සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

In this week’s Ravaya column, I pay tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.

See also my English tribute: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Prof Cyril Ponnamperuma - NASA photo
Prof Cyril Ponnamperuma – NASA photo

අමෙරිකානු අජටාකාශගාමීන් ඇපලෝ යානාවලින් හඳට ගිය 1969-72 වකවානුවේ අපේ රටේ ගම් හා නගරවල ආඩම්බරයෙන් කියැවුණු ගී පදයක් තිබුණා. ‘‘පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්.’’

සාර්ථක වූ ඇපලෝ ගමන් හයක් මගින් හඳ පස් ගල් කිලෝ 381ග7ක් පෘථිවියට ගෙන ආවා. ඉතිහාසයේ මුල් වතාවට වෙනත් ග‍්‍රහ වස්තුවකින් ගෙනා පාෂාණ පිරික්සීමේ ජාත්‍යන්තර විද්‍යාඥ පිරිසේ නායකයා වූයේ ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමයි. අර ගී පදය පට බැඳුණේ ඔහු ගැනයි.

නාසා (National Aeronautics and Space Administration, NASA) අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරියෙ කෙටි නම. එරට ජනතාවගේ බදු මුදලින් පවත්වා ගෙන යන එය පර්යේෂණාගාර, කාර්යාල හා චාරිකා පාලක මධ්‍යස්ථාන රැසකින් සමන්විතයි. එහි සේවයට විදේශිකයන් බඳවා ගන්නේ එයට හැකියාව හා දැනුම ඇති දේශිකයන් නැති නම් පමණයි. නාසා අංශ ප‍්‍රධානියකු වීම කලාතුරකින් සුවිශෙෂ විදේශකයකුට ලැබෙන වරමක්.

එදා මෙදා තුර නාසා ආයතනයේ පර්යේෂක හා ඉංජිනේරු තනතුරුවල විවිධ ලාංකික විද්වතුන් සේවය කර ඇතත් අංශ ප‍්‍රධානි තත්ත්වයට පත්ව සමස්ත පර්යේෂණ කණ්ඩායමක නායකත්වය දරා ඇති එක ම ලාංකිකයා සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම (1923 – 1994). ඔහු විසි වන සියවසේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විදු තරු රැසක් අතර ජාත්‍යන්තර වශයෙන් වඩාත් ම දීප්තිමත් වූ ද සම්මානයට පාත‍්‍ර වූ ද විද්‍යාඥයා හැටියට සැළකිය හැකියි.

1923 ඔක්තෝම්බර් 16 වනදා ගාල්ලේ උපත ලබා ගාල්ලේ සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1948දී ඉන්දියාවේ මදුරාසි සරසවියෙන් ශාස්ත‍්‍රවේදි උපාධියත්, 1959දී ලන්ඩන් සරසවියෙන් විද්‍යාවේදී උපාධියත් ලබා ගත්තා.

ජීවයේ සම්භවය පිළිබඳව පූරෝගාමී පර්යේෂකයකු වූ මහාචාර්ය ජේ. ඞී. බර්නාල් සම`ග වැඩ කළ ඔහු 1962දී අමෙරිකාවේ බර්ක්ලිහි කැලිෆෝනියා සරසවියෙන් රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලැබුවේ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මෙල්වින් කැල්වින් යටතේ පර්යේෂණ කිරීමෙන්.

1962 – 71 කාලය තුළ NASA ආයතනයේ ජීවයේ සම්භවය පිළිබඳ රසායනික පසුබිම අධ්‍යයනය කළ පර්යේෂණ කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළ පොන්නම්පෙරුම, 1971දී මේරිලන්ඞ් සරසවියේ ජෛව රසායන විද්‍යා මහාචාර්ය ධූරයට පත්ව ජීවිත කාලයක් පුරා එම සරසවිය සමග සබඳතා පැවැත් වූවා. ලොව පිළිගත් ශාස්තී‍්‍රය සඟරාවල විද්වත් නිබන්ධන 400කට වැඩි ගණනක් පළ කළ ඔහු රසායන විද්‍යාව, ජීවයේ සම්භවය, ජාතික සංවර්ධනයට විද්‍යාව යොදා ගැනීම ආදී තේමා යටතේ ග‍්‍රන්ථ කිහිපයක් ද රචනා කළා.

තෙරවක් ම නොබෙල් රසායන විද්‍යා ත්‍යගයට නාමයෝජිත වූ ඔහු දැනුමේ නිම්වලලූ  පුඵල් කළා පමණක් නොවෙයි. අභිමානවත් ගෝල පරපුරක් ද බිහි කළා. පොන්නම්පෙරුමගේ සෙවනේ හැදුණු විද්‍යාඥයන් අද ලෝකය පුරා ම විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්හි නායකත්ව මට්ටමේ සිටිනවා.

1984 දී ජනාධිපති ජයවර්ධනගේ ඇරැයුමින් මෙරටට පෙරළා පැමිණී ඔහු ජනාධිපති විද්‍යා උපදේශක හැටියටත් මූලික අධ්‍යයන ආයතනයේ (Institute of Fundamental Studies, IFS) අධ්‍යක්‍ෂකවරයා ලෙසත් කටයුතු කළා.

ඔහුට උදක් ම  ඕනෑ වූයේ දැනුම් ගවේෂණයේ කොන් වී, මුළු ගැන්වී සිටි අපේ දක්ෂ පර්යේෂකයන් දිරිමත් කොට ලෝක මට්ටමේ විද්‍යා පර්යේෂණ කිරිමට ඔවුන්ට පහසුකම්, අවස්ථාව හා මග පෙන්වීම මෙරටදී ම ලබා දෙන්නට. බුද්ධි ගලනය නතර වී අනාගතයේ යම් දිනෙක රට හැරදා ගිය උගතුන් යළි මෙහි ගෙන්වා ගැන’මද ඔහුගේ අරමුණක් වුණා.

වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් නොතිබූ ඒ යුගයේ මෙරට සිට පර්යේෂණ කළ විද්‍යාඥයන්ට තම ක්‍ෂෙත‍්‍රවල අළුත් ම නිබන්ධන හා ප‍්‍රවණතා දැන ගැනීම දුෂ්කර වුණා.

1985 අගදී IFS ආයතනයට බඳවා ගත් එවකට තරුණ පර්යේෂක රොහාන් සමරජීවට පොන්නම්පෙරුම භාරදුර කාරියක් පැවරුවා. ARPANET නම් වූ ලොව වටා සරසවි ඇදුරන් හා පර්යෙෂකයන් ජාලකරණය කළ පරිගණක ජාලයට කෙසේ හෝ ශ‍්‍රී ලංකාවත් සම්බන්ධ කරන ක‍්‍රමයක් සොයන්න. (එය මුල් යුගයේ ඉන්ටර්නෙට් එකක්.)

ගවේශණවලින් පසු  ARPANET එකට බද්ධ වීමේ යෝජනාවක් සමරජීව ඉදිරිපත් කළත්, යම් හේතු නිසා එය ක‍්‍රියාත්මක කළ නොහැකි වුණා. (මෙරට පර්යේෂකයන් ලෝක දැනුම් ජාලයට මුල් වරට සම්බන්ධ වුයේ 1990දී ඇරැඹි LEARN හරහායි. වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සබඳතා ආවේ 1995දී.)

තොරතුරු සමාජය පරිනාමය වන්නේ කුමන දිශාවට දැයි හොඳ අවබෝධයක් පොන්නම්පෙරුමට තිබූ බවත්, එහෙත් ඔහුගේ දුරදර්ශී දැක්ම හඳුනාගෙන එයට සහාය වනවා වෙනුවට අපේ සමහරුන් කළේ ඔහුට අකුල් හෙළීම බවත් මහාචාර්ය රොහාන් සමරජීව කියනවා.

පොන්නම්පෙරුම ලොකු අභියෝග උද්‍යොගයෙන් භාර ගත්, අධිෂ්ඨාන පූර්වක චරිතයක්. මෙරට ගතානුගතික පර්යේෂක ප‍්‍රජාව ප‍්‍රාණවත් කරන අතරම ඔවුන් නිලධාරිවාදයෙන් මුදවා බුද්ධිමය නිදහස හා නිර්මාණශීලී අවකාශයක් ලබා දෙන්නට මුල සිට ම උත්සහ කළා.

එහෙත් ඔහුගේ මේ කාර්යශූර ප‍්‍රවේශය අපේ සමහර උගතුන්ට ඇල්ලූවේ නැහැ. අසීිමිත නිතීරිතීවලට උගතුන් නතු කර ගෙන සිටි නිලධාරීන් ද පොන්නම්පෙරුමට උඩින් හා යටින් අකුල් හෙලූවා. වයසින් හා තනතුරින් ජ්‍යෙෂ්ඨ වීමට වඩා බුද්ධිමය ප‍්‍රභාවට සහ නිර්මාණශීලී විමර්ශනයට මුල් තැන දීමේ පොන්නම්පෙරුම ප‍්‍රතිපත්තිය තරුණ දක්ෂයන්ට ඉතා හිතකර වුවත් ක්‍ෂෙත‍්‍රය අරක් ගෙන සිටි සමහර ප‍්‍රවීණයෝ එයට ප‍්‍රතිරෝධය මතු කළා.

ඇතැම් ලාංකික විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රතිරෝධය, අකුල් හෙලීම් හා කැනහිලිකම් මැද වසර ගණනාවක් පොන්නම්පෙරුම ඉන්ද්‍රඛීලයක් සේ ක‍්‍රියා කළා. ජයවර්ධනගෙන් පසු ජනාධිපති වූ පේ‍්‍රමදාස ද ඔහුගේ එම තනතුරු දිගට ම පවත්වා ගත්තා. 1988-89 භීෂණ සමයේ පවා මහනුවර IFS පර්යේෂණාගාරවල වැඩ නතර වූයේ නැහැ. සරසවි සියල්ල දිගු කලක් වසා දමා තිබියදී IFS වැඩ කෙසේ හෝ කර ගෙන යන්නට පොන්නම්පෙරුම සමත් වුණා.

විද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණ ආයතනික නීතිරීතිවලට සීමා කොට, කාර්යාලයීය වේලාව තුළ පමණක් කළ නොහැකි බව ඔහු දැන සිටියා. මේ නිසා දිවා රැය  ඕනෑ ම වෙලාවක IFS විද්‍යාගාරවල වැඩ කිරීමටත්, ආයතනයේ පුස්තකාල හා අනෙකුත් පහසුකම් පාවිච්චි කරන්නටත් ඔහු ඉඩ සළසා දුන්නා. තරුණ පර්යේෂකයන් මෙයින් හොඳහැටි ප‍්‍රයෝජන ගත් අතර ගතානුගතික ජ්‍යෙෂ්ඨයන් මෙයින් විමතියට පත් වුණා.

IFS පර්යේෂණාගාර පරිශ‍්‍රයේ ම කුඩා කාමරයක පදිංචිව සිටි පොන්නම්පරුම ද දිනකට පැය 16 – 18ක් වැඩ කළා. එවකට 60 විය ඉක්මවා සිටි මේ ජ්‍යෙෂ්ඨ විද්‍යඥයාගේ උද්‍යොගය හා කාර්යශීලී බව තරුණ පර්යේෂකයන් දිරි ගැන් වූවා.

රාජකාරි බහුල වුවත් ඔහු නිරතුරුව IFS පර්යේෂකයන් සමග සාමීචියේ යෙදෙමින් සුහදව කල් ගත කළා. වරක් මැදියම් රැය ආසන්නව තමන් විද්‍යාගාරයකට ගිය විට තරුණ පර්යේෂක පිරිසක් මහත් උනන්දුවෙන් පරීක්‍ෂණයක් කරනු දැක ඔහු තතු විමසා තිබෙනවා. ‘බැක්ටීරියා අපි වගේ නිදා ගන්නේ නැහැනේ, මහාචාර්යතුමා!’ එක් තරුණ පර්යේෂකයෙක් තමාට කී බව පොන්නම්පෙරුම උද්දාමයෙන් උපුටා දැක් වූවා.

ඔහුට  ඕනෑ වුණේ එබඳු පරපුරක් හදන්න. රාජ්‍ය ආයතනික සීමාවන් තුළ පවා ඔහු වසර කිහිපයක් තුළ ලොකු ආකල්පමය වෙනසක් කළා.

විද්‍යාඥයන් යනු පර්යේෂණාගාර හෝ දැනුමේ එක්ටැම් ගෙවල හෝ කොටු වූ අමුතු පිරිසක් නොව නව ලොවක් බිහි කරන හා රටේ ප‍්‍රශ්න විසදීමට දායක වන පිරිසක් බව ලක් සමාජයට ඒතතු ගැන්වීමේ අවශ්‍යතාවය ඔහු මැනවින් වටහා ගත්තා. විද්‍යාඥයන්ට අභිමානවත්ව හා ස්වාධීනව තමන්ගේ වැඩ කරගෙන යාමට වාතාවරණයක් බිහි කිරීමට ඔහු උත්සාහ කළා.

මහජන බදු මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය පර්යේෂණ ආයතන හා සරසවි මුඵමනින් මහජනයාට වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය හරහා තමන්ගේ පර්යේෂණ වැඩකටයුතු හා ප‍්‍රතිඵල ජනතාවට සරල හා ආකර්ෂණීය ලෙසින් සන්නිවේදනය කළ යුතු බවත් පොන්නම්පෙරුමගේ දැක්මේ ප‍්‍රබල අංගයක් වූවා.

මේ නිසා IFS පර්යේෂණ, පරිපාලනය හා මුදල් භාවිතය වැනි  ඕනෑ ම දෙයක් ගැන මාධ්‍ය නියෝජිතයන්ට විමර්ශනය කිරීමේ අවකාශය සළසා දුන්නා. තමන් කෙතරම් කාර්ය බහුල වුවත්,  ඕනෑ ම විටෙක මාධ්‍යවේදීන්ට දුරකථනය හරහා හෝ මුහුණට මුහුණ ලා සාකච්ඡ ලබා දීමට ඔහු ඉදිරිපත් වුණා.

යහපත් අරමුණු මත පදනම් වූ මේ ප‍්‍රවේශය ඔහුගේ විවේචකයෝ අර්ථ දැක්වූයේ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධිය හඹා යාමක් හැටියට. විද්‍යාඥයන් ශුද්ධ වස්තු ලෙස සළකා වන්දනාමාන කරමින්, කියන දෙයක් ලියා ගෙන පළ කිරීමට පුරුදුව සිටි සමහර මාධ්‍යවේදීන්ටත් මෙය නුහුරු වන්නට ඇති…

පොන්නම්පෙරුම මා දැන හඳුනා ගත්තේ 1986 – 1990 කාලයේ. තරුණ මාධ්‍යවේදියකු ලෙස මා බොහෝ අවස්ථාවල පොන්නම්පෙරුම මුණ ගැසී සාකච්ඡ කොට තිබෙනවා. සමහර විට මා නොදන්නාකමට ඇසූ මූලික මට්ටමේ ප‍්‍රශ්නවලට පවා උද්‍යොගයෙන් පිළිතුරු දුන්නා.

Cyril Ponnamperuma, 1963 - Smithsonian Institution Archives
Cyril Ponnamperuma, 1963 – Smithsonian Institution Archives

දේශපාලන මානයක් තිබූ ප‍්‍රතිපත්තිමය කරුණු ගැන වුවත් ඔහු ප‍්‍රවේශමින් ප‍්‍රතිචාර දැක් වූවා. කිසි විටෙක “No Comment” කියා ලිස්සා ගියේ නැහැ. එදා මෙදා තුර මා මුණ ගැසී ඇති සිය ගණනක් විද්වතුන් අතර ඉතා ආචාරශීලී හා මිත‍්‍රශීලී චරිතයක් ලෙස ඔහු මගේ මතකයේ රැඳෙනවා.

පොන්නම්පෙරුම සැම විට ආචාරශීලී වූවත් කිසි විටෙක නිවට හෝ නියාලූ නොවූ නිසා ජනාධිපති කාර්යාලයේ එවකට සිටි ඇතැම් නිලධාරීන් ඔහුට හිරිහැර කළා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට පවා සමනය කර ගත නොහැකි වූ මේ අකටයුතුකම් නිසා කළකිරුණු පොන්නම්පෙරුම 1990දී මවු රටින් සමු ගෙන යළිත් ඇමරිකාවට ගියා.

දිවි ඇති තෙක් පර්යේෂණ කරන්නට මේරිලන්ඞ් සරසවියේ ලොකු විද්‍යාගාරයක් හා පහසුකම් ඔහුට ලැබුණා. 1994 දෙසැම්බර් 20 වනදා ඔහු මිය ගියේ ද එහි පර්යේෂණයක සිටියදීයි.

මහාචාර්ය පොන්නම්පෙරුමගේ අනෙක් සුවිශෙෂී දායකත්වය වූයේ දියුණු වන ලෝකයේ රටවල සමාජ ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය නැණවත්ව යොදා ගැනීම ගැන ලෝක ව්‍යාප්ත සංවාදයක් ගොඩ නැගීමයි. මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා යුනෙස්කෝව මෙන් ම තෙවන ලොව විද්‍යා ඇකඩමිය (TWAS) නම් විද්වත් ජාලය හරහා ද ඉමහත් සේවයක් කළ ඔහු එහි උපසභාපති හැටියට දිගු කලක් කි‍්‍රයා කළා.

අපේ වැනි රටවල විද්‍යා හා තාක්‍ෂණ හැකියාව දියුණු කරන්නට ඔහු අති විශාල මෙහෙවරක් ඉටු කළා. TWAS ආරම්භක සභාපති, පාකිස්ථානු භෞතික විද්‍යාඥ ආචාර්ය අබ්දුස් සලාම් සමග සමීපව වැඩ කරමින් ආසියාවේ, අප‍්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ දක්‍ෂ විද්‍යාඥයින්ට ලෝක මට්ටමේ පර්යේෂණ කරන්නට අවස්ථා ලබා දුන්නා.

පොන්නම්පෙරුම ලොව පිළිගත් විද්වත් සඟරාවල පළ කළ නිබන්ධනවලට හා ලියූ පොත්වලට වඩා වැදගත් ලෙස මා දකින්නේ ඔහු සිය ශිෂ්‍යයන්ට හා සෙසු පර්යේෂකයන් දහස් ගණනකට ලබා දුන් ආත්ම විශ්වාසය හා ප‍්‍රබෝධක ආවේගයයි (inspiration).

අපේ රටේ ලිලිපුට්ටන් මේ ගලිවර් නොරිස්සූ නිසා ඔහුගේ සේවය හරි හැටි ලබා ගන්නට බැරි වූ සැටි දශක දෙකකට පසුව සිහිපත් කිරීම වටිනවා.

See also my English tribute: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Communication expertise as essential disease outbreak control

CBA President Moneeza Hashmi oepns workshop on Pandemics and broadcasting, Manado, 28 May 2013
CBA President Moneeza Hashmi opens workshop on Pandemics and broadcasting, Manado, 28 May 2013

The discussion on the role of information and communication in disaster situations continues. Media-based communication is vitally necessary, but not sufficient, in meeting the multiple information needs of disaster risk reduction and disaster management. Other forms of participatory, non-media communications are needed to create more resilient communities.

During the past decade, the world’s humanitarian and disaster management communities have acknowledged the central and crucial role of communications — not just for outreach, but as a frontline activity and a core component of response.

An Asian broadcasters’ workshop I just facilitated during Asia Media Summit 2013 in Manado, Indonesia, once again reaffirmed this. It was titled: Be Prepared: Managing Your Organisation through a Global Pandemic.

It was organised by the Commonwealth Broadcasting Association (CBA) in collaboration with the Asia Pacific Institute for Broadcasting Development (AIBD), and held on 28 May 2013.

WHO_CDS_2005_28enProviding vital context to our discussions was the World Health Organization (WHO)’s Outbreak Communication Guidelines of 2005 [WHO/CDS/2005.28].

Perhaps the most significant sentence in the booklet is this: “WHO believes it is now time to acknowledge that communication expertise has become an essential outbreak control as epidemiological training & laboratory analysis…”

It is preceded by this candid appraisal: “Communication, generally through the media, is another feature of the outbreak environment. Unfortunately, examples abound of communication failures which have delayed outbreak control, undermined public trust and compliance, and unnecessarily prolonged economic, social and political turmoil.”

The document is certainly a leap forward in thinking, but eight years since it was published, the ICT and media realities have changed drastically. As I noted in my opening remarks, social media, then fledgling, have exploded and completely changed the dynamics of emergency communications.

In a recent op-ed published in SciDev.Net, Rohan Samarajiva and I made this point: “The proliferation of ICTs adds a new dimension to disaster warnings. Having many information sources, dissemination channels and access devices is certainly better than few or none. However, the resulting cacophony makes it difficult to achieve a coherent and coordinated response…”

We added: “The controlled release of information is no longer an option for any government. In the age of social media and 24/7 news channels, many people will learn of distant hazards independently of official sources.”

Read full essay: Crying wolf over disasters undermines future warnings by Rohan Samarajiva & Nalaka Gunawardene, SciDev.Net, 6 February 2013

CBA - AIBD Workshop on 'Be Prepared Managing Your Organisation through a  Global Pandemic' - Manado, Indonsia, 28 May 2013
CBA – AIBD Workshop on ‘Be Prepared Managing Your Organisation through a Global Pandemic’ – Manado, Indonsia, 28 May 2013

New Arthur C Clarke Centre to study Human Imagination

Text and photos by Nalaka Gunawardene
In San Diego, California

As a science fiction writer and scientific visionary, Sir Arthur C Clarke was widely respected and acclaimed for his perceptive reflections on humanity’s near and far futures. From his exceptional imagination stemmed over 80 books and hundreds of short stories and essays.

This week, the University of California San Diego and the Arthur C. Clarke Foundation launched a new Arthur C Clarke Centre for Human Imagination (ACCCHI) to study and understand human imagination in all its many forms and dimensions.

Arthur C Clarke Centre logo

The centre, located at UC San Diego campus, will work across a wide range of disciplines such as technology, education, engineering, health, science, environment, entertainment and the arts. It will seek to bridge science and arts in trying to harness imagination for human progress.

Officially, the new centre’s mission is to develop, catalyze and be a global resource for innovative research, education and leading edge initiatives drawing upon the under-utilized resources of human imagination.

UC San Diego Chancellor Pradeep K Khosla
UC San Diego Chancellor Pradeep K Khosla

“We are pleased to create the first and only Arthur C. Clarke Center for Human Imagination,” UC San Diego Chancellor Pradeep K Khosla said at the public opening of the new centre on May 20.

“At UC San Diego, innovation plays an integral role in our education and research, so our campus is ideally suited to launch and grow a major center to better understand, enhance and enact the gift of human imagination,” he added.

The creation of the new centre is the culmination of a decade long process that the Arthur C Clarke Foundation (ACCF), when the non-profit organization set out looking for the best way to celebrate the legacy of legendary author.

Clarke personally endorsed the initiative before he passed away in March 2008. A series of public events and activities at UC San Diego throughout this month pay tribute to his many literary and scientific achievements.

Tedson Meyes, Chairman, Arthur C Clarke Foundation
Tedson Meyes, Chairman, Arthur C Clarke Foundation

Tedson Meyers, ACCF Chairman of the Board, said several excellent US universities had responded to a call for proposals to host the Arthur C Clarke Centre for Human Imagination. Among them, UC San Diego had made the most compelling case.

He explained: “UC San Diego and its faculty provide both a practical as well as theoretical framework to put imagination under a microscope, to find its historic limits and go beyond them, and to promote its positive use in education, commerce, science, social change and more. Clearly, ACCCHI will also put Sir Arthur’s spirit back to work in a significant way.”

Meyers also suggested a slogan for both the Foundation and the new Centre: “Science forges fiction into function”.

“The Clarke Center will be a focal point for active collaboration on current and future research and an intersection of disciplines for the purpose of identifying and advancing creative and innovative solutions for the challenges of contemporary and future societies,” said Sandra Brown, the university’s vice chancellor for research.

The new centre is being headed by Sheldon Brown, a professor of media arts in the Department of Visual Arts in UC San Diego’s Division of Arts and Humanities. For him and team, this week’s public launch came after two years of planning and ground laying work.

“In our proposal for the new centre, we brought together connections from all divisions of the campus to show how the subject of imagination could be pursued through an engagement of the arts, literature, sciences, medicine and technology,” he said.

Understanding the brain will be a key plank in the new centre’s multidisciplinary and interdisciplinary work. Among the big questions the new centre will address are: what is the neurological basis for imagination and creativity? How does imagination occur in human societies? And does it vary from culture to culture?

The impetus for probing and understanding human imagination came from cultural research, Brown added. In recent years, the University has regularly brought science fiction writers and scientists together in a series of meetings that explored the interface between science, technology and society.

According to UC San Diego sources, it has produced more science fiction writers than any other university in the United States, many of who are already involved in developing the new centre.

Seth Lerer, Dean of Arts and Humanities, described UC San Diego as the ‘campus of possibility’. He quoted Arthur C Clarke’s famous Second Law: “The only way of discovering the limits of the possible is to venture a little way past them into the impossible.”

Sheldon Brown, Director of Arthur C Clarke Centre for Human Imagination, speaks at opening on May 20
Sheldon Brown, Director of Arthur C Clarke Centre for Human Imagination, speaks at opening on May 20

Director Sheldown Brown said he wants to develop international collaborations in exploring myriad ways in which human cultures and societies respond to a fundamental question that is at the root of imagination: “What if?”

As part of the launch events, the centre hosted a two-day “Starship Century Symposium”. It was a scientific meeting devoted to discussing a ‘big idea’ of developing an inter-stellar ‘starship’ in the next 100 years. Space scientists, astronomers, science fiction writers and other experts explored the challenges and opportunities for humanity’s long-term future in space.

Among the speakers were physicist Freeman Dyson, futurist Peter Schwartz, and science fiction authors Neal Stephenson, Allen Steele, Joe Haldeman, Gregory Benford, Geoffrey Landis and David Brin.

Other events included an exhibition of Arthur C Clarke books, book cover paintings and signed photographs, as well as a public screening of the 1997 BBC documentary on him titled ‘The Man Who Saw the Future’.

Tedson Meyers, Chairman,and Monica Morgan, Executive Director of Arthur C Clarke Foundation
Tedson Meyers, Chairman,and Monica Morgan, Executive Director of Arthur C Clarke Foundation

The Man Who Saw the Future (BBC 1997)

සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

I draw from the Global Status Report on Road Safety 2013, released by WHO in mid March 2013, for this week’s Ravaya column (in Sinhala). I discuss how the attitudes of Lankan road users — pedestrians, cyclists and motorists — contribute to road traffic accidents.

The challenge of reducing Sri Lanka’s alarmingly high rate of road accidents needs technocratic, sociological and attitudinal responses. This isn’t simply a law and order issue, or one that can be fixed by traffic engineering.

Cartoon by W R Wijesoma, first published on 14 February 1994
Cartoon by W R Wijesoma, first published on 14 February 1994

සංකීර්ණ වූ අද සමාජයේ ප්‍රශ්න ඕනෑවට වඩා සරල හා ලිහිල් විග්‍රහ කිරීම අවදානම් සහගතයි. දිගින් දිගට ම ඉහළ නගින මාර්ග අනතුරු ගැන ඇතැම් දෙනා කියන්නේ වාහන සංඛ්‍යාව සීමා කිරීමෙන්, රියදුරන්ට දැඩි දඬුවම් දීමෙන් හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමෙන් එය පාලනය කර ගත හැකි බවයි.

මේ ක්‍රියාමාර්ග අවශ්‍ය වූවත් සෑහෙන්නේ නැහැ. මාර්ග අනතුරු සිදු වන්නේ හුදෙක් වාහන සංඛ්‍යාව වැඩිවීම නිසා ම නොවෙයි. අපට වඩා වාහන මෙන් ම ජන ඝනත්වය වැඩි රටවල් අනතුරු අවම කර ගෙන තිබෙනවා.

යල් පැනගිය රොමෑන්ටික් මතවාදවලට වඩා අද අවශ්‍ය වන්නේ පර්යේෂණාත්මක තොරතුරු හා විග්‍රහයන් මත පදනම් වී, ආවේගශීලී නොවී තුලනාත්මකව මේ බිහිසුණූ සමාජ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසදීමයි. අනතුරක් සිදු වූ තැන ලේ හා කදුඵ හරහා කරන මතුපිට වාර්තාකරණයෙන් ඔබ්බට සිතා බැලීමේ ලොකු වගකීමක් මාධ්‍යවලටත් තිබෙනවා.

මාර්ග අනතුරු හුදෙක් නීතිමය හා වෛද්‍යමය ප්‍රශ්නයකට වඩා මහා සංවර්ධන අභියෝගයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මෙන් ම ලෝක බැංකුවත් කියනවා. මාර්ග අනතුරුවලින් රටක දළ දේශීය නිෂ්පාදිතය සියයට 2ක් පමණ අපතේ යන බව ආර්ථීක විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

මාර්ග අනතුරු පිළිබඳ ලෝක තත්ත්ව වාර්තාවක් (Global Status Report on Road Safety 2013) දෙවන වරටත් WHO සම්පාදනය කොට තිබෙනවා. මේ එක්සත් ජාතීන්ගේ විශෙෂිත ආයතනයේ සාමාජික රටවල් 182ක් ලබාදුන් දේශීය දත්ත හා අධ්‍යයනයන් සම්පිණ්ඩනය කරමින් නිමැවුණූ සංසන්දනාත්මක වාර්තාවක්. 2010 අග දක්වා ලැබුණු දත්ත එයට ඇතුළත්. http://tiny.cc/RSR13

මේ වාර්තාවට අනුව ලොව පුරා මාර්ග අනතුරු නිසා වසරකට මිලියන් 1.24ක් (දොලොස් ලක්ෂ හතලිස් දහසක්) දෙනා එතැන ම හෝ අනතුරෙන් දින 30ක් ඇතුළත මිය යනවා. මෙහි සාමාන්‍ය අගය දිනකට 3,400ක්. ශී‍්‍ර ලංකාවේ දිනකට 6 – 7 දෙනකු මාර්ග අනතුරුවලින් මිය යාම ද මෙයට දායක වනවා.

මිය යන සංඛ්‍යාවට වඩා අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදහට ම හෝ ආබාධිත වනවා. මේ සංඛ්‍යාව ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු නමුත් එය ලොව පුරා මිලියන් 20 – 50 අතර වෙතැයි අනුමාන කැරෙනවා. ඒ හරහා පවුල්වලට හා රටේ ආර්ථීකයට සිදුවන ඵලදායීතාවයේ පාඩුව අති මහත්.

මාර්ග අනතුරු යනු සංකීර්ණ සාධක රැසක් ඒකරාශි වීමේ ප්‍රතිඵලයක්. එයට වාහනවල තත්ත්වය, රියදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, මහාමාර්ගවල තත්ත්වය මෙන් ම පදිකයන්ගේ හැසිරීම ද දායක වනවා. අනතුරුවලදී බොහෝ විට පදිකයන් හා පාපැදිකරුවන් වැඩි හානියට පත් වූවත් ඔවුන් මුඟමනින් ම නිර්දෝෂී වන්නේ ද නැහැ.

Roadsafetyමාර්ග අනතුරුවලට බලපාන ප‍්‍රධාන හානිකර සාධක පහක් හදුනාගෙන තිබෙනවා. මෝටර් බයිසිකල් ධාවකයන් හා මගීන් හෙල්මට් නොපැළදීම, වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළදීම, අධී වේගයෙන් ධාවනය, බීමත්කමින් ධාවනය හා කුඩා දරුවන් නිසි ලෙස වාහන තුළ ගෙන නොයාම මේ සාධකයි.

ගිය වසරේ ‘ඔබේ දරුවා අනතුරුවලින් රැක ගන්න’ නම් පොත ලියූ, අනතුරු වැළැක්වීම ගැන ජීවිත කාලය පුරා කැප වී වැඩ කරන විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර, මෙරට මාර්ග අනතුරු සංඛ්‍යා ලේඛන හා රෝහල් අත්දැකීම් දිගු කලක් අධ්‍යයනය කරනවා. ඔහු කියන්නේ බීමතින් රිය පැදවීම මාර්ග ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක් බව සැබෑ වුවත්, තවත් සාධක ගණනාවක් ද තිබෙන බවයි.

ඔහු කියන හැටියට, අධික ලෙස විඩාපත් වී රිය පැදවීම හා නිදිමත නිසා ද සැළකිය යුතු අනතුරු සංඛ්‍යාවක් සිදු වනවා. එහෙත් අනතුරක් සිදු වූ වහා කම්පනය නිසා නිදිමත පහ වී යන බැවින් එය තහවුරු කරන්නට අමාරුයි. (එසේ ම නිදිබර වූ බව පිළිගන්නවා වෙනුවට බොහෝ රියදුරන් කියන්නේ පාරට බල්ලකු හෝ පුසකු පැන්නා වැනි කථාවක්.)

හොඳ අවධියෙන් සිටින රියදුරන් අනතුරුදායක අවස්ථාවල අනිච්ජානුගව (involuntarily) ගන්නා ප‍්‍රතික‍්‍රියා නිසා මාර්ග අනතුරු වළක්වා ගන්නා නමුත් විඩාපත් හා නිදිමත ගතිය සහිත රියදුරන්ට එසේ කරන්නට බැරි බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

විඩාව හුදෙක් ශාරීරික පමණක් නොව මානසිකව ද තිබිය හැකියි (පැය ගණනක් මනස වෙහෙසා එක දිගට පොත්පත්වල හෝ පරිගණකයක වැඩ කළ අයට). ගෙවී ගිය පැය 24 තුළ පැය 5කට වඩා අඩු නින්දක් ලද විටකදී හා අලූයම 2 හා 5 අතර කාලයේ වාහන පැදවීමෙන් වැළකුණොත් අනතුරු 19% අඩු කර ගත හැකි බව නවසීලන්ත පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.

දියුණු වන ලෝකයේ මාර්ග අනතුරු ප‍්‍රවණතා ගැන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බි‍්‍රතාන්‍යයේ New Scientist විද්‍යා සඟරාවේ පළ වුණා. එය අරඹා තිබුණේ ‘In many Third World countries, it is better to be late than never’ කියායි. එනම් බොහෝ දියුණුවන රටවල ගමනක් යන විට ප‍්‍රමාද වී හෝ ප‍්‍රවේශමින් යාම ඇඟට වඩා ගුණ බවයි.

ඇත්තටම නොනිසි හා අසීමිත කලබලයෙන් රිය පදවන්නෝ අන් අයට වඩා කාලය ඉතිරි කර ගන්නවා ද?

මා රිය පදවන්නේ සෙමින් හා පරීක්‍ෂාකාරීව. මෙය මගේ ඇතැම් මිතුරන්ගේ අවඥාවට හා සරදමට ලක්වනවා. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පාරේ ගත කිරීමට සිදු වන බවට ඔවුන් අනතුරු අඟවනවා. මෙය අතිශයෝක්තියක් මිස ඇත්තක් නොවේ.

මෙය පර්යේෂණාත්මක මට්ටමින් සසදා ඇත්දැයි මා දන්නේ නැහැ. එක් පෞද්ගලික අත්දැකීමක් මට තිබෙනවා. කොළඹ සිට මහනුවරට ඇති කිමී 115 දුර යන්නට අවම වශයෙන් පැය තුනක් ගත වනවා. එය ජාත්‍යන්තර මට්ටමින් නම් මන්දගාමී වේගයක්.

මේ ගැන නිතර මැසිවිලි නඟන මගේ නොඉවසිලිමත් මිතුරකුත්, මාත් මීට කලකට පෙර එක ම මොහොතේ වාහන දෙකක මේ ගමනට පිටත් වුණා. අතරමඟ නොනවතා දිගට ම ගමන් කළා.

නලාව (හෝන් එක) නාද කරමින්, අන් අයට සාප කරමින්, වාහන ඉස්සර කරමින් අනෙකවිධ අවදානම් ගනිමින් මගේ මිතුරා රිය පදවන සැටි මා දන්නවා. මගේ සුපුරුදු වේගයෙන් මා මහනුවරට ළඟ වන විට ඔහු එහි ගොස් විනාඩි 10ක් පමණ ගත වෙලා. ඒ තත්පර 600ක වාසියට ඔහු කොතරම් අන්තරායකාරී වුවා ද?

‘ඔබේ රටේ රියදුරන් වාහන එලවන්නේ ඇක්සලරේටරයෙන් ද නැති නම් නලාවෙන්ද?’ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල මාත් සමඟ දින කිහිපයක් මෝටර් රථයකින් ගමන් කළ යුරෝපීය මිතුරෙක් විමතියෙන් මෙන් මගෙන් ඇසුවා. එයට හේතුව අපේ බොහෝ රියදුරන් නිතර නිතර නොඉවසිල්ලෙන් නලාව ගැසීමයි.

රතු එළියට නතර වූ වාහන පේලියක් තැඹිලි එළිය දිස්වත් ම අඩු තරමින් එක් රියදුරෙක්වක් නලාව ගසනවා. පදිකයන්ට පාර හරහා යන්නට අයිතිය ඇති කහ ඉරක් අබියස නතර කළත් පිටුපසින් සිටින සමහර රියදුරන්ට ඉවසිල්ලක් නැහැ. එපමණක් නොවෙයි, වාහන තදබදය ඉතා හොදින් පෙනෙන්නට තිබියදීත් – යන්නට කිසිදු ඉඩක් නැති විටදීත් – සමහරුන් ඔහේ නලාව ගසනවා!

ඇත්තට ම වාහනයකට නලාවක් සවිකර ඇත්තේ හදිසි අවස්ථාවක නාද කිරීමට පමණයි. විනයානුකූලව රථ පදවන ජපානය, සිංගප්පුරුව හා නවසීලන්තය වැනි රටක මහ මගෙහි නලා නාදය ඇසෙන්නේ ඉඳහිටයි. මෙය ඉතා කුඩා දර්ශකයක් වුවත් අපේ රියදුරන්ගේ ආකල්ප හා හැසිරීමේ තිබෙන අඩුපාඩු එයින් පෙන්නුම් කැරෙනවා.

Decade of Action for Road Safetyමා දන්නා ඉතා අපරීක්‍ෂාකාරී හා අන්තරාදායක රියදුරන් අතර පොතේ උගතුන් හා වෘත්තිකයන් ද සිටිනවා. ඔවුන් සමහරුන් දියුණු රටවල රිය පදවන විට මුඵමනින් නීතිගරුක හා ආචාරශීලි වන නමුත් සිය රටේදී ඒ සංයමය කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ඇයි?

මේ සමහරුන් අපේ රටේදී ආසන පටි පැළඳගෙන රියපදවන්නට කැමති නැහැ. (එය ඇඟට අපහසුවක් යයි සළකන නිසා). තවත් සමහරුන් රිය පදවමින් ජංගම දුරකථනය භාවිත කරන්නේ රථ වාහන පොලීසිය සමඟ හැංගිමුත්තන් කෙළිමින්….

මෙහි ආන්තික උදාහරණයක් නම් වෛද්‍යවරියක් වන මගේ මිතුරියක් දෙහැවිරිදි සිය දරුවා ද රථයේ නංවා ගෙන නිතිපතා හා සිත් සේ ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය පැදවීමයි. Hands-free උපාංගයක් පවා ඇය යොදා ගන්නේ නැහැ. ඇමතුමක් අතරමඟ පොලිස් නිලධාරියකු දුටුවොත් ඇය මඳකට කථාව නතර කරනවා. පොලිස් ඇසට පෙනෙන මානය පසු වූ විට නැවත දුරකථනය අතට ගන්නවා. තමා කිසි දිනෙක නීතියට හසු වී නැති බව ඇය ආඩම්බරයෙන් කියනවා.

අපේ බොහෝ රියදුරන් මේ තරම් නොඉවසිලිමත් ඇයි? බස් රියදුරන් දෛනික ආදායම් ඉලක්කයක් හඹා යන බව අප දන්නවා. එක ම මාර්ගයේ ධාවනය වන බස් රථ තරගයට අධිවේගීව ගමන් කරමින් සියඵදෙනාට අන්තරාවක් ඇති කරන සැටි අප දකිනවා.

එහෙත් ඉවසීමක් නැතිව රිය පදවන්නේ ඔවුන් පමණක් නොවේ. තදබදය පවතින නාගරික මාර්ගවල ලොකු කුඩා වාහන පදවන බොහෝ දෙනකුට නොසන්සිදුණු ආසාවක් තිබෙනවා. අන් හැමදෙනා ම පසුකර තමන් පමණක් කෙසේ හෝ ඉදිරියට යන්න. එහිදී මාර්ග නීති කඩ කිරීම හා ආචාරශීලි නොවී දැඩි ආක‍්‍රමණශීලි ලෙස රිය පැදවීම නිතර සිදුවනවා.

මේ ගැන මෙනෙහි කරන හෝ පර්යේෂණ කරන අය කියන්නේ නිසි ලෙස රියදුරු පුහුණුව නොලැබීම, අධ්‍යාපනයේ දුර්වලකම් හා නීතිය කි‍්‍රයාත්මක වීමේ අඩුපාඩු මීට දායක වන බවයි. එහෙත් මේ සාධක ඉක්මවා යන ආකල්පමය, සමාජයීය හා මානසික හේතූන් ද තිබෙන බව පෙනෙනවා.

කලා ක්‍ෂෙත‍්‍රයෙන් වෙළඳපොල සාර්ථකත්වය ලැබු මගේ මිතුරෙක් රිය පදවන්නේ හැකි සෑම විට ම මහපාරේ රේස් දිවීමේ අරමුණින්. පාරේ කිසිවකුට තමා පසු කර යාමට ඉඩ නොදෙන බවත්, තමා රිය පදවන්නේ ‘පිරිමිකමට සරිලන ලෙසින්’ බවටත් ඔහු උදම් අනනවා. කලාකරුවකු ලෙස මානව හිතවාදය, අවිහිංසාව හා අනුකම්පාව ගැන පෙනී සිටින මේ දෙබිඞ්ඩා, මහ පාරේ රිය පදවන විට ඒ උතුම් ගුණාංග කිසිවක් ප‍්‍රගුණ කරන්නේ නැහැ!

හීනමානය හා වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට අධිබලැති වාහන ලැබුණු විට සිදු වන දෙය අප දිනපතා මහමඟ දකිනවා. මේ මානසික තත්ත්වයන්ට හුදෙක් අධ්‍යාපනයෙන් හෝ නිතී මගින් හෝ පමණක් පිළියම් කළ හැකි ද?

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.
Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012
Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)
Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

Book Review: ගවේෂණශීලී චින්තන චාරිකාවක්

Nalaka presenting book to his science teacher & first publisher, Asanga Abeysundara
Nalaka presenting book to his science teacher & first publisher, Asanga Abeysundara

Asanga Abeysundara was my zoology teacher as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, later evolved into a magazine with a small circulation and loyal readership.

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

But this modest yet spirited publication had lasting influence on Sri Lanka’s science communication scene. Many writers who cut their teeth at Maanawa later joined Vidusara, a weekly science magazine launched by a commercial publisher in late 1987.

Others, like Chanuka Wattegama and myself, went in different directions — but are still active in science communication in one way or another.

In December 2012, I invited Asanga as a guest of honour to the launch of my Sinhala book, Mind Journeys with Arthur C Clarke. Chanuka, who wrote the introduction to the book, was a speaker (along with Dr Rohan Samarajiva).

I’m delighted to read Asanga write a review of the book, which appears in Vidusara issue of 20 March 2013:

Vidusara review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene
Vidusara review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene

Book Review: විද්‍යාව පිටු දැක මිථ්‍යාව මාකට් කිරීම

Silumina review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene

A perceptive review of my Sinhala language book, Mind Journeys with Arthur C Clarke, which came out in December 2012, has just appeared in Silumina broadsheet newspaper.

The writer is Sunil Mihindukula, a senior journalist who is best known for his writing on the performing arts, especially cinema. But Sunil has broad interests, and is a rare open-minded and skeptical person among Sinhala language journalists many of who are ‘true believers’ of assorted dogmas.

Sunil places my book in the context of rationalism and critical thinking that is so lacking in today’s Sri Lanka. Here’s an excerpt:

“මෙආකාරයෙන් මා දීර්ඝ පූර්විකාවක් ඉදිරිපත් කළේ නාලක ගුණවර්ධන ලියා ඇති ‘ආතර් සී. ක්ලාක් – චින්තන චාරිකා’ නම් වූ පොත ගැන අදහස් දක්වන්ටය. ක්ලාක් පමණක් නොව නාලක ද මිථ්‍යාවට විරුද්ධව මත පළ කරන්නෙකි. ඔහු සතිඅන්ත පුවත්පතකට ලියන තීරු ලිපිය ඊට කදිම සාක්ෂ්‍යයකි.

ආතර් සී. ක්ලාක් යනු විද්‍යාඥයකු නොවන බව පාසල් සිසුන් පවා දන්නා කරුණකි. ඔහු තමාව හඳුන්වා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු ලෙසය. එසේ වුවත් ඔහු ඒවා රචනා කළේ ද කිසියම් විද්‍යාත්මක චින්තනයක් මත පිහිටාය. විද්‍යා ප්‍රබන්ධ මඟින් ද සමාජයට විශාල සේවයක් සිදුවෙයි. එමඟින් අනාගතය දකින්නා සේම අයහපත් අනාගත වළක්වා ගත හැකි ද වන බව ක්ලාක්ගේ නිගමනයයි. තමා දැන් උත්සාහ කරන්නෙත් ප්‍රාර්ථනා කරන්නෙත් අපේ පරම්පරාවේ උදවිය ගෙවී ගිය සියවස පුරා කළ මෝඩකම් හා අපරාධ ඉදිරි පරපුර විසින් ද කරනු ලැබීම වැළැක්වීම හැකි සෑම අන්දමකින්ම සහාය වීම ක්ලාක් කියා තිබේ.

ක්ලාක් පළකර ඇති මත චින්තා අධ්‍යයනය කිරීම බුද්ධිමත් සමාජයක්, විද්‍යාත්මක චින්තනයෙන් යුතු සමාජයක් චිරස්ථාපනය කිරීමෙහිලා අතිශය වැදගත්ය. ‘දෙසතිය’ පුවත් සඟරාවට ක්ලාක් සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් දෙන කතුවර නාලක ගුණවර්ධන, ඉතාම ලඝු මට්ටමෙන් ක්ලාක් ගැන ඇගයීම් කළා මිස දුරදක්නා නුවණින් එතුමා ලංකාවට දුන් යම් යම් උපදෙස් අපේ දේශීය ප්‍රතිපත්ති සමඟ බද්ධ කරගන්ට උත්සාහ නොකළ බව කියා සිටී.

ඒ සම්බන්ධයෙන් නම් අප තවමත් ප්‍රමාද නැතැයි සිතමි. ක්ලාක් ඉංග්‍රිසියෙන් ලියු පොත් හැකිතාක් සිංහලට පරිවර්තනය කිරීම, ඉන් එක් පොතක් අධ්‍යාපන විෂයයෙහි නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත්කිරීම දැන් වුව කළ හැක්කකි.

නාලකගේ මෙම පොත ක්ලාක්ගේ විද්‍යාත්මක චින්තන හඳුනා ගැනීමට අපට මාහැඟි කවුළුවක් විවෘත කිරීමකි. එම කවුළුවෙන් ඇතුළුව ක්ලාක් සමඟ චින්තන චාරිකාවේ නියැළීම ප්‍රඥාසම්පන්න පාඨකයන්ට භාර ක්‍රියාවකි.


Read full review in Silumina, 17 March 2013: විද්‍යාව පිටු දැක මිථ්‍යාව මාකට් කිරීම

සිවුමංසල කොලූගැටයා #108: අහස ‘මුර කරන’ තාරකා විද්‍යාඥයෝ

In this week’s Ravaya column (in Sinhala), I write about asteroid impact hazards and what can be done to protect our planet.

I have covered similar ground in English in these two recent columns:

23 Dec 2012: When Worlds Collide #47: Avoiding the ‘Mother of All Tsunamis’

24 Feb 2013: When Worlds Collide #55: ‘Wake-up Call’ from Outer Space

Earth in danger

කළුවර රැයක, අහස දෙස සෑහෙන වේලාවක් ඕනෑකමින් බලා සිටියොත් අහසේ එක තැන බබලන තරු අතර හිටිහැටියේ ගමන් කරන කුඩා ආලෝක දැක ගත හැකියි. කඩා වැටෙන තරු (Shooting Stars) යනුවෙන් නම් කැරෙන මේවා විද්‍යාඥයින් හදුන්වන්නේ උල්කා (meteors) කියායි.

අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙන ග‍්‍රහ කැබලිවලට meteoroids හෙවත් උල්කාෂ්ම යැයි කියනවා. මේවායින් සමහරක් අපේ පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීමෙන් පසු වාතය සමග දැඩි ලෙස ඝර්ෂණය වීම (ඇතිල්ලීම) නිසා ගිනියම් වී දීප්තිමත් වනවා. මෙය දිවා කාලයේ මෙන් ම රාත‍්‍රි කාලයේත් සිදු වුවත් අපට පෙනෙන්නේ රාත‍්‍රියට පමණයි. එබදු දීප්තිමත් වූ වස්තූන්ට උල්කා (meteors) යයි කියනවා.

බහුතරයක් උල්කා ප‍්‍රමාණයෙන් කුඩා නිසා වායුගෝලය ඉහලදී මුළුමනින් දැවී අළු බවට පත් වනවා. එහෙත් ඉඳහිට එසේ දැවී අළු නොවී මහපොළවට කඩා වැටෙන උල්කාවලට, කඩා වැටීමෙන් පසු උල්කාපාත (meteorites) යන නම යෙදෙනවා. මේ උල්කාපතවලින් අති බහුතරයක් ද හානියක් කිරීමට හැකියාවක් නැති තරම් කුඩායි.

නමුත් ප‍්‍රමාණයෙන් විශාල උල්කාපාත ද කලාතුරකින් කඩා වැටෙනවා. 2013 පෙබරවාරි 15 වනදා රුසියාවේ සයිබීරියාවේ වාර්තා වූයේ මෑත දශක වලදී එසේ හමු වූ විශාලතම උල්කාපාතයයි.

මේ උල්කාපාතය ගැන ලොව පුරා පිහිටුවා ඇති සංවේදී උපකරණ හරහා ලබා ගත් තොරතුරු මත යම් ගණන් බැලීමක් කර තිබෙනවා. වායුගෝලයට ඇතුළු වීමට පෙර මීටර් 17ක් (අඩි 55) පළල් වූ එහි බර ටොන් 10,000ක් පමණ වන්නට ඇති. අවධ්වනික (infrasound) දත්තවලට අනුව මේ වස්තුව වායුගෝලයට ඇතුළු වී ඒ හරහා ගමන් කළ කාලය තත්පර 32.5ක්.

මේ තරමේ උල්කාපතයක් ඇද වැටීම දළ වශයෙන් වසර 100කට වරක් සිදුවීමේ හැකියාව ඇතැයි ඇමෙරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය නාසා (NASA) කියනවා. මේ උල්කාපතය හා එදින ම පෘථීවියට ආසන්න වූ (එහෙත් ගැටීමකින් තොරව යළිත් අභ්‍යවකාශයට ඇදී ගිය) 2012DA14 නම් ග‍්‍රහකය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් නාසා අවධාරණය කළා. මේ සිදුවීම් දෙක එක ම දිනයක සිදුවීම අසාමාන්‍ය ගණයේ අහම්බයක් (coincidence) පමණයි.

මීට පෙර විශාලතම උල්කාපාතය වාර්තා වූයේ ද රුසියාවෙන්. 1908 ජූනි 30 වනදා සයිබීරියාවේ තුංගුස්කා (Tunguska) නම් ජනශූන්‍ය ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බවට සාක්ෂි පසුව සොයා ගනු ලැබුවා. එය රුසියානු හා ජාත්‍යන්තර විද්‍යාඥයන් විසින් දීර්ඝ ලෙස පර්යේෂණවලට ලක් වූ තැනක්.

Siberian meteor of 15 Feb 2013 breaks up in the sky
Siberian meteor of 15 Feb 2013 breaks up in the sky

පෙබරවාරි 15 වනදා සයිබිරියානු උල්කාපාතය ගැන තාරකා විද්‍යාඥයන්ට කල් තබා අනතුරු ඇඟවීමට හැකි නොවූයේ ඇයි?

ඒ උල්කාපාතය සාපේක්ෂව කුඩා එකක්. එබඳු ග‍්‍රහ කැබලි ලක්ෂ ගණනක් අභ්‍යාවකාශයේ ගමන් කරමින් තිබෙනවා. අපේ පෘථිවිය ද අධික වේගයෙන් සුර්යයා වටා නිරතුරුව ගමන් කරනවා. මේ චලනයන් නිසා විටින් විට එබඳු ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ගය (කක්ෂය) හා අපේ පෘථිවියේ කක්ෂය එකිනෙකට මුණ ගැසීම සිදු වනවා. උල්කාපාත ඇද වැටීමට තුඩු දෙන්නේ එයයි.

විටින් විට ග‍්‍රහ කැබලි ඇද වැටීම අද ඊයේ පමණක් නොව පෘථිවි ඉතිහාසය පුරා ම සිදුව ඇති බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. නාසා ආයතනය කියන පරිදි: “පෘථිවිය බිහිවු කාලයේ පටන් ම මෙබඳු ග‍්‍රහ කැබලි ගැටීම සිදුවී තිබුණත් විශාල ගැටුම් ඉතා දුර්ලභයි. අප දන්නා හැටියට මහා පරිමානයේ ග‍්‍රහ කැබලි ගැටුමක් අන්තිමට සිදු වූයේ මීට වසර මිලියන් 65කට පමණ පෙරයි. ඒ ගැටුම නිසා එවකට මිහිපිට විසූ ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී ගියා. අද තාරකා විද්‍යාඥයන් නිරතුරු අහස නිරික්සන්නේ එබඳු තර්ජනයක් ඇති කළ හැකි ග‍්‍රහ කැබැල්ලක් කල් තබා හඳුනා ගන්නටයි.”

පෘථිවිය අසලට පැමිණීමේ හැකියාව ඇති ග‍්‍රහ කැබලිවලට Near-Earth Obects හෙවත් NEO යන නම දී තිබෙනවා. පසුගිය දශක කිහිපයක තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ මගින් මෙබඳු NEO 10,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඒවා නිරතුරු අධීක්ෂණය කැරෙනවා. මේ සඳහා දුරදක්න නිරීක්ෂණ මෙන් ම පරිගණක තාක්ෂණය ද යොදා ගන්නවා. http://neo.jpl.nasa.gov

ග‍්‍රහ කැබලි ගැටීම්වල විශාලත්වය මැනීම සඳහා ටොරීනෝ ගැටුම් මාපකය (Torino Impact Scale) නම් දර්ශකයක් තාරකා විද්‍යාඥයන් භාවිතා කරනවා. 1997දී මෙය නිර්මාණය කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ (MIT) මහාචාර්ය රිචඞ් බින්සල්. එය 1999 ජුනි මාසයේ ඉතාලියේ ටියුරින් (ටොරීනෝ) නුවර පැවති ලෝක තාරකා විද්‍යාඥ සමුළුවකදී සම්මත කර ගත් නිසා ඒ නම යෙදෙනවා.

බින්දුවේ සිට 10 දක්වා ආරෝහණ පිළිවෙලට විහිදෙන ටොරීනෝ මාපකයේ අවම අගය (0) යොදන්නේ කිසිදු ගැටුමක් සිදු නොවනල පෘථිවියට ආසන්න කක්ෂවල ගමන් කරන ග‍්‍රහ කැබලි හා වායුගෝලයේ ඉහළදී දැවී අළුවී යන කුුඩා ග‍්‍රහ කැබලිවලටයි. එතැනින් පටන්ගෙන ටිකෙන් ටික උත්සන්න වන ගැටුම් මාපකයල වඩාත් බරපතල වන්නේ අංක 5 සිට ඉහළටයි.

කුඩා ග‍්‍රහ කැබැල්ලක් ඇද වැටීම නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ව්‍යවසනයක් නිසා රටකට හෝ රටවල් ගණනාවකට හානි විය හැකියි. ටොරීනෝ මාපකයේ 5 – 7 පරාසයේ අන්තරායක් බරපතල විපාක ගෙන දිය හැකි අතර 8 – 10 පරාසයේ නම් මුළු ග‍්‍රහලෝකයට ම තර්ජනයක් ඇති කළ හැකියි.

ග‍්‍රහ කැබලි ගැටීම ගැන සියළු තොරතුරු අප තවම දන්නේ නැහැ. මේ ගැන දිගට ම පර්යේෂණ කළ යුතුයි. එමෙන්ම අයාලේ යන ග‍්‍රහ කැබලිවල ගමන් මාර්ග හා හැසිරීම මුළුමනින් කල් තබා කීම අපහසුයි. තාරකා විද්‍යාඥයන් කරන්නේ තිබෙන හොඳම නිරීක්ෂණ හා භෞතික විද්‍යා දැනුම පදනම් කරගෙන සම්භාවිතාව (විය හැකියාව) ගණනය කිරීමයි.

ග‍්‍රහ කැබලි ඇද වැටෙන ස්ථානය අනුව එහි හානිය වෙනස් වනවා. 1908 තුංගුස්කාවට හානි කළ ග‍්‍රහ කැබැල්ල ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඉහළ අහසේ පුපුරා ගියා නම් හානිය ඊට බොහෝ වැඩි වන්නට ඉඩ තිබුණා.

පෘථිවි මතුපිටින් තුනෙන් දෙකකට වඩා වැසී ඇත්තේ සාගරයෙන්. මේ නිසා ග‍්‍රහ කැබැල්ලක් සාගරයට ඇද වැටීමට ඇති ඉඩ වැඩියි. එයින් ජීවිත හානිය වැළකේ යයි බැලූබැල්මට පෙනුනත් එබඳු අවස්ථාවක සුනාමි තරංග ජනනය වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ කියනවා.

2003දී ඔස්ටේ‍්‍රලියානු තාරකා විද්‍යාඥ ආචාර්ය ඩන්කන් ස්ටීල් (Dr Duncan Steel) මේ ගැන ගණන් බැලීම් කළා. මීටර් 200ක් දිග ග‍්‍රහකයක් තත්පරයට කිමී 19ක වේගයෙන් සාගරයට ඇද වැටුණොත් කුමක් විය හැකි ද යන්න පරිගණක යොදා ගෙන ඔහු සොයා බැලූවා.

එබඳු ග‍්‍රහකයක් ඇදවැටීමෙන් TNT මෙගාටොන් 600ක් පිපිරීමට සමාන චාලක ශක්තියක් එකවර මුදා හැරෙන බවත්ල එය මෙතෙක් ලොව අත්හදා බලා ඇති ප‍්‍රබලතම න්‍යෂ්ටික බෝමිබයේ බලය මෙන් දහගුණයක් බවත් ඔහු වාර්තා කළා. මේ අතිවිශාල ශක්තියෙන් 10%ක් පමණ සුනාමි තරංග බවට පත් වී ලෝකයේ සාගර හරහා ඇදී ගොස් වෙරළ ප‍්‍රදේශවලට මහ විපත් කළ හැකි යයි ද ඔහු කියා සිටියා.

හැම තාරකා විද්‍යාඥයා ම මේ ගණන් බැලීම පිළිගන්නේ නැහැ. සමහරුන් කියන්නේ ආචාර්ය ස්ටීල් වුවමනාවට වඩා මේ අනතුර විශාල කොට දැක්වූ බවයි.

එහෙත් සමස්ත තාරකා විද්‍යා ප‍්‍රජාව එක හඬින් කියා සිටින්නේ අන්තරාදායක ග‍්‍රහ ගැටුමක් වසර ගණනාවකට ඉහත සිට කල් තබා හඳුනා ගෙන එය වැළැක්වීමේ පියවර ගත යුතු බවයි. මේ සඳහා අවශ්‍ය අභ්‍යවකාශ තාක්ෂණය අද ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි බලවත් රටවලට තිබෙනවා.

මේ ග‍්‍රහ ගැටුම් ගැන ලෝකයේ අවධානය මුලින්ම යොමු කළේ විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් හා වෘතාන්ත චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්. 1973දී ප‍්‍රකාශිත රාමා හමුව (Rendezvous With Rama) නම් නවකථාවේ ආතර් සී. ක්ලාක් පෙන්වා දුන්නේ එබඳු අයාලේ යන ග‍්‍රහ කැබලි නිතිපතා නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවයයි. ඔහු එයට Spaceguard (අහස මුරකිරීම) යයි නමක් ද යෝජනා කළා. 1990 දශකයේ නාසා ඇතුළු අභ්‍යවකාශ ඒජන්සි මේ නමින් එබඳු නිරීක්ෂණ ව්‍යායාමක් දියත් කළා.

Deep Impact Movie Poster1979දී නිෂ්පාදිත Meteor නම් හොලිවුඞ් චිත‍්‍රපටයෙන් කියැවුණේ පෘථිවියට ඇදී එන ග‍්‍රහ කැබැල්ලක් ගැටීම වළක්වා ගන්නට ලෝකයේ ජාතීන් භේද ඉවත දමා එක්සත් වන සැටියි. 1998දී තැනූ Deep Impact චිත‍්‍රපටයේ නම් එබඳු ග‍්‍රහක ගැටුමක් වළක්වා ගන්නට නොහැකි වනවා. එහෙත් මානව සංහතියෙන් ටික දෙනකු පමණක් පණ බේරා ගෙන ශිෂ්ටාචාරය යළි අරඹනවා. ඒ වසරේ ම නිපද වූ Armageddon චිත‍්‍රපටයේ ඇදී එන ග‍්‍රහකය වෙත යවන අභ්‍යවකාශ යානාවක් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කොට ගැටුම වළක්වා ගන්නට උත්සාහ කරනවා.

ගැටුමක් ඇති වන මාර්ගයක ඇදී එන ග‍්‍රහකයක් වසර හෝ දශක ගණනාවකට කලින් හඳුනා ගතහොත් එයට ඉතා සුළු තල්ලූවක් දීමෙන් එහි ගමන් මග වෙනස් කළ හැකියි. එහෙත් එය ඉතා සීරුවෙන් කළයුතු සංකීර්ණ තාක්ෂණික මෙහෙයුමක්.

එසේ ගමන්මග වෙනස් කළ නොහැකි නම් ඈත අභ්‍යාවකාශයේදී න්‍යෂ්ටික බෝමිබයක් පුපුරවා ග‍්‍රහකය කුඩා කැබලිවලට කඩා දැමිය හැකියි. එහෙත් එහිදී කැබලි සමූහය මුල් ග‍්‍රහකය ඇදී ආ මාර්ගයේ ම තවදුරටත් ගමන් ගන්නවා. එක මහ ග‍්‍රහකයක් වෙනුවට කුඩා ග‍්‍රහ කැබලි “වැස්සක්” ඇද වැටී විශාල ප‍්‍රදේශයකට විමධ්‍යගත හානි සිදු කළ හැකියි.

පෘථිවිය සමීපයට ඒමේ හැකියාව ඇති සමහර NEO සොයා ගන්නට පෘථිවිය මත පිහිටි විශාලතම දුරදක්නවලට පවා අපහසුයි. මේ නිසා එයට කැප වුණු අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන් ගත කිරීමේ අවශ්‍යතාවය කලෙක සිට විද්‍යාඥයන් පෙන්වා දුන්නා. අඟහරු ලෝකයට ගවේෂණ යානා යවන්නට නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නඩත්තු කරන්නට යන වියදමට වඩා අඩු වියදමකින් මෙය කළ හැකියි. මේ ගැන එකඟතාවයක් ඇතත් අවශ්‍ය මුදල් යෙදවීමට කිසිදු අභ්‍යවකාශ ඒජන්සියක් ඉදිරිපත් වී නැහැ.

මේ නිසා B612 පදනම නම් අමෙරිකානු ස්වේච්ඡ ආයතනයක් පෞද්ගලික සමාගම් කිහිපයක් ද සමඟ එකතු වී මහජන ආධාර හා සමාගම් අනුග‍්‍රහයෙන් Sentinel (මුරකරුවා) නම් අභ්‍යවකාශ දුරදක්නයක් උඩුගුවන්ගත කරන්නට දැන් සැළසුම් කරනවා. 2018දී සූර්ය කක්ෂයකට යැවීමට නියමිත මේ දුරදක්නය වසර 6ත් තුළ අප මෙතෙක් නොදත් භෑධ විශාල සංඛ්‍යාවක් සොයා ලේඛන ගත කොට නිරීක්ෂණයට ලක් කරනු ඇති.

Earth threatening asteroid - artist's imagination
Earth threatening asteroid – artist’s imagination

Who will defend Earth? Interview with M Moidel, filmmaker of ‘Planetary Defense’ documentary

In December 2008, when talking about Earth-threatening asteroids, I referred to Planetary Defense, an excellent documentary film made by Canadian filmmaker M Moidel, who runs the Space Viz production company.

Since its 2007 release, the film has inspired discussion and debate. It had its global premiere at the UN Headquarters, and been screened at high level meetings of people who share this concern. It has also been broadcast on United Nations TV and various TV channels, and is available on DVD.

Synopsis: Scientists and the military have only recently awakened to the notion that impacts with Earth do happen. “Planetary Defense” meets with both the scientific and military communities to study our options to mitigate an impact from asteroids and comets, collectively known as NEO’s (Near Earth Objects). Who will save Earth?

In the aftermath of the meteor that exploded in the skies over Chelyabinsk, in Siberia, Russia, on 15 February 2013, I interviewed Toronto-based M Moidel by email on the continuing relevance of his film. Excerpts from that interview:

How did you choose this topic for a scientific documentary?

I take a great interest in writing/filming subject matter which is so big, that it should shape the way we go about our daily lives, like if we contacted extra-terrestrials (ETs), or colonized Mars. Those big events would have major consequences on our re-thinking of our real place in the Cosmos.

The threat of being wiped out by an asteroid is similarly humbling. Most of us don’t think about Extinction Level Events on a day-to-day basis and what we might do about it.

How realistic are the prospects of a large enough asteroid colliding with our Earth?

David Morrison (former NASA Space Scientist) said in my film, Planetary Defense: “If we actually found an asteroid on a collision course, we could predict the impact decades in advance. And we believe we have the technology in our space program to deflect it, so that the event doesn’t even happen. I could study earthquakes all my life, and I might be able to improve my ability to predict them, but I could never develop a technology to stop an earthquake from happening. In studying asteroids, I not only have the potential to predict the next calamity, but actually to avoid it.”

Interview clip with NASA scientist David Morrison:

I like to present the options where we have the ability to change our destiny (or not act upon it at all). That’s a story that interests me. (Besides, it’s the ultimate literary conflict: Man vs. Nature!) It’s that ability to do something about possible calamity (as Neil deGrasse Tyson, Astrophysicist and Frederick P. Rose Director of the American Museum of Natural History, says in my film) that leaves the viewers “scared for our future, but empowered to do something about it”.

What was the most surprising element you uncovered during your information research for this documentary?

There were several surprising factoids:
• The fact that only a handful of people, a hundred or so around the Earth, are working on the NEO Mitigation Hazard issue.
• The fact that so few people think about something that is unlikely to happen in our lifetime — but the consequences of not doing something about it are too horrible.
• The fact that we COULD do something about it, unlike the dinosaurs, because we have a Space Programme!
• The fact that there is so little day-to-day concern or knowledge about it among ordinary (non-technical) people.
• The fact that so little (sustained or pulsing) force is required to move a big asteroid or comet (once it is de-spun) so that it misses the Earth entirely.

As Arthur C Clarke concluded in the last interview clip in Planetary Defense (before the Epilogue): “The dinosaurs became extinct because they didn’t have a space programme!”

What were the reactions to your film ‘Planetary Defense’ when it was first released in 2007?

Prior to the final edit, I sought out editorial reviews from the key participants. The scientists who participated in it also advised me as they each received advance copies. I listened to each expert and made appropriate changes so I knew the content would be spot-on.

The reaction, upon release, was spectacular! There are four major reviewers of educational content in the United States. To get a review from any one of them is not easy. “Planetary Defense” received two of the four with simultaneous reviews in both “Booklist” (Chicago) and “The Library Journal” (NYC).

Following that, the United Nations TV premiered it understanding immediately how this is a global issue. It has aired in Canada a few years running.

The infamy was not comparable to the effect of Orson Welles’ (1938) CBS radio broadcast of H. G. Wells’ novel “The War of the Worlds” (1898) elicited on the public; but I was happy with the appreciation from both the scientific and educational communities.

Of course the comments speak for themselves – see: http://www.spaceviz.com/img/Planetary_Defense_comments.pdf

Spaceguard is a scientifically credible concept, yet it has not received too much political support. Why?

For two reasons. One, policy makers have limited budgets. They ask: “Who was the last person to die from an asteroid impact? After the laughing subsides, the vote is taken (if any) that this issue can be kicked down the line for a few more years, to the next administrations’ budget.

Two, the second reason is also sad. Humans have very little memory for horrible events unless it happened to them, as a people or a country.

For example, outside Indian Ocean rim countries and Pacific island nations (that are exposed to tsunami hazard), how many westerners really empathize and think regularly about tsunamis? About 250,000 people perished in the Boxing Day tsunami of 2004, and yet it’s a bygone memory outside those affected areas.

Planetary Defense, a SpaceViz Documentary by M Moidel
Planetary Defense, a SpaceViz Documentary by M Moidel

Can the Siberian meteorite on 15 February 2013 change this?

Siberia just experienced an actual airburst, a one in a 100 year event. This time around, unlike the 1908 Tunguska event, there were plenty of video cameras to record the event from all angles. After going viral for not even a week, the story has died down from the news (not enough devastation or death?) and people are going about their daily business.

Although the Russian government is now calling for Space-faring nations to cooperate and work on a Space Defense or Planetary Defense, it might take a few more near-misses, on a regular basis, to make any real ‘impact’ in human beings acquiescence to this threat!

What, in your imagination, is the best thing that can happen for political leaders to take NEO impact threat more seriously?

Well, it almost happened with the airburst over Siberia. As I said, we have short attention spans (when not enough death and destruction) or when it doesn’t happen to “us”. So either more regular, deadly impacts are required — or hopefully, films like mine can wake up a few more policy makers before all that death and destruction occurs. I’m doing my part…

‘Planetary Defense’ sounds a bit Utopian on a highly divided planet?

Well, that’s an excellent question. But at the risk of repeating myself, people have short attention spans — and shorter memories when it doesn’t affect them directly.

What’s odd is it does affect all of us directly — and we can do something about it! It is not cost-prohibitive either to search for NEOs, test deflection mechanisms or actually engage in a defensive mission.

Currently, NEO searches are being done on minimal budgets. The how-to’s are being thought out by some of the greatest minds on the planet. The military is (also) awakening to the threat.

The recent airburst over Siberia has fueled Russian interest in Space Defense technology. Decades of planning, command and control, NEO characterizations and deflection techniques — all these are critical in mitigating impacts with the Earth. All these aspects are covered in my film (aside from an overview of the subject). The road map is in place!

For all these reasons and more, my film is still very timely! So yes, we can all come together to work on this because it’s not cost-prohibitive (and the cost of doing nothing is simply…unthinkable).

Sir Arthur C Clarke, who gave you an interview, called Planetary Defense ‘one of the most important documentaries made’. Why?

Humanity’s view of ourselves changed in 1968 after seeing Earth as a whole planet floating in the darkness of Space (Apollo 8 photographs). From then on, we started thinking a bit more globally.

Perhaps it won’t take a deadly impact nor a Utopian dream. Perhaps knowledge of the threat from ‘out there’ might finally imbue logic upon the denizens of Earth and we can act as one world (or at least one people) in the cause of self-preservation and the continuation of ‘life as we know it’. There is no “Plan B for Planet Earth”.

Apollo 8's enduring legacy (image courtesy NASA)
Earthrise: Apollo 8's enduring legacy (image courtesy NASA)

සිවුමංසල කොලූගැටයා #102: පාවෙන පීරිසියක් උඩ නැඟලා…

In this week’s Ravaya coumn (in Sinhala), I look at the hype and reality of UFOs.

Why do aliens like this planet so much

පසුගිය සති කිහිපය මුළුල්ලේ අපේ රටේ නන් දෙසින් වාර්තා වූ හඳුනා නොගත් පියාසර එළි, පිටසක්වල යානා සමඟ ඈඳා ගෙන ඇතැම් දෙනා බියපත් වී තිබෙනවා.

අද්භුත යැයි කියන පියාසර එළි පිළිබඳ වාර්තා දශක ගණනාවක් තිස්සේ පුවත්පත් ඉඩ පිර වූ තේමාවක්. Breaking News ගැන සැම විට සෙවිල්ලෙන් සිටින රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා රැුසක් ඇති අද කාලයේ එබඳු ප‍්‍රවෘත්ති ඉක්මනින් ප‍්‍රචාරය වනවා. නාලිකා අතර තරගකාරිත්වය නිසා හරි හැටි විමර්ශනයකින් තොරව පුවත් පැතිර යන සැටි අප දකිනවා.

මොකක්ද මේකෙ ඇත්ත කථාව?

ufo-signපිටසක්වල ජීවින් සිටීමේ හැකියාව අද බහුතරයක් විද්‍යාඥයන් පිළිගන්නවා. එහෙත් ඒ පිළිබඳ තිරසාර සාක්ෂියක්, ඉඟියක් මේ දක්වා ලැබී නැහැ. පිටසක්වල ජීවින් අපේ ලෝකයට පැමිණීම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නම් ප‍්‍රබල තේමාවක්. මේ කථාවලට අනුව සමහර ජීවින් එන්නේ අපේ ලෝකය යටත් කර ගන්න හෝ විනාශ කරන්නලූ. තවත් සමහරුන් එන්නේ අප සමඟ සම්බන්ධතා ඇති කර ගෙන සහජීවනයෙන් සිටින්නලූ. නො එසේ නම්, අපව අධ්‍යයනය කරන්නලූ.

තාවකාලික ප‍්‍රමෝදයක් සඳහා මෙබඳු කථා කියවූවාට කිසි වරදක් නැහැ. එහෙත් යථාර්ථය හා ප‍්‍රබන්ධය අතර වෙනස අප සිත් තබා ගත යුතුයි. මේ දෙක පටලවා ගත් විට අනවශ්‍ය සමාජ භීතිකා මෙන් ම මානසික රෝගයන් ද හට ගත හැකියි.

හඳුනා නොගත් පියාසර වස්තු (Unidentified Flying Objects නැතහොත් UFO) ලෙස හඳුන්වනු ලබන මේ සිද්ධීන් ජනමාධ්‍යවල හා ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ විට පියාඹන පීරිසි ලෙස නම් කෙරෙනවා. මේ යෙදුම භාවිතයට පැමිණ දැන් වසර 65ක්. එහි ආරම්භයටත් මාධ්‍ය සම්බන්ධයි.

Chicago Sun, 26 June 1947 - the original Flying Saucer report
Chicago Sun, 26 June 1947 – the original Flying Saucer report
1947 ජූනි 24දා අමෙරිකාවේ වොෂිංටන් ප‍්‍රාන්තයේ ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඞ්, තමා ගුවනේදී ඹත්‍ධ එකක් දුටු බව ප‍්‍රකාශ කළා. මේ ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට ඔහු කීවේ එම වස්තූන් ගමන් කළේ “හරියට පීරිසයක් දිය මතුපිට විසි කර හැරිය විට දියේ මඳක් ගැටෙමින් කඩින් කඩ යන ආකාරයට” බව යි. එහෙත් ඒ වස්තූන් පීරිසි හැඩය ගත්තා යැයි ඔහු කීවේ නැහැ. මෙය වඩාත් ලිහිල් ආකාරයට මාධ්‍ය වාර්තා කළේ “ගුවන් නියමුවා පියාඹන පීරිසි දකී!” කියායි.

ආනල්ඞ් සිතුවේ ඔහු දුටුවේ නවතම මාදිලියේ හමුදා ගුවන් යානයක් බවයි. මේ සිදුවීම රසවත් කිරීමට ඒවා පිටසක්වලින් එන විත්තිය මාධ්‍යවලින් එකතු කළා. එදා පටන් ගත් මේ කතන්දරය ලොව පුරා තවමත් විවිධ මුහුණුවරින් මතුවනවා. මාධ්‍ය එය තලූ මරමින් යළි යළිත් වාර්තා කරනවා.

2012 දෙසැම්බර් 9 වනදා 88 හැවිරිදිව මිය ගිය ශ‍්‍රීමත් පැට්රික් මුවර් (Sir Patrick Moore) බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව බොහෝ රටවල ප‍්‍රකට වූ තාරකා විද්‍යාඥයෙක්. 1957 අපේ‍්‍රල් සිට ඔහු මිය යන තුරු ම (වසර 55ක ලෝක වාර්තාවක්) මාස්පතා BBC ටෙලිවිෂනයේ The Sky at Night නම් ජනප‍්‍රිය තාරකා විද්‍යා වැඩසටහන ඉදිරිපත් කළා. රාත‍්‍රී අහස නිරික්සීම හා අභ්‍යවකාශ ගවේෂණයේ තොරතුරු ගෙන ඒමට අමතරව බි‍්‍රතාන්‍යයේ තැනින් තැන වාර්තා වූ UFO ගැන ඔහු මහත් ඕනෑකමින් විමර්ශනය කළා.

අඩ සියවසක මෙබඳු සොයා බැලීම් මෙනෙහි කරමින් ඔහු කීවේ මෙයයි. “අද ජීවත්වන බොහෝ දෙනකුට දවාලේ හෝ රාත‍්‍රියේ අහසේ දැකිය හැකි විවිධාකාර ස්වාභාවික සංසිද්ධීන් හා මිනිසුන් විසින් නිර්මිත වස්තූන් ගැන නිරවුල් අවබෝධයක් නැහැ. බොහෝ UFO වාර්තාවලට හේතු වන්නේ මෙසේ යමක් වටහා නොගෙන කලබලවීමයි.”

UFO යැයි වරදවා තේරුම් ගත් වවුලන්, වෙනත් පක්ෂී සමූහයන්, කාලගුණ හා වෙනත් බැලූන්, අසාමාන්‍ය හැඩය ගත් ගුවන් යානා (විශේෂයෙන් හමුදා යානා) බොහොමයක් ඔහු සොයා ගත්තා. මීට අමතරව විවිධ රටවලින් උඩුගුවන් ගත කැරෙන රොකට්ටු හා චන්ද්‍රිකා නිසාත්, තතු නොදන්නා උදවිය UFO යැයි කලබලයට පත් වූවා.

මෙබඳු අවස්ථාවල UFO යන යෙදුම හරි. එනම් හඳුනා නොගත් පියාසර වස්තු. එහෙත් UFO යනු පිටසක්වල යානා යැයි කීම නිරීක්ෂණයක් මත පදනම් වී ෆැන්ටසියට ඉඩ දීමක්.

පැට්රික් මුවර් කීවේ වරදවා දැකීමට අමතරව මනෝවිකාර ඇති අයත් ඇතැම් විට UFO ගැන ස්වයංමුලාවට පත් වී, එය අදහමින් වාර්තා කරන බවයි. බොහෝ විට වංචනික චේතනාවකින් තොරව යම් අද්භුත දේවල් තමන් දුටුවා යැයි සමහරු විශ්වාස කරනවා. UFO වාර්තාවලින් කොටසක් මේ ගණයට වැටෙනවා.

ඉතිරි අය මුවර් විග‍්‍රහ කළේ දැන දැන ම බොරු කියමින් සමාජය මුළා කරන්නට තැත් කරන, එයින් මාධ්‍ය ප‍්‍රසිද්ධියටත්, කැපී පෙනීමටත්, නැතහොත් ඒ ගැන ලියා කියා මුදල් උපයා ගන්නටත් කැමති උදවිය කියායි. ඔවුන්ට උවමනාවට වඩා අවකාශ සැලසීම හරහා UFO උන්මාදය වාණිජකරණය වීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය උඩගෙඩි දෙන බව මුවර් කීවා.

ශ‍්‍රී ලංකාවේ UFO වාර්තාවලටත් මෙකී විවිධාකාරයේ පසුබිමක් තිබිය හැකියි. එමෙන්ම එක වකවානුවේ කිහිප දෙනෙකුට එක ම ආකාරයේ UFO පෙනීමට ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑම ද හේතු විය හැකියි. එබඳු සාමුහික UFO වාර්තා සිදු වූ කාලවල පිටසක්වල ජීවින් හෝ යානා ගැන ප‍්‍රබන්ධ කථා පාදක කර ගත් (රැජන, භවත‍්‍රා වැනි) ටෙලි නාට්‍ය ප‍්‍රචාරය වෙමින් තිබුණා.

වසර 2000දී පමණ රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනින් එක්තරා ප‍්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුත් මාත් UFO ගැන සජීව සංවාදයක් කළා. මේ ලිපියේ සඳහන් පොදු කරුණු හා තර්ක ද මතු කරමින් මා කියා සිටියේ ඹත්‍ධ යනු පිටසක්වල යානා යැයි කියන්නට කිසිදු සාක්ෂියක් නැති බවයි. එහෙත් ඔහු යළි යළිත් ප‍්‍රකාශ කළේ ‘එබඳු සාක්ෂි ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් තිබෙන බවයි.’

ඉන්ටර්නෙට්හි සත්‍ය තොරතුරු මෙන් ම හරසුන් ඕපාදුප ද ඕනෑ තරම් ඇති බව මේ ප‍්‍රවීන කලාකරුවා තේරුම් ගත්තේ නැහැ. අද පවා UFO යනු පිටසක්වල යානා යැයි කියන ඇතැම් උදවිය නොදැන හා අවිචාරශීලිව ඇතැම් වෙඞ් අඩවිවල තිබෙන මිනිසුන් රවටන පට්ටපල් බොරුවලට රැවටී ඒවා ප‍්‍රතිරාවය කරනවා විය හැකියි. දැන ගියොත් ඉන්ටර්නෙට් – නොදැන ගියොත් අතරමඟ!

ටෙලි කථාන්දර හා සංත‍්‍රාසජනක හොලිවුඞ් චිත‍්‍රපට නැරඹීමේ දී අප අවිශ්වාසය තාවකාලිකව නතර කොට (suspend disbelief) පරිකල්පන ලෝකයකට පිවිසෙනවා. ප‍්‍රබන්ධ රස විඳීමට උපකාර වන එම මානසික තත්ත්වය සැබෑ ලෝකයේ අප අත් විඳින දේ තේරුම් ගන්නට සෑහෙන්නේ නැහැ.

ජීවිත කාලයක් පුරා ආධුනික තාරකා විද්‍යාවේ නිරත වුණු හා අද්භුත දේ විමර්ශනයට ටෙලිවිෂන් වාර්තා වැඩසටහන් මාලා ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් UFO ගැනත් විචාරශීලිව විමසා බැලූවා. ඔහු අවධාරණය කළේ විද්‍යා ප‍්‍රබන්ධවල එන UFO කථා හා සැබෑ ලෝකයේ යථාර්ථය වෙන් කර හඳුනා ගත යුතු බවයි.

තම ජීවිත කාලය තුළ UFO දර්ශන ගණනාවක් දැක ඇති බවත්, වැඩිදුර විමසීමේදී ඒ හැම එකකට ම ස්වාභාවික හෝ මිනිස් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ හේතුවක් තිබූ බවත් ක්ලාක් පෙන්වා දුන්නා. එමෙන් ම තවමත් හරිහැටි විද්‍යාවෙන් තේරුම් නොගත් බෝල අකුණු (ball lightning) වැනි ස්වාභාවික සංසිද්ධීන් ද ඇතැම් විට UFO දිස්වීම්වලට හේතු විය හැකි යැයි ඔහු අනුමාන කළා.

බොහෝ UFO වාර්තා අපේ විචාරශීලි බවේ අඩුපාඩු යැයි ක්ලාක් කියා සිටියා. ඔහුගේ නිගමනයථ ‘‘UFO පිළිබඳ විටින් විට මතු වන විවාදවලින් පිටසක්වල බුද්ධිමත් ජීවය ගැන කිසිවක් සනාථ වන්නේ නැහැ. එහෙත් අපේ ග‍්‍රහලෝකයේ බුද්ධිමත් ජීවය කෙතරම් දුර්ලභ ද යන්න නම් එයින් හොඳාකාර පෙනී යනවා!’’

No UFOs signනාසා ආයතනයටවත් වෙනත් කිසිදු විද්‍යාත්මක හෝ ආරක්ෂණ අධිකාරියකටවත් පිටසක්වල ජීවින් රැගත් යානා නිතර නිතර මෙහි එන යන කථාව සම්පූර්ණයෙන් ම නිෂ්ප‍්‍රභ කර ඔප්පු කළ නොහැකියි. මන්ද යත් ඍණාත්මක තර්කයක් සහමුලින් සනාථ කළ නොහැකි නිසා. (එම ගණයට ම වැටෙන තවත් බොහෝ මිථ්‍යාවන් තිබෙනවා. හොල්මන්, අවතාර වගේ ම මකරා වැනි සත්ත්වයන් ගැන ඇතැම් දෙනා හා ඇතැම් ජනසමාජවල තිබෙන විශ්වාස එයට උදාහරණයි. අහිංසක විශ්වාසයන් පැවතීම ප‍්‍රශ්නයක් නොවූවත්, එයින් පුළුල් සමාජ භීතිකාවන් හෝ ගසාකෑමක් හෝ සිදු වේ නම්, එය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වනවා.)

පෘථිවියෙන් බාහිර ලෝකවල ජීවය ඇත් ද යන මහා ප‍්‍රශ්නය දාර්ශනිකවත්, විද්‍යාත්මකවත් ගැඹුරින් අධ්‍යයනය කළ ලොව ප‍්‍රමුඛ තාරකා විද්‍යාඥයකු වූයේ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996). ඔහු නිතර කීවේ ‘‘පිටසක්වල ජීවීන් ගැන නිශ්චිත සාක්ෂියක් හමු වන තුරු මා ඉතා ඕනෑකමින් බලා සිටිනවා. එහෙත් එබන්දක් ගැන කටකථා, ප‍්‍රලාප, අසම්පූර්ණ වාර්තා නම් පිළිගත නොහැකියි’’ කියායි.

අප රටේ මෙන් ම අමෙරිකාවේ හා යුරෝපයේ රටවලත් UFO ඇතුළු අද්භුත දේ ගැන විචාර බුද්ධියෙන් තොරව පිළිගන්නා අය සිටිනවා. කාල් සේගාන් ඔවුන්ට දුන් අවවාදය මෙයයි. ‘‘පාවිච්චි කළ කාර් එකක් මිලට ගන්නා විට ඔබ හිමිකරු කියන දේ ගෙඩිපිටින් විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ ඇත්නම් හා මිල සාධාරණ නම් ගන්නවා. ටෙලිවිෂන් දැන්වීම් නොයෙක් භාණ්ඩවල ගුණ වර්ණනා කළාට ඒ හැම එකක් ම ඔබ විශ්වාස කරන්නේත් නැහැ. යම් තරමකට විමසා බලනවා. එහිදී ඔබ යොදා ගන්නේ සංශයවාදී ගුණයයි (skepticism). අද්භුත යැයි කියනා සංසිද්ධි ගැන ඔබ එපමණටවත් විචාරශීලි නොවන්නේ ඇයි?’’

කැලේ නිදා සිටි බියසුළු හාවා තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු ශබ්දයට බිය වී ‘අහස කඩා වැටෙනවා!’ යැයි විලාප නඟා එයින් අන් සතුන් කලබල කළ සැටි ජනප‍්‍රවාදයක කියැවෙනවා. හරිහැටි කරුණු නොවිමසා UFO ගැනත්, වෙන බොහෝ සංසිද්ධීන් ගැනත් මාධ්‍ය කලබලවීම ගැන කිව හැක්කේත් එයමයි.

සැබෑ ලෝකයේ මේ තරම් දැවෙන ප‍්‍රශ්න හා අභියෝග ඇති අද දවසේ පිටසක්වල යානා හා ජීවින් ගැන ප‍්‍රබන්ධ කථා ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ලෙස මාධ්‍ය විසින් වාර්තා කිරීම ජන සමාජය කෙතරම් මුළා කිරීමක් ද?