සිවුමංසල කොලූගැටයා #116: ඔබ දන්නෙහිද ගැන ඔබ දන්නෙහිද?

I look at general knowledge quizzing in Sri Lanka in this week’s Ravaya column (in Sinhala).

It’s a mind sport where I have played all the roles possible — as a participant, Sri Lanka’s national quiz champion, quiz compiler, quizmater, quiz programme designer for radio and TV, and chronicler of the game.

I covered similar ground in English in this column written in Aug 2012:
When Worlds Collide #27: Who Wants to be…a Quizmaster?

L to R - Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera

L to R – Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera

ඔබ දන්නෙහිද (Do You Know) හෙවත් දැනුම මිනුම (quiz) තරගාවලි දශක ගණනාවක් තිස්සේ අපේ පාසල් සිසුන් අතර ජනපි‍්‍රයයි. සූක්‍ෂම හා ඉලක්කගත ලෙසින් දැනුම හා මතකය උරගා බලන මේ මනෝමය කී‍්‍රඩාව ලිහිල් මට්ටමින් හෝ බැරැරුම් ලෙසින් හෝ කළ හැකියි.

පාසල් සිසුන් ලෙස මේ කී‍්‍රඩාවේ දස්කම් පෑ සමහරුන් පසු කලෙක වෘත්තීය ක්‍ෂෙත‍්‍රයන්හි හපනුන් බවට පත් වුණා. ශී‍්‍ර ලංකාවේ ලලිත් ඇතුලත්මුදලි 1950 ගණන්වල රේඩියෝ තරග ජය ගත් අතර අමෙරිකාවේ හිලරි ක්ලින්ටන් (එවකට හිලරි රෝඩම්) 1960 දශකයේ ටෙලිවිෂන් තරගවල තරුවක් වුණා.

ශී‍්‍ර ලංකාවේ ඔබ දන්නෙහිද මනෝ කී‍්‍රඩාවේ ආරම්භය හා මුල් යුගය ගැන මා තොරතුරු සොයනවා. (ඔබ දන්නා තොරතුරු ඇත්නම් ලියා එවන්න: contact details) මගේ මතකයට එන පැරණි ම තරගාවලි පැවැත්වුණේ එවකට අපට තිබූ එක ම රේඩියෝ ආයතනය වූ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හරහායි.

සිංහලෙන් ‘ඕවල්ටීන් පැන පොඩි’ හා ඉංගී‍්‍රසියෙන් ‘Take it or Leave It’ යන සතිපතා තරගයන්ට 1970 දශකයේ සවන් දුන් මා, 1980 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ තරග කරන්නට පටන් ගත්තා. එවක් පටන් අද වන තෙක් මේ මනෝ කී‍්‍රඩාව මගේ ප‍්‍රධාන විනෝදාංශයයි. එහි හැම ඉරියව්වක හා මට්ටමක ම මා කි‍්‍රයා කොට තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයන් දෙදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් මා අත්දැකීම් ලැබුවා. මුලින් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට මුහුණ දුන් පාසල් සිසුවකු ලෙස ඔවුන් හදුනා ගත් මා, ඉනික්බිති ඔවුන් සමඟ ප‍්‍රශ්න සම්පාදනය හා ඉදිරිපත් කිරීමට සහායකයකු ලෙස සම්බන්ධ වුණා.

මෙයින් පළමුවැන්නා දක්‍ෂ ගුරුවරයකු හා විදුහල්පතිවරයකු වූ ෂෙල්ටන් වීරසිංහ සූරීන් (1923 – 1985). රිච්මන්ඞ් හා වෙස්ලි විදුහල්වල අධිපති ලෙස සේවය කළ ඔහු කී‍්‍රඩා, සංගීත, ශාස්තී‍්‍රය හා පරිපාලන ක්‍ෂෙත‍්‍රවල කුසලතා තිබූ අයෙක්.

රූපවාහිනී නාලිකාව 1982 පෙබරවාරි 15දා අරඹා දින කිහිපයක් තුළ විකාශය ඇරැුඹි මෙරට පළමුවැනි ටෙලිවිෂන් ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ Dulux Do You Knowහි ප‍්‍රශ්න විචාරකයා වුණා. ඔහුට මුහුණ දුන් මුල් ම පාසල් සිසුන් හය දෙනා අතර සිටි මා එයින් ජයග‍්‍රහණය කළා.

වීරසිංහයන් උද්යෝගීමත්, විනෝදකාමී හා ප‍්‍රතාපවත් චරිතයක්. මවුබස ඉංගී‍්‍රසිය වූ අයට පවා ආදර්ශයට ගත හැකි තරම් විශිෂ්ඨ ඉංගී‍්‍රසි උච්චාරණයක් ඔහුට තිබුණා. එහෙත් කලූ සුද්දකු වනවා වෙනුවට ඔහු ලාංකික උරුමය අගය කළ අයෙක්.

කලාකාමී පරපුරකින් ආ ගුණරත්න අබේසේකර (1934 – 1992) සූරීන් රජයේ පරිපාලන තනතුරක් දරණ අතර රේඩියෝ මාධ්‍යයේ හපන්කම් කළ අයෙක්. සහජයෙන් ම මිත‍්‍රශීලි හා සිනාබරිත වූ ඔහු, පෞරුෂයෙන් වීරසිංහට වඩා වෙනස් වූවත් මුහුකුරා ගිය පෙරඅපර දෙදිග පිළිබඳ දැනුමක් ඔහුට ද තිබුණා.

මෙරට ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් ම සිංහල ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ ‘සොයමු පිළිතුරු’ 1984 සම්පාදනය කොට ඉදිරිපත් කළේ ඔහුයි. එම ශූරතාවලිය දිනූ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වූයේ මායි.

මේ දෙදෙනා ම තමන් විසින් සම්පාදිත ප‍්‍රශ්න තමන්ට ම ආවේණික ශෛලියකින් විමසුවා. ප‍්‍රශ්න විචාරයේ ප‍්‍රශස්තම අදියර එයයි. එහෙත් නිතර කැරෙන්නේ කවුරුන් හෝ සම්පාදනය කර දුන් ප‍්‍රශ්න ගොන්නක් නිවේදන/කථන හැකියාව ඇති අයකු විසින් විමසීමයි. එහිදී අර්ධ වශයෙන් නිවැරදි හෝ ආසන්න හෝ පිළිතුරක් දුන්නොත් එය බාර ගන්නවා ද නැද්ද ආදී තීරණ ගැනීම අපහසු වනවා.

පාසලෙන් නික්ම ගිය පසු මේ දැවැන්තයන් දෙදෙනාගේ ප‍්‍රශ්න සම්පාදනයට හා තොරතුරු ගවේෂණයට මා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණා. පුඵල් වූත් ගැඹූරු වූත් දැනුම් සාගරයෙන් තොරතුරු උකහා ගෙන, නිරවද්‍යතාවය මුඵමනින් තහවුරු කොට එය රසවත්, කෙටි පැනයක් බවට පත් කිරීම මා උගත්තේ මේ දෙදෙනාගෙන්. එය ආයාසයෙන් ප‍්‍රගුණ කළ යුතු කලාවක්.

එසේ ම රේඩියෝ හා ටෙලිවිෂන් හරහා ප‍්‍රශ්න විචාරීමේදී සුහදශීලී සංයමයක් හා සියඵ තරගකරුවන් වෙත උපේක්‍ෂා සහගත ආකල්පයක් පවත්වා ගත යුතුයි. ඇතැම් තරගකරුවන් නොදන්නාකමට කියන විකාරරූපී හෝ අභව්‍ය පිළිතුරුවලට පවා ප‍්‍රශ්න විචාරක නොසැලී සිටිය යුතුයි.

විද්‍යා-කලා ක්‍ෂෙත‍්‍රවල පුඵල් දැනුමක් තිබුණත් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සූරීන් ප‍්‍රශ්න විචාරන විට වැරදි පිළිතුරු ඔහුට ඉවසා දරා ගන්නට බැහැ. එබදු පිළිතුරු ඔහු නොරිස්සුම් ස්වරයෙන් ඇතැම් විට කෝපාන්විතව බැහැර කළා. මෙය විද්‍යුත් මාධ්‍ය කලාවට ගැලපෙන්නේ නැහැ. ප‍්‍රශ්න විචාරකයා දැනුම ගවේෂණයේ මිත‍්‍රශීලි මාර්ගෝපදේශකයකු විය යුතුයි.

විවිධ හා විචිත‍්‍ර ප‍්‍රශ්න විචාරකයන්ගේ ශෛලීන් හා ශිල්පක‍්‍රම සමීපව අධ්‍යයනය කරමින් සිටි මට, එය අත්හදා බලන්නට අවස්ථාවක් ලැබුණේ 1990දී. රූපවාහිනීයේ මුතුහර ළමා සාමාජිකයන් අතර සතිපතා පැය බාගයේ පැන විසදුම් තරගාවලියක් වසරක් පුරා ඉදිරිපත් කිරීමට නිෂ්පාදිකා ලලිතා සිරිබද්දන මහත්මිය මට ඇරැයුම් කළා.

එවිට මගේ වයස 23යි. ඒ දක්වා රේඩියෝ-ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරකයන් හැටියට කි‍්‍රයා කොට තිබුණේ මැදිවියට පත්, ඉස නිකට පැසුණු උදවිය. මා වැනි තරුණයකුට තමන් ම ප‍්‍රශ්න සම්පාදනය කොට ඒවා විමසන්නට හැකි වේදැයි සමහරුන් විමතියට පත් වුණා. එහෙත් පටිගත කිරීම් වලට පෙර මගේ ප‍්‍රශ්න විමර්ශනයට කළ ඉල්ලීම් මා බැහැර කළා.

ප‍්‍රශ්න විමසන්නට පෙර ඒවා දැන සිටියේ මගේ සහායකයා ලෙස කි‍්‍රයා කළ (දැන් වෛද්‍ය) චතුර රත්නායක හා මා පමණයි. දේශපාලනික හා ආගමික තේමාවන් ඕනෑකමින් මඟ හැර, අන් සියඵ දැනුම් ක්‍ෂෙත‍්‍රයන් ආවරණය වන පරිද්දෙන් අප ප‍්‍රශ්න සම්පාදනය කළා.

පැන විමසීමේදී මා තෝරා ගත්තේ ගුණරත්න අබේසේකරයන්ට සමාන ශෛලියක්. එනම් ප‍්‍රශ්නයේ යම් පසුබිම් තොරතුරු ද ලබා දෙමින් එය විමසීම. මේ නිසා පැය බාගයකදී ඇසිය හැකි ප‍්‍රශ්න ගණන තරමක් සීමා වෙතත්, උඩින් පල්ලෙන් හරසුන් ලෙස තොරතුරු මතු කිරීම සමනය වනවා. අද දක්වාත් රේඩියෝ, ටෙලිවිෂන් හා සජීව සභාවලදී මා අනුගමනය කරන ශෛලිය මෙයයි.

ඔබ දන්නෙහිද යනු අද වන විට මනෝමය කී‍්‍රඩාවක් ලෙස ලොව පුරා පිළිගෙන ව්‍යාප්ත වී තිබෙනවා. එය චෙස්, සුදෝකු ආදිය තරම් ම ප‍්‍රකට නොවූවත් උද්යෝගිමත්ව එහි නියැලෙන තරගකරුවන් හා කණ්ඩායම් සිටිනවා. ඔවුන්ට ම වෙන් වූ තරගාවලි හා ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියක් ද තිබෙනවා. මෙය පාසල් හෝ සරසවි සිසුන්ට සීමා වන්නේ නැහැ. විවිධ වයස් මට්ටම්වලට අයත්, විවිධ වෘත්තීන්හි නිරත වන අය මේ මනෝ කී‍්‍රඩාවේ යෙදෙනවා.

මේ ක්‍ෂෙත‍්‍රය හරිහැටි නොදන්නා අය සිතන්නේ පැන විසදීම් බුද්ධි මට්ටම උරගා බලන බවයි. එහෙත් බුද්ධිය මනින බුද්ධි පරීක්‍ෂණ (IQ tests) ඊට වෙනස්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවලට යම් බුද්ධි මට්ටමක් අවශ්‍ය බව සැබෑයි. එහෙත් ඊටත් වඩා ප‍්‍රයෝජනවත් වන්නේ රට හා ලෝකය ගැන පුඵල් වූ දැනුම සහ එය ඉක්මනින්, නිරවුල්ව සිහිපත් කිරීමේ හැකියාවයි.

මේ නිසා ඔබ දන්නෙහි ද තරගාවලි ප‍්‍රවර්ධනයට අයින්ස්ටයින්, මාරි කියුරි, තාගෝර් වැනි ලෝ ප‍්‍රකට බුද්ධිමතුන්ගේ මුහුණත් යොදා ගැනීම සංකල්පමය වශයෙන් වැරදියි. එසේ ම මේ මනෝ කී‍්‍රඩාවේ ඉහළට යන්නට උසස් අධ්‍යාපනයක් තිබීම උපකාරී වූවත් එය අත්‍යවශ්‍ය නැහැ.

බි‍්‍රතාන්‍යයේ ඉතා ජනපි‍්‍රය, 1972දී ඇරැඹී අද දක්වා වාර්ෂිකව පවත්වන BBC Mastermind ටෙලිවිෂන් තරගාවලිය 1980දී ජය ගත්තේ ටැක්සි රියදුරෙක්. ආචාර්ය, මහාචාර්ය හා විවිධ වෘත්තිකයන් අභිබවා මේ පුද්ගලයා ඉදිරියට ගියේ කියැවීමේ නොතිත් ආසාව හා පුරුද්ද නිසායි.

Mastermind වැඩසටහන් මාලාව 1972 – 1997 වකවානුවේ වසර 25ක් ඉදිරිපත් කළෙ මැග්නස් මැග්නසන් (Magnús Magnússon) නම් ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයායි. ප‍්‍රශ්න සම්පදානයට ඔහු විවිධ ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රබලයන් සම්බන්ධ කර ගත්තා.

ඉතා තියුණු තරගයකින් පසු බි‍්‍රතාන්‍යයේ මහ මොළකාරයා ලෙස තේරෙන ජයග‍්‍රාහකයාට ලැබෙන්නේ කීර්ති නාමය හා වීදුරු පලිහක් පමණයි. එදත් අදත් මුදල් ත්‍යාග පිරිනැමෙන්නේ නැහැ.

එහෙත් බි‍්‍රතාන්‍යයේත්, වෙනත් රටවලත් ලොකු මුදල් ත්‍යාග සහා කැරෙන ඔබ දන්නෙහිද තරගාවලි තිබෙනවා. 1964දී ඇරැඹී තවමත් දිවෙන අමෙරිකානු ටෙලිවිෂන් තරගාවලිය Jeopardy! හා 1989දී බි‍්‍රතාන්‍යයේ අරඹා අද වන විට ලෝකයේ රටවල් 100කට පමණ ව්‍යාප්ත වී ඇති Who Wants to be a Millionaire (සිංහලෙන් – ඔබ ද ලක්‍ෂපති මම ද ලක්‍ෂපති) මේ අතර වනවා.

මුදලට දැනුම හෑල්ලූ කළ යුතු ද යන්න මේ ක්‍ෂෙත‍්‍රයේ දිගු කලක් පවතින විවාදයක්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවේ දශක තුනකට වැඩි කාලයක් සම්බන්ධ වූ මගේ මතය නම් එහි වරදක් නැති බවයි.

කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවලත් මේ විවිධත්වය තිබෙනවා. කිසිදු මුදලක් නොපතා කී‍්‍රඩා කිරීමේ සිට 20-20 හා IPL බදු අධික තරග මුදල් හා කී‍්‍රඩක ගෙවීම් කරන තැන දක්වා පරාසයක් පවතිනවා.

මනෝ කී‍්‍රඩාවකත් මේ පරාසයට ඉඩ දිය යුතුයි. එහෙත් කී‍්‍රඩාවේ ප‍්‍රමිතීන්, සාරධර්මයන් රැකෙන පරිදි හා වංචාවලට ඉඩ නොලැබෙන පරිදි එය පවත්වා ගැනීම ඔබ දන්නෙහිද ක්‍ෂෙත‍්‍රයට ඇලූම් කරන, එහි නියැලී සිටින අප කාගේත් වගකීමක්.

දකුණු ආසියාවේ මේ කී‍්‍රඩාවේ ඉදිරියෙන් ම සිටින්නේ ඉන්දියානුවන්. 1967දී කල්කටාවෙන් ඇරැඹුණු මේ රැල්ල අද ඉන්දියාව පුරා පැතිර ගිහින්. ප‍්‍රාන්ත මට්ටමින් හා ජාතික මට්ටමින් වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි තිබෙනවා. බංග්ලාදේශයේ හා පාකිස්ථානයේ ද මේ කී‍්‍රඩාව පුඵල් මට්ටමෙන් කැරෙනවා. මේවායේ මුල් තැන ගන්නේ පාසල් සිසුන් නොව සරසවි සිසුන්, ඇදුරන්, වෘත්තිකයන් හා වෙනත් වැඩිහිටියන්.

1990දී ශී‍්‍ර ලංකා ජාතික ශූරයා ලෙස මා සාර්ක් තරුණ ශූරතාවලියට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ගියා. (මා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ එක ම අවස්ථාව ද එයයි.) අපේ කලාපයේ ලොකු රටවල ඔබ දන්නෙහිද කී‍්‍රඩාව කෙතරම් සංවිධානාත්මක ලෙස සිදු වනවා ද යන්න ගැන එහිදී මට දැකිය හැකි වුණා.

1990 පටන් මා විවිධ රේඩියෝ හා ටෙලිවිෂන් තරගමාලා සම්පාදනය කොට මෙහෙයවා තිබෙනවා. අද දරුවන්ට හා තරුණ පරපුරට පෙර පරම්පරාවලට වඩා දැනුම් ගවේෂණයට මූලාශ‍්‍ර හා තාක්‍ෂණයන් තිබෙනවා. ඒ වුණත් ලෙහෙසියෙන් තොරතුරු සොයා ගන්නට හැකි වූ පමණට සැළසුම්ගත වූ දැනුම වර්ධනය වන්නේ නැහැ.

ප‍්‍රශ්න විචාරකයකු හැටියට මට හමු වන සමහර තරගකරුවන් අවබෝධයකින් තොරව වට්ටෝරුගත දැනුම කටපාඩම් කළ අයයි. තරග විභාගයකට මුහුණ දෙන ආකාරයට මේ මනෝ කී‍්‍රඩාව කරන්නට බැහැ. (ශබ්දකෝෂ කට පාඩම් කරන අයට ලේඛකයන් වන්නට බැහැ වගෙයි!)

නිරවුල් අවබෝධයකින් හා සැබෑ උද්යෝගයකින් දැනුම සොයා යාම ඔබ දන්නෙහිද ජයග‍්‍රහණයට එදත් අදත් අත්‍යවශ්‍ය ගුණාංගයක්.

Serendib Quiz with Nalaka Gunawardene - Slide for first event held on 29 July 2012

Serendib Quiz with Nalaka Gunawardene – Slide for first event held on 29 July 2012

සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

As Sri Lanka marks 65th anniversary of independence this weekend, I dedicate my Ravaya column to the memory the brilliant Lankan engineer, designer and artist H R Premaratne who was closely associated with preparation for the historic ceremony held in Colombo.

English article on the same topic published in Ceylon Today, 3 Feb 2013.

First Ceylon Independence ceremony - Colombo, 10 Feb 1948, painted by H R Premaratne

First Ceylon Independence ceremony – Colombo, 10 Feb 1948, painted by H R Premaratne

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් දේශපාලන නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වනදා. එය සැබෑ නිදහසක් ද යන්න ගැන තවමත් විවාද පවතින නමුත්, එම නෛතික තත්ත්වය ලබා ගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්.

එදා මුල් ම නිදහස් උත්සවය පවත්වනු ලැබුවේ අද නිදහස් ස්මාරකය පිහිටා තිබෙන කොළඹ ටොරින්ටන් චතුරස‍්‍රයේ (දැන් නිදහස් චතුරස‍්‍රය). 1948 පෙබරවාරි 10දා බි‍්‍රතාන්‍ය කිරුළ නියෝජනය කරමින් මෙහි පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයා මෙරට රජයේ ප‍්‍රධානීන්ට අදාළ ලියකියවිලි භාර දීමේ අවස්ථාවට හරිහමන් රැස්වීම් ශාලාවක් තිබුනේ නැහැ. නිදහස ලැබීම ස්ථිර වී ගෙවී ගිය මාස කිහිපය තුළ එබඳු ලොකු ගොඩනැගිල්ලක් තැනීමට සෑහෙන කාලයක් ලැබුනේ ද නැහැ.

එහෙත් එබන්දක් නොපෙනෙන පරිදි 1948 පෙබරවාරි 10 උත්සවය මහත් හරසරින් පවත්වනු ලැබුවා. එහි පසුබිම් කථාව මෙරට සිටී ප‍්‍රවීනතම පුවත්පත් කතුවරයකු වූ ඞී බී ධනපාල සූරීන් සිය ‘Among Those Present’ ග‍්‍රන්ථයේ සැකෙවින් වාර්තා කරන්නේ මෙහෙමයි.

‘‘බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ටොරින්ටන් චතුරස‍්‍රයේ ගොඩ නඟා තිබූ අතිවිශාල හා අවලස්සන වූ ගුවන්යානා නිවහනක් (Hanger) එච් ආර් පේ‍්‍රමරත්න විසින් විසිතුරු උත්සව ශාලාවක් බවට හරවා තිබුණා. උඩරට රැළි පාලම් මඟින් දේදුන්නේ වර්ණ ළෙල දුන්නේ මේ දිවයිනේ මෙතෙක් දැක ඇති ඉතා ම චිත්තාකර්ෂණීය වර්ණ සංයෝජනය බවට එය පත් කරමින්. හැම කුළුණකින් ම අපේ සාම්ප‍්‍රදායික කලා උරුමය පිළිබිඹු කළා. මේ සියල්ල නූතන විශ්වකර්මයකුගේ හපන්කමක් වගෙයි.’’

Ceylon Independence 1948: Newsreel coverage by British Pathe:

CEYLON INDEPENDENCE

කවුද මේ පේ‍්‍රමරත්න?

හපුගොඩ රන්කොත්ගේ පේ‍්‍රමරත්න සූරීන් විසි වන සියවසේ ශ‍්‍රී ලංකාවේ බිහි වූ අතිදක්ෂ හා විචිත‍්‍ර චරිතයක්. විද්‍යා හා කලා ක්ෂේත‍්‍ර දෙකෙහි ම කුසලතා තිබූ, රාජ්‍ය නිලධාරියකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු ලෙස දශක ගණනක් මෙරටට සේවය කළ විද්වතෙක්.

මහනුවර උපත ලබා, ධර්මරාජ හා නාලන්දා විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ පේ‍්‍රමරත්න, 1931දී බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ සරසවියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා B Sc උපාධියක් ලබා ගත්තා. සියරට පැමිණීමෙන් පසු ටික කලක් ලංකා තාක්ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලේජ්) ඉගැන් වූ ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳුණා.

H R Premaratne

H R Premaratne

එහෙත් එවකට එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකුව සිටි උද්දච්ච ඉංග‍්‍රීසි ජාතිකයකු යටතේ වැඩ කිරීමට නොකැමතිව, 1935දී ඊට වඩා අඩු තනතුරකට රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට ගියා. Public Works Department (PWD) යනුවෙන් ප‍්‍රකට වූ එමඟින් සියලූ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම මෙන් ම මුල් යුගයේ ගුවන් තොටුපළ වැනි පහසුකම් පවත්වා ගෙන යාම ද සිදු කළා.

මේ දෙපාර්තමේන්තුවේ වසර 30ක් සේවය කළ පේ‍්‍රමරත්න 1957 – 1965 කාලයේ එහි ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළා. කලක් එම විෂය භාර අමාත්‍යවරයා වූ (පසුව අගමැති) ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ඇතුළු ඇමතිවරුන් ගණනාවක් සමඟ වැඩ කළ පේ‍්‍රමරත්න ඕනෑ ම අභියෝගයක් භාර දිය හැකි, කාර්යශූර හා නිර්මාණශීලි රාජ්‍ය නිලධාරියකු ලෙස නමක් දිනා සිටියා.

නිදහස් උළෙල පවත්වන්නට හරිහැටි ගොඩනැගිල්ලක් නැති විට එයට හොඳ විකල්පයක් සොයා දීමේ අභියෝගය එයින් එකක්. වානේ හා යකඩ තහඩුවලින් තනා තිබූ ගුවන්යානා නිවහන ඊට බෙහෙවින් ම වෙනස් වූත්, පියකරු වූත් රැස්වීම් ශාලාවක් බවට සති කිහිපයක් තුළ පරිවර්තනය කරන්නට ඔහු සුදු රෙදි යාර 20,000ක් හා පාට කඩදාසි යාර 20,000ක් පමණත්, ගෝනි (ජූට්) රෙදි යාර 9,000ක තොගයකුත් යොදා ගත්තා.

පුරාණ ලංකාවේ භාවිත වූ සිංහ කොඩි හා (යාපනයට ආවේණික) නාන්දි කොඩිත්, මුස්ලිම් සාංස්කෘතික සංකේතත් රැළි පාලම් හා කුළුණු අතර මනා සේ සංකලනය කිරීමේ සෞන්දර්යාත්මක සැළසුම කළේ පේ‍්‍රමරත්නයි. නිදහස් උළෙලේ කල් පවතින මතකයන්ගෙන් එකක් බවට පත් වූයේ මේ සැරසිලියි.

මුල් ම නිදහස් උළෙල වාර්තාකරණයට දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් හා චිත‍්‍රපටකරුවන් රැසක් සිටියා. එහෙත් එවකට තිබුනේ කළු-සුදු සේයාපට පමණයි. මේ නිසා තමන් නිර්මාණය කළ විචිත‍්‍ර උත්සව මඩුවේ අසිරිය මතු පරම්පරාවලට දැක ගත හැකි ලෙසින් පේ‍්‍රමරත්න විශාල ප‍්‍රමාණයේ තෙල් සායම් චිත‍්‍රයක් ඇන්දා. දශක ගණනාවකට පසු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් මිලට ගත් මේ චිත‍්‍රය දැන් කොළඹ ජනාධිපති මන්දිරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. (ඡායාරූපය).

මේ කටයුත්තට සමාන්තරව යටත් විජිත ලේකම්වරයා භාවිත කළ අරලියගහ මන්දිරය අගමැති නිල නිවහන ලෙස පිළිසකර කිරීමත්, පරණ පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගර්භය මුළුමනින් අලූත්වැඩියා කිරීමත්, ගරා වැටෙමින් තිබූ තැපැල් ගොඩනැගිල්ලක් සෙනෙට් සභාව සඳහා යළි ගොඩ නැංවීමත් 1947-48 වකවානුවේ PWD මඟින් කළ තවත් හපන්කම් කීපයක්. ඒ හැම එකකට ම පේ‍්‍රමරත්නගේ දායකත්වය ලැබුණා.

ඔහු දෙපාර්තමේන්තු ප‍්‍රධානියා වීමෙන් ටික කලකට පසු 1957 අගෝස්තුවේ මහ ගංවතුරෙන් වියළි කලාපයේ හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ අභියෝගයට මුහුණ දුන්නා. ඊට වඩා ලොකු අභියෝගයක් මතු වූයේ 1958 ජනවාර්ගික කෝලාහලවලින් පසුවයි. අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ පේ‍්‍රමරත්න, විපතට පත් ජනයාගේ හදිසි අවශ්‍යතා හා තාවකාලික පහසුකම් සැපයීම භාරව ක‍්‍රියා කළා.

පේ‍්‍රමරත්නයන් මේ කාර්යවල නියැලී සිටින අතරේ ශ්‍රීමත් ඔලිවර්ගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඔහු රජ ගෙදරට යන විට ඔහුගේ අමාත්‍යවරයා වූ මෛත‍්‍රීපාල සේනානායකත් එහි සිටියා.

යාපනයේ නාගදීප විහාරයට හානි සිදු වී ඇති බවත්, එය වහා පිළිසකර කළ යුතු බවත් කී ශ‍්‍රීමත් ඔලිවර්, මේ සඳහා අවශ්‍ය සියළු අරමුදල් හා බලතල පේ‍්‍රමරත්නට ලබා දෙමින් එක් කරුණක් අවධාරණය කළා. “මේ වැඬේ ඉක්මනින්, හොදින් සිදුකර හමාර වන තුරු මුළුමනින් ම රහසිගතයි!”

නාගදීප හානියේ තොරතුරු දකුණේ ජනතාවට දැන ගන්නට ලැබුණොත් ගැටුම් නැවත වරක් ඇවිලිය හැකි බවට ශ්‍රීමත් ඔලිවර්ට බියක් තිබුණා. මේ පුපුරණසුළු ප‍්‍රවෘත්තිය පිට නොකරන්නට ඔහු පුවත්පත් කතුවරුන් සමග ද එකගත්වයකට එන්නට ඇති බවට පේ‍්‍රමරත්න අනුමාන කළා.

අවශ්‍ය අමුද්‍රව්‍ය හා දක්‍ෂ බාස් උන්නැහේලා පිරිසක් ද රැගෙන පේ‍්‍රමරත්න නාගදීපයට ගියා. ඉතා වෙහෙස මහන්සි වී, අධි වේගයෙන් එහෙත් ප‍්‍රවේශමින් නාගදීප විහාරය හා ඒ අවට භූමිය පෙර තිබූ තත්ත්වයට යළි පත් කරන්නට මේ පිරිසට සති හයක් ගත වුණා. සමස්ත කි‍්‍රයාදාමය රහසක් ලෙස පවත්වා ගත්තා. (1996 දී ප‍්‍රකාශයට පත් වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ ‘ගමන නොනාමෙයි’ නම් දේශපාලන නවකථාවේ 36 වන පරිච්ෙඡ්දයේත් මේ සිද්ධිය කථාවක් සේ ලියා තිබෙනවා. ලංකාදීප කතුවර ඞී. බී. ධනපාල මේ රහසිගත මෙහෙයුම ගැන දැන සිටි බවට එයින් ඉගි කැරෙනවා.)

නාගදීපයට හානියක් වූ බව රටේ බොහෝ දෙනා දැන ගත්තේ වසර ගණනාවකට පසුව යැයි 1991දී මා සමඟ කළ දීර්ඝ පුවත්පත් සාකච්ඡවකදී පේ‍්‍රමරත්න ආවර්ජනය කළා.

පේ‍්‍රමරත්නගේ කලා කටයුතු වඩාත් සක‍්‍රිය වූයේ ඔහු 1965දී රජයේ සේවයෙන් විශ‍්‍රාම ගිය පසුවයි. තෙල් සායම් චිත‍්‍ර ඇඳීම හා මූර්ති නෙළීම ඔහු වඩාත් උද්‍යොගයෙන් කළා. ඔහු නිර්මාණය කළ චිත‍්‍රවලින් සමහරක් කොළඹ කලාගාරයේත්, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේත් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. ඔහුගේ දිගු කාලීන මිතුරකු වූ ආතර් සී. ක්ලාක්ගේ ජීවමාන ප‍්‍රමාණයේ සිතුවම මොරටුව සරසවියේ දැකිය හැකියි. ඔහු විසින් පිටපත් කරන ලද සීගිරි බිතු සිතුවම් සමහරක් 1967දී සාහසිකයන් විසින් තාර ගා විනාශ කිරීම නිසා සදහට ම අහිමි වුණා.

පේ‍්‍රමරත්නගේ නවෝත්පාදනයක් වූනේ ෆයිබර්ග්ලාස් යොදා ගෙන අපේ පැරණි ප‍්‍රතිමා, කැටයම්, සඳකඩපහන ආදියේ ආකෘති තාත්ත්වික ලෙස නිර්මාණය කිරීමයි. මේ නිසා පුරාවිද්‍යා වටිනාකම ඉහළ මුල කෘතීන් සංරක්ෂිතව තබා ආකෘති තැනින් තැන ගෙන යාමේ හැකියාව ලැබුණා. අනුරාධපුර හා පොළොන්නරුවේ ප‍්‍රකට ප‍්‍රතිමා විසි ගණනක ෆයිබර්ග්ලාස් ආකෘති 1969-70 කාලයේ ඔහු නිර්මාණය කළේ නැෂනල් ජියෝග‍්‍රැෆික් සංගමය අමෙරිකාවේ වොෂිංටන් නුවර සංවිධානය කළ ඉහළ පෙලේ ලංකා ප‍්‍රදර්ශනයකටයි.

2001 A Space Odyssey (1968) Space Station One by Robert McCall1966-67 කාලයේ ඔහු තවත් අපූරු වැඩක් කළා. ඒ කාලයේ ආතර් සී. ක්ලාක් හා ස්ටැන්ලි කුබ්රික් දෙදෙනා 2001: A Space Odyssey නම් අසාමාන්‍ය වෘතාන්ත චිත‍්‍රපටය නිපදවීමේ සිවු වසරක ප‍්‍රයත්නයේ නියැලී සිටියා. පරිගණක නොදියුණු ඒ යුගයේ චිත‍්‍රපට special effects සියල්ල ආකෘති හරහා ඉතා වෙහෙස වී කළ යුතුව තිබුණා.

2001 චිත‍්‍රපට ජවනිකා ගණනාවක් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිග හැරෙනවා. ඒ සඳහා ඉතා සූක්ෂම ආකාරයේ ආකෘතියක් ලන්ඩනයට නුදුරු බෝහැම්වුඞ් චිත‍්‍රාගාරයේ තනනු ලැබුවා. ක්ලාක්ගේ නිර්දේශය මත ඒ කටයුත්තට හවුල් වූ පේ‍්‍රමරත්න, අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය තාක්ෂණවේදීන් සමඟ මාස ගණනක් එහි වැඩ කළා.

1974-78 කාලයේ බුරුමයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු තායිලන්තය, සිංගප්පූරුව හා ලාඕසයට ද අනුයුක්ත කර තිබුණා. 1980 දශකයේ වසර ගණනාවක් ඔහු ආතර් සී. ක්ලාක්ගේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළා (මොරටුවේ පිහිටි රාජ්‍ය ආයතනය නොවේ.) මා ඔහුගෙන් බොහෝ දේ උගත්තේ ඒ කාලයේයි.

ලංකා කලා සංගමය, ඉංජිනේරු ආයතනය වැනි සංවිධානවල සභාපති හැටියටත්, රජයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියකු ලෙසත් ක‍්‍රියා කොට පුළුල් දැනුමක් හා අත්දැකීම් සමුදායක් තිබූ ඔහු කිසි දිනෙක උඩඟු වුනේ නැහැ. පොඩි වැඩක් කොට ලොකු ප‍්‍රසිද්ධියක් පතන අය බහුල අද කාලේ පේ‍්‍රමරත්න වැනි දැවැන්තයන් ගැන බොහෝ දෙනා අසා නැහැ.

කොළඹ විජේරාම පාරේ තිබුණු ඔහුගේ පැරණි ගෙදර හරියට කලාගාරයක් බඳු වුණා. ඔහු නිම කළ හා වැඩ කරමින් සිටි චිත‍්‍ර, මූර්ති හා වෙනත් නිර්මාණ අතරට වී වයස 80 ඉක්ම යන තුරු ගත කළා. ඔහුගේ එක ම පුතා 1960 ගණන්වල බි‍්‍රතාන්‍යයේ නිත්‍ය පදිංචියට ගියා. 1980 දශකයේ බිරිඳ මිය යාමෙන් පසු ඔහු තනිකඩව නිර්මාණකරණයේ යෙදුණා.

1992දී ඔහු කොළඹින් ආපසු මහනුවරට ගිය පසු කිසි දිනෙක මට හමු වූයේ නැහැ. එහෙත් ඔහු කී කථාවක් මට තවම මතකයි. “අතමිට සරු ලාංකිකයන් පවා කලා නිර්මාණයකට සාධාරණ මිලක් ගෙවන්නට අදිමදි කරනවා. මේ නිසා අපේ සමාජයේ පූර්ණ කාලීන චිත‍්‍රශිල්පීන්, මූර්තිශිල්පීන් හා ලේඛකයන් බිහි වන්නේ නැහැ. මගේ චිත‍්‍රයකට රුපියල් විසිපන් දහසක් ගෙවන්නට මැලි වූ අය එමෙන් දෙගුණයක් ගෙවා ඩිනර්සෙට් ගන්නවා. මෙයයි අපේ යථාර්ථය.”

Official MGM trailer for 2001: A Space Odyssey

සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek

First issue of Newsweek

නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi

Tarzie Vittachi

නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history

සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

For much of 2012, a large section of the print and broadcast media in Sri Lanka behaved like the proverbial chicken who panicked himself and the rest of the jungle claiming the sky was falling.

They uncritically and sometimes gleefully peddled the completely unsubstantiated and imaginary prophecies of doom and gloom – specifically, about the world ending on 21 December 2012.
And just like Chicken Little did, our media too had plenty of uncritical followers – a case of the blind leading the blind. They worked themselves into a misplaced frenzy, imagining all sorts of scenarios for the world’s end.

In this week’s Ravaya column (in Sinhala), I take a critical look at our uncritical and fear-mongering media, especially broadcast media. Appears in print issue of 30 Dec 2012.

See also related English posts:
End-of-the-World Special: Chicken Little Media Awards 2012
21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

Tribute to a myth, courtesy www.Boondi.lk

Tribute to a myth, courtesy http://www.Boondi.lk

දෙසැම්බර් 21 වනදා ගෙවී ගියා. එහෙත් නිට්ටාවට ම සිදු වනවා යැයි කියා තිබූ ලෝක විනාශයේ සේයාවක්වත් දැක ගන්නට නම් ලැබුණේ නැහැ!

මානව සංහතිය අනතුරට පත් කරන මට්ටමේ ආපදා ගොන්නක් එක විට හට ගත්තේ නැහැ. එසේ ම දින තුනක් එක දිගට හිරු නොපෑවීම නිසා අදුරු වීම වැනි අතිශයින් අභව්‍ය අනාවැකි මුළුමනින් ම ප‍්‍රලාප බවට පත් වුණා.

ලෝක විනාශය ගැන මේ කොලමින් අප 2012 මාර්තු 18 සහ මාර්තු 25 වනදා විස්තරාත්මකව විග‍්‍රහ කළා. අපේ ග‍්‍රහලෝකය තුළින් මතු වන ආපදාවක් නිසා හෝ පිටසක්වලින් එන උවදුරක් නිසා හෝ මේ වසරේවත් නුදුරු අනාගතයේවත් ලෝක විනාශයක් වීම ගැන ජනප‍්‍රිය සංස්කෘතියේ සංසරණය වන මතවාදයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව අප අවධාරණය කළා.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නම් වූ කොලමින් මාර්තු 25 වනදා මා මතු කළ ප‍්‍රශ්න මේවායි. “සිදුවන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භීතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමූහික චින්තනයට සමීප වෙලාද?”

ලෝක විනාශය නිට්ටාවට ම සිදු වනවා යැයි මුලදී මොර ගෑ උදවිය වසර අග වන විට ටිකෙන ටික තමන්ගේ ස්ථාවරය වෙනස් කළ හැටි හොඳාකාර පෙනී ගියා. එසේ ම ලෝක විනාශවාදීන් පේන කී හැටියට විවිධාකාරයෙන් විනාශ වන්නට නම් පෘථිවි ලෝක එකක් මදි. කිහිපයක් තිබිය යුතුයි!

ලෝක විනාශයට අහක හිටපු මායාවරුන්වත් නිරපරාදේ ඈඳා ගත්තා. විශිෂ්ට සභ්‍යත්වයක් තිබූ මායාවරුන් කිසි තැනෙක එබන්දක් කියා නැති බවට මායාවරුන්ගෙන් පැවත එන වත්මන් පරපුර හා මායා සභ්‍යත්වය ගැඹුරින් අධ්‍යයනය කළ සැබෑ විද්වතුන් යළි යළිත් කීවත් මිථ්‍යාවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දුන් අවිචාරශීලි මාධ්‍යවලට එය ප‍්‍රශ්නයක් වූයේ නැහැ.

එපමණක් නොවේ බුදු දහම, තාරකා විද්‍යාව, භූ විද්‍යාව වැනි විවිධ කේෂත‍්‍රවලින් උඩින් පල්ලෙන් යම් යම් දේ උකහා ගෙන පොදු ජනයා බියපත් හා මංමුලා කරන ආකාරයේ බිහිසුණු අනාවැකි නිර්මාණය කරනු ලැබුවා.

මේ සාමූහික අයාලේ යාමට වගකිව යුත්තේ කවරහු ද?

ඕනෑ කෙනකුට කැමති දෙයක් විශ්වාස කරන්නටත්, එයින් බියට පත් වීමටත් පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් ඒ නිදහසට මුවා වී සමාජයේ ඉච්ඡභංගත්වය හා භීතිය වපුරන්නට තිබෙන අවකාශයට සදාචාරමය සීමාවන් තිබිය යුතයි. ප‍්‍රකාශන නිදහස ගැන මූලික රීතියක් වන්නේ ජනයාගේ පිරී ගිය රඟහලක ‘ගිනි ගන්නවෝ’ යැයි අහේතුකව කෑගසන්නට කිසිවකුට අයිතියක් නැති බවයි.

chickenlittleලෝක විනාශ මිථ්‍යාවක් මතු වූ ප‍්‍රථම වතාව මෙය නොවෙයි. එහෙත් මෙතරම් ලෝක ව්‍යාප්ත මට්ටමින් මෙබඳු මුලාවක් හා භීතියක් මෙවර හට ගත්තේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණය හරහා මේ ප‍්‍රබන්ධය අති විශාල ජනකායක් අතරට ඉක්මනින් පැතිරුණු නිසයි. තොරතුරු සමාජය හා මාධ්‍ය චර්යාව ගැන නෙත් යොමා සිටින මට මේ ගැන නිරීක්ෂණ හා අත්දැකීම් කිහිපයක් තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලෝක විනාශය තේමා කර ගෙන කළ විමසීම් රැසකට මා දුරකථනයෙන් පිළිතුරු දුන්නා. ඉඩ ඇති පරිද්දෙන් සජීව සංවාදයන්ට ද සහභාගි වුණා. මේ අත්දැකීම් පොදුවේ විග‍්‍රහ කරන විට මට පෙනී යන්නේ ග‍්‍රාහකයන්ගේ දැනුමේ නිම්වළලූ පුළුල් කිරීමට හෝ ඔවුන්ගේ මනසේ මතුව ඇති සැකයන් හා භීතිකාවන් සමනය කිරීමට හෝ නොව තාවකාලික සංත‍්‍රාසයක් (චීප් ත‍්‍රිල් එකක්) සඳහා බොහෝ මාධ්‍ය මේ තේමාව යොදා ගත් බවයි.

ලෝක විනාශ මිථ්‍යාව සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් විග‍්‍රහ කළ යුතුයි. ඉතිහාසයේ වැඩි කාලයක් අන්ධ විශ්වාසවල ඇළී ගැලී හා නොදන්නා දේ ගැන බියෙන් කල් ගත කළ මානවයෝ, තර්කානුකූල හා විද්‍යානුකූල ලෙසින් භෞතික ලෝකය ගැන තේරුම් ගන්නට පටන් ගෙන තවම සියවස් දෙක තුනකට වඩා ගත වී නැහැ. පරම්පරා දෙකක් අතර පරතරය වසර 25 ක් ලෙස ගතහොත් මෙය පරම්පරා දහයක හෝ දුසිමක කාලයක් පමණයි.

පෙර පුරුදු විදියේ ස්වයං භීතියකට තවමත් අප බොහෝ දෙනෙකු තුළ සැඟවුණු ළැදියාවක් තිබිය හැකියි. මෙයට නූතන විද්‍යාත්මක මුහුණුවරක් ආරෝපණය කිරීමට ද විවිධ උත්සාහයන් කෙරෙනවා.

බොහෝ කොට ආගමික මතවාදයන් මත පදනම් වූ ලෝක විනාශයන් ගැන මීට පෙර කථා කෙරුනත් මෙවර ලෝක විනාශ භීතිකාවට ‘විද්‍යාත්මක’ මුහුණුවරක් ලැබී තිබුණා. විද්‍යාව හා ජන සමාජය අතර සබඳතා අධ්‍යයනය කරන පර්යේෂකයන් මෙය pseudo-science හෙවත් ව්‍යාජ විද්‍යාව කියා හඳුන්වනවා. ජනප‍්‍රිය සංස්කෘතියටත්, ජනමාධ්‍යවලටත් වැඩිපුර ම සංත‍්‍රාසයක් ගෙන දෙන්නේ ව්‍යාජ විද්‍යාවයි.

සැබෑ විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. කල්පිතයක්, නිරීක්ෂණ හා අත්හදා බැලීම් ඔස්සේ තහවුරු කරන්නට උත්සාහ ගන්නවා. හැම කල්පිතයක් ම හැම විටම විවාදයට හා ප‍්‍රතිතර්කවලට විවෘතයි. සාක්ෂි මත පදනම් වූත්, විමර්ශනයට හා අභියෝගයට ඉඩ දෙන්නා වූත් ප‍්‍රවේශයක් සැබෑ විද්‍යාවේ තිබෙනවා.

එහෙත් විද්‍යාත්මක වෙස් මුහුණක් බැඳගත් අන්තවාදීන් හෝ වංචනිකයන් ගෙන යන ව්‍යාජ විද්‍යාවේ එබඳු ඉඩක් නැහැ. සැබෑ විද්‍යාවේ අවිනිශ්චතාවන්, සම්භාවිතාවන් හා නොදන්නා දේ පිළිගැනීම වැනි සංකල්පවලින් පොදු ජනයා කිති කවන පුවත් මවා ගන්නට අමාරුයි. මේ නිසා ලොව බොහෝ රටවල ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ව්‍යාජ විද්‍යාවට ඇදී යනවා.

ව්‍යාජ විද්‍යාව ප‍්‍රගුණ කරන්නේ වෙළඳපොළ සමඟ සූක්ෂමව ගනුදෙනු කරන හා මාධ්‍ය හරහා ප‍්‍රතිරූප තනා ගැනීමට සමත් පිරිසක්. මාධ්‍ය ඉල්ලන දේ එලෙසින් ම දෙන්නටත්, ඒ හරහා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නටත් ඔවුන් හොඳාකාර දන්නවා.

ඉන්ටර්නෙට් මූලාශ‍්‍ර යැයි කියමින් කොහෝ හෝ තිබෙන වල්පල් ටිකක් සිංහලට පෙරළා අපේ පාඨකයන් හා ශ‍්‍රාවකයන් බිය වැද්දීම අපේ මාධ්‍යකරුවන් නිතර කළ දෙයක්. ඉන්ටර්නෙට් තුළ විශ්වාසනීය තොරතුරු මෙන් ම තනිකර ප‍්‍රබන්ධකාරී හා වංචාකාරී ව්‍යාජ විද්‍යා තොරතුරු ද තිබෙනවා. මේ දෙක සීරුවෙන් තෝරා බේරා ගැනීම අද මාධ්‍යකරුවන්ට අත්‍යවශ්‍ය කුසලතාවක්.

සමස්ත මානව දැනුමේ ඒකාධිකාරියක් විද්‍යාවට නැහැ. එහෙත් පෙර කී පරිදි සියවස් කිහිපයක් පුරා ක‍්‍රමයෙන් දියුණු කර ගෙන ආ, තවදුරටත් විමර්ශනයට හා අභියෝගයට විවෘත දැනුම් ගවේෂණ ක‍්‍රමවේදයක් විද්‍යාවේ තිබෙනවා. එබඳු චින්තන ක‍්‍රමයක් නියෝජනය කරන විද්‍යාඥයන් හා විද්‍යා ලේඛකයන් එක් පසෙකටත්, විවෘත භාවයක් හෝ විචාරාත්මක ක‍්‍රමවේදයක් නොපෙනෙන ජ්‍යොතිෂය ඇතුළු වෙනත් ගුප්ත ව්‍යාපාරයන් නියෝජනය කරන්නවුන් අනෙක් පසටත් දමා අපූරු ආකාරයේ ‘මාධ්‍ය තුලනයක්’ කරන්නට බොහෝ මාධ්‍ය තැත් කරන සැටි මා නිතර දුටුවා.

‘ලෝක විනාශය ගැන ඔබේ මතවාදය කුමක්ද?’ හා ‘ලෝක විනාශය ගැන ඔබේ ආකල්පය රටට කියනවා ද?’ ආදී වශයෙන් මගෙන් විමසූ මාධ්‍ය සගයන්ට මා කීවේ මෙතැන ඇත්තේ මගේ හෝ වෙනත් කිසිවකුගේ මතවාදයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවයි.

දේශපාලන වාද පිටියේ වම – දකුණ ලෙසින් හෝ නිල් – රතු – කොළ පාට ලෙසින් පිල් බෙදී සිටින අය කොයි කාටත් මත දැක්වීමට අවකාශය ලබා දෙන පරිද්දෙන් මෙබඳු සමාජයීය ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නට තැත් කිරීම බොළඳ හා හරසුන් ක‍්‍රියාවක්. එමෙන්ම බටහිර විද්‍යාව හා පෙරදිග ශාස්ත‍්‍රයන් හැටියට ඇතැම් දෙනා කරන බෙදීම ද තර්කානුකූල හෝ සම්මත වර්ගීකරණයක් නොවෙයි.

තර්කානුකූල පදනමක් නැති ගුප්ත ශාස්ත‍්‍රකරුවන් හා තර්කානුකූලව ක‍්‍රියා කරන විද්‍යාඥයන් යනු එක ප‍්‍රශ්නයේ යෝජක හා ප‍්‍රතියෝජක පිල් දෙක නොවෙයි.

2012 Hoax - Don't be scammed!

2012 Hoax – Don’t be scammed!

මේ විසම ප‍්‍රවේශය සමාජයේ වෙනත් ප‍්‍රශ්නවලටත් අදාළ කළහොත් සක්විති වැනි වංචනිකයන්ට හා ඔවුන්ගේ කූඨ වංචාවලට හසුවූ අසරණ ජනතාවට එක හා සමාන ගුවන් කාලය දිය යුතුයි. නැතහොත් මහජන මුදල් වංචා කොට හෝ කාබාසිනියා කොට අධිකරණ ක‍්‍රියාදාමයක් හරහා වරදකරුවන් වන දුෂිතයන්ට හා එම දුෂණවලින් පීඩාවට පත් අහිංසකයන්ට ද එක හා සමාන මාධ්‍ය ඉඩක් දෙන්නට සිදු වෙයි.

මාධ්‍ය තුලනය කියන්නේ අන්ධ තුලනයක් නොවෙයි. නමුත් ගෙවී ගිය මාස කිහිපය තුළ අප දුටුවේ එබන්දක්. සමහර නාලිකාවලින් අපේ ජන විඥානය හිස නැති කවන්ධයක් කරන්නට දිනපතා ම පාහේ කර ගෙන ගිය මාධ්‍ය විකාරය දෙස මා බලා සිටියේ පිළිකුලෙන් හා කලකිරීමෙන්.

සක්විති රණසිංහගේ මහා පරිමාණ වංචා අන්තිමේ දී හෙළිදරවු වී ඔහු නීතියෙන් පලා ගිය 2008 සැප්තැම්බරයේ හැම ජනමාධ්‍යකට ම එය ලොකු ප‍්‍රවෘත්තියක් වුණා. සක්විති දෙනවා යැයි කියූ අදහා ගන්නට බැරි තරම් ඉහළ පොලී අනුපාතයන් පතා ගෙන මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු දහස් ගණනක් ලාංකිකයන්ගේ අඳේනා මාධ්‍ය විසින් මහත් ඕනෑකමින් ප‍්‍රතිරාවය කරනු ලැබුවා.

එහෙත් ඒ මොහොතේ අප කිහිප දෙනෙකු පෙන්වා දුන්නේ සක්විති ලක් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට පත් කරන්නට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දායක වූ බවයි. සක්විති ජාතික පත්තරවල විශාල දැන්වීම් පළ කළා. ජාතික රූපවාහිනියෙත් වෙනත් නාලිකාවලත් ඉංග‍්‍රීසි උගන්වන වැඩසටහන් කළා. මේ පසුබිම තුළ ඔහුගේ සූක්ෂම වංචා වසර ගණනක් පවත්වා ගෙන ගිය සැටිත්, පෝද්දල ජයන්ත වැනි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඔහු ගැන සාක්ෂි සහිතව හෙළිදරවු කරන්නට පෙරට ආ විට එම පත්තරවල කතුවරුන් එය වැළැක් වූ සැටිත් අප දන්නවා.

අදහන්නට බැරි පොලී අනුපාතයන් දෙන මූල්‍ය සමාගම් හා අදහන්නට බැරි ගුප්ත සේවාවන් සපයන ජ්‍යොතිෂ ව්‍යාපාරිකයන් අතර ලොකු වෙනසක් නැහැ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් තිබෙනවා. එසේ ම පාරිභෝභිකයා සැම විට ප‍්‍රවේශම් විය යුතු යැයි (Caveat emptor) නම් ලතින් ඔවදනක් ද තිබෙනවා. මාධ්‍ය හරහා ප‍්‍රතිරූප පුම්බන ඇතැම් දෙනා හීන් සීරුවේ කරන ව්‍යාපාරවලට නීතිමය නොවෙතත් සදාචාරාත්මක වගකීමක් මාධ්‍යවලටත් පැවරෙනවා. මාධ්‍ය කළ යුත්තේ මිනිසුන් රැවටීම නොව රැක ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ හැම ගුප්ත සේවා සපයන්නා ම වංචනිකයි යන්න නොවේ. එහෙත් විවෘත වෙළඳපොළේ වාණිජ මට්ටමින් ජ්‍යොතිෂ හා ගුප්ත සේවා සපයන උදවිය ටෙලිවිෂන්, රේඩියෝ හා පත්තර හරහා තම කේෂත‍්‍රය ගැන අදහස් දක්වන විට තම ව්‍යාපාරිකා අරමුණු ද ඒ හරහා ඍජුව හෝ වක‍්‍රව ප‍්‍රවර්ධනය වන බව සැබෑවක්.

මෙරට ගුප්ත සේවා සඳහා පාරිභෝගික ආරක්ෂණ නීති ක‍්‍රියාත්මක වන බවක් මා දන්නේ නැහැ. මේ නිසා ගුප්ත සේවා සපයන්නන් මාධ්‍යවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් ගැන මීට වඩා ප‍්‍රවේශම්කාරී වීමේ ලොකු වගකීමක් මාධ්‍යවලට පැවරෙනවා. ගෙවී යන වසරේ ලෝක විනාශ මායාවට මුවා වී ප‍්‍රතිරූප හා ව්‍යාපාර වර්ධනය කර ගන්නට අවිචාරශීලිව ඉඩ දීම හරහා අපේ මාධ්‍ය කර තිබෙන්නේ කලකට පෙර ඔවුන් සක්විති වන්දනාවට ඉඩ දුන්නාට සමාන දෙයක්.

the-end-of-the-world-logo

Mind Journeys with Arthur C Clarke: New Sinhala book offers glimpses of a visionary

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012). Cover photos by Shahidul Alam, Drik

In a literary career spanning over six decades, Sir Arthur C Clarke (1917 – 2008) wrote 100 books and more than 1,000 short stories and essays. He was the first to propose geostationary communications satellites, and inspired the World Wide Web.

To mark his 95th birth anniversary which falls this month, science writer Nalaka Gunawardene is releasing a new Sinhala book offering a quick tour of Clarke’s imagination, analyses and extrapolations on the world’s current challenges and our choice of futures.

Titled ‘Arthur C Clarke Chintana Charika’ (Mind Journeys with Arthur C Clarke), the book is a collection of Nalaka’s articles, media columns and interviews based on the late author and visionary’s formidable intellectual output. Some have appeared in Lankan newspapers or magazines during the past 25 years, while others are coming out in print for the first time.

“These are not translations, and most are not even adaptations. Instead, I have distilled Sir Arthur’s ideas and imagination and presented them in simple Sinhala,” says Nalaka, who worked with Clarke for 21 years as research associate at his personal office in Colombo.

Indicative of Clarke’s diverse career and interests, the book is divided into five sections: highlights of his illustrious life; astronomy and space travel; information and communications technology; futuristic visions; and his long association with Sri Lanka.

“Sir Arthur cheered and promoted Sri Lanka for half a century – in both good times and bad. The section on Sri Lanka captures his visions and hopes for his adopted homeland: on how we may overcome the burdens of evolution and history to create a truly peaceful and prosperous island for all,” says Nalaka.

The book contains Clarke’s advice on rebuilding Sri Lanka after the 2004 tsunami, the story of the first Sinhala feature film in colour (Ran Muthu Duwa, 1962) that Clarke financed, and the text of his 90th birthday video, which eventually became his public farewell.

Other essays focus on Clarke’s cautious optimism for information society and the future of artificial intelligence, his hopes of developing clean energy sources to end humanity’s addiction to fossil fuels, and his advocacy of a world free of nuclear weapons.

Nalaka reiterates that the best way to celebrate the legacy of Arthur C Clarke is to adapt his ideas for a better world based on knowledge, ethics, compassion and imagination.

The 280-page book, published by Wijesooriya Grantha Kendraya (Wijesooriya Book Centre), will be launched at 3 pm on Tuesday, 18 December 2012 at the National Library Services and Documentation Board, 14, Independence Avenue, Colombo 7. The main speaker will be Prof Rohan Samarajiva, Chair and CEO of LIRNEasia. Copies will be sold on discount at the launch.

My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසින් රචිත නවතම ග‍්‍රන්ථය 2012 දෙසැම්බර් 18 වනදා එළි දකියි.

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ නව අදහස්, දිගු කාලීන දැක්ම හා පරිකල්පනය කැටි කර ගනිමින් ලියන ලද ලිපි 18ක් ද සම්මුඛ සාකච්ඡා තුනක් ද එහි ඇතුළත් ය. මෙයින් ඇතැම් ඒවා ගෙවී ගිය වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා සඟරාවල පළ වූ අතර, ඉතිරිය මුද්‍රණයෙන් එළි දකින්නේ පළමු වතාවට ය.

අභ්‍යවකාශ තරණය, තාරකා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාගර ගවේෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ මානව සංහතියේ අනාගතය ගැන ද විසි වන සියවසේ විසූ ප‍්‍රමුඛ පෙළේ චින්තකයකු වූ ක්ලාක්ගේ හරබර සංකල්පනා මේ පොත ලිහිල් සිංහලෙන් ඉදිරිපත් කරයි.

මේ ග‍්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය 2012 දෙසැම්බර් 18 වනදා පස්වරු 3ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආතර් සී. ක්ලාක්ගේ 95වන ජන්ම සංවත්සරය ද සැමරෙන එදින ප‍්‍රධාන දේශනය පවත්වන්නේ සන්නිවේදන විශේෂඥ හා ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. ආතර් සී. ක්ලාක් ගැන හා ශ‍්‍රී ලංකාව ගැන මෑතදී නිපදවුණු සිංහල වැඩ සටහනක් ද එදින තිර ගත කිරීමට නියමිත ය.

නව දැනුම හා තාක්ෂණයන් සදාතනික මානව ගුණයන් සමඟ මනා සේ මුසු කරමින්, අඟහිඟකම් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ කෙසේ ද යන්නට අනාගතවේදී ක්ලාක්ගේ උපදෙස් රැසක් මේ පොතේ සැකෙවින් අඩංගු ය. සුනාමියෙන් විපතට පත් වෙරළබඩ ප‍්‍රදේශ යළි ගොඩ නැංවීම ගැනත්, කොළඹ නාගරික සංවර්ධනය ගැනත් මෑත වසරවල දී ක්ලාක් දැක් වූ අදහස් ඒ අතර වෙයි.

සන්නිවේදන තාක්ෂණයන් නිසි ලෙස හැසිරවීම, බලශක්ති අර්බුදය ජය ගැනීම, සාගර සම්පත් නැණවත් ලෙස පරිහරණය හා මානවයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සමනය කර ගැනීම වැනි අතිශයින් වැදගත් මාතෘකා රැසක් ගැන ඔහුගේ ලිපි ලේඛන හා දේශනවලින් තෝරා ගත් අදහස් නාලකගේ ලිපිවලට පාදක වී තිබේ.

‘‘ආතර් සී. ක්ලාක් සැමරීමට හොඳ ම ක‍්‍රමය ඔහු නමින් පාරවල් හෝ ගොඩනැගිලි නම් කිරීම නොව ඔහු ඉතිරි කර ගිය පුළුල් වූත්, ගැඹුරු වූත් අදහස් සමුදාය අදට ගැලපෙන ලෙස අදාළ කර ගැනීමයි,’’ නාලක ගුණවර්ධන කියයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ උපන් ආතර් සී. ක්ලාක් 1956 සිට සිය පදිංචිය සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පුරවැසියකු හා ශ‍්‍රී ලංකා පදිංචිකරුවකු ලෙස අඩ සියවසකට වැඩි කලක් මෙරට අධ්‍යාපනික, විද්‍යාත්මක, සාංස්කෘතික හා පාරිසරික ක්ෂෙත‍්‍රවලට විද්වත් දායකත්වය ලබා දුන්නේ ය.

නාලක ගුණවර්ධන 1987 සිට 2008 දක්වා වසර 21ක් පුරා ආතර් සී. ක්ලාක් සමඟ ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ සේවය කළේ ය. මේ කාලය තුළ ලෝ ප‍්‍රකට ලේඛකයාට පර්යේෂණ, ලේඛන හා මාධ්‍ය සම්බන්ධීකරණ සහාය දුන් නාලක, අවසාන දශකයේ දී ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේ ය.

විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශිත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ ග‍්‍රන්ථයේ මිල රු. 450කි. එදින සහන මිලකට පිටපත් අලෙවි කැරනු ඇත.

සිවුමංසල කොලූගැටයා #95: ඩිජිටල් තාක්ෂණයෙන් ජන උරුමය රකින මෝජි රීබා

In this week’s Ravaya column (in Sinhala), I write about an Indian friend of mine: Moji Riba, filmmaker and cultural anthropologist, who lives and works in India’s north-eastern Arunachal Pradesh.

It’s an isolated remote and sparsely populated part of the country that is home to 26 major tribal communities,. Each one has its own distinctive dialect, lifestyle, faith, traditional practices and social mores. They live side by side with about 30 smaller communities.

A combination of economic development, improved communications, the exodus of the young and the gradual renunciation of animist beliefs for mainstream religions threatens Arunachal’s colourful traditions. “It is not my place to denounce this change or to counter it,” says Moji. “But, as the older generation holds the last link to the storehouse of indigenous knowledge systems, we are at risk of losing out on an entire value system, and very soon.”

For the past 15 years, he has been documenting it on video and photos. Read my English blogposts about him in Nov 2008 and Jan 2009.

I caught up with him in Delhi last week, which inspired this column.

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

ගෝලීයකරණය නැතහොත් Globalization ගැන අපේ ඇතැම් දෙනකු කථා කරන්නේ සැකයෙන් හා බියෙන්. එසේ කලබල වන අය මේ සංසිද්ධිය හරිහැටි තේරුම් ගෙන නැහැ.

ගෝලීයකරණය යනු හැම සමාජයක් හා ආර්ථිකයක් ම එක අච්චුවේ පිටපත් බවට පත් කිරීම නොවෙයි. වෙළඳ සබඳතා, දේශ සංචාරයන්, කලාපීය සහයෝගිතාව හා තොරතුරු තාක්ෂණය ආදී ක්ෂෙත‍්‍රවලදී ස්වාධීන රටවල් තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් යම් මට්ටමකින් ඒකාබද්ධ වීමයි.

ගෝලීයකරණයේ අංගයන් යොදා ගෙන අපේ සාංස්කෘතික උරුමයන් හා දායාදයන් රැක ගත හැකියි. අද මා කථා කරන්නේ එබඳු ප‍්‍රයත්නයක යෙදී සිටින ඉන්දියානු මිතුරකු ගැන.

ඔහුගේ නම මෝජි රීබා (Moji Riba). වයස 40යි. ඔහු උපන්නේ හා හැදුනේ වැඩුනේ ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ. එය මහා නගරයක් හෝ ප‍්‍රකට ප‍්‍රාන්තයක් නොවෙයි. තිබෙන්නේ ඉන්දියාවේ ඊසානදිග කෙළවරේ. චීනය, බුරුමය හා භූතානය සමඟ දේශසීමා තිබෙන මේ ප‍්‍රාන්තය භූමියෙන් ශ‍්‍රී ලංකාවටත් වඩා විශාලයි (වර්ග කිලෝ මීටර් 83,743). එහෙත් 2011දී ජනගහණය මිලියන් 1.4යි. ජන ඝනත්වය ඉතා අඩු, කඳුකර ප‍්‍රදේශවලින් බොහෝ විට සැදුණු අරුණාචල් ප‍්‍රාන්තයේ වැඩි කොටසක් හිමාල කඳුවැටියෙන් වැසී තිබෙනවා.

ජන සංඛ්‍යාව සාපේක්ෂව අඩු වූවත් ජන විවිධත්වය අතින් අරුණාචල් ප‍්‍රාන්තය ඉන්දියාවේ පමණක් නොව මුළු ආසියාවේ ම ඉහළින් සිටිනවා. එකිනෙකට වෙනස් භාෂා 30ක් හා උප භාෂා (dialects) දුසිම් ගණනක් එහි තිබෙනවා. මෙයට හේතුව තමන්ට ම ආවේණික සංස්කෘතීන් ඇති සුළු ජන කොටස් රැුසක් මේ ප‍්‍රදේශයේ සහස‍්‍ර ගණනක් තිස්සේ ජීවත් වීමයි.

අරුණාචල් ප‍්‍රාන්තයේ හමු වන්නේ ඉන්දියාවේ මහා හින්දු සංස්කෘතික ප‍්‍රවාහයට බෙහෙවින් වෙනස් වූ, වඩාත් බුරුම හා ටිබෙට් ආභාෂය ලද සංස්කෘතීන් ගොන්නක්. මේ සෑම එකකට ම ආවේණික ජන කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි හා ගති පැවතුම් තිබෙනවා. ඒකීය ඉන්දියානු ජනරජය තුළ මෙබඳු සංස්කෘතීන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එරට ව්‍යවස්ථාවෙන් ම ඉඩ සලසා තිබෙනවා.

එසේ වූවත් නවීකරණය සමඟ මේ සමහර ජන කොටස්වල අළුත් පරම්පරා සාම්ප‍්‍රදායික උරුමයන් දිගට ම පවත්වා ගන්නට එතරම් උනන්දු නැහැ. මෙය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා දැකිය හැකි ප‍්‍රවණතාවක්. පුද්ගල මට්ටමෙන් විග‍්‍රහ කරන විට පරම්පරා උරුමයන් ඉදිරියට ගෙන යාමට කිසිවකුට බල කළ නොහැකියි. එහෙත් අරුණාචල් ප‍්‍රාන්තයේ අතිශය විචිත‍්‍ර වූත්, ලොව කිසිදු තැනෙක හමු නොවන්නා වූත් ජන උරුමයන් රැක ගැනීමේ අවශ්‍යතාව මානව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.

ජන සංස්කෘතියක් යනු සජීව හා ගතික දෙයක්. කෞතුකාගාර ගත කරන්නට බැහැ. එය යම් තරමකින්වත් හසු කර ගත හැක්කේ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය හරහායි. මේ බව මනාව තේරුම් ගත් මෝජි, 1997දී සිය ප‍්‍රාන්තයේ ජන කලා, සිරිත් විරිත්, නැටුම් හා අනෙකුත් පැතිකඩ නවීන ඩිජිටල් ඡයාරූප හා වීඩියෝ හරහා වාර්තා කිරීමේ පෞද්ගලික මට්ටමේ ව්‍යාපෘතියක් ඇරඹුවා.

‘‘නවීකරණයත් සමඟ ආ ප‍්‍රවාහයන් නිසා මගේ පරම්පරාවේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික උරුමයෙන් පිටතට පා වී යන හැටි මා දකිනවා. ඒ අය ගැන විනිශ්චයක් දීමට මට ඕනෑ නැහැ. නමුත් අපේ වැඩිහිටියන්ගේ පරම්පරාවේ හමු වන ස්පර්ශ කළ නොහැකි උරුමය (intangible heritage) අප ඩිජිටල් ක‍්‍රම මඟින්වත් ලේඛනගත නොකළොත් ඒවා සදහට නැසී යාමේ අවදානමක් තිබෙනවා’’ ඔහු කියනවා.

කලබලකාරී නවීකරණය වෙනුවට වඩාත් සියම් හා සුපරීක්ෂාකාරී ලෙසින් නවීන ලෝකයේ තමන්ට ගැලපෙන දේ පමණක් ළං කර ගැනීමට සංවේදී බව හා විචක්ෂණ ගුණය මෝජිට තිබෙනවා. ඔහු ඉන්දියාවේ අංක එකේ මාධ්‍ය සරසවිය ලෙස සැලකෙන නවදිල්ලියේ ජමීලා මිලියා ඉස්ලාමියා සරසවියෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලැබූ අයෙක්. මේ තරම් උගත්කමක් හා පුහුණුවක් ලබන බොහෝ ඉන්දියානුවන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ආයතනවල රැකියා ලබා ගෙන මහ නගරවල පදිංචි වනවා. එහෙත් මෝජි නගරයෙන් නවීන සන්නිවේදන තාක්ෂණය දැනුම හා කුසලතා ගෙන තම ගම් පළාතට ගියා.

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha's birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha’s birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

සංස්කෘතික පර්යේෂණ හා ලේඛනගත කිරීමේ කේන්ද්‍රය (Centre for Cultural Research and Documentation, CCRD) අරඹමින් තවත් ඔහු වැනි ම කිහිප දෙනෙකු සමඟ ප‍්‍රාන්තයේ ජන සංස්කෘතිය ගැන වීඩියෝ වාර්තා චිත‍්‍රපට නිපදවීම ඇරඹුවා.

‘‘මගේ ප‍්‍රාන්තයේ සංස්කෘතික උරුමය මා දකින්නේ ඉලාස්ටික් පටියක් හැටියටයි. අපට යම් සීමා තුළ මේ පටිය විස්තාරණය කළ හැකියි. කාලයේ හා නවීකරණයේ ප‍්‍රවාහයන් නිසා අතීතයේ සිට පැවත ආ උරුමයන් ඒ අයුරින් ඉදිරියට ගෙන යාමට අමාරුයි. එහෙත් අඩු තරමින් ඒ ගැන විස්තරාත්මක ලේඛනගත කිරීමක් අප කරනවා’’ යැයි ඔහු කියනවා.

මෝජි මට මුලින් හමු වූයේ 2003දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී. මා සංවිධානය කළ දකුණු ආසියාතික ටෙලිවිෂන් හා වීඩියෝ පුහුණු වැඩමුළුවකට ආ මේ නිහඬ තරුණයා හැම දෙනාගේ ප‍්‍රසාදය හා ගෞරවය දිනා ගත්තා. ඔහු නිපද වූ වාර්තා චිත‍්‍රපට කිහිපයක් මා දැක තිබෙනවා.

මේවා දුවන ගමන් කළ ටෙලිවිෂන් වාර්තා නොවෙයි. සති හෝ මාස ගණන් මහත් ඉවසීමෙන් හා කැපවීමෙන් කේෂත‍්‍රයේ රූපගත කොට සියුම් ලෙසත්, සෞන්දර්යාත්මක ලෙසත් සංස්කරණය කළ ඩිජිටල් කලා කෘති හැටියට මා දකිනවා. 1997-2008 කාලය තුළ එබඳු වාර්තා චිත‍්‍රපට 35ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළා.

ඒවායින් සමහරක් මානව විද්‍යා හා සංස්කෘතික උරුමය ගැන තේමාගත වූ චිත‍්‍රපට උළෙලවලත්, ඉන්දියාවේ දුර්දර්ශන් ජාතික ටෙලිවිෂන් නාලිකාවේත් තිරගත වී තිබෙනවා. විශාල පේ‍්‍රක්ෂක සමූහයකට ඉලක්ක කරනවා වෙනුවට මේ නිර්මාණ වඩාත් ගැලපෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් දේශනාගාර, විද්වත් රැස්වීම් ආදියේ පෙන්වන්නටයි.

‘‘අප මේ චිත‍්‍රපට හරහා උත්සාහ කරන්නේ සංක‍්‍රාන්ති කාලයක සිටින අපේ ප‍්‍රාන්තයේ විවිධ ජන කොටස් තමන්ගේ සංස්කෘතික උරුමය, ස්වභාවික පරිසරය හා සමාජ-ආර්ථික සංවර්ධනය යන සාධක තුන තුලනය කර ගන්නා හැටි වාර්තාගත කරන්නයි. එහිදී අපේ මතවාදයන් ඒ වාර්තාකරණයට අප එකතු කරන්නේ නැහැ,’’ මෝජි කියනවා.

වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමට පැය ගණනක් පටිගත කළ රූප රාමුවලින් අවශ්‍ය කොටස උකහා ගත් පසු ඉතිරිය බොහෝ විට සංරක්ෂණය වන්නේ නැහැ. එහෙත් මෝජි වසර 15ක් පුරා පටිගත කළ හැම පටයක් ම ප‍්‍රවේශමින් සංරක්ෂණය කරනවා.

මේ ගැන වඩාත් ගැඹුරින් පර්යේෂණ කරන්නට 2004දී අරුණාචල් ප‍්‍රාන්ත අගනගරය වන ඉතානගර්හි රාජීව් ගාන්ධි සරසවියේ ජන සන්නිවේදන අංශයත් සමඟ එක් වී ඩිප්ලෝමා පාඨාමාලාවක් ද ඔහු ආරම්භ කළා. ඔහුගේ කාලය ඉගැන්වීමට, පර්යේෂණවලට හා කේෂත‍්‍ර මට්ටමේ රූපගත කිරීම්වලට බෙදී යනවා.

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

මෑතක් වන තුරු අරුණාචල් ප‍්‍රාන්තය විදේශික සංචාරකයන්ට අවසර නැතිව ඇතුළු විය නොහැකි, සීමා වූ ප‍්‍රදේශයක් ලෙස පැවතියා. එහෙත් දැන් චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ජංගම දුරකථන සේවාවන් හා ගමනාගමන පහසුකම් ආදිය පුළුල් වීමත් සමඟ සමාජ නවීකරණය වේගවත් වෙලා.

මේ නිසා ජන කලා හා සංස්කෘතික ලේඛනගත කිරීමේ අමුතු ආකාරයේ ව්‍යාපෘතියක් මෝජි 2009දී යෝජනා කළා. තෝරා ගත් ගම්මාන 15ක දක්ෂ ගැමි තරුණ තරුණියන් 15 දෙනකුට ඩිජිටල් වීඩියෝ තාක්ෂණය භාවිතය පුහුණු කරනවා. (අද කාලේ මේවා මැජික් නොවේ. ලෙහෙසියෙන් උගත හැකියි).

ඉන්පසුව ඔවුන්ට ඩිජිටල් වීඩියෝ කැමරා දී වසරක් පුරා තම ගම්මානයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, උත්සව, වැඩිහිටියන්ගේ මතකයන් හා ආවේණික දෑ පටිගත කරන්නට සලස්වනවා. හැම ගමකින් දළ වශයෙන් වීඩියෝ පැය 300ක් පමණ එකතු වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අවසානයේ මේ සියල්ල ප‍්‍රාන්ත කෞතුකාගාරයේ හා සරසවියේ ද අනුදැනුම ඇතිව පොදු තැනෙක සංරක්ෂණය කොට පර්යේෂකයන්ට අධ්‍යයනය කරන්නට ලබා දෙනවා.

එකිනෙකට වෙනස් භාෂා කථා කරනා ජන කොටස් සැමගේ විශ්වාසය දිනා ගෙන ඔවුන්ගේ සහයෝගයෙන් කරන මේ ව්‍යාපෘතියෙන් වසර කිහිපයක ඇවෑමෙන් වීඩියෝ පැය 4,000ක් පමණ එකතු වීමට නියමිතයි. මෙය කාල කැප්සියුලයක් (time capsule) ලෙස මෝජි හඳුන්වනවා. ජන සංස්කෘතිය නිතිපතා පරිණාමය වන නිසා අපට කළ හැක්කේ අද දවසේ එහි ගති සොබා හසු කර ගැනීම පමණක් බව ඔහු දන්නවා.

ජීවිතයේ උපතේ සිට මරණය දක්වා හැම අවස්ථාවකට ම ආවේණික සිරිත් විරිත් ඔවුන්ට තිබෙනවා. දරුවකුගේ උපත, අස්වනු නෙළීම, විවාහ මංගල්‍යයන්, මළවුන් සිහි කිරීම ආදිය ඒ අතර සුවිශේෂයි. මේ සිද්ධීන් හැම ජන කොටසකට ම පොදු වූවත් ඔවුන් ඒවා සමරන ආකාරය එකිනෙකට වෙනස්. එක් මහ ජාතියක් සංඛ්‍යාත්මකව හමු නොවන අරුණාචල් ප‍්‍රාන්තයේ හැම දෙනා ම සුළු ජාතියක්.

මේ අසාමාන්‍ය සංස්කෘතික ව්‍යායාමය ඔහු නම් කරන්නේ කඳුකරයේ ඇස (Mountain Eye) ව්‍යාපෘතිය ලෙසයි. ශාස්ත‍්‍රීය වටිනාකමක් ඇති මෙබඳු කටයුතුවලට බොලිවුඞ් ආකර්ෂණය හෝ වෙළඳපොළ විභවයක් නැති නිසා අවශ්‍ය වියදම ඉන්දියාව තුළින් සොයා ගැනීම ලොකු අභියෝගයක්.

ස්විට්සර්ලන්තයේ රෝලෙක්ස් ඔරලෝසු සමාගම සුවිශේෂි පර්යේෂණ හා ගවේෂණවලට අනුග‍්‍රහය දක්වන්නට තරගකාරී මට්ටමින් තෝරා ගන්නා රෝලෙක්ස් ත්‍යාගයක් (Rolex Award for Enterprise) 2008දී මෝජි රීබාට ප‍්‍රදානය කළා. එයින් ලැබුණු ත්‍යාග මුදලත්, ලෝක මට්ටමේ ප‍්‍රසිද්ධියක් යොදා ගෙන සුපුරුදු නිහඬ රටාවට මෝජි තමන්ගේ ව්‍යාපෘතිය පෙරට ගෙන යනවා.

ජන සංස්කෘතිය කෞතුකාගාර හෝ සරසවිවලට කොටු වන්නට ඉඩ නොතබා ඔහු එය තරුණයින් වඩාත් ගැවසෙන කැෆේ, සිනමා ශාලා හා සාප්පු සංකීර්ණවලට චිත‍්‍රපට ගෙන යනවා. පාසල් දර්ශන සංවිධානය කරනවා. අරුණාචල් භාෂා 9කින් ගැයෙන් ගීත ඇතුළත් CD තැටියක් නිපදවා බෙදා හරිනවා.

අරුණාචල් ප‍්‍රාන්තයේ ආවේණික ජන සංස්කෘතිය අද මුහුණ පා සිටින්නේ හුදෙක් ඉන්දියාවට පිටතින් සිට ගලා එන ප‍්‍රවාහයන්ට පමණක් නොවෙයි. රට තුළම සංඛ්‍යාත්මකව බහුතරයක් වූ හින්දි බස කථා කරන මහා සංස්කෘතියේ ප‍්‍රබල බලපෑමත්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා එන වෙළඳ පොළ හා ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑමත් ඔවුන්ට ඍජුව ම එල්ල වී තිබෙනවා.

මෙවැනි ප‍්‍රවාහයන් හමුවේ ඇතැම් දෙනා හූල්ලමින් හා දෙස් තබමින් කල් ගත කළත් මෝජිගේ ප‍්‍රතිචාරය බෙහෙවින් වෙනස්. ළිඳට වැටුණු මිනිසකු ළිං කටින් ම ගොඩ ආ යුතු සේ ඔහු කරන්නේ නව සන්නිවේදන තාක්ෂණයන් යොදා ගෙන තම ජනයාගේ උරුමය රැක ගන්නට තැත් කිරීමයි. ඔහු මෙය පෞද්ගලික ජීවිතයේදීත් ක‍්‍රියාත්මක කරනවා. හින්දි හා ඉංග‍්‍රීසි භාෂා ව්‍යක්ත ලෙස හසුරුවන්නට උගත් ඔහු වයස විසි ගණන්වල සිය මවුබස වන ගැලෝ භාෂාව (Galo) උගත්තා. දැන් ඔහු එය සිය ලාබාල පුතුන් දෙදෙනාට කුඩා වයසේ සිට උගන් වනවා.

‘‘අපේ දරුවන්ට ගීයක් ගයන්න කී විට ඔවුන් ගයන්නේ හින්දි නැතහොත් ඉංග‍්‍රීසි ගීත. අප දැන් තැත් කරන්නේ තමන්ගේ ම බසින් සින්දු කීමේ අමතර හැකියාව අළුත් පරම්පරාවේ හැමට ලබා දෙන්නයි,’’ මෝජි කියනවා.

‘‘විසි එක් වන සියවසේ සුළු ජන කොටස්, ගෝත‍්‍රික හා ආදිවාසී පිරිස් පසුගාමීව හෝ මුළුගැන් වී සිටිය යුතු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ප‍්‍රධාන ප‍්‍රවාහයට නතු නොවී අපේ සුවිශේෂි අනන්‍යතාව රැක ගනිමින් නවීකරණය වන්නට හැකියි,’’ මෝජී රීබාගේ දර්ශනය එයයි.
http://tiny.cc/MojiR1

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today

Newsstand Sri Lanka – image courtesy WSJ.com

“Sri Lanka’s newspaper history dates back to Colombo Journal (1832) which apparently had a short but feisty life before it invoked the ire of the British Raj. Nearly two centuries and hundreds of titles later, the long march of printer’s ink — laced with courage and passion – continues.

“How long can this last?

Print journalism’s business models are crumbling in many parts of the world, with decades old publications closing down or going entirely online. This trend is less pronounced in Asia, which industry analysts say is enjoying history’s last newspaper boom. Yet, as I speculated three years ago when talking to a group of press barons, we’ll be lucky to have a decade to prepare for the inevitable…”

These are excerpts from a short essay I originally wrote last week to mark the first anniversary of Ceylon Today newspaper, where I’m a Sunday columnist. It was printed in their first anniversary supplement on 18 Nov 2012.

Groundviews.org has just republished it today, making it easily available to a much wider audience. Read full essay:

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today, by Nalaka Gunawardene

Another excerpt: “In the coming years, waves of technology, demographics and economics can sweep away some venerable old media along with much of the deadwood that deserves extinction. The adaptive and nimble players who win audience trust will be the ones left to write tomorrow’s first drafts of history.”

Image courtesy Reuters

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

I have an interview (in Sinhala) on science communication for their 25th anniversary issue, which can be found here.

I have followed up with an expansion of some of these ideas in my Sunday column in Ravaya newspaper. My theme this week is science journalism (a subset of science communication) — why is it important for modern societies and what challenges are faced by Lankan science journalists.

Vidusara science magazine – 25th anniversary issue cover 7 Nov 2012

විදුසර සතිපතා විද්‍යා පුවත්පතට වසර 25ක් පිරෙන්නේ මේ මාසයේයි. 1987 නොවැම්බර් අරඹන ලද මේ ප‍්‍රකාශනය, පරම්පරාවක පමණ කාලයක් පවත්වා ගෙන ඒම වැදගත් මාධ්‍ය ජයග‍්‍රහණයක්.

විදුසර ඇරඹීමට පිඹුරුපත් සකසන අවස්ථාවේ මා එම ප‍්‍රකාශන සමාගමේ ඉංග‍්‍රීසි පුවත්පතේ විද්‍යා ලේඛකයකු වූ නිසා ඒ ගැන උපදෙස් දෙන විද්වත් කමිටුවකට මා ද සම්බන්ධ කර ගනු ලැබුවා. විදුසර මුල් සතිවලදී එයට මා ලිපි කිහිපයක් ලියුවත් ඉන් පසු මා කිසි ලෙසකින් හෝ එයට සම්බන්ධ වූයේ නැහැ. ඔවුන්ට තෝරා ගත් මාර්ගයේ යන්නට ඉඩ දී මා මට ආවේනික වූ විද්‍යා සන්නිවේදන චාරිකාවක නිරත වූවා.

එහෙත් අවසාන විනිශ්චයේදී විදුසරේත්, මගේත් අරමුණු සමාන්තරයි. එනම්, විද්‍යාව හා තාක්ෂණය පොදු උන්නතියට වඩා හොදින් දායක වීමට අවශ්‍ය සංවාද ඇති කිරීමයි. මේ නිසා විද්‍යා සන්නිවේදනයේ අභියෝග ගැන අද අපි කථා කරමු.

විද්‍යා මාධ්‍යකරණය (Science Journalism) යනු ඊට වඩා පුඑල් වූ විද්‍යා සන්නිවේදන (Science Communication) කි‍්‍රයාදාමයේ එක් කොටසක් පමණයි. විද්‍යා අධ්‍යාපනය, විද්‍යා සමිති සමාගම්, විද්‍යා ප‍්‍රබන්ධකරණය, විද්‍යාවට කැප වූ කෞතුකාගාර, ප‍්‍රදර්ශන හා වෙනත් කි‍්‍රයාකාරකම් රැසක් ද විද්‍යා සන්නිවේදනයට අයිතියි. විද්‍යා මාධ්‍යකරණය මේ අතරින් කැපී පෙනෙන්නේ අද කාලේ මාධ්‍යවලට තොරතුරු සමාජයේ ඇති මුල් තැන නිසායි.

විද්‍යා මාධ්‍යකරණයේ වසර 25ක් පුරා නියැලී සිටින මට, මේ ක්ෂේත‍්‍රය ගැන මගේ ම නිර්වචනයක් හා විග‍්‍රහයක් තිබෙනවා. විද්‍යා මාධ්‍යවේදීන් යනු විද්‍යාව හා තාක්ෂණය ගැන විචාරශීලීව ආවරණය කරන, හරිදේට ආවඩන අතර වැරදි දෙය නොබියව විවේචනය කරන පිරිසක්. වෘත්තීය විද්‍යඥයන්ගේ හොරණෑවක් හෝ ලවුඞ්ස්පීකරයක් ලෙසින් අපගේ සමාජ මෙහෙවර සීමා කර නොගත යුතුයි.

මේ කාර්යය හරිහැටි කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය ගැන පසුබිම් දැනුමක් අවශ්‍ය වූවත් විද්‍යා විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම අතවශ්‍ය නැහැ. ලෝකයේ සම්මානනීය විද්‍යා මාධ්‍යව්දීන් අතර ඉංගී‍්‍රසි සාහිත්‍යය, ගී‍්‍රක හා රෝමන් සභ්‍යත්වය හා ජපන් භාෂාව උගත් අය ද සිටිනවා.

විද්‍යා මාධ්‍යකරණය යනු විද්‍යාව ජනපි‍්‍රය කිරීම ම (Science Popularization) නොවේ. පාසල් හා සරසවි විෂයමාලාවල ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන් කොට උගත්ත ද ජන සමාජයේ අපට විද්‍යාව හා එහි ප‍්‍රායෝගික භාවිතය වන තාක්ෂණය හමු වන්නේ අපේ පැවැත්මට හා දියුණුවට සම්බන්ධ වූ ආකාරයටයි. විද්‍යා මාධ්‍යකරණයේදී අපට තිබෙන වගකීම විෂයානුබද්ධ දැනුම රටට බෙදීම නොව ජීවිතයට අදාල දිවි සුරකින දැනුම තර්කානුකූල ලෙසින් හා තේරෙන බසින් කොයි කාටත් සන්නිවේදනය කිරීමයි. එය සිදු විය යුත්තේ මාධ්‍යකරණයේ මුලික සාරධර්ම සියල්ලට අනුකූලවයි.

ලොව පිළිගත් විද්‍යා මාධ්‍යවේදියෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් ඩික්සන් (David Dickson) කියන්නේ ද විද්‍යා මාධ්‍යකරණය හුදෙක් විද්‍යාත්මක තොරතුරු ප‍්‍රචාරණයට හෝ විද්‍යාව ජනපි‍්‍රය කිරීමට හෝ සීමා නොවන බවයි. මේවා අතුරු ඵලයන් වන නමුත්, විද්‍යා මාධ්‍යකරණය අද වන විට දියුණු සමාජයන්හි ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සම්ප‍්‍රදායක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

David Dickson, photo by UNESCO

කලක් New Scientist සඟරාවේ කතුවරයා හා Nature සහ Science යන පර්යේෂණ සඟරා දෙකෙහි ම ප‍්‍රවෘත්ති කතුවරයා ලෙස සේවය කොට පුඑල් අත්දැකීම් ඇති මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන්, විද්‍යා මාධ්‍යකරණයේ සමාජ හා දේශපාලනික මෙහෙවර ගැන දැඩි අවධානයෙන් සිටින කෙනෙක්.

ඔහුගේ ම වචනවලින්: “පොදු උන්නතිය (public interest) සුරැකීමට සටන් කරන මාධ්‍යවේදියකු යයි කී විට බොහෝ දෙනාගේ සිතට එන්නේ දේශපාලන මාතෘකා ගැන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ගැනයි. මන්ද යත් මාධ්‍ය නිදහසටත් පොදු උන්නතියටත් වැඩිපුර අභියෝග එල්ල වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් නිසා. එහෙත් වඩ වඩාත් විද්‍යාව හා තාක්ෂණය සමාජයේ, ආර්ථිකයේ හා රාජ්‍ය පාලනයේ තීරණවලට සෘජු බලපෑම් කරන අද කාලෙයේ එම සාධක සුඑවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික තේරීම් නවීන සමාජයන්ගේ පෙර ගමනට අත්‍යවශ්‍ය නිසා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා සෙසු සමාජය එම තීරණ, විකල්ප හා ප‍්‍රථිපල ගැන මනා සේ දැනුවත් වීම අතවශ්‍යයි. විද්‍යා මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අන් කවරදාටත් වඩා දැන් සමාජයට ඕනෑ වී තිබෙනවා.”

Science journalism is a key to good governance, SciDev.Net editorial by David Dickson, 13 April 2007.

විද්‍යාව හා තාක්ෂණය මත නවීන ජන සමාජයන් හා ආර්ථිකයන් වඩාත් පදනම් වන තරමට එම විෂයයන් ගැන විචාරශීලීව හා සංශයවාදීව (skeptically) විග‍්‍රහ කිරීමේ හැකියාව ද වඩා වැදගත් වනවා. විද්‍යාත්මක සංකල්පවලට වන්දනාමාන කිරීම නැතහොත් තාක්ෂණයට අනවශ්‍ය ලෙස බිය වීම යන මේ අන්ත දෙකට ම නොගොස් තුලනාත්මකව සිතීමේ හැකියාව අද දවසේ රාජ්‍ය පාලනයේ, ව්‍යාපාර කළමණාකරනයේ, සිවිල් සමාජයෙ හා අන් ක්ෂේත‍්‍රවල නියුතු අයට අවශ්‍ය වනවා. මේ සිතීමේ හැකියාව තීව‍්‍ර කරන්නටත්, වඩාත් නිවැරදි හා තර්කානුකූල තීරණවලට එළඹෙන්නටත් උදවු කරන්නේ විද්‍යා මාධ්‍යවේදයයි.

විදුසර විද්‍යාව හා තාක්ෂණය ගැන වෙන් වූ වාර ප‍්‍රකාශනයක් ලෙස අරඹන අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ එවකට සිටි පරිපාලකයන්ගෙන් මා උදක් ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දිනපතා සහ ඉරිදා පුවත්පත්වලින් මේ විෂයයන් ආවරණය කිරීම කිසිසේත් අඩු නොකරන ලෙසයි. එහිදී මා උපමිතියට ගත්තේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයයි. කී‍්‍රඩා ගැන ගැඹුරින් වාර්තා කරන සඟරා පළ කරන මාධ්‍ය ආයතන පවා සිය දිනපතා පුවත්පත්වල කී‍්‍රඩා වාර්තා නතර කර නැහැ. එබදු ආකල්පයක් විද්‍යාව ගැනත් පැවතිය යුතු කාලයක් අද එළඹී තිබෙනවා.

Isaac Asimov, photo by AP World Wide Photos

මීට වසර 25කට පමණ පෙර අමෙරිකානු විද්‍යා ලේඛක හා විද්‍යා ප‍්‍රබන්ධ කථා රචක අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කළ ප‍්‍රකාශයක් අදටත් අදාලයි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු නවීන සමාජයක ජීවත් වූවත් අප බොහෝ දෙනා තවමත් මේ ක්ෂේත‍්‍රවලට ආගන්තුකයන් බව ඔහු නිරීක්ෂණය කළා. “අප බහුතරයක් දෙනා වෘත්තීය බේස්බෝල් හෝ බාස්කට්බෝල් කී‍්‍රඩකයන් නෙවෙයි. එහෙත් එම කී‍්‍රඩා තරඟයක් නරඹා එහි ගුණාගුණ ගැන දැනුම් තේරුම් ඇතිව සංවාද කළ හැකි මට්ටමට අප ඒ කී‍්‍රඩා ගැන දන්නවා. වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ පිටතින් බලා සිට ඒ ආකාරයෙන් විචාරශීලීව විග‍්‍රහ කිරීමේ හැකියාව අප සැවොම ලබා ගතහොත් කෙතරම් අපූරු ද?” ඔහු ප‍්‍රකාශ කළා.

ආර්ථික අතින් වඩාත් ඉසුරුබර සමාජවල පවා මේ තත්ත්වය තවම උදා වී නැත්නම් දියුණු වන රටවල එබන්දක් පැතීම යථාර්ථවාදී ද? තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන දැලි පිහියක් බඳු මෙවලමක් නිසා අපේ වැනි රටවලට නොපමාව විද්‍යාත්මක සාක්ෂරතාවය (scientific literacy) අවශ්‍ය බව මගේ අදහසයි.

එය රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හා ආර්ථික සංවර්ධනයට සීමා වූවක් නොවෙයි. පුද්ගලයන් හා පවුල් හැටියටත් අප ගන්නා තීරණවලට විද්‍යාත්මක සාක්ෂරතාවය බලපානවා. එය මනා සේ නොතිබීම නිසා පොතේ උගතුන් පවා විවිධ මිථ්‍යාවාදයන් අවිචාරශීලීව අදහන සැටිත්, කූඨ වංචනිකයන්ගෙ උපක‍්‍රමවලට අසුවන සැටිත් අප මීට පෙර කථා කළා. (2012 ජනවාරි 22 හා ජනවාරි 29 කොලම් හරහා හේතුවාදී චින්තනය ගැන කළ විග‍්‍රහයන් කියවන්න.)

ඕනෑ ම වෘත්තීය ක්ෂේත‍්‍රයකට ආවේණික බාධාක තිබෙනවා. ඒවා අභියෝග ලෙස සළකමින්, එම අභියෝග ජය ගනිමින් කි‍්‍රයා කිරීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. විද්‍යා මාධ්‍යකරණයේදී අප නිතර මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා.

විද්‍යා පර්යේෂණ කා සඳහා ද? අපේ රටේ පර්යේෂණ සඳහා වැය කෙරෙන සීමිත මුදල් ප‍්‍රමාණය මුඑමනින් ම වාගේ රාජ්‍ය ප‍්‍රතිපාදනයි. බහුතරයක් රටේ ජනතාවගේ මුදල් හා ඉතිරිය විදේශාධාර ලෙස ලබා ගත් මුදල්. එහෙත් පොදු මුදලින් කෙරෙන පර්යේෂණ ගැන පොදු ජනතාවට වග කියන විද්‍යාඥයන් හැම තැනක ම නැහැ. ඒ වෙනුවට ආයතනික රෙකුලාසි, නිලධාරීවාදය හා වෙනත් හේතු දක්වමින් විද්වත් දැනුම හා විග‍්‍රහයන් සමාජයට ලබා නොදී මඟහරින පර්යේෂණ ආයතන තිබෙනවා.

මේවායින් තොරතුරු උකහා ගැනීම ඉතා අසීරු කාර්යයක්. තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය නීතියෙන් තහවුරු නොවූ අපේ රටේ, සාමාන්‍ය ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට හෝ නිල තොරතුරු හා පර්යේෂණ ප‍්‍රථිඵල දැන ගැනීමට යි. එයට හොඳ ම මෑත උදාහරණය නිදන්ගත වකුගඩු රෝගය ගැන කළ වසර තුනක පර්යේෂණවල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් පුරා හෙළිදරවු නොකර තබා ගැනීම. රහසිගත පර්යේෂණවලින් පොදු උන්නතියක් කෙසේ සළසන්න ද?

පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් කොහි ද? මෙය මා නිතර මතු කරන ප‍්‍රශ්නයක්. නිතර හමු වන දැවැන්ත අභියෝගයක්. මෙරට වෘත්තීය විද්‍යාඥයන් පන් දහසක් පමණ හා ජ්‍යෙෂ්ඨයන් සිය ගණනක් සිටියත් ප‍්‍රතිපත්ති හෝ ජන සමාජයට අදාල විද්‍යාත්මක කරුණක් ගැන ප‍්‍රසිද්ධියේ, සිය නමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

බහුතරයක් දෙනා සිය විශේෂඥ විෂය ගැන පවා මාධ්‍යවලට කථා කිරීමට මැළියි. නැතිනම් බියයි. (බියට සාධාරණ හේතු ද තිබෙනවා.) සමහරුන් පෞද්ගලිකව ප‍්‍රබල අදහස් දැක්වූවත් එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මාධ්‍යකරණයේදී මූලාශ‍්‍ර නමින් හඳුන්වා දෙන තරමට ඒවායේ විශ්වසනීයත්වය වැඩි වනවා. මේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්නට විද්‍යා මාධ්‍යවේදීන්ට දෛනික අරගලයක් කළ යුතුව තිබෙනවා.

මේ අභියෝග ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපය පුරා අඩු වැඩි පමණින් දැකිය හැකියි. විද්‍යාව හා තාක්ෂණ දියුණුවෙන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින ඉන්දියාවේ පවා මේ විසමතා හමුවනවා. එහෙත් අපට වඩා බෙහෙවින් පරිණත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් හා මාධ්‍ය සම්ප‍්‍රදායයන් ඉන්දියාවේ ඇති නිසා එරට විද්‍යා හා තාක්ෂණ මාතෘකා ගැන මාධ්‍ය වාර්තාකරණය වඩා හරවත් හා සමබරයි. මා උත්සාහ කරන්නේ ඉන්දියානු මට්ටමටවත් සමීප වන්නටයි. එයින් ඔබ්බට ජපන් හා බටහිර රටවල විද්‍යා මාධ්‍යකරණ ප‍්‍රමිතීන් ද යම් දිනෙක අප ඉලක්ක කළ යුතුයි.

විදුසර මේ ප‍්‍රමිතිකරණයේ කුමන තැනක සිටී ද යන්න මට ඇගැයීමට නොහැක්කේ දිගු කලක් මා ඒ ප‍්‍රකාශනයේ පාඨකයකු නොවන නිසයි. එහෙත් අවිචාරයේ හා අන්ධ වන්දනාවේ ඇලී ගැලී සිටින ලක් සමාජයේ ඇස් විවර කරන්නට 25 වසරක් තුළ විදුසර යම් පමණකට දායක වූවා යයි කිව හැකියි. ඒ ගැන එයට සම්බන්ධ සියඑ දෙනාට අපේ ප‍්‍රණාමය!

විදුසර තව යා යුතු දුර බොහෝයි. ඒ ගමන දුෂ්කරයි. කාලානුරූපව හැඩ ගැසීමට බැරි හැම ප‍්‍රකාශනයක් ම මාධ්‍ය ඩාවින්වාදයට අනුව වඳ වී යන බවත් විදුසර කතුවරුන් හොඳාකාර දන්නවා විය යුතුයි.

Your Disaster is Not My Disaster: Ceylon Today op-ed essay

Meteosat 7 weather satellite image of the Indian Ocean – 30 Oct 2012 at 6 UTC



As Hurricane Sandy hammered the US East Coast earlier this week, we had our own meteorological worries. A tropical cyclone — belatedly named Neelam — swept past parts of Sri Lanka’s North and East. It then headed to southern India.

The two atmospheric turbulences were not comparable. Sandy was far more ferocious. But Neelam caused enough disruption as well — it wasn’t just a passing gust of wind.

As I followed the two disasters through print, TV and web media reporting, I wondered: how come we had more about Sandy in our own media than on Neelam?

Is it because, as some argue, the global media were so preoccupied with Sandy, and provided saturation coverage? Or are our own media outlets unable, or unwilling, to cover a local weather anomaly with depth and clarity?

This is the opening of my latest op-ed essay, Your Disaster is Not My Disaster, published in Ceylon Today newspaper, 1 Nov 2012.

Another excerpt:

“In today’s networked society, commercially operating news media are no longer the sole gatherers or distributors of news. Some members of their (formerly passive) audience are now mini news operations on their own.

“What does this mean for communicating in disaster situations that requires understanding and sensitivity? In which ways can we find synergy between mainstream and new/social media, so together they can better serve the public interest? What value-additions can the mainstream media still bring to the coverage of disasters? And what to do about ‘Chicken Little’ reporters who try to link everything to a looming climate catastrophe? I don’t have all the answers, but keep asking these necessary questions.”

Here’s the full text, saved from the e-paper:

Your Disaster is not My Disaster – by Nalaka Gunawardene, Ceylon Today 1 Nov 2012

See also my March 2011 blogpost: Drowning in Media Indifference: Who cares for the backwoods?

Follow

Get every new post delivered to your Inbox.

Join 59 other followers