
Engineer, public servant and legislator D J Wimalasurendra (1874 – 1953) is widely known and respected as the ‘Father of Hydro Power in Sri Lanka’.
While working with the Ceylon Government’s Public Works Department in the early 20th Century, he made a strong technical and economic case for hydro power. At the time, the country was totally dependent on imported petroleum for its (limited scale) power generation.
He had a grand vision for energy independence and industrial revival in Sri Lanka, and engaged in a long struggle to see his vision become a reality. His life is a case study in evidence-based policy advocacy by a public intellectual.
The process he started has continued for over six decades, with more hydro electricity plants being built and the national grid being expanded to cover most of Sri Lanka. By end 2014, the total installed capacity of hydro power stations operated by the Ceylon Electricity Board was 1,383 MW (with another 218 MW capacity in dozens of mini-hydro schemes by end 2012) according to the Ministry of Power and Energy.
In a year with good rainfall, hydro power can supply nearly half of the country’s electricity needs.
In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 30 August 2015), I continue my brief biography of Wimalasurendra, from 1918 onwards. In part 1, I explored the first few decades of his life, from birth to 1918.
සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා ජනහිතකාමී ක්‍රමෝපායයන් හරහා රට දියුණු කරන්නට දේශපාලකයනට විද්වතුන් හා වෘත්තිකයන්ගේ දායකත්වය අවශ්‍යයි.
පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිට ද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට දායක විය හැකියිග එයට දැනුමල කැපවීමල එඩිතර බවල උපක්‍රමශීලී වීම මෙන්ම අධිෂ්ඨානශීලී වීම ද ඕනෑ කරනවා.
මේ ගතිගුණ නොඅඩුව තිබූල රටේ බලශක්ති ස්වාධීනත්වය තකා ජීවිත කාලයම වැඩ කළ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස පිළි ගැනෙනවා. ඔහුගේ දිරිය කථාවේ මුල් කොටස පසුගිය කොළමින් කැටි කළා.
1918දී ඉංජිනේරු ආයතනයට විමලසුරේන්ද්‍ර ඉදිරිපත් කළ ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’(‘Economics of Hydro Power Utilization in Ceylon‘) නම් වූ එම විද්‍යාත්මක වාර්තාව අවසානයේ මෙසේ කියනවා: ‘‘මෙරට කර්මාන්ත සංවර්ධනය සීමා වීමට එක් ප‍්‍රබල හේතුවක් නම් ලාබදායක බලශක්තිය නොතිබීමයි. අප අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යවන කොප්පරා (පොල්), රබර් හා මිනිරන් විදේශිකයෝ කර්මාන්ත ශාලාවල වඩාත් මිලැති නිමි භාණ්ඩ බවට පත් කරනවා. එම කාර්මික ප‍්‍රවාහයන්ගේ අතුරුඵලවලින් අමතර ප‍්‍රයෝජන ගන්නවා. මේ සියල්ල අපේ රටේ ආර්ථිකය සවිමත් කිරීමට රඳවා ගත හැක්කේ අඩු මිලට බලශක්තිය (විදුලිය) ජනනය කළ විටයි.’’
ඔහු එවකට පැවති රජයටත්, සෙසු ඉංජිනේරුවන්ටත් මෙසේ ආයාචනා කළා: ‘‘වසරේ හැම දිනකම පාහේ අපේ ගංගා හරහා මුහුදට ගලා ගෙන යන ජල ප‍්‍රවාහයේ ගැබ්ව ඇති විභව ශක්තිය අශ්වබල දහස් ගණනක් වනවා. මේ ශක්තිය වැඩට ගත හැකි විදුලිය බවට පත් කර ගැනීම හා එම විදුලිය සැලසුම් සහගතව රටේ කර්මාන්ත හා ජනජීවිතය දියුණු කිරීමට යොදා ගැනීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක්.’’
සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න: http://elect.mrt.ac.lk/djw_paper.htm
මේ තරම් විස්තරාත්මකව හා උද්‍යෝගිමත්ව ජලවිදුලි උත්පාදනය ගැන යෝජනා ඉදිරිපත් කළත් එයට ලැබුණේ උදාසීන ප‍්‍රතිචාරයක්. බොහෝ ඉංජිනේරුවන් සිතුවේ මෙය කළ නොහැකි තරම් දුෂ්කර කාරියක් කියායි.
1976දී විමලසුරේන්ද්‍ර චරිතාපදානයක් ඉංග‍්‍රීසි බසින් ලියූ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එල්. පී. ගුණතිලක මෙසේ කියනවා: ‘‘විමලසුරේන්ද්‍රගේ නව අදහස් හා යෝජනාවලට ඔහු සේවය කළ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (PWD) ප‍්‍රධානීන් කීවේ දවල් හීන බැලීමක් කියායි. ඔහුගේ සමහර සහෝදර නිලධාරීන් මේ නව අදහස් තමන්ගේ අධ්‍යයන හා වෘත්තික කටයුතුවලට යොදා ගන්නට තැත් කළා. විදේශිකයකු වූ අංශ ප‍්‍රධානියා විමලසුරේන්ද්‍රව දුරබැහැර ප‍්‍රදේශයකට මාරු කර හැරියා. විද්‍යාත්මක පොතපත, තොරතුරු හා සහෘද සන්නිවේදනයේ ඔහු දුරස් කළ විට මේ විප්ලවකාරී අදහස් අත්හැර දමනු ඇතැයි ප‍්‍රධානියා සිතන්නට ඇති. එහෙත් එබඳු කොන්කිරීම්වලින් විමලසුරේන්ද්‍රගේ පරිකල්පනය හා අධිෂ්ඨානය තව දුරටත් වර්ධනය වුණා.’’

1924දී වසර ගණනාවක “සලකා බැලීම්වලින්” පසු ලක්ෂපානේ ජලවිදුලි බලාගාරයක් තැනීමට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව තීරණය කළා. මේ ගැන දෙපාර්තමේන්තුවේ පමණක් නොව රටේම සිටි හොඳම විද්වතා විමලසුරේන්ද්‍ර වූවත් ඔහුට ඍජුව එයට සම්බන්ධ වීමට ඉඩ ලැබුණේ නැහැ.
මෙයින් කලකිරීමට පත් විමලසුරේන්ද්‍ර දිගු නිවාඩු ලබා වසරකට වැඩි කාලයක් බි‍්‍රතාන්‍යයට ගියා. එහිදි දැනුම අලූත් කර ගැනීමටත්, එරට ඉංජිනේරුවන් සමග සාකච්ඡා කිරීමටත් ඔහුට අවස්ථාව ලැබුණා.
ඔහු යළිත් ලංකාවට ආවේ යටත්විජිත භාර ලේකම්වරයා පෞද්ගලිකව මැදිහත් වී එසේ කරන ලෙස ආයචනා කිරීමෙන් පසුවයි. මේ දක්ෂයාගේ වැදගත්කම බි‍්‍රතාන්‍ය පාලකයන් තේරුම් ගෙන තිබුණා.
1926දී PWD ප‍්‍රධාන ඉංජිනේරුවා ලෙස පත් වූ විමලසුරේන්ද්‍ර එම දෙපාර්තමේන්තුවේ විදුලි බල අංශය වෙනම ආයතනයක් කරන ලෙසත්, ඒ දක්වා පෞද්ගලික සමාගම් කර ගෙන ගිය කොළඹ විදුලිබල උත්පාදන හා බෙදා හැරීම් කටයුතු රජයට පවරා ගන්නා ලෙසත් නිර්දේශ කළා.
ඒ නිර්දේශ අනුව 1927දී රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertaking, DGEU) පිහිටුවා කොළඹ විදුලිබල කටයුතු එය යටතට පත් කෙරුණා. අළුත් තාප විදුලි බලාගාරයක් 1929දී පිහිටුවා එය එවකට සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර හර්බට් ස්ටැන්ලිගේ නමින් ස්ටැන්ලි බලාගාරය යැයි නම් කරනු ලැබුවා.
මේ අතර 1924 පටන් ගෙන ටිකෙන් ටික ඉදි කෙරෙමින් තිබූ ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වැඩ 1927දී නතර වුණා. එයට හේතුව පැහැදිලි නැහැ. සමහර වාර්තා කියන්නේ රජයට මුදල් හිඟවීම නිසා කියායි.
1926-29 කාලයේ මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තාක්ෂණික තනතුරක් හෙබ වූ විමලසුරේන්ද්‍ර 1929දී වයස 55න් විශ‍්‍රාම ගියා. තිස් වසරක් රාජ්‍ය සේවයේ නියැලී සිටියත් ඔහුගේ සිහිනය වූ ජලවිදුලි උත්පාදනය තවමත් සැබෑ වී තිබුණේ නැහැ.
විශ‍්‍රාමිකව විවේක සුවයෙන් සිටිනු වෙනුවට ඔහු දේශපාලනයට පිවිසීමට තීරණය කළා. ඩොනමෝර් කොමිසම යෝජනා කළ පරිදි ශ‍්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දී මුල්ම මැතිවරණය 1931දී පවත්වනු ලැබුවා. එහිදි රත්නපුර ආසනයට තරග කළ විමලසුරේන්ද්‍ර ප‍්‍රථම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරි පත් වුණා. ජනතා නියෝජිතයකු ලෙස ඔහු මෙරට ජලවිදුලි හා කර්මාන්ත සංවර්ධනය ගැන දිගටම ප‍්‍රවර්ධන කළා.
එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ තිබුණේ විධායක කමිටු ක‍්‍රමයයි. (අද කැබිනට් අමාත්‍යංශවලට සම කළ හැකියි.) විමලසුරේන්ද්‍රගේ ඉංජිනේරු පසුබිම නිසා ඔහු ඉදිකිරීම් හා සන්නිවේදන විධායක කමිටුවට (Executive Committee of Works and Communication) පත් කරනු ලැබුවා.
1931-36 වකවානුවේ ඔහුගේ ප‍්‍රතිපත්තිමය දායකත්වය ගැන මොරටුව සරසවියේ වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනවා. ‘‘විමලසුරේන්ද්‍ර සිය දැනුම හා අත්දැකීම් මත පදනම් වී මෙරට තාක්ෂණික අධ්‍යාපනය, කාර්මීකරණය හා බලශක්ති සැලසුම් කිරීම වැනි ක්ෂේත‍්‍රවල දියුණුවට මන්ත‍්‍රණ සභාවේ හැකි සැම විටම කථා කළා. ඔහු දේශපාලනික සංකල්ප මත එල්බ ගත් බලලෝභී දේශපානඥයකු වූයේ නැහැ. ඒ වෙනුවට තම දැනුම හා හෘදසාක්ෂියට අනුකූලව ක‍්‍රියා කළා. තමා උපන් රට හා සමාජය ක‍්‍රමානුකූලව දියුණු කිරීමට සැබෑ උනන්දුවක් හා කැපවීම්ක් තිබූ විශිෂ්ට ඉංජිනේරුවකු ලෙස අප ඔහු සැමරිය යුතුයි.’’

වැඩ නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් නැවත ඇරඹීමට විමලසුරේන්ද්‍ර මන්ත‍්‍රණ සභාව තුළ දිගටම ඇවිටිලි කළා. පසුව මෙරට තුන්වන අගමැතිවරයා (1953 – 1956) වූ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ඉදිකිරීම් හා සන්නිවේදන ඇමති ලෙස ක‍්‍රියා කළා. 1956දී ඔහු සිය දේශපාලන ජීවිතය ගැන ආවර්ජනාත්මකව ලියූ පොතේ (An Asian Prime Minister’s Story, 1956) මෙසේ සඳහන් කරනවා:
‘‘ඇමතිවරයා ලෙස මා අත ගැසූ වඩාත්ම භාරදූර කාරියක් වූයේ ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම යළි ඇරැඹීමයි. වසර තුනකට පසු අවිනිශ්චිතව නතර කොට තිබූ මේ ව්‍යාපෘතිය නිමා වූ විට වාණිජ හා කර්මාන්තවල නව පිබිදීමක් ඇති වන බව පැහැදිලි වුණා. එහෙත් කුමන හෝ හේතු නිසා මෙම ව්‍යාපෘතියට ප‍්‍රමුඛත්වයක් ලැබී තිබුණේ නැහැ. විදේශ බලශක්ති ප‍්‍රභව මත දිගටම යැපීමෙන් තොරව අපේ බලශක්තිය අපම උපදවා ගැනීමට නම් අප රටේ ජල සම්පත යොදා ගෙන ජල විදුලිය ජනනය කළ යුතුයි.’’
1936දී නැවත වරක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තරග කළත් විමලසුරේන්ද්‍ර එවර මැතිවරණයෙන් පරාජය වුණා. එහෙත් කිසිදු පැකිලිමකින් තොරව මන්ත‍්‍රණ සභාවෙන් පිටත සිට ජලවිදුලි සංවර්ධනයට කොතලාවල ඇමතිවරයා ඇතුළු දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට ඔහු උපකාර කළා. ඔහුගේ චරිතයේ මේ යුගය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් රටට වැඩ කිරීමට විද්වතුන්ට අවකාශ තිබෙන බවයි.
මේ වකවානුවේ ඔහු පුවත්පත්වලට නිතර ලිපි ලියමින්, ප‍්‍රසිද්ධ දේශන කරමින් ජලවිදුලි ප‍්‍රවර්ධනයට මහජන මතයක් ගොඩ නැගුවා. කිසිදු තනතුරක් නැති විටදී පවා පොදු උන්නතියට විද්වතකුට කළ හැකි දායකත්වයට මෙය හොඳ උදාහරණයක්.
දශකයකට වැඩි කාලයක් නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ වැඩ 1938දී යළිත් ඇරඹුණා. එහෙත් 1939දී පටන් ගත් දෙවන ලෝක යුද්ධය නිසා බි‍්‍රතාන්‍ය රජයට මුදල් හා පිරිස් බල හිඟයක් ඇති වීමෙන් 1940දී ව්‍යාපෘතියේ වැඩ නැවතත් නතර වුණා.
තෙවන වරටත් ඉදිකිරීම් පටන් ගත්තේ 1948දී ලංකාවට නිදහස ලැබීමත් සමගයි. ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ ප‍්‍රථම අදියර 1950 දෙසැම්බරය වන විට නිම කරනු ලැබුවා. කඩින්කඩ සිදු වූ මේ ඉදිකිරීමට වසර 25ක් පමණ ගත වී තිබුණා.
ලක්ෂපාන ප‍්‍රථම අදියර යටතේ මෙගාවොට් 25ක විදුලි බලයක් ජනනය කොට 66V සම්පේ‍්‍රෂණ පද්ධතියක් හරහා කොලොන්නාවට හා ඊරියගමට යවනු ලැබුවා. එවකට මුළු රටේම විදුලි බලය ලබා ගත් නිවාස, කාර්යාල හා වෙනත් ගොඩනැගිලි තිබුණේ 17,000ක් පමණයි. 1927දී පිහිටුවන ලද රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව මේ පද්ධතිය භාරව ක‍්‍රියා කළා. (පසුව එය ලංකා විදුලිබල මණ්ඩලය බවට පත් වුණා.)
ලක්ෂපාන ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර විවෘත කිරීමට ඞී. ජේ. විමලසුරේන්ද්‍ර සහභාගී වූයේ ගෞරවනීය විශේෂ ආරාධිතයා ලෙසයි. එවිට 74 වියේ පසු වූ ඔහු උත්සවය අමතා මෙසේ කීවා: ‘‘මා කලකට පෙර යෝජනා කළ මේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමට මට සම්බන්ධ වන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත් මගේ රටේ සහෝදර ජනයා විසින් එය ඉදි කොට හමාර කරන තෙක් ජීවත් වීමට මට වාසනාව තිබුණා. මගේ මනසෙහි මීට අඩ සියවසකට පෙර මා දුටු සිහිනය මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙසේ සැබෑවනු දකින්නට ලැබීම ඉමහත් ප‍්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටු කළ මිනිසකු ලෙසයි.’’
ඒ අවස්ථාවේ කථා කළ අගමැති ඞී. එස්. සේනානායක කීවේ: ‘‘අපේ රටේ අද ලොකුම අවශ්‍යතාව අපේ ජනයාගේ ජීවන තත්ත්වය දියුණු කිරීමයි. ජලවිදුලි උත්පාදනයෙන් ලැබෙන තල්ලූවත් සමග මෙරට ආර්ථික සංවර්ධනයේ නව යුගයකට අපට පිවිසිය හැකියි.’’
1953 අගෝස්තු 10 වනදා විමලසුරේන්ද්‍ර මිය ගියා. එවිට ඔහුගේ වයස 78යි.

රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විමලසුරේන්ද්‍ර සමග එකට වැඩ කළ, නිදහස් ලංකාවේ මුල්ම කැබිනට් මණ්ඩලයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස සේවය කළ සී. සුන්දරලිංගම් (1895 – 1985) සිය සහෘදයාට මෙසේ ප‍්‍රණාමය පුද කළා: ‘‘අපේ ජලය විදුලිය බවට පත් කිරීමේ තාක්ෂණ විප්ලවයේ මූලිකයා වූයේ විමලසුරේන්ද්‍රයි. ඔහු සැබැවින්ම මිය ගියේ නැහැ. ඔහු තමයි අනාගත ලංකාවට ජීවමාන ආලෝකය වන්නේ.’’
විමලසුරේන්ද්‍රගේ මාහැඟි දායකත්වය විවිධ රජයන් විසින් පිළිගැනීමට ලක් කර තිබෙනවා. ලක්ෂපාන ව්‍යාපෘතියේ බලාගාරය හා නුවරඑළියේ නෝට්න්බි‍්‍රජ්හි 1960 දශකයේ ඉදි කෙරුණු ජල විදුලි බලාගාරයක් විමලසුරේන්ද්‍ර සිහිවීමට නම් කරනු ලැබුවා.
මස්කෙළි ඔය විදුලිබල ව්‍යාපෘතියේ දෙවන අදියර 1974 සැප්තැම්බර් 17 වනදා (විමලසුරේන්ද්‍ර ඡන්ම ශත සංවත්සරය දවසේ) එවකට වාරිමාර්ග, බලශක්ති හා මහාමාර්ග ඇමති මෛත‍්‍රිපාල සේනානායක විවෘත කළා. එසේම විමලසුරේන්ද්‍ර සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා.

විමලසුරේන්ද්‍රගේ දැක්ම හා සිහිනය ඔස්සේ ගිය ලාංකික සැලසුම්කරුවන් හා ඉංජිනේරුවන් දශක හයකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජල විදුලි උත්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදි කොට තිබෙනවා. ඒ සමග විදුලිය බෙදා හැරීමේ ජාලයද රටේ බොහෝ ප‍්‍රදේශවලට ව්‍යාප්ත කර, 2014 වන විට ජනගහනයෙන් 90%කට වඩා විදුලිබලය සම්පාදනය කළ හැකි වුණා.
2014 අග වන විට මෙරට ස්ථාපිත ජල විදුලිබල ජනන ධාරිතාවය විදුලිබල මණ්ඩලය යටතේ MW 1,383ක් සහ සුළු පරිමාණ ජලවිදුලි බලාගාරවලින් තවත් MW 218ක් ද වූවා. හොඳින් වැසි ලැබෙන වසරක අපේ සමස්ත විදුලිබල වාර්ෂික ඉල්ලූමෙන් අඩකට වඩා සපයන්නට ජලවිදුලි බලාගාර පද්ධතියට හැකියි. (1950දී ක‍්‍රියාත්මක වීම ඇරැඹුණු පැරණි ලක්ෂපාන පළමු අදියරේ බලාගාරය 2014 වන තුරුත් භාවිතයේ පැවතියා.)
මේ වන විට දිවයිනේ ජල විදුලි ජනන විභවය බොහෝ දුරට ප‍්‍රයෝජනයට ගෙන හමාර බැවින් අනාගත බලශක්ති අවශ්‍යතා සඳහා වෙනත් ප‍්‍රභවයන් වෙත යොමු වීමට සිදු වනවා. ජලවිදුලිය හැරුණු කොට ඉතිරි විදුලිබල අවශ්‍යතාවන් අද බොහෝ දුරට පිරිමසා ගන්නේ ගල්අඟුරු හා ඛනිජ තෙල් දහනය කරන තාප බලාගාරවලින්.
විමලසුරේන්ද්‍ර මීට සියවසකට පමණ පෙර මහත් ඕනෑකමින් කියා සිටි බලශක්ති ස්වාධීන්තවය හෙවත් ස්වාධිපත්‍ය ළඟා කර ගැනීමට නම් පුනර්ජනනීය (සුනිත්‍ය) බලශක්ති ප‍්‍රභව වඩාත් පුළුල්ව ප‍්‍රවර්ධනය කළ යුතුයි.
ජලවිදුලිය මෙරට මෙන්ම ලෝකයේ දැනට වඩාත්ම බහුලව යොදා ගැනෙන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයයි. නමුත් එයට යා හැකි සීමා තිබෙනවා. මේ නිසා පුනර්ජනනය වන බලශක්ති ප‍්‍රභව කිහිපයක් දියුණු කොට ඒවායේ සම්මිශ‍්‍රණයෙන් අපට අවශ්‍ය විදුලිබලය උපදවා ගැනීම වඩාත් සුදුසුයි. මේ සඳහා සූර්ය බලය, සුළං බලය, ජීව වායුව මෙන්ම කඩිනමින් වැවෙන ගස් කපා අතු රිකිලි පිලිස්සීම හරහා විදුලිය උපදවන දැව ඉන්ධන ක‍්‍රමය හෙවත් Dendro Power ද තිබෙනවා.
20 වන සියවසේ ජල විදුලිය දියුණු කිරීමට විමලසුරේන්ද්‍ර පාදා දුන් මගෙහි ගිය ලෙසින් 21 වන සියවසේ අප ඔහුගේ දිගු කල් දැක්ම වූ බලශක්ති ස්වාධිපත්‍යය ඉලක්කයක් ලෙස හඹා යා යුතුයි. අපේ දිවයින අවට මුහුදෙන් ඛනිජ තෙල් හමුවේ ද යන්න තවමත් නිශ්චිත නැති නිසාත්, ඛනිජ තෙල් ගෝලීය උණුසුම් වීමට දායක වන නිසාත්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි විශ්වාසය තැබීම හැම අතින්ම සුදුසුයි.
[විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන]

ඔබේ කර්තව්‍යය මෙවැනි චරතයක වටිනාකම සරළ සිංහලෙන් හඳුන්වා දීමට ගත් වෑයම වෙනුවෙන් ස්තුතියි. පුදුමය හා ඛේද වාචකයක් වෙලා තියෙන්නෙ අද පවා විමලසුරේන්ද්‍ර වැන්නන්ගෙ මෙහෙවර ජාතියට හඳුන්වා දීමට, විශේෂයෙන් දරුවන්ට හඳුන්වා දීමේ ඇති වටිනාකම ගැන අවධානය අඩු කමයි. නැවතත් ස්තුතියි නාලකයෙනි