ලක් ජනගහනයෙන් බාගයක්ම 1985ට පසු උපන් අයයි. මෙය වැදගත් ඇයි?

ජනගහනයක මධ්‍යස්ථ වයස (Median Age) කියන්නේ එම පිරිස වයස අනුව එක සමාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි වයසයි. එනම් ජනයාගෙන් හරි අඩක් එම වයසට වඩා බාල වන විට ඉතිරි අඩ එම වයසට වඩා වැඩිමහල්. මධ්‍යස්ථ වයස් අගය කාලයත් සමග ටිකෙන් ටික වෙනස් වනවා.

The median divides the age distribution into two equal parts: one-half of the cases falling below the median age and one-half above the median.

Image source: https://www.pinterest.com/pin/300333868877400032/

2012දී අවසන් ජන සංගණනය කළ අවස්ථාවේ මෙරට මධ්‍යස්ථ වයස 31ක් වූවා. 2016 වන විට එය අවුරුදු 32.5 දක්වා ඉහළ ගිහින්. ජනගහනයක ළමා හා තරුණ ප්‍රතිශතය කෙමෙන් අඩු වන විට මධ්‍යස්ථ අගය වැඩි වනවා. (60ට වැඩි ජනගහනය ඉහළ ජපානයේ මේ අගය අවුරුඩු 46.9යි. ඉන්දියාවේ මධ්‍යස්ථ වයස අවුරුදු 27.6ක් වන අතර පාකිස්ථානයේ එය 23.4යි.)

අපේ ජනගහනය සම්බන්ධයෙන් බලන විට අද ලක් ජනයාගෙන් බාගයක්ම 1985 හෝ ඊට පසුව උපන් අයයි. ඒ කියන්නේ 1983 කළු ජූලියට පසුවයි. 1987-89 භීෂන සමය ගැනවත් මේ කිසිවකුට හරිහැටි මතකයන් තිබිය නොහැකියි.

1977 ආර්ථිකය විවෘත කිරීමට පෙර තිබූ සමාජවාදී විකාරයන් හෝ 1982 ජනමත විචාරණය හෝ අත්විඳ ඇත්තේ රටේ බාගයකට වඩා අඩු පිරිසක්. රටේ බහුතරයක් දෙනාට මහවැලිය හැරවීම, ඉන්දු- ලංකා ගිවිසුම ආදිය පොතපතින් කියවන සිදුවීම් පමණයි.

මෙය ප්‍රායෝගිකව වැදගත් වන්නේ මේ නිසයි: මෑත ඉතිහාසය ගැන නොයෙක් දෙනා මාධ්‍යවල හා දේශපාලන වේදිකාවල නොයෙක් විග්‍රහයන් කරනනවා. අමූලික බොරු මෙන්ම සත්‍යය විකෘති කිරීම් එමටයි.

මතක තබා ගත යුත්තේ 1990ට පමණ පෙර සිදු වූ කිසිවක් ගැන සෘජු මතකයන් හෝ අත්දැකීම් අද ලක් සමාජයෙන් බාගයකට නොමැති බවයි.

More data: http://worldpopulationreview.com/countries/median-age-by-country/