ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රකාශනයට අවුරුදු 180ක ඉතිහාසයක් තිබෙනවා. 1802දී ඇරැඹි රජයේ ගැසට් පත‍්‍රය මෙරට මුල් ම වාරික ප‍්‍රකාශනය වූවත් එය පුවත්පතක් හෝ සගරාවක් හෝ නොවෙයි. ඒ ගණයේ ලා සැළකිය හැකි පළමු ප‍්‍රකාශනය 1832දී ඇරැඹුණු Colombo Journal සඟරාවයි.
මෙරට වතු වගාවේ හා වෙළදාමේ නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමෙන් පළ කළ මේ සඟරාව එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යම් තාක් දුරට විවේචනය කළ බව වාර්තාගතයි. එකල සිටි ආණ්ඩුකාර විල්මට් හෝර්ටන් ද ආරූඪ නමකින් මෙයට ලිපි ලියූ බව කියැවෙනවා.
මේ පුරෝගාමී ප‍්‍රකාශනය ගැන එතරම් තොරතුරු සොයා ගන්නට නැහැ. එය කල් පැවතුණේ ද නැහැ. බිහි වී වසරකින් පමණ එය නතර වී තිබෙනවා. එක් පර්යේෂකයකු ලියා ඇත්තේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන් විවේචනය කිරීම නිසා උද්ගත වූ උණුසුම් තත්ත්වය හමුවේ හිමිකරුවන් විසින් සඟරාව වසා දැමූ බවයි. එය සැබෑ නම් පාලකයන් හා පුවත්පත් අතර මතවාදී බෙදීම හා ආතතිය අපේ පුවත්පත් ඉතිහාසය තරම් ම පැරණියි.
මෙරට පළමුවන දෙමළ පුවත්පත වූ උදය තාරකායි 1841දී යාපනයෙනුත්, මුල් ම සිංහල පුවත්පත වූ ලංකාලෝකය 1860දී ගාල්ලෙනුත් බිහි වුණා. එදා මෙදා තුර මෙරට භාවිත වන භාෂා තුනෙන් පත්තර හා සඟරා සිය ගණනක් බිහි වී කෙටි හෝ දිගු කලක් පැවත පසුව අභාවයට ගොස් තිබෙනවා.
මීට කලකට පෙර සිංහල පුවත්පත් කලා ඉතිහාසය නමින් කාණ්ඩ නවයකින් යූත් පර්යේෂණාත්මක කෘතියක් කඵකොඳයාවේ පඤ්ඤාශෙඛර නා හිමියන් (1895 – 1977) රචනා කළා. පත්තර කලාව ගැන මට තිබූ දැඩි ඇල්ම නිසා පාසල් සිසුවකුට සිටියදී ම මේ පොත පුස්තකාලවලින් සොයා ගෙන කියවූ සැටි මතකයි.
එම කෘතියේ හොදින් පැහැදිළි කළ ප‍්‍රවණතාවක් නම් බොහෝ පත්තර හා සඟරාවල පැවැත්ම කෙටි කලෙකට සීමා වූ බවයි. කතුවරුන්, ලේඛකයන් හා පාඨකයන්ගේ උද්‍යොගයත් කැපවීමත් තිබූ පමණට ප‍්‍රකාශනයක් වෙළඳපොලෙ සාර්ථක වන්නේ නැහැ. එයට ව්‍යවසායකත්වය, අලෙවියකරණය හා නිසි බෙදා හැරීම වැනි සාධක ගණනාවක් එක් තැන් විය යුතුයි. අපේ රටේ එදත් අදත් බොහෝ පත්තර හා සඟරාවල දුර්වල අංග වන්නේ ද මේවායි.
‘‘පුවත්පත් යනු කලාවක් මෙන් ම කර්මාන්තයක් ද වනවා. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ ව්‍යාපාරික මට්ටමින් හිමිකරුවන්ට ලාබයක් ඉපදවීම සඳහායි. එයින් වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටු වුවත් පුවත්පත් ආයතන යනු පුණ්‍යායතන (charities) නොවෙයි.’’
මෙය දශක ගණනාවක් පුරා පෙර අපර දෙදිග ම පුවත්පත් කලාව හා කර්මාන්තය ගැන පුඵල්ව කෙරුණු විග‍්‍රහයක්. කි‍්‍ර. ව. 2000 පමණ වනතුරු මෙය බටහිර රටවල ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුවත් ගෙවී ගිය වසර දහය දොළහ තුළ ඔවුන්ගේ පුවත්පත් කර්මාන්තය දරුණු අහේනියකට මුහුන දී සිටිනවා.
මීට කලකට පෙර ව්‍යාපාරික මට්ටමේ මාධ්‍ය ආයතන කාරුණිකව හෝ අවඥාවෙන් බැහැර කළ දානපති ආයතන හා පදනම්වල අනුග‍්‍රහය ලැබීම අද ඔවුන් ඕනෑකමින් සළකා බලනවා.
අර්බුදකාරී අවස්ථාවල මෙතෙක් ආ විදියට (Business as Usual) තව දුරටත් පැවතීමට නොහැකි බව පිළිගත් ප‍්‍රායෝගික සත්‍යයක්. සැඩසුළං මාරුතයට ඔරොත්තු දීමට බටහිර පුවත්පත් විවිධාකාරයේ ක‍්‍රමෝපායයන් මෑත වසරවල කි‍්‍රයාත්මක කළා.
උදාහරණ:
• දිනපතා පුවත්පත් ඒ වෙනුවට සති මැද හෝ සති අග පමණක් පළ කැරෙන, වඩාත් පුවත් විග‍්‍රහයන් හා විශෙෂාංග ඇතුළත් ප‍්‍රකාශන බවට පෙරැළීම.
• පුවත්පතේ ප‍්‍රමාණය Broadsheet ප‍්‍රමිතියේ සිට ඊට වඩා හුරුබුහුටි Berliner අතරමැදි ප‍්‍රමාණයට හෝ tabloid කුඩා ප‍්‍රමාණයට මාරු කිරීම.
• පුවත් පළ කිරීම සඳහා රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමග තරග කිරීම මුඵමනින් නවතා දමා ගවේෂණාත්මක වාර්තා, පුවත් විග‍්‍රහයන්, හරවත් මතවාදයන් හා විශෙෂාංග පමණක් පළ කිරීම. (මේ නිසා සමහර ප‍්‍රකාශන දැන් Newspaper වෙනුවට Viewspaper යයි තමන් හදුන්වා ගන්නවා.)
• වඩාත් සාම්ප‍්‍රදායික (= වැඩිමහලූ) පාඨකයන් සඳහා පිටු ගණනින් සීමිත මුද්‍රණයක් තව දුරටත් නිකුත් කරන අතර, අන්තර්ගතය බහුතරයක් දිනපතා යාවත්කාලීන කැරෙන හොඳ වෙබ් අඩවියක් හරහා පළ කිරීම.
• මුද්‍රිත පිටපත් පළ කිරීම මුඵමනින් නවතා දමා ඒ වෙනුවට පුඵල් වෙබ් අඩවියක් හරහා පමණක් පළ කිරීම ඇරඹීම (Newsweek සගරාව මේ වසරේ සිටත්, ඇතැම් ප‍්‍රකට අමෙරිකානු පුවත්පත් දැන් ටික කලක සිටත් මෙය කරනවා.) මේ සමහර වෙබ් අඩවි නොමිළයේ කියවිය හැකි අතර, අනෙක්වා සතිපතා/මාසික ග‍්‍රාහක ගාස්තුවක් ගෙවා කියවිය හැකියි. එහෙත් මේ හරහා ඇති තරම් ආදායමක් උපදවා ගැනීම දියුණු රටවල පවා තවමත් අසීරු කාරියක්. අපේ වැනි රටක (මූල්‍යමය තොරතුරු රැගත් ව්‍යාපාරික ප‍්‍රකාශන හැරුණු කොට) වෙබ් අඩවි ග‍්‍රාහකත්ව ආදායමෙන් පමණක් නඩත්තු කරන පුවත්පතක් ගැන මා නම් දන්නේ නැහැ.

ජීවී ලෝකයේ හා සොබා දහමේ මෙන් ම මානව සමාජයේ හා වෙළඳපොල ආර්ථිකයේ ද පරිනාමීය ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක වනවා. මතවාදීව හා දර්ශනවාදී ලෙසින් අප කැමති වුණත් නැතත් යථාර්ථය මෙයයි.
පරිනාමීය කි‍්‍රයාවලියට දැනට පුඵල්ව පිළි ගැනෙන විග‍්‍රහය කළේ චාල්ස් ඩාවින් (1809-1882). පාරිසරික සාධකවලට වඩාත් හොදින් හැඩ ගැසෙන නම්‍යශීලී හා උපක‍්‍රමශීලි ජිවීන් සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොකරන ජිවීන් කෙමෙන් වඳ වී යනවා. සොබාදහමේ මෙයට බොහෝ කලක් ගත වූවත් වෙළඳපොල සමාජයේ එය ඉක්මනින් සිදු වන්නක්.
ජෛව පරිනාමයේ එක් ප‍්‍රබල පාඩමක් නම් ශරීරයෙන් විශාල වූ හා සවි ශක්තියෙන් බලවත් වූ හෝ පමණට ම ජීවී විශේෂයකට එයින් විශෙෂ වාසි අත් නොවන බවයි. පෘථිවියේ ජෛව ඉතිහාසයේ දැවැන්ත සතුන් බොහොමයක් කලෙකට පසු වඳ වී ගියා. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් රජයන කාලයේ අහුමුඵවල කුඩාවට සිටි ක්ෂීරපායීන් ඔවුන්ගේ තැන ගන්නට මතුව ආවා. (මේ පරිනාමීය පාඩම් මානව සමාජයට අදාල වන සැටි වෙන ම විස්තරාත්මකව කථා කළ යුතුයි.)
පුවත්පත් ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ ද ආවේනික පරිනාමීය ප‍්‍රවාහයන් නිර්දය ලෙස කි‍්‍රයාත්මක වේ යැයි මට සිතෙනවා. මෙරට දශක ගණනක් පැවති ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශන සමාගම් දෙකක් මට මතක ඇති කාලයේ වසා දමනු ලැබුවා (ටයිම්ස් ඔෆ් සිලෝන් හෙවත් පැරණි ලංකාදීපය හා ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් දවස නිවස). ඔවුන්ගේ අභාවයට හේතු වූ සාධක සංකීර්ණයි. එහෙත් කාලානුරූපව හැඩ නොගැසීම හා වෙනස් වන පාඨක රුචි අරුචිකම් හඳුනා නොගැනීම ද එයට දායක වුණා.
මෙරට පුවත්පත් කලාවට වසර 180ක් පිරීම නිමිත්තෙන් 2012දී ලියූ ඉංගී‍්‍රසි ලිපියක මා කීවේ ඉතිහාසයේ මේ පාඩම් අද ප‍්‍රකාශකයන් හා මාධ්‍යවේදීන් සමීපව අධ්‍යයනය කළ යුතු බවයි.
එහි මුඛය පණිවුඩය: ‘‘ඉතිහාසයේ ප‍්‍රබලතම පාඩමක් නම් පාඨකයන් සමග සබැදී ඔවුන් සමග වර්ධනය වන ප‍්‍රකාශන ඉතිරි වෙද්දී එක තැන පල් වන ප‍්‍රකාශන හුදකලා වී, මුඵගැන් වී, අන්තිමේ වඳ වී යනු ඇති බවයි. ඩයිනසෝරයන් අපට දුන් ආදර්ශය නම් ලොකු මහත් වූ පමණට, සැරපරුෂ හා උද්දච්ච වූ පමණට, මහ හඩක් නැගූ තරමට පැවැත්ම තහවුරු නොවන බවයි.’’
පත්තර කලාවේ පැවැත්ම ගැන ලොකු පර්යේෂණ නොකළත් පර්යේෂකයන් රැසක් මුණ ගැසී කථා කිරීමෙන් හා ආසියානු ප‍්‍රකාශකයන් ඇසුරු කිරීමෙන් ලද යම් ප‍්‍රායෝගික අවබෝධයක් මට තිබෙනවා. පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. එහෙත් එය සාක්ෂාත් කරගන්නට නම් රාවය ඇතුඵ මෙරට ලොකු කුඩා සියඵ මුද්‍රිත ප‍්‍රකාශන කාලානුරූපීව පරිනාමය විය යුතුව තිබෙනවා.
2012 ලිපියේ මා කියා සිටියේ මාධ්‍ය කලාවේ හා කර්මාන්තයේ අනාගතයට බලපාන තීරණාත්මක සාධක තුන වන්නේ නව සන්නිවේදන තාක්‍ෂණය, වෙනස් වන ජනගහන සංයුතිය (demographics) හා වෙළඳ පොළ ආර්ථිකය බවයි. මේ තුන හරිහැටි තුලනය කර ගැනීම අද මුද්‍රිත මෙන් ම විද්්‍යුත් මාධ්‍යයන්ට ද තිබෙන ප‍්‍රබල අභියෝගයක්. විවෘත මනසකින් යුතුව එයට මුහුණදීම හා උපක‍්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.
සොබා දහමේ ජෛව විවිධත්වය සුරැකෙන්නට ලොකු කුඩා විවිධාකාරයේ ශාක හා සත්ත්ව විශෙෂ රැසක් අවශ්‍ය වනවා සේ ම නූතන මානව සමාජයන්ගේ සංස්කෘතික විවිධත්වය පවත්වා ගන්නට එකිනෙකට වෙනස් ආකාරයේ මාධ්‍ය ද අවශ්‍යයි. එම විවිධත්වය සඳහා මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ක‍්‍රමය, එයට පදනම් වන දැක්ම හා මතවාදය මෙන් ම බෙදා හරින ක‍්‍රමය ද වැදගත්.
ආයතනගතව හා ව්‍යාපාරික මට්ටමින් සංවිධානගත වූ මාධ්‍යවලට පමණක් කළ හැකි දේත්, පුරවැසි මාධ්‍යකරුවන්ට පමණක් කළ හැකි දේත් තිබෙනවා. මේ දෙවර්ගය ම සමාජ ප‍්‍රගතියට හා පොදු උන්නතියට අවශ්‍ය වනවා. දෙපිරිසට සාමූහිකව කළ හැකි කාරියන් ද තිබෙනවා. අද අපට අවශ්‍ය මේ දෙපිරිස අන්‍යෙන්‍ය සැකයෙන් නොව සහයෝගයෙන් කි‍්‍රය කිරීමයි.
අධිපති/ධනපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යන දෙවර්ගය ම මාධ්‍ය නැමැති පරිසර පද්ධතිය (media ecosystem) තුළ පැවතිය හැකියි. මේ සඳහා යම් තුලනයන් බිහි කර ගැනීම අවශ්‍යයි. හරියට වනාන්තරයක පොළව යට, බිම් මට්ටමේ, ගස් උඩ හා වියන් තලය මතුපිට විවිධ ජීවී විශේෂ තමන්ට ආවේණික අවකාශයක් (niche) සොයා ගෙන ඇති ලෙසට විවිධාකාර මාධ්‍යවලට, අපේ සංකීර්ණ සමාජයේ එක විට පැවතීමට හැකි විය යුතුයි.
// පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. //!!!
ඔබේ අනික් ලියවිලි සමග තරමක පරස්පරතාවක් සහිත ප්‍රකාශයක්..