
On 24 October 2015, United Nations marks its 70th birthday. A few weeks later, on 15 December 2015, is the 60th anniversary of Sri Lanka (then Ceylon) becoming a member state of this inter-governmental organisation.
In this week’s Ravaya column, (appearing in issue of 18 Oct 2015), I look at Sri Lanka’s engagement with the UN. It started in December 1955, when Ceylon was admitted to membership (after its application had been resisted by the Soviet Union since 1950, on the grounds that Ceylon was ‘not fully independent’).
Ceylon/Sri Lanka has thus had 60 years of fruitful engagement with the UN through its permanent mission that was set up in New York in early 1956. The country has played a key role in global debates at the General Assembly, Security Council and other bodies and specialized agencies of the UN family.
I quote from the first speech by a Lankan head of government at the General Assembly, made by Prime Minister Solomon W R D Bandaranaike on 22 Nov 1956. I refer to illustrious ambassadors of Ceylon/Sri Lanka who have served as Permanent Representative to the UN – among them scholars, eminent lawyers and career diplomats.
They not only articulated their country’s position at the UN, but also stood for larger ideals such as non-alignment, peaceful resolution of conflicts, nuclear disarmament, and peaceful uses of both outer space and the international seas beyond territorial waters of states.
I point out that, through intellectual contributions and principled positions, Sri Lanka has had an influence disproportionate to the size of its population and economy – a case of punching above its weight category.
I also clarify that the UN Secretariat in New York and its extension in Colombo are actually at the service of its 193 member states which remain the ultimate masters. In fact, Sri Lanka has been a fee-paying member state: its contribution to the UN regular budget for 2015 is USD 678,391 (approx LKR 93,155,300).
So when occasional protesters demonstrate outside the UN office in Colombo, it only shows their gross ignorance of who actually heads the UN. Their own government is one of 193 members that determine the inter-governmental body’s policies and operations. Meanwhile we the citizens of Sri Lanka pay 0.025% of the UN’s annual budget.
Sadly, the UN Information Centre in Colombo has failed to promote such conceptual clarity among the Lankan politicians and media, some of who harbour serious misconceptions about the UN and its operations.
See also: 50 years of Sri Lanka in the United Nations, by Dr. H.S.S. Nissanka (Daily News, 14 Dec 2005).
Milestones in Sri Lanka – UN Partnership 1955-2015

2015 ඔක්තෝබර් 24 වැනිදාට එක්සත් ජාතීන් ආරම්භ වී වසර 70ක් පිරෙනවා. මේ කාලය තුළ ලෝක යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත්, තවමත් ලොව සාමය, සංවර්ධනය හා සහජීවනයට මේ ජගත් සංවිධානය ඉමහත් දායකත්වයක් සපයනවා.
ශ‍්‍රී ලංකාව හැට වසරක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වී සිටියත් එහි ක‍්‍රියාකාරීත්වය හා ගෝලීය වැදගත්කම ගැන තවමත් අපේ රටේ නිරවුල් අවබෝධයක් නැහැ.
එක්සත් ජාතීන් පිහිටුවා ගැනීමේ කථා බහ ඇරැඹුණේ 1945 අප්‍රේල් මාසයේදී. දෙවන ලෝක යුද්ධය නිසා සිදු වූ මහා විනාශය හමුවේ එයට සම්බන්ධ වූ හා නොවූ රටවල් 51ක රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයන් ඇමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී මුණ ගැසී කතා කළේ යළිත් එවන් ව්‍යසනයක් වළක්වන සැටි ගැනයි.
1930 ගණන්වල යුරෝපයේ අන්තර් රාජ්‍ය සබඳතා බිඳ වැටී කෙමෙන් ලෝක යුද්ධයට පාර කැපුණු ආකාරය ඔවුන් අත්දුටු නිසා සංවාදය, සහයෝගය හා අන්‍යොන්‍ය ගෞරවය වැනි ගුණාංග හරහා රටවල් අතර මතභේද නිරාකරණය කරගන්නට ඔවුන්ට ඕනෑ වුණා.
සාමය පමණක් නොවෙයි, ලෝකයේ දුප්පත් රටවල ආර්ථික සංවර්ධනය හා මහජන සුබසිද්ධියද මේ මූලාරම්භකයන්ගේ අරමුණු අතරට එක් වුණා. මූලාරම්භක රටවල් එක්ව ලියූ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය 1945 ජූනි 26 වනදා අත්සන් කළත් එය ක්‍රියාත්මක වීම ඇරැඹුණු 1945 ඔක්තෝබර් 24දා එක්සත් ජාතීන්ගේ උපන් දිනය ලෙස සැළකෙනවා.
මුල් දශකවල එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙවත් ඉංග‍්‍රීසියෙන් United Nations Organisation (UNO) යැයි කීවත්, 1980 ගණන්වල එය වඩාත් සරල කොට එක්සත් ජාතීන් (United Nations) යැයි කීම ඇරඹුණා. අපේ සමහර වැඩිහිටියෝ පරණ පුරුද්දට UNO යැයි කීවත් එය තව දුරටත් නිවැරදි නැහැ.
එක්සත් ජාතීන් යනු අන්තර් රාජ්‍ය (inter-governmental) සංවිධානයක්. එහි සාමාජිකත්වය විවෘතව ඇත්තේ ස්වාධිපත්‍යය ඇති රටවල ආණ්ඩුවලට පමණයි. යටත්විජිත ලෙස පවතින රටවල්, රාජ්‍ය නොවන සංවිධාන, විද්වත් සංවිධාන හෝ පෞද්ගලික සමාගම්වලට හැක්කේ එජා සංවිධානයේ සාමාජිකයන් වීම වෙනුවට නිරීක්ෂණ මට්ටම ලබාගැනීම පමණයි.
එක්සත් ජාතීන් බිහි වන විට ශ‍්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් නොවෙයි. ශ‍්‍රී ලංකාව එජා සාමාජිකත්වයට 1950 සිට වාර්ෂිකව ඉල්ලූම් කළත්, ඒ හැම විටෙකම සෝවියට් දේශය එයට විරුද්ධ වුණා.
ධනවාදී හා සමාජවාදී ලෙස දේශපාලනික මතවාද අනුව දැඩි ලෙස බෙදී තිබූ ලෝකයේ ශ‍්‍රී ලංකාව වඩාත් ධනවාදී කඳවුරට නැඹුරු වී ඇතැයි සෝවියට් දේශය ඇතුළු සමාජවාදී පිල විශ්වාස කළා. ශ‍්‍රී ලංකාව දේශපාලන නිදහස ලැබුවද බි‍්‍රතාන්‍ය සමග ආරක්ෂක සේවා ගිවිසුමක් තිබීම හා ති‍්‍රකුණාමලයේ නාවුක කඳවුරක්ද කටුනායක ගුවන් හමුදා කඳවුරක්ද බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තිබීම සෝවියට් විවේචනයට පදනම වූවා. ඔවුන් තර්ක කළේ ශ‍්‍රී ලංකාව සැබැවින්ම නිදහස් නැති බවයි.
අන්තිමේදී 1955දී සෝවියට් දේශය මේ විරෝධය හකුළා ගත්තේ එක්තරා ‘ඞීල්’ එකක් නිසායි. සෝවියට් පිලට අයත් ඇල්බේනියාව, බල්ගේරියාව, හන්ගරිය හා රුමේනියාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබීම ගැන අමෙරිකාව විරුද්ධ නොවන්නේ නම් ශ‍්‍රී ලංකාවේ සාමාජිකත්වයට තමන් තව දුරටත් විරුද්ධ නොවන බව සෝවියට් දේශය කියා සිටියා.
මේ අනුව 1955 දෙසැම්බර් 15 වැනිදා ශ‍්‍රී ලංකාවට එජා සාමාජිකත්වය හිමි වුණා. එම වසරේ අලූතින් සාමාජිකත්වය ලැබුණු රටවල් 16ක ජාතික කොඩි අමෙරිකාවේ නිව්-යෝක් නුවර එජා මූලස්ථානයේ මුල් වරට ඔසවනු ලැබුවේ 1956 මාර්තු 9 වනදා.

එම මූලස්ථානය නිව්-යෝක් නුවර මැන්හැට්න් දූපතේ ගං ඉවුරක අක්කර 18ක බිම් ප‍්‍රමාණයක පිහිටුවා තිබෙනවා. අමෙරිකානු දේශ සීමා තුළ පිහිටියත් මේ අමෙරිකානු භූමියක් නොවෙයි. ජාත්‍යන්තර, රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රදේශයක්. එහි සමස්ත ස්වාධිපත්‍යය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට හිමියි. එහි එන ඕනැම ලෝක නායකයකු හා නියෝජිතයකුට ගරුසරු ඇතිව සැළකීමට එරට ගිවිසුමකින් බැදී සිටිනවා.
එහෙත් පොලිස් ආරක්ෂාව, ගිනි නිවන සේවා හා අනෙකුත් පහසුකම් ලැබීම වෙනුවෙන් නිව්යෝක් ජනපදයේ හා අමෙරිකානු ෆෙඩරල් රාජ්‍යයේ නීතිරීති බහුතරයක් පිළිගැනීමට මහ ලේකම් කාර්යාලය එකඟ වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරීත්වය මෙවැනි ලිපියකින් මුළුමනින් විස්තර කිරීමට අමාරුයි. සාමාජිකත්වය ලබන හැම රටක්ම නිව්-යෝක් නුවරදී තම රට එහි නියෝජනය කිරීමට නිත්‍ය නියෝජිතයකු පත් කරනවා. ජ්‍යෙෂ්ඨ තානාපති මට්ටමේ මේ නියෝජිතයා හා කාර්ය මණ්ඩලයක් තමයි වසර පුරාම රැස්වීම්වලට සහභාගි වන්නේ. (මෙය අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ධුරයට වඩා වෙනස්.)

හැම වසරකම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට තමයි රාජ්‍ය නායක හා විදේශ අමාත්‍ය මට්ටමේ සහභාගිවීමක් සිදු වන්නේ. වඩාත්ම මෑතදී එසේ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි.
ශ‍්‍රී ලංකාවේ මුල්ම නිත්‍ය නියෝජිත ලෙස පත් කෙරුණේ ශ‍්‍රීමත් සෙනරත් ගුණවර්ධන (1899-1981)යි. ඔහු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හා ප‍්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර හෙබ වූ, මුල්ම කැබිනට් මණ්ඩලයේ කාර්යභාරයක් නොමැති අමාත්‍යවරයා ද වූ කෘතහස්ත දේශපාලන හා රාජ්‍ය තාන්ත‍්‍රික චරිතයක්.
ශ‍්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයා විසින් කරන ලද මේ පත්වීම 1956 අපේ‍්‍රල් මස මැතිවරණයෙන් බලයට පත් බණ්ඩාරනායක රජය වෙනස් කළේ නැහැ. ඒ අනුව තානාපති ගුණවර්ධන 1958 අපේ‍්‍රල් දක්වා තනතුර හෙබ වූවා.

එදා මෙදා තුර නිත්‍ය නියෝජිතයන් 19 දෙනකු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එජා මූලස්ථානයේ ක‍්‍රියා කොට තිබෙනවා. වත්මන් නියෝජිතයා වෘත්තීය විදෙස් සේවා නිලධාරී ආචාර්ය රොහාන් පෙරේරායි.
සෙසු රටවල ගෞරවාදරයට පත් වෙමින් බුද්ධිමය හා ප‍්‍රතිපත්තිගරුක මග පෙන්වීමක් එක්සත් ජාතීන්ගේ වාද විවාදවලට ලබා දීමට අපේ ඇතැම් නිත්‍ය නියෝජිතයන් සමත් වුණා. කීර්තිමත් පඬිවරයකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර (1961 අපේ‍්‍රල් – 1963 ජූලි) කාර්යශූර හැමිල්ටන් ෂර්ලි අමරසිංහ (1967 ජූලි – 1978 මාර්තු), මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ (1991 මාර්තු – 1994 දෙසැම්බර්) හා ජ්‍යෙෂ්ඨ නීතිඥ එච්. එල්. ද සිල්වා (1995 ජනවාරි – 1998 පෙබරවාරි) මේ අතර කැපී පෙනෙනවා.
සියලූ නිත්‍ය නියෝජිතයන්ගේ නම් හා ධුර කාලය සඳහා ශ‍්‍රී ලංකා එජා තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය බලන්න: www.slmission.com/index.php/ambassador/former-ambassadors-permanent-representatives
එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබුණු පසු මහා මණ්ඩල සැසි වාරයක් අමතා මුල්වරට කතා කළ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයා වූයේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයි. 1956 නොවැම්බර් 22 වැනිදා ඔහු සිය කතාවේ මෙසේ ද කියා සිටියා.
‘‘අපට අවශ්‍ය සියලූ ජාතීන් සමග මිතුදමින් කටයුතු කිරීමටයි. අපේ රටේ බුද්ධියට හා උරුමයට සරිලන නව සමාජයක් බිහි කිරීමට අප ක‍්‍රියා කරනවා. මේ සඳහා අද ලෝකයේ සිටින හැම පිලකටම අයත් විවිධ රටවලින් අදහස් හා යෝජනා අප අපේක්ෂා කරනවා. ඒ අතරින් අපට අදාළ හා ප‍්‍රයෝජනවත් අදහස් අප ඉදිරියට ගෙන යනවා. එහෙත් එක් බල කඳවුරකට හෝ අනෙක් බල කඳවුරකට නතු වන්නට අප කැමති නැහැ. අපේ දැක්ම මධ්‍යස්ථව හා අපක්ෂපාතීව කොයි කාගේත් හොඳ හිත දිනා ගෙන වැඩ කිරීමයි.’’

1961දී නිල වශයෙන් ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ දැක්ම බණ්ඩාරනායකයන්ගේ 1956 කතාවේ ගැබ්ව තිබුණා යැයි කිව හැකියි. ඔහු නොබැඳි (Non-Aligned) යන යෙදුම වෙනුවට මධ්‍යස්ථවාදය (Neutralism) යන්න භාවිත කළා.
1959 සැප්තැම්බර් අගදී නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට අගමැති බණ්ඩාරනායක සියලූ ගමන් විධි විධාන යොදා තිබුණා. ඔහු සිය කතාව පවා සූදානම් කරමින් සිටියා. සාහසික වෙඩි පහරකට ඔහු ලක් වූයේ නිව්යෝක් නුවරට පිටත්ව යෑමට පැය කිහිපයකට පෙරයි.
දේශපාලන පවුලක පියා, මව හා දියණිය මහජන වරමින් සිය රටේ නායකත්වයට පත් වූ පසු එජා මහා මණ්ඩල සැසිවාර ඇමතීමේ දුර්ලභ අවස්ථාව මෙරට බණ්ඩාරනායකවරුන්ට ලැබුණා. මෙයට සම කළ හැක්කේ ඉන්දියාවේ නේරු-ඉන්දිරා-රාජීව් පරපුර පමණයි.

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්ති ඉතිහාසය ගැන පර්යේෂණාත්මකව ලියා ඇති ආචාර්ය එච්. එස්. එස්. නිස්සංක කියන්නේ එක්සත් ජාතීන්ගේ වාද විවාදවල අපේ රට වඩාත්ම සක‍්‍රිය ලෙසින් සහභාගි වූයේ 1960-65 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මුල් ධුර කාලය තුළදී බවයි.
1960 දශකයේ කොංගෝ අර්බුදය, සුපිරි බලවතුන් දෙදෙනා න්‍යෂ්ටික අවි තරගය අතර උත්සන්න වීම ආදී අවස්ථාවල ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සැසිවාරවල තීරණාත්මක භූමිකාවක් රඟ පෑවා.
එයට හේතු වූයේ රටේ ප‍්‍රමාණය ඉක්මවා යන බුද්ධිමය හා ප‍්‍රතිපත්තිමය මග පෙන්වීමක් දීමට හැකි රාජ්‍ය තාන්ත‍්‍රිකයන් පිරිසක් එකල අපේ රට නියෝජනය කිරීමයි. එයට වෘත්තීය විදේශ සේවා නිලධාරීන් මෙන්ම මලලසේකර හා සෙනරත් ගුණවර්ධන (දෙවතාවක් නිත්‍ය නියෝජිත, දෙවැනි වරට 1963-65) වැනි දේශපාලන පත්වීම් ලද දක්ෂයන්ද දායක වුණා.
ගෙවී ගිය 60 වසරක කාලයේ දිගුම වකවානුවක් (1967-1978 වසර 11ක්) තිස්සේ අපේ නිත්‍ය නියෝජිතයා වූ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ අයෙක්.

තම බුද්ධි මහිමය, මිත‍්‍රශීලීබව හා ප‍්‍රතිපත්ති ගරුක වීම හරහා සාමාජික රටවල් බහුතරයක හොඳ හිත දිනා ගත් ඔහු 1971දී එජා මහ ලේකම් තනතුර සඳහා සුදුස්සෙක් යැයිද මතයක් ගොඩනැගී තිබුණා. (එහෙත් ඔස්ටි‍්‍රයානු ජාතික කුර්ට් වෝල්ඩෙයිම් සමග එම තනතුරට ඍජුව තරග කිරීමට අමරසිංහ පෙරට ආවේ නැහැ.)
වාර්ෂික මහා මණ්ඩල සැසි වාරයේ සභාපතිකමට (President of UN General Assembly) සාමාජික රටවල නිත්‍ය නියෝජිතයන් අතරින් අයකු ඡුන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. 1976දී මේ තනතුරට පත් වූ ෂර්ලි අමරසිංහ එදා මෙදා තුර එම ඉහළ පදවිය හෙබ වූ එකම ලාංකිකයායි.
ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමට ලක් රජය 1970 දශකය මුලදී එක්සත් ජාතීන්ට කළ යෝජනාවට බුද්ධිමය නායකත්වය සැපයුවේ ද ෂර්ලි අමරසිංහයි. එසේම ලෝක සාගර නීති සම්පාදනය සඳහා 1980දී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුවේ සභාපතිවරයා වූ ඔහු සාගර නීති ජාත්‍යන්තර නීති ක්ෂේත‍්‍රයට එක් කිරීමට මුල්වූ පුරෝගාමියකු ලෙස තවමත් ගෞරව පූර්වකව ලෝක සභාවලදී සිහිපත් කැරෙනවා.
1978දී ජේ. ආර්. ජයවර්ධන රජය ෂර්ලි අමරසිංහ කලක් දැරූ නිත්‍ය නියෝජිත තනතුරින් ඔහුව ඉවත් කළා. ඒත් සාගර නීති උපදේශක තනතුරකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ඉක්මනින්ම අමරසිංහව පත් කරනු ලැබුවා.
එක්සත් ජාතීන් අධ්‍යයනය කරද්දී අවශ්‍ය සංකල්පීය නිරවුල් බව ඉතා අවශ්‍යයි. එක්සත් ජාතීන් යනු පළමු කොටම එහි සාමාජිකත්වය දරනා රටවල් 193හි ආණ්ඩුයි. එම ආණ්ඩු සියල්ලටම සේවය කිරීමට මහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය පවත්වා ගෙන යනවා. හැම සාමාජික රටක්ම (ශ‍්‍රී ලංකාවද ඇතුළුව) වාර්ෂිකව මේ නඩත්තුවට සාමාජික ගාස්තුවක් ගෙවනවා.
2015 තක්සේරුවට අනුව එජා වාර්ෂික වියදමින් 0.025%ක් වන අමෙරිකානු ඩොලර් 678,391 = රුපියල් 93,155,300 පමණ) ගෙවිය යුතුයි. මෙනයින් බලන විට ලක් පුරවැසි අප ද එජා කාර්යාල නඩත්තුවට සුළුවෙන් නමුත් දායක වනවා.
වසර 60ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ, ආරක්ෂක මණ්ඩලයේ හා වෙනත් විද්වත් සභාවල තීරණාත්මක හා ප‍්‍රශංසනීය ක‍්‍රියාදාමයක් ශ‍්‍රී ලංකාව ඉටු කොට තිබෙනවා. ඒ නිසාම රටේ ප‍්‍රමාණය ඉක්මවා යන ජාත්‍යන්තර හොඳ හිතක් හා ගෞරවයක් ලොව ගොඩ නැගී තිබෙනවා.
මේ තතු නොදත් අය කොළඹ එජා කාර්යාලයට එරෙහිව උද්ඝෝෂණ කිරීම විහිලූවක්. එක්සත් ජාතීන් යනු ඒ නිල් සුදු කොඩි ළෙල දෙන කාර්යාල නොවෙයි. එක්සත් ජාතීන් කියන්නේ එහි සාමාජික රටවලූයි. ඒ කියන්නේ අපත් ඇතුළුව.
විසමතා ඇතත්, පරිපූර්ණ නොවූවත් එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරීත්වය පාලනය කැරෙන ප‍්‍රඥප්තිය හා ජාත්‍යන්තර නීති රාමුවක් තිබෙනවා. මේ රාමුව තුළ තම ස්වාධීනත්වය තහවුරු කරමින් රාජ්‍ය තාන්ත‍්‍රිකව හා තීක්ෂණ බුද්ධියෙන් ක‍්‍රියාකිරීමේ අවකාශය හැම සාමාජික රටකටම තිබෙනවා.
එක්සත් ජාතීන්ට බුද්ධිමය නායකත්වය දුන් තවත් කීර්තිමත් ලාංකිකයන් ගැන විස්තර ලබන සතියේ.