Right to Information should be a step towards Open Government

Transparency International Sri Lanka (TISL) held a Public Forum on the Right to Information in Colombo on 17 November 2015. I was one of three panelists, along with Wijayananda Jayaweera and Gamini Viyangoda. The panel was moderated by TISL’s Shan Wijetunge.

RTI Public Forum on 17 Nov 2015
RTI Public Forum on 17 Nov 2015

The meeting was conducted in Sinhala. After the event, a journalist from an English language newspaper asked for a summary of my remarks in English, so I wrote this up.

L to R - Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon
L to R – Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon

Summary of remarks made at Right to Information Public Forum held in Colombo on 17 Nov 2015

 By Nalaka Gunawardene

Science writer, columnist and new media researcher

After many years of advocacy by civil society groups and journalists, Sri Lanka is set to soon adopt a law guaranteeing citizens’ Right to Information (RTI, also known as freedom of information laws in some countries). With that, we will join over 100 other countries that have introduced such progressive laws.

The first step is already taken. The 19th Amendment to the Constitution, passed in Parliament in April 2015, made the right to information a fundamental right.

The Right to Information Act is meant to institutionalize the arrangement – i.e. put in place the administrative arrangement where a citizen can seek and receive public information.

Some have been critical of the current draft of the RTI Bill as it falls short of the ideal. But in my view, adopting even an imperfect RTI law would be progress.

But we need to see the law’s adoption as only the beginning of a long journey. Proper implementation will require adequate political will, administrative support and sufficient public funds. We would also need sustained monitoring by civil society groups and media to guard against the whole process becoming mired in too much red tape.

RTI signifies unleashing a new potential, and a major change in status quo. First, we need to shake off a long historical legacy of governments not being open or accountable to citizens.

For over 2,000 years of monarchy, over 400 years of colonial rule and 67 years of self-rule since independence, all our governments have restricted public information – even mundane ones unrelated to any security or sensitive issues.

Thus, the ‘default setting’ in most government agencies seems to be to deny and restrict information. When this finally changes, both public servants and citizens will need to adjust.

Information custodians can no longer release selectively, or demand petty bribes for doing so. Citizens, on their part, must find purpose and focus in information they can demand and receive. RTI is not a mere political slogan.

To draw an analogy from water management, opening sluice gates of a water reservoir can benefit only if the downstream systems are in place and the users are ready. With both water and information, recipients need to know how to make the best use of what comes through.

As long-standing champions of RTI, Lankan media and civil society must now switch roles. While benefiting from RTI themselves, they can nurture the newly promised openness in every sphere of public life. They can show, inspire and equip other citizens how best to make use of it.

However, RTI is not just a piece of law or changing how governments share public information. At its most basic, RTI is a collective state of mind. With its adoption, a society can start moving along a more open, informed and inquisitive pathway.

Better management of public information – which covers its proper gathering, storing, analysing and disseminating – should come into sharper focus with RTI.

In a related development, Sri Lanka has just joined an international, multilateral initiative called the Open Government Partnership (OGP). It is the first country in South Asia to do so.

OGP is a global effort “to make governments better”. It aims to secure firm commitments from governments to promote transparency, empower citizens, fight corruption, and harness new technologies to strengthen governance. OGP was launched in September 2011, and since then, the partnership has grown to 69 countries representing over a third of the world’s population.

To join OGP, a country must meet minimum eligibility criteria. These cover the timely publication of essential budget documents forms the basic building blocks of budget accountability; RTI guaranteed by law; rules that require public disclosure of income and assets for elected and senior public officials; and openness to citizen participation and engagement in policymaking and governance, including basic protections for civil liberties.

With its impending RTI law, Sri Lanka became eligible to join OGP. Its membership was confirmed at the recent OGP Conference held in Mexico City in late October 2015, where Sri Lanka endorsed the Open Government Declaration committing “to foster a global culture of open government that empowers and delivers for citizens, and advances the ideals of open and participatory 21st century government.”

Sri Lanka was represented at this event by Justice Minister Wijeyadasa Rajapakshe, Deputy Minister of Foreign Affairs Dr Harsha de Silva, and Sri Lanka’s Ambassador to the United States Prasad Kariyawasam. (Embassy press release: http://slembassyusa.org/embassy_press_releases/sri-lanka-joins-the-open-government-partnership/)

In his speech in Mexico City, Minister Wijeyadasa Rajapakshe said: “Our people have proven that citizens will and should be at the heart of the destiny of any country. Importantly, the events this year reaffirm the resilience of our democracy and make it apparent that it is the people that demand an ‘open government’ for my country.”

Now the Yahapalana Government must walk this lofty talk.

OGP member countries are required to prepare a National Action Plan (NAP) which should be done collaboratively by the government and civil society. Such plans should cover a two-year period and consist of a set of commitments that advance transparency, accountability, participation and/or technological innovation.

The bottomline with Right to Information is this. RTI is not simply a legal or technocratic solution. It is not a quick fix to all problems that affect our society. But it heralds a new way of thinking – a paradigm shift, if you like – that would make our government more open, and our society more focused on using information and data to make our lives better.

Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo
Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo
Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015
Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015

2015 මහ මැතිවරණය: භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන

සියලු දේශපාලන පක්ෂවල අවධානය සඳහා…

භාෂණයේ නිදහස හා

මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 ජූලි 21

English version: SL General Election 2015: Statement on Freedom of Expression and Media Freedom

Media Reform Agenda for Lankan Political Parties - 21 July 2015
Media Reform Agenda for Lankan Political Parties – 21 July 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සමාජය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)

එක්ව කරන ප්‍රකාශනයකි.

Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.

කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.

(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)

1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.

2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.

3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.

4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.

Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.

6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.

Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.

9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.

10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Covering the Press Conference at SLPI, 21 July 2015

 

 

සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

Hands off media freedom!
Hands off media freedom!

Media sector reforms in Sri Lanka have become both urgent and important. Media freedom cannot be consolidated without other reforms that create a more professional and responsible media.

Some progress has been made since the Presidential election. The new government has taken steps to end threats against media organisations and journalists, and started or resumed criminal investigations on some past atrocities. Political websites that were arbitrarily blocked from are once again accessible. Journalists who went into exile to save their lives have started returning.

On the law-making front, meanwhile, the 19th Amendment to the Constitution recognized the right to information as a fundamental right. But the long-awaited Right to Information Bill could not be adopted before Parliament’s dissolution.

Thus much more remains to be done. For this, a clear set of priorities has been identified through recent consultative processes that involved media owners, practitioners, researchers, advocacy groups and trainers. These discussions culminated with the National Summit on Media Reforms organised by the Ministry of Media, the University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS), and held in Colombo on 13 and 14 May.

In my latest Ravaya column (in Sinhala language, published on 12 July 2015), I list the priorities for media policy and law reforms that require political commitment by all political parties in Sri Lanka.

See also:

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

Vigil for dead and disappeared Lankan journalists - held in Colombo, 4 Jan 2015
Vigil for dead and disappeared Lankan journalists – held in Colombo, 4 Jan 2015

අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සූදානම් වනවා. ඡන්ද පොරොන්දු ගැන මහජන විශ්වාසය පළුදු වී ඇතත්, ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හා ප‍්‍රතිඥා ඉදිරි දිනවලදී එළි දක්වනු ඇති.

අපේක්ෂකයන්ගේ පසුබිමත්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිඥාත් සලකා බලා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි.

මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහාත්, භාෂණ නිදහස තහවුරු කිරීම සඳහාත් දේශපාලනික කැපවීමක් (political commitment) අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සම්පාදනය කරන අයගේ අවධානයටත්, සෙසු සමාජයේ දැන ගැනීමටත් මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා මොනවාදැයි කැටි කිරීමට මා අද උත්සාහ කරනවා.

මාධ්‍ය නිදහස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන තේමාවක් වූවා. මැතිවරණයක් එලඹෙන විට ‘මාධ්‍ය නිදහස රකිනවා’ කීම පමණක් සෑහෙන්නේ නැහැ. එය සැබැවින්ම සාක්ෂාත් කර ගැනීමට ගත යුතු නීතිමය, ප‍්‍රතිපත්තිමය හා නියාමන මට්ටමේ පියවර ගණනාවක් තිබෙනවා.

20 වන සියවස මැද භාගයේ පැවති යථාර්ථයට අනුව සකස් වූ මාධ්‍ය නීතිරීති 21 වන සියවසේ දෙවැනි දශකය දක්වා තවමත් අපේ රටේ යොදා ගැනෙනවා. තොරතුරු සමාජය ඉදිරියට යන අතර ලක් සමාජය පසුගාමී වීමටත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විසමතා ඇති වීමටත් මේ නොගැලපීම දායක වනවා.

දේශපාලන ප‍්‍රතිඥාවලට සියල්ල වෙනස් කළ නොහැකි බව ඇත්තයි. එහෙත් සමාජයට කේන්ද්‍රීය වශයෙන් බලපාන මාධ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් වගකීම් සහගත හා බලාත්මක කරන්නට ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.

මැයි මස 13-14 දෙදින තුළ කොළඹදී පැවති මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහා ජාතික සමුළුව හරහා මෙම අවශ්‍යතා හඳුනා ගෙන අදාළ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛතා ගත කෙරුණා. මේ පියවර 12 මා තෝරා ගත්තේ එතැනින්.

1. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කැරෙන පනත් කෙටුම්පතක් මැයි මාසය අවසන් වන විට සූදානම්ව තිබුණා. අංග සම්පූර්ණ නොවූවත් යම් තරමකට මහජනතාවගේ තොරතුරු අයිතිය සම්පාදනය කළ හැකි මේ කෙටුම්පත අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සම්මත කරගත නොහැකි වුණා. මීළඟ පාර්ලිමේන්තුවේදී මෙය හැකි තාක් ඉක්මනින් විවාදයට ගෙන සම්මත කර ගන්නා මෙන් අප සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එය සඳහා පැහැදිලි කැපවීමක් මැතිවරණ ප‍්‍රකාශයන්ගෙන් අප අපේක්ෂා කරනවා. 2002 සිට විවිධ උත්සාහයන් ගත්ත ද තවමත් නීතිගත කර ගන්නට බැරි වූ තොරතුරු පනත 2015 වසර ගෙවී යන්නට පෙර සම්මත කර ගැනීම සියලූ පුරවැසියන් මෙන්ම සියලූ මාධ්‍යවේදීන්ගේ ද ප‍්‍රමුඛතාවක් විය යුතුයි.

2. බි‍්‍රතාන්‍ය පාලකයන් යටත් විජිතවල වැසියන් සිය පරිපාලනය ගැන ඇති තරම් තොරතුරු දැන ගැනීම වැළැක්වීමට හඳුන්වා දුන් සීමා හා දණ්ඩන බොහෝ දුරට ගෙඩි පිටින් නිදහස් ලංකාව ද පිළිගෙන තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත දැන් වසර 60ක් පැරණියි. එයට ආකෘතිය වූ 1911 බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය රහස් පනත සම්මත කර ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයටත් පෙර යුරෝපයේ පැවති අවිනිශ්චිතබව තුළ රාජ්‍ය රහස් සතුරන් අතට යාම වැළැක්වීමටයි.

පසු කාලීනව මතු වූ සාධාරණ විවේචනවලට සංවේදී වූ බි‍්‍රතාන්‍ය රජය 1989දී රාජ්‍ය රහස් පිළිබඳව වඩා ප‍්‍රගතිශීලී පනතක් සම්මත කළා. එහෙත් සියවසක් පැරණි ආකෘතියකට සාදන ලද අපේ පනත තවමත් ‘රාජ්‍ය රහස්’ යන්න පුළුල්ව නිර්වචනය කරනවා. මේ අනුව රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට ඍජුවම අදාළ තොරතුරු පවා ‘රහසිගත’ ලේබලය ගසා යටපත් කිරීමට නිලධාරීන්ට ඉඩ ලැබෙනවා. රජයකට යම් තොරතුරු රහසිගතව පවත්වා ගැනීමට සාධාරණ අයිතියක් ඇතත්, එය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට හා තොරතුරු සමාජයේ තාක්ෂණික යථාර්ථයන්ට අනුකූල විය යුතුයි. රාජ්‍ය රහස් පනත සංශෝධනය කොට කාලානුරූප කිරීමේ ප‍්‍රතිඥාවක් අප අපේක්ෂා කරනවා.

National Right to Information laws status - as of 2013
National Right to Information laws status – as of 2013

3. මාධ්‍යවේදීන් හා සෙසු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පොදු උන්නතිය උදෙසා සන්නිවේදනය කරන විට ඔවුන්ට බලපෑම් කළ හැකි හා හිරිහැර කිරීමට රජයන් විසින් යොදා ගන්නා තවත් ආන්දෝලනාත්මක නීති තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබඳ නීතිය මෙන්ම රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබඳ යටත්විජිත සමයේ සිට පැවතෙන නීති ද මේ අතර වනවා.

භාෂණ නිදහසට සැබැවින්ම කැප වන්නේ නම් අපේ දේශපාලන පක්ෂ මෙවැනි සියලූ නීති සමීප විමර්ශනයකට ලක් කිරීමකට එකඟ විය යුතුයි. එහිදී යල්පැන ගිය නීති ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව සියවසට හා පවතින යථාර්ථයන්ට සරිලන පරිදි අලූත් කිරීමට ප‍්‍රතිඥාවක් අප බලාපොරොත්තු වනවා.

4. අධිකරණයට නිසි ගරුසරු දැක්විය යුතු බව ශිෂ්ඨ සමාජයන් පිළි ගන්නවා. එයට සමාන්තරව අධිකරණයේ ක‍්‍රියාදාමය ද මාධ්‍යවල හා මහජනතාවගේ නිරීක්ෂණ හා විචාරයන්ට ලක් විය යුතුයි. යහපාලනයේ එක් වැදගත් ගුණාංගයක් වන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇති ආයතන පිළිබඳ මහජන පිළිගැනීම ඉහළ යාමයි. අධිකරණ නඩු තීන්දු මෙන්ම විනිසුරුකරුවන්ගේ ක‍්‍රියාදාමයන් ගැන විචාරය කිරීමට අපේ මාධ්‍ය බොහෝ විට මැලි වන්නේ අධිකරණයට අපහාස කිරීම (contempt of court) යටතේ චෝදනා ලැබෙතැයි බියෙන්.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල අධිකරණ අපහාස නීතිය අපේ මෙන් පුළුල් නැහැ. භාෂණ නිදහස හා අධිකරණයේ ගරුත්වය ඔවුන් වඩා හොඳින් තුලනය කරනවා. සැබැවින්ම අධිකරණයට අපහාසයක් යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරමින් මේ පිළිබඳ නව නීතියක අවශ්‍යතාව මෙරට මතුව තිබෙනවා. මෙය මාධ්‍යවලට මෙන්ම සියලූ පුරවැසියන්ගේ භාෂණ නිදහස තහවුරු කරන්නක්. මෙයටත් දේශපාලන පක්ෂවල කැපවීමක් අවශ්‍යයි.

Sri Lanka revives Press Council devil5. 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council) බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (PCCSL, www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා. රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් බිහිවීමේ ඕනෑකම තදින් දැනෙනවාග නමුත් එය රජයේ නොව කර්මාන්තයෙන්ම මතු විය යුතුයිග රජය මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීමේ වැඩවසම් මානසිකත්වයෙන් අප මිදිය යුතුයි.

6. 1990 දශකය මුල පටන් මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික සමාගම් සම්බන්ධ වී නාලිකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීම හා සංඛ්‍යාත ලබාදීම වසර 25ක් තිස්සේ විවිධ රජයන් යටතේ සිදුව ඇත්තේ කිසිදු ක‍්‍රමවේදයකින් තොරව බලයේ සිටින පක්ෂයේ අභිමතයටයි. මෙය කල්ගත වී හෝ නිසි පිළිවෙළකට යොමු කරන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් (Independent Broadcast Commission) අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ මහජනයා සතු පොදු දේපලක් වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටස් නිසා දේශපාලකයන්ට, නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට හිතුමතේට එය බදා ගෙන සිටීමට අයිතියක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කොමිසම කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික නියාමනය පමණක් මිස අන්තර්ගතය පාලනය කිරීම නොවෙයි.

7. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රජය යටතේ පවතින ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ITN ආයතනය මෙතෙක් ක‍්‍රියාත්මක වී ඇත්තේ පවත්නා රජයේ ප‍්‍රචාරක මාධ්‍ය ලෙසයි. මේ ගැති බවින් අත්මිදී සැබෑ මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (public service broadcasters) ලෙස ක‍්‍රියාකිරීමට ඒවාට ව්‍යුහමය ස්වාධීනත්වය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම බොහෝ කලෙක සිට මේ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ඉල්ලා සිටින්නක්.

එයට සමාන්තරව ප‍්‍රජා මට්ටමේ රේඩියෝ සේවා පවත්වා ගැනීමට සරසවිවලට, සිවිල් සමාජ සංවිධානවලට වෙනත් පුරවැසි කණ්ඩායම්වලට ඉඩ ලැබෙන පරිදි පවතින නීතිරීති ප‍්‍රතිසංස්කරණය විය යුතුයි. (රජයේ ගුවන්විදුලිය යටතේ ‘ප‍්‍රජා’ යයි හඳුන්වා ගත් රේඩියෝ සේවා කිසිසේත්ම ප‍්‍රජා සේවා නොවෙයි.)

8. 1973දී රජයට පවරා ගෙන බලයේ සිටින පක්ෂයේ ප‍්‍රචාරණයක් ලෙස පත්තර පළ කරන ලේක්හවුස් ආයතනය ද එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගත යුතුයි. එය කෙසේ කරනවාද යන්න මාධ්‍ය වෘත්තිකයන් සමග සංවාදයෙන් විවෘතව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පත්තර ගැසීම මෙන්ම රේඩියෝ හා ටෙලිවිෂන් සේවා පවත්වා ගෙන යාම වැනි 20 වන සියවසේ යල් පැන ගිය පුරුදුවලින් අත්මිදිය යුතුව තිබෙනවා.

9. මාධ්‍ය නිදහසට ඍජුව බලපාන තවත් සාධකයක් වන්නේ මාධ්‍ය හිමිකාරීත්වයයි. ප‍්‍රාග්ධනය ඇති, දේශපාලන සබඳතා ඇති ඕනෑම අයකුට හෝ සමාගමකට පත්තර, රේඩියෝ හෝ ටෙලිවිෂන් ව්‍යාපාර ඇරඹිය හැකිව තිබෙනවා. ප‍්‍රකාශන නිදහස හා වෙළෙඳපොළ නිදහස සීමා නොවන පරිදි මෙය ද යම් නියාමනයකට ලක් විය යුතුයි.

වඩාත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටවල එක සමාගමකට හෝ හිමිකරුවකුට පවත්වා ගෙන යා හැකි මාධ්‍ය ප‍්‍රකාශන හෝ චැනල් සංඛ්‍යාවට යම් නීතිමය සීමා පනවනවා. එකම මාධ්‍ය ආයතනය පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් මාධ්‍ය දියත් කිරීම ද යම් සීමාවලට නතුවනවා. එසේ කරන්නේ තනි හිමිකරුවෙක් හෝ සමාගමක් ජනමතයට උවමනාවට වඩා බලපෑම් ඇති කිරීම වැළැක්වීමට. මින් පෙර නොවූ විරූ පරිදි අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය විස්තාරණය වන නිසා අපටත් මෙබඳු නියාමන සීමා අවශ්‍යයි.

10. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී දින කිහිපයක් ඇතුළත මෙරට තුළ සිට පිවිසීමට නොහැකි වන සේ අවහිර කොට තිබූ දේශපාලනික හා කාලීන පුවත් වෙබ් අඩවි ගණනාවක් අපට යළිත් කියවිය හැකි වුණා. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 2007 සිට වසර ගණනක් තිස්සේ ඒවා අවහිර කළේ කෙසේද යන්න ගැන අද වන තුරු කිසිදු වගවීමක් හෝ විපරමක් නැහැ.

ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි බ්ලොක් කළ හැක්කේ නීතිමය රාමුවක් තුළ අධිකරණ අධීක්ෂණය/අනුමැතිය යටතේ පමණයි. (උදා: ලිංගිකව අසැබි වෙබ් අඩවි අවහිර කිරීම.) මේ සීමාවන් පැහැදිලිව ප‍්‍රකාශ කැරෙන ජාතික මට්ටමේ වෙබ් ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. එසේ නැති වුවහොත් අනාගතයේ යළිත් හිතුමතේට වෙබ් අඩවි බ්ලොක් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට හොඳටම ඉඩ තිබෙනවා.

11. තොරතුරු තාක්ෂණය වඩාත් සමාජගත වීමත් සමග අලූත් අභියෝග මතුව තිබෙනවා. පවත්නා තොරතුරු තාක්ෂණ ජාතික ප‍්‍රතිපත්ති මගින් මේවා හරිහැටි ආවරණය වන්නේ නැහැ. මහජනයාගේ පෞද්ගලික ටෙලිෆෝන් කතාබහ, SMS පණිවුඩ, ඊමේල් හා සමාජජාල සාමීචි කතා අනවසරයෙන් ග‍්‍රහණය කිරීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩ දැඩිව සීමා කළ යුතුයි. එබඳු අන්වේක්ෂණය (state surveillance) අත්‍යවශ්‍ය විට අධිකරණ අනුමැතිය මත පමණක් සිදුවීම වැදගත්.

එසේම ඩිජිටල් මාධ්‍ය හරහා එකතු වන මහජන තොරතුරු නිසි දත්ත ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ගබඩා කිරීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස කටයුතු කිරීමටත් රජයට මෙන්ම ටෙලිකොම් සමාගම්වලට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. එය තහවුරු කැරෙන නීති හා නියාමන පිළිවෙත් ද අවශ්‍යයි. එසේ නැතිව නොමිලේ රැහැන් රහිත ඉන්ටර්නෙට් (Free WiFi) දුන්නාට මදි!

12. අවසන් වශයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනිසි බලපෑම් හා තර්ජනවලින් තොරව තමන්ගේ වගකීම් ඉටුකිරීමට හැකි වන නීතියේ අධිපාලනය (Rule of Law) ස්ථාපිත වූ ලක් සමාජයක් යළි බිහි කිරීම ද හදිසි අවශ්‍යතාවක්.

Demanding media freedom
Demanding media freedom

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

පෙර තිබුණාට සාපේක්ෂව තත්ත්වය ටිකක් යහපත් වී ඇතැයි කියා පසෙකට වී සිටින්නට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන් බැහැ. ජනවාරි 9 වනදා ඇරඹි ගමනේ තව බොහෝ දුර යා යුතුව තිබෙනවා!

Echelon March 2015 column: Beyond RTI – Towards Open Government

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, March 2015 issue. Published online at: http://www.echelon.lk/home/beyond-rti-towards-open-government/

Beyond RTI: Towards Open Government

 By Nalaka Gunawardene

Illustration by Echelon magazine, http://www.echelon.lk/
Illustration by Echelon magazine, http://www.echelon.lk/

After many years of advocacy by civil society, Sri Lanka is set to adopt a law that guarantees citizens’ Right to Information (RTI). With that, we will at last catch up with nearly 100 countries that have introduced such progressive laws.

Better late than never — but passing the law is only a beginning. Institutionalising it requires effort and funds. Continued vigilance is needed on civil society’s part to guard against the process becoming mired in red tape.

RTI signifies unleashing a new potential. To draw an analogy from water management, opening a ‘sluice’ does not by itself mean much unless the downstream systems are in place. In both cases, the recipients need to know how to make the best use of what comes through.

Journey so far

Why is RTI such a big deal?

Its basis is that in democracies, the public have every right to know what is being done in their name by those entrusted with governance.

RTI is the right to access and obtain information from public officials. This right serves several purposes: improve public participation in policy making; promote transparency and accountability in government; and minimise wastage and corruption of state resources by public officials.

RTI and freedom of information are used interchangeably, but there is an important distinction between the two.

According to lawyer Gehan Gunatilleke, who recently wrote a book on the subject (published by Sri Lanka Press Institute, 2014), freedom of information implies a citizen’s freedom to access and receive public information on request. In such a situation, the government should not violate that freedom by restricting access. RTI goes further, and implies that information is an inherent right of the people. Governments are duty-bound to provide such information.

The concept of RTI can be traced back to the principle of ‘public access’ which emerged in Europe during the 18th century. In 1766, Sweden became the first country to legislate RTI: it allowed the public access to government documents.

The Universal Declaration of Human Rights, adopted at the United Nations in 1948, recognised the right to seek, impart and receive information as part the fundamental right to freedom of speech and expression (Article 19).

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

RTI does not mean opening up everything. Sensitive information – related to national security, for example – is excluded. The challenge is to strike a healthy balance between full transparency and a few justified exemptions.

 Indian experience

In Asia, India was a frontrunner in developing RTI laws. The campaign for RTI started in the 1990s with a grassroots movement driven by social activists and rural groups. They saw its clear value to counter the growing misuse of authority and public funds by local officials.

State level RTI laws were adopted in Tamil Nadu (1997), Goa (1997), Rajasthan (2000), Delhi (2001) and Maharashtra (2002). The national law came into effect in October 2005 after a decade of agitation.

Under the Indian law, citizens can request information from any ‘public authority’ within 30 days. It covers all branches of government — executive, legislature and judiciary – as well as institutions and statutory bodies set up by an act of national Parliament or a state legislature. Even non-governmental organisations, if they receive significant amounts of government funds, are covered.

The act required all public authorities to appoint a public information officer (PIO) to handle RTI requests. It also mandated computerizing of public records so that certain categories of information are proactively published online, enabling interested citizens to just look it up.

Since the RTI law was introduced, India has seen an improvement in governance, dissemination of information and involvement of civil society in the governance process, says Dr Rajesh Tandon, founder and head of the Society for Participatory Research in Asia (PRIA), a voluntary organisation providing support to grassroots initiatives.

At the same time, Tandon points out that some challenges remain at implementation level. Certain states in India have been more active in creating a culture of information sharing and open government, he told me in a television interview in mid 2014.

As Indians found out, it isn’t easy to shake off centuries of misplaced state secrecy and mistrust in the public. “Old rules and procedures continue to co-exist as new laws and methods are invented. Official Secrecy Act and Right to Information Act co-exist, just as written precedent and e-governance co-exist,” says Tandon (watch our full interview: https://vimeo.com/118544161).

 New challenges

In Sri Lanka, civil society groups and journalists’ organisations were at the forefront advocating RTI. Groups like Transparency International and Sri Lanka Press Institute (SLPI) have been lobbying, training and raising awareness on the societal value of this right.

However, RTI is not only for journalists or social activists. It is a right for all citizens living in modern societies where their well-being – sometimes even survival – depends on knowing critical information. Ignorance may have been bliss once upon a time, but it is not recommended for the 21st century.

Reorienting the public institutions to a new culture of openness and sharing will be an essential step. Undoing decades of habits will take effort.

Asanga Welikala, a legal scholar now with the Edinburgh Law School, said in a tweet that we need a moratorium of ‘at least two years’ before RTI law comes into force – so as to train officials and make all government procedures compliant.

He also says the Information Commission must have a proper budget for promotion and public awareness of the new Act, rights and procedures. For example, how to ensure citizen information requests can be accommodated equally in both official languages and the link language?

As champions of RTI, media and civil society must now switch roles. While benefiting from it themselves, they can nurture the newly promised openness in every sphere, showing citizens how best to make use of it.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

Info Literacy

Public information can exist in many forms today – ranging from minutes of meetings, budget allocation and expense records, and scientifically gathered information such as census data, or trade statistics. These may be stored on paper, tape or – increasingly – in digital formats.

In recent years, with digital technologies the volume of specialised data held by governments has risen phenomenally. Both the data custodians and public today need higher levels of information literacy to navigate through this torrent.

The good news: the web makes it easier to store and share information. ‘Open Data’ means that certain data should be freely available to everyone to use and republish as they wish, without restrictions from copyright, patents or other mechanisms of control.

The open data approach is especially applied to scientific data and government data. But the debate is far from settled: while there are many strong arguments for opening up, some are concerned about potential misuses. Guidelines are still evolving.

A key attribute of open data is its usability. Each country needs to adopt information gathering and data storage standards, so as to minimize users facing problems that arise with the use of different devices, systems and measuring systems.

Some public data custodians in South Asia still release vast amounts of data in hard copy (paper-based) form. For example, India’s Marine Fisherfolk Census of 2010 had results running into thousands of pages of data tables – they were only released on paper. That made further analysis impossible. Undaunted, a fishers’ collective mobilised some tech-savvy volunteers to create computerised spreadsheet databases.

Like many other elements of good governance, RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are trusted. Sri Lanka is not there yet.

The road to RTI is a journey, not a destination!

ACT

 

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?
Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!

 

Echelon Feb 2015: ‘People Power’ Beyond Elections

Illustration by Echelon magazine, http://www.echelon.lk
Illustration by Echelon magazine, http://www.echelon.lk

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, Feb 2015 issue. Published online at: http://www.echelon.lk/home/people-power-beyond-elections/

‘People Power’ Beyond Elections

 By Nalaka Gunawardene

Sri Lanka’s democratic credentials were put to test once again during the Presidential Election on 8 January 2015.

An impressive 81.52% of registered voters turned up, and their majority choice changed the regime. A well-oiled system that has been holding elections since 1931 proved its efficacy again. And if its integrity came under threat, the formidable Commissioner of Elections stood up for the due process.

As we pat ourselves on the back, however, let us remember: an election is a necessary but not a sufficient condition for a vibrant democracy. There is much more to democracy than holding free and fair elections.

The ‘sufficient conditions’ include having public institutions that allow citizens the chance to participate in political process on an on-going basis; a guarantee that all people are equal before the law (independent and apolitical judiciary); respect for cultural, ethnic and religious diversity; and freedom of opinion without fearing any repercussions. Sri Lanka has much work to do on all these fronts.

Democracy itself, as practised for centuries, can do with some ‘upgrading’ to catch up with modern information societies.

Historically, people have responded to bad governance by changing governments at elections, or by occasionally overthrowing corrupt or despotic regimes through mass agitation.

Yet such ‘people power’ has its own limits: in country after country where one political party – or the entire political system — was replaced with another through popular vote (or revolt), people have been disappointed at how quickly the new brooms lose their bristles.

The solution must, therefore, lie in not just participating in elections (or revolutions), but in constantly engaging governments and keeping the pressure on them to govern well.

In practice, we citizens must juggle it along with our personal and professional lives. As information society advances, however, new tools and methods are becoming available to make it easier.

Social Accountability

This relatively new approach involves citizens gathering data, systematically analysing it and then engaging (or confronting, when necessary) elected and other officials in government. Citizens across the developing world are using information to improve the use of common property resources (e.g. water, state land and electromagnetic spectrum, etc.), and management of funds collected through taxation or borrowed from international sources.

Such engagement enables citizens as well as civil society organisations (CSOs) to engage with policymakers and citizen service providers. Some call it social accountability (or SAcc), and others refer to it as participatory democracy. Whatever the label, the idea is to ensure greater accountability in how the public sector manages public funds and responds to citizens’ needs.

For this to work, citizens need to access public sector information – about budgets, expenditures, problems and performance. Over 100 countries now have laws guaranteeing people’s right to information (RTI). Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government.

Economist Hernando de Soto (image from Wikipedia)
Economist Hernando de Soto (image from Wikipedia)

An early champion of social accountability was the Peruvian economist Hernando de Soto who has been researching on poverty, development and governance issues. He says: “Supposedly in a democracy, if the majority of people are poor, then they set the criteria of what is right. Yet all those mechanisms that allow [society] to decide where the money goes — and that it is appropriately allocated — are not in place throughout the Third World.”

The result? “We take turns electing authoritarian governments. The country, therefore, is left to the [whims] of big-time interests, and whoever funded the elections or parties. We have no right of review or oversight. We have no way for the people’s voice to be heard — except for eight hours on election day!”

It is this important right of review and oversight in between elections that SAcc promotes. Call it an ‘insurance’ against democracy being subverted by big money, corrupt officials or special interest groups…

A dozen years ago, concerned by development investments being undermined by pervasive corruption and excessive bureaucracy, the World Bank started advocating SAcc. Their research shows how, even in the most hopeless situations, ordinary people often come together to collect their voice and exert pressure on governments to be responsive.

“Social accountability is about affirming and operationalising direct accountability relationships between citizens and the state. It refers to the broad range of actions and mechanisms beyond voting that citizens can use to hold the state to account,” says a World Bank sourcebook on the subject. (See: http://go.worldbank.org/Y0UDF953D0)

What does that mean in plain language? Seeking to go beyond theory and jargon, the Bank funded a global documentary in 2003, which I co-produced. Titled ‘Earth Report: People Power’ and first broadcast on BBC in February 2004, it featured four inspiring SAcc examples drawn from Brazil, India, Ireland and Malawi (online: http://goo.gl/xQnr9v).

These case studies, among the best at the time, showed how SAcc concepts could be adapted in different societies and economic systems

 

  • In Porto Alegre, Brazil, community members participate annually in a series of meetings to decide on the City Budget. This material is presented to Parliament which finds it difficult to refuse the recommendations — because over 20,000 have contribute to its preparation. As many or more watch how the budget is spent.

 

  • In Rajasthan, India, an advocacy group named MKSS holds a public meeting where the affidavits of local candidates standing for the state elections are available to the people. This ‘right to information’ extends all the way down to villages where people can find out about public spending.

 

  • In Ireland, the government has partnered with trade unions, employers, training institutions and community groups on a strategy to deal with problems affecting youth (such as school drop-outs and high unemployment). Citizens set priorities for social spending.

 

  • In Malawi, villagers participate in assessing local health clinics by scoring various elements of the service. A Health Village Committee then meets the service providers who also assess themselves. Together, they work out ways to improve the service.

During the last decade, many more examples have emerged – some driven by public intellectuals, others by civil society groups or socially responsible companies. Their issues, challenges and responses vary but everyone is looking for practical ways to sustain civic engagement in between elections.

The development community has long held romanticized views on grassroots empowerment. While SAcc builds on that, it is no castle in the air: the rise of digital technologies, web and social media allows better monitoring, analysis and dissemination. And government monopolies over public information have been breached — not just by progressive policies and RTI laws but also by efforts such as WikiLeaks.

Confronted by the growing flood of often technical information, citizens need to be well organised and skilled to use in the public interest. Evidence-based advocacy is harder than rhetorical protests.

Dr Bela Bhatia, then an associate fellow at the Centre for the Study of Developing Societies in India, says on the film: “Ultimately the responsibility in a democracy is ours…and if today we have corrupt politicians, it is because we have allowed corruption to happen, to take root.”

Rather than debating endlessly on how things became so bad, SAcc promoters show a way forward – with emphasis on collaboration, not confrontation.

“It’s up to the governments to make up their mind whether they want to respect the more participatory model or invite more confrontation, to invite violence and perhaps ultimately the dismantling of the very democratic system,” says Bhatia.

How can we deepen our democracy with SAcc? Start with RTI, and see what happens.

සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”

In this week’s Ravaya column (in Sinhala), I continue the Sinhala adaptation of my June 2014 TV interview with Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development.

Last week, we discussed the civil space and political space available for advocacy and activism – and how far civil society activists have been able to engage the formal political process in India.

Today, we discuss how anti-corruption movement evolved into the Aam Aadmi Party, AAP, and the relevance of India’s experiences to Sri Lanka. We also discuss India’s Right to Information Act and how that has empowered citizens to seek a more open and accountable government at national, state and local levels. Dr Tandon ends by emphasizing that democracy is a work in progress that needs constant engagement and vigilance.

Part 1 of this interview: සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014

2015 පෙබරවාරි 7 වනදා නැවතත් පැවති දිල්ලි ප්‍රාන්ත මැතිවරනයේදී පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි ^Aam Aadmi Party, AAP& මුලු ආසන 70න් 67ක්ම දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තා. රටේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) ඉතිරි ආසන 3 හිමි වුණා.

මීට පෙර 2013 දෙසැම්බර් 4 වනදා පැවති දිල්ලි මැතිවරනය්දී ආසන 28ක් දිනා ගෙන ප්‍රාන්ත රජයක් පිහිටුවා ගත් ආම් ආද්මි එය කර ගෙන ගියේ මාස දෙකකට අඩු කාලයක්ග 2014 පෙබරවාරි 14දා ඔවුන් ඉල්ලා අස් වුණා.

මේ දෙවන වාරයේ ඔවුන්ගේ භූමිකාව කුමක් වේදැයි කිව නොහැකියි. එහෙත් 2014 ජාතික මහ මැතිවරනයෙන් පහසු ජයක් ලද භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන්නට තරම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් අතරින් මතු වූ මේ ලාබාල පක්ෂයට හැකිව තිබෙනවා.

2014 ජුනි මාසයේ මා ඉන්දියාවේ ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග ටෙලිවිෂන් සාකච්ඡුාවක් කළා.

එහි මුල් කොටස ගිය සතියේ පළ කළා. අද එහි ඉතිරි කොටස. මෙය මීට මාස අටකට පෙර සිදු වූ කතාබහක් බව සිහි තබා ගන්න. සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

නාලක: දූෂන විරෝධී සිවිල් සමාජ ක්රියකාරිකයන් පිරිසක් දේශපාලන පක්ෂයක් පිහිටුව ගත්තේ ඇයි?

රාජේෂ් ටැන්ඩන්: ලෝක්පාල් නම් වූ දූෂණ විරෝධී පනත (Jan Lokpal Bill) පසුගිය පාර්ලිමේන්තුවේ (2009-2014) පල් වන විට අන්නා හසාරේ ඇතුළු පිරිසට පෙනී ගියා සියලු දේශපාලන පක්ෂ මේ ගැන සැබෑ උනන්දුවක් නොගන්නා බව. ඒ පසුබිම තුළ තමයි ආමි ආද්මි පක්ෂය බිහි වූයේ, දේශපාලන අවකාශයෙන් පිටත සිට කළ හැකි සියලූම බලපෑම් කිරීමෙන් අනතුරුව මේ සිවිල් ක‍්‍රියාකාරීන් එහි යා හැකි දුරේ සීමා තිබෙන බව තේරුම් ගත්තා. ඔවුන් සක‍්‍රිය පක්ෂ දේශපාලනයට පිවිසියේ ඉන් පසුවයි.

Anna Hazare (left) and Arvind Kejriwal
Anna Hazare (left) and Arvind Kejriwal

අන්නා හසාරේ (Anna Hazare) සහ අනුගාමිකයන් අතර මේ ගැන රතිවිරුද්ධ මත තිබුණා නේද? හසාරේ රියාකාරී දේශපාලනයට පිවිසීමට රතික්ෂේප කළත් ඔහුගේ දෙවැනියා අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) පොදු මිනිසාගේ පක්ෂය පිහිටුවා ගත්තා. ඔවුන් දෙමගක ගියාද?

මේ විවාදය කලක සිටම ඉන්දියාවේ පවතින්නක්. විශේෂයෙන්ම රටේ තීරණාත්මක සංධිස්ථානවලදී එයට කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුද යන්න සරසවි සිසුන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් මෙනෙහි කරනවා. සක‍්‍රිය දේශපාලනයට පිවිසීම එක් ප‍්‍රතිචාරයක්. ප‍්‍රචණ්ඩ අරගලවලට යොමු වීම තවත් ප‍්‍රතිචාරයක්. සත්‍යග‍්‍රහ හා සාමකාමී උද්ඝෝෂණ කිරීම තව එකක්. මේ එක එකක් සාධාරණ යයි කීමට එයට පිවිසි අයට තර්ක ද තිබුණා.

අන්නා හසාරේ තරයේ විශ්වාස කළේ පක්ෂ දේශපාලනයට පිවිසීම හරහා දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයේ එතෙක් පවත්වා ගෙන ආ සාරධර්මීය පිවිතුරු බව අහිමි වන බවයි. එහි යම් ඇත්තක් තිබෙනවා. අද කාලේ පක්ෂ දේශපාලනය කරන්නට මුදල්, පිරිස් බලය හා මාධ්‍ය සමග මනාව ගනුදෙනු කිරීම අවශ්‍යයි. එහෙත් අර්වින්ද් කෙජ්රිවාල් ඇතුළු පිරිසක් තර්ක කළේ ප‍්‍රශ්නයේ සැබෑ මුල් ඇති සක‍්‍රිය දේශපාලනයට පිවිසීමෙන් පමණක් දූෂණයේ අක්මුල් පාදා ගෙන විසඳුම් සැපයීමට හැකි බවයි.

ඉතා කෙටි කලක් තුළ ඔවුන් නාගරිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා නේද?

කෙටි කාලයක් තුළ කෙජ්රිවාල්ගේ පක්ෂය දිල්ලියේ ප‍්‍රාන්ත පාලන රජයක් පිහිටුවා ගන්නට මැතිවරණ ජයග‍්‍රහණයක් ලැබුවා (2013 දෙසැම්බර්). ඔවුන් වසර ගණනාවක සිට බිම් මට්ටමින් කළ ජනතා ව්‍යාපාර (ත‍්‍රීරෝද හා රික්ෂෝ රියදුරන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, විදුලිබල හා ජල ප‍්‍රවාහනය විධිමත් කිරීම, දුගී ජනයාට සහන මිලට ධාන්‍ය ලබාදීම) හරහා ගොඩ නගා ගත් හොඳ හිතක් තිබුණා. එහි උපකාරයෙන් දිල්ලියේ බලයට පත්වන්නට හැකි වුණා. සීමිත බල ප‍්‍රදේශයක් තුළ ඔවුන් කෙටි කලක් පාලනය කළා.

නමුත් 2014 මහ මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන හතරක් පමණයි. ඉන්දියාවේ තෙවන බලවේගයක් වන්නට ඔවුන්ට හැකිද?

ආම් ආද්මි පක්ෂයේ වඩාත් ප‍්‍රමුඛව මහජනයා ඉදිරියට ආ මුහුණු බොහොමයක් කලක් තිස්සේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයේ යෙදී සිටි සමාජ සේවකයන් හා විද්වතුන්. මේ නිසා ආමි ආද්මියට හොඳ ජනතාවාදී පදනමක් හා දැක්මක් මුල පටන්ම ලැබුණා. මෙය සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ යම් තැති ගැන්මකට පත් කළා.

එවිට රාජ්‍ය පක්ෂ හා විපක්ෂ දෙකේම එවකට සිටි දේශපාලකයන් කළේ ආමි ආද්මි ක‍්‍රියාකාරිකයන්ගේ ඇද කුද සෙවීමයි. 2012 යම් අවස්ථාවක හිටපු අගමැති මන් මෝහන් සිං ප‍්‍රකාශයක් කළේ විදේශ බලවේගයන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා සිවිල් ක‍්‍රියාකාරිකයන් හරහා ඉන්දියාවේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්නට තැත් කරන බවයි!

විදෙස් හස්තය (foreign hand) නොහොත් අදිසි හස්තය (hidden hand) ගැන චෝදනා කිරීම අපේ රටවල කලක සිට කෙරෙන දෙයක් නේද?

ඇත්තටම. එක්කෝ අමෙරිකානු හස්තය, නැතිනම් ස්කනැඞ්නේවියානු හස්තයට දොස් කීම අපේ ඉන්දියානු සිරිතක්. එහෙත් රටේ නායකයා අගමැතිවරයා මෙබඳු ප‍්‍රකාශයක් කළ මුල් වතාව මෙයයි. ඊට පෙර එබඳු චෝදනා කළේ තනතුරින් වඩාත් කනිෂ්ඨ දේශපාලකයන් පමණයි.

මෙයින් පෙනි ගියේ විධිමත් දේශපාලන අවකාශයට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පිවිසීමට එරෙහිව වෘත්තීය දේශපාලකයන්ගේ ප‍්‍රතිරෝධයයි. රාජ්‍ය නිලධාරිවාදය උච්ච අන්දමින් මුදා හැර තමන් නොකැමැති රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීමට හා ඔවුන්ට හිරිහැර කිරීමට බලයේ සිටින දේශපාලකයන් පෙළඹෙන සැටි අපි දන්නවා. ඒ හරහා ඔවුන් සිවිල් සමාජයට වක‍්‍රව පණිවුඩයක් යවනවා….අපත් සමග හැප්පෙන්න ආවොත් බලා ගෙනයි කියා.

2014 මහ මැතිවරණයෙන් ආමි ආද්මි පක්ෂය ජාතික වශයෙන් බලවේගයක් ලෙස ඉස්මතු වූයේ නැහැ. එහි වැදගත්ම පාඩම මෙයයි. ඉන්දියාව වැනි අතිශයින් විවිධ වූත් විශාල වූත් රටක සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිවිල් අවකාශයේ සිට දේශපාලන අවකාශයට පිවිසි විට ඔවුන්ට සාර්ථක විය හැක්කේ යම් භූගෝලීය වශයෙන් සීමිත ප‍්‍රදේශයක පමණයි. ජාතික මට්ටමෙන් එතරම් බලපෑමක් කළ හැකි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීම අසීරුයි.

එය එසේ වන්නේ ඇයි?

සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිය පොදු උන්නතියට කැපවූ කටයුතු හරහා සමාජයීය ප‍්‍රාග්ධනයක් (social capital) ගොඩනගා ගෙන තිබෙනවා. එහෙත් ඉන්දියාව වැනි විශාල රටක එය අදාළ වන්නේ එක් නගරයකට හෝ ප‍්‍රාන්තයකට පමණයි. මුළු රටටම හා බිලියන් 1.2ක ජනයාට ස්පර්ශ වන අන්දමේ සිවිල් ක‍්‍රියාකාරිකයන් බිහි වන්නේ ඉතා කලාතුරකින්.

ආමි ආද්මි පක්ෂය 2013 දිල්ලියේ රාන්ත රජය (Delhi legislative assembly) ජයගරහණය කළත් පාලනය කළේ දින 49යි. එහිදී ඔවුන්ගේ ජනපරියවාදී (populist) පිළිවෙත් බොහෝ විවේචනවලට ලක් වුණා. සිවිල් සමාජ රියාකාරිකයන් උද්ඝෝෂණවලට දක්ෂ වුවත් රාජ් පාලනයට අසමත්ද?

එබඳු හැඟීමක් සමහරුන් තුළ ජනිත කරන්නට ආමි ආද්මියේ දිල්ලි ක‍්‍රියා කලාපය හේතු වුණා. මෙය කනගාටුදායකයි. දිගු කලක් තිස්සේ වීදි බැස උද්ඝෝෂණය කළ පිරිසකට අන්තිමේදී ඡන්දයෙන් පාලන බලය ලැබුණු විට ඔවුන් ඉක්මනින් තම භූමිකාව වෙනස් කර ගත යුතුයි.

රාජ්‍ය පාලනය කිරීමේදී නිලධාරීන්, පොලිසිය, ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙකුත් පිරිස් සමග සහයෝගයෙන් වැඩ කරන්නට වනවා. ආමි ආද්මි පක්ෂය දිල්ලියේ පාලනයට පත්වූ විට එය හරිහැටි කරගෙන යෑමට අවශ්‍ය විනය හා සංවිධාන ශක්තිය ඔවුන් සතුවූයේ නැහැ. ඔවුන්ගේ සමාජ දැක්ම, අවංකබව හා කැපවීම ඉතා හොඳින් තිබුණත් නව වගකීම් සමුදායට අනුගත වීමට ඔවුන් අසමත් වුණා.

anna-hazare-gandhi-funny-cartoon

ඉන්දියාවට වඩා විශාලත්වයෙන් මෙන්ම විවිධත්වයෙන් බෙහෙවින් කුඩා වූ රී ලංකාවට මේ අත්දැකීම් අප කෙසේ අදාළ කර ගත යුතුද? මෙරට සිවිල් සමාජ රියාකාරිකයන් දේශපාලන අවකාශයට කෙසේ නම් පිවිසිය යුතුද?

පළමුවැන්න නම් සිවිල් ක‍්‍රියාකාරිකයන් ඍජුවම දේශපාලන නායකයන්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් නිතර මුණ ගැසී තම ස්ථාවරයන් හා ප‍්‍රශ්න පැහැදිලිව සන්නිවේදනය කොට සංවාද කළ යුතුයි. හැම දේශපාලන පක්ෂයකම පාහේ න්‍යායචාර්යවරුන් සිටිනවා. ඔවුන් සමගත් බුද්ධිමය සංවාදයක් ගොඩ නගා ගත යුතුයි. ඔබ ඔවුන්ට මුළුමනින්ම විරුද්ධ මත දැරුවත් ඔවුන් සමග සංවාද කිරීම ඉතා වැදගත්.

මෙහිදී ස්වාධීන හා සක‍්‍රිය මාධ්‍ය පැවතීම තීරණාත්මකයි. බොහෝ විට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පවත්නා රජයන්ට කියන දේ, කරන බලපෑම් ගැන මහජන මතයක් ඇති කළ හැක්කේ මාධ්‍ය ආවරණය හරහායි. ජනතා ව්‍යාපාර හා සිවිල් සමාජ අරගලයන් ප‍්‍රතිපත්ති හා නීති දක්වා යන දුෂ්කර ගමනේදී මාධ්‍යවලින් ලැබෙන දායකත්වය ඉන්දියාවේ අතිශය වැදගත්. අනෙක් අතට ජනතාවගේ ප‍්‍රශ්න හා ප‍්‍රමුඛතා මොනවාද යන්න හඳුනා ගන්නට මාධ්‍යවලට බෙහෙවින් උපකාරවන්නේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්. ශ‍්‍රී ලංකාවේ මේ සබඳතාව වඩාත් ප‍්‍රශස්ත කරගත හැකි නම් දෙපිරිසටම එය ප‍්‍රයෝජනවත් වනු ඇති.

දෙවැන්න නම් දේශපාලකයන් මුහුණ දෙන ප‍්‍රායෝගික දුෂ්කරතා හා ඔවුන්ට ඇති සීමාවන් ගැන සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මීට වඩා සංවේදී වීමද අවශ්‍ය යැයි මා සිතනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information Act) නීතියෙන් තහවුරු වී ඉන්දියාවේ දැන් දශකයක් පමණ කල් ගත වී තිබෙනවා. පුරවැසි හා සිවිල් සමාජ රියාකාරීත්වයට හා යහපාලනයට මෙය දායක වී ඇත්තේ කෙසේද?

ඉන්දියාවෙත් ශ‍්‍රී ලංකාවෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේ හඳුන්වා දුන් රාජ්‍ය රහස් පිළිබඳ නීති (official secret laws) එක සමානයි. බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලකයන්ට ඕනෑ වුණේ හැකි තරම් රජයේ තීරණ, ප‍්‍රතිපාදන හා වියදම් රටවැසියන්ගෙන් වසන් කොට තැබීමට. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම හරහා රාජ්‍ය ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙළ, මූල්‍ය ප‍්‍රතිපාදන, වියදම් හා වෙනත් රාජ්‍ය පාලන ක‍්‍රියාකාරකම් ගැන විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමේ වරම පුරවැසියන්ට ලැබෙනවා.

ඉන්දියාවේ මෙය නීතියක් ලෙස 2005දී ලබා දෙන්නට පෙර වසර ගණනාවක් සිවිල් සමාජ සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ඉතා ඕනෑකමින් ඒ සඳහා ජනමතයක් ගොඩ නැගුවා. එය නීතිගත වූ පසුවද එහි නිසි ක‍්‍රියාකාරීත්වය හා නිසි ඵල නෙලා ගැනීම තහවුරු කර ගන්නට සිවිල් සමාජ දායකත්වය ඉතා ඉහළයි.

මධ්‍යම තොරතුරු කොමිසමක් (Central Information Commission, CIC) ස්ථාපිත කරනු ලැබුවා. රාජ්‍ය ආයතනයකට තොරතුරු ඉල්ලීමක් කොට නිසි ප‍්‍රතිචාර නිසි කාල සීමාව තුළ නොලදහොත් එය ගැන පැමිණිලි කිරීමට හා මැදිහත්වීමට මේ කොමිසමට පූර්ණ බලතල තිබෙනවා. මුලදී තොරතුරු කොමසාරිස්වරුන් සියල්ලන්ම පරිපාලන සේවා නිලධාරීන් වුවත් දැන් ක‍්‍රමයෙන් කොමිසමට නීතිවේදීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ද පත්ව සිටිනවා.

අපේ වැදගත්ම පාඩම නම් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වීම පමණක් නොසෑහෙන බවයි. එය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට නිරන්තර සිවිල් සමාජ සහභාගිත්වය, අවදියෙන් සිටීම හා අධීක්ෂණය ඉතා වැදගත්.

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

තොරතුරු අයිතිය නීතිගත වීම සාමාන් ඉන්දියානු පුරවැසියාට බලපෑවේ කෙසේද?

මෙතෙක් නොයෙක් නිදහසට කාරණා දක්වමින් මහජනයාට නිලධාරිවාදී කඩතුරාවකින් වසන් කරගෙන සිටි රාජ්‍ය පාලන ක‍්‍රියාකාරීත්වය ප‍්‍රථම වතාවට නිල වශයෙන්ම විවෘත වූවා (open government).

මෙය හුදෙක් මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ අයිතියක් නොවෙයි. බිලියන් 1.2ක් වන සියලූම ඉන්දියානුවන්ට අද මධ්‍යම, ප‍්‍රාන්ත හෝ ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය තන්ත‍්‍රයේ බොහෝ පැතිකඩ ගැන තොරතුරු දින 30ක් ඇතුළත ලබා ගැනීමේ නීතිමය අයිතිය තිබෙනවා. ජනතාවට වග කියන රාජ්‍ය පාලනයක් (accountable government) ඇති කිරීමට නම් අනවශ්‍ය රහසිගත බව පසෙක ලා මෙසේ පාරදෘශ්‍යවීම ශිෂ්ට සමාජයකට අත්‍යවශ්‍යයි.

තොරතුරු ලබාගැනීමේ හැකියාව තහවුරුවීමත් සමග තොරතුරු විග‍්‍රහ කිරීම, සාවද්‍ය තැන් හඳුනා ගැනීම, හේතු විමසීම හා සංකීර්ණ ආකාරයේ අක‍්‍රමිකතා හෝ දුෂණ සොයා යෑම ආදී කුසලතා ඉන්දීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ප‍්‍රගුණ කොට තිබෙනවා. තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් ඵල නෙළා ගන්නටත් හැකි විය යුතුයි.

රජාතන්තරවාදයේ නියම අරුතත් එයම නේද?

ඇත්තටම ඔව්. වඩාත් සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (participatory democracy) ඒ හරහා ඉන්දියාවේ මතු වෙමින් තිබෙනවා. දුෂිත හෝ අකාර්යක්ෂම දේශපාලකයන් හා නිලධාරීන් මෙයට නොකැමැති වුවත්, අවංක හා සේවයට කැප වූවන්ට මේ තොරතුරු නීතිය හිතකරයි.

සමහර ඉන්දීය ප‍්‍රාන්තවල තොරතුරු නීතිය වඩාත් හොඳින් සාක්ෂාත් කරගෙන තිබෙනවා. එබඳු ප‍්‍රාන්තවල දැන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය අතර සබඳතා සවිමත් කරන යහපාලමක් ලෙස තොරතුරු නීතිය ක‍්‍රියා කරනවා.

සමහර පසුගාමී ප‍්‍රාන්තවල මෙය තවමත් සිදුව නැහැ. (ඉන්දියාව කියන්නේ සංකීර්ණ හා බහුවිධ තත්ත්වයන් පවතින රටක්.) නමුත් පොදුවේ ගත් විට තොරතුරු අයිතිය නීතිගත වීම හා එය තහවුරු කර ගැනීම හරහා ඉන්දීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මක බව මූලධර්මීය මට්ටමෙන්ම දියුණු වෙමින් තිබෙන බව නම් පැහැදිලියි.

නමුත් තවත් යා යුතු දුර බොහෝයි?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිරතුරුව වෙහෙස මහන්සියෙන් නඩත්තු කිරීම් කළ යුතු සමාජ සංසිද්ධියක්. එය කිසි දිනෙක හමාරයි පරිපූර්නයි කියා අපට විරාම ගන්නට බැහැ!

තොරතුරු අයිතිය නීතිගත වීම හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තුවට අමතර මෙවලම් හා අවකාශයන් ඉන්දීය අපට විවෘත වුණා. එය පදනම් කර ගෙන පොදු උන්නතියට අවශ්‍ය සංවාද කිරීම හා හිතකර ප‍්‍රතිපත්ති වෙත යොමු වීම දේශපාලකයන්, නිලධාරීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සියලූ දෙනාටම තිබෙන අභියෝගයක්.

ආචාර්ය ටැන්ඩන්, ඔබේ දැක්ම හා අත්දැකීම් රී ලංකාවේ අපට මාහැඟි ආදර්ශයක් හා රබෝධක ආවේගයක් සපයනවා. ඔබට බෙහෙවින් ස්තුතියි!

සිවුමංසල කොලූගැටයා #122: රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

In this week’s Ravaya column (in Sinhala), I continue my discussion on challenges of modernisation for small, independent media in the world today when print media industry faces formidable challenges.

I quote Sanjana Hattotuwa, new media researcher and activist, who was a speaker at the recent 65th annual congress of the World Association of Newspapers and News Publishers (WAN-IFRA) held in Bangkok.

I also refer to the Guardian newspaper’s model of Open Journalism, and ask how this can be adapted to suit our own realities. The challenges are more within the minds of media organisations, I argue, than in the technology tools or platforms.

I observe how, some 18 years after commercial Internet connectivity was introduced in Sri Lanka, not a single Lankan newspaper has been able to develop a modern website: all are stuck in the 1990s first generation web, and their attempts to ‘modernise’ and enter the 21st Century have been pitiful and hilarious at the same time. Ravaya has a real opportunity, therefore, to become the first Lankan newspaper — in any language — to develop an engaging and interactive website. But first, it must make some top level decisions on how it wants to position itself in the rapidly changing world of media content creation, dissemination and consumption.

Last week’s column: සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of Newspapers and News Publishers, WAN-IFRA) 65 වන වාර්ෂික සමුඵවේ කතිකයෙක් ව්‍යක්ත ලෙසින් කියා තිබුණා. මේ කර්මාන්තය අද මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් එයින් මැනවින් හසු කර ගන්නවා.

ලොව පුරා රටවල් 120ක පුවත්පත් හා සඟරා 18,000ක් හා පුවත් වෙබ් අඩවි 15,000ක් ප‍්‍රකාශයට පත් කරන සමාගම් 3,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ WAN-IFRA මේ අභියෝගය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. සාම්ප‍්‍රදායික ආදායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් නව ආදායම්, අරමුදල් හා නඩත්තු කිරීමේ ක‍්‍රමවේදයන් සොයා ගන්නට මේ ආයතනය සිය සාමාජික ප‍්‍රජාව වෙනුවෙන් අධ්‍යයන කරනවා.

කුඩා මාධ්‍ය ආයතනවල පැවැත්ම ස්ථාවර හා තහවුරු කිරීම හරහා මාධ්‍ය විවිධත්වය (media pluralism) රකිමින් මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දායක වීම එහි අරමුණයි. මෙහිදී හුදෙක් දේශපාලනික හා නෛතික වශයෙන් මාධ්‍ය නිදහස පතා අරගල කිරීම පමණක් අද කාලයේ සෑහෙන්නේ නැති බව WAN-IFRA පිළි ගන්නවා.

ගිය සතියේ අප විග‍්‍රහ කළ පරිදි තරුණ පරපුර පත්තර කියැවීමෙන් දුරස්වීම හා පුවත්පත්වලට වෙළඳ දැන්වීම් සඳහා වෙබ් අඩවි සමඟ තරග කරන්නට සිදුවීම නිසා බොහෝ දැවැන්ත බටහිර පුවත්පත් ආයතනවලට තමන්ගේ නිෂ්පාදන වියදම පවා පියවා ගන්නට බැරි මට්ටමට අලෙවිය හා දැන්වීම් ආදායම පහත වැටී තිබෙනවා.

මේ නිසා මෑතක් වන තුරු ඔවුන් කිසිසේත් සළකා නොබැලූ විකල්ප ආදායම් මාර්ග හා දානපති ආයතනවලින් අනුග‍්‍රහය ලබා ගැනීම ගැන දැන් ඔවුන් අවධානය යොමු කොට තිබෙනවා.

පුවත්පත් කර්මාන්තය කළඹන ප‍්‍රවාහයන් ලොකු කුඩා සියඵ ප‍්‍රකාශන සමාගම්වලට බලපෑම් ඇති කරන නමුත් එයින් වඩාත් ම පීඩාවට පත් වී සිටින්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ප‍්‍රකාශන ආයතනයි. වෙනත් ව්‍යාපාර හා ආයෝජන නැති, මාධ්‍ය ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයෙන් ම පැවැත්ම සහතික කර ගත යුතු ආයතනයි. මේ අභියෝගය පෙර අපර දෙදිග දියුණු වූ මෙන්ම දියුණු වන රටවලත් හමු වනවා.

Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
බැංකොක් ලෝක පුවත්පත් සමුඵවේ දුසිම් ගණනක් කතිකයන් අතර සිටි එක ම ලාංකික කතිකයා වූයේ Groundviews.org වෙබ් අඩවියේ ආරම්භකයා හා කතුවරයා වන සංජන හත්තොටුව. සාම්ප‍්‍රදායික මුද්‍රිත මාධ්‍ය ආකෘතියෙන් බැහැරව පුරවැසි මාධ්‍ය කලාව (citizen journalism) මාදිලියේ වෙබ් ප‍්‍රකාශනයක් වන Groundviews.org ඒ ආකාරයේ මෙරට මුල් ම ප‍්‍රකාශනයයි.

2006 ඇරැඹී, අද දක්වා මෙරට දේශපාලනික, සමාජයීය, සංස්කෘතිකමය හා වෙනත් මාතෘකා විවෘතව හා ස්වාධීනව විග‍්‍රහ කරන මේ වෙබ් අඩවියේ පළ කැරෙන්නේ විවිධ ක්‍ෂෙත‍්‍රවල සංවේදී බුද්ධිමතුන්, සමාජ කි‍්‍රයාකාරිකයන් හා වෘත්තීය ලේඛකයන් නොමිලයේ ලියා දායක කරන ලිපි ලේඛනයි.

මුල් කාලයේ බොහෝ කොට වචනවලට සීමා වූ මේ වෙබ් අඩවිය අද වන විට හඬ, ජායාරූප හා වීඩියෝ ද පළ කරනවා. මේ සියල්ලට දෘෂ්ටිමය රාමුවක් සපයන කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තියක් හා සාරධර්ම ඔවුන්ට තිබෙනවා. මුද්‍රිත ප‍්‍රකාශන මෙන් නොව එය කුමක්දැයි ඔවුන් පැහැදිලිව ම කියා සිටිනවා.
http://groundviews.org/submission-guidelines/

Groundviews ප‍්‍රකාශනයට විටින් විට ලිපි සපයන හා එහි අන්තර්ගතය නිතර කියවන අයකු හැටියට මට පැහැදිලිව පෙනී යන්නේ පොදු උන්නතිය හා රටේ අනාගතයට අදාල හා වැදගත් තොරතුරු හා වාද විවාද රැසක් එහි සිදු වන බවයි. ලිපි බොහොමයකට ප‍්‍රතිචාර ලෙස මතු වන පාඨක අදහස් (comments) හරහා විවිධ සංවාද විසංවාද නිතර ඇති වනවා. ශිෂ්ඨ මට්ටමක මේ අදහස් පවත්වා ගැනීම පිණිස කතුවරයා ඒවා පළ කිරීමට පෙර විමර්ශනය කරනවා (moderate).

දශක තුනකට වඩා කලක සිට මෙරට ඉංගී‍්‍රසි ජාතික පුවත්පත් කියවන මට, මෑත වසරවල සිතෙන්නේ ඔවුන් සිය මුද්‍රිත කලාප හෝ වෙබ් අඩවි හෝ හරහා කරන විග‍්‍රහයන් හා සංවාදවලට වඩා හරවත් වූත්, විවෘත වූත් අන්තර්ගතයක් මේ වන විට Groundviews තුළ හමුවන බවයි.

ජාත්‍යන්තර ප‍්‍රකාශන හා තාක්‍ෂණ ප‍්‍රවණතා සළකා බලමින් සංජන හත්තොටුව කියන්නේ රාවය අදට වඩා පුඵල්වත්, උපක‍්‍රමශීලීවත් වෙබ් මාධ්‍යය වැළඳ ගත යුතු බවයි. අපේ අන් සෙසු පත්තර කරන්නාක් මෙන් මුද්‍රිත අන්තර්ගතය වෙබ් ගත කිරීම නොවේ ඉන් අදහස් වන්නේ.

වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා මෙරට ඇරඹුණේ 1995 අපේ‍්‍රල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග‍්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප‍්‍රවේශ වුණා.

එහෙත් මෙරට කිසිදු ඉංගී‍්‍රසි හෝ සිංහල පුවත්පතක් හරිහමන් වෙබ් අඩවියක් බිහි කොට පවත්වා ගෙන යන්නට තවමත් අසමත්ව තිබෙනවා. ඔවුන් වෙබ් අඩවි ලෙස සළකන්නේ මුද්‍රිත පත්තරයේ තොරතුරු හා රූප වෙබ් මාධ්‍යයට රිංගවීම හා එයට උඩින් Breaking News ටිකක් කලවම් කිරීම පමණයි. මාධ්‍ය වෙබ් අඩවි කලාව බොහෝ සේ පරිනාමය වී තිබෙන අද දවසේ මෙය හාස්‍යජනක මට්ටමේ සිල්ලර වැඩක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ පත්තර ආයතනවලට නොතේරෙන යථාර්ථය මෙයයි!

ඕපාදුප හා දුෂමාන ආරංචි පතුරවන වෙබ් අඩවි මෙන් ම ඕනෑකමින් චරිත ඝාතනයේ යෙදෙන හෝ මුඵමනින් අසත්‍ය කුමන්ත‍්‍රණවාදී ප‍්‍රලාපයන් පතුරුවන වෙබ් අඩවි ද බිහිව තිබෙනවා. මේවා, ඉන්ටර්නෙට් හරහා අපට ළගා විය හැකි අතිවිශාල හා පුඵල් පරාසයක අන්තර්ගතයන් අතරින් සංඛ්‍යාත්මක සුඵතරයක් පමණයි. (ඒවාට සම කළ හැකි මුද්‍රිත ප‍්‍රකාශන ද තිබෙනවා. කැලෑපත්තර, පැපිරාට්සි ආකාරයේ ප‍්‍රකාශන එයට උදාහරණයි.)

එහෙත් වෙබ් මාධ්‍යයේ විශ්මිත විභවය මේ අයාලේ යාම් නිසා නිෂ්ප‍්‍රභ වන්නේ නැහැ. මුද්‍රිත මෙන් ම ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවලටත් අද තිබෙන අභියෝගය නම් තමන්ගේ අන්තර්ගතය මෙන් ම ව්‍යාපාරික ආකෘතිය ද වෙබ් මාධ්‍යයේ වැදගත්කම එන්න එන්න ම වැඩි වෙමින් පවතින නූතන තොරතුරු සමාජයට සරිලන ලෙස හැඩගස්වා ගැනීමයි.

සංජන කියන්නේ රාවය තවදුරටත් මුද්‍රිත පුවත්පතක් ලෙස ලක් පාඨකයන් අතරට යන අතර එහි වෙබ් නියෝජනය වඩාත් බහු මාධ්‍ය (රූප, හඬ, කෙටි වීඩියෝ සාකච්ජා) හා සංවාදශීලී කළ හැකි බවයි. මෙයට අමතර පිරිස් බලය හා යම් ආයෝජනයක් අවශ්‍ය වූවත්, එයටත් වඩා වැදගත් වන්නේ කුඩා ප‍්‍රකාශනයකට ලොකු වෙබ් බලපෑමක් කළ හැකි වන පරිදි උපක‍්‍රමශීලීව සියල්ල සැළසුම් කිරීමයි.

මෙහිදී මෙරට වෙන කිසිදු පුවත්පතක වෙබ් අඩවියකට සම්බන්ධ වූ කිසිදු ශිල්පියකු සම්බන්ධ කර නොගත යුතු යයි මා සිතනවා. මන්ද ඔවුන් සැවො ම තවමත් 1990 දශකයේ සිල්ලර මානසිකත්වයට කොටු වී සිටින නිසා.

වෙබ් සමාජ මාධ්‍ය (social media) උඩින් පල්ලෙන් නොව ක‍්‍රමීය වශයෙන් පුවත්පතේ අන්තර්ගතය බිහි කිරීමට කෙසේ යොදා ගත හැකි ද යන්න රාවය ගැඹුරින් සළකා බැලිය යුතු බව සංජන කියනවා.

අපේ බොහෝ වෘත්තීය මාධ්‍යවේදීන් හා කතුවරුන් සිය පාඨකයන් ගැන දරණ අධිමානීය (superior) ආකල්පයෙන් තොරව, පාඨකයන් ද සැබෑ පාර්ශවකරුවන් බවට පත් කර ගෙන සහයෝගිතා අන්තර්ගතය (collaborative content) බිහි කරන්නේ කෙසේ ද? එහිදී පත‍්‍ර කලා සාරධර්ම රැක ගනිමින්, පාඨක බුද්ධිමය හිමිකම් ද සාක්‍ෂාත් කිරීමට ආසියාවේ වෙනත් පුවත්පත් ගන්නා පියවර මොනවා ද?

අද හුදෙක් පරිගණක හරහා පමණක් නොව වෙබ් පිවිසීමේ හැකියාව ඇති ජංගම දුරකථන (smartphones) හරහා ද බොහෝ ලාංකිකයන් ඉන්ටර්නෙට් පරිශීලය කරන බැවින් රාවය වෙබ් අත්දැකීම් ඔවුන්ට ද පහසු හා හිතකර එකක් (mobile friendly) කරන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර හා ආසියානු කලාපීය අත්දැකීම් මෙරට යථාර්ථයට අදාල කර ගත යුතුයි. අපේ පුවත්පත් කර්මාන්තය කවදත් එබඳු ආභාෂයන් ලැබුවා. ඉදිරි පැවැත්ම ගැන පත්තර හා සඟරා මුහුණදී තිබෙන පොදු අභියෝගවලට ලොව සෙසු ප‍්‍රකාශන හා සමාගම් ප‍්‍රතිචාර දක්වන ආකාරය සමීපව සොයා බැලීම ඉතා වැදගත්.

වෙබ් අභියෝගයට යම් තාක් සාර්ථකව මුහුණ දී තිබෙන බි‍්‍රතාන්‍යයේ The Guardian ගාඩියන් පුවත්පත ඒ සඳහා තමන්ගේ සම්පූර්ණ පත්තර කලා දැක්ම හා ක‍්‍රමවේදය ම ප‍්‍රතිසංවිධානය කළා.

The Guardian Editor Alan Rusbridger
The Guardian Editor Alan Rusbridger

ගාඩියන් කතුවර ඇලන් රස්බි‍්‍රජර් මෙය හඳුන්වන්නේ Open Journalism හෙවත් විවෘත පත‍්‍ර කලාව ලෙසයි. ඉතා සරලව විග‍්‍රහ කළොත් පාඨකයන් ද හවුල් කර ගෙන මාධ්‍ය වාර්තා, ගවේෂණ හා විග‍්‍රහයන් බිහි කිරීම එහි මූලික ප‍්‍රවේශයයි. www.guardian.co.uk/media/open-journalism

බහුතරයක් මුද්‍රිත ප‍්‍රකාශනවල වෙබ් අඩවි පාඨක අදහස් දැක්වීමට ඉඩ දුන්නත් එම අදහස් මත පදනම් වී, ඒ සංවාදවලින් පෝෂණය වී, වෘත්තීය/මාණ්ඩලික වාර්තාකරුවන් හා ලේඛකයන් මාධ්‍ය අන්තර්ගතයක් බිහි කරන්නේ නැහැ. (හේතුව පාඨකයන්ට වඩා තමන් දන්නා බවට පත‍්‍ර කලාවේ බහුල විශ්වාසයයි.)

එහෙත් විවෘත පත‍්‍ර කලාවේ යම් සිදුවීමක් හෝ කාලීන මාතෘකාවක් වාර්තාකරණයට පාඨක දායකත්වය ගෞරවනීය ලෙසින් හවුල් කර ගන්නවා. එයට හොඳම මෑත උදාහරණය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වියදම් වාර්තා විමර්ශනයයි.

ඇතැම් බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රන් සැබෑ වියදම් වැඩිකොට පෙන්වා හා නැති වියදම් මවා පාමින් මහජන මුදල් ගසා කන බවට ආන්දෝලනාත්මක හා ගවේෂණාත්මක ප‍්‍රවෘත්තිය මුල් වරට හෙළිදරවු කළේ Daily Telegraph පුවත්පතයි. ඒ 2009 මැයි මාසයේ. මහජන මුදල් වියදම් කැරෙන ආකාරය ගැන මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය (right to information) යටතේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සමාජ කි‍්‍රයාකාරිකයන් ලබා ගත් ලියකියවිලි මිලියන් 2ක් ටෙලිග‍්‍රාෆ් හා ගාඩියන් පුවත්පත් අතට පත් වුණා.

ගාඩියන් පුවත්පත කළේ මේ අතිවිශාල ලියවිලි කන්දරාව වෙබ් අඩවියක් හරහා මුදා හැර ඒවායේ සැක කටයුතු වියදම් තොරතුරු ඇත්දැයි විමර්ශනය කිරීමට පාඨකයන්ට ඇරැයුම් කිරීමයි. මේ ස්වේච්ජා කාරියට පාඨකයන් 20,000ක් දෙනා ඉදිරිපත් වුණා. අඩු වියදමකින්, කෙටි කාලයකින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි වුණා.

පාඨකයන් විසින් අවධානයට යොමු කළ වියදම් වාර්තා මාණ්ඩලික ලේඛකයන් විසින් දැඩි ගවේෂණයට ලක් කරනු ලැබුවා. මේ හරහා අල්ලා ගත් හොර මැර වංචා මෑත ඉතිහාසයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලොකු ම කැළල බවට පත් වී හමාරයි. (පක්‍ෂ, විපක්‍ෂ දෙකේ ම මන්තී‍්‍රන් වංචනිකයන් ලෙස චෝදනා ලබා අධීකරණ කි‍්‍රයාදාමයකට පමුණුවා තිබෙනවා.)

එක පොදු අරමුණකට වෙබ් මාධ්‍යය හරහා බොහෝ දෙනකු හවුල් කරගැනීම හඳුන්වන්නේ crowd-sourcing නමින්. හවුලේ තොරතුරු ගවේෂණය යයි කිව හැකියි. යම් තොරතුරු හා ඉගි පාඨකයන් විසින් පුවත්පත්වලට ලබා දීම ඓතිහාසිකව කෙරුණත්, අද නවීන සන්නිවේදන තාක්‍ෂණය හරහා එය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙනවා. එහිදී ගවේෂණාත්මක පත‍්‍ර කලාවේ සාරධර්ම හා මූලධර්ම රැක ගනිමින් පාඨකයන් ද මේ ව්‍යායාමවලට හවුල් කර ගැනීම විවෘත පත‍්‍ර කලාවේ මූලික ගුණාංගයක් ලෙස ගාඩියන් කතුවරයා විග‍්‍රහ කරනවා.

මෙබඳු නව්‍යකරණයන් හා අඵත් ආකෘතින් නිසා ගාඩියන් වෙබ් අඩවිය අද ලෝකයේ වැඩිපුර ම පාඨකයන් පැමිණෙන පුවත්පත් වෙබ් අඩවිය බවට පත්ව තිබෙනවා.

එසේ නම්‍යශීලී හා නිර්මාණශීලී ලෙස පරිනාමය වන මාධ්‍ය ආයතනවලට පැවැත්ම පිළිබඳ දැඩි තර්ජනයකට මුහුණ නොදී මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය හරහා හමන සැඩ සුළංවලට ඔරොත්තු දීමට හැකි වනවා. එසේ නොකරන මාධ්‍ය ආයතන එක්කෝ වැසී යනවා. නැතිනම් කාගේ හෝ මූල්‍යමය පිහිටෙන් පවත්වා ගන්නට සිදු වනවා.

Read Nov 2011 Ravaya interview with Sanjana Hattotuwa (in Sinhala) on new media realities in the Lankan context:

Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011
Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011