සිවුමංසල කොලූගැටයා #64: අවුරුදු සුනාමිය 2: ඉතිං ඊට පස්සෙ?

In this week’s Ravaya Sunday column (in Sinhala) appearing on 29 April 2012, I reflect on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, I raise some basic concerns that go beyond the individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

I ask: Was the tsunami warning and coastal evacuation on April 11 justified in Sri Lanka? I argue that this needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.

I have covered similar ground in an English op ed essay just published on Groundviews.org: Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

Map showing epicentre of undersea quake in Indian Ocean on 11 April 2012 - courtesy Pacific Tsunami Warning Centre & US Geological Survey

“පිටසක්වලින් ආ අවුරුදු සුනාමිය” මැයෙන් කොලමක් මා ලිව්වේ හරියට ම වසරකට පෙර, 2011 අපේ‍්‍රල් 24දා. ඒ 2011 අපේ‍්‍රල් 15 වනදා මෙරට ටෙලිවිෂන් නාලිකාවක් වගකීම් විරහිතව කළ සජීව විකාශයක් නිසා හට ගත් මහජන භීතිය හා එයට පසුබිම් වූ කරුණු විග‍්‍රහ කරමින්.

2012 අපේ‍්‍රල් 11 වනදාත් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ බොහොමයක සුනාමි අනතුරක සේයාව මතු වීම නිසා කලබල තත්ත්වයක් හටගත්තා. මෙය ආවේ පිටසක්වලින් නෙවෙයි. ඉන්දියානු සාගරයේ පතුලෙන්. හරියටම කිවහොත් ඉන්දුනීසියාවේ බන්ඩා අචි නගරයට කිමි 440ක් නිරිතදිගින් සාගරයේ කිමි 33ක් යටින්. එදින ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.08ට භූකම්පන මානයේ 8.6ක් සටහන් කළ ප‍්‍රබල භූමිකම්පාවක් හට ගත්තා.

එය සැර බාල වූ භූචලනයක් ලෙස අපේ රටේද විවිධ තැන්වලට දැනුනා. එයින් විනාඩි 6ක් ගත වූ පසු අමෙරිකාවේ හවායි දුපත්වල පිහිටි, අමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන පැසිෆික් සුනාමි අනතුරු ඇගවිමේ කේන්ද්‍රය (PTWC) විසින් ඒ ගැන මුල් ම විද්‍යාත්මක තොරතුරු සන්නිවේදන සිය වෙබ් අඩවිය හරහා නිකුත් කළා. එයින් කියැවුණේ ඉන්දියානු සාගර සුනාමියක් හට ගැනිමේ යම් අවදානමක් ඇති බවත්, මේ කලාපයේ වෙරළබඩ රටවල් තව දුරටත් ආරක්ෂාකාරි පියවර ගැනිම සදහා සුදානමින් හා සීරුවෙන් සිටිය යුතු බවත්. මේ සීරුවෙන් සිටීම විද්‍යාඥයන් Tsunami Watch ලෙස ලෙස නම් කරනවා.

මුහුදු පතුලේ ප‍්‍රබල භූචලනයක් සිදු වූ මොහොතේ පටන් PTWC විද්‍යාඥයන් ඉතා කඩිසර ලෙසින් මුහුදු රළ ක‍්‍රියාකාරිත්වය හා සාගර තරංග ගැන දුර සිට මැනීම කරනවා. මේ සදහා ස්වයංක‍්‍රීය ලෙස තොරතුරු සැපයීමේ හැකියාව ඇති සංවේදී උපකරණ ඉන්දියානු සාගරයේ බොහෝ ස්ථානවල පිහිටුවා තිබෙනවා. සමහරක් සාගරයේ පාවෙමින් චන්ද්‍රිකා හරහා තොරතුරු එවේලේ ම විකාශය කරන අතර තවත් ඒවා වෙරළබඩ යම් ස්ථානවල සවි කර තිබෙනවා.

මේවායින් එසැනින් ලැබෙන අළුත් ම විද්‍යාත්මක දත්තල එම සාගර ප‍්‍රදේශයේ ඓතිහාසික සුනාමි ඇති වීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගෙන සුනාමියක් හට ගැනීමේ හැකියාව ගැන PTWC විද්‍යාඥයින් ඉක්මන් තක්සේරුවක් කරනවා.

අපේ‍්‍රල් 11 වනදා ඉන්දියානු සාගරයේ මුල් භූචලනයෙන් හා ඉනික්බිති හටගත් පසු කම්පන (aftershocks) නිසා සුළු මට්ටමේ සාගර තරංග බලපෑමක් හට ගත්තත් එය සුනාමියක් බවට පත් වූයේ නැහැ. මේ නිසා ශ‍්‍රි ලංකා වේලාවෙන් පස්වරු 2.15ට හදුන්වා දෙනු ලැබූ සුනාමි සීරුවෙන් සිටීම සවස 6.06ට PTWC විසින් නතර කරනු ලැබුවා.

මේ පැය හතරකට ආසන්න කාලය තුළ ඔවුන් විද්‍යාත්මක නිවේදන (Indian Ocean Tsunami Watch Bulletins) හයක් නිකුත් කළා. එම විග‍්‍රහයන් සැළකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම එක් එක් රටවලට භාර වගකීමක්. අපේ‍්‍රල් 11 වනදා එය අදාළ රටවල විවිධ ආකාරයෙන් සිදු වුණා. මුල් භූ චලනයෙන් විනාඩි 6ක් ඇතුළත එයට සමීපතම රටවන ඉන්දුනීසියාව අනතුරු ඇගවීමක් නිකුත් කළ අතර, ඉන්දියාව විනාඩි 8කින් සිය නැගෙනහිර වෙරළට එබදු අනතුරු ඇගවීමක් නිකුත් කළා.

ශ‍්‍රි ලංකාවේ ජාතික මට්ටමේ නිල අනතුරු ඇගවීම නිකුත් කරනු ලැබුවේ එදින පස්වරු 3.30ට පමණයි. ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප‍්‍රදේශවල ජිවත් වන ජනතාව හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස අවවාද කරනු ලැබේ, එයින් කියැවුණා.

සුනාමි අනතුරු ඇගවීමක් දේශීය වශයෙන් නිකුත් කිරිම ඉතා වගකිම් සහගත තීරණයක්. එහිදී විද්‍යාත්මක සාධක මත පදනම් වී, මහජන ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන හැකි තාක් ඉක්මනින් ක‍්‍රියා කළ යුතු වනවා. එහෙත් හැමදෙයක් ම මුළුමනින් තහවුරු කර ගන්නා තුරු බලා සිටිය හොත් කඩිනමින් පැමිණෙන සුනාමි වැනි ආපදාවකදී අනතුරු ඇගවීම ප‍්‍රමාද වැඩි විය හැකියි.

අවම වශයෙන් වෙරළ ප‍්‍රදේශවලින් රට තුළට යාමට පැය බාගයකට කාලයක් තිබිය යුතුයි. මේ නිසා තමන්ට තිබෙන අළුත් ම එහෙත් අසම්පුර්ණ විද්‍යාත්මක තොරතුරු මත, රට ලෝකය ගැන තමන් සතු පුළුල් අවබෝධය ද යොදා ගනිමින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරනවා ද නැද්ද යන තීරණය ගන්නට අදාළ නිලධාරින්ට සිදු වනවා.

මාධ්‍ය, සිවිල්, සංවිධාන හා ආරක්ෂක හමුදාවලට කළ හැක්කේ එසේ නිල වශයෙන් ගන්නා තීරණයක් පතුරුවා හැරිම පමණයි. අනතුරු ඇගවීමක් නිකුත් කිරිමේ බලය තනිකර ම රටක මධ්‍යම රජයට පමණක් සීමා විය යුතුයි.

2004දී අපට තිබුනු ලොකු ම අඩුපාඩුව වූයේ ජාත්‍යන්තරව ලැබෙන සුනාමි අනතුරු ඇගවීමක් ගැන දේශීය වශයෙන් තීරණයක් ගැනීමට හා ඒ තීරණය හැකි ඉක්මණින් අදාළ ප‍්‍රදේශවල මහජනතාවට දැනුම් දීමට නොහැකි වීමයි. 2004 සුනාමියෙන් පසුව මේ මුලික අඩුපාඩු මග හරවා ගෙන ඇතත්, සුනාමි අනතුරක සේයාව මතු වූ විටෙක ආරක්ෂිත පියවර මනා සේ සම්බන්ධිකරණය වීම ගැන තවමත් විසදා නොගත් ගැටළු තිබෙන බව අපේ‍්‍රල් 11දා අත්දැකීමෙන් පෙනී ගියා.

සුනාමි අනතුරු ඇගවීමකදී හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ වෙරළබඩ ප‍්‍රදේශවල ජනතාව මේ වන විට දැනුවත් කර තිබෙනවා. මෙයට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය (DMC) මෙන් ම සර්වෝදය හා රතු කුරුස සංගමය වැනි ස්වේච්චා ආයතන ද මුල් වුණා. එහෙත් සුනාමි අනතුරු ඇගවීමෙන් පසු බටහිර, දකුණු හා නැගෙනහිර වෙරළ ප‍්‍රදේශවල ඇති වුණු විකෂිප්ත තත්ත්වය හා සංත‍්‍රාසය (panic) ගැන පසු විපරමක් කළ යුතුයි.

2004 – 2011 කාලය තුළ සන්නිවේදන තාක්ෂණය බොහෝ සේ දියුණු වී තිබෙනවා. 2004දී මිලියන් 2ක් පමණ වූ මෙරට ජංගම දුරකථන සංඛ්‍යාව 2011 අග වන විට මිලියන් 18 ඉක්මවා ගියා. මෙරට ජනගහනයෙන් සියයට 15 – 20ක් දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරනවා. මේ නිසා සම්ප‍්‍රදායික රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවලට අමතරව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් හරහා ද හදිසි අවස්ථාවල තොරතුරු ගලා යනවා.

හදිසි අවස්ථාවක ජංගම දුරකථන ජාල ධාරිතාව ඉක්මවා ගොස් තදබදයක් හට ගැනීම සුලබයි. ඉන්ටර්නෙට් සේවා අඩාල නොවී ක‍්‍රියාත්මක වූ නිසා Facebook හා Twitter වැනි වෙබ් මාධ්‍යවල සැලකිය යුතු තොරතුරු හුවාමරුවක් සිදු වුණා. ඒ අතර ඇතැම් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවල නිවේදකයන් ආවේගශීලිව ජනතාව බියපත් කිරිමට හා කලබල වැඩි කිරිමට දායක වූ බවත් කිව යුතුයි.

මේ ගැන විග‍්‍රහයක් කරමින් මෙරට හිටපු විදුලි සංදේශ නියාමකවරයකු හා සන්නිවේදන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව කීවේ: “හදිසි අවස්ථාවක තොරතුරු හුවමාරු වීමේදි නිල මුලාශ‍්‍රවලට හෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ (විද්‍යුත්) මාධ්‍යවලට සීමා වූ යුගය හමාරයි. ඉන්ටර්නෙට් ප‍්‍රචලිත වීම හා ජනප‍්‍රියවිමත් සමග ලෝකයේ නොයෙක් තැන්වලින් මතු වන අළුත් ම තොරතුරු හා විග‍්‍රහයන් එසැනින්ම ලබා ගැනිමේ හැකියාව අපේ සමාජයේ දැන් විවෘත වී තිබෙනවා. මේ නව සන්නිවේදන යථාර්ථය ආපදා අනතුරු ඇගවීම් නිකුත් කිරිමේ වගකීම හා නිල බලය ඇති රාජ්‍ය ආයතන හා නිලධාරින් සැලකිල්ලට ගත යුතුයි.”

නිල රාජ්‍ය මුලාශ‍්‍ර මුලික අනතුරු ඇගවීමෙන් පසු දිගින් දිගට අළුත් තොරතුරු සැපයීමට පෙරට ආවේ නැහැ. මෙබදු අවස්ථාවක රාජ්‍ය නිලධාරින් තනි නාලිකාවකට දෙකකට සම්බන්ධ වීම සෑහෙන්නේ නැහැ. එමෙන්ම ජේ්‍යෂ්ඨ නිලධාරින් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම ඉතා වැදගත්. ජන මනස කැළඹි ඇති විට යම් තරමකට හෝ ඔවුන්ට අස්වැසිල්ලක් ලැබෙන්නේ එවිටයි.

භූ චලනයෙන් කෙටි වේලාවක් ඇතුළත දෙස් විදෙස් ජනමාධ්‍ය සියල්ලට ම විවෘත වෙමින් බහුවිධ මාධ්‍ය හරහා මිලියන් 235කට අධික සිය රටවැසියන්ට සම්බන්ධ වූ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ යොදියෝනෝ ඒ කාර්යය ඉතා දක්ෂ ලෙස ඉටු කළ බව ටයිම් සගරාවේ ශ‍්‍රී ලංකා වාර්තාකරු අමන්ත පෙරේරා පෙන්වා දෙනවා.

“තනතුරෙන් උසස් රාජ්‍ය නිලධාරියකු හෝ නායකයකු එදින අපේ රටේ දේශීය සන්නිවේදනයට මැදිහත් නොවීම කණගාටුවට කරුණක්. සජීව විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයේදී හදිසි අවස්ථාව පහව යන තුරු දිගින් දිගට ම ජනමාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම හා සන්සුන් කිරිම අත්‍යවශ්‍යයි. මේ සදහා ඇති තරම් ලක් රජයෙන් නිල ප‍්‍රකාශකයන් සොයා ගන්නට මාධ්‍යවලට නොහැකි වුණා,” අමන්ත කියනවා.

අපේ‍්‍රල් 11දා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරිම හා එයින් පසු සිදු වූ සමස්ත ක‍්‍රියාදාමය ගැන මැදහත් විමර්ශනයක් කළ යුතුයි. එදා බලය ලත් නිලධාරින් ක‍්‍රියා කරන්නට ඇත්තේ පරිස්සම හා ආරක්ෂාව පැත්තට වැඩි බරක් තබමින් විය යුතුයි. එය එදින තත්ත්වය බේරා ගන්නට උදවු වුණත්, මෙබදු අනතුරු ඇගවීම් විටින් විට නිකුත් කර සුනාමි නොඑන විට අනතුරු ඇගවීම් පිළිබද මහජන විශ්වාසය ටිකෙන් ටික අඩු වීමේ අවදානමක් තිබෙනවා. False Alarms නමින් හැදින්වෙන මේ තත්ත්වය දිගු කාලීනව ආපදා කළමණාකරනයට අහිතකරයි.

“කොටියා ආවා” යයි නිතර නිතර කෑගසමින් විහිලූ කරන්නට පුරුදුව සිටි තරුණයාගේ කථාව අප දන්නවා. ඇත්තට ම කොටියකු ආ විට ඔහුගේ අනතුරු ඇගවීම කිසිවකු විශ්වාස කළේ නැහැ!

බංගලාදේශය, පිලිපීනය, තායිලන්තය වැනි අපේ කලාපයේ රටවල මෑත වසරවල අත්දැකීම්වලින් පෙනී යන්නේ අනවශ්‍ය ලෙස කලබල වී අනතුරු ඇගවීමක් නිකුත් කොටල එනවා යැයි කී සුනාමි නොපැමිණි විට අදාල නිල ආයතන ගැන ජන මනසේ ඇති විශ්වාසය පළුදු වන බවයි. මේ නිසා අපේ‍්‍රල් 11 වනදා ප‍්‍රවේශම්කාරිවීම ගැන උදම් අනන අතරේ මේ දිගු කාලීන විපාකය ගැන සීරුවෙන් සිතා කටයුතු කළ යුතු බව මහාචාර්ය සමරජීව අවධාරණය කරනවා.

එසේ ම සුනාමි සන්නිවේදනයේදී වචන හරඹයේ සිදුවන ව්‍යාකුලතා වළක්වා ගැනිමට සරල වර්ණ සංකේත ක‍්‍රමයක් යොදා ගත හැකියි. එහිදී සුනාමි නොමැති තත්ත්වය කොළ පාටිනුත්, සුනාමියක් සිදුවීමේ සේයාව හෝ අවදානම (Watch) තැඹිලි පාටිනුත්, නියත වශයෙන්ම සුනාමියක් මහ එන බව දත් විට (Warning) රතු පාටිනුත් නියෝජනය කළ හැකියි. මෙය රථවාහන සංඥා ක‍්‍රමයට සමාන නිසා මාධ්‍යවේදීන් හෝ පොදු මහජනතාව හෝ වරදවා වටහා ගන්නට ඉඩක් නැහැ.

Public Trust in Times of Crisis: Reflections on April 11 Indian Ocean Tsunami Warning

Entrance to Pacific Tsunami Museum in Hilo, Hawaii, photo by Nalaka Gunawardene, Jan 2007

Five years ago, on a visit to the Pacific Tsunami Museum in Hilo, Hawaii, I played an interesting simulation game: setting off an undersea earthquake and deciding whether or not to issue a tsunami warning to the many countries in and around the Pacific.

The volunteer-run museum, based in ‘the tsunami capital of the world’, engages visitors on the science, history and sociology of tsunamis. The exhibits are mostly mechanical or use basic electronic displays, but the messages are carefully thought out.

The game allowed me to imagine being Director of the Pacific Tsunami Warning Centre (PTWC), a US government scientific facility in Ewa Beach, Hawaii, where geophysicists monitor seismic activity round the clock. When the magnitude exceeds 7.5, its epicentre is located and a tsunami watch is set up. Then, combining the seismic, sea level and historical data, PTWC decides if it should be upped to a warning.

Tsunami simulation game - low tech, high lesson
The museum game allows players to choose one of three locations where an earthquake happens — Alaska, Chile or Japan — and also decide on its magnitude from 6.0 to 8.5 on the Richter Scale.

This is an instance where scientists must quickly process large volumes of information and add their own judgement to the mix. With rapid onset hazards like tsunamis, every second counts. Delays or inaction can be costly — but false alarms don’t come cheap either.

I played the game thrice, and erring on the side of caution, issued a local (Hawaiian) evacuation every time. If it were for real, that would have caused chaos and cost the islanders a lot of money.

In fact, those who make decisions on tsunami alerts or warnings have to take many factors into account – including safety, economic impact and even political fall-out.

After playing the simulation game, I can better appreciate the predicament government officials who shoulder this responsibility. They walk a tight rope, balancing short-term public safety and long term public trust in the entire early warning system.

This is how I open a new op ed essay that reflects on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, but sometimes referring to how other Indian Ocean rim countries reacted to the same situation, I raise some basic concerns that go beyond this individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

Another except:
“So was the tsunami warning and coastal evacuation on April 11 justified? This needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.”

In particular, I focus on nurturing public trust — which I call the ‘lubricant’ that can help move the wheels of law and order, as well as public safety, in the right direction.

Read full essay on Groundviews.org:
Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

Baby Ruth Villarama on researching and filming “Asia’s Titanic” for National Geographic

Asia's Titanic - NatGeo poster for 2009 film
How and where do you begin to tell the story of the biggest peace-time disaster at sea in modern times — where only 24 people survived and more than 4,000 perished within an hour or two?

That was the challenge that my Filipino filmmaker friend Baby Ruth Villarama and her colleagues faced, when they made an hour-long documentary, Asia’s Titanic, which National Geographic TV broadcast in mid 2009.

They came together to tell the world an under-reported and relatively less known story from their country: the tragic mid-sea accident that sank MV Dona Paz on the night of 20 December 1987.

Former television journalist and now an independent TV producer, Baby Ruth Villarama specialises in story research and documentary producing. Runs her own production company, Voyage Film, based in Manila but active across Asia.

Ruth was the researcher and assistant producer of Asia’s Titanic, directed by award-winning Filipino director Yam Laranas.

A few days ago, I asked Ruth for her own memories and reflections. This is what she shared with me, in her own words — the moving story behind the moving images creation:

With the Doña Paz story, sharing their memories was the most difficult part of covering it as the tragedy is something they’d rather not talk about – and, if possible, forget.

I spent a year ‘off-the-record’ understanding the holes in their memories. I felt I had to retrace the steps of these 4,000 souls and learn the relationship of man and the sea.

They’ve lost their children, parents and comrades on Christmas eve over a sea mishap – drowning and burning in the quiet water. We can only imagine the pain they went through.

The tragedy is the peak of memory they have left of their loved ones too, so every Christmas, some relatives of the dead gather together to live the lives their loved ones would have wanted to continue.

I joined that gathering for about three Christmases in between my research efforts. It was then that I began to understand the rabbit holes in each one of them — and the rabbit hole I had in me for not knowing my mother personally.

We started sharing pains and the “what-could-have-beens” of those lost memories. That was the connection they were looking for: to be able to speak of the pain to a stranger, or worst, to a group of filmmakers who would broadcast their story to millions of households around the globe.

This documentary was initiated not just to tell their story but to attempt to fill a hole of justice to the many casualties and their families.

It was through them that we were able to speak to the remaining living survivors. We became part of that annual gathering. Despite the requirements of the studio and my director to deliver deadlines, we tried my best to balance their readiness to speak. Good thing NatGeo was willing to wait 3 – 5 years in the timeline…

I remember visiting a survivor in his sleepy town in the province of Samar sometime in 2005. He owns a small sari-sari (convenient) store then. He said that it took him a year to speak again after the tragedy — and another year before he could eat properly because he couldn’t swallow soups and liquids right.

He never really set foot outside his island again – always fearing for fire and water, including the air as he vividly remembers how it added fume to the fire on that fateful night at sea.

After a while, he started talking about the details of that trip. He stopped, wept and couldn’t carry on anymore. He couldn’t breathe and seemingly battled against the air.

A huge part of me personally felt wrong seeing him again but I know that if we do not tell this story, no one will — and the world will just forget about this huge ‘mistake’ in navigational history.

I’d like to think that the impact of the story outside the Philippines is to remind the world fact that Titanic is not the worst maritime disaster — that somewhere in South East Asia, there was a small ship that killed more than 4,000 lives. It created maritime talks in international forums and the fact that accidents in this magnitude didn’t occur anymore — I think people are more careful now.

It’s a shame that Doña Paz was not as celebrated as the Titanic. One big difference between the Titanic and Doña Paz, aside from its route and technical specifications, is the status of passengers.

The Titanic carried a large number of wealthy westerners. Those who boarded the Doña Paz were mostly average Filipinos — no names, no status in society, even in their own country.


Related post: Remembering Asia’s Titanic: The Doña Paz tragedy that killed over 4,000 in Dec 1987

Remembering Asia’s Titanic: The Doña Paz tragedy that killed over 4,000 in Dec 1987

Dona Paz tragedy - image from the survivor website

What is the world’s worst peace-time maritime disaster?

No, it’s not the sinking of the Titanic. It’s a disaster that happened 75 later, on the other side of the planet – in Asia.

It is the sinking of the MV Doña Paz, off the coast of Dumali Point, Mindoro, in the Philippines on 20 December 1987. That night, the 2,215-ton passenger ferry sailed into infamy with a loss of over 4,000 lives – many of them burnt alive in an inferno at sea.

Nobody is certain exactly how many lives were lost — because many of them were not supposed to be on that overcrowded passenger ferry, sailing in clear tropical weather on an overnight journey.

Passenger ferries like the Doña Paz are widely used in the Philippines, an archipelago in Southeast Asia comprising over 7,000 islands. They are among the cheapest and most popular ways to travel.

Just 5 days before Christmas of 1987, hundreds of ordinary people boarded the Doña Paz for a 24-hour voyage from the Leyte island to Manila, the capital.

The Doña Paz – originally built and used in Japan in 1963 and bought by a Filipino ferry company in 1975 — was authorized to carry a maximum load of 1,518 passengers.

But the on the night of the accident, survivors say there may have been more than 4,000 people on board – a gross violation of safety procedures.

Only 24 of them survived the journey — and only just. The entire crew and most of its passengers perished in an accident happened due to negligence, recklessness and callous disregard for safety.

For a glimpse of what happened, watch these first few minutes from 2009 National Geographic documentary,Asia’s Titanic:

For a summary compiled from several journalistic and activist sources, read on…

The Doña Paz had an official passenger list of 1,493 with a crew of 59 on board. But later media investigations showed that the list did not include as many as 1,000 children below the age of four — and many passengers who paid their fare after boarding.

The ship was going at a steady pace. The passengers were settling in for the night. The Doña Paz was scheduled to arrive in Manila by morning. A survivor later said that the weather that night was clear, but the sea was choppy.

Around 10.30 pm local time, without any warning, the Doña Paz collided with another vessel. It was no ordinary ship: the MT Vector was en route from Bataan to Masbate, carrying 8,800 barrels of gasoline, diesel and kerosene owned by Caltex Philippines.

Immediately upon collision, the tanker’s cargo ignited, setting off a massive fire that soon engulfed both ships. Thousands of passengers were trapped inside the burning ferry.

Dozens of passengers leaped into the sea without realizing that the petroleum products had also set the surrounding seas ablaze. Those in the water had to keep diving to avoid the flames spreading on the surface.

Of all the passengers and crew on board, only 24 survived. Everything known about this maritime disaster is based largely on their accounts – and investigative work done by a handful of journalists.

MV Doña Paz in 1984, three years before its tragic end - Photo courtesy Wikimedia Commons - lindsaybridge

One survivor claimed that the lights onboard went out soon after the collision: there had been no life vests on the Doña Paz, and that none of the crew was giving any orders. It was later said that the life jackets were locked up beyond emergency reach.

The few survivors were later rescued swimming among many charred bodies in the shark-infested Tablas Strait that separates Mindoro and Panay islands.

The first help arrived at the scene around one and a half hours after the collision – it was another passing ship. By this time, most passengers of the ferry were dead.

The Doña Paz sank within two hours of the collision, while the Vector sank in four hours. The sea is about 545 meters deep in the collision site.

The Philippines Coast Guard did not learn about the disaster until eight hours after it happened. An official search and rescue mission took more hours to get started.

In the days that followed, the full scale of the horrible tragedy became clear. The ferry’s owner company, Sulpicio Lines, argued that the ferry was not overcrowded. It also refused to acknowledge anyone other than those officially listed on its passenger manifest.

Manifests on Philippine inter-island vessels are notoriously inaccurate. They often record children as “half-passengers” or disregard them entirely. Corrupt officials frequently accept bribes to allow overloading.

Many victims were probably incinerated when the vessels exploded and will never be accounted for. Rescuers found only 108 bodies, many of them charred and mutilated beyond recognition. More bodies were later washed ashore to nearby islands where the local people buried them after religious rituals.

All officers on board the Doña Paz were killed in the disaster, and the two from the Vector who survived had both been asleep at the time. This left the field entirely to lawyers from all sides to endlessly argue over what went wrong, how – and who was responsible.

It was later found that, at the time of the collision, both ships had been moving slowly: the Doña Paz at 26 km per hour, and Vector at 8 km per hour. They were surrounded by 37 square km of wide open sea – plenty of time and space to avoid crashing into each other!

Experts also wondered why the two ships had not communicated with each other before the crash. It is internationally required that all ships carry VHF radio. The Vector was found to have an expired radio license. The radio license for the Doña Paz was a fake.

Survivors told investigators that the crew of the Doña Paz were having a party on board minutes before it collided with the oil tanker. Some reports suggested that the captain himself had been among the revelers.

Being ordinary people, the passenger didn’t know details of maritime rank or procedure. It is likely that a mate or apprentice was steering the Doña Paz. Not a single crew member survived to tell their version of the incident.

After a long and contentious inquiry, the investigators placed the blame on the Vector.

Independent analyses have identified multiple factors that contributed to this tragedy: lack of law enforcement arising from corruption and connivance; under-qualified and overworked crew; telecommunications failures; and inadequate search and rescue efforts in the event of accidents.

Asia's Titanic - NatGeo poster for 2009 film
In August 2009, National Geographic Channel broadcast an investigative documentary titled Asia’s Titanic that tried to piece together the evidence and understand what happened.

Directed by award-winning Filipino director Yam Laranas, it was the first for any Filipino filmmaker to direct a full-length documentary for the global channel noted for its factual films.

Through dramatic first hand accounts from survivors and rescuers, transcripts from the Philippine congressional inquiry into the tragedy, archival footage and photos and a re-enactment of the collision, dissect the unfolding tragedy of Doña Paz.

The 10-million Filipino peso project took more than 3 years to make, but even its makers could not find all the answers.

“The truth may never be known. In the years after the Doña Paz tragedy, shipping disasters continue to plague the Philippines,” says the documentary as it ends.

Watch the NatGeo film in full on Doña Paz survivors’ website

Meanwhile, nearly 25 years on, the struggle for justice for the victims and survivors is still on.

Related post: Baby Ruth Villarama on researching and filming “Asia’s Titanic” for National Geographic

සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

This is the Sinhala text of my Ravaya Sunday column published in their issue for 8 April 2012. My theme this week is the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon that took place 70 years ago this week.

The 5 April 1942 attack on Colombo Harbour and the nearby Ratmalana Airport took place exactly 119 days after the Pearl Harbour attack in Hawaii.

Similar ground is covered in my English blogpost:
Battle of Ceylon: 70 years on, still waiting for its place in the movies…

Japanese Air Raids on Ceylon, April 1942 – Map by C E Warner

නිසි කලට අනතුරු ඇගවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇගවිමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

එය එසේ නොවූ විට සිදු විය හැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රි ලංකාවට ලබා දුන් අනතුරු ඇගවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනිම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.

මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම ගැන පොතක් කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9 වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙරළාසන්නව නවතා තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වාර්තාවල මේ ප‍්‍රහාරයන් හදුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid) හැටියටයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හදුන් වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1976) ලියූ The Most Dangerous Moment පොත, මේ සිදුවීම් මාලාව පිළිබඳව ඇති හොඳම ඓතිහාසික සටහනයි.

කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රි ලංකාව පිහිටීම නිසා. 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පුරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වුණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරින හා ගුවන් යානා නතර කිරිමයි. ඉන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැළසුමක් තිබුණා.

දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්, තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හදුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ කාලය තුළ ලංකාවේ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයෙ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.)

ජපන් අරමුණු ගැන හොඳ ඉගියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑ ම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ, ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව සෙවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමට සිදු වුණා. ඉන්දියානු සාගරය හරහා යුද්ධ නැව් සමුහයක් එවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.

එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සුදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆ්රි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවන් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරග ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරිම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචරණයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.

කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බවට පත් කිරිමත් සමග දිය මත සිට පියාසර කිරිමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහයක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබූ “පියාඹන බෝට්ටු” හැටියට හැදින්වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝමීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.

Sq Ldr Leonard Birchall, ‘Saviour of Ceylon’ aboard his Catalina aircraft

1942 අපේ‍්‍රල් 4 වනදා දවස පුරා එසේ නිරික්සිමේ යෙදී සිටි කැටලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සුදානම් වන මොහොතේ එහි සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චෝල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අදුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමක්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සීරුවේ ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක්. මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.

මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානයට යුධ නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුළු පස් දෙනකු ජපන් යුධ සිරකරුවන් බවට පත් වුණා.

කැටලයිනා ගුවන් හමුදා පිරිස ජිවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයත් සමග ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇගවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුධ නැව් සමුහයට කුමන ප‍්‍රහාරක ගුවන්යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය හා යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ ආරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවධියෙන් සිටින්නටත් තීරණය වුණා.

එහෙත් මහජනයා කළබල වීම වළක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරිමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවත් සමග තවත් ඉරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.

බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍ර පාක්ෂික හමුදාවල සුදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනෙන්ට පෙර හදුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වූ අළුත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක්. එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.

පෙරවරු 7.30 වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදාසන ආහාරය ගන්නට රත්මලානේ හමුදා භටයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන්යානා සමූහයක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.

ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිස, කොළඹ බලා උතුරු දෙසට පියාසර කරන සියයකට වැඩි ජපන් යානා සමහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝ දෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් නිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විදින්නට සිදු වුණා.

බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරක යානා මගින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්, සටනේදී මවිතයෙන් ලබන වාසිය (surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.

බර්චෝල් පැය 12කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇගවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතිත්වය දැඩි කණස්සල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටින් ටොම්ලින්සන් සිය පොතේ ලියා තිබෙනවා.

එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබූ නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තාගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්, ලක් පොළවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ, ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.

මිට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන්යානා ද ඇතැම් ස්ථාවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වූ සන්නිවේදන හා සම්බන්ධිකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.

මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි, විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැක ගැනීමේ සටන්වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරින් හා භටයන් දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිෂ්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.

ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවූ ලෙනාඞ් බර්චොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වූ පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. “ලංකාව බේරාගත් වීරයා” (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියෙ මහත් ගරු සැලකිලි මැදයි.

ඇමෙරිකාවේ හවායි දුපත්වල පර්ල් වරයාට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බොහෝ පොතපත ලියැ වී, වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි.

මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූ සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය-ගොඩ-අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශවයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්, ඉතිහාසය වාර්තා කරන්නකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා.

“අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි විය යුතු” යැයි ඔහු කියනවා.

End note: While researching for my Sunday column, I stumbled upon two other interesting short video clips on this aspect of the Second World War. They are both computer-generated scenarios, but well made. Despite some minor historical inaccuracies, they illustrate the rich story-telling potential of this vignette of history, largely overlooked by mainstream movie makers.

Easter Sunday Raid: The Battle of Ceylon. Prelude

Battle Of Ceylon

More at: http://tiny.cc/BatCey

සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.

Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.

This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.

I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.

‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.

අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.

කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom

ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.

ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.

ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.

විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.

අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.

දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.

ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.

මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?

දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.

අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.

Jana Thakshana Puwath 2008 Vol 2 No 3 - p13
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:

“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”

මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)

ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?

අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?

මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.

එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.

අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ

සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?

1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best – but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.

සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

Nalaka G at a giant digital clock in Tokyo: Wandering everywhere with a sense of wonder...

This is the Sinhala text of my weekly column published in Ravaya newspaper for 5 February 2012. Here, I look back at one year of weekly columns and reflect on some reader feedback and their participation in my efforts to make sense of the world in turmoil that is all around me. I say ‘Thank You’ to the few writer friends and public intellectuals who have advised and guided me. I reaffirm my commitment to keep asking questions, connecting dots and following my own simple language style with none of the intellectual pretensions common in Sinhala newspaper writing.

‘සිවු මංසල කොලූ ගැටයා’කොලම ඇරඹුණේ 2011 පෙබරවාරි මුලදී. දෙවැනි වසරට පිවිසෙන මේ මොහොතේ මඳකට ආපසු හැරී බලන්නට කල්පනා කළා.

අවුරුද්දක් යනු මහ කාලයක් නොවෙයි. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං වැනි ප‍්‍රවීණ ලේඛකයෝ දශක ගණනාවක් නොකඩවා සතිපතා කොලම් ලියමින් සිටිනවා. පුවත්පතක වෙනත් විශේෂාංගවලට වඩා කොලමක් (හෙවත් තීරු ලිපියක්) වෙනස් වන්නේ එම ලේඛකයාගේ දැක්ම හා පෞරුෂත්වය මතු කිරීමට අවකාශ ඇති නිසායි.

කොලමක් ලිවීමේ ආශාව කලක් තිස්සේ මගේ සිතේ තිබුණත් එයට අවස්ථාව ලැබුණේ රාවයෙන් ලැබුණු ඇරැයුමත් සමගයි. 1990 ගණන්වල ජපන් පාරිසරික සගරාවකට මා දෙවසරක් තිස්සේ මාසික කොලමක් ලිව්වා. එහෙත් ඉංග‍්‍රීසියෙන් මා ලියූ කොලම් ඔවුන් ජපන් බසින් පළ කළ නිසා පාඨකයන් සමග ඍජු සබඳතාවක් ගොඩ නගා ගත නොහැකි වුණා.

කොලමකට ලැබිය හැකි හොඳම දිරිගැන්වීම නම් එය නිතිපතා කියවන හා විටින් විට ප‍්‍රතිචාර දක්වන ලෙන්ගතු පාඨක පිරිසක් සිටීමයි. මගේ කොලම කියවන පාඨකයන්ගෙන් ඇතැම් දෙනෙක් මට ඊමේල් මගින් ප‍්‍රතිචාර දක්වනවා. තවත් සමහරුන් විවිධ විද්වත් සභාවල හා සමාජශීලී අවස්ථාවල මුණ ගැසී කථා කරනවා. මේ ප‍්‍රතිචාර මට ඉතා ප‍්‍රයෝජනවත්. එයින් සමහරක් මගේ කොලම් සඳහා නිමිති බවට ද පත් වුණා. එමෙන් ම මා නොදැන සිටි හා නොදුටු පැතිකඩ වෙතට මා යොමු කළා. මේ සියල්ලන්ට ම බොහොම ස්තුතියි!

පොදු උන්නතියට කැප වුණු විද්වතුන් හිඟ වූ අපේ රටේ සිටින එබඳු කිහිප දෙනෙකු මට තොරතුරු, උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ජානක රත්නසිරි, ආචාර්ය තිලක් සියඹලාපිටිය, වෛද්‍ය වින්යා ආරියරත්න, ආචාර්ය කාවන් රත්නතුංග හා මහාචාර්ය කපිල දහනායක ඔවුන් අතර සිටිනවා. නිල තනතුරු දරණ නිසා නමින් උපුටා දැක්විය නොහැකි එහෙත් තොරතුරු ලබා දීමෙන් උපකාර වූ විද්වතුන් ටික දෙනෙකු ද මේ වසර පුරා අනුග‍්‍රහය දැක් වූවා. මෙකී නොකී හැම දෙනාටමත් බොහොම ස්තුතියි.

මගේ භාෂා ශෛලියට ආභාෂය ලැබුවේ මුල් යුගයේ මට මහත් සේ අතහිත දුන් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී හා ගත්කතුවර ගුණදාස ලියනගේ සූරීන්ගෙන්ග ඔහු අනුව යමින් මා උත්සාහ කරන්නේ හැකි තාක් සරලවල නිරවුල්ව හා ඍජුව ලියන්නයිග මගේ බස් වහරේ ව්‍යංගාර්ථ නැහැග ද්විත්ව ඍණ භාවිතයන් (‘නොකියා බැරි’ ආදී) හෝ සංකීර්ණ වචන හරඹයන් හෝ කරන්නට මා දන්නේ නැහැ.

මගේ ප‍්‍රවේශය උද්‍යොගශීලීයිග කුතුහලය මුල් කර ගෙන මා සොයා ගන්නා දේ මා විවෘතව ලියනවා. එහිදී මට හමු වුණු අය, මා අත් විදි දේ මෙන් ම මට කියවන්නට හෝ දකින්නට ලැබුණු රසවත් හා හරබර කරුණු එයට පාදක කර ගන්නවා.

උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියන්නට මා එදත් අදත් කැමතියි. අද නව මාධ්‍ය භාවිතයේ වඩාත් මතු ව එන්නේත් එසේ තමන් කේන්‍ද්‍ර කර ගත් හෘදයංගම සන්නිවේදනයයි. මට හිතෙන දේ හා මා කළ කී දේ ගැන ලියන විට කොහේවත් සිටින ‘ලියුම්කරුවකු’ පිටුපස සැගවීමට ඕනෑ නැහැ.

දශක දෙකකට වැඩි කාලයක් විද්‍යා ලේඛනයේ ආධුනිකත්වයක් මා ගත කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ සෙවනේයිග ඔහු නිතර ප‍්‍රගුණ කළ උපදෙසක් වූයේ ‘We write to express, not to impress’ යන්නයි. ඒ කියන්නෙ අප ලිවිය යුත්තේ අදහස් පළ කිරීමට මිස අපේ පණ්ඩිතකම පෙන්වීමට නොවෙයි. රටට පෙන්වීමට කිසිදු පණ්ඩිතකමක් හෝ පුම්බන්නට ප‍්‍රතිරූපයක් හෝ මට නැහැ. ඒ නිසා සැහැල්ලූවෙන්, උද්‍යොගයෙන් කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නටත්, නිරවුල් හා නිවැරදි තොරතුරු සොයා යන්නටත් මට ඉඩ තිබෙනවා.

පොතෙන් උගත් මගේ ඇතැම් මිතුරන්ගේ එක් ප‍්‍රතිචාරයක් වන්නේ මා ලියන දේ සරල වැඩි බවයි. හැමට තේරෙන මිත‍්‍රශීලී බසකින් ලිවීමෙන් මගේ ‘තත්ත්වය හෑල්ලූ විය හැකි’ බවත්, ඉඳහිට හෝ පණ්ඩිත වචන හා බරපතල සංකල්ප යොදා ගැනීම නුවණට හුරු බවත් එක් අයකු මට අවංකව ම අවවාද කළා.

අපොයි දෙයියනේ!

‘කොලූ ගැටයා’ හරහා මා නිතිපතා සිංහල ලේඛනයට ආපසු ආවේ විසි වසරක ස්වයං පිටුවහල්වීමකින් (self-exile) පසුවයි. ඒ කාලය පුරා මා විද්‍යා සන්නිවේදනයේ යෙදුණේ ඉංග‍්‍රීසි බසින්. අවභාවිතය නිසා මලකඩ බැදුණු මගේ සිංහලය නැවත පණ ගන්වන්නට සමකාලීන හා ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක මිතුරන් කිහිප දෙනකු මහත් සේ උදවු කළා. එස් එම් බන්දුසීලල අසෝක ඩයස් හා චානුක වත්තේගම එදත් අදත් මගේ සුහද විචාරකයෝ. ඔවුන්ගෙන් උපදෙස් ගන්නා අතර මට ආවේණික බස හැසිරවීමක් මා කරනවා.

එහි ඇතැම් තැන් විවාදාත්මකයි. උදාහරණ හැටියට මා සිංහලෙන් යොදන්නේ රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන ඉංග‍්‍රීසි වචනමයි. ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් නොදත් සිංහල පණ්ඩිතයකු අතින් නිම වුණු ‘අන්තර්ජාලය’ වැරදි යෙදුමක්. ඉන්ටර්නෙට් යනු ජාල රැසකින් සමන්විත සුපිරි ජාලයක් මිස ජාල අතර (අන්තර්) අවකාශයක් නොවෙයි!

රේඩියෝ හා ටෙලිවිෂන් වචන මා යොදන්නේ පොදුවේ එකී විද්යුත් මාධ්‍යයන් ගැන කථා කරන විට කිසිදු එක් මාධ්‍ය ආයතනයකට හෝ නාලිකාවකට පක්‍ෂග‍්‍රාහී නොවීමටයි. ‘ගුවන් විදුලිය’ හා ‘රූපවාහිනිය’ යන වචන ටොරින්ටනයේ ලැගුම් ගත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට අදාල වෙළඳනාම (brands) බවට පත් වී තිබෙන බව බොහෝ පාඨකයන්ගේ අවබෝධයයි. ඒ නිසා තව දුරටත් ඒවා එකී විද්යුත් මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර හැදින්වීමට යොදා ගැනීම නොමග යන සුළුයි.

මගේ ඇතැම් කොලම් හරහා යම් පුද්ගලයන්, ආයතන හෝ සංකල්ප හුවා දක්වන බවත්, ඒවා ගැන මා මහත් පැහැදීමෙන් කථා කරන බවත් ඇත්තයි. පිදිය යුත්තාට පිදීමේ වරදක් නැහැ. එහෙත් කිසිවක් හෝ කිසිවකු හෝ ගැන අන්ධ භක්තියක් ද මා තුළ නැහැ. ඇතැම් විටක හාස්‍යය හා උපහාසය කැටි කළත් කිසි විටෙක පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ අපහාස කරන්නට මට ඕනකමක් නැහැ.

එහෙත් මා විටින් විට සියුම්ව එල්ල කරන ටිකිරි ටොකු පාරවල් ඇතැම් අධිපතිවාදීන්ට හා වැඩවසම්වාදී උගතුන්ට රිදවන බව සමහර ප‍්‍රතිචාරවලින් පෙනෙනවාග එවැනි අවස්ථාවල කියන්නට ඇත්තේ: තොප්පිය හරි යනවා නම් ඉතින් දා ගන්න!

‘කොලූ ගැටයා’ අවිහිංසක හා නිර්ව්‍යාජ ලෙස ප‍්‍රශ්න මතු කරන්නට කවදත් කැමතියි. එසේ අසන්නේ ගාම්භීර හෝ සංකීර්ණ බුද්ධිමය සංවාද නොතේරෙන නිසයි. 1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකයන්හි හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට තිබෙන අත්දැකීම්, රුචි අරුචිකම් මගේ මාතෘකාවලට හේතු පාදක වනවා. නව යොවුන් වියේ ටෙලිවිෂන් මුල්වරට දුටු අප, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වල ලංකාගමනය සිදු වන විට වයස විසි ගණන්වලට පිවිස සිටියා.

මේ නිසා අද පවතින තොරතුරු සමාජයට අප සංක‍්‍රමණිකයෝ. ඉංග‍්‍රීසියෙන් Digital Immigrants යැයි කියනවා. ඩිජිටල් අරුතින් ‘රට ගිය ඇත්තන්’ වන මා වැනි අයට ඇත්තේ දෙමුහුන් දැක්මක්. එහෙත් අපේ දරුවන්ට මේවා උපන්දා සිට ම හුරු පුරුදුයි. ඒ නිසා ඔවුන්ට Digital Natives යැයි කිව හැකියි. ඩිජිටල් ආගමනයට පෙර හා පසු ලක් සමාජය පිළිබඳව සංසන්දනාත්මකව දකින අතර, යටගිය දවස ගැන අධිතක්සේරුවක එල්බ නොසිටීමට මා උත්සාහ කරනවා.

ඉඳහිට මට ලැබෙන ප‍්‍රශ්නයක් වන්නේ මගේ මූලික මතවාද රාමුව කුමක්ද යන්නයි. එය මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ජාතිකවාදය, හේතුවාදය හෝ වෙනත් වාදයක් ද? ඇත්තට ම මට ප‍්‍රවර්ධනය කරන්නට මතවාදයක් නැහැ.

මට තනිව පිළිතුරු සොයා ගත නොහැකි තරමේ ප‍්‍රශ්න කන්දරාවක් ඇසීම කවදත් මගේ සිරිතයි. ඒවාට පිළිතුරු සොයා මා පර්යේෂකයන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා අන් අය සමග බොහෝ සේ කථාබහ කරනවා. ඔවුන්ගේ වියත් සභා සහ සමාජ අරගල අවස්ථාවන්ට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වනවා. කිසිදු සමිතියක, සමාගමක, විද්වත් සමූහයක මා නිල සාමාජිකයකු නොවෙයි. ඔවුන් තර්කානුකූලව පොදු උන්නතියට දායක වන විට මා ඔවුන් සමගයි. එහෙත් ඔවුන් සංඛ්‍යා ලේඛන හා විද්‍යාත්මක විශ්ලේෂණ පසෙක තබා ආවේගශීලී වන විට මා අවස්ථානුරූපී ලෙස ඔවුන් විවේචනය කරනවා.

විද්‍යාව, තාක්‍ෂණය හා පරිසර සංරක්‍ෂණ ක්‍ෂෙත‍්‍රවල මගේ සහෘදයන්ට ඇතැම් විට දිරවා ගන්නට බැරි වන්නේත් මේ විචාරශීලී ගුණයයි. ඉංග‍්‍රීසියෙන් මා හදුන්වා ගන්නේ critical cheerleader කියායි. එය ‘විචාරශීලීව දිරි ගන්වන්නකු’ ලෙස සිංහලට පෙරැළිය හැකියි.

මාධ්‍ය හරහා අද අවශ්‍ය තරම් සිදු නොවන්නනේත් මේ ටිකයි. තමන්ගේ ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨයන්, වෘත්තීය දැවැන්තයන් නැතහොත් වෙනත් සමාජ නාමධාරීන් පදනම් සහිතව විවේචනය කළ නොහැකි ඇයි? එසේ නොකරන මාධ්‍ය කලාවක හා වෙළඳ ප‍්‍රචාරණයක ඇති වෙනස කුමක් ද?

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

Communicating Disasters: ZiF Conference in Bielefeld
How do we cope with a warming planet while living in an increasingly WikiLeakable world? Exactly one year ago, I explored this in my talk given at the University of Colombo during the LEAF Conference.

As I reflected then: “We live in a crisis-ridden world where we have to cope with multiple emergencies unfolding at the same time, impacting us on different fronts. This illustration captures three of them: crisis in biodiversity, man-made climate change, and the new reality of living in a rapidly WikiLeakable world — what I called the Global Glass House.”

I returned to this theme and explored it further this week when giving a keynote address at the Bielefeld University in Germany. I was participating in their international and inter-disciplinary conference on “Dealing with the Disaster of Others”, 26-28 January 2012. The conference was the culmination of a year-long research project on this theme carried out at the University’s Centre for Interdisciplinary Research (ZiF).

I also built on ideas initially discussed in my 2007 book, Communicating Disasters, which was part of the reference material used during th ZiF research project.

Nalaka Gunawardene speaks at ZiF Conference on Communicating Disasters, Bielefeld, Germany: 27 Jan 2012

Here’s the Summary (Abstract) of my talk. PowerPoint slides below.

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

by Nalaka Gunawardene
Science Writer, Blogger & Columnist; Director – TVE Asia Pacific (TVEAP)

Communicating disasters — before, during and after they happen — is fraught with many challenges. The increased volume and flow of information, enabled by the proliferation of information and communication technologies (ICTs), fills some gaps — but not all. Other critical elements such as institution building, training and awareness raising are needed at all levels to create societies that are better informed and prepared.

The news media, driven by their quest for what is new, true and interesting, can be useful allies for disaster managers. But the nexus between these two groups has always been contentious, and the acceleration of the news cycle has made it more so. Having to sustain 24/7 coverage for their fragmented and distracted audiences places enormous pressures on news media to break news first — and reflect later. In this scenario, how can empathetic, ethical and balanced reporting happen?

As disasters increase in frequency and intensity partly due to climate change, mainstream media practitioners across Asia struggle to keep up. Disasters are more drawn out (e.g. Pakistan floods, 2010 & Thailand floods, 2011), geographically scattered (Indian Ocean tsunami, 2004) and economically devastating (Tohoku/Fukushima, 2011) than before. This stretches the capacities and resources of many news organisations. Saturation coverage of unfolding disasters can also cause ‘compassion fatigue’ and apathy in audiences.

In today’s networked society, news media are no longer the sole gatherers or distributors of news. Without the trappings and inertia of the institutionalised media, citizen journalists are quick to adopt ICT tools and platforms. What does this mean for communicating disasters that requires care and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media to better serve the public interest on a warming planet? What value-additions can the mainstream media still offer to the coverage of disasters near and far?

We examine these and other larger questions with reference to recent disasters in Asia.

Here’s the PPT:

2012: Will End-of-the-World industries end this year?

Read my Sunday column on 4 Nov 2012: End-of-the-World, Inc.

Read my post on 21 Dec 2012: 21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

Simple explanations are always the best - but not entertaining enough?

So 2012 is finally here! I’ve been waiting for you…

Citing various ancient lore, some say this year will see the end of the world — where have we heard that before?

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012.

And to think that a blockbuster Hollywood movie, rather than any ancient prophecy, likely triggered this wave of public concern!

Wikipedia notes: “The 2009 disaster film 2012 was inspired by the phenomenon, and advance promotion prior to its release included a stealth marketing campaign in which TV spots and websites from the fictional ‘Institute for Human Continuity’ called on people to prepare for the end of the world. As these promotions did not mention the film itself, many viewers believed them to be real and contacted astronomers in panic.”

The campaign was heavily criticized by scientists, of course, but the public chose to believe the scary make-believe rather than the more sober reality.

Will life imitate art? Find out on 21 Dec 2012
The film 2012 became one of the most successful of that year, grossing nearly $770 million worldwide. So the film’s producers were laughing all the way to their bank…

The US space agency NASA has stepped into the debate with sobering analysis. Its website says: “Impressive movie special effects aside, Dec. 21, 2012, won’t be the end of the world as we know. It will, however, be another winter solstice.”

Recalling the Year 2000 computer bug (Y2K problem) that didn’t quite materialise, it says: “Much like Y2K, 2012 has been analyzed and the science of the end of the Earth thoroughly studied. Contrary to some of the common beliefs out there, the science behind the end of the world quickly unravels when pinned down to the 2012 timeline.”

NASA scientists answer many questions that they are frequently asked regarding 2012.

Meanwhile, a few weeks before 2012 started, Lankan astrophysicist Dr Kavan Ratnatunga issued a public challenge on prime time TV.

“I will give 10% of the value of any property to (its) legal owner who will write a deed of sale of their property to me, effective from 22 December 2012, after that owner is so confident the World was going to end on December 21st!”

So far, Kavan has had no takers.

But the hype continues, with the media stirring things up as much as they can: after all, if Hollywood made money from people’s gullibility, why not others?

So might End-of-the-World industries end this year? Not a chance. A sucker is born every minute, and this is one industry that will continue to thrive as long as there are credulous believers.

Mayan prophecy - or their sense of humour?