Montreal Protocol at 25: Celebrating Ozone Safe Generation!

On 16 September, the International Day for the Preservation of the Ozone Layer will be observed once again all over the world. This year’s theme is “Protecting our atmosphere for generations to come”.

Exactly 25 years ago, governments of the world came together at a historic conference in Montreal, Canada, to adopt the Montreal Protocol on Substances that Deplete the Ozone Layer.

In a quarter century, it has rallied governments and industries in both developed and developing countries to phase out, or substantially reduce, nearly 100 chemicals that damage the ozone layer in the upper atmosphere.

The Ozone Secretariat and UNEP OzonAction have jointly produced two 30-second videos mark the 25th anniversary of the Montreal Protocol (MP).

These Public Service Announcements (PSAs) hail the extraordinary achievements of this Multilateral Environmental Agreement over a quarter century. They also project the MP as a protector of our shared atmosphere for generations to come.

The first PSA briefly introduces the ozone layer depletion issue and highlights its recovery that was made possible when countries of the world joined hands for saving the ozone layer – a global action at its best.

The second PSA revolves around the multiple benefits of the Protocol: it is not just a treaty protecting the ozone layer, but has multiple benefits for our biodiversity, climate, human health and the global economy.

The third version of this PSA (below) is twice as long, gives more info and moves at a more leisurely pace.

These PSAs, made by friends in the UK are proof that even a highly esoteric and technical subject like ozone protection can be presented in engaging, human interest terms.

Growing up in an Ozone Safe World: that’s worth celebrating!

Malima Episode #12: How to keep vaccines safe and electronic devices charged

Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation. This episode was produced and first broadcast by Sri Lanka’s Rupavahini TV channel on 23 August 2012.

Malima: Episode 12 (first broadcast: 23 Aug 2012) from Nalaka Gunawardene on Vimeo.

Produced by Suminda Thilakasena and presented by science writer Nalaka Gunawardene, this episode features the following items:

• An interview with prolific Lankan inventor M A Prince Chandrasena (of Mawathagama, Kurunegala) who holds 4 Lankan patents with fifth one pending. A refrigerator technician by training, he has developed a compact refrigerator that can remain cold (i.e. retain its low temperature) without mains power supply even for 24 hours. This is ideal for storing vaccines that require an uninterrupted cold chain (most vaccines need to be stored between 3 and 7 degrees C). The “Plus 4-7” refrigerator is particularly helpful to pharmacies and the public health service in a country like Sri Lanka that experiences frequent electricity failures. Profile at: http://tiny.cc/MAPrin

• A Japanese innovation: a small gadget that can ‘read’ basic emotions of dogs. Can this make us better understand our best friends?

• Introducing another indigenous technology of Sri Lanka: the ‘Dee-rangaya’ that is locally made and helps keep pests away from farmlands.

• An interview with young inventor D Chathura Madushanka, until recently a student of Pinnawela Central College, Rambukkana, who has invented a multi-function shoe. Fitted to the expanded sole of this shoe is a small dynamo that turns kinetic energy of walking into electrical energy. A battery stores this energy which can help charge a range of electronic devices including mobile phones and iPods. The shoe also comes fitted with a torch light that helps walkers at night. He recently participated in Intel International Science and Engineering Fair (ISEF) in Pittsburgh, USA, in May 2012. More info at: http://www.ft.lk/2012/05/24/sri-lankan-students-win-big-at-intel-isef-in-usa/

Malima Episode #11: Finding Radius and Finding Way Around in a Computer

Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation.

Produced by Suminda Thilakasena and hosted by science writer Nalaka Gunawardene, this episode was produced and first broadcast by Sri Lanka’s Rupavahini TV channel on 9 August 2012.

Malima: Episode 11 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

This episode features the following elements:

• An interview with Dinesh Katugampola, a textile engineer who has invented the world’s first Radius Metre that calculates the radius of a circle. The Radius Meter – which comprises measuring instruments as well as a software based calculator – instantly works out the radius an arch or sphere by measuring only small part of that arch or sphere. In practical terms, this helps plot major arches in mechanical engineering, road and building construction and in many other fields. This invention won a silver medal in mechanical designs category at ‘Inventions Geneva’ international exhibition in April 2012. More at: http://www.sundaytimes.lk/120429/BusinessTimes/bt25.html

• Introducing Sri Lanka’s indigenous technology: Dongaraya is a simple device used by farmers to make noise from the breeze that, in turn, scares birds away from paddy fields.

• A Japanese university research team has developed a machine that can measure brain waves and capture different moods. We have a news story on what this means for future of brain-machine interface.

• An interview with Nipun Kavishka Silva a Grade 9 student at De Mazenod College, Kandana, Sri Lanka, who — with his sister Pipunika Silva, has invented ‘NP System’: a computer operating system for blind and visually impaired people. It assists those who cannot see to use computers by providing voice instructions as they use a Braille keyboard and mouse or touchpad. They were winners at Intel International Science and Engineering Fair (ISEF) in Pittsburgh, USA, in May 2012. More info at: http://www.ft.lk/2012/05/24/sri-lankan-students-win-big-at-intel-isef-in-usa/

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today Sunday newspaper on 9 September 2012

Yang Saing Koma is lean, soft spoken and modest – not your typical image of a revolutionary. But for 15 years, the Cambodian agronomist has driven a grassroots revolution that is changing farming and livelihoods in one of the least developed countries in Asia.

A champion of farmer-led innovation in sustainable agriculture, Koma founded the Cambodian Centre for Study and Development in Agriculture (CEDAC) in 1997. Today, it is the largest agricultural and rural development organisation in Cambodia, supporting 140,000 farmer families in 21 provinces.

However, he isn’t just another western educated Asian expert returning home to shake things up. Yes, his doctorate from the University of Leipzig and work experience with international development agencies helped open doors. But Koma is a rare systemic thinker who sees the bigger picture, has the right…

View original post 1,148 more words

සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

The chronic kidney disease (CKDu) that has already affected thousands in its heartland of farming, has brought into sharp focus some serious environmental concerns that ecologists have long highlighted. These stem from our farmers’ high reliance on inorganic (chemical) fertilisers.

While some fertiliser is needed to sustain soil fertility when growing crops repeatedly on the same land, the ‘Green Revolution’ from the 1960s urged Lankan farmers to use large volumes of fertiliser, provided to them on massive state subsidies. That, in turn, led to indiscriminate use and waste — and higher agricultural runoffs.

Farmers aren’t thrifty because they get fertiliser at a fraction of the market price. In this week’s Ravaya column (in Sinhala, on 2 September 2012), I look at what this national addiction to chemical fertiliser is doing to both our economy and ecology. I also look at organic alternatives and probe why they are not being adopted more widely.

I covered similar ground in an English column on 26 August 2012: Watch out! Everybody Lives Downstream…

High inputs to make high yields – at a heavy price

1960 ගණන්වල මහත් උද්‍යොගයෙන් අරඹන ලදුව, රටේ නිල ප‍්‍රතිපත්තිය ලෙස ක‍්‍රියාත්මක වූ හරිත විප්ලවයේ ප‍්‍රධාන අංගයක් වූයේ අධික ලෙස කෘත‍්‍රිම රසායනික පොහොර, පලිබෝධනාශක හා වල් නාශක ආදිය භාවිතයට ගොවීන් යොමු කිරීමයි. වෙල් ගොවිතැනේ මෙන් ම හේන් ගොවිතැනේදීත් කෘෂි රසායන බහුල ලෙස යෙදීම අද බොහෝ ගොවීන්ගේ පුරුද්දක්.

විද්‍යාත්මකව මෙය හඳුන් වන්නේ බාහිරින් වගා බිමට වැඩිපුර එකතු කරන ගොවිතැන (High external input farming) කියායි. කෙටි කාලීනව මෙයින් වැඩි අස්වනු ලබා ගත හැකි වුවත් දිගු කාලීනව පරිසරයට මෙන් ම අපේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් ඇති කරන බවට ඇති තරම් සාක්‍ෂි ගෙවී ගිය අඩ සියවස පුරා හමු වී තිබෙනවා.

එහෙත් තවමත් අපේ කෘෂි ප‍්‍රතිපත්තීන්ගේ පදනම හරිත විප්ලවයේ සංකල්පයි. එය මතවාදීව ප‍්‍රශ්න කළ රේ විජේවර්ධන, රනිල් සේනානායක බඳු අදීන විද්‍යාඥයන්ගේ අදහස් අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා කෘෂි නිලධාරීන් නොසළකා හැරියා.

කුමන හෝ ක‍්‍රමයකින් අස්වනු වැඩි කර ගෙන කන්නයෙන් කන්නයට හා වසරින් වසරට එ ගැන උදම් ඇනීම අපේ කෘෂි නිලධාරීන් මෙන් ම දේශපාලකයන් ද යසට කරනවා. දිගු කාලීනව පසේ සාරවත් බවට (soil fertility), මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට ඇති විය හැකි බලපැම් ගැන හිතන්නේ, කථා කරන්නේ ටික දෙනයි.

අධික කෘෂි රසායන යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට නොදන්නා හෝ නොහැකි හෝ තරමට අපේ ගොවීන් මේ වන විට එයට ඇබ්බැහි වී සිටිනවා. ගොවීන් මෙයින් යළිත් මුදවා උත්සාහ ගැනීමට නොයෙක් ස්වේචඡ සංවිධාන හා පර්යේෂණ ආයතන උත්සාහ කළත් රටේ නිල ප‍්‍රතිපත්තිය තවමත් බරක් දෙන්නේ කෘෂි රසායන භාවිතයටයි.

මෙය හොඳින් ම පෙන්නුම් කැරෙන්නේ රසායනික පොහොර භාවිතය දෙස බලන විටයි. පසේ සාරවත් බව ගොවිතැන් දී තීරණාත්මක සාධකයක්. එය රැුක ගැනීමට ගොවීන් පාරම්පරිකව විවිධ පියවර ගත්තා. එක ම බිමක දිගින් දිගට බෝග වගා කරන විට එහි සාරය අඩු වනවා. එවිට පොහොර යෙදීම ගොවිතැනේ මුලික ක‍්‍රියාවක්. ගොම හා කොළරොඩු ආදිය මෙන් ම ස්වාභාවිකව පසට නයිට‍්‍රජන් නිපදවා දෙන පැළෑටි වැවීම ද සියවස් ගණනක් තිස්සේ ගොවීන් කළා.

රසායනික පොහොර කරන්නෙත් පැළැටිවලට අවශ්‍ය පෝෂණය ලබා දීමයි. එහෙත් නිසි කලට, නිසි පරිමාවට යොදනවා වෙනුවට අනවශ්‍ය තරම් එම පොහොර වගා බිමට යෙදු විට මේ පොහොර ජලයේ දියවී ටිකෙන් ටික යටිගං බලා දිවෙනවා. මෙය හඳුන්වන්නේ අපධාවය (Agricultural Runoff) කියායි.

අපධාවය මුළුමනින් නතර කිරීමට බැරි වුවත් අරපිරිමැස්මෙන් හා උපදෙස් දී ඇති පරිදි භාවිතයෙන් එය අවම කර ගත හැකියි. අපේ බොහෝ ගොවීන් උවමනාවට වඩා පොහොර යොදනවා. නොදැනුවත්කම හා නොසැළකිල්ල එයට හේතු විය හැකියි. තවත් හේතුවක් නම් පොහොර සහනාධාරය යටතේ ඉතා අඩු මිලට පොහොර ලැබීමයි.

නොමිළයේ ලැබෙන වාරි ජලයත්, ඉතා සහන මිළකට ලැබෙන රසායනික පොහොරත් නිසා අපේ බොහෝ ගොවීන් අරපිරිමැස්ම හා සැකසුරුවම් බව අමතක කරලා. අන්තිමේදී වාරි ජලය වගාබිම් හා කෙත්වතුවලින් නික්ම යන්නේ අනවශ්‍ය තරම් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ද රැුගෙනයි. මේ අපධාවය යටිගං බලා යද්දී ගස්වැල්, ජලාශ, වනාන්තර මෙන් ම මිනිස් ජනාවාසවලට ද මුසු වනවා. එයින් ඇති වන දිගුකාලීන බලපෑම් ගැන අපට තේරුම් යන්නේ කල් ගත වූ පසුයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනා ගෙන නැහැ. අනුමාන කැරෙන සාධක ගණනාවක් අතර කෘෂි රසායන ද්‍රව්‍යවලින් කාන්දු වී ජලයට එකතු වන ආසනික්, කඨින ජලය හා මුසු වී ශරීරගත වීමත් තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

ශ‍්‍රී ලංකාවේ ගොවිතැන, පරිසරය රැුක ගැනීම හා ජීවන මට්ටම් දියුණු කිරිම යන සාධක තුන ඉතා සමීපව සබැඳී තිබෙනවා. කකුල් තුනකින් යුත් බංකුවක් වගෙයි. මෙයින් එකකට වැඩි අවධානයක් දී අනෙක් දෙක නොසළකා හැරියොත් පැවතිය යුතු සියුම් තුලනය නැති වී යනවා. එවිට බංකුව පෙරළෙනවා. මේ සාධක තුන සමතුලිත ලෙස ඉදිරියට ගෙන යාමේ අභියෝගයට නිදහසෙන් පසු හැම රජයක් ම මුහුණ දුන්නා.

ක‍්‍රමීය මට්ටමින් මෙබඳු ප‍්‍රශ්න ගැන පුළුල්ව විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත්තේ විද්වතුන් ඉතා ටික දෙනෙකුටයි. එබඳු දැක්මක් තිබූ ආචාර්ය රේ විජේවර්ධන හරිත විප්ලවයේ මුල් යුගයේ එහි පෙර ගමන්කරුවකු වුණත් 1960 දශකයෙන් පසු එය ප‍්‍රබලව විවේචනය කළා. හරිත විල්පවයෙන් අපේ ගොවීන්ට, ආර්ථිකයට හෝ සොබා සම්පත්වලට සැළකිය යුතු සෙතක් අත් නොවූ බව ඔහු 2010 මිය යන තුරු ම අවධාරණය කළා. http://tiny.cc/RayRav1

රූපවාහිනි නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ මා ඉදිරිපත් කරන “මාලිමා” වැඩසටහනට මෑතදී පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා වසර ගණනාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍ෂෙත‍්‍ර නිලධාරියකු ලෙස සේවය කොට දැන් තමාගේ ම කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ම ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ශ‍්‍රි ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොර වලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

භාවිතයට සුදානම් කල GOLF පොහොර දියර බෝතලයක් රු. 2,500 මිළට ඔහුගේ ආයතනයෙන් මිළට ගත හැකියි. රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. එහෙත් ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොර සහනාධාරයයි.

පොහොර සහනාධාරයට වසර 50ක අතීතයක් තිබෙනවා. එය මුලින් හදුන්වා දුන්නේ 1962දී. හරිත විප්ලවයේ අධි අස්වනු ලබා දෙන වී ප‍්‍රභේද වගා කිරීමේදී වගා බිමට වැඩියෙන් පොහොර දැමීම අවශ්‍ය වුණා. ගොවීන්ට එම අමතර වියදම එක්වර දරා ගත නොහැකි වූ නිසාත්, සහල් මිළ ඉහළ යාම වළක්වන්නටත්. රජය විසින් සහන මිළකට පොහොර දීම ඇරඹුවා.

කෙටි කලෙකින් එය ජාතික ඇබ්බැහිවීමක් බවට පත් වුණා. ඉන් පසු බලයට පත් රජයන්ට ද පොහොර සහනාධාරය පවත්වා ගෙන යාමේ බලපෑම් ඇති වුණා. විවිධ සංශෝධනය යටතේ එය ඉදිරියට විත් තිබෙනවා. (එය නතර කැරුණේ 1989-1994 කාලයේ පමණයි.)

2005 සිට පොහොර සහනාධාරය යටතේ යුරියා, MOP හා TSP යන රසායනික පොහොරවල කිලෝග‍්‍රැම් 50 මල්ලක් රු. 350 ඉතා සහන මිළකට ගොවීන්ට ලබා දෙනවා. ලෝක වෙළඳපොලේ පොහොර මිළ කොපමණ වුවත්, වසර 6කට වඩා මේ මිළ පවත්වා ගෙනවිත් තිබෙනවා. එහි සැබෑ වියදමෙන් සියයට 90කට වඩා මහා භාන්ඩාගාරය විසින් දරනු ලබනවා.

මෙරට භාවිත වන රසායනික පොහොරවලින් අති බහුතරයක් පිටරටින් ගෙන්වනවා. 2010 සඳහා වැඩිපුර ම චීනයෙන්. ඊළඟ ප‍්‍රභව වුයේ තුර්කිය හා ඊජිප්තුව. මෙය වසරකට රුපියල් බිලියන 50-60ක් පිටරට ඇදී යන මහා පරිමාණ ගනුදෙනුවක්.

ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව 2010දී ලියා අති පරිදි වාර්ෂිකව පොහොර සහනාධාරය සඳහා මහා භාණ්ඩාගාරය ඉතා විශාල මුදලක් වැය කරනවා. 2009දී මෙය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.6ක්ද රජයේ සමස්ත වියදමෙන් සියයට 3ක් ද වුණා. ”නිසි ඉලක්කගත කිරීමකින් තොරව ලබා දෙන පොහොර සහනාධාරයේ ප‍්‍රතිලාභ ලබන්නේ දුගී කුඩා ගොවීන්ට වඩා සාපේක්‍ෂව අතමිට සරු ගොවීන්” යයි ඔහු කියනවා.

මේ සහනාධාර දෙන්නේ රටේ මහජනතාවගේ මුදල්වලින්. පොහොර සහනාධාරයේ මුඛය අරමුණු හරිහැටි ක‍්‍රියාත්මක නොවන බව මේ ගැන අධ්‍යයනය කළ ආර්ථික හා කෘෂි විද්‍යා පර්යේෂකයන් බොහෝ දෙනා පෙන්වා දෙනවා. නමුත් සහනාධාරය වඩාත් ක‍්‍රමානුකූල කිරීම දේශපාලන වශයෙන් අපහසු කාරියක් බව ද ඔවුන් පිළි ගන්නවා.

මෙරට සිටින ප‍්‍රවීණ කෘෂි විද්‍යාඥයකු හා කෘෂි ප‍්‍රතිපත්ති උපදේශකයකු වන මහාචාර්ය සී. එස්. වීරරත්නගේ මතය: ”දිගින් දිගට වගා කරන බිමකට යම් පමණින් පොහොර යෙදීම අවශ්‍යයි. නමුත් දැන් සිදුවන්නේ අවශ්‍යතාවයක් ඇති හා නැති වගා බිම්වලට සහන මිළට ලැබෙන පොහොර යෙදීමයි. හරි නම් අවශ්‍යතාව තහවුරු කිරිමට පසේ සාරවත් බව රසායනිකව පිරික්සිය යුතුයි”.

මේ අයුරින් විග‍්‍රහ කරන විට ප‍්‍රශ්නයේ අක්මුල් ඇත්තේ වැරදි කෘෂි ප‍්‍රතිපත්තින්ගේ බව පැහැදිලියි. එ් මුලට නොගොස් අතරමැද අවස්ථාවලට සම්බන්ධිත ආයතන, සමාගම් හෝ වෙනත් ‍”දුෂ්ටයන්” සොයා යාමේ දැඩි ආසාව ඇති අයට නම් සැබෑ හේතුවලට වඩා ඕනෑ වන්නේ ෙදාස් පැවරීමට කවුරුන් හෝ කරලියට ගැනීමයි!

රේ විජේවර්ධනගේ අදීන චින්තනයේ උරුමක්කාරයකු ලෙස මා දකින්නේ පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායකයි. අපේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති හා කෘෂි ප‍්‍රතිපත්ති ගැන 1980 දශකයේ සිට ම නොබියව විවේචනය කරන ඔහු කියන්නේ රසායනික පොහොර සහනාධාරය දැන් රටට ම කොඩිවිනයක් වී ඇති බවයි. එය මග සිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.

“වසරකට අඩු තරමින් රුපියල් බිලියන් 50ක් පොහොර සහනාධාරයට වැඩ කරනවා. එය නතර කළොත් අපේ ආහාර මිළ එක්වර ඉහළ යනවා. එය දිගට ම දීමෙන් අපේ පසේ සාරවත්බව විනාශ වනවා. අපි කුමක් කරමු ද?”

රනිල් මෙය දකින්නේ අපේ අධ්‍යාපනික හා විද්‍යා පර්යේෂණ ක්‍ෂෙත‍්‍රවල චින්තනමය සෝදාපාලූවක ප‍්‍රතිඵලයක් ලෙයසි. ”කූට වෙළඳුන් ටික දෙනකු, දුෂිත නිලධාරීන් සමහරකු ද සමඟ එක්වී අපේ ගොවීන් රසායනික පොහොරට දිගට ම ඇබ්බැහි කර ගෙන සිටිනවා. එය අපේ වගා බිම් හා සමස්ත පරිසරය විනාශ කරද්දී අපේ බහුතරයක් උගත්තු ඇස් කන් පියා ගෙන මුවින් නොබැන සිටිනවා. මෙයයි අපේ ඛේදවාචකය!”

මේ පුළුල් කෝණයෙන් බලද්දී නිදන්ගත වකුගඩු රෝගය ඊට වඩා විශාල ගරා වැටීමක එක් රෝග ලක්‍ෂණයක් පමණක් විය හැකියි. වකුගඩු රෝගයට කෘෂි රසායනිකයන්ගේ සෘජු දායකත්වයක් ඇතත් නැතත් (තවමත් මේ ගැන පර්යේෂණ කරනවා) රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායනවලට අප දෙන ඉහළ ප‍්‍රමුඛතාවය දැඩි සේ විමසා බැලීම හදිසි අවශ්‍යතාවයක්.

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today Sunday newspaper on 2 September 2012

Neil Armstrong’s death last week created news headlines worldwide. We indulged in some harmless nostalgia for a turbulent decade in another century that now belongs to a very different era.

For many of us who experienced it, the memory of Apollo 11 Moon landing is indelible. But did they really go to the Moon? Some still ask this question, all these years later. Was it all an elaborate hoax?

The Apollo Program had twin goals: to land astronauts on the moon; and to send back live TV transmissions so that everyone could see it – including the rival Russians and their allies.

To their credit, the Soviet Union accepted the Moon landings with good grace, although it meant they lost the Great Space Race where they scored some impressive initial victories.

But not…

View original post 1,148 more words

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

In this week’s Ravaya column (in Sinhala), I look at a public health emergency in Sri Lanka: Chronic Kidney Disease of unknown etiology (abbreviated as CKDu).

CKDu was first reported in the early 1990s from a single Province in our heartland of farming, but it has now spread across approximately 17,000 sq km (a quarter of the island), which is home to around 2.5 million people. Several thousand have already died; the exact number is not clear. Over 15,000 people are kept alive with regular kidney dialysis.

Investigating causes of this ailment — still not pinned down to a particular cause or factor — has been contentious with scientists, nationalists and politicians trying to hijack the issue for their own agenda setting. Some journalists have added fuel to the fire with sensationalist reporting and fear-mongering. In this column, I ask everyone to focus on the prolonged suffering of those already affected and their families.

I covered similar ground in an English column two weeks ago:
When Worlds Collide #29: Science and Politics of Kidney Disease in Sri Lanka

වියලි කලාපයේ දශක දෙකක පමණ කාලයක් පුරා සෙමෙන් මතුව විත් දැන් මහා පරිමානයේ මානුෂික ඛේදවාචකයක් බවට පත්ව තිබෙන නිදන්ගත වකුගඩු රෝගය ගැන යළිත් අවධානය යොමු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ කරන්නේ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි ශාරීරික ආබාධයක්. එහෙත් මේ සාධක නැතිවත් වකුගඩු හරිහැටි ක‍්‍රියා නොකිරීම නිසා පීඩාවට පත් රෝගීන් ගැන 1990 දශකය මුල සිට වියලි කලාපයේ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තා. මේ තත්ත්වය ලක් වූ බහුතරයක් වයස 30 හා 60 අතර වූ පිරිමින්. ඔවුන් බොහෝ දෙනා ගොවීන් හෝ ගොවිබිම් කම්කරුවන් හෝ ලෙස ජීවිකාව සළසා ගත් අයයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගය ලෙස බහුලව හැදින්වෙන මේ රෝගී තත්ත්වයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනාගෙන නැහැ. එ නිසා ම ඉංග‍්‍රීසියෙන් මෙයට දී ඇති නිල නාමය ‘නාඳුනන හේතුකාරක ඇති කරන වකුගඩු රෝගය’ Chronic Kidney Disease of unknown etiology හෙවත් CKDu. මේ වන විට මේ රෝගය නිසා සිය ගණනක් මිය ගොස් තිබෙනවා. සංඛ්‍යා ලේඛනවල පරස්පරතා නිසා හරියට ම මේ ගණන සොයා ගැනීම අපහසුයි.

දැනට මේ රෝගයත් සමග ජීවත්වන සංඛ්‍යාව අඩු තරමින් 15,000ක් පමණ වනවා. ඔවුන්ට තමන්ගේ සිරුරේ බහිශ‍්‍රාවීය ක‍්‍රියා හරිහැටි ස්වාභාවිකව සිදු නොවන නිසා රුධිර කාන්දු පෙරීම (Kidney Dialysis) දින හතරකට වරක් කළ යුතු වනවා. එක් වරකට මෙයට වැය වන වියදම රු. 12,000ක්. වසරක් පාසා මේ රෝගී තත්ත්වයට ගොදුරු වන සංඛ්‍යාව වැඩිවත් ම එ සඳහා රජයේ රෝහල් හරහා දරණ වියදම ද ඉහළ නගිමින් තිබෙනවා. (2005 සමස්ත වියදම රු. මිලියන් 350).

මේ රෝගය ගැන පර්යේෂණ කිරීම හා එයට හේතුකාරක මෙන් ම පිළියම් සොයා ගැනීම අද අපේ විද්‍යාඥයන් හමුවේ ඇති විශාල අභියෝගයක්.

මෙය විෂබීජයක් හෝ වාහකයකු හෝ හරහා පැතිරෙන බෝවන රෝගයක් නොවෙයි. එය ආරෙට එන පාරම්පරික රෝගයක් ද යන්නත් පැහැදිලි නැහැ. එ ගැන පර්යේෂණයක් පේරාදෙනිය සරසවියේ විද්‍යාඥ පිරිසක් කර ගෙන යනවා. රෝග කාරකය ලෙස වැඩිපුර සැක කැරෙන්නේ පාරිසරික සාධකයක්. එය කුමක් ද?

මිනිස් අප එක්වර පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වනවා. අප කන, බොන දෑ හරහා මෙන් ම ආශ්වාස කරන වාතය හා ජීවත්වන ප‍්‍රදේශයේ භූ විද්‍යාත්මක ස්වරූපය පවා දිගු කාලීන වශයෙන් මිනිස් සිරුරට බලපෑම් එල්ල කළ හැකියි. මේ බහුවිධ බලපෑම් අතරින් එකක් වෙන්කර හඳුනා ගෙන එය මේ රෝග තත්ත්වයට සෘජු ලෙස ම හේතු කාරක වේ යයි තීරණය කිරීම ඉතා අසීරුයි.

විද්‍යාත්මක ක‍්‍රමයේදී කල්පිතයකින් ඇරඹී නිරීක්ෂණ හා අත්හදා බැලීම් හරහා යම් නිගමනවලට එළැඹෙන්නේ සීරුවෙන්. එබඳු නිගමන සෙසු විද්‍යාඥයන් හරහා ප‍්‍රශ්න කිරීමට හා අභියෝගයට ලක් විය හැකියි. වසර ගණනක් ගතවීත් වකුගඩු රෝගය ගැන තවමත් වාද විවාද හා තර්ක විතර්ක පවතින්නේ එ නිසයි. විද්‍යාවේ හැටි එහෙමයි.

වකුගඩු රෝගයට හේතු විය හැකි යයි අනුමාන කැරෙන සාධක ගණනාවක් ගැන පර්යේෂණ කෙරී ගෙන යනවා. කිසිදු අනුපිළිවෙලකට නොමැතිව මේවා සම්පිණ්ඩනය කළහොත්:
• භූගත ජලයේ දියවී ස්වාභාවිකව තිබෙන ෆ්ලෝරයිඞ් පානය කිරීම
• ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය ස්වාභාවිකව අධික භූගත ජලය, බාල වර්ගයේ ඇලූමීනියම් භාජනවල තැන්පත් කර පානය කිරීම
• කැල්සියම් බඳු ඛනිජ වර්ග සාපේක්ෂව වඩාත් ස්වාභාවිකව මුසුව ඇති කඨින ජලය (hard water) පානය කිරීම
• ජලාශවල හා වාරිමාර්ගවල ජලය එක් තැන්වන විට හට ගන්නා cyanobacteriaවලින් ශ‍්‍රාවය කැරෙන විෂ ද්‍රව්‍ය පානීය ජලය හරහා ශරීරගත වීම
• කැඞ්මියම් නම් රසායනික මූලද්‍රව්‍යය ආහාර හරහා ශරීරගත වීම
• පලිබෝධනාශක හා රසායනික පොහොරවල අනුමත මට්ටමට වැඩියෙන් ආසනික් මූලද්‍රව්‍යය අඩංගු වී, එය කඨින ජලය ඇති ප‍්‍රදේශවල ජලය හා මුසු වී ශරීරගත වීම.
• නිසි ප‍්‍රමිතීන්ගෙන් තොරව නිපදවන මත්පැන් අධික ලෙස පානය කිරීම
ඇතැම් ආයුර්වේද ඖෂධ වර්ග භාවිතය. විශේෂයෙන් සප්සඳ (Aristalochia indica) යොදා තනා ගන්නා බෙහෙත් ගැන පර්යේෂකයන් අවධානය යොමු කර තිබෙනවා.

මේ විය හැකියාවන් අතරින් මෑතදී වැඩිපුර මාධ්‍යවල කථාබහ කෙරුණේ කෘෂිරසායන හරහා පරිසරයට එකතු වන ආසනික් පිළිබඳවයි. මේ කල්පිතය මතු කළ විද්‍යාඥ පිරිසේ එක් අයෙක් තමන්ට එ ගැන මූලික ඉඟිය ලැබුණේ දේව බලපෑමක් හරහා යයි පැවසූ නිසා එය ආන්දෝලනයට තුඩු දුන්නා.

විද්‍යාඥයන්ට පෞද්ගලික ජීවිතයේ තමන් කැමති දේශපාලන හා සාමයික (ආගමික) ඇදහීමකට නිදහස තිබෙනවා. එහෙත් එබඳු ඇදහිල්ලක් විද්‍යාත්මක කරුණු ගවේෂණයේ ක‍්‍රමවේදයට ඇඳා ගැනීම විවාදාත්මකයි.

කෘෂි රසායන ද්‍රව්‍ය හරහා අපට වස විස කැවෙන පෙවෙන බව රහසක් නොවෙයි. එහෙත් නිදන්ගත වකුගඩු රෝගයට හරියට ම හේතු කාරකය ආසනික් ද? හේතුකාරක විය හැකි අනෙක් සාධක අභිබවා එය නිසැකව ම සනාථ කළ හැකි ද?

අපේ වෛද්‍ය පර්යේෂකයන්, භූ විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා අනෙකුත් පර්යේෂකයන් අතර එබඳු එකඟතාවයක් තවම මතුවී නැහැ.

තර්ක විතර්ක හරහා ඔප්පු කළ හැකි සහ නැවත නැවතත් සිදුකර පෙන්විය හැකි (replicable) සාක්ෂි මත පදනම් වූ නිගමනවලට එළැඹීම ලොව පුරා පිළිගත් විද්‍යා පර්යේෂණ ක‍්‍රමවේදයයි. ප‍්‍රාතිහාර්යයන් (miracles), ගුප්ත බලවේගයන් හා තර්කයෙන් බාහිර වූ පරම සත්‍යයන් විද්‍යාවේ නැහැ.

මිනිසුන් සිය ගණනකගේ ජීවිත බිලිගත්, තවත් විශාල සංඛ්‍යාවක් රෝගාතුර කළ ආබාධයක හේතු කාරක සොයා යද්දී ගුප්ත හෝ ශුද්ධ බලවේගවලට එ සත්‍ය ගවේෂණය භාර දෙන්නට නොහැකියි.

Cartoon by Sidney Harris

අනෙක් කාරණය නම් මිනිස් අපගේ මැදහත්වීමකින් තොරව ස්වාභාවිකවත් ඇතැම් වස විෂ වීම් හා ආපදා ඇති විය හැකියි. බංග්ලාදේශය හා ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවල භූගත ජලයේ අසාමාන්‍ය ලෙස ආසනික් ප‍්‍රමාණය වැඩිවීම එයට හොඳ උදාහරණයක්. අපේ සමහර පරිසරවේදීන් මිහිතල මෑණියෝ නැතිනම් මහී කාන්තාව කියමින් පෘථිවියට වන්දනාමාන කළාට සමහර වෙලාවට මේ ග‍්‍රහලෝකය නිර්දය ලෙස භූ රසායනික හා වෙනත් ස්වාභාවික සංසිද්ධීන් ඇති කරනවා. සක‍්‍රීය ග‍්‍රහලොවක ජීවත්වීමේ යථාර්ථය එයයි!

වකුගඩු රෝගය ගැන මෙතෙක් මා කියැවු හොඳම මැදහත් විග‍්‍රහය 2011 දෙසැම්බරයේ Ceylon Medical Journal විද්වත් සඟරාවේ පළ වුණා. එ. ආර්. වික‍්‍රමසිංහ, ආර්. ජේ. පීරිස්-ජෝන් හා කේ. පී. වනිගසුරිය නම් පර්යේෂකයන් තිදෙනා මේ රෝගය පිළිබඳව මේ දක්වා ඉදිරිපත් කොට ඇති විවිධ කල්පිත හා අනුමාන සඳහන් කරමින් අවධාරණය කළේ පර්යේෂණ තව දුරටත් කළ යුතු බවත්, එ්වායේ ප‍්‍රතිඵල සෙසු විද්‍යාඥයන්ගේ ඇගැයීමට ලක් කැරෙන (peer-reviewed) විද්වත් සඟරාවල පළවිය යුතු බවත්. නව දැනුම පිළි ගැනීමට ලක් වන්නේ නිසි ක‍්‍රමවේදයක් හරහා දැඩි සංයමයකින් යුතුව ජනනය කළ විටයි.

ඔවුන් තව දුරටත් කීවේ: ”නිදන්ගත වකුගඩු රෝගයට තුඩු දෙන සාධක එකකට වැඩි ගණනක් තිබිය හැකියි. මේ දක්වා ඉදිරිපත්ව ඇති හා පර්යේෂණ ප‍්‍රතිඵල අනුව එකදු කල්පිතයක් හෝ ඔප්පු වී නැහැ. මේ රෝගය අදාළ ප‍්‍රදේශවල ජනයාට මහත් බලපෑමක් ඇති කරන නිසාත්, රටේ සෞඛ්‍ය සේවාවට ලොකු වියදමක් නිසාත් මෙය හරියාකාර තේරුම් ගෙන නිසි ප‍්‍රතිචාර දැක්වීම ජාතික ප‍්‍රමුඛතාවක් වනවා.” http://tiny.cc/CKDuCMJ

වකුගඩු රෝගයේ සැබෑ තත්ත්වය හොඳාකාරව දන්නේ අදාළ ප‍්‍රදේශවල රෝහල් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක පිරිසයි. හඳුනා නොගත් රෝගයක් වසරක් පාසා වැඩි වැඩියෙන් දෙනා රෝගාතුර කරන විට එය වටා විවිධ ආවේගයන් මතුවී එම ස්වභාවිකයි. භීතිය, ශෝකය, සැකය මෙන් ම ඉච්ඡුාභංගත්වය ද එ් අතර වනවා. වකුගඩු රෝගයට ලක් වුවන්ට බෙහෙත් හා රුධිර කාන්දු පෙරීම දෙන අතරේ එ් පවුල්වල අයට මානසික අස්වැසිල්ල ලබාදීම ද ඉතා වැදගත්.

මෙබඳු තත්ත්වයකට අපට ඇති ආසන්න ම අත්දැකීම නම් 2004 දෙසැම්බරයේ ආ සුනාමියයි. එහෙත් සුනාමිය මෙන් මතු පිටින් කිසිදු භෞතික හානියක් නොකොට, සෙමෙන් සෙමෙන් මිනිසුන්ට පමණක් වින කරන මේ රෝගය හරිහැටි ග‍්‍රහණය කර ගැනීමත් බොහෝ දෙනෙකුට අසීරුයි.

මාධ්‍යවේදීන්ටත් මේ අභියෝගය තිබෙනවා. බොහෝ මාධ්‍ය කඩිමුඩියේ කරන වාර්තාකරණයට (Breaking News) මේ රෝගය හසු කර ගැනීම අමාරුයි. එහි බහුවිධ පැතිකඩ තිබෙනවා. විශාල බිම් පෙදෙසක් පුරා පැතිර ගිය හා විවිධ මතිමතාන්තරවලට ලක් වූ වකුගඩු රෝගය ගැන යන්තමින් වාර්තා කළොත් මහජනයා අතර අනවශ්‍ය භීතියක් ඇති වීමේ අවදානම තිබෙනවා.

මෙබඳු ව්‍යසනයකදී මාධ්‍යවේදීන් කළ යුත්තේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මත දරණ විද්‍යාඥයන් කොයි කාටත් එක සේ අදහස් ප‍්‍රකාශනයට ඉඩ ලබා දෙමින් මැදහත් වේදිකාවන් ලෙස කටයුතු කිරීමයි. එසේ නැතිව විද්‍යාඥයන් අතර අනවශ්‍ය ලෙස මත ගැටුම් බිහි කිරීමවත්, තමන් පෞද්ගලිකව වඩාත් දන්නා හඳුනන විද්වතුන්ගේ මතවාදයන්ට වැඩි ප‍්‍රමුඛතාවයක් දීමවත් නොවෙයි.

ප‍්‍රතිපත්ති තීරකයන් හා නිලධාරීන් බහුතරයක් තම තොරතුරු සඳහා මුලාශ‍්‍ර කර ගන්නේ විද්වත් සඟරා නොව ජනමාධ්‍ය වාර්තායි. මේ නිසා තොරතුරු නිවැරදිව දීමටත්, තමන් කරන විග‍්‍රහයන් වඩා තුලනාත්මකව හා වගකීමකින් කිරීමටත් මේ ප‍්‍රශ්නය වාර්තාකරන හැම මාධ්‍යවේදියකුට ම යුතුකමක් තිබෙනවා. උවමනා වන්නේ ආන්දෝලන ඇති කරමින් ඛේදවාචකය තවත් උග‍්‍ර කිරීම නෙවෙයි!

අපේ සමාජයේ ප‍්‍රශ්නයක් ප‍්‍රබලව පැන නැගෙන විට එයට වගකිව යුතු පුද්ගලයන් නැතිනම් ආයතන ගැන බොහෝ දෙනා සැලකිලිමත් වනවා. සංකීර්ණ වත්මන් සමාජයේ හැම සංසිද්ධිකයක ම “දුෂ්ටයකු” සොයා ගැනීම අපහසු වුවත්, ආසන්න වශයෙන් හෝ ෙදාස් පැවරයි හැකි කෙනෙකු සොයා යාම සම්ප‍්‍රදායක් වෙලා. පුද්ගලයකු සොයා ගන්නට බැරි විට “විදෙස් බලපෑම්”, CIA, “බහුජාතික සමාගම්”, “ඩයස්පෝරාව” හා “කඩාකප්පල්කාරී මාෆියාවන්” වැනි සාමුහික ලේබල් ඇලවීමේ රුචියක් සමහරුන්ට තිබෙනවා.

ප‍්‍රශ්නවල අක්මුල් සොයා තේරුම් ගැනීම එවා විසඳීමට උපකාර වන බව ඇත්තයි. එහෙත් ලොව හැම දෙයක් ම එ සරල ආකාරයට විග‍්‍රහ කළ නොහැකියි. සෘජුව හෝ වක‍්‍රව හෝ මිනිස් බලපෑමක් නැතිව සිදුවන ව්‍යසන ද තිබෙනවා. සුනාමිය හට ගත්තේ කාගේ වරදින් ද? භූමිකම්පාවලට ෙදාස් කිව හැක්කේ කාට ද? දුෂ්ටයා “මිහිතල මෑණියන්” විය හැකි ද?

නිදන්ගත වකුගඩු රෝගය අධ්‍යයනය කොට නිසි ප‍්‍රතිචාර දැක්වීමේදී අද හදිසි අවශ්‍යතාවය “දුෂ්ටයා” හෝ “දුෂ්ටයන්” හඳුනා ගැනීම නොව විපතට පත් ජනයාට උදවු උපකාර කිරීමයි. අනතුරේ සේයාවේ වෙසෙන මිලියන් 2.5ක් ජනයා එයට බිලි වීමෙන් වළක්වා ගැනීමයි.

මේ අවස්ථාවේ අපේ විද්‍යාඥයන් දැඩි සංයමයෙන් හා අධිෂ්ටානයෙන් යුතුව විසඳුම් සොයා යා යුතුයි. මෙය කුමන්ත‍්‍රණවාදී තර්කවලටල පදනම් විරහිත චෝදනාවලට හා පාඨකයන් බියපත් කරවන මාධ්‍ය වාර්තාවලට සුදුසු තැන හෝ කාලය හෝ නොවෙයි!

Neil Armstrong (1930-2012): A Child of Apollo Salutes His First Hero

This footprint in the sand will stand the test of time and elements….

In her debut novel The Moon in the Water (2009), Lankan author Ameena Hussein uses a memorable line to describe her protagonist’s many dilemmas: “Her generation had the burden of being the link between the old world and the new. Between pre-man in the moon and post. Between letters and email.”

I’m as much a part of that in-between generation as her character Khadeeja. Rather than being a burden, however, I find it an extremely privileged vantage point to have been. There will never be another generation like ours that straddled two worlds…

For many of us who experienced it, the Apollo 11 ‘Moon shot’ will be among our most indelible memories. Among the various labels I can choose from those tumultuous times, I consider myself a Child of Apollo.

And the boyish, blue-eyed Neil Armstrong (already 39 when he went to the Moon) was my first hero.

These are excerpts from my personalised tribute to Armstrong, who signed off for good on 25 August 2012. In it, I reflect on how the first Moon Landing influenced me personally at the tender age of 3, and recall the very different times in which we lived our lives on the other side of the planet from where Apollo missions were taking off.

It’s a light-hearted, nostalgic and essentially personal tribute, not at all an academic or polemical discussion of the Cold War politics that inspired the Great Space Race. But I do touch on what it meant to be part of history’s first Big Media Moment that was shared in real time by 600 million TV viewers and another few dozen million radio listeners worldwide.

If Neil was originally a hero to me for riding atop the world’s greatest fireworks machine and taking that Giant Leap for Mankind, he is a hero for me now for what he chose to do with his life upon his return.

Read full essay: A Child of Apollo Salutes His First Hero: Remembering Neil Armstrong

O voyagers, O seamen,
You who came to port, and you whose bodies
Will suffer the trial and judgement of the sea,
Or whatever event, this is your real destination.”
So Krishna, as when he admonished Arjuna
On the field of battle.
Not fare well,
But fare forward, voyagers.

– T. S. Eliot

Neil Armstrong – Driven by a sense of wonder, did his job quietly and well

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today Sunday newspaper on 26 August 2012

My column last week, on large scale chronic kidney failure (scientifically abbreviated as CKDu) that has become a major public health crisis in Sri Lanka’s Dry Zone, inspired some discussion online — both on my blog and at Groundviews.org

Of course, scientists and environmentalists have been debating its causes for years without conclusive evidence or targeted action. Even then, the current silence of the state health bureaucracy frustrates many. A million US Dollar research study, initiated in 2008 with World Health Organisation (WHO) support, has been completed but its findings not released. Why?

As I noted, delays in releasing such studies will allow speculation and conspiracy theories to gain momentum. That helps no one.

At least two theories (among several competing ones) suggest a link between CKDu and agricultural runoff.

One…

View original post 1,126 more words

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

In my Ravaya column (in Sinhala) for 26 August 2012, I’ve written about the making of Ran Muthu Duwa, the first colour Sinhala feature film made in Sri Lanka, was released 50 years ago in August 1962.

Ran Muthu Duwa was a trail-blazer in the Lankan cinema industry in many respects. It not only introduced colour to our movies, but also showed for the first time the underwater wonders of the seas around the island.

I covered similar ground in my English column on 12 Aug 2012: From Great Basses Reef to ‘Ran Muthu Duwa’ – Story of Ceylon’s First Colour Movie

The Serendib Trio in later years – L to R: Shesha Palihakkara, Arthur C Clarke, Mike Wilson

මුළුමනින් ම වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල චිත‍්‍රපටය වු “රන් මුතු දුව” මුල් වරට තිරගත වීම ඇරුඹී අඩ සියවසක් පිරෙන්නේ මේ මාසයේ. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන් මුතු දුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා.

රන් මුතු දුව සිනමා තාක්‍ෂණ ශිල්පීන් හා නළු නිලියන් රැුසක් එක් තැන් කළ, එ වන තුරු පැවති ශෛලියට වඩා වෙනස් වූ ආරක චිත‍්‍රපටයක්. එය කලාත්මකව මාහැගි නිර්මාණයක් නොවුවත් සංත‍්‍රාසය හා වින්දනය නොඅඩුව ලබා දුන් නිසා බෙහෙවින් ජනප‍්‍රිය වුණා. වාණිජ මට්ටමින් අති සාර්ථක වූ රන් මුතු දුව ලැබු ආදායම් වාර්තාව 1979 දක්වා නොබිඳී පැවතුණු බවයි මෙරට චිත‍්‍රපට ඉතිහාසඥයන් සඳහන් කරන්නේ.

රන් මුතු දුව සිනමා සමාගමක් හෝ චිත‍්‍රාගාරයක් මුල් වී තැනු චිත‍්‍රපටයක් නොවෙයි. එයට මුල් වූයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්. එහි කථාව, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්‍ෂණය කලේ මයික් විල්සන්. ඔහු ලේඛනයට, ජායාරූප කලාවට, සිනමාවට මෙන් ම කිමිදීමටත් හපන්කම් දැක් වූ අයෙක්. එය නිෂ්පාදනයට අවශ්‍ය මුදල්වලින් වැඩි කොටසක් යෙදවූයේ විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු ලෙස එ් වන විටත් ලොව පුරා නමක් දිනා ගෙන සිටි ආතර් සී. ක්ලාක්.

මේ දෙදෙනා 1950 දශකය මැදදී ලංකාවට පැමිණ, මේ දුපත අවට මුහුදේ කිමිදීමේ ලැදියාව නිසා මෙරට පදිංචිවීමට තීරණය කර තිබුණා. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවන් අතර සිටි ඔවුන් කිමිදීමේ පුහුණුව ලැබු ලාංකිකකයන් කිහිප දෙනෙකු ද සමඟ දකුණුදිග හා නැගෙනහිර වෙරළෙන් ඔබ්බෙහි පිහිටි බොහෝ ස්ථාන ගවේෂණය කරමින් සිටියා. මේ අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලාස් (Rodney Jonklaas) හා බොක්සිං ශූර හෙක්ටර් එකනායක ද සිටියා.

1956දී දිවයිනේ වෙරළාසන්න ස්ථාන රැසක කිමිදෙමින් ගවේෂණය කළ ඔවුන්ගේ අත්දැකීම් එක් රැුස් කර ක්ලාක් රචිත The Reefs of Taprobane ^1957& චාරිකා සටහන, ඔහු ශ‍්‍රී ලංකාව ගැන ලියු මුල් ම පොතයි.

1961 මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට කිමී 13ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) හා කුඩා රාවණා කොටුව (Little Basses Reef) නම් වන ප‍්‍රදීපාගාර අසල මුහුදේ කිමිදෙමින් සිටි මේ පිරිසට මුහුදුබත් වු නැවක සුන්බුන් හමු වුණා. මේ නැවේ තිබී 1703 වසරේ ඉන්දියාවේ මෝගල් අධිරාජයකු නිෂ්පාදිත රිදී කාසි තොගයක් ඔවුන් සොයා ගත්තා.

සාගරයේ කිමිදෙමින් ගවේෂණය කරන බොහෝ දෙනාට ජිවිත කාලයකට වරක් හෝ මෙබඳු සොයා ගැනීමක් අහම්බෙන්වත් හමු වන්නේ නැහැ. මේ අසාමාන්‍ය සොයා ගැනීම තව දුරටත් ගවේෂණය කරන්නට තමන්ගේ ම බෝට්ටුව්ක් මිළට ගැනීමේ උවමනාව අපේ කිමිදුම්කරුවන්ට මතු වුණා. එ් දිනවල අමෙරිකානු ඩොලර් 10,000ක් පමණ එයට අවශ්‍ය වුණා. චිත‍්‍රපටයක් තනා එයින් ලැබෙන ආදායමින් බෝට්ටුව මිළට ගැනීමට ඔවුන් තීරණය කළා.

එ වන මයික් විල්සන් විට මෙරට දිය යට රූපගත කළ මුල් ම වාර්තා චිත‍්‍රපටය වූ Beneath the Seas of Ceylon (විනාඩි 25, 1958) නිපදවා යම් පිළි ගැනීමක් ලබා තිබුණා. එහෙත් වෘතාන්ත චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කොට අත්දැකීම් තිබුණේ නැහැ.

ගිලූණු නැවක නිධානයක් සොයා යන, දිය යට ජවනිකා රැගත් කථාවක් චිත‍්‍රපට කිරීමේ දැඩි ආශාවෙන් හා අධිෂ්ඨානයෙන් සිටි මයික් විල්සන්, එයට ආතර් ක්ලාක් ද කැමති කරවා ගත්තා. නළු නිලියන් යොදා ගනිමින් කථාන්තරයක් පැය දෙකහමාරක් පුරා කියැවෙන වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව ක්ලාක් පෙන්වා දුන්නා. එහෙත් තම සගයාගේ උද්‍යොගය නිසා එයට යම් මුදලක් වැය කරන්නට ඔහු එකඟ වුණා. ඉතිරි මුදල මයික් සොයා ගත්තේ මෙරට ප‍්‍රමුඛ පෙලේ චිත‍්‍රපට සමාගමකින්.

මෙය චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකයා ලෙස ශේෂා පලිහක්කාර සම්බන්ධ වුණා. වෘත්තියෙන් නැටුම් කලාවේ නියැලි සිටි ශේෂා, 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනු “රේඛාව” චිත‍්‍රපටියේ බොරුකකුල්කාරයාගේ චරිතයත්, තවත් චිත‍්‍රපට චරිතත් රඟපා නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්, විල්සන් හා පලිහක්කාර ත‍්‍රිත්වය එක්ව පිහිටුවා ගත් සෙරන්ඩිබ් ප‍්‍රඩක්ෂන්ස් Serendib Productions නම් සමාගම නිපද වූ ප‍්‍රථම චිත‍්‍රපටය රන් මුතු දුවයි.

රන් මුතු දුවේ නළු නිලි පිරිසට එවකට සිටි ප‍්‍රමුඛ පෙළේ මෙන්ම නැග එන තරු ද සම්බන්ධ කර ගනු ලැබුවා. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ජිවරානි කුරුකුලසුරිය, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප‍්‍රනාන්දු, ෂේන් ගුණරත්න හා වින්සන්ට් වාස් ඔවුන් අතර වුණා.

ගාමිණි ෆොන්සේකා කථාවේ වීරයා වන විට ඔහුට එරෙහි වන දුෂ්ඨයාගේ චරිතයට වෘත්තීය නළුවකු නොවු කිමිදුම්කරු හෙක්ටර් එකනායක යොදා ගන්නට මයික් තීරණය කළා. ගාමිණි ෆොන්සේකාට කඩිමුඞ්යේ කිමිදුම් ශිල්පය ඉගැන්විම ද හෙක්ටර්ට භාර වුණා.

රන් මුතු දුව චිත‍්‍රපටයේ බොහෝ ජවනිකා රූපගත කරනු ලැබුවේ ති‍්‍රකුණාමලයේ. දිය යට දර්ශන හා සටන් මිලිමීටර් 16 සේයා පටවල රූපගත කොට පසුව මිමී35ට විශාල කරනු ලැබුවා. චිත‍්‍රපටයේ සංස්කරණ හා නිම කිරීමේ කටයුතු ලන්ඩනයේ ටෙක්නිලකර් රසායනාගාරයේ සිදු කළා. කිමිදෙමින් සිනමා රූපගත කිරීම් එතරම් ප‍්‍රචලිත නොවු එකල, මයික්ගේ දිය යට කැමරා කෝණ හා අධ්‍යක්‍ෂණය ගැන බි‍්‍රතාන්‍ය සිනමා ශිල්පීන් පවා මවිත වූ බව වාර්තාගතයි.

මයික්ට සිංහල බස එතරම් හුරු නොවු නිසා සහාය අධ්‍යක්‍ෂණයෙන් හා සිංහල දෙබස් රචනයෙන් දායක වුයේ සිනමා ශිල්පී තිස්ස ලියනසුරියයි. රන් මුතු දුව සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත සිංහල සිනමාවේ මුල අඩ සියවසේ බිහි වූ තාක්‍ෂණික හා නිර්මාණශීලී වශයෙන් ඉතා ම කෘතහස්ත සංස්කාරකවරයා හැටියට පිළිගැනෙනවා. ඔහු එ වන විට රේඛාව (1956), සන්දේශය (1960) හා දස්කොන් (1962) වෘතාතන්ත චිත‍්‍රපට සංස්කරණය කොට සිටියා.

රන් මුතු දුව සංස්කරණයට ටයිටස් බි‍්‍රතාන්‍යයේ ටෙක්නිකලර් රසායනාගාරයේ වර්ණ චිත‍්‍රපට පිළිබඳ පුහුණුවක් ලැබු බවත්, වර්ණ තුලනය හා ශබ්ද පරිපාලනය වැනි තාක්‍ෂණික අංශ ගැන මනා අවධානයකින් ටයිටස් මේ චිත‍්‍රපටය නිම කළ බත් නුවන් නයනජිත් කුමාර ලියු තොටවත්ත චරිතාපදනායේ කියැවෙනවා. දුර්වල කථාවක් වුවත් දක්‍ෂ සංස්කරණය හරහා විනෝදාස්වාදය ගෙන දෙන චිත‍්‍රපටයක් බවට පත් කරන්න ටයිටස්ට තිබු හැකියාව ශේෂා පලිහක්කාර එහි පසසා තිබෙනවා.

රන් මුතු දුවේ සංගීත අධ්‍යක්‍ෂණය කළේ විශාරද ඩබ්ලිව්. ඞී. අමරදේව. එය ඔහු චිත‍්‍රපටයකට එබඳු දායකත්වයක් සැපයු මුල් වතාවයි. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියු ගීත තුනක් චිත‍්‍රපටයේ ඇතුළත් වුණා. නාරද දිසාසේකර හා නන්දා මාලීනි ගැයු ”ගලන ගඟකි ජිවිතේ” ගීතයට 1964 පැවති ප‍්‍රථම සරසවිය චිත‍්‍රපට උළෙලේ 1962 හොඳම චිත‍්‍රපට ගීතයට පිරිනැමෙන සම්මානය හිමි වුණා.

මේ කලා හා තාක්‍ෂණික සුසංයෝග දෙස හැරී බලන චිත‍්‍රපට ඉතිහාසඥ රිචඞ් බොයිල් කියන්නේ දක්‍ෂයන් රැසක් එක් තැන් කර ගෙන අළුත් විදියේ වැඩ කරන්නට මයික් විල්සන්ට හොඳ හැකියාවක් තිබ බවයි. ”ඔහු සමඟ එකට වැඩ කළ පිරිසේ බොහෝ දෙනෙකු පසුව සිංහල සිනමාවේ ලොකු හපන්කම් කළා. මයික් නිර්මාණය කළ චිත‍්‍රපටවලට වඩා එ් දායකත්වය වටිනවා” බොයිල් කියනවා.

1962 අගොස්තු මුල් වරට මහජන ප‍්‍රදශනය ඇරඹුණු රන් මුතු දුව, ඇතැම් සිනමාහල්වල දින 100 ඉක්මවා ප‍්‍රදර්ශනය වුණා. ඉන්ක්බිති මේ චිත‍්‍රපටය තවත් කිහිප වතාවක් ඉදිරි දශක දෙක තුන තුළ ප‍්‍රදර්ශනයට ආවා. එහෙත් අඩ සියවස සපිරෙන මේ මොහොතේ මේ පළමු සිංහල වර්ණ චිත‍්‍රපටයේ එක් පිටපතක් හෝ ශ‍්‍රී ලංකාවේ ඉතිරි වී නැහැ. චිත‍්‍රපට සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ බොහෝ පැරණි චිත‍්‍රපටවල ඉරණම එයයි.

රන් මුතු දුව හදන්නට අත්වැල් බැඳගත් සෙරන්ඩිබ් තුන්කට්ටුව යළිත් චිත‍්‍රපටයක් සඳහා එ්කරාශි වුයේ නැහැ. සෙරන්ඩිබ් සමාගම තවත් චිත‍්‍රපට දෙකක් නිපද වුවත් එයට මුල් වුයේ මයික් හා ශේෂා දෙපළ පමණයි.

1964-68 කාලය පුරා ලෝකයේ සම්භාව්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ස්ටැන්ලි කුබ්රික් සමඟ එක්ව 2001: A Space Odyssey නම් අමුතු මාදිලියේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය හැදීමට ආතර් ක්ලාක් යොමු වුණා. එය වෙනම ස්මරණය කළ යුතු නිර්මාණ ක‍්‍රියාදාමයක්.

1970 දශකයේ සියළු ලෞකික සම්පත් හා දු දරුවන් හැර දමා හින්දු පූජකයකු බවට පත් වූ මයික් විල්සන්, සිය ජිවිතයේ අවසන් දශක දෙක ගත කළේ ස්වාමි සිවකල්කි නමින්.

චිත‍්‍රපට ලෝකයෙන් වෙනත් ව්‍යාපාරවලට හා කලා කටයුතුවලට ඇදී ගිය ශේෂා පලිහක්කාර 2000 දශකයේ නැවත වරක් චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. එහෙත් පෙර කළ වික‍්‍රමයන් කරන්නට අවකාශයක් තිබුණේ නැහැ. මයික් 1995දීත්, ක්ලාක් 2008දීත්, ශේෂා 2009දීත් මිය ගියා.

1990 දශකය අගදී රන් මුතු දුවේ පිටපතක් ලොව කොතැනක හෝ ඉතිරිව ඇත්දැයි ක්ලාක් සිය ජාත්‍යන්තර සබඳතා හරහා විපරම් කළා. ටෙක්නිකලර් හා Rank සමාගම් ඔස්සේ ලද ආරංචිය වුයේ ඉතාලියේ එක් සංරක්‍ෂණාගාරයක එබන්දක් ඇති බවයි. එයින් එක් ප‍්‍රදර්ශන පිටපතක් පිට කරන්නට ඔවුන් බි‍්‍රතාන්‍ය පවුම් 18,000ක් (අද රු 3,748,000) ඉල්ලා සිටියා.

චිත‍්‍රපටය අළුත් ලාංකික පරම්පරාවකට පෙන්වන්නට ක්ලාක්ට හා ශේෂාට ලොකු ඕනෑකමක් තිබුණා. එහෙත් මෙරට කිසිදු ප‍්‍රදර්ශන මණ්ඩලයකින් හෝ චිත‍්‍රපට සංස්ථාවෙන් හෝ එයට නිසි උනන්දුවක් ප‍්‍රකාශ නොවු නිසා එතරම් මුදලක් වැය කොට රන් මුතු දුව යළි ලංකා දුපතට ගෙන එමේ අවදානම ඔවුන් ගත්තේ නැහැ.

රන්මුතු දුවේ හරිහමන් DVD පිටපතක්වත් අද සොයා ගන්නට නැහැ. දැනට සංසරණයේ ඇත්තේ මීට කලකට පෙර එය රූපවාහිනී නාලිකාවේ පෙන්වූ විටෙක එයින් පටිගත කර ගත් දුර්වල පිටපත්. YouTube හරහා වෙබ් මාධ්‍යයට එක් කර ඇත්තේත් මෙබඳු පිටපත්. 1960 දශකයටත් පෙර තැනු වෙනත් චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රම හරහා යළි උපදින (Digital Remastering) මේ කාලයේ රන් මුතු දුවේ පලූදු නොවූ ෘඪෘ පිටපතක්වත් නොතිබීම කණගාටුදායකයි.

සිංහල සිනමාවේ මුල් යුගයේ දකුණු ඉන්දියානු ආභාෂය හා දමිල අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකයන්ගෙන් ලැබුණු දායකත්වය ගැන අධ්‍යයන කෙරී තිබෙනවා. මෙරට වාර්තා චිත‍්‍රපට කලාවේ මුල් යුගයේ බි‍්‍රතාන්‍යය හා ඉතාලි ජාතික සිනමා ශිල්පීන් රජයේ චිත‍්‍රපට එකකය (GFU) හරහාත් සම්බන්ධ වුණා.

එහෙත් මෙරට සිංහල වෘතාන්ත චිත‍්‍රපට කලාවේ හා කර්මාන්තයේ මයික් විල්සන්ගේ භූමිකාව තවමත් අගැයීමකට ලක් වී නැති බව මගේ වැටහීමයි. මේ අසාමාන්‍ය හා විචිත‍්‍ර චරිතය ගැන කවදා හෝ ලේඛනගත විය යුතුයි.

විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ ආතර් සී. ක්ලාක්ගේ මෙහෙවර ගැන අඩු වැඩි පමණින් දන්නා බොහෝ දෙනා පවා ඔහු කිමිදුම්කරුවකු හා සිංහල චිත‍්‍රපට ආයෝජකයකු ලෙස ලබා දුන් දායකත්වය ගැන දන්නේ ඉතා අඩුවෙන්.