
I just won the Vidyodaya Literary Award for the best newspaper column in Sinhala during 2012.
This is the relevant extract from the award citation, read by Professor Dammika Ganganath Dissanayeke, Head of the Department of Sinhala and Mass communication at the University of Sri Jayawardenapura:
නාලක ගුණවර්ධනගේ “සිවුමංසල කොලූගැටයා” රාවය පුවත්පතේ පළවූ තීරු ලිපිවල එකතුවක්. කතුවරයාගේ වස්තු විෂය බෙහෙවින් විරල අත්දැකීමක්. නූතන ලෝකයේ අප හිටගෙන සිටින මහපොළොව ගැන කතුවරයා කතා කරනවා. ඒවා කාටුන්, විකිලීක්ස්, න්‍යෂ්ටික කාන්දු, දේශගුණික විපර්යාස, පරිසර දුෂණය,විකිපීඩියා, AIDS, ස්ටීව් ජොබ්ස් වැනි නූතන පරම්පරාවේ මොළයට වද දෙන විෂය පථ දිගේ දුවනවා.
නව තාක්ෂණය හා නව මාධ්‍ය හේතුකොටගෙන විපර්සායකට ලක්වන ලෝකයත් තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශේෂත්වයයි.
ආතර් සී.ක්ලාක් සමග කතුවරයා කළ සාකච්ඡාවක් දැක්වුනු ලිපියත් ගැටලූ විසඳන අසමම්මත චින්තනයට ඉඩ දෙන්න යන ලිපියත් මේ කෘතියේ දෘෂ්ටි පථය හා විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ සංකේතයක් ලෙස මා දකිනවා.
කතුවරයා ලියන්නේ අපට නොවේ. අපෙන් පසු ආ ආගන්තුක අයි ටී අතපතගාන පරම්පරාවටත් නොවේ. ඊළඟට එන්න ඇඟ හිරි අරින සයිබර් පරම්පරාවටයි. ඊට උචිත වේගවත් බස් වහරක් ද ආකෘතියක් ද කතුවරයා යොදාගෙන තිබෙනවා. එය වක‍්‍රාකාර නැත. මට සිලිටි ද නැත. එහෙත් එය කදිමට ගැලපෙනව කියල මට හිතෙනවා.