
Secondhand book sellers at D R Wijewardena Mawatha, Colombo, Sri Lanka. Photo by Chathuri Dissanayake, GPI
පාසල් සිසුවකු කාලේ පටන් මා බොහෝ දේ කියැවීමට ආසා කළා. පොත්, පත්තර, සඟරා අතට හසුවන හැමෙකක්ම කියෙව්වා. ඉඳහිට පත්තරයක් හැර අන් ප‍්‍රකාශන අලූත් පිටපත් ගන්නට මට හැකියාවක් තිබුණේ නැහැ. පාසල් ගුරුවරුන් වූ මගේ දෙමව්පියන්ට එතරම් අතමිට සරු වූයේත් නැහැ.
මේ නිසා මා second-hand පොතපත සොයා ගෙන ගියා. ඒ සෙවිල්ලට මහත් සේ උපකාර වූයේ මරදානේ මැකලම් පාරේ (ඞී.ආර්. විජේවර්ධන මාවතේ) තිබූ කුඩා පොත්කඩ කිහිපයයි. වරක් කියවා පසෙකට දැමූ එහෙත් යළි යළිත් කියවිය හැකි පොත් දහස් ගණනක් මේවායේ තිබුණා. බොහෝ කොටම ඉංග‍්‍රීසි පොත් හා සඟරා.
ඩෙස්මන්ඞ් මොරිස්, කොලින් විල්සන්, අයිසැක් ඇසිමෝෆ්, ආතර් සී. ක්ලාක්, ලූයිස් තොමස් වැනි විද්‍යා ලේඛකයන්ගේ මුල් කෘති රැසක් මේ කඩවලින් හමු වුණා. වැඩිපුරම නවකථා තිබුණත් වෙනත් පොත පත ඉලක්කගතව සොයා ගන්නට හෝ ඇතැම් විට ඇනැවුම් කරන්නට හැකි වුණා.
මරදානේ පාසල් ගිය මා එවකට නිතර එහි ගියත් පාසල් නික්ම ගිය පසු එතරම් මේ කඩපේලිය වෙත යැවුණේ නැහැ. එහෙත් ඉඳහිට හෝ ඔවුන් පසු කර යන හැම විටෙකම ස්තුති පූර්වක බැල්මක් මා හෙළනවා.
මේ කඩහිමියෝ පොත් ගැන දන්නවා. අද කාලේ ලස්සන පොත්කඩයක සිටින කාර්ය මණ්ඩලයට වඩා අපේ සෙවිල්ලකට උද්‍යොගයෙන් උදව් කරනවා.
මේ කඩ හිමියන් සිටින්නේ රජයට අයත් ඉඩම්වල අවසර ලබා කුලී ගෙවමින්. විජේවර්ධන මාවත ප‍්‍රදේශයම නවීකරණය කරගෙන යනවා. ලෝටස් කුලූණක් හා සුපිරි හෝටල් ඉදි වෙනවා. කැසිනෝ මෙහි එතැයි ද කියනවා.
මේ “නාගරික සංවර්ධනය” හමුවේ ජනාදරයට පත් පොත්කඩ ටික ඉවත් කැරෙනු ඇතැයි බියක් කඩ හිමියන්ට තිබෙනවා. එය හරිහැටි නිල වශයෙන් සනාථ වී නැහැ. සමහර විට පැය 24කට වැඩි දැනුම්දීමක් නොලැබෙතැයි ඔවුන් සිතනවා.
ඉංග‍්‍රීසි මාධ්‍යවේදිනී චතුරි දිසානායක ලියා ඡායාරූපගත කළ මෙ විශේෂාංග ලිපිය බලන්න.

Priyankara Pitiduwagamage, owner of Priyankara Bookshop on the D.R. Wijewardena Mawatha, an avenue in Colombo, waits for customers outside his secondhand bookshop. He and other bookshop owners hope that they will be integrated into the new entertainment and leisure facilities being developed on this street by the government. GPI Photo by Chathuri Dissanayake
17 October 2014 at 3:08 pm
[…] […]
17 October 2014 at 3:11 pm
මටත් ළඟදි මේ සිතිවිල්ල ආවා.. කොහොමත් නෙළුම් කුලුණ ඕපන් කරන්න කලින්.. එක්කෝ වෙනසක් සමඟ එතනම තියෙයි. එහෙම නැත්නම් නැති වෙයි.
18 October 2014 at 3:29 am
බොහෝ දුරට නැති වෙයි ,
18 October 2014 at 6:05 am
පොත් වගේද කැසිනෝ……..
ලොකු සේවයක්වුනු කඩ පේළියක්!!!!
18 October 2014 at 6:17 am
මේ පුංචි කඩ අප කාටත් වගේ කියවීම් හල් බවටත් දුර්ලභ පොත් සොයාගත හැකි තැන් බවටත් පත්ව තිබූ බව මගේ මතකයේත් තදින්ම කාවැදී තිබෙනවා.
18 October 2014 at 12:01 pm
ඔවුන්ට විකල්පයක් දුන්නොත් හොඳයි, පිටකොටුවෙ කඩවල් වලට දුන්න වගේ
21 October 2014 at 2:19 pm
Poth kiyawapu sebe patakayange adarayata lakwu mekada pela methanin awasan wewi,nitharama Ithihasaya wamarakana wasara 2500ka wibuthiya gena dhodawana,ape ratata mewaye watina kamak ne,Namuth diunu/sanwardanaya una ratawal sanwardanaya kiyanne mewage Aparada walata nowei.