Taming 21st Century Demons for Universal Health Access in Sri Lanka

Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

“21st Century Demons & Universal Health Access in Sri Lanka” was the topic of my plenary talk to the annual scientific sessions of the College of Community Physicians Sri Lanka held in Colombo on 23 – 24 September 2013.

Speaking to an audience of medical practitioners, researchers and academics focusing on community medicine, I explored how public perceptions influence private choices and, ultimately, public health trends and progress.

I was part of a plenary session titled ‘Multi-sectoral approaches for universal health access’, co-chaired by the Director General of Health Services (Dr Palitha Maheepala) and WHO Country Representative in Sri Lanka (Dr F R Mehta).

Achieving universal health access and a robust public healthcare system requires not only medical and para-medical systems but also paying attention to sociological, anthropological and psychological aspects of wellness and illness in the Lankan context, I argued.

Nalaka Gunawardene speaking at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaking at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

I have long been interested in the nexus between public perceptions and environmental conservation. The same principles apply in public health: it’s not just facts, figures and technocratic analysis but people’s impressions, apprehensions, suspicions and fears that shape the public mind. These, in turn, influence public policies (which in democracies try to respond to public opinion — for better or worse!).

Investing LKR billions of public funds in the health sector is necessary, but not sufficient. Such public funds are at risk of being undermined if the public mind is occupied by assorted demons old and new. The new demons come dressed in the clothes of pseudo-science!

The media can either amplify ill-founded public perceptions, or help clarify matters. For the latter, medical professionals need to collaborate with sympathetic media editors and practitioners. This is a long-haul task.

I built on ideas initially expressed in:

Ceylon Today, 22 Sep 2013: When Worlds Collide #84: Have Lankans Suspended Disbelief Permanently?

Groundviews.org, 13 Jan 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

PowerPoint:

<div style=”margin-bottom:5px”> <strong> <a href=”https://www.slideshare.net/NalakaG/21st-century-demons-public-health-in-sri-lanka-by-nalaka-gunawardene-24-sep-2013&#8243; title=”21st Century Demons &amp; Public Health in Sri Lanka by Nalaka Gunawardene, 24 sep 2013″ target=”_blank”>21st Century Demons &amp; Public Health in Sri Lanka by Nalaka Gunawardene, 24 sep 2013</a> </strong> from <strong><a href=”http://www.slideshare.net/NalakaG&#8221; target=”_blank”>Nalaka Gunawardene</a></strong> </div>

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

My latest book is dedicated to Asanga Abeysundara who was my zoology teacher 30 years ago, as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, evolved into a printed magazine in 1984  with a small circulation and loyal readership.

Maanawa Sinhala science magazine first print issue, Aug 1984
Maanawa Sinhala science magazine first print issue, Aug 1984

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

I have written this week’s Ravaya column (in Sinhala) about Maanawa.

2012-13 වකවානුවේ රාවයේ පළ වූ සිවුමංසල කොලූගැටයා කොලම් 54ක් එක් තැන් කරන දෙවැනි ග‍්‍රන්ථය මේ සතියේ එළි දකිනවා. මා එය පිළිගන්වා ඇත්තේ මගේ විද්‍යා ගුරුවරයකු හා හිටපු කර්තෘවරයකුට.

“විද්‍යාත්මක චින්තනය හා විචාරශීලී දැනුම මෙරට ප‍්‍රචලිත කරන්නට මුද්‍රිත හා වෙබ් මාධ්‍ය හරහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ සඳහා තම කාලය, හැකියාවන් හා මුදල් නොමසුරුව වැය කරමින් දශක තුනකට වැඩි කාලයක් නිහඩ දායකත්වයක් සපයන ‘මානව’ විද්‍යා සඟරාවේ ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රකාශක අසංග අබේසුන්දර මහතාට.”

කවුද මේ අසංග අබේසුන්දර?

Asanga Abeysundara, Maanawa Editor & Publisher
Asanga Abeysundara, Maanawa Editor & Publisher

කොළඹ සරසවියෙන් සත්ත්ව විද්‍යා උපාධියක් ලද ඔහු විද්‍යාව හා කලාව දෙකට ම ලැදි අපූරු චරිතයක්. උපාධියෙන් පසු ඔහු වෘත්තිමය වශයෙන් යොමු වුණේ උසස් පෙළ සත්ත්‍ව විද්‍යාව උගන්වන්න. මේ සඳහා තමන්ට ම ආවේණික චිත්තාකර්ෂනීය ක‍්‍රමවේදයක් හරහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම ඇරැඹුවා. එදා මෙදා තුර ඔහුගේ ප‍්‍රධාන කාරිය හා ජිවිකාව එයයි.

මා මිත‍්‍ර චානුක වත්තේගම වරක් ලියූ පරිදි ‘‘සඟරා සංස්කාරකයකු වෙතත් අසංග අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් නොවේ. එහෙත් ඔහු මේ රටේ මෑත යුගයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අති විශාල ශිෂ්‍ය පිරිසට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවන්නේ ය. විශාල පිරිසක් වෛද්‍ය, දන්ත විද්‍යා, කෘෂිකර්ම, ජීව විද්‍යා පීඨවලට පමණක් නොව ඇතැම් අවස්ථාවල නීති පීඨයට පවා පිවිසීමට වරම් ලබා ගත්තේ අසංග සර්ට පින් සිදු වන්නට ය.’’ (ලක්බිම, 1997 අපේ‍්‍රල් 6)

1978 – 2001 වකවානුව තුළ පැහැදිලි අදියර හතරකින් යුක්තව එයට ම ආවේණික ආකාරයකින් පරිනාමය වූ අසාමාන්‍ය ගණයේ සිංහල ප‍්‍රකාශනයක් හැටියට ‘මානව’ හඳුන්වා දිය හැකියි.

මානව ප‍්‍රකාශනයේ මුල් අදියර හැර අන් සියඵ අදියරවලට සකි‍්‍රය දායකත්වයක් සැපයූ කෙනකු ලෙස මට ඒ ගැන මිහිරි මතකයන් රැසක් තිබෙනවා. බිත්ති පුවත්පතක සිට ලෙටර්ප්‍රෙස් හා  ඕෆ්සෙට් මුද්‍රණ හරහා වෙබ් ප‍්‍රකාශනයක් දක්වා ගිය වසර 25කට වැඩි ගමනේදී මානව කවදත් නව කඩඉම් සොයා යන, පුරෝගාමී උත්සාහයක් වූවා. විද්‍යා සන්නිවේදනය කෙසේ ජන සමාජයට අදාල විය යුතු ද හරවත් කළ හැකි ද යන්න ගැන පුංචි වුවත් මානව ලොකු ආදර්ශයක් සැපයුවා.

අබේසුන්දරයන් ‘මානව’ නමින් බිත්ති පුවත්පතක් ඇරැඹුවේ 1978දී කොළඹ සරසවියේ සිසුවකුව සිටියදී පොදු ශිෂ්‍ය කාමරයේ බිත්තියක. එය තනිකර විද්‍යා ප‍්‍රකාශනයක් වූයේ නැහැ. විද්‍යා-කලා-සමාජ විමර්ශන හා කාලීන ගවේෂණ ආදී සැම දෙයක් ම ඔහු ලිහිල් බසින් ආවරණය කළා.

මේ නව ආකාරයේ බිත්ති පුවත්පතට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නන්දා මාලිනී සහ ලේඛක ඞීමන් ආනන්ද වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. මානව ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සංවාදශීලී අදහස් හුවමාරුවකට විවෘත වේදිකාවක් සැපයීම.

‘මානව’ ප‍්‍රකාශනය කුඩා මුද්‍රිත පුවත්පතක් බවට පත්වීම එහි දෙවැනි අදියරයි. 1984 අගෝස්තු මාසයේ මුල් වරට ලෙටර්ප්‍රෙස් ආකාරයට මුද්‍රණය කොට ‘මානව’ එළි දැක්වූවා. විභාග හෝ විෂය නිර්දේශවලට සීමා නොවී විද්‍යාව ජන ජීවිතයට අදාල වන පරිද්දෙන් ලියැවුණු ලිපි හා නිර්මාණ එහි ඇතුළත් වුණා.

කාලෝ ෆොන්සේකා හා ආචාර්ය සරත් කොටගම වැනි වියතුන්ගේ දායකත්වයට අමතරව අබේසුන්දරයන්ගේ පන්තිවලට සහභාගි වන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද නිර්මාණවලින් දායක වුණා. කොළඹ හා අවට ප‍්‍රදේශවල අලෙවි කරන ලද මානව මිල කර තිබුණේ රුපියල් හතරකට.

කොහෙන් හෝ ඉංගී‍්‍රසි මූලාශ‍්‍රයකින් විද්‍යා තොරතුරු ටිකක් සොයා ගෙන එය ගෙඩි පිටින් සිංහලට පෙරළා පළ කිරීම ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයක් නොවෙයි. පාසල් පෙළපොත්වල විද්‍යා පාඩම් වඩාත් සිත් ගන්නා සුඵ සරල සුගම බසකින් ප‍්‍රතිනිර්මාණය කිරීමේ යම් අධ්‍යාපනික වටිනාකමක් ඇතත් එය ද විද්‍යා සන්නිවේදනයේ සරල ආරම්භයක් පමණයි.

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

මගේ වැටහීමට අනුව විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ හා අභියෝගය වන්නේ විචාරශීලිවත්, තර්කානුකූලවත් සිතීමට පාඨකයන් දිරිමත් කිරීමයි. කිසිදු මතවාදයකට, උගත් අධිපතිවාදයකට නතු නොවී කරුණු ගවේෂණය හා සංවාදය හරහා යම් අවබෝධයන් ලබා ගන්නටත්, විවෘත මනසකින් හැම දෙයක්ම නිරතුරු ප‍්‍රශ්න කරන්නටත් පාඨකයන් කුල්මත් කිරීමයි. මානව ආරම්භයේ සිට මෙය මැනවින් සිදු කළා.

1984 අගෝස්තුවේ මුල් ම මුද්‍රිත කලාපයේ ම එයට සාක්‍ෂි එමට හමු වනවා. කාලෝ ෆොන්සේකා සමඟ සාකච්ඡාවකින් සැකසුණු ‘මානව දේහය පිළිබඳ මිථ්‍යා මත’ නම් ලිපිය කදිම උදාහරණයක්. එහි එක් තැනෙක මිනිස් රුධිරය ගැන කථා කරමින් ‘‘රාජ රුධිරයක් නැත. වසල රුධිරයක් ද නැත. පෙළපත් අනුව හොඳ නරක රුධිරයක් ද නැත’’ යයි පැහැදිලිව කියනවා.

වෛද්‍ය විද්‍යාත්මකව නම් සැළකිය යුත්තේ රුධිරයේ ගණ හා Rh සාධකය පමණක් බව ඔහුගේ විද්වත් මතයයි. ‘‘සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර රුධිරයේ කිසිදු වෙනසක් නැති බව මේ සමයේ අවධාරණය කළ යුතු ය. සිංහල හා ද්‍රවිඩ රුධිරය මිශ‍්‍ර වීමෙන් මානව සංහතියට යහපතක් ම මිස කිසිදු හානියක් නොවන බව නිගමනය කිරීමට විද්‍යාව අනුබල දෙයි.’’

එම කලාපයේම තවත් තැනෙක පාසල් සිසු සිසුවියන් මතු කළ ප‍්‍රශ්න ගණනාවකට කාලෝ පිළිතුරු දෙනවා. ඒ ප‍්‍රශ්න අතර: පුනරුප්පත්තිය නම් සංසිද්ධියක් විශ්වයේ තිබේද? භූතාත්ම ලෙස හඳුන්වන අද්භූත බලවේග ඇත්ද? දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැන්වලදී ආරූඪ වන තැනැත්තාට සිදුවන්නේ කෙබඳු දෙයක්ද? මිනිස් හස්ත රේඛා ඇති වන්නේ කෙසේද? ඒ මගින් කෙනකුගේ ජීවිතයේ අනාගතය ගැන කියැවේද?

මෙවැනි ප‍්‍රශ්නවලට වෛද්‍යවරයකු, දාර්ශනිකයකු හා හේතුවාදියකු ලෙස කාලෝ දෙන පිළිතුරු අතිශයින් ප‍්‍රබලයි. දශක තුනක් ගත වීත් මෙබඳු විවෘත විග‍්‍රහයකට අද වෛවර්ණයෙන් පළ කැරෙන කිසිදු (විද්‍යා හෝ අන්) ප‍්‍රකාශනයක් ඉදිරිපත් වේදැයි සිතා ගන්නත් අමාරුයි!

මුල් කලාපය තවත් හපන්කමක් කළා. AIDS ගැන සොයා ගෙන වසර දෙක තුනක් ගත වී තිබූ එවකට (1984) එම මාතෘකාව ගැන මුල්වරට සිංහල වාරික ප‍්‍රකාශනයක සරල බසින් වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් පළ කළා. එහිදී එයට සිංහල නමක් ද මානව යෝජනා කළා: පරිචීන ප‍්‍රතිශක්ති ඌණතා සහසාධකය. (මේ වන විට එහි අවසන් වචනය සහලක්‍ෂණය ලෙස වෙනස් වී තිබෙනවා.)

‘මානව’ ප‍්‍රකාශනයේ ස්වර්ණමය යුගය හැටියට මා දකින්නේ 1987 ජනවාරියේ එය ඕප්සෙට් වර්ණ සඟරාවක් බවට පත්වීමේ තෙවන අදියරයි. ශී‍්‍ර ලංකාව පුරා බෙදා හැරෙන ජාතික මට්ටමේ විද්‍යා මාසිකයක් හැටියට ‘මානව’ සඟරාවේ අලෙවියත්, ජනපි‍්‍රයත්වයත් ඉක්මනින් ඉහළ ගියා.

මේ යුගය වන විට යොවුන් වියේ පසු වූ ලේඛක පිරිසක් මානව වටා රොක් වී සිටියා. පසු කලෙක විද්‍යා ලේඛකයන් ලෙස ප‍්‍රකට වූ චතුර රත්නායක, නලින් කිතුල්වත්ත වැනි අයත්, කාටූන් චිත‍්‍ර ශිල්පියකු (හා නීතිඥයකු) බවට පත් වූ දැන් රාවය ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජනත් මාධ්‍ය ලෝකයට පිවිසියේ ‘මානව’ තුළින්.

Maanawa first colour magazine issue - Jan 1987
Maanawa first colour magazine issue – Jan 1987

1987 ජනවාරි කලාපය සඳහා ‘ජීවයේ උපත – මත ගැටුම’ නමින් පිටු 15ක කවරයේ කථාව මා ලියූ සැටිත්, පිටු සකසන්නට වෙහෙසුණු සැටිත් හොඳ හැටි මතකයි. ඉන් පසුව පළ වූ මානව කලාප, න්‍යෂ්ටික තාක්‍ෂණය ගැනත් අභ්‍යවකාශ ගවේෂණය ගැනත් සවිස්තරාත්මක කවරයේ කථා ගෙන ආවා. ජීව විද්‍යා ශිෂ්‍යයකු නොවූ චානුක වත්තේගම ද මේ වැඩට සමීපව සම්බන්ධ වුණා.

එහෙත් මේ ජාතික මට්ටමේ විද්‍යා සඟරාව වැඩි කලක් කර ගෙන යාමට තනි පුද්ගලයකු හැටියට අබේසුන්දරයන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. කිසිදු ලාබයක් නොපතා මහජන සේවයක් හැටියට සඟරාව පළ කළත්, එයට දායක වූ විද්වතුන් හා තරුණ ලේඛකයන් ස්වේච්ජාවෙන් වැඩ කළත් සඟරාව බෙදා හැරීමේදී දුෂ්කරතා මතු වුණා. වාණිජ පදනමින් සඟරා බෙදා හරින සමාගම් ඒ සඳහා නොවටිනා කොමිස් ඉල්ලා සිටියා.

මුදලාලිලාට කප්පම් ගෙවනවා වෙනුවට ප‍්‍රකාශනය නතර කර දමන්නට කණගාටුවෙන් නමුත් අබේසුන්දර තීරණය කළා. මෙරට කෙතරම් දැනුම් පිපාසයක් තිබුණත්, කෙතරම් ලේඛකයන් සිටියත් ඒ දෙක යා කරන ‘පාලම්’ හිඟවීම එදත් අදත් විසදා නොගත් ලොකු අභියෝගයක්.

අබේසුන්දරයන් එය යම් දුරකට ජය ගත්තේ 1995 අප‍්‍රල් මස මෙරටට ඉන්ටර්නෙට් පිවිසීමත් පසුයි. සාපේක්ෂව අඩු වියදමකින් වෙබ් අඩවියක් හරහා අන්තර්ගතය ඉදිරිපත් කළ හැකි බව අබේසුන්දර තේරුම් ගත්තා.

ශී‍්‍ර ලාංකික පුවත්පතක් මුල් වතාවට වෙබ් සංස්කරණයක් නිකුත් කළේ 1995 සැප්තැම්බර් 4 වනදා. ඒ ලේක්හවුස් ආයතනයෙ Daily News වෙබ් සංස්කරණය. ඒ ආයතනයේ ම Sunday Observer පුවත්පත 1995 සැප්තැම්බර් 10 ඉරිදා ඉන්ටර්නෙට් ගත වූ අතර, විජය පුවත්පත් සමාගම් The Sunday Times පුවත්පත වෙබ් සංස්කරණ ආරම්භ කළේ 1996 මාර්තුවේදී.

වානිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් පහසුකම් ඇරඹී වසර එක හමාරක් ගත වන විට, ජාතික ඉංගී‍්‍රසි පුවත්පත් හතරකුත්, ඉංගී‍්‍රසි මාසික සඟරා දෙකකුත් ඉන්ටර්නෙට් ගත වී තිබුණා. එහෙත් සිංහල ප‍්‍රකාශනයක් ඉන්ටර්නෙට් ගත වීම දිනෙන් දින කල් ගියා. සිංහල අකුරු ඉන්ටර්නෙට්වලට හඳුන්වා දීමේ තාක්‍ෂණික අභියෝග ජය ගත යුතු වීම එයට එක් හේතුවක්. මෙරට බොහෝ මාධ්‍ය ආයතනවල ඉංගී‍්‍රසි ප‍්‍රකාශනවලට ලැබෙන සැළකිල්ල එහි ම සිංහල ප‍්‍රකාශනවලට නොලැබීමත් ප‍්‍රමාදයට හේතු වන්නට ඇති.

අන්තිමේදී ඉන්ටර්නෙට් ගත වූ මුල් ම සිංහල වාරික ප‍්‍රකාශනය වීමේ ගෞරවය හිමි කර ගත්තේ ජාතික පුවත්පතක් නොව තනි පුද්ගලයකු පවත්වා ගෙන ගිය ‘මානව’ සඟරාවයි. ඒ 1996 දෙසැම්බරයේ දී. ඒ සඳහා ලංකා ඉන්ටර්නෙට් සමාගමත්, ‘තිබස්’ මෘදුකාංග නිෂ්පාදකයන් වන සයන්ස් ලෑන්ඞ් කෝර්පරේෂන් සමාගමත් අනුග‍්‍රහය හා තාක්‍ෂණික උපකාර ලබා දුන්නා.

පරිසරය, අභ්‍යවකාශය, පරිගණක, සෞඛ්‍යය හා සමාජ විද්‍යාත්මක තේමාවන් යටතේ ලියැවුණු කාලීන ලිපි, විග‍්‍රහයන් හා විශෙෂාංග මානව වෙබ් අඩවිය තුළින් ඉදිරිපත් කළා. මානව මුද්‍රිත යුගයේ ලිපි ලියූ ලේඛක ලේඛිකාවෝ සමහරුන්ද වෙබ් සංස්කරණයට දායක වුණා. එයින් ඇතැම් දෙනා වෛද්‍යවරුන් හෝ පුවත්පත් කතුවරුන් බවට පරිනාමය වී සිටියා. විද්‍යා තේමාවන් යටතේ පැන පොඩි ලිපි පෙළක් ලියමින් මාත් එයට සම්මාදම් වුණා.

මානව ඉන්ටර්නෙට් සංස්කරණයට දෙස් විදෙස් ප‍්‍රතිචාර රැසක් ලැබුණා. වැඩිපුර ප‍්‍රතිචාර ආවේ විදේශගත ලාංකිකයන්ගෙන්. අද මෙන් ලාංකික අන්තර්ගතය සහිත වෙබ් අඩවි බහුල නොවූ එදා සිංහලෙන් වෙබ් අඩවියක් බිහිවීම ම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු වුණා.

1996 – 2001 කාලය තුළ හැකි පරිද්දෙන් ‘මානව’ ඉන්ටර්නෙට් කලාප කිහිපයක් පළ කළා. ‘මානව’ වෙබ් අඩවිය නිතර අඵත් නොවූ බව ඇත්තයි. එහෙත් සති හො මාස කිහිපයකට වරක් අඵත් තොරතුරු හා නව අදහස් පාඨකයන් අතරට ගෙන යන්නට ‘මානව’ උත්සාහ ගත්තා.

අන්තාවදී හෝ අගතිකාමී නොවන, විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ කාලීන වැදගත්කමක් ඇති අදහස් හා යෝජනාවලට මානව කවදත් විවෘත වුණා. මානව වෙබ් අඩවිය ඉදිරියට ගෙන ගියේ මානව ප‍්‍රකාශනය නියෝජනය කළ දර්ශනයමයි. එනම් විවෘතව සහ සංවාදශීලීව තොරතුරු, අදහස් හා ආකල්ප ජන සමාජයට ඉදිරිපත් කිරීමයි. මේ වන විට මානව වෙබ් අඩවිය තව දුරටත් සොයා ගන්නට බැහැ. එය පවත්වාගෙන යාමේ තාක්‍ෂණික ගැටඵ හමුවේ වසර කිහිපයකට පසු නතර කරන්නට සිදු වුණා.

මහා පරිමානයේ ප‍්‍රකාශන සමාගම් සමග මේ තනි පුද්ගලයාගේ උත්සාහය සෘජුව සසඳන්නට බැහැ. එහෙත් මානව ප‍්‍රකාශනය හරහා පුංචියට පටන් ගත් ප‍්‍රවාහය දෙආකාරයකින් සමාජගත වී තිබෙනවා.

පළමුවැන්න නම් 1987 නොවැම්බරයේ විදුසර පුවත්පත අරඹන විට එයට සම්බන්ධ වූ බහුතරයක් තරුණ විද්‍යා ලේඛක ලේඛිකාවන් මානව හරහා පන්නරය ලබා සිටි අය වීමයි.

දෙවැන්න නම් සිංහල බ්ලොග් අවකාශය තුළ විචාරශීලී සංවාද හට ගන්නට දශකයටත් පෙර එබඳු අන්තරගතයන් සිංහලෙන් ඉන්ටර්නෙට් මාධ්‍යයේ සනිටුහන් කිරීම. ඒ හරහා මතු බිහි වන බ්ලොග්කරුවන්ගේ පරපුරට පෙරගමන්කරුවකු වීම හා ප‍්‍රබෝධක ආවේගයක් සැපයීම.

මේවා කිරා මැන තක්සේරු කළ හැකි දේ නොවෙයි. එහෙත් අසංග අබේසුන්දරයන්ගේ ඓතිහාසික දායකත්වයට අප ගරු කළ යුතුයි.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maanawa Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

End of the World and Other Conspiracies: Columnist Tackles Inconvenient Truths

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

PROMO NOTE FOR MY LATEST BOOK:

Science writer Nalaka Gunawardene’s latest Sinhala book, Wada Kaha Sudiye Sita Loka Winashaya Dakwa, will be released at the Colombo International Book Fair that starts on 14 September 2013.

A Ravaya Publication, the book is a collection of the author’s weekly column Sivu Mansala Kolu Getaya contributed to the Ravaya newspaper during 2012-13.

Through 54 columns, the book offers personalised insights and non-technical analysis related many current issues and topics in science, technology, sustainable development and information society in the Lankan context. It is written in an easy, conversational Sinhala style rich in metaphor and analogy.

In particular, this collection probes how and why Lankan society is increasingly prone to peddling conspiracy theories without critical examination or rational discussion. From astrological hype linked to end of the world in 2012 to claims of mass poisoning via agrochemicals, Nalaka seeks to separate facts from hype, conjecture and myth.

The book defies easy categorisation, as it covers topics as diverse as alternative histories, agrochemical misuse, disaster management, Internet censorship, Antarctic exploration, asteroid impacts, cricket history and road safety.

“I seem to have outgrown the neat label of science writer,” says Nalaka. “Indeed, the very title of my column suggests how I sit at the intersection (or confluence) of science, development, mass media and information society.  From that point, I explore tensions between modernity and tradition — and ask more questions than I can easily answer!”

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist, TV producer and development communicator.

He has twice won the Science Writer of the Year award (in English) from the Sri Lanka Association for the Advancement of Science (SLAAS). The University of Sri Jayawardenapura recently presented him a Vidyodaya Literary Award for the best newspaper column of 2012, for his first collection of Ravaya columns.

The 340-page book is priced at Rs. 550. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’: සිවුමංසල කොලූ ගැටයා දෙවැනි පොත එළි දකියි

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අඵත් ම ග‍්‍රන්ථය ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි.

2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා ප‍්‍රබන්ධ පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

විසි එක්වන සියවසේ වඩාත් සංකීර්ණ වූ ලක් සමාජය මුහුණ දෙන ගැටඵ හා අභියෝග ගැන විවෘත මනසකින් හා සංසන්දනාත්මකව විග‍්‍රහ කිරීමට සමත් නාලක ගුණවර්ධන, දෙස් විදෙස් මාධ්‍ය හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ වසර 25කට වැඩි පුඵල් අත්දැකීම් ඇති ද්විභාෂික ලේඛකයෙකි.

රාවය ප‍්‍රකාශනයක් වන “වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා” මිළ රු. 550කි. එය විශේෂ වට්ටමකට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

2012දී සිදු වනවා යයි ඇතැම් දෙනා බියපත් වූ ‘ලෝක විනාශය’ හරහා මෙරට සමාජයේ හා ජන මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආකල්ප මෙන් ම භීතිකා ගැනත් සාකච්ජා කැරෙන ලිපි කිහිපයක් මේ එකතුවෙහි හමු වෙයි.

නව නිපැයුම්කරුවන් මුහුණ දෙන අභියෝග, ඉන්ටර්නෙට් ප‍්‍රගමනය හරහා මතු වන සමාජ ප‍්‍රවණතා, දේශගුණ විපර්යාසවලට ප‍්‍රතිචාර දැක්වීමේ හොඳම ක‍්‍රමෝපාය හා කෘෂි රසායනිකවලට ඇබ්බැහි වූ අපේ ගොවිතැන වැනි කාලීන මාතෘකා ගැන තුලනාත්මකවත්, සරලවත් විග‍්‍රහ කරන කතුවරයා බොහෝ විට තම වෘත්තීය අත්දැකීම් හා සංචාරයන් එයට පාදක කර ගනියි.

විශ්වයේ අන්තිම සිංහල වචනය ගැනත්, ශී‍්‍ර ලංකාව හඳ අහිමි කර ගත් සැටි ගැනත් සුවිශේෂී හෙලිදරවු තවත් ලිපි හරහා මතු වෙයි. ඇන්ටාක්ටිකාවට ගිය ශී‍්‍ර ලාංකිකයන් ගැන මුල් වරට සිංහල මාධ්‍ය හරහා කථා කළේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියයි.

“වැඩවසම් මානසිකත්වයකට කොටු වී, විවිධ කුමන්ත‍්‍රණ ගැන බියපත් වෙමින්, පසුගාමීව සිටින ලක් සමාජය ආත්ම විශ්වාසයකින් යුතුව හා විචාරශීලීව විසි එක් වන සියවසේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ දෙනු දැකීම මගේ සිහිනයයි,” නාලක ගුණවර්ධන කියයි.

2012දී පළ කෙරුණු සිවුමංසල කොලූ ගැටයා මුල් තීරු ලිපි එකතුවට මෑතදී පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ගෙවුණු වසරේ හොඳම තීරුලිපි ග‍්‍රන්ථයට පිදෙන සම සම්මානය පිරිනැමුණි.

‘නව තාක්‍ෂණය හා නව මාධ්‍ය හේතු කොට ගෙන විපර්යාසයට ලක්වන ලෝකයත්, තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශෙෂත්වයයි’ යනුවෙන් සම්මාන හේතු පාඨයේ සඳහන් වී ය.

අතීත උරුමයන් රැක ගන්නා අතර නිර්මාණශීලී හා ගවේෂණාත්මක අයුරින් නූතනත්වය අප සමාජයට අදාල කර ගත හැක්කේ කෙසේ ද යන්නට සිවුමංසල කොලූ ගැටයා ප‍්‍රායෝගික අත්වැලක් සපයයි. හීනමානයක් හෝ අධිමානයක් හෝ නොමැතිව තාත්වික මට්ටමින් විශ්ව ගම්මානයේ ගෞරවනීය සාමාජිකයන් ලෙස ලක් අපට හිමි තැන නිරවුල්ව පාදා ගන්නට ඉගි ලබා දෙයි.

Nalaka Gunawardene wins Literary Award for Best Newspaper Column

Report in Ceylon Today,  5 September 2013:

Nalaka Gunawardene wins literary award - Ceylon Today, 5 Sep 2013, page 2
Nalaka Gunawardene wins literary award – Ceylon Today, 5 Sep 2013, page 2

Science writer Nalaka Gunawardene won the Vidyodaya Literary Award for the best newspaper column in Sinhala during 2012.

The award is one of several presented annually by the University of Sri Jayawardenapura to celebrate creative writing and journalism in Sri Lanka. Each September, the University’s faculty members and students announce their selection of the preceding year’s most outstanding published books in the Sinhala language.

The award ceremony, held on 2 September 2013 at the National Library Services Board auditorium in Colombo, recognized the best Sinhala novel, best short story collection, best poetry collection, best lyrics collection and the best newspaper column of 2012.

Nalaka won the award for his Sinhala language column titled Sivu Mansala Kolu Getaya (සිවුමංසල කොලූ ගැටයා), which he has been writing on a weekly basis in the Ravaya Sunday broadsheet newspaper since early 2011. A collection of 44 selected columns was published in September 2012 as a book by the same name. It was a Ravaya Publication.

The award citation, read by Professor Dammika Ganganath Dissanayeke,  Head of the Department of Sinhala and Mass communication at the University, described Sivu Mansala Kolu Getaya as being in a league of its own, engaging twenty first century Lankans.

It noted the broad range of the column’s topics and subjects – such as information society, innovation, climate change, disaster management, HIV/AIDs, energy crisis and censorship – and commended the colloquial language in which it is written.

Copies of the book, priced at Rs 450, are still available from all leading bookstores. The second book of columns, also a Ravaya Publication, will be released later this month during Colombo International Book Fair.

As a bilingual writer, Nalaka Gunawardene also writes a weekly English column (When Worlds Collide) in Ceylon Today every Sunday.

Sivu Mansala Kolu Getaya column: Vidyodaya Literary award citation

Professor Dammika Ganganath Dissanayeke reads award citation for best newspaper column 2012 at Vidyodaya Lit Award ceremony, 2 Sep 2013. Photo by Janaka Sri Jayalath
Professor Dammika Ganganath Dissanayeke reads award citation for best newspaper column 2012 at Vidyodaya Lit Award ceremony, 2 Sep 2013. Photo by Janaka Sri Jayalath

I just won the Vidyodaya Literary Award for the best newspaper column in Sinhala during 2012.

This is the relevant extract from the award citation, read by Professor Dammika Ganganath Dissanayeke, Head of the Department of Sinhala and Mass communication at the University of Sri Jayawardenapura:

නාලක ගුණවර්ධනගේ  “සිවුමංසල කොලූගැටයා” රාවය පුවත්පතේ පළවූ තීරු ලිපිවල එකතුවක්. කතුවරයාගේ වස්තු විෂය බෙහෙවින් විරල අත්දැකීමක්. නූතන ලෝකයේ අප හිටගෙන සිටින මහපොළොව ගැන කතුවරයා කතා කරනවා. ඒවා කාටුන්, විකිලීක්ස්, න්‍යෂ්ටික කාන්දු, දේශගුණික විපර්යාස, පරිසර දුෂණය,විකිපීඩියා, AIDS, ස්ටීව් ජොබ්ස් වැනි නූතන පරම්පරාවේ මොළයට වද දෙන විෂය පථ දිගේ දුවනවා.

නව තාක්ෂණය හා නව මාධ්‍ය හේතුකොටගෙන විපර්සායකට ලක්වන ලෝකයත් තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශේෂත්වයයි.

ආතර් සී.ක්ලාක් සමග කතුවරයා කළ සාකච්ඡාවක් දැක්වුනු ලිපියත් ගැටලූ විසඳන අසමම්මත චින්තනයට ඉඩ දෙන්න යන ලිපියත් මේ කෘතියේ දෘෂ්ටි පථය හා විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ සංකේතයක් ලෙස මා දකිනවා.

කතුවරයා ලියන්නේ අපට නොවේ. අපෙන් පසු ආ ආගන්තුක අයි ටී අතපතගාන පරම්පරාවටත් නොවේ. ඊළඟට එන්න ඇඟ හිරි අරින සයිබර් පරම්පරාවටයි. ඊට උචිත වේගවත් බස් වහරක් ද ආකෘතියක් ද කතුවරයා යොදාගෙන තිබෙනවා. එය වක‍්‍රාකාර නැත. මට සිලිටි ද නැත. එහෙත් එය කදිමට ගැලපෙනව කියල මට හිතෙනවා.

‘Sivu Mansala Kolu Getaya’ wins Vidyodaya Literary Award for Best Newspaper Column 2012

Nalaka Gunawardene receives Vidyodaya Literary Award for Best Column of 2012 from Ms Nayayani Widanapathirana, 2nd year student of University of Sri Jayawardenapura [Photo courtesy J'pura flames/Facebook]
Nalaka Gunawardene receives Vidyodaya Literary Award for Best Column of 2012 from Ms Nayayani Widanapathirana, 2nd year student of University of Sri Jayawardenapura [Photo courtesy J’pura flames/Facebook]

I just received a totally unexpected award from an unlikely source. Vidyodaya Literary Award for best newspaper column in Sinhala during 2012.

The award is one of several presented annually by the University of Sri Jayawardenapura to celebrate creative writing and journalism in Sri Lanka. Each September, the University’s faculty members and students announce their selection of the preceding year’s most outstanding published books in the Sinhala language.

The award ceremony, held on 2 September 2013 at the National Library Services Board auditorium in Colombo, recognized the best Sinhala novel, best short story collection, best poetry collection, best lyrics collection and the best newspaper column of 2012.

My award, for the best newspaper column collection of 2012, is for Sivu Mansala Kolu Getaya (සිවුමංසල කොලූ ගැටයා), which came out in September 2012.

A Ravaya Publication, the book comprises a selection of my weekly Sinhala columns by the same name, contributed to the Ravaya Sunday broadsheet newspaper during 2011-12.

Beginning in February 2011, I have sustained the weekly column that touches on many and varied topics related to popular science, human development, mass media and information society. The book compiled 44 of these columns.

The award citation, read by Professor Dammika Ganganath Dissanayeke, Head of the Department of Sinhala and Mass communication at the University, described Sivu Mansala Kolu Getaya  as being in a league of its own, engaging twenty first century Lankans.

The citation noted the broad range of the column’s topics and subjects – such as information society, innovation, climate change, disaster management, HIV/AIDs, energy crisis and censorship – and commended the colloquial language in which it is written.

Vidyodaya Literary Award winners for 2012 - L to R - Rathna Shri Wijesinghe, Liyanage Amarakeerthi, Buddhadasa Galappaththi, Mahinda Prasad Mashibula & Nalaka Gunawardene [Photo courtesy: J'pura flames/Facebook]
Vidyodaya Literary Award winners for 2012 – L to R – Rathna Shri Wijesinghe, Liyanage Amarakeerthi, Buddhadasa Galappaththi, Mahinda Prasad Mashibula & Nalaka Gunawardene
[Photo courtesy: J’pura flames/Facebook]
My last awards were nearly two decades ago (and all for my English writing). These days, I’m much more involved in judging and giving awards to others – ranging from global Digital Emmys to national integrity awards.

The columns and the book are a personalised exploration of how Sri Lanka can cope with many challenges of globalisation and modernisation. Or, if you like more lofty words (ugh!), how a low middle income nation of 20 million can define its identity in turbulent times of rapid change.

The title is of my column puzzles some readers. It’s derived from the angle it offers, and a reflection of my own career and interests: I stand at the intersection (or confluence) of science, sustainable development, media and popular culture. From there, I often play the role of that cheeky lad who asked difficult questions, and once pointed out the Emperor(s) had nothing on when all others were either too polite — or too scared — to say so.

I write in conversational Sinhala mostly because that’s the only command of the language I can muster! Having studied the language only in primary and secondary school, I have no particular literary skill and certainly no artistic pretensions. I just write to express, not impress.

It looks as if others appreciate this simplicity. I use plenty of metaphor and analogy, and also draw on my own wide experiences as a journalist, filmmaker and development communicator.

I like to ‘zoom in’ and ‘zoom out’ when discussing diverse topics. I do so with an open mind and sense of wonder. I have no political ideology to promote — and also no sacred cows to protect or defend!

As a journalist, I was trained to look for what’s New, True and Interesting (‘NTI Test’). Early on in my career, I went beyond simply reporting events, and probed the underlying causes and processes. With those insights, I can now offer my readers perspectives and seasoned opinion. These are much needed today as we swim through massive volumes of information, trying to stay afloat and make sense of it all.

As I said when the book was launched: “In a sense, with this column I have come back home. The last time I wrote in Sinhala was in another century, and in what now feels like another country!”

So it’s nice to be recognized — in the very different land and time where I find myself both a native and an immigrant…

Sivu Mansala Kolu Getaya book cover: A Ravaya Publication

සිවුමංසල කොලූගැටයා #132: මේ බිල්ලෝ කවුද? එන්නේ කොහි සිටද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the recent controversy surrounding food safety of imported milk powder, and how certain medical doctors and scientists conducted themselves.

I wrote on the same topic last week in my English column (but this is NOT a translation):  When Worlds Collide #80: When politicians turn to science for evidence…

Conspiracy theories!හරිහැටි හඳුනා නොගත්, විමර්ශනයට ලක් නොවූ, එහෙත් බියකරු යැයි බහුලව පිළිගැනෙන බිල්ලන් ගැන කථා කියා කුඩා දරුවන් මෙල්ල කිරීම සමහර වැඩිහිටියන්ගේ සිරිතක්. (එසේ නොකරන මෙන් ළමා මනෝවෛද්‍යවරුන් අවවාද කරනවා.)

පොදුවේ ජන සමාජයට අදාල හා වැදගත් කරුණු සම්බන්ධයෙන් ද දැන් වඩ වඩාත් බිල්ලන් දැකීම හා බිල්ලන් ගැන කථා කිරීමෙන් ස්වයං බියට පත් වීම සිදු වනවා. මේ ‘බිල්ලා’ නිශ්චිතව විග‍්‍රහ කැරෙන්නේ නැහැ. ජන සමාජයට නිතර මතුකර දක්වන බිල්ලා තනි පුද්ගලයකුට වඩා ප‍්‍රපංචයක්. නැතිනම් ප‍්‍රවාහයක්. එය නියෝජනය කරන්නේ අප නොදන්නා, අපට නුහුරු, නුපුරුදු, පිටස්තර සියල්ලයි.

‘බිල්ලා’ යයි කෑ මොර ගසන අය තමන්ගේ පෞද්ගලික මතවාදයට අනුව හා එදිරිවාදිකම්වලට ගැලපෙන පරිදි බිල්ලා නිර්වචනය කරනවා. එය බහුජාතික සමාගම්, බටහිර රටවල්, විදෙස් රහස් ඔත්තු සේවා, කොටි සංවිධානයේ අවශෙෂයන් ආදියෙන් පටන් ගෙන පිටසක්වල ජීවීන් තරම් අභව්‍ය අන්තයකට විහිදිය හැකියි!

ඕනෑ ම සමාජයක ප‍්‍රශ්න හා ගැටඵ තිබෙනවා. සමහරක් සොබාවිකව මහපොළවෙන්, දේශගුණයෙන් මතුව එනවා. තවත් ඒවා තාක්‍ෂණයන් භාවිතය නිසා හෝ මානව ඇදහිලි හා විශ්වාස නිසා හෝ හට ගන්නවා. ගැටඵ හා අර්බුද නැති මානව සමාජයක් ලොව කිසි තැනෙක නැහැ. බියවීමට ලැදි නම් එයට හේතු කර ගත හැකි බොහෝ දේ අප අවට තිබෙනවා.

අතීතයේ ජන සංඛ්‍යාව හා සමාජ සංකීර්ණත්වය අඩු යුගවල පවා වෙනස් ආකාරවල අර්බුදයන්ට හැම ශිෂ්ටාචාරයක් ම මුහුණ දුන්නා. තමන්ට මතු වන හැම ගැටඵවකදී හා අභියෝගයකදී ම ගවේෂණාත්මකව කරුණු විමසා බලා, තුලනාත්මකව නිගමනවලට එළඹීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. එය පෙරදිග දර්ශනයන් (කාලාම සූත‍්‍රය) මෙන් ම නූතන විද්‍යාවෙහිත් මූලික සම්ප‍්‍රදායක්.

එසේ නොකර, සිහිවිකල් වූවන් ලෙසින් මොර ගාමින් එහෙ මෙහෙ දිවීම පරිනත පුද්ගලයන්ගේ චර්යාවක් නොවෙයි. කැලේ නිදා සිටි හාවා තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණු විගස බියපත් වී, කලබල වී අහස කඩා වැටෙනවා කියූ කථාව අප දන්නවා. අද සමහර ප‍්‍රශ්න හමුවේ අපේ ඇතැම් උගතුන්, කලාකරුවන් හා ජනමතයට බලපෑම් කරන තවත් උදවිය හැසිරෙන්නේත් හරියට ඒ බොළඳ හාවා වගෙයි!

ප‍්‍රකෘති ඇසට නොපෙනෙන, අපේ අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් එක්වර ග‍්‍රහණය කොට තේරුම් ගත නොහැකි සිදුවීම් විග‍්‍රහ කරන්නට අදාල ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥයන්ගේ පිහිට හා උපදෙස් පැතීමට සිදු වනවා. මීට සියවස් ගණනකට පෙර නම් එවකට තිබූ දැනුම් ක්‍ෂෙත‍්‍ර ගණනාවක් ප‍්‍රගුණ කළ ප‍්‍රාඥයෝ සිටියා. එහෙත් දැනුම බොහෝ පුඵල් වී ඇති අද කාලයේ විශෙෂඥ බව වඩ වඩාත් නිශ්චිත වී තිබෙනවා.

වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය උදාහරණයකට ගත හොත් විශෙෂඥ ක්‍ෂෙත‍්‍ර රාශියක් ඒ තුළ හමු වනවා. වසර ගණනක් ශාස්ත‍්‍ර උගෙන, අත්දැකීම් හා පළපුරුද්ද ලැබූ විශෙෂඥයන් තමයි කාලීන ගැටඵ විසඳන්නට කැඳවනු ලබන්නේ. ඔවුන් කරුණු විමසා, තුලනාත්මකව හා මැදහත්ව විග‍්‍රහයක් දෙනු ඇතැයි සමාජය අපේක්‍ෂා කරනවා.

විශෙෂඥ දැනුම ඇති විද්වතුන් රටේ තීරණාත්මක සංවාදවලදී කෙසේ තම විද්වත් මතය දැක්විය යුතු ද? එබඳු අවස්ථාවල මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කැරෙන, ඇතැම් බලපෑම් කරන කණ්ඩායම් විසින් ප‍්‍රබල ලෙස ප‍්‍රවර්ධනය කැරෙන ‘ජනපි‍්‍රය’ මතවාදවලට ම සහාය පළ කළ යුතු ද? නැතිනම් තම විශෙෂඥ දැනුමෙන් හා අත්දැකීමෙන් පසක් කරගත් දේ නොබියව හා නොපැකිළි ප‍්‍රකාශ කළ යුතු ද?

එසේ කරන විග‍්‍රහය සමහර විට ජනපි‍්‍රය රැල්ලේ විශ්වාස හෝ කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් සනාථ නොකර ඒවාට එරෙහිව ද යා හැකියි. මෙයට උදාහරණයක් ලෙස මා දකින්නේ ජනපි‍්‍රය බෞද්ධ භික්‍ෂුවක් වූ ගංගොඩවිල සෝම හිමියන් 2003 දෙසැම්බර් 12 වනදා රුසියාවේදී අපවත්වීමට පසු මෙරට මතුව ආ ජන කම්පනය හා විවිධ තර්ක විතර්කයි.

එහිමියන්ගේ මරණය ස්වාභාවික හේතු නිසා වූවක් නොව කුමන්ත‍්‍රණයක කොටසක් බව සමහරුන්ගේ මතය වුණා. දේහය මෙරටට ගෙන ආ පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය කළේ රුහුණ සරසවියේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා එම ක්‍ෂෙත‍්‍රයේ මෙරට සිටි ප‍්‍රවීණතම විශෙෂඥයා වූ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ලයි.

Professor Chandrasiri Niriella
Professor Chandrasiri Niriella

අධික දියවැඩියාවෙන් පෙඵණු සෝම හිමියන්ගේ හෘදයේ රුධිර නාලයක ලේ කැටියක් සිරවීමෙන් මරණය සිදුවූ බවත්, එය ගැන කිසිදු දෙගිඩියාවක් නැති බවත් රට ම පිළිගත් මේ විද්වතා තීරණය කළා.

මේ විද්වත් නිගමනය ප‍්‍රකාශයට පත් වූ විට එය ආන්දෝලනයට තුඩු දුන්නේ එය කුමන්ත‍්‍රණවාදී තර්කයන්ට අනුගත නොවූ නිසයි. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා දැඩි බලපෑම්වලට ලක් වූ බව ඔහුගේ සමීපතයන් හරහා මා අසා තිබෙනවා. දහස් ගණනක් වෛද්‍යවරුන් මෙරටට බිහි කළ කීර්තිමත් මහාචාර්යවරයාගේ අවංක බව, තාක්‍ෂණික හැකියාව ආදියත් සමහරුන් ප‍්‍රශ්න කළා. එහෙත් ඔහු 2007 මිය යන තුරු කිසි ලෙසකින්වත් එම නිගමනය වෙනස් කළේ නැහැ.

මෑතදී කිරිපිටි සිදුවීමේදී සමහර වෛද්‍යවරුන් හා වෙනත් විද්‍යාඥයන් කි‍්‍රයා කළ ආකාරය ගැන බලා සිටින අපට ප‍්‍රශ්න මතු වනවා. ඔවුන් ටෙලිවිෂන් හරහා ආවේගශීලීව කථා කළේ රටක් ජාතියක් බේරා ගැනීමට කරන මහා සටනක හවුල්කරුවන් විලසින්. එසේ පෞද්ගලික මත දැරීමට ඔවුන්ට පූර්ණ නිදහසක් ඇතත් විද්වත් ස්ථාවරයක් ද එයට ආරෝපණය කිරීම විවාදාත්මකයි.

විද්‍යාව හා තාක්‍ෂණය මහජන සුබසිද්ධියට හරිහැටි යොදා ගත හැකි වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදක දේශපාලකයන් විද්‍යාත්මක තොරතුරු හා විග‍්‍රහයන් භාවිත කරන සැටි ඉතා සුපරීක්‍ෂාකාරීව බලා සිට එහි විසමතා, පරස්පරයන් හා සැක කටයුතු තැන් පෙන්වා දීමෙන් පමණයි. විද්‍යාවේ නාමයෙන් පෞද්ගලික මතවාදයන් ප‍්‍රවර්ධනයට ඉඩ නොදිය යුතුයි.

2013 ජුලි 31 වනදා හෘදයාබාධයකින් හදිසියේ (ස්වාභාවිකව) මියගිය මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන් මේ ගැන දිගු කලක් තිස්සේ අවධානය යොමු කළා. විද්‍යා ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් ඇති ‘Nature’ හා ‘Science’ නම් විද්වත් පර්යේෂණ සඟරා දෙකෙහි ම සේවය කළ ඬේවිඞ්, ලෝකයේ සිටි ප‍්‍රවීණතම විද්‍යා මාධ්‍යවේදියෙක්.

ඔහු දිගටම තර්ක කළේ විද්‍යාවේ නාමයෙන් විවිධ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග හඳුන්වා දෙන විට ඒ ගැන විද්‍යාඥයන් ඉතා සුපරීක්‍ෂාකාරී විය යුතු බවයි.

ඬේවිඞ් කියා සිටියේ ආචාර්ය උපාධියක් හෝ මහාචාර්ය තනතුරක් හෝ යම් විද්‍යාඥයකුට තිබූ පමණට ඔහු හෝ ඇය හැම විද්‍යාත්මක ක්‍ෂෙත‍්‍රයක් ගැන ම විද්වත් විග‍්‍රහයන් පළ කිරීමේ විසල් හැකියාව ඇත්තකු නොවන බවයි.

ඬේවිඞ් කී හැටියට ‘‘ලබා ගත හැකි හොඳම විද්‍යාත්මක සාක්‍ෂි හා විග‍්‍රහයන් ප‍්‍රතිපත්ති සම්පාදනයට යොමු කිරීමේ වෘත්තීය වගකිමක් විද්‍යාඥයන්ට තිබෙනවා. ජාතික විද්‍යා ඇකඩමිවල එක් වගකීමක් වන්නේ විද්‍යාත්මක සාක්‍ෂි හා උපදෙස් මත පදනම් වී රජයන් ගන්නා ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග සමීපව අධ්‍යයනය කිරීමයි. විද්‍යාවේ නාමයෙන් වැරදි දේ කරන විට ඒ ගැන ප‍්‍රසිද්ධියේ පෙන්වාදීමයි.’’

SciDev.Net 13 Aug 2009: The curse of policy-based evidence by David Dickson

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව මේ ගැන පාර්ලිමේන්තු කොමිටියක් හරහා 2006දී විමර්ශනය කළා. එහි අවසන් වාර්තාවේ අවධාරණය කළේ ‘‘කල් තබා ගන්නා ලද ප‍්‍රතිපත්තිමය තීරණ සනාථ කරනු පිණිස විද්‍යාත්මක සාක්‍ෂි හෝ උපදෙස් අදාල කර ගැනීම ඇමතිවරුන් විසින් නොකළ යුතු’’ බවයි.

අද දවසේ ආර්ථිකය හා ජනජීවිතය සම්බන්ධ බොහෝ කරුණු අරභයා විද්‍යාව හෝ තාක්‍ෂණය සම්බන්ධ වන බවත්, එහිදී වඩාත් ම ප‍්‍රශස්ත හා දුරදර්ශී ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලයේ සිටින දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට විශෙෂඥයන්ගේ විද්වත් මග පෙන්වීම හා උපදෙස් උදක් ම  ඕනෑ වන බවත් එම වාර්තාව පෙන්වා දුන්නා. එසේ උපදෙස් ගැනීම හා ඒවා ප‍්‍රතිපත්ති සම්පාදනයට අදාල කර ගැනීම පාරදෘශ්‍ය, සංවාදශීලී හා වගකීම් සහගත පදනමක් මත සිදු කළ යුතු බවත් එය අවධාරණය කළා.

Scientific Advice, Risk and Evidence Based Policy Making, 2006

David Dickson
David Dickson

ඬේවිඞ් ඩික්සන් කීවේ: ‘‘තමන්ගේ විශෙෂඥ ක්‍ෂෙත‍්‍රය නොවන වෙනත් විද්‍යාත්මක ගැටඵවක් ගැන ‘විද්වත්’ මත දක්වන්නට ඉදිරිපත් වෙමින් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාඥයන් ගැන විශෙෂ අවධානයක් යොමු කළ යුතුයි. එබඳු විද්වතුන් හා දේශපාලකයන් අතර කලක සිට පැවතෙන මිත‍්‍රත්වයක් තිබේ ද? විද්වතාට මෙසේ මත පළ කිරීමෙන් වාසි සැළසේ ද? මේවා සොයා බැලිය යුතුයි.’’

ඬේවිඞ්ගේ විග‍්‍රහයට අනුව මේ වගකීමෙන් කොටසක් මාධ්‍යවලටත් පැවරෙනවා. නමුත් විද්‍යාවේ නිසි භාවිතයන් හා නොතිසි භාවිතයන් වෙන්කර හඳුනාගැනීම බොහෝවිට අසීරු කාරියක් බවත්, ඒ සඳහා විචාරශීලී මාධ්‍යවේදීන්ට මැදහත්, අපක්‍ෂපාත හා පොදු උන්නතියට කැපවූ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍ය බවත් ඔහු කියා සිටියා.

ඕනෑ ම නාමධාරී විද්වතකු කියන දේ තර්කානුකූල ද එයට පදනම් වන සාක්‍ෂි මොනවාදැයි ඇසීමේ වරම මාධ්‍යවේදීන්ට තිබෙනවා. මාධ්‍යවේදීන් යනු කියවන විට ලිවීම (dictation) ලබා ගන්නා ලඝුලේඛකයන් නොවෙයි.

මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන සැමට අවශ්‍ය වැදගත් කුසලතාවයක් වන්නේ සංශයවාදී වීමයි (sceptical). එනම් කියන්නා කෙසේ කීවත්  ඕනෑ ම දෙයක් විචාරශීලීව ග‍්‍රහණය කිරීමයි. කියන්නාගේ තරාතිරම කුමක් වුව ද එසේ කිවූ පලියට බාර නොගත යුතුයි.

වෙළඳ සමාගම් විසින් ගාස්තු ගෙවා පර්යේෂණායතන හරහා කරවා ගන්නා පරීක්‍ෂණ හා විමර්ශන ප‍්‍රතිඵල ගැන සංශයවාදීව සිතීමට මාධ්‍යවේදීන් පුහුණුව ලබා සිටිනවා. ඒ හා සමානව වූ සංශවාදී බවකින් ඔවුන් දේශපාලකයන් විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල ගැන කථා කරන විටද එයට ප‍්‍රතිචාර දැක්විය යුතුයි.

රජයක යම් ප‍්‍රතිපත්තියක් හෝ කි‍්‍රයාවක් සාධාරණීකරණය කිරීමට බලයේ සිටින දේශපාලකයකු විද්‍යාත්මක සාක්‍ෂි ගෙන හැර දක්වන විට මාධ්‍යවේදීන් ඇසිය යුතු ම වන ප‍්‍රශ්න තිබෙනවා. මේ පර්යේෂණවලට ගෙවීමක් කළේ රජය විසින් ද? නැතහොත් එකී පර්යේෂණ කළෙ රජය විසින් පවත්වාගෙන යන පර්යේෂණායතනයක් මගින් ද? එහිදී ලබාදෙන ප‍්‍රතිඵල කෙතරම් අපක්‍ෂපාතී විය හැකි ද?

නූතන විද්‍යාව යනු ආගම් මෙන් අන්ධ භක්තිය මත පදනම් වූවක් නොවෙයි. විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. හැම නිගමනයක් ම සංවාදයට විවෘතයි. කෙතරම් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වුවත් තමන් නිගමනයකට එළඹීමේ පදනම පහදා දීමට බැදී සිටිනවා. එය එසේ ඉල්ලා සිටිමට ජන සමාජයට හා ජන මාධ්‍යවලට අයිතියක් ද තිබෙනවා.

කිරි කළයකට ගොම ටිකක් වැටුණා වගේ යයි ප‍්‍රකට කියමනක් තිබෙනවා. ඉතා පිවිතුරු දෙයකට අපවිත‍්‍ර සුඵ යමක් මුසු වුවත් එනිසා එය අපතේ යා හැකියි. මහජන විශ්වසනීයත්වය (public credibility) යන්නත් එබඳු සංසිද්ධියක්. එය වෙර වෑයමින් ගොඩ නගා ගත යුතු, එහෙත් ලෙහෙසියෙන් අපවිත‍්‍ර වී කෙලෙසී යා හැකි දෙයක්.

සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

In this week’s Ravaya column (in Sinhala), I have adapted a long exchange I did in 1995 with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. The rest of this exchange will appear in future columns.

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Two of my earlier columns have explored related aspects of Ray Wijewardene’s vision on farming, landcare and conservation:

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Ray Wijewardene
Ray Wijewardene

අදීන විද්‍යාඥයකු, චින්තකයකු හා නව නිපැයුම්කරුවකු වූ ආචාර්ය රේ විජේවර්ධන මිය ගොස් තෙවසරක් පිරෙන්නේ මේ සතියේයි.

86 වසරක ජීවිත කාලය තුළ ඔහු අඵත් දේ රැසක් කළා. ගොවිතැන, බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්‍ෂණය යන ක්‍ෂෙත‍්‍ර හතරේ නිරවුල් හා නිවහල් දැක්මක් මත පදනම් වූ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග හා විසඳුම් රාශියක් ඔහු යෝජනා කළා.

බටහිර සම්ප‍්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්‍ෂණ පුහුණුවක් ලද ඔහු, පසු කලෙක පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප‍්‍රගුණ කළා. එහෙත් ඇතැම් අන්තවාදීන් මෙන් එක් දැනුම් සම්ප‍්‍රදායක එල්බ ගෙන අනෙක් සියළු දැනුම් සම්ප‍්‍රදායන් හෙළා දැකීම කළේ නැහැ. ඒ වෙනුවට පෙර-අපර දෙදිග යා කරමින්, හැම තැනින් ම හරවත් හා ප‍්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් ඔහු අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප‍්‍රතිචාර දැක්විය හැකි ක‍්‍රමෝපායයන් සොයා ගියා.

අටුව කඩා පුටුව හදන ආකාරයේ කෙටි කාලීන සංවර්ධනය හඹා යාමේදී මතු වන බරපතල විසමතා කල් තබා දුටු ඔහු කළ අනතුරු ඇඟවීම් තවමත් අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් හරිහැටි ග‍්‍රහණය කර ගෙන නැහැ.

1995දී ඉන්දියාවේ Down To Earth සඟරාව වෙනුවෙන් රේ සමග මා දීර්ඝ මාධ්‍ය සාකච්ජාවක් කළා. වී ගොවිතැන, හේන් ගොවිතැන, හරිත විප්ලවය හා එහි අහිතකර ප‍්‍රතිඵල, බලශක්ති අර්බුදයට පිළියම් ආදී තේමා රැසක් ගැන අප කථා කළා. එය එදා මෙදා තුර මා කළ මාධ්‍ය සාකච්ජා සිය ගණනක් අතර මතකයේ සදා රැඳුන සංවාදයක්. වසර 18කට පසුව එය සිංහල අනුවාදයක් ලෙස බෙදා ගන්නට මා කල්පනා කළා.

නාලක: ඔබ හරිත විප්ලවයේ පෙර ගමන්කරුවකු හා ආවඩන්නකු වූවත් පසු කලෙක ඒ සියල්ල ප‍්‍රශ්න කළා. ඇයි?

රේ: හරිත විප්ලවය ඇරැඹුණේ ආහාර අහේනියක් ඇතිවීම වළක්වන යහපත් අරමුණින් වුවත් එහි මූලික ප‍්‍රවේශයන්ගේ ප‍්‍රබල දෝෂ තිබුණා. මේ නිසා සුඵ ගොවියාගේ පැත්තෙනුත්, සොබාදහමේ පැත්තෙනුත් අප දැඩි පසුබෑමකට ලක් වුණා.

කල් ගත වී හෝ මේ වැරදි හරි ගස්වා ගත යුතු බවට අද විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර පිළිගැනීමක් මතුව තිබෙනවා. මෙය මුලින් ම වටහා ගත්තේ ගොවීන්. දැන් විද්වත් මහත්තුරුන්ටත් එය තේරුම් ගිහින්! අද අවශ්‍ය වන්නේ බිම් ප‍්‍රමාණයකින් අප උපදවා ගන්නා ආහාර හෝ අනෙකුත් බෝග හෝ ප‍්‍රමාණය ප‍්‍රශස්ත කර ගැනීම (optimize) මිස හැකි තාක් උපරිම කර ගැනීම (maximize) නොවෙයි.

සමහරුන් තවමත් තර්ක කරනවා ජන සංඛ්‍යාව වැඩි වන වේගයට සමානුපාතිකව හැකි තාක් අස්වනු වැඩි නොකළොත් සාගින්න බරපතල ප‍්‍රශ්නයක් විය හැකිය කියා. ඔබ එකඟ වෙනවා ද?

මෙතැන ප‍්‍රශ්නය හුදෙක් අස්වනු වැඩි කර ගැනීම නොවෙයි. සුඵ ගොවියා ගොවිතැනෙන් ලබන ලාබය වැඩි කර දීමයි. ගොවියාගේ සමාජ හා ආර්ථික තත්ත්‍වය නගා සිටු වන්නේ නැතිව කෙතරම් විද්‍යාත්මක විසඳුම් කි‍්‍රයාත්මක කළත් වැඩක් නැහැ.

තිරසාර බව (sustainability) කියන්නේ අපේ රටේ ගොවිතැනට අඵත් සංකල්පයක් නොවෙයි. අපේ සාම්ප‍්‍රදායික ගොවීන් එය මනාව දැන සිටියා සහ හරිහැටි ප‍්‍රගුණ කළා. මුල් යුගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද එම පාරේ ම යන ලකුණු තිබුණා. උදාහාරණයක් හැටියට 1936දී නිකුත් කළ හරිත පොහොර (Green Manuring) නම් නිල ප‍්‍රකාශනයක තිරසාර ලෙස මහ පොළවෙන් ඵලදාව ලබන සැටි විස්තර කර තිබෙනවා.

අවාසනාවකට 1960 – 1970 කාලයේ හරිත විප්ලවය නිසා අපේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය හා දෙපාර්තමේන්තුව සිහි විකල් වී අයාලේ ගියා! මංමුලා වුණා! එසේ නොවූවා නම් අද අප මුහුණ දී සිටින අර්බුදයට මැදි වන්නේ නැහැ. දැන් සිදුව ඇත්තේ බාහිරින් වඩ වඩාත් කෘති‍්‍රම එකතු කිරීම් වගා බිම්වලට දමමින් කෙසේ හෝ ඵලදාව නැත්නම් අස්වනු පවත්වා ගැනීම. මෙය දරා ගත නොහැකි මට්ටමකට පත් වෙලා…

 ‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974
‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974

1955 ඔබ නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය (LandMaster) ප‍්‍රවර්ධනය කරමින් ඔබ ගොවිතැන යාන්තී‍්‍රකරණය කරන්නට තැත් කළා. නමුත් පසුව ඒ සියල්ල ලොකු වැරදීමක් බව කියා සිටියා. ඒ ඇයි?

 ඇත්ත. හරිත විප්ලවය මුලදී මාත් එය විශ්වාස කළා. මාත් අයාලේ ගියා! එසේ වූයේ මූලික මට්ටමේ ප‍්‍රශ්නයක් මතු නොකිරීම නිසායි. ට‍්‍රැක්ටරය කළේ ගොවිතැන යාන්තී‍්‍රකරණය කිරීම ද, නැත්නම් මී හරකා යාන්තී‍්‍රකරණය කිරීම ද?

අපට හැකි වූයේ යාන්තමට මී හරකාට යාන්ති‍්‍රකරණ ආදේශකයක් දීමට පමණයි. එයත් එතරම් ප‍්‍රශස්ත විසඳුමක් නොවෙයි. මීහරකාට මෙන් පරපුරක් බෝ කිරීමේ හැකියාව ට‍්‍රැක්ටරයට නැහැ! නැතහොත් කිරි නිපදවන්නට හෝ ගොම හරහා ගොවිබිම පොහොර කරන්නටත් බැහැ. මේ නිසා ලොකු කුඩා හැම ට‍්‍රැක්ටරයක් ම අපේ රටේ ගොවිතැනට හඳුන්වා දීම හොඳ අරමුණින් වුවත් අප සිදු කළ ලොකු වරදක්.

පසු කලෙක බොහෝ අධ්‍යයන හා අත්හදාබැලීම්වලින් අනතුරුව මා තේරුම් ගත් මූලික සත්‍යය මෙයයි. ගොවිබිමක පස පෙරැළීම බොහෝ කොට ම කරන්නේ වල් පැළෑටි පාලනය කිරීමටයි. එනම් අපට අවශ්‍ය බෝගය හැර අනෙකුත් පැළෑටි එම පොළොවෙහි එම කාලයෙහි මතු වනු වැළැක්වීමටයි. මා ගණන් බැලූ විදියට අපේ රටේ (ගොඩ හා මඩ) ගොවිතැන්වලදී කරන පරිශ‍්‍රමය හා වියදමෙන් 40-60%ක් පමණ වැය වන්නේ මෙසේ පස පෙරැළීම හරහා වල් පැළෑටි පාලනයට.

නමුත් පස පෙරැළීමේ අහිතකර විපාක තිබෙනවා. ලිහිල් වූ පස ලෙහෙසියෙන් සෝදා පාඵවට ලක් විය හැකියි. මේ නිසා පස පෙරැළීමට ලක් කළ වගා බිම්වල පසේ සාරවත් බව අහිමිවීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඝර්ම කලාපීය අපේ රටවල ගොවිතැනේ අතිශය තීරණාත්මක සාධකයක් නම් පසේ සරුබවයි (soil fertility). එය රැක ගැනීම ඉතා වැදගත්.

පස පෙරළන්නේ නැතිව වල් පැළෑටි පාලනය කරන ක‍්‍රම තිබෙනවා ද?

ප‍්‍රධාන විකල්ප දෙකක් තිබෙනවා. එකක් වල්නාශක රසායනික භාවිතය. එය වියදම් සහගත මෙන් ම පරිසරයට අහිතකර කි‍්‍රයාවක්. දෙවැන්න නම් ගොවිබිමේ ජල පාලනය හරහා වල් පැළෑටි මර්දනය. මෙය අප සිතනවාට වඩා පුඵල් ලෙස අපේ ගොවිතැනේ සිදු කෙරෙනවා.

අපේ වාරි ජලයෙන් තුනෙන් දෙකක් ම යොදා ගන්නේ කුඹූරුවල වල් පාලනය සඳහායි.  මා ගණන් බලා ඇති අන්දමට අද (1995) ශී‍්‍ර ලංකාවේ වී ගොවිතැනේදී සහල් කිලෝ එකක් නිපදවා ගන්නට ජලය ටොන් 20ක් පමණ වැය කරනවා. වී පැළෑටියට එහි භෞතික වර්ධන අවශ්‍යතා සඳහා මෙතරම් ජල කන්දරාවක්  ඕනෑ නැහැ. ජලය බහුතරය යොදා ගන්නේ වල් ඉස්මතුවීමට නොදී ගිල්ලා මරා දැමීමටයි!

වාරි ජලය ගොවීන්ට නොමිළයේ ලැබුණත් එය සම්පාදනයට රජයට වියදමක් යනවා. ඒ වියදම වී ගොවිතැනේ අනෙකුත් වියදම්වලට එකතු කළ විට සහල් විකුණා නැවත ලබා ගත නොහැකි තරම් නිෂ්පාදන වියදමක් මෙරට වී වගාවේදි සිදු වනවා.

මේ විකල්ප දෙක හැර වෙනත් ක‍්‍රම තිබෙනවා ද?

කල් යාමේදී මා තේරුම් ගත්තා වල් නාශක රසායනික හෝ වාරි ජලය හෝ යොදා නොගෙන වෙනත් ක‍්‍රමයකින් වල් පැළෑටි පාලනය කිරීමේ චින්තන විප්ලවයක් අවශ්‍ය බව. එය තිරසාර වන්නට නම් බාහිරින් යොදන දේ අවම විය යුතුයි. එමෙන් ම වියදම අඩු හා සරල විය යුතුයි.

ආසියාවේ හා අපි‍්‍රකාවේ ඝර්ම කලාපීය රටවල ගොවීන් සමග වැඩ කරද්දී මා වසර ගණනක් මේ අභියෝගයේ විවිධ පැතිකඩ සමීපව අධ්‍යයනය කළා. පොතෙන් නොවෙයි, වගා බිමෙන්! ලොකු වටයක් ගියාට පසු මා වටහා ගත්තේ අපට අවශ්‍ය විසඳුම ඝර්ම කලාපීය ස්වාභාවික වනාන්තර තුළ කාලාන්තරයක් තිස්සේ ඉබේ ම කි‍්‍රයාත්මක වෙමින් ඇති බවයි!

වල් පැළෑටි පාලනය  ඕනෑ වන්නේ බෝග වවන ගොවීන්ට. එය සොබාවික වනාන්තරයකට අදාල වන්නේ කොහොම ද?

මිනිස් බලපෑමකට ලක් නොවී නිදහසේ වැවුණු ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරයකට පිවසී සමීපව නිරික්සන විට අපට පෙනී යනවා වනාන්තරවල බිම් මට්ටමේ එතරම් කුඩා පැළෑටි වර්ධනයක් නැහැ. හේතුව ලොකු ගස්වලින් වැටෙන වියළි කොළ දිරාපත් වෙමින් බිම් මට්ටම වසා ගැනීමයි.

වනාන්තරයේ සාරවත් බව (fertility) චකී‍්‍රකරණය කැරෙනවා. ලොකු ගස්වල ගැඹූරට විහිදෙන මුල් මගින් යට තිබෙන පසෙහි සාරය උකහා ගෙන ශාක පත‍්‍ර හා ගෙඩි බවට පත් කරනවා. කලකට පසු මේ ශාක කොටස් (හා අවසානයේ මුඵ ගස ම) වියලී මතු පිටට වැටෙනවා. ඒවා ටිකෙන් ටික දිරාපත් වූ විට සාරය නැවතත් පසට එකතු වනවා. මේ කොළ රොඩු එක් වීම නිසා අනවශ්‍ය (වල්) පැළෑටි බිහිවීම ද ඉබේ පාලනය වනවා.

මා වටහා ගත්තා ගොවිතැන් කිරීමේ ලොකු ම අභියෝග දෙක නම් පසේ සාරය පවත්වා ගැනීම හා වල් මර්දනය බව. කුමන බෝගය වගා කළත් මේ තමයි ලොකු ම සීමාකාරී සාධක දෙක. ඝර්ම කලාපීය වනාන්තරවල සොබාදහම මේ සාධක දෙක අපුරුවට කළමණාකරණය කරනවා. එහිදී වැදගත්ම පුරුක වන්නේ ගස්. යම් බිමක් ඵලදායී වනවාද මුඩුබිමක් වනවාද යන්න තීරණය වන්නේ ගස්වල පිහිටීම මගින්.

වගාබිමේදී අපට මේ වනාන්තර කරන දේ අනුකරණය කළ හැකිදැයි මා සොයා බැලූවා. එය සාර්ථකව කරන ක‍්‍රමයක් මට පිලිපීනයේදී හමු වුණා. එයට කියන්නේ බෑවුම් වගාබිම් තාක්‍ෂණය (Sloping Agricultural Land Technology හෙවත් SALT) කියායි. කෙටිකාලීන බෝග කඳුකර බිම්වල වැවීමේදී පස රැක ගනිමින් බැහැරින් කෘෂිරසායනික එකතු කිරීම හැකි තාක් අඩු කරන්නට SALT ක‍්‍රමය මහෝපකාරී වනවා.

SALT සඳහා බහුවාර්ෂික ගස් (perennial trees) වගා බිමක සිටු වනවා. කෙටි කාලීන බෝග වවන විටත් (කුඹූරුවල පවා) ලොකු ගස් තැනින් තැන වැටෙන්නට ඉඩ දීම අපේ පැරණි ගොවිතැනේ සිරිතක් වුණා. මේ ගස්වලින් වියලී බිමට වැටෙන කොළ රොඩු මගින් පසේ තෙතමනය පවත්වා ගනිමින් එහි සරුබව ද වැඩි කරනවා.

SALT system diagram
SALT system diagram

 

SALT ක‍්‍රමය බෑවුම්වල ගොවිතැනට පමණ ද?

බෑවුම්වලට වඩා සුදුසුයි. මන්ද සමෝච්ච රේඛා මට්ටමට මෙබඳු ගස් පේළි හැටියට වවමින් වැටි බිහිකිරීම වඩාත් ලෙහෙසි නිසා. 1970 දශකයේ අප ආසියාවේ හා අපි‍්‍රකාවේ රටවල මේ ක‍්‍රමවේදය අත්හදා බලමින් දියුණු කළා. අද එය ඝර්ම කලාපය පුරා පිළිගත් සංරක්‍ෂණාත්මක ගොවිතැන් ක‍්‍රමයක්.

SALT ක‍්‍රමය ගොවීන් පිළිගන්නේ කෙලෙස ද?

ගොවීන්ට වාසි රැසක් තිබෙනවා. රසායනික පොහොර හා වල්නාශක වැනි වියදම් සහගත බාහිර එකතු කිරීම් තව දුරටත් අවශ්‍ය නැහැ. එසේ ම පස සෝදායාම වැළකෙනවා. කඳු බෑවුම්වල වගා කිරීමේදී බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ඒවා මුලින් එළිපෙහෙළි කොට බෝග පමණක් සිටුවන්න. මෙය හරි අනුවණකාරී වැඩක්. එයින් සොබාවික සෙවන හා පසේ සොබාවික රැකවරණය අහිමි වී, පස අව්වට වැස්සට නිරාවරණය වනවා.

වායුගෝලයෙන් නයිට‍්‍රජන් සොබාවිකව උකහා ගෙන මුල් හරහා එය පසට මිශ‍්‍ර කිරීමේ හැකියාව ඇති ගස් හෝ පඳුරු හෝ SALT ක‍්‍රමයේදී අප වගාබිමක පේළි හැටියට වවනවා. එමගින් පසට එකතු කරන කොළ රොඩු එතැන ම දිරාපත් වන්නට ඉඩ හරිනවා. ඉවත් කිරීමක් නැහැ. ඇත්තට ම අපි සොබාදහමේ කි‍්‍රයාවලීන්ගෙන් ගොවිතැනට සේවා ලබා ගන්නවා. එතකොට පිටතින් පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය එකතු කිරීමේ අවශ්‍යතාවය අවම කර ගන්නට හැකියි.

මුල් සාකච්ජාව කියවීමට පිවිසෙන්න: http://tiny.cc/RayBye

රේ විජේවර්ධන චින්තනය පිළිබඳ වෙබ් අඩවිය: www.raywijewardene.net