My comments (in Sinhala) on mass media’s role in disaster response, published by Ravaya broadsheet newspaper on 4 June 2017.
Summary: In the aftermath of all recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All that is well and good – except that news coverage for their own relief work often eclipses the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin? I argue that media houses must be free to embark on relief efforts, but ideally they should do so having fulfilled their primary responsibility of reporting on and critiquing the post-disaster realities. Sri Lanka’s media reporting of disasters is often superficial, simplistic and incident-driven, which needs to improve to become more investigative, reflective and sustained beyond the immediate news cycle of a disaster. Without fixing these deficiencies, media houses getting into aid collection and donation is a sign of wrong priorities.
මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!
– නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක

සොබාවික උවදුරු මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා යයි කියනවා. ආපදාවකට පෙර, ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි. ජන මාධ්‍යවලට මේ සඳහා ලොකු විභවයක් මෙන්ම වගකීමක් ද තිබෙනවා.
ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන සුනාමි වැනි ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය වැදගත්. ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට තීරණාත්මක කාර්ය භාරයක් හිමි වනවා.
ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි. මේවායේ නිල තොරතුරු හා විග්‍රහයන් තිබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරන කේන්ද්‍රය වැනි ආයතනවලට වඩා කඩිනමින් හා කාර්යක්ෂමව තොරතුරු ජනගත කරන්න මාධ්‍ය (හා සමාජමාධ්‍ය) වලට ධාරිතාව තිබෙනවා.
ගංවතුර හා නායයාම් වැනි ආපදා දිග හැරෙන විට දෙස් විදෙස් මූලාශ්‍රවලින් අලුත්ම තොරතුරු ලබා ගෙන, ඒවා සරලව හා නිරවුල්ව මාධ්‍ය ග්‍රාහකයන්ට ලබා දීම හරහා බොරු භීතිකා අවම කර ගන්නා අතර ජීවිත බේරන්න පවා මාධ්‍යවලට හැකියි.
ඉන් පසු මාධ්‍යවල වැදගත්ම කාරිය නම් ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම මාධ්‍ය ආවරණය සැපයීමයි. විපතට පත් වූවන් බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිර යාම ගැන අනතුරු ඇඟවීම් ආදි බොහෝ තොරතුරු මාධ්‍යවලට බෙදා හැරිය හැකියි. මේවා පොදු උන්නතියට සෘජුවම අදාලයි.
ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම්, තහවුරු කර ගත් සාක්ෂි මත ඒවා වාර්තා කිරීමයි.

ආපදා පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු ද? මෙය බෙහෙවින් විවාදාත්මක කරුණක්. මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රවේශ වනු අප දුටුවා. මෙවරද ඔවුන් එය පටන් අරන්.
මෙසේ කරන්නට මාධ්‍ය සමාගම්වලට නිදහසක් තිබෙනවා. එය පැවතිය යුතුයි. මගේ මතය නම් තම මූලික වගකීම් සියල්ල ඉටු කළ පසු, ඉඩක් හා කාලයක් ඉතිරිව තිබේ නම් තමන් ද ආධාර එකතු කොට බෙදීමට මාධ්‍ය යොමු වුණාට කමක් නැතැයි කියායි.
මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා, එකී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.
ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ ලොකු අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් තනි ආපදා සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.
එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ කලාතුරකින්. පුවත්පත් යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය මෙය බොහෝ දුරට නොතකා හරිනවා.
මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා ඇත්තේ වැරදි තැනකයි.
ජනතාවගේ ලේ, කඳුලු හා අකල් මරණවලින්ම නඩත්තු වන ටෙලිවිෂන් නාලිකා දෙක තුනක් මෙරට තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ත්‍රාසජනක හා සන්වේගදායක පුවත් පමණයි. නාලිකා අතර බිහිසුනු රේටින් (ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීමේ) බලු පොරය මෙයට ප්‍රධාන හේතුවක්. සියලු ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශයන් රේටින්වලින් නිදහස් කළ යුතු යයි මා විශ්වාස කරනවා.
එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍ය, එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.
”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.
රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම පැහැර හැරීමක්.
See also, 3 Oct 2016: සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?