සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

Last month, NASA released a series of new images that offer an unprecedented new look at our planet at night. The global composite image, constructed using cloud-free night images from a new generation weather satellite, shows the glow of natural and human-built phenomena across the planet in greater detail than ever before. Each white dot on the map represents the light of a city, fire, ship at sea, oil well flare or another light source. (Explore at: http://earthobservatory.nasa.gov)

This week’s Ravaya column (in Sinhala) is on what these night lights mean. I talk to astrophysicist Dr Kavan Ratnatunga about understanding Sri Lanka at night as it can be seen from space.

Earth at night 2012 NASA composite satellite image
Earth at night 2012 NASA composite satellite image

අප දිනපතා ජීවිතය ගෙවන්නේ තම තමන්ගේ යථාර්ථයේ ඇළී ගැලී සීමිත පරාසයක් තුළයි. එහෙත් ඉඳහිට හෝ පියවර කිහිපයක් පසුපසට තබා විසල් චිත‍්‍රය (bigger picture) බැලිය හැකි නම් අපේ දැක්ම හා චින්තනය වඩාත් පුළුල් වනවා.

මුළු ලෝකය ම එයින් බැහැර සිට බැලීමේ තාක්ෂණික හැකියාව ලැබුණේ අභ්‍යවකාශ යුගයේ උදාවත් සමඟයි. පෘථිවි කක්ෂයට යවන ලද චන්ද්‍රිකා මඟින් පොළොව මතුපිට සිට කිලෝමීටර් සිය ගණනක් ඉහළින් ඡායාරූප ලබා ගැනීම 1960 දශකයේ ඇරඹුණා. 1969-72 කාලයේ හඳ තරණයට ගිය ඇපලෝ අජටාකාශගාමීන් කිමී ලක්ෂ හතරකට වඩා දුර සිට අපේ ග‍්‍රහලෝකය අභ්‍යවකාශයේ අඳුරු පසුබිම තුළ ලස්සන ජිල් බෝලයක් සේ පෙනෙන සැටි ඡායාරූප ගත කළා. 1970න් පසු ලොව පුරා මතුව ආ පරිසර සංරක්ෂණය පිළිබඳ උද්‍යෝගයට අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පෘථිවි ඡායාරූප ද දායක වූ බව පිළි ගැනෙනවා.

අපේ ලෝකයේ ගති සොබා ගැන පුළුල් හැඟීමක් ලබා ගන්නට පමණක් නොවෙයි. භූමි පරිභෝජන රටා, ආපදා හා කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණයටත් චන්ද්‍රිකාවලින් ගන්නා ඡුායාරූප මහත් සේ උදවු වනවා. ඡායාරූප කීවාට දෘෂ්ටි ආලෝක පරාසය පමණක් නොව අධෝරක්ත (infrared) හා වෙනත් පරාසයන් හරහා ද අපේ ග‍්‍රහලෝකය දැන් නිරතුරුව ම නිරීක්සනු ලබනවා.

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා (NASA) ආයතනය අපේ පෘථිවියේ රාත‍්‍රී චන්ද්‍රිකා ඡායාරූප එක් කොට මුළු ලෝකයට ම පොදු රූපයක් නොමිලයේ ඉන්ටර්නෙට් හරහා නිකුත් කිරීම ඇරඹුවේ 1994දී. එහිදී ආසන්න දින ගණනාවක් තිස්සේ ලබා ගත් ඡායාරූපවලින් වඩාත් ම ප‍්‍රශස්ත (වලාකුළු රහිත) ඒවා තෝරා සංයුක්ත රූපයක් සිතියම් ආකාරයට සකසනවා. ගෝලීය වූ ලෝකය ද්විමාන ලෙසින් නිරූපණය කිරීමේ විවිධ සිතියම් ප‍්‍රකේෂපන ක‍්‍රම (map projection) තිබෙනවා.

වඩාත් දියුණු වූ චන්ද්‍රිකාවකින් 2012 වසරේ ලබා ගත් රාත‍්‍රී ඡායාරූප එකතුවක් දෙසැම්බර් මුලදී නාසා ආයතනය නිකුත් කළා. එයට යොදා ගත්තේ 2011 ඔක්තෝබරයේ කක්ෂගත කළ සුවෝමි NPP නම් චන්ද්‍රිකාවයි. ධ‍්‍රැවීය කක්ෂ මාර්ගයක ඇති මේ චන්ද්‍රිකාව දිනකට 14 වතාවක් ලෝකය වටා යනවා. 2012 අපේ‍්‍රල් හා ඔක්තෝබර් මාසවලදී කක්ෂවාර 312ක් පුරා හසු කරගත් අධෝරක්ත ඡායාරූප දහස් ගණනක් අතරින් හොඳ ම රූප සංයුක්ත කොට මේ අලූත් රාත‍්‍රී ලෝක සිතියම් නිර්මාණය කර තිබෙනවා.

හිරු එළිය පතිත වී නැති විට අපේ ලෝකය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ විට කුමක් දැකිය හැකි ද? මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජනනය වන වීදි හා නිවෙස් ආලෝකය, මුහුදේ නැව් හා බෝට්ටුවල එළි හා තෙල් ළිංවල මහා දැල්ල ආදියට අමතරව ලැව් ගිනි, ධ‍්‍රැවීය ආලෝකයන් (අවුරෝරා) ආදියත් දිස් වනවා.

රාත‍්‍රි කාලයට ලෝකය දෙස බැලීමෙන් අපේ ලෝකයේ ජනාවාස සංකේන්ද්‍රනය වී ඇති සැටි තේරුම් ගත හැකියි. ‘‘මිහිතලයේ මානව ව්‍යාප්තිය හා සාපේක්ෂ සංකේන්ද්‍රනය ගැන දළ හැඟීමක් මේ රාත‍්‍රී රූප දෙස බලා අපට ලද හැකියි’’ මේ කේෂත‍්‍රයේ විශේෂඥයකු වන ක‍්‍රිස් එල්විජ් කියනවා.

එහෙත් විදුලිබල පරිභෝජනය ලොව සෑම තැනෙක ම එක ලෙසින් සිදු වන්නේ නැහැ. උතුරු අමෙරිකාවේ හා බටහිර යුරෝපයේ රාත‍්‍රී ආලෝකයන් ඉතා දීප්තිමත්ව පෙනෙන අතර ඊට වඩා අධික ජන සංඛ්‍යාවක් වෙසෙන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසීලය වැනි රටවල රාත‍්‍රි ආලෝක සාපේක්ෂව අඩුයි.

1994 සිතියම් සමඟ මේ වසරේ රාත‍්‍රී සිතියම සසඳන විට ආසියාවේ හා ලතින් අමෙරිකාවේ විදුලි ආලෝකයේ පැතිරීම ව්‍යාප්ත වී ඇති සැටි පෙනෙනවා.බිලියන් 7.2ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා දැන් වාසය කරන්නේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල. 2050 වන විට එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 70ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා.

බොහෝ නගර බිහි වී ව්‍යාප්ත වී තිබෙන්නේ වෙරළ ප‍්‍රදේශ හෝ ප‍්‍රධාන ගංගා නිම්න ආශ‍්‍රිතවයි. මේ බව රාත‍්‍රී එළි සිතියම දෙස බැලූ බැල්මට ම පෙනී යනවා. අමෙරිකාව හා ඉන්දියාව වැනි විශාල රටවල ප‍්‍රධාන මහාමාර්ග දෙපස ජනාවාස අධිකයි. මේ මාර්ගවල විහිදීම වීදි ආලෝක නිසා අපට සිතා ගත හැකියි.

South Asia at night - composite satellite image taken in April & Oct 2012
South Asia at night – composite satellite image taken in April & Oct 2012

ලෝක ජනගහනයෙන් සියයට 60කට නිවහන වන අපේ ආසියා පැසිෆික් කලාපයේ රාත‍්‍රී ආලෝක දෙස බැලීමෙන් ආර්ථික සංවර්ධනය හා මිනිස් ජනාවාස පැතිරී තිබෙන අසමාන රටාව තේරුම් ගත හැකියි. ජපානයේ හා නැගෙනහිර චීනයේ ප‍්‍රදේශ රැසක රාත‍්‍රිය දීප්තිමත් වී තිබෙන අතර, ඉන්දුනීසියාව හා ඕස්ටේ‍්‍රලියාව වැනි විශාල රටවල එය පෙනෙන්නේ කිහිප තැනෙක පමණයි.

චීනයට සාපේක්ෂව ඉන්දියාවේ ජන ඝනත්වය ඉහළයි. මේ නිසා රාත‍්‍රී සිතියමේ ඉන්දියාව පුරා ම පාහේ එළි දැකිය හැකියි. එහෙත් ඉන්දියාවේ උතුරු දිග මායිමක් වන හිමාල කඳුවැටිය මුළුමනින් ම අඳුරුයි. හිමාලයෙන් උතුරට වන්නට ඇති චීනයේ අසංවර්ධිත බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ (චන්ද්‍රිකාවට හසු වන තරමේ) එකදු ආලෝකයක්වත් නැහැ. රුසියාවෙත් නාගරික කේන්ද්‍ර කිහිපයක් හැරුණු කොට විශාල ජනශුන්‍ය හෝ අසංවර්ධිත ප‍්‍රදේශ තිබෙන බව පැහැදිලියි.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි තත්ත්වය කුමක් ද?

ලෝක මට්ටමේ සිතියමක අපේ දූපත පෙනෙන පරිමාණයෙන් වැඩි විස්තර දැක බලා ගන්නට අපහසුයි. ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ම ප‍්‍රබල අතර ඊළඟට වැඩියෙන් ම දීප්තියෙන් පෙනෙන්නේ යාපනය අර්ධද්වීපයයි.

කොළඹට අමතරව මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරවලත් රාත‍්‍රී ආලෝක පැහැදිලිව තිබෙනවා.

යාපනය නගරයට උතුරට හා ඊසාන දිගට වන්නට කන්කසන්තුරේ සහ පේදුරු තුඩුව අවට දැඩි ආලෝකයන් පෙනෙනවා. 1994 හා 2003 චන්ද්‍රිකා රාත‍්‍රී සිතියම්වල මුළු උතුරු පළාතේ ම කිසිදු එළියක් සනිටුහන් වී නැහැ. යුද්ධ වකවානුවේ උතුරට විදුලි එළිය සැපයීම අඩාල වූ සැටි අප දන්නවා.

කලක් නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරදක්න පර්යේෂණවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගගෙන් මේ උතුරේ ප‍්‍රබල ආලෝකයන් ගැන මා විමසුවා. ‘‘මේ තරම් ප‍්‍රබල එළි නිවාස හෝ ව්‍යාපාරික ආයතන නම් විය නොහැකියි. එහෙත් එයට හේතුව මට සිතා ගත නොහැකියි.’’ ඔහු කියනවා.

A closer look at southern India and Sri Lanka at night - composite satellite image taken in April & Oct 2012
A closer look at southern India and Sri Lanka at night – composite satellite image taken in April & Oct 2012

යාපනයට අමතරව වවුනියා, අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය නගර මුල් කර ගෙන ආලෝක සංකේන්ද්‍රනයක් පෙනෙනවා. එසේ ම මඩකළපුව හා ආරුගම් බොක්ක ප‍්‍රදේශයේත් පැහැදිලි එළි රැසක් තිබෙනවා. මහනුවර සිට යාපනයට දිවෙන කිමී 321ක් දිග A9 මහා මාර්ගයේ කොටස් රාත‍්‍රී එළි නිසා හඳුනාගත හැකියි. අවට දෙපස අඳුරේ තිබියදී මහා මාර්ගය දෙපස පමණක් එළි පෙනෙනවා. මෙබඳු ප‍්‍රධාන මාර්ගවල විහිදීම දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලත් දිස් වනවා.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූපයකට හසු විය හැකි තරම් විදුලි එළි නොමැති ප‍්‍රදේශ රාශියක් අපේ රටේ තිබෙනවා. අඳුර වඩාත් ප‍්‍රබලව ඇත්තේ මන්නාරම හා කතරගම අවට ප‍්‍රදේශවල බවත්, ඒ නිසා මේ ප‍්‍රදේශ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවලට වඩාත් හිතකර වන බවත් කාවන් කියනවා.

මේ වන විට නාගරික ප‍්‍රදේශවල විදුලි ආලෝකය හා දූවිල්ල නිසා හරිහැටි රාත‍්‍රී අහස බලා ගැනීම අපහසු වී තිබෙනවා. තාරකා විද්‍යාඥයන් කළුවර අහස රැක ගැනීමේ ලෝක ව්‍යාප්ත වෑයමක් (Saving Dark Skies) දියත් කර ඇත්තේ මේ ප‍්‍රවණතාව නිසයි.

අපේ දිවයිනේ ජන සංකේන්ද්‍රනය, නාගරීකරණය හා විදුලිබල පරිභෝජනය ගැන දළ වැටහීමක් මේ රාත‍්‍රී සිතියම් හරහා ලද හැකියි. අප සිතනවාට වඩා ඉහළ මට්ටමේ නාගරීකරණයක් අපේ දිවයිනේ සිදුව තිබෙනවා. 2030 වන විට මෙරට ජනගහනයෙන් අඩක් නගරවල වාසය කරනු ඇතැයි විශේෂඥයෝ අනුමාන කරනවා.

මෑත සතිවල දී හඳුනා නොගත් ආලෝකයන් ගැන කලබල වූ සමහරුන් පිළිබඳව මාධ්‍ය වාර්තා අප දුටුවා. ඒ ගැන වෙන ම විග‍්‍රහ කළ යුතුයි. එහෙත් රාත‍්‍රියට අප තනිව හා සාමූහිකව ආලෝකය සමඟ කරන දේ සමස්තයක් ලෙස අභ්‍යවකාශයේ සිට දැකිය හැකියි.

එසේ ම අප කැමති වූවත් නැතත් චන්ද්‍රිකා ඡායාරූප ඉන්ටර්නෙට් හරහා මුළු ලෝකයට ම නොමිලයේ බලා ගන්නට හැකියි. අප දැන් ජීවත් වන්නේ ගෝලීය වීදුරු ගෙයක (Global Glasshouse) බව අමතක කරන්න එපා!

භෞතික විද්‍යාවේ නියමයන් රජයකට හෝ බලාධිකාරියකට නතු නොවන නිසා ඉහළ අභ්‍යවකාශයේ සිට අපේ රට චන්ද්‍රිකා ඡායාරූප ගත කිරීම නතර කරන්නට කිසිවකුටත් බැහැ. (ලෝකයේ බලවත් රටවල් හමුදා ඔත්තු බැලීම සඳහා ද මේ තාක්ෂණය යොදා ගන්නවා!)

නාසා රාත‍්‍රී අහස වෙබ් අඩවිය: http://earthobservatory.nasa.gov
ගූගල් පෘථිවි සිතියම් ගවේෂණය කරන්නට වෙබ් අඩවිය: http://tiny.cc/GMapN

Asia and Australia at night - globular view
Asia and Australia at night – globular view

සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

For much of 2012, a large section of the print and broadcast media in Sri Lanka behaved like the proverbial chicken who panicked himself and the rest of the jungle claiming the sky was falling.

They uncritically and sometimes gleefully peddled the completely unsubstantiated and imaginary prophecies of doom and gloom – specifically, about the world ending on 21 December 2012.
And just like Chicken Little did, our media too had plenty of uncritical followers – a case of the blind leading the blind. They worked themselves into a misplaced frenzy, imagining all sorts of scenarios for the world’s end.

In this week’s Ravaya column (in Sinhala), I take a critical look at our uncritical and fear-mongering media, especially broadcast media. Appears in print issue of 30 Dec 2012.

See also related English posts:
End-of-the-World Special: Chicken Little Media Awards 2012
21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

Tribute to a myth, courtesy www.Boondi.lk
Tribute to a myth, courtesy http://www.Boondi.lk

දෙසැම්බර් 21 වනදා ගෙවී ගියා. එහෙත් නිට්ටාවට ම සිදු වනවා යැයි කියා තිබූ ලෝක විනාශයේ සේයාවක්වත් දැක ගන්නට නම් ලැබුණේ නැහැ!

මානව සංහතිය අනතුරට පත් කරන මට්ටමේ ආපදා ගොන්නක් එක විට හට ගත්තේ නැහැ. එසේ ම දින තුනක් එක දිගට හිරු නොපෑවීම නිසා අදුරු වීම වැනි අතිශයින් අභව්‍ය අනාවැකි මුළුමනින් ම ප‍්‍රලාප බවට පත් වුණා.

ලෝක විනාශය ගැන මේ කොලමින් අප 2012 මාර්තු 18 සහ මාර්තු 25 වනදා විස්තරාත්මකව විග‍්‍රහ කළා. අපේ ග‍්‍රහලෝකය තුළින් මතු වන ආපදාවක් නිසා හෝ පිටසක්වලින් එන උවදුරක් නිසා හෝ මේ වසරේවත් නුදුරු අනාගතයේවත් ලෝක විනාශයක් වීම ගැන ජනප‍්‍රිය සංස්කෘතියේ සංසරණය වන මතවාදයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව අප අවධාරණය කළා.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නම් වූ කොලමින් මාර්තු 25 වනදා මා මතු කළ ප‍්‍රශ්න මේවායි. “සිදුවන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භීතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමූහික චින්තනයට සමීප වෙලාද?”

ලෝක විනාශය නිට්ටාවට ම සිදු වනවා යැයි මුලදී මොර ගෑ උදවිය වසර අග වන විට ටිකෙන ටික තමන්ගේ ස්ථාවරය වෙනස් කළ හැටි හොඳාකාර පෙනී ගියා. එසේ ම ලෝක විනාශවාදීන් පේන කී හැටියට විවිධාකාරයෙන් විනාශ වන්නට නම් පෘථිවි ලෝක එකක් මදි. කිහිපයක් තිබිය යුතුයි!

ලෝක විනාශයට අහක හිටපු මායාවරුන්වත් නිරපරාදේ ඈඳා ගත්තා. විශිෂ්ට සභ්‍යත්වයක් තිබූ මායාවරුන් කිසි තැනෙක එබන්දක් කියා නැති බවට මායාවරුන්ගෙන් පැවත එන වත්මන් පරපුර හා මායා සභ්‍යත්වය ගැඹුරින් අධ්‍යයනය කළ සැබෑ විද්වතුන් යළි යළිත් කීවත් මිථ්‍යාවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දුන් අවිචාරශීලි මාධ්‍යවලට එය ප‍්‍රශ්නයක් වූයේ නැහැ.

එපමණක් නොවේ බුදු දහම, තාරකා විද්‍යාව, භූ විද්‍යාව වැනි විවිධ කේෂත‍්‍රවලින් උඩින් පල්ලෙන් යම් යම් දේ උකහා ගෙන පොදු ජනයා බියපත් හා මංමුලා කරන ආකාරයේ බිහිසුණු අනාවැකි නිර්මාණය කරනු ලැබුවා.

මේ සාමූහික අයාලේ යාමට වගකිව යුත්තේ කවරහු ද?

ඕනෑ කෙනකුට කැමති දෙයක් විශ්වාස කරන්නටත්, එයින් බියට පත් වීමටත් පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් ඒ නිදහසට මුවා වී සමාජයේ ඉච්ඡභංගත්වය හා භීතිය වපුරන්නට තිබෙන අවකාශයට සදාචාරමය සීමාවන් තිබිය යුතයි. ප‍්‍රකාශන නිදහස ගැන මූලික රීතියක් වන්නේ ජනයාගේ පිරී ගිය රඟහලක ‘ගිනි ගන්නවෝ’ යැයි අහේතුකව කෑගසන්නට කිසිවකුට අයිතියක් නැති බවයි.

chickenlittleලෝක විනාශ මිථ්‍යාවක් මතු වූ ප‍්‍රථම වතාව මෙය නොවෙයි. එහෙත් මෙතරම් ලෝක ව්‍යාප්ත මට්ටමින් මෙබඳු මුලාවක් හා භීතියක් මෙවර හට ගත්තේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණය හරහා මේ ප‍්‍රබන්ධය අති විශාල ජනකායක් අතරට ඉක්මනින් පැතිරුණු නිසයි. තොරතුරු සමාජය හා මාධ්‍ය චර්යාව ගැන නෙත් යොමා සිටින මට මේ ගැන නිරීක්ෂණ හා අත්දැකීම් කිහිපයක් තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලෝක විනාශය තේමා කර ගෙන කළ විමසීම් රැසකට මා දුරකථනයෙන් පිළිතුරු දුන්නා. ඉඩ ඇති පරිද්දෙන් සජීව සංවාදයන්ට ද සහභාගි වුණා. මේ අත්දැකීම් පොදුවේ විග‍්‍රහ කරන විට මට පෙනී යන්නේ ග‍්‍රාහකයන්ගේ දැනුමේ නිම්වළලූ පුළුල් කිරීමට හෝ ඔවුන්ගේ මනසේ මතුව ඇති සැකයන් හා භීතිකාවන් සමනය කිරීමට හෝ නොව තාවකාලික සංත‍්‍රාසයක් (චීප් ත‍්‍රිල් එකක්) සඳහා බොහෝ මාධ්‍ය මේ තේමාව යොදා ගත් බවයි.

ලෝක විනාශ මිථ්‍යාව සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් විග‍්‍රහ කළ යුතුයි. ඉතිහාසයේ වැඩි කාලයක් අන්ධ විශ්වාසවල ඇළී ගැලී හා නොදන්නා දේ ගැන බියෙන් කල් ගත කළ මානවයෝ, තර්කානුකූල හා විද්‍යානුකූල ලෙසින් භෞතික ලෝකය ගැන තේරුම් ගන්නට පටන් ගෙන තවම සියවස් දෙක තුනකට වඩා ගත වී නැහැ. පරම්පරා දෙකක් අතර පරතරය වසර 25 ක් ලෙස ගතහොත් මෙය පරම්පරා දහයක හෝ දුසිමක කාලයක් පමණයි.

පෙර පුරුදු විදියේ ස්වයං භීතියකට තවමත් අප බොහෝ දෙනෙකු තුළ සැඟවුණු ළැදියාවක් තිබිය හැකියි. මෙයට නූතන විද්‍යාත්මක මුහුණුවරක් ආරෝපණය කිරීමට ද විවිධ උත්සාහයන් කෙරෙනවා.

බොහෝ කොට ආගමික මතවාදයන් මත පදනම් වූ ලෝක විනාශයන් ගැන මීට පෙර කථා කෙරුනත් මෙවර ලෝක විනාශ භීතිකාවට ‘විද්‍යාත්මක’ මුහුණුවරක් ලැබී තිබුණා. විද්‍යාව හා ජන සමාජය අතර සබඳතා අධ්‍යයනය කරන පර්යේෂකයන් මෙය pseudo-science හෙවත් ව්‍යාජ විද්‍යාව කියා හඳුන්වනවා. ජනප‍්‍රිය සංස්කෘතියටත්, ජනමාධ්‍යවලටත් වැඩිපුර ම සංත‍්‍රාසයක් ගෙන දෙන්නේ ව්‍යාජ විද්‍යාවයි.

සැබෑ විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. කල්පිතයක්, නිරීක්ෂණ හා අත්හදා බැලීම් ඔස්සේ තහවුරු කරන්නට උත්සාහ ගන්නවා. හැම කල්පිතයක් ම හැම විටම විවාදයට හා ප‍්‍රතිතර්කවලට විවෘතයි. සාක්ෂි මත පදනම් වූත්, විමර්ශනයට හා අභියෝගයට ඉඩ දෙන්නා වූත් ප‍්‍රවේශයක් සැබෑ විද්‍යාවේ තිබෙනවා.

එහෙත් විද්‍යාත්මක වෙස් මුහුණක් බැඳගත් අන්තවාදීන් හෝ වංචනිකයන් ගෙන යන ව්‍යාජ විද්‍යාවේ එබඳු ඉඩක් නැහැ. සැබෑ විද්‍යාවේ අවිනිශ්චතාවන්, සම්භාවිතාවන් හා නොදන්නා දේ පිළිගැනීම වැනි සංකල්පවලින් පොදු ජනයා කිති කවන පුවත් මවා ගන්නට අමාරුයි. මේ නිසා ලොව බොහෝ රටවල ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ව්‍යාජ විද්‍යාවට ඇදී යනවා.

ව්‍යාජ විද්‍යාව ප‍්‍රගුණ කරන්නේ වෙළඳපොළ සමඟ සූක්ෂමව ගනුදෙනු කරන හා මාධ්‍ය හරහා ප‍්‍රතිරූප තනා ගැනීමට සමත් පිරිසක්. මාධ්‍ය ඉල්ලන දේ එලෙසින් ම දෙන්නටත්, ඒ හරහා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නටත් ඔවුන් හොඳාකාර දන්නවා.

ඉන්ටර්නෙට් මූලාශ‍්‍ර යැයි කියමින් කොහෝ හෝ තිබෙන වල්පල් ටිකක් සිංහලට පෙරළා අපේ පාඨකයන් හා ශ‍්‍රාවකයන් බිය වැද්දීම අපේ මාධ්‍යකරුවන් නිතර කළ දෙයක්. ඉන්ටර්නෙට් තුළ විශ්වාසනීය තොරතුරු මෙන් ම තනිකර ප‍්‍රබන්ධකාරී හා වංචාකාරී ව්‍යාජ විද්‍යා තොරතුරු ද තිබෙනවා. මේ දෙක සීරුවෙන් තෝරා බේරා ගැනීම අද මාධ්‍යකරුවන්ට අත්‍යවශ්‍ය කුසලතාවක්.

සමස්ත මානව දැනුමේ ඒකාධිකාරියක් විද්‍යාවට නැහැ. එහෙත් පෙර කී පරිදි සියවස් කිහිපයක් පුරා ක‍්‍රමයෙන් දියුණු කර ගෙන ආ, තවදුරටත් විමර්ශනයට හා අභියෝගයට විවෘත දැනුම් ගවේෂණ ක‍්‍රමවේදයක් විද්‍යාවේ තිබෙනවා. එබඳු චින්තන ක‍්‍රමයක් නියෝජනය කරන විද්‍යාඥයන් හා විද්‍යා ලේඛකයන් එක් පසෙකටත්, විවෘත භාවයක් හෝ විචාරාත්මක ක‍්‍රමවේදයක් නොපෙනෙන ජ්‍යොතිෂය ඇතුළු වෙනත් ගුප්ත ව්‍යාපාරයන් නියෝජනය කරන්නවුන් අනෙක් පසටත් දමා අපූරු ආකාරයේ ‘මාධ්‍ය තුලනයක්’ කරන්නට බොහෝ මාධ්‍ය තැත් කරන සැටි මා නිතර දුටුවා.

‘ලෝක විනාශය ගැන ඔබේ මතවාදය කුමක්ද?’ හා ‘ලෝක විනාශය ගැන ඔබේ ආකල්පය රටට කියනවා ද?’ ආදී වශයෙන් මගෙන් විමසූ මාධ්‍ය සගයන්ට මා කීවේ මෙතැන ඇත්තේ මගේ හෝ වෙනත් කිසිවකුගේ මතවාදයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවයි.

දේශපාලන වාද පිටියේ වම – දකුණ ලෙසින් හෝ නිල් – රතු – කොළ පාට ලෙසින් පිල් බෙදී සිටින අය කොයි කාටත් මත දැක්වීමට අවකාශය ලබා දෙන පරිද්දෙන් මෙබඳු සමාජයීය ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නට තැත් කිරීම බොළඳ හා හරසුන් ක‍්‍රියාවක්. එමෙන්ම බටහිර විද්‍යාව හා පෙරදිග ශාස්ත‍්‍රයන් හැටියට ඇතැම් දෙනා කරන බෙදීම ද තර්කානුකූල හෝ සම්මත වර්ගීකරණයක් නොවෙයි.

තර්කානුකූල පදනමක් නැති ගුප්ත ශාස්ත‍්‍රකරුවන් හා තර්කානුකූලව ක‍්‍රියා කරන විද්‍යාඥයන් යනු එක ප‍්‍රශ්නයේ යෝජක හා ප‍්‍රතියෝජක පිල් දෙක නොවෙයි.

2012 Hoax - Don't be scammed!
2012 Hoax – Don’t be scammed!
මේ විසම ප‍්‍රවේශය සමාජයේ වෙනත් ප‍්‍රශ්නවලටත් අදාළ කළහොත් සක්විති වැනි වංචනිකයන්ට හා ඔවුන්ගේ කූඨ වංචාවලට හසුවූ අසරණ ජනතාවට එක හා සමාන ගුවන් කාලය දිය යුතුයි. නැතහොත් මහජන මුදල් වංචා කොට හෝ කාබාසිනියා කොට අධිකරණ ක‍්‍රියාදාමයක් හරහා වරදකරුවන් වන දුෂිතයන්ට හා එම දුෂණවලින් පීඩාවට පත් අහිංසකයන්ට ද එක හා සමාන මාධ්‍ය ඉඩක් දෙන්නට සිදු වෙයි.

මාධ්‍ය තුලනය කියන්නේ අන්ධ තුලනයක් නොවෙයි. නමුත් ගෙවී ගිය මාස කිහිපය තුළ අප දුටුවේ එබන්දක්. සමහර නාලිකාවලින් අපේ ජන විඥානය හිස නැති කවන්ධයක් කරන්නට දිනපතා ම පාහේ කර ගෙන ගිය මාධ්‍ය විකාරය දෙස මා බලා සිටියේ පිළිකුලෙන් හා කලකිරීමෙන්.

සක්විති රණසිංහගේ මහා පරිමාණ වංචා අන්තිමේ දී හෙළිදරවු වී ඔහු නීතියෙන් පලා ගිය 2008 සැප්තැම්බරයේ හැම ජනමාධ්‍යකට ම එය ලොකු ප‍්‍රවෘත්තියක් වුණා. සක්විති දෙනවා යැයි කියූ අදහා ගන්නට බැරි තරම් ඉහළ පොලී අනුපාතයන් පතා ගෙන මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු දහස් ගණනක් ලාංකිකයන්ගේ අඳේනා මාධ්‍ය විසින් මහත් ඕනෑකමින් ප‍්‍රතිරාවය කරනු ලැබුවා.

එහෙත් ඒ මොහොතේ අප කිහිප දෙනෙකු පෙන්වා දුන්නේ සක්විති ලක් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට පත් කරන්නට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දායක වූ බවයි. සක්විති ජාතික පත්තරවල විශාල දැන්වීම් පළ කළා. ජාතික රූපවාහිනියෙත් වෙනත් නාලිකාවලත් ඉංග‍්‍රීසි උගන්වන වැඩසටහන් කළා. මේ පසුබිම තුළ ඔහුගේ සූක්ෂම වංචා වසර ගණනක් පවත්වා ගෙන ගිය සැටිත්, පෝද්දල ජයන්ත වැනි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඔහු ගැන සාක්ෂි සහිතව හෙළිදරවු කරන්නට පෙරට ආ විට එම පත්තරවල කතුවරුන් එය වැළැක් වූ සැටිත් අප දන්නවා.

අදහන්නට බැරි පොලී අනුපාතයන් දෙන මූල්‍ය සමාගම් හා අදහන්නට බැරි ගුප්ත සේවාවන් සපයන ජ්‍යොතිෂ ව්‍යාපාරිකයන් අතර ලොකු වෙනසක් නැහැ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් තිබෙනවා. එසේ ම පාරිභෝභිකයා සැම විට ප‍්‍රවේශම් විය යුතු යැයි (Caveat emptor) නම් ලතින් ඔවදනක් ද තිබෙනවා. මාධ්‍ය හරහා ප‍්‍රතිරූප පුම්බන ඇතැම් දෙනා හීන් සීරුවේ කරන ව්‍යාපාරවලට නීතිමය නොවෙතත් සදාචාරාත්මක වගකීමක් මාධ්‍යවලටත් පැවරෙනවා. මාධ්‍ය කළ යුත්තේ මිනිසුන් රැවටීම නොව රැක ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ හැම ගුප්ත සේවා සපයන්නා ම වංචනිකයි යන්න නොවේ. එහෙත් විවෘත වෙළඳපොළේ වාණිජ මට්ටමින් ජ්‍යොතිෂ හා ගුප්ත සේවා සපයන උදවිය ටෙලිවිෂන්, රේඩියෝ හා පත්තර හරහා තම කේෂත‍්‍රය ගැන අදහස් දක්වන විට තම ව්‍යාපාරිකා අරමුණු ද ඒ හරහා ඍජුව හෝ වක‍්‍රව ප‍්‍රවර්ධනය වන බව සැබෑවක්.

මෙරට ගුප්ත සේවා සඳහා පාරිභෝගික ආරක්ෂණ නීති ක‍්‍රියාත්මක වන බවක් මා දන්නේ නැහැ. මේ නිසා ගුප්ත සේවා සපයන්නන් මාධ්‍යවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් ගැන මීට වඩා ප‍්‍රවේශම්කාරී වීමේ ලොකු වගකීමක් මාධ්‍යවලට පැවරෙනවා. ගෙවී යන වසරේ ලෝක විනාශ මායාවට මුවා වී ප‍්‍රතිරූප හා ව්‍යාපාර වර්ධනය කර ගන්නට අවිචාරශීලිව ඉඩ දීම හරහා අපේ මාධ්‍ය කර තිබෙන්නේ කලකට පෙර ඔවුන් සක්විති වන්දනාවට ඉඩ දුන්නාට සමාන දෙයක්.

the-end-of-the-world-logo

21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

The much touted ‘Doomsday’ has finally arrived: today is 21 December 2012.

According to the assorted peddlers of doom and gloom, the world should be ending today. Hmm…

Perhaps THEIR WORLD of myth and fantasy would indeed end today — and not a moment too soon!

For the rest of us, however, it’s another day. And from today, I would call the misguided “star-readers” ass-trologers.

Ass-trologers and other dabblers in pseudo-science and non-science will now have a lot of explaining to do. The religious zealots, of course, would probably claim that their pious conduct and non-stop prayers earned us a stay of execution…

The US space agency NASA was so sure that the world won’t come to an end on 21 Dec 2012, that last week they released this simple explanatory video for “the day after”. It has already been seen by over 2 million viewers on YouTube:

A perceptive commentary on the End-of-the-World hysteria, written by the leading Indian rationalist Sanal Edamaruku, is well worth reading:
WAITING FOR A FLYING SAUCER AGAIN…Of psychopaths, profiteers and big doomsday biz, by Sanal Edamaruku

Here’s an excerpt: “Doomsday prophecies may not be the most dangerous part of the problem. But as they are bound to collide always so harshly with the continued existence of the world after zero hour, they allow us a glimpse at a process – here in fast motion – that normally would play out too slowly to be understood. It is a process of immunization against reason…”


Read my 4 Nov 2012 Sunday column: End-of-the-World, Inc.

සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

This week, my Ravaya column (in Sinhala) is about why we in Sri Lanka should re-read Arthur C Clarke, author of 100 books and over 1,000 essays of both fiction and non-fiction. This marks his 95th birth anniversary that falls on 16 Dec 2012.

As a science writer, Sir Arthur wrote on many and varied topics. Here, I single out two aspects: human violence and human gullibility, both of which continue to affect societies around the world.

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වන ජන්ම සංවත්සරය අදට යෙදෙනවා.

ඔහුගේ අදහස් හා පරිකල්පනය කැටි කරගනිමින් වසර 25කට වැඩි කාලයක් පුරා විටින් විට මා ලියූ ලිපි එකතු කොට සම්පාදනය කළ ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නම් අලූත් පොතත් මේ සතියේ එළි දකිනවා.

ක්ලාක් 1917 එංගලන්තයේ ඉපිද, 2008 මාර්තුවේ ශ‍්‍රී ලංකාවේ දී මිය ගියා. ඔහුගේ අවුරුදු 90ක ජීවත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් ගත කළේ මෙරට පදිංචිකරුවකු හැටියටයි. (පුරවැසියකු නොවේ!) එසේ වුවත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ක්ලාක් චින්තනය ගැන එතරම් නොදන්නා බව පෙනෙනවා.

මෙයට එක් හේතුවක් නම් ඔහුගේ සියයකට ආසන්න පොත්වලින් හා දහසකට අධික වූ විද්වත් ලිපි ලේඛනවලින් දේශීය භාෂාවලට පෙරළී ඇත්තේ සීමිත ප‍්‍රමාණයක් වීම. වෙළඳපොළ හේතු නිසාදෝ එසේ පරිවර්තනය හෝ අනුවාදය වී ඇත්තේ ද ඔහුගේ ප‍්‍රබන්ධ කෘති සමහරක් පමණයි.

ක්ලාක් විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඉතා පටු කෝණයකින් බලන ඇතැම් දෙනා ඔහු හුදෙක් ප‍්‍රබන්ධ කථාකරුවකු හා විද්‍යාත්මක සාත්තරකරුවකු ලෙස දකිනවා. තවත් අයට ඔහු ගැජට්කාරයකු පමණයි. යම් පමණකට එය සැබෑ වූවත්, ඔහුගේ බුද්ධිමය දායකත්වයේ තවත් පැතිකඩ ගණනාවක් තිබෙනවා.

විද්‍යාව හා කලාවත්, පෙරදිග හා අපරදිග දැනුමත් එකට සංකලනය කිරීම හරහා අසාමාන්‍ය වූ දැක්මක් ඔහු ලබා ගත්තා. එමෙන්ම වර්තමාන දේශපානකින හෝ ආර්ථික මතවාදයන් තුළ සිරකරුවකු නොවී දිගුකාලීන ඓතිහාසික හා පරිනාමීය දෘෂ්ටි කෝණයකින් කරුණු විග‍්‍රහ කිරීමට ඔහුට හැකියාව තිබුණා.

හැම චින්තකයා හා ලේඛකයා ම සිය නිර්මාණ කරන්නේ තමන්ගේ කාලයට අනුරූපවයි. ආතර් සී. ක්ලාක්ට අනාගතවේදී දැක්මක් තිබුණත් ඔහු විසි වන සියවසේ චරිතයක්. ඔහුගේ දැක්ම වඩාත් මතුව ආයේ ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය හා විවිධ මානව විශ්වාසයන් ගැන ලියූ හා කියූ දේ හරහායි. මේ විග‍්‍රහයන් ඔහුගේ කාලයට අනුරූපව කරනු ලැබූවත් අපේ වත්මන් සියවසට අදාල කර ගත හැකියි.

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 -  Photo owned by Arthur C Clarke Estate
Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 – Photo owned by Arthur C Clarke Estate
පළමුවන ලෝක යුද්ධ සමයේ ඉපදී, දෙවන ලෝක යුද්ධයේදී ගුවන් හමුදා සේවයේ නිරත වී, සීතල යුද්ධයේ සමස්ත කාල වකවානුව ම අත්විඳි ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය ගැන හා ගෝත‍්‍රික කලහකාරීබව ගැන ලිව්වේ හා කථා කළේ ෙසෙද්ධාන්තිකව නොව ප‍්‍රායෝගික අත්දැකීම් ඇතිවයි.

බටහිර ලෝකයෙන් පෙරදිගට සංක‍්‍රමණය වී 1956 සිට ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඔහුට යළිත් තුන් වතාවකදී ගැටුම්කාරී පරිසරයක ජීවත් වන්නට සිදු වුණා. 1971දී හා 1987-89දී මෙරට දකුණේත්, 1980 දශකය සිට ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් මෙරට උතුරු හා නැගෙනහිරත් සිදු වූ සන්නද්ධ අරගලයන් නිසා ඔහු දැඩි සේ කම්පාවට පත් වුණා.

දේශපාලන මතවාද වෙනුවෙන් හෝ බිම් ප‍්‍රදේශ සඳහා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අවි ආයුධ අතට ගැනීම ඔහු කිසි විටෙකත් අනුමත කළේ නැහැ. එහෙත් ආක‍්‍රමණශීලී ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය මානවයන්ට පරිණාමයෙන් උරුම වූවක් බවත්, පරිණාමීය අතීතයේ දී නම් එය අපේ වර්ගයාගේ රැක්මට හා පැවැත්මට උපකාරී වූ බවත් ඔහු දැන සිටියා.

දැනුමෙන්, චින්තනයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මේ උරග මොළ ඉතිරියක් තවමත් අප තුළ පවතින බවත්, එය අධ්‍යාපනය හා ශික්ෂණය හරහා සමනය කර නොගත් විට ගැටුම් හට ගන්නා බවත් ඔහු තේරුම් ගත්තා. ඉතා සරල මුගුරක සිට අතිශයින් විනාශකාරි පරමාණු බෝම්බ දක්වා සමස්ත අවි ආයුධ පරාසය හරහා ම මතු වන්නේ මේ පරිණාමීය ආවේගය හා ගෝත‍්‍රිකත්වය බව ඔහු යළි යළිත් පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ අරගල තුනේදී ඒ ගැන මහත් ශෝකබරිත නිරීක්ෂකයකු හැටියට ඔහු ඉඩ ලද හැම අවස්ථාවක ම මේ ප‍්‍රාථමික ආවේගයන්ගෙන් ඔබ්බට යාමේ වැදගත්කම අවධාරණය කළා.

ඔහු විසිවන සියවස නිතර හැඳින්වූයේ ලෝක ඉතිහාසයේ අතිශයින් ම මිලේච්ඡ වූ සියවස හැටියටයි. රටවල් අතර ප‍්‍රකාශිත යුද්ධ, රටවල් තුළ සිවිල් යුද්ධ, ත‍්‍රස්තවාදී හා අපරාධකාරී ක‍්‍රියා මෙන් ම දේශපාලන මතවාදයන් නිසා ද මිලියන ගණනක් අහිංසක හා නිරායුධ ජනයාගේ ජීවිත හානි කළ එම බිහිසුණු සියවසෙන් අප අමතක නොවන පාඩම් උගත යුතු බව ඔහු නැවත කියා සිටියා.

යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) සමඟ ඔහුට සමීප සබඳතාවක් තිබුණා. දෙවන ලෝක යුද්ධයේ උණුසුම පහව යන්නටත් කලින් 1945දී යුනෙස්කෝව පිහිටුවා ගන්නා විට එහි ප‍්‍රඥප්තියේ ආරම්භක වැකිය ලෙස එහි නිර්මාතෘවරුන් ලීවේ මෙයයි. ‘යුද්ධ හට ගන්නේ මිනිසුන්ගේ මනසේ නිසා සාමයට පවුරු සවිමත් කළ යුත්තේ ද පළමු කොට ම මිනිස් මනසේයි.’

මේ ගැඹුරු සංකල්පය එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි ආතර් සී. ක්ලාක්ගේ මනසට කිඳා බැස්සා. ඉක්බිතිව 1955දී ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඞ් රසල් ඇතුළු ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් හා බුද්ධිමතුන් පිරිසක් න්‍යෂ්ටික අවිවලට එරෙහිව නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය (Russell-Einstein Manifesto) ද ඔහුගේ චින්තනය තවත් තීව‍්‍ර කළා.

ක්ලාක් ශ‍්‍රී ලංකාවේ තරුණ සන්නද්ධ අරගලයන් හා බෙදුම්වාදී යුද්ධය ගැන විටින් විට ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ විට ඒවාට මෙබඳු දිගු කාලීන හා පුළුල් පසුබිමක් තිබුණා. ඔහු කිසි විටෙකත් සාමය ගැන සරල හා සිල්ලර මට්ටමින් කථා කළේ නැහැ. එමෙන් ම ඔහු හැම විට කීවේ ‘කල් පවතින’ හා ‘තිරසාර’ සාමයක් ගැනයි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වූ 90වන ජන්ම දින ආවර්ජනයේත් මේ සංකල්පය නැවත වරක් අවධාරණය කළා.

දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.

• පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

• දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

• තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.

“සාමය යනු නිකම් උද්‍යොග පාඨයක් හෝ ලියවිල්ලක් නොවන බව මා දන්නවා. ඒ සඳහා අති විශාල කැපවීමක්, පරිත්‍යාගයක් හා දිගු කාලීන දැක්මක් අවශ්‍යයි,” ඔහු කියා සිටියා.

විද්‍යාව ජනප‍්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා 1952 සිට යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලූ රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවයක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප‍්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප‍්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

“විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂණික යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

“විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීම විද්‍යාවේ ක‍්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

“එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ ‘කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයි’ යන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
“මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි. උදාහරණයක් නම් මෑතදී (1962) ලොව ඇතැම් රටවල පැතිර ගිය ලෝක විනාශයක් ගැන අස්ථාන භීතියයි. ග‍්‍රහලෝකවල ස්වභාවික ගමන් මාර්ගවලට අනුව ඉඳහිට ඒවා අහසේ සාපේක්ෂව එක ම කලාපයක සමීප ලෙසින් පිහිටනවා. එයින් පෘථිවියේ කිසිදු ආපදාවක් ඇති විය නොහැකියි. එහෙත් ඒ ගැන බිය උපදවා ගත් ඉන්දියානු හා අනෙකුත් ජාතිකයන් කී දෙනෙකු එම ‘අපල උපද්‍රව’ දුරු කිරීමට කියා තමන්ගේ සීමිත මුදල් අපරාදේ වැය කළා ද?

“මීට දෙවසරකට පෙර මේ කාලිංග සම්මානයෙන් පුද ලැබූ ෂන් රොස්ටාන්ඞ් මෙබඳු සම්මාන ප‍්‍රදානෝත්සවයකදී භාරතය හැඳින්වූයේ ‘අතීතය ප‍්‍රතිකේෂප නොකර අනාගතය වැළඳ ගන්නා ශ්‍රේෂ්ඨ දේශය’ හැටියටයි. මෙය අද කාලයේ ඕනෑ ම රටකට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. එහෙත් හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප‍්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

“ගැඹුරට විග‍්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා අප සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප‍්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක‍්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳ මඟ පෙන්වන්නන් ත‍්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප‍්‍රඥව හා අමාරුවෙන් ප‍්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

මගේ මතය නම් හැම පරම්පරාවක් ම මෙබඳු බුද්ධිමතුන් හා ලේඛකයන් නැවත කියවිය යුතුයි. එසේ කියවද්දී ඔවුන්ගේ ජීවන කාලීන පසුබිම ගැන ද විමර්ශනය කළ යුතුයි. මෙය බර්ට්රන්ඞ් රසල්, මහත්මා ගාන්ධි, මාටින් වික‍්‍රමසිංහ මෙන් ම ආතර් සී. ක්ලාක්ටත් පොදුයි. එසේ යළි කියවා අපේ පරම්පරාවට හා යථාර්ථයට මේ චින්තකයින්ගේ අදහස් අදාල කර ගත යුතුයි.

මෙබඳු යළි කියවීමක් තබා ක්ලාක් මුල්වරට හරිහැටි කියවීමක්වත් මෙරට තවමත් සිදු නොවීම කණගාටුවට කරුණක්. ඔහුගේ 2008 වියොවින් දින කිහිපයකින් දෙසතිය සඟරාව සම්මුඛ සාකච්ඡාවක් කරමින් මා කීවේ ලක් සමාජය ක්ලාක් ගැන උදම් ඇනුවාට ඔහුගේ හරබර අදහස් හා නිර්දේශවලින් ප‍්‍රයෝජනයක් නොගත් බවයි.

ජීවමාන ක්ලාක් සංචාරක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට මෙරට ඇතැම් දෙනා හා ආයතන තැත් කළා. ඔහුගේ නමින් 1984 පිහිටුවන ලද රාජ්‍ය තාක්ෂණික ආයතනය වසර තිහකට ආසන්න කාලයක් නිසි විද්‍යාත්මක ඵලදායීතාවකින් තොරව මහජන මුදලින් දිගට ම පවත්වා ගෙන යනවා.

ක්ලාක්ගේ චින්තනය ගැඹුරු විලක් නම් ලක් සමාජය මෙතුවක් කර ඇත්තේ ඒ විල් තෙර හිඳ ගෙන ඉඳහිට නැඟී එන රළක් පෑගීම හා නොගැඹුරු දියේ ඉනවටක් දක්වා යාම පමණයි. එයින් ඔබ්බට මේ චින්තන චාරිකාව ගෙන යාමේ ලොකු වගකීමක් ක්ලාක් සමඟ සමීපව බුද්ධි ගවේෂණයේ යෙදුණු අපට දැන් පැවරී තිබෙනවා.

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා කෘතිය හරහා මා උත්සාහ කරන්නේත් මේ විලේ තවත් මානයකට සිංහල කියවන සමාජය කැඳවා ගෙන යන්නටයි. ඒ චාරිකාවට අවශ්‍ය වන්නේ නොතිත් වූ දැනුම් පිපාසය හා විවෘත මනසක් පමණයි. යම් තාක් දුරකට ගිය පසු බුද්ධිමත් පාඨකයන්ට තනිව පිහිනා යන්නට ඉඩ හැරීම ලේඛකයන්ගේ සම්ප‍්‍රදායයි!

Read the full transcript on TVEAP website

Sir Patrick Moore (1923 -2012): Our Travel Guide to the Universe

Tribute published in Ceylon Today newspaper on 13 Dec 2012:

Sir Patrick Moore (1923 -2012): A colourful journey fuelled by enthusiasm
Sir Patrick Moore (1923 -2012): A colourful journey fuelled by enthusiasm

The first ever book on astronomy I owned as a kid, a pocket guide to the night sky, was written by an Englishman named Patrick Moore.

Armed with the tattered book, I joined night sky observation sessions of the Young Astronomers’ Association, formed in the mid 1980s.

Hormones-on-legs that we all were at the time, we were interested in ‘heavenly bodies’ at both ends of the telescope. But we couldn’t have had a better guide to the celestial wonders than the erudite yet eminently accessible Patrick Moore.

Indeed, Sir Patrick Moore, who died on December 9 aged 89, was the world’s best known public astronomer for nearly half a century.

Although he wrote over 70 books on astronomy and space, it was his television work that made him such a household name. He hosted a monthly TV show, called The Sky at Night, demystifying the night sky and space travel for ordinary people.

The show started on BBC Television in April 1957 – six months before the Space Age dawned. For 55 years, the low-budget show has chronicled highs and lows of the entire the Space Age and brought the wonders of the night sky into the living rooms of millions.

Sir Patrick presented it for 55 and six months, doing a total of 720 episodes. He missed it just once, in July 2004, when he was hospitalized for a few days with food poisoning.

The show has earned a place in the Guinness Book of World Records as the longest-running programme with the same presenter in TV history. It’s unlikely to be broken.

He was essentially an amateur astronomer, albeit a serious and passionate one. He did some original mapping of the Moon’s surface in his younger days (used later by the both American and Russian space programmes), and headed a planetarium in Northern Ireland for a while in the 1960s, but he was largely self taught in the subject, and did mostly optical observations with his own telescopes.

BBC Sky at Night - a long innings
Public Imagination

Sir Patrick’s practical knowledge of astronomical observations and his brand of humour – together with his lovable eccentricity — made the TV show interesting to people from all walks of life while also those engaging seriously pursuing amateur astronomy.

But Sir Patrick insisted that it was the subject, not his style. When the show reached 50 years and over 650 episodes in early 2007, Sir Patrick explained its enduring appeal: “Astronomy’s a fascinating subject. You look up… you can’t help getting interested and it’s there. We’ve tried to bring it to the people…it’s not me, it’s the appeal of the subject.”

Over the years, the show has had some stellar guests. It included famous astronomers like Fred Hoyle, Carl Sagan, Bernard Lovell and Martin Rees, rocket builder Wernher von Braun, and Moon landing astronauts Neil Armstrong and Buzz Aldrin.

Sir Patrick was centrally involved in the BBC’s coverage of the Moon Landings in the late 1960s and early 1970s. He is remembered as an excellent interviewer who brought out the best in his guests. It was mind-stimulating TV that was entertaining but not dumbed down.

One repeat guest was his long-standing friend Sir Arthur C Clarke, whom he first met through the British Interplanetary Society in the 1940s. They were both ‘space cadets’ when few people took space travel seriously.

In a tribute to the world’s most enduring astronomy show, Sir Arthur said in 2007: “Sky at Night has not been just a gee-whiz show of rockets, satellites and other expensive toys deployed by rich nations trying to outsmart each other. At its most basic, it’s a show about exploring that great laboratory within easy access to anyone, anywhere on the planet: the night sky.”

He added: “By the time the Space Age dawned, Patrick was well on his way to becoming the best known public astronomer in the world. The Sky at Night only consolidated a reputation that was well earned through endless nights of star-gazing, and many hours of relentlessly typing an astonishing volume of books, papers and popular science articles.”

In the 50th anniversary programme, broadcast in April 2007, Sir Patrick travelled back in time to see their first recording. He talked to his earlier self about astronomy back in 1957, and discussed how things have changed in half a century.

He then time travelled to 2057 where the ‘virtual’ Patrick, saved in the BBC computer, is celebrating 100 years of making The Sky at Night and talked to Dr Brian May about the discovery of life on Mars.

That same month, the International Astronomical Union (IAU) — the professional body that has sole authority to name celestial bodies –designated an asteroid as “57424 Caelumnoctu” in honour of the show. The number refers to the first broadcast date, and the name is Latin for “The Sky at Night”.

Earlier, the IAU had named asteroid No 2602 as “Moore” in his honour.

In 2001, the year he was knighted by the Queen for “services to the popularisation of science and to broadcasting”, he became the only amateur astronomer ever to be inducted as an honorary Fellow of the Royal Society. He also received a BAFTA Award (the British Oscar) for his broadcasting accomplishments.

Many of the world’s leading professional astronomers have acknowledged being inspired by Patrick Moore’s books and TV shows.

That includes the UK’s Astronomer Royal, Sir Martin Rees, FRS, who said in 2005: “I’m one of multitudes who owe their enthusiasm for astronomy to Patrick Moore. As a schoolboy I viewed, on the flickering screen of our family’s newly acquired black and white TV, his commentaries on the first Sputnik. I was transfixed…”

Sir Patrick’s influence extended well beyond the western world. Tributes have come in from everywhere.

Dr Nalin Samarasinha, Senior Scientist at the Planetary Science Institute in Tucson, Arizona, USA – and one of the very few Lankans to have an asteroid named after himself — said: “Certainly, I read some of his early books in the mid 1970s when I was an A/L student at Nalanda College, Colombo. They could be classified as an inspiration as well as a source of knowledge. This was in the era when there was no Internet and one needed to read books to learn about the field!”

Thilina Heenatigala, Project Coordinator of Astronomers Without Borders (AWB) that popularises astronomy, said: “He was a true ambassador of astronomy, bringing the Universe to the public. His work inspired me both as a kid and as an adult.”

Countering Pseudoscience

Sir Patrick used his show also to counter pseudoscience beliefs such as the popular association of unidentified flying objects (UFOs) with alien beings. He sometimes investigated what he called ‘Flying Saucerers’ – people who were genuinely confused by natural or man-made objects in the sky that were unfamiliar and, therefore, presumed mysterious.

He showed how UFOs had nothing to do with alien creatures. Yet he believed in the prospects of life elsewhere in the universe.

He was once asked what he might say if a real Flying Saucer landed on his front lawn, and a little green man emerged. His reply: “I know exactly what I would say: ‘Good afternoon. Tea or coffee? Then do please come with me to the nearest television studio…’”.

He noted in his 2003 autobiography: “There is nothing I would like better than to interview a Martian, a Venusian or even a Saturnian, but somehow I don’t think that it is likely to happen.”

If that particular wish didn’t come to pass, Sir Patrick couldn’t complain. On and off the screen, he met an extraordinary array of famous Earthlings. Among them were Orville Wright, the very first man to fly a heavier-than-air machine, Albert Einstein (whose violin playing he accompanied on the piano), and Yuri Gagarin and Valentina Tereshkova, respectively the first man and women to travel to space.

Once, when Tereshkova was visiting London, Sir Patrick chaired a major meeting in the Festival Hall. A tough journalist asked her: “What qualities would you look for in a man going to the Moon?” The cosmonaut, who spoke good English, answered with a charming smile: “Do you mean if I was going too?”

A younger Patrick Moore presenting BBC Sky at Night show around 1960
A younger Patrick Moore presenting BBC Sky at Night show around 1960

Terrestrial Pursuits

As an active astronomer, TV host and public speaker, Sir Patrick travelled the world for over half a century, visiting all seven continents including Antarctica. He was especially fond of chasing total eclipses of the sun, one of the most spectacular events in Nature.

When not star gazing, he pursued many other interests. He freely admitted to being unathletic and uncoordinated, but was an avid cricketer, turning up for his home town Selsey’s Cricket Club well into his seventies.

Once, when asked on TV about his definition of Hell, he replied: “Bowling to a left-hander, on a dead wicket, with a Pakistani umpire.”

He also played the piano and xylophone until arthritis ruled it out. He never married because his fiancée was killed by a bomb during World War II, and lived in a rural house with his pet cats. He was fond of making home-made wine, for which he said “you can use almost anything, within reason” as raw material. Rose petal was his favourite.

Thank you, Sir Patrick, for being our genial guide to the night sky and space travel for over half a century.

Happy cosmic journeys!

Sir Patrick Moore tribute by Nalaka Gunawardene, Ceylon Today, 13 Dec 2012
Sir Patrick Moore tribute by Nalaka Gunawardene, Ceylon Today, 13 Dec 2012

Mind Journeys with Arthur C Clarke: New Sinhala book offers glimpses of a visionary

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012). Cover photos by Shahidul Alam, Drik

In a literary career spanning over six decades, Sir Arthur C Clarke (1917 – 2008) wrote 100 books and more than 1,000 short stories and essays. He was the first to propose geostationary communications satellites, and inspired the World Wide Web.

To mark his 95th birth anniversary which falls this month, science writer Nalaka Gunawardene is releasing a new Sinhala book offering a quick tour of Clarke’s imagination, analyses and extrapolations on the world’s current challenges and our choice of futures.

Titled ‘Arthur C Clarke Chintana Charika’ (Mind Journeys with Arthur C Clarke), the book is a collection of Nalaka’s articles, media columns and interviews based on the late author and visionary’s formidable intellectual output. Some have appeared in Lankan newspapers or magazines during the past 25 years, while others are coming out in print for the first time.

“These are not translations, and most are not even adaptations. Instead, I have distilled Sir Arthur’s ideas and imagination and presented them in simple Sinhala,” says Nalaka, who worked with Clarke for 21 years as research associate at his personal office in Colombo.

Indicative of Clarke’s diverse career and interests, the book is divided into five sections: highlights of his illustrious life; astronomy and space travel; information and communications technology; futuristic visions; and his long association with Sri Lanka.

“Sir Arthur cheered and promoted Sri Lanka for half a century – in both good times and bad. The section on Sri Lanka captures his visions and hopes for his adopted homeland: on how we may overcome the burdens of evolution and history to create a truly peaceful and prosperous island for all,” says Nalaka.

The book contains Clarke’s advice on rebuilding Sri Lanka after the 2004 tsunami, the story of the first Sinhala feature film in colour (Ran Muthu Duwa, 1962) that Clarke financed, and the text of his 90th birthday video, which eventually became his public farewell.

Other essays focus on Clarke’s cautious optimism for information society and the future of artificial intelligence, his hopes of developing clean energy sources to end humanity’s addiction to fossil fuels, and his advocacy of a world free of nuclear weapons.

Nalaka reiterates that the best way to celebrate the legacy of Arthur C Clarke is to adapt his ideas for a better world based on knowledge, ethics, compassion and imagination.

The 280-page book, published by Wijesooriya Grantha Kendraya (Wijesooriya Book Centre), will be launched at 3 pm on Tuesday, 18 December 2012 at the National Library Services and Documentation Board, 14, Independence Avenue, Colombo 7. The main speaker will be Prof Rohan Samarajiva, Chair and CEO of LIRNEasia. Copies will be sold on discount at the launch.

My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසින් රචිත නවතම ග‍්‍රන්ථය 2012 දෙසැම්බර් 18 වනදා එළි දකියි.

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ නව අදහස්, දිගු කාලීන දැක්ම හා පරිකල්පනය කැටි කර ගනිමින් ලියන ලද ලිපි 18ක් ද සම්මුඛ සාකච්ඡා තුනක් ද එහි ඇතුළත් ය. මෙයින් ඇතැම් ඒවා ගෙවී ගිය වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා සඟරාවල පළ වූ අතර, ඉතිරිය මුද්‍රණයෙන් එළි දකින්නේ පළමු වතාවට ය.

අභ්‍යවකාශ තරණය, තාරකා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාගර ගවේෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ මානව සංහතියේ අනාගතය ගැන ද විසි වන සියවසේ විසූ ප‍්‍රමුඛ පෙළේ චින්තකයකු වූ ක්ලාක්ගේ හරබර සංකල්පනා මේ පොත ලිහිල් සිංහලෙන් ඉදිරිපත් කරයි.

මේ ග‍්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය 2012 දෙසැම්බර් 18 වනදා පස්වරු 3ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආතර් සී. ක්ලාක්ගේ 95වන ජන්ම සංවත්සරය ද සැමරෙන එදින ප‍්‍රධාන දේශනය පවත්වන්නේ සන්නිවේදන විශේෂඥ හා ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. ආතර් සී. ක්ලාක් ගැන හා ශ‍්‍රී ලංකාව ගැන මෑතදී නිපදවුණු සිංහල වැඩ සටහනක් ද එදින තිර ගත කිරීමට නියමිත ය.

නව දැනුම හා තාක්ෂණයන් සදාතනික මානව ගුණයන් සමඟ මනා සේ මුසු කරමින්, අඟහිඟකම් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ කෙසේ ද යන්නට අනාගතවේදී ක්ලාක්ගේ උපදෙස් රැසක් මේ පොතේ සැකෙවින් අඩංගු ය. සුනාමියෙන් විපතට පත් වෙරළබඩ ප‍්‍රදේශ යළි ගොඩ නැංවීම ගැනත්, කොළඹ නාගරික සංවර්ධනය ගැනත් මෑත වසරවල දී ක්ලාක් දැක් වූ අදහස් ඒ අතර වෙයි.

සන්නිවේදන තාක්ෂණයන් නිසි ලෙස හැසිරවීම, බලශක්ති අර්බුදය ජය ගැනීම, සාගර සම්පත් නැණවත් ලෙස පරිහරණය හා මානවයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සමනය කර ගැනීම වැනි අතිශයින් වැදගත් මාතෘකා රැසක් ගැන ඔහුගේ ලිපි ලේඛන හා දේශනවලින් තෝරා ගත් අදහස් නාලකගේ ලිපිවලට පාදක වී තිබේ.

‘‘ආතර් සී. ක්ලාක් සැමරීමට හොඳ ම ක‍්‍රමය ඔහු නමින් පාරවල් හෝ ගොඩනැගිලි නම් කිරීම නොව ඔහු ඉතිරි කර ගිය පුළුල් වූත්, ගැඹුරු වූත් අදහස් සමුදාය අදට ගැලපෙන ලෙස අදාළ කර ගැනීමයි,’’ නාලක ගුණවර්ධන කියයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ උපන් ආතර් සී. ක්ලාක් 1956 සිට සිය පදිංචිය සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පුරවැසියකු හා ශ‍්‍රී ලංකා පදිංචිකරුවකු ලෙස අඩ සියවසකට වැඩි කලක් මෙරට අධ්‍යාපනික, විද්‍යාත්මක, සාංස්කෘතික හා පාරිසරික ක්ෂෙත‍්‍රවලට විද්වත් දායකත්වය ලබා දුන්නේ ය.

නාලක ගුණවර්ධන 1987 සිට 2008 දක්වා වසර 21ක් පුරා ආතර් සී. ක්ලාක් සමඟ ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ සේවය කළේ ය. මේ කාලය තුළ ලෝ ප‍්‍රකට ලේඛකයාට පර්යේෂණ, ලේඛන හා මාධ්‍ය සම්බන්ධීකරණ සහාය දුන් නාලක, අවසාන දශකයේ දී ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේ ය.

විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශිත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ ග‍්‍රන්ථයේ මිල රු. 450කි. එදින සහන මිලකට පිටපත් අලෙවි කැරනු ඇත.

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010

Rolex Awards 2012: Celebrating innovation and excellence

News feature published in Ceylon Today newspaper, 29 November 2012

Rolex Awards for Enterprise celebrate innovation and excellence
By Nalaka Gunawardene in New Delhi

Five extraordinary individuals from as many continents came together in New Delhi on November 27 to be saluted and felicitated for their innovation, determination and pursuit of excellence.

At a gala awards dinner at Delhi’s Taj Palace Hotel, before an audience of leaders and innovators from all over the world, the Rolex Awards for Enterprise were presented to the five 2012 Laureates. They are: Sergei Bereznuk (Russia), Barbara Block (United States), Erika Cuéllar (Bolivia), Mark Kendall, (Australia) and Aggrey Otieno (Kenya).

The Laureates each received 100,000 Swiss francs and a Rolex chronometer. They will also gain substantial recognition and global publicity for their work.

They join 115 other individuals from 42 countries in a growing worldwide community of explorers, researchers and entrepreneurs.

During the two hour ceremony, each winner was profiled in a short video, and invited to make a brief acceptance speech. Their words illustrated how they simply refuse to accept the status quo in their respective fields of work – and strive to change it in different ways.

“Frustration has been a key motivation for me,” said Mark Kendall, a bio-engineer who is developing a ‘Nanopatch’ to replace needles in vaccination. “There are many big problems out there waiting to be tackled. They don’t come neatly packaged. We need to work across cultures and disciplines to solve these.”

“It’s a tragedy that so many women still die giving birth to children in this day and age. I am going to fight this in my own community,” said
Aggrey Otieno of Kenya, who is building a telemedicine centre in a large Nairobi slum to provide women with a lifeline to obstetric medical care.

Conservationist Erika Cuellar of Bolivia is training indigenous people in Bolivia, Paraguay and Argentina to conserve the biodiversity of one of South America’s last truly wild environments, the Gran Chaco.

She said: “Conservation today is highly political, and it’s a constant fight. But hard work and persistence can still make a difference. Nature needs all the allies it can get!”

“We know more about the soils of Mars than about the oceans of our own planet,” said oceanographer Barbara Block of United States, who is tracking marine predators (tuna and sharks) off the North American coast with a series of underwater listening stations.

She added: “By wiring up the ocean and making the data available online, we are hoping to make a personal connection between ordinary people and these lions and tigers of the sea.”

For Sergei Bereznuk of Russia, the biggest conservation battles are fought in the minds of people, especially of children. He is using technology and education targeted at younger people to protect the last Siberian tigers in the Russian Far East.

“I salute the brave wildlife rangers and teaches and other public educators in all tiger countries across Asia who are leading this battle at two fronts,” he said.

Celebrating Excellence

The original idea of the Rolex Awards, launched in 1976, was simple: to provide financial help and encouragement to outstanding projects that seek to break new ground and capture the spirit of enterprise. It is a prospective award that supports on-going work, selected from an open and competitive process.

“Anything in the world is possible with the right kind of passion and determination,” said Bertrand Gros, Chairman of the Board, Rolex SA, speaking at the Delhi ceremony.

He added that the Rolex Awards have a special place in the company because they reflect the ethics on which the company was founded — quality, excellence and performance.

The 2012 Laureates were chosen from more than 3,500 applicants from 154 countries by an independent jury of international experts drawn from around the world and across disciplines.

“Our task was a difficult one – we had to assess which ideas could best transform dreams into tangible results,” said jury member Subramaniam Ramadorai, Indian IT specialist who founded and is now vice chairman of Tata Consultancy Services.

The master of ceremonies was the celebrated Indian director Mira Nair, who said she was delighted to be back in the city where her 2001 film Monsoon Wedding is based.

At the end of the ceremony, former Indian tennis star and actor Vijay Amritraj – who served as a global juror for 2010 Rolex Awards – announced five more Young Laureates who will be felicitated in early 2014. They are all young activists or entrepreneurs below 30 already blazing new trails.

This was the first global Rolex Awards event held in South Asia. Previous Rolex Awards presentations have been held in Geneva and Lausanne in Switzerland, and in New York, Tokyo, Singapore, Paris and Dubai.

Sri Lanka has produced two Rolex Laureates. Consultant surgeon Dr Wijaya Godakumbura, inventor of the safe bottle lamp, was a Laureate in 1998. Conservationist Rohan Pethiyagoda became an Associate Laureate in 2000 for his efforts to protect Sri Lanka’s biodiversity by reclaiming tracks of land to support endangered species.

Rolex Awards 2012 presented in Delhi - Ceylon Today, 29 Nov 2012
Rolex Awards 2012 presented in Delhi – Ceylon Today, 29 Nov 2012