සිවුමංසල කොලු ගැටයා #372: ආරංචිද වැඩේ? ඕපාදූපවල පරිණාමීය වැදගත්කමක් තිබෙනවාලු!

Even though it is widely practised in most human societies, gossip is much maligned. At best it is seen as frivolous and a waste of time, and at worst, as malicious and anti-social.

But not all gossip is bad, and, a growing body of research shows that gossip can be useful in maintaining social norms and keeping people in line. In my latest Ravaya column (in Sinhala language, published on 22 July 2018), I look at the evolutionary, sociological and anthropological insights offered by gossip related research in recent years.

Exploring the Lankan gossip-sphere, I note how certain mainstream media companies have started explicitly gossip news websites that now attract large visitor numbers. To sustain this traffic, they publish increasingly sensational, click-bait kind of content. Such manufacturing and marketing of gossip, I argue, is an inevitable by-product of online freedom of expression.

Finally, I ask why Lankan mass communications researchers dismiss gossip with such contempt, and wonder what findings could be made about our collective psyche if only our researchers adopt a more open-minded approach to this topic…

Gossip has served an evolutionary purpose, and continues to be relevant for humans as social animals…

ගොසිප් නැතිනම් ඕපාදූප ගැන මෙරට විද්වත් සමාජයේ ඇත්තේ අවඥා සහගත ආකල්පයක්. කිසිදු වැදගත්කමක් නැති, හරසුන් හා කාලය කා දමන ක්‍රියාවක් ලෙස එය සැළකෙනවා.

ජන සන්නිවේදනය ගැඹුරින් අධ්‍යයනය කළ හා එම විෂය උගන්වන බොහෝ ගුරුවරුන්ද ගොසිප් හෙළා දකිනවා. මෑතදී මා සහභාගි වූ සාකච්ඡාවක ගොසිප් හඳුන්වා දෙනු ලැබුවේ ‘දුශ්ශීල’ ක්‍රියාවක් හැටියටයි.

අනුන්ගේ අඩුපාඩු හා දුක් කරදර ගැන ඔවුන් නැති තැන මහත් ඕනැකමින් කතා කිරීම මාද අනුමත කරන්නේ නැහැ. එහෙත් අප බොහෝ දෙනකු ගොසිප් ලෙස තේරුම් ගන්නා දෙයට වැඩි යමක් ඕපාදූප නම් සමාජ ප්‍රපංචයෙහි තිබෙනවා.

සමාජ මාධ්‍ය හා සෙසු ජනමාධ්‍ය සමහරක් හරහා ද ගොසිප් අධිවේගීව ගලා යන අද කාලේ එය ගෙඩි පිටින් හෙළා දකිනු වෙනුවට එහි ගතිසොබා අවබෝධ කර ගනිමු. මගේ ස්ථාවරය එයයිග

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ හා පරිණාමීය මනෝ විද්‍යාඥ (anthropologist and evolutionary psychologist)  රොබින් ඩන්බාර් (Dr Robin Dunbar)” ගොසිප් පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන්නෙක්. මෙම ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විද්වතෙක්.

ඔහු කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේදී ගොසිප් ලෙස වර්ග කෙරුණේ සමීපතයන් සමග දොඩමලු වෙමින් හුවමාරු කරගන්නා තොරතුරු බවයි. ඇත්තටම භාෂා කතා කිරීම ඇරඹීමටත් පෙර පටන් අපේ වානර ආදිතමයෝ සිය වටපිටාව ආහාර ප්‍රභවයන්, අන්තරායන් ගැන ඉඟි බසින් තොරතුරු හුවමාරු කර ගත්තා.

රැලේ යම් සාමාජිකයන් විශ්වාස කළ හැකිද, ඔවුන් ආත්මාර්ථකාමීන් ද ආදී සමාජ තක්සේරුවක් ද ක්‍රමයෙන් හුවමාරු වීම ඇරඹුණා. ගොසිප්වල ප්‍රභවය මෙතැනයි.

මානවයන් පරිණාමය වූ අප්‍රිකානු සැවානා තණ බිම්වල පණ කෙන්ද රැක ගෙන, සමූහ ජීවිත ගෙවීමට මුල් යුගයේ ගොසිප් අත්‍යවශ්‍ය වූ බව ඩන්බාර්ගේ මතයයි.

කල්පිතයක් ලෙස ඩන්බාර් කියන්නේ මානව සමාජයන්හි භාෂා බිහි වීමට ගොසිප් කිරීමේ අවශ්‍යතාව ප්‍රබල උත්තේජකයක් වූ බවයි.

භාෂාවන් බිහි වී මානව සන්නිවේදනය වඩාත් දියුණු වූවාට පසුව ද සමාජ තොරතුරුවල අගය අඩු වූයේ නැහැ. කණ්ඩායම් ලෙස ජීවත් වන සමාජශීලී සත්ත්වයන් වන මානව අපට අපේ ප්‍රජාවේ සාමාජිකයන් ගැන බැලූ බැල්මට නෙපෙනෙන තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පරිණාමීයව හා ඓතිහාසිකව ගොසිප් හෙවත් ඕපාදූප තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.

ආගිය තොරතුරු හා සාමිචී කතා කිරීම සමාජ සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම ඒවා කලක් තිස්සේ ප්‍රාණවත්ව පවත්වා ගැනීමට බොහෝ ඉවහල් වන බව ඔහුගේ මතයයි.

”මානව අප එකිනෙකා සමග කතාබහ කරන හැම විටම ප්‍රායෝගික නැතහොත් බුද්ධිමය වශයෙන් වැදගත් කාරණාවලට පමණක් එය සීමා කරන්නේ නැහැ. සැහැල්ලුවෙන්, දඟකාරකමින්, විනෝදකාමීව කතා කිරීම අප කාටත් අවශ්‍යයි. එහිදී ගොසිප් යම් ප්‍රමාණයක් හුවමාරු වීම පරිණාමීය ලෙස අප ලද උරුමයක්. මෙය වාචිකව හුවමාරු වනවාට අමතරව මේ වන විට සමාජ මාධ්‍යවල ලිඛිතව හෝ රූප හරහා ද සිදු වනවා” යයි ඩන්බාර් විග්‍රහ කරනවා.

දිගු කලක් තිස්සේ චිම්පන්සීන් හා වෙනත් වානර විශේෂවල හැසිරීම අධ්‍යයනය කර ඇති ආචාර්ය ඩන්බාර්, තම විද්වත් විග්‍රහයන් කැටි කරමින් 1996දී Grooming, Gossip and the Evolution of Language නමින් පොතක් පළ කළා.

ඔහු කියන්නේ ගොසිප්වලට අමතරව කතන්දර කීමද මානව ඉතිහාසයේ හා ප්‍රාග් ඉතිහාසයේ දිගටම අපේ වර්ගයාට ආවේණික ප්‍රබල පුරුද්දක් බවයි.

ගොසිප් සම්ප්‍රදායන් මෙන්ම කතාන්දර කීමේ පුරුද්දත් එකිනෙකට බෙහෙවින් වෙනස් වූත්, ස්වාධීනව බිහි වී විකාශනය වූත් මානව ශිෂ්ටාචාරයන් රැසක් හමු වනවා. ඩන්බාර් කියන්නේ මෙය අහම්බයක් නොව සංස්කෘතික පරිණාමයේ මූලික හා තවමත් වැදගත් අංගයක් බවයි.

”සමාජශීලී සත්ත්වයන් ලෙස මානවයන්ට තම තමන් සෙසු ප්‍රජාවට බද්ධ වන්නේ කෙසේද යන්නත්, තමන්ගේ සාපේක්ෂ තරාතිරම කුමක්ද යන්නත් නිරතුරු විමසීම හා දැන ගැනීම අවශ්‍ය වනවා. මෙය සවිඥානිකව කළත් නොකළත් ඕපාදූප හා වෙනත් සාමීචි කතාවල අතුරු ඵලයක් වන්නේ තමා අයත් වන ප්‍රජාවට සමානුපාතිකව තමන් සිටින ස්ථානය ගැන අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි.”

ඩන්බාර්ගේ පර්යේෂණ සමාජ මාධ්‍යවලට අදාළ කරමින් විද්වත් විග්‍රහයන් කර ඇති ප්‍රකට සමාජ විද්‍යාඥවරියක් වන සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) කියන්නේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට එහා යන පරිණාමීය මානව අවශ්‍යතාවක් ද ඉටු වන බවයි.

නාගරීකකරණය නිසා තව දුරටත් භෞතික වශයෙන් කඩපිල්වල, ළිඳ ළඟ හෝ වෙනත් පොදු තැන්වල එතරම් මුණ නොගැසෙන තම ප්‍රජාව සමග නිරතුරු සාමීචී හා ගොසිප් හුවමාරු කර ගන්නට සමාජ මාධ්‍ය විසින් විකල්ප අවකාශයක් බිහි කර තිබෙනවා. (සමාජ මාධ්‍ය හරහා ගලා යන සියල්ල ගොසිප් වේයැයි මෙයින් අදහස් වන්නේ නැහැ.)

පරිනාමීයව පමණක් නොව නූතන යුගයේ පවා ඕපාදූප හෙවත් ගොසිප් අප සිතනවාට වඩා වැදගත් සමාජ සන්නිවේදන මෙහෙවරක් ඉටු කරන බව පසුගිය දශක දෙකක පමණ කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

Left to Right – Dr Robin Dunbar, Dr Zeynep Tufekci, Dr Robb Willer

‘ගොසිප්වල සමාජ විද්‍යාත්මක වැදගත්කම’ නමින් තීරණාත්මක පර්යේෂණ ලිපියක් 2012දී විද්වත් සඟරාවක පළ වුණා. එය ලියා තිබුණේ ගොසිප් ගැන මැදහත්ව කලක් තිස්සේ අධ්‍යයනය කළ සමාජ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් හා කැලිෆෝනියා බර්ක්ලි සරසවිවලට සම්බන්ධයි.

‘ජනප්‍රිය මතය නම් සියලු ඕපාදූප සැම විටම අහිතකර බවයි. බොහෝ ඕපාදූපවල ඍණ ගතිගුණ තිබෙන බව ඇත්ත. එහෙත් තුලනාත්මකව මේ සංසිද්ධිය විමර්ශනය කළ අපට පෙනී ගියේ ඕපාදූපවල සමාජමය වැදගත්කමක් තිබෙන බවයි.’ සමාජ විද්‍යා මහාචාර්ය රොබ් විලර් (Dr Robb Willer)  ප්‍රකාශ කළා.

‘සමාජශීලී සත්ත්වයන් හැටියට මානව අප බොහෝ සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. එහිදී යමකු පිළිබඳ අප නොදන්නා හෝ නොදුටු පැතිකඩක් තිබිය හැකියි. පිටතට පෙනෙන චරිතගති හෝ චර්යාවලට එහා යන ගතිගුණ පැවතිය හැකියි. ඕපාදූප හරහා මෙවන් තොරතුරු හුවමාරු කැරෙනවා. ඒවා සමහර විට අතිශයොක්තියට ලක් විය හැකි බව ඇත්ත. එහෙත් අනතුරු ඇඟවීම් ද එතුළ ගැබ්ව තිබෙනවා.’

මහාචාර්ය විලර් සහ පර්යේෂක පිරිස සොයා ගත් තවත් මානයක් නම් තමා ගැන සමාජයේ කොයි අන්දමින් කතා බහ වෙයිද යන්න ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන බවයි.

මොන ඕපාදූපයකට තමන් පාත්‍ර වේද යන්න අවිනිශ්චිත නිසා සමාජ ගනුදෙනුවලදී හැකි තාක් නීතිගරුකව, ආචාරශීලීව පෙනී සිටීමට පුද්ගලයන් තැත් කරනවා. එය ඕපාදූප වල සමාජියීය බලපෑමක් ලෙසයි ඔහු හඳුනා ගන්නේ.

තමන් වෙසෙන පටුමග හා අවට පොදු ප්‍රදේශය පිරිසිදු කිරීම හරහා මදුරුවන් බෝ වීම අවම කිරීමට තැත් කරන ප්‍රජාවක් ගැන මොහොතකට සිතන්න. නිවැසියන් සැවොම එවන් පොදු වැඩකට ඉත සිතින් ශ්‍රමය දානය කරන්නේ නැහැ. සමහරු හරිම ආත්මාර්ථකාමීයි. එහෙත් තවත් පිරිසත් නොකැමැත්තෙන් වුව පොදු වැඩට එක් වනවා. හේතුව අසල්වාසීන් තමන් ගැන කෙසේ කතා කරනු ඇති ද යන හේතුව නිසා.

මෙවන් අවස්ථාවල ඕපාදූපවල සමාජයීය හිතකර බලපෑම හොඳින්ම පෙනී යන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම නිරීක්ෂණ ඉහත කී අමෙරිකානූ පර්යේෂණයට පමණක් සීමා වන්නේ නැහැ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පර්යේෂකයන් ද ඕපාදූපවල සමාජමය බලපෑම් ගැන අත්හදා බැලීම් ගණනාවක් කළා. ඔවුන්ගේ නිගමනය වූයෙත් කුඩා කණ්ඩායම් හා සීමිත ප්‍රජාවන් තුළ පුද්ගල හැසිරීමට ඕපාදූප තීරණාත්මකව බලපාන බවයි.

සන්නිවේදන තාක්ෂණයන් වඩාත් පුළුල්ව පැතිරුණු වත්මන් සමාජයේ ගොසිප් ද මාධ්‍යකරණය වී තිබෙනවා. මෙය ද අලුත් ප්‍රවණතාවක් නොවෙයි.

නළු නිළියන් හා වෙනත් සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ගැන තහවුරු නොවූ තොරතුරු මාධ්‍ය හරහා සංසරණය වීම කලක සිට සිදු වන්නක්. සමහර කලාකරුවන් හා චිත්‍රපට/නාට්‍ය නිෂ්පාදකයන් මේ ජන උනන්දුව සූක්ෂම ලෙස තමන්ගේ නිර්මාණ ප්‍රවර්ධනයට ද යොදා ගන්නවා.

ඕපාදූප මාධ්‍යකරණය වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. අන්තර් පුද්ගල සාමීචි කතාබහේදී හා සමාජ මාධ්‍යවල තහවුරු නොකළ තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා ගලා යාම ප්‍රකාශන නිදහසේ කොටසක්.

එහෙත් ඊට වඩා වගකීම් සහගත, ප්‍රමිතිගත තොරතුරු බෙදා හැරීමක් අප ප්‍රධාන ධාරාවේ පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය වලින් අපේක්ෂා කරනවා.

එහෙත් අද සිදු වන්නේ කුමක්ද? බොහෝ මහා මාධ්‍ය චූල මාධ්‍ය මට්ටමට බැස ක්‍රියා කිරීමයි.

උදාහරණයක් ලෙස දේශපාලන ඕපාදූප අද අපේ මාධ්‍යවල ප්‍රධාන අංගයක් වෙලා. සතියේ දේශපාලන විග්‍රහයන් ලෙස සති අන්ත පුවත්පත්වල පළ වන බහුතරයක් අන්තර්ගතය අතන මෙතන කසු කුසු කතා මිසක දේශපාලන න්‍යාය මත පදනම් වූ විග්‍රහයන් නොවෙයි.

මා දන්නා තරමට නම් ‘පොලිටිකල් ගොසිප්’ ප්‍රධාන ධාරාවේ පත්‍රවල මේ ආකාරයේ මූලික අංගයක් කළේ ලසන්ත වික්‍රමතුංගගේ මාධ්‍යකරණයයි. ඔහු 1990 දශකය මුලදී පටන් ගත් සම්ප්‍රදාය පසුව සෙසු බොහෝ පුවත්පත් අනුකරණය කළා.

දේශපාලකයන්ගේ කෙරුවාව හා කයිවාරු ගැන මහජනයා දැන ගත්තාට වරදක් නැහැ. එහෙත් දේශපාලන විචාර ලෙස මාධ්‍ය සිය ග්‍රාහකයන්ට සපයන්නේ එවන් ඕපාදූප හා සරල සිල්ලර කතා පමණක් නම්, හරවත් දේශපාලන සංවාදයන්ට එයින් දායකත්වයක් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ගොසිප්වලට ලොකු ඉල්ලුමක් තිබෙන බව නම් පැහැදිලියි. දැන් දැන් සමහර පත්තරවල ගොසිප් එළිපිටම පළ කරනවා. එසේම මෙරටින් වැඩිම පිරිසක් වෙබ්ගතව කියවන වෙබ් අඩවි අතර ඉහළින් සිටින්නේ තමන් විසින්ම ‘ගොසිප් අඩවි’ යැයි හඳුන්වා ගන්නා වෙබ් අඩවි කිහිපයක්.

මේ හැරුණු කොට පුවත් වෙබ් අඩවි සමහරක් ද ඕපාදූප මට්ටමේ දුස්තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා පුවත් සේ පළ කරනවා. මහා මාධ්‍ය කළමනාකරුවන් සමහරෙක් මේවායේ ජනප්‍රියත්වය දෙස බලා තමන්ගේ මාධ්‍යත් වඩාත් එවැනි ගොසිප් මට්ටමකට ගෙන යාමට තැත් කරනු පෙනෙනවා. මෙය කනගාටුදායක ප්‍රවණතාවක්.

[මෙහිදි යළිත් වරක් වැදගත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. තමන්ගේ වෙබ් අඩවි ලිපින හරහා පළ කැරෙන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි කිසිසේත්ම සමාජ මාධ්‍ය නොවෙයි. සමාජ මාධ්‍ය වේදිකා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමග මේවා පටලවා නොගත යුතුයි.]

ඉතින් ගොසිප් හොඳද – නරකද? මේ ගැන සුචරිතවාදී විග්‍රහයක් මා ලබා දෙන්නේ නැහැ. අද කතා කළ දේ මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • අප සමහරුන් කැමති වුවත්, නැතත් ගොසිප්/ඕපාදූප යනු ජන සමාජයේ කිඳා බැස ගත්, පරිණාමීයව උරුම වූ චර්යා රටාවක්.
  • අන්තර් පුද්ගල මට්ටමේදීත්, සමාජ මාධ්‍යවලදීත් ගොසිප් හුවමාරුව ප්‍රකාශන නිදහසේ කොටසක් මෙන්ම එහි මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වාසි තිබෙනවා.
  • මහා මාධ්‍යවල ගොසිප් නැඹුරුව නම් අහිතකරයි. ගොසිප් අන්තර්ගතය මහා මාධ්‍යවල කතුවරුන්ට අවශ්‍යම නම් එය පැහැදිලිව ගොසිප් ලෙස ලේබල් කොට ඉදිරිපත් කිරීම වඩා හොඳයි. ඒත් එසේ කිරීම හරහා මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය තවත් පලුදු වනවා.
  • අපේ රටේ සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් දේශීය ගොසිප් ප්‍රවණතා හා ගති සොබා විද්වත්ව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ජන සන්නිවේදන ඇදුරන් මෙය හෙළා දුටු පමණට ගොසිප්වල සුජාතභාවය අහෝසි වන්නේ නැහැ.

 

 

Kasturi’s Progress: 1933 – 2017

W D K (Kasturiratne) Gunawardene as a young man (left) and at 80

Kasturi was born in another century in what now feels like an entirely different country. It was called Ceylon, a British colony, and the year was 1933.

Kasturi’s was a very ordinary life, which was mostly dedicated to education. But it was punctuated at various points by key events of his country and people. Tracing his life thus offers us some glimpses of his nation’s turbulent times.

At age two, he survived malaria during the major epidemic of 1933-35 which killed as estimated 80,000 to 100,000 Lankans. (He lived to see malaria being eradicated from Sri Lanka by 2016.)

At nine, he saw the Japanese air raid of Colombo and suburbs (1942), and lived through the various rations, restrictions and disruptions of World War II.

At 15, as a schoolboy he walked to Colombo’s Torrington square to personally bear witness to Ceylon becoming independent (1948). The following day, he wrote the best essay in class in which he outlined high hopes and dreams for his now self-governing nation.

At 20, he entered the University of Ceylon and was among the first students to experience the newly established Peradeniya campus where he studied history and Sinhala language. From the scenic hills, he would see the political transformation of 1956, as well as the cultural revival heralded by Maname (landmark Sinhala drama) and Rekava (landmark Sinhala movie).

At 25, as a fresh graduate entering the world, he witnessed the 1958 ethnic riots that foreshadowed the Sinhala-Tamil ethnic conflict that consumed his nation for the next half century. Among much else, it evaporated young Kasturi’s dreams of an inter-racial marriage.

At 50, as a teacher and father, he saw the far worse anti-Tamil pogrom of 1983. For the next quarter century, he would watch in horror — and guilt — as his generation’s collective blunders consumed the next generation’s future.

At 76, as a senior citizen still active in social work and literacy circles, he saw Sri Lanka’s civil war being ended brutally (2009). He had the audacity to hope once more, even if only cautiously. And yet again, his and many others’ hopes were dashed as political opportunism and corruption soon trumped over true healing and nation building. The nation was polarised beyond recognition.

At 82, he voted for a common opposition candidate (January 2015) and for political parties (Aug 2015) who pledged good governance (yaha-palanaya). That was his last public gesture, after having voted at all national elections during his time, and having spent 25 years as a public servant. He played by all the rules, but was let down by the system.

At 84, as he coped with a corroding cancer, Kasturi watched in dismay the much-touted promise of yaha-palana being squandered and betrayed. On 13 September 2017, he departed as a deeply disappointed man who remained highly apologetic for many wrong-turns taken by his generation.

Kasturi isn’t a figment of my imagination. Neither is he a composite character. Until yesterday, Kasturi was all too real. He was my father, whom we returned to the Earth today at a simple funeral. – Nalaka Gunawardene

Note: An earlier, and longer version of this was published in May 2014, and can be accessed at: http://groundviews.org/2014/05/07/kasturis-progress/

 

Nalaka Gunawardene (left) and his father Kasturiratne Gunawardene on the latter’s 83rd birthday, on 5 February 2016

සිංහල භාෂාව වඳ වී යාමේ තර්ජනයක් ඇත්ද? මෙන්න ඇත්ත!

From time to time, certain Lankan academics make unsupported claims that the Sinhala language – spoken as native tongue by about 70% of Sri Lanka’s 21 million people – is in danger of ‘going extinct’. These claims are peddled without question by some journalists and on social media. I have been countering this for some time, going to authoritative global references that track the status of languages worldwide.

Key among them is the UNESCO Atlas of the World’s Languages in Danger. The latest edition of the Atlas (2010) lists about 2,500 languages (among which 230 languages extinct since 1950), approaching the generally-accepted estimate of some 3,000 endangered languages worldwide. Sinhala language is NOT among them. However, Sri Lanka does have one endangered language: spoken by the indigenous Veddah people, whose numbers are dwindling (below 500) due to cultural assimilation.

World Atlas of Languages in Danger, image captured on 11 June 2017

නූතන මිථ්‍යා බිහි කරන්නට අපේ සමහර පොතේ උගතුන් ද දායක වනවා. ගුරුන්ගේ මිථ්‍යා ඉන් පස්සේ ගෝලයෝ අවිචාරශීලීව පතුරුවනවා.

සිංහල භාෂාව වඳ වී යාමේ තර්ජනයක් ඇතැයි කීම මේ ආකාරයේ නූතන මිථ්‍යාවක්. මිලියන් 15ක් පමණ භාවිත කරන බසක් වඳ වී යාමේ තර්ජනයක් තබා සේයාවක්වත් නෑ. මෙය මීට කලින් වතාවකත් මා පැහැදිලි කළා. ඒත් මේ සති අන්තයේ (2017.06.11) රාවයට ආරූඪ නමකින් ලියූ ලිපියක ආයෙත් මේ මිථ්‍යාව ප්‍රතිරාවය කොට තිබෙනවා.

භාෂාවක් වඳ වී යාමට හැක්කේ එය මවුබස ලෙස කථා කරන අය නැති වී යාම නිසා හෝ ඔවුන් සැම දෙන වෙනත් බසක් කථා කිරීමට යොමු වූවොත් පමණයි. ඕනැම බසක් කාලානුරූපව පරිනාමය වීම කිසිසේත්ම බසක පරිහානියක් කියා ජාත්‍යන්තරව උගතුන් පිළි ගන්නේ නෑ.

ලෝකයේ භාෂා 6,000 – 7,000 අතර තිබෙන බවත්, එයින් අඩක් පමණම අවභාවිතය නිසා 2100 වන විට මළ භාෂා බවට පත් විය හැකි බවත් වාග්විද්‍යාඥයින් අනතුරු අඟවනවා. ඒත් මේ අනතුර සිංහල භාෂාවට නෑ.

මේ පිළිබඳ ලොවම පිළිගත් මූලාශ්‍රය නම් ලක් රජයද සාමාජිකත්වය දරණ යුනෙස්කෝවේ UNESCO Interactive Atlas of the World’s Languages in Danger.

එයට අනුව මෙරට තර්ජනයට ලක් වී ඇති බසක් තිබෙනවා. නමුත් ඒ සිංහල බස නොවේ. වැදි බසයි. 1993දී 300 පමණ දෙනකු කථා කළ මේ බස වඳ වී යාමට හේතුව මේ ආදිවාසී ජනයා මේ රටේ ප්‍රධාන ජනවර්ග සමග මුසු වෙමින් එකි ජනවර්ගවල භාෂා කථා කිරීමට යොමු වීමයි.

ලේඛක හා පර්යේෂක චානුක වත්තේගම වරෙක කී පරිදි පරිගණකවලට සකස් කර ගනු ලැබූ හා වෙබ්ගතව දෙසි විදෙස්ගත සිංහලයන් මිලියන් ගණනක් නිතිපතා කියන, ලියන සිංහල බස, “වඳ වී” යා හැක්කේ කෙසේද? කුමන නිර්ණායක මතද?

මිථ්‍යා පතුරුවන්නට පෙර විචාරශීලීව මදක් සිතන්න!

See also: 4 March 2012: සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

Levels of languages in danger – from UNESCO Interactive Atlas of the World’s Languages in Danger

Right to Information (RTI): Sri Lanka can learn much from South Asian Experiences

Nalaka Gunawardene speaks at RTI Seminar for Sri Lanka Parliament staff, 16 Aug 2016
Nalaka Gunawardene speaks at RTI Seminar for Sri Lanka Parliament staff, 16 Aug 2016

 

On 16 August 2016, I was invited to speak to the entire senior staff of the Parliament of Sri Lanka on Right to Information (RTI) – South Asian experiences.

Sri Lanka’s Parliament passed the Right to Information (RTI) law on 24 June 2016. Over 15 years in the making, the RTI law represents a potential transformation across the whole government by opening up hitherto closed public information (with certain clearly specified exceptions related to national security, trade secrets, privacy and intellectual property, etc.).

This presentation introduces the concept of citizens’ right to demand and access public information held by the government, and traces the evolution of the concept from historical time. In fact, Indian Emperor Ashoka (who reigned from c. 268 to 232 Before Christ) was the first to grant his subjects the Right to Information, according to Indian RTI activist Venkatesh Nayak, Coordinator, Commonwealth Human Rights Initiative (CHRI). Ashoka had inscribed on rocks all over the Indian subcontinent his government’s policies, development programmes and his ideas on various social, economic and political issues — including how religious co-existence.

Nalaka Gunawardene speaks at RTI Seminar for Parliament staff, Sri Lanka - 16 Aug 2016
Nalaka Gunawardene speaks at RTI Seminar for Parliament staff, Sri Lanka – 16 Aug 2016

Therefore, adopting an RTI law signifies upholding a great Ashokan tradition in Sri Lanka. The presentation looks at RTI good practices and implementation experiences in India, Nepal, Bangladesh, Pakistan and Maldives – all these South Asian countries passed an RTI law before Sri Lanka, and there is much that Sri Lanka can learn from them.

The presentation ends acknowledging the big challenges in implementing RTI in Sri Lanka – reorienting the entire public sector to change its mindset and practices to promote a culture of information sharing and transparent government.

 

 

සිවුමංසල කොලුගැටයා #279: ආණ්ඩු හා මාධ්‍ය අතර ගැටුම සදාකාලිකයි. ප්‍රජාතන්ත්‍රවාදයට එය අවශ්‍යයි.

Sivu Mansala Kolu Getaya column by Nalaka Gunawardene, Ravaya 14 Aug 2016
Sivu Mansala Kolu Getaya column by Nalaka Gunawardene, Ravaya 14 Aug 2016

In this week’s Ravaya column (appearing in the print issue of 14 August 2016), I take a close look at the perennial tension between governments and the media.

I open with an extract from late Gunadasa Liyanage (1930-1997), one of Sri Lanka’s most accomplished and respected editors of the 20th century. In his 1993 book on ‘Taming the Press in Sri Lanka’ (in Sinhala), he argued that the never-ending confrontation between the government and media is, in fact, a protection for democratic freedoms. If either party wins, it is a set back for democracy.

“If a government controls the media that marks the end of human freedoms in that country. On the other hand, if the media behaves without any responsibility, that too threatens freedoms in society,” he wrote.

So the tension between these two continues in 21st century Sri Lanka, even as we recover from a Decade of Darkness (2005-2014) under the authoritarian rule of Mahinda Rajapaksa. As the government elected in 2015 tries to balance media freedoms with economic growth and political reforms, it faces some familiar challenges.

How much can or should the government allow ultra-nationalists and other political opportunists to exploit media freedom? What are the sane and safe limits to which media houses should accommodate partisan agendas and vitriolic messages emanating from sections of the (serving and retired) military, clergy and electorally defeated political parties?

This column also quotes Vijitha Yapa, one of Sri Lanka’s most senior journalists who was founder editor of The Island, The Sunday Island and the (revived) Sunday Times – all of which positions he quit when he could no longer operate with editorial independence.

I also raise a related point: how far can the President and Prime Minister be criticized in the media?

ගුණදාස ලියනගේ  'ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම' Taming the Press in Sri Lanka, by Gunadasa Liyanage (1993)
‘ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම’ – Taming the Press in Sri Lanka, by Gunadasa Liyanage (1993)

”නිදහස් රටක ඒ නිදහස සුරක්ෂිත කර ගැනීමට ඇති හොඳම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත් අතර පවතින සදාකාලික ගැටුමය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. මේ දෙපක්ෂයම සදාකාලිකව සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයකි.

”රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය ඒ රටේ නිදහසේ අවසානයයි. එමෙන්ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකරමින් යම් පුවත්පත් පළ කරත් නම් එයද නිදහස් රටක අවසානයයි.”

මේ ඉතා හරබර ප්‍රකාශය කළේ මේ රටේ විසූ දක්ෂතම හා ස්වාධීනත්වය ඉහළින්ම අගය කළ පත්‍රකලාවේදියෙක් හා කතුවරයකු වූ ගුණදාස ලියනගේ සූරීන්.

‘ගුලි’ යන කෙටි නමින් ප්‍රකට වූ ඔහු මෙරට ජාතික පත්තර ආයතන ගණනාවකම ප්‍රධාන කර්තෘ හා ඉහළ තනතුරු හෙබවූ, එහෙත් කර්තෘ මණ්ඩල ස්වාධීනත්වයට බලපෑම් එල්ල වූ සැම විටම ඒ සියල්ල දමා ගසා ඉල්ලා අස් වී යෑමට බිය නොවූ අයෙක්.

Gunadasa Liyanage (1930-1997)
Gunadasa Liyanage (1930-1997)

මේ ප්‍රකාශය හමු වන්නේ ඔහු 1993දී ලියූ ‘ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම’ නම් පොතේ අවසානයේදී. 1948 සිට 1992 දක්වා දශක හතර හමාරක පමණ කාලය තුළ අපේ රටේ පුවත්පත් හා රජය අතර නොනිමි අරගලය ඔහු එම පොතෙහි මැනවින් විග්‍රහ කරනවා.

ඒ ජනමාධ්‍ය ඇදුරන් කරන පරිදි හුදෙක් න්‍යායාත්මකව නොවෙයි, ප්‍රායෝගික යථාර්ථයන් අත්දැකීම් හරහා ගෙන හැර දක්වමින්.

මේ පොත මා යළිත් කියවූයේ වත්මන් රජය හා මාධ්‍ය අතර පවතින නොසන්සුන් බව හා ආතතිය තේරුම් ගැනීමටයි.

එදාට වඩා අද මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය හා සංකීර්ණත්වය වැඩි වී ඇතත් මූලධර්මීය ලෙසින් එකල පැවති බලඅරගලය අදත් එසේම පවතිනවා යැයි කිව හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හා තහවුරු වීමට මාධ්‍ය නිදහස අවශ්‍යයි. එහෙත් ඒ නිදහසට සමාන්තර මාධ්‍ය වගකීම් සමුදායක්ද තිබෙනවා. මේ සාධක දෙක තුලනය කර ගැනීම ලෙහෙසි නැහැ – විශේෂයෙන්ම වෙළඳෙපොළ තරගකාරීත්වය හමුවේ.

පසුගිය මාස කිහිපය තුළ අගමැතිවරයා අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමහරකගේ නම්ද සඳහන් කරමින් දැඩි විවේචනයන් කළා. ඔහුගේ විවේචනවලට සාක්ෂිමය පදනමක් ඇතත් පුද්ගල-කේන්ද්‍රීය වාග් ප්‍රහාර අනවශ්‍ය බව මගේ අදහසයි.

ඒ අතර රජයේ සංවර්ධන වැඩ ගැන ප්‍රමාණවත් ආවරණයක් බොහෝ මාධ්‍ය හරහා නොලැබෙන බව ජනාධිපතිවරයා කියනවා.

ඔහුගේ කෝණයෙන් බැලූ විට එසේ පෙනී යා හැකියි. එහෙත් තමන් ආවරණය කරන්නේ කුමක්ද හා එයට ලබා දෙන සාපේක්ෂ වැදගත්කම තීරණය කිරීමේ පූර්ණ අභිමතය ඇත්තේ මාධ්‍ය කතුවරුන්ටයි.

එයට දේශපාලකයන්, නිලධාරීන් හෝ පිටස්තර වෙන කිසිවකුත් බලපෑම් නොකළ යුතුයි. මාධ්‍යවල සංලේඛ්‍ය නිදහස (editorial independence)  සුරැකෙන්නේ එවිටයි.

හිමිකරුවන්ගේ බලපෑම් පවා නොතකා සිටීමට මේ මූලධර්මය යටතේ කර්තෘ මණ්ඩලයට නිදහස තිබිය යුතුයි. (එහෙත් මෙය ප්‍රායෝගිකව සිදු නොවන බවත් හොඳාකාර පෙනෙනවා.)

Vijitha Yapa, photo from Wikimedia Commons
Vijitha Yapa, photo from Wikimedia Commons

”තුන්වන ලෝකයේ බොහෝ රටවල් පුවත්පත් නිදහස ගැන කතා කරතත්, සත්‍යය හාරා අවුස්සා එළිදරව් කිරීම පිණිස පත්‍රකලාවේදීන්ට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට උපකාර නොකරති.” ගුලිගේ පොතට පසුවදනක් ලියන හිටපු ජ්‍යෙෂ්ඨ කතුවර විජිත යාපා කියනවා.

ඔහු ‘දි අයිලන්ඩ්’ සහ (වර්තමාන) ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍ර දෙකෙහිම ආරම්භක කතුවරයා. නිදහසේ වැඩ කිරීමට නොහැකියැ’යි හැඟුණු විට තනතුරුවලින් නොපැකිළ ඉල්ලා අස් වූ ගුලිගේ ජාතියේම දුර්ලභ චරිතයක්.

විජිත යාපා මෙසේද කියනවා. ”ලෝකය ජීවත්වීමට තරම් ආරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇත්තේ පුවත්පත් කලාවේදියාගේ සත්‍ය ගවේෂණය නිසා බව බොහෝ දෙනෙක් අවබෝධ කර නොගනිති. මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වන පුවත්පත් කලාවේදියාගේ ජීවිතය රෝසමල් යහනාවක් නොවේ. වරෙක නොමසුරුව ඔහුට ප්‍රශංසා කරන දේශපාලනඥයන් ගැන සත්‍ය කරුණු ඇතුළත් එහෙත් අප්‍රසාදජනක යමක් ප්‍රකාශ කළ විට පත්‍රකලාවේදියාගේ බොටුව කඩා ලේ උරා බීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් එම දේශපාලනඥයන්මය. පළ කිරීමට සුදුසු ප්‍රවෘත්ති හැටියට ඔවුන් සලකන්නේ ඔවුන්ගේ පුරාජේරුව සහ ඔවුන්ගේ ඉරිතැලී ගිය කණ්ණාඩිවලින් දකින ආකාරය අනුව ප්‍රවෘත්ති යයි ඔවුන් නිගමනය කරන දේ පමණකි.”

ගුලිගේ පොතේ වැදගත්කම නම් විවිධ එජාප, ශ්‍රී ලංකා සහ හවුල් රජයන් යටතේ මෙරට පුවත්පත් මෙල්ල කරන්නට නීති, නියාමන හා ව්‍යාපාරික බලපෑම් හරහා ගත් උත්සාහයන් ගැන දේශපාලන භේදයකින් තොරව ලේඛනගත කර තිබීමයි.

1960-65 රජය පුවත්පත් පනතක් ගෙන ඒමට කළ උත්සාහය හා ඒ හරහා අර්බුදයකට ගොස් තමන්ට තිබූ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ සැටිත්, පත්තර නිදහස මුල් කර ගෙන පැවති මෙරට ප්‍රථම මහ මැතිවරණය ලෙස සැලකිය හැකි 1965 මාර්තු මැතිවරණය ගැනත් ගුලි විස්තරාත්මකව විග්‍රහ කරනවා.

එසේම 1970දී බලයට පත් තුන් හවුල් රජය ලේක්හවුස් ආයතනය ජනසතු කළ සැටිත්, මාධ්‍යවේදීන්ට දැඩි දඬුවම්දීමේ බලය ඇති පුවත්පත් මණ්ඩලය නම් මර්දනකාරී රාජ්‍ය ආයතනය 1973 පනතක් හරහා කඩිමුඩියේම පිහිට වූ සැටිත් එයට තුඩුදුන් දේශපාලනමය, ව්‍යාපාරික හා පෞද්ගලික සාධකත් ඔහු විස්තර කරනවා.

පත්‍රකලාවේදීන් සැම දෙනා සැම විට පරමාදර්ශී නොවන බවත්, ඔවුන් අතරින් සමහරුන් දේශපාලන පක්ෂවල හා දේශපාලන චරිතවල අවශ්‍යතා සඳහා ඍජුව හෝ වක්‍රව පෙනී සිටින බවත් ගුලි උදාහරණ සහිතව පෙන්වා දෙනවා. ඒ කියන්නේ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු අඩු වැඩි පමණට ඇති බවයි!

වසර 139ක් පැවති, මෙරට පැරණිම පුවත්පත් ආයතනයක් වූ ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම සිය ප්‍රකාශන දේශපාලන න්‍යාය පත්‍රයන්ට දැඩි ලෙස නතු කිරීමට යාම හරහා ගරා වැටී, පාඨක විශ්වාසය හානි කොට ගෙන, රජයට පවරා ගනු ලැබ 1985 ජනවාරි 31 වැනිදා වසා දැමීමේ ඉතිහාසය ගුලි කම්පාවෙන් යුතුව වාර්තා කරනවා.

එසේම ගුණසේන සමාගම යටතේ 1960 ගණන්වල ඇරැඹි ස්වාධීන පුවත්පත් සමගම (දවස නිවස) 1974 අප්‍රේල් සිට 1977 පෙබරවාරි දක්වා රජය විසින් සීල් කොට තැබීමේ කුප්‍රකට ඉතිහාසයත්, නැවත පණ ගැන්වුණු දවස නිවස අන්තිමේදී 1990 දෙසැම්බර් 26 වැනිදා අභ්‍යන්තර ප්‍රශ්න නිසා වසා දැමීමත් ගුලි සටහන් කර ඇත්තේ එම ආයතනයේ මහ පුටුව කලක් හෙබවූවකුගේ පරිණත දෘෂ්ටි කෝණයෙන්.

කලක් මෙරට ජන ජීවිතයට ලොකු බලපෑම් කළ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන දෙකක ඛේදජනක අවසානයට තුඩු දුන් සාධක අද දක්වාත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වනු දැකිය හැකියි.

අද වන විට පුවත්පත් අභිබවා රේඩියෝ – ටෙලිවිෂන් මාධ්‍ය පෙරට විත් තිබෙනවා. වෙබ්ගත නව මාධ්‍යකරණයක ඉදිරි පියවරද තබමින් සිටිනවා. එහෙත් නිදහස් හා හරවත් මාධ්‍යකරණයකට බාධා කරන අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලින් මේ කිසිදු මාධ්‍යයක් අත්මිදී නැහැ.

ලෝකයේ කොතැනකවත් මුළුමනින්ම ස්වාධීන මාධ්‍ය නැතිවා සේ ම ලොව කිසිම රජයක් මාධ්‍ය නිදහසට ඉත සිතින්ම ඉඩ දී සියලු විවේචන විඳ දරා ගෙන උපේක්ෂා සහගතව සිටින්නේද නැහැ. මේ යථාර්ථය තුළ ‘සදාකාලික ගැටුම’ දිගටම පවතිනවා. ගුලි තර්ක කරන්නේ එයින් සමාජයට යහපතක් සිදුවන බවයි.

ගුලිගේ වචනවලින්ම කිවහොත්: ආණ්ඩුවට අයත් කාරිය වන්නේ රට ආණ්ඩු කිරීමය. පුවත්පත්වලට අයත් කාර්යය වන්නේ තොරතුරු වාර්තා කිරීමෙන් ජනතාව දැනුවත් කිරීමය. අවුල ඇති වන්නේ මේ දෙක පටලවා ගත් විටය. නිදහස් පුවත්පත් පවත්වා ගෙන යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇති බව බොහෝ අවස්ථාවලදී දේශපාලනඥයන්ට අමතක වන බව පෙනේ.

තවත් ආන්දෝලනාත්මක පැතිකඩක් විමසන්නට මා කැමතියි. එනම් රටේ නායකයා කෙතරම් විවේචනය කළ යුතුද යන්නයි.

තනතුර හොබවන රාජ්‍ය නායකයාට හා ආණ්ඩු නායකයාට විශාල මාධ්‍ය අවධානයක් නිතැතින්ම ලැබෙනවා. එය ඔවුන්ගේ වරප්‍රසාදයක් නොව ඔවුන් එම තනතුරේ ක්‍රියා කරන ආකාරය පිළිබඳ විමර්ශනයක්.

රාජ්‍ය මාධ්‍ය වන්දිභට්ටකම් කළත් සෙසු මාධ්‍ය එසේ කිරීමට බැඳී නැහැ. (රාජ්‍ය මාධ්‍ය ද මේ නරක පුරුද්දෙන් කවදා හෝ අත්මිදිය යුතුයි.) රටේ නායකයන් කියන කරන දේ විවේචනය කිරීමට මාධ්‍යවලට මෙන්ම සියලු පුරවැසියන්ට අයිතියක් තිබෙනවා.

මුළු රටම “රාජපක්ෂ වලව්වක්” යයි සිතා පාලකයා ක්‍රියා කළ අඳුරු දශකයේ ආභාසය හා අහිතකර සෙවණැලි තවමත් සමහරුන්ගේ මනසේ රැඳී ඇති. එහෙත් මේ වැඩවසම්, නිවට මානසිකත්වය දුරු කළ යුතුයි.

අසාධාරණ ලෙස තමන්ට අපහාස කළොත් අපහාස නීතිය යටතේ සිවිල් නඩුවක් පැවරීමේ අයිතිය රටේ නායකයන්ටද තිබෙනවා. (හිටපු සමහර නායකයෝ එසේ නඩු කියා විශාල වන්දි මුදල් පවා ලබා ගත් බව මතකයි.) එහෙත් සැබෑ ලිබරල් හා පරිණත නායකයෝ මහජන හා මාධ්‍ය විවේචන ඉවසා සිටීමේ හැකියාව ඇත්තෝයි.

මෙයට ප්‍රධාන පක්ෂ දෙකේම ඉතිහාසයෙන් උදාහරණ හමුවෙනවා.

1953-56 වකවානුවේ අගමැති ධුරය හෙබ වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල කෙළින් කතා කරන, යකාටවත් බය නැති කෙනෙක්.

G S Fernando, cartoonist
G S Fernando, cartoonist

වරක් ඔහු පොල්ගොල්ලේ පශු ගොවිපළක් නිරික්සීමට ගියා. එහිදී සුන්දර යුවතියන් මහත් ඕනෑකමින් ගවයන් හා එළදෙනුන් රැක බලා ගන්නා ආකාරය දැක ‘අනේ මටත් ගවයෙක් වෙලා උපදින්න ආසයි’ යයි විහිලුවට  කීවා.

මේ ආරංචිය ලැබුණු ටයිම්ස් සමාගමේ ප්‍රධාන කාටූන් ශිල්පියා වූ ජී. එස්. ප්‍රනාන්දු පසුවදා ලංකාදීපයට අපූරු කාටූනයක් ඇන්දා. කොතලාවලගේ මුහුණ සහිත ගවයකු වට කර ගත් යුවතියන් පිරිසක් එහි සිටියා.

එදා උදෙන්ම ලංකාදීප කතුවර ඩී. බී. ධනපාල සූරීන්ට කතා කළ අගමැති, වහාම කාටූන් ශිල්පියා තම නිවසට (කඳවල වලව්වට) එවන මෙන් ඉල්ලා සිටියා. කෙසඟ සිරුරින් හෙබි ජී. එස්. එහි ගියේ දැඩි බියකින්.

ඒත් ඔහුව ඉතා ආදරයෙන් පිළිගත් කොතලාවල ‘උඹද මේ කාටූන් එක ඇන්දේ’ යැයි ඇසුවා. (ඔහුගේ කතා ශෛලිය එසේයි.)

‘ඔව් සර්’ යැයි ජී. එස්. පහත් හඬකින් කී විට මහ හඬින් සිනාසුණු කොතලාවල ‘උඹ තමයි මිනිහා!’ යයි කියා ජී.එස්ගේ කරට උඩින් අත දැමුවා.

එම කාටූනයේ මුල් පිටපත ඉල්ලා සිටි අගමැති කොතලාවල තමා සමග උදෑසන ආහාරය ගන්නට ජී.එස්.ට ඇරැයුම් කළා.

කොයි තරම් නිර්දය ලෙස තමාට පුවත්පත් පහර ගැසුවත් අගමැති කොතලාවල කලබල වුණේ නැහැ. ඒවා සිනාසී ඉවසුවා.

1956 අප්‍රේල් මහ මැතිවරණයෙන් ජය ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණට එවකට ලංකාදීපයේ පූර්ණ සහයෝගය ලැබුණු සැටි ගුලිගේ පොතේ සඳහන් වනවා.

ගුලි කියන හැටියට: ”බණ්ඩාරනායක මහතා අගමැති වීමෙන් පසු ‘දිනමිණ’ සහ අනෙකුත් ලේක්හවුස්  පුවත්පත් ඔහුට නිර්දය ලෙස පහර දුන්නේ කෙසේ හෝ ඔහුගේ ආණ්ඩුව කඩා නැවත වරක් එජාපය බලයට පත් කිරීමේ අරමුණ ඇතිවය. තමාට කොතරම් පහර දුන්නත් පුවත්පත් නිදහස මහත් සේ අගය කළ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියකු වූ බණ්ඩාරනායක මහතා රාජ්‍ය බලය යොදවා පුවත්පත් මෙල්ල කිරීමට කිසි අවස්ථාවක කටයුතු කළේ නැත.”

Sri Chandrarathna Manawasinghe
Sri Chandrarathna Manawasinghe

සමස්තයක් ලෙස ලංකාදීපය මඑපෙ රජයට හිතවාදී වුවත් එහි ජනප්‍රිය තීරු ලිපියක් වූ ‘වගතුග’ ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ටික දිනකින්ම නව රජය ද හේතු සහිතව විවේචනය කිරීම ඇරඹුවා. මෙය අගමැතිට කෙසේ වෙතත් ඔහු වටා සිටි පිරිසට නම් ඇල්ලුවේ නැහැ.

මේ නිසා මානවසිංහ රාජ්‍ය විරෝධියකු ලෙස ලේබල් කරනු ලැබුවා. මෑතදී ලියූ ලිපියක ඔහුගේ පුත් උදය මානවසිංහ ආවර්ජනය කළේ මෙසේයි.

“1956 ජයග්‍රහණයෙන් පසු වැඩිකල් යන්නට පෙර…‘වගතුග’ තීරයේ සුපුරුදු විචාරක්ෂිය බණ්ඩාරනායක රජයට ද එල්ල වන්න විය. මෙහිදී බණ්ඩාරනායක මහතාගේ උසස් ගුණාංගයක් මතු වුණු සිද්ධියක් උපුටා දැක්වීම මැනවැයි සිතේ.

“2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දීය රජයේ ආරාධනයක් පිට සිනමාවේදී බිමල් රෝයි විසින් නිපදවන ලද බෞද්ධ චිත්‍රපටයක පිටපතක් ලංකාවට ද දෙනු ලැබීය. ගෞතම බුද්ධ නම් වූ එම චිත්‍රපටය සිංහලෙන් හඬ කවා රට පුරා ප්‍රදර්ශනය කරන ලෙස බණ්ඩාරනායක මහතා සංස්කෘතික බලධාරීන්ට උපදෙස් දුන්නේය.

“වරක් බණ්ඩාරනායක අගමැතිතුමා එම කටයුත්තේ ප්‍රගතිය පිළිබඳව එය පැවරුණු නිලධාරියාගෙන් විමසන විට ඒ සඳහා සුදුසු කෙනෙක් සොයා ගන්නට බැරි වුණා යයි නිලධාරියා කියා ඇත. ‘ඇයි මානවසිංහට දුන්නෙ නැද්දැයි’ අගමැතිතුමා යළි විමසන විට ‘දැන් මානවසිංහ සර්ට විරුද්ධයිනෙ’ යන්න ඊට නිලධාරියාගේ පිළිතුර විය.

“කෝපයට පත් බණ්ඩාරනායක මහතා ‘අයිසෙ එයා මට විරුද්ධ වුණත් බුදු හාමුදුරුවන්ට විරුද්ධ නැහැ! ගිහින් මේක එයාට දෙන්න’ යනුවෙන් ගුගුළේය. සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද එම චිත්‍රපටය තාත්තාගේ කටහඬින් ම පසුබිම් කථනය සහිතව එකල ‘බෝධාලෝකය’ නමින් රට පුරා පන්සල්වල ප්‍රදර්ශනය කෙරිණ.”

සැබෑ ලිබරල් ජන නායකයන්ගේ හැටි එහෙමයි.

 

සිවුමංසල කොලුගැටයා #278 චීන අභ්‍යවකාශ තරණයේ පියා: අමෙරිකාවෙන් පිටමං කළ චියැන් සූයිසන්

In this week’s Ravaya column (appearing in the print issue of 7 August 2016), I discuss the history of Chinese space programme through the life story of its most important founder.

Qian Xuesen (1911 – 2009) was one of the greatest Chinese scientists of the modern era and is widely regarded as the father of China’s space and strategic rocket programme.

One of twentieth century’s most brilliant engineers, Qian was widely honoured in China for his “eminent contributions to science”. He was credited with leading China to produce and launch weather and reconnaissance satellites, as well as its own intercontinental ballistic missiles and anti-ship missiles.

His pioneering efforts also helped China to send a human to Earth orbit in 2003 using its own rockets – the third nation to do so after the (former) Soviet Union and the United States.

In 2008, China Central Television (CCTV) named Qian as one of the eleven most inspiring people in China. He died on 31 October 2009, aged 97, having seen China become one of the world’s leading space-faring nations.

Qian Xuesen - Father of China's space and strategic rocket programme [image courtesy CCTV]
Qian Xuesen – Father of China’s space and strategic rocket programme
[image courtesy CCTV]
සමාජ මාධ්‍යවල මා කරන ප්‍රකාශ මත පදනම් වී සමහරුන් අසන්නේ මා උග්‍ර චීන විරෝධියකු ද කියායි.

චීන රජය අපේ රටට කරන අධිපතිවාදී බලපෑම්වලට එරෙහිව මා අදහස් පළ කරනවා. එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක් හා තාක්ෂණ උරුමයක් හිමි චීනය ගැන මගේ ලොකු පැහැදීමක් තිබෙනවා.

මා මුලින්ම චීනයට ගියේ මීට විසි වසරකට පෙර 1996දී. එවක පටන් දහ වතාවකට වඩා කෙටි වකවානු සඳහා චීනයට ගොස් එහි මාධ්‍යවේදීන්, පරිසරවේදීන්, විද්‍යාඥයන් සමග මා සමීපව කටයුතු කොට තිබෙනවා.

රොකට්ටුවේ සංකල්පය 13වන සියවසේදී මුලින්ම සොයා ගෙන මූලික අත්හදා බැලීම් කරන ලද්දේ චීනයේ. එහි නූතන මස්තක ප්‍රාප්තිය වන අභ්‍යවකාශ තරණයට චීනය පිවිසි ආකාරය මා කලෙක සිට අධ්‍යයනය කරනවා.

අද පුරෝගාමී චීන අභ්‍යවකාශ විද්‍යාඥයාගේ ජීවිත කථාව කෙටියෙන් විමසා බලමු.

චියැන් සුයිසන් (Qian Xuesen) යනු නූතන යුගයේ ශ්‍රේෂ්ඨතම චීන විද්‍යාඥයෙක්. ඔහු චීන අභ්‍යවකාශ වැඩසටහනේ පියා ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.

චීන ක්‍රමයට වාසගම ලියන්නේ මුලින්. ඒ අනුව ඔහුගේ වාසගම චියැන්. දුන් නාමය සුයිසන්.  චියැන් යන්න Tsien ලෙසින් ද සමහර විටෙක ඉංග්‍රීසියෙන් ලියනවා. (චීන උච්චාරණයට ගැළපෙන ඉංග්‍රීසි අකුරු ගැලපුම් එකකට වඩා තිබිය හැකි නිසා.)

1990 දශකය වන තුරු චීනය සිය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ගැන සෙසු ලෝකයට විස්තර හෙළි කළේ නැහැ. මේ නිසා චියැන්ගේ තොරතුරු ද ලොව ප්‍රකට නැහැ.

එහෙත් ඔහු ගැන දන්නෝ ඔහු සම කරන්නේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ පියා ලෙස සැළකෙන සර්ගෙයි කරලොෆ් (Sergei, Korolev, 1907 -1966)  හා අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ පියා වන වර්නර් ෆොන් බ්‍රවුන් (Wernher von Braun, 1912 – 1976) යන දෙපළටයි.

Qian Xuesen, Father of Chinese space programme
Qian Xuesen, Father of Chinese space programme

චියැන් සුයිසන් උපන්නේ 1911 දී.  චීනයේ සේජැං (zhejiang) ප්‍රාන්තයේ හංචෝ (Hangzhou)  නගරයේ. ඔහු ගුරුවරයකුගේ දරුවෙක්. කුඩා වියේ පටන්ම ගණිතයට හා විද්‍යාවට දක්ෂයි. ඒ ක්ෂත්‍රයෙන් දිගටම උගත් ඔහු වයස 23දී (1934දී) ෂැංහයි නුවර ජියොටොං සරසවියෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගත්තා.

ඔහුගේ මුල් ඉලක්කය වුණේ දුම්රිය එන්ජින් ෙක්ෂත්‍රයට පිවිසීම වුවත් ගුවන්යානා ගැන ලොකු උනන්දුවක් ද තිබුණා. ගුවන්යානය නිපදවා දශක තුනක් පමණ ගෙවී තිබුණත් චීනයේ එම තාක්ෂණය දියුණු වී තිබුණේ නැහැ.

මේ නිසා ගුවන්යානා තාක්ෂණය හදාරන්නට අමෙරිකාවට යන්නට ඔහු තීරණය කළා. සමස්ත චීනයේම දක්ෂ තරුණ තරුණියන් සමග තරග වැදී පශ්චාත් උපාධි ශිෂ්‍යත්වයක් දිනා ගත්තා.

අමෙරිකාවේ විශිෂ්ඨතම සරසවියක් වන මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයට (MIT) ගිය චියැන් 1936දී MSc උපාධියක් ලබා ගෙන ආචාර්ය උපාධිය සඳහා කැලිෆෝනියා තාක්ෂණ ආයතනයට (CalTech) බැඳුණා.

කැල්ටෙක්හි ඔහුගේ ප්‍රමුඛ ගුරුවරයකු වූයේ හංගරියේ උපන් ඇමෙරිකානු ගණිතඥ හා ගගන ඉංජිනේරු තියඩෝර් ෆොන් කාමන් (Theodore von Karman 1881 -1963).  ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කළ හැකි සුපර්සොනික් ගුවන්යානා පිළිබඳ පුරෝගාමී පර්යේෂණ කළ ෆොන් කාමන්, තරුණ චීන ශිෂ්‍යයාගේ දස්කම් ඉක්මනින් හඳුනා ගත්තා.

1939දී චියැන් ආචාර්ය උපාධිය ලැබ කැල්ටෙක්හිම ඉගැන්වීමට පටන් ගත් පසු ගුරු – සිසු දෙපළ මිතුරන් හා පර්යේෂක හවුල්කරුවන් වුණා.

Left to right - Ludwig Prandtl (German scientist), Qian Xuesen, Theodore von Kármán.
Left to right – Ludwig Prandtl (German scientist), Qian Xuesen, Theodore von Kármán.

1939 සැප්තැම්බරයේ ඇරඹුණු දෙවන ලෝක යුද්ධය යුරෝපයේ දිගටම ඇවිලී ගියත් අමෙරිකාව 1941 දෙසැම්බර් වන තුරු නිල වශයෙන් එයට සම්බන්ධ වුයේ නැහැ. එහෙත් හමුදා සහ සිවිල් ප්‍රයෝජන සඳහා වඩාත් වේගවත්, වඩාත් ආරක්ෂිත ගුවන්යානා නිපදවීමේ පර්යේෂණ අමෙරිකානු සරසවිවල දිගටම සිදු වුණා.

හිට්ලර්ගේ ජර්මනිය මහා පරිමාණ රොකට් පර්යේෂණ කරන බවට ආරංචි පැතිර ගියේ මේ කාලයේයි. ඇමෙරිකාව යුද්ධයට පිවිසි පසු අමෙරිකානු හමුදා රොකට් පර්යේෂණවලට යොමු වුණා.

චියැන් ඇතුළු පර්යේෂක පිරිසක් රොකට් අත්හදා බැලිම් කළා. විදේශිකයකු වූ චියැන් අමෙරිකානු රොකට් පර්යේෂණවලට සම්බන්ධ වීමට පෙර පසුබිම් විමර්ශනයකට (background check) පාත්‍ර වී අවසරය ලැබුවා.

1936දී පිහිටුවන ලද ජෙට් පර්යේෂණයාතනය (JPL) මේ රොකට් පර්යේෂණවල මුල් තැනක් ගත්තා. චියැන් එහි සමාරම්භකයෙක්. එය කැල්ටෙක් යටතේ පාලනය වූ සුවිශේෂි පර්යේෂණායතනයක් වූ අතර ඇමෙරිකානු අභ්‍යවකාශ පර්යේෂණ බොහොමයක තෝතැන්න වුණා. (නාසා පිහිටුවනු ලැබුවේ කලකට පසු 1958දී.)

Wernher von Braun: German-born scientist who became Father of American Space Program
Wernher von Braun: German-born scientist who became Father of American Space Program

1945 දෙවන ලෝක යුද්ධය අවසන් වන විට චියැන් ඇමෙරිකානු ගුවන් හමුදාවේ කර්නල් තනතුරක් හෙබවූවා. රොකට් ගැන ඔහුට තිබු අසමසම විශේෂඥ දැනුම නිසා මිත්‍ර පාක්ෂික හමුදාවලට යටත් වූ ජර්මනියේ පැවති රොකට් පර්යේෂණ ගැන අධ්‍යයනය කිරීමට ඇමෙරිකාවෙන් ඔහු එහි යවනු ලැබුවා. ජර්මන් V-2 රොකට් නිර්මාතෘ වර්නර් ෆොන් බ්‍රවුන් මුණ ගැසී ඔහුගේ පර්යේෂණ ගැන දීර්ඝ සම්මුඛ සාකච්ඡා කිරීමට චියැන්ට හැකි වුණා.

මෙය ඵෙතිහාසික හමුවක්. පසු කලෙක අමෙරිකානු අභ්‍යවකාශ වැඩ පිළිවෙළ ඇරැඹු පුරෝගාමියා හා චීන අභ්‍යවකාශ පුරෝගාමියා අතර අදහස් හුවමාරුවක්. එහෙත් ඒ අනාගතය ගැන මේ දෙපල 1945දී දැන සිටියේ නැහැ.

1949 හමුදා සේවයෙන් අස් වී යළිත් කැල්ටෙක් සරසවියේ ඉගැන්වීමට ගිය චියැන්ට සිය රට යාමේ අදහසක් ඒ වන විට තිබුණේ නැහැ. අමෙරිකානු පර්යේෂණ ක්ෂේත්‍රයේ කිනම් පසුබිමකින් ආවත් දක්ෂයාට තැන ලැබෙනවා (meritocracy).

ඔහු සතුටින් හා ඵලදායීව වැඩ කර ගෙන ගියා. පියාපත් සහිත අභ්‍යවකාශ යානයක් ගැන ඔහු නව අදහසක් යෝජනා කළේත් 1949දී. එය පසු කලෙක ස්පේස්ටේල් යානා නිපදවීමට ප්‍රබෝධක ආවේගය ලබා දුන්නා.

ඔහුගේ මවුබිමෙහි ලොකු පෙරළි සිදු වූයේ මේ කාලයෙයි. 1949දී චීන කොමියුනිස්ට් පක්ෂය එරට බල අල්ලා ගත්තා. ඒ අතර ලෝක යුද්ධයෙන් පසු සෝවියට් බලපෑම් නැගෙනහිර යුරෝපයේ විහිදීම ඇරඹුණා.

මේ සාධක නිසා කොමියුනිස්ට් භීතියක් අමෙරිකාවේ පැතිර ගියා. රජය විවේචනය කරන විද්වතුන්, විදෙස් සම්භවය ඇති පර්යේෂකයන් මෙන්ම වාමාංශික දේශපාලන අදහස් තිබූ සැවොම “කොමියුනිස්ට්කාරයන්” හෝ “රාජ්‍ය විරෝධීන්” ලෙස ලේබල් ගසා කොන් කිරීමේ මහා පරිමාණ ප්‍රයත්නයක් 1950 දශකය පුරා එරට ක්‍රියාත්මක වුණා. මෙය ඇමරිකානු දේශපාලනයේ අඳුරු අවධියක්.

මේ දේශපාලන දඩයමට චියැන්ද හසු වුණා. කිසිදු දේශපාලනයක නොයෙදුණු, රොකට් තැනීමේ පර්යේෂණ ගැන මුළුමනින්ම අවධානය යොමු කළ මේ විද්‍යාඥයාගේ ආරක්ෂක අනුමැතිය නතර කෙරුණා. ඔහුගේ ඉගැන්වීම හා පර්යේෂණ නිදහසේ කර ගෙන යෑමට දුන්නේද නැහැ.

බැරිම තැන ඔහු කැල්ටෙක් ඇදුරු තනතුරින් ඉල්ලා අස්වී ආපසු චීනයට යාමට තැත් කළා. එහෙත් නොයෙක් නිලධාරීවාදී හේතු දක්වමින් අමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය එයට ද ඉඩ දුන්නේ නැහැ. ඔහු ඇමෙරිකානු රොකට් හා මිසයිල් තාක්ෂණය ගැන ඉතා හොඳින් දැන සිටීම ඊට හේතුවයි.

වසර හතරක් පමණ ලොස් ඇන්ජලීස් කවුන්ටියට ගමන්බිමන් සීමා කරනු ලැබ ආවේක්ෂණය යටතේ වාසය කළ චියැන් ගෙදර සිට වැදගත් විද්‍යාත්මක පොතක් ලිව්වා. Engineering Cybernetics නම් එම පොත 1954 දී මැක්ග්‍රෝ-හිල් ප්‍රකාශකයා හරහා පළ කරනු ලැබුවා.

Qian Xuesen and famili return to China, 1955
Qian Xuesen and famili return to China, 1955

1955 අගෝස්තුවේදී ඇමෙරිකාවෙන් පිටව යාමට චියැන්ට අවසර ලැබුණා. ඔහු නැව් නැගීමට පෙර වාර්තාකරුවන්ට කීවේ මෙයයි. ”මා යළිත් අමෙරිකාවට ඒමට සැළසුමක් නැහැ. එසේ එන්නට මට හේතුවක් ද නැහැ. මගේ මවු රටට ගොස් එරට වැසියන්ට අභිමානයෙන් හා සතුටින් ජීවත්වීමට මා උදවු කරනවා.”

ආපසු සිය රටට ආ චියැන් වීරයකු මෙන් පිළිගත් චීන රජය, එවකට අලුතෙන් ඇරැඹි චීන මිසයිල් පර්යේෂණ වැඩ පිළිවෙළේ අධ්‍යක්ෂ ධූරය පිරිනැමුවා. ඒ යටතේ (1960 සිට) ඩොංෆෙං මිසයිලත් ඉන් පසුව (1970 සිට) ලෝංමාච් රොකට්ටුත් නිර්මාණය වුයේ ඔහුගේ අධීක්ෂණය යටතේයි.

1957 ඔක්තෝබර් 4 වනදා සෝවියට් දේශය ස්පුට්නික් 1 චන්ද්‍රිකාව උඩුගුවන් ගත කිරීමත් සමග අභ්‍යවකාශ යුගය ඇරඹුණා. සෝවියට් චීන මිතුදම සමීපව තිබූ 1950 දශකය අග භාගයේ, යම් තරමක සෝවියට් තාක්ෂණික සහයෝගය චීනයට ලැබුණා.

ඒත් 1960දී මේ දෙරට විරසක වීමෙන් පසුව ස්වොත්සාහයෙන් පර්යේෂණ කොට අභ්‍යවකාශ තරණයේ ලෝකයේ ප්‍රමුඛ රටක් බවට පත් වීමට චීන නායකත්වය අදිටන් කර ගත්තා. මේ ජාතික ප්‍රයත්නයේ මූලිකයා වූයේ චියැන් සුයිසන්.

1960 දශකය පුරාම සෝවියට් දේශය හා ඇමරිකාව මහා අභ්‍යවකාශ තරගයක නියැලී සිටියා. තරගයේ මුල් ජයග්‍රහණ රැසක්ම අත් කර ගත්තේ සෝවියට් දේශයයි. එහෙත් අන්තීමේදී 1969 ජූලි මාසයේ මුලින්ම හඳට මිනිසුන් යැවීමේ හපන්කම කළේ ඇමෙරිකානු නාසා ආයතනයයි.

එකල මේ දෙරටට කිසිසේත් සම කිරීමට තාක්ෂණ හැකියාවක් හා ධනයක් චීනයට තිබුණේ නැහැ. මහ දෙරට සමග තරග කරනු වෙනුවට තමන්ගේ හැකියාවන් ටිකෙන් ටික දියුණු කර ගැනීම චියැන්ගේ දැක්ම වූවා. මාඕ සේතුං ඇතුළු දේශපාලන නායකයෝ ඔහුට දිය හැකි උපරිම සහයෝගය ලබා දුන්නා.

1960 දශකයේ චීනයේ අභ්‍යන්තර දේශපාලන කැළඹීම් නිසා විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතිය අඩාල වුණා. සංස්කෘතිය විප්ලවය (1966-1976) උගතුන්ට නරක කල දසාවක් උදා කළා. මේ ප්‍රවාහයන් මැද අභ්‍යවකාශ පර්යේෂණ නිහඬව කර ගෙන යාමට අවශ්‍ය සංයමය හා නායකත්ව කුසලතාවන් චියැන්ට තිබුණා.

චීනය මුල්වරට තමන්ගේ චන්ද්‍රිකාවක් උඩුගුවන්ගත කළේ 1970 අප්‍රේල් 24 වෙනිදා. ඩොංෆැං හෝ (Dong Fang Hong I = පෙරදිග රතුයි) නම් වූ එය කිලෝග්‍රෑම් 173ක් බර වු අතර එය දින 26ක් පුරා පෙරදිග රතුයි නම් ජනපි්‍රය චීනය උඩුගුවනේ සිට රේඩියෝ තරංග හරහා විකාශය කළා.

චන්ද්‍රිකා නිපදවීමට, රොකට් හරහා උඩුගුවන්ගත කිරීමට, ට්‍රැක් කිරීමට හා දුරස්ථව පාලනය කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණය ස්වඋත්සාහයෙන් නිර්මාණය කර ගත්  තුන්වන රට බවට චීනය 1970 දශකයේදී පත් වුණා. (ඉන්දියාව මේ හැකියාවන් ලබා ගත්තේ ඊට ටික කලකට පසුවයි.)

1978 දී ඩං ෂාවෝ පිං (Deng Xiao Ping) චීන නායකයා වුණා. වෙළඳපොළ ආර්ථීකයකට කෙමෙන් චීනය විවෘත කළේ ඔහුයි. වෙනත් කිසිදු රටක් සමග තරඟ කිරීමකින් තොරව චීන අභ්‍යවකාශ තාක්ෂණය දිගටම දියුණු කළ යුතු බව ඔහුගේ දැක්ම වුණා. චීන රජයේ ආදායම ටිකෙන් ටික ඉහළ යත්ම වැඩියෙන් අරමුදල් පර්යේෂණවලට යොමු කෙරුණා.

Qian Xuesen with Mao Zedong in 1956
Qian Xuesen with Mao Zedong in 1956

සාමාන්‍යයෙන් චීනය වැනි මධ්‍යම පාලනයක් ඇති රටවල නායකත්වය වෙනස්වීමත් සමග ආයතන ප්‍රධානීන් සැවොම වෙනස් වෙනවා. එහෙත් මාඕ යටතේ සේවය කළ චියැන්, ඩං යටතේ ද වසර ගණනාවක්  අභ්‍යවකාශ පර්යේෂණවලට නායකත්වය දීමට රඳවා ගනු ලැබුවා.

ඔහු අන්තිමේදී විශ්‍රාම ගියේ වයස 80 ළඟා වීමෙන් පසු 1991දි. විශ්‍රාමිකව නිහඬ දිවියක් ගත කළ ඔහු, චීන වෙදකම, මිලිටරි ඉතිහාසය, සාහිත්‍යය හා කලා ශිල්ප ආදිය ගැන හදාරමින් කල් ගත කළා.

චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළ දිගටම දියුණු වුණා. 1993දී චීන ජාතික අභ්‍යවකාශ අධිකාරිය (CNA) පිහිටුවනු ලැබුවා. 1990 දශකය වන විට තම අභ්‍යවකාශ පර්යේෂණ හා ජයග්‍රහණ ගැන වඩාත් විවෘතව ලෝකයට තොරතුරු දීමට ද චීනය උත්සුක වුණා.

රටේ  ආර්ථීක දියුණුව හා ජනයාගේ ජීවන මට්ටම් ඉහළ යාමත් සමග අභ්‍යවකාශ ජයග්‍රහණ එරට ජන අභිමානය සංකේතවත් කරන ප්‍රධාන සාධකයක් බවට පත් වූවා.

1970 සිට වසර 25කට වැඩි කාලයක් මිනිසුන් රහිත චන්ද්‍රිකා හා අභ්‍යවකාශ යානා යැවීමෙන් අත්දැකීම් රැසක් ලබා ගත් චීනයට ඊළඟට උවමනා වූයේ අජටාකාශගාමීන් උඩුගුවනට යවන්නටයි.

මේ සඳහා ෂෙංසෝ  (Shenzhou) වැඩසටහන 1992දී පටන් ක්‍රියාත්මක වුණා. 1999 – 2002 වසරවල කිහිප වතාවක් මිනිසුන් රහිත ෂෙංසෝ යානා කක්ෂයට යවා අත්හදා බැලීම් කළා. මුල් වරට සාර්ථකව අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යැව්වේ 2003 ඔක්තෝබර් 15 දා ෂෙංසෝ 5 යානයෙන් කක්ෂගත වූ යැං ලිවෙයි (Yang Liwei). තම රටේම තාක්ෂණයෙන් අභ්‍යවකාශයට ගිය මුල්ම චීන ජාතිකයා බවට ඔහු පත් වුණා.

Chinese President Hu Jintao (R) visits renowned scientist and founder of China's space technology Qian Xuesen in Beijing, January 19, 2008. (Xinhua Photo by Lan Hongguang)
Chinese President Hu Jintao (R) visits renowned scientist and founder of China’s space technology Qian Xuesen in Beijing, January 19, 2008. (Xinhua Photo by Lan Hongguang)

මෙය චීනය පුරා සජීව ලෙසින් ටෙලිවිෂනයේ විකාශය කෙරුණා. ඒ වන විට 92 වියැති චියැන්, රෝහල් ඇඳක සිට මේ ජයග්‍රහණය නැරඹුවා. චාරිකාව වාර්තා කළ සියලුම මාධ්‍ය චියැන්ගේ පුරෝගාමී හා දැවැන්ත දායකත්වය යළි යළිත් සිහිපත් කළා. විද්‍යාඥයකුට තවත් උපහාර කුමකට ද?

ඇත්තටම ඔහු ජීවත්ව සිටියදී ඉමහත් ගෞරව සම්මානයට පාත්‍ර වුණා. චීනයේ ඉහළම ජාතික සම්මාන හා සරසවි ගෞරව උපාධි ලැබුවා. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය ඔහුගේ නමින් කුඩා ග්‍රහලෝකයක්  Qianxuesen ලෙස නම් කළා.

2008දී චීන ජාතික ටෙලිවිෂන් සේවය (CCTV) 20වන සියවසේ එරට වෙනස් කළ මහා චරිත 11න් එක් අයකු ලෙස චියැන්ට ප්‍රණාමය පුද කළා.

1979දී අමෙරිකානු කැල්ටෙක් සරසවිය අති විශිෂ්ඨ ආදි ශිෂ්‍ය සම්මානයක් ඔහුට පිරිනැමුවත් ඔහු එය ලබා ගන්නටවත් ගියේ නැහැ. ”අමෙරිකානු ජනතාව සමඟ මගේ කිසිදු අමනාපයක් නැහැ. ඔවුන් අතර මගේ සමීප මිතුරන් සිටිනවා. එහෙත් ඇමෙරිකානු රාජ්‍යය ගැන මගේ කලකිරීම දිගටම තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කළා.

2009 ඔක්තෝබර් 31 වනදා චියැන් මිය යන විට වයස 97යි. ඔහු පැතූ පරිදිම චීන ජනතාව සතුටින් හා අභිමානයෙන් සිටිනු දැකීමට හැකි වුණා. ඒ අභිමානයට ඔහු ද සෑහෙන පමණට දායක වුණා.

Image source; http://www.tcss.edu.hk/latestnews/0910/qianxuesen/index.htm
Image source; http://www.tcss.edu.hk/latestnews/0910/qianxuesen/index.htm

සිවුමංසල කොලුගැටයා #277: බියෙන් තොරව වටහා ගත යුතු ඩයස්පෝරා සාධකය

In this week’s Ravaya column (appearing in the print issue of 31 July 2016), I explore the many faceted phenomenon called the Sri Lankan diaspora.

I emphasize why it is very important for everyone in Sri Lanka to understand the diaspora factor in all its nuances and complexity. Simplistic perceptions have dominated public discourse for too long, and we owe ourselves a more informed approach to this topic

Most media outlets narrowly and negatively interpret the term ‘diaspora’ mean only a section of oversease Lankans of Tamil ethnicity who supported terrorism. This is not merely a case of semantics, as diaspora engagement for national reconciliation is hampered by these persistent misconceptions.

I point out that sympathisers of Tamil Eelam were/are only a small part of the spectrum that includes people of ALL ethnicities, social backgrounds and professional skills originating from Sri Lanka who have spread to different parts of the world for over 150 years.

I refer extensively to The Encyclopedia Of The Sri Lankan Diaspora, a multi-author, academic volume published by the National University of Singapore in 2013.

I also draw insights from the Roadmap for Engagement with Overseas Sri Lankans, released in July 2016 by International Alert, Sri Lanka on behalf of the Young Political Leaders Forum.

The latter report’s opening para says: “With nearly three million Sri Lankans living across the world (approximately fourteen percent of the country’s population) Sri Lanka’s diaspora-to-population ratio is known as one of the highest in the South Asian region. This ratio is the product of different waves of migrations that are mainly attributed to: post-colonial developments, the need for better economic prospects, political instability – including the JVP insurrection and the 30-year civil war, and education opportunities. As such, the Sri Lankan diaspora is by nature not considered to be homogenous as it represents the many social, political, ethnic and religious ideologies and experiences that exists in Sri Lanka.”

Nalaka Gunawardene column in Ravaya, 31 July 2016
Nalaka Gunawardene column in Ravaya, 31 July 2016

ඩයස්පෝරා!

මේ වචනය ඇසෙන විට සමහරුන් ආවේගශීලී වනවා. ඒ එය හරිහැටි තේරුම් නොගැනීම නිසායි. නොදන්නා දෙයට බියවනු වෙනුවට එය අධ්‍යයනය කොට අවබෝධය ලැබීම වැදගත්.

දකුණු ආසියාතික ඩයස්පෝරා සමුළුවක් මෑතදී සිංගප්පූරුවේ පැවැත්වුණා. එහි මුඛ්‍ය දේශනය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහට ඇරැයුම් කර තිබුණා. සෙසු කථීකයන් අතර විදේශ ඇමති මංගල සමරවීර හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සිටියා.

ඩයස්පෝරා සාධකය ජාතික සමගියට හා සංවර්ධනයට කෙසේ යොදා ගත හැකිද යන්න මේ දිනවල විවිධ සභාවල කතා වෙනවා.

සමහරුන් කැමති වූවත්, නැතත් ඩයස්පෝරා සාධකය නොතකා සිටීමට බැහැ. එසේම දුර්මතධාරීන් සිතන හැටියට ඩයස්පෝරා යනු ඒකමිතික, ලංකා විරෝධී පිරිසක් නොවෙයි. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?

ඩයස්පෝරා යන වචනය, ග්‍රීක භාෂාවේ ඩයස්පේරෝ (diaspeiro) වෙතින් බිඳී ආවක්. එහි මුල් අරුත විහිදයාම හෙවත් පැතිර යාමයි. ප්‍රබල නගර රාජ්‍යවල වැසියන් පසුව වෙනත් ප්‍රදේශවලට විසිර ගොස් තම බලපෑම් පතුරුවා ටිකෙන් ටික අධිරාජ්‍යයක් වීම එහි මුල් කතාවයි.

ඉතිහාසය මුළුල්ලේ විවිධාකාරයේ ඩයස්පෝරා බිහි වී තිබෙනවා. විටින් විට නොයෙක් බිම්වලින් නික්ම ගිය හෝ පිටුවහල් කෙරුණු යුදෙව් ඩයස්පෝරාව මින් වඩාත් ප්‍රකටයි.

අද වන විට සම්භවයටත් වඩා අනන්‍යතාව පිළිබඳ හැඟීම හරහා ඩයස්පෝරාවන් ඒකරාශී වනවා. ඓතිහාසික නිජබිමකට ඇති මානසික බැඳීම මෙහි පොදු සාධකයයි.

Rogers Brubaker
Rogers Brubaker

රොජර්ස් බෘබේකර් (Rogers Brubaker) නම් ඇමෙරිකානු සමාජ විද්‍යාඥයා 2005දී විග්‍රහ කළ හැටියට ඩයස්පෝරා නිර්වචනය ක්‍රමයෙන් පුළුල්වෙමින් තිබෙනවා. අද වන විට නිජබිමෙන් දුරස්ථ වූ හැම ජන කොටසක්ම යම් ඩයස්පෝරාවකට අයත් ලෙස පිළිගැනෙනවා. එසේම සදහටම උපන් රට හැර නොගියත් රැකියා සඳහා වසර ගණනකට විදෙස් ගතවන විශාල සංඛ්‍යාවක් ද තාවකාලික ඩයස්පෝරාවක් ලෙස දැකිය හැකියැ’යි ඔහු කියනවා.

බෘබේකර් කියන්නේ තව දුරටත් පොදු නිජබිමකට වඩා පොදු සංස්කෘතික උරුමයකට සම්බන්ධිත අයද ඩයස්පෝරා ලෙස සංවිධානය වන බවයි. මේ සඳහා උදාහරණ ලෙස ලොව පුරා විවිධ රටවලින් ආ, නොයෙක් තැන්වල ජීවත් වන ප්‍රංශ බස කතා කරන්නන්, පෘතුගීසි බස කතා කරන්නන් මෙන්ම ලිංගික සුළුතරයන්ද ඔහු සඳහන් කරනවා.

නව සන්නිවේදන තාක්ෂණයන් පැතිර යාම හරහා ඩයස්පෝරා තුළ සන්නිවේදනය වඩාත් පහසු වී තිබෙනවා. එනිසා මේ සියවසේ ඩයස්පෝරා සාධකය වඩාත් ප්‍රබලව මතු වී තිබෙනවා.

මෙය රටක දියුණුවට හා ජාතික අනන්‍යතාව ප්‍රබල කිරීමට කෙසේ යොදා ගත හැකිද? මෙය ඩයස්පෝරා එකක් හෝ කිහිපයක් ඇති රටවල් අද මුහුණ දෙන අභියෝගයක්.

ශ්‍රී ලංකා ඩයස්පෝරාවන් ගැන පර්යේෂණාත්මක කරුණු එක්තැන් කළ අගනා ග්‍රන්ථයක් 2013දී සිංගප්පුරුවේ ජාතික සරසවිය (NUS) ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලාංකික ඩයස්පෝරා විශ්ව කෝෂය (The Encyclopedia Of The Sri Lankan Diaspora)  නම් වූ එය, පෙර අපරදෙදිග විවිධ රටවලට විවිධ වකවානුවල නොයෙක් හේතු නිසා සංක්‍රමණය වූවන්ගෙන් බිහිව ඇති බහුවිධ ඩයස්පෝරා ගැන තොරතුරු සම්පිණ්ඩනය කරනවා.

Encyclopedia Of The Sri Lankan Diaspora (NUS, 2013)
Encyclopedia Of The Sri Lankan Diaspora (NUS, 2013)

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව නම් මහා කාණ්ඩය තුළ උප කාණ්ඩ රාශියක් සිටිනවා.

1950-1970 වකවානුවේ (විශේෂයෙන්ම සිංහල රාජ්‍ය භාෂාව වීමෙන් පසු) මෙරට හැරදා ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල පදිංචියට ගිය බර්ගර්වරුන් එක් නිශ්චිත කාණ්ඩයක්.

1983 කළු ජූලියට පෙර බටහිර රටවලට ගිය, වැඩිපුරම වෘත්තිකයන්ගෙන් සමන්විත වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ට අයත් ලාංකික ඩයස්පෝරාව මුල් පරපුරේ කාණ්ඩයක් ලෙස දැකිය හැකියි.

1983න් පසු යුද්ධය නිසා මෙරට හැරයාමට සිදුවූ බහුතරයක් දෙමළ ජාතිකයන් වුවද මෙරට අස්ථාවරත්වය හා අවිනිශ්චිත බව නිසා දශක තුනක යුද සමයේ සංක්‍රමණය වූ සිංහල හා මුස්ලිම් පවුල් සංඛ්‍යාවද සැලකිය යුතුයි. මෙකී නොකී සැවොම ඩයස්පෝරා තුළ සිටිනවා.

ඩයස්පෝරාව පටු හා ඍණාත්මක ලෙසින් විග්‍රහ කිරීම සමහර සිංහල මාධ්‍යවල හා අන්තවාදී සිංහල වෙබ් අඩවිවල සිරිතයි. ඩයස්පෝරා යනු මුළුමනින්ම බෙදුම්වාදයට පක්ෂවූත්, කොටි සංවිධානයට උදව් කළාවූත් දෙමළ ජාතිකයන්ගෙන් සැදුම්ලත් ඒකමිතික පිරිසක් යයි ඔවුන් සිතනවා.

එය හැම අතින්ම වැරදියි. ලාංකික ඩයස්පෝරාවන් එකක් නොව ගණනාවක් සිටිනවා. එය ජාතිකත්වය හෝ ගෝත්‍රික ලේබල මත සංවිධානය වූ පිරිස් පමණක් නොවෙයි. ගෙවී ගිය සියවසකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් පිටවී ලෝකයේ වෙනත් රටක පදිංචියට ගිය විවිධාකාර ජන කොටස්, පරම්පරාවන් එයට අයත්.

එසේම විදේශගත සියලු දෙමළ ලාංකිකයන් බෙදුම්වාදී අනුග්‍රාහකයන්යැයි කීමද වැරදියි. බෙදුම්වාදයට පක්ෂ, විපක්ෂ, අවිනිශ්චිත හා ආකල්ප තුනටම අයත් පිරිස් ඒ අතර සිටිනවා. එසේම බෙදුම්වාදය පිළිනොගත්තද යුද්ධ සමයේ සිදුවූ අසාධාරණකම් පිළිබඳ නිල මට්ටමේ වගවීමක් අවශ්‍යයැයි කියා සිටින දෙමළ ඩයස්පෝරා පිරිසක් ද සිටිනවා.

මේ විවිධත්වය වටහා ගන්නට නොහැකි වූ හෝ එය තැකීමට නොගන්නා හෝ සිංහල දැඩි මතධාරීන් දේශපාලනයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද සිටිනවා. එසේම සිංහල හා මුස්ලිම් ඩයස්පෝරා ගැන අසාවත් නැති ඩයස්පෝරා-විරෝධීයැ’යි කියා ගන්නා අය මට හමු වී තිබෙනවා. එයින් පෙනෙන්නේ දැනුමේ හා දැක්මේ දිළිඳුබවයි.

Peter Reeves (1935–2015)
Peter Reeves (1935–2015)

ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ඔස්ට්‍රේලියාවේ පර්ත් සරසවියේ දකුණු ආසියාතික ඉතිහාසය පිළිබඳ සම්මාන මහාචාර්ය පීටර් රීව්ස් (Peter Reeves).

තාවකාලිකව මෙරටින් බැහැරව සිටින ශ්‍රමිකයන්ද ඇතුළුව මිලියන් තුනක් පමණ ලාංකිකයන් (හෝ ලාංකික සම්භවය ඇත්තන්) ලෝකයේ විවිධ රටවල දැන් සිටිනවා. ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ් ඩයස්පෝරා මීට වඩා සංඛ්‍යාත්මකව විශාලයි. එහෙත් රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ඩයස්පෝරා ප්‍රතිශතයක් ඇති දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව පීටර් රීව්ස්ගේ විග්‍රහයයි.

ඔහු කියන්නේ නූතන යුගයේ ලාංකික ඩයස්පෝරා ඇරැඹෙන්නේ අග්නිදිග ආසියාවේ මලයාව (දැන් මැලේසියාව) හා සිංගප්පූරුව බලා 19 වන සියවසේදී සංක්‍රමණය වූ ලාංකිකයන්ගෙන් බවයි. පසුකාලීනව යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග ආදී කලාපවලට මෙය පුළුල් වුණා.

මේ ඩයස්පෝරා බිහි කළ දේශීය සාධක මෙන්ම ගෝලීය සාධකද රැසක් තිබෙනවා. ඩයස්පෝරා සංසිද්ධිය අධ්‍යයනයේදී මේ සංකීර්ණත්වය හා විවිධත්වය හඳුනා ගැනීම ඉතා වැදගත්.

එසේම ඩයස්පෝරා අනන්‍යතාව හුදෙක් ඓතිහාසික සම්භවයට සීමා නොවී සංස්කෘතික බැඳීම්වලට පැතිරෙන බව ඔහු කියනවා. මේ අනන්‍යතා සාධකය අතිශයින් පෞද්ගලික තීරණයක් බවත් එය වෙනස් වන සැටි සියුම්ව අධ්‍යයනය කළයුතු බවත් ඔහුගේ මතයයි.

Tharman Shanmugaratnam
Tharman Shanmugaratnam

මේ ග්‍රන්ථයට පෙරවදනක් ලියන සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හා නියෝජ්‍ය අගමැති තර්මන් ෂන්මුගරත්නම් (Tharman Shanmugaratnam) මෙසේ කියනවා: ‘ශ්‍රී ලාංකික සම්භවය ඇති ජනයා විවිධ රටවලට සංක්‍රමණය වී එම රටවල කැපී පෙනෙන සුළුතරයක් බවට පත් වීමේ අපූරු ක්‍රියාදාමයන් මුල්වරට පර්යේෂණාත්මකව ලේඛනගත කැරෙන්නේ මේ විශ්වකෝෂයෙන්. වෛද්‍ය, අධිකරණ, විද්‍යා, ඉංජිනේරු, ගුරු වෘත්තිය, පරිපාලන ක්ෂේත්‍රය හා දේශපාලනය වැනි ක්ෂේත්‍ර ගණනාවක ඔවුන් විශිෂ්ටත්වයට පත්ව සිටිනවා. එසේම සංස්කෘතික හා සාමයික ක්ෂේත්‍රවල නායකත්වයට ළඟා වී සිටිනවා. වෙනත් බොහෝ ඩයස්පෝරාවන් ඉක්මවා යන මේ හැකියාවන් ඔවුන් ලැබීමට, සහජ කුසලතාවන් මෙන්ම ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් යටත්විජිත පාලන සමයේ ශ්‍රී ලංකාවේ පැවතීමද හේතු වී තිබෙනවා. මේ උරුමයන් ප්‍රයෝජනවත් වුවද තමන් සංක්‍රමණය වී පදිංචියට තෝරා ගත් රටවල යථාර්ථයන්ට අනුගත වීමට හා එහි අවස්ථාවලින් ඵල ලබන්නට හැකි වීමද ලාංකික ඩයස්පෝරාවන්ගේ සාර්ථකත්වයට දායක වනවා. ඔවුන් වඩාත්ම හපන්කම් දක්වන්නේ අධ්‍යාපන සුදුසුකම් හරහා. සමාජයේ ඉහළ නැගීමට අවකාශය ඇති රටවලයි.’

ශ්‍රී ලාංකික ඩයස්පෝරා යටත්විජිත පාලන කාලයේ පටන් පරම්පරා ගණනාවක් තිස්සේ මවුරටින් සංක්‍රමණය වූවන්ගෙන් සමන්විතයි. මලයාවට හා සිංගප්පූරුවට ලාංකිකයන් යන්නට පටන් ගත්තේ 1874දී එම රාජ්‍යයන් බ්‍රිතාන්‍ය පාලනයට එක් වීමෙන් පසුවයි. පරිපාලන සේවා තනතුරු සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් ලාංකිකයන්ට වඩාත් කැමති වූයේ ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව, වෙහෙස වී වැඩ කිරීමට කැමැත්ත, විශ්වාසවන්ත බව ආදී ගතිගුණ නිසා බව විශ්වකෝෂය කියනවා.

එසේ නිල වශයෙන් ඒ දෙරටට ගිය ලාංකිකයන්ට අමතරව ව්‍යාපාරික අවස්ථා සොයා ගෙන එහි ගිය තවත් ලාංකික පිරිස් සිටියා. සිංහල හා දෙමළ ජන කොටස් දෙකේම ව්‍යවසායකත්වයට ළැදි, අලුත් රටක ආගන්තුක අත්දැකීම් ලැබීමේ අභියෝගයට මුහුණ දුන් අය දුසිම් ගණනින් එහි ගියා. ඔවුන් කඩසාප්පු පවත්වා ගෙන යාම, වැවිලි කර්මාන්තය, අවන්හල් හා හෝටල්, ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ මෙන්ම ප්‍රවාහනය ආදී විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට යොමු වුණා.

මේ බොහෝ දෙනකු යළි මවුරට ආවේ නැහැ. ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන්නෝ අද වන විට එරටවල පුරවැසියන්. එහෙත් ලාංකික උරුමය ගැන යම් මතකයක් හා හැඟීමක් බොහෝ අයට තිබෙනවා.

තර්මන් ෂන්මුගරත්නම් ද ලාංකික සම්භවය ඇත්තෙක්. ඔහු පෙරවදනේ මෙසේ ද කියනවා: ‘මලයාව හා සිංගප්පූරුව වෙත පැමිණි දෙමළ, සිංහල, බර්ගර් හා මුවර් ජාතීන්ට අයත් ලාංකිකයෝ එකිනෙකා සමග සුහදව හා සාමූහිකව ක්‍රියා කළා. එසේම ඔවුන් තමන් සංක්‍රමණය වූ රටවල සමාජයන්ට හා ප්‍රජාවන්ට මැනවින් බද්ධ වූවා. අද වන විට ලාංකික සම්භවය ඇති සැවොම තමන් පළමුව සිංගප්පූරු ජාතිකයන් යයි සිතනවා. එහෙත් පාරම්පරික උරුමය තව දුරටත් ඔවුන්ගේ අනන්‍යතාවයේ වැදගත් අංගයක් ද වනවා.’

යුරෝපයේ රටවලට හා අමෙරිකාවට සංක්‍රමණය වූ ලාංකිකයන් ද යම් දිනෙක මේ ඒකාග්‍රතාවට ළඟා වේද? මෙය තව කල් ගත වනු ඇතැ’යිද ලාංකික ඩයස්පෝරා ගති ලක්ෂණ දිගටම පරිණාමය වනු ඇතැ’යිද ෂන්මුගරත්නම් කියනවා.

Patrick Mendis, Distinguished Senior Fellow, SPP. Photo by Creative Services/George Mason University
Patrick Mendis, Distinguished Senior Fellow, SPP. Photo by Creative Services/George Mason University

ඩයස්පෝරා විශ්වකෝෂයට උපදෙස් දුන් ලොව පුරා විසිරි ලාංකික සම්භවය සහිත විද්වතුන් සය දෙනෙක්. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පදවිය දැරූ වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩී ක්‍රෙට්සර් මෙන්ම මගේ මිත්‍රයකු වන ආර්ථීක විද්‍යාඥ ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ද ඔවුන් අතර සිටියා.

1970 ගණන්වල සිට අමෙරිකාවේ ජීවත් වන ඔහු අමෙරිකානු සරසවිවල ඉගැන්වීමට අමතරව එරට විදේශ අමාත්‍යාංශයේ (රාජ්‍ය දෙපාර්තමේන්තුව) උපදේශක හා තානාපති තනතුරු හොබවා තිබෙනවා. දැන් ජෝර්ජ් මේසන් සරසවියේ මහාචාර්යවරයකු වන පැට්‍රික් අමෙරිකාවේ ලාංකික ඩයස්පෝරාවේ කැපී පෙනෙන චරිතයක්.

‘පොදුවේ සලකා බලන විට ලාංකික ඩයස්පෝරා යනු මුල් රටට හා සංක්‍රමණික රටවලට ධනාත්මකව බලපෑ ප්‍රවාහයක් ලෙස මා දකිනවා. 1980 දශකය වන තුරු බහුතරයක් ලාංකික ඩයස්පෝරා සාමාජිකයන් වූයේ බුද්ධිමය හෝ ව්‍යාපාරික අරමුණු උදෙසා සංක්‍රමණය වූවන්. මෙය වෙනස් වූයේ යුද්ධයත් සමගයි. යුරෝපයට හා කැනඩාවට වඩා මෑතදී සංක්‍රමණය වූ දෙමළ ප්‍රජාව ටිකෙන් ටික සංවිධානය වී මවුරටෙහි දේශපාලන ප්‍රවාහයන්ට බලපෑම් කිරීමට සමත්ව සිටිනවා. එසේම සංක්‍රමණය වූ රටවල දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික (විදෙස් සබඳතා) ප්‍රතිපත්තිවලටද ඇතැම් විට ඔවුන් බලපෑම් කරන්නට තැත් කරනවායැ’යි පැට්‍රික් කියනවා.

මෙය අනර්ථකාරී සංසිද්ධියක් ලෙස සලකනු වෙනුවට සාකච්ඡා හරහා යම් එකඟතාවන්ට පැමිණ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වයද ලබා ගත හැකි ක්‍රම සෙවිය යුතුය යන්න ඔහුගේ මතයයි.

සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය

In this week’s Ravaya column (appearing in the print issue of 10 July 2016), I explore the role played by newspapers in the UK’s referendum on continuing membership in the European Union, held on 23 June 2016.

This column is based on first hand impressions – I spent 10 days in the UK just prior to the referendum, commonly known as the Brexit Vote, meeting journalists, academics and activists.

As the New York Times said in an op-ed article on 20 June 2016, “For decades, British newspapers have offered their readers an endless stream of biased, misleading and downright fallacious stories about Brussels.”

Written by Martin Fletcher, a former foreign and associate editor of The Times of London, the articke added: “British newspapers’ portrayal of the European Union in the lead-up to the referendum on June 23 has likewise been negative. The Financial Times and The Guardian have backed the Remain campaign, but they have relatively small circulations and preach largely to the converted. The Times has been evenhanded, though it finally declared on June 18 that it favored staying in the European Union. But the biggest broadsheet (The Telegraph), the biggest midmarket paper (The Daily Mail) and the biggest tabloid (The Sun) have thrown themselves shamelessly behind Brexit.

“They have peddled the myths that Britain pays 350 million pounds a week (about $500 million) to the European Union; that millions of Turks will invade Britain because Turkey is about to be offered European Union membership; that immigrants are destroying our social services; and that post-Brexit, Britain will enjoy continued access to Europe’s single market without automatically allowing in European Union workers.”

As Fletcher concluded: “It is often said that newspapers no longer matter. But they do matter when the contest is so close and shoppers see headlines like “BeLeave in Britain” emblazoned across the front pages of tabloids whenever they visit their supermarket. They matter if they have collectively and individually misled their readers for decades.”

British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)
British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)

බහුතරයක් ඡන්දදායකයන්ගේ තේරීමට හිස නැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් වෙත යොමු වන පාලක පක්ෂයක් එහි තීරණය පිළිගැනීමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටිනවා.

2016 ජුනි 23 වනදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණය ලෝක අවධානයට යොමු වුණා. එරට යුරෝපා සංගමයේ (European Union, EU) සාමාජිකත්වයේ තව දුරටත් රැඳී සිටිය යුතුද නැත්නම් ඉවත්විය යුතුද යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබුවා.

ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 72.21%ක් ඡන්දය ප්‍රකාශ කළ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 51.89%ක් ඉවත්වීමට කැමැත්ත පළ කිරීමෙන්. රැඳී සිටීමට පක්ෂව ලැබුණේ ඡන්ද 48.11%යි. සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 33,551,993ක් වූවා.

මේ ප්‍රතිඵලය එරට රජය, විපක්ෂය හා සමස්ත පාලන තන්ත්‍රයම දේශපාලන අර්බුදයකට පත් කොට තිබෙනවා.

පාලක කොන්සර්වෙටිව් පක්ෂය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයත් මේ ප්‍රශ්නය හමුවේ දෙකට බෙදුණා. දෙපක්ෂයේම ප්‍රබලයන් පිරිසක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම උදෙසා ප්‍රබලව කැම්පේන් කළා.

කැම්පේන් විවාදයන් අතිශයින් උණුසුම් හා ආවේගශීලී වූයේ ‘පිටස්තරයින්’ බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට, පදිංචියට හා සෞඛ්‍ය සේවා නොමිලයේ ලැබීමට දහස් ගණනින් පැමිණීම සම්බන්ධයෙන්.

මේ පිටස්තරයන් අතර මැද පෙරදිගින් එන සිරියානුවන් ප්‍රමුඛ සරණාගතයන් සිටියද වැඩිපුරම අවධානය යොමු වූයේ බහුතරයක් වූ සෙසු යුරෝපීයයන්ගේ පැමිණීම ගැනයි.

රාජ්‍යයන් 28ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමයට සාපේක්ෂව මෑතදී බැඳුණු, ඉසුරුමත් බවින් අඩු (රුමේනියාව, බල්ගේරියාව, ස්ලොවාකියාව, ක්‍රොයේෂියාව, පෝලන්තය වැනි) නැගෙනහිර යුරෝපීය රටවල ජනයාට වීසාවලින් තොරව බ්‍රිතාන්‍යයට පැමිණීමට හා එරට පහසුකම් ලැබීමට හැකියි. රැකියා කිරීමටද හැකියි. (මේ හා සමාන වරප්‍රසාද එම රටවලට යන බ්‍රිතාන්‍ය ජාතිකයකුටද ලැබෙන නමුත් එබඳු රටවලට යන්නට කිසිවකුත් කැමති නැහැ.)

තමන්ගේ රැකියා අවස්ථා රෝහල් හා පාසල් පහසුකම් මේ විජාතිකයන් මහා පරිමාණයෙන් අත්පත් කර ගැනීම ගැන වැඩ කරන පන්තියේ බ්‍රිතාන්‍ය ජනයා අතර කලෙක සිට දැඩි අප්‍රසාදයක් පැවතුණා. මෙය පිටස්තර විරෝධී ආවේගයක් බවට කැම්පේන් කාලය තුළ මතුව ආවා.

මීට අමතරව යුරෝපා සංගමයේ අධික නිලධාරිවාදය ගැන ඔවුන් බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය අනිසි බලපෑම් කරනවාද යන්න ගැන මේ ජනමත විචාරණ කාලයේ බහුලව විවාද කරනු ලැබුවා.

Cartoon by Patrick Chappatte, International New York Times
Cartoon by Patrick Chappatte, International New York Times

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍යය බැඳුණේ 1973දි. එවකට යුරෝපීය ආර්ථීක හවුල (European Economic Community, EEC) ලෙස හැඳින්වුණු එහි සාමාජිකත්වයේ දිගටම සිටිය යුතුද යන්න ගැන 1975දි එරට ජනමත විචාරණයක් පැවැත්වුණා.

එවර ඡන්දදායකයන්ගෙන් 67%ක් රැඳී සිටීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. වසර 41කට පසු ජනමතය සැලකිය යුතු අන්දමින් වෙනස්ව තිබෙනවා.

මෙයට සමාජ-ආර්ථීක හා දේශපාලන සාධක රැසක් බලපෑවා. එසේම එරට මාධ්‍ය මගින් ජනමතය හැසිරවීමට මෙවර ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට තීරණාත්මකව බලපාන ලද බව මාධ්‍ය විචාරකයන්ගේ මතයයි.

මෙවර ජනමත විචාරණයට දින දහයකට පෙර බ්‍රිතාන්‍යයට ගිය මා එම මැතිවරණ ක්‍රියාදාමය හමාර වන තුරුම එහි ගත කරමින් මාධ්‍යවල භූමිකාව සමීපව නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට පර්යේෂකයන්ට කතා කළා. අද බෙදා ගන්නේ එයින් ලැබූ අදහස් හා විග්‍රහයන්ගේ සම්පිණ්ඩනයක්.

ලන්ඩනයේ ෆ්ලීට් වීදිය (Fleet Street) ඓතිහාසිකව මුද්‍රණ කර්මාන්තයට හා පුවත්පත් ප්‍රකාශනයට ප්‍රකටයි. 1702දි එරට මුල්ම දිනපතා පත්‍රය පටන් ගත්තේද එහි පිහිටි කාර්යාලයකින්. තව දුරටත් බ්‍රිතාන්‍ය පුවත්පත් එහි සංකේන්ද්‍රණය වී නැතත්, බ්‍රිතාන්‍ය පත්‍ර කර්මාන්තයට පොදු යෙදුමක් ලෙස ෆ්ලීට් වීදිය යන්න යෙදෙනවා.

සියවස් ගණනක් පැවැති ෆ්ලීට් වීදියේ බලපෑම් කිරීමේ හැකියාව ගෙවී ගිය වසර 25 තුළ සෑහෙන තරමට අඩු වෙලා. දැවැන්තයන්ව සිටි සමහර පුවත්පත් වැසී ගිහින්. පොදුවේ පුවත්පත් අලෙවිය අඩු වීම වාර්ෂිකව දිගින් දිගටම සිදු වනවා. අලුත් පරම්පරාව ඩිජිටල්/වෙබ් මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ලබා ගැනීමත්, බහුතරයක් බ්‍රිතාන්‍යයන් (තුනෙන් දෙකක්ම) ටෙලිවිෂන් තමන්ගේ ප්‍රමුඛ පුවත් මූලාශ්‍රය ලෙස සැලකීමත් මේ පසුබෑමට හේතුවී තිබෙනවා.

The Sun and Daily Mail were both strongly for Leaving the EU
The Sun and Daily Mail were both strongly for Leaving the EU

එසේ තිබියදීත් මෙවර ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි ඡන්දදායකයන්ට දැඩි බලපෑම් කිරීමට සමහර පුවත්පත් සමත් වුණා.

ඕස්ටේලියාවේ ඉපිද දැන් ඇමරිකානු පුරවැසි බව දරන මාධ්‍ය ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ (Rupert Murdoch) හිමිකාරීත්වයෙන් යුතු පුවත්පත් මේ අතර කැපී පෙනුණා.

දැන් 85 හැවිරිදි මර්ඩොක් බ්‍රිතාන්‍ය පුවත්පත් කර්මාන්තයට පිවිසුනේ 1969දී. මුලින් ජනප්‍රිය රැල්ලේ ටැබ්ලොයිඩ් පත්‍ර (News of the World, The Sun) පටන් ගත් ඔහු ඓතිහාසිකව බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පත්‍රය වූ The Times 1981දී මිලට ගත්තා.

මර්ඩොක්ගේ පත්තර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තර්ක කිරීමට පටන් ගත්තේ 1990දි. ඒ කාලයේ The Sun පත්තරය දිනකට පිටපත් මිලියන 3.6ක් අලෙවි වුණා. දැන් අලෙවිය එයින් බාගයකටත් වඩා අඩුයි.

මර්ඩොක්ගේ මේ යුරෝපා විරෝධයට හේතුවක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් දකින්නේ යුරෝපා දේශපාලකයන් අල්ලේ නැටවීමට ඔහුට නොහැකි වීමයි. (පත්තරවලට අමතරව ටෙලිවිෂන් නාලිකාද හිමි මර්ඩොක්ට බ්‍රිතානයේ හැම පක්ෂයකම දේශපාලකයෝ බියයි.)

මෙවර ජනමත විචාරණයේදී මර්ඩොක්ගේ The Sun පත්‍රය ප්‍රබල ලෙසම ඉවත්වීම වෙනුවෙන් කැම්පේන් කළා. ඡන්දදායකයන් බහුතරයක් අයත් වැඩ කරන පන්තියේ පාඨකයන් අතර මේ පත්‍රය තාමත් ජනප්‍රියයි.

The Sun front page, 23 June 2016
The Sun front page, 23 June 2016

ජූනි 23දා The Sun පත්‍රයේ මුල්පිටුව මුළුමනින් පෙන්වූයේ (අලුතින් ආ හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රචාරක රූප තරමක් වෙනස් කරමින්) එදින බ්‍රිතාන්‍යයේ නිදහස් දිනය විය යුතු බවයි!

ඒ අතර මර්ඩොක්ගේම The Times පත්‍රය ඊට වඩා මැදහත් ලෙස දෙපාර්ශ්වයටම යම් ආවරණයක් ලබා දුන්නා. මෙය මර්ඩොක්ගේ සටකපට බව තහවුරු කරන බව සමහරුන් කියනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි විවෘතවම කැම්පේන් කළ තවත් ප්‍රකට පත්තරයක් වූයේ ඩේලි මේල් Daily Mail. මර්ඩොක් ප්‍රකාශන මෙන්ම මෙයද අන්ත දක්ෂිණාංශික දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ ගැන විග්‍රහයක් කළ ගාඩියන් (The Guardian) පත්‍රයේ සහාය කතුවර මාටින් කෙට්ල් කීවේ තම දේශපාලනික අරමුණු වෙනුවෙන් ඕනෑම දුරක් යාමට ඩේලි මේල් නොපැකිලෙන බවයි.

1924 ඔක්තෝබර් මහමැතිවරණයට දින හතරකට පෙර මුළුමනින්ම ගොතන ලද, අසත්‍ය ලියුමක් මේ පත්‍රය පළ කළ බව ඔහු සිහිපත් කළා. එවකට බලයේ සිටි වාමාංශික ලේබර් පක්ෂයේ අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් වෙත යොමු කෙරුණු ලෙසින් ප්‍රබන්ධිත මේ ලියුමෙන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියකු ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය කම්කරුවන් බොල්ෂෙවික්කරණයට උදව් වන ලෙසයි.

1924 මැතිවරණයෙන් ලේබර් පරාජය වීමට මේ මාධ්‍ය ප්‍රෝඩාව ප්‍රබල හේතුවක් වූවා.

එදා මෙදාතුර වාමාංශික මෙන්ම සමහර දක්ෂිණාංශික (කොන්සර්වෙටිව්) රජයන්ද පෙරළා දැමීමට සූක්ෂ්ම අන්දමින් ඩේලි මේල් ක්‍රියා කොට ඇති සැටි ලේඛනගතයි.

මේවා රහස් නොවේ. එසේම තම දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය කලාවේ ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය කළ එකම පත්‍රයද ඔවුන් පමණක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයට වැළඳි බරපතළ ව්‍යාධියක් බව මාටින් කෙට්ල් කියනවා.

මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන, බහුවිධ මතයන්ට ඉඩ සළසන ගාඩියන් හා ඔබ්සර්වර් (The Observer) පත්‍ර වෙනදා මෙන්ම මෙවරද වඩා තුලනාත්මක පුවත් ආවරණයකට හා කර්තෘ මණ්ඩල අදහස් දැක්වීමක නිරත වූවා. යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය දිගටම රැඳී සිටිමින් වඩාත් හිතකර කොන්දේසි සාකච්ඡා මගින් ලබාගත යුතු බව මේ පත්‍රවල මතය වූවා.

The Times on 23 Jun2 2016
The Times on 23 June 2016

එහෙත් මේ පත්‍ර දෙකට විශාල අලෙවියක් නැහැ. ඔවුන්ගේ ප්‍රමිතිගත හා සම්භාවනීය මාධ්‍යකරණය සමාජයේ ගෞරවයට පාත්‍ර වුවත් එම මාධ්‍ය සමාගම් පාඩු ලබමින් අමාරුවෙන් පවත්වා ගෙන යනවා. (හොඳ මාධ්‍යවලට වෙළඳපොළ ඉල්ලුම අඩු වීම ලොව බොහෝ රටවල දැකිය හැකියි.)

තවත් සම්භාව්‍ය, මැදහත් පුවත්පතක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) – පත්‍රයේ විග්‍රහයක් ලියූ මාණ්ඩලික ලේඛක ජෝන් ගැපර් මෙසේ කියා සිටියා. ‘දේශපාලනයට ප්‍රබල බලපෑම් කිරීමට බ්‍රිතාන්‍ය පුවත්පත් හිමියන් බොහෝ දෙනකුට වුවමනායි. එහෙත් පත්තර බහුතරයක අලෙවිය ක්ෂීණ වීම නිසා එම බලපෑම් කිරීමේ හැකියාව අඩුව ඇති බව ද ඔවුන් දන්නවා. මීට වසර 25කට පෙර බ්‍රිතාන්‍ය සමාජය සොලවන්න හා ආණ්ඩු පෙරළන්න සමහර පත්තරවලට බලයක් තිබුණා. දැන් ඒ පත්තර නංවන්නේ ඔවුන්ගේ අවසාන ගෙරවුම් නාදය විය හැකියි. තව වසර 25කින් ෆ්ලීට් වීදියේ බලපුළුවන්කාරයන් එක් අයකුවත් ඉතිරි වේදැයි සැක සහිතයි!’

ආවේගශීලී වාර්තාකරණයේ හා සීමාන්තික දේශපාලන මතවාද ප්‍රවර්ධනයේ යෙදුණු පත්‍රවල කතුවරුන් එය සාධාරණීකරණය කිරීමටද තැත් කළා.

Mail Online වෙබ් අඩවි ප්‍රකාශක මාටින් ක්ලාක් කීවේ ‘අපි ජනතාවගේ සිත් තුළ බිය සැක අළුතින් බිහි කරන්නේ නැහැ. අපි කරන්නේ පවතින එම ආවේගයන් පිළිබිඹු කරනවා පමණයි. ඇත්තටම යුරෝපා සංගමය ගැන අපේ සාමාන්‍ය ජනයාට ලොකු ගැටලු තිබෙනවා. දේශපාලන තන්ත්‍රය මේ ජන හඬට සංවේදී විය යුතුයි.’

මේ ජන ආවේගයන් උසි ගැන්වීමේ ආන්තික හා ඛේදජනක ප්‍රතිඵලයක් වූයේ විපක්ෂ ලේබර් පාක්ෂික තරුණ මන්ත්‍රීවරියක් වූ ජෝ කොක්ස් (Jo Cox) 2016 ජූනි 16දා මහ දවාලේ සාහසිකයකු විසින් ඝාතනය කිරීමයි.

2015දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රගතිශීලී හා ජනප්‍රිය මන්ත්‍රීවරියක් වූ ඇය සිරියානු සරණාගතයන් හා වෙනත් ගෝලීය මෙන්ම දේශය සමාජ සාධාරණත්වයන් සඳහා දිගටම පෙනී සිටි, කතා කළ කෙනෙක්.

ඇගේ ඝාතකයා ඇගේ ඡන්ද කොට්ඨාශයේම විසූ, මේ පරමාදර්ශී ප්‍රතිපත්ති බ්‍රිතාන්‍ය ස්වාධීනත්වය කෙළසනවා යයි විශ්වාස කළ අයෙක්. ඔහු මේ මානසිකත්වයට පත් කළේ අන්තවාදී දේශපාලකයෝද. නැත්නම් ජන ආවේග අවුස්සා අමු ගෝත්‍රිකත්වය මතු කළ ජනමාධ්‍යයද? මෙය ඉදිරි අධිකරණ ක්‍රියාදාමයේදී විමර්ශනයට ලක් වේවි.

ජෝ කොක්ස්ගේ ඝාතනය සමස්ත බ්‍රිතාන්‍යය දැඩි කම්පනයට ලක් කළා. ජනමත විචාරණ කැම්පේන් සියල්ල දින තුනකට නතර කරනු ලැබුවා. එහෙත් අවසානයේදී ජනමතය හැරුණේ ඇය පෙනී සිටි පැත්තට නොවෙයි. ආවේගශීලී පාර්ශවයන් පෙනී සිටි යුරෝපා සංගමය හැර යාමටයි.

මාධ්‍ය සදාචාරය ගැන විමර්ශනය කරන්නට 2011 ජූලි මාසයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලෙවිසන් (Lord Leveson) නම් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ ස්වරූපයේ විමර්ශනයක් ආරම්භ කළා. එය මාස ගණනක අදහස් විමසීම්වලින් හා විභාග කිරීම්වලින් පසු නිර්දේශ කළේ ස්වාධීන, අලුත් මාධ්‍ය පැමිණිලි කොමිසමක් අවශ්‍ය බවයි.

පුවත්පත් ප්‍රකාශකයන් හා කතුවරුන් පවත්වා ගෙන යන ස්වේච්ඡා පුවත්පත් පැමිණිලි කොමිසම නොසෑහෙන බවත්, එය අකාර්යක්ෂම බවත් පෙන්වා දෙනු ලැබුවා. එහෙත් අගමැති කැමරන් නව නීතියක් හරහා මාධ්‍ය පැමිණිලි කොමිසමක් පිහිටුවීමට මේ දක්වා ක්‍රියා කොට නැහැ. දැන් ජනමත විචාරණයෙන් පසු ඔහු තනතුර අත්හැර යාමට තීරණට කොට තිබෙනවා.

Financial Times (FT) cover - 25 - 26 June 2016
Financial Times (FT) cover – 25 – 26 June 2016

බ්‍රිතාන්‍ය සමාජය මාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා. මාධ්‍යවලින් නිර්දය ලෙස විවේචනය කරනු ලබන දේශපාලකයන් පවා මාධ්‍ය නිදහස සීමා කිරීමට විරුද්ධයි.

 එහෙත් මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ජනයා නොමඟ යැවීමට, ප්‍රචණ්ඩකාරී ආවේගයන් උසි ගැන්වීමට හා අන්තවාදී දේශපාලන මතවාද ප්‍රවර්ධනයට සමහරක් බ්‍රිතාන්‍ය මාධ්‍ය යොමු වීම කලක සිට පෙනෙන ප්‍රවණතාවක්. මෙවර ජනමත විචාරණයේ එය පැහැදිලිව තහවුරු වුණා.

වැරදි තොරතුරු හා පක්ෂග්‍රාහී විග්‍රහයන් හරහා ජනමතය අයාලේ ගෙන යාමට මාධ්‍යවලට අසීමිත නිදහසක් තිබිය යුතුද? ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියකු වන ජනමාධ්‍ය, දේවාලයේ තක්කඩි කපුරාල බවට පත්වීම වළක්වා ගත හැකිද?

මහජන ඡන්දයෙන් පත්වන දේශපාලන නායකයන් ධුර කාලයට පෙර පැරදවීමට කිසිදු පත්‍ර හිමියකුට හෝ කතුවරයකුට හෝ ඉඩ තිබිය යුතුද? ව්‍යාපාරික හා දේශපාලන අරමුණු උදෙසා මාධ්‍ය වගකීම් හා ආචාර ධර්ම මඟහැර යාමට මාධ්‍යවලට දැනට තිබෙන නිදහස සාධාරණ ලෙස සීමාවකට නතු කළ හැකිද?

මේ ප්‍රශ්න වඩාත් උනන්දුවෙන් බ්‍රිතාන්‍ය සමාජය විවාද කරන්නට පටන් අරන්. මේ සංවාද ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට හා ලක් සමාජයටත් ඍජුවම අදාළයි.

See also:

The Guardian, 24 June 2016: Did the Mail and Sun help swing the UK towards Brexit?

සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

සිවුමංසල කොලූගැටයා #269: ඓතිහාසික ජන සතුරා (මැලේරියාව) මර්දනය කළ මහා සංග්‍රාමය

Half a century after narrowly missing the opportunity to eliminate malaria in the mid 1960s, Sri Lanka seems to have reached this significant public health goal.

“With no indigenous malaria cases being reported since October 2012, Sri Lanka is currently in the malaria elimination and prevention of re-introduction phase,” says the website of the Sri Lanka Anti-Malaria Campaign.

In April 2016, Sri Lanka applied for World Health Organisation (WHO)’s certification on malaria-free status. Expected shortly, this is a key milestone in the history of health and development.

In this week’s Ravaya column (appearing in the print issue of 22 May 2016), I summarise how we reached here, and what challenges remain.

I point out that Malaria is an ancient enemy in Sri Lanka that has killed tens of thousands and affected millions over centuries. There is speculation that malaria contributed to the historical shifting of the seat of government (kingdom at the time) and majority of human settlements from the dry zone to the intermediate and wet zones.

A severe epidemic in 1934-35 led to an estimated 5.5 million cases and 80,000 reported deaths – around 2 per cent of the total population of 5.3 million in the 1931 census. My father, now 83, is one of its survivors.

In the mid 1940s, Ceylon became the first Asian country to develop a scheme of indoor industrial spraying using DDT. In 1946, when spraying commenced in earnest, the island still had around 3 million malaria cases, high for a population of 6.6 million (1946 census). With widespread use of DDT and other measures, there was a drastic reduction: down to 7,300 cases in 1956 and just 17 in 1963.

Then there was a resurgence, which took over two decades to bring under control. As Dr Risintha Premaratne, Director of Sri Lanka’s anti-malaria campaign, told WHO, “Key components in the elimination efforts included enhanced malaria parasite screening in high transmission areas through active case detection using mobile malaria clinics; early diagnosis and prompt treatment effectively reducing the parasite reservoir and the potential for transmission; and strengthening the malaria mosquito surveillance leading to evidence based vector control.”

Malaria elimination in Sri Lanka has been achieved through a period overlapping with a 30-year separatist war in areas that were endemic for malaria. The challenge now entails sustaining a malaria-free country and preventing the reintroduction of malaria to Sri Lanka…in the context of rapid postwar developments in the country, say three Lankan leaders in this struggle writing in WHO South East Asia Journal of Public Health in Jan-March 2014.

Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free
Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free

සිවිල් යුද්ධය නිමා වී වසර හතක් පිරුණේ ගෙවී ගිය සතියේයි. දකුණේ සමහරුන් මෙය තවමත් යුද ජයග්‍රහණයක් ලෙස හඳුන්වමින් සමරනවා. අපේම රටේ අපේම පුරවැසියන් අතර ඇති වූ කුරිරු යුද්ධයක ජය-පරාජයක් තිබිය හැකිද?

මගේ මතය නම් වඩාත් සංවේදී වදන් භාවිතය වන්නේ එය යුද ස්මරණයක් ලෙස හැඳින්වීමයි. යුද්ධයකදී එයට සම්බන්ධිත හැම පාර්ශ්වයක්ම (නිරායුධ සිවිල් ජනයාද ඇතුළුව) බරපතළ හානි ලබනවා. එබඳු පසුබිමෙක එක් පාර්ශ්වයක් ජයග්‍රහණයක් ගැන දිගින් දිගටම කතා කිරීම යුද්ධය හරහා අපේ සමාජයේ හට ගත් අධික ධ්‍රැවීකරණය තව තවත් පුළුල් කිරීමක්.

සමරන්නට ඕනැම නම් ඓතිහාසික පොදු සතුරකුට එරෙහිව සමස්ත ලක් සමාජය ලත් දුෂ්කර ජයග්‍රහණයක් ද තිබෙනවා. වැඩ ප්‍රසිද්ධියකින් හෝ ජන අවධානයකින් තොරව ළඟා වී ඇති මේ ජයග්‍රහණය හරහා මර්දනය කර ඇත්තේ ඉතිහාසය පුරා දස ලක්ෂ ගණනක් අපේ ජනයාට මරු කැඳවූ සතුරෙක්.

කවුද මේ ජන සතුරා? මැලේරියාව.

මැලේරියාවට හේතු කාරක වන්නේ ප්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා ජීවියෙක්. සාමාන්‍යයෙන් මැලේරියා පරපෝෂිතයා නමින් හඳුන්වනවා. ප්ලාස්මෝඩියම් (Plasmodium) නම් ප්‍රොටොසේවාවන් කිහිපයක් මගින් තමයි මානවයන්ට මැලේරියාව ඇති කරන්නේ.

මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රය නිශ්චිත මදුරු විශේෂ හා මිනිස් දේහය තුළ සිදු වනවා. මැලේරියා වාහකයා වන්නේ ඇනෝෆිලීස් Anopheles මදුරු විශේෂයේ ගැහැනු මදුරුවන්.

Anopheles mosquito
Anopheles mosquito

මැලේරියා රෝගය වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල ජනයාට බරපතළ ලෙස බලපා තිබෙනවා. කලක් බලසම්පන්න වූ රෝම අධිරාජ්‍යය ගරා වැටීමට මැලේරියාව ද හේතු වීයැ’යි සමහර  ඉතිහාසඥයන් අනුමාන කරනවා.

ශ්‍රී ලංකාවේද වියළි කලාපයේ සියවස් ගණනක් පැවති ජනාවාස හා රාජධානි ක්‍රමයෙන් අතරමැදි කලාපයට හා ඉනික්බිති තෙත් කලාපයට සංක්‍රමණය වීමට බලපෑ එක් හේතුවක් වූයේ මැලේරියා වසංගත බවට 1921දී එල්. නිකොල්ස් නම් විද්‍යාඥයා මතයක් ඉදිරිපත් කළා.

මේ මතය හැම පර්යේෂයකයාම පිළිගන්නේ නැහැ. මහාවංශය හා චූලවංශය මැලේරියා රෝග ලක්ෂණ සහිත රෝගයක් ගැන කිසිදු සඳහනක් කොට නැහැ. 1988දී ලංකා වෛද්‍ය සඟරාවට නිබන්ධයක් ලියූ ජේ. එස්. එදිරිසිංහ නම් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයා කීවේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටී පරිහානියට පත් වීමට මැලේරියාව මුල් වූ බවට සාක්ෂි නැතත්, යළිත් උතුරුමැද පළාතේ රාජධානි බිහි වීම වැළැක් වූ එක් සාධකයක් මැලේරියාව විය හැකි බවයි.

මේ ඓතිහාසික විවාද කෙසේ වෙතත්, 16 වන සියවසේ සිට මෙරට මැලේරියා වසංගත ගැන යම් වාර්තා හමු වනවා. එම නමින් හඳුන්වා නැතත් රෝග ලක්ෂණ සමානයි.

මැලේරියාව ගැන නිශ්චිත හා විස්තරාත්මක වාර්තාවක් මුල් වරට හමු වන්නේ 1867දී බ්‍රිතාන්‍ය පාලන සමයේ.

මැලේරියාව මදුරු විශේෂයක් හරහා බෝවන බව විද්‍යාත්මකව තහවුරු කළේ ඉන්දියාවේ කල්කටාවේ පර්යේෂණ කළ ස්කොට්ලන්ත ජාතික රොනල්ඩ් රොස් විසින් 1898දී. මේ සඳහා ඔහුට 1902 නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය පිරිනමනු ලැබුවා.

රෝග කාරකයා හා රෝග වාහකයා නිසි ලෙස හඳුනාගත් පසු රෝග නිවාරණයට පියවර ගැනීම පහසු වුණා. ශ්‍රී ලංකාවේ මුල්ම මැලේරියා මර්දන කේන්ද්‍රය 1911දී පිහිටුවනු ලැබුවා. ඉන් පසු එළැඹි දශක දෙක තුළ මැලේරියා රෝගය වාර්තා කිරීම හා එයට ප්‍රතිකාර කිරීම වඩාත් ක්‍රමවත් වුණා.

Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014
Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014

1930 වන විට මැලේරියා මර්දන ඒකකයන් රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබුණා. එසේ වුවත් 1934/35දී පැතිර ගිය මැලේරියා වසංගතයේදී රෝග තත්ත්වයන් මිලියන් 5ක් වාර්තා වූ අතර 80,000කට අධික ජනතාවක් මියගියා. සමහර ඇස්තමේන්තුවලට අනුව මරණ ගණන ලක්ෂයක් වූවා. (එවකට සිටි ජනගහනයෙන් සියයට 2ක්).

මැලේරියා වසංගතය හා සාගතය අතර සබැඳියාවක් මතු කරමින් මේ ප්‍රශ්නයට දේශපාලන මට්ටමින් ප්‍රතිචාරයක් දැක් වූයේ මුල් යුගයේ මෙරට වාමාංශික නායකයෝයි.

1934-35 මැලේරියා වසංගතයේ එක් ප්‍රතිපත්තිමය ප්‍රතිඵලයක් වූයේ මෙරට සුබසාධක රාජ්‍යයක් (Welfare State) බිහි වීම යයි මැලේරියාව හා සංවර්ධනය ගැන 2014දී පොතක් ලියූ සමාජ විද්‍යාඥ ආචාර්ය කාලිංග ටියුඩර් සිල්වා තර්ක කරනවා. ඉංග්‍රීසියෙන් රචිත ඔහුගේ පොත (Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, Kalinga Tudor Silva, Orient Black Swan 2014), මැලේරියාව මෙරට විසිවන සියවසේ සමාජයීය හා දේශපාලනික ප්‍රවාහයන්ට ඍජුව හා වක්‍රව දායක වූ සැටි ගැන කදිම විවරණයක්.

එක් දෙයක් පැහැදිලියි. මැලේරියාව නිදහසෙන් පෙරත්, ඉන් පසුවත් මෙරට ප්‍රධානතම මහජන සෞඛ්‍ය තර්ජනයක්ව පැවතුණා. මැලේරියා වාහක මදුරුවන් මර්දනයට ප්‍රසිද්ධ ස්ථානවලත්, නිවාස හා  DDT කෘමි නාශකය ඉසීම ආරම්භ කළ මුල්ම ආසියානු රට බවට 1945දී ශ්‍රී ලංකාව පත්වුණා.

The Royal Naval School of Malaria and Hygiene Control - War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)
The Royal Naval School of Malaria and Hygiene Control – War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)

DDT රසායනකය ඇති කරන පාරිසරික හානි ගැන පසුව අවබෝධ කොට ගත් නමුත් 1945-1960 වකවානුවේ DDT පුළුල් ලෙස භාවිත නොකළා නම් අපේ රටේ තවත් බොහෝ දෙනකු මැලේරියාව නිසා මියයාමට හෝ රෝගීවීමට හොඳටම ඉඩ තිබුණා. මේ නිසා නිදහසෙන් පසු දශක දෙකක පමණ කාලයේ මෙරට උපන් දරුවන්  “DDT පරම්පරාව” (Sri Lanka’s DDT Generation) ලෙස මා නම් කරනවා. මාත් එයට අයත්.

1946දී මිලියන් දෙක හමාරක් පමණ වූ වාර්ෂික මැලේරියා රෝග තත්ත්ව සංඛ්‍යාව (සමහර රෝගීන්ට යළි යළිත් වැළඳුණු නිසා රෝගීන් සංඛ්‍යාව මීට අඩුයි) 1953 වන විට 91,990ක් දක්වා ශීඝ්‍රයෙන් පහළ ගියා. 1950 දශකය පුරාම තවත් අඩු වූ රෝග තත්ත්ව සංඛ්‍යාව 1963දී 17ක් තරමට කුඩා වුණා.

තුරන් කිරීමේ මුවවිටට ආවත් එය සාර්ථක වූයේ නැහැ. රෝග ආවේක්ෂණය හා නිවාරණ පියවර ලිහිල් වීම නිසා මැලේරියාව යළිත් පැතිරෙන්නට පටන් ගත්තා. 1968 වන විට ලක්ෂ ගණනක් යළිත් රෝග තත්ත්ව වාර්තා වුණා. 1970 හා 1980 දශක මුළුල්ලේම විටින් විට උත්සන්නවීම් සහිතව මැලේරියාව ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ලෙස පැවතියා.

සිවිල් යුද්ධය නිසා දිස්ත්‍රික්ක ගණනාවක මැලේරියා මර්දන කටයුතු අඩාලවීම හෝ නතරවීම ද රෝග ව්‍යාප්තියට හේතු වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1999න් පසුවයි. 1999දී තහවුරු කළ මැලේරියා රෝග තත්ත්වයන් 264,549ක් වාර්තා වූ අතර 2002 වන විට එය 41,411 දක්වා අඩු වුණා.

ඓතිහාසික මැලේරියා සතුරාට එරෙහිව ගෙන ගිය දශක ගණනක මහජන සෞඛ්‍ය සංග්‍රාමයේ පෙරමුණේම සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයයි. ඔවුන්ගේ සහායට මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියත්, වෛද්‍ය පර්යේෂකයනුත් පෙළ ගැසුණා.

මුලින්ම ලබා ගත් ජයග්‍රහණය වූයේ මැලේරියාවෙන් මිය යාම වැළැක්වීමයි. 1998දී මෙරට මැලේරියා මරණ 115ක් වාර්තා වූ අතර 2008 වන විට එය බින්දුවට බැස්සා. 2008න් පසු මෙරට දේශීය ජනයා මැලේරියාවෙන් මිය ගොස් නැහැ. ඉඳහිට වාර්තා වූ මැලේරියා මරණ විදේශිකයන්ගේයි.

මැලේරියා මර්දන ව්‍යාපාරයට අනුව 2012 ඔක්තෝබර් මාසයෙන් පසු මෙරට කිසිදු දේශීය මැලේරියා රෝගියෙක් වාර්තා වී නැහැ.

2015 ඔක්තෝබරයට දේශීය මැලේරියා රෝගියකු වාර්තා නොවී වසර තුනක් (මාස 36ක්) සම්පූර්ණ වුණා. ඒ අනුව මෙරටින් මැලේරියාව තුරන් කොට ඇතැයි සහතිකයක් ලබන්නට මේ වසර මුලදී රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අයදුම් කළා.

කෘමිනාශක රසායන ඉසීම, කෘමිනාශක ගල්වන ලද මදුරු දැල් ප්‍රචලිත කිරීම, නිරතුරු රෝග ආවේක්ෂණය හා කඩිනම් ප්‍රතිකාර නොමිලේ ලබා දීම මෙන්ම ප්‍රජා සහභාගිත්වය හරහා මදුරුවන් බෝවීම වැළැක්වීමද මේ සංග්‍රාමයේ ජයට හේතු වුණා.

මැලේරියා මර්දන ව්‍යාපාරය මීට දශක ගණනකට පෙර පිහිටුවන ලද්දේ මේ ඓතිහාසික ජන සතුරා මෙරටින් සදහටම අතුගා දමන්නයි. 2012 වන විට මෙය සාක්ෂාත් කර ගත්ත ද ලෝකයේ මැලේරියාව පවතින තුරු එය නැවතත් මෙහි පැමිණීමේ අවදානම තිබෙනවා.

Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times
Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times

මේ නිසා මැලේරියාව පිළිබඳ රෝග විනිශ්චය පරීක්ෂණ කිරීම හා සමාජ ආවේක්ෂණය පවත්වා ගැනීම වැදගත්.

මැලේරියාව යළිත් මෙරටට පැමිණීම හා පැතිර යාම ගැන තවත් වසර ගණනක් තිස්සේ අප මහත් විමසිල්ලෙන් හා සූදානමින් සිටිය යුතුයි. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ මැලේරියා කාරක පරපෝෂිතයා මෙරටින් තුරන් කළත් මැලේරියා වාහක මදුරුවන් ඕනෑ තරම් තවමත් මෙරට සිටින බවයි.

‘විදේශයකදී මැලේරියා පරපෝෂිතයන් රුධිරගත වූ අයෙක් මෙරටට ආවිට ඔහු/ඇයගේ රුධිරය උරා බොන අදාළ මදුරුවකු හරහා නිරෝගී අයට යළිත් මැලේරියාව පැතිර යා හැකියි,’ ඔහු කියනවාග

යමකුට මැලේරියාව ශරීරගත වී ඇත්දැයි කඩිනමින් තහවුරු කර ගැනීමට ක්ෂණික රසායානාගාර පරීක්ෂාවන් කිරීමේ හැකියාව මැලේරියා මර්දන ව්‍යාපාරය සතුයි. එහෙත් මානව හිමිකම් ගරු කරන සමාජයක මේ පරීක්ෂාවන් කිරීමට යැයි බල කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට බැහැ. ඒ සඳහා පෞද්ගලික වගකීම හා ඉදිරිපත් වීම හැම පුරවැසියකුගෙන් හා රටට එන විදේශිකයන්ගෙන් බලාපොරොත්තු වීම පමණයි කළ හැක්කේ.

එසේ මැලේරියාව රුධිරගත වී සිටින ඕනෑම අයකු හඳුනා ගත් විට පුරවැසි හෝ විදේශික තරාතිරම නොබලා වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මැලේරියා මර්දන ව්‍යාපාරය සීරුවෙන් සිටිනවා.

නිසි ප්‍රතිකාර හරහා මැලේරියාව සුව කළ හැකියි. මදුරුවන්ගේ විදීමෙන් බේරී සිටියොත් මැලේරියාව බෝවීම වළක්වා ගන්නට ද හැකියි.

විදේශිකයන් මැලේරියාව ගෙනෙනවා යයි ජන භීතියක් ඇති කරන්නට සමහර වෛද්‍යවරුන් මෑතදී ප්‍රකාශයන් කළා. 2016 වසරේ අප්‍රේල් 20 දක්වා කාලයේ මැලේරියාව රුධිරගත වූ 16 දෙනකු හඳුනා ගෙන ප්‍රතිකාර කර තිබෙනවා. එහෙත් මෙයින් විදේශිකයන් වූයේ දෙදෙනකු පමණයි. අන් සියල්ලෝම ලාංකිකයෝ.

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජිත වික්‍රමසිංහ මේ ගැන හොඳ විග්‍රහයක් මෑතදී කළා. විදෙස් ගත වී යළි මවු රට පැමිණෙන ලාංකිකයන් හරහා නොදැනුවත්වම මැලේරියාව යළි මෙහි ඒමට ඇති අවදානම ඔහු සාකච්ඡා කළා.

එහිදී වඩාත්ම එම අවදානමට ලක් වන්නේ මැලේරියාව බහුල රටවලට යන ලාංකික ව්‍යාපාරිකයන්, මැණික් සොයා සමහර අප්‍රිකානු රටවලට යන අපේ මැණික් වෙළඳෙන්, එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවලට යන හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් හා කලක් රටින් පිට වාසය කොට නැවත මෙහි එන ලාංකික සරණාගතයන්. මීට අමතරව මෙරටට එන විදෙස් සංචාරකයන් හා ශ්‍රමිකයන් හරහාද මැලේරියාව ආ හැකියි.

Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe
Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe

‘මැලේරියාවට නිසි ප්‍රතිකාර තිබෙනවා. ඒවා මැලේරියා මර්දන ව්‍යාපාරය නොමිලයේ ලබාදෙනවා. විදෙස්ගතවී මෙහි පැමිණි පසු උණ ලක්ෂණ පහළ වුවොත් වහාම වෛද්‍යවරයකු හමුවී ඔබ කොහි සිට පැමිණියාද යන්නද හෙළිකරමින් ප්‍රතිකාර පතන්න. මැලේරියා ඖෂධ සියල්ල නියම කරන පරිදි දිගටම ගන්න. ඒ හරහා මේ රෝගය යළි පැතිරීමේ අවදානම අපට අවම කළ හැකියි.’ ඔහු කියනවා.

WHO දත්තවලට අනුව 2015දී ලෝකයේ මැලේරියා රෝග තත්ත්ව මිලියන් 214ක් වාර්තා වුණා. එයින් බහුතරයක් (88%) අප්‍රිකාවේ. ඊළඟට වැඩිම කලාප වන්නේ දකුණු ආසියාව හා අග්නිදග ආසියාවයි (10%). 2015දී ලොව පුරා මැලේරියාවෙන් අවම වශයෙන් 438,000ක් මිය ගියා. මේ නිසා මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයක්.

මහත් වෙර වෑයමින් මෙරට දේශීය මැලේරියා රෝග තත්ත්ව තුරන් කිරීමට සෞඛ්‍ය සේවාව කර ඇති සේවය ඉහළින් අගය කළ යුතුයි. දැන් අපට ඇති අභියෝගය ශ්‍රී ලංකාව දිගටම මැලේරියාවෙන් තොරව පවත්වා ගැනීමයි.

World Malaria Day poster
World Malaria Day poster

See for details:

Malaria elimination in Sri Lanka: what it would take to reach the goal By Risintha Premaratne,Leonard Ortega, Navaratnasingam Janakan, Kamini N Mendis. WHO South-East Asia Journal of Public Health, January-March 201

On the road to eliminate malaria in Sri Lanka: lessons from history, challenges, gaps in knowledge and research needs, By Nadira D Karunaweera, Gawrie NL Galappaththy and Dyann F Wirth BioMed Journal, 14 Feb 2014

Malaria Control and Elimination in Sri Lanka: Documenting Progress and Success Factors in a Conflict Setting. By Rabindra R. Abeyasinghe, Gawrie N. L. Galappaththy, Cara Smith Gueye, James G. Kahn & Richard G. A. Feachem. PLOS One journal. Published: August 29, 2012