
I have just recorded a short (3.5 min) video for Purawesi Balaya (Citizen Power) advocacy group as part of their citizens’ campaign demanding a new Constitution for Sri Lanka to replace the existing one adopted in 1978.
Here is what I say (not a verbatim transcript, but an approximation):
ව්‍යවස්ථාව හරියට හදා ගනිමු! ලක් වැසි සැමට රැකවරණය සළසමු
ව්‍යවස්ථාව යනු රටක ඉහළම නීතියයි. උත්තරීතර නීතියයි.
එය හරියට හදා ගැනීම රටේ නිසි රාජ්‍ය පාලනයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද ඉතා වැදගත්.
උපමිතියකින් මෙය පැහැදිළි කළොත්, රාජ්‍යය නිවෙසක් නම් ව්‍යවස්ථාව යනු එහි වහලයයි.
නිවසේ කෙතරම් විසිතුරු හා වටිනා බඩු තිබුණත්, නිවැසියන් කෙතරම් අගනා ඇඳුම් ඇන්දත් හරිහමන් වහලයක් නැත්නම් සියල්ල නිරාවරණය වෙලා. ඒ කියන්නේ නිවැසියන් හා එහි සියල්ල අනතුරේ!
ශ්‍රී ලංකා රාජ්‍යයේ දැන් පවතින ‘වහලය’ කල් පැන ගිය එකක්. බොහෝ සිදුරු හා පළුදු සහිතයි. සමහර ජන කොටස්වලට හා සුළුතරයන්ට රැකවරණය හොඳටම මදි. සියලු ජනයා යම් යම් ලෙසින් අන්නරක්ෂිතයි.
අපි කුමක් කරමුද?
පරණ වූ ‘වහලය’ තැනින් තැන සිදුරු වසමින් සිටිමුද?
වසින වෙලාවට ලීක් වන තැන්වල යටින් බාල්දි තබමින්, දුව පනිමින් කල් ගෙවමුද?
නැත්නම් වහලයක් අලුතෙන්ම හදා ගනිමුද?
වහලයක් ගසන්නේ පරම්පරාවක් දෙකක් කල් පවතින්න. අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙත් එලෙසම හොඳට කලක් වැඩ ගන්නයි.
එසේ හදන විට පැරණි වැරදිම දැන දැන යළිත් කරනවාද? මෙයයි අප හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය.
සිතන පතන, පොදු උන්නතිය තකන පුරවැසියකු ලෙස මා ප්‍රමුඛතා තුනක් දකිනවා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු.

පළමුවැන්න: පරිනත රාජ්‍යයක නිසි ලෙස බල විභජනයක් හා බල තුලනයක් තිබිය යුතුයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් අතර නිසි තුලනයක් අවශ්‍යයි. විධායකයට අධික ලෙස බලතල තිබීම මේ තුලනයට හානිකරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි මැතිවරණ පොරොන්දු දී බලයට පත් වූ මේ රජය එම පොරොන්දුව දැන් ඉටු කළ යුතුයි.
දෙවැන්න: රට තුළ බලය විමධ්‍යගත කිරීම තවමත් කැරෙන්නේ දෙගිඩියාවෙන්. අපට යා හැකි කුඩාම බිම් මට්ටමේ ඒකකය දක්වාම බලය ගෙන යාමට ව්‍යවස්ථාවෙන් මග පෙන්වීමක් ඕනෑ. එය උතුරට – දකුණට – බටහිරට හා නැගෙනහිරට එක සේ බලය බෙදා දිය යුතුයි.
තෙවැන්න: මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අද බෙහෙවින් පුළුල් වෙලා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලුවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ අභියෝගත් අද මතු වෙලා තියෙනවා. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් අද නොතකා හරින්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් රැක ගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. මේ නිසා වඩා ප්‍රශස්ත මානව හිමිකම් මාලාවක් හා ඒවා සුරකින රාමුවක් නව ව්‍යවස්ථාවෙන් රටට දිය හැකියි – දිය යුතුයි කියා මා සිතනවා.
Watch other videos on Purawesi Balaya YouTube channel