
In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 13 Sep 2015), I look at the controversy surrounding Coca Cola Sri Lanka polluting a key river in Sri Lanka on two occasions in August 2015.
The water contamination was caused when an oil tank at Coca Cola Beverages Sri Lanka Ltd in Biyagama leaked, causing effluents to enter the nearby Kelani River on 17 and 28 August 2015.
Kelani is the second longest river in Sri Lanka, and source of water that is treated and distributed to Greater Colombo and Gampaha metropolitan areas by the state owned utility, the National Water Supply and Drainage Board (NWSDB).
This oil leak aggravated chemical pollution of Kelani River, already the highest polluted water body in the country. The Water Board and state environmental regulator CEA have investigated this oil leak, but details of their findings have not been made public except for media statements.
The incident has highlighted the lack of accountability on the part of both corporate entities and state regulators. It also raised concerns about the country’s environmental monitoring capabilities (samples always have to be sent to India or Singapore for testing, delaying investigations).
High profile Coca Cola is not the only industrial polluter of water sources in Sri Lanka. For example, a diesel powered thermal power plant in Chunnakam, in Jaffna district, has been accused of polluting the groundwater in that area. Over 18,000 residents have been affected, some of who have been protesting for months. The company involved, MTD Walkers PLC, denies responsibility (whereas Coca Cola Sri Lanka belatedly accepted the blame and reportedly paid a heavy fine).

කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම මහත් ආන්දෝලනයක් ඇති කළා.
2015 අගෝස්තු මාසයේ අඩු තරමින් දෙවතාවක් මෙය සිදු වුණා. මහ මැතිවරණය පැවති අගෝස්තු 17 වැනිදා කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ජල නලයේ අසාමාන්‍ය ගන්ධයක් සමහරුන් නිරීක්ෂණය කළා. ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පාරිභෝගික පැමිණිලි අනුව විමර්ශනය කරන විට එය සැබෑවක් බව පෙනී ගියා. පැය කිහිපයකට ජල සැපයුම නතර කිරීමටත්, දූෂණයේ මූලාශ්‍රය සොයා ගැනීමටත් ඔවුන් ක්‍රියා කළා.
මුලදී බොහෝ මාධ්‍ය වාර්තා කීවේ මෙය බියගම කොකා-කෝලා කම්හලෙන් නිකුත් වූ ඞීසල් තෙල් කාන්දුවක් බවයි. එහෙත් සැප්තැම්බර් 5 වනදා මාධ්‍ය වාර්තාවලට අනුව මණ්ඩලයේ සභාපතිවරයා දැන් කියන්නේ එය කාබනික රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවන ලද ජල සාම්පල හරහා ජලයේ මෙතිලින් සාන්ද්‍රණය ඉහළ ගිය බවක් පෙන්නුම් කරන බව ඔහු කියනවා. එහෙත් එයට නිශ්චිත හේතු කාරකය කුමක්දැයි තවමත් නිර්ණය කොට නැහැ.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ සිය ගම්පහ කාර්යාලය අඹතලේ ජලාශයෙන් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කළ විට එහි ඛනිජ තෙල් මුසු වීමක් හමු වූ බවයි.
අගෝස්තු 28 වැනිදා දෙවන වරටත් එම කර්මාන්තශාලාවෙන් ම අපද්‍රව්‍ය කාන්දුවක් සිදු වී නැවතත් කොළඹ හා අවට පෙදෙස්වලට ජල සැපයුම පැය කිහිපයකට නතර කෙරුණා.
අමාත්‍යාංශ දෙකකට අයත් ජලාප්‍රවාහන මණ්ඩලය හා පරිසර අධිකාරිය ඇතැම් විට පරස්පර විරෝධී ප්‍රකාශ කිරීමත්, තමන් සොයා ගත් සියලූ තොරතුරු එක්වර ප්‍රසිද්ධියට පත් නොකිරීමත් ජනතා අප්‍රසාදයටත් සැකයටත් හේතුවනවා.
අපේ සෞඛ්‍යය හා පරිසරය රැක ගන්නට මේ මහජන ආයතනවලට කෙතරම් ඕනෑකමක් තිබේද?

කි.මී. 145ක් දිග කැලණි ගඟට අයිති ගංගා නිම්න ප්‍රදේශය වර්ග කි.මී. 2,292ක් වනවා. එය මෙරට දෙවන විශාලතම ජලධාරක ප්රදේශයයි (watershed). එසේම කැලණි ගඟ මෙරට වඩාත්ම දූෂිත ජල ප්‍රවාහය බව මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය කියනවා.
ඔවුන්ට අනුව, පිරිපහදු කළ හා නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත හා නගරාශ්‍රිත බැහැර කිරීම් කැලණි ගඟට විශාල ප්‍රමාණයක් එකතු කරනවා. විශේෂයෙන් බතික් හා ලෝහ නිමැවීමේ හා සැකසීමේ කර්මාන්ත නිසා කැලණි ගඟ දිනපතා අපවිත්‍ර වනවා.
කැලණි ගෙඟහි ජල තත්ත්ව නිරීක්ෂණය හා කර්මාන්තවලින් මුදා හැරීම් පාලනය කිරීම ගැන පරිසර අධිකාරියේ වෙබ් අඩවිය මෙසේ කියනවා.
“විශ්ලේෂණය කරන ලද පරාමිතීන් අවම අගයක් ගැනීම සහ සම්මත අගයයන්ගෙන් අවම උච්ඡාවචයනයන් දක්වන ලද්දේ හංවැල්ල සහ වැලිවිට ප්‍රදේශයන්හි පමණකි. පරාමිතීන්ගේ ඉහළම අගයයන් සහ උපරිම උච්ඡාවචයනයන් දක්වන ලද්දේ සීතාවක තොටුපොළ සහ වික්ටෝරියා පාලම යන ප්‍රදේශයන්හිය. එම ස්ථාන දෙකෙහි ජලයේ තත්ත්ව දර්ශකය පහළ අගයක් ගන්නා අතර එම ස්ථානයන්හි ජලය සෞඛ්යාරක්ෂිත භාවයෙන් අවම තත්ත්වයක පවතී. කැලණි ගංගා ජලයෙහි ඉහළම ජලයේ තත්ත්ව දර්ශක අගයයක් නිරීක්ෂණය කරන ලද්දේ ගඟේ මධ්‍යම ප්‍රදේශය වන වැලිවිට (68) වන අතර අවම අගයයන් නිරීක්ෂණය වූයේ තල්දූව (46) සහ සීතාවක (51) ප්‍රදේශවලිනි.”
මෙයට අමතරව ගංගා පතුළ මුහුදු මට්ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලයද විටින් විට ගඟ තුළට පැමිණ යම් තාක් දුරට උඩුගං බලා විහිදෙනවා (salt water intrusion). මෙයට එක් හේතුවක් නම් ගං පතුළින් අධික ලෙස වැලි ගොඩ දැමීමයි. කැලණි ගං මෝයට කිමී 14ක් උඩුංගව පිහිටි අඹතලේ ජලාශය දක්වා මේ ලවණ මිශ්‍රිත මුහුදු ජලය ඇදී ආ අවස්ථා ගණනාවක් මෑත වසරවල වාර්තාගතයි.
පරිසර අධිකාරියේ වෙබ් අඩවිය තව දුරටත් මෙසේ කියනවා. “මැණික් ගැරීමල ගංගා වැලි ගොඩ දැමීම වැනි මානව ක්‍රියාකාරකම් නිසා ගංගා ඉවුරුවලට දැඩි හානි සිදු වී ඇති අතර එම නිසා ගංගා ජලයට රොන්මඩ එක් වීම ඉහළ ගොස් ඇත. ක්ෂුද්‍ර ජීවී ගණත්වය ඉහළ යාම සහ රොන්මඩ තැන්පත් වීම කැලණි ගංගා දූෂණයට බලපාන ප්‍රධාන සාධක දෙකකි. රොන්මඩ තැන්පත් වීමේ ප්‍රමාණය…ජලයේ අඩංගු අවලම්භිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මිනුමක් ද වේ. රොන්මඩ තැන්පත් වීමේ ප්‍රමාණය සෑම විටම ගඟ ඉහළ ප්‍රදේශයන්හි සිදු කෙරෙන කැණීම් කටයුතු සහ වනාන්තර හෙළි කිරීම නිසා වර්ෂාව සමග ගලා එන ද්‍රව්‍ය මත ද රඳා පවතී. රොන්මඩ තැන්පත් වීමල වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම සහ පාලනය කළ නොහැකි ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් ජල සාම්පල ලබා ගත් සෑම ස්ථානයක ම මනාව නිරීක්ෂණය විය.”
වැඩි විස්තර: http://www.cea.lk/web/index.php/si/water?id=160
මේ අනුව පෙනෙන්නේ කැලණි දූෂණය බහුවිධ සාධක නිසා සිදු වන බවයි.

කොකා-කෝලා සිද්ධිය තේමා කරගෙන 2015 සැප්තැම්බර් 6 වැනිදා රාවයට ලිපියක් ලියූ තරිඳු උඩුවරගෙදර ගෙනා තර්කයට මා මුළුමනින් එකඟයි. ඔහු කීවේ කොකා-කෝලා සමාගමට එල්ල වන ජන විරෝධයෙන් ඔබ්බට ගොස් සමස්ත කැලණි ගඟ දූෂණය හා එයට දායක වන ලොකු කුඩා ප්‍රභවයන් ගැන ද අප දැනුවත් හා සංවේදී විය යුතු බවයි.
මෙයට සමාන්තර අදහසක් ජල සම්පත් පර්යේෂිකාවක් හා ක්‍රියාකාරිනියක් වන කුසුම් අතුකෝරල මතු කරනවා. අප හමුවේ තිබෙන්නේ හුදෙක් තනි සමාගමක වරදක් හෝ එක් දූෂණ සිද්ධියක් පමණක් නොවන බවත්, දැන් මතුව ඇති ජන ආවේගය, ජල සම්පත සියළුම ප්‍රභවයන්ගෙන් අපවිත්රවීම වළක්වා ගැනීමේ වැදගත්කම යළි සිහිපත් කරවන බවත් ඇය කියනවා.
‘‘ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, වැසිකිළි අපද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත අපද්‍රව්‍ය බොහොමයක් ද කිසිදු පවිත්‍ර කිරීමකින් (effluent treatment) තොරව අසල ඇති ජල ධාරාවකට හෝ ජලාශයකට මුදා හැරීම කලෙක පටන් රටේ බොහෝ ප්‍රදේශවල කැරෙනවා. මේ ගැන අපි ටික දෙනෙක් හඬ නැගුවත් බොහෝ දෙනකුට එය ප්‍රමුඛතාවක් වුණේ නැහැ. මේ අලූත් සිදුවීම හරහා මහජනයා හා ප්‍රතිපත්ති සම්පාදකයන් අවදි කිරීමට අනතුරු ඇඟවීමක් ලැබෙනවා නම් එය ප්‍රයෝජනවත්. ඒත් මෙය හරහා දිගුකාලීන පියවර ගැනීමට අප යොමු විය යුතුයි.’’ ඇය කියනවා.
ඇළ දොළ ගංගාවලට පොඩි මිනිසුන් අපද්‍රව්‍ය ටිකක් මුදා හැරිය විට දැඩි නීතිමය පියවර ගන්නා අයුරින්ම ලොකු හෝ කුඩා හෝ කර්මාන්තශාලා දියර අපද්‍රව්‍ය ජල සම්පතට එක් කරන විටත් බලධාරීන් නිසි නීතිමය පියවර ගත යුතුයි. මෙය කර්මාන්ත විරෝධී ආකල්පයක් නොවෙයි. මහජන සෞඛ්‍යය හා පාරිසරික පිවිතුරු බව රැක ගැනීමට අත්‍යවශ්‍ය පිළිවෙතක්.
පසුගිය දශක කිහිපය පුරා කර්මාන්තශාලා පිහිටු වන විට පුළුල් සැලැස්මක් යටතේ ඒවා ස්ථානගත කිරීම බොහෝ විට සිදු වුණේ නැහැ.
කර්මාන්තශාලාවල දියර අපද්‍රව්‍ය යම් පවිත්‍ර කිරීමකට ලක් කළ හැකි පහසුකම් හා තාක්ෂණය තිබෙනවා. මේ පහසුකම් හැම කර්මාන්තශාලාවකටම එක බැගින් ඉදි කිරීම වියදම් අධික කාරියක්. කර්මාන්තශාලා කිහිපයක් සමීපව ඇති නම් ඔවුන්ට හවුලේ මෙබන්දක් ඉදි කොට භාවිත කළ හැකියි.
සමහර ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි සීමිත වශයෙන් මෙය කරනවා. එහෙත් විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා රැසකට මේ පහසුකම නැහැ. ඔවුන් හීන් සීරුවේ අවට ඇති කාණුවකට හෝ දිය පාරකට අපද්‍රව්‍ය පිට කරනවා.
එසේම ඉන්ධන පිරවුම්හල්, මෝටර් කාර්මික ගරාජයන්, ලියවන පට්ටල්, වාත්තු කම්හල් ආදී ස්ථානවලින් ඉවත ලන තෙල් හා අනෙකුත් රසායන ද්‍රව්‍ය කාණු ඔස්සේ ගලා ගොස් අවට ජල ධාරාවන්ට එකතු වනවා. මෙරට පෙට්‍රෝලියම් අපද්‍රව්‍ය නිසා සිදු වන ජල දූෂණය වැඩි වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයන් කියනවා.
1990 පමණ පටන් මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තවලට පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License, EPL) නිකුත් කරනවා. ඒ වායු, ද්‍රව හා ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නට නිසි පියවර ගන්නා බවට තහවුරු වූ පසුවයි.
කොකා-කෝලා සමාගමටත් එබන්දක් තිබුණා. එසේ තිබියදීත් සිදුවූ තෙල්/රසායනික කාන්දුව ‘අත්වැරදීමක්’ බවයි සමාගම ප්‍රකාශ කරන්නේ. කොතරම් ප්රවේශමින් ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවක වුවත් ඉඳහිට වැරදි සිදු විය හැකියි. අනපේක්ෂිත ගැටලූ මතු විය හැකියි. එවන් අවස්ථාවල දිවා රැය නොබලා වහා ක්‍රියාත්මක වී හානිය අවම කර ගැනීමට සැලසුමක්ද (contingency plan) තිබිය යුතුයි.
තීරණාත්මක මහජන සේවා සපයන රාජ්‍ය ආයතනවලටත් මෙය අදාලයි. එහෙත් කොකා-කෝලා සමාගමට හෝ ජලාප්‍රවාහන මණ්ඩලයට හෝ මෙවන් සැලසුමක් තිබුණාදැයි පැහැදිලි නැහැ. නළ ජලයේ අමුත්තක් ගැන පාරිභෝගිකයන් කියන තුරු මණ්ඩලය දැන නොසිටි බවයි පෙනෙන්නේ.
සිද්ධිය දැන ගත් වහාම ප්රවේශම්කාරී පියවර ගැනීම හොඳයි. එහෙත් මෙසේ දුගඳක්, වෙනසක් නොදැනෙන ආකාරයේ විසක් ජලයට මුසු වූවා නම්? අනතුරක් වූවත් නැතත් නිරතුරු ජල සැපයුම තත්ව පරීක්ෂාවන්ට ලක් කළ යුතු මෙනිසායි.
අගෝස්තු 20 වනදා ක්‍රියාකරිත්වය නතර කළ කොකා-කෝලා කම්හල යළි සැප්තැම්බර් 1 වනදා වැඩ ඇරඹුවේ පරිසර අධිකාරියෙන් කොන්දේසි සහගත අනුමැතියක් ලබා ගෙන බව සමාගම ප්‍රකාශයක් හරහා කියනවා. http://lk.coca-cola.com/en/update/
නීති තර්ක විතර්කවලට මුවා වී සිය වගකීම්වලින් මග හැර යාමට කොකා–කෝලා සමාගම තැත් නොකළ යුතුයි. බහුජාතික පාරිභෝගික භාණ්ඩ මෙරට නිපදවා අලෙවි කරන මේ සමාගම දේශීය අධ්යක්ෂ මණ්ඩලයකින් පාලනය වන්නක්. දශක 5ක් පමණ මෙරට ක්‍රියාත්මක වන අත්දැකීම් බහුල සමාගමක්.
එසේම හුදු කොකා-කෝලා විරෝධයකට හා බහුජාතික සමාගම් හෙළා දැකීමකට එහා යන පුළුල් ජන ආවේගයකට මේ සිදුවීම අප පෙරළා ගත යුතුයි.
ජල දූෂනයෙන් බැට කන්නේ කොළඹ අවට නල ජලය ලැබෙන අය පමණක් නොවෙයිග තවත් උදාහරණයක්: යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් (Chunnakam) ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වීම නිසා 18,000කට වැඩි වැසියන් සංඛ්‍යාවක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිනවා. ඔඩුවිල්හි අධිකරණ වෛද්‍යවරයා කියන්නේ මේ ජලය පානයට කිසිසේත් නොසුදුසු බවයි.

මේ දූෂණයට චෝදනා ලැබ සිටින්නේ MTD වෝකර්ස් නම් සමාගමට අයත් එහි පිහිටි 30MW ධාරිතාවෙන් යුතු තාප විදුලි බලාගාරයයි. 2009දී ක්‍රියාකාරීත්වය ඇරඹූ මේ බලාගාරයෙන් මුදාහරින අපද්‍රව්‍ය තම ළිං ජලය හා භූගත ජල සම්පත දූෂණය කරන බවට එහි වැසියන් නගන චෝදනාව සමාගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමන් සියලූ පාරිසරික අනුමැතියන් ලබාගෙන නිසි ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාකරන බවත්, අදාළ රාජ්‍ය ආයතනවලට ඕනෑම වෙලාවක පරීක්ෂා කර බැලිය හැකි බවත් බලාගාර සමාගම කියනවා.
මෙබඳු චෝදනා ලබන සමාගම්වල ස්ථාවරය වන්නේ රටේ නීතියට හා ප්‍රමිතීන්ට තමන් අනුකූල වන බවයි. බොහෝ සමාගම් ඉන් ඔබ්බට සමාජයීය වගකීමක් භාර ගන්නේ නැහැ.
2013 අගෝස්තුවේ වැලිවේරියේ රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව හා ප්‍රදේශවාසීන් අතර හට ගත් මෙබඳුම මතභේදයක් කෙළවර වූයේ පසුගිය රජය හමුදා බලය යොදවා නිර්දය ලෙස ප්‍රදේශවාසීන් මර්දනය කිරීමෙන්.
එහෙත් රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතයෙන් සංකීර්ණ ප්‍රශ්න විසඳන්නට බැහැ. විද්‍යාත්මක තොරතුරු මත පදනම් වූ පාරිසරික තත්ත්ව ඇගැයීම් මෙන්ම සානුකම්පිත ලෙස ප්‍රදේශවාසීන්ගේ දුක්ගැනවිලි සලකා බැලීම ද අවශ්‍යයි.
බියගම, රතුපස්වල, කල්පිටිය, චුන්නාකම් හා දිවයිනේ වෙනත් තැන්වලින් මතු වන්නේ මතුපිට හා භූගත ජලය නැණවත්ව හා ප්රවේශමින් භාවිත නොකිරීමේ විපාකයි.
කොකා-කෝලා සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමට සමාව අයැද, සම්පූර්ණ හානියට වන්දි ගෙවා දඩයක් ද ගෙවිය යුතුය යන්න මගේ මතයයි. එතැනින් ඔබ්බට කොකා-කෝලා බොන නොබොන එක පෞද්ගලික තේරීමක්. දැනමටත් සංකීර්ණ ප්‍රශ්නයක් තවත් ව්‍යාකූල කළ යුතු නැහැ.
කොකා-කෝලා වුණත්, දේශීය සමාගමක් වුණත් රටේ පරිසර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. පාරිභෝගිකයන් ලෙස අප ද කවුරු කළත් වරද වරදමයි යන ස්ථාවරය ගත යුතුයි.
