
In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 28 August 2016), I applaud the Sri Lanka government’s new solar power generation programme, and suggest ways in which it can be made more effective in securing energy independence of the nation.
The global trend, especially for domestic and small scale electricity users, is towards decentralized and distributed energy systems. In this scenario, users generate power on site, tapping into renewable sources available locally.
How can our tropical island plug into the sun, wind, trees and the ocean to meet more of our energy needs? Why don’t renewable energies produce a larger share of our energy mix? Who or what are the bottlenecks? I discuss these and other related issues in the column this week.
Self-generating electricity from renewables is slowly picking up, partly encouraged by the introduction in 2009 of net metering. This allows private individuals or companies to “sell” their surplus power to the national grid (the transaction happens in kind, not cash). A two-way electricity meter enables this process.
In August 2016, the Cabinet approved a community based solar power generation programme. Known as “Soorya Bala Sangramaya” (Battle for Solar Energy), it is expected to make at least 20% of electricity consumers to also generate electricity using solar panels – they will be able to sell their excess to the national grid under a guaranteed tariff.
Announcing the Cabinet decision, the government said: “Currently 50% of electricity production in Sri Lanka is done by renewable energy sources and it is expected to increase this percentage to 60% in 2020 and to 70% in 2030. Accordingly, it is required to build wind power plants of 600 MW and solar power plants of 3,000 MW within the next 10 years. It is expected to join consumers in power generation and to promote small solar power plants established on the roof of their houses by the project called ‘Soorya Bala Sangramaya’. It is expected to make at least 20% of consumers to produce electricity and it is expected pay for the excess electricity generated by the consumer.”
Read government document: Implementation of a community based power generation program “Soorya Bala Sangramaya” (Battle for Solar energy) to purchase electricity generated by the electricity customers

ජාතික රජයේ හැම ප්‍රතිපත්තියක්ම මා විවේචනය කරනවාදැයි මගේ පාඨකයෙක් ගිය සතියේ ඇසුවා. පොදු උන්නතිය වෙනුවෙන් බොහෝ දේ ප්‍රශ්න කළත් වැරදි සොයා ගෙන යාම මගේ අරමුණ නොවෙයි.
රජයට වසරක් පිරීම නිමිත්තෙන් මගේ අදහස් විමසූ එක් මාධ්‍ය ආයතනයකට මා කීවේ යහපත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග රැසක් කෙටි කලක් මේ රජය තුළ ගෙන ඇතත් ඒවා රටට සන්නිවේදනය කිරීම දුර්වල බවයි.
වන්දිභට්ටකරණය වෙනුවට තර්කානූකූලව හා නිර්මාණශීලීව සමාජය හා බෙදා ගත හැකි බොහෝ තොරතුරු රාජ්‍ය ආයතන තුළ සැඟවී තිබෙනවා.
රටේ බලශක්ති ප්‍රතිපත්තිය හා ප්‍රවේශය නවීකරණය කිරීම මෙවන් යහ ප්‍රවනතාවක්. පිටරටින් ගෙනෙන ඛණිජ තෙල් හා ගල් අඟුරු මත දැඩි ලෙස යැපීම වෙනුවට බලශක්ති ප්‍රභව විවිධාංගීකරණයකට යොමු වෙමින් තිබෙනවා. මෙය දිරිමත් කළ යුතුයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සූර්යබල සංග්‍රාමය නම් ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. රටේ නිවාස දස ලක්ෂයකට සූර්ය බලය හරහා විදුලි ජනනය කිරීමේ හැකියාව ලබා දීම මෙහි අරමුණයි.
මේ ගැන 2016 අගෝස්තු 16 වනදා කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශනයේ මෙසේ සඳහන් වූණා.
“දැනට ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් 50%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් නිෂ්පාදනය කෙරෙන අතර, එම ප්‍රමාණය 2020 වන විට 60%ක් දක්වාද, 2030 පමණ වන විට 70%ක් දක්වාද වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. මේ අනුව ඉදිරි වසර 10 ඇතුළත මෙගාවොට් 600ක පමණ සුළං බලාගාරද, මෙගාවොට් 3,000ක පමණ සූර්ය බලාගාරද ඉදි කිරීම අවශ්‍ය වේ.
“මෙහිදී විදුලි පාරිභෝගිකයන්ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් විශේෂයෙන්ම තම නිවෙස්වල වහල මත ඉදි කෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ‘සූර්ය බල සංග්‍රාමය’ නමින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
“මේ යටතේ විදුලි පාරිභෝගිකයින්ගේ 20%ක්වත් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ගෙවීම් කිරීමටද නියමිතය.”
බලශක්ති සන්සදය කියන හැටියට නිවෙස් මට්ටමේ සූර්ය බලය භාවිත කරන නිවාස ලක්ෂයකට වඩා දැනටමත් මෙරට තිබෙනවා.
1980 දශකය මැද පටන් මෙරට සූර්ය තාක්ෂණය ප්‍රවර්ධනය කරනු ලැබුවේ එවකට ජාතික විදුලි ජාලය අහලකටවත් නොපැමිණි දුර බැහැර ප්‍රදේශවල ජනයාට යම් මට්ටමක (ආලෝකයට මූලික වූ) විදුලිබලයක් ලබාදීමටයි. අද යථාර්ථය මීට වෙනස්.
විදුලිය නැති නිවෙසකට එය ලබා දෙන්නට සූර්ය කෝෂවලට හැකි වුවත් ධාරිතාවේ සීමා තිබෙනවා. විදුලි බල්බ, ටෙලිවිෂන්, රේඩියෝ ක්‍රියා කරන්න සෑහුනද ඉස්තිරික්කල ශීතකරන ආදියට කුඩා සූර්ය ඒකකවලින් ලැබෙන විදුලිය මදි. එහෙත් එයට ඉහළ ධාරිතාවේ, වැඩි මිළැති සූර්ය බල පද්ධති අද තිබෙනවා.
සූර්ය බලය නිවෙසක සවි කිරීමට යන වියදම එහි ධාරිතාව මත වෙනස් වනවා. වායුසමන යන්ත්‍ර ඇතුලුව වැඩි විදුලිය බලයකින් ක්‍රියා කරන උපකරණ පවා බල ගැන්විය හැකි තරම් ඉහල සූර්ය පුවරු පද්ධති (solar panel systems) අද තිබෙනවා. ඒත් මූලික පිරිවැය අධිකයි. මා දන්නා මධ්‍යම පාන්තික නිවෙසක විදුලි ඒකක 350-400ක් ජනනයට අවැසි තරම් සූර්ය පුවරු සවි කොට ගෙන තිබෙනවා.
බලශක්ති අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව සූර්ය කෝෂ වහලය මත සවි කර ගන්නා නිවාසවලට එයට යන මූලික වියදමට බැංකු ණය නිර්දේශ කිරීමට නියමිතයි. එසේම තම අවශ්‍යතාව ඉක්මවා විදුලිය ජනනය වන අවස්ථාවල එය ජාතික විදුලිබල ජාලයට සැපයීමේ පහසුකමද හිමිවනවා.
මෙයට පදනම 2010 දී මෙරට හඳුන්වා දුන් ශුද්ධ මනුකරණ (Net Metering) නම් ක්‍රමවේදයයි. මේ යටතේ නිවසේ විදුලිබල මීටරය ඉදිරියට මෙන්ම ආපස්සටත් යා හැකියි. මෙහිදී පාරිභෝගිකයා ජාතික විදුලි ජාලය බලශක්ති “ගබඩාවක්” ලෙස භාවිත කරනවා.

පාරිභෝගිකයා නිවසේ වහලය මත සවි කර ගන්නා සුර්ය බලශක්ති පැනල මගින් දිවා කාලයේ නිපදවන විදුලි අතිරික්තය, ජාතික විදුලිබල ජාලයට ලබා දෙනවා. වැඩිපුර විදුලිබල පාවිච්චි වන සන්ධ්‍යා හා රාත්‍රී කාලයේ තම පරිභෝජනය සදහා ජාලයෙන් විදුලිය ලබා ගන්නවා. මාසය අවසානයේ මුදල් ගෙවිය යුත්තේ තමන් වැඩිපුර භාවිත කර ඇති ඒකක ගණන සදහා පමණයි.
ශුද්ධ මනුකරණ සංකල්පය මෙරට පිළිගැනීමෙන් පසු විදුලිබල මණ්ඩලය CEB මෙන්ම සමහර නාගරික ප්‍රදේශවලට විදුලිය බෙදන LECO සමාගම ද යම් කොන්දේසිවලට යටත්ව මෙය ක්‍රියාත්මක කරනවා.
එහෙත් ජාලයට දුන් විදුලි ඒකක ගණනට වඩා අඩුවෙන් පාරිභෝගිකයා එයින් විදුලිය යළි ගත හොත් ඒ සදහා පාරිභෝගිකයාට මුදල් නොගෙවයි. (එම ඒකක ගණන ඉදිරි මාසවලදී පරිභෝජනයට ගත හැකියි.)
දැනට ක්‍රියාත්මක වන ශුද්ධ මනුකරණ ක්‍රමවේදය විදුලි ඒකක 200කට වඩා පරිභෝජනය කරන ඕනෑම විදුලි පාරිභෝගිකයකුට වාසිදායකයි.
එහෙත් මේ වසරේ සිට හදුන්වා දෙන නෙට් එකවුන්ටින් (Net Accounting) නව ක්‍රමයේදී පාරිභෝගිකයා වැඩිපුර නිපදවන විදුලි ඒකක සදහා
CEB/LECO ගෙවීමටද නියමිතයි. එම ක්‍රමය මගින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වනවා.
අලුතින් එකතු වන තවත් ක්‍රමවේදයක් නම් Net Plus. එනම් වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස, එසේ ජනනය කරන සමස්ත විදුලි ඒකක ගණන ජාතික විදුලි ජාලයට ලබා දුන් විට එයට යම් සම්මත මිළක් ගෙවීම.
මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මෙන් නොව පාරිභෝගිකයාගේ ජනනය, විදුලි පරිභෝජනයෙන් නිදහස්. ඒ අනුව පාරිභෝගිකයා තම පරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමය යටතේ විදුලි ගාස්තු ගෙවිය යුතු අතර ඔහුගේ මුළු විදුලි ජනනයම CEB/LECO විසින් යම් ගණන්වලට මිළයට ගන්නවා.
සූර්යබල සංග්‍රාමය නිසි ලෙස ක්‍රියාත්මක වූ විට රටේ නිවාස දස ලක්ෂයක් කුඩා විදුලිබලාගාර බවට පත් වන බවයි බලශක්ති අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.
එසේම සමහරක් මේ නිවාසවලට තමන්ගේ සමස්ත විදුලි පරිභෝජනයට වඩා සූර්ය බලශක්තිය නිපදවා ජාතික ජාලයට සපයා අමතර ආදායමක් ලද හැකි යයි ඔවුන් කියනවා.
ආර්ථීකයටත්, ජන සමාජයටත් එක සේ වැදගත් මේ ව්‍යාපෘතිය නිලධාරිවාදයට යට වීමට ඉඩ නොදී නිසි ලෙස සන්නිවේදනය කොට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
පාරිභෝගිකයන් ලෙස අප සැවොම සොයන්නේ ආරක්ෂිත, පිරිසිදු, දිගටම ලැබෙන හා ලාබදායක බලශක්තියයි. මේ අවශ්‍යතා පිරිමසන හොඳම ශක්ති විශේෂය නම් විදුලි බලයයි.
2015 සැප්තැම්බර් වන විට රටේ දිස්ත්‍රික්ක 4ක් (මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව්) හැර අන් සියල්ලේම 90%කට වැඩි විදුලිබල ආවරණයක් තිබූ බව බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවිය කියනවා.
2012 ජන සංගණනයට අනුව රටේ නිවාස ඒකකවලින් 87%ක් ආලෝකය සඳහා විදුලිබලය යොදා ගත් අතර භූමිතෙල් 12.2%ක්, සූර්ය බලය 0.6% ක් හා අනෙකුත් ප්‍රභවයන් 0.2% ක් වාර්තා වුණා.
මෑත දශකවල විදුලිබල ජාතික ජාලයේ ආවරණය බෙහෙවින් පුළුල් වූවත් විදුලිබලය තව දුරටත් ලාබදායක නැහැ. ගමට ලයිට් ආවත් එය භූක්ති විඳින්නට අවශ්‍ය මූලික ආයෝජනය හා මාසික වියදම දැරීමට නොහැකි පවුල් එමට සිිටිනවා.
අනෙක් අතට වැඩි වන විදුලිබල ඉල්ලුමට සරිලන සැපයුමක් ජනනය කිරීම රජයට ලොකු අභියෝගයක්. ඉතා හොඳ වර්ෂාපතනයක් ලබන වසරකදී වුවත් සමස්ත ඉල්ලුමෙන් 40%කට වඩා ජල විදුලි බලාගාරවලින් ජනනය කරන ගත නොහැකියි.
ඉතිරියෙන් බහුතරයක් ජනනය කැරෙන්නේ ඛණිජතෙල් හා ගල් අඟුරු යොදා ගෙනයි. මේවා දේශීයව හමු නොවන නිසා විදේශයන්ගෙන් මිළට ගත යුතුයි. ඒවා දහනයෙන් පිට වන කාබන්ඩයොක්සයිඩ් වායුව ගෝලීය උණුසුම්වීමට දායක වනවා.
ටිකෙන් ටික හෝ මේ ඛණිජතෙල් හා ගල් අඟුරු මත යැපීම අඩු කළ යුතු බව කලෙක සිටම සමහර විද්වතුන් පෙන්වා දී තිබෙනවා. අපට දේශීයව සම්පාදනය කර ගත හැකි පූනර්ජනනීය හෙවත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් (renewable energy sources) දියුණු කර ගැනීම ගැන 1970 ගණන්වල පටන් කථා කළත් ප්‍රගතිය සීමිතයි.
මෙයට හේතු රැසක් තිබෙනවා. ජල විදුලිය හැරුණු කොට අනෙකුත් සුනිත්‍ය බලශක්ති සඳහා තාක්ෂණය ප්‍රචලිත නොවීම හා මිළ අධිකව පැවතීම එකක්. (මෙය පසුගිය දශකයේ බෙහෙවින් වෙනස් වී තිබෙනවා.)
තව ප්‍රධාන හේතුවක් නම් විදුලි බල මණ්ඩලයට සුනිත්‍ය ප්‍රභවයන් ගැන සැබෑ උනන්දුවක් නොතිබීමයි.
මහා පරිමාණ, මධ්‍යගත බලශක්ති ජනනයේ මානසිකත්වයට මුළුමනින්ම නතු වූ විදුලිබල මණ්ඩලය විකල්ප බල ශක්ති ගැන කවදත් දැරුවේ අවඥා සහගත ආකල්පයක්. මෙය වෙනස් කිරීමට බොහෝ බලශක්ති අමාත්‍යවරුන්ට පවා හැකි වූයේ නැහැ.
මෙයින් ඔබ්බට යන දිගු කාලීන වූත්, වඩාත් පරිසර හිතකාමී වූත් බලශක්ති පිළිවෙතකට සංක්‍රමණය වීමේ පෙර නිමිති තිබෙනවා. සූර්යබල සංග්‍රාමය එැන්නක්.
එහෙත් මාධ්‍ය ප්‍රචාරණයෙන් ඔබ්බට ගිය තාක්ෂණික උපදෙස් හා මූල්‍ය පහසුකම් නිලධාරිවාදයෙන් තොරව සපයන ව්‍යාපෘති කළමනාකරණයක් එහි සාර්ථකත්වයට අවශ්‍යයි. යහපත් සංකල්ප අසංවේදී හෝ සංකීර්ණ හෝ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක කිරීමට ගොස් අසාර්ථක වීමේ අත්දැකීම් මෙරට විවිධ ෙක්ෂත්‍රවල අපට හමු වනවා.
සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට අදාළ සමාජ විද්‍යාත්මක හා ආර්ථීක විද්‍යාත්මක සාධක තිබෙනවා. සූර්ය තාක්ෂණය සංකීර්ණ එකක් නොවූවත් යම් නඩත්තු කිරීමක් හා තාක්ෂණික දැනුමක් අවශ්‍යයි.

සූර්ය බලය ගෘහස්ත මට්ටමින් විදුලිබල ජනනයට යොදා ගැනීමේ වසර 30කට ආසන්න අත්දැකීම් මෙරට තිබෙනවා. මේ අත්දැකීම් ලැබුවේ එම ක්ෂේත්‍රයේ පුරෝගාමී වූ පෞද්ගලික සමාගම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින්. (මේ ඉතිහාසය ඉදිරි තීරු ලිපියක සැකෙවින් විස්තර කිරීමට මා අදහස් කරනවා.)
සර්වෝදය, සෝලංකා, පවර් ඇන්ඩ් සන්, Solar Electric Light Fund ආදී දෙස් විදෙස් ආයතන මෙරට නිවාස මට්ටමේ සූර්ය බලශක්ති ප්‍රවර්ධනයේ පුරෝගාමීන්. ඔවුන් උගත් පාඩම්වලින් අද ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා නිලධාරීන්ට ප්‍රයෝජන ගත හැකියි.
සූර්ය කෝෂ හා සම්බන්ධිත තාක්ෂණය මෙරටම නිපදවා ගන්නවාද? නැත්නම් චීන, ජර්මන් හෝ වෙනත් සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නවා ද? මෙරට සූර්ය තාක්ෂණයට අත හිත දීමට අපේ බැංකු කොතරම් උත්සුක වේද? සමස්ත සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රය නිසි නියාමනයට හා විමර්ශනයට ලක් කිරීමට මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) හැකි ද?
ගතවූ වසර 25කට අධික කාලය තුළ සුනිත්‍ය බලශක්ති ගැන මා විවිධ මාධ්‍යවලින් මෙවැනි ප්‍රශ්න මතු කොට තිබෙනවා. මේ ප්‍රශ්න අසන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව යහපත් ප්‍රතිපත්ති ප්‍රශස්තව ක්‍රියාත්මක වනු දැක්මේ පොදු අරමුණින්.
Read also: සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද? ඔබ දැන ගත යුතු කරුණු 9ක්

Image source – http://www.aniwa.lkwp-contentuploads201609SolarPower-05.jpg