City design, transport planning, air quality and public health may fall under the purview of different government agencies. But in our chaotic cities, these factors come together to create urban nightmares. Solutions also require an integrated approach.
Can we awaken from this sleep-walking before it’s too late?
This is the question I pose – and try to answer — in this week’s Ravaya column, (appearing in issue of 1 Nov 2015).
I quote the transport specialist Professor Amal Kumarage of the University of Moratuwa as saying that the national average speed is already down to 26 km per hour. Within the Colombo district, the average speed is 22 km per hour. The national average speed is projected to drop to 19 km per hour, while the Colombo district figure would drop to 15 km per hour, by 2031.
What are the smart solutions? I highlight the greater emphasis and investment needed in mass transit systems. In particular, I mention solutions such as dedicated bus lanes, bus rapid transit arrangements, congestion charges, and other demand side management options.
Building new roads is NOT going to solve traffic congestion problems in the long term: it will only aggravate them. But strategically linking or expanding the existing road network can bring some relief, as has happened with Colombo’s Duplication Road extension and Marine Drive expansion.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලත්, වෙනත් ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවලත් වාහන තදබදය දැන් ලොකු ප‍්‍රශ්නයක්. ගමනක දුර සැතපුම් හෝ කිලෝමීටර්වලින් කීම වෙනුවට එයට ගත වන කාලයෙන් කීමට අප දැන් පුරුදුව සිටිනවා.
කඩිනම් වේලාව (rush hour) වඩාත් දිගු කාලයක් පුරා පැතිරෙන්නට පටන් අරන්. මෙයට කෙටි කාලීනව පිළියම් සෙවීමට රථවාහන පොලිසිය වෙර දරනවා. එහෙත් සමහර තැන්වල ඔවුන්ටත් පාලනය කරගත නොහැකි තරම් ප‍්‍රශ්නය උග‍්‍ර වෙලා.
නුදුරු අනාගතයේදී කොළඹ හා අවට තවත් ගුවන් පාලම්, පොළොවට උඩින් දිවෙන මාර්ග හා තනි පීල්ලේ දුම්රිය සේවාවක් හඳුන්වා දීමට යෝජනා තිබෙනවා. මේ සියල්ලට දැවැන්ත ආයෝජන අවශ්‍යයි. එහෙත් එමගින් ප‍්‍රශ්නය විසඳේද? නැතිනම් කල් දැමීමක් පමණක් සිදුවේද?
එහා මෙහා යාම හෙවත් චල්‍යතාව (mobility) නූතන සමාජවල එදිනෙදා චර්යා රටාවක්. මීට සියවස් දෙකකට පෙර පමණ වන තුරු (දේශාටනයේ නිරත වූ ටික දෙනකු හැරෙන්නට) බොහෝ මානවයන් උපතේ සිට මරණය දක්වා කිලෝමීටර් කිහිපයකට වැඩි දුරක් ගමනේ යෙදුණේ නැහැ.
එහෙත් එසේ ජීවිත කාලයක් එක් තැන් වී සිටීමට අද අවශ්‍ය නැහැ. ඉගෙනීමට, ජීවනෝපායට හෝ විනෝදයට අප බොහෝ දෙනකු නිතිපතා ගමනේ යෙදෙනවා. ඒ සඳහා පොදු මාර්ග පද්ධති, පොදු ප‍්‍රවාහන සේවා තිබෙනවා. එයට අමතරව පොදු මාර්ගවල පෞද්ගලික වාහන පදවා ගෙන සමහරුන් ගමනේ යෙදෙනවා.
අරමුණු හා ගමනාන්ත වෙනස් වෙතත් අප හැමගේ පොදු අපේක්ෂාව නම් නිරුපද්‍රිතව හා රස්තියාදුවෙන් තොරව අපේ ගමන් නිම කිරීමයි.
එහෙත් අප බොහෝ දෙනකු එක වර ගමනේ යෙදෙන විට වාහන තදබදය හා පොදු ප‍්‍රවාහන සේවා පිරී ඉතිරී යෑම සිදු වනවා. වසරක් පාසා උග‍්‍ර වන මේ මහා ප‍්‍රශ්නය විසඳා ගන්නේ කෙසේද? එයට අවශ්‍ය නිසි දැක්මල තාක්ෂණයන් හා ආයෝජන මොනවාද?

මොරටුව සරසවියේ ප‍්‍රවාහනය පිළිබඳ මහාචාර්ය අමල් කුමාරගේ, මෙරට ප‍්‍රවාහන ප‍්‍රවණතා, විසඳුම් හා විකල්ප ගැන කලක සිට අධ්‍යයනය කරන විද්වතෙක්. මාර්ගවල දිවෙන වාහන සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වීම හමුවේ නිසි ප‍්‍රවාහන කළමනාකරණය සිදු නොකිරීමේ බරපතල විපාක ගැන ඔහු අනතුරු අඟවනවා.
2012දී ඔහු ගණන් බැලූ විදියට මෙරට මහාමාර්ග පද්ධතියේ වාහන ධාවන සාමාන්‍ය වේගය (average speed) පැයට කිමී 26යි. (තදබදයට හසු වූ විට හා නිදහසේ ගමන් කරන විට වාහනවල වේගය සමස්තයක් ලෙස ගෙන මෙය ගණන් බැලෙනවා.) කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල සාමාන්‍ය වේගය පැයට කි.මී. 22යි.
තව වසර 15කින්, එනම් 2031 වන විට, ජාතික මට්ටමේ සාමාන්‍ය වේගය පැයට කි.මී. 19ටත්, කොළඹ හා අවට එය පැයට කි.මී. 15ටත් අඩු විය හැකි බවට ඔහු ප‍්‍රක්ෂේපණය කරනවා.

එපමණක් නොවෙයි, වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස දහනය වන ඉන්ධන හා අපතේ යන කාලය සහඵලදායීතාව අතිවිශාලයි. එසේම සෙමින් ධාවනය වන වාහනවලින් නැගෙන දුෂණ දුමාරය ද වැඩියි.
මේ සාධක දත්ත සමග අනුරූප කොට ගණන් බැලූ විට තදබදය නිසා වසරකට අවම වශයෙන් රුපියල් බිලියන් 40ක් පමණ මෙරටට අපතේ යන බව මහාචාර්ය කුමාරගේ කියනවා. මෙය 2014 වසරේ සමස්ත සමෘධි ආධාර වියදම වූ රුපියල් බිලියන් 15 මෙන් දෙගුණයකටත් වැඩියි.
රථවාහන තදබදයට විසඳුමක් ලෙස සමහරුන් යෝජනා කරන්නේ පවතින මාර්ග පුළුල් කිරීම හා අලූත් මහාමාර්ග ඉදි කිරීමයි. එහෙත් මෙය සාර්ථක දිගුකාලීන විසඳුමක් නොවෙයි. ලෝකයේ බොහෝ රටවල අත්දැකීම නම් මාර්ග පද්ධතිය පුළුල් කිරීම හරහා වසර කිහිපයක සහනයක් ලැබෙන නමුත් ඉන්පසු වැඩි වන වාහනවලින් ඒවාද පිරී ඉතිරී යන බවයි.
‘කෙතරම් අලූත් මාර්ග හෝ ගුවන් පාලම් හැදුවත් ඒවා තාවකාලික විසඳුම් පමණයි. වඩාත් තිරසාර විසඳුම් සඳහා අප පොදු ප‍්‍රවාහන සේවා දියුණු කොට ඒවා වැඩිපුර යොදා ගැනීමට යොමු විය යුතුයි.’ කුමාරගේ කියනවා.
වැඩි මගීන් සංඛ්‍යාවක් එක වර, කාර්යක්ෂමව හා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි පොදු ප‍්‍රවාහන සේවා (mass transit) දියුණු කිරීම එයට වඩා තිරසාර විසඳුමක්. ඒත් එය මනා ඉදිරි දැක්මකින් යුතුව, ඉංජිනේරු, තාක්ෂණික හා සමාජ විද්‍යාත්මක විශේෂඥ මග පෙන්වීම යටතේ සැලසුම් කොට ක‍්‍රියාත්මක කළ යුතුයි.
පොදු ප‍්‍රවාහන සේවා ගැන රජයන්ගේ මෙන්ම මහජනයාගේත් ඇත්තේ හොඳ තක්සේරුවක් නොවෙයි. බස් රිය හා දුම්රිය සේවා ඇති තරම් ධාරිතාවකින් යුතුව හා කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වනවා නම් එයින් ගමන් යන්නට වැඩි පිරිසක් කැමති වනු ඇති. එහෙත් පවතින තත්ත්වය යටතේ අමාරුවෙන් හෝ තමන්ගේම මෝටර් බයිසිකලයක්, ත‍්‍රීරෝද රථයක් හෝ කාරයක් යොදා ගෙන ගමන් බිමන් යාම බහුතරයකගේ අපේක්ෂාවයි. මෙය ප‍්‍රායෝගික සාධකයන් හා ආකල්ප යන දෙකේම සංකලනයක්.
ගෙවී ගිය දශක තුනෙහි මෙරට බස් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ඇති තරම් ආයෝජන යෙද වී නැහැ. බස්වලටත් වඩා කාර්යක්ෂම ලෙසින්, මගී හා බඩු ප‍්‍රවාහනය දෙකම කල හැකි දුම්රිය සේවාවලට ඊටත් අඩු අවධානයක් හා මහජන මුදල් ආයෝජනයක් සිදුව ඇති බව කුමාරගේ පෙන්වා දෙනවා.
2012 සංඛ්‍යා ලේඛන අනුව දිනට වැඩ කරන දිනයක දළ වශයෙන් වාහන 250,000ක් පමණ කොළඹ නගරයට පිවිසෙනවා (සහ සවසට පිට වෙනවා). එය සමන්විත වන්නේ බස් 15,000ක්, ලොරි 10,000ක් හා ඉතිරි 225,000 පෞද්ගලික මෝටර් රථ, මෝටර් සයිකල් හා ත‍්‍රීරෝද රථවලින්.
‘ප‍්‍රවාහන පද්ධතිය සමස්තයක් ලෙස සැලකිල්ලට ගෙන, දත්ත මත පදනම් වී, ප‍්‍රවණතා හඳුනාගෙන අප සැලසුම් කළ යුතුයි. කෙටි කාලීන ඉක්මන් විසඳුම් සොයා යෑම හා තැන තැන පුංචි පහේ විසඳුම් තැත් කිරීම දිගුකාලීනව හානිකරයි’ කුමාරගේ කියනවා.
2010දී සම්මත කරගත් ජාතික ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට අනුව තනි පුද්ගලයන් හෝ දෙතුන් දෙනකු හෝ රැගෙන යන වාහනවලට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් රැගෙන යන වාහනවලට හා එම සේවාවන්ට ප‍්‍රමුඛතාව දිය යුතුයි. (මෙහිදී බස් රථ අයිති ලංගමයටද, පෞද්ගලික හිමිකරුවන්ට ද යන්න අදාල නැහැ.)

ප‍්‍රධාන මාර්ගවල බස් රථවලටම වෙන් වූ ධාවන තීරුවක් (Bus Lane) සටහන් කිරීම බොහෝ රටවල කැරෙන්නක්. ගාලූ පාරේ කොළඹට ආසන්නව මෙය සමහර තැන්වල සටහන් කර ඇතත් අපේ බස් රියදුරන් හෝ අනෙක් රියදුරන් එය ගැන ඇති තරම් අවධානයක් යොමු නොකරන බව පෙනෙනවා.
වැඩි පිරිසක් එකවර ගෙන යන බස් රථවලට මහමගදී ප‍්‍රමුඛතාව දීමටයි මෙයින් තැත් කරන්නේ. ගිලන් රථ පදවනවා වගේ වියරුවෙන් බස් පදවනු වෙනුවට වෙන් කරන ලද ධාවන තීරුවක ඉක්මනින් ඉදිරියට යන්නට හැකි නම් හොඳයි.
මුළු රටේම 2014 අවසන් වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව මිලියන් 5.63ක් වුණා. මෙයින් හැම එකක්ම හැම දිනෙකම පාරට නොබැස්සත් බාගයකට වඩා ඕනෑම දිනයක මහමග දුවනවාග හැම වසරකටම අලූතෙන් වාහන ලක්ෂ 3 – 4ක් ලියාපදිංචි කැරෙනවා. (2014 සමස්ත ලියාපදිංචි කිරීම් ගණන 429,566).
වාහන තදබදය ගැන විවාද කරන විට සමහරුන් ආවේගශීලීව කියන්නේ රටට අලූත් වාහන ගෙන ඒමට නතර කරන ලෙසයි. වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින, පුද්ගල නිදහස අගය කරන සමාජයකට එය කිසිසේත්ම ප‍්‍රායෝගික විසඳුමක් නොවෙයි. එහෙත් (තහංචි වෙනුවට) ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමින් වාහන භාවිතය පාලනය කළ හැකි ක‍්‍රම තිබෙනවා.
එයින් එකක් නම් සමහර නගරවල කඩිනම් වේලාවලට ක‍්‍රියාත්මක කරන තදබද ගාස්තුවයි (Congestion Charge). නගරයක වඩාත් ජනාකීර්ණ ප‍්‍රදේශවලට මෝටර් රථයකින් පිවිසෙනවා නම් එකී හැම වාරයක් පාසාම ගාස්තුවක් ගෙවිය යුතුයි. (රාත‍්‍රියට හා සති අන්තයට එය අදාළ නැහැ.)

මෙය ලන්ඩනය, සිංගප්පූරුව වැනි නගරවල සාර්ථකව ක‍්‍රියාත්මක වනවා. ඒ හරහා සැලකිය යුතු පිරිසක් තම වාහන ගෙදර තබා පොදු ප‍්‍රවාහන සේවාවලින් ගමන් යන බව තහවුරු වී තිබෙනවා.
තවත් ක‍්‍රමයක් නම් පෞද්ගලික වාහන අයිතිය අඩු කිරීමට අධික බදු හා වෙනත් අය කිරීම් හරහා කරන විපෙළඹුමයි. සිංගප්පූරුව ඉසුරුබර රටක් වුවත් එහි තමන්ගේම වාහනයක් හිමි කර ගැනීමට වාහනයේ වටිනාකමටත් වඩා ඉහළ මිලක් ගෙවා බලපත‍්‍රයක් ලබාගත යුතුයි. රටේ බිම් ප‍්‍රමාණය ඉතා සීමිත නිසා මෙසේ සීමා කොට තිබෙනවා. ඒ අතර බස් හා දුම්රිය සේවා මනාව පවත්වාගෙන යන්නට එරට රජය නොමසුරුව ආයෝජන කරනවා.
ක‍්‍රමීය මට්ටමින් බලන විට අපේ රටේ මෙතෙක් කර ඇත්තේ ඉල්ලූම වැඩි වන තරමට ප‍්‍රවාහන ධාරිතාව වැඩි කිරීමට වෙර දැරීමයි. මෙය කළ හැකි සීමාවන් තිබෙනවා. ඉල්ලූම පාලනය කිරීමට (demand-side management) නැණවත් ක‍්‍රමවේද උත්සාහ කොට නැති තරම්.
හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් බිහි වන විට තම තමන්ගේ වාහනවලින් ගමන් යාම ඉබේම අඩු වන බව ලොව බොහෝ රටවල අත්දැකීමයි. අසල්වැසි ඉන්දියාව බස්රථ සේවා (Bus Rapid Transit) හා පොළොව යටින් දිවෙන උමං දුම්රිය සේවා ව්‍යාප්ත කිරීමට විශාල ලෙස මහජන මුදල් වැය කරනවා.
නවදිල්ලියේ මීට වසර කිහිපයකට පෙර අරඹන ලද උමං දුම්රිය නිසා වාහන තදබදය යම් ප‍්‍රදේශවල සමනය වීම ඇරඹිලා. ඉන්දියානු රුපියල් දහයක් ගෙවා ටිකට් මිලට ගෙන උමං දුම්රියෙන් ගමන් බිමන් යෑමට මධ්‍යම පාන්තික ඉන්දියානුවෝ දැන් කැමතියි.

ජාත්‍යන්තර මට්ටමේ උමං දුම්රිය සේවාවක් ප‍්‍රධාන නගරවල බිහිකොට පවත්වා ගැනීම එරට රජයේ ඉලක්කයයි. එයට සමාන්තරව ජනාකීර්ණ නගරවල නිසි කාල සටහනකට, කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන බස් සේවා දියුණු කර ගෙන යනවා. තම වාහනයක් රැගෙන ගොස් නැවැත්වීමේ පහසුකම් (parking) සොයා ලත වනු වෙනුවට බසයෙන් හෝ උමං දුම්රියෙන් ගමන් යාමට ඉන්දීය ජනයා යොමු කරනවා.
ඇතැම් අවස්ථාවල උපාය මාර්ගික ලෙසින් අලූත් මාර්ග ඉදි කිරීමේ වාසි ද තිබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් කොළඹ කොල්ලූපිටියේ සිට ගාලූ පාරට සමාන්තරව කිලෝමීටර් මුහුදට සමීපව දිවෙන මැරීන් ඩ‍්‍රයිව් Marine Drive නම් මාර්ගයයි.
ගාලූ පාරට සමාන්තරව වඩාත් රට ඇතුළට වන්නට ඩුප්ලිකේෂන් පාරත්, මුහුදාසන්නව මැරීන් ඩ‍්‍රයිව් එකත් තැනීමේ යෝජනාව මුල් වරට ගෙන ආවේ 1944දී. මේ මාර්ගවල වැදගත්කම බි‍්‍රතාන්‍ය නගර සැලසුම්කරුවෝ කල් තබා පෙන්වා දී තිබුණා.
ඩුප්ලිකේෂන් පාර කලකට පසුව ඉදි වුවත් අනෙක් මාර්ගය දශක ගණනක් සැලසුම් පොත්වල තිබුණා. 1985දී මහ කොළඹ නාගරික ප‍්‍රවාහන අධ්‍යයනයක් පෙන්වා දුන්නේ වැඩිපුරම තදබදයක් හට ගන්නේ ගාලූපාරේ දෙහිවල/කොළඹ නගර සභා සීමාව අසල බවයි.
ගාලූ පාරට කොල්ලූපිටිය හන්දියේ සිට දෙහිවල පාලම දක්වා (කි.මී. 3.7) හා මොරටුව සිට පානදුර දක්වා (කි.මී. 11.2) අමතර ධාවන තීරු දෙකක් එකතු කිරීමට පුළුල් කරන්නට යෝජනා කෙරුණා.

එහෙත් ගාලූ පාර පළල් කරනවා වෙනුවට ඩුප්ලිකේෂන් පාර පැවති දුරට වඩා දිගු කිරීමත්, මැරීන් ඩ‍්‍රයිව් මාර්ගය ඉදි කිරීමත් වඩා උචිත හා ලබාදායක බව ගවේෂණාත්මකව තහවුරු කළ රජයේ නිලධාරියකු සිටියා. ඔහු 1980-90 දශකවල පොලිස් රථවාහන අංශයේ ප‍්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී. පෙරින්පනායගම්.
1944 යෝජනාව යළි මතු කර, කොළඹ මහ නගර සභාව, මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා රථවාහන පොලිසිය යන ආයතන සම්බන්ධීකරණය කළේත් රැස්වීම් රැසකට පසු මාර්ග තැනීමට අනුමැතිය ලබා ගත්තේත් ඔහුයි. ඉදිරි වසරවල රථවාහන පොලිසියට මතු වන අභියෝගයකට කල් තබා විසඳුම් සෙවීම ඔහුගේ අරමුණ වුණා.
1990 වන විට මැරීන් ඩ‍්‍රයිව් මාර්ගයෙන් කොටසක් පටු මාර්ගයක් ලෙස තනා තිබුණා. එහෙත් එය ධාවන තීරු හතරක් පළලට කොල්ලූපිටියේ සිට වැල්ලවත්තේ රාමක‍්‍රිෂ්ණ පාර හමු වන තුරු ඉදි කෙරුණේ 1992න් පසුවයි. ඒ අතර ඩුප්ලිකේෂන් පාරද වැල්ලවත්තේ සාන්ත පීතර විද්‍යාලය අසලට එනතුරු දීර්ඝ කෙරුණා.
එහෙත් 1940 ගණන්වල නිර්ණය කළ වීදි රේඛා සැලසුමට අනුව ඩුප්ලිකේෂන් පාර අත්තිඩිය පාර දක්වා දිගටම යා හැකියි. එසේම මැරීන් ඩ‍්‍රයිව් මාර්ගය වැල්ලවත්තෙන් දකුණටත් විහිදී ගොස් මොරටුව නව මාර්ගයට සම්බන්ධ කළොත් 1944 සැලසුම මුළුමනින් ක‍්‍රියාත්මක වන බව පෙරින්පනායගම් කියනවා.