My latest column in Ravaya broadsheet newspaper (in Sinhala) looks at China’s air pollution problems that keep getting worse, taking pollutant readings off the charts. Urban air quality in Winter 2012/13 was so bad that Chinese themselves called it ‘Airpolcalypse‘.

නාගරික ප‍්‍රදේශවල ඉපිද හැදෙන වැඩෙන සමහර දරුවන් වනාන්තර, වන සතුන් හා සොබා දහමේ වෙනත් දායාදයන්ගෙන් දුරස්තවීම බොහෝ රටවල දැකිය හැකියි. එහෙත් වළාකුලෙන් හා මීදුමෙන් තොර වූ පැහැබර නිල් අහස හා බැබළෙන හිරු කිසිදා නොදුටු දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින රටක් ගැන ඔබ අසා තිබෙනවා ද?
පුදුමයි, ඒත් ඇත්තයි. මේ මහජන චීනයේ බේජිං හා ෂැංහයි මහා නගර දෙකෙහි ඇතැම් කුඩා දරුවන්ගේ දෛනික යථාර්ථයයි. චීනයේ මාධ්‍යවේදීන්, පර්යේෂකයන් හෝ විද්වතුන් වන මිතුරන් ගණනාවක් මට සිටිනවා. ඔවුන්ගේ දරුවන්ගේ අත්දැකීමත් මෙයයි.
එයට හේතුව අධික වාත දුෂණය නිසා චීන මහ නගරවල දිවා රාතී‍්‍ර ප‍්‍රකාශ-රසායනික දුමාරයක් (Photo chemical smog) බිහිව තිබීමයි. එය සෞඛ්‍යයට වින කරනවාට අමතරව, දුරදැකීමේ හැකියාව ද සීමා කරනවා. එබඳු ප‍්‍රදේශවල පැහැදිලි අහසක් දැකගන්නට ඇත්තේ ම නැති තරම්.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව අද ලෝකයේ අතිශයින් ම දුෂිත වූ වාතය හමුවන නගර 20න් 16ක් ම ඇත්තේ චීනයේ. 2008 බේජිං ඔලිම්පික් තරගාවලියට පෙර එනුවර වාත දුෂණය ගැන දැඩි ජාත්‍යන්තර අවධානය යොමු වුණා. මෙතරම් ප‍්‍රබල ලෙස දුෂිත වාතය ඇති නගරයක තරග වදින කී‍්‍රඩකයන්ට අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි දැයි බිය පහළ වුණා.
තම ජාතියේ ප්‍රෞඩත්වය ඔලිම්පික් සත්කාරය සමග ඉතා සමීපව බද්ධ කර තිබූ නිසා චීන රජය ඔලිම්පික් පැවැත්වෙන්නට සති ගණනකට පෙර පටන් අසාමාන්‍ය පියවර ගත්තා. කර්මාන්ත ශාලා ටික කලකට වැඩ නතර කළා. වාහන නගරයට පිවිසීම දැඩි ලෙස සීමා කළා.
මෙබඳු පියවර හරහා තාවකාලිකව බේජිං හා අවට වාත දුෂණය තරමක් සමනය කර ගෙන ඔලිම්පික් පැවැත්වූවත් එයින් පසු යළිත් පෙර තිබුණාටත් වඩා දුෂණය උත්සන්න වී ඇති බව එරට පාරිසරික හා සෞඛ්‍ය නිලධාරීන් පිළි ගන්නවා.
2013 ජනවාරි – මාර්තු කාලයේ වාත දුෂණ තත්ත්වය ඉතා දරුණූ වුණා. ඇතැම් දිනවල බේජිං නුවර වාත දුෂණ මට්ටම WHO සම්මත උපරිම සීමාවන් මෙන් 30ගුණයක් තරම් ඉහළ ගියා.

මෙයට වැඩිපුර ම දායක වූයේ PM2.5 නමින් හඳුන්වන අර්ධ වශයෙන් දහනය වූ ඉතා කුඩා අංශුයි. ආශ්වාසය හරහා පෙනහඵ තුළට ගොස් බරපතල සෞඛ්‍ය හානි කිරීමේ හැකියාව මේවාට තිබෙනවා. දිගු කලක් තිස්සේ PM2.5 අංශු ශරීරගත වූ විට ඒ මගින් ශ්වසන ආබාධ පමණක් නොව පෙනහඵ පිළිකා හා හෘදරෝග ද ඇති කළ හැකි බව දැන් සොයා ගෙන තිබෙනවා.
වාත දුෂණය නිසා මීදුම සහ දුම මිශ‍්‍ර පටලයක් ඇති වී දින ගණනක් තිස්සේ අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල පෙනීම සීමා කළා. දිවා කාලයේ පවා වාහනවල ලයිට් දමා ගෙන පැදවීමට සිදු වූ අතර, ගුවන් ගමන් රැසක් අවලංගු කරනු ලැබුවා.
WHO ගණන් බලන අන්දමට එළිමහනේ වාත දුෂණය නිසා ලොව පුරා වසරකට අවම වශයෙන් මිලියන් 2ක් ජනයා අකාලයේ මිය යනවා. මෙයින් 65%ක් මරණ සිදු වන්නේ ආසියාවේ. ඒ අතරින් චීනය ප‍්‍රධානයි. එරට වසරකට මේ සංඛ්‍යාව මිලියන් 1.2ක් පමණ වනවා. රෝගාතුර වී වසර ගණන් දුක් විඳින සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩියි. දරුවන් හා මහඵ අය වාත දුෂණයෙන් වැඩිපුර පීඩා විඳිනවා.
හැම සීත සෘතුවකදී ම චීනයේ විදුලි පරිභෝජනය ඉහළ යනවා. නිවාස උණුසුම් කරන්නට දැන් බොහෝ නිවැසියන් යොදා ගන්නේ විදුලියයි. විදුලි ජනනයට වැඩිපුර ගල්අගුරු භාවිත කරන එරට විදුලි බලාගාරවලින් මතුව එන වාත දුෂණය කර්මාන්ත ශාලාවලින් පිටවන දුෂණය ඉක්මවා ගොස් තිබෙනවා.
බේජිං දුෂක දුමාරය උත්සන්න වන දිනවලට දැන් අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවලට පවා මීදුම් පටලය පෙනෙනවා. එමෙන් ම එම දුමාරය ටිකෙන් ටික සුළං හමන දිශාව අනුව චීනය තුළ වෙනත් ප‍්‍රදේශවලටත්, කොරියාව හා ජපානය වැනි අසල්වැසි රටවලටත් ඇදී යනවා.
මෙය නතර කිරීමට නොහැකි වූවත්, චීනයේ පරිසර දුෂණයෙන් තමන් පීඩාවට පත් විය යුත්තේ ඇයි ද යන්න අද අසල්වැසි රටවල් මතු කරන ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී තිබෙනවා.
දුමාරය උග‍්‍ර වන සීත කාලයට යම් තාවකාලික (පැලැස්තර) විසඳුම් සෙවීමට බේජිං හා ෂැංහයි මහා නගර දෙකේ බලධාරීන් උත්සුක වනවා. අත්‍යවශ්‍ය සේවා නොවන සමහර කර්මාන්ත ශාලා වසා තබන්නටත්, රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ධාවනය දැඩි ලෙස සීමා කරන්නටත් ඔවුන් කි‍්‍රයා කරනවා.
2012 නොවැම්බරයේ තනතුරට පත් චීනයේ අගමැති ලී කේකියැංග් (Li Keqiang) ප‍්‍රතිඥා දුන්නේ තම ධූර කාලය තුළ පාරිසරික සංරක්‍ෂණයට මුල් තැනක් දෙන බවයි. එසේම 2016 වන විට බලශක්තිය සඳහා ගල් අගුරු දහනය නතර කොට විකල්ප ප‍්‍රභවයන් යොදා ගන්නටත්, වාහන දහන දුමාරය වඩා දැඩි ලෙස නියාමනය කරන්නටත් බේජිං බලධාරීන් සැළසුම් කරනවා.
එහෙත් මතුවී ඇති අධික වාත දුෂණය සමනය කරගන්නට වසර කිහිපයක් ගත වනු ඇති. ඒ අතර කාලයේ එළිමහනේ මුවවැසුම් පැළඳගෙන ගමන් කරන්නටත්, නිවෙස් තුළ වාතය පිරිසුදු කරන යන්ත‍්‍ර (air purifiers) භාවිත කරන්නටත් එරට නාගරික වැසියන්ට සිදුව තිබෙනවා.
රෙදි සෝදන යන්ත‍්‍ර, පරිගණක හා ටෙලිවිෂන් මෙන් වාත පිරිසුදු කරන යන්ත‍්‍ර ද චීන මධ්‍යම පාන්තික නිවෙසක අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් වෙලා. වායුසමන යන්ත‍්‍රවලට වඩා සුක්‍ෂම ලෙසින් වාතයේ දුෂක පෙරා ඉවත් කිරීමේ හැකියාව මේ යන්ත‍්‍රවලට ඇතත් ඒවායේ මිළ අධිකයි. එමෙන් ම ඒවා කි‍්‍රයාත්මක කරන්නට අවශ්‍ය බලශක්තිය ජනනයට තව තවත් ගල් අගුරු හා ඛනිජ තෙල් දහනය කළ යුතුයි. මේ නිසා මෙය කිසිසේත් තිරසාර විසඳුමක් නොවෙයි.
2013 පෙබරවාරියේ චීන කැබිනට් මණ්ඩලය නව ඉන්ධන ප‍්‍රමිතීන් හඳුන්වාදීමට ප‍්‍රතිපත්තියක් හා කාල රාමුවක් අනුමත කළා. එහෙත් ප‍්‍රායෝගිකව මෙය කෙතරම් සාර්ථක වේ ද යන්න සැක සහිතයි.
දශක ගණනාවක් පුරා චීන රජයට අයත් ඛනිජ තෙල් සමාගම් හා විදුලිබල සමාගම් සිය රටේ ප‍්‍රමිතීන් හා පාරිසරික නීතිරීති නොතකා හිතුමතේ කි‍්‍රයා කොට තිබෙනවා. ඔවුන්ට විරුද්ධව රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට නිලධාරිතන්ත‍්‍රය මේ දක්වා කි‍්‍රයා නොකිරීම, වාත දුෂණය මේ තරම් දරුණු වීමට ප‍්‍රධාන හේතුවක්.
චීනයේ පාරිසරික ප‍්‍රශ්න එරට ආර්ථික වර්ධනයට ද බලපෑම් කිරීම ඇරඹිලා. රටක පරිසර දුෂණයේ වටිනාකම ගණනය කිරීම ඉතා අසීරු කාරියක්. අකාලයේ මිය යන ජීවිතවලට මිළක් දෙන්නේ කෙලෙස ද?
එහෙත් අහිතකර වාතය, ජලය හා ආහාර නිසා රෝගී වන අයට ප‍්‍රතිකාර කිරීමේ වියදම හා ඔවුන්ට මග හැරෙන වැඩ කරන දින සංඛ්‍යාවේ අගය ආදිය ගණන් බැලිය හැකියි. මේ අනුව 2010දී පරිසර දුෂණවලින් එරට තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3.5%ක් නැතහොත් ඩොලර් බිලියන් 230ක් ක්ෂය වූ බව චීනයේ පාරිසරික සැළසුම් පිළිබඳ ජාතික ඇකඩමිය (පරිසර අමාත්‍යාංශය යටතේ ඇති නිල ආයතනයක්) කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.
මේ සංඛ්‍යාව ඉතා විශාල වුවත් (සංසන්දනය සඳහා සමස්ත ශී‍්‍ර ලංකා ආර්ථිකය ඩොලර් බිලියන් 60ක් පමණ වනවා). එය පරිසර ප‍්‍රශ්නවල සම්පුර්ණ බලපෑම් තක්සේරුවක් නොවන බව එරට විද්වතුන් පිළි ගන්නවා. එමෙන් ම සමහර පාරිසරික තත්ත්වයන්ගේ අහිතකර බලපෑම් (උදා: පිළිකා) හට ගන්නේ වසර ගණන් කල් ගත වී නිසා ආර්ථික විද්‍යාත්මක ගණන් බැලීමකට එය හසු කර ගැනීම අසීරුයි.
බිලියන් 1.3ක් වන චීන ජනතාවට මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා වෙනත් භෞතික අවශ්‍යතා සම්පාදනය කිරීමටත්, රට තුළ යටිතල පහසුකම් දියුණු කරන්නටත් චීන රජයට හැකිව තිබෙනවා. ඉස්සර වගේ දැන් කිසිවකුත් සාගින්නේ සිටින්නේ නැහැ.
දුගී බවින් සිය ජනයා ඉහළට එසවීමේදී මෑත ඉතිහාසයේ මහජන චීනය තරම් ඉක්මනට හා මහා පරිමාණයෙන් එය සිදු කළ වෙන කිසිදු රටක් නැහැ. කොමියුනිස්ට් දේශපාලන රාමුවක් තුළ වෙළඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දෙමින් 1979දී චීනය ඇරැඹු ප‍්‍රතිසංස්කරණ නිසා ගෙවී ගිය වසර 35කට ආසන්න කාලය තුළ මිලියන් 600ක් චීන ජාතිකයන් අන්ත දුගී මට්ටමින් (එනම් දිනකට අමෙරිකානු ඩොලර් 1.25 හෝ රුපියල් 160) අත් මිදී ඊට වඩා ආදායමක් ලබන මට්ටමට පත්ව සිටිනවා. මෙය අගය කළ යුතු මානුෂීය හපන්කමක්.
එහෙත් අතමිට සරු වූ පමණට වඩාත් හිතකර ජීවන මට්ටමක් තවමත් ලැබී නැති බව අති බහුතරයක් චීන ජනතාවට දැන් වැටහෙමින් පවතිනවා. වසර 35 තුළ අධිවේගී ආර්ථික වර්ධනයක් ඔවුන් ලබා ගත්තේ එහි පාරිසරික හා සෞඛ්‍ය විපාක ගැන තැකීමක් නොකර, ඒකායන අරමුණින් ‘සංවර්ධනය’ ගැන පමණක් අවධානය යොමු කිරීම හරහායි.
චීනය දැන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයයි. එය ජපානය ඉක්මවා යමින් එතැනට පත්වූයේ 2010දී. ඉදිරි වසර කිහිපය තුළ, සමහර විට 2016 පමණ වන විට අමෙරිකාව ද අභිබවා මුල් තැනට එන්නට හැකි යයි ආර්ථික විද්‍යාඥයන් අනුමාන කරනවා.
මෑතක් වන තුරු චීනයේ නිල ස්ථාවර වූයේ ‘ටිකක් අපවිත‍්‍රවීම් සිදු වූවත් රටේ ආර්ථික වර්ධනය පවත්වා ගන්නට සැවො ම කැප කිරීම් කළ යුතු බව’යි. දැන් ටිකෙන් ටික මේ ‘අපවිත‍්‍රවීම්’ සුඵ පටු නොවන බව පිළි ගැනෙනවා.
භෞතික සැප සම්පත් අතින් එක් පරම්පරාවක් තුළ ලොකු ඉදිරි පිම්මක් පැන්නත් නිදහසේ එළිමහනේ ඇවිද යන්නට නොහැකි, නිවෙස් තුළට වී යාන්ත‍්‍රිකව පිරිසුදු කරන වාතය ආශ්වාස කරමින් ‘පාරිසරික සිරකරුවන්’ බවට පත් වීමේ තේරුමක් ඇත්දැයි එරට උගත් මධ්‍යම පාන්තිකයන් දැන් වඩ වඩාත් ප‍්‍රශ්න කරනවා. චීන කොමියුනිස්ට් පාලන ඉතිහාසයේ මුල් වතාවට මෙබඳු සංවාද සඳහා තරමක හෝ අවකාශයක් ලබා දී තිබෙනවා.
