සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අඵත් ම ග‍්‍රන්ථය ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි.
2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා ප‍්‍රබන්ධ පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.
විසි එක්වන සියවසේ වඩාත් සංකීර්ණ වූ ලක් සමාජය මුහුණ දෙන ගැටඵ හා අභියෝග ගැන විවෘත මනසකින් හා සංසන්දනාත්මකව විග‍්‍රහ කිරීමට සමත් නාලක ගුණවර්ධන, දෙස් විදෙස් මාධ්‍ය හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ වසර 25කට වැඩි පුඵල් අත්දැකීම් ඇති ද්විභාෂික ලේඛකයෙකි.
රාවය ප‍්‍රකාශනයක් වන “වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා” මිළ රු. 550කි. එය විශේෂ වට්ටමකට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.
2012දී සිදු වනවා යයි ඇතැම් දෙනා බියපත් වූ ‘ලෝක විනාශය’ හරහා මෙරට සමාජයේ හා ජන මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආකල්ප මෙන් ම භීතිකා ගැනත් සාකච්ජා කැරෙන ලිපි කිහිපයක් මේ එකතුවෙහි හමු වෙයි.
නව නිපැයුම්කරුවන් මුහුණ දෙන අභියෝග, ඉන්ටර්නෙට් ප‍්‍රගමනය හරහා මතු වන සමාජ ප‍්‍රවණතා, දේශගුණ විපර්යාසවලට ප‍්‍රතිචාර දැක්වීමේ හොඳම ක‍්‍රමෝපාය හා කෘෂි රසායනිකවලට ඇබ්බැහි වූ අපේ ගොවිතැන වැනි කාලීන මාතෘකා ගැන තුලනාත්මකවත්, සරලවත් විග‍්‍රහ කරන කතුවරයා බොහෝ විට තම වෘත්තීය අත්දැකීම් හා සංචාරයන් එයට පාදක කර ගනියි.
විශ්වයේ අන්තිම සිංහල වචනය ගැනත්, ශී‍්‍ර ලංකාව හඳ අහිමි කර ගත් සැටි ගැනත් සුවිශේෂී හෙලිදරවු තවත් ලිපි හරහා මතු වෙයි. ඇන්ටාක්ටිකාවට ගිය ශී‍්‍ර ලාංකිකයන් ගැන මුල් වරට සිංහල මාධ්‍ය හරහා කථා කළේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියයි.
“වැඩවසම් මානසිකත්වයකට කොටු වී, විවිධ කුමන්ත‍්‍රණ ගැන බියපත් වෙමින්, පසුගාමීව සිටින ලක් සමාජය ආත්ම විශ්වාසයකින් යුතුව හා විචාරශීලීව විසි එක් වන සියවසේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ දෙනු දැකීම මගේ සිහිනයයි,” නාලක ගුණවර්ධන කියයි.
2012දී පළ කෙරුණු සිවුමංසල කොලූ ගැටයා මුල් තීරු ලිපි එකතුවට මෑතදී පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ගෙවුණු වසරේ හොඳම තීරුලිපි ග‍්‍රන්ථයට පිදෙන සම සම්මානය පිරිනැමුණි.
‘නව තාක්‍ෂණය හා නව මාධ්‍ය හේතු කොට ගෙන විපර්යාසයට ලක්වන ලෝකයත්, තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශෙෂත්වයයි’ යනුවෙන් සම්මාන හේතු පාඨයේ සඳහන් වී ය.
අතීත උරුමයන් රැක ගන්නා අතර නිර්මාණශීලී හා ගවේෂණාත්මක අයුරින් නූතනත්වය අප සමාජයට අදාල කර ගත හැක්කේ කෙසේ ද යන්නට සිවුමංසල කොලූ ගැටයා ප‍්‍රායෝගික අත්වැලක් සපයයි. හීනමානයක් හෝ අධිමානයක් හෝ නොමැතිව තාත්වික මට්ටමින් විශ්ව ගම්මානයේ ගෞරවනීය සාමාජිකයන් ලෙස ලක් අපට හිමි තැන නිරවුල්ව පාදා ගන්නට ඉගි ලබා දෙයි.
11 September 2013 at 7:58 am
Do u write SF novels?
11 September 2013 at 8:15 am
@Pradeep J,
No. I’m a fan of science fiction, but don’t write any myself. At least not intentionally!
I do spend a good deal of my time separating fact from fiction/myths/beliefs — not always easy in Lanka!
12 September 2013 at 6:29 am
A pity you don’t write SF. I’d love to read SF by you on a SL setting!
Yep, not easy in SL when it involves beliefs.
But, I’ve written couple of books trying to separate fact from fiction in two crypto-zoological type SL legends. Not your type I guess?
13 September 2013 at 6:20 pm
Is there any new articles which haven’t posted in this blog?
14 September 2013 at 1:31 am
@Rasan Samarasinghe,
No. The idea is to collect them in book form, and also make them available to a wider readership beyond those who read Ravaya and/or this blog regularly. Of course, I have written a reflective Introduction and S M Banduseela has written a Foreword to the book.
16 September 2013 at 5:59 am
We should ask and press our Politicos (Corrupted) to read your valuable book. – Amaraweera
1 March 2018 at 7:14 am
Where can I buy this book? Which bookstore or online store sell this?