On 16 February 2015, India and Sri Lanka signed a bilateral agreement to cooperate in peaceful uses of nuclear technology. Under this, India will help the island nation build its nuclear energy infrastructure, upgrade existing nuclear technologies and train specialised staff. The two countries will also collaborate in producing and using radioactive isotopes.
On the same day, Reuters news agency reported: “India could also sell light small-scale nuclear reactors to Sri Lanka which wants to establish 600 megawatts of nuclear capacity by 2030”. Sri Lanka has no nuclear reactors, even though the option has been under discussion for some years.
The full text of the Indo-Lanka nuclear agreement has not been made public. Sri Lanka’s minister of power and energy clarified that it does not allow India to unload any radioactive wastes in Sri Lanka. He also assured that all joint activities will comply with standards and guidelines set by the IAEA.
In this week’s Ravaya column (in Sinhala, published in issue of 29 March 2015), I look at nuclear power generation and nuclear technologies used in medicine, agriculture, industry and construction, etc. I advocate moving away from shrilly rhetoric and call for an informed discussion and debate on nuclear related issues.
I covered similar ground in English here:
SciDev.Net, 28 Feb 2015: Critical nuclear issues in South Asia
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඉන්දියානු නිල සංචාරය අතරතුර 2015 පෙබරවාරි 16 වනදා ඉන්දු-ලංකා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙය එම සංචාරයේ වැදගත් ප‍්‍රතිඵලයක් ලෙස දෙරටේම මාධ්‍ය හඳුන්වා දුන් අතර ඒ ගැන විවිධ ප‍්‍රතිිචාර හා විග‍්‍රහයන් පළ වුණා.
මේ සහයෝගීතා ගිවිසුම හරහා මෙරට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට ඇති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, විශේෂඥ පුහුණුවක් අපේ අදාළ ශිල්පීන් හා වෘත්තිකයන්ට ලබාදීමටත් ඉන්දියාවේ උපකාර ලැබෙනවා. එසේම විකිරණශීලී සමස්ථානික (radioactive isotopes) නම් වන න්‍යෂ්ටික ද්‍රව්‍ය නිපදවීමටත්, භාවිත කිරීමටත් දෙරට හවුලේ ක‍්‍රියා කරනු ඇති.
සාක් කලාපයේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රවලින් ඉදිරියෙන්ම සිටින ඉන්දියාව සමග මෙසේ සහයෝගීතාවට එළඹීම අපට ප‍්‍රයෝජනවත් පියවරක්.
මේ ගිවිසුම හරහා ඉන්දියාවේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කිසිසේත්ම මෙරට බැහැර කිරීමට ඉඩ නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළා.
න්‍යෂ්ටික මාතෘකාව ගැන ඕනෑම කතාබහකදී සැකය, බිය හා ත‍්‍රාසය එයට එක් කිරීම සමහරුන්ගේ සිරිතයි. මේ නිසා අනුමාන හෝ කුමන්ත‍්‍රණවාදී කතා වෙනුවට කරුණු හා තර්ක මත පදනම් වී න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත‍්‍රය අවබෝධ කර ගැනීම වැදගත්.
පරමාණු බෝම්බ, න්‍යෂ්ටික බලශක්තිය හා බහුවිධ ප‍්‍රයෝජන ලබා දෙන න්‍යෂ්ටික තාක්ෂණය යනු එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රයන් තුනක්. පරමාණුවේ න්‍යෂ්ටික අන්තර්ගතය පිළිබඳ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවත් මේවායේ භාවිතයන් හා අරමුණු අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා.
පරමාණු බෝම්බ මිනිසා විසින් නිපදවා ඇති බිහිසුණුම අවියක්. දෙවන ලෝක යුද්ධ සමයේ මුල් වරට තනනු ලදුව 1945 අගෝස්තුවේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ දෙකක් හෙළනු ලැබුවා. එයට වඩා අතිශයින් බලවත් පරමාණු බෝම්බ සතු රටවල් ගණනාවක් තිබෙනවා.

දකුණු ආසියාවේ ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටද මේ ගණයට ඇතුළත්. න්‍යෂ්ටික අවි ප‍්‍රචලිත වීම සීමා කරන ජාත්‍යන්තර සම්මුතිවලටද බැඳී නොමැති මේ දෙරට අතර දශක ගණනාවක් ඇදී යන භයානක න්‍යෂ්ටික අවි තරගයක් තිබෙනවා.
මේ දෙරටේම න්‍යෂ්ටික අවි ද නිපදවා ඇතත් ඒවා කීයක් තිබේද, පිපිරීම් ධාරිතාව කොපමණ ද යන්න හෙළිදරව් වී නැහැ. සාර්ක් කලාපයේ න්‍යෂ්ටික අවි සන්නද්ධ දෙරටම තම මිලිටරි හා අනෙකුත් න්‍යෂ්ටික භාවිතයන් ගැන එතරම් විවෘතභාවයක් දක්වන්නේද නැහැ.
න්‍යෂ්ටික බලශක්තිය යනු පරමාණුවේ ඇතුළත කැටි වූ ප‍්‍රබල ශක්තිය සීරුවෙන් මුදචා හැර එයින් විදුලිබලය නිපදවීමයි. මෙය වාණිජ මට්ටමින් කිරීම ඇරඹුණේ 1950 දශකයේදී.
න්‍යෂ්ටික තාක්ෂණය ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නෙවෙයි. මේ විෂයට අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂඥ ආයතනය වන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency, IAEA) ආරම්භ වූ 1957 වසරේ පටන්ම ශ‍්‍රී ලංකා රජය එහි රාජ්‍ය මටට්මේ සාමාජිකයකු වූවා. එම ආයතනයෙන් මෙරටට ආ විශේෂඥයන්ගේ උපදෙස් මත 1962දී කොළඹ සරසවියේ විකිරණශීලී සමස්ථානික කේන්ද්‍රයක් පිහිටවනු ලැබුවා.
න්‍යෂ්ටික තාක්ෂණය ජන ජීවිතයට හා ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහාම කැපවුණු ශ‍්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කළේ 1969දී. එහි මුල්ම සභාපතිවරයා වූයේ කොළඹ සරසවියේ ද උපකුලපති වූ කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනයි.
පරමාණු බලශක්ති අධිකාරිය (2014 පටන් පරමාණුක බලශක්ති මණ්ඩලය) ක‍්‍රමානුකූලව මෙරට න්‍යෂ්ටික තාක්ෂණ භාවිතයන් ප‍්‍රවර්ධනය කළා. වඩාත් ප‍්‍රකට භාවිතයන් ඇත්තේ වෛද්‍ය විද්‍යාවේයි. එක්ස්-රේ (එක්ස් කිරණ) හරහා ශරීරය තුළ අවයව පිළිබඳ අධ්‍යයනය රෝග නිශ්චයේදී බහුලව කරන්නක්.
මෙයින් ඔබ්බට යන වඩාත් සංකීර්ණ පරිලෝකනය කිරීම් (ස්කෑනිං) සඳහා යොදා ගන්නා යන්ත‍්‍රවලද විකිරණශීලී සමස්ථානික භාවිත කෙරෙනවා. මේවා ආරක්ෂිතව භාවිතය ගැන මෙරට රෙගුලාසි පැනවූයේ 1975දී.
කොළඹ ජාතික රෝහලේ න්‍යෂ්ටික වෛද්‍ය කටයුතු 1983දී ඇරඹුණා. අද වන විට රාජ්‍ය හා පෞද්ගලික රෝහල් ගණනාවක න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා තාක්ෂණය පුළුල්ව යොදා ගැනෙනවා.
එතරම් ප‍්‍රකට නොවුවත් තවත් ක්ෂේත‍්‍ර ගණනාවක න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනෙනවා. ගොඩනැගිලි හා මහ පරිමාණ ඉදි කිරීම් කර්මාන්ත, කෘෂිකර්ම පර්යේෂණ (විශේෂයෙන් සත්ත්ව පාලනයට අදාළව) ආදී ක්ෂේත‍්‍රයන්හි සියුම් විමර්ශන හා වෙනත් අවශ්‍යතා සඳහා විශේෂඥ මට්ටමේ න්‍යෂ්ටික භාවිතයන් රැසක් තිබෙනවා.
ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සත් කළ රජයන් දෙකම එය ප‍්‍රසිද්ධියට පත් කොට නැහැ. එහෙත් එහි අන්තර්ගතය ගැන සාරාංශයක් න්‍යෂ්ටික බලශක්ති මණ්ඩලය වෙබ් අඩවියේ පළ වී තිබෙනවා. http://goo.gl/uYUN8o
පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලය (Sri Lanka Atomic Energy Regulatory Council) මෑතදී පිහිට වූ රාජ්‍ය ආයතනයක්. එහි අධ්‍යක්ෂ අනිල් රංජිත් ‘සන්ඬේ ටයිම්ස්’ පත‍්‍රයට කීවේ ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම න්‍යෂ්ටික බලාගාර ගැන කොතැනකවත් ආවරණය නොකරන බවයි. ‘මේ ගිවිසුම හරහා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීමට අප ඉන්දියානු උපකාර ලබනවා. වෛද්‍ය හා කාර්මික ක්ෂේත‍්‍ර මෙයින් ප‍්‍රයෝජන ලබනු ඇති’ ඔහු කියනවා.
ගිවිසුම අධ්‍යයනය කළ අය කියන්නේ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ දැනට ඇති බලපවත්නා ජාත්‍යන්තර සම්මුති දෙරටම අත්සන් කර ඇති බව ගිවිසුමේ පූර්විකාවේම සිහිපත් කරන බවයි.
එහෙත් මේ ගිවිසුම කිසි තැනක ඉන්දියානු න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් සිදු වුවහොත් එයින් එරරට මතු වන වගකීම හා එයට වන්දි ගෙවීම ආවරණය කර නැහැ.
මෙය අතපසුවීමක් නොව හිතාමතාම මඟ හැරීමක් බව සිතිය හැකියි. මේ ගිවිසුම මාස ගණනාවක් තිස්සේ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡා කොට එකඟ වූවක්.

ඉන්දියාව තම විදුලිබල ජනනය සඳහා න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම ඇරඹුවේ 1960 දශකයේයි. බටහිර රටවල් න්‍යෂ්ටික බලාගාර සඳහා මුල් යුගයේ ඉන්දියාවට තාක්ෂණික ආධාර දුන්නේ මිලිටරි අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට යොමු නොවනු ඇතැයි යන අවබෝධය ඇතිවයි. එහෙත් 1974දී ඉන්දියාව ‘සාමකාමී න්‍යෂ්ටික බෝම්බයක්’ අත්හදා බැලූ අතර බොහෝ කොට රහසිගත වූ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළක් කලක සිට එරට ක‍්‍රියාත්මක වනවා.
එරට අති විශාල විදුලිබල ඉල්ලූම සපයා ගැනීමට වැඩි වැඩියෙන් විදුලි බලාගාර තැනීමේ අභියෝගයක් තිබෙනවා. ජල විදුලිය, ගල් අඟුරු හා ඞීසල් බලාගාර මෙන්ම න්‍යෂ්ටික බලාගාර ද තැනීම එරට බලශක්ති සැලසුමේ කොටසක්. (එසේම 2022 වනවිට සූර්ය බලයෙන් මෙගාවොට් 100,000ක් විදුලිය ජනනය කිරීමට එරට සැලසුම් කරනවා.)
2014 අග වනවිට න්‍යෂ්ටික විදුලි බලාගාර සංකීර්ණ 7ක් ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවල ක‍්‍රියාත්මක වුණා. ඒවායේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක 21ක් මගින් මෙගාවොට් 5,780ක ජනන ධාරිතාවක් එරට විදුලිබල පද්ධතියට එක් කළා. එය එරට සමස්ත විදුලි ජනනයෙන් 3.5%ක් පමණ වූවා.
2020 වසර වනවිට න්‍යෂ්ටික බලාගාර ධාරිතාවය මෙගාවොට් 20,000 දක්වා වැඩි කිරීමට ඉන්දියාව සැලසුම් කරනවා. මේ සඳහා තවත් බලාගාර 4ක් ගොඩනගමින් තිබෙන අතර කිහිපයක් සැලසුම් අදියරේ පවතිනවා.
2011 මාර්තුවේ ජපානයේ ෆුකුෂිමා නුවර ඇති වූ න්‍යෂ්ටික බලාගාර අනතුරට පසු ඉන්දියාව පුරා න්‍යෂ්ටික බලයට එරෙහිව මහජන විරෝධතා උත්සන්න වුණා. විශේෂයෙන්ම මහාරාශ්ට‍්‍රයේ හා තමිල්නාඩුවේ ජන විරෝධතා ප‍්‍රබලයි.

රුසියානු තාක්ෂණය යොදා ගෙන තමිල්නාඩුවේ පිහිටුවා ඇති කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය මෙසේ විරෝධතා මැද දිගටම කරගෙන යන ව්‍යාපෘතියක්. එහි මුල් අදියර 2013දී විදුලි ජනනය ඇරඹුවා.
ඉන්දියානු න්‍යෂ්ටික නියාමන අධිකාරිය කියන්නේ අනතුරු වළක්වා ගැනීමට ගත හැකි සියලූ ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි. එහෙත් ජනාකීර්ණ පෙදෙසක පිහිටි කූන්ඩන්කුලම් බලාගාරය නොසිතූ පරිද්දෙන් අනතුරකට පත් වුවහොත් කඩිමුඩියේ ජනයා ඉවත් කිරීමට කොහෙත්ම හැකියාවක් නැති බව න්‍යෂ්ටික විරෝධී ජන සංවිධාන කියනවා.
ඔවුන් සමහරෙක් මේ බලාගාර සංකීර්ණයට එරෙහිව එරට ශ්‍රෙෂ්ඨාධිකරණයේ 2011දී පෙත්සමක් ගොනු කළා. එහෙත් 2013දී ඉන්දියානු ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේ බලාගාරය පොදු උන්නතියට දායක වන බව හා අනතුරු වීමේ අවදානම සීමිත බවයි.
න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජන සංවිධාන තම විරෝධතා තවමත් අත්හැර නැහැ.
ශ‍්‍රී ලංකාවේ අපට වඩාත් සමීප වූ ඉන්දියානු බලාගාර දෙකක් තමිල්නාඩුවේ තිබෙනවා. එනම් ඉහත කී කුන්ඩකුලම් හා කල්පක්කම් නම් බලාගාරයි. මෙයින් කුන්ඩන්කුලම් ස්ථානයට ඍජු රේඛාවක් ඇන්දොත් අපේ රටේ වයඹ මුහුදු තීරයේ සිට කිලෝමීටර් 230ක් පමණ දුරයි. න්‍යෂ්ටික අනතුරකදී පිට විය හැකි ඇසට නොපෙනෙන, නාසයට නොදැනෙන විකිරණශීලීත්වය මෙදෙසට ඇදී ඒවිද යන්න තීරණය වන්නේ සුළං හමන දිශාව අනුවයි.

එහෙත් මෙබඳු උවදුරක් ගැන අප අනවශ්‍ය ලෙස කළබල විය යුතු නැහැ. වාතය සමග මුසුව එන විකිරණශීලිත්වය වහා හඳුනාගත හැකි ගැමා කිරණ නිරීක්ෂණ උපකරණ මෙරට ස්ථාන 6ක සවිකර ඇති බව පරමාණුක බලශක්ති මණ්ඩලය කියනවා.
‘විකිරණශීලතාවයේ’ වැඩිවීමක් සිදු වූ විගස එය අපට දැනගත හැකියි’ මණ්ඩලයේ අධ්‍යක්ෂ අනිල් රංජිත් පවසනවා.
ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබූ සතියේ නවදිල්ලියෙන් වාර්තා කළ රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය කීවේ 2030 පමණ වනවිට මෙගාවොට් 600ක පමණ ධාරිතාව ඇති කුඩා න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමටද ඉන්දියානු තාක්ෂණික ආධාර මෙරටට ලැබිය හැකි බවයි. නිල ගිවිසුම මෙබන්දක් ගැන කතා නොකළත් මෙය න්‍යෂ්ටික ක්ෂේත‍්‍රයේ විද්වත් මතයක් ලෙස ඉදිරිපත් කෙරුණා. මෙය මෙරට බලධාරීන් විසින් තහවුරු කොට නැහැ.
ඉන්දියාව සමග ගිවිසුමට පෙර ශ‍්‍රී ලංකාව රුසියාව සමගද න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළා. ඉදිරි සති කිහිපයේදී පාකිස්ථානය සමගද එබඳු ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.
ඉන්දියාව ළඟට සාක් කාලාපයේ න්‍යෂ්ටික තාක්ෂණයෙන් පෙරමුණ ගන්නේ පාකිස්ථානයයි. එරටද න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඇති අතර චීන ආධාර ඇතිව කරච්චි නුවර තවත් බලාගාර ඉදි කෙරෙමින් තිබෙනවා.
ශ‍්‍රී ලංකාව විදුලි බලශක්ති ජනනය සඳහා අනාගතයේ යම් දිනෙක න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට සැලසුම් කළහොත් එය පුළුල් මහජන සංවාදයකට ලක් විය යුතුයි. විවෘත රාජ්‍ය ප‍්‍රතිපත්ති හා තීරණ ගැනීමේ ක‍්‍රියාදාමයක් පෙරටු කොට ගත් යහපාලන රජයෙන් එය පුරවැසියන් උදක්ම අපේක්ෂා කරනවා.
සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය මානව සුභ සිද්ධියට යොදා ගැනීම කිසිසේත්ම කලබල විය යුතු හෝ හෙළා දැකිය යුතු දෙයක් නෙවෙයි. එහෙත් ‘පරමාණුක‘ හෝ ‘න්‍යෂ්ටික’ කී පමණින්ම භයානක මනෝ චිත‍්‍රයක් මවා ගැනීම සමහරුන්ගේ ගතියක්. මේ තාක්ෂණයන් ප‍්‍රවර්ධනය කරන අපේ රාජ්‍ය ආයතන මීට වඩා සංවේදීව හා කාර්යක්ෂම ලෙසින් සන්නිවේදනය කළ යුතු යයි මා සිතනවා.
ඉතා අඩු මාත‍්‍රාවකින් හෝ මට්ටමකින් යුතු විකිරණශීලීත්වය ආරක්ෂිත උපක‍්‍රම ගණනාවක් සමග වෛද්‍ය, කාර්මික හෝ ජීව විද්‍යාත්මක භාවිතයන්ට යොදා ගැනීම ආර්ථිකයට හා ජන ජීවිතයට ප‍්‍රයෝජනවත් වන සැටි මීට වඩා ලක් සමාජයට පෙන්වා දිය යුතුයි. එසේ කිරීමේදී තාක්ෂණිකව නිවැරදි එහෙත් බොහෝ දෙනාට නුපුරුදු ‘විකිරණශීලී’ යෙදුම්වලට වඩා ‘සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය’ හෝ ‘හිතකර න්‍යෂ්ටික තාක්ෂණය’ වැන්නක් වඩා සුදුසුයි.
සාපෙළ ට යන්තං කියල එස් එකක් විතරක් තියෙනවා..ඒ කොහොම උනත් මා ඔබතුමා විසින් ලියන ලද ලිපිය සම්පුර්ණයෙන්ම කියැවීමි…11 වසරෙදි විද්‍ය ගුරුතුමා කියා දුන් විද්‍යාවට වඩා න්‍යෂ්ටික තාක්ෂණය පිළිබද කිසිසේත් මූළික දැනුම සම්පූර්ණයෙන්ම හිස් වුවද ඔබේ ඉදිරිපත් කිරීමේ රසවත් බවක් මා දකිමි. එය 26 වන දින නෙළුම් යායේ දී ඔබ විසින් කරන ලද දේශණය හා සමාන යැයි සිතමි….ඉදිරියටත් ඔබ විසින් ගෙනෙන තොරතුරු කියවා සුට්ටකින් හෝ දැනුම වඩවා ගන්නට උත්සාහ කරමි….මබට ස්තූතියි