In this week’s Ravaya column (in Sinhala, published in issue of 26 April 2015), I question the wisdom of a new project by the Lankan government’s Information and Communication Technology Agency (ICTA) on “ICT for Citizen’s Journalism”.
ICTA’s CEO was recently quoted in the media as saying: “For this programme, what we are planning to show people is that every person can become a journalist and contribute towards media organisations. First, taking photographs and videos and sending it to a reporter which will enable him/her to have more information in order to analyse an incident further and report on it…”
If he has been quoted correction (no denial so far), the apex ICT institution of the Lankan government shows a shocking ignorance in its limited understanding of citizen journalism: must they be limited to gatherers of raw material for mainstream media? What about bearing witness, self-publication and countervailing functions of citizen media?
In today’s column, I call it particularly shocking as ICTA now comes under the purview of Ministry of Foreign Affairs — whose deputy minister, Ajith P Perera, was an active blogger for some years and became the first blogger to be elected to Lankan Parliament in 2010. If only this technical agency were to ask its own minister for some clarity before formulating such misguided national programmes…
I place ICTA’s imminent blunder in the wider context of other governmental agencies making a mockery of ICTs and public communication – for example, the state broadcaster SLBC running so-called community radio.
Yaha-paalanaya (good governance) is not just ensuring a clean and efficient government but also having clarity of purpose and making well reasoned and evidence based interventions to societal needs. ICTA fails once again on this count.

1990 දශකය මුලදී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූම් කම්හල් 200 ව්‍යාපෘතිය යටතේ කම්හලක් පිහිට වූ හැම තැනෙකම ආසන්න මංසන්ධියක අදාල සමාගමේ වියදමින් ඔරලෝසු කණුවක් ඉදි කිරීමට නියෝග කළා. 20 වන සියවස මුලදී අත් ඔරලෝසු හෝ (වේලාව බලා ගත හැකි) ජංගම දුරකථන නොතිබි නිසා මහජනයාට එබඳු පහසුකමක් ප‍්‍රයෝජනවත් වූවත් 20 වන සියවස අවසන් දශකය එළඹෙන විට මේ යථාර්ථය මුළුමනින්ම වෙනස් වී තිබුණා.
එහෙත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට තිබූ දැඩි බිය නිසාදෝ ඔරලෝසු කණු පිහිටුවීම යල් පැන ගිය බොරු වැඩක් බව කියන්නට නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පැකිලෙන්නට ඇති. ටික දිනෙකින්ම අකර්මන්‍ය වූ ඔරලෝසු කණු ජනතාව අතර උපහාසයට ලක් වූවා.
රජයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ඒජන්සියක් දැක්මකින් තොරව සංදර්ශනාත්මක වැඩකට අත තබන්නට යන විට එය කල් තබා විවේචනය කර ඇස් ඇරවා ගැනීමට පුරවැසියන් ලෙස අප තැත් කළ යුතුයි.
යහපාලනය යනු හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ජනතාවට වග කියමින්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රාජ්‍ය පාලනය කිරීම පමණක් නොවෙයි. නිසි දැක්මක්, අවබෝධයක් හා කාර්යක්ෂමතාවකින් යුතුව ‘ස්මාට්’ ලෙස රාජ්‍ය තන්ත‍්‍රය කර ගෙන යාමත් යහපාලනයෙ තවත් මූලික අංගයක්.
අපේ රටේ ඕනෑ දෙයටත් හැම තැනෙකම හැම කාරියකටම රාජ්‍ය තන්ත‍්‍රය මැදිහත් වීම කලක් තිස්සේ පැවතෙන ජාතික ඇබ්බැහියක්. රාජ්‍ය-කේන්ද්‍රීය (state-centred) මානසිකත්වයක් දශක ගණනක් තිස්සේ ස්ථාපිත වීම නිසා උගතුන් ද ඇතුලූ අපේ බොහෝ දෙනකු මෙහි වරදක් දකින්නේ නැහැ.
හැම දෙයක්ම රජය විසින් සම්පාදනය කර දෙන තුරු බලා සිටින අපේ ඇත්තන්ම අනෙක් පසෙකට හැරී ජන ජීවිතයේ හැම පැතිකඩක්ම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වීම ගැන මැසිවිලි ද නගනවා!
විවෘත වෙළඳපොළ හා ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර දෙකේම මේ විසමතාව තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ව්‍යවසායකයන් ද දිරි ගන්වමින් වෙළඳපොළ නිසි නියාමනය කිරීම රජයක මූලික හා ප්‍රධානතම වගකීමයි. එසේම ප‍්‍රතිපත්ති හා රෙගුලාසි මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් කරමින් ඵලදායීව හා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කිරීම ද අප රජයෙන් බලාපොරොත්තු වනවා.
රජයන්ට පමණක් කළ හැකි මේ වගකීම් හරිහැටි ඉටු කරනවා වෙනුවට හැම වැඩේම බදා ගෙන කිරීමට යාම අපේ රටේ ආණ්ඩුවල කලක සිට ඇති දුසිරිතක්. උදාහරණ ලෙස ගොවිතැන් කරන්නට, වෙළදාම් කරන්නට, මාධ්‍ය ප්රකාශනයේ යෙදෙන්නට ශ‍්‍රී ලංකාවේ රජයන් හැම එකක්ම පාහේ කලක සිටම බොහෝ සෙයින් නැඹුරු වී සිටිනවා.
තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රය ගනිමු. සමාජවාදී යයි කියූ සංවෘත ආර්ථිකය 1977දී විවෘත කොට වසර 38ක් ගත වීත්, රාජ්‍ය ඒකාධිකාරත්වය තිබූ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය 1992දී විවෘත කොට වසර 23ක් ගත වීත් අපේ ආණ්ඩු තවමත් පත්තර සමාගමක් (ලේක්හවුස්) පාඩු පිට පවත්වා ගෙන යනවා. රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන ද මහජන මුදලින් විශාල වියදම් දරා නඩත්තු කරනවා. ඒ මදිවාට රජය බහුතර හිමිකාරීත්වය (51%) දරණ ටෙලිකොම් සමාගමක් ද තිබෙනවා.
මේ අස්සේ ලොවම හිනස්සන ප්‍රෝඩාකාරී විහිළු ද කරනවා. 100%ක් රජයට අයත්, රාජ්‍ය නිලධාරීන් මුළුමනින් පාලනය කරන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 1980 පටන් ප‍්‍රජා රේඩියෝ (community radio) යයි කියා ගන්නා ග‍්‍රාමීය විකාශයන් පවත්වා ගෙන යනවා.
ප‍්‍රජා රේඩියෝවට ලොව පිළිගත් නිර්වචනයට අනුව එය ප‍්‍රජාවට අයිති වූ, ප‍්‍රජාව නඩත්තු කරන හා ප‍්‍රජාවම අන්තර්ගතය තීරණය කරන ජනතා මාධ්‍යයක්. මේ ගුණාංග කිසිත් නැති කොත්මලේ හා ඌව වැනි “ප්‍රජා” යයි කියා ගන්නා රේඩියෝ මෙරට තිබෙනවා. සැබෑ තත්ත්වය නොදත් හෝ නිරවුල් අවබෝධයක් නැති හෝ මාධ්‍ය ශිෂ්‍යයන් මෙන්ම සමහර විදේශිකයන් ද මේ රැවටීමට ලක් වනවා.
7 June 2007: Lions and community radio: part of Sri Lanka’s mythical lore
22 Oct 2003: Radio suffers as Colombo bosses call the shots. By Nalaka Gunawardene. Panos Features, London.
මුළුමනින්ම වාණිජ අරමුණු ඇති වෙළඳ සමගම්වලට FM රේඩියෝ විකාශනයන් අරඹන්නට බලපත‍්‍ර රැසක් නිකුත් කර ඇතත් එදා මෙදා තුර කිසිදු සිවිල් සමාජ සංවිධානයකට, පර්යේෂණායතනයකට හෝ පුරවැසියන් පිරිසකට සැබෑ ප්රජා රේඩියෝ අරඹන්නට එබඳු බලපත‍්‍රයක් ලබා දී නැහැ. මේ ඇයි?
මේ ගැන මීට වසර ගණනාවකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියාතික මාධ්‍ය වැඩමුළුවකදී එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාර් අබේසිංහගෙන් විමසනු ලැබුවා. එවිට ඔහු කීවේ සැබෑ ප්රජා රේඩියෝ සඳහා මෙරට අවසර දීමට තරම් (එවකට රජයට) සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් ගැන විශ්වාසයක් නොතිබූ බවයි.
මෙයට අභියෝග කෙරුණු විට ඔහු උදාහරණයකට ගත්තේ දැන් සියවසක් පැරණි සමූපකාර ව්‍යාපාරයයි. උතුම් අරමුණු පෙරදැරි කර ගත් සමූපකාර සංකල්පය අයාලේ ගොස් විනාශ වූයේ දේශපාලනය එයට පිවිසීම නිසා බවත්, ප‍්‍රජා සංවිධානවලට රේඩියෝ බලපත් දුන් විට දේශපාලන පක්ෂ එය ප‍්‍රචාරණ මෙවලමක් බවට පත් කර ගැනීමේ අවදානමක් ඇති බවත් ඔහු තර්ක කළා.
විද්‍යුත් මාධ්‍ය දේශපාලනීකරණය වී ඇති බව ඇත්තයි. රාජ්‍ය මාධ්‍ය පවතින රජයට අසීමිත ලෙස ප‍්‍රචාරක හොරණෑ බවට පත් වන අතර පෞද්ගලික මාධ්‍ය ද ඒවායේ හිමිකරුවන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්ට විවෘතවම පෙනී සිටිනවා. මෙය මෑත වසරවල ඉතා හොඳින් අප අත්දුටු යථාර්ථයක්.
කුමාර් අබේසිංහ ප්රජා සංවිධාන විද්යුත් මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීම වැළැක්වීම යුක්ති යුක්ත කිරීමට මතු කළ අවදානම පෞද්ගලික රේඩියෝ නාලිකා හරහා දැනටමත් හොඳටම සිදු වී තිබෙනවා.
මෙනයින් බලන කොට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රවල නිසි දැක්මක් හා නිශ්චිත ප‍්‍රතිපත්ති නැති කමින් අපේ රට දශක ගණනක් තිස්සේ වැරදි මාර්ගවල යනවා. රෑ වැටුණු වළේ දවාලෙත් යළි යළිත් වැටෙනවා. එසේ වූවාට පසුතැවීමක් හෝ වැරදි හදා ගැනීමක් ද එතරම් පෙනෙන්නට නැහැ.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඒජන්සිය හෙවත් ICTA නම් රජයේ ආයතනය ගැන මීට පෙර 2015 මාර්තු 15දා කොලමින් ද අපි කතා කළා. 2003 පටන් මහජන මුදලින් හා විදේශාධාරවලින් නඩත්තු කරන මේ ආයතනයේ ඵලදායීතාව ගැන බරපතල ප‍්‍රශ්න තිබෙනවා.
15 March 2015: සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්
2015 අපේ‍්‍රල් 12 වනදා සන්ඬේ ටයිම්ස් පුවත්පත ICTAහි අලූත් ප‍්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේ සමග සාකච්ඡාවකින් ලියූ වාර්තාවක් පළ කළා. එහි වැඩි කොටසක් වෙන්කර තිබුණේ මෑතදී ඇරැඹූ, ප‍්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රැහැන් රහිත ඉන්ටර්නෙට් සේවා (free public WiFi) ලබා දීම ගැන කතා කරන්නයි.
මෛත‍්‍රීපාල සිරිසේන මැතිවරණ ප‍්‍රකාශනයෙහි මෙසේ නොමිලයේ WiFi ලබා දීමට පැහැදිලිව ප‍්‍රතිඥා දී තිබුණා. ටෙලිකොම් සමාගම් හරහා මේ පොරොන්දුව ඉටු කිරීම ICTA ආයතනය මගින් සම්බන්ධීකරණය කිරීමේ කිසිදු වරදක් නැහැ.
එහෙත් මෙබඳු සන්දර්ශනාත්මක මට්ටමේ වැඩවලින් ඔබ්බට දිවෙන ප‍්‍රතිපත්තිමය හා දිගුකාලීන පියවර ගැනීමට ICTA ප්‍රමුඛත්වය දිය යුතුයි. ගෙවී ගිය දශකයේ ICTA නොකළේ ද එයයි.
The Sunday Times, 12 April 2015: ICTA steps into its next project, ‘ICT for Citizen Journalism’

සන්ඬේ ටයිම්ස් වාර්තාවේ අවසානයේ කනගේ කියන්නේ ICTA ආයතනයේ ඊළඟ ව්‍යාපෘතිය ‘තොරතුරු තාක්ෂණය හරහා පුරවැසි මාධ්‍යවේදය’ බවයි. මෑතකදී එයට පාලක මණ්ඩල අනුමැතිය ලද බවත් ඔහු කියනවා.
සන්ඬේ ටයිම්ස් වාර්තාකරු නිවැරදිව ඔහුට උපුටා දක්වා ඇතැයි උපකල්පනය කරමු. එවිට මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ නව සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා පුරවැසියන් හසු කර ගන්නා ඡායාරූප හෝ වීඩියෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට යැවීම ගැන ජනතාව දැනුවත් කොට එයට අවශ්‍ය හැකියාව ලබා දීමලු. මේ හරහා පුරවැසියන් 100,000ක් සම්බන්ධ කර ගන්නට ICTA අදහස් කරනවාලූ.
පුරවැසි මාධ්‍යකරණය ගැන අප මේ කොලමින් විස්තරාත්මකව විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. ඒ සැම විටම අප අවධාරණය කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් නිසා අද ඕනැම කෙනකුට තමාගේම තොරතුරු, රූප, වීඩියෝ හා අදහස් එසැනින් සමාජමාධ්‍යගත කළ හැකි බවයි.
බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් නිතිපතා කරන්නේ මෙයයි. මෙය අලූත් දෙයක් නොවෙයි. සමාජ මාධ්‍ය හා බ්ලොග් භාවිතයේ දශකයකට වැඩි අත්දැකීම් මෙරට දැන් තිබෙනවා.
පුරවැසි මාධ්‍යවලට වඩා බෙහෙවින් ගතානුගතික, පසුගාමී හා වැඩවසම් මානසිකත්වයකින් යුතු මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද මෑතක පටන් තමන්ගේ පුවත් සම්පාදනයට පුරවැසි දායකත්වය ලබා ගන්නට තැත් කරනවා. News 1st කරන U-Report (http://ureport.lk/) උදාහරණයක්. මේ ස්වේච්ඡා පුරවැසි මාධ්‍ය ජාලයට දැන් 18,000කට වැඩි සංඛ්‍යාවක් බැඳී සිටිනවා.
එහෙත් පුරවැසි මාධ්‍යකරණය (citizen journalism) යනු ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට (සලකා බලා කැමති පරිදි භාවිතයට) බිම් මට්ටමෙන් අමුද්‍රව්‍ය සැපයීම නොව එම අධිපති මාධ්‍යවලට සමාන්තරව තමන්ගේම විකල්ප මාධ්‍ය පවත්වා ගැනීමයි. අධිපති මාධ්‍යවල දොරටු පාලකයා හරහා යන්නට සිදු වූ විට ස්වයං ප‍්‍රකාශක අයිතිය පුරවැසියන්ට අහිමිවනවා පමණක් නෙවෙයි. එම ආයතනවල රුචි අරුචිකම්වලට අනුගත වීමට ද සිදු වනවා.
හැම පුරවැසියකුටම තමන් කැමති අධිපති මාධ්‍ය ජාලයකට තොරතුරු හා රූප සැපයීමට අයිතියක් තිබෙනවා. එහෙත් රජයේ ආයතන තොරතුරු සමාජයේ ඉදිරි ගමන ප‍්‍රවර්ධනය කළ යුත්තේ ස්වයං ප්රකාශනය හා විකල්ප මාධ්‍ය බිහි වීමට අනුබල දීම හරහායි. එසේ නැතිව අධිපති මාධ්යවලට මුක්කු ගැසීමෙන් නොවෙයි.
මේ තරම් මූලික මට්ටමේ නිරවුල් බවක් හා දැක්මක්වත් ICTA ප‍්‍රධානීන්ට නැති හැඩයි.

මෙහි තවත් ඛේදජනක පැතිකඩක් තිබෙනවා. නව රජය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමත්, ICTA ආයතනයත් අනුයුක්ත කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙරට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මුල්ම බ්ලොග් ලේඛකයායි.
2010 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් කලූතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු බවට පත් වන තුරු ඔහු වසර කිහිපයක් ‘බණ්ඩාරගම’ නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගියා. එය ඉනික්බිති නතර වූවත් දැනටත් ඔහුට ක්ෂුද්‍ර බ්ලොග් වේදිකාවක් වන ට්විටර්හි ගිණුමක් තිබෙනවා. @ajithpperera_p
ICTA ආයතනය අයාලේ යන්නේ පුරවැසි මාධ්‍යකරණ අත්දැකීම් සතු මෙබඳු දේශපාලනඥයකුගේ අධීක්ෂණය යටතේයි!
ICTA වසර 12ක පමණ කාලයක් රජයන් කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක වුවත් තොරතුරු සමාජය ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය හා දිගු කාලීන වශයෙන් ගත හැකි පියවර ගැන නිසි දැක්මක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මුල පටන් එහි ක‍්‍රියාකාරීත්වය ගැන විචාරශීලීව බලා සිටින මට එය සාක්ෂි සහිතව කිව හැකියි.

2003-4 වකවානුවේ ඊ-ජර්නලිස්ට්ලා යයි පිරිසක් බිහි කරන්නට මෙම ආයතනය තැත් කළ සැටි මට මතකයි. ඒ ගැන විජය පරිගණක සඟරාවේ 2004 ජනවාරි කලාපයේ කතුවැකියක් ලියමින් එහි ආරම්භක සංස්කාරක මා මිත‍්‍ර චානුක වත්තේගම කීවේ මෙයයි.
‘‘අනෙක් අතට ICTA ඒජන්සියට ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප‍්‍රචලිත කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් එයට මාධ්‍ය සම්මානදීම හෝ ඊ-ජර්නලිස්ට්ලා යයි කියමින් රජයේ මාධ්‍ය ආයතනවල තාක්ෂණ නිලධරයන් පිරිසකට පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි සෝබන වැඩ කරනවාට අමතරව තමන් කළ යුතු කාර්යයන් රාශියක් තිබේ. එහෙත් මේ කිසිදු කටයුත්තකට වඩා ඉක්මනින් කළ යුතු එකක් ලෙස ඒජන්සියේ අවධානය යොමු වී ඇත්තේ විශාල ප‍්‍රචාරයක් සේම තමනට හිතවත් මාධ්‍යවේදීන් ද උපයා ගත හැකි මාධ්‍ය සම්මාන වැඩපිළිවෙළ දෙසටවත්ද?’’
යහපාලන රජය යටතේ ICTA පාලක මණ්ඩලයට මෑතදී පත්ව සිටින චානුක වත්තේගම මැදිහත් වී හෝ ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන මේ රජයේ ආයතනය බේරා ගනු ඇතැයි අපි උදක්ම පතමු.
///Lankan government shows a shocking ignorance in its limited understanding of citizen journalism:// This was on display every time they spoke about it!. I’m afraid they think only of the joke of community radio and //taking photographs and videos and sending it to a reporter// as citizen journalism. LOL.
//අපේ රටේ ඕනෑ දෙයටත් හැම තැනෙකම හැම කාරියකටම රාජ්‍ය තන්ත‍්‍රය මැදිහත් වීම කලක් තිස්සේ පැවතෙන ජාතික ඇබ්බැහියක්. රාජ්‍ය-කේන්ද්‍රීය (state-centred) මානසිකත්වයක් දශක ගණනක් තිස්සේ ස්ථාපිත වීම නිසා උගතුන් ද ඇතුලූ අපේ බොහෝ දෙනකු මෙහි වරදක් දකින්නේ නැහැ.// මේ මානසිකත්වයෙන් මුදවා ගැනීම මූලික අවශ්‍යතාවක්. ඒ වුනත් ඒකට හැම දේශපාලන පක්ෂයක්ම ඊට හරස්කපනවා වගේ නැද්ද
රාජ්‍ය ආධාර ලබන ඕනෑම ආයතනයක් ක්‍ර්‍රියාත්ම වෙන්නේ රාජ්‍ය බලය පවත්වා ගැනීමේ අරමුණු සඳහා පමණයි. එයිනට පිට දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි.
මේ ආයතනය නඩත්තුවට විදේශාධාර ලැබෙන වස ඔබ කියා ඇති මුත්, ඒවා රජයට ලැබෙන ආධාර වක්‍රව ලැබීමක් විය යුතුයි.
දැන් ඔය ෆ්‍රී-වයිෆයි කතාවේත් මාසික වටිනාකම රුපියල් තිහයි ලු නේද? කන්නදක් විළිලා කෙන්දක් වැදීමක් වගෙයි! අනික තිහක ඩේටා දෙන්න තව තිහක් යනවා ඇති ප්‍රචාරක වියදම!
ICTA යනු රජයේ ආයතනයක්. එය නිල වශයෙන් ලෝක බැන්කුවෙන් විශාල ලෙස මුදල් ලබා ගෙන ඇත්තේ මෙරට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන දියුණු කරන්න යයි කියා. http://www.worldbank.org/projects/P081771/e-lanka-development?lang=en
ඒත් නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්…
I would like to be the first Sri Lankan blogger to be appointed to the Parliament?
What is the shortest cut to the national list, please?
නාලක,
ඔය කියන ‘බණ්ඩාරගම’ බ්ලොග් එක ලිව්වෙ පහුගිය කාලයේ රාජපක්‍ෂ ආන්ඩුවට කඩෙ ගිය කෙනෙක්. මුහු අජිත් පෙරේරාගෙ මිතුරෙක්. ඔහු ඔබත් මමත් දන්න කෙනෙක්. එනිසා ඇත්තටම ගත්තම අජිත් පෙරේරා ලිව්ව බ්ලොග් එකක් නැ. :)