Comment: ආපදා කළමණාකරනය හරියට කරන්න නම් නිසි ආණ්ඩුකරණයක් ඕනැ

I have written about disaster early warnings on many occasions  during the past decade (see 2014 example). I have likened it to running a relay race. In a relay, several runners have to carry the baton and the last runner needs to complete the course. Likewise, in disaster early warnings, several entities – ranging from scientific to administrative ones – need to be involved and the message needs to be identified, clarified and disseminated fast.

Good communications form the life blood of this kind of ‘relay’. Warnings require rapid evaluation of disaster situation, quick decision making upon assessing the risks involved, followed by rapid dissemination of the decision made. Disaster warning is both a science and an art: those involved have to work with imperfect information, many variables and yet use their best judgement. Mistakes can and do happen at times, leading to occasional false alarms.

In the aftermath of the heavy monsoonal rains in late May 2017, southern Sri Lanka experienced the worst floods in 14 years. The floods and landslides affected 15 districts (out of 25), killed at least 208 and left a further 78 people missing. As of 3 June 2017, some 698,289 people were affected, 2,093 houses completely destroyed, and 11,056 houses were partially damaged.

Did the Department of Meteorology and Disaster Management Centre (DMC) fail to give adequate warnings of the impending hydro-meteorological hazard? There has been much public discussion about this. Lankadeepa daily newspaper asked me for a comment, which they published in their issue of 7 June 2017.

I was asked to focus on the use of ICTs in delivering disaster early warnings.

Infographic courtesy Sunday Observer, 4 June 2017

නව මාධ්‍ය සහ නව තාක්ෂණය යොදා ගෙන ආපදාවලට පෙර සාර්ථක අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වීම ගැන ලෝකයේ උදාහරණ මොනවාද?

ආපදාවලින් සමස්ත සමාජය හැකි තරම් ප්‍රවේශම් කර ගැනීමට කරන ක්‍රමීය සැළසුම්කරණයට, ආපදා අවදානම් අවම කිරීම (disaster risk reduction) යයි කියනවා. එහි වැදගත් කොටසක් තමයි ආපදා අනතුරු ඇඟවීම්.

සොබාවික උවදුරු (hazards) මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා (disasters) යයි කියනවා. ආපදාවකට පෙර, ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු යන තුන් අදියරේදීම ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි.

ආපදා අනතුරු ඇඟවීම් (disaster early warnings) යනු මහජනයාගේ ආරක්ෂාව සැළසීමට රජයකට තිබෙන වගකීම් සමුදායෙන් ඉතා වැදගත් එකක්. රටක  ජාතික ආරක්ෂාව සළසනවාට සමාන්තර වැදගත්කමක් මා එහි දකිනවා.

අනතුරු ඇඟවීම හරිහැටි කිරීමට, බහුවිධ උවදුරු ගැන විද්‍යාත්මකව නිතිපතා දත්ත එකතු කිරීම, ඒවා ඉක්මනින් විශ්ලේෂණය කිරීම හා ඒ මත පදනම් වී තීරණ ගැනීම අයත් වනවා.

මෙරට විවිධ ආපදා පිළිබඳව අනතුරු ඇඟවීම් කිරීමේ වගකීම නොයෙක් රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් පවරා තිබෙනවා. සුනාමි හා කුණාටු ගැන නිල වගකීම ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට.

යම් ආපදාවක් ළඟ එන බව සෑහෙන දුරට තහවුරු කර ගත් පසු, එයින් බලපෑමට ලක් වන ප්‍රජාවන් සියල්ලට එය හැකි ඉක්මනින් දැනුම් දී, අවශ්‍ය නම් ඉවත් වීමට නිර්දේශ කළ යුතුයි. මෙකී භාරදූර කාරය කළ හැක්කේ රජයට පමණයි. ස්වේච්ඡා ආයතනවලට එය ප්‍රතිරාවය කරන්න පුළුවන්. ඒත් මුල් තීරණ අදාල රාජ්‍ය ආයතනයක් විසින්ම ගත යුතුයි.

අනතුරු ඇඟවීම් බෙදා හරින විට මේ මූලික සාධක කිහිපයක් සළකා බැලිය යුතුයි.

අනතුරක සේයාව පහළ වූ විට මූලික දැනුම්දීමක් (alert) හා එය වඩාත් තහවුරු වූ විට අනතුරු ඇඟවීමක් (warning) කළ යුතුයි.

ඉවත්වීමේ තීරණය (evacuation) සාවධානව ගත යුත්තක්. ඉවත්ව යන මාර්ග හා එක් රැස් විය යුතු තැන් ගැන කල් තබා ප්‍රජාව දැනුවත් කර තිබිය යුතුයි. මේ සඳහා කලින් කලට ආපදා පෙරහුරු (disaster drills) පැවැත්වීම ඉතා ප්‍රයෝජනවත්.

ආපදා පිළිබඳව මූලික දැනුම්දීම් හා අනතුරු ඇඟවීම් කඩිනමිනුත් කාර්යක්ෂමවත් සමාජගත කරන්නට එක් සන්නිවේදන ක්‍රමයක් වෙනුවට එක වර සන්නිවේදන ක්‍රමවේද කීපයක් යොදා ගත යුතුයි. එකකින් මග හැරෙන ජනයා තව ක්‍රමයකින් හෝ ළඟා වීමට. ටෙලිවිෂන්, රේඩියෝ, ජංගම දුරකථන මෙයට යොදා ගත හැකියි.

අමෙරිකාව හා ජපානය වැනි රටවල සියලු රේඩියෝ හා ටෙලිවිෂන් සේවාවන්වල එදිනෙදා විකාශයන් මදකට බාධා කොට, ඒවා හරහා රජයේ නිසි බලධරයන් විසින් එකවර ආපදා අනතුරු ඇඟවීම් විකාශ කිරීමේ තාක්ෂණමය හා පරිපාලනමය සූදානම තිබෙනවා.

මීට අමතරව cell broadcasting නම් තාක්ෂණයක් මෑතදී දියුණු කොට තිබෙනවා. එයින් ජංගම දුරකථන ජාලයක් හරහා නිශ්චිත ප්‍රදේශවල සිටින ජංගම ග්‍රාහකයන් පමණක් ඉලක්ක කොට ආපදාවක් ගැන SMS කෙටි පනිවුඩ ඉක්මනින් යැවිය හැකියි. හදිසි අවස්ථාවල ජංගම දුරකථන ජාලයට දරා ගන්න බැරි තරම් සන්නිවේදන වැඩි වූ විටෙක (network overload) පවා මේ ක්‍රමයට යවන පණිවුඩ අවසාන ඉලක්කයට යනවා. හැබැයි ඒවා ලබන ජංගම දුරකථනවල බැටරි බලය තිබිය යුතුයි.

මේ cell broadcasting ක්‍රමවේදය මෙරටට අදාල කරන සැටි ගැන ලර්න් ඒෂියා පර්යේෂනායතනය පර්යේෂන කොට තිබෙනවා.

4G දක්වා නූතන දුරකථන තාක්ෂණය යොදා ගැනෙන, මිලියන් 25කට වඩා සක්‍රිය ජංගම දුරකථන ගිනුම් තිබෙන අපේ රටේ මේ තාක්ෂණය ආපදා අවස්ථාවල මීට වඩා උපක්‍රමශීලී ලෙස යොදා ගත යුතුමයි.

අපේ රටේ තිබෙන්නේ නවීන තාක්ෂණය නැතිකමක් නොවේ. තිබෙන නවීන තාක්ෂණයන් කාර්යක්ෂමව හා නිසි පරිදි මෙහෙයවා වැඩ ගැනීමට පරිපාලනමය සූදානම හා තීරණ ගැනීමේ ධාරිතාව මදි වීමයි. මේවා ආණ්ඩුකරණය දුර්වලවීමේ ලක්ෂණ ලෙසයි මා දකින්නේ. ආපදා කළමණාකරනය හරියට කරන්න නම් නිසි ආණ්ඩුකරණයක් තිබීම තීරණාත්මකයි.

නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: