කේ.ඩබ්ලියු ජනරංජන: සතිපතා දේශපාලන කාටුන් අඳින පුවත්පත් ප‍්‍රධාන කතුවරයා

K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist
K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist

කේ.ඩබ්ලියු ජනරංජන මා හඳුනාගත්තේ ඔහුත් මාත් මානව විද්‍යා සඟරාවේ කර්තෘ මණ්ඩලයේ වැඩ කළ 1980 දශකය අග කාලයේ. තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර හා කාටුන් අඳින ඔහු සඟරාවේ පිටු නිර්මාණය චිත්තාකර්ෂනීය ලෙසින් කළා.

පසු කලෙක නීතීඥයකු හා පුවත්පත් කලාවේදියකු ලෙස නමක් දිනාගත් ඔහු කලෙක සිට රාවය කර්තෘ මණ්ඩලයේ සේවය කරනවා.

පාඨකයන් ඔහු වඩාත් හොඳින් හඳුනනන්නේ මුල පිටුවේ ආයුබෝවන් පොකට් කාටුනය හා කතුවැකිය පළවන පිටුවේ දේශපාලන කාටුනය හරහායි. 2012 දී රාවයට 25 වසරක් පිරීමෙන් පසු ඔහු එහි ප‍්‍රධාන කතුවරයා.

ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයා එහි සතිපතා දේශපාලන කාටුන් ද ඇඳීම හමු වන්නේ රාවයේ පමණක් යයි මා සිතනවා.

රාවයට සතිපතා තීරුලිපියක් ලිවීමට මට ඇරැයුම් කළේත්, ඒ ගැන දෙගිඩියාවෙන් සිටි මා දිරිමත් කළේත් ඔහුයි. ඒ අනුව 2011 මුල සිට සිවුමංසල කොලූගැටයා තීරු ලිපිය මා ලියනවා. මේ වන විට 200කට ආසන්න ලිපි ගණනක් ලියා තිබෙනවා. ඒවායින් තෝරාගත් ලිපි අඩංගු පොත් 3 ක්ද රාවය ප‍්‍රකාශන ලෙස පළ කරනු ලැබුවා. මේ තුනෙහිම පිටකවර නිර්මාණය කළේත් ජනරංජනයි.

Sivu Mansala Kolu Getaya - Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana
Sivu Mansala Kolu Getaya – Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana

රාවය ප‍්‍රකාශන බහුතරයකට කලක සිට පිටකවර නිර්මාණය කරන්නේ ඔහුයි. ප‍්‍රාථමික වර්ණ ප‍්‍රබලව යොදා ගන්නා වෙනත් බොහෝ පොත් කවරවලට වඩා ගැඹුරු මානයක් සිය පොත් කවරවලට දෙන්නට ඔහු තැත් කරනවා.

Ravaya booth at Colombo Book Fair 2014:  many book covers designed by K W Janaranjana
Ravaya booth at Colombo Book Fair 2014: many book covers designed by K W Janaranjana

Purawesi Pethsama book cover - designed by KW Janaranjana - won Lanka State Literary award for best book cover in 20132013 පළවූ පොත් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ 2014 සැප්තැම්බර් 3 වනදා. එහිදී 2013 හොඳම පොත් පිටකවරයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජනරංජනට හිමිවුණා. එස්. ජී. පුංචිහේවාගේ පුරවැසි පෙත්සම නම් කෘතියට නිමැවූ කවරය සඳහායි.

 

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

2 thoughts on “කේ.ඩබ්ලියු ජනරංජන: සතිපතා දේශපාලන කාටුන් අඳින පුවත්පත් ප‍්‍රධාන කතුවරයා”

  1. ජනරංජන මහතාගේ සතියේ කාටූනය ඉතා ගැඹුරු දෙශපාලන පණිවුඩයක් පාඨකයා හමුවේ තබයි. එය පිටු ගනනකින් යුතු ලිපියකට වඩා ගැඹුරු පණිවුඩයකින් යුක්තය.

  2. ජනරංජන මහතාගේ රචනා ශෛලිය අවේගශිලි නොවුනත් මුහුණටම දමාගහන කෙලින් කියන ස්වභාවයෙන් යුතුයි. පාඨකයා කඩේ නොයවා කරන වචන හරඹ ප්‍රශංසනීයයි. කටුන් එකත් වචන දාහකින් ලියන කතුවැකියක් වගේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: