෙබ් මාධ්‍ය හරහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ සඳහා තම කාලය, හැකියාවන් හා මුදල් නොමසුරුව වැය කරමින් දශක තුනකට වැඩි කාලයක් නිහඩ දායකත්වයක් සපයන ‘මානව’ විද්‍යා සඟරාවේ ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රකාශක අසංග අබේසුන්දර මහතාට.”

කවුද මේ අසංග අබේසුන්දර?

Asanga Abeysundara, Maanawa Editor & Publisher
Asanga Abeysundara, Maanawa Editor & Publisher

කොළඹ සරසවියෙන් සත්ත්ව විද්‍යා උපාධියක් ලද ඔහු විද්‍යාව හා කලාව දෙකට ම ලැදි අපූරු චරිතයක්. උපාධියෙන් පසු ඔහු වෘත්තිමය වශයෙන් යොමු වුණේ උසස් පෙළ සත්ත්‍ව විද්‍යාව උගන්වන්න. මේ සඳහා තමන්ට ම ආවේණික චිත්තාකර්ෂනීය ක‍්‍රමවේදයක් හරහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම ඇරැඹුවා. එදා මෙදා තුර ඔහුගේ ප‍්‍රධාන කාරිය හා ජිවිකාව එයයි.

මා මිත‍්‍ර චානුක වත්තේගම වරක් ලියූ පරිදි ‘‘සඟරා සංස්කාරකයකු වෙතත් අසංග අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් නොවේ. එහෙත් ඔහු මේ රටේ මෑත යුගයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අති විශාල ශිෂ්‍ය පිරිසට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවන්නේ ය. විශාල පිරිසක් වෛද්‍ය, දන්ත විද්‍යා, කෘෂිකර්ම, ජීව විද්‍යා පීඨවලට පමණක් නොව ඇතැම් අවස්ථාවල නීති පීඨයට පවා පිවිසීමට වරම් ලබා ගත්තේ අසංග සර්ට පින් සිදු වන්නට ය.’’ (ලක්බිම, 1997 අපේ‍්‍රල් 6)

1978 – 2001 වකවානුව තුළ පැහැදිලි අදියර හතරකින් යුක්තව එයට ම ආවේණික ආකාරයකින් පරිනාමය වූ අසාමාන්‍ය ගණයේ සිංහල ප‍්‍රකාශනයක් හැටියට ‘මානව’ හඳුන්වා දිය හැකියි.

මානව ප‍්‍රකාශනයේ මුල් අදියර හැර අන් සියඵ අදියරවලට සකි‍්‍රය දායකත්වයක් සැපයූ කෙනකු ලෙස මට ඒ ගැන මිහිරි මතකයන් රැසක් තිබෙනවා. බිත්ති පුවත්පතක සිට ලෙටර්ප්‍රෙස් හා  ඕෆ්සෙට් මුද්‍රණ හරහා වෙබ් ප‍්‍රකාශනයක් දක්වා ගිය වසර 25කට වැඩි ගමනේදී මානව කවදත් නව කඩඉම් සොයා යන, පුරෝගාමී උත්සාහයක් වූවා. විද්‍යා සන්නිවේදනය කෙසේ ජන සමාජයට අදාල විය යුතු ද හරවත් කළ හැකි ද යන්න ගැන පුංචි වුවත් මානව ලොකු ආදර්ශයක් සැපයුවා.

අබේසුන්දරයන් ‘මානව’ නමින් බිත්ති පුවත්පතක් ඇරැඹුවේ 1978දී කොළඹ සරසවියේ සිසුවකුව සිටියදී පොදු ශිෂ්‍ය කාමරයේ බිත්තියක. එය තනිකර විද්‍යා ප‍්‍රකාශනයක් වූයේ නැහැ. විද්‍යා-කලා-සමාජ විමර්ශන හා කාලීන ගවේෂණ ආදී සැම දෙයක් ම ඔහු ලිහිල් බසින් ආවරණය කළා.

මේ නව ආකාරයේ බිත්ති පුවත්පතට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නන්දා මාලිනී සහ ලේඛක ඞීමන් ආනන්ද වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. මානව ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සංවාදශීලී අදහස් හුවමාරුවකට විවෘත වේදිකාවක් සැපයීම.

‘මානව’ ප‍්‍රකාශනය කුඩා මුද්‍රිත පුවත්පතක් බවට පත්වීම එහි දෙවැනි අදියරයි. 1984 අගෝස්තු මාසයේ මුල් වරට ලෙටර්ප්‍රෙස් ආකාරයට මුද්‍රණය කොට ‘මානව’ එළි දැක්වූවා. විභාග හෝ විෂය නිර්දේශවලට සීමා නොවී විද්‍යාව ජන ජීවිතයට අදාල වන පරිද්දෙන් ලියැවුණු ලිපි හා නිර්මාණ එහි ඇතුළත් වුණා.

කාලෝ ෆොන්සේකා හා ආචාර්ය සරත් කොටගම වැනි වියතුන්ගේ දායකත්වයට අමතරව අබේසුන්දරයන්ගේ පන්තිවලට සහභාගි වන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද නිර්මාණවලින් දායක වුණා. කොළඹ හා අවට ප‍්‍රදේශවල අලෙවි කරන ලද මානව මිල කර තිබුණේ රුපියල් හතරකට.

කොහෙන් හෝ ඉංගී‍්‍රසි මූලාශ‍්‍රයකින් විද්‍යා තොරතුරු ටිකක් සොයා ගෙන එය ගෙඩි පිටින් සිංහලට පෙරළා පළ කිරීම ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයක් නොවෙයි. පාසල් පෙළපොත්වල විද්‍යා පාඩම් වඩාත් සිත් ගන්නා සුඵ සරල සුගම බසකින් ප‍්‍රතිනිර්මාණය කිරීමේ යම් අධ්‍යාපනික වටිනාකමක් ඇතත් එය ද විද්‍යා සන්නිවේදනයේ සරල ආරම්භයක් පමණයි.

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

මගේ වැටහීමට අනුව විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ හා අභියෝගය වන්නේ විචාරශීලිවත්, තර්කානුකූලවත් සිතීමට පාඨකයන් දිරිමත් කිරීමයි. කිසිදු මතවාදයකට, උගත් අධිපතිවාදයකට නතු නොවී කරුණු ගවේෂණය හා සංවාදය හරහා යම් අවබෝධයන් ලබා ගන්නටත්, විවෘත මනසකින් හැම දෙයක්ම නිරතුරු ප‍්‍රශ්න කරන්නටත් පාඨකයන් කුල්මත් කිරීමයි. මානව ආරම්භයේ සිට මෙය මැනවින් සිදු කළා.

1984 අගෝස්තුවේ මුල් ම මුද්‍රිත කලාපයේ ම එයට සාක්‍ෂි එමට හමු වනවා. කාලෝ ෆොන්සේකා සමඟ සාකච්ඡාවකින් සැකසුණු ‘මානව දේහය පිළිබඳ මිථ්‍යා මත’ නම් ලිපිය කදිම උදාහරණයක්. එහි එක් තැනෙක මිනිස් රුධිරය ගැන කථා කරමින් ‘‘රාජ රුධිරයක් නැත. වසල රුධිරයක් ද නැත. පෙළපත් අනුව හොඳ නරක රුධිරයක් ද නැත’’ යයි පැහැදිලිව කියනවා.

වෛද්‍ය විද්‍යාත්මකව නම් සැළකිය යුත්තේ රුධිරයේ ගණ හා Rh සාධකය පමණක් බව ඔහුගේ විද්වත් මතයයි. ‘‘සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර රුධිරයේ කිසිදු වෙනසක් නැති බව මේ සමයේ අවධාරණය කළ යුතු ය. සිංහල හා ද්‍රවිඩ රුධිරය මිශ‍්‍ර වීමෙන් මානව සංහතියට යහපතක් ම මිස කිසිදු හානියක් නොවන බව නිගමනය කිරීමට විද්‍යාව අනුබල දෙයි.’’

එම කලාපයේම තවත් තැනෙක පාසල් සිසු සිසුවියන් මතු කළ ප‍්‍රශ්න ගණනාවකට කාලෝ පිළිතුරු දෙනවා. ඒ ප‍්‍රශ්න අතර: පුනරුප්පත්තිය නම් සංසිද්ධියක් විශ්වයේ තිබේද? භූතාත්ම ලෙස හඳුන්වන අද්භූත බලවේග ඇත්ද? දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැන්වලදී ආරූඪ වන තැනැත්තාට සිදුවන්නේ කෙබඳු දෙයක්ද? මිනිස් හස්ත රේඛා ඇති වන්නේ කෙසේද? ඒ මගින් කෙනකුගේ ජීවිතයේ අනාගතය ගැන කියැවේද?

මෙවැනි ප‍්‍රශ්නවලට වෛද්‍යවරයකු, දාර්ශනිකයකු හා හේතුවාදියකු ලෙස කාලෝ දෙන පිළිතුරු අතිශයින් ප‍්‍රබලයි. දශක තුනක් ගත වීත් මෙබඳු විවෘත විග‍්‍රහයකට අද වෛවර්ණයෙන් පළ කැරෙන කිසිදු (විද්‍යා හෝ අන්) ප‍්‍රකාශනයක් ඉදිරිපත් වේදැයි සිතා ගන්නත් අමාරුයි!

මුල් කලාපය තවත් හපන්කමක් කළා. AIDS ගැන සොයා ගෙන වසර දෙක තුනක් ගත වී තිබූ එවකට (1984) එම මාතෘකාව ගැන මුල්වරට සිංහල වාරික ප‍්‍රකාශනයක සරල බසින් වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් පළ කළා. එහිදී එයට සිංහල නමක් ද මානව යෝජනා කළා: පරිචීන ප‍්‍රතිශක්ති ඌණතා සහසාධකය. (මේ වන විට එහි අවසන් වචනය සහලක්‍ෂණය ලෙස වෙනස් වී තිබෙනවා.)

‘මානව’ ප‍්‍රකාශනයේ ස්වර්ණමය යුගය හැටියට මා දකින්නේ 1987 ජනවාරියේ එය ඕප්සෙට් වර්ණ සඟරාවක් බවට පත්වීමේ තෙවන අදියරයි. ශී‍්‍ර ලංකාව පුරා බෙදා හැරෙන ජාතික මට්ටමේ විද්‍යා මාසිකයක් හැටියට ‘මානව’ සඟරාවේ අලෙවියත්, ජනපි‍්‍රයත්වයත් ඉක්මනින් ඉහළ ගියා.

මේ යුගය වන විට යොවුන් වියේ පසු වූ ලේඛක පිරිසක් මානව වටා රොක් වී සිටියා. පසු කලෙක විද්‍යා ලේඛකයන් ලෙස ප‍්‍රකට වූ චතුර රත්නායක, නලින් කිතුල්වත්ත වැනි අයත්, කාටූන් චිත‍්‍ර ශිල්පියකු (හා නීතිඥයකු) බවට පත් වූ දැන් රාවය ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජනත් මාධ්‍ය ලෝකයට පිවිසියේ ‘මානව’ තුළින්.

Maanawa first colour magazine issue - Jan 1987
Maanawa first colour magazine issue – Jan 1987

1987 ජනවාරි කලාපය සඳහා ‘ජීවයේ උපත – මත ගැටුම’ නමින් පිටු 15ක කවරයේ කථාව මා ලියූ සැටිත්, පිටු සකසන්නට වෙහෙසුණු සැටිත් හොඳ හැටි මතකයි. ඉන් පසුව පළ වූ මානව කලාප, න්‍යෂ්ටික තාක්‍ෂණය ගැනත් අභ්‍යවකාශ ගවේෂණය ගැනත් සවිස්තරාත්මක කවරයේ කථා ගෙන ආවා. ජීව විද්‍යා ශිෂ්‍යයකු නොවූ චානුක වත්තේගම ද මේ වැඩට සමීපව සම්බන්ධ වුණා.

එහෙත් මේ ජාතික මට්ටමේ විද්‍යා සඟරාව වැඩි කලක් කර ගෙන යාමට තනි පුද්ගලයකු හැටියට අබේසුන්දරයන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. කිසිදු ලාබයක් නොපතා මහජන සේවයක් හැටියට සඟරාව පළ කළත්, එයට දායක වූ විද්වතුන් හා තරුණ ලේඛකයන් ස්වේච්ජාවෙන් වැඩ කළත් සඟරාව බෙදා හැරීමේදී දුෂ්කරතා මතු වුණා. වාණිජ පදනමින් සඟරා බෙදා හරින සමාගම් ඒ සඳහා නොවටිනා කොමිස් ඉල්ලා සිටියා.

මුදලාලිලාට කප්පම් ගෙවනවා වෙනුවට ප‍්‍රකාශනය නතර කර දමන්නට කණගාටුවෙන් නමුත් අබේසුන්දර තීරණය කළා. මෙරට කෙතරම් දැනුම් පිපාසයක් තිබුණත්, කෙතරම් ලේඛකයන් සිටියත් ඒ දෙක යා කරන ‘පාලම්’ හිඟවීම එදත් අදත් විසදා නොගත් ලොකු අභියෝගයක්.

අබේසුන්දරයන් එය යම් දුරකට ජය ගත්තේ 1995 අප‍්‍රල් මස මෙරටට ඉන්ටර්නෙට් පිවිසීමත් පසුයි. සාපේක්ෂව අඩු වියදමකින් වෙබ් අඩවියක් හරහා අන්තර්ගතය ඉදිරිපත් කළ හැකි බව අබේසුන්දර තේරුම් ගත්තා.

ශී‍්‍ර ලාංකික පුවත්පතක් මුල් වතාවට වෙබ් සංස්කරණයක් නිකුත් කළේ 1995 සැප්තැම්බර් 4 වනදා. ඒ ලේක්හවුස් ආයතනයෙ Daily News වෙබ් සංස්කරණය. ඒ ආයතනයේ ම Sunday Observer පුවත්පත 1995 සැප්තැම්බර් 10 ඉරිදා ඉන්ටර්නෙට් ගත වූ අතර, විජය පුවත්පත් සමාගම් The Sunday Times පුවත්පත වෙබ් සංස්කරණ ආරම්භ කළේ 1996 මාර්තුවේදී.

වානිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් පහසුකම් ඇරඹී වසර එක හමාරක් ගත වන විට, ජාතික ඉංගී‍්‍රසි පුවත්පත් හතරකුත්, ඉංගී‍්‍රසි මාසික සඟරා දෙකකුත් ඉන්ටර්නෙට් ගත වී තිබුණා. එහෙත් සිංහල ප‍්‍රකාශනයක් ඉන්ටර්නෙට් ගත වීම දිනෙන් දින කල් ගියා. සිංහල අකුරු ඉන්ටර්නෙට්වලට හඳුන්වා දීමේ තාක්‍ෂණික අභියෝග ජය ගත යුතු වීම එයට එක් හේතුවක්. මෙරට බොහෝ මාධ්‍ය ආයතනවල ඉංගී‍්‍රසි ප‍්‍රකාශනවලට ලැබෙන සැළකිල්ල එහි ම සිංහල ප‍්‍රකාශනවලට නොලැබීමත් ප‍්‍රමාදයට හේතු වන්නට ඇති.

අන්තිමේදී ඉන්ටර්නෙට් ගත වූ මුල් ම සිංහල වාරික ප‍්‍රකාශනය වීමේ ගෞරවය හිමි කර ගත්තේ ජාතික පුවත්පතක් නොව තනි පුද්ගලයකු පවත්වා ගෙන ගිය ‘මානව’ සඟරාවයි. ඒ 1996 දෙසැම්බරයේ දී. ඒ සඳහා ලංකා ඉන්ටර්නෙට් සමාගමත්, ‘තිබස්’ මෘදුකාංග නිෂ්පාදකයන් වන සයන්ස් ලෑන්ඞ් කෝර්පරේෂන් සමාගමත් අනුග‍්‍රහය හා තාක්‍ෂණික උපකාර ලබා දුන්නා.

පරිසරය, අභ්‍යවකාශය, පරිගණක, සෞඛ්‍යය හා සමාජ විද්‍යාත්මක තේමාවන් යටතේ ලියැවුණු කාලීන ලිපි, විග‍්‍රහයන් හා විශෙෂාංග මානව වෙබ් අඩවිය තුළින් ඉදිරිපත් කළා. මානව මුද්‍රිත යුගයේ ලිපි ලියූ ලේඛක ලේඛිකාවෝ සමහරුන්ද වෙබ් සංස්කරණයට දායක වුණා. එයින් ඇතැම් දෙනා වෛද්‍යවරුන් හෝ පුවත්පත් කතුවරුන් බවට පරිනාමය වී සිටියා. විද්‍යා තේමාවන් යටතේ පැන පොඩි ලිපි පෙළක් ලියමින් මාත් එයට සම්මාදම් වුණා.

මානව ඉන්ටර්නෙට් සංස්කරණයට දෙස් විදෙස් ප‍්‍රතිචාර රැසක් ලැබුණා. වැඩිපුර ප‍්‍රතිචාර ආවේ විදේශගත ලාංකිකයන්ගෙන්. අද මෙන් ලාංකික අන්තර්ගතය සහිත වෙබ් අඩවි බහුල නොවූ එදා සිංහලෙන් වෙබ් අඩවියක් බිහිවීම ම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු වුණා.

1996 – 2001 කාලය තුළ හැකි පරිද්දෙන් ‘මානව’ ඉන්ටර්නෙට් කලාප කිහිපයක් පළ කළා. ‘මානව’ වෙබ් අඩවිය නිතර අඵත් නොවූ බව ඇත්තයි. එහෙත් සති හො මාස කිහිපයකට වරක් අඵත් තොරතුරු හා නව අදහස් පාඨකයන් අතරට ගෙන යන්නට ‘මානව’ උත්සාහ ගත්තා.

අන්තාවදී හෝ අගතිකාමී නොවන, විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ කාලීන වැදගත්කමක් ඇති අදහස් හා යෝජනාවලට මානව කවදත් විවෘත වුණා. මානව වෙබ් අඩවිය ඉදිරියට ගෙන ගියේ මානව ප‍්‍රකාශනය නියෝජනය කළ දර්ශනයමයි. එනම් විවෘතව සහ සංවාදශීලීව තොරතුරු, අදහස් හා ආකල්ප ජන සමාජයට ඉදිරිපත් කිරීමයි. මේ වන විට මානව වෙබ් අඩවිය තව දුරටත් සොයා ගන්නට බැහැ. එය පවත්වාගෙන යාමේ තාක්‍ෂණික ගැටඵ හමුවේ වසර කිහිපයකට පසු නතර කරන්නට සිදු වුණා.

මහා පරිමානයේ ප‍්‍රකාශන සමාගම් සමග මේ තනි පුද්ගලයාගේ උත්සාහය සෘජුව සසඳන්නට බැහැ. එහෙත් මානව ප‍්‍රකාශනය හරහා පුංචියට පටන් ගත් ප‍්‍රවාහය දෙආකාරයකින් සමාජගත වී තිබෙනවා.

පළමුවැන්න නම් 1987 නොවැම්බරයේ විදුසර පුවත්පත අරඹන විට එයට සම්බන්ධ වූ බහුතරයක් තරුණ විද්‍යා ලේඛක ලේඛිකාවන් මානව හරහා පන්නරය ලබා සිටි අය වීමයි.

දෙවැන්න නම් සිංහල බ්ලොග් අවකාශය තුළ විචාරශීලී සංවාද හට ගන්නට දශකයටත් පෙර එබඳු අන්තරගතයන් සිංහලෙන් ඉන්ටර්නෙට් මාධ්‍යයේ සනිටුහන් කිරීම. ඒ හරහා මතු බිහි වන බ්ලොග්කරුවන්ගේ පරපුරට පෙරගමන්කරුවකු වීම හා ප‍්‍රබෝධක ආවේගයක් සැපයීම.

මේවා කිරා මැන තක්සේරු කළ හැකි දේ නොවෙයි. එහෙත් අසංග අබේසුන්දරයන්ගේ ඓතිහාසික දායකත්වයට අප ගරු කළ යුතුයි.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maanawa Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

End of the World and Other Conspiracies: Columnist Tackles Inconvenient Truths

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

PROMO NOTE FOR MY LATEST BOOK:

Science writer Nalaka Gunawardene’s latest Sinhala book, Wada Kaha Sudiye Sita Loka Winashaya Dakwa, will be released at the Colombo International Book Fair that starts on 14 September 2013.

A Ravaya Publication, the book is a collection of the author’s weekly column Sivu Mansala Kolu Getaya contributed to the Ravaya newspaper during 2012-13.

Through 54 columns, the book offers personalised insights and non-technical analysis related many current issues and topics in science, technology, sustainable development and information society in the Lankan context. It is written in an easy, conversational Sinhala style rich in metaphor and analogy.

In particular, this collection probes how and why Lankan society is increasingly prone to peddling conspiracy theories without critical examination or rational discussion. From astrological hype linked to end of the world in 2012 to claims of mass poisoning via agrochemicals, Nalaka seeks to separate facts from hype, conjecture and myth.

The book defies easy categorisation, as it covers topics as diverse as alternative histories, agrochemical misuse, disaster management, Internet censorship, Antarctic exploration, asteroid impacts, cricket history and road safety.

“I seem to have outgrown the neat label of science writer,” says Nalaka. “Indeed, the very title of my column suggests how I sit at the intersection (or confluence) of science, development, mass media and information society.  From that point, I explore tensions between modernity and tradition — and ask more questions than I can easily answer!”

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist, TV producer and development communicator.

He has twice won the Science Writer of the Year award (in English) from the Sri Lanka Association for the Advancement of Science (SLAAS). The University of Sri Jayawardenapura recently presented him a Vidyodaya Literary Award for the best newspaper column of 2012, for his first collection of Ravaya columns.

The 340-page book is priced at Rs. 550. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’: සිවුමංසල කොලූ ගැටයා දෙවැනි පොත එළි දකියි

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අඵත් ම ග‍්‍රන්ථය ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි.

2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා ප‍්‍රබන්ධ පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

විසි එක්වන සියවසේ වඩාත් සංකීර්ණ වූ ලක් සමාජය මුහුණ දෙන ගැටඵ හා අභියෝග ගැන විවෘත මනසකින් හා සංසන්දනාත්මකව විග‍්‍රහ කිරීමට සමත් නාලක ගුණවර්ධන, දෙස් විදෙස් මාධ්‍ය හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ වසර 25කට වැඩි පුඵල් අත්දැකීම් ඇති ද්විභාෂික ලේඛකයෙකි.

රාවය ප‍්‍රකාශනයක් වන “වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා” මිළ රු. 550කි. එය විශේෂ වට්ටමකට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

2012දී සිදු වනවා යයි ඇතැම් දෙනා බියපත් වූ ‘ලෝක විනාශය’ හරහා මෙරට සමාජයේ හා ජන මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආකල්ප මෙන් ම භීතිකා ගැනත් සාකච්ජා කැරෙන ලිපි කිහිපයක් මේ එකතුවෙහි හමු වෙයි.

නව නිපැයුම්කරුවන් මුහුණ දෙන අභියෝග, ඉන්ටර්නෙට් ප‍්‍රගමනය හරහා මතු වන සමාජ ප‍්‍රවණතා, දේශගුණ විපර්යාසවලට ප‍්‍රතිචාර දැක්වීමේ හොඳම ක‍්‍රමෝපාය හා කෘෂි රසායනිකවලට ඇබ්බැහි වූ අපේ ගොවිතැන වැනි කාලීන මාතෘකා ගැන තුලනාත්මකවත්, සරලවත් විග‍්‍රහ කරන කතුවරයා බොහෝ විට තම වෘත්තීය අත්දැකීම් හා සංචාරයන් එයට පාදක කර ගනියි.

විශ්වයේ අන්තිම සිංහල වචනය ගැනත්, ශී‍්‍ර ලංකාව හඳ අහිමි කර ගත් සැටි ගැනත් සුවිශේෂී හෙලිදරවු තවත් ලිපි හරහා මතු වෙයි. ඇන්ටාක්ටිකාවට ගිය ශී‍්‍ර ලාංකිකයන් ගැන මුල් වරට සිංහල මාධ්‍ය හරහා කථා කළේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියයි.

“වැඩවසම් මානසිකත්වයකට කොටු වී, විවිධ කුමන්ත‍්‍රණ ගැන බියපත් වෙමින්, පසුගාමීව සිටින ලක් සමාජය ආත්ම විශ්වාසයකින් යුතුව හා විචාරශීලීව විසි එක් වන සියවසේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ දෙනු දැකීම මගේ සිහිනයයි,” නාලක ගුණවර්ධන කියයි.

2012දී පළ කෙරුණු සිවුමංසල කොලූ ගැටයා මුල් තීරු ලිපි එකතුවට මෑතදී පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ගෙවුණු වසරේ හොඳම තීරුලිපි ග‍්‍රන්ථයට පිදෙන සම සම්මානය පිරිනැමුණි.

‘නව තාක්‍ෂණය හා නව මාධ්‍ය හේතු කොට ගෙන විපර්යාසයට ලක්වන ලෝකයත්, තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශෙෂත්වයයි’ යනුවෙන් සම්මාන හේතු පාඨයේ සඳහන් වී ය.

අතීත උරුමයන් රැක ගන්නා අතර නිර්මාණශීලී හා ගවේෂණාත්මක අයුරින් නූතනත්වය අප සමාජයට අදාල කර ගත හැක්කේ කෙසේ ද යන්නට සිවුමංසල කොලූ ගැටයා ප‍්‍රායෝගික අත්වැලක් සපයයි. හීනමානයක් හෝ අධිමානයක් හෝ නොමැතිව තාත්වික මට්ටමින් විශ්ව ගම්මානයේ ගෞරවනීය සාමාජිකයන් ලෙස ලක් අපට හිමි තැන නිරවුල්ව පාදා ගන්නට ඉගි ලබා දෙයි.