සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.

Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.

This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.

I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.

‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.

අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.

කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom

ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.

ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.

ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.

විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.

අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.

දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.

ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.

මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?

දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.

අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.

Jana Thakshana Puwath 2008 Vol 2 No 3 - p13
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:

“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”

මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)

ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?

අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?

මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.

එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.

අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ

සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?

1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?

Robert Paul Lamb (1952 – 2012): The Earth’s Reporter

Robert Paul Lamb (1952 – 2012) - The Earth's Reporter

I wrote a brief blog post about the death of my colleague, mentor and one time boss Robert Lamb. His funeral is being held in London today. Here are a few more reflective thoughts about the larger implications of his work and legacy. Caution: this is not objective journalism.

Robert Paul Lamb (1952 – 2012): The Earth’s Reporter

Robert Paul Lamb (1952 – 2012) was a planetary scale story teller. He used simple words and well chosen moving images to show us how we are abusing the only habitable planet we have.

He excelled in the world’s most pervasive mass medium, television. He effectively turned the small screen into a ‘mirror’ that showed how humans are constantly living beyond our natural means…as if we have spare planets in store.

For nearly three decades, Robert Lamb reported about the Earth to people all over the Earth. He ‘zoomed in’ to far corners of the planet to get a closer look at what was going on. He regularly ‘zoomed out’ for the bigger picture. All his life he probed why, as the Brundtland Commission had memorably noted in its 1987 report, “The Earth is one but the world is not”.

In this quest, he interviewed some of the finest minds and most passionate activists on what needs to be done, and how to do it. He also showcased the work of researchers, innovators and entrepreneurs trying out solutions to our many problems of resource and energy use. He always cheered these pathfinders who are our best hopes in overcoming the current ecological and economic quagmires.

Robert’s work was not easily pigeonholeable, which confused many. He wasn’t making wildlife or natural history films, although he sometimes touched on the subject from a human interaction angle. Perhaps the best summing up of his line of work was given by Mahatma Gandhi, who, when asked for his views on Indian wildlife decades ago, replied: “Wildlife is decreasing in the jungles — but it is increasing in the towns!”

If this isn't wildlife, what is?
Robert documented life going wild with far-reaching consequences. In the spectrum of factual TV programme production, he occupied a niche best described as scientifically based environmental films: those that explore the crushing ‘ecological footprint’ modern humans are having on the rest of Nature and ecosystems.

Robert was a journalist first and last. Although he later straddled the worlds of media and development, his outlook was firmly rooted in journalism where he started his career. He had a firm grasp of scientific, economic and political realities that shaped international development.

From 1984 to 2002, he was founder director of the UK-based media charity Television Trust for the Environment (TVE) from 1984 to 2002. TVE was set up to harness the potential of television and video to raise environmental awareness and catalyse sustainable development debates in the developing world.

Heading TVE for nearly two decades, Robert commissioned, produced or co-produced dozens of documentaries on a broad range of issues and topics.

Some were straightforward ones that ‘connected the dots’ for intelligent viewers. Others investigated complex — often contentious — causes and effects of environmental degradation or social exclusion.

These efforts dovetailed on-going discussions at the time on sustainable development. The Brundtland Commission had just defined it as a pattern of economic growth that “meets the needs of the present without compromising the ability of future generations to meet their own needs.”

Easier said than done in a world where many families could barely afford to think beyond their next meal while most governments chose not to see beyond the next election. Next generation thinking was rare then, as it is now. Only mavericks dare walk that path.

Besides, what exactly did that ideal mean for a subsistence farmer in Africa or a small entrepreneur in Asia? Did this long term view figure at all when politicians or bureaucrats struggled to balance their national budget or negotiate better terms of trade? How and where did women and children figure in these considerations?

Robert and his team followed the lofty intellectual debates and also tracked progress on the growing number of international treaties on specific environmental matters. They captured the essence of these through compelling moving image creations.

In doing so, this small band of individuals changed forever how environment was covered on TV. As he recalled in UNEP’s Our Planet magazine in 2000, “In the mid-1980s barely anyone had heard about the ozone layer or global warming. Natural history programming brought the wonders of plant and animal diversity into our living rooms but glossed over the complex causes of extinction.”

Robert was swimming against not one but several currents. As he wrote years later: “Television does not cope well with explaining the grey areas. Or rather it could — but the received wisdom is that it makes the viewer reach for the remote channel changer. Television prefers the black and white; the good guys versus the bad.”

He accomplished this through what I call the ‘triple-S formula’: mixing the right proportions of good Science and engaging Stories, told in Simple (but not simplistic) language.

He demystified jargon-ridden science and procedure-laden intergovernmental negotiations without losing their complexity or nuances. This is what public communication of science is all about.

We can only hope he isn’t our average TV viewer...but are we sure?
Always look for what’s New, True and Interesting (the NTI Test), he used to tell us who followed the trail he blazed. All our efforts ultimately hinged on how we appealed to the viewer – and she held that all-powerful remote controller in hand!

Robert’s overarching advice: never underestimate your audience’s intelligence — or overestimate its interest levels.

“If we don’t engage our audiences in the first 60 to 90 seconds, they are gone,” Robert often told his producers. “Hook them – and make it worth their while to do so!”

Most people don’t carry good memories of school. When they sit down to watch TV – usually at the end of a long day – they just want something light and pleasant, and preferably not reminded of school…

Pervasive as TV was, the medium wasn’t a substitute for reading or a classroom. At best, we could only flag the highlights of an issue, and whet the appetite for viewers to go after more.

Sympathetic as he was to issues and concerns of the developing world, Robert applied the same rigorous editorial criteria on film makers based in the global South. He pointed out the latter’s sweeping generalizations, condescending elitist language or incoherent story telling. Some walked away grumbling, but realized years later that he was right…

Robert’s fast pace and no-nonsense demeanour probably won him as many admirers as detractors. Producers dreaded his piercing questions about evidence and coherence. Over time, staff got used to his sharp text editing, usually done with a thick-tipped pen.

He was most assertive in (video) edit rooms, where I have seen him in action only on a few occasions. While TV productions involve team work, editorial decisions have to be centralised. You can’t make films by committee. As series editor or executive editor, he was the master of all he surveyed. Conversely, he stood by his producers who’d done their homework.

සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

The ‘gas chamber’ in every home that rarely draws any attention!

In this week’s Ravaya column, I look at indoor air pollution. This is often a neglected environmental and health issue caused mostly by inefficient cooking stoves that burn biomass. This affects mostly housewives and children who are exposed to kitchen smoke from poor ventilation and badly designed stoves.

In India, smoke from firewood use is estimated to cause half a million premature deaths every year. Studies indicate that indoor air can have more damaging impacts that outdoor air pollution in even some of the most polluted cities. People spend as much as 90% of their time indoors.

The numbers for Sri Lanka are not known, but it is wideapread. We look at not only the extent of the problem, but also attempts to reduce it — through a new fuel efficient cooking stove now on the market, and by improving kitchen ventilation. I cite the example of the rural community in Aranayake, off Mawanella, in Sri Lanka’s Kegalle district where Integrated Development Association (IDEA) has introduced a kitchen improvement project.

අප කන සැටි ලිපා දනී!

මේ අප අතර ප‍්‍රචලිත කියමනක්. උග‍්‍ර වන ජීවන වියදමත් සමග නිතර සිහියට එන කථාවක්. මුළුතැන්ගෙයි ලිප හෙවත් උදුන එතරම් ම අපේ එදිනෙදා ජීවිතයට සමීපයි. අප බොහෝ දෙනකු දිනකට එක් ආහාර වේලක්වත් ගෙදර පිස ගන්නවා. ඊට අමතරව වතුර උණු කරන්නට, බෙහෙත් සිඳ ගන්නට නැතුව ම බැරි උදුනල අප නොදැනුවත්ව අපේ සෞඛ්‍යයට හානි කළ හැකියි. අද කථා කරන්නේ ඒ ගැනයි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009/2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයට අනුව මෙරට නිවෙස්වලින් සියයට 80ක් තවමත් ආහාර පිසීමට ඉන්ධන හැටියට යොදා ගන්නේ දර. (දීපව්‍යාප්ත මට්ටමින් ඉතිරියෙන් සියයට 16ක් LP ගෑස් ද සියයට 2.5ක් භූමිතෙල් ද භාවිත කරනවා. නාගරික ප‍්‍රදේශවල දරවලට වඩා ගෑස් භාවිතයක් තිබෙනවා. වතුකරයේ සියයට 97ක් යොදා ගන්නේ දරයි.) මෙරට ගෘහස්ත ඒකකයක් මාසයකට දර කිලෝ 19.38ක් මිළට ගන්නට රු.104.51ක් වැය කරන බව මේ සමීක්‍ෂණයේ සාමාන්‍ය අගය ලෙස සොයා ගෙන තිබෙනවා. (www.tiny.cc/HIES910)

මේ සංඛ්‍යා දැන් යම් තරමකට වෙනස් වී තිබිය හැකි වුවත් මෙරට බහුතරයක් තවම දර උදුන යොදා ගන්නා බව පැහැදිලියි. ඉන්ධන හා බලශක්ති ගැන කථා කරන විට කාගේත් සිහියට එන්නේ ඛණ්ජතෙල් හා විදුලි බලයයි. එහෙත් මෙරට සමස්ත බලශක්ති භාවිතය සැළකිල්ලට ගත් විට (Primary Energy Supply) සියයට 48ක් ලබා ගනුයේ ජෛව ඉන්ධන (biomass) ප‍්‍රභවයන්ගෙන්. එහි බහුතරයක් ආහාර පිසීමට දර භාවිතය.

මිලියන් 4ක් පමණ නිවෙස්වල සිදුවන විමධ්‍යගත ඉන්ධන භාවිතයක් නිසාත්, එය වැඩිපුර ග‍්‍රාමීය ප‍්‍රවණතාවක් නිසාත් ඒ ගැන පර්යේෂණ හා විමර්ශන සිදුවන්නේ මඳ වශයෙන්. පර්යේෂකයන්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය එතරම් යොමු වන්නේ ද නැහැ. මෙරට ජෛව ඉන්ධන නැණවත් ලෙස යොදා ගැනීම ගැන වෙනම කථා කළ යුතුයි. අද අප කථා කරන්නේ ගෙදරදොරේ දර ලිපෙන් ආහාර පිසින විට සිදු වන අභ්‍යන්තර වාත දූෂණය (indoor air pollution) ගැනයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරයෙන් ඇති වන වාත දූෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. එහෙත් එයටත් වඩා සමීප හා අහිතකර බලපෑමක් ඇති කරන්නේ කුස්සියේ උදේ සවස ඇති වන වාත දූෂණයයි.

සාම්ප‍්‍රදායික දර ලිප දියුණු කිරීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ  භාවිත වෙනවා. මෙය බොහො දියුණු වන රටවල පවතින තත්ත්වයක්. දර ලිපෙන් කෑම පිසින බිලියන් 3ක් (මිලියන් 3,000 ක්) ලෝකයේ සිටිනවා.

දර ලිප අකාර්යක්‍ෂමයි. එයට යොදන දරවල තාපයෙන් සියයට 90ක් ම අපතේ යනවා. ඒ අතර අසම්පූර්ණ දහනය නිසා හට ගන්නා දුමෙන් විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරනවා. දර දහනයේදී තරමක වාත දූෂණයක් ඇති වීම වළක්වන්නට බැහැ. විදුලිබලය හා ගෑස් තරම් පවිත‍්‍ර හා කාර්යක්‍ෂම දහනයක් දරවලින් ලබා ගන්නටත් අමාරුයි. එසේ වූවත් බහුලව භාවිතයේ ඇති අකාර්යක්‍ම හා දූෂණකාරක උදුන සෑහෙන දුරට දියුණු කළ හැකියි.

පේරාදෙනිය සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම කියන්නේ සෑම දර කිලෝග‍්‍රෑම් එකකින් ම දහනයේදී කාබන් මොනොක්සයිඞ් ග‍්‍රෑම් 370ක් හා විවිධ රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් පිට වන බවයි. මේ අතර පිළිකා ජනක සංයෝග ද තිබෙනවා. දරවලින් පිසීමේ කිසිදු වරදක් නැතත්, දර උදුන් භාවිතයේදී හැකි තරම් වාතාශ‍්‍රය ලැබෙන තැනක එය කිරීම ඉතා වැදගත් බව ඔහු කියනවා. (මේ අවවාදය දර උදුන්වලට පමණක් නොවෙයි, භූමිතෙල් හා ගෑස් උදුන්වලටත් අදාලයි.)

දර දුමාරයේ බහුලව අඩංගු වන්නේ ප‍්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා, වාතයේ පාවන අංශුයි (Suspended Particulate Matter හෙවත් SPM). ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට මේ අංශු ශරීර ගත වීමේ දිගු කාලීන විපාක ලෙස රෝගී වන හා අකලට මිය යන සංඛ්‍යව ලෝක මට්ටමින් මිලියන් 2ක් පමණ වනවා. දුගී ජනයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ප‍්‍රධාන සාධක 5 අතර දර ලිපේ වාත දූෂණය ද වනවා. බෙහෙවින් ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන්.

කුස්සියේ වාත දූෂණය වින කරන්නේ පෙනහළුවලට හා ශ්වසන මාර්ගයට පමණක් නොවෙයි. දුම් පිරුණු, හරිහැටි වාතාශ‍්‍රය නැති කුස්සිවල දිග කාලීනව වැඩ කිරීමෙන් ඇසේ සුද ඇතිවීම, හෘදයාබාධ, පෙනහළු පිළිකා ආදිය ද හටගත හැකියි. දරවලින් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම දිගු කාලීනව දර හිග වීමට හා ඒවා ලබා ගන්නා කැලෑබද ප‍්‍රදේශ වඩ වඩාත් හෙළි කිරීමට ද දායක වනවා. දර කඩා ගැනීමට දවසේ පැය ගණනක් ගත කිරීමට ද ගම්බද කාන්තාවන්ට සිදුවනවා.

මේ සියළු හේතු නිසා වඩාත් අරපිරිමැසුම් දායක හා පිවිතුරු දර උදුනක් සැළසුම් කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය හදුනාගෙන දශක කිහිපයක් ගත වී ඇතත් ගෘහනියන් අතර පිළිගැනීමට ලක් වන විධියේ දියුණු කළ දර උදුනක් තවමත් වෙළඳපොලට පැමිණ නැහැ.

දර ප‍්‍රමිතිගත කළ හැකි ඉන්දනයක් නොවෙයි. එය සමාජ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතියට හා චර්යා රටාවලට ද බැදී පවතින දෙයක්. ‘දර’ යටතේ ලොකු කුඩා ලී කැබලි, කෝටු, හනසු, පොල්කටු, වේලාගත් ගොම රිටි ඇතුළු විවිධ ජෛවීය ද්‍රව්‍ය දහනය කරනු ලබනවා. දර උදුනක් වැඩි දියුණු කිරීමේදී මේ විවිධාකාර ඉන්ධන සඳහා එය යෝග්‍ය විය යුතුයි. නව නිපැයුම්කරුවන් මේ යථාර්ථය හදුනාගත යුතුයි.

Anagi stove – trying to improve an ancient practice

සාම්ප‍්‍රදායික දර උදුන නිසා වාත දූෂණයට අමතරව රස්නය මුහුණ ඇතුළු ශරීරයට වැදීම, භාජනය හා අවට දැලිවලින් අපිරිසිදු වීම හා පිඹීම අවශ්‍ය වීම වැනි අතුරු ප‍්‍රශ්න ද තිබෙනවා. මේ අවාසි ඉවත්කොට, ඉහළ කාර්යක්‍ෂම බවක් ලබාදෙන දර අරපිරිමසින අතරම දුම අඩු කරන නව දර උදුනක් පසුගියදා මගේ ‘මාලිමා’ ටෙලිවිෂන් වැඩසටහනෙන් දැක ගන්නට ලැබුණා. කලක් තිස්සේ නව නිපැයුම් රැසක් මෙරටට හදුන්වා දී ඇති නිරංජන් වීරකෝන්ගේ නිෂ්පාදනයක් වන මෙය LAKRO වෙළඳ නාමයෙන් දැන් වෙළඳපොලේ අලෙවි කැරෙනවා.

සාම්ප‍්‍රදායික දර උදුනේ දුරවලතා රැසක් මග හරවා ගත් මේ නව උදුන සඳහා අඩියක් පමණ දිගට කපා ගත් දර කැබලි හතරක් අවශ්‍ය වනවා. දර අඩු ප‍්‍රමාණයක් වැය වන, පිඹීමට අවශ්‍ය නැති, මුළුතැන්ගෙය අපිරිසිදු නොකරන හා ක‍්‍රියාකාරීත්වයේ ආරක්‍ෂාව ඇති මේ නව දර උදුන පහසුවෙන් තැන තැන ගෙන යාමටත් හැකියි.

නිරංජන්ට අමතරව මෙරට වඩාත් ප‍්‍රශස්ත දර උදුන් හදුන්වා දීම සිදු කළ අවස්ථා හා උත්සාහයන් ගණනාවක් තිබෙනවා 1970 දශකයේ සිට ප‍්‍රවර්ධනය කළ ‘අනගි’ උදුන රාජ්‍ය අංශයේ ද මැදිහත් වීමක් තිබූ නිපැයුමක්. 2008 වසරේ මා විධායක නිෂ්පාදනය කළ ‘2048 ශ්‍රී ලංකාව’ ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකදී (http://tiny.cc/SLAir) අප වාත දුෂණය ගැන කථා කරද්දීත් එය ඉස්මතු කළා.

මහනුවර කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) මගින් අනගි හදුන්වා දුන්නා. කෑගල්ල, අරණායක ගම්මානයේ මෙය කර ගෙන යන්නේ ගැමි කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට සහය දෙන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන්.

“මුල් කාලයේදී ගෙවල්වල ළමයින්ට තිබුණු හෙම්බිරිස්සාව වගේ තත්ත්වයන් නිතර බෙහෙත් ගේන්න ගිය තත්ත්වයන් බොහොමයක් දැන් අඩු වෙලා තියෙනවා,” යයි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දමයන්ති ගොඩමුල්ල කියනවා.

චිමිනියක් සහිතව හදුන්වා දුන් මෙම ‘අනගි’ උදුනෙන් ආහාර පිසීම කාන්තාවන්ට අලූත් අත්දැකීමක්. සීතා පද්මිණී ගෘහණිය කියන්නේ “ඉස්සර කුස්සිය ඉතින් අපි අඩ අඩා වගේ තමයි උයා ගත්තේ…දැන් ඉතින් දුම ඇතුලට එන්නේ නෑ. චිමිනියෙන් යනවා.”

ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ ආර් එම් අමරසේකර කියන හැටියට, “දර භාවිතය අඩුවන අතර ම මේ නව උදුන නිසා ඉවීමට ගතවන කාලයත් බාගයකින් පමණ අඩු වනවා. මේ නිසා දුමෙන් බේරීමට මුළුතැන්ගෙයි සිටින අඩු කාලයත් උදවු වනවා.”

ස්වේච්ඡ සංවිධානයක් හැටියට IDEA තමන්ට හැකි පරිදි මේ ප‍්‍රශ්නයට විසදුම් දෙනවා. දිස්ත‍්‍රික් 20ක නියාමක මුළුතැන්ගෙවල් පිහිටුවා මේ සංකල්පය ලක් සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඔවුන් ක‍්‍රියා කරනවා. ගෘහස්ත වාත දූෂණය පිටුදැකීමට නම් වඩාත් කාර්යක්‍ෂම දර උදුන් භාවිතයට ගන්නා අතර මුළුතැන්ගෙයි සැළසුම හරිහැටි නිර්මාණය කර ගැනීමත් වැදගත්. (http://ideasrilanka.org)

“වාහනවල දූෂණය ගැන බොහෝ දෙනා කථා කරනවා. එහෙත් ඒවායේ දූෂණයටත් වඩා දැඩි සේ බලපාන ගෘහස්ත වාත දූෂනයට වැඩිපුර ම මුහුණ දෙන්නේ කාන්තාවන්!” අමරසේකර කියනවා.

මුළුතැන්ගෙයි කාර්යක්‍ෂමතාවයට එහි පිළිවෙලත් බලපානවා. බඩුබාහිරාදිය තබන රාක්ක ආදිය නිවැරදිව ස්ථානගත කිරීම ප‍්‍රයෝජනවත්. උදුන අසල ඇති විවෘත ජනේලයත්, බිත්ති සහ වහළ අතර ඇති ඉඩත් මුළුතැන්ගෙට හොඳ වාතාශ‍්‍රයක් ගෙන එනවා.

පුරාණ කාලයේ ගෘහ සැළසුම්වල දර කුස්සිය තනනු ලැබුවේ ප‍්‍රධාන නිවසට පිටතින්. එහෙත් අද සීමිත ඉඩක නිවාස හදන විට එසේ කිරීම ප‍්‍රායෝගික නැහැ. එහෙත් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ පටන් සැවොම මේ සාධකය සැළකිල්ලට ගත යුතුයි.

“දැන් කාලයේ ගෘහ සැළසුම් කිරීමේදී කුස්සිවලට කුඩා ජනේලයකුත් විසිත්ත කාමරයට විශාල ජනේලත් යොදනවා. මගේ අදහස නම් විශාල ජනේල් අවශ්‍ය කුස්සිවලටයි. කිසි විටෙකත් ජනෙල් වසා ගෙන උදුන් භාවිත නොකළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම අවධාරණය කරනවා.

ගෘහස්ත වාත දූෂණය ගැන බොහෝ සාකච්ඡ සීමා වී ඇත්තේ සිගරට් හා බීඩි දුම් පානය නිසා ඇති වන ද්විතියික දූෂණයට (secondary smoking). කලක් තිස්සේ දැනුවත් කිරීම හා නීති තදකිරීම නිසා දුම්බීමේ ප‍්‍රවණතා යම් තරමකට පාලනය වී ඇතත්, මුළුතැන්ගෙයි නිතර දෙවේලේ සිදු වන හානිකර වාත දූෂණය ගැන සිතන්නේ කීයෙන් කී දෙනා ද?

Robert Paul Lamb (1952 – 2012): Made inconvenient truths simple, engaging and credible…

Robert Lamb (1952 – 2012)

A few days ago, I was deeply saddened to hear the news that my mentor and colleague Robert Lamb is no more. He lost his battle with cancer on 13 Feb 2012. He was 59.

Robert will be greatly missed. He was a visionary mentor and a strong supporter of our ideal of Asians telling their own stories using TV, video and web. This was what he set up TVE Asia Pacific (TVEAP) to do, back in 1996.

I was still in shock and grief when I wrote TVEAP’s official tribute, and a short statement of condolences. But Robert would have expected nothing less. The show must go on, he used to say, and getting the record right is very important.

Our statement opens: “Robert Lamb knew the power of moving images. For over three decades, he used them effectively to move people all over the world to reflect on how their daily actions impact their local environment and the planet.”

We also note how “Robert was very well informed, highly analytical yet kept an open mind for fresh angles and new perspectives. He inspired us without imposing his own views.”

Robert was an Englishman by birth, globalist in outlook and a planetary scale thinker and story teller. Unlike some activists and journalists, Robert practised Gandhi’s timeless advice: “Be the change you wish to see in the world”.

This is why I added this line to our statement: “He walked his talk, practising in personal life what he advocated in his films. If he breathed heavily in the edit room, he trod softly on the Earth.”

And that, more than any of his professional accomplishments in print, on TV and online, is how I shall always remember Robert Paul Lamb, on whose broad shoulders I continue to stand.

Read TVEAP’s full tribute — followed by many reader comments from people all over the world who knew, admired or worked with Robert Paul Lamb: Robert Lamb (1952 – 2012): TVEAP salutes its co-founder: a globalist, journalist and film maker

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

Communicating Disasters: ZiF Conference in Bielefeld
How do we cope with a warming planet while living in an increasingly WikiLeakable world? Exactly one year ago, I explored this in my talk given at the University of Colombo during the LEAF Conference.

As I reflected then: “We live in a crisis-ridden world where we have to cope with multiple emergencies unfolding at the same time, impacting us on different fronts. This illustration captures three of them: crisis in biodiversity, man-made climate change, and the new reality of living in a rapidly WikiLeakable world — what I called the Global Glass House.”

I returned to this theme and explored it further this week when giving a keynote address at the Bielefeld University in Germany. I was participating in their international and inter-disciplinary conference on “Dealing with the Disaster of Others”, 26-28 January 2012. The conference was the culmination of a year-long research project on this theme carried out at the University’s Centre for Interdisciplinary Research (ZiF).

I also built on ideas initially discussed in my 2007 book, Communicating Disasters, which was part of the reference material used during th ZiF research project.

Nalaka Gunawardene speaks at ZiF Conference on Communicating Disasters, Bielefeld, Germany: 27 Jan 2012

Here’s the Summary (Abstract) of my talk. PowerPoint slides below.

Breaking News on a Restless Planet: Covering Disasters in a Networked Society

by Nalaka Gunawardene
Science Writer, Blogger & Columnist; Director – TVE Asia Pacific (TVEAP)

Communicating disasters — before, during and after they happen — is fraught with many challenges. The increased volume and flow of information, enabled by the proliferation of information and communication technologies (ICTs), fills some gaps — but not all. Other critical elements such as institution building, training and awareness raising are needed at all levels to create societies that are better informed and prepared.

The news media, driven by their quest for what is new, true and interesting, can be useful allies for disaster managers. But the nexus between these two groups has always been contentious, and the acceleration of the news cycle has made it more so. Having to sustain 24/7 coverage for their fragmented and distracted audiences places enormous pressures on news media to break news first — and reflect later. In this scenario, how can empathetic, ethical and balanced reporting happen?

As disasters increase in frequency and intensity partly due to climate change, mainstream media practitioners across Asia struggle to keep up. Disasters are more drawn out (e.g. Pakistan floods, 2010 & Thailand floods, 2011), geographically scattered (Indian Ocean tsunami, 2004) and economically devastating (Tohoku/Fukushima, 2011) than before. This stretches the capacities and resources of many news organisations. Saturation coverage of unfolding disasters can also cause ‘compassion fatigue’ and apathy in audiences.

In today’s networked society, news media are no longer the sole gatherers or distributors of news. Without the trappings and inertia of the institutionalised media, citizen journalists are quick to adopt ICT tools and platforms. What does this mean for communicating disasters that requires care and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media to better serve the public interest on a warming planet? What value-additions can the mainstream media still offer to the coverage of disasters near and far?

We examine these and other larger questions with reference to recent disasters in Asia.

Here’s the PPT:

සිවුමංසල කොලූගැටයා #49: මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය

In December 2009, I wrote in a blog post: “It’s easy to curse the darkness, and many among us regularly do. Only a few actually try to light even a small candle to fight it. Dr Wijaya Godakumbura of Sri Lanka is one of them – he literally lights lamps, thousands of them, against the darkness of ignorance and poverty.”

“But his lamps are different, and a great deal safer compared to normal lamps and kerosene, which can start fires risking life and property of users. The design is simple yet effective, inspired in part by the Marmite bottle known the world over: it’s small and squat, with two flat sides – equipped with a safe metal screw cap to hold the wick. It’s quite stable and hard to topple.”

I have written this week’s Ravaya Sinhala science column about Dr Godakumbura and his innovative, life-saving bottle lamp. I also feature him in an interview in MALIMA – the new TV series on science, technology and innovation I host from this month on Sri Lanka’s national TV Rupavahini.

The inventive doctor and his life-saving bottle lamp

විසඳන්නට කැප වෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනකුට දිනපතා බලපාන ගැටළු හා ප‍්‍රශ්න කෙතරම් තිබෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනා ද?

පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිබෙන තාක්‍ෂණික, සමාජයීය හා වෙළදපොල අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කර ගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.

ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක් වූ එක් ශ්‍රීලාංකික නව නිපැයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි ‘සුදීප’ ආරක්‍ෂිත කුප්පි ලිම්පුව. එහි නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා.

ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992දී ඇරඹි අද දක්වා කර ගෙන එන ආරක්‍ෂිත කුප්පි ලාම්පු ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩ සටහනෙන් මා ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා.

ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනා ගත හැකි යයි සිතීම වරදක්. වරදේ බරපතලකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්බෙන් පෙරළීමට ඉඩක් තිබෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදී වූවත් ඇතුළේ තිබෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැනින් අවට තිබෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදරදොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.

ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනියන් වඩාත් ම මේ අන්තරායට මුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබදු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැලැල් ඉතිරි වනවා.

සමාජ ආර්ථික සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප‍්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැති වීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්ධි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.

“කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප‍්‍රබල හැ`ගීමක් තිබුණේ නැහැ” වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.

පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විදින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොදින් දන්නවා. පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප‍්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නිමිත්ත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්‍ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇතත් මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.

බොහෝ අනතුරුවලට හේතුව ප‍්‍රමිතයක් තොරව නිපදවා වෙළඳපොලේ තිබෙන අනාරක්‍ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිබෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිළිස්සීමකට ලක් වීමට හැකියි.

Dr Wijaya Godakumbura holding his invention - Photo courtesy Rolex Awards/Tomas Bertelsen

ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අදුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනි ගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්‍ෂිත ලාම්පු සැළසුමක් යෝජනා කරන මෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක් ද කළා. එහෙත් එයට ප‍්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැළසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.

දිගු කලක් සිට අපේ රටේ ප‍්‍රචලිත මාමයිට් බෙදා හරින්නේ එයට ම ආවේනික වූ බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්‍ෂිත වීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප‍්‍රතිඵලය තමයි සුදීප ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි, මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතු පිටවල් දෙකක් තිබෙන නිසා පෙරැළුනත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද කරාමය නිසා ඇතුළත තිබෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්බෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.

පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්‍ෂණික විසදුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හදුන්වා දී ප‍්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා වෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයත් එයයි.

සුදීප ලාම්පුව මහ පරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකග වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හදුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිළකට සුදීප ලාම්පු වෙළඳපොලට ගෙන ආවාග

එය ජනප‍්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡ සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡවෙන් ක‍්‍රියා කරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමග සහයෝගයෙන් ඔහු ක‍්‍රියා කළ හැටි මා දන්නවා.

1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප‍්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළි ගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.

සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය (Rolex Award for Enterprise) පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනමන මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක් වුණා. එම ත්‍යාගයෙන් ලද අමෙරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්‍ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡ සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනිම් රැසක් මේ නිපැයුමට ලැබී තිබෙනවා. BBC, CNN, Reader’s Digest හා Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.

එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පි ලාම්පු ලක්‍ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්‍ෂ 8ක් පමණ බෙදා හැර තිබෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැයි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනෙන්නේ මරු කැඳවිය හැකි අනාරක්‍ෂිත ලාම්පුයි.

මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිළකට විවෘත වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිජමය මට්ටමින් සම්බන්ධීකරණය ස්වේච්ඡ ආයතනයකට දිගට ම කළ නොහැකි වූ නිසා මෑත වසරවල වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිළයේ සුදීප ලාම්පු බෙදා දීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග‍්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප‍්‍රතිපාදනයක් ලැබෙනවා.

මෑතක පටන් සමෘධි ජාලයන් හරහා සුදීප ලාම්පු බෙදා හැරීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ බෙදා දෙන්නට ආරක්‍ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.

වෛද්‍ය ගොඩකුඹුරගේ අනෙක් සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වේච්ඡවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.

දීප ව්‍යාප්තව නමුත් තනි තනිව හට ගන්නා පිළිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක‍්‍රම හා වහා දිය යුතු ප‍්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැනුවත් කළා.

රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත‍්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහඩව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තිකයකුට වෙළඳපොල සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.

“පිලිස්සුම් අනතුරු ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්‍ෂෙත‍්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැබෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැබෙන්නේ නැහැ,” ඔහු කියනවා.

සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කොපමණ ජීවිත ගණනක් බේරා දී ඇත්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම් පිළිබඳ මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප‍්‍රවේශ වී සිටිනවා.

අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් රටේ ප‍්‍රශ්නවලට හැකි පමණින් විසදුම් සොයා යන මෙවන් විද්වතුන්.

බලන්න: http://www.safebottlelamp.org

Malima – New Directions in Innovation: Episode 1 (broadcast: 12 Jan 2012)

What’s new – or just round the corner? Join me on Malima to find out!

Malima is the Sinhala term for a compass. Malima is also the name of a new TV series on science, technology innovation that I am hosting from this month on Rupavahini, Sri Lanka’s national TV channel.

Produced by Suminda Thilakasena, the show premiered on 12 January 2012. It will be broadcast every other Thursday at 17:30 (5.30 pm) Sri Lanka time.

Malima is a half-hour show in magazine style. Each episode will have several short segments:
– compact interviews introducing accomplished Lankan inventors (with patents, awards, etc.)
– profiles of school children and/or youth who have come up with innovative devices or concepts
– interviews with leading scientists and engineers on frontiers of technology
– vignettes on traditional knowledge and Lankan technological heritage
– news from other countries on interesting new innovations or scientific insights

Dr Wijaya Godakumbura being interviewed by Nalaka Gunawardene on Malima

The first episode features:

• An interview with Dr Wijaya Godakumbura, inventor and promoter of the multi award winning Sudeepa safe bottle lamp that saves hundreds of lives

• German aircraft company e-volo has built the world’s first electric multicopter, a new kind of flying machine

• Ancient Lankan technology of extracting medicinal essence from plant products

• Interview with child inventor Sajini Jayanetti, 15, about two of her inventions: Automatic Fixed Amount Liquid Chemical Adder; and a new method to prevent drunken driving

Malima (New Directions in Innovation): Episode 1 from Nalaka Gunawardene on Vimeo.

සිවුමංසල කොලුගැටයා #48: නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

In our age of technology, hundreds of millions of people — most of them poor, and women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery. Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.

This is the theme of my Ravaya column (in Sinhala) published on 8 Jan 2012, reproduced in full below.It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”

It covers the same ground as did my English op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges.

Tea plucking, water fetching and rice transplanting -- three tasks that millions of women do manually everyday...

‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’

මා පාසල් යන කාලයේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප්‍රශ්නය අපට යොමු කළා තවමත් මතකයි. උත්තරය – වීල් බැරෝව නැතිනම් වීල් බැරැක්කය.

මීට සියවස් 24කට පෙර පුරාණ ග්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් වීල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. වීල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.

වීල් බැරැක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹදී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovations) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඟනා ගෙන ප්‍රවර්ධනය කිරීමේ භාරත-ව්‍යාප්ත ප්‍රයත්නයක යෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වූ අදහස් කීපයක් අප ගිය සතියේ සාරාංශගත කළා.

සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වූයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඟම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප්‍රායෝගික අභියෝගයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාල බලධාරීන් නිකුත් කරනවා. එසේ වූවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටළු ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප්‍රචලිත මට්ටමේ විසඟම් ලැබී නැහැ.

“කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළ ම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගු කලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත් සේ වෙහෙස කරවන ප්‍රායෝගික ගැටළු රැසකට හරිහැටි විසඟම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා,” ආචාර්ය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග්‍රහණ ගැන උදම් වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.

ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහි වූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප්‍රායෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එයට ප්‍රබල උදාහරණ තුනක්:

• ආසියාව පුරා ම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත්‍ර සැළසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.

• ලිප් ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප්‍රදායික දර ලිප, බලශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ලිපක් සැළසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැළසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධාකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක්‍රමවලට පිස ගැනීමට හැකියාව ඇති සරල දර ලිපක් සැළසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජය ගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සාංස්කෘතික සාධක යන කාරණා ත්‍රිත්වය ම සැලකිල්ලට ගත යුතුයි.

• ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින් ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳ ගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දළු නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දළු නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක විඩාව ගැන දන්නේ නැහැ. දළු නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.

“මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත් වන්නේ දුගී හා ග්‍රාමීය මිනිසුන් – විශේෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටළු ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ!” ඔහු පෙන්වා දුන්නා.

සමහර ගැටළුවලට අර්ධ විසඳුම් ලබා දීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක්ථ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කලගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යාමයි සිරිත. මේ ක්‍රියාවේ ආයාසය අඩු කර ගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබා ගත් වතුර කලයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යා හැකි වතුර කබායක් (water-carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටළුව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.

තවත් පුළුල්ව අත්දකින ප්‍රායෝගික ගැටළුවක් නම් කඳුකර බෑවුම් ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති, බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්, බූරුවන් වැනි සතුන් යොදා ගත යුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප්‍රවාහන ක්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.

පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග්‍රාමීය වැසිකිළි සැළසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මළ මුත්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැළසුම් තවමත් ජය නොගත් අභියෝගයක්. ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුමකමක් නැහැ. නිරාවරණය වූ එළිමහන් තැන්වල මළපහ කිරීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.

හඳ මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන් 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගත කරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා යාමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත්‍රයක් නොලැබෙන්නට පුළුවනිග එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එක ම අරමුණ විය යුත්තේ පේටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.

‘3 Idiots’ හින්දි චිත්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත්‍රික ඉංජිනේරු ගුරුවරයා යන්ත්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමීර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග්‍රහයට අනුව යන්ත්‍රයක් යනු මිනිස් ආයාසය අඩු කරන ඕනෑ ම උපක්‍රමයක් හෝ උපකරණයක්. එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂික වචන හා බරපතල සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඟ පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.

එදිනෙදා ගැටළු විසඳන්නට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලමක් හෝ යන්ත්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලුතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකි තාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යාමයි.

ප්‍රායෝගික ගැටළු විසඳීමේදි ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහණුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටළු විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබා දිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථක වන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

ගැටළු විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසු වීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන: curiosity (කුතුහලය), compassion (මානව දයාව) හා collaboration (සාමුහික ක්‍රියාකාරිත්වය).

ආචාර්ය ගුප්ත ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. “දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටළු හා අභියෝග ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවාට විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!”

නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි: “පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටු වී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්නග මඟ තොටේ, කඩමණ්ඩියේ, වෙල් යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳා ගත යුතූ – හැකි ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවාග පවතින සමාජ තත්ත‍වයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි!”

සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

In this week’s Sunday column for Ravaya newspaper (1 Jan 2012), I summarise key points made by Dr Anil K Gupta, founder of the Honey Bee Network of innovation in India, when he delivered the inaugural Ray Wijewardene Memorial Lecture in Colombo on 13 Dec 2011. The same ground is covered in an article I wrote in The Nation on 18 Dec 2011. All archived on this blog.

Anil K Gupta in Colombo, photo by Anisha Gooneratne

2009 දී නිෂ්පාදිත ‘3 Idiots’ හින්දි චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොවෙයි බොලිවුඩ් චිත්‍රපට රස වි`දින ලොව පුරා සිටින රසිකයන් අතර මහත් සේ ජනප්‍රිය වුණා. රාජ්කුමාර් හිරානි අධ්‍යක‍ෂණය කළ මේ චිත්‍රපටය ඉන්දියාවේ ඉහළ ම ආදායම ලද හින්දි චිත්‍රපටය ලෙස වාර්තාවක් ද පිහිටවූවා.

සාමාන්‍ය වට්ටෝරු ක්‍රමයේ හින්දි චිත්‍රපටයකට වැඩි අරුතක්, ගැඹුරක් හා නැවුම් බවක් ගැබ් වුණු ‘3 Idiots’ චිත්‍රපටයේ අමීර් ඛාන් රඟ පාන රංචෝ (Rancho) චරිතය සුවිශේෂයි. කථාව දිග හැරෙන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක‍ෂණික සරසවියක ඉංජිනේරු උපාධි අපේක‍ෂකයන් තිදෙනකු වටායි. දැඩි තරගකාරී තේරීමකින් අනතුරුව එයට ඇතුළත් වන සිසුන් බහුතරයක් දේශන හා නිර්දේශිත ග්‍රන්ථ, විචාර බුද්ධියකින් තොරව ගෙඩි පිටින් කඩපාඩම් කරනවා. ඒ මතකයන් විභාගවලදී නැවත වමාරනවා.

එහෙත් රංචෝ එයට වෙනස්. ඔහු යන්ත්‍රවලට හා යාන්ත්‍රික හැමදේට සැබැවින් ම ඇළුම් කරනවා. ඔහු හැමදාමත් මුල් තැනට එන්නේ කට පාඩමින් නොව මූලධර්ම හා ප්‍රායෝගික අත්හදා බැලීම් මත පදනම් වූ අවබෝධය හරහායි. ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන හා ඇතැම් විට ඔවුන්ට අභියෝග කරන මේ අමුතු තරුණයා, ගතානුගතික මහාචාර්යවරුන්ට හා සරසවි පාලකයන්ට එතරම් ප්‍රිය වන්නේ නැහැ.

‘3 Idiots’ කථාව දශකයක් පුරා දිවෙනවා. උපාධි ලැබීමෙන් පසු රාජ්‍ය හෝ ව්‍යාපාරික හෝ ෙක‍ෂත්‍රයන්හි උසස් රැකියා හඹා යන අනෙක් සගයන්ට රංචෝ ගැන ආගිය තොරතුරක් සොයා ගන්නට නොහැකි වනවා. වෙනත් සිදුවීම් වැලක් ද අත්දැකීමෙන් පසුව කථාව අවසන් වන්නේ ඔහුගේ සමීපතම සරසවි සගයන් දෙදෙනා රංචෝ යළි සොයා ගැනීමෙන්. ඒ වන විට හිමාලය කදුවැටියේ ලදාක් (Ladakh) ඉන්දියානු ප්‍රාන්තයේ විද්‍යා ගුරුවරයකු හැටියට ඉතා තෘප්තිමත් දිවියක් ගෙවන රංචෝ, නව නිපැයුම් 400කට අධික සංඛ්‍යාවක බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් බලපත්‍රධාරියකු වී සිටිනවා.

‘3 Idiots’ චිත්‍රපටය අසාමාන්‍ය නිර්මාණයක් වීමට හේතුවක් වූයේ නව නිපැයුම්කරුවන් පිළිබඳ සානුකම්පිත බැල්මක් යොමු කිරීමයි. ඉන්දියාවේ මහ නගරවලින් බැහැර ගම්බද ප්‍රදේශවල ප්‍රායෝගික ගැටළු විසදීමට නව නිපැයුම් බිහි කළ තිදෙනකුගේ සැබෑ නිර්මාණ මේ චිත්‍රපටයෙන් හදුන්වා දෙනවා.

• ජංගම රෙදි සෝදන යන්ත්‍රය නිපදවා ඇත්තේ බයිසිකලයක් පාදක කර ගෙනයි. එය තැනින් තැන ගෙන යා හැකියි. පාදිකය හෙවත් පෙඩලය පෑගීමෙන් ජනනය වන ශක්තියෙන් ක්‍රියාත්මක වන එයට රෙදි, සබන් කුඩු හා ජලය ඇතුළත් කර පෙරළීමට භාජනය කරනවා. මේ නිර්මාණය බිහි කළේ කේරලයේ විසි හැවිරිදි තරුණියක වන රෙම්යා ජෝසි. විදුලි බලය නැති ප්‍රදේශවල මෙය ඉතා ප්‍රයෝජනවත් යන්ත්‍රයක්.

• අඩු වියදමින් ගමන් යාමට ඉන්දියාවේ බොහෝ දෙනකු යොදා ගන්නා ස්කූටරයකට, ධාන්‍ය ඇට පිටි බවට පත් කරන කුඩා ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමේ අදහස මුලින් ම ආවේ මහාරාෂ්ට්‍රයේ චිත්‍රශිල්පියකු වන ජැහැන්ගීර් පේන්ටර්ටයි. තම ප්‍රදේශයේ නිතර විදුලිබලය විසන්ධි වීම නිසා අපහසුතාවයට පත් වන තම බිරිඳ ඇඹරුම්හල්වල රස්තියාදුවීම වළක්වන්නට ඔහු මේ ඇටවුම තැනූ බව කියනවා. එය වෙළඳපොළේ ඇති යන්ත්‍ර දෙකක් බද්ධ කිරීමකින් ප්‍රායෝගික ගැටළුවක් නිර්මාණශීලීව විසදීමක්.

• අශ්වයන්ගේ හා බැටළුවන්ගේ ලොම් කැපීම සඳහා සරල යන්ත්‍රයක් නිපදවා ඇත්තේ උත්තර්ප්‍රදේශයේ කරණවෑමියකු වන මොහොමඩ් ඉඩ්රිස්. ඒ සඳහා මිනිස් බලය යොදා ගන්නේ බයිසිකල් ඩයිනමෝවක් හරහායි.

එකිනෙකට වෙනස් වූවත් මේ හැම නිපැයුමකට ම පොදු සාධක තිඛෙනවා. එදිනෙදා ජීවිතයේ ගැටළු විස`දීමට හා වැඩකටයුතු වඩාත් පහසුකර ගැනීමට ඒවා උපකාර වනවා. ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ යොදාගෙන අඩු වියදමින් තනා ගන්නා මේ නිපැයුම් නඩත්තු කිරීම ද ලෙහෙසියි. ඒවා නිපදවා ඇත්තේ විශේෂඥ දැනුම නොලැබූ එහෙත් නිපැයුම් ඥානය සහජයෙන් ම ලද සාමාන්‍ය මිනිසුන් විසින්.

මේ නව නිපැයුම් සමහරක් ලොව හොල්ලන, අළුත් කර්මාන්ත බිහි කළ හැකි ඒවා නොවෙයි. ඒවා කරන්නේ පවතින තාක‍ෂණයක් හෝ යන්ත්‍රයක් හෝ මේ දක්වා නොසිතූ ආකාරයේ භාවිතයකට යොදා ගැනීමයි. එහෙත් ඒ හරහා එකී ගැටළුවට නිතිපතා මුහුණ දෙන ලක‍ෂ සංඛ්‍යාත ගැහැණුන් හා මිනිසුන්ගේ ආයාසය (drudgery) තරමකටවත් අඩු වීමෙන් ඔවුන්ට සෙතක්, විරාමයක් හා පහසුවක් සැළසෙනවා. ඇත්තට ම විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය වන තාක‍ෂණයෙන් අප බලාපොරොත්තු වන එක් ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ ද මෙයයි.

2010 අගෝස්තුවේ අපෙන් වියෝ වුණු ආචාර්ය රේ විෙජ්වර්ධන, සුලබ ගණයේ ඉංජිනේරුවන්ට වඩා බොහෝ සේ වෙනස් විධියට සිතූ හා ප්‍රායෝගික ගැටළු විසඳන්නට තාක‍ෂණය යොදා ගත් නව නැපැයුම්කරුවෙක්. ඔහුගේ නිපැයුම් හුදෙක් පේටන්ට් ලබා ගැනීමට සීමා වුණේ නැහැ. ඔහු උත්සාහ කළේ ගොවියන්ගේ, ගෘහණියන්ගේ, පදිකයන්ගේ හා අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කාර්යයන් වඩාත් පහසුවෙන්, ඉක්මනින් හා ලාබදායකව කිරීමට සරල යන්ත්‍ර හා උපක්‍රම අත්හදා බලන්නටයි. ඔහුගේ ක්‍රියාකලාපය උගත් මාන්නයෙන් පිම්බුණු බහුතරයක් ඉංජිනේරුවන් අතර එතරම් පිළි ගැනීමකට ලක් වුණේ නැහැ.

එහෙත් විදෙස් පර්යේෂකයන් හා ව්‍යාපාරිකයන් අපට වඩා මේ ‘විකාරකාරයා’ අගය කළා. කලක් තිස්සේ රේ විජේවර්ධන අනුගාමිකයකු වූ ඉන්දියානු විද්වතකු ගිය මස කොළඹට ආවේ පළමුවන රේ විජේවර්ධන අනුස්මරණ දේශනය පවත්වන්නට. එය රේ විජේවර්ධන භාරයේ හා ලංකා ඉංජිනේරු ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කෙරුණා.

මේ සඳහා පැමිණි ආචාර්ය අනිල් කුමාර් ගුප්ත (Dr Anil Kumar Gupta) අහමදාබාද් නුවර ඉන්දියානු කළමණාකරණ ආයතනයේ (IIMA) මහාචාර්යවරයෙක්. එහෙත් ඔහු සම්ප්‍රදායික අච්චුවේ පොත් ගුරෙක් නොවෙයි. ගම් හා බිම් මට්ටමේ නවෝත්පාදනයන් (innovations) සොයමින් ඉන්දියාව පුරා සැරිසරන යාත්‍රිකයෙක්. හැම වසරක ම සති තුනක් ඔහු දුර බැහැර ගම්මානවල සංචාරය කරමින් නව අදහස්, සංකල්ප නිපැයුම් හා ගැටළු විස`දීමේ ජන උත්සාහයන් හ`දුනාගන්නට තැත් කරනවා. ඔහුගේ අරමුණ නව නිපැයුම් හා උපක්‍රම බිහි කරන ඉන්දියානුවන්ට ඒ සඳහා නිසි ඇගයීම ලබා දෙන අතර ඔවුන්ගේ බුද්ධිමය හිමිකම රැක ගැනීමට උපකාර වීමයි.

“මහ නගරවලින් ඈත්ව ඉන්දියාවේ ගම් දනවුවල අළුත් විධියට ප්‍රායෝගික ගැටළු විසඳන්නට තැත් කරන මිනිසුන්, ගැහැණුන් හා දරුවන් දහස් ගණනක් සිටිනවා. මේ බොහෝ දෙනකු කැලේ පිපුණු මල් වාගෙයි. ඔවුන්ගේ හපන්කම්වලින් අසල්වාසීන් හා ගම්වාසින් සහනයක් ලැබූවත් අපේ රටේ පවතින විධිමත් අධ්‍යාපන ක්‍රමයෙන්, විද්‍යා පර්යේෂණ ආයතනවලින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තවලින් ඒ අයට මග පෙන්වීමක් හෝ උදව්වක් ලැඛෙන්නේ නැහැ. එයට හේතූව මේ අය සම්මත රටාවන්ට පරිබාහිරවීමයි,” ඔහු පැවසුවා.

පවතින තත්වයන් ගැන සෑහිමකට පත් නොවී එය හැකි අන්දමකින් දියුණු කිරීමේ ලොකු ඕනෑකමක් ඇති මානවයන් හැම සමාජයක ම සිටිනවා. එහෙත් ආසියානු සමාජවල තවමත් බහුලව ඇති දැඩි සමාජ මට්ටම් හා ධූරානුක්‍රම නිසා අසම්මත විදියට හිතන, ක්‍රියාකරන පුද්ගලයන් බොහෝ විට කොන් කැරෙන සැටිල පිස්සන් හැටියට අවමන් ලබන සැටි 2011 ඔක්තෝබර් 16 වනදා කොලමින් අපි විග්‍රහ කළා. මහාචාර්ය ගුප්තගේ ප්‍රයත්නය මේ අහිතකර සමාජ ප්‍රවාහයන්ගෙන් අසම්මතවාදීන් මුදවා ගෙන ඔවුන්ට නිදහසේ සිතන්නට, අත්හදා බලන්නට හා නව අදහස්වලින් අර්ථලාභ ලබන්නට ඉඩකඩ පෑදීමයි.

මේ සඳහා 1986-87 දී ඔහු Honey Bee Network (මී මැසි ජාලය) නම් ස්වාධීන ජනතා ව්‍යාපාරයක් දියත් කළා. එහි අරමුණ භාරතය පුරා විසිර සිටින බිම් මට්ටමේ නව නිපැයම්කරුවන් සම්බන්ධ කිරීමයි. ඒ සාමුහිකත්වය හරහා ඔවුන් බලාත්මක කිරීමයි.

මී මැසි ජාලයේ කටයුතු වඩාත් විධිමත් කරන්නට ඔහු SRISTI හා GIAN නමින් තවත් ආයතන දෙකක් 1990 දශකයේදී පිහිට වූවා. ඒ ආයතන ත්‍රිත්වයේ ම සහභාගීත්වයෙන් 2000 දී ඉන්දියානු රජය ජාතික නවෝත්පාදන පදනම (National Innovation Foundation, http://www.nifindia.org) පිහිටවූවා. මේ ආයතන ව්‍යුහයන් සියල්ලට පොදු සාධකය වන ආචාර්ය ගුප්ත දැඩි සේ අවධාරණය කරන්නේ නිලධාරිවාදය හා උගත්කමේ මාන්නය මතු වන්නට ඉඩ නොදී බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි.

සිය කොළඹ දේශනයේදී ආචාර්ය ගුප්ත, ග්‍රාමීය ඉන්දියානුවන්ගේ නව නිපැයුම් හා අදහස් සඳහා උදාහරණ ගණනාවක් ඡායාරූප හා වීඩියෝ සහිතව ඉදිරිපත් කළා. බයිසිකල් හා අතින් ක්‍රියා කරන වතුර පොම්ප ඉන්දියාව පුරා ම හමුවනවා. එහෙත් ඒවා අසම්මත භාවිතයන්ට යොදා ගන්නට සිතන්නේ ටික දෙනකු පමණයි.

19 වන සියවසේ යුරෝපයේ නිපදවනු ලැබූ බයිසිකලය 21 වන සියවසේ ඉන්දියාවේ බහුවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නා සැටි අපූරුයි. දිය-ගොඩ දෙකේ ම ගමන් කරන බයිසිකලයක් බිහාරයේ මොහමඩ් සයිදුල්ලා නිපදවා තිඛෙනවා. ‘3 Idiots’ හරහා ජනප්‍රිය වූ රෙදි සෝදන යන්ත්‍රය හැරුණු විට බයිසිකල් තාක‍ෂණය යොදා ගෙන එළවළු කපන්නට, වතුර අදින්නට සරල උපකරණ ඉන්දියානුවන් තනා තිඛෙනවා.

“නව අදහස් හා නිපැයුම් කරන බොහෝ දෙනකු කථාවට වඩා වැඩට දක‍ෂ උදවියයි. ඔවුන් නිහඬව යම් දේවල් අත්හදා බලනවා. ඔවුන් බොහෝ විට තමන්ගේ හපන්කම් ගැන හඬ නගා කථා කරන්න කැමති නැහැ. ඔවුන් රැස්වීම් හා උත්සවවලට එන්නේත් කලාතුරකින්. මේ නිසා ගම් දනවු හරහා සැරිසරමින් හපන්කම් ඇති දක‍ෂයන් හ`දුනාගැනීම අවශ්‍ය වනවා!” ආචාර්ය ගුප්ත කියනවා.

හැම නව නිපැයුමක් ම මහා පරිමානයෙන් නිපදවා වෙළඳපොලට ගෙන ඒම අපහසුයි. එමෙන් ම ඇතැම් නිර්මාණ තව දුරටත් තාක‍ෂණය පැත්තෙන් හෝ සැළසුම්කරණය (design) පැත්තෙන් හෝ දියුණු කිරීම අවශ්‍යයි. මේ නිසා නවෝත්පාදනයට සමගාමීව ව්‍යවසාය (enterprise) හා ආයෝජනය (investment) යන සාධක දෙක ද ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. මේ සාධක තුන එක් තැන් වූ විට බිම් මට්ටමේ නව නිපැයුම්කරණය සඳහා උපකාර වන රන් ත්‍රිකෝණයක් බිහිවන බව ඔහුගේ මතයයි (‘golden triangle’ for grassroots creativity).

එහෙත් නව අදහස් ජනනය කරන හැම නිපැයුම්කරුවකුට ම ව්‍යාපාරික ඥානය නැති බවත්, වෙළඳපොලට ඒමට බොහෝ නිපැයුම්කරුවන්ට මගපෙන්වීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. “සමහර නව නිපැයුම්කරුවන්ට තමන්ගේ නිපැයුම් මහා පරිමාණයෙන් නිපදවා, ප්‍රචාරණය කොට අලෙවි කළ හැකියි. එහෙත් ඔවුන් බහුතරයකගේ හැකියාව ඇත්තේ තාක‍ෂණ ගැටළු විසදීමට නිසා අප ඒ සඳහා ඔවුන්ට අවකාශය හා පහසුකම් සළසා දිය යුතුයි.”

එමෙන්ම තම බුද්ධිමය අයිතිය තහවුරු කර ගන්නට බිම් මට්ටමේ නිපැයුම්කරුවන්ට නීතිමය උපදෙස් හා උදවු අවශ්‍යයි. පොදු උන්නතියට කැමති නීතිඥයන්ගේ ස්වේච්ඡා දායකත්වය ඇතිව ඉන්දියාවේ මී මැසි ජාලය නව නිපැයුම් 550කට අධික සංඛ්‍යාවකට සාර්ථකව පේටන්ට් ලබා ගෙන තිඛෙනවා. ‘ඉන්දියාවේ ඇතැම් ප්‍රමුඛ පෙළේ විද්‍යා පර්යේෂණාගාරවලටවත් මෙපමණ පේටන්ට් සංඛ්‍යාවක් ලැබී නැහැ’. ගුප්ත ආඩම්බරයෙන් කියනවා.

ලංකාවේ නව නිපැයුම්කරුවන්ට සිය බුද්ධිමය දේපල රැක ගැනීමේදී නිලධාරිවාදය හා නීති රාමුව සමග ගනුදෙනු කරන්නට සිදු වනවා. ඔවුන්ට ද මෙසේ උපකාරවීමට රේ විජේවර්ධන භාරයට හැකි නම් කෙතරම් හොඳ ද?

නමුත් සරසවි හා රාජ්‍ය පර්යේෂණාගාරවලින් බැහැරව නව නිපැයුම් කරන බිම් මට්ටමේ ලාංකිකයන් සිටිනවා ද? ඔවුන් කවුද?

අනිල් ගුප්ත සිය සභාවේ සිටි 200කට අධික පිරිසට මේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඊළඟට ඔහු කළේ මෙරට පසුගිය වසර කිහිපය තුළ පේටන්ට් මට්ටමට ළඟ වූ නව නිපැයුම් ගණනාවක ලයිස්තුවක් පෙන්වීමයි. ආරක‍ෂිත භූමිතෙල් කුප්පි ලාම්පුව ඒ අතරින් බොහෝ දෙනා දැන සිටි, වෙළඳපොලේ කලක සිට තිඛෙන නිපැයුමක්. එහෙත් ලයිස්තුවේ අනෙක් බොහෝ ලාංකික නිපැයුම් ඒ විද්වත් සභාවේ බහුතරයක් දැන නොසිටි බව පෙනී ගියා. ගුප්තගේ අනුමානය හරි. අපේ නව නිපැයුම්කරුවන් ගැන අපේ ඇගැයීම හා දැනුවත්කම ඉතා සීමිතයි.

“නව අදහස්, උපක්‍රම හා නිපැයුම් අත්හදා බලන ලාංකිකයන් එමට සිටිනවා. ඔවුන් බොහෝ දෙනකු ඉතා නිහඬව තම කාර්යයේ නියැලි අයයි. ඒ අයට මතු වන්නට ඉඩ දෙන්න. සමාජ මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, වයස හෝ ස්ත්‍රී-පුරුෂ භාවය බාධක කර ගන්න එපා! ඔවුන් සොයා ගෙන යන්න. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න. නමුත් ඔවුන්ගේ අසම්මත චින්තනය මොට නොකරන්න!”

නව නිපැයුම්කරුවන් දහස් ගණනක් සොයා ගත් ඉන්දියානු විද්වතාගේ මේ වටිනා ඔවදන් අපේ රටේ උගතුන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් කුමන අයුරකින් පිළිගනී ද?

Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges!

Aspirations are common; solutions are not...Cartoon by R K Laxman

The late Ray Wijewardene was very fond of this cartoon, drawn decades ago by the outstanding Indian cartoonist, R K Laxman.

It epitomised, in Ray’s view, poor people’s aspirations for useful technology: machines or processes that provided relief from drudgery and put money in their pockets.

The bicycle used to be a common aspiration among many people. Among today’s generation, the mobile phone is another. (But most people who want a phone have already got one – for a variety of personal and utilitarian reasons).

Ironically in our age of technology, hundreds of millions of people — most of them poor, and a majority of women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery.

Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.

This is the focus of my latest op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges

It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”

India’s Honey Bee Network, which Gupta founded in the mid 1980s, has documented
thousands of grassroots innovations and traditional knowledge practices for a quarter century. And yet, many everyday life problems remain unresolved. Ones, when tackled, can bring immediate relief to hundreds of millions of men and women from their daily drudgery.

Find out more – read the full article:
Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges