In this week’s Ravaya column (in Sinhala), published on 9 November 2014, I reflect on the recent landslide in Meeriyabedda, Koslanda, Sri Lanka on 29 October. The disaster wiped out an entire settlement of plantation workers whose houses were built on a hill already identified as prone to landslide hazards.
I discuss landslide hazard mapping being done for two decades by National Building Research Organisation (NBRO) and ask what failures in risk communication led to this preventable tragedy. I also quote NBRO scientists as saying how climate change and resulting increase in extreme rainfall events can trigger more landslides.
සකී‍්‍රය ග‍්‍රහලෝකයක් මත ජිවත් වන අපට විවිධ උවදුරු සමග ගැටෙමින් ඒවායින් හැකි තරම් බේරී පණ කෙන්ද රැක ගන්නට සිදුව තිබෙනවා. මෙය අලූත් යථාර්ථයක් නොවෙයි. ඉතිහාසය පුරා තිබුණු අභියෝගයක්.
උවදුරක් (hazard) ආපදාවක් (disaster) බවට පත් වන්නේ එය යම් තැනෙක යම් ජන පිරිසකට හානි කළ විටයි. උවදුරු කිසිවක් නැති කිසිදු රටක් ලෝකයේ නැහැ. අවශ්‍ය වන්නේ උවදුරු කල් තබා නිසි ලෙස හඳුනා ගෙන ගත හැකි ආරක්‍ෂාකාරී පියවර ගැනීමයි. එසේම ආපදාවක් සිදු වන මොහොතේ කුමක් කළ යුතු ද යන්න ගැන පෙර සූදානමක් තිබීමයි.
මේ තමයි ආපදා කළමණාකරණයේ හරය. 2004 සුනාමියට පසු විශේෂයෙන් මේ ක්‍ෂෙත‍්‍රය ගැන දැඩි අවධානයක් යොමු වුණා. 2005දී ආපදා කළමණාකරණය නව පනතක් නීතිගත කොට ඒ හරහා ආපදා කළමණාකරණ කේන්ද්‍රය (DMC) පිහිටුවනු ලැබුවා.
එහෙත් පසුගියදා කොස්ලන්දේ මීරියබැද්ද නාය යාමේදී අපට පෙනී ගියේ අපේ රටේ ආපදා කළමණාකරණයේ තවමත් දුර්වලතා ඇති බවයි.
කොස්ලන්දේ ඛේදවාචකය විවිධ අයුරින් විග‍්‍රහ කැරෙනවා. එහි නාය යාමේ අවදානම කලක පටන් හඳුනා ගෙන තිබුණා. ඒ ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණායතය (NBRO) ගවේෂණ හරහා අනතුරු ඇඟවීමක් කර එතැනින් ජනාවාස ඉවත් කර ගත යුතු බවට නිර්දේශ කොට තිබුණා.
දැනට ඇති බලතල අනුව ඉන් ඔබ්බට ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් NBROට නැහැ. එම වගකීම පැවරෙන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරින්ට. ඔවුන් ජනාවාස ඉවත් කිරීමේ විධිවිධාන යෙදු බවත්, විකල්ප ඉඩම් පවා හඳුනා ගෙන තිබූ බවත් කියනවා. සමහර මාධ්‍ය වාර්තා කළේ විකල්ප ඉඩම් ලබා ගත්ත ද සමහර නිවැසියන් මීරියවත්ත ඉඩම් ද අත් නොහළ බවයි.
ඛේදවාචකයකින් පසු වරද කාගේද සෙවීම ලෙහෙසි නැහැ. වගකීමේ පංගුකරුවන් හරිහැටි හඳුනා ගන්නට ද අපහසුයි. නාය යාමේ අවදානම දැන දැනම එතැන තව දුරටත් විසූ ජනයා බලහත්කාරයෙන් හෝ ඉවත් කළ යුතුව තිබුණා යයි සමහරුන් දැන් තර්ක කරනවා. එහෙත් සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලදී රාජ්‍ය හා මිලිටරි බලහත්කාරය යොදා ගැනීම කිසි විටක තිරසාර විසඳුමක් නොවෙයි.
නිලධාරීන් රාජකාරිය කරද්දී එයින් බලපෑමට පත් වන ජනයාගේ ජීවිකාවන් හා අපේක්‍ෂාවන් ගැන එතරම් හෝ කිසිදු හෝ තැකීමක් කරන්නේ නැහැ. අන්තිමේදී “අපි කළ හැකි සියල්ල කළා. මේ මිනිස්සු අපි කී දෙය ඇසුවේ නැහැ” කීම ප‍්‍රමාණවත් නැහැ.
ජීවිත හානියේ ලොකු අවදානමක් ගැන දැන දැනම එබඳු තැන්වල සමහරුන් රැඳී සිටින්නේ තන්හාවටද? මෝඩකමටද? නැත්නම් මෙබඳු මතුපිට සාධකවලට වඩා ගැඹුරට විහිදෙන සමාජ විද්‍යාත්මක හේතු තිබේද?
විද්‍යාත්මකව සොයා ගන්නා අන්තරායන් පිළිබඳ තක්සේරු කිරීම් සාමාන්‍ය ජනයාට සන්නිවේදනය කිරීමේදී එය කෙසේ කළ යුතුද යන්න ගැන බොහෝ අධ්‍යයන සිදු කොට තිබෙනවා (public communication of risk). පවතින සමාජ ආර්ථික යථාර්ථයන්ට විශේෂඥයන්ගේ දැනුම අදාල කොට තේරෙන බසින් හා සුහද ලෙසින් (තර්ජනාත්මක නොවන විදියට) ගෙන යාම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන බව ආපදා සන්නිවේදනය ගැන ලොව පුරා රටවල අත්දැකීමයි.
එසේම විද්‍යාඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ජන සංවිධානවල නියෝජිතයන් මෙබඳු කතිකාවන්ට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. රතු කුරුස සංගමය හා සර්වෝදය වැනි සංවිධානවලට බිම් මට්ටමේ ජනයා සමග සාමූහිකව වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.
රාජ්‍ය හෝ මිලිටරි බලහත්කාරකමට වඩා මෙබඳු ජන සංවිධානවල මැදිහත්වීමෙන් ආපදාවක සේයාවේ වෙසෙන ජනයා ඒ ගැන ඒත්තු ගන්වා කැමැත්තෙන් ඉවත් කර ගත හැකියි. (ජන සංවිධානවල සහයෝගය අවශ්‍ය වන්නේ ආපදාවක් සිදු වූ පසු සහන සැළසීමට පමණක් නොවෙයි.)
භු විද්‍යාත්මක සාධක නිසා හට ගන්නා ආපදා නම් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු විදාරණය හා නාය යාම්, මේ අතරින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම බහුලව හමු වන්නේ නාය යාම්.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක කියන්නේ: “ස්වභාවික හේතු නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇති වෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කඳු නාය යනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදාපාළුව අවම වෙනවා. එවිට නායයාම් හා ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස් කඳුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක්.”
මෙරට නාය යාමේ උවදුර පවතින ප‍්‍රදේශ විද්‍යාත්මක ගවේෂණ හරහා හඳුනාගෙන සිතියම් ගත කිරීමේ භාරදුර හා මහා පරිමාණ ප‍්‍රයත්නයක් NBRO විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ කර ගෙන යනවා.
ශ‍්‍රී ලංකාවේ නාය යාම් ගැන වසර 20ක් පමණ තිස්සේ සමීපව අධ්‍යයනය කරන NBRO ආයතනය, එම අවදානමට ලක් වන දිස්ත‍්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. නම් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවර එළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රික්කයි. මේ අතරින් මෑත කාලයේ වැඩිම නාය යාම් වාර්තා වී තිබෙන්නේ බදුල්ල නුවර එළිය, කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවලින්.
මෙහිදී නාය යාම් වැඩි ප‍්‍රවණතාවක් ඇති ප‍්‍රදේශ දැක්වෙන සිතියම් එම උවදුරු හමු වන දිස්ත‍්‍රික්ක 10 සඳහා 1:50,000 මෙන්ම 1:10,000 පරිමාණයන් සඳහා සම්පාදනය කොට තිබෙනවා. දැනට මාතලේ, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත‍්‍රික්ක සඳහා 1:50,000 නාය යාමේ ආපදා කලාප සිතියම් ලබා ගන්නට සැළසුම්කරුවන්ට, රාජ්‍ය නිලධාරින්ට මෙන්ම මහජනතාවටත් හැකි බව NBRO කියනවා.
වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් 1:10,000 පරිමානයේ සිතියම්, නාය යාමේ හැකියාව වඩාත් පවතින ප‍්‍රදේශ සඳහා සීමා කොට සම්පාදනය කැරෙනවා.

මේ සිතියම්වල වර්ණ හතරක් සංකේත ලෙස යොදා ගන්නවා. තද දුඹුරු වර්ණයෙන් දැක්වෙන ප‍්‍රදේශවල නාය යාමට වඩාත් ඉඩ තිබෙනවා. ජීවීත හා දේපල හානියේ අවදානම ඉහළයි. මේ නිසා නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු බවත්, පළපුරුදු විශේෂඥයන් විසින් භූමිය පරික්‍ෂා කිරීමෙන් පසු තීරණය කරන ආරක්‍ෂක විධිවිධාන සහිතව පමණක් දැනට පවතින ගොඩනැගිලිවලට එකතු කිරීම් සඳහා ඉඩ දිය හැකි බව NBRO කියනවා.
ඊලඟට උවදුර වීමේ හැකියාව අනුව තවත් ප‍්‍රදේශ තද කහ පාට, ලා කහ පාට හා කොළ පාට වශයෙන් සිතියමේ දක්වනවා. තද කහපාට ප‍්‍රදේශවල නාය යාමේ මධ්‍යස්ථා මට්ටමේ ඉඩක්ද, ලා කහපාට ප‍්‍රදේශවල ඉතා සුළු වශයෙන් ඉඩක් ද තිබෙනවා. මේ ප‍්‍රදේශ සියල්ලේම නව ඉදිකිරීම් කළ යුත්තේ විශේෂඥ උපදෙස් මත පමණයි. මෙය පොදු හා පෞද්ගලික ඉඩම් සියල්ලට අදාලයි.
කොළ පාට සංකේතවත් කරන්නේ දැනට දන්නා තොරතුරුවලට අනුව නාය යාමේ අවදානමක් නැති හා බෑවුම් අස්ථාවරත්වයක් නැති ප‍්‍රදේශයි.
මේ සිතියම් ද නාය යාමට ඉඩ ඇති ප‍්‍රදේශවල ඉදි කිරීම් සඳහා මාර්ගෝපදේශ ප‍්‍රකාශන ද භඊඍධ වෙතින් ලබා ගත හැකියි. http://www.nbro.gov.lk/web/
මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම වැඩි වශයෙන් සිදුවන බව NBRO නාය යාම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබෙනවා.
නාය යාමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප‍්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙණිය, පදියපැලැල්ල, මහවැව හා ගැරඩිඇල්ල යන ප‍්‍රදේශවල NBRO විසින් සිදු කර තිබෙනවා. මීට අමතරව වඩාත් උචිත ඉඩම් පරිහරණ පිළිවෙත් හරහා නාය යාමේ හැකියාව අවම කිරීමට ව්‍යාපෘති දෙකක් බදුල්ල හා මාතලේ දිස්ත‍්‍රික්කවල සිදු කර ඇතැයි භඊඍධ කියනවා.
මේ විසඳුම් වියදම් අධිකයි. බොහෝ විට පෞද්ගලික ඉඩම් හිමියන්ට දරා ගත නොහැකියි. රජයට වුවත් හැම තැනෙකම කළ නොහැකියි.
නාය යාමේ උපද්‍රවය දේශගුණ විපර්යාස සමග වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. මෙයට හේතුව ගෝලීය වෙනස්වීම් සමග ආන්තික කාලගුණ තත්ත්වයන් (එනම් අධික වර්ෂාපතනයක් කෙටි වේලාවක් තුළ පතිත වීම) ඉහළ යාමයි.
NBRO ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස කියන්නේ මෙසේ අධික වර්ෂාපතනය සමග නාය යාම් වඩාත් සුලබ වන බවයි. අපේ රටේ භූමියෙන් සියයට 20ක් පමණ ගල් පර්වත බහුල කඳුකර ප‍්‍රදේශයි. මේ ප‍්‍රදේශවල වසන ජනයාගෙන් තුනෙන් එකක් පමණ නායයාම්වලට ලක්වීමේ අවදානමට මුහුණ දෙනවා.
2002 වන තුරු මෙරට වාර්ෂිකව නායයාම් 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වාර්තා වුණා. මිනිස් ජනාවාස ඇති තැන්වල මෙන්ම ජන ශූන්‍ය තැන්වලත් නායයාම් සිදු විය හැකියි. 2003න් පසු වාර්ෂික නායයාම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෝසම් වැසි ලැබෙන මැයි – ජුනි හා නොවැම්බර් – ජනවාරි කාලවල මේවා වැඩිපුරම වාර්තා වනවා. වර්ෂාපතනය සමග ඇති සෘජු සබඳතාව ඒ හරහා තහවුරු වනවා.
වසරේ මාසවලින් මෙරට නාය යාම් වැඩිපුරම සිදුව ඇත්තේ නොවැම්බර් මාසයේ බව පසුගිය දශක කිහිපයක වාර්තා අධ්‍යයනයෙන් පෙනෙනවා.
හැම නාය යාමකින්ම එක හා සමාන සමාජයීය බලපෑමක් සිදුවන්නේ නැහැ. මන්ද ජනාවාස හැම තැනෙකම එක ලෙස පැතිර නැති නිසා. 1974 සිට 2008 දක්වා වකවානුවේ නාය යාම් හරහා වැඩිම වාර්ෂික ජීවිත හානිය (මරණ 225ක් පමණ) සිදුව ඇත්තේ 1989දී. ඊලඟට වඩාත් ජීවිත හානි 2003දී (මරණ 150).