සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?

"...would it not be simpler, If the government simply dissolved the people And elected another?" - Bertolt Brecht
“…would it not be simpler,
If the government simply dissolved the people
And elected another?” – Bertolt Brecht

දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ නොවූ දේශපාලන උනන්දුවක් හා සහභාගීත්වයක් තිබිය හැකිය යන්න බොහෝ ලාංකිකයන්ට නොහුරු අත්දැකීමක් වගෙයි. එහෙත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති සමාජයන්හි මෙය අරුමයක් නොවෙයි.

යහපාලනයේ මූලධර්ම හා පොදු උන්නතිය සඳහා පෙනී සිටින, කිසිදු දේශපාලන පක්‍ෂයකට අයිති හෝ පක්‍ෂග‍්‍රාහී හෝ නොවූ සමාජ ක‍්‍රියාකාරිකයන් සිටීම නිසා දේශපාලන ක‍්‍රියාදාමය වඩාත් හරබර වනවා. එය පෙර අපර දෙදිගම රටවල අත්දැකීමයි.

මා අහවල්තුමාට පක්‍ෂ ද නැත්නම් අහවල්තුමාට විරුද්ධ ද යන සරල ප‍්‍රශ්නය විටින් විට පොදු අවකාශයේ මගෙන් ද විමසනු ලබනවා. මැතිවරණවලදී රහස් ඡුන්දය පාව්චිචි කරමින් මගේ පෞද්ගලික කැමැත්ත ප‍්‍රකාශ කළත් සෙසු අවස්ථාවල මා සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය යහපාලනය හා පොදු උන්නතිය සඳහා ගත් ස්ථාවරයකයි.

එසේම පාලක පක්‍ෂය, ප‍්‍රතිපක්‍ෂ යන දෙපිරිසේම යහපත් දෙයට ප‍්‍රශංසා කරන අතර ඔවුන්ගේ පරස්පර විරෝධතා සහ අකටයුතුකම් විචාරයට ලක් කිරීමත් මා කරනවා.

නිර්ආගමික මට විවිධ ආගම් අදහස මිතුරන් සිටිනවා සේම නිර්දේශපාලනික මට නිල් – රතු – කොළ හැම පිලේම මිතුරන් ද සිටිනවා.

බලයේ සිටින රජය විවේචනය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ පුරවැසි අපට මුලික අයිතියක් තිබෙනවා. එසේ ආණ්ඩුව විවේචනය කිරීම යනු රාජ්‍ය විරෝධී වීමක් නොවන බව මා හොඳාකාර දන්නවා.

අපේ දේශපාලන ක්‍ෂෙත‍්‍රය මෙතරම්ම පටු හා කෙටි කාලීන දැක්මක් තුළ කොටුවී සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට යන ආකාරයේ මැදහත් විචාරකයන් මඳ වීම නිසා යයි මා සිතනවා.

‘ඔබ අප සමග එකඟ නොවේ නම් ඔබ අපේ විරුද්ධවාදියෙක්’ (“If you are not with us, you are against us!”) යයි සරල හා වැරදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ දේශපාලන පක්‍ෂ හා චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි. අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන අය එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට එය වැළඳගත යුතුයි.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

 

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

3 thoughts on “සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?”

  1. ලංකාවේ හුඟ දෙනෙකුට ඇත්තේ බූලියන් සිතුවිලි.
    මෙයා ගේ වරදක් කීවොත් එහෙනම් අරයා ගේ මිනිහෙක්!

  2. //‘ඔබ අප සමග එකඟ නොවේ නම් ඔබ අපේ විරුද්ධවාදියෙක්’ (“If you are not with us, you are against us!”) යයි සරල හා වැරදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ දේශපාලන පක්‍ෂ හා චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි. අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන අය එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට එය වැළඳගත යුතුයි.\\ (Y)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: